Home Blog Page 147

හිතකර තරඟකාරීත්වයකට දරුවා උනන්දු කරන්නේ කෙසේද?

දරුවන්තුල තුල ඇති තරගකාරීත්වය යන්න වර්තමාන සමාජයේ විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. බොහෝ විද්වතුන් සඳහන් කරන පරිදී මනුෂ්‍ය වර්ගයාට තරඟකාරී බව ස්වභාවිකව පිහිටා නැත. එහෙත් එම තරඟකරී තත්වය දෙමව්පියන් සහ පවුල තුලින් ටිකෙන් ටික නිර්මාණය කරනු ලබයි. බොහෝ අය පවසන පරිදී දරුවන් තරඟකාරී වූ විට, තම ජීවන කුසලතා තවදුරත් දියුණු වී, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සාර්ථක තත්වයට පත්වේ.

දරුවන් අතිශයින්ම තරඟකාරී වූ විටද, තරඟකාරීත්වය ගොඩාක් අඩුවූ විටද, එම දරුවන් තම අනාගත සිහිනය සැබෑ කරගැනීමට අපොහොසත් වේ. එය හරියට දෙපැත්ත මුවහත් වූ කඩුවක් වැනිය. මෙම වාදයෙහි එක්තරා සත්‍ය කරුණක් මගහැර ඇත. මෙම තරඟකාරීත්වය දරුවෙකුට හොඳද නරකද යන ප්‍රශ්නය පමනක්ම නොවෙයි, එම තරඟකාරීත්වය ඔවුන් කෙසේ තෙරුම් ගනීද යන්නයි.

“තරඟකාරීත්වය” යන්න එතරම් සැලකිල්ලක් නොවුනත්, අවශ්‍ය මොහොතේදී දරුවා තරගකාරීත්වයට මුහුනදෙන ආකාරය හා ඔහුගේ එම හැකියාව පිලිබද සැලකිලිමත් විය යුතුය.

තරඟකාරීත්වය දිනීම හා පැරදීම යන දෙකෙන් ස්වාධීන විය යුතුය.

දරුවන් තරගකාරීත්වයට විවිධ ආකාරයට සමබන්ධ විය හැක. නියත ජය හා පරාජයන් තිබෙන තරග හෝ ක්‍රීඩා මින් ප්‍රධාන වේ. එහෙත් එම තරඟකාරීත්වය ගෙදර හා පන්ති කාමරයේද පෙනෙන්නට ඇත. මෙය ඵලදායී විය හැක. ධනාත්මකව මේ දෙස බැලූවිට, තරඟකාරීත්වයේදී ඔවුන් ප්‍රතිවාදියාත් සමඟ තරඟ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ඉහලට යාමට පොළඹවයි.

මේ ආකාරයේ තරඟ වල තිබෙන අගය දෙමාපියන් හඳුනා ගත යුතුය, මන්ද මෙමගින් දරුවා මහන්සි වී තම උපරිමය කිරීමට උත්සහ දරයි. දරුවා තම උපරිමය කිරීම කෙරෙහි අවධානය යොමුකරනවාද එසෙත් නැත්නම් දිනුම හා පැරදුම කෙරෙහි සැලකිලිමත් වනවාද යන්න පිලිබඳ සොයා බලන්න. දරුවා උපරිමයට යාමට අවධානය යොමු කරනවාට වඩා, දිනුම හා පැරදුම පිලිබඳව වැඩි අවධානය යොමු කලහොත් ඔවුන් අමාරුවේ වැටීමට පුලුවනි. මවුපියන්ද පැරදුම පිලිබඳ තම දරුවන් බය කිරීමට අවශ්‍ය නැත.

ජයග්‍රාහකයා කවුද යන වග නොසලකා, ප්‍රතිවාදියාගේ දක්ෂකම පිලිබඳ අගය කරන ලෙස දෙමවුපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුය. දරුවාට ඉගැන්වීමට තවත් හොඳ ආදර්ශයක් තමයි කවුරුහෝ තමන්ට වඩා හොඳ හෝ දුර්වල ප්‍රගතිය ඇති අය සිටියහැකි බවයි. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් තම දරුවාගේ උත්සහය පිළිබඳ ප්‍රශංසා කරන්න.

තරඟකාරීත්වය දරුවාට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

අධ්‍යනයන්ට අනුව, තරඟයකදී ඔහුටම හෝ ඇයටම ගරු කරන ආකාරය ඔවුන් ඉගෙන ගනී. එමෙන්ම මෙයින් ඉගෙන ගැනීමට ඇති තවත් කරුණක් නම් ඊරිසියාව, තරහව වැනි හැඟීම් පාලනය කිරීමයි. එමෙන්ම දරුවන්ට කල හැකි උපරිමය කිරීමට දිරිගැන්විය යුතුය. එය කල නොහැකිනම් නොසලකා හැරිය යුතුය. මේවා දරුවාගේ ජීවිතයට ඉතා වැදගත් ආදර්ශයන් වේ. දෙමවුපියන්ට තම දරුවන්ට තරඟ වලට සහභාගී වීමට අනුබල දිය හැක. එහෙත් දිනුම පැරදුමට වඩා වැදගත් වන්නේ හොඳ ආකල්පයක් ඇති කිරීම බව ඔවුන්ට අවධාරණය කල යුතුය.

දරුවන්ට විවිධ තරඟ සඳහා ඉදිරිපත් වීමට අනුබල දිය යුතුය. නිපුණතා, ක්‍රීඩා වනි දේවල් සඳහා ඔවුන් දක්ෂ නැති විය හැක. දෙමවුපියන්ගේ අනුග්‍රහයෙන්, මෙවැනි අත්දැකීම් උදව්ව්වෙන් දරුවාව අගය කිරීම මෙම තරඟයේ වටිනාකමයි. ඔවුන්ද ජය පරාජය පිලිබඳ අවධානය යොමු නොකර තම තමන්ගේ වටිනාකම තේරුම් ගනී.

කලබලකාරී සිඟිත්තාට ආහාර කැවීම

බොහෝ සිඟිත්තන් කලබලකාරී ආහාර අනුභව කරන්නන් ය.දරුවන්ගේ වැඩීමත් සමඟ ඔවුන් විවිධ ආහාර වර්ග කෑම අරම්භ කරයි.ඇතැම් ආහාර වර්ග කෑමට රුචිකත්වයක් දැක්වීමටත් ඇතැම් ආහාර වර්ග ප්‍රතික්ෂේප කිරීමටත් ඔවුන්ට ස්වයං දැනීමක් ඇතිවෙයි.ඔවුන් රුචිකත්වයක් දක්වන ආහාර දිනපතා ආහාරයට ගැනීමටත් අනෙක් ආහාර වර්ග ප්‍රතික්ෂේප කිරීමටත් මුරණ්ඩු වේ.

වයස අවුරුදු 1 සිට 3 දක්වා ළදරු අවධියේදී ඔවුන්ගේ වර්ධන වේගය සෙමින් සිදුවූවත් ඔවුන්ගේ හෝ ඇයගේ පෝෂණ අවශ්‍යතාවය වර්ධනය වේ.

පුළුල් පරාසයක ආහාර අවශ්‍යතාවය සිඟිත්තන්ට ඇති නමුත් ඔවුන්ගේ කලබලකාරීත්වය ගැටළුවක් වේ.මෙම කාලයේදී ඔවුන් ඔවුන්ගේ පවුල සමඟ ආහාර ගැනීමට පටන් ගනී.

අහාර ගැනීම කලබලකාරී වීම යනු කුමක්ද?

එහි තේරුම සිඟිත්තා 50% ක් අලුත් ආහාර ගැනීමට ප්‍රතික්ෂේප කිරීමයි.මෙම විස්තරය සිඟිති ළමුන් 50% කට වඩා ගැලපෙන අතර එම නිසා දෙමව්පියෝ 80% කට වඩා දරුවාගේ පෝෂණ අවශ්‍යතාවය පිළිබඳ උනන්දුවේ.

සිඟිත්තාට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා මොනවාද?

ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය දක්වන පරිදි අවුරුදු 1 ත් 5 ත් අතර ළමුන් පෝෂණ ඌණතාවයෙන් පෙළෙයි.ඔවුන්ගේ අවශ්‍යතායවන් ඉතා ඉහලය.නමුත්,ඔවුන්ගේ අවධානය යොමු කෙරෙන පරාසය හා කුස තරමක් කුඩාය.

ඉතින් කල්පනා කරන්න,

1.පෝෂණ පදාර්ථ බහුල කුඩා ආහාර කැවීම

2.ශක්තිය බහුල සුළු ආහාර වන රටකජු,බටර්,කර කර පාන් තීරු සමඟ අලිගැටපේර,තම්බපු බිත්තර,කෙලවල්ලා sauce සහ pasta කැවීම

3.සුළු කෑම වන චීස් කැබලි සහ නැවුම් පළතුරු ශීතකරණයේ නිතරම ගබඩා කර තැබීම.

4.නිතරම දරුවාට විවිධ ආහාර වර්ග පුරුදු කර ගැනීම.එය අළුත් ආහාර වර්ගයකට කැමති වීමට දොළොස් වාරයක් පමණ අත්හදා බලයි.

පලතුරු ආහාරයට ගැනීමට සිඟිත්තාව පොළඹවන්නේ කෙසේ ද?

සෑම සිඟිත්තන්ම පලතුරුවලට කැමති නැත.සෑම විටම,

1.පලතුරු දරුවාට කෑමට පහසු වන පරිදි කුඩා කෑලි වලට කැපීම

2.පලතුරු සුළු ප්‍රමාණයක් සමඟ කුඩා ආහාර වේලාවක් සකසා ගැනීම

3.පලතුරු,කිරි හා යෝගට් මිෂ්‍රකර රස බීමක් සකසා ගැනීම

4.කුඩා පලතුරු භාජනයක් උදෑසන ආහාරයට ප්‍රථම ලබාදීම

එළවළු ආහාරයට ගැනීමට සිඟිත්තාව පොළඹවන්නේ කෙසේ ද?

ඔබේ සිඟිත්තා එළවළු ආහාරයට රුචිකත්වය දැක්වුවත් නිතරම එය දරුවාට ලබාදීමෙන් ඉක්මනින් එම ආහාරවල රස හඳුනාගනී.මුලින්ම පාට එළවලුවලින් පටන් ගන්න.අවංක කලබලකාරී කෑම කන දරුවන්,

1.ඇඟිලි හැඩති පිපිඤ්ඤා කුඩා තක්කාලි හා කැරට්

2.කුඩා එළවළු කැබලි,බිත්තර,පිටි හා චීස් යොදා patties සෑදීම.

3.එළවළු වෙනස් විදි වලට බටර් වලින් ලාවට තෙම්පරාදු කිරීම,වාෂ්ප වලින් තැම්බීම හෝ පුළුස්සා ගැනීම

4.සොර්ස් වැනි දෙයක් ගිල්වා කෑමට (hummus or අලිගැටපේර)

 දරුවාට විවිධ ප්‍රෝටීන අඩංගු ආහාරා ගැනීමට පොළඹවන්නේ කෙසේ ද?

බොහෝ දරුවන් මස ජාති කෑමට ප්‍රිය නොකරයි.එය බොහෝ දේමවුපියන්ට වද දෙන ප්‍රශ්නයකි.දරුවෙකු මස් ජාති කෑමට ප්‍රතික්ෂේප කරන විට මෙම පහත කරුණු අනුව ආහාර සෑදීමට අත් හදා බලන්න.

1.බදින ලද මස් තීරුවට ගෑරුප්පුවෙන් ඉරන්න.

2.තලියක් ලෙස කුකුල් මස්,ඌරු මස් හෝ හරක් මස් සැකසීම.

3.කරල් බෝගවල බොහෝ ප්‍රොටීන ඇත.එම නිසා කඩල හා බෝංචි ආහාරයට දෙන්න.

4.කෑම පිළිගැන්වීමේ දී ප්‍රියජනක ක්‍රමයට කෑම දෙන්න.උදා:-සිනාසෙන මුහුණ,ලොලිපොප් ලෙස සෑදීම.

දරුවා කලබලකාරීව කෑම කන්නේ නම් කලබල නොවන්න.සන්සුන් වී දරුවාට කෑම කෑවීමට උත්සහ කරන්න.කලබලකාරීව ආහාර ගන්නා දරුවන්ට පහත සඳහන් යෝජනා කිරීමට උත්සහ ගන්න.

1.කෑම පිලියෙල කරන අවස්ථාවේ දී දරුවාව ද සම්බන්ධ කිරීමට උත්සහ ගන්න.

2.සාම්පලයක් දරුවාට දෙන්න

3.දොළොස් වතාවක් පමණ කෑමක් දීමට උත්සහ කරන්න.

4.කෑම පිළිගැන්වීමේ දී දරුවාට සරිලන ප්‍රමාණයක් දෙන්න.

5.ඔබ උදාහරණයක් ලෙස දක්වා විවිධ කෑම ජාති ඔබත් අනුභව කරන්න

ආහාර පිරමීඩයට අනුව දරුවා පළතුරු කෝප්පයක් ද, 3/4 එළවලු ද, 30g ක් ප්‍රෝටීන ද, 55g ධාන්‍ය වර්ගද, කිරි වර්ග කෝප්ප 2ක් දවසක ආහාරයට අඩංගු විය යුතු ය.

මෙහි ප්‍රධාන වනුයේ කලබලකාරී දරුවාට ආහාර කැවීම උත්සහ කල යුතු ය.

දරුවෙකුගේ ජීවිතයේ, පියකුගේ වැදගත්කම

දරුවාට පියා සමඟ හොඳ බැඳීමක් ඇත. දරුවන්, ඔවුන් ගෙදර එනතෙක් බලා සිටීම,ඔවුන් සමඟ සෙල්ලම් කිරීම හා ඔවුන්ගේ හඬ ඇසීමට කැමතිය.

 අවාසනාවට පියකුට දරුවන් සමඟ ගත කිරීමට ලැබෙන්නේ කෙටි කාලයකි.ඔවුන් වැඩි කාල වේලාවක් රැකියාවට මිඩංගු කරයි. ඒ තම පවුලේ ඉදිරි සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ය.මන් ද,මෙම සමාජයේ ආර්ථික සුරක්ෂිතභාවය නොමැති වීම හේතුවෙන්. බොහෝ පියවරුන් අමතර පැය ගණන් වැඩකිරිම,අඩු පඩිය,විශාල බලාපොරොත්තු,පීඩාකාරී රැකියා ස්ථානය හා තම පවුල සඳහා උපරිමය කිරීමට වෙහෙසවේ. පියාට තමා ගැන සිතීමට වේලාවක් නොමැති වීම පුදුමයක් නොවේ.

 මවුපියන් වීම ගැන අදහස් දැක්වීමට පියවරුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්තාවක් ලබාදීම ඉතා හොඳ පළමු පියවරකි. දරුවා හා තම ජීවන සහකාරිය පිළිබඳ පියාගේ අදහස් හා බලාපොරොත්තු විමසීම ඔහුගේ චිත්ත ශක්තිය වැඩි වැඩි වීමට හේතුවක් වේ. පියවරුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මඟින් ඔවුන් ඉතා වැදගත් බව ඔවුන්ට වැටහේ.

පියකු තම දරුවාට මූලික අරක්ෂාව සපයන්නා ලෙස ඉතා ඕනාකමින් සඳහන් කළ යුතුය. දරුවාට තම මව වගේම පියා ද අවශ්‍ය වේ. සමහර දරුවන්ට තම පියා සමඟ වැඩි සම්බන්ධතාවයක් නොදක් වන අතර ඔවුන් තම වැඩකටයුතු තනිවම කරගනී.එහෙත් දරුවෙකුට පියෙකු අවශ්‍ය ය.

බොහෝ දෙනා දරුවා පියාට වඩා තම මවට වැඩි කැමැත්තක් දක්වන බවට වැරදි වැටහීමක් ඇතිකර ගනී. දරුවා අසනීප හෝ තුවාල වූ විට, ඔහුද තම මව සෑම දෙයකින්ම අරක්ෂා කරන බව විශ්වාස කරයි. එය සංස්කෘතිකමය වශයෙන් බිහිවූ මතයකි. බොහෝ සංස්කෘතීන් වලදී මව දරුවාගේ මූලික අරක්ෂකයා බවට පෙනී සිටී. එයට හේතුව පියා තම පවුල ජීවත් කරවීමට වෙහෙසවන අවස්ථාවේදී, මව දරුවා සමඟ ගෙදර සිටීමෙන් දරුවාට මූලික අරක්ෂකයා ලෙස ක්‍රියා කිරීමයි.

සමහර පවුල්වල පියා ගෙදර සිටිමින් මව ගෘහමූලිකයා ලෙස ක්‍රියා කරයි.මෙම අවස්ථාවේදී මව තම පවුල සමඟ හැඟීම් බරව සම්බන්ධ විය යුතු ය.එහෙත් වැදගත් දෙයනම් දරුවා තම පියා සමඟ වැඩිපුර සමීප වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

සමහර පවුල්වල පියා ගෙදර සිටිමින් මව ගෘහමූලිකයා ලෙස ක්‍රියා කරයි.මෙම අවස්ථාවේදී මව තම පවුල සමඟ හැඟීම් බරව සම්බන්ධ වීමට වෙහෙස විය යුතුය. එහෙත් වැදගත් දෙයනම් දරුවා තම පියා සමඟ වැඩිපුර සමීප වීමට කැමැත්තක් නොදැක්වීමය.

දරුවා සමඟ හැඟීම්බරව සමීප වීමට පියෙකුට කලහැකි පහසු ක්‍රම ඇත.

කායිකව සෙල්ලම් කිරීමට දරුවන් කැමතිය.

දරුවන් පොරබැදීමට,හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට,අශ්වයා පිට යාම හා කොට්ටවලින් ගහ ගැනීම වැනි ක්‍රියාවලින් සතුටු වේ. පියා නිතරම පැරදුනාසේ සිටීම නිසා දරුවන් එයින් සතුටුවී නිතරම පියාව සහභාගී කරගත හැකි සෙල්ලම් සොයාගනී. දරුවන් සමඟ සිනාසී සෙල්ලම් කිරීමෙන් ඔවුන් තවත් පියාට ලංවේ.දරුවන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුට සහ සමීපත්වය ගොඩනඟා ගත හැකි ය.

දරුවන්ට අවශ්‍ය ඔවුන්ගේ හැඟීම් වලට ඇහුම්කන්දීම මිස එය නිවැරදි කිරීම නොවේ.

දරුවා තම පියා සමඟ බැඳුනු පසු, ඔවුන් තම ප්‍රබල හැගීම් ප්‍රකාශ කිරීමට අරක්ෂිත තැනක් බව හදුනා ගනී. මෙය දරුවා සමඟ හොඳ බැඳීමක් ඇතිකරගැනීමට පියාට ලැබෙන හොඳ අවස්ථාවකි. දරුවෙකු සුලු ප්‍රශ්නයකදී හඩන විට, උදාහරන ලෙස සෙල්ලම් කිරීම නැවතුනු පසු, වාහනයක ආසන බඳ පටිය (seat belt) දැමීමට නොහැකිවීම යන අවස්ථාවලදී ඔහු / ඇය ඔබගේ උදව් හා සැනසීම බලාපොරොත්තු වේ. ඔවුන්ට ඔබේ ආදරය,උණුසුම,ආරක්ෂාව හා අනුග්‍රහය නිරතුරුව සපයන්න. අවසානයේදී ඔවුන්ගේ ඍනාත්මක සිතුවිලි තේරුම්ගෙන ඔවුන්ට නිරතුරුවම සහය හිමිවූ බව හැඟේ. දරුවාට ඇති අනුකම්පාව එමඟින් පිළිබිඹු වීම නිසා ඔහු / ඇය අරක්ෂාකාරී බව හැඟේ. දරුවාට තරහා ගිය අවස්ථාවලදී සෑම පියෙකුම ඉවසීමෙන් හා කරුණාවන්තව සිටිය යුතු ය. එයින් පසු දරුවා පියා මත විශ්වාසය ගොඩනඟාගෙන තවත් ලංවී ඔහුගේ /ඇයගේ ඉක්මන් කෝපය නැතිකර ගනී.

 දරුවන්ට සෙල්ලම් බඩු වලට වඩා ආදරය අවශ්‍යය.

මුදල් ඉපයීම සඳහා බොහෝ වෙහෙස මහන්සි වීම තේරුමක් නැත. සතුට මුදල් වලින් මිලදී ගත නොහැක.එය පියා සහ දරුවා අතර ඇති බැඳීමට උදව්වන්නේද නැත.පියාගේ වැදගත්කම දරුවාගේ ජීවිතයට බලපායි.පියාට නිතරම තම දරුවාට බඩු බාහිරාදිය හෝ ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත.එසේ නිතර කිරීමටද අවශ්‍යය නැත.පියාට පුළුවන් සෑම අවස්ථාවකදීම දරුවන් සමඟ සෙල්ලම් කළ යුතුය. දරුවන්ට භාන්ඩ මිළදී ගන්නා විට සෑම විටම නියමිත ප්‍රමාණයට සීමා කරන්න.

දරුවාගේ ජිවිතයට පියකු ඉතා වැදගත් කොටසක් වේ.ඔවුන් දරුවාගේ ජිවිතයෙහි එක සමාන සහභාගීත්වයක් තිබිය යුතුය. පියෙකුට තම පවුලේ සියළු දෙනාගේම ආදරය හා ගෞරවය ලැබිය යුතුය.

“The war Against parents:What we can do for America’s beleagured Mom’s and Dad’s”යන පොතෙහි Cornel West and Hewlett යන කතුවරයන්ගේ some of the hardship that many dads face during the present economic conditions යන පරිච්ජේදයෙන් උපුටා ගන්නා ලදී

දරුවා සමඟ හොඳ බැඳිමක් ඇතිකරගැනීමට උදව් වන උපදෙස් 20 ක්

දරුවා සමඟ ඇති බැඳීම ඇතිවීමට පටන්ගන්නේ දරුවා ගර්භාෂයේ සිටින කාලයේදීමය.කළලය වැඩෙනවාත් සමඟම මව සහ නුපන් දරුවා අතර විශේෂ සම්බන්ධයක් ගොඩනැඟීමට පටන් ගනී.මෙම සම්බන්ධතාවය බිළිදා ඉපදුනු පසුවත් දරුවාගේ මුළු ජීවිත කාලය පුරා නොනැසී පවතී.

සමහර මවුවරු දරුවා ඉපදුනු සැනින් දරුවා සමඟ ඉක්මන් බැඳීමක් ඇතිකර ගන්නා අතර අනිත් අය සමඟ බැඳීමක් ඇතිකර ගැනීමට දරුවාට ටික කාලයක් ගනී.

බැඳීම ක්‍රියාවලියක් වන අතර එය නොනැවතෙන ගමනකි. පසු කරන සෑම දවසක් ගානේම මව තම දරුවාගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන අතර එය තම දරුවා සමඟ ඇතිවෙන බැඳීම ශක්තිමත් වේ.

මව සහ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් වීමට උදවු වන කරුණු 20 ක් පහත දැක්වේ.

1.මවුකිරි දීම තුළින් ඇතිවන බැඳීම

මවුකිරි දෙන ක්‍රමය මඟින් මව සහ දරුවා එකිනෙකාට සමීප කරයි. මවුකිරි දීම තුලින් මව තම දරුවා දිනකට 18 වතාවක් පමණ අල්ලා ගනිමින් ළඟින් තියාගනී.

2.ස්පර්ශය තුළින් ඇතිවන බැඳීම.

උණුසුම් ස්පර්ශ වලට බිළිඳා ප්‍රතිචාර දක්වයි.සමට සම ස්පර්ශ වීමෙන් බිළිදාට අරක්ෂාව,උණුසුම හා බැඳීම වැඩි වන බව හැඟෙයි.බිළිඳාට පහසු වන පරිදි ඔබගේ පපුවට තුරුලුකර තබා සිනිඳු පොරවනයකින් බිළිඳාව පොරවන්න.

3.බැල්ම තුළින් ඇතිවන බැඳීම.

බිළිදාට තම මවගේ ඇස් දිහා නොනවත්වා බලා ගත හැක.අලුත උපන් බිළිදාට තම මව පෙනෙන්නේ අඩියක් ඇතුලත සිටියහොත් පමණි. බිළිදාට මවුකිරි ලබා දීමේදි දරුවා සමඟ සිනාසී දරුවාගේ ඇස් දිහා බලා සිටීමෙන් බැදීම තවත් වර්ධනය වේ.

4.හඬ මඟින් ඇතිවන බැඳීම.

දරුවන් කටහඬවලට බොහෝ සේ කැමතිය.විශේෂයෙන් මවගේ කටහඬ ට ය.නිතරම දරුවා සමඟ කතාකරන්න. ගීත ගායනා කරන්න.මවගේ කටහඬ දරුවාට හුරුපුරුදු කමක් හා සැපපහසුව සලසයි.දරුවා මවගේ ලයහි තබා මවගේ හෘද ස්පන්දනයේ නාදය ඇසෙන විට දරුවාට සැනසීමක් දැනේ.ඒ මඟින් දරුවා නිස්කලංකව සිට නින්දට යයි.

5.අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්වීමෙන් ඇතිවන බැඳීම.

දරුවාට මවුකිරි හෝ අඳුම් මාරුකිරීමට අවශ්‍ය වන වේලාවේදී දරුවා හැඬිමට පටන් ගනී.එම අවස්ථාවේ දී මව තම දරුවා අතට ගැනීමෙන් දරුවාට විශ්වාසය ඇති වී බැදීම වැඩිදියුණු වේ.

6.දරුවා ඔබ තුරුලේ එල්ලා ගැනීම තුලින් ඇතිවන බැදීම.

දරුවා ඔබ තුරුලේ එල්ලා ගැනීම විශ්වාසය සහ ආරක්ෂාව ගොඩනැගීමට සුදුසු හා සුරක්ශිත ක්‍රමයක් වේ.

7.ළදරුවා සම්බහනය කිරීම මඟින් ඇතිවන බැඳීම

ක්‍රමවත් සම්බාහනය බිළිඳාගේ කායික හා මානසික සෞඛ්‍යට හිතකර වේ.මව තම දරුවාව සම්බාහනය කිරීම මඟින් මවගෙන් oxytocin මුදාහැරෙන අතර එමගින් දරුවා සමඟ ඇති බැඳීම තවදුරටත් ගොඩනැගේ.

9.දිනපතා පුරුද්ද හරහා ඇතිවන බැඳීම.

දිනපතා පුරුදු පරිදි කරන වැඩ තුලින් දරුවාගේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. තවද මේ තුලින් බිළින්දාට ආරක්ෂාකාරී හා සුරක්ෂිත බව දැනී එමඟින් ද බැඳීම් ඇතිවේ.

10.සුවඳ මඟින් ඇති වන බැඳීම.

බොහෝ බිලින්දන් කපුරු සහ ලැවෙන්ඩර් සුවඳ හමන බිලිඳු ආලේපන වලට ප්‍රියකරයි. බිලිඳන් මුරන්ඩු ලෙස හැසිරෙන අවස්ථාවලදී මේ සුවද හමන තෙල් හෝ ආලෙපන ටිකක් දරුවාගේ ඇදුමේ තවරන්න.

11.කියවීම හරහා ඇතිවන බැඳීම.

දරුවා සමඟ එකට සිට පින්තූර පොතක් බලාසිටීම හරහා දරුවා සමග හැගීම්බර සම්බන්ධතාවයක් හා ධනාත්මක අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගේ.වර්ණවත් හෝ පින්තූර බොහෝමයක් තිබෙන, විශේෂයෙන් මුහුණු තිබෙන පොත් නැරඹීම සුදුසුය.

12.ස්නානය කිරීම හරහා අතිවන බැඳීම

දරුවන් තරමක් උණුසුම ඇති ජලයෙන් ස්නානය කිරීමට කැමති ය.එයින් ඔවුන් නිස්කලංකව හා සතුටින් තබයි. රාත්‍රී නින්දට යාමට පෙර ස්නානය කිරීම සඳහා වේලාවක් එකාකාරී දින චර්යාවට එකතු කරන්න.

13.සෙල්ලම් කිරීම හරහා ඇති වන බැඳීම

ළදරුවන් සමඟ සෙල්ලම් කිරීම මඟින් ප්‍රිතිමත් අන්තර් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට හැකි ය.

14.නිරීක්ෂනය හරහා ඇතිවන බැඳීම.

ළදරුවන් තම ලෝකය සමඟ ක්‍රියාකරන හැටි හොදින් නිරීක්ෂනය කරන්න.මේ නිරීක්ෂනය මගින් තම දරුවාගේ ඕනෑ එපාකම් පිලිබද හොද අවබෝධයක් ලබාගත හැක.

15.තුරුල් කර සිටීමෙන් ඇතිවන බැඳීම.

ළදරුවන් තුරුල් වී සිටීමට බොහෝ සේ ඇලුම් කරයි.මවගේ උකුල මත තුරුල් කර සිටීම මඟින් ඔවුන්ට ප්‍රීතියක් ගෙන දෙයි.

16.රංගනය හරහා ඇතිවන බැඳීම.

බොහෝ ළදරුවන් සංගීතයට සවන්දීම හා ඒ අනුව චලනය වීමට ඇලුම් කරයි.වේගවත් සංගීතයක් දරුවාට ඇසීමට සලස්වා මව තම දරුවා හොඳින් අල්ලාගෙන එම නාදය අනුව වටේට පැද්දීමක් සිදු කරන්න.එයින් දරුවා සමඟ හැඟීම්බර බැඳීමක් ඇතිවේ.

17.කථා කිරීම හරහා ඇතිවන බැඳීම.

දරුවා සමඟ නිතරම කථා කරන්න.දරුවා සමඟ කුස්සියේ උයන දේවල් ගැන හෝ දුරකථනයෙන් කතා කළේ කවුද කියන ඒවා පිළිබඳ කතා කල හැක.

18.ආහාර ලබාදීම මඟින් ඇතිවන බැඳීම.

දරුවාට කෑම කවන අවස්ථාවේදී මුහුණ එක එක චර්යාවලට අනුව හැඩ ගැස්සීම,සිනාසීම,සිංදු ගායනා කිරීම හෝ දරුවා සමඟ කෙඳිරි ගැසීම සිදු කළ හැක.දරුවන් තවත් ඉදිරියට වැඩුණු පසු ඔවුන් තම මව ගේ ක්‍රියාකලාපයන් අනුගමනය කිරීමට පටන් ගනී.

 

19.ඩයපරය මාරුකිරීම මඟින් ඇතිවන බැඳීම.

ඩයපරය මාරු කරන අවස්ථාවේදී දරුවා යන්තම් කිති කැවීමෙන් දරුවාට සතුටක් ඇති කරයි.

20.ස්වයං සාත්තුව මඟින් ඇතිවන බැඳීම.

තමා පිළිබඳ සැලකිලිමත් වීමෙන් සිය ජීවිතයේ වටිනාකම හා සතුට ගොඩනගා ගත හැක.එයින් දරුවා සමඟ ඇති බැඳීම තවත් වැඩිවේ.

මව සහ දරුවා අතර ඇති බැඳීම අරුම පුදුමය, ඒ සඳහා කාලය සහ පරිශ්‍රමයක් දැරීමට සිදුවන නමුත් එය මුළු ජීව්ත කාලය පුරාවටම නොනැසී පවතී.

වයස අවුරුදු 10ක් වන සියලු දරුවන් ප්‍රගුණ කල යුතු කරුණු 25

මෙම හොඳ පුරුදු ඔබගේ දරුවා ප්‍රගුණ කල පසු ඔහු ධනාත්මකව කැපී පෙනෙනු ඇත.  දරුවෙකුගේ ආකල්පවලට සෑම විටම අරමුණක් ඇතැයි කිව නොහැක. සමහරවිට දරුවාට අනුන් ඉදිරියේදී නාසයට අඟිලි දැමීම, ශබ්ද නගා කතා කිරීම, රැවීම වැනි දෑ වැරදි යැයි නොහැඟෙයි.

බොහෝ දෙමාපියන්ට හොඳ පුරුදු ගැන අවධානය යොමුකර, උක්ත අඩුපාඩු දරුවගෙන් ඉවත් කිරීමට වෙලාවක් නැත. එහෙත්, දෙමාපියන් පහත පුරුදු දරුවා තුල ස්ථාපනය කිරීමට ගියහොත්, දෙමාපියන් විනීත, කීකරු සහ ආදානීය දරුවෙක් වදුවා වනු ඇත.

පුරුදු # 1

සෑමවිටම ඉල්ලීමක් කිරීමේදී “කරුණාකර” යනුවෙන් කියන්න.

පුරුදු # 2

කෙනෙකුගෙන් යමක් ලබාගන්නා විට “ස්තුතියි” කියන්න.

පුරුදු # 3

හදිසි අවස්තාවකදී හැර, වැඩිහිටියන් කතා කරන විට ඊට මැදිහත් වීම අසීලාචාර වේ. වැඩිහිටියන් ඔව්න්ගේ සංවාදය අවසන දරුවාට ඇහුම්කන් දෙනු ඇත.

පුරුදු # 4

කාගේ හෝ ආකර්ෂණය අවැසි විට “සමාවෙන්න” යයි කියන්න.

පුරුදු # 5

අවිශ්වාස දෑ ගැන විමසන්න. මෙය බොහෝ හිත්තැවුල් නැති කරනු ඇත.

පුරුදු # 6

මිනිසුන් අසුභවාදී අය අවට සිටීමට කැමති නැත. එහෙයින්, අසුභවාදී සිතුවිලි හා අදහස් ළඟම අයවලුන් අතරේ පමණක් තබාගන්න.

පුරුදු # 7

කෙනෙකුගේ බාහිරය ගැන අදහස් දැක්වීම නොහොබී. ශුබාශිර්වාද පමණක් පිලිගැනේ.

පුරුදු # 8

කවුරුහෝ සුවදුක් විමසූ විට එයට පිළිතුරු දී ඔහුගේ සුවදුක් විමසීම ඔබී.

පුරුදු # 9

මිතුරෙකුගේ නිවසින් පිටවන විට ඔහුගේ/ඇයගේ දෙමාපියන්ටද ස්තුති කරන්න.

පුරුදු # 10

කෙනෙකුගේ නිවසට ඇතුලු වීමට පෙර දොරට තට්ටු කර ප්‍රතිචාරයක් ලැබෙන තුරු සිටින්න.

පුරුදු # 11

දුරකථන ඇමතුමකදී තමන් මුලින් හඳුන්වාදී ඉන්පසු කතා කිරීමට අවැසි පුද්ගලයා සිටීදැයි විමසන්න.

පුරුදු # 12

සෑම විටම තෑග්ගක් ගැනීමේදී එය අගය කර “ස්තුතියි” යැයි කියන්න. ලියූ ස්තුති සටහන්ද ඔබී.

පුරුදු # 13

වැඩිහිටියන් ඉදිරියේ දිවුරීමෙන් වලකින්න.

පුරුදු # 14

අන්වර්ත නාමයන් භාවිතයෙන් මිනිසුන් ඇමතන්න එපා.

පුරුදු # 15

සරදම් කරන්න එපා. එය හින්සාකාරී වන අතර, සරදමට ලක්වූ පුද්ගලයාට දැඩිව බලපායි.

පුරුදු # 16

උත්සවයක් නීරස වූවද, එය අවසන් වන තුරු රැඳී සිටින්න. එය එදිරිපත්-කරන්නාට හා රඟපාන්නන්ට ගරුත්වය දැක්වීමකි.

පුරුදු # 17

කාගේ හෝ ඇඟේ ගැටුනු විට “සමාවන්න” යැයි කියන්න.

පුරුදු # 18

කසින විට හෝ කිඹුහුම් යවන විට මුඛය වසන්න. ප්‍රසිද්ධියේ නාසයට අඟිලි දමන්න එපා.

පුරුදු # 19

දොරකින් ඇතුල් වීමේදී ඔබේ පිටුපසින් කවුරු හෝ පමින්නේදැයි බලන්න. එසේ නම් ඔව්න්ට දොර විවරව තබන්න.

පුරුදු # 20

දෙමාපියන්ට, ගුරුවරුන්ට, මිතුරන්ට හා අසල්වාසීන් යම් කාර්යක යෙදී ඇත්නම් ඔව්න්ට උදව් කරන්නට කමති බව කියන්න.

පුරුදු # 21

වැඩිහිටියෙකු උපකාරයක් ඉල්ලූ විට සිනා මුසු මුහුනින් එය කරන්න!

පුරුදු # 22

යමෙකු උපකාර කල විට “ස්තුතියි” කරන්න. “ස්තුතියි” යනුවෙන් ඇසූ විට පුද්ගලයන් තව දුරටත් උපකාර කිරීමට කැමත් වනු ඇත.

පුරුදු # 23

හැඳි ගෑරුප්පු හැසිරවීමට ඉගෙන ගන්න. නොදන්නේ නම් දන්න අයගෙන් අසන්න, නැත්නම් අනිත් අය එසෙ කරනු බලා ඉගෙන ගන්න.

පුරුදු # 24

කෑම කන විට, උකුල මත ලේන්සුවක් තබා ගෙන අවැසි විට මුහුන පිසින්න.

පුරුදු # 25

මේසය මත ඇති දෑ තමා වෙත එවන මෙන් ඉල්ලන්න. මෙසය කෙලවරේ ඇති දේ වෙත තමන් ගොස් එය ගැනීමෙන් වලකින්න.

පාසැලේදී ජයගැනීමට දෙමාපියන් නව යොවුන් දරුවන් දිරිගැන්විය යුත්තේ කෙසේද?

නව යොවුන් විය සංකීර්ණය. මෙම වයසේ දරුවන් තරුණ වියට ඒමට ආසන්නය. ඔවුන්ගේ සම්බන්ධතා, රූපය වෙනි දෑ තීරණාත්මක වන්නේ තමා ගැන හැඟීමක් එති කිරීමටය. එවිට ගෙදරවැඩ එතරම් අවධානයට ලක්නොවීම සමාන්‍යයයි නේද? බොහෝ නව යොවුන් දරුවන් ගෙදරවැඩ මගහැර ක්ෂණික ප්‍රතිඵල දෙන දේට යොමුවෙයි. එබැව්න් දෙමාපියන් දරුවාගේ ඇවතුම්-පැවතුම් ගැන, ක්‍රියාකලාප ගැන අවබෝධයෙන් සිටිය යුතුය. බොහෝ විට ඔවුන්ගේ අකමැත්ත උගන්වන දේට නොව. මෙම කරුණු ඉගෙනගත්තේ කෙසේද යන්න පැනය වේ.

පහත පියවර හතර දෙමාපියන්ට තම් දරුවා පාසල ජයගැනීමට දිරිගන්වන්නේ කෙසේදැයි පහදයි.

උපදෙස් #1

බොහෝ නව යොවුන් දරුවන් ගෙදරවැඩ මගහරින්නේ එය කම්මැලි හා නීරස නිසාය. බොහෝ අය ගෙදරවැඩ කරන්නේ කෙසේදයැයි නොදන්නා අතර තමාට ලැබෙන ප්‍රතිලාභ නොදනී. දෙමාපියන් ගෙදරවැඩවල ප්‍රතිලාභ ගැන ප්‍රයෝජනවත් සංවාදයක් ගොඩනැගිය යුතුය. ගැටවරයන්ට තම පාසල් ජීවිතයේ සාර්ථකත්වය ඉදිරි ජීවිතයට බලපාන අන්දම පහදන්න. උතහරණ ලෙස වීජ ගණිතය ගෙදරවැඩ කිරීමට අකමැති විය හැක. මෝස්තර නිර්මානකරුවෙකු වීමට වීජ ගණිතය අවශ්‍ය නොවුනද එය අදාල ඩිප්ලෝමාව දෙන පාසලට යාමට අවශ්‍ය බව වටහා දෙන්න.

උපදෙස් #2

බොහෝ දිරිගැන්වීම් හා ධනාත්මක දෑ ලබා දෙන්න. උදාහරණ ලෙස වැඩිපුර වියදමට මුදල්, නොමිලේ නට්‍ය ටිකට්, දිවා භෝජනයකට එලියට යෑමක් වැනි දෑ නිරන්තරයෙන් මාසිකව ලබාදෙන්න. මේවා සමග අගයකිරීම් හා වැලඳගැනීම්ද දෙන්න. කාලයත් සමග ගැටවරයා වාචික හා කායික වෙරගැන්වීම්වල වටිනාකම තේරුම් ගනු ඇත.

උපදෙස් #3

ඔවුන්ට ගෙදරවැඩ කරන මෙන් බල නොකරන්න. බලකිරීම්, දඬුවම් දීම්, කෑමොරදීම් පාසල් වැඩට දිරිගැන්වීමට පිලිගත් ක්‍රම නොවේ. මේවා නිසා දරුවා පාසල් වැඩ වලින් ඈත් වන අතර කාලයත් සමග අඩු ලකුණු ලැබීමට හේතු වේ. ක්‍රියාවලියේ මිස ප්‍රතිඵලවල නොපිහිටන්න. ගණිත වැඩ කෙතරම් නිවැරදිද යන්න සොයනවා වෙනුවට එම උත්සාහය අගයන්න. කුදු මහත් සියලු ජයග්‍රහන අගයන්න. ජයග්‍රහණ පමණම් සොයා බැලීම දරුවා විනාශ කරයි.

උපදෙස් #4

ගෙදරවැඩ විනෝදකාමී හා සමාජශීලී දෙයක් බවට පත්කරන්න. පාසලේදී උගත් දෑ හා ගෙදරවැඩ ගැන විමසන්න. උදහරණ ලෙස, කුරුලු උණ ගැන ඡේදයක් ලිවීමට ඇත්නම්, කුරුලු උණ කොතෙක් බරපතලද යන්න, එහි සමාජීය බලපෑම, ප්‍රතිෂක්තීකරණය වැනි දෑ කතා කරන්න.

නව යොවුන් දරුවෙකු පෙලඹවීමට ක්‍රම 6 ක්

නව යොවුන් දරුවන් හා ක්‍රියා කිරීමේදී දෙමාපියන් බොහෝවිට ඉතා අසීරු තත්වයන්ට මුහුන දෙයි, විශේශයෙන්ම ඔවුන් දිරිමත් කිරීමේදී. දෙමාපියන් ලෙස උනන්දුකරවීම යනු පෙලඹවීමට ඉතා ප්‍රබල හා කාර්යක්ෂම උපායකි.

පහත පෙලඹවීම්-ක්‍රම 6 දෙමාපියන්ට දරුවන් උනන්දු කරන්නේ කෙසේද, කොයි විටද යන්න පෙන්වා දෙයි.

  1. ශුභාශීර්වාද ලබාදීම.

ක්‍රියා කලාපය යනු ස්ව- වටිනාකම පෙන්නුම් කරන්නකි. කෙනෙකු හොඳට වැඩ කරන්නේ ඔහු හොඳින් සිටින විටය. කෙනෙකු ශුභාශීර්වාද ලැබූ විට ඔවුන් කවුරුන්දැයි ඔවුන් ඉදිරියේ තහවුරු වේ. ශුභාශීර්වාද ඉතා අඩුවෙන් ලැබේ. මන්දයත් ඔවුන් වැඩිපුර ක්‍රියාකලාපයන් ගැන ලබන්නේ බැනුම්, අවලාද හා විවේචනයන් බැවිනි. ශුභාශීර්වාද යනු අගයකිරීමේ ක්‍රමයකි. එය පවුල්-රැස්වීමකදී කිරීම වඩාත් ඔබී. පවුලක් ලෙස සතිපතා පවුල් රැස්වීම් තිබීම වටී. කෙනෙකු ධනාත්මකව අගයා මෙවා ඇරඹීම සුදුසුය. එදිනෙදා ගැටවරයන්ගේ විශේශත්වයන් හා හැකියා අගය කල යුතුය. දෙමාපියන් තම කුඩා කල කතන්දර ගැටවරයන්ට කියාදිය හැක. ඔවුන් ගැන සමාජය කෙසේ කිව යුතුද යන්නෙන් විවෘත ස්ංවාදයක් හොඳ ආරම්භයකි.

  1. හාස්‍ය මුසු බව.

නව යොවුන් දරුවන් සිනාසීමට හා සිනාමුසු වැඩිහිටියන් හා මුහු වීමටද කැමතිය. ඔවා දෙන, විවේචන කරන දෙමාපියන් අගය නොකෙරේ.

පහත උදාහරණ බලන්න

මවක් තම යොවුන් දියණියට කෑම මේසය පිලියෙල කිරීමට කීවාය. ඇයට එය අමතක විය. මව දියනියට නොබැන, විවේචනය නොකර ඇයම මේසය පිලියෙල කලාය. හැමෝම සිනහසුනු අතර දියනිය කිසිදාක මේසය පිලියෙල කිරීම අතපසු නොකලාය.

ගේ දොර වැඩ පුරුදු කිරීමේ අරමුණින් පියෙක් තම දරුවන් තිදෙනා සමග ඔට්ටු ක්‍රීඩා කලේය. උදාහරණ ලෙස යම්කිසි වැඩක් අසම්පූර්ණ විට පියා “යමෙකු වැඩ කිරීම අතපසු කර ඇති බව පෙනේ. එය කරන්නාට ඩොලරයක් ලැබේ.” කියයි. එවිට ඔවුන් දුව පැන එම කාර්යය කරයි. මෙය අහඹු අවස්ථාවල පමණක් ඔබී. මන්දයත් දරුවන් උදව් කලේ මුදලට නිසා ඔවුන් නොසැකිල්ලට ලක්වී ඇතයි සිතිය හැකි නිසාවෙනි.

  1. ද්වීපාර්ශ්වික ක්‍රියා

නව යොවුන් දරුවන් ද්වී පාර්ශ්වික කටයුතු අගය කරයි. දෙමාපියන්ගෙන් යමක් ඉල්ලා පෙරලා යමක් බලාපොරොත්තු වීම මෙහිදී සිදුවේ. උදාහරණ ලෙස “සෙනසුරාදා කාරය ගෙනයෑමට නම් එය සතියට දෙවතාවක් සේදිය යුතුයි.” ලබාදෙන දෙය ඔවුන් අගය කරන්නක් විය යුතුයි. කැමතිම වීඩියෝ ක්‍රීඩාවක්, ඇඳුමක්, iPod ඔබී.

  1. දෙමාපිය දායකත්වය

මෙය අධ්‍යාපනික කෝණයෙන් බැලීමට හැක. ඉගෙනීම හොඳට කරන දරුවෙකු අභියෝග ගැනීමට කැමතිය. මෙය දෙමාපියන් දරුවාට හොඳ පාසල් අධ්‍යාපනයක් ගැන කීම නිසා විය හැක. දරුවා නව දෙයක් සෙවූ විට තව තොරතුරු ලබා දීම මෙහිදී සැලකේ. මෙමඟින් ඉගෙනීම සාමකාමී බව පෙන්වා දී නව ලොවක් විවර කර දිය හැක.

 

 

 

 

  1. නව යොවුන් දරුවා සමග එකමුතුව ප්‍රශ්න විසඳීම

එකමුතුව ප්‍රශ්න විසඳීමේ පියවර සතරක් ඇත. ඒව නම්:

  1. නව යොවුන් දරුවාට තම අරමුණු, ප්‍රශ්න, අදහස් හා උදහස් බෙදාහදා ගැනීමට සැලැස්වීම.
  2. දෙමාපියන් තමන්ගේ අරමුණු, ප්‍රශ්න, අදහස් හා උදහස් බෙදාහදා ගැනීම.
  3. දෙපාර්ශ්වයට වෙනස අරමුණු ඇත්නම් ප්‍රශ්න විසඳීම.
  4. පසුව දෙපාර්ශ්වයම දෙන ලද කාලයට උචිත වඩාත් ගැලපෙන විසඳුමට යෑම.

 

  1. නිතිමතින් ඔවුන් සමග සිටීම

මෙය අධිකරිය-මෙහයවූ දරුවන් පාලනය කිරීමේ ක්‍රමයට වෙනස් අවතීර්නවීමකි. මෙම ක්‍රමය මඟින් ප්‍රශ්නගත පාර්ශ්වයන්වල අභිමානය ආරක්ෂා කරමින් ප්‍රශ්න විසඳිය හැක.මෙම ක්‍රමවේදය ගැටවරයන්ට තම ජීවන කුසලතා හඳුනාගෙන සමාජයේ ශක්‍ය පුරවැසියන් විය හැක.

මෙම ක්‍රමයේ පියවර සතරකි. එය ජීවන කුසලතා, ප්‍රතිරෝධය අනුබද්ධ වගකීම් හා සහයෝගීතාව උගන්වයි. ඔවුන් පරිගනකයෙන් ඈත් කිරීමේදී වැනි අවස්තා රශියකදී මෙම ක්‍රමය උපයෝගී කරගත හැක. දෙමාපියන් සත්‍ය වශයෙන්ම මය අරඹන නිසා මෙම ක්‍රමයේ මුල් පුරුක දෙමාපියන්ය.

පහත පියවර හතර උක්ත පද්ධතිය පැහැදිලි කරයි.

  1. ගැටවරයාගේ ප්‍රශ්න විවෘතව කතා කිරීමට අවකාශ ලබා දීම.දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න විමසීම කල යුතුය.
  2. ප්‍රායෝගික විසඳුම් සමඟ බුද්ධි කලම්බනය. මෙහිදී දෙමාපියන් හාස්‍ය හා ආටෝප භාවිතා කල යුතුය. දෙපාර්ශවයට ගැලපෙන විසඳුම සෙවීම මෙහිදී ඉතා වටී.
  3. එකමුතුව කාලරාමුවක් තීරණය කිරීම.
  4. සැබැවින්ම ගැටවරයා කාලරාමුව පිලිනොපදී.මෙවිට, ඔවුන් තවදුරටත් ප්‍රශ්නයට අදාලව තැබීමට දෙමාපියන් වග බලා ගත යුතුයි.

පහත උගුල් වලට හසු නොවුනහොත් ඉහත ක්‍රමය නව යොවුන් දරුවන් දිරිගැන්වීමට ඔබී.

  1. ගටවරයා සතුව වෙනස් මූලිකත්වයන් ඇතයි සැක කිරීම.
  2. විවේචන හා වැරදි නිගමන වලට යෑම.
  3. දෙපාර්ශවයම කාලරාමුවට නතුවීමට නොහැකි විට.
  4. දෙපාර්ශවයේම ගරුත්වය රැකීමට නොහැකි විට.

නිවැරදි ලෙස ලඟ සිටීමේදී පහත යෝජනා පිලිපදිය යුතුයි.

  1. දෙමාපියන් තම මතදැක්වීම් වලදී නිවැරදි, සාමකාමී හා සරල විය යුතුයි. ප්‍රශ්නයට එල්බ සිටින්න.
  2. ඔවුන් විරුද්ධ වෙද්දී “අපගේ ගිවුසුම කුමක්ද?” යැයි ඇසීම.
  3. තවදුරටත් විරුද්ධ වෙයි නම් කතාවෙන් වැලකී වාචික නොවන ස්න්නිවේදනයට යන්න. සෑම කරුණක්ම තමන්ට තේරුන බව අඟවන්න. වැලඳගෙන නැවත තමා ඔවුන්ට ආදරේ දක්වන්න. මෙවිට දෙමාපියන් බිඳක් කතා කිරීම ඔබී. ගොඩක් කතාකිරීම ප්‍රශ්නය වර්ධනය කිරීමකි.
  4. ඔවුන් එය ඒත්තු ගත් විට ගිවිසුමට එකඟ වීම ගැන සිතුති කරන්න.

මෙම මොහොතේ සිදුවන දේට ප්‍රතිචාර වඩාත් ගැලපේ.

දෙමාපියන්ට මතක තබා ගත යුතු සනාතන කුසලතා.

  1. දෙමාපියන් තම ගැටවරයා දිරිමත් කිරීම කල යුත්තේ තම අරමුණු උදෙසා නොවේ.
  2. ධනාත්මක හා ප්‍රයෝජනවත් දිරිගැන්වීම් ක්‍රම නම් සමපරශවික, හාස්‍ය හා ගනුදෙනුය.
  3. නිතර ඔවුන් සමග සිටීම ප්‍රත්‍යක්ශ විසඳුමකි. මුලදී කැපකිරීම් අවැසිය. නමුත් එය දෙපාර්ශවයේම ධනාත්මක පුරුදු ඇතිකරයි.
  4. සිව්-උගුල්, සිව්-ඉඟි හා සිව්-පියවර සාර්තකව පිලිපදින්න.මෙම කරුනු නැවත කියවන්න.මන්දයත් ඒවා සාමාන්‍ය හැසිරීමෙන් වෙනස් නිසාය.
  5. මුල් දිනවලදී දෙමාපියන් සක්‍රීය විය යුතුය. නැත්නම් දීර්ඝ කාලීනව ප්‍රතිලාබ නොවනු ඇත
  6. ඇතැම් දෙමාපියන් තමා දරුවා සමඟ සිටීම ගැන තමාටම දොස් පවරනු ඇත.තමා බැන්න විට දරුවා අදාල දෙය කරන්නේදැයි වාර්තා කරන්න. පසුව බලන්න. මෙය තාත්වික ක්‍රමයකි.
  7. අඩුවෙන් කතා කල පමනින් ඇතම් විට නව යොවුන් දරුවන් ඇහුම්කන් දෙනු ඇත.
  8. පෙර පුහුණුව ලබා ගන්න. තම අසල්වසීන්, හිතමිතුරන් සමඟ හෝ මෙම වෙබ් අඩවියෙන් http://www.postivediscipline.com/ එම පුහුණුව ලබාන්න.
  9. කිසි විට නව යොවුන් දරුවන් හා ගිවිසුම්ගත නොවෙන්න. එවිට ඔවුන්ට ව්‍යාපාරිකයන්ට මෙන් සලකන බවක් හැඟෙනු ඇත.

දරුවන්ගේ චරියා හරිගැස්වීමට දඬුවමින් තොර කරුණු 10 ක්

කොන්කිරීම්, කායික හින්සනයන් සාර්ථක හික්මීමකට විද්වතුන් නිර්දේශ නොකිරීම දෙමාපියන්ට පැනයකි. හේතුව නම් ඒවා දරුවා ස්වයං-හික්මුනු හා වගකිවයුතු පුද්ගලයන් කිරීමෙන් වලකන නිසාය.

දරුවන් තමන් විසින්ම හික්මීමට ඉගෙන ගන්නේ කෙසේද? දරුවන් තමා ජීවත් වන ආකාරයෙන් නොයෙක් දේ ඉගෙන ගනී. හොඳම හා කාර්යක්ශම ම ක්‍රමය නම් ආදරය හා තේරුම්ගැනීම වඩන ක්‍රියා කිරීමයි. කෑ මොර දීම්, ගැසීම් වැනි දෙයින් උගන්වන්නේ හින්සනයයි.

සාම්ප්‍රදායික කොන් කිරීම් දරුවාට තම හැඟීම් පාලනය කරන්නේ කෙසේද යන්න පහදන්නේ නැත. දරුවාගේ හැසිරීමට තහංචි නොදැමිය යුතුයි යන්න මෙයින් නොකියවෙයි. “ගුටි ඇනගන්න එපා, පාරේ දුවන්න එපා, නංගීට හිරිහැර කරන්න එපා” වැනි දේ දඬුවම් නොවන අතර සරල තහංචි වේ.

හැසිරීම් පර්යේෂණ අනුව දඬුවම අවක්‍රියා දිරිගන්වයි. මෙය දරුවන් තරහගන්වන අතර, රංඩු සරුවල් වීමේ ප්‍රතිචාර බලගන්වයි. මෙවා සිතීමේ ශක්තිය හා සාමූහික චින්තනය කප්පාදු කරයි. දඬුවමකදී දරුවා අකටයුත්ත අමතක කරන අතර ඉදිරියට මුහුන දිය යුතු තත්වයන් සිතයි. ඔවුන් තම වැරැද්ද වැසීමට බොරු කීමට පුරුදු වෙයි. තවද, දඬුවම දරුවා හා දෙමාපියන් අතර සම්බන්දය බිඳ හෙලයි. එය දරුවාගේ IQ මට්ටම පහත හෙලීමට හේතු වේ; ඒ මන්දයත් ඔවුන් නිදහසේ නොසිතන නිසාය. වටිනාම කාරනාව නම් දඬුවම වගකිවයුතු, සාමකාමී දරුවෙක් වැදීමට හොඳම ක්‍රමය නොවේ.

දරුවන්ට පාඩම් අභ්‍යන්තරීකරණය විය යුතු නම් ඔවුන් දෙමාපියන් සමඟ සම්බන්ධ විය යුතුය. හැඟීම්මත පදනම් වූ ස්වයං-නියාමනයක් ඇතිකරගන්නා දෙමාපියන් දරුවාට තම හැසිරීම් පාලනය කිරීමට කියාදෙයි.

එසේනම්, ශික්ශාමය ක්‍රම පිලි නොපැද දරුවා මෙහෙයවන්නේ කෙසේද?

  1. හැඟීම් නියාමනය කරන්න

දෙමාපියන් තම හැඟීම් පාලනය කරගත් විට දරුවාද එසේ කරයි. දෙමාපියන් දරුවන්ට සුවිශේෂ චරිත වේ. දරුවාගේ ක්‍රියාකලාපය දෙමාපියන් අපහසුතාවයට පත්කරයි නම් ඔවුන් එයට ප්‍රතිචාර නොදක්වා මඳක් සිටිනු ඇත. මෙසේ ආවේගය පාලනය කරගන්න. ප්‍රතික්‍රියා නොකරන්න. ක්‍රියා කරන්න!

  1. හැඟීම්වලට ගරු කරන්න

දරුවා ගුටි-ගැසීමේ ආවේගවලින් හෙම්බත් වුනු විට ඉගෙනගත නොහැක. අවවාද දීමෙන් වැලකී දරුවා සමඟ සිට යථා තත්වයට පත්වීමට හරින්න. දරුවාට තම හැඟීම් වැඩිහිටියෙකුට කීමට ඇති විට ඔහු/ඇය ස්වයං-සැනසීමකට ලක්වී ක්‍රමයෙන් තම හැඟීම පාලනය කිරීමට ඉගෙනගනු ඇත. තමන් දරුවාට යථා තත්වයට පත්වීමට ඉඩදෙන්නේ මන්ද යන්න නොකිව යුතුය. පසුව දරුවා දෙමාපියන් හා විවෘතව කතා කරනු ඇත.

  1. දරුවා ඉගෙන ගන්නේ කෙසේද යන්න සිතන්න

දරුවා තම හිස පීරීමට, දත් මැදීමට ඉගෙනගන්නේ කෙසේද යයි සිතන්න. දෙමාපියන් මුලදී එය කර පෙන්වා විනෝදාත්මක ආකාරයට පවසයි. ක්‍රමිකව, එය අත මත අත තබා දත් මැදීමටද, පසුව තනිව දත් මැදීමටද පුරුදු වේ. අන් සෑම දැයම මෙසේ ඉගෙනගනී. එතිනෙදා කරන ක්‍රියා දරුවාට ඉගෙනීමට ඉඩ-හසර ලබා දෙයි.

  1. හැදීමට පෙර බැඳීම

දරුවා හැදීමට පෙර දරුවා සම්ඟ සම්බන්ධ වන්නට පටන්ගන්න. දරුවන් අව-හැසිරීම් පෙන්වන්නේ ඔවුන් දෙමාපියන්ගෙන් වෙන්වූ විට හෝ තමන් පිලිබඳවම වැරදියට හිතූ විටය.

ඔවුන්ගේ ඇස් මට්ටමට ගොස් දුකෙන් සිටීමට හේතුව අසන්න.

වඩාගෙන ඔවුන්ගේ ගැටළුව නැවත අසන්න

දරුවාගේ ඇස් දෙස ආදරයෙන් බලන්න.

  1. සීමා පැනවීමේදී කාරුනික වන්න.

දරුවාගේ පාර්ශ්වයෙන් සිතා සීමා හෝ නීති පනවන්න. එවිට ඔවුන් ඒවා පිලිපදිනු ඇත. උදහරණ ලෙස, “ඔබට ක්‍රීඩා කල යුතු බව මා දනී. නමුත් දැන් නිදා ගන්න වේලාවයි. එනිසා හෙට සෙල්ලම් කරමු”

  1. සියලු අවක්‍රියා යම් අවශ්‍යතාවයක පෙන්නුම් කිරීමකි

දරුවෙක් “නරක” යයි කීම අමිහිරි වුවද එසේ වීමට හේතු ඇත. අව-හැසිරීම ඉවත්කිරීමට දෙමාපියන් දරුවාගේ අවශ්‍යතා හඳුනා ගත යුතුය.

  1. “ඔව්” කියන්න

ඉල්ලීමක් කාරුණිකව කල විට එය ඉටුවීමට ඇති ඉඩ වැඩිය. සීමා පැනවීමේදී බැහැ වෙනුවට ඔව් කියන්නට පුරුදු වෙන්න. දරුවා එවිට ප්‍රතිචාර දක්වනු ඇත.

  1. දරුවා සමග හුදෙකලාවී සිටින්න.

දුරකතන, රූපවාහිනී, පරිගනක වැනි වික්ෂේපයන්ගෙන් ඈත්ව නිදහසේ දරුවා සමග සිටිමට පුරුදු වන්න. එය විනාඩි 20ක ක්‍රීඩා කාලයක්, කියවීම් කාලයක් විය හැක. මෙමඟින් දරුවා දෙමාපියන්ට වඩාත් සමීප වන අතර එවිට ඔහු/ඇය ඔබට විවෘතව අදහස් දක්වනු ඇත. දරුවා සම්ඟ වර්තමානයේ ජීවත් වන්න. දරුවාගේ ජීවිතයේ වඩාත් ක්‍රියාකරී පුද්ගලයා මත ඔහු රඳා පවතිනු ඇත.

  1. සමාවී ඉගෙනගන්න

සෑමවිටම සාර්ථක දෙමාපියන් වීමට නොහැක. දෙමාපියන්ද වැරදි කරයි. එවායින් ඉගෙනගෙන ඉදිරියට යන්න.

  1. කායික ස්පර්ශය ලබාදෙන්න

වැලඳගැනීම් බැඳීම්, උනුසුම හා ආරක්ෂාව ගොඩනැගීමේ ප්‍රබල ක්‍රමයකි.

ගෙදරවැඩ සඳහා දෙමාපියන්ට උපදෙස්

බොහෝ අවස්ථා වලදී දරුවන්ට ගෙදර වැඩ ලෙස ලැබෙන පැවරුම් දෙමාපියන් විසින් කරන අයුරු අප දැක තිබෙනවා. දරුවෙකුට ගෙදර වැඩක් ලැබුණ විට හැකි හැම ආකාරයකින්ම එය කල් දැමීමට දරුවා උත්සාහ ගන්නවා මෙසේ පැවරුම භාරදිය යුතු දිනය ක්‍රමයෙන් ඈත් වේ. අවසානයේ මව හෝ පියා පැවරුම කරන තත්වයට පත්වේ. මෙය සාධාරණද?

පහත කරුණු අනුව පැවරුම කලින් පටන්ගෙන කලින් අවසන් කිරීමට දරුවාට උපදෙස් දීමට දෙමාපියන්ට හැක.

  1. කලින් පටන්ගන්න.

දරුවා පැවරුමක් සමඟ ගෙදර ආ විට එහි කාලරාමුව කල් තියා සකසන්න. අවසන් දිනිය කැලන්ඩරයේ ලියන්න. පැවරුම කොටස් වලට කඩන්න. සෑම කටයුත්තකටම අවසන් දිනයක් තීරණය කරන්න. උදාහරණ ලෙස, ග්‍රහලෝක නවය පිලිබඳව පැවරුම ඇති විටදී එය කරුණු පිරික්සීම, කරුණු එකතුකිරීම, කියවීම, සැලැස්ම ලිවීම ආදී වශයෙන් කඩාගන්න. පසුව එක් එක් කාර්යයට නියමිත දිනයක් වෙන් කරන්න.ලිවීමට වැඩි කාලයක් දීමට සැලකිලිමත් වන්න.

  1. නියමිත දිනයට සියලු වැඩ නිමවන්න

පැවරුමෙහි ප්‍රගතියක් ඇත්දැයි බැලීමට හොඳම ක්‍රමය එය පිරික්සීමයි. දෙමාපියන් නිති පිරික්සා දරුවාට උපදෙස් දිය හැක. උදහරණ ලෙස, කරුනු පිරික්සන විට දරුවාට කරුනු සොයා ගත හැකි ස්ථාන පෙන්වා දීම, පුස්තකාලයට ගෙනයාම ආදිය කල හැකිය. දරුවා එය මගහරීනම් ඔහුව දිරිමත් කරන්න.

  1. වික්ෂේපවීම් නවත්වන්න

අද සමාජයේ සමාජ වෙබ් අඩවි, වීඩියෝ ක්‍රීඩා, රූපවාහිනි වැනි වික්ෂිප්තවීම් එමටයි. දරුවා තම ක්‍රියාකාරකමෙහි යෙදෙන විට රූපවාහිනියේ හඬ අඩු කරමින් ඔහුට ඉගෙනීමට වටපිටාවක් තනන්න.

  1. සම්පත් පරිහරනයේදී උදව් වන්න.

දෙමාපියන්ට තම දරුවාගේ පැවරුම් සම්පත් ඒකරාශී කිරීමට හැකි අවස්ථාද ඇත. උදාහරන ලෙස, කතුරු, පෑන්-පැන්සල් වැනි දේ දරුවාට ලබාදීමට කටයුතු කරන්න.

  1. උදව්වට සිටින්න

දරුවා විශාල පැවරුමක් ලැබුනු විට දුකට පත්වන හේතුව තේරුම්ගත හැක. සමහරවිට ඔවුන්ට දෙමාපියන්ගේ උදව් අවැසි වේ. නිතිමතින් දරුවාගේ වැඩ වලට උදව් වීම හා කැමත්ත පෙන්වන්න. නමුත් දෙමාපියන් ඇත්තේ උදව් කිරීමට මිස පැවරුම කිරීමට නොවේ.

  1. පැවරුම නොකිරීම ගැන දැඩිව සිටින්න

සමහර දරුවන් තම පැවරුම් කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලයි. ඔවුන්ට උදව් පමණක් ලබා දීමට දෙමාපියන් දැඩි විය යුතුය. දරුවා තනිව වැඩ කිරීමට ඉඩ දිය යුතුය.

  1. ගුරුවරයාට කතාකරන්න.

ගුරුවරයාට පැවරුම කරන්නේ කෙසේද යන්න උපදෙස් දිය හැකි අතර, පැවරුමේ අවශ්‍යතාද කිව හැක. අදාළ ඉඟි ලැබීම තුලින් පැවරුම සාර්ථකව අවසන් කල හැක.

පැවරුමේ අවසන් අදියරේදී එයින් ඉවත් වීමට දෙමාපියන් වගබලා ගත යුතුය. නැතහොත් දෙමාපියන් දරුවාව අවතක්සේරු කිරීමට පටන් ගනී. දෙමාපියන් වැඩ කලහොත් දරුවා උසස් සාමර්ථ ලබා ගනිනු ඇත. නමුත් දරුවන් ඉගෙන ගනීද, එමගින් අනාගතයේදී ප්‍රතිලාබ ලබයිද? නැත. දරුවා තමන්ම පැවරුම කල විට ඔවුන් කුසලතව ලබනු ඇත.

පැවරුම් හා ගෙදරවැඩ කිරීමෙන් ප්‍රතිලබ බොහෝය. එම නිසාම ගුරුවරුන් හා පාසල් ගෙදරවැඩ කිරීම අගයයි. දෙමාපියන් ගෙදරවැඩ අගය නොකලහොත් දරුවන්ද එසේ කරනු ඇත. පහත ඇත්තේ ගෙදරවැඩවල ප්‍රතිලාබයන්ය.

ගෙදරවැඩ දවසේ කල දේ මෙනෙහි කරයි

ආවර්ජනයෙන් ඉගෙනීම හා ක්‍රියාවෙන් ඉගෙනීම වශයෙන් ඉගෙනීම ආකාර දෙකකි. ක්‍රියාවෙන් ඉගෙනීම වඩා කල් මතකයේ රැඳේ. ගෙදරවැව කිරීම එම උගත් දේ යෙදීමට මඟකි. “ක්‍රියාවේ යෙදීම පරිපූර්ණ කරයි”. ක්‍රියාව, තාර්කික චින්තනය හා ගණිතමය චින්තනය වර්ධනය කරයි.

ස්වයං-හික්මීම ඇති කිරීමට

වැඩක් අවසන් කිරීමට අමතරව, සංවිධානය කිරීම, ඒකරාශී කිරීම හා කාල කලමනාකරණය වැනි කුසලතා වැඩීමට ගෙදරවැඩ කිරීම ඉවහල් වේ. මෙමඟින් සවයං-හික්මීම ඇතිවේ.

ගෙදරවැඩ කිරීම ආකර්ශනීය කරන්න

බොහෝ දරුවන් ගෙදරවැඩ කිරීම වෙනුවට රූපවහිනී නැරඹීමට කැමතිය. නමුත් දරුවා ගෙඩරවැඩ කිරීමට නැඹුරුකිරීමට දෙමාපියන් වගබලා ගත යුතුය. තෑගි බෝග ලබා දීම වැනි දේ මඟින් අධ්‍යාපනයට කැමත්ත ඇති කල හැක. මෙමඟින් ඔවුන් පාසලේදී උගත් දේ මෙනෙහි කල හැකිය.

දෙමාපියන් තම දරුවාගේ පාඩම් වටපිටාව ආලෝකමත්ව, ලිපිද්‍රව්‍ය හා පහසු ඉඳුම් හිටුම් සහිත්ව ඇත්දැයි තහවුරු කල යුතුයි. දුරකතන්, රූපවාහිනී වැනි දේ ඉවත් කරන්න. මුලදී පැවරුමේ අවශ්යතාව දරුවාට කියා දෙන්න. විටින් විට ප්‍රගතිය විමසන්න. මෙවන් සහයෝගයක් මත දරුවා තුල ගෙදරවැඩ අගය කරනා පරිසරයක් ගොඩනැගෙනු ඇත. මෙහි ප්‍රතිලාබ සඳහන් කල යුතු නැත!

කුඩා දරුවන් පෙරපාසල් යාමට දිරිගැන්වීම

අධ්‍යාපනය කෙනෙකුගේ ජීවිතයට වටිනවා වුවද කුඩා දරුවන්, එහි වටිනාකමක් දෙමපියන් පහදා නොදුන්නහොත් නොතෙරේ. කෙසේහෝ ඔවුන් පාසල් යා යුතු අතර, ඔවුන්ගේ පාසල් යාමට ඇති අකමැත්ත කුඩා කලම නැති කල යුතුය. පාසල් යාම විනෝදකාමී එකක් කලහොත් ඔවුන් අනිවාර්යයෙන්ම පාසල් යනු ඇත. දැන් කුඩා ළමුන් දක්ෂය, මන්දයත් ඔවුන් 2-3 සිටම පෙරපාසල් යන නිසාය. පෙරකල දරුවන් පාසල් ගියේ අවුරුදු 5-6 විටය. සරලව ගත් කල, පාසල් යාමට සූදානම යනු කෙනෙකු සුදුසු අධ්‍යාපනයක් ලබාදෙන පරිසරයකට ගොස් සමාජීය හා ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට සුදුසු බවයි. මෙහිදී මුල් ළමා විය හා දෙමාපිය අත්දැකීම් ඉතාමත් වැදගත් වෙයි.
දරුවාගේ මානසිකත්වය තීරණය කරන සාධක දෙකකි දරුවාගේ පෙරපාසල් පරිසරය හා ගේදොර පරිසරය. පහත කරුණු පිලිපැදීමෙන් ඔබේ දරුවා පාසල් යාමට සුදුසු තත්වයට පත්කල හැක.

පාසලේ පරිසරය
ඔබ පාසලක් හෝ පෙරපාසලක් තෝරාගැනීමේදී පහත කරුණු තෘප්ත වී ඇත්දැයි බලන්න.
1. මිත්‍රශීලී හා ආකර්ෂණීය පරිසරයක්
පාසලට ඇතුල්වත්ම එය විනෝදකාමී ස්ථානයක් බවට පෙනෙන්නට තිබිය යුතුය. බිත්ති පින්තාරු කර එම වටපිටාව දරුවාගේ අධ්‍යාපනයට උනන්දු කරවන ස්ථානයක් විය යුතුය.
2. විනෝදකාමී ක්‍රියා
විනෝදකාමී ක්‍රියා මුල්වරට පාසලට යන දරුවෙකුට බෙහෙවින් වැදගති. මෙම ක්‍රියාකරකම් ගෙදරදී කරන ඒවාට වඩා හොඳ බව ඒත්තු යා යුතුය.
3. ඉතා වැඩි නොවන ඉගෙනීම් කාලයන්
උපරිම වශයෙන් උගන්වන කාලය පැය 3 විය යුතු අතර, එම කාලය නොයෙකුත් කතා කියමින්, ගීත ගයමින් විනෝදවත් කල යුතුය.
4. රසව්ත පෝශනීය ආහාර
දරුවාට පාසලේදී කාමට රසව්ත් පෝශනීය ආහාර ලබාදෙන්න. මෙය කෑම හා පාසල අතර ධනාත්මක සබඳතාවක් සමඟ නැවත පාසලට ඒම දිරිමත් කරයි.
5. මව්වත් සංග්‍රහ
ගුරුවරුන් දරවන්ට මවක මෙන් සැලකිය යුතුය. එමඟින් දරුවාගේ පාසල් එමේ අශාව වැඩිවේ.
6. අලංකාර ලෙස සකසා ඇති ක්‍රීඩා පිට්ටනි
ක්‍රීඩාපිටිය ආකර්ශනීය ස්ථානවලින් හෙබිව තිබිය යුතුය.
7. උනන්දු කාර්යමඬුල්ලක්
ගුරුවරුන් ආදරයෙන් හා කරුණාවෙන් යුතුව සැලකීමට පුරුදු විය යුතුය. තමන්ගේම දරුවාට සලකන්නාක් මෙන් සැලකිය යුතුය.
8. අඩු වැඩ-ප්‍රමානයන්
මුල් සති හයක කාලය තුල අධ්‍යාපනයට වැඩි බරක් නොදී දරුවාගේ පාසලට ඇති රුචිය වැඩීම වටී.

නිවසේ පරිසරය
1. අධ්‍යාපනික පරිසරයක් නිවසේදී ඇති කිරීම.
සෑම ආකයටම නිවසේ අධ්‍යාපන වටපිටාවක් ඇති කල යුතුය. මෙම පරිසරය බෙහෙවින් වටින්නේ එය දරුවා උනන්දු කරවන අතර දරුවාට මානසික ශක්තිය ලබා දෙන නිසාය.
2. දරුවාට කතා කිරීමට වෙලාවක් තබාගන්න.
දරුවා සමඟ නිදහසේ කාලය ගත කර ඔවුන්ගේ අදහස් උදහස් විමසිය යුතුය.
3. දරුවා ප්‍රශ්න ඇසීමට දිරිගන්වා ඒවට පිලිතුරු සපයන්න.
ප්‍රශ්න ඇසීම දරුවාගේ මානසික වර්ධනය වැඩි කරන නිසා දරුවා අසන ප්‍රශ්න සෑමවිටම පිලිතුරු දිය යුතුය.
4. ගෞරවය හා කෘතගුණ දැක්වීමට උනන්දු කරවන්න
වැඩිහිටියන් එසේ කෘතගුණ දක්වා දරුවාට ද ආදර්ශමත් විය යුතුය.