Home Blog Page 109

දරුවෙක් ප්‍රබන්ධ පොතක් කියැව්වාට ආවේශ වෙන්න එපා…

දරුවන් පමණක් නොවෙයි වැඩිහිටි අපි වුනත් යමක් කියවන්න කැමැති මව්භාෂාවෙන්. ඉක්මනින් තේරුම් ගැනීමට පහසු නිසා අපේ තීරණයන් ඒ විදිහට හැඩ ගැසුනත් අපි ලෝකය සමග ගණුදෙණු කරනවා නම් ඉංග්‍රිසි භාෂාව අමතක කරල බැහැ. ඒ නිසා පුංචි කාලයේ පටන්ම දරුවන්ට ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත්.පොත පත කියවීම මගින් අපට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා.

දරුවන් ප්‍රබන්ධ පොතක් කියවන විට දෙමව්පියන් ආවේශ වෙන්නේ “ඔය නවකතා පොත් කියවලා වැඩක්ද….” ඉස්කෝලේ පොතක් පතක් බලා ගන්න කියල වුනත් පසුගිය දිනක ඇට්ලන්ටා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද මෙම වාර්තාව කියැව්වොත් දරුවන් ප්‍රබන්ධ සාහිත්‍යය වෙත යොමු වීම වරදක් නැති බව ඔබටත් තේරුම් යාවි.

ඇට්ලන්ටාහි එමෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ග්‍රෙගරි බර්නින්  විසින්  සිදු කරන ලද මෙම අධ්‍යනයේදී  ඔහු මුලින්ම දරුවන්ගේ මොළයේ එම්. ආර්. අයි ස්කෑන් ඡායාරූපයක් ලබා ගත්තා. එයින් පෙනී ගියේ මෙම දරුවන්ගේ මොළයේ බොහෝ කොටස් අක්‍රියව පවතින බවයි. එයින් පසුව ඔහු තමා විසින් තෝරා ගත් “ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ” නවකතාවේ පරිච්ඡේද නවය දින නවයක් පුරා දරුවන්ට කියැවීමට ඉඩ ලබා දුන්නා. ඒ අතරම ඔහු විසින් නැවත නැවත ලබා ගත් ස්කෑන් ඡායාරූප මගින් පෙනී ගියේ මුලදී ක්‍රියාකාරිත්වයක් නොදක්වන ලද භාෂාව වෙනුවෙන් වූ මොළයේ කලාපය මෙම ප්‍රබන්ධ පොත් පත් කියවන විට ඉතා හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

කියවිම, ලිවීම, සවන්දීම, කථනය වැනි චතුර්විධ කුසලතාවයන්ගෙන් සම්පූර්ණ වීමට නම් පොත් පත් කියවීමට යොමු වීම ඉතා වැදගත් වෙනවා. වෙනත් භාෂාවන් ඉගෙන ගැනීම දරුවන්ගේ මොළය පිලිබඳ වර්ධනයටත් හේතු වෙන බව පර්යේෂණයන් මගින් සනාථව තිබෙනවා. දරුවන් කියවන්න අකමැති වුනත් ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවන්නේ හුරු කරන්නේ කොහොමද….?

දරුවන්ට ගැලපෙන ඉංග්‍රිසි පොත් මොනවාද?…

20 වන සියවසේ ළමා කතා ලෝකයේ රැජින ලෙසින් සැලකෙන “ඉනිඩ් බ්ලයිටන්” ගේ පොත් දරුවන්ට ඉතාම ගැලපෙන පොත් පත් විදිහට සැලකෙනවා. ඇය පුහුණු ගුරුවරියක ලෙසින් සේවය කළ අතර එම කාලයේදී පටන් ඇය “ටීචර්ස් වර්ල්ඩ්” සඟරාවට ලිපි ලේඛන රචනා කළාය. ඇගේ මුල්ම කෘතිය වූයේ ළමා කවි පොතකි. අභිරහස් කථා රචනයේදී ඉනිඩ් බ්ලයිටන් දැක්වූයේ අපූර්ව කුසලතාවයකි. දරුවන් කුතුහලය දනවන කථාන්දර වෙනුවෙන් දක්වනු ලබන්නේ විශේෂ ලැදියාවකි. මේ නිසා දරුවන් වෙනුවෙන් ඉංග්‍රිසි පොත් පත් තෝරා දෙන විට ඔබ ඉනිඩ් බ්ලයිටන්ගේ පොත් පත් අරගෙන දීමට උනන්දු වෙන්න.ලෝකය පුරා දරුවන්ගේ හිත් ඇද ගත් “ද ටේල් ඔෆ් ද පීටර් රැබිට්”  කෘතිය රචනා කරනු ලැබුවේ “බ්‍රියට්‍රිස් පෝටර්” විසින්ය. පින්තූර රැසක් සහිත මෙම පොත දරුවන්ගේ හිතට බෙහෙවින් සමීප වුණා. ඉංග්‍රිසි පොත් පත් කියවන මුල් කාලයේදී දරුවන්ට පින්තූර සහිත පොත් පත් ලබා දීම ඉතා වැදගත් වෙන්නේ නුහුරු භාෂාවක් තේරුම් ගැනීමේදී පින්තූර මගින් විශාල පිටුවහලක් ලැබෙන නිසාය.

20 වන සියවසේ ළමා කථා ලෝකයේ රජ්ජුරුවෝ විදිහට සැලකෙන “රෝල් ඩාලිං” නෝර්වේජියානු ජාතිකයෙකි. ඔහුගේ මුල්ම කෘතිය වූයේ  “ද ග්‍රිම්ලයින්ස් ” කෘතියයි. ග්‍රිම්ලයින් 1961 වසරේ රචිත ” ජේම්ස් ඇන්ඩ් පීච් ” කෘතියෙනි නතුරුව රචිත ” ද චොකලට් ෆැක්ටරි ” ළමා කෘතිය සියවසේ හොඳම ළමා කෘතිය බවට පත් විය.1966 වසරේ රචිත ” මැටිල්ඩා ” ළමා නවකතාවට බ්‍රිතාන්‍යයෙන්  සම්මාන ලැබුණි. ” චාලි ඇන්ඩ් චොකලට් ෆැක්ටරි ” කෘතිය ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්තය වුන කෘතිය ලෙස සැලකේ.ලොන්න බැරියේ එමිල් ළමා නවකතාව රචනා කරමින් ජගත් කීර්තියට පත් ” ඇස්ට්‍රිඩ් ලොන්ග්‍රින් ” ස්විඩනයේ ජාතික වස්තුවක් බවට පත් ලේඛිකාවකි.දරුවන්ගේ මනස කියවන ලේකිකාවක ලෙසින් ප්‍රකට ඇයගේ කෘති දරුවන් වෙනුවෙන් ඉතාම ගැලපෙන ළමා කතා රචනා කරන ලද ලේඛිකාවකි.

“එස්රා ජැක් කිට්ස්” දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මෙන්ම ගත්කතුවරයක් වන නිසාම ඔහු දරුවන්ගේ ලෝකය වඩාත් ග්‍රහණය කර ගත් අයෙකි.  මේ නිසා දරුවන් වෙනුවෙන් ළමා කථා ලිවීමට ඔහු දක්වනු ලැබුවේ අපුර්ව හැකියාවකි. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පොත් තෝරා ගැනීමේදී එස්රා ජැක් කිට්ස්ගේ කෘති වෙනුවෙන් දෙමව්පියන් විදිහට ඔබ උනන්දුවක් දැක්වීම වැදගත්.

“ජේ. කේ. රෝලිං” විසින් “හැරී පෝටර්” කථා මාලාව ජගත් කීර්තියට පත් වුනත් ඇතැම් රටවල් විසින් මෙම ඉන්ද්‍රජාලික තත්වයන් දරුවන්ගේ මනසට යොමු කිරීම එතරම් අගය කරන්නේ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් පොත් පත් තෝරා ගැනීමේදී ආදර්ශයක් ලබා ගත හැකි පොත් පත් තෝරා ගැනීම ඉතාම වැදගත්.

එංගලන්තයේ උපත ලද “ඩික් කිං ස්මිත්” විසින් රචිත ළමා කාති අතරින් වඩාත් ප්‍රකට කෘතිය ලෙස සැලකෙන්නේ “ද ෂීප් පිග්” කෘතියයි. ඔහුගේ බොහෝ නවකතාවන් වෙනුවෙන් පාදක වී තිබෙන්නේ සත්ව චරිත වීමත් විශේෂයි. දරුවන් අතර ජීවත් වෙන චරිත යොදා ගැනීමෙන් දරුවන් තුල කියවන රුචිය ගොඩ නැගීම පහසුයි.

ඉංග්‍රිසි කියවීම මුල් කාලයේදී සමහර විට දරුවාට අපහසු විය හැකියි. මේ නිසා සිංහල පරිවර්තනය ලබා දීම මගින් මෙම කථාව් අදහස සිතට ගත් විට ඉංග්‍රිසි පොත කියවා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ වගේම දරුවාට ගැලපෙන ශබ්දකෝෂයක් ලබා දෙන්න. එය පරිශීලනය කිරීමෙන් ගැටළු සහිත වදන් තේරුම් ගැනීම පහසු වෙනු ඇත.

බාලවියේ පසුවෙන දරුවන්ට ඉංග්‍රිසි පොත් කියවීම හුරු කිරීම සඳහා ඔබ කළ යුතු එකම දෙය වන්නේ ඇසට ආකර්ශනීය වන පොත් පත් ලබා දීමයි.

උදේ ආහාරය වැදගත් ඇයි…?

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන වාක්‍ය මොනතරම් ගායනා කළත් බොහෝ දෙනෙක් උදේ ආහාරය මග හරිනවා. වෙලාවක් නැතැයි යන සම්ප්‍රදායික වගන්තිය ඔස්සේ තමන්ගේ නිදහසට කරුනු කිව්වත් දරුවන්ට උදේ ආහාරය ලබා දීම ඉතාම වැදගත්. ඔබ දැන් මෙහෙම කියාවි…

අපි දරුවාට උදේ පාසල් යන්න ඉස්සර ලොකු කිරි වීදුරුවක් දෙනවා…

උදේ ආහාරයට අඩුම තරමින් ආහාර කාණ්ඩ තුනක්වත් එකතු විය යුතුයි. ඒ අතරට ධාන්‍ය, එළවළු සහ පළතුරු වගේම මස් , මාළු වැනි දේ ඇතුලත් වීම වැදගත්. කිරි වලින් ලැබෙන්නේ එක් ආහාර ඛණ්ඩයක් විතරයි. පාසල් යන දරුවන්ගේ වර්ධණය ඉතාම සිඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂනය ලබා දීමට උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

ශ්‍රිලංකාවේ සංඛ්‍යා ලේඛන ( බී.බී.සී. ) මගින් පෙන්වා දෙන අන්දමට පාසල් 10, 162 ක ඉගෙනුම ලබන දරුවන් අතරින් හතලිස් එක්ලක්ෂ හතලිස් තුන්දහස්  තිහක් පමණ දරුවන් උදේ ආහාරය මග හරිනවා.

ඇත්තටම අපි උදේ ආහාරය ලබා ගත යුත්තේ ඇයි….?

  • හදවතට ගුණයි

ජීවිතය ජීවත් කරන්නේ හදවතයි. අද යාන්තම් වයස අවුරුදු තිහක් පමණ වෙන විට හදවත ආශ්‍රිත රෝගාබාධ ගැන අපිට නිරන්තරව ඇසෙනවා. හදවත ආරක්ෂා කර ගැනීමට පහසු මගක් ඔබ තවමත් නොදන්නවා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය “ලිෂ් චර්චිල්” ස හන් කරන ( ඩේලි මේල් ) හෘදය වස්තුවේ කිරීටක ධමණීන් ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබීමට උදේ ආහාරය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත්.

  • දියවැඩියා රෝග තත්වයට හේතු වෙනවා

දියවැඩියා රෝග තත්වය අද ප අතර ඉතාම සුලබයි. මෙය නිහඬ මාරයෙක් විදිහට හැදින්වෙනවා. ඒ වුනත් උදේ ආහාරය නිසි පරිදි ලබා ගන්නා දරුවන් දියවැඩියා රෝග තතවයෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම පහසු බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් පවත්වන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබේ. මෙම අධ්‍යනය වෙනුවෙන් පුද්ගලයන් 48,289 ක් දෙනා තෝරා ගත් අතර එම පිරිස අතරින් දියවැඩියා රෝග තත්වයට පත් පිරිස උදේ ආහාරය වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන පිරිසක් වීම මේ තත්වයට හේතු විය.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ උදේ ආහාරය ගැන වඩාත් සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

  • සිරුරේ බර

පුද්ගලයෙකුගේ නීරෝගීතාවය වෙනුවෙන් උසට සරිලන විදිහට බර තිබීම ඉතාම වැදගත්. අද දරුවන් අතර මේ තත්වය දකිනන් ලැබෙන්නේම නැහැ. තරබාරුව ඔවුන් වෙනුවෙන් වූ රෝගාබාධයන්ට මග කියනවා. ඒත් උදේ ආහාරය ලබා ගන්නවා නම් අනවශ්‍ය තරබාරුවෙන් මිදෙන්න එතරම් අපහසුවක් නැහැ. රාත්‍රි ආහාරය ගැනීමෙන් පසුව නින්දට යන නිසා අනවශ්‍ය විදිහට සිරුරට කැලරි ගබඩා වුනත් උදේ ආහාරයේදී ඇති වෙන ක්‍රියාශීලීත්වය නිසා බයක් නැතුව ආහාර ගත හැකියි. අපි ඒ ගැන නොතකා හොදම ආහාරය රාත්‍රිය වෙනුවෙන් ලබා ගෙන නින්දට යන නිසා ආහර දහනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රාත්‍රි ආහාරය නොව දරුවන් වෙනුවෙන් වඩාත් පෝෂ්‍යදායී ලෙසින් උදේ ආහාරය ලබා දෙන්න.

  • පිලිකාවට මගක්

පිලිකාව යන වචනයත් අපි අහන්න කැමැති නැහැ. ඒ නිසා හැකි තරම් පිලිකාවෙන් මිදෙන්න අපි ජීවිතය හැඩ ගසා ගත යුතුයි.ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණායතනයක් ( වෙබ් මෙඩ් ) මගින් සිදු කරන ලද අධ්‍යනයක් අනුව පෙන්වා දෙන්නේ උදෑසන ආහාර මග හැරීම නිසා ඇති වෙන තරබාරුව පසුකාලයකදී නොදැනීම පිලිකාව ඇති වීමට බලපාන බවයි. උදේ ආහාරයේදී පිටි බහුල ආහාර ගැනීම නිසා එළවලු ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන  “බිටා කැරොටින” අඩු වීමත් ‍දරුවන්ගේ රෝග තත්වයන්ට බලපාන බව මෙම අධ්‍යනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.

උදේ ආහාරය නොගන්නා දරුවන්ගේ ලක්ෂණ

  • ගණිතය සහ මතකය පිලිබදව ඇති ගැටළු.
  • ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැහැ.
  • තරග විභාග වලින් අඩු ලකුණු.
  • දරුවාගේ උස අඩුවීම.

අම්මලා දරුවන් රජුන් කරන්න දුක් මහන්සි ගන්න බව සැබෑව. ඒ වගේම මේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දීමත් ඊට සමගාමීව යා යුතු නිසා උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

පැපොල රෝගය ගැන ඔබ නොදත් දේ ප්‍රශ්නෝත්තර ලිපියකින්,මේ දැන්ම කියවන්න

  1. වෛද්‍යතුමනි, පැපොල රෝගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න

පැපොළ රෝගය ඇති වන්නේ හර්පීස් පවුලට අයත් වැරිසෙල්ලා නම් වූ වෛරසය හේතුවෙන්. රෝගය වැළඳුන අයෙකු සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වීම නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳීති මගින් පැපොළ රෝගය බෝ විය හැකියි.

  1. සම මත ඇති වන බිබිලි කැඩී යාම නිසා පිටවන ද්‍රවය තැරවීමෙන් රෝගය බෝ වීමක් සිදු වෙනවාද?

ඔව්… එම ශ්‍රාවය නිරෝගී අයෙකුගේ සමමත තැවරීමෙන් රෝගය බෝ විය හැකියි.

  1. පැපොළ රෝගියෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ මොනවාද?

උණ/හිසේ වේදනාව/බාහුවල හෝ සිරුරේ කුඩා රතු පැහැ බිබිලි ඇති වීම මේ රෝගයේ මූලික ලක‍ෂණ ලෙස දැක්විය හැකියි.

  1. ඒ රත් පැහැ බිබිලි දිනෙන් දින විශාල වෙනවා නේද?

ඔව්… රත් පැහැ බිබිලි ක්‍රමයෙන් වතුර බිබිල බවට පත්ව දින කිහිපයකින් සැරව බිබිලි බවට පත්වෙනවා. අවසානයේදී ඒ මත කබොල්ලක් හටගනී. එසේම නැවත නැවතත් අලූත් බිබිලි හටගන්නවා. කෙසේවුවද කුඩා දරුවන්ගේ නම් බිබිලි වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ නැහැ.

  1. උණ/හිසේ වේදනාව වැනි රෝග ලක‍ෂණ නොමැතිව බිබිලි ඇති වීමෙන් පමණක් මෙම රෝගය ආරම්භ වෙන අවස්ථා තියෙනවා නේද?

ඇතැම් විට එවැනි අවස්ථාත් නැත්තේම නැ, එක් එක්කෙනාගේ සිරුරේ දරාගැනීමේ හැකියාව මට එසේ සිදුවිය හැකියි.

  1. මෙම බිබිලි පිට දැමීම සිදුවන්නේ වෛරසය ශරීරගත වී කොපමණ කාලයකින්ද?

වැරිසෙල්ලා වෛරසයේ බීජෞසන සමය දින 7 – 21 පමණ වෙනවා. සාමාන්‍යයක් ලෙස ගතහොත් මෙය දින 10-14 පමණ වුවද විය හැකියි. මෙහිදී මෙම රෝග ලක‍ෂණ පෙන්නුම් කරන්නේ වෛරසය සිරුරට ඇතුළු වී දින 7 -21 ත් අතර කාලයේදී එනම් බීජෞසන සමය අවසන් වූ පසුවයි.

  1. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝගය තවත් අයෙකුට බෝවෙන්නේ රෝගියාගේ දෙවන සතිය ඇතුළත බවද?

රෝගය වැළදී නැති අයෙකුට රෝගය බෝ වීමේ අවදානම පවතින්නේ දින 7කින් හෝ දින 21කින්. ස්වභාවිකව හෝ එන්නත් ලබාදීමෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැගුණු අයෙකු රෝගී අයෙකුට ඇප උපස්ථාන කරමින් හෝ රෝගියා අසල ගැවසුණු විට දින 21ක් ගෙවී යන තුරු රෝගය බෝ වේද නැද්ද යන්න සැක සහිත වුවත් දින 21කට පසුව රෝගය බෝවීමේ අවදානමක් නැහැ. එසේම පැපොළ රෝගය එක්වරක් ඇති වූ පසු කාලයක් ගත වී කලාතුරකින් සුළු මට්ටමින් හෝ නැවත ඇති වන අවස්ථාද තියෙනවා.

  1. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන්න. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ රෝගියෙකුගෙන් බෝවීම නිසාද නැතිනම් සිරුරේ ඉතිරි වූ වැරිසෙල්ලා වෛරසය සිරුරේ ප්‍රතිශක්තිකරණය අවම වූ අවස්ථාවක හිස එසවීම හේතුවෙන්ද?

මේ තත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි.

පැපොල රෝගය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒ නිසා බොහොමයක් දෙනා විශ්වාස කරනවා මස් මාලූ බිත්තර ආහාරයට ගැනීම නුසුදුසුයි කියලා. මෙහි ඇති සත්‍ය අසත්‍ය බව මොකද්ද? පරිස්සම් විය යුතු වන්නේ කෙසේද?

මස් මාළු කෑමේ ගැටලුවක් නැහැ. පැපොළ රෝගියෙකුට විවේකය අත්‍යවශ්‍ය බව මතක තබාගත යුතුයි. දිරවීමට පහසු පෝෂ්‍යදායී ආහාර වර්ග මෙන්ම දියර වර්ග වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.

  1. පැපොළ රෝගය වැළඳුණහොත් රෝගය බරපතල විය හැක්කේ කෙබදු පිරිසකටද?

ගැබිනි මව්වරුන්ට, මසක් සම්පූර්ණ නොවූ බිළිදුන්ට, ප්‍රතිශක්ති ඌනතාවයන් ඇති රෝගීන්ට, වකුගඩු බද්ධ කළ අයට, අවුරුදු පනහ ඉක්මවූ වැඩිහිටියන්ට, හෘද සහ දියවැඩියා රෝගීන් වගේම පිළිකා සහ ඒඩ්ස් රෝගීන් යන අයටයි. මෙවැනි අවදානම් අයෙකුට පැපොළ රෝගය ඇති වුවොත් මොළයේ ආසාදන, සුෂුම්නාවේ, පෙනහලු හා හෘදය වස්තුවේ ආසාදන වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි වගේම ජීවිතයට අවදානමක් ද ඇති වූ අවස්ථාත් වාර්තා වී තිඛෙනවා.

  1. ගැබිනි මවකට පැපොළ ඇති වුණොත් ?

දරුප්‍රසූතියට දින පහකට පෙර එහෙමත් නැතිනම් ප්‍රසූතියෙන් දින දෙකකට පසු මවට පැපෝල රෝගය වැලඳුනහොත් අලූත උපන් ළදරුවාට පැපොළ රෝගය වැළඳීමේ වැඩි අවදානම තියෙනවා. එසේම, ගැබිනි මුල් සමයේ, මවට පැපොල ඇතිවීම නිසා කලලයේ යම් යම් විකෘතිතා ඇති විය හැකියි. ඒ නිසා ගැබිනි මවකට මේ තත්ත්වය ඇති වුවහොත් හෝ පැපොල රෝගියකු කිට්ටුව ආශ්‍රය කලහොත් වෛද්‍ය උපදෙස් කරා වහාම යොමු විය යුතුයි.

  1. රෝගය ඇති වූ පුද්ගලයෙක් ස්නානය කළ යුත්තේ කීවෙනි දිනයේ සිටද?

රෝගියාට උණ නැතිනම් ස්නානය කල හැක. තවද, ස්නානය කිරීමේදි සමේ ඇති වූ බිබිලි බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගත හැක.

  1. දින හතක් පුරා එක දිගට ස්නානය කළ යුතු යැයි පවසන්නේ ඇයි?

ඉහත කී පරිදි, පැපොල රෝගියාට උණ නැතිනම් ස්නානය කිරීම හොඳයි. පැපොල නිසා ඇති වූ සමේ කැළැල් පසුව බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගැනීමට මෙසේ කියනවා විය හැක.

  1. පැපොල රෝගය වැළැක්වීම සඳහා පෞද්ගලික අංශයෙන් එන්නතක් ලබා දෙනවා. එය මගින් ජීවිත කාලය පුරාටම රැකවරණය ලැඛෙනවද?

ඔව්. මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන නිසා ජීවිත කාලය පුරාම ආරක‍ෂාව ලබා ගත හැක. එය වැඩිහිටියන්ට ලබාදෙන්නේ පළමු මාත්‍රාවෙන් සති 4ක් හෝ 6ක් ඇතුළත දෙවනි මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් වශයෙනි. අවුරුද්දට වැඩි දරුවන්ට පළමු මාත්‍රාව ලබාදී වසරකට පසුව දෙවන මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් ලබාදෙනවා. නමුත් යම් යම් තත්ත්ව මත සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව අවම වූ අවස්ථාවලදී ඇතැම්විට රෝගය ඇතිවීමට හැකියාව පවතී.

  1. පැපොළ රෝගය වැළදුණු අයෙක් එන්නත ලබාගත යුතුද?

නැත. කලින් පැපොල වැළදුණු අයෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රතිශක්තිය ලැබී ඇති නිසා, එන්නතින් ප්‍රයෝජනයක් නොලැබේ. එහෙත්, පැපොළ රෝගය වැළදුණු අයෙක් කිට්ටුව ආශ්‍රය කලහොත්, දින තුනක් ඇතුලත එන්නත ලබා ගත හොත්, පැපොළ වැලඳීමේ ඉඩකඩ අවම කරගැනීමට හැක.

  1. ගැබිනි මව්වරුන්ට පැපොළ එන්නත ලබාදීම සුදුසුද?

කිසිසේත්ම සුදුසු නොවේ. කාන්තාවන් විවාහයට පෙර හෝ ගර්භණී වීමට මාස තුනකට පෙර පැපොළ සඳහා එන්නත ලබාගැනීමට සැලකිලිමත් විය යුතුයි.

  1. පැපොළ එන්නතේ අතුරු ආබාධ තත්ත්වයන් මොනවාද?

පැපොළ එන්නත අතුරු ආබාධ අවම එන්නතකි. කෙසේ වෙතත්, එන්නත දුන් ස්ථානයේ වේදනාව, උණ හෝ කලාතුරකින් සමේ බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැක.

  1. පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ යම්තම් බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැකි බව ඔබ පැවසූවා. එවිට නිවසේ සිටින මීට වසර ගණනකට පෙර පැපොළ රෝගය වැළදුණු අයෙකුට එය බෝවීමෙන් හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැකිද?

නැත. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. තමාගේ සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි. එහෙත්, පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ බිබිලි ඇති වුවොත්, කලාතුරකින් එමගින් පැපොළ වෙනත් කෙනෙකුට බෝ විය හැක. එසේම පැපොළ එන්නත ලබාගත් අයෙකුට ඉතා කලාතුරකින් ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැක.

  1. කුඩා දරුවන්ට පැපොළ රෝගය සඳහා එන්නත ලබාදීම ඇරඹෙන්නේ වයස අවුරුදු කීයේදීද?

ඉස්සර මෙම එන්නත ලබාදුන්නේ එක් මාත්‍රාවක් විදියටයි. ඒත් දැන් මාත්‍රා දෙකක් ලෙස ලබාදෙනවා. අවුරුද්දකට වැඩි දරුවන්ට පැපොළ එන්නත ලබාදෙනවා.

  1. ඉස්සර එක් මාත්‍රාවක් ලබාදුන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් නැවත මෙම මාත්‍රා දෙකේ එන්නත ලබාදිය යුතුද?

ඔව්. කලින් එක් මාත්‍රාවක් ලබා දුනි නම්, සති 4-8 කට පසු තවත් එක් මාත්‍රාවක් ලබා දිය යුතුය. එසේ කියන්නේ එක් මාත්‍රාවකින් 80% ක පැපොළ රෝගයෙන් රැකවරණය (effectiveness) ලැබෙන අතර, මාත්‍රා දෙකකින් එය 95% දක්වා වැඩි වේ.

21. පැපොළ රෝගය සඳහා ළදරුවන්ට ලබාදෙන මුඛ එන්නත පිළිබඳව දැනවත් කරන්න. එය ළදරුවන්ට ලබාදීමේ කිසිදු අතුරු ආබාධයක් නැතිද?

පැපොල රෝගය සඳහා මුඛ එන්නත් නොමැත.

22. බොහෝ වැඩිහිටියන් පවසන්නේ මෙය හැදෙන එක හොඳයි කියාය. එහි සත්‍ය අසත්‍ය බව කුමක්ද?

පැපොළ රෝගයේ දරුණු බව පිළිබඳව සැළකිලිමත් වීම අනිවාර්යයි. එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රාජකාරී කටයුතු ඇතුළු එදිනෙදා ජීවිතයේ බොහොමයක් වැදගත් අවස්ථා මෙවැනි රෝග තත්ත්වයක් මත අඩාල කරගැනීමට වඩා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම නුවණට හුරුය. පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට මෙම එන්නත ඇතුළත් නොවුණද අද වන විට පෞද්ගලික අංශයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත පැපොළ එන්නත ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.

23. පැපොළ රෝගය වැළදුණු රෝගීන් සඳහා ඖෂධ වර්ගයක් මේ වන විට ලබා දෙනවා. ඒ පිළිබඳ කෙටි හැඳීන්වීමක් කරන්න

ඒසයික්ලොවිර් (Aciclovir) නම් ඖෂධ වර්ගය පැපොල රෝගි ලක්ෂණ ඇති වී, පැය 24ක් ඇතුලත ගත යුතුය. එමගින් උණ, බිබිලි හට ගැනීම හා අනෙක් රෝගි ලක්ෂණවල දින වකවානුව අඩු කරගත හැක.

24.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ වෛරස සඳහා ඖෂධ නොමැති බවයි. පැපොළ ඇති වන්නේ වෛරසයකින්. ඉතිං ඒකට දෙන මේ ඖෂධය කුමක්ද?

වෛරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතා සීමිතයි. ඒසයික්ලොවිර් (Aciclovir) ඖෂධය මගින් කරන්නේ පැපොල සුව කිරීම නොව, රෝග ලක්ෂණවල දින වකවානුව අඩු කිරීම පමණයි.

25. එමගින් සිදු කෙරෙන්නේ වෛරසය විනාශ කරන එකද?

එමගින් සිදු කෙරෙන්නේ වෛරසය සිරුරේ සෛල තුල බෝ වීම වැලැක්වීමයි.

  1. එය නියමිත කාල පරතරයක් තුළ ලබාගන්නට වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ ඇයි? එසේ ලබානොගතහොත් වන්නේ කුමක්ද?

මෙම ඖෂධය සිරුරේ පටක වල රැඳී තිබෙන්නේ පැය 2-3 ක කාලයකි. එම නිසා  උපදෙස් වෛද්‍ය අනුව නියමිත කාල පරතරයක් තුල එය ගත යුතුය. තවද, එම ඖෂධයේ වැඩිම ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ රෝග ලක්ෂණ හට ගෙන පැය 24ක් ඇතුලත පටන් ගත හොත් පමණි.

  1. ඒ ඖෂධය මගින් රෝගය යටපත් කරන නිසා නැවත රෝගය ඇති වීමේ හැකියාවක් ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ මතය නිවැරදිද?

නැහැ. එහෙත් ඉතිරි වූ වෛරස මගින් පසුව හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක ඇති කරවිය හැක. මෙය වෛරසයේ ස්වභාවයයි.

  1. පැපොල රෝගය වැළදී, මේ ඖෂධ භාවිත කළ අයෙක් එන්නත ලබාගත යුතුද?

එසේ කිරීම අනවශ්‍යයි. පැපොල රෝගය වැලඳීමෙන්, නැවත එය බෝ නොවන ප්‍රතිශක්තියක් රෝගියාට ලැබේ. එන්නතින් ලබා දෙන්නෙත් එයමයි.

29. මේ ඖෂධය ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

මෙම ඖෂධය සිරුරෙන් ඉවත් කරන්නේ වකුගඩු මගින්. එමනිසා වකුගඩුවල සංකුලතා තිබෙන රෝගින්, ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

30. පැපොල වැලදුණු අයෙක් නැවත සුපුරුදු දිවියට අවතීර්ණ විය යුතු වන්නේ?

බිබිලි වියලී ගොස් අලුත් බිබිලි නැත්නම්, එම රෝගියාගෙන් තවත් අයකුට පැපොල බෝ වීමේ අවදානම ඉතා අඩුය. එමනිසා සුපුරුදු දිවි පෙවෙතට එවිට අවතීර්ණ විය හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ආහාර වේල පිළිබඳව ඇති අඩු අවධානය නීරක්තියට අතවැනීමක් විය හැකියි

අද වන විට බාල මහලූ කා අතරත් නිරන්තර අසන්නට ලැඛෙන තත්ත්වයක් ලෙස රක්තහීනතාවය (නීරක්තිය) දැක්විය හැකියි. දරුවෙකු යම්හෙයකින් මෙම රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වෙයිද එම දරුවාගේ වර්ධනය අඩාල වීමට එය මූලික හේතුවත් බවට පත්වනු ඇත. රක්තහීනතාවය යනු රුධිරයේ ඇති හිමොග්ලොබින් සාන්ද්‍රණය පහත බැසීම නිසා ඇති වන තත්ත්වයයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නම් පුද්ගලයාගේ වයසට අනුව පැවතිය යුතු රුධිරගත හිමෝගලොබින් ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතුමය.

රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට හේතු කිහිපයක්ම බලපෑ හැකි අතරම මූලිකම හේතු ලෙස දැක්විය හැකිකේ එදිනෙදා ලබාගන්නා ආහාර වේලේ අන්තර්ගත විය යුතු නියමිත යකඩ පරිමාව නොමැති වීමේ තත්ත්වයයි.මේ හේතු මත සාමාන්‍යයෙන් අලූත උපන් දරුවන්, පෙර පාසල්/ප්‍රාථමික අංශවල දරුවන් මෙන්ම වැඩි වියටපත් ගැහුණු දරුවන් සහ ගැබිනි මව්වරුන් ද මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.

සාමාන්‍යයෙන් වයස අනුව ඕනෑම පුද්ගලයෙකුගේ හිමොග්ලොබ්න් සාන්ද්‍රණය පැවතිය යුතු ප්‍රමාණයන් මෙසේය. අලූත උපන් බිලිඳකු මාස හය සම්පූර්ණ කරන තෙක් එම බිළිදාගේ රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය 11.1 -12.6 g/dl ද මාස හය සිට අවුරුදු දෙක දක්වා 10.5 –  12.0 g/dl ද වයස අවුරුදු දෙක සිට හය දක්වා 12.5 –  11.5 g/dl ද අවුරුදු 6 සිට 12 දක්වා 11.5 – 13.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා වූ පිරිමි ළමුන්ගේ 13. 00 – 14.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා ගැහැණු ළමුන්ගේ 12.00 –  14.0 g/dl ද රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයක් අන්තර්ගත විය යුතුය.

ඔබේ දරුවා මෙම ලක‍ෂණ පෙන්නුම් කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පමා නොවන්න

  • අලස බව
  • අධික නිදිමත ස්වභාවය
  • අප්‍රාණිකක ස්වභාවයක් පෙන්නුම් කිරීම
  • විඩාබර බව
  • ස්වසන අපහසුතා ඇති වීම
  • තොල්, ඇසි පිය යට සාමාන්‍ය රෝස පැහැය නැතිව සුදුමැලි බවකින් යුතු වීම
  • ක්ලාන්තය
නීරක්තියට බලපෑ හැකි වෙනත් හේතු?

ආහාරවල අන්තර්ගත නියමිත යකඩ ප්‍රමාණය නොමැති වීම රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට මූලිකම හේතුව බව ලිපියේ ඉහළින් අපි සඳහන් කළා. ඊට අමතරව තවත් හේතු සාධක කිහිපයක්ම මේ තත්ත්වයට හේතු විය හැකියි.

  • ඇසට නොපෙනෙන ආකාරයෙන් අපගේ සිරුරෙන් සිදුවන රුධිර වහනයන් (මුත්‍රා, මලපහ සමග/දත් මුල්වලින් රුධිරය පිටවීම/වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ගේ මාසික ඔසප් චක්‍රය) ද මෙම රක්තහීනතාවය හෙවත් නීරක්තිය තත්ත්වයට හේතු විය හැකියි.
  • කලාතුරකින් දැකිය හැකි ඇටමිදුළුවල රතු රුධිරානු නිසියාකාරව නිපද නොවීමමේ තත්ත්වය නිසාද රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති විය හැකියි.
  • ජානමය හේතු ඇතැම් ආසාදන තත්ත්වයන් හා සමහර ඖෂධ වර්ග ද මේ තත්ත්වයට බලපෑ හැකිය
  • පණු රෝග තත්ත්ව විශේෂයෙන්ම කොකු පණු රෝගය නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.
  • තැලසීමියා/ලියුකේමියා තත්ත්වයන්මට ගොදුරු වූ දරුවන් රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වීම දැකිය හැකිය. සුළු තැලිසීමියා තත්ත්වයට මුහුණ දෙන දරුවන්ට වැඩි අවදානමකට ලක්විමට සිදු විය හැකිය. ඔවුන්ට වෛද්‍යවරුන් නියම කරනු ලබන කාල සීමාවන්වලදී රුධිර පාරවිලයනය කිරීමට සිදුවනු ඇත.
  • කිරිදෙන මව්වරුන් ද රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු විය හැකිය. ඒ මාස හයක් සම්පූර්ණ වන තුරු දරුවෙකු පෝෂණය වන්නේ මව්කිරෙන් පමණක් නිසාය.
රක්තහීනතාවය හෙවත් නීරක්තියන් මිදීමට

  • යකඩ අඩංගු ආහාර ආහාර වේලට එක්කරගන්න

උදා : රතු පැහැති මස්/මාළු, පීකුදු (මස් මාංශ හරහා ලැඛෙන යකඩ ඉකමනින් සිරුරට අවශෝෂණය වේ), සෝයා බෝංචි, කතුරුමුරුංගා/මුරුංගා වැනි කොළ පැහැ පළා වර්ග

සිරුරට හොඳීන් යකඩ අවශෝෂණය වීමට විටමින් සී අත්‍යවශ්‍යය. ඒ නිසාම ආහාර පිසීමේදී විටමින් සී අඩංගු දෙහි, නාරන්, සියඹලා, ගොරකා එකතු කිරීමට සැලකිලිමත් වෙන්න. විටමින් ක‍ බහුල පළතුරු ආහාරයට ගන්න.

  • විටමින් බී12 සහ ෆෝලික් ඇසිඩ් අඩංගු ආහාර සිරුරට අවැසි ප්‍රමාණය ලබාගන්න

උදා : සත්ව ආහාර, යෝගට්, කිරි, මී කිරිවලින් ලබාගත හැකිය

  • තේ, කෝපි වැනි කැෆේන් අන්තර්ගත පානයන් යකඩ අවොශා්ෂණයට බාධා ඇති කරන බැවිනි ආහාර වේලෙන් පසු එවැනි පානවර්ග ලබාගැනීමෙන් වළකින්න
කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුණු උණසන්නිපාතය ගැන මේ තොරතුරු ඔබ දන්නවාද?

අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා උත්සන්න විය හැකි වර්ගයේ රෝගයක් වන උණසන්නිපාතය පිළිබඳව මේ දිනවලත් කනින් කොනින් ඇහෙන්නට පටන් අරගෙන. අතීතයේදී නම් මේ රෝග තත්ත්වය නිසා බොහෝ දෙනෙක් මිය ගියා. අතීතයේදී මාරාන්තික රෝග තත්ත්වයක් ලෙස හැඳින් වූ උණසන්නිපාතය, අද වන විට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ සොයා ගැනීමත් සමගම (බිලිඳුන්ට සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට අසාධ්‍ය තත්වයක් විය හැකි වුවත්) මාරාන්තික රෝග ගොන්නෙන් ඉවත් වුවා. මේ රෝග තතත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තුලින් සංකුලතා අවම කර ගනිමින් රෝගය සුව කර ගැනීමට ඔබට හැකියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දැකිය හැකි මෙම රෝග තත්ත්වය සැල්මොනෙලා ටයිෆි (Salmonella Typhi) යන බැක්ටීරියාව මගින් උදරයේ ඇතිවන අසාධන තත්ත්වයකි. එසේම සැල්මොනෙලා පැරා ටයිෆි (Para Typhi) බැක්ටීරියාව නිසා ද මෙම තත්ත්වයේ තවත් ප්‍රභේදයක් වන පැරා ටයිෆොයිඩ් උණ නම් වූ තත්ත්වය ද ඇතිවිය හැකියි.

උණසන්නිපාතය ඇතිවෙන්නේ මෙහෙමයි….

රෝගී අයෙකුගේ මලපහ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පරිසරයට මුදා හැරෙන සැල්මොනෙලා ටයිෆි නම් වූ බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ ආහාර සහ ජලය මගින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකිය. මීට අමතරව, රෝගී අයෙකු පිළියෙල කල ආහාර පාන අනුභව කිරීමෙන්ද උණසන්නිපාතය ඇතිවිය හැක.

උණසන්නිපාත රෝගියෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • ෆැරන්හයිට් අංශක 100 ට වැඩි තද උණ/මස්පිඬු වේදනාව/හිසේ වේදනාව/කැස්ස
  • උදරයේ වේදනාව/ දියර ස්වභාවයෙන් මල පිටවීම/වමනය
  • කෑම අරුචිය
උණසන්නිපාත තත්ත්වය සඳහා වූ ප්‍රතිකාර

දිගින් දිගටම බඩ බුරුල් වීම/වමනය/උණ පවතීනම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කෙරේ. ෆැරන්හයිට් අංශක 100ට වැඩි උණ තත්වයෙන් පෙලේ නම් බරට නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබාදෙන්නට වෛද්‍යවරයා උපදෙස් ලබාදෙන අතර හැකි සැමවිටම දරුවා විජලනයට ලක්වීම වලක්වා ගැනීම සඳහා වැඩිපුර දියර වර්ග ලබාදෙන්න (බත් කැඳ/තැඹිලි වතුර/ජිවනි/වතුර/දොඩම් යුෂ). එය ප්‍රමාණවත් නොවේ නම් ඒ  බව වෛද්‍යවරයාට වැටහෙන අතර විජලනය තත්ත්වය වලක්වා ගැනීමට සේලයින් ලබා දීමට නියම කෙරේ.

මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම තුළින් රෝගය සුව වීමට අවශ්‍ය නිසි ප්‍රතිකාර වෙත රෝගියා යොමු වනු ඇත.

උණසන්නිපාත රෝග තත්ත්වය වලක්වා ගැනීම සඳහා

  • වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේද මලපහ නිසි ලෙස බැහැර කරන්න.
  • ආහාර පිසීමට/කෑමට පෙර මෙන්ම වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෙඅත් සෝදන්න.
  • ආහාර මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් අපවිත්‍රවීමට ඉඩ නොතබන්න.
  • උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය කිරීමට වග බලාගන්න.
  • නොපිසින ලද පලා වර්ග එළවළු වර්ග ආහාරයට ගන්නේ නම් ඒවා හොදින් සෝදා ලුණු මිශ්‍ර ජලයේ මද වෙලාවක් බහා තබා ආහාරයට ගන්නට පුරුදු වෙන්න.
  • වැසි සමයේදී හොඳින් පිසින ලද ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.
  • මාර්ග දෙපස ඇති වෙළද සල් වලින් පිසන ලද ආහාර මිල දී ගැනීමෙන් වලකින්න.

උණසන්නිපාත තත්ත්වය හඳුනා ගැනීම සඳහා රුධිර රෝපිත පරික්ෂාව (Blood Culture) සහ සැල්මොනෙලා ප්‍රතිදේහ පරික්ෂණ (SAT) යන පරීක්ෂණ වෙත රෝගියා යොමු කෙරෙන අතරම එසේ යොමු කෙරෙන්නේ ඇතැම් අවස්ථාවලදී රුධිරයේ බැක්ටීරියාව ඉතිරි වී තිබීම හේතුවෙන් වරින් වර රෝගය ඇති විය හැකි අතරම එම පුද්ගලයා රෝග වාහකයෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි බැවිනි. මෙසේ සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මගින් තවදුරටත් රෝගියාගේ රුධිරයේ මෙම බැක්ටීරියාව වෙසේ නම් අවශ්‍ය  ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර මගින් තත්ත්වය සම්පුර්ණයෙන්ම සුව අතට හැරවිය හැකිය.

උණසන්නිපාත තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා නොගැනිමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වුවහොත් ඇතිවිය හැකි සංකුලතා

  • බඩවැල් සිදුරු වී තුවාල ඇතිවී අභ්‍යන්තර රුධිර වහනය
  • ස්නායු සහ අස්ථි පද්ධති කෙරේ බලපෑම් ඇතිවීම
  • බැක්ටීරියාව පිත්තාශය තුළ පැවතීම නිසා එය ඉවත් කිරීමට සිදුවීම
  • ප්ලීහාව ඉදිමුමට ලක්වීම
  • ජීවිතය අවධානමට ලක්වීම
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

 

දරුවන්ට කතා කියන අම්මලාට වටිනම කතාව තමයි මේ…

එකමත් එක කාලෙක කියලා පටන් ගනිද්දිම පුංචි දරුවෝ හරි බරි ගැහිලා වාඩි වෙන්නේ අම්මා/තාත්තා/ආච්චි මේ ලෑස්ති වෙන්නේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න බව දන්න නිසයි. ලොකු පුංචි කියලා වෙනසක් නෑ, හැමකෙනෙක්ම වගේ කතන්දර අහන්න ආසයි. පුංචි දරුවන්ගේ භාෂා කුසලතාව වර්ධනය කිරීමට, සවන්දීමේ කුසලතාව වර්ධනය කිරීමට වගේම පෙර කියවීමේ කුසලතාව වර්ධනයට කතන්දරවලින් දරුවෙකුට ලොකු සහයෝගයක් ලැඛෙනවා.

එකම කතාව වුණත් නැවත නැවත කියන්නට දරුවන් පෙරැත්ත කරන අත්දැකීම ඔබටත් ඇති. ඒ වගේම පොත් මේ අත්දැකීම් දරුවෙකුගේ සමස්ත වර්ධනය කෙරේ විශාල බලපෑමක් ඇති කරනවා. වැඩිහිටි අපගේ වගකීම වන්නේ දරුවන්ගේ රසවින්දනයට හෝ බුද්ධියට බාධාවක් නොවන පරිද්දෙන් මේ යුතුකම ඉටු කිරීමයි.

දරුවන්ට කතන්දර කියා දෙන විට මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න

දරුවන්ට කතන්දර කියාදීමේදී ඒ සඳහා සුදුසු වේලාවක් මෙන්ම ස්ථානයක් තෝරාගන්න. ඒ සඳහා ඔබ තෝරාගන්නා වේලාව මෙන්ම ස්ථානයද දරුවාට සුව පහසුද ඒ සඳහා දරුවාට යොමු වීමට සුදුසු මානසිකත්වයක සිටීද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. කිසිදු අවස්ථාවක මේ සඳහා දරුවෙකු බලෙන් පොළඹවා ගැනීම නුසුදුසු බව සිහිතබාගන්න.

  • සැමවිටම වඩාත් හොඳ ආරම්භයක් ලබාගන්න. දරුවා තුළ කුතුහලය වර්ධනය වන ආකාරයෙන් නිර්මාණශීලී ලෙස මේ අවස්ථාව වෙත යොමු වීම වැඩැහිටි ඔබේ වගකීමකි. එසේම කතාන්දරයේ ආරම්භය හා අවසානය අතර මනා සබඳතාවයක් පැවතිය යුතුය.
  • මේ කාල සීමාව තුළ දරුවාගේ අවධානය වෙනත් දේ වෙත යොමු වීඹ වැළැක්වීම සඳහා කතාව හා සමග දරුවා විටින් විට සම්බන්ධ කරගන්න. දරුවාගෙන් ඒ පිලිබඳව ප්‍රශ්න කිරීම, වාක්‍ය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදීම වැනි ක්‍රියාකාරකම් මේ වෙනුවෙන් උපයෝගී කරගැනීමට හැකිය. ඒ අවස්ථාවන් දරුවාගේ මකත ශක්තිය වර්ධනය උදෙසා ද ඉවහල් වනු ඇත.
  • රසවත්ව නිර්මාණශීලීව දරුවාට කතාව ඉදිරිපත් කිරීම අනෙක් වැදගත් කරුණයි. මුහුණේ හැගීම්, දෙබස් කණ්ඩ, හඬ පාලනය සමගින් ඉතා රසවත්ව දරුවෙකුට කතාන්දරයක් ඉදිරිපත් කිරීමට වැඩිහිටි ඔබ සමත් නම් දරුවාගේ භාෂා දැනුම ද වර්ධනය වන් නිසැකය.
  • දරුවන්ගේ ලෝකය මුළුමනින්ම ආක්‍රමණය කර ඇති සතුන්, කුරුල්ලන්, සුරංගනාවියන්ගේ කතාවලට වැඩි තැනක් ලබාදිීම මෙන්ම ආගමික, සදාචාරාත්මක, සංස්කෘතිමය වටිනාකමක් ඇති ආදර්ශමත් කතා දරුවන්ට ඇසීමට සැලැස්වීමද ඉතා වැදගත් වනු ඇත.
  • ඔබ දරුවා ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන කතාන්දරයේ අදහස මෙන්ම ඒ හරහා දරුවා තුළට ගමන්කළ යුතු පණිවිඩය උපරිමයෙන් දරුවාට ග්‍රහණය කරගැනීමට මෙන්ම මේ අවස්ථාව තුළ උපරිමයෙන් දරුවා සතුටට පත්කිරීමට නම් චිත්‍ර, රූකඩ, ඡායාරූප, පෝස්ටර් ආදිය යොදාගැනීමට ඔබට හැකියි.
  • කතාන්දරයක් කියාදීම සඳහා උපරිමයෙන් විනාඩි 10ක පමණ කාලයක් පමණක් වැය කළ යුතුය. දීර්ඝ කතා පැවසීම සුදුසු නැති බව සිහිතබාගන්න.
  • ඔබ කියාදුන් කතාන්දර දරුවාටත් කියන්න අවස්ථාවක් ලබාදෙන්න. ඒ ක්‍රියාව අගයන්න.
දරුවන්ට කතන්දර කියා දීමේදී මේ දේවල් නම් කරන්න එපා

  • කිසිදු විටෙක වැරදි ආදර්ශ ලබාදෙන ආකාරයේ කතන්දර පැවසීම.
    උදා : ඔන්න ඉතිං හාවාට හැමදේම එපා වෙලා… අන්තිමට එයා මැරෙන්න හිතුවා
  • වැරැද්ද/වංචාව ජයගන්නා කතාන්දර කියාදීම
  • අනුවණ ක්‍රියාකාරකම් අගය කිරීම
  • දරුවන් බියගන්වන කතාන්දර කියාදීම (බියකරු සතුන්/යක‍ෂයන්/රාක‍ෂයන්)
  • නපුරු ක්‍රියාවන් ඇතුලත් කතාන්දර කියාදීම
  • චරිත වැඩි සංඛ්‍යාවක් ඇති කතාන්දර කියාදීම
  • සංකීර්ණ වචන, දෙබස් භාවිතා කිරීම
පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දරුවා ආත්ම විශ්වසයෙන් යුතු පුරවැසියෙකු කරන්නට මේ උපදෙස් හිතට ගන්න

අපි ඇයට දිලිනි කියල කියමු. මට දිලිනි හම්බවුනේ 2014 අවුරුද්දේ. එතකොට එයාට වයස අවුරුදු 22යි. දිලිනි කියන්නෙ අසාමාන්‍ය දක්ෂතා තියෙන තරුණියක්  කිව්වොත් හරි. එයා A/L  ඒ තුනක්ම අරන් පාස් වෙලා හිටියෙ. රටේ පිලිගත්ත විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන ගමන්  තමයි එයා හිටියෙ. ඒත් මට එයාව මුන ගැහෙන වෙලාවෙ ඒ හැම දෙයක්ම අතරමග නැවතිලා, මොකද ඒ වෙලාවෙ එයාට ජීවිතය එපා වෙලා වගෙයි තිබුණේ. එයාට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි විශ්ව විද්‍යාලය ඇතුළේ එයා විශේෂ දක්ෂයෙක් නොවුණු එක. අනිකුත් දක්ෂ ළමුන් අතරේ තවත් එක් සාමන්‍ය ශිෂ්‍යාවක් වීම එයාට දරා ගන්න බැරි උනා. ඉස්කෝලේ නම් දිලිනි හැමදාම පංතියේ පළවෙනිය විතරක් නෙවෙයි හැම විෂයකටම වැඩිම ලකුණු ගත්තෙත් එයා. පංති නායිකාව, ශිෂ්‍ය නායිකාව උනා විතරක් නෙවේ පාසලේ ක්‍රීඩා තරගවලදිත් එයා දක්ෂම ශිෂ්‍යාව උනා. එයාට ඕන උනා හැම පැත්තකින්ම දක්ෂයෙක් වෙන්න. හැමෝම දැනගෙන හිටිය දිලිනි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන බව. ඒ නිසා එය විශ්ව විද්‍යාලයට තේරුනා කිව්වම කවුරුවත් පුදුම උනේ නැහැ.

විශ්ව විද්‍යාලය ඇතුළු උනාට පස්සේ දිලිනිට මුහුණ දෙන්න වුනේ වෙනමම තත්ත්වයකට. එතැනදී අනෙක්  සිසුන් තමන්ට වඩා දස්කම් පෙන්වන එක දිලිනි දැක්කෙ එයාගෙ පරාජයක් විදියට. ඒක එයාට කොච්චර බලපෑම් කලාද කියනවා නම්, ටික දවසකින් එයාට සාමාන්‍ය විදියට විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු පවා කරගන්න අපහසු තත්ත්වයක ඇති වුණා. මොකද, මොනදේ කලත් “මම පරාජිතයෙක්” තමයි කියල එයා හිතන්න පටන් ගත්තා. මේ නිසා අන්තිමට එයා ඇත්තටම විභාගයක් දෙකක් අසමත් උනා.

මොකද්ද දිලිනිට උණේ, මේ වගේ දක්ෂ දරුවෝ ආත්ම විශ්වාසය අඩු, පරාජය දරා ගත නොහැකි දරුවෝ බවට පත්වෙන්නේ කොහොමද කියලා වගේම ඔබේ දරුවාසතුටින් ජිවත් වෙන, නොසැලෙන මානසිකත්වයක් තියෙන දරුවෙක් කරන්නේ කොහොමද කියන එක ගැනත් දැනගන්න ලැබෙන එක අපේ දෙමාපියන්ට බොහොම වැදගත් වේවි. මේ වෙනුවෙන් දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයෙන් වෙනස් විය යුතුද කියලා මේ ලිපියේ අවසානය වන විට ඔබට වැටහේවි.

දරුවාගේ ජය පැරදුම සම සිතින් විඳගන්න

දරුවාගේ දක්ෂතා අගයන්න. නමුත් ඔබ මව්පියන් විදියට ජයග්‍රහණයකදී අධික ලෙස උද්ධාමයටවත් පරාජයේදි ලෝකෙම කඩා වැ‍ටුනා වගේවත් හැසිරෙන්න එපා. තමන්ව ඇගයීමට නම් ”මම දිනන්නම ඕනේ ” සිතුවිල්ල දරුවෙකුගේ හිතට ඇතුළු වෙන්නේ එතකොට. පරාජය අත් උනොත් තමාගේ කිසිම අගයක් නැති බවක් දරුවාගේ හිතට ඇතුළු වෙනවා. ඊට පස්සෙ එයා තරග කරන්නෙ දිනන්න. ප්‍රතිපලයට වඩා දරුවෙක් ඒ වෙනුවෙන් දරපු උත්සාහය අගයන්න පුළුවන් නම් බොහොම වටිනවා.

උදා: “ඔයා තමයි ඉන්න දක්ෂම දරුවා” කියලා දරුවා හඳුන්වනවාට “උත්සාහවන්ත දැරුවෙක්” කියල ඔබ ඔබේ දරුවාව හඳුන්වන්න.

මෙයින් කියවෙන්නෙ ජයග්‍රහණය නොසලකා හරින්න කියන දේ නම් නෙවෙයි, ජයග්‍රහනයන් සමරන්න, ඒවා අගයකරන්න ඕනේ ඒත් ජය පරාජය දෙකේදිම එක වගේ ඔබේ ආදරය දරුවාට ලබාදිය යුතුයි. ඇත්තටම කිව්වොත් පරාජයේදි ආදරය හා ආරක්‍ෂාව දරුවෙකුට වැඩියෙන් අවශ්‍යයි. මේ දේ  හඳුන්වන්නේ කොන්දේසි විරහිත ආදරය (unconditional love) කියල. ඒ වගේ පරිසරයකදි හැදෙන දරුවෙක් තුළ තමා ගැන වගේම තමාගේ ආදරණීයයන් ගැනත් විශ්වාශයක් ඇති වෙනවා. ජය හෝ පරාජය හෝ හමුවේ වුවද තමා වටින පුද්ගලයෙක්ය යන හැගීම වගේම තමා ජීවත්වෙන වටපිටාව ආරක්ෂාකාරී බවත් දක්ෂතාවය මනින ප‍ටු මිනුම්වලින් තම හැකියාව මනින  වටපිටාවක් නොවන බවත් දරුවාගේ සිතට දැනෙනවා.

මේරි අයින්ස්වර්ත් කියන මනෝ විද්‍යාඥවරිය මේ අවස්ථාව හැඳින්වුයේ  Healthy Attachment  ලෙසයි. මෙය සෞඛ්‍යමත් සම්බන්ධතාවයක් ලෙස හැදින්විය හැකියි.  Healthy Attachment එකක් සහිතව වර්ධනය වුණු දරුවකුට වැඩිහිටියකු වූ පසු ජීවිතයේ පරාජයන්වලදී  දරා ගැනීමේ හැකියාව ඉහළ බව ඔප්පු වෙලා තියනවා. ඔවුන් පරාජයන් දකින්නේ තාවකාලික පසු බැසීම් විදියටයි. තමන්ගෙත් අනුන්ගෙත් අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් දේවල් විදියට, ලෝකය දෙස සුබවාදීව බලන්න ඔවුන් පුරුදු වෙනවා.

කැරොල් ඩ්වෙක් කියන ඇමරිකානු මහාචාර්යවරිය මේ තත්වය හඳුන්වන්නේ Growth Mindset ලෙසයි. Growth Mindset එකක් තියෙන පුද්ගලයෙක් “හැකියාව” දකින්නේ උත්සාහයෙන් වැඩි දියුණු කරගත හැකි දෙයක් විදියටයි. ඒ වගේම පරාජයන් ජීවිතයට ලැබෙන පාඩම් ලෙස ඔවුන් දකිනවා. ඔවුන් අභියෝගවලට වඩාත් සාර්ථකව මුහුන දෙනව කියල පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනව.

තම හැඟීම් ප්‍රකාශ කිරීමට දරුවා දිරි ගන්වන්න

අඩන්න එපා, කෑ ගහන්න එපා, බොරුවට තරහ ගන්න එපා වගේ ප්‍රකාශ දරුවෙකුට නොකර සිටිය හැකිනම් එය වඩාත් වැදගත් බව සිහිතබා ගන්න. හැගීම් ප්‍රකාශය වරදක් විදියට පෙන්වන්න එපා. එහෙම උනාම දරුවා දෙමව්පියන් හෝ වෙනයම් කෙනෙක් සමග හැගීම් බෙදා ගන්න බය වෙනවා. වැඩෙන දරුවා තමන්ගේ හැගීම් මොනාවද කියල තේරුම් ගැනීමට දෙමව්පියන් පරාවර්ථකයක් විදියට (sounding board) හාවිත කරන බව  හොයාගෙන තියෙනව. ඒ කියන්නෙ දරුවාට තමන් දුකෙන්ද, සතුටෙන්ද නැත්තම් තරහෙන්ද ඉන්නෙ කියල දැනගන්න දෙමව්පියන් එම හැගීමවලට දක්වන ප්‍රතිචාරය වැදගත්. ප්‍රතිචාර නොදක්වා ඉන්න දෙමව්පියෙක් හෝ හැගීම් ප්‍රකාශ කිරීම නුරුස්නා දෙමව්පියෙක් දරුවෙකුට මේ අවස්ථාඅව ලබා දෙන්නෙ නැහැ.  එහෙම දරුවෙක් වැඩිවියට පත් උනාම සමහරවිට තමන්ගෙ හැගීම් මොනවද කියල අදුනගන්න බැරුව, හැගීම් ප්‍රකාශ කරගන්න බැරුව ප්‍රශ්නවලට ලක් වෙනවා. උදාහරනයක් විදියට දුක හිතන්න ඕන තැනදි තරහ ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකිය තනියම දුක් විදින්න පුරුදු වෙන්නත් පුළුවන්.

ප්‍රයෝගිකව මෙය යොදාගන්න පුළුවන් අවස්ථාවක් තමයි පහතින් දැක්වෙන්නේ.

උදා: දරුවට තරහ ගිය අවස්ථාවක්

හිතන්න, ඔබේ දරුවා තරහ ගිහිල්ල කෑ ගහනව, ගහනව වගේ දේවල් කරනව කියල. මේ වගේ වෙලාවකදි කරන්න ඕනේ තරහ තුළ හැංගිල තියෙන දුක තේරුම් ගන්න උත්සාහ කිරීම. දරුවෙක්ට තමන්ගේ බලාපොරොත්තු කඩවුනාම ඇති වන දුක බොහෝ වෙලාවට ඔවුන් ප්‍රකාශ කරන්නේ තරහක් විදියට. මේ වගේ වෙලාවක “තරහ ගන්න එපා” කියලා දරුවට ඔබ කියද්දි ඔවුන් තේරුම් ගන්නේ තමන්ගේ වේදනාව දෙමව්පියන් විසින් නොසලකා හැරිය විදියට. ඒ වගේම දරුවා හිතනවා අම්ම තාත්ත තමාව ප්‍රතික්ෂේප (invalidation) කළා නේද කියලත්. අන්න ඒ නිසාම මේ වගේ අවස්ථාවක කරන්න පුළුවන් සුදුසුම දේ තමයි ඉස්සෙල්ලම දරුවා වේදනාවෙන් ඉන්න බව ඔබට දැනෙන බව දරුවට ඇඟවීම. ඔබට පුළුවන් වේදනාව අඩුකරගන්න යම් විසඳුමක් දරුවට යෝජනා කරන්න. ඒත් තමා පෙන්වපු හැසිරීම අනුමත නොකරන බව දරුවාට දැනුම් දිය යුතුයි. දරුවෙකුට දඬුවම් කිරීම පිළිබඳව මා එකඟ නැතත් දරුවා කළේ දඬුවමක් නොදී බැරි වරදක් යැයි ඔබ සිතනවා නම් ශාරීරික දඬුවම කට වඩා  දරුවා ආස යමක් දරුවාගෙන් ඉවත් කිරීම වැනි දඬුවමක් ලබා දිය හැකියි.

උදා:  එදා හවස සෙල්ලම් කරන එක තහනම් කිරීම

මෙවැනි දඩුවමකදී පැහැදිලිව වැ‍රැද්ද හා දඩුවම අතර සම්බන්ධය දරුවට පැහැදිලි කරන්න. ඒ දඬුවම ඔයාට ලැබුනේ මේ වරද නිසා බව දරුවට පහදන්න.

දරුවෙක්හට දඬුවම් කිරීමේ අරමුණ වෙන්නේ දරුවාගේ අභ්‍යන්තරයෙන්ම ඇතිවන නීති පදධතියක් සහ හික්මීමක් (self direction) ඇති කිරීමයි. දැඩි දඩුවම්, විශේෂයෙන්ම ශාරීරික දඩුවම් මගින් මෙම අභ්‍යන්තර වෙනස ඇතිවෙනවාට වඩා දරුවා තුළ දඩුවම් දෙන්නා කෙරෙහි වෛරයක් හා තමා පිළිබඳවම පහත් හැගීමක් ඇතිවීම පමනයි.

ඔබ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව උනන්දු වන්න

මට හිතෙන විදියට දරුවෙකුට දිය හැකි ලොකුම තෑග්ගක් තමයි ඔබ පුද්ගලයෙක් වශයෙන් ලබන සංවර්ධනය. ඔබ, ඔබගේ ආහාර, ව්‍යායාම, නින්ද හා විනෝදාංශ ගැන උනන්දුවක් දක්වන්න. මොකද ඔබ, ඔබට ආදරය සහ කරුණාව දක්වන්නෙ  නැත්තම් තව කෙනෙකුට ආදරය ලබාදීම කරන්න අපහසු දෙයක්. ඔබ මනසින් හා සිරුරින් සෞඛ්‍යසම්පන්න කෙනෙක් උනොත් ඔබෙ දරුවා අසීරු අවස්ථාවක සිටින විට වඩා හොද විසඳුමක් ලබාදීමට හැකි වේවි.

ඔබටම කියා වෙන්වුනු වෙලාවක් ඉදහිට හෝ ලබා ගන්න. ඒක ඇත්තටම ආත්මාර්ථකාමී දෙයක් නෙවේ. ඒක ඇත්තටම බැටරි චාර්ජ් කරගන්නව වගේ එසේ නැත්නම් වාහනයක් සර්විස් කරනව වගේ දෙයක්. හිතන්න නිවාඩුවක් ගන්නෙ නැතුව රස්සාවක් කරොත් මොකද වෙන්නෙ කියල. ටික දවසකින් ඔබට රස්සව එපා වෙන්න ගන්නව, තරහ යන්න පටන් ගන්නව, වැඩට ආසාවක් නැතිවෙනව වගෙ දේවල් වෙන්න පුලුවන් නේද? දෙමව්පියෙක් වශයෙන් ඔබ කරන් වැඩ වලදිත්  නිවාඩුවක් නොගෙන කරන්න ගියොත් ඒ වගේම තත්වයක් ඇතිවෙන්න පුලුවන්.

තවත් වැදගත් දෙයක් තමයි ඔබ, ඔබට ඇතිවන සිතුවිලි ගැන හා හැගීම් ගැන අවධානයෙන් පසුවෙන්න ඕන කියන එක. ඔබ සිතන පතන විදිය, ප්‍රශ්නයකට මුහුන දෙන විදිය හා ලෝකය දකින විදිය ඔබ මීට කලින් උගත් දේවල්, ඔබගෙ පවුලේ ආභාසය හා ඔබගෙ අත්දැකීම් මත තමයි තීරනය වෙන්නෙ. ඉතින් ඔබ ලෝකය දකින විදිය  ගොඩක් වෙලාවට හරි වෙන්න පුලුවන්, ඒත් සමහරවිට වැරදි වෙන්නත් පුල්වන් බව මතක තබා ගන්න. දරුවා ඔබගේ උනාට ඔහු හෝ ඇය වෙනත් පෞර්ෂයක් හිමි වෙනත් පුද්ගලයෙක් බව මතක තබා ගන්න. ඔබගේ ක්‍රමය බලෙන්ම ඔවුනට පටවන්න යැම ඔවුන්ව අවතක්සේරුවට ලක් කිරීමක් විතරක් නෙවේ ආත්ම විශ්වාසය බිද දැමීමක්වෙන්නත් පුලුවන්.  ඒ නිසා හැමවිටම විවුර්ත මනසක් තබා ගැනීමට උත්සාහ කරන්න.

ඔබ අංග සම්පූර්න දෙමව්පියකු වීම අත්‍යවශ්‍යදෙයක් ලෙස හිතන්න එපා. ඔබ ඔබට විය හැකි හොදම මව/පියා  වෙන්න උත්සාහ කරන අතරේ තමන්ගෙ අඩුපාඩුකම් දෙසද අනුකම්පාවෙන් බලන්න පුරුදු වන්න. බාහිර ලෝකය  නූතන දෙමාපියන් දෙස විශේෂයෙන් තරුන දෙමාපියන් දෙස අනුකම්පාවෙන් බලන ආකාරයක් පෙනෙන්න නැහැ. ඔවුන්ට දරුවන් වෙනුවෙන් වෙලාවක් නැහැ, මුදල් සහ ‍රැකියාවන්ට මුල්තැන දීල වගේ දැඩි විවේචන නිතර අහන්න ලැබෙනව. ඔබගේ අඩුපාඩු හදා ගන්න අතරෙ මෙම විවේචන දිහා මධ්‍යස්ථ ඇහැකින් බලන්න. මේව පරම සත්‍යයන් ලෙස ගෙන කටයුතු කරොත් සමහරවිට ඔබ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ආකාරයට මැදිහත් වෙන දෙමව්පියෙක් බවට පත් වෙන්න පුලුවන්. මේකට over parenting නැත්තම් Helicopter parenting කියල කියනව. මේ වගේ දෙමව්පියන් දරුවාගේ පොඩි පොඩි ලකුනු අඩුවීම් වලට හේතු අහන්න ගුරුවරු නිතර නිතර මුන ගැහීම, දරුවාගේ සෑම කුඩා  ප්‍රශ්නයකදිම ඉදිරිපත් වෙලා ඒව විසදන්න යාම විතරක් නෙවේ දරුවා ලොකු උනාම ඔ‍ෆිස්වල ප්‍රශ්න විසදල දෙන්නත් යනව. මේ වගෙ වටපිටාවක හැදෙන දරුවෙක් ප්‍රශ්න ගනනාවකට මුහුන දෙන්න පුලුවන් කියල හොයාගෙන තියෙනවා. එකක් තමයි දරුවාට තමන්ගේ වැඩක් තනියම කරන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ . මොකද හැමදාම එයාගෙ වැඩ කලේ එයා තනියම නෙවෙයි නිසා. අනික තමයි ඔහු හිතන්න පටන් ගන්නව අනිත් මිනිස්සු ඉන්නෙ වැඩ කරල දෙන්න (sense of entitlement) කියල.  එහෙම උනේ නැති උනාම එයාට  ඒ ගැන තරහ යන්න පුලුවන්. තවදෙයක් තමයි මේ වගේ දරුවෝ ලොකු උනාම අනිත් අය සතු‍ටු කරන්න වැඩ කරනව වගේම  අනිත් අයගෙන් එයාලගෙ වැඩක් ප්‍රතික්ෂේප උනාම ඉක්මනට කඩාගෙන වැටෙන්න බලනව.  මේකට හේතුව තමයි යම්කිසි කටයුත්තක් කිරීමට අවශ්‍ය තමා තුලින් ඇතිවන වුවමනාව (internal motivation) ඔවුන් තුල වර්ධනය නොවීම. බාහිර ලෝකයෙන් ලැබෙන පැසසුම සහ අගයකිරීම වෙනුවෙන් තමයි ඔවුන් වැඩක් කරන්න පුරුදු වෙන්නෙ.

දරුවා ඉදිරියේ ඔහු/ඇය ගැන කතා කිරීම ප්‍රවේසමෙන්

මෙයා හරියට බොරු කියනව, කිසිම පරිස්සමක් නැහැ, කමකට නැහැ, හරිම ලැජ්ජයී, කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ, හරිම නපුරුයි වගේ ඍනාත්මක නාමයන් දරුවාට ලබාදෙන්න එපා. දරුවාගේ වැරැද්දක් ගැන කියනවා නම් ඒක පෞරුශයේ වැරද්දක් විදියට (character flaw) ප්‍රකාශ කරන්න එපා. ඒක හදාගන්න පුලුවන් තාවකාලික දෙයක් විදියට ප්‍රකාශ කරන්න.

උදා: “ඔයා බොරු කියන දරුවෙක්” කියලා නෙවෙයි  “ඔයා අද බොරුවක් කිව්ව ඒක වැරදි වැඩක්” වගේ ප්‍රකාශක් තුළින් කළ දේ වැරදි බව මිසක් පුද්ගලයගේ වැරැද්ද්ක් නැහැ කියන දේ තේරුම් යනවා. ඒක පෞරුෂ වර්ධනයට හරිම වැදගත්. මොකද අපි හැමෝම, ගොඩක් වෙලාවට අපි කවුද කියල තේරුම් ගන්න, අපි ගැන අනිත් අය දරන මතය, සමාජ දර්පණයක් (social mirror) වශයෙන් භාවිත කරන. කාගෙ හරි පෞරුෂයේ ලොකු වැරැද්දක් තියෙනව කියල නැවත නැවත කියන එකෙන් වෙන්නෙ ඒ කියන කතාව ඔහු තදින් විශ්වාස කරන්න පටන් ගන්න එක (core belief).

අවසාන වශයෙන්, දරුවා තුළ ඔබට පේන ආකාරයට මොන අඩුපාඩු තිබුනත් ඔහු ඔබ දන්නා දක්ෂතම, කාරුණික සහ අවංකම පුද්ගලයා බව සිතෙහි තබාගෙන දරුවාට කතා කරන්න. එවිට දරුවා තමන් එවැනි පුද්ගලයෙක් බව (internalization) විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔහුගේ හෝ ඇයගේ එම විශ්වාසය දවසක ඔවුන් ඇත්තටම ඒවැනි පුද්ගලයන් බවට පත් කරාවි.

වෛද්‍ය වෙනුර පලිහවඩන (MBBS, MDPsych) මහතා සමග සකසන ලද ලිපියකි.
Dr. Venura Palihawadana (MBBS,MDPsych)
Senior Registrar
SPECTRUM Statewide Personality Disorder Service,
Victoria , Australia…

දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොදී ගණිත සංකල්ප හුරු කරන්නේ මෙහෙමයි

පෙර පාසල් වියට පත් වෙන විට දරුවන්ට යම් යම් ගනිත සංකල්පයන් ගැන අවබෝධයක් ලැබීම සාමාන්‍ය තත්වයක්. ඔබට කිසිම දවසක දරුවා එක රැයකින් ගණිතඥයෙකු බවට පත් කරන්න පැහැ. ඒ වුනත් අනාගත ගණිතඥයෙකු වෙනුවෙන් වූ මග ඔබට නිර්මානය කිරීමත් එතරම් අපහසුවක් නොවෙයි.

ඒත් දරුවාගේ මනසට ගැලපෙන්න එපායැ …

ඔව් ඒක ඇත්ත ඔබට මොන තරම් ආශාවක් තිබුනත් එය දරුවාට ඔරොත්තු දෙන මට්ටමක පැවැතිය යුතුයි.අනවශ්‍ය විදිහට දරුවාගේ මනසට බරක් නොවන සේ ගනිත සංකල්ප ගැන ඔවුන් දැණුවත් කරන්නේ කොහොමද ?…

මුලින්ම හැඩතල සොයා ගන්න

අද වෙළදපොලේ ඔබට ඉතා විසිතුරු හැඩතල මිළට ගැනීමට පුලුවන්. එසේත් නැත්නම් මේවා ඔබටම පිලියෙල කර ගන්නත් පුලුවන්.  රවුම, සමචතුරඝ්‍රය, වාත්තය වැනි හැඩතල කපා ගෙන වර්ණ ගන්වා ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට උදව් දෙන්න. වෘත්තය දරුවා රවුම සේ දකිනු ඇත. සමචතුරඝ්‍රය දකින්නේ කොටුවක් ලෙසයි. සෘජුකෝනාඝ්‍රය  දිග කොටුව සේ දකියි. එවිට නෑ..නෑ මේක තවා වෘත්තය යනුවෙන් නියම ගනිත සංකල්ප බලෙන් ඇතුලු කිරීමට වෙර දරන්න එපා. අද ඔහු දකින රවුම හෙට වාතත්ය සේ හැදින ගනු ඇත. බාල වයසේ දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය වන්නේ මෙම සංකල්ප ගැන දැණුමක් ලබා දීම පමණි.

හැඩතල හදුනා ගන්න අපහසු වුනොත්…

මේ වෙනුවෙනුත් ඉතා පහසු දෙයක් ඔබට කළ හැකියි. නිතරම එක් එක් වර්ගයේ හැඩතල වෙනුවෙන් වර්ණ ලබා දෙන්න. උදාහරණයක් විදිහට සියලුම වාත්ත නිල් වර්නයෙන්ද, චතුරඝ්‍ර කොළ වර්ණයෙන්ද වර්ණ ගන්වනන්. දැන් දරුවා නිල් වර්ණයේ හැඩතල වෙන් කරනු ඇත. සංකල්පයක් නොවුනත් ඔහු වර්ණය නිසා ඉතා පහසුවෙන් සමාන හැඩතල එක් තැනකට පත් කර ගනු ඇත.

ප්‍රමාණය අනුව තෝරන්න

බාල කාලයේ පටන්ම දරුවන් තුල ලොකු සහ කුඩා යන සංකල්පයන් ඉතා හොදින් මුල් බැසගෙන ඇත. හැම දෙයකම දරුවාට අවහ්‍ය වන්නේ ලොකු කොටසයි. බාල දරුවෙක් සිටින තැනදී වැඩිමහල් දරුවා නිතරම චෝදනා නගන්නේ බාලයාට ලොකු කොටස ලැබුන ලෙසයි. එමෙන්ම බාල දරුවාගේ චෝදනාව වැඩිමහල් දරුවාට ලොකු කොටස ලැබුන බවයි. ඒ නිසා ඔවුන්ට මෙම සංකලප් ඉතා හොදින් මනසේ පවතින නිසා ප්‍රමානාත්මක සංකල්ප පිලිබඳව එතරම් ගැටලුවක් ඇති නොවේ.

මොනවද ඉතින් දෙන්නේ ?….

වර්ණවත් කඩදාසියකින් දරුවාගේ වචනයෙන් කියනවා  නම් රවුම් කපන්න. මේවා එක් එක් ප්‍රමාණයන්ගෙන් කපා ගෙන දැන් ලොකු හා කුඩා රවුම් වෙන් කිරීමට උපදෙස් දෙන්න. ඔවුන් ඉතා අපුරුවට එය ඉටු කරනු ඇත.

සමාන දේ එක්තැන් කිරීමටත් අසමාන දේ වෙන් කිරීමට කියා දෙන්න

අපේ ජීවිතයේ හැම දෙයක් වෙනුවෙන්ම වර්ගීකරනයක් අවශ්‍ය වෙනවා. දරුවාටත් බාල කාලයේ පටන්ම ඒ ගනැ කියා දෙන්න. වෙළදපොලෙන් ගෙනෙන එළවලු වට්ටියකට දමා තවත් ඇසුරුම් කිහිපයක් ලබා දෙන්න. එක් එක් වර්ගය එක් එක් ඇසුරුමට දමන්නනට උපදෙස් දෙන්න. බෝංචිවල හැඩය වර්ණය අනුව එය රක් ඇසුරුමකට දමනු ඇත. කැරට් තවත් ඇසුරුමකට දමනු ඇත. කිසිම පිලිවෙලක් නොමැතිව තිබුන එළවලු වට්ටිය දරුවා ඒ ඒ ඇසුරුමට දමා වෙන් කරනු ලබන්නේ ඉතාම අපුරු ලෙසයි. එයින් ඔබටත් නොදැනෙන ලෙසින් ඔහු වර්ග කිරීම හෙවත් සමාන දේ එක්තැන් කිරීමට ඉගෙන ගනු ඇත. සමාන දේ එක්තැන් වෙන විට අසමාන දේ විතැන් වෙනු ඇත. ඒ සියල්ල දරුවාඅත්දැකීමෙන් ඉගෙන ගන්නේ ඔබ විසින් ඔවුන්ට ලබා දෙන මාර්ගෝපදේශය මතයි.

ඇත්තටම ගණිතය වෙනුවෙන් පෙරපාසල් දරුවන් අතිරේක පංති යවන්න අවශ්‍ය නැහැ නේද ?..

ඒක ඇත්ත… නිවසේදී ඕනෑ තරම් ගනිත සංකල්ප ගැන අවබෝධය දරුවන්ට ලබා දෙන්න පුලුවන්.

දරුවාගේ පොත් මේසය දිග, තොට පිලිවෙලට පොත් තබන්න කියා දෙන්න.

නිවසට ගෙනෙන රසකැවිලි වෙන් වෙන් හැඩතල අනුව බෙදන්න. උදාහරණ අලුවා, ටොපි , බිස්කට් , ඩෝ නට් වැනි හැඩතල ගැන පෙන්වා දෙන්න.

වට්ටියක ඇති මල් පූජා කරන්න පෙරාතුව වර්ණ අනුව පිළිවෙලට තබන්න.

දරුවාගේ ඇදුම් අල්මාරියේ සමාන දේ එක්තැන් කිරීමට උපදෙස් දෙන්න. ගවුම් වෙනම කොටසකද, කලියම් වෙනම කොටසකද තබන්නට උපදෙස් දුන් විට ඔවුන් සමාන දේ එක්රැස් කිරීමට ඉගෙන ගනු ඇත.මේ විදිහට පුංචි පුංචි ත්‍රියාකාරකම් මගින් ඔබේ දරුවාගේ ගණිත සංකල්ප ඔවුන් සමග නොදැනීම වර්ධනය වෙන පරිසරය මව්පියන් විදිහට ගොඩ නැගීම ඔබට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

ඔබත් මේ දේවල් ඔබේ දරුවට කියා දුන්නාද?

ලොකු මහත් වුනත් සමහර දරුවන්ට තමන්ගේ පුද්ගලික සෞඛ්‍යය ගැන නොසලකා සිටින්නේ බාල කාලයේ පටන් පුරුද්දක් නොතිබීම නිසයි. ඒ වුනත් මව්පියන් විදිහට ඔබ බාල කාලයේ පටන්ම දරුවන්ට සෞඛ්‍ය පුරුදු  පුහුනු කිරීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් හොඳම වයස විදිහට සැලකෙන්නේ වයස අවුරුදු තුනක් වැනි කාලයක්. එහෙම නම් ඔබ බාල කාලයේ පටන්ම දරුවාට පුරුදු කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද ? …

දිනපතා ඇඟ සෝදා පිරිසිදුව සිටීම

කුඩා දරුවන් නෑමට කම්මැලි වුනත් ඔවුන් වෙනුවෙන් බාල කාලයේ පටන් සෞඛ්‍ය පුරුදු වගා කිරීම අවශ්‍යයි. දුව පැන නටමින් වැලි දූවිලි අනන ඔවුන් පිරිසිදු නොවුනහොත් අපහසුතාවයන් ඇති වෙනවා පමණක් නොව විවිධ රෝගාබාධයන්ටත් ගොදුරු විය හැකියි. මේ නිසා දරුවන්ට නමට මෙන්ම සිරුර සෝදා පිරිසිදුව සිටීමට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.

නාසය පිරිසිදුව තබා ගැනීම

වයස අවුරුදු හත අට වුනත් ඇතැම් දරුවන්ට තමන්ගේ නාසය පිරිසිදුව තබා ගැනීමටවත් දැනුම් තේරුම් නැහැ. නාසය අපිරිසිදුව තබා ගත් විට සමාජය ඔබේ දරුවා පිලිකුල් කරනවා.පංතියක වුනත් නාසය අපිරිසිදුව තබා ගත් විට ගුරුවරුන් පවා දරුවන්ට දොස් නගනවා. ඇත්තටම අපිරිසිදු නාසය සහිත පුද්ගලයෙක් ගැන ඇති වෙන්නේ පිලිකුලක්. මේ නිසාම කුඩා කාලයේ පටන් දරුවාට නාසය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් දෙන්න.

පොඩි අයට තේරුමක් නැහැනේ…

ඒක ඇත්ත. ඒ වුනත් ඔබ දරුවාට නිතරම ලේන්සුවක්  පාවිච්චි කිරීමට උපදෙස් දෙන්න. පාසල් යන දරුවාට නොවරදවාම ලේන්සුවක් ලබා දන්න. අද බොහෝ මව්පියන් තෙතමන කඩදාසි පාවිච්චි කළත් සෙම්ප්‍රතිශයාව වැනි අවස්ථාවකදී ලේන්සුවෙන් ලැබෙන පහසුව තෙතමන කඩදාසියෙන් ලැබෙන්නේ නැහැ.

කහින විට තටට අත තබාගෙන හෝ ලේන්සුවකින් කට වසාගෙන කහින්න

එක්තරා වෛද්‍යවරයෙක් තමාගේ කාමරයේ රෝගීන්ට ලබා දුන් අවවාදයක් විදිහට සටහන් කර තිබුනේ කට වසා ගෙන හෝ ලේන්සුවකින් ආවරනය කර ගෙන කහින්න යනුවෙනුයි. මෙය දරුවන්ට පමණක් සීමා වූ අවවාදයක් නොවීය. එයින් පෙනෙන්නේ බොහෝ උදවිය වැඩිමහල් වුනත් කිවිසුමක්, කැස්සක් ඇති විටෙක හැසිරෙන ආකාරය ගැන ඇති නොදැණුවත් බවයි. මේ නිසා දරුවාට බාල කාලයේ පටන්ම මෙම සෞඛ්‍ය පුරුදු කියා දෙන්න.

ආහාර ගැනීමට පෙර හා පසුව අත් සේදීම

ආහාරයක් දැක්ක ගමන් එයට ඔට්ටු වෙනවාට වඩා අත සෝදා ගෙන ආහාර ගැනීමට දරුවා යොමු කිරීම ඉතා වැදගත්. පාසලේදී අත් සේදීමට අපහසු නිසා අනිවාර්යෙන්ම හැන්දක් සහ ගෑරුප්පුවක් දරුවාට ලබා දෙන්න. එවිට අත් දේසීමට අවස්ථාවක් නොමැති විටෙක වුනත් පිරිසිදුව ආහාර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපිරිසිදු අත් වලින් ආහාර අනුභව කිරීම ජීරණ පද්ධතිය ආශ්‍රිත බොහෝ ‍රෝගාබාධයන්ට මග කියනු ඇති. ඇත්තටම ඔබ දරුවන් සමග වමනය, බඩ රිදුම, අජීර්ණය, පාචනය වැනි රෝගාබාධ වෙනුවෙන් නිරන්තරව වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙනු ඇත.

ඇඳුම් පිරිසිදුව ඇදිම

පිරිසිදු ලෙස ඇදුම් ඇඳීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඇදුම පිලිවෙලට ඇඳීම මෙන්ම පිරිසිදුව සිටීමට මව්පියන් විසින් ඔවුන් යොමු කිරීම ඉතා වැදගත්. මෙහිදී වඩාත් අවදානයක් යොමු කළ යුත්තේ යට ඇදුම් වෙනුවෙනුයි. බොහෝ දරුවන් විටින් විට උඩ ඇදුම මාරු කළත් යට ඇදුම් වෙනස් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපිරිසිදු යට ඇදුම් නිසා ගැහැණු දරුවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් පවා ඇති විය හැකියි. වැඩිවිය පත් ගැහැණු දරුවන් අතර යට ඇද්ම වගේම සනීපාරක්ෂක තුවා පිරිසුදුව පාවිච්චි කිරීම සහ බැහැර කිරීම ගැන අම්මා විසින් ලබා දෙන දැණුවත් බව ඉතාම වැදගත් විය හැකියි.

නියපොතු පිරිසිදුව තබා ගැනීම

ඇතැම් දරුවන් මල් වගේ ලස්සනයි. ඒ වගේම මතුපිටින් ඉතාම පිලිවෙලට අදින පළදින බව පෙනුනත් ඔවුන්ගේ නියපොතු බෙහෙවින් අපිරිසිදු විය හැකියි. ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට නියපොතුවලින් විෂබීජ ඇතුලු විය හැකියි. ඇගිලි කටේ දමා ගැනීම, ඉරීම වැනි ඉරියව් නිසා විෂබීජ ශරීරගත විය හැකියි. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ ඇගිලිවල නිය ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් නියපොතු හපන පුරුද්දෙන් මුදවා ගන්න.

වැසිකිලි පුරුදු

වැසිකිලි යෑමෙන් පසුව අත් සෝදා ගැනීමට වගේම දිනපතා පාසලට ඇතුළු වෙන දරුවන්ට තනියම වැසිකිලි යෑමෙන් පසුව පිරිසිදු කර ගැනීමේ පුරුදු කියා දෙන්න. බොහෝ දරුවන් වයස අවුරුදු හත , අට වුනත් තනිවම සෝදා පිරිසිදු කර ගැනීමේ නොහැකියාව නිසා ඉතා අසරණ වෙන අවස්තාවන් ඇත. ගුරුවරුන්ට පවා මෙම කටයුතු අසිරු වෙන නිසා ඔබ දිනපතා පාසල් යන දරුවාට වැසිකිලි යෑමෙන් පසුව තනිවම සෝදා ගැනීම සහ වැසිකිලියට වතුර යොදන පිලිවෙත් හුරු කරන්න. විවිධ වැසිකිලි වර්ග ඇති නිසා හැම වැසිකිලියකට ගැලපෙන සේ  එම කටයුතු කර ගැනීමටත් උපදෙස් ලබා දෙන්න.

ඔබේ දරුවා අද ඔබ තුරුලේ කෙලි දෙලෙන් සුරතල්ව කාලය ගතකළත් ඔවුන් හෙ දිනයේ සමාජය සමග ගැටෙන චරිත බවට පත් වෙනු ඇත. එවන් අවස්තාවන්හිදී දරුවා සමාජයට පිලිකුල් වුනොත් එයින් දරුවා ඉතාම අසරණ තත්වයට පත් වීම සාධාරණය.

එහෙම නොවෙන්න නම් ….

  • මේ නිසා නිරන්තරව දරුවා ගැන අවධානයෙන් සිටින්න.
  • ඔහු පිරිසිදුව තැබීම වගේම පිරිසිදුව සිටිය යුත්තේ කෙසේදැයි කියා දෙන්න.
  • ඔබ කියා දෙන පුරුදු ඔවුන් අනුගමනය කරනවාදැයි බලන්න.
  • යම් හෙයකින් ඔවුන් ඔබේ උපදෙස් අනුගමනය නොකරනවා නම් එහි ආදීනව හෙට දවසේ විදින්නට සිදු වෙන බව කියා දෙන්න.
  • එමෙන්ම මෙම අප්‍රසන්න අත්දැකීම් නිසා ඇති විය හැකි ආදිනවත් කියා දෙන්න.

එතකොට ….

“අනේ හරිම අපිරිසිදුයි….” යන චෝදනාවෙන් ඔබේ දරුවා නිදහස් වෙනු ඇත.

පොත් ගුල්ලන්නට ඇතිවෙනකන් කියවන්න, ඕනේ තරම් පොත් අපෙන්

කියවීම, සැබවින්ම අපේ ජිවිතවලට ආශීර්වාදයක් ලෙස හැඳින්වීමේ වරදක් නොමැත. මන්ද කියවීම මිනිසා සම්පුර්ණත්වයට පත්කරන බැවිනි. කියවීම තුලින් මනස සංවර්ධනය වනු ඇත. නිර්මාණශීලි බව අපේ ජීවිතවලට එක්වෙනු ඇත. මානසිකව අතිමහත් තෘප්තියක් අපේ ජිවිතවලට එක්කරන කියවීම ජීවිතවලට ආශිර්වාදයක් වන්නේ එබැවිනි.

දරුවෙකුගේ ජීවිතයට කියවීමේ පුරුද්ද එකවන්නේ මව්කුස පිළිසිඳී දිනයේ පටන්ය. ඒ මව හරහායි. මෙලොවට බිහිවී දිනෙන් දින ඇති දැඩි වන දරුවා මනසින් පෝෂණය වන්නට දැනුවත් වන්නට සමාජය පිළිබඳව දැනුවත් වන්නට කියවීම වඩාත් වැදගත් වනු ඇත. දරුවාගේ පරිකල්පනය අවදි කරවන, වාග්මාලාව, සන්නිවේදන කුසලතා, නිර්මාණාත්මක හැකියා වර්ධනය කරන කියවීමේ පුරුද්ද වෙත දරුවෙකු යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක් ලෙස හැදින්වීම නිවැරදිය. සාමාන්‍යයෙන් වයස අවුරුද්දක් පිරෙන විට තම මවු බස කතා කිරීමට අවශ්‍ය ශබ්ද දරුවා,බාගන්නේ ඇසෙන වචන ප්‍රමාණයට අනුවයි. එසේ දිනෙන් දින වැඩිවියට පත්වෙන දරුවා පොත්පත් කියවීමට හුරුවිමෙන්ද තම දැනුම් පරාසය පුළුල් කරගනු ඇත.  වාග් කෝෂ වර්ධනය, අධ්‍යාපනික දැනුම, මානසික වර්ධනය වගේම සමාජීය දැනුමත් බාල මහලු කොයි කාටත් කියවීම තුළින් හිමිවෙනු ඇත.

කියවීම සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ හා බැදුණු පොත් වෙනුවෙන් අද වන විට වැඩි මුදලක් වෙන් කිරීමට සිදුවන බව අපි කවුරුත් දන්නා කරුණකි. අන්න ඒ නිසාම දරුවෙකු පොත් ගුල්ලා යන ආදරණිය අමන්ත්‍රණයෙන් හැඳින්වීම අපහසු කරුණක් විය හැකිය. අධ්‍යාපනයේ පළමු පියවර වන කියවීමේ පුරුද්ද ගොඩ නංවන්නට වැය වන මුදලත් සමග ඔබට අපහසු විය හැකියි. කියවීමට තාම තුළ ඇති කැමැත්ත කොයිතරම් වුවත් පොත් මිලදී ගැනීමේදී වැය කිරීමට සිදුවන මුදල, පුස්තකාලවල ඇති පොත් ප්‍රමාණ සිමා සහිත වීම වගේම එම පොත් බැහැරට ගෙන යාමේදී ඇතිවන ගැටලු හේතුවෙන් කියවීමේ ආසාවට ඇති මංපෙත් වැසී යන අවස්ථා බොහෝය.

අන්න ඒ නිසාම කියවීමේ පුරුද්දදට අශිර්වාදයක් වෙමින් පොත් ගුල්ලන්ට සහනය සලසමින් ඇති තරම් පොත්පත් නිදහසේ රසවිදින්නට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොත් හුවමාරු කර කියවීම සදහා ඉතාම පහසු ලාභදායී ක්‍රමයක් (තැපැල් ගාස්තුව පමණයි) වන ඔබේ දොරකොඩටම පොත් ගෙනත් දෙන Book Swap වෙතින් දැන් අපි කාටත් අවස්ථාව හිමිවේ.

ඉතිං ඔබ කල යුත්තේ අදම Book Swap සමග ලියාපදිංචි වන්න.

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

www.bookswap.lk