Home Blog Page 3

ඔබ, වැලි මැස්සා නිසා ඇති වන ලීෂ්මනයසිස් රෝගය බහුල ප්‍රදේශයකද?

ඔව් කියන්න.. මොකද්ද ගැටලුව? 

අනේ ඩොක්ට මගේ අතේ මැණික් කටුවට ටිකක් උඩින් ටිකක් ලොකු ගැටයක් වගේ ඇවිත්. මේක මුලින්ම ආවේ පුංචි බිබිලක් වගේ. දැන් මාස ගාණක් තිස්සේ තියෙනවා. 

මෙතන කසනවද? 

නෑ ඩොක්ටර්.. කසන්නේ නැහැ.. රිදෙන්නෙත් නැහැ. මුකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ටික ටික ලොකු වෙන නිසා මම පෙන්නන්න ආවේ. 

මම කලිනුත් කීප විටක්ම මේක පෙන්නුවා.. ඒත් සුවයක් නැහැ. ක්‍රීම් ජාති ඇන්ටිබයොටික් එහෙම දුන්නා. ඒත් සුවයක් නම් නෑ ඩොක්ටර්.

ඔව්.. ඔබේ පදිංචිය කොහේද?

ඩොක්ටර් මම වැඩ කරන්නේ මැදිරිගිරියේ. විකෙන්ඩ්වල කොළඹ එනවා. මගේ ගෙදරට. 

ඩොක්ටර් මේ රෝගය මොකද්ද ? 

සමහර විට ඔයා අහලත් ඇති. මේක ලීෂ්මනයසිස් කියලා රෝගයක්. සාමාන්‍යයෙන් උතුරු මැද පළාතේ අනුරාධපුර, පදවිය, පොළොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇළහැර වැනි ප්‍රදේශවලත්, දකුණු පළාතේ තංගල්ල, දික්වැල්ල, වැනි ප්‍රදේශවලත් ඊට අමතරව කුරුණෑගල, මාතලේ, රත්නපුර ගම්පහ වැනි දිස්ත්‍රික්ක වලත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා. 

මේ තත්ත්වය ඇති වෙන්නේ ඇඳුමකින් ආවරණය නොවූ ස්ථානයක. එවැනි තැනක දීර්ඝ කාලයක් පවතින වේදනාවකින් තොර ගැටිති හෝ තුවාල මේ ලීෂ්මනයසිස් රෝගය 2019 වසරේදී රෝගීන් 4061ක් සහ 2020 වසරේදී රෝගීන් 3162ක් 2022 දී රෝගීන් 3321 ශ්‍රී ලංකාව පුරාම වාර්තා වුණා.

ඩොක්ටර් මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද?

අහලා තියෙනවද වැලි මැස්සා කියාලා පුංචි කෘමියෙක් ගැන. අන්න ඒ කෘමියා දෂ්ට කරාම තමයි මේ රෝගය ඇති වෙන්නේ. මේ වැලි මැස්සා කියන්නේ මදුරුවකුට වඩා කුඩා කෘමියෙක්. පරපෝෂිතයෙක්. මේ වැලිමැස්සා දෂ්ට කළාම රෝගකාරකය අපේ සිරුරට ඇතුළු වෙනවා. 

ඩොක්ටර්, මේ දරුවන්ටත් හැදෙන්න පුළුවන්ද?

ඔව් ඔව්.. මේ රෝගයට වයස් භේදයක් නෑ. බාල මහලු වැඩිහිටි කාලත් ඇති විය හැකියි. 

මේ රෝගයෙන් අපේ ශරීරයට වෙනත් බලපෑම් නැතිද?

ඔව් .. මේ පරපෝෂිතයාට ශරීරයේ අභ්‍යන්තර  අවයවවලටත් රෝගය පැතිර වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ශරීර අභ්‍යන්තරයට රෝගය පැතිරුණු කිහිප දෙනෙක් අපේ රටෙන් හමු වී තිබෙනවා. 

ඩොක්ටර් මේ රෝගය පටන් ගන්නේ කොහොමද?

ශරීරයේ පිටතට නිරාවරණය වී තියෙන තැනක හටගන්නා කුරුලෑවක් බඳු කුඩා බිබිලකින් තමයි රෝගය ආරම්භ වෙන්නේ‍. එය වේදනාවකින් තොරයි. එය ගැටිත්තක් බවට පත් වෙලා පසුව තුවාලයක් තෙක් වර්ධනය වීම තමයි මේ රෝගයේ හැටි‍. අපි එක ගැටිත්තක් කිව්වට සමහර රෝගීන් ඉන්නවා මේ ගැටිති කිහිපයක් ඇති වෙන. 

ඩොක්ටර්, ‍මේ රෝගය කියලා ස්ථිරවම හඳුනා ගන්නේ කොහොමද?

රෝග විනිශ්චය කරන්නේ මේ ඇති වුණු ගැටිත්තෙන් ලබා ගන්නා ස්‍රාවය හෝ පටක කොටසක් රසායනාගාර පරීක්ෂණයකට ලක් කරගා.

මේ රෝගයට ප්‍රතිකාර නැද්ද?

තියෙනවා. එන්නත් වර්ග, ද්‍රව නයිට්‍රජන් ප්‍රතිකාරය යන ක්‍රම ඒ අතර මුල් තැනක් ගන්නවා. 

ඒ හැරුණම මේ රෝගයට ඖෂධ ප්‍රතිකාර නැද්ද?

තියෙනවා. පෙති වගේම කරලුත් තියෙනවා. නමුත් ඒ පෙති හෝ කරල් වර්ග දැනට අපේ රටේ භාවිත වෙන්නේ නැහැ.

ඩොක්ටර්, මේ රෝගය ගැන නොදන්න බොහෝ දෙනෙක් ඇති නේද?

අනිවාර්යෙන්ම ඉන්නවා. විශේෂයෙන්ම ඔබේ සේවා ආයතනයේත් ඇති. ඒ නිසා ඔබේ යහළුවන්ව මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම ඔයාට වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් බොහොම ඉක්මනින් ළඟම පිහිටි චර්ම රෝග සායනය වෙත යොමු වෙන්න අවශ්‍ය බව කියන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

දරුවාගේ හැකියාවන් දෙස උපේක්ෂාවෙන් බලන්න

දරුවන්ගේ හැකියාවන් මව්පියන්ට උපන් ගෙදරින්ම මරා දමන්න පුළුවනි. දරුවන් මල් වගේම මුදුයි. සුමුදුයි. මව්පියන්ගේ එක වචනයකින් පවා දරුවන්ගේ සිත්වලට ඇතුළු වෙන සෘණාත්මක සිතුවිලි නිසා ඔවුන්ගේ හැකියාවන් මුලුමනින්ම වැලලී යන්න ඉඩ තිබෙනවා.

වැඩක් නෑ තාත්තේ මේ අට හරියන්නේ නැහැ….මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙන වීඩියෝවක් මේ වෙන විටත් ඔබ දැක ඇති. පුංචි දියණිය අටේ ඉලක්කම ලියන විට අම්මා මේ විදිහට ඇයට කියා තිබෙනවා.මොකක්ද ඔය අටේ ඉලක්කමක්ද…? ඔය අටෙන් වැඩැක් නෑ…

මව එසේ කියන්නට ඇත්තේ දියණිය විසින් ලියන අටේ ඉලක්කම නිවරැදි කිරීමට බව ඇත්ත. එහෙත් මේ දියණිය පුන පුනා කියන්නේ අම්මා කිව්වා මේ අට හරියන්නේ නෑ..නෑ තාත්තේ මේ අට හරියන්නේම නැහැ. දැන් දියණියගේ හිතේ තදින්ම මුල් බැස ගෙන තිබෙන්නේ ඇයට නිවරැදි ලෙසින් අටේ ඉලක්කම ලිවීමට හැකියාවක් නැති බවයි.

පුංචි දරුවන් බොහොම ඉක්මනට යම් යම් දේ ග්‍රහණය කර ගන්නවා.

පුංචි පැටවුන්ගේ සමාජය ඉතාම සිමිත බව ඇත්ත. ඔවුන්ගේ ලෝකය සීමිත නිසාම දකින, ඇසෙන හැම දෙයක්ම තදින්ම ග්‍රහණය කර ගන්නවා. එය දරුවන්ගේ සැබෑම ස්වභාවයක්. නමුත් මෙතැන අපෙන් සිදු වෙන වරදක් තිබෙනවා. අපේ කාර්ය බහුල ජීවිතය වගේම සමහර විට දරුවන් බාල කාලයේ පටන්ම පොතට පතට හුරු කරන්නට දරණ උත්සාහය නිසාම වැඩිහිටියන්ගේ ආවේග පමණක් නොව ඇතැම් සෘණාත්මක වචන කිසිදු අන්දමකින් ඔප මටට්ම් නොවී දරුවන්ට එල්ල කරනවා. මෙතැනදී දරුවන්ගේ ලෝකයේ සිටින එකම මාර්ගෝපදේශකයා මව්පියන් නිසාම ඔවුන්ද තමා මුල් කර ගෙන ගොඩ නැගෙන හැසිරීම් රටාවෙන් යම් යම් දේවල් තදින්ම ග්‍රහණය කර ගන්නවා.

ළමා මනසේ පැල වෙන දේවල් ඔවුන් සමගම වැඩෙනවා…

පුංචි පැලය ගස වෙන බව ඔබ දන්නවා. ඒ වගේම පුංචි පැලයට වතුර පොහොර ලැබී වැඩෙන සේම නිවස තුලින් ඇසෙන දකින දේවල් ඔවුන්ගේ හිතේ තදින්ම තැන්පත් වෙනවා. ඕනෑම පුද්ගලයෙකුගේ චරිත වර්ධනයට යටි සිත ප්‍රබල බලපෑමක් ඇති කරනවා.

ඔයාට බැහැ… මේ අන්දමින් මව්පියන් විසින් දරුවාට ලබා දෙන ආකල්පය තදින්ම යටි හිතේ තැන්පත් වෙනවා. එතැන් පටන්ම ඔහු සිතන්නේ ඇතත්ටම මට බැහැ…කවුරු කොහොම කිව්වත් අපේ අම්මා ..තාත්තා මට කියල තියෙන විදිහට මේක මට කරන්න බැහැ. මෙවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කරන තැන පටන් දරුවාගේ ජීවිතයේ බොහෝ හැකියාවන් ගැන ඔවුන් කිසිම උනන්දුවක් ඇති කර ගන්නේ නැහැ.

දරුවන්ට නොහැකියාවන් බොහෝ තිබෙනවා…

වැඩිහිටියන් විදිහට අප අතරත් බොහෝ අඩුපාඩු තිනෙ විට දරුවන් මුල් කර ගෙන සර්ව සම්පූර්ණ දරුවන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් අතරත් විවිධ නොහැකියාවන් තිබෙනවා. නමුත් ඒ ගැන කනස්සල්ලට පත් වෙන්න එපා. හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙනවා කිව්වත් සමහර විට පෙති දෙපෙති එන විට දුර්වලව තිබෙන පැල කාලයත් සමග හොදින් ලියලා මල් ඵල දරන අවස්තා තිබෙනවා. ඒ නිසා යාන්තමින් හිට වැටෙන වයසේ සිටින දරුවන් වෙතින් විශාල පරාසයක කටයුතු බලාපොරොත්තු වෙන්නත් එපා.

නොහැකි වුනත් ඒ බව ඔවුන්ට කියන්න එපා.

අද මනෝවිද්‍යාව විසින් දරුවන්ගේ සිත් ගැන දෙමව්පියන් දැනුවත් කිරීම නිරන්තරව සිදු වෙනවා. ඒ ගැන දැණුවත් වීමට බොහෝ මාධ්‍ය තිබෙනවා. ඒ වුනත් දරුවන් මානසික අපයෝජනයට පත් වෙන අවස්ථාවන්ද සුලබයි. නමුත් තෝමස් අල්වා එඩිසන් බාල කාලයේදී ඉගෙනීමට පසුගාමී දරුවෙක්. ඒ නිසා කෝපයට පත් පංතියේ ගුරුවරයා මවට ලිපියක් ලියා තෝමස් අත යවා තිබුණා.මේ දරුවා පාසල් එවන්න එපා. ගෙදර තියා ගන්න. ඔහුට ඉගෙන ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා තෝමස් පංතියේ අනිත් දරුවන්ටත් බාධාවක්. 

කිසිවක් නොදත් තෝමස් මේ ලිපිය අම්මාට ගිහිං දුන්නා. අම්මා ලිපිය බැලුවා.

සර් මොකක්ද ලියලා තියෙන්නේ..

මගේ පුතා හරිම දක්ෂයි. ඒ හින්දා පංතියේ අනිත් ළමයින්ට වඩා ඉදිරියෙන්. පුතා පංතියට දක්ෂ වැඩි නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා. හෙට ඉඳන් පුතා ගෙදර ඉන්න.

මව එතැනින් නතර වුනේ නැහැ. ගුරුවරයෙක් නිවසට ගෙන්වා ගෙන තෝමස්ට ඉගැන්වුවා. පසුකාලයක විදුලි බල්බය නිපදවීමට ඔහුට හැකියාව ලැබුනේ එදා තෝමස්ගේ මව විසින් ලබා ගත් නිවරැදි තීරණය නිසයි.

දෙමව්පියන්ටත් අනාවැකි වරදිනවා…

බාලකාලයේදී දරුවන්ගේ හැසිරීම මුල් කර ගෙන මව්පියන් අනාවැකි පළ කරනවා. නමුත් මේ අනාවැකි සියල්ලම සියයට සියයක් නිවරැදි නොවෙනවා වගේම ඒවා ඒ අන්දමින්ම ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒ නිසා අනාවැකි පළ කිරීම එතරම් සුබදායක නැහැ. පුංචි දියනිය දැන් මනසින් දකින්නේ මට අට ලියන්න බැහැ. අම්මා කියනවා මගේ අට වැඩැක් නැහැ. මවගේ වැරදි සහගත අනාවැකිය නිසා දරුවා තමන් ගැන ස්ථාවරයක් ගොඩ නගා ගන්නවා.

දරුවන්ගේ නොහැකියාවන් ගැන වගේම හැකියාවන් ගැනත් අනවශ්‍ය අන්දමින් ඔවුන් ඔසවා තබන්න එපා. ඔබ දරුවාගේ හැකියාවන් තේරුම් ගන්න. ඒ ඔස්සේ කටයුතු කිරීමට උදව් කරන්න. නිරන්තරව දරුවාගේ හැකියාවන් ගැනත් වර්ණනා කිරීම නිසා දරුවා තමා ගැන අධිතක්සේරුවක් ගොඩ නගා ගනු ඇත. එවිට දරුවාගේ උනන්දුව සහ කාර්යක්ෂමතාවය බිඳ වැටෙන පසුබිමක් ගොඩ නැගෙන නිසා ඔබ දරුවා දෙස උපේක්ෂාවෙන් බලන්න. හැකියාවන් තේරුම් ගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමට හැකි වන සේ ශක්තිය සහ ධෛර්ය ගොඩ නැගීම ඉතාම වැදගත්.

 

දරුවාගේ හැකියාවන් දෙස උපේක්ෂාවෙන් බලන්න

දරුවන්ගේ හැකියාවන් මව්පියන්ට උපන් ගෙදරින්ම මරා දමන්න පුළුවනි. දරුවන් මල් වගේම මුදුයි. සුමුදුයි. මව්පියන්ගේ එක වචනයකින් පවා දරුවන්ගේ සිත්වලට ඇතුළු වෙන සෘණාත්මක සිතුවිලි නිසා ඔවුන්ගේ හැකියාවන් මුලුමනින්ම වැලලී යන්න ඉඩ තිබෙනවා.

වැඩක් නෑ තාත්තේ මේ අට හරියන්නේ නැහැ….මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙන වීඩියෝවක් මේ වෙන විටත් ඔබ දැක ඇති. පුංචි දියණිය අටේ ඉලක්කම ලියන විට අම්මා මේ විදිහට ඇයට කියා තිබෙනවා.මොකක්ද ඔය අටේ ඉලක්කමක්ද…? ඔය අටෙන් වැඩැක් නෑ…

මව එසේ කියන්නට ඇත්තේ දියණිය විසින් ලියන අටේ ඉලක්කම නිවරැදි කිරීමට බව ඇත්ත. එහෙත් මේ දියණිය පුන පුනා කියන්නේ අම්මා කිව්වා මේ අට හරියන්නේ නෑ..නෑ තාත්තේ මේ අට හරියන්නේම නැහැ. දැන් දියණියගේ හිතේ තදින්ම මුල් බැස ගෙන තිබෙන්නේ ඇයට නිවරැදි ලෙසින් අටේ ඉලක්කම ලිවීමට හැකියාවක් නැති බවයි.

පුංචි දරුවන් බොහොම ඉක්මනට යම් යම් දේ ග්‍රහණය කර ගන්නවා.

පුංචි පැටවුන්ගේ සමාජය ඉතාම සිමිත බව ඇත්ත. ඔවුන්ගේ ලෝකය සීමිත නිසාම දකින, ඇසෙන හැම දෙයක්ම තදින්ම ග්‍රහණය කර ගන්නවා. එය දරුවන්ගේ සැබෑම ස්වභාවයක්. නමුත් මෙතැන අපෙන් සිදු වෙන විරදක් තිබෙනවා. අපේ කාර්ය බහුල ජීවිතය වගේම සමහර විට දරුවන් බාල කාලයේ පටන්ම පොත්ට පතට හුරු කරන්නට දරණ උත්සාහය නිසාම වැඩිහිටියන්ගේ ආවේග පමණක් නොව ඇතැම් සෘණාත්මක වචන කිසිදු අන්දමකින් ඔප මටට්ම් නොවී දරුවන්ට එල්ල කරනවා. මෙතැනදී දරුවන්ගේ ලෝකයේ සිටින එකම මාර්ගෝපදේශකයා මව්පියන් නිසාම ඔවුන්ද තමා මුල් කර ගෙන ගොඩ නැගෙන හැසිරීම් රටාවෙන් යම් යම් දේවල් තදින්ම ග්‍රහණය කර ගන්නවා.

ළමා මනසේ පැල වෙන දේවල් ඔවුන් සමගම වැඩෙනවා…

පුංචි පැලය ගස වෙන බව් ඔබ දන්නවා. ඒ වගේම පුංචි පැලයට වතුර පොහොර ලැබී වැඩෙන සේම නිවස තුලින් ඇසෙන දකින දේවල් ඔවුන්ගේ හිතේ තදින්ම තැන්පත් වෙනවා. ඕනෑම පුද්ගලයෙකුගේ චරිත වර්ධනයට යටි සිත ප්‍රබල බලපෑමක් ඇති කරනවා.

ඔයාට බැහැ… මේ අන්දමින් මව්පියන් විසින් දරුවාට ලබා දෙන ආකල්පය තදින්ම යටි හිතේ තැන්පත් වෙනවා. එතැන් පටන්ම ඔහු සිතන්නේ ඇතත්ටම මට බැහැ…කවුරු හෛාම කිව්වත් අපේ අම්මා ..තාත්තා මට කියල තියෙන විදිහට මේක මට කරන්න බැහැ. මෙවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කරන තැන පටන් දරුවාගේ ජීවිතයේ බොහෝ හැකියාවන් ගැන ඔවුන් කිසිම උනන්දුවක් ඇති කර ග්නනේ නැහැ.

දරුවන්ට නොහැකියාවන් බොහෝ තිබෙනවා…

වැඩිහිටියන් විදිහට අප අතරත් බොහෝ අඩුපාඩු තිනෙ විට දරුවන් මුල් කර ගෙන සර්ව සම්පූර්ණ දරුවන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් අතරත් විවිධ නොහැකියාවන් තිබෙනවා. නමුත් ඒ ගැන කනස්සල්ලට පත් වෙන්න එපා. හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙනවා කිව්වත් සමහර විට පෙති දෙපෙති එන විට දුර්වලව තිබෙන පැල කාලයත් සමග හොදින් ලියලා මල් ඵල දරන අවස්තා තිබෙනවා. ඒ නිසා යාන්තමින් හිට වැටෙන වයසේ සිටින දරුවන් වෙතින් විශාල පරාසයක කටයුතු බලාපොරොත්තු වෙන්නත් එපා.

නොහැකි වුනත් ඒ බව ඔවුන්ට කියන්න එපා.

අද මනෝවිද්‍යාව විසින් දරුවන්ගේ සිත් ගැන දෙමව්පියනරණය නිරන්තරව සිදු වෙනවා. ඒ ගැන දැණුවත් වීමට බොහෝ මාධ්‍ය තිබෙනවා. ඒ වුනත් දරුවන් මානසික අපයෝජනයට පත් වෙන අවස්ථාවන්ද සුලබයි. නමුත් තෝමස් අල්වා එඩිසන් බාල කාලයේදී ඉගෙනීමට පසුගාමී දරුවෙක්. ඒ නිසා කෝපයට පත් පංතියේ ගුරුවරයා මවට ලිපියක් ලියා තෝමස් අත යවා තිබුණා.මේ දරුවා පාසල් එවන්න එපා. ගෙදර තියා ගන්න. ඔහුට ඉගෙන ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා තෝමස් පංතියේ අනිත් දරුවන්ටත් බාධාවක්. 

කිසිවක් නොදත් තෝමස් මේ ලිපිය අම්මාට ගිහිං දුන්නා. අම්මා ලිපිය බැලුවා.

සර් මොකක්ද ලියලා තියෙන්නේ..

මගේ පුතා හරිම දක්ෂයි. ඒ හින්දා පංතියේ අනිත් ළමයින්ට වඩා ඉදිරියෙන්. පුතා පංතියට දක්ෂ වැඩි නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා. හෙට ඉඳන් පුතා ගෙදර ඉන්න.

මව එතැනින් නතර වුනේ නැහැ. ගුරුවරයෙක් නිවසට ගෙන්වා ගෙන තෝමස්ට ඉගැන්වුවා. පසුකාලයක විදුලි බල්බය නිපදවීමට ඔහුට හැකියාව ලැබුනේ එදා තෝමස්ගේ මව විසින් ලබා ගත් නිවරැදි තීරණය නිසයි.

දෙමව්පියන්ටත් අනාවැකි වරදිනවා…

බාලකාලයේදී දරුවන්ගේ හැසිරීම මුල් කර ගෙන මව්පියන් අනාවැකි පළ කරනවා. නමුත් මේ අනාවැකි සියල්ලම සියයට සියයක් නිවරැදි නොවෙනවා වගේම ඒවා ඒ අන්දමින්ම ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒ නිසා අනාවැකි පළ කිරීම එතරම් සුබදායක නැහැ. පුංචි දියනිය දැන් මනසින් දකින්නේ මට අට ලියන්න බැහැ. අම්මා කියනවා මගේ අට වැඩැක් නැහැ. මවගේ වැරදි සහගත අනාවැකිය නිසා දරුවා තමන් ගැන ස්ථාවරයක් ගොඩ නගා ගන්නවා.

දරුවන්ගේ නොහැකියාවන් ගැන වගේම හැකියාවන් ගැනත් අනවශ්‍ය අන්දමින් ඔවුන් ඔසවා තබන්න එපා. ඔබ දරුවාගේ හැකියාවන් තේරුම් ගන්න. ඒ ඔස්සේ කටයුතු කිරීමට උදව් කරන්න. නිරන්තරව දරුවාගේ හැකියාවන් ගැනත් වර්ණනා කිරීම නිසා දරුවා තමා ගැන අධිතක්සේරුවක් ගොඩ නගා ගනු ඇත. එවිට දරුවාගේ උනන්දුව සහ කාර්යක්ෂමතාවය බිඳ වැටෙන පසුබිමක් ගොඩ නගෙන නිසා ඔබ දරුවා දෙස උපේක්ෂාවෙන් බලන්න. හැකියාවන් තේරුම් ගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමට හැකි වන සේ ශක්තිය සහ ධෛර්ය ගොඩ නැගීම ඉතාම වැදග

යොවුන් පියස, ඔබේ යොවුන් දරුවා වෙනුවෙන්ම බව දැන සිටියාද?

ජීවිතයේ සුන්දරම අවධියක් ලෙස යොවුන් විය හදුනාගත හැකියි. නව යොවුන් විය අවුරුදු 10 – 19 වන අතරම යෞවන වයස අවුරුදු 10 ත් 24ත් අතරට ගැනේ. එසේ වයස අවුරුදු 10න් පමණ ආරම්භ වන යෞවනයේදී දරුවෙකුගෙ ජීවිතයේ සිදුවන සීඝ්‍ර හෝමෝන වෙනස් වීම ඔහුගෙ හෝ ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරන පසුබිමක් මේ කාලසීමාව තුලදී ඇතිවිය හැකි බැවින් දරුවන් සදහා පූර්ණ අධ්‍යාපනයක් ලබාගැනීම සදහා අවශ්‍ය පසුබිම සහ අවකාශයන් සැපයීම තීරණාත්මක සාධකයක් විය හැකි හෙයින් මේ අවධියෙ සමස්ථ ජාතියේම වගකීමක් වන්නෙ ඊට මගහසර ඇති කිරීමයි.

අපේ වටපිටාව ගැන සොයා බැලීමේදී හදුනාගත හැකි මූලික සත්‍ය වන්නේ අසන දකින දේ හරහා බොහොමයක් අවස්ථාවලදී අපිට පෙනෙනුයේ අප විසින් නිවැරදිව යෞවනයාව හදුනාගෙන නැති ලෙසකුයි. යෞවනයේ අවශ්‍යතා හදුනාගෙන ඔවුනට අවශ්‍ය දැනුම ලබා දී ආකල්ප කුසලතා වැඩිදියුණු කිරීමත් ඔවුන් හා වැඩිහිටියන් අතර සුදුසු පසුබිමක් සැපයීම තුලින් යෞවනය සුරැකීමත් අත්‍යවශ්‍ය කරුණකි.

නව යෞවනයත් සමගින් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන කායික මානසික වෙනස්වීම් සමගින් ඒවාට ශක්තිමත්ව මුහුණ දීමටත් එම අභියෝග සදහා කුසලතා භාවිත කිරීමටත් හැකි පරිසරයක් ගොඩනගා දීම වැඩිහිටි අප සියලු දෙනාගේම ප්‍රමුඛ කාර්යභාරයයි. මෙහිදී දෙමව්පියන්, ගුරුවරුන් ඇතුලු සියලු වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් නිවැරදි දැනුමකින් යුක්ත විය යුතු වුවද, දකින්නට ලැබෙන්නෙ සෑම විටම නව යෞවනය ඔවුනට අමතක වී ඇති බවකුයි. එසේ හෙයින් අද වන විට යෞවනයේ සුවසෙත කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එම කාර්ය පෙරදැරි කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මානසික සහනය මුල් කරගෙන යෞවනයන්ට සෙනෙහසින් පිදෙන සොදුරු නවාතැනකි යොවුන් පියස.

මෙම යොවුන් පියස හෙවත් යොවුන් මිතුරු සුව සේවාව සකස් කර ඇත්තෙ යෞවනයන්ට අවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික මැදිහත් වීමෙනි. පළමුව යෞවන යෞවනියන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකොට කුසලතා වැඩිදියුණු කිරීමට ගන්නා ලද උත්සහයේදී එය ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය හෙයින් ඊට එහා ගිය සේවාවක අවශ්‍යතාවය හදුනාගෙන ඇත. එකල යෞවනයා සදහා පොත්පත් ප්‍රකාශන එනම් උදා වූ යෞවනය නම් පොත ආදිය මගින් දැනුම ලබාදීමට උත්සහ කලද එය ප්‍රමාණවත් නොවන බව හදුනා ගැනීම නිසා ඔවුනට සේවය සැපයීම සදහා විශේෂ වැඩපිලිවෙලක අවශ්‍යතාවය හඳුනා යොවුන් මිතුරු සේවාව ආරම්භ කර ඇත.

මේ සදහා රෝහල්, සෞඛ්‍ය, වෛද්‍ය නිළදාරී කොට්ඨාස මට්ටමින් හැකියාව ඇති තැන් සොයා යොවුන් පියස, මිතුරු පියස ආදී නම් වලින් මෙම සේවා ස්ථාන ආරම්භ කරන ලදී. එසේ රාජ්‍ය නොවන සංවිධාන මගින්ද මෙවන් සේවාවන් ආරම්භ කරන ලදී. එසේ වුවද රජයේ රෝහල් ආශ්‍රිතව හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මූලික කරගෙන ආරම්භ කරන ලද මධ්‍යස්ථාන අද ඉතාමත් සාර්ථක ලෙසින් ක්‍රියාත්මකව පවතී. මෙම රෝහල් තුළ වුවද රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයට අනුබද්ධව පවත්වාගෙන යන අතරම ඒ සදහා වෙන්වූ වෙනම කාර්යමණඩලයක්ද එහි සිටී. ඔවුන් ඒ කාර්යේම නිරතව සිටින අතර සියලුම අවස්ථාවන්හීදී යෞවන යෞවනියන්ට ඔවුන්ගෙ ගැටලු නිදහසෙ පෞද්ගලික බව ආරක්ෂා වන අන්දමට ඉදිරිපත් කිරීමට සුහදශීලී පරිසරයක් ඒ තුල ගොඩනගා ඇත.

කායික මානසික ප්‍රතිකාර 

කායික මානසික ප්‍රතිකාර සදහා එම ඒකකය මගින් අදාල විශේෂඥ වෛද්‍යවරුන් වෙත  යොමුකිරීමේ සම්බන්ධීකරණයක්ද සිදු කරන අතරම යොමු කිරීමෙන් පසු පසුවිපරම් මටයුතුද ඒ මගින් සිදුකරයි.ඒ කෙසේද යත් විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය යෞවනයකු වේනම් ඔහු ඒ සදහා යොමු කිරීම සදහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර වෛද්‍යවරයා මුණගැසී සාකච්ඡා කිරීමට අවශ්‍ය දිනය වෙලාව ආදිය වෙන්කර ලබාදී යොමු කිරීමටත් ඒ සදහා පහසුකම් සලසා දීමද මේ මගින් සිදුකරයි.මෙසේ යෞවනිය හෝ යෞවනයා අතර ගොඩනගන්නාවූ අන්තර් සම්බන්දය මගින්  ඔහු හෝ ඇය තුළ සත්කාර සේවා හෝ සේවා අංශය කෙරෙහි වඩාත් විශ්වාසනීය හැගීමක් ඇතිවීම තුලින් සේවාව සේවා ලාභීන්ට ලගාකිරීමේ හැකියාව පහසුවේ.මෙය මෙම සේවාව තුල දැකිය හැකි යහපත්වූ සතුටුදායක තත්ත්වයකි.

අධ්‍යාපන/විභාග/රැකියා ආශ්‍රිත ගැටලු සදහා විසදුම් 

සියලුම නවයොවුන් දරුවන් අධ්‍යාපනය ලබන්නන් වන හෙයින් ඔවුන් මුහුණ දෙන ගැටලු අතර අධ්‍යාපනයේදී මුහුණ දෙන ගැටලු, විභාගවලදී මුහුණ දෙන ගැටලු අධ්‍යාපනයෙන් පසුව ඇතිවන රැකියා ගැටලු ආදිය මූලික තැනක් ගනී. මේ අවස්තාවලදී ඔවුන් මුහුණ දෙන ගැටලු හේතුකොට ගෙන ඔවුන් බලවත් ලෙස ආතතියට පත්වේ.

වේගවත් හෝමෝන ක්‍රියාකාරිත්වය මත ඇති වන කායික/මානසික ගැටලු

කායික හා මානසිකව සිදුවන වෙනස්වීම් වල ප්‍රථිපලයද මේ සමග ඔවුනට අත්දැකීමට සිදු වේ. මෙසේ කායිකව ඇතිවන වෙනස්කම් හේතුවෙන් ගැහැණු දරුවන් තුල ඇතිවන ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු (වේදනාව, රුධිරය පහවීම) මුහුණේ කුරුලෑ මතුවීම ආදී ගැටලු මෙන්ම ලිංගික ගැටලු, පෝෂණ ගැටලු, පවුලෙ ඇති අඩදබර හෝ නුරුස්සන ගැටලු, මිත්‍යා විශ්වාස පදනම් කරගෙන ඇතිවන ගැටලු ආදිය මුලික තැනක් ගනී. මොවුනට මේ ගැටලු විවෘතව කතා කිරීමට පහසු තැනක් අවශ්‍ය වේ. බොහෝ දෙමව්පියෝ දරුවන්ගේ ඉගෙනීමට නැඹුරු කිරීම සදහා තදබල ලෙස බලකිරීම මගින්ද දරුවන්ට ගැටලු ඇතිවේ. එසේම ගුරු දෙමව්පිය සියලු දෙනා විසින් දරුවන්ගෙ ජීවිතය අකුරු ඉලක්කම් පදනම් කරගත් අධ්‍යාපනයම පමණක් සිදුවිය යුතුබව සලකා කටයුතු කිරීම මගින් දරුවන් මහත් අසහනයට පත්වෙ. තම හැකියාවන් පරිසරය තුලින් ලබන අත්දැකීම් බෙදාහදාගන්නට ඔවුනට අවස්ථාව අහිමි වේ. වැඩෙන අතපය වලට අවශ්‍ය තරමට ක්‍රියාකාරකම් ලබාදී නිර්මාණශීලීබාවයට දරුවා යැවීමට හෝ නිදහසේ සිතා නව අදහස් ක්‍රියාවට නැංවීමට හෝ නොහැකි ලෙසින් දරුවන් සිරකර තම අභිමතාර්ථ දරුවන් වෙතින් ඉශ්ට කර ගැනීමට පෙළබීම මගින් දරුවන් අසහනයටද, තනිකමටද පත්වෙ. කෙලිදොලෙන් ඉගෙනුමට ඇති කැමැත්ත අහිමි කර අධ්‍යාපන කටයුතු වල පාලනය දරුවන්ගේ ජීවිතය තුල අතරමං කර ඇත. එසේම මේ දරුවන්ට අසල්වැසි සබදතා පවා අහිමි වීම හේතු කොටගෙන ආදරය නොදැනීම, තනිකම, බිය, කේන්තිය ආදිය තුලින් ඇතිවන සිතුවිලි හේතුවෙන් දරුවන් අතරමං වේ. ඔවුනට ඒ සදහා පිළිතුරු සෙවීමට වඩාත් ඉඩහසර ලැබෙන්නෙ සමවයස් කණ්ඩායම් හෝ වෙනත් අත්දැකීම් නොමැති හෝ තරුණ සිත් නොහදුනන අය සමගින් වූ විට ඔවුන් දිවියේ අතරමං වේ. මෙවන් අවස්ථාවලට දරුවන් අත්වීමේදී ඔවුනට පිහිට වීමට මේ මිතුරු පියස සැම විටම එක සිතින් සිටී.

ඉහත කී දරුවනට ඇතිවන ගැටලු අධ්‍යානයකර ඒ සදහා සුවිශේෂී පුහුණුවක් ලබාදී සුව සේවක කාර්ය මණ්ඩලයක් මේ ස්ථාන වෙත අනුයුක්ත කර ඇත්තෙ දරුවන්ගෙ ගැටලු සදහා ඔවුනට විසදුම් සොයා දීමටයි. ඔවුන් මෙම සේවා පියසට කොටු නොවී එතනින් ප්‍රජාව වෙතට ගොස්  විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට  දරුවන් අතරට යෑමෙ වැඩසටහන්ද මේ වන විට ඉටුකරමින් සිටී. එසේ ප්‍රාදේශීය පාසල් වෙත ගොස් යොවුන් වියේ දරු දැරියන් හා මිතුරුව ඔවුන් සමග කතාකොට එම දරුවන්ගෙ ප්‍රශ්න හදුනාගනිමින් ඔවුන්ට දැනුම ලබාදී අවශ්‍ය සේවාවන් සැපයීම, යොමුකිරීම ආදී ක්‍රියාවන් මගින් ගැටලු අවම කිරීමටද පියවර ගනිමින් සිටී.

යොවුන් මිතුරු සුව සේවාවන් ලබාදෙන මද්‍යස්ථාන තුල,

  • වෙනම අංශයක් ස්ථාපිත කිරීම
  • සුහදශීලී වෛද්‍ය හෙද ඇතුලු කාර්ය මණ්ඩලයක්
  • සායන පවත්වන දිනයන්, වෙලාවන් ඇමතීමට දුරකථන අංක ප්‍රදර්ශනය කර තිබීම
  • ඒ සදහා යොදවන කාර්ය මණ්ඩලය යෞවන යෞවනියන්ගෙ අවශ්‍යතාවයන්ට ගැලපෙන දැනුම ආකල්ප කුසලතා සපිරි හා ධනාත්මක ලෙස කරුණු විමසා මිතුරු ලෙසින් කටයුතු කරන කණ්ඩායමක් වීම.
  • රෝග නිවාරණය මෙන්ම ප්‍රතිකාර සපයන එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධනයට සුදුසු ලෙස සකසා තිබීම.
  • ප්‍රජා නායකයින් (විදුහල්පති, ගුරු, ආයතන ප්‍රධානීන්, ආගමික නායකයින්) සමග සුහදව සමීපව කටයුතු කරමින් ඔවුන්වද සහභාගිකර යොවුන් දරුවන්ගෙ අවශ්‍යත ගැන සොයා බැලීමට පෙලඹවීමට කටයුතු කිරීම.
  • යොවුන් කණ්ඩායම් සදහා අවශ්‍ය දැනුම ලබාගැනීමට හෝ ඔවුන්ගෙ වැඩසටහන් සම්පාදනයට , ව්‍යාපෘති සිදුකිරීමට අවශ්‍ය තොරතුරු සපයන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.
  • සේවක/කාර්ය මණ්ඩලය සදහා නිරන්තර සේවා ස්ථාන විශේෂ පුහුණුව ලබාදෙමින් ඔවුන්ගෙ දැනුම කාලීන අවශ්‍යතාවයන්ට අනුව යථාවත් වන මධ්‍යස්ථානයක් වීම.
  • නිරන්තර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වීම.

ආදී ධනාත්මක කරුණුවලින් පොහොසත් ආයතනයකි. මෙම පියස මගින් එම ආයතනවලට පරිභාහිරව පාසල්, තරුණ මධ්‍යස්ථා, කර්මාන්ත ශාලා ආදිය තුලද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ගෙ ගැටලු සදහා අවස්ථාව ලබාදීමේ කාර්යෙහි නිරතව සිටී.

විශේෂත්වය වනුයේ තරුණ තරුණියන්ගේ හිත්වලට සමීප වීමට ඔවුනට ඇති හැකියාවයි. එසෙ හෙයින් ඔවුන් පවසනුයේ අපේ දෙමාපියන් අපේ ගුරුවරු ඇයි අපි ගැන මේ ලෙස නොසොයන්නෙ නැති නම් තේරුම් නොගන්නෙ යන්නයි. දෙමව්පිය ගුරු කාර්යභාරය හුදෙක් අධ්‍යාපන ජයග්‍රහණය මත යැපෙමින් දරුවන් තේරුම් නොගැනීම, තරුණ සිත් තේරුම් නොගැනීම මගින් ඔවුනට ගෙදර පරිසරය, පාසල් පද්ධතිය තුල හා ඒ අවට සමාජීය වශයෙන් දක්වන අසීමාන්තික අධ්‍යාපන තරගය නිසා දරුවන්ට ඔවුන්ගෙ හැකියාවන්, කුසලතාවයන් එලිදැක්වීමට නොහැකි වීම, ඔවුන්ගෙ සිත් තේරුම් නොගැනීම මත ඇතිව ඇති පීඩනය හේතුවෙන් ඔවුන් මේ යොවුන් පියසේ කාර්ය මණ්ඩලය හාබැදි ඔවුන්ගෙ සිතැගි හෙළි කිරීමට පෙළඹීම හේතුවෙන් ඔවුනට ලැබෙන සහනය අපමණය. යොවුන් පියසෙන් ඔවුනට ලැබෙන සුහද බව මිත්‍රශීලීත්වය මැද සහනයක් ලබා ඇත. එම සහනය ඔවුනට ඔවුන්ගේ ජීවිතය දෙස ධනාත්මකව සිතන්නට ජයග්‍රහණයන් කරා යන්නට කදිම තෝතැන්නක් වී ඇත.

පෞද්ගලික බව, රහස්‍යතාවය ආරක්ශා කරගනිමින් කටයුතු කරන බව දැනෙන විට ඔවුන් ඒ කෙරෙහි තබන විශ්වාසය නිසා තව හිතවතුන්ද ඒ සම්බන්ධ වීමට පෙළබේ.

රෝහලෙන් පිටත මේ සේවාවන් ලබාදීමේදී ඊට විශේෂ දායකත්වයක් ලබාදීම සදහා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ප්‍රජානායකයින් මෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩලයද සම්බන්ධ වේ.

තරුණයන් අතර බරපතල ලෙස අර්බුදයක්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර හෝ වෙනත් වීඩියෝ ක්‍රීඩා සදහා ඇබ්බැහි වීම මෙන්ම  ලාබාල වියේදී ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතා නිසා ඇතිවන ගැටුම්වලදී මෙන්ම නිවසේ දෙමාපියන් විසින් අසීමාන්තික ලෙසින් දරුවන් සඳහා යොදන දරුණු පාලන හෝ බරපතල ලෙසින් බල කිරීම් මගින් ඉගෙනීමට යෙදවීම මෙන්ම පාසල් පද්ධතිය තුලදී නොලැබෙන පිළිගැනීම, සමානාත්මතාව නොමැතිකම මෙන්ම පවුල් පසුබිම තුල ඇති දෙමව්පියන්ගේ විවාහ ජීවිතවල ගැටලු, පියාගෙ බීමත්කම, මූල්‍ය කළමනාකරණය දුර්වල වීම හේතුවෙන් නිවාස වල ඇති දුප්පත් කම, නොසැලකිලිමත් බව තරුණ ජීවිත අසහනයට පත්කොට ඇත.

මෙවන් වූ තත්ත්වයන්ට පත්ව ඇති තරුණ ජීවිත සදහා මාර්ගෝපදේශයන් සපයමින් ආදරයෙන් ලගින් රැදී සිට ඇහුම්කන් දෙමින් ඔවුන්ගෙ ගැටලුවලට ඔවුන් වෙතින්ම පිළිතුරු සොයාගත හැකිවන ලෙසින් මග පෙන්වීම සුහදශීලී ආයතනයක් ලෙස යොවුන් පියස ක්‍රියාත්මක වේ.

මෙසේ බලන කල මේ සේවාවේ ප්‍රධානතම අරමුණ වන්නේ සමස්ථ ශ්‍රී ලාංකික යෞවන යෞවනියන්ට ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අභියෝගයන් සදහා මුහුණ දෙන්නෙ කෙසේද? අවශ්‍ය ලෙසින් මගහැරිය යුතු අවස්ථාවන් හදුනාගන්නෙ කෙසේද? යන්න මග පෙන්වමින් ඔවුන්ගෙ සේවා අවශ්‍යතා සම්පූර්ණ කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය මගහසර දැක්වීමයි.

එසේ හෙයින් සමස්ථ දරු පරම්පරාවේම ගැටලු නිරාකරණය සදහා මෙම ආයතනය වෙත නොපැකිලිවම යොමු කිරීමට කිසිදු සැකයක් නොමැතිව හැකිවීම අප සැමගේම වාසනාවකි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

බ්‍රොන්කියෝලයිටිස් -( Bronchiolitis )

පුංචි දරුවන් උණ සහ ප්‍රතිශ්‍යාව තත්වයට පත් වීම ඉතා සුලබයි. මේ අතර උණ , ප්‍රතිශයාව නෙසලකා සිටියොත් ඒ නිසාම පෙනහළු  ආසාදනය වීම හෙවත් බ්‍රොන්කියෝලයිටිස්  රෝග තත්වයට පත් වීමටත් යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවා ප්‍රතිශ්‍යාව සහ කැස්ස තත්වයෙන් පසු වෙනවා නම් ඒ ගැන නොසලකා ඉන්නත් එපා.වෛරසයක් හෝ බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වෙන බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයේදී අභ්‍යන්තර පටල ඉදිමෙන නිසා ශ්වාස නාල සිදුරු සිහින් වී හුස්ම ගැනීම අපහසු වෙනවා.

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය සාමාන්‍ය සිදුවීමක්. නමුත් කැස්ස සමග මෙවැනි ලක්ෂණ ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.රෝග තත්වය නොසලකා සිටියොත් පෙනහළු තුළ තිබෙන ශ්වාසනාල ඇතුළු පටල තුවාල වී ශ්වාසනාල ආසාදනය වෙනවා.

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය ගැන යම් අනතුරු ලකුණු දැන ගැනීමට පුළුවනි. ඒවා දැන ගැනීම සමග දරුවා ප්‍රතිකාර වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්. 

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය ඇති වෙන්නේ…?

මේ රෝග තත්වය සමාන්‍ය ප්‍රතිශ්‍යාවකින් ආරම්භ වෙන්න පුළුවනි. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වෙන රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ මේ අන්දමින් සඳහන් කරන්න පුලුවනි.

  • සාමාන්‍ය ප්‍රතිශ්‍යාව ( cold )
  • කැස්ස
  • කැස්ස සමග රුධිරය පිටවීම
  • නාසය සිරවීම
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • සමහර අවස්ථාවලදී මද උණ
  • සාමාන්‍යයෙන් මේ තත්වය දින කීපයක් තිබී සුවය ලැබීමට පුළුවනි. 

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයේ උග්‍ර අවස්ථාවන්

බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වය උත්සන්න වීමත් සමග ඇති වෙන රෝග ලක්ෂණ ගැනත් දෙමව්පියන් දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.

  • දරුවා හුස්ම ගන්නා විට ඇති වෙන  ( wheezing  ) ශබ්දය
  • වේගයෙන් හුස්ම ගැනීම
  • ශ්වසන මාර්ගයේ ඔක්සිජන් ධාරිතාවය අඩු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය apnea ලනිසා දරුවාට යන්ත්‍රානුසාරයෙන් ශ්වසනය ලබා දීමට පවා සිදු වේ.
  • තොල් සහ නිය  නිල් පැහැ ගැනීම cyanosis
  • විජලන තත්වයට පත් වීම
  • නිව්මෝනියා රෝග තත්වයට පත් වීමටත් ඉඩ තිබෙනවා.

අවදානමක් ඇති දරුවන්

බ්‍රොන්කියෝලයිටිස් හැදුන විට සෑම දරුවෙක්ම අවදානම් ඇති දරුවන් ලෙස සලකන්නේ නැහැ. බ්‍රොන්කියෝලයිටිස් නිසා ඇති වෙන අපහසුතාවයට හුමාලය ඇල්ලීම වැනි ප්‍රතිකාර ලබා දෙන්න පුළුවනි.

මාස තුනට අඩු දරුවන් සහ  නොමේරූ ළදරුවන් බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයට පත්  වීමේ වැඩි  අවදානමක් තිබෙනවා. බ්‍රොන්කියෝලයිටිස් රෝග ලක්ෂණ  උත්සන්න වී පෙනහළු ආසාදනය උග්‍ර වුන අතැම් දරුවන් දැඩි සත්කාර ඒකකයන්ට ඇතුලත් කර ප්‍රතිකාර කිරීමට සිදු වෙනවා. ඔවුන්ගේ පෙනහළු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වී නොමැති නිසා බ්‍රොන්කියෝලයිටිස්  රෝග තත්වය යම් අන්දමකින් අවදානමක් ඇති කරන්න පුළුවනි. ඊට අමතරව 

  • නොමේරූ දරුවන්
  • හෘදයවස්තුව සහ පෙනහලු ආශ්‍රිතව සංජානනීය රෝග තත්වයන් ඇති දරුවන්
  • දුර්වල ප්‍රතිශක්තිකරණය සහිත දරුවන්

මව්කිරි පානයට අවස්ථාවක් නොලැබීම ( සමහර විට මවගේ රෝගී තත්වයන් සහ මව් මියයෑම වැනි හේතුන් නිසා ළදරුවාට අවශ්‍ය පෝෂණය මව්කිරි වෙතින් නොලැබීමට පුළුවනි. මව්කිරි නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වීම සිදු වුනත් මෙවැනි දරුවන්ට එම වාසිය අහිමි වීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා ඕනෑම බෝ වන රෝගයකට පහසුවෙන් ගොදුරු විය හැක. ) 

  • ජනාකීර්ණ පරිසරයක ජීවත් වෙන දරුවන්
  • අක්‍රිය දුම්පානය හෙවත් දුම්පානයට නිරාවරනය වන දරුවන්

කුඩා දරුවන් බ්‍රොන්කියෝලයිටිස් රෝග තත්වයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද..?

දරුවන්ගේ ආරක්ෂකයා මව්පියන් බැව් අපි දන්නවා. විශේෂයෙන් ශ්වසන රෝග තත්වයන් දරුවන්ට ඉතා පහසුවෙන් වැළඳීමට ඉඩ තිබෙනවා. ඒ නිසාම දෙමව්පියන් විසින් ළදරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

  • උණ ප්‍රතිශ්‍යාව ඇත්නම් දරුවා හැකි තාක් නීරෝගී දරුවන් හා ගැටීම වැලැක්විය යුතුයි.  සමහර විට පාසල් යන දරුවන් උණ ප්‍රතිශ්‍යයා තත්වයෙන් පසු වෙන විට ළදරුවන් ඇත්නම්  ආරක්ෂා කර ගැනීම වගේම වැඩිමහල් දරුවන්ටත් මෙවැනි රෝග තත්වයන්ගෙන් හැකිතාක් ආරක්ෂාව කරන්න.
  • මුහුණු ආවරණ පළඳින්න
  • දරුවා ස්පර්ශ කිරීමට පෙරාතුව සෑම අවස්ථාවකදීම සබන් යොදා හොඳින් අත් සෝදන්න.
  • දරුවාට මව්කිරි ලබා දෙන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිඩා සෞඛ්‍ය සහ  නිර්වින්දන වෛද්‍ය නිළධාරී නාමල් චමින්ද විජේසිංහ

දිස්ත්‍රික් රෝහල, මීගමුව 

මළබද්ධය නොසලකාම ඉන්නත් එපා.

මළබද්ධය අප කා අතරත් පවතන සුලබ  රෝග තත්වයක්.කුඩා දරුවාගේ පටන් වැඩිහිටි වයසේ පසු වෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුනත් මෙහි පැහැදිලි වෙනසක් නැහැ. එයින් අප අදහස් කරන්නේ මළබද්ධය කුඩා දරුවන් අතර හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වුන රෝග තත්වයක් ලෙසින් වෙන් කිරීමට අපහසු බවයි.

මළපහ කිරීමට රටාවක් තිබෙනවාද..?

ඔව්. ඒ තත්වයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර විට දිනකට තුන් හතර වාරයක් මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති අය සිටිනවා. ඒ වගේම තවත් පුද්ගලයන් තමන්ගේ දවස ආරම්භ කරන්නේ උදේ තේ කෝප්පයක් හෝ ජලය පානය කිරීමෙන් පසුව ඇති වෙන මළපහ කිරීමේ අවශ්‍යතාවය අනුවයි. සමහර විට මේ රටාවට අනුව දින කීපයක් මළපහ පිට නොවුනොත් ඒ පුද්ගලයා තමන් මළබද්ධයෙන් පසුවෙන බවට ඔහු විසින්ම නිගමනයන් ගොඩ නගා ගන්නවා. ඒ නිසා මළ බද්ධය රෝග තත්වය ගැන පැහැදිලි නිර්වචනයක් ලබා දීමට බැහැ.

මේ රෝග ලක්ෂණ ඔබට තිබෙනවාද…?

නමුත් ඔබට මළබද්ධය යැයි ඔබ විසින්ම අනුමාන ගොඩ නගා ගැනීමට සාධාරණ හේතු සාධක ඔබටත් ඇති. ඉතින් එවැනි ලක්ෂණ කීපයක් මේ අන්දමින් සඳහන් කරන්න පුළුවනි.

  • සතියේ දින හතක් තිබුනත් ඔබට සතියේ දින තුනක්වත් මළපහ පිට වෙන්නේ නැත්නම්.
  • මළපහ පිට කිරීම සාමාන්‍යයෙන් සිදු වෙන ක්‍රියාවක් වුනත් එහිදී ඔබට අපහසුතාවයක් හෝ වේදනාවක් දැනෙනවා නම්
  • මළ වියළි නම්
  • මළපහ සමග රුධිරය පිටවෙනවා නම්
  • ඔබට අපහසුවක් නොමැති ලෙසින් යම්  ධාරිතාවයක් පිට නොවනවා නම්

මළබද්ධය ඇති වෙන්නේ ඇයි…?

මළබද්ධයට බලපාන ප්‍රධාන හේතුව විදිහට අපේ ආහාර රටාව සඳහන් කරන්න පුළුවනි. පවතින සමාජ රටාව අනුව අපි වගේම අපේ දරුවන් දැන් බොහෝ සෙයින් අනුභව කරන්නේ කෘතිම සහ සකස් ක්ෂණිකව කළ ආහාර. අපේ ජීරණ ක්‍රියාවලියට තන්තු අවශ්‍යයි. නමුත් ඉහතින් සඳහන් කළ අහාර මගින් අපට තන්තු ලැබෙන්නේ නැහැ.අතීතයේදී බොහෝ සෙයින් අපේ ආාහරවලදි ව්‍යංජන ලෙසින් සකස් කළ කොහිල, පලා ,කෙසෙල් මුව වැනි තන්තු බහුල එලවළු පවා කාර්ය බහුල ජීවන රටාව නිසා සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. එහි විපාකයක් විදිහට අද බොහෝ දෙනෙක් මළබද්ධය වැනි අපහසුතාවයන්ගෙන් පීඩා විඳිනවා.

ජලය පානය කිරීම

මළ මෘදු කිරීමට ජලය අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙක්  ජලය පානය කිරීමට උනන්දුවක් නැහැ.

ව්‍යායාම අඩු වීම

අපේ ජීව ක්‍රියාවලියන්හිදී ව්‍යායාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. රෝගාබාධ නිසා එක්තැන්ව සිටීම,වැඩි වේලාවක් වාඩි වී සිටීම වැනි හේතූ නිසා මළබද්ධය ඇති වෙනවා.

මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට ප්‍රමාද වීම…

මළපහ කිරීම වැනි අවශ්‍යතාවයන් ඇති වූ විට ඒවා ප්‍රමාද කිරීම එතරම් සුදුසු නැහැ. නමුත් අපි බොfාහ් විට දවසේ වැඩ රාජකාරි සමග මළපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුනත් එය අපේ වෙනත් අවශ්‍යතාවයන් නිසා පසුවට කල් තබනවා. අපේ ජෛව රිද්මයට විරුද්ධව කටයුතු කිරීම නිසා සිදු වෙන ප්‍රමාදයට ප්‍රතිඵලයක් ලෙසින් අපට මළබද්ධය වැනි අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා මළපහ කිරීමට අවශය වුනොත් එය කල් තැබීම අපටම සිදු කර ගන්නා වරදක්.

ඇතැම් ඖෂධ නිසා

විවිධ රෝගාබාධයන්ට අපි භාවිතා කරන ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසින් මළ බද්ධය ඇති වෙනවා. ඒ ත්වය ඖෂධ භාවිතා කිරීම අවසාන විමත් සමග මග හැරෙනවා. ඒ වුනත් ඖෂධ භාවිතා කරන කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්.

ගර්භණීත්වය

ගැබිණිබව සමග ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසාත් මළබද්ධය ඇති වෙනවා. මේ තත්වයටත් ප්‍රතිකාර ලෙසින් ගර්භණී කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්. ඒ වගේම ඇවිදීම වැනි ව්‍යායාමයන් අනුගමනය කිරීමටත් හැකියාව තිබෙනවා.

මානසික ආතතිය

අද කාර්යබහුල ජීවන රටාව සහ තරඟකාරී සමාජය තුළ ආතතිමය තත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. විභාග කාලසීමාවේදී දරුවන් මේ තත්වයට පත් වෙනවා. ඒ වගේම තමන් ජීවත් වුන පරිසරය වෙනස් වූ විට වගේම විවිධාකාර මානසික හැලහැප්පීම් නිසා ඇති වෙන මානසික අවපීඩනයත් මළබද්ධයට හේතුවක්.

කුඩාදරුවන්ට මළබද්ධය ඇති වීම

විශේෂයෙන්ම කුඩා දරුවන්ට වැසිකිලි පුරුදු පුහුනු කිරීමේ ආරම්භක අවධියේදී මලබද්ධය ඇති වෙනවා. ඔවුන් මේ ආගන්තුක පරිසරයට හුරු කිරීමේදී ඇති වෙන  මානසික වෙනස මේ තත්වයට හේතුවක්.

රෝග තත්වයන්

සමහර අවස්ථාවලදී මළබද්ධය රෝග තත්වයක තවත් ලක්ෂණයක් විදිහට සඳහන් කරනන් පුළුවනි. තයිරොක්සින් හෝර්මෝනයේ අඩු විම, පිළිකා, අර්ශස්,බඩවැල් ආහ්‍රිත රෝග තත්වයන්  ඊට නිදසුන් විදිහට දක්වන්න පුළුවනි.

මළබද්ධයෙන් ආරක්ෂාවමළබද්ධයෙන් ආරක්ෂා වීමට නම් ඔබේ පාර්ශවයෙන් කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. දිනපතා එකම වේලාවකට සහ අවශ්‍යතාවය ඇති වූ විට මළපහ කිරීම වැදගත්. ඉංග්‍රිසි භාෂාවෙන්  කියන අන්දමට ‘‘Respond to Natures call ‘‘කොටින්ම ඔබ ස්වභාව ධර්මයට අවනත වෙන්න

තන්තු බහුල එළවලු , පළා සහ පළතුරු, ධාන්‍ය, නිව්ඩ්ඩ සහිත හාල් ආහාර වැඩි පංගුවකින් ලබා ගන්න. පිරිපහදු කළ සහල්, ක්ෂණික සහ කෘතිම ආහාරවලින්  ඈත් වෙන්න.

දිනකට වතුර වීදුරු 6-8 අතර ප්‍රමාණයක් පානය කරන්න.

මළබද්ධය ගැන අවධානයක් දැක්විය යුතු අවස්ථා මොනවාද…?

 මළබද්ධය පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථාවන් කීපයක් තිබෙනවා.

  • ඔබේ වයස අවුරුදු 40 ඉක්මවා ඇත්නම් සහ කෙටි කාලයක් තුළ හදිසියේ සිදු වෙන මළපහ කිරීමේ රටාව වෙනස් වීම සමහර විට මළ වියළි ස්වබාවය වගේම අනවශ්‍ය ලෙසින් දියාරු විමත් නොසලකා ඉන්න එපා.
  • මළබද්ධයට හේතුවන කරුනු හඳුනා ගැනීමට අපහසු නම්
  • මළ සමග ලේ පිටවීම හෝ වර්ණයේ වෙනස්කම් ඇත්නම්

මළ බද්ධය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර

සම්පීඩනය වුන මළ වතුර මගින් ප්‍රසාරනය  කරවන ඖෂධ ලබා දීම.

ආහාර මාර්ගයේ ක්‍රමාකුංචනය වැඩි කිරීම.

ගුද මාර්ගය ඔස්සේ ඇතුලු කරන suppository මගින් විරේක කිරීම

විරේක කිරීම පිලියමක් නොවේ

නමුත් මළබද්ධයට විරේක ලබා ගැනීම සාර්ථක පිළියමක් නොවේ. හට මළබද්ධයට ප්‍රතිකාරයක්ද නොවේ. මෙම විරේක ප්‍රතිකාර මගින් සිදු වෙන්නේ මළපහ කිරීමට අවහ්‍ය උත්තේජනයක් ලබා දිමක් පමණි. ඒ නිසා මළපහ කිරීමේ පුරුදු ගොඩ නගා ගැනීම, තනත්ු බහුල ආාහර, ජලය හොඳින් පානය කිරීම සහ ශාරීරික මානසික සුවතාවයකින් ජීවිතය පවත්වා ගැනීම මළබද්ධයට හොඳම විසඳුම් ලෙස සඳහන් කළ හැක. ඒ වගේම මළපහ ආශ්‍රිතව ඇති වෙන අපහසුතාවයන් සියලල්ම මළබද්ධය යැයි අනුමාන කිරීමත් සුදුසු නැහැ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රවින්ද උඩගමගේ මහතා.

ගම්පහ දිස්ත්‍රික් රෝහල

දූලාගේ වැඩි ආදරේ තාත්තට.. පුතාගේ වැඩි ආදරේ අම්මට.. ඒක ඇත්තක්ද?

පුංචි කාලෙදි අපි අහලා තියනවා, ගෑනු ළමයෙක් නම් තාත්තට තමයි වැඩිපුර ආදරේ කියලා. ඒ වගේම පිරිමි ළමයෙක් නම් අම්මට වැඩිපුර ආදරේ කරනවා කියලා. ඇතැම් විට ඒක ඇත්තටම ප්‍රායෝගිකව දකින අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. හැම පවුලකම දුවෙක් හෝ පුතෙක් ඒහෙමත් නැත්නම් මේ දෙවර්ගයෙන්ම පවුලක් තුළ ඉන්නවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ කාරණය මානසික කාරණාවක්. මොකද සාමාන්‍යයෙන් වැඩි ආදරයක් දක්වන්නේ විරුද්ධ ලිංගිකයන්ට. මේ කාරණාව දරුවාගෙ පෞරුෂ වර්ධනයටත් දැඩිව බලපාන කරුණක් බව කිව යුතුමයි. අන්න ඒ නිසාම පිරිමි දරුවෙක් අම්මටත් ගැහැණු දරුවෙක් තාත්තටත් වැඩිපුර ආදරේ ඇයි කියන කාරණාව ගැන අද අපි කතා කරමු.

දරුවාගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳව කතා කිරීමේ දී මුල් අවුරුදු 05 කාලය තුළ 80% ක් වර්ධනය වන බව මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. එහිදී සිග්මන් ‍ෆ්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයාට අනුව අවධීන් 05 ක් ඔස්සේ දරුවාගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම අවධි වලින් 03 වන අවධිය වන ලිංගරූප අවධිය තුළදී දරුවන් විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය සහ ආදරය දැක්වීම මත ඔවුන් සිය පෞරුෂය සකස් කර ගන්නා බව ෆ්‍රොයිඩ් සඳහන් කරයි. මෙම අවධිය තුළ පිරිමි සහ ගැහැණු දරුවන්ගේ පෞරුෂයන් වෙන වෙනම වර්ධනය වීම යන කාරණය තීරණය වෙනවා

පිරිමි දරුවෙකුගේ පෞරුෂය වර්ධනය

පිරිමි දරුවෙක්ගෙ පෞරුෂය සංවර්ධනය සදහා බලපාන කරණු පිළිබඳ‍ සොයා බැලීමේදී පිරිමි දරුවෙක් මූලික අවධියේදිම තම පියා සමාන ලිංගිකයෙක් බව හඳුනා ගන්නවා. ඒවිට තමාට විරුද්ධ ලිංගිකයෙකු ලෙස නිවසේ සිටින්නේ මව වන අතරම පිරිමි දරුවා මවගේ සෙනෙහස, ආදරය දිනාගන්නට වෙහෙසෙන විට තම පියාව දකින්නේ ඒ සෙනෙහස දිනාගන්න උත්සාහ කරන තවත් තරගකරුවෙක් ලෙසටයි. ඒතැනදි දරුවා තුල තරගයක් ගොඩනැගෙනවා. එය පසුකාලීනව තරහකාරි චේතනාවන්ට අමතරව වෛරී චේතනාවන්ද පත් විය හැකි තත්ත්වයක්. ඒත් එය ඉතා ආදරණීය, අහිංසක වෛරයක් යැයි කීවොත් වඩාත් නිවැරදියි

පුතා තමන්ගේ අම්මට දක්වන ආදරය ඊඩිපස් සංකීර්ණය ඒහෙමත් නැතිනම් ඊඩිපස් සම්බන්ධය ලෙස හඳුන්වනවා. මේ ඊඩිපස් සංකීර්ණය එහෙමත් නැතනම් ඊඩිපස් සම්බන්ධය හරහා පිරිමි දරුවෙක්ගේ පෞරුෂය වර්ධනය වෙන ප්‍රධාන කාරණා තුනක් හඳුන්ව දී තිබෙනවා

  • පුතා, තම පියා ලිංගික වෛරක්කාරයෙක් ලෙස දැකීම 
  • විරුද්ධ ලිංගිකයෙක් වෙත ආදරයක් ඇතිවෙද්දි ඒ පාර්ශවයෙනුත් තමන්ට ඒ බලාපොරොත්තු වෙන ආදරය සෙනෙහස ලැබිය යුතු වුවත් තම මවගෙන් එහෙම අනුබලයක් නොලැබෙනවා පමණක් නොව මවගෙන් හිමිවන්නේ ඒ් ආකාරයේ ආදරයක් නොවෙයි. මවගෙන් ලැබෙන ආදරය මව්සෙනෙහස හා බැඳුණු ආදරයක්. අන්න ඒතැනදි පිරිමි දරුවා දැනෙන්න පටන් ගන්නවා මවගෙන් මේ කාරණාවේදී අනුබලයක් නොලැබෙන බව සහ ඒතැන් පටන් දරුවා ඒය වටහා ගැනීම ආරම්භ කරනවා.
  • දරුවා ක්‍රමයෙන් පරිණත වීමේදී වර්ධනය විමේදී ඔවුන් තත්ත්වය වටහා ගන්නවා.

මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධවෙන ආකාරය සහ මේ කාරණා දරුවෙකුගේ පෞරුෂය වර්ධනයට ඉවහල් වන කාරණා ලෙස හදුනාගෙන තියනවා.

ක්‍රමයෙන් පිරිමි දරුවාගේ පෞරුෂ වර්ධනය සිදුවන විට තමන් බලාපොරොත්තු වුන ආකාරයට දේවල් සිදුනොවුන නිසා පියා තමාට සිටින තරගකරුවෙක් නොවන බව දරුවා වටහා ගන්නවා. ඒ් වගේම තම මවගෙන් බලාපොරොත්තු වු ආකාරයේ ආදරය නොලැබීම මත පිරිමි දරුවන් තම පියා අනුකරණය කිරීමට පටන් ගන්නවා. පිරිමි දරුවෝ තාත්තා වගෙ අදින්න, කොන්ඩෙ පීරන්න කැමතියි කියලා අපි  අසා ති‌බෙනවා.  ඒ වගේම මව දරුවාගෙන් ඈත්වීම කියන කාරණාවත් පිරිමි දරුවන්ගෙ පෞරුෂය නිසි පරිදි වර්ධනය නොවීමටත් බලපාන කාරණාවක් බව මේ වන විට සොයාගෙන තිබෙන කරුණක්

කෙසේ වුවත් මේ කුමන ආකාරයකින් හෝ දරුවෙකුගේ පෞරුෂය නිසි කාලය තුළ නිසි පරිදි සංවර්ධනය නොවීම දරුවා වැඩිවියට පත්වෙද්දි පෞරුෂය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකියි

නිසි කලට නිසි පරිදි මනා පෞරුෂවර්ධනයක් සිදු නොවන දරුවන් ස්වයංවින්දනයට  වැඩි කැමැත්තක් දක්වන බව වගේම මව සහ පුතා අතර බැදීම කියන කාරණාව වර්තමාන සමාජ තත්ත්වයන් තුල දික්කසාදය, පවුල් ආරවුල් ඇති වීම සඳහාත් ප්‍රධාන හේතුවක් වන බවත් මේ තත්ත්වයට හේතු ලෙස පිරිමි දරුවා, පියා සමග එකගතාවයන් ඇතිකර නොගැනීම ආදි කරුණු බලපාන බව පර්යේෂකයන් පවසනවා

ගැහැනු දරුවෙකුගේ පෞරුෂ වර්ධනය

ඊඩිපස් සම්බන්ධය පිරිමි දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට බලපෑ ආකාරයටම ගැහැනු දරුවන්ට බලපානු ඇත. ගැහැනු දරුවනුත් පියාගේ ආදරය ලබාගන්න මවත් සමග තියන තරගකාරීත්වය ඉලෙක්ට්‍රා සම්බන්ධය ලෙස හදුන්වනවා. මේ තත්ත්වය තුල ගැහැනු දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනයට ප්‍රධාන කරුණු දෙකක් බලපාන බවට සදහන් වෙනවා.

  • පියාගෙන් අනුබලයක් නොලැබීම
  • පරිණත වීමත් සමගම ගැහැනු දරුවන් පියාගෙන් අපේක්ශා කරන සෙනෙහස ක්‍රමයෙන් පෞරුෂ සංවර්ධනයට අදාලව හැඩගස්සවා ගන්නවා.

සාමාන්‍යයෙන් මේ තත්ත්වයේදී පියාගේ ආදරය සඳහා වු තරගයෙන් පසුව ගැහැනු දරුවෙක් තම මව අනුකරණයට පෙළඹෙනවා. අම්මා අදින විදිය, මේකප්, සපත්තු සියල්ල අනුකරණය කිරීමට ගැහැනු දරුවන් පෙළඹෙනවා. ඉහත සඳහන් කරන ලද කාරණා නිසි පරිදි ඉටු නොවුනොත් ගැහැනු දරුවෙකුගේ වුවද පෞරුෂය නිසි පරිදි සකස් නොවිය හැකියි.

මව ළඟ නොමැති වීම/ මවගේ චරිතය දුර්වල වීම/මවගේ පෞරුෂය නිසි පරිදි සකස් නොවී තිබිම වැනි කරුනු ගැහැනු දරුවෙකුගේ පෞරුෂය  තුළ යම් යම් අඩුලුහුඩුකම් ඇති වීමට හේතු විය හැකියි. උදාහරණ ලෙස සමලිංගික සේවනයගැහැණුකම නොමැති විම පෞරුෂයේ දුර්වලතා ඇති ගැහැනු දරුවන් තුළ දැකිය හැකියි. ඒනම් ඔවුන් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය ගති ලක්ෂණයි. මෙවැනි තත්ත්වයන් ඇති ප්‍රධාන හේතුව ලෙස වයස අවුරුදු 3 – 6 කාලයේදී ලබන ඉලෙක්ට්‍රා සම්බන්ධය ඔස්සේ ගැහැනු දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනය නොවීම දැක්විය හැකියි

කුඩා වියේ සිටම දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට අදාල අත්දැකීම් නිසි පරිදි හිමි වීම ඉතාම වැදගත් වන්නේ දරුවෙක් වැඩිවියට පත්වෙද්දි පෞරුෂ සංවර්ධනයට අදලාව ඉතිරිව ඇත්තේ 15% – 20% වැනි සුළු ප්‍රමාණයක් වන අතරම වැඩි ප්‍රමාණයක් සිදු වන්ගේ වයස අවුරුදු 3 – 6 වැනි කුඩා වියේ වීමයි. නිසි වයස් සීමාවේදී නිසි ලෙස පෞරුෂ වර්ධනය සිදු නොවිම මත වැඩිවියට පත් වන දරුවා පෞරුෂ අඩුපාඩු ඇති පුද්ගලයෙක් ලෙස සමාජගත වීම කණගාටුවට කරුණක්. රටට අවශ්‍ය වන හොද පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බිහිකරන්නට නම් දෙමාපියන් වන ඔබ පූර්ව ළමා විය නිසි පරිදි සංවර්ධනයකිරීමෙහිලා නිසි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නිලානි අලුත්ගේ මහත්මිය

මනෝවිද්‍යා උපදේශිකා 

 


                

දෙමව්පියන් දරුවන්ට ආකර්ශනය වෙන රීති

දරුවන්ගේ ජීවිතයේදී අම්මා, තාත්තා තරම් සමීප චරිතයක් දරුවන්ට තවත් නැහැ. ඒ වගේම දෙමව්පියන් මුල් කර ගත් ආදරය, විහ්වාසය දරුවන්ගේ හදවතේ ගොඩ නැගෙන්න නම් මව්පියන්ගේ ගති පැවැතුම් ගැනත් දරුවන් බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබ මුල් කර ගෙන පූර්වාදර්ශ චරිත දරුවන්ගේ හිතේ ගොඩ නැගුනේ නැත්නම් සැබැවින්ම ඔබ දරුවන්ට ආකර්ශනයක් ලබා දෙන මව්පියන් ලෙස සලකන්න බැහැ. ඉතිං දරුවන්ගේ ආකර්ශනය ලබන දෙමව්පියන් විදිහට ඔබේ ජීවිතය හැඩ ගසා ගන්නේ කොහොමද…?

සරල වෙන්න…

අපේ ජීවිතයේදී සරල බව අපට ආභරණයක්. සරල ජීවිතයට පැවැත්මක් තිබෙනවා. කොටින්ම අපේ තරමට අපි වැඩ කරන, අනුන් අනුකරණය නොවන සරල පැවැත්මක්  තිබුනොත් අපේ ජීවිතයේ ස්ථාවරත්වය රදවා ගන්න පුලුවනි. සමහ මව්පියන් දරුවන් පවා තරඟකාරීත්වයට යොමු කරමින් ඔවුන්ටත් පිඩාකාරී වෙන අන්දම අපේ අත්දැකීම් තුළත් තිබෙනවා. ඒ නිසා නිතරම සරල වෙන්න. එවිට ඔබේ දරුවන්ද එය අනුගමනය කරනු ඇති. සරල දෙමව්පියන් දරුවන්ට නොදැනීම ආකර්ශනයක් වෙනවා. ඊට හේතුව අනවශ්‍ය අන්දමින් සමාජය හඹා යෑමේ ගති පැවැතුම් මේ දෙමව්පියන් තුළ නොමැති නිසා දරුවන්ටත් එයින් ලැබෙන සහනශීලී බවක් ගොඩ නැගෙනවා.

බුද්ධිමත් වෙන්න..

දෙමව්පියන්ගේ බුද්ධිමත්බව මනින්නේ ඔවුන් ලබා ඇති උපාධි සහතිකවලින් නොවේ. අපි දරුවන් සමග කටයුතු කරන විට බුද්ධිමත්ව හැසිරීම ඉතාම වැදගත්.ජීවිත අත්දැකීම් ලබා දරුවන් පෝෂණය කිරීමට සූදානම්ව සිටින මව්පියන් තුළ බුද්ධිමත් හැසිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. දරුවන්ගේ රටාව, ඔවුන්ගේ මානසික තත්වය, ඔවුන්ගේ ඕනෑ එපාකම් දැන හදුනා ගැනීමේ ඉවක් තිබීම ඉතාම වැදගත්.

දරුවන් කියන්නේ සමාජ අත්දැකීම් නැති පිරිසක්. ඔවුන්ගේ ජීවිතයට මුල්ම අත්දැකීම් ලැබෙන්නේ දෙමව්පියන්ගෙන්. ඒ නිසා දරුවන් සමග ගණුදෙනු කරන විට දෙමව්පියන්ගේ බුද්ධිමත් හැසිරීම ඉතාම වැදගත්.

සකසුරුවම…

අද ජීවන තත්වය අනුව ජීවත්විමත් සෑහෙන ගැටුමක්. එය විටෙක ආර්ථික වශයෙන් පමණක් නොව මානසික ලෙසින්ද ගැටුමක් බවට පත් වී අවසානයි. සමහර දෙමව්පියන් දරුවන්ටත් වස පොවා ඔවුන්ද සිය දිවි හානි කර ගන්නා තත්වයක් අපි දැක තිබෙනවා නමුත් ඒ බුද්ධිමත් මව්පියන්ගේ ගති ලක්ෂන නොවෙයි. ජීවත් වීමේ අයිතිය දරුවන්ට..ඔවුන් ජීවත් කිරීමේ වගකීම මව්පියන්ට ඇති නිසා නිතරම සකසුරුවමින් වැඩ කරන්න. එවිට හෙට දවස වෙනුවෙන් දරුවන්ට ලතැවෙන්න අවශ්‍ය නැහැ. දෙමව්පියන්ගේ සකසුරුවම නිසාම දරුවන්ට මේ අසීරු කාලයේදී වුනත් දෙමව්පියන් විසින් ඔවුන්ගේ  මූලික අවශ්‍යතාවයන් ඉටු කරන නිසා සැබැවින්ම  ඔබ දරුවන්ගේ ආකර්ශනයට යොමු වෙනු ඇති.

කරුණාව

අපි මව්පියන් බව ඇත්ත. දරුවන්ට අපේ අණසක පතුරුවන්නත් පුළුවනි. ඒකත් ඇත්ත. නමුත් අනවශ්‍ය අන්දමින් ආධිපත්‍ය ගොඩ නගා ගැනීමට වඩා දරුවන්ට නිතරම කාරුණික වෙන්න.දරුවන්ට කාරුණික වීම නිසා ඔවුන් ඔබට දක්වන ගරුත්වයට කිසිම ලෙසකින් හානියක් සිදු වෙන්නේ නැහැ. දරුවන්ට ඕනෑම ප්‍රශ්නයක් කථා කරන්න..හිත නිදහස් කර ගැනීමට ඔබ සමග සමීප සම්බන්ධතාවයක් තිබීම වැදගත්. දරුවන්ට කටක් අරින්නට ඉඩ නොදෙන අන්දමින් අමානුෂික වීම ඔබේ පෞරෂය ගොඩ නගා ගැනීමක් නොවේ. ඒ අන්දමින් අනවශ්‍ය ලෙසින් මවා ගත් ආඩම්බරයක් සහිත මව්පියන්ගේ දරුවන් පවුල තුළම විතැන් වෙනවා. ඒ පමණක් නොවෙයි, ඔවුන්ගේ ප්‍රශ්න කථා කිරීමට කිසිවෙකුත් නැහැ. එයින්ද මානසික ලෙසින් දරුවන් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් දෙදෙනාම නිවසේ බුදුවරුන් විදිහට අපි සලකනවා නම් ඔවුන්ගේ කාරුණික ගති පැවැතුම් දරුවන්ට මහත් වූ ශක්තියක්. දයාබරව ආමන්ත්‍රණය, වරදක් දුටු තැන කාරුනිකව පැහැදිලි කර දීම, නොමගට යන මාවත් ගැන දරුවාට කරුනු කාරනාවන් වටහා දීම දෙමව්පියන්ගේ යුතුකමක්. මව්පියන් දරුණු අන්දමින් දරුවාට ප්‍රතිචාර දක්වනවා නම්  එවැනි දෙමව්පියන් සමග දරුවන්ට ඉතාම පහසුවෙන් ගනුදෙණු කරන්න පුලුවනි. 

සෑම ආගමික ශාස්තෘවරයෙක්ම සමාජයේ ආකර්ශනයට පාත්‍ර වූයේ කාරුණිකත්වය වැනි මෘදු ගුණාංඟ නිසා බැව් අපි හොදින්ම දන්නවා. ඒ නිසා දෙමව්පියන්ගේ කාරුණිකත්වය දරුවන්ගේ ආකර්ශයට හේතු වෙනවා. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට කාරුනික වෙන්න. දරුවන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න. එවිට අපේ අම්මා..තාත්තා අපට කරුණාවන්තව සලකන නිසා අපේ ජීවිතයේ සෑම දුකක් හෝ පසුබැස්මක් ඔවුන් සමග සාකච්චා කරන්න හැකියාව තිබෙනවා යන සහනය හිතේ ගොඩ නැගෙනවා.

ආත්ම විශ්වාසය..

දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය දරුවන්ගේ පෞරෂ වර්ධනයට විශාල ශක්තියක්.දරුවන්ගේ අනාගතයේ අත්තිවාරම ලෙසින් සඳහන් කළත් ඒ තරමටම නිවරැදියි. දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය වගේම දරුවන් මුල් කර ගෙන දෙමව්පියන් තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසයද ඉතාම වැදගත්.දරුවන්ට මග නොමග කියා දීමේදී ඔයාට ඔය දේ කරන්න පුළුවනි….බය නැතුව පටන් ගන්න… මේ අන්දමින් දරුවන්ට අනාගතයට පාර කියා දීමට මව්පියන්ගේ ආත්ම විශ්වාසය ඉතාම වැදගත්.එවැනි දෙමව්පියන් නිරන්තරවම දරුවන්ගේ අනාගතයට බියක් නැතුව පාර කියන්න සූදානම්. ඒ නිසාම තමන්ගේ ජීවිතයට ශක්තිය ලබා දෙන දෙමව්පියන් දරුවන්ගේ ආකර්ශනය පත් වීම අරුමයක් නොවෙයි.

 

අලුත උපන් දරු පැටවුන්ගේ අතපය නහය හදන්න ඕනෙමද?

සෑම දරුවෙකුම උපදින විට ඔවුන් කුස තුල සිටි ඉරියව්ව අනුවම ඉන්නවා අපිට දකින්න පුලුවන්. ඒ  දරුවාට ලැබුණු ඉඩකඩ හෝ ඔහුට ලැබුණු ක්‍රියාකාරකම් හෝ අනුව. එහෙම උනාම අපිට පේන්නෙ සමහර ඉන්ද්‍රියන් හැදිලා මදි එහෙම නැත්තම් ඇදයි, මිටියි මේ ලෙසින්. ඉතින් අපි එහෙම දකින ඉන්ද්‍රියන් අපි හිතන විදියට හදාගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අපිට එනවා.

ඒ එක්කම අපිට හිතෙන්නෙ නෑ දරුවා තවම පුංචී, එහෙම නැත්තම් මෝරලා නෑ වගේ දේවල්. එතකොට අපිට හිතෙනවා මේවා ටිකක් අතගාලා හදන්න පුලුවන් කියලා. එහෙම හිතුවට ඇත්තටම ඒක කරන්න පුලුවන්ද, එහෙම වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.

ඉපදෙන කොට හැම බබෙක්ම එකවගේ. ගැහැණු පිරිමි පවා අදුරගන්න මූණ බලලා බැහැ.විශේෂිත ආබාධ තත්ත්වයන් ඒ කියන්නෙ මොළය නිසි වර්ධනයක් නැති හෝ මන්ද බුද්ධික ලක්ශණ පෙන්නුම් කරන ඩවුන් වැනි තත්ත්ව වලදී පැහැදිලි ලෙස දැකිය හැකි යම් ලක්ශණ තිබුනත් එහෙම නොවන හැම දරුවෙකුගේම මානව ලක්ශණ බොහෝ දුරට සමානයි. ඒ වගේම ජානමය ලක්ශණ වලින් ඉවත් කලාම හුගක් අයගෙ ඇස්කන් නාස පිහිටීම වගේම ඒවායේ දුරස්ථ බව හෝ අනුපාතය එක සමානයි. එහෙම උනත් ජානමය ලක්ශණ සහිත දරුවන්ගේ ඒ ජාන ලක්ශණ අනුව උස් මිටි බව පැතලි රවුම් බව නළලේ ස්වාභාවය, නාසයේ පිහිටීම, ස්වාභාවය බොහෝදුරට දෙමව්පියන්ගේ ලක්ශණ වලට සමාන වෙනවා. දරුවන් පුංචි නිසා එම ලක්ශණ කුඩාකල දුටුවිට වෙනස් කල හැකියි කියලා තමයි ගොඩක් අය හිතන්නෙ. ඒත්…. උස යන කොට ශරීර බර වැඩිවෙන කොට, සම යට මේද තැම්පත් වෙලා එනකොට ගොඩක් ඒ ලක්ශණ පහසුවෙන් අදුරගන්න බැරි වෙනවා. ඒත්… කුඩා කල මේවා වෙනස් කරන්න පුලුවන් කියලා අනවශ්‍ය ලෙස අතපත ගෑම නම් හොද නෑ. මොකද බොහෝ වෙලාවට ශරීර බර දරාගෙන ක්‍රියාකාරකම් කරන්න නැගී සිටින කාලයට දරුවන්ගේ ඒ ශරීර බර හා ක්‍රියාකාරකම් දරාගැනීමත් සමගම දකින ඇද හෝ බකල ලක්ශණ පහව යනවා. එහෙම වෙන්නෙ දරුවා බයෙන් බයෙන් හෝ නැගීසිටින අවදියේදී නෙවෙයි. හොදින් නැගීසිටීමට හා ඇවිදීමට හැකියාව ලැබෙන විට ගුරුත්ව කේන්ද්‍රය අනුව ශරීර බර රැදෙන විට එය හරියන ලෙස පාදවල පේශි ශක්තිමත්ව සකස් වෙනවා. එතකොට අර ඉබාගාතෙ තියපු පාද නියමිත පරිදි බර දරාගන්නට උත්සහ දරන නිසා නිවැරදි ඉරියව්ව ඉබේම පිහිටනවා.

යමක් නැවී හෝ වැරදියට පිහිටින විට අතගා එය මත දිගින් දිගටම පීඩනය යෙදීම මගින් එය සකස් කරගත හැකි වුවද දරුවන්ගේ දෑත දෙපය මත අපිට එසේ පීඩනය යෙදිය නොහැක්කේ ඒවාට පීඩනය  ලැබිය යුත්තේ දරා සිටින ශරීර බර අනුපාතිකව වන හෙයිනි. එහි ප්‍රමාණය අපිට පැහැදිලි ලෙස නිර්ණය කරගත නොහැකි නිසා අප යොදන පීඩනය අනවශ්‍ය බරක් වුවහොත් සමාන පරිදි වැඩීමට ඉඩ තිබූ දේවල් අපගේ පීඩනය නිසා වෙනස් තත්ත්වයකට පත්විය හැකි නිසයි.

එහෙත්…දරුවන් නාවන විට නහය අතගෑම, කකුල් අතපය අතගෑම දරුවන්ට සංවේදන ලබාදෙන සිද්දියක් වූ විට ඒ හරහා දරුවාට දැනෙන සිනිදු සීතල හෝ ලිස්සන සුලු අත්දැකීම් මොළයේ වර්ධනයට දායක කරගත හැකියි. එහෙයින්…අතපත ගෑමේ වරදක් දැකිය නොහැකි වුවද ප්‍රමාණට ඉක්මවා සිදුවන යම් යම් ක්‍රියාකාරකම් නිසා එය හානි දායක ලෙස බල පෑ හැකිය.

දරුවන් කුසතුල සිටින විට එම අවකාශය පරිදි සිටින ඉරියව් සකසා ගන්නෙ යම්සේද ඉපදී වැඩෙන විට මේ පරිසරය හා ක්‍රියාත්මක වීමට හැකි ලෙසින් අවයව සකස් වීම සිදුවන හෙයින් ඒ සදහා විශේෂිත ලෙසින් සත්කාර අවශ්‍ය නොවේ. කාලයක් තිස්සෙ පැවත එන ක්‍රමවේද යල්පැන ගියා යැයි ප්‍රතික්ෂේප නොකල යුතු නමුදු අප විසින් කලයුත්තේ විද්‍යාත්මක ක්‍රමවේද ඒ තුල වේදැයි විමසා බැලීමයි. එසේ නොවූ  කල පරම්පරා දෙකක ගැටලුවක් බවට පත්වීමත් නිවැසියන් අතර මතභේද හටගැනීමටත් හේතු විය හැකි මෙවන් කරණු පැහැදිලි කරගැනීම මෙන්ම පැහැදිලි කර දීමත් වඩාත් යෝග්‍ය වේ.

කුස තුල සිටින දරුවා යෝනි කුහරය තුලින් මෙලොවට පැමිණීමේදී එහි ප්‍රමාණය හා හැඩය අනුව බිහිවීම පහසු වීම සදහා හිසේ අස්ථි පවා වෙනස්වෙමින් හැඩය වෙනස් කර ඉඩ හදාගනු ලබනවා. එසේ බිහිවන දරුවාගෙ උල් හැඩයක් ගන්නා බවත් සමහර ප්‍රදේශවල දොදොල් වැනි  මෙලෙක් ස්වාබාවයක් ඇතිවීමක් සිදුවුවද ක්‍රමයෙන් එම අස්ථි කොටස් දරුවාගෙ වැඩීම සමගම සමාන පරිදි සකස් වී නියම උරුමකම් ඇති හැඩයට හිස පත්වීම සිදුවනවා. එය අපි විසින් බලපෑම් එල්ලකර අතගෑම තුලින් වෙනස් කිරීමට නොහැකි අතරම එසේ කිරීමට යාමෙන් වෙනත් අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතිනවා.

නහය ඇදීම හෝ අතපය අත ගෑම රිදෙන හෝ වේදනාකාරී ලෙසින් සිදුකිරීම දරුවාට හිරිහැරයක් වන අතර එසේ නොවන ලෙසින් සියුම්ව සුමුදුව කරනවා නම් එය දරුවාට ආදරනීය වූ හැගීමක් ඇතිකිරීමට කල හැකි නම් වරදක් හෝ හිරිහැරයක් නොවනු ඇත. සකස් වූ අවයව වැඩීම සාමාන්‍ය පරිදි සිදුවන බැවින් අතින් ඇද තදින් අතගෑමෙන් වෙනස් කිරීමට ලක්කල නොහැකි බැවින් ඒ බව වැඩිහිටියන්ට වටහා දීම අපේ වගකීම වනවා.

පරම්පරාවෙන් ජානගතව උරුම වූ ලක්ශණ වෙනස් කිරීමට  නොහැකි සේම දරුවා වැඩෙත්ම ඔහු සිදුකරන ක්‍රියාකාරකම් සමග ශරීර සමබරතාවයට අදාල වන සේ අතපය වල හැඩගැසීම් සිදුවන හෙයින් කුස තුලදී ඒ හැඩයට අනුවම වකුටු වී තිබූ අතපය ක්‍රම කමයෙන් දිග හැරීමත් ශරීර බරට මෙන්ම සංචරනයට පහසු වන සේ පැහැදිලි ලෙස ඉරියව් ගතවීමත්  දරුවාට අවුරුදු දෙකක් පමණ ගතවන විට සිදුවන හෙයින් ඒවා සදහා කලබල වීම අනවශ්‍යයි.

කේසේ නමුත් සහජ ආබාධ තත්ත්වයක් නිසා සිදුවන අත්පාවල වකුටු වීම් හදුනාගැනීමත් මේ සමගම වැදගත් වනවා. එවැනි ආබාධ තත්ත්වයක් හදුනා ගැනිමත් ඒ සදහා වෙද්‍ය ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය වන අතර එවැනි අවස්තාවලදී ශල්‍යකර්ම සිදුකිරීම, ප්ලාස්ටර් යෙදීම වැනි ක්‍රම වලට අමතරව සිදුකරනු ලබන භෞතික චිකිත්සක ප්‍රතිකාර වේ නම් ඒවා නිසි පරිදි හා වෛද්‍ය නියමයන්ට අනුකුලව සිදුකල යුතුයි. කැල්සියම් හෝ විටමින් D ඌනතාවය මෙන්ම සංජානනීයව උපතේදීම ඇතිවන එවන් තත්ත්ව වලදී අසීරු අවස්තාවන් හදුනා ඒ අනුව නියමිත ප්‍රතිකාර සිදුකිරීමද එකසේ වැදගත් වෙනවා.

නියමිත පරිදි පෝෂණය ලැබීමට අවැසි පසුබිම සැකසීමද වැදගත් කාර්ය භාරයක් වනුයේ කුඩා දරුවන් සීග්‍ර වර්ධනයක් පෙන්වන හෙයිනි. එසේම ආබාධිත තත්ත්වයන් ඇති වීමට හේතුවිය හැකි අවස්ථාවන් හදුනා ගැනීමත් වඩාත් වැදගත් වන්නෙ කුස තුල සිටම නියමිත පෝශණයක් පවත්වා ගැනීම මගින් කලල අවස්තාවේදී ඇතිවන ආබාධ අඩුකරගත හැකිවන බැවිනි.

මේ ලෙස සලකා බැලීමේදී දරුවන්ගේ හිස අතපය නහය ආදිය සකස් වූ ඒවා අත ගෑමෙන් හෝ ඇදීමෙන් වෙනස් හැඩවලට පත්කර ගත නොහැකි බව ඔබට අවබෝධ වනවා ඇති. එසේම අනවශ්‍ය රිදීම්,බාධාවන් මගින් ඇතිකරන කරදරකාරී හැගීම් වෙනුවට ආදරණීය ලෙසින් සිදුකරනු ලබන අතපත ගෑම මගින් දක්වන සෙනෙහස ආදරය දරුවාගෙ මුල් ළමාවිය සංවර්ධනයටද මහගු පිටුවහලක් වනු ඇති.

එසේ හෙයින් අවශ්‍ය පරිදි වැඩෙන්නට ඉඩ ප්‍රස්තාව සපුරා දීමත් දුර්වලතා හෝ අඩුපාඩු ඇති තැන්වලදී ඒව අධ්‍යයනය මගින් තේරුම් ගෙන ඒවාට පිළිතුරු සෙවීමත් සෑම කටයුත්තකදීම අප විසින් කල යුතු වෙනවා. දරුවන්ට දරුවන්ගේ ලෝකය තුල ස්වාධීනව කටයුතු කල හැකි අවස්තාවන් හිදී බලපෑම් ඇති නොකිරීමටද ප්‍රශස්ත මට්ටමක වර්ධනයක් හා සංවර්ධනයක් ඇතිකිරීමට ඇති බාධාවන් ඉවත්කල අවැසි පරිදි ශේස්ත්‍ර සටහන් උදව් සැපයීම ළමා ලෝකය ලස්සන කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කරනවා. 

නහය අතපය හෝ ඔලුව අතගෑම තුලින් බලාපොරොත්තු වන ඇද කුද ඉවත් නොවන බව තේරුම් ගැනීමටත් හැකිවන සේ අපගේ දැනුම වැඩිදියුණු කරගත යුතු අතරම මෙවන් වූ දුර්මත සමාජගත වීම වළක්වා ගැනීමත් පාරම්පරිකව පවත්වාගෙන ආ දේවල් සිත් රිදවීම් රහිතව ඉවත් කිරීමට උත්සාහ ගැනීම කලයුතු වෙනවා. පරම්පරා දෙකක ගැටුම නැති කර ගැනීමට නම් විද්‍යානුකුලව ඇති සත්‍යතා පැහැදිලි කල හැකිවන සේ දැනුම වැඩිදියුණු කරගත යුතුමය. තවද අත්තම්මලා ආච්චිලා යනු අත්දැකීම් බහුල කණ්ඩායමක් හා නිවැරදි හා පැහැදිලි ලෙසට දරුවන්ට සැබෑම ආදරය දක්වන්නන් බවත් අප තේරුම් ගත යුතුය. ඒ අනුව අපහට මේ සියලු කරුණු වලදී මැදිහත් විමටත් අවබෝධයයෙන් යුතුව ක්‍රියාකිරීමටත් ඇති හැකියාව විද්‍යාමාන වනුයෙ කටයුතු කිරීමට ලබාගන්නා හැකියාව තුලින් ඔවුනට නව පරම්පරාවෙ අදහස් තේරුම් ගැනීමටත් ඔවුන් පිලිබදව ඇති විශ්වාසය ගොඩ නැගීමටත් හැකි පරිසරයක් ගොඩ නැගීම තුලිනි. එවිට මෙවන් මතභේදාත්මක තත්‍ත්වයන් වළක්වා දරුවන්ගෙ හෙට දවස ආලෝකමත් කිරීමට පරම්පරාවෙ සියලු පුරුක් වලට හැකියාව ලැබෙනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දියණියගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඔබටත් ගැටලුවක්ද?

දියණියක් වැඩිවිය පැමිණි දිනයේ සිට මාස්පතා නිසි ක්‍රමවත් බවකින් යුතුව ඔසප් සිදු විය යුතුය යන්න මව්වරුන් සිතන නිසාම එහි ඇති වන අක්‍රමවත් බව ඔවුන් පීඩාවට පත් කරන්නේ ඔසප් චක්‍රය එසේ අක්‍රමවත්ව පැවතීම ඇයට යම් රෝගාබාධයක් නිසා ඇති වන තත්ත්වයක්ද කියා ඔවුන් බියට පත් වෙන නිසයි. ඒ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සාමාන්‍ය තත්ත්වයක්ද එසේත් නැත්නම් අසාමාන්‍ය තත්ත්වයක්ද යන්න පිළිබඳවත් එසේ වීමට හේතු මොනවාද යන්න පිඝිබඳවත් දැනුවත් වීම ඉතා වැදගත් වේ. 

වෛද්‍යතුමනි, ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය සාමාන්‍යද අසාමාන්‍යද යන්න පිළිබඳව තීරණය කරන්නේ කුමන සාධකවලට අනුවද?

ඔව්. ඔසප් චක්‍රයක් සාමාන්‍ය ද කියා සොයා බැලීමේදී  සාධක තුනක් සම්බන්ධව අපි සැලකිලිමත් වෙනවා.

  • ඔසප් චක්‍ර අතර ඇති පරතරය
  • ඔසප් ආරම්භ වීමත් සමග පිටවන රුධිර පරිමාව
  • ඔසප් සමයේ ඇති වන වේදනාව

ඔසප් චක්‍ර අතර ඇති පරතරය

සාමාන්‍යයෙන් ඔසප් සිදු වන්නේ දවස් 28කට වරක් බව බොහෝ විට පැවසෙනවා. ඒත් දින 28කට වරක් සෑම ගැහැනු දරුවෙකුගේම ඔසප් ඇති වන්නේ නැති විය හැකියි. එය දින 2135 ත් අතර, දින 21 න් 21ට, දින 31 න් 31 ඇති විය හැකියි. ඒ පරතරය සාමාන්‍ය පරතරයක් ලෙස අප හඳුන්වනවා. ඒත් යම් ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍ර අතර පරතරය දින 35ක් හෝ ඊට වැඩි නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වනවා. 

ඔසප් ආරම්භ වීමත් සමග පිටවන රුධිර පරිමාව

සාමාන්‍යයෙන් 80ml ලෙස පැවසුවත් එය මැනිය නොහැකියි. ඒ ගැන අදහසක් ලබා ගැනීමට පහත කරුණු වැදගත් වනු ඇත.

  • වහනය වන රුධිරයේ ස්වභාවය අනුව පරිමාව පිළිබඳව අදහසක් ලබා ගත හැකියි. එනම් රුධිරය ජලය ලෙස වහනය වීම, කැටි ලෙස හෝ කැබලි ලෙස වහනය වීම යන කරුණු විමසා රුධිර පරිමාව පිළිබඳව අදහසක් ලබා ගත හැකිය.
  • දිනකට අවශ්‍ය වන සනීපාරක්ෂක තුවා සංඛ්‍යාව අනුවත් වහනය වන රුදිර පරිමාව පිළිබදව අවබෝධ කරගත හැක. සාමාන්‍යයෙන් දිනකට සනීපාරක්ෂක තුවා 3 – 5 පමණ නම් එය සාමාන්‍ය වන අතරම 7 – 9 වැනි සංඛ්‍යාවක් අවශ්‍ය නම් රුධිර වහනය වැඩිය. එසේම සනීපාරක්ෂක තුවායක් ඇන්ද විට එය කාන්දු වෙන තරමට රුධිර වහනය සිදු වෙනවා නම් එයද අධික රුධිර වහනය ඇති බවට ලක්ෂණයකි. 
  • ඔසප් චක්‍රය පවතින දින ගණන අනුව ද වහනය වන රුධිර පරිමාව පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. සාමාන්‍යයෙන් අවම වශයෙන් දින 3- 5 -7 වැනි කාලයක් නම් එය සාමාන්‍ය වන අතරම දින 7ට වැඩි කාලායක් ඔසප් පවතිනවා නම් එය අධිකව රුධිරය වහනය වන ත්ත්වයකි.

ඔසප් සමයේ ඇති වන වේදනාව

වේදනාව හේතුවෙන් දෛනික වැඩකටයුතු සියල්ල අවුල් වනවා නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. 

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට බලපෑ හැකි හේතු මොනවාද?

පෝෂණ තත්ත්වය සහ ව්‍යායාම – මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න නම් නිසි පෝෂණයක් වගේම උසට සරිලන බර පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන් ක්‍රීඩාවලට යොමු වීම ව්‍යායාම වල යෙදවීමත් වැදගත්. 

මහතින් වැඩි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් බව සාමාන්‍ය ව්‍යවහාරයේ කතා වෙන දෙයක්. වර්තමානයේ අපේ දරුවෝ පිටි කෑම, ක්ෂණික ආහාර වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. වයස අඩු වුවත් දරුවන්ගේ බර වැඩි වීමට මේ ආහාර රටාව හේතුවක් වෙනවා. ශරීරය, වයසට වඩා බර පිළිබඳව සැලකිලිමත් වන නිසා ඔසප් චක්‍රය කලින් ආරම්භ වීමට එය හේතුවක් වෙනවා. වයසට වඩා උස මහත දරුවෝ කල්තියා වැඩි විය පැමිණෙන්නත් ඒක හේතුවක්. ඒ වගේම මේ හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. එයට හේතුව නිසි සමබල පෝෂණ රටාවකට හා ව්‍යායාම වෙත දරුවන් යොමු නොවීමයි. 

ජානමය  සාධක – මේ සාධක මත ඇති වන තත්ත්වයන් වයස අනුව වෙනස් විය හැකියි. එනම් යොවුන් දියණියකට  මෙන්ම වැඩිහිටි කාන්තාවකට බලපාන හේතු වෙනස් විය හැකියි. එ් වගේම ආර්තවභාවයට ආසන්නව සිටින කාන්තාවන්ට ඇති විය හැකි වෙනත් ගැටලු තිබෙනවා. මැදි වයසේ කාන්තාවකට අධික රුධිර වහනයක් පවතිනවා නම් එය ගර්භාෂයේ ඇති වන ගෙඩි එහෙමත් නැතිනම් මස්ගෙඩි ලෙස හඳුන්වන තත්ත්වය නිසා විය හැකියි. අන්න ඒ ආකාරයට ඇති වන තත්ත්වයන් වෙනස් විය හැකියි..

නව යොවුන් දියණියන්ගේ බොහෝ විට ඔසප් චක්‍රය අක්‍රමවත්. එ් ගැන සැලකිලිමත් විය යුතු තවත් කරුණු තිබෙනවාද?

ඇතැම් අම්මලා ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්නේ ඒ දරුවාගේ විවාහය ආසන්න වන විට. නමුත් ගැහැනු දරුවා වැඩිවිය පැමිණි දිනයේ සිටම ඇයගේ ඔසප් චක්‍රය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ මන්ද හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා උදාහරණයක් ලෙස ගත්තොත් තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩු/වැඩි වීම, පෝලැක්ටීන් හෝමෝනය අසාමාන්‍ය ලෙස ශ්‍රාවය වීම වැනි හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. අන්න ඒ නිසාම යොවුන් දරුවන්ගේ ඔසප් චක්‍රය ගැන සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුණහොත් තවත් රෝගාබාධ තත්ත්ව ඇති වන තුරු මව්පියන්ට ඒ ගැන අවබෝධයක් ලබා ගත නොහැකියි.

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් වූ විට ඇතැම් වෛද්‍යවරු තරුණ දරුවන්ට උපත් පාලන පෙති නිර්දේශ කරනවා. මව්වරු එය තදින්ම ප්‍රතික්ෂේප කරනවා. තරුණ දියණියන්ට උපත් පාලන පෙති වර්ග ලබා දීම අහිතකරයි නේද?

කිසිසේත්ම නැහැ. කාන්තාවන්ට ඇති රෝග බොහොමයකට අපි උපත් පාලන පෙති ලබා දීම සිදු කරනවා. ඒක අපේ සමාජයේ පවතින මිත්‍යා මතයක් පමණයි. අපි එක් එක් රෝග තත්ත්ව වලදී හෝමෝන පෙති වර්ග පාවිච්චි කරනවා. උපත් පාලන පෙති කියන්නෙත් හෝමෝන පෙත්තක්. එහි අඩංගු වෙන්නේ කාන්තා ශරීරයේ පවතින ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක පමණයි. එහිදී සිදු වෙන්නේ ඒ කාලය තුළ ඩිම්බ මේරීම අඩාල කිරීම පමණයි. පෙති නතර කළ වහාම මාස දෙක තුනක් ඇතුළත නැවතත් ඩිම්බ මේරීමට පටන් ගන්නවා. මේ පෙති අවුරුදු කිහිපයක් ගත්තත් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. 

ඇතැම් අවස්ථාවලදී යම් රෝග තත්ත්වයකදී උපත් පාලන පෙති ලබා දුන්නත් රෝගී කාන්තාවන් ඒවා ගන්නේ නැහැ. මොකද ඔවුන් දරුවන් සෑදීමට නොහැකි වේය යන බියෙන් සිටින නිසයි එහෙම වෙන්නේ. ඉතිං ඔවුන් කාලයක් ගත වෙලා ප්‍රතිකාර සදහා පැමිණෙනවා පැවතුණු රෝග තත්ත්වයටම. උපත් පාලන පෙති ගැනීම දරුවන් අහිමි කරවනවා යන මතය සමාජයේ මුල් බැසගෙන තියෙන නිසා වෙනස් කිරීම ඉතාම අපහසුයි. 

ගැහැනු දරුවකු තම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වලක්වා ගැනීමට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සැමවිටම ගැහැනු දරුවන් නිසි ආහාර රටාවකට වගේම ව්‍යායාම වෙත යොමු විය යුතුයි. සියලු පෝෂක අන්තර්ගත සමබල ආහාර වේලක් ලබා දිය යුතු අතරම ක්ෂණික ආහාර/අධික ලෙස මේද සහිත ආහාර අවම කළ යුතුයි. ඒ අනුව උසට සරිලන බර පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි‍.

වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙන්නේ ඒ ඒ වයස් සීමාවන්ට අදාලවයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් සඳහා කිසියම් වූ අසාමාන්‍ය ලක්ෂණයක් ඇත්නම් පරීක්ෂණ වෙත යොමු කරලා අනතුරුව ඇති ගැටලුව නිරාකරණය කරගන්නවා. එය හෝමෝන සම්බන්ධ ගැටලුවක් නම් මාසයෙන් මාසයට හෝමෝන පෙති (උපත් පාලන පෙති) ලබා දීම සිදු කරනවා. වෙනත් ගැටලුවක් නම් ඒ සඳහාත් අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කෙරෙනවා. තරුණ ගැහැනු දරුවන්ට නම් බොහෝ විට ආහාර පාලනය මගින් බර අඩු කිරීමෙන් ඔසප් චක්‍රයේ ගැටලු මගහරවා ගත හැකියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ
MBBS (COL),MD(OBS AND GYN),MRCOG (UK)