Home Blog Page 100

අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීම වලක්වා ගැනීමට

අද බොහෝ මව්පියන් නගන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි අපේ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කිසිම දෙයක් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න කැමැති නැහැ. “හැම තිස්සේම ‍ඉන්ටර්නෙට් එකේ…” මේ චෝදනාව අද හැම පවුලකටම බලපාන තත්වයක්.ඇත්තටම දරුවන් මේ තත්වයට පත් වීමට බලපාන හේතු තිබෙනවා.

ඉස්සර කාලයේ පවුලක් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඊට බලපාන ලද එක් හේතුවක් තිබෙනවා. අද වගේ විද්‍යුත් සන්නිවේදන තාක්ෂනයක් එදා තිබුනේ නැහැ. තොරතුරු බෙදා හැරුනේ ගමේ කඩපිලේ… නාන තොටුපොලේ.. මේ වගේ පොදු තැන්වලයි. ඒ විදිහට පෙරා ගත්තු තොරතුරු නිවසේ උදවිය අතර හුවමාරු වුනා. ඒ වෙනුවෙන් බොහෝ වේලාවට වෙන්වුනේ රෑ ආහාරය බුක්ති විදින අවස්ථාවයි. අද මේ අවස්ථාව පවුලකට අහිමි වෙලා. රාත්‍රි ආහාරය වුනත් ඔවුන් වෙන් වෙන්ව බුත්ති විදින්නත් එක හේතුවක් තිබෙනවා. සේරටම වඩා මුලට එන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමයි. ඉතින් අපි මේ තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල කුඩා දරුවන්ට තාක්ෂණ මෙවලම් දෙන්නේම නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ටට තාක්ෂණ මෙවලම් හසුරුවන්නට අවසරයක් ඇත්තේම නැහැ.ඔවුන් ඒ තරමටම දරුවන්ගේ මානසික තත්වය ගැන උනන්දුවක් දක්වනවා. මේ කාලයේදී දරුවන්ට තාක්ෂණ මෙවලම් සමග ගණුදෙණු කිරීමට අවසර ලබා දීම අහිතකර තත්වයක් විදිහ ඔවුන් පෙන්වා දෙනවා.

සතා නපුරු නම් පෝෂණය කරන්න එපා…

2005 වසරේ මාක් සකර්බර්ග්ගේ ෆේස් බුක් ආයතනයට සම්බන්ධව කටයුතු කළ චමත් පලිහපිටිය අද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක්ව සිටින ශ්‍රි ලාංකිකයෙක්. ඔහු මුහුණුපොත ගැන දක්වන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. විශේෂයෙන් දරුවන් මුහුණුපොත පරිශීලනය කිරීම ඔහු අනුමත කරන්නේ නැහැ. චමත් පලිහපිටිය සඳහන් කරන විදිහට ෆේස්බුක් කියන්නේ “ඩෝපමින් උත්තේජන” (dopamine driven feedback loops) ප්‍රතිචාර චක්‍රයක් බවයි. මුහුණුපොත සමග ගණුදෙණු කරන විට Likes, Comments, Hearts, Thumbs Up වැනි බෙදා හදා ගැනීම් නිසා ඇබ්බැහි වීමට සමාන රසායනයන් මොළයෙන් නිදහස් වෙන බවයි. ඒ නිසා නැවත නැවත මේ ප්‍රතිචාර මතම යැපෙන නිසා මේ පුරුද්දෙන් මිදීම අවශ්‍ය බැව් ඔහු පෙන්වා දෙනවා. ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රවර්ධනයට අත් හිත දුන් තැනැත්තෙක් විදිහට ඔහු විසින්ම මෙම ප්‍රකාශය කිරීම මහත් සේ ආන්දෝලනයට තුඩු දුන්නා ඒත් ඔහුගේ අදහස වෙන්නේ ” යම් සතෙක් නපුරු නම් , අනර්ථකාරී නම් අපි ඒ සතා පෝෂණ්‍ය කළ යුතුද යන්නයි. එහෙම නැත්නම් අපි එයින් ඉවත් විය යුතුයි. ඒ විතරක් නොවෙයි, අපි ඉවත්වීම සමග ඒ වෙනුවෙන් විකල්ප සෙවීමත් වැදගත්…”

සීමාව දන්නෙත් නැහැ…

අද බොහෝ දරුවන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ යා යුතු සීමාවන් ගැන දැනීමක් නැහැ. අලුත් පරම්පරාව මෙන් වැඩිහිටි පරම්පරාවට මේ කුසලතාවය නැති නිසා ඔවුන්ටත් දරුවන්ට සීමාවන් කියා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා අද අන්තර්ජාලය ඔස්සේ විවිධ අපහසුතාවයන්ට පත් වුන දරුවන් සිටිනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැණුවත්බව ලබා සිටීම වැදගත්.

දරුවන් හුදෙකලා කළ යුතු නැහැ..

අද හැම පවුලකම සිටින්නේ දරුවන් දෙදෙනෙක් එහෙමත් නැත්නම් එක්කෙනෙක්. ඒ නිසා සහෝදර සමාගමක ඇසුර දරුවන්ට නැහැ. ඔවුන් නිතරම හුදෙකලා පිරිසක් බවට පත්ව සිටිනවා. නිවසේ තමාගේ ඇසුරට සිටින්නේ සේවකයෙක්. සමහර විට කිසිම කෙනෙක් නැතිවෙන්නත් පුලුවන්. අම්මා තාත්තා දෙන්නාම රාජකාරි කටයුතුවල නිතර නිසා දරුවන් නිවසේ හුදෙකලා වුනාම ඔවුන්ට කුමන හෝ මගක් කාලය ගෙවන්න අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාලය සමග සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට දරුවන් ඉබේටම යොමු වෙනවා. කාලයත් සමග මේ මාධ්‍ය ගණුදෙණුව ඉතාම අහිතකර විදිහට දරුවන්ට බලපානවා.

නිතරම දරුවන් සමග ඉන්නදෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන් සමග සිටින්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් විමසා සිටින්න. තොරතුරු බෙදා හදා ගන්න. දරුවන්ගෙන් ඔබ දුරස්ථ වූ විට ඔවුන්ගේ හිතේ ඇති වෙන හුදෙකලා බව නිසා කුමන හෝ අන්දමකින් මෙම හිස්තැන පුරවා ගැනීමට දරණ උත්සාහය නිසා දරුවන් නොදැනීම මෙම සමාජාල වෙත ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා.

හොඳ වගේම නරකත් තිබෙනවා…

අන්තර්ජාලය සහ සමාජ ජාල මගින් යහපත් වගේම අයහපත් ප්‍රතිඵල ඇති වීමට තිබෙන ඉඩ කඩ ගැන දරුවාටත් කියා දෙන්න. යම් වයස් සීමාවකදී වුනත් දරුවන්ගේ අධ්‍යාපණික කටයුතු වෙනුවෙන් මෙම ජාල පහසුකම් වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කළත් එයින් අනර්ථකාරී ප්‍රතිඵලත් ලැබෙන්නනට තිබෙන හැකියාව ගැනත් දරුවාට අවබෝධ කර දීම ඉතාම වැදගත්.

අද ලෝකය පුරාම මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු වෙමින් තිබෙනවා. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටී. බී.බී.සී පුවත්සේවයේ සඳහන් අන්දමට වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ. යුරෝපා සංගමයේ නව විධිවිධානයන්ට අනුව සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි මේ නිසා දරුවන් මාධ්‍යජාල පරිශීලනයේදී වඩාත් සුරක්ෂිත විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

බුද්ධියේ කඩුලු පනින්න දරුවාට අවසර දෙමු

ළමා බුද්ධි වර්ධනය පිළිබඳව කතා කරන විට ජීන් පියාජේ පිලිබඳව කතා නොකරම බැරිය.දරුවන්ගේ මානසික වර්ධනය පිලිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන න්‍යායන් පාදක කර ගෙන අපිටත් අපේ දරුවන්ගේ හැසිරීම් රටාවන් ගැන ප්‍රායෝගිකව අධ්‍යනය කරන්න පුලුවන්.දස මාසයක් කුස තුල හිඳ ලෝකයේ ආලෝකය දකින දරුවාගේ බුද්ධියේ වර්ධනය ජීන් පියාජේ විසින් කඩුලු හතරක් විදිහට හඳුන්වා දී තිබෙනවා. ඉතින් සමහර විට මේ කඩුලු සෙමෙන් පනින දරුවනුත් ඉන්න පුලුවන්. ඒ ගැනත් කලබල නොවී ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය සමග පියාජේගේ හදුනා ගැනීම් ආදේශ කර බලන්නකෝ…

අවුරුදු දෙකක් පමණ වෙන තෙක් මානසික වර්ධනය ඉතා සෙමින්…

වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාගේ මානසික වර්ධනය ඉතා සෙමෙන් සිද්ධ වෙන බව ජීන් පෙන්වා දෙනවා.මේ කාලයේදී දරුවන් පරිසරයේ වෙනස්කම්වලට ඒ තරම්ම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ගැන හිතන්න. දරුවාගේ අත තිබුන සෙල්ලම් බඩුවක් හෝ වෙනත් දෙයක් ඔබ ඔහුගෙන් ඉවත් කර කොට්ටය යටින් තබන්න. තමාට මේ දෙය අහිමි වීම නිසා දරුවා අඬන්න පුලුවන්. ඒත් එය සොයන්නනට තරම් විමසිලිමත් බුද්ධියක් මේ පළමු කඩුල්ලේදී දරුවාට ඇත්තේ නැහැ. හරිම ලේසියි නේද…? අනවශ්‍ය දේ දරුවාගෙන් ඉවත් කලාට එය ඉල්ලමින් ගෝරනාඩු දැමීමට තරම් බුද්ධිමත් බවක් මේ කාලයේදී නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට දරුවා හසුරුවන්න පුලුවනි.

දෙවැනි කඩුල්ල

දැන් දරුවාට වයස අවුරුදු දෙක සහ හතර කාලයයි. ඒ කියන්නේ ජීන් පියාජේගේ දෙවැනි කඩුල්ල පනින්න සූදානම් අවධියයි.දැන් දරුවාගේ හිතේ සංකල්ප රූප මැවෙනවා. බෝලය කිව්වාම ඔහු එහි හැඩය දන්නවා. බල්ලා, බළලා හදුනනවා. ඒ වගේම ඔවුන් මේවාට තමන්ගේ වචන ගොඩ නගා ගන්නවා. හරකාට දූවා විදිහට… බල්ලාට බව්වා විදිහට කථා කරනවා..මල් වලට ආදරේ කරනවා. අවුරුදු හතරක් පමණ වෙද්දී ඔන්න ප්‍රශ්න ගොඩයි. වලාකුළු යන්නේ කොහාටද…? තරු දවල්ට ඉන්නේ කොහේද…? මල් පිපෙන්නේ කොහොමද….? ඒවාට පාට කොයින්ද…? අම්මට තාත්තාට වෙනම ඉගෙන ගන්න වෙලා. හැබැයි දරුවන් අහන මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්න ඕන. බොහෝ දෙමව්පියන් මේ වෙලාවට දරුවන් පන්නා ගන්නේ අනේ මේ වැඩක ඉන්නේ..මං දන්නේ නැහැ කියල බොහොම නුරුස්නාවෙන් කියන ගමන්. ඒ විදිහට දරුවන් පලවා හරින්න එපා. ඔවුන් මේ පනින්න යන්නේ බුද්ධියේ දෙවැනි කඩුල්ලයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ සූදානම් ශරීරයෙන් ඉන්න..

තුන්වැනි කඩුල්ල

බුද්ධියේ තුන්වැනි කඩුල්ල පනින දරුවාගේ වයස අවුරුදු 6 සහ 11 අතර වෙනවා. අපේ රටේ නම් දරුවාගේ ඉතාම අවාසනාවන්ත කාලයක්. ඇයි…. ශිෂ්‍යත්වයේ කඩුල්ලත් දැන් ඇවිත්. ඒත් දරුවාගේ ජීවන රටාවේ තුන්වැනි කඩුල්ල පැනීමට ස්වාධීන අවස්ථාවක් තිබෙනවා නම් අනාගතයේ ඇති ඕනෑම බුද්ධියේ අභියෝග ඔහු බාර ගනීවි. මේ කාලයේදී තර්ක බුද්ධියෙන් හිතන්න තරම් දරුවා දියුණු නැහැ. යකඩ රාත්තලයි…පුලුන් රාත්තලයි..අතරින් වැඩි බරක් යකඩද..එහෙම නැත්නම් පුලුන්ද ඇහුවොත් ගොඩක් දරුවන්ට නිවරැදි පිලිතුර ලබා දීමට අපොහොසත් වේවි. ශීෂ්‍යත්වය ඉදිරියේ වුනත් තර්ක බුද්ධිය වඩාත් වැදගත් නිසා ඒ නිපුනතාවයට පත් වෙන පිරිසත් සීමා වෙන්න පුලුවන්. තුන්වැනි කඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ ස්වාදීනත්වයෙන් ගලා යෑමට ඉඩ දෙන්න. ඒ වගේම මේ කාලයේදී ඔබට දරුවාගේ ජීවිතයට බොහෝ දේ පරිසරයෙන් එකතු කරන්න පුලුවන්. යන එන විට ඇසෙන දකින දේ සහ ඒවායේ තිබෙන තර්කානුකූල බව පෙන්වා දීමට පුලුවන්. එවිට අනාගතයේදී තර්කානුකූලව බලන්න දරුවා පුරුදු වේවි.

හතරවැනි කඩුල්ල

දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාවන් දැන් වර්ධනය වීමට පටන් ගන්නවා.එය ඉතාම තීරනාත්මක අවධියක්. ජීන් පියාජේගේ මෙම සංකල්ප අධ්‍යාප විද්‍යාවට ආදේශ කර ගෙන බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවන විදිහට සකස් කිරීමට පටන් ගත්තා. බොහෝ රටවල අධ්‍යාපනය දරුවන්ට බරක් නැහැ.

පින්ලන්තය 2020 වන විට පාසල් අද්‍යාපනය විෂය නිර්දේශයක් වෙනුවට “සංසිද්ධි හා අවස්ථා” විදිහට තෝරා ගැනීමට (phenomenons & events) අවස්ථාව ලබා දී තිබෙනවා. එවිට දරුවා තෝරා ගන්නේ තමාට අවශ්‍ය සංසිද්ධියක්. උදාහරණයක් විදිහට මල් වගාව ගැන දරුවා තෝරා ගත්තොත් ඊට අදාල අවස්තාවන් සියල්ල ඔහුට කැමැත්තෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ නැතුව කෘෂිකර්මය, ජීව විදයාව විදිහට වෂය නැහැ. හැබැයි කැමැත්තෙන් ඉගෙන ගන්නා දේ පිටුපස මුලින් කී විෂයයන් ඇතුලත් වෙන්නේ විෂයබරක් නැතුවයි. ඒ නිසා දරුවා ආසාවෙන් ඉගෙන ගන්නවා. පින්ලන්තය මේ රටාව මුලින්ම ආදේශ කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවන්ටයි. ජීවිතයේ කුනාටු කාලයේදී අධයාපනය ඉතාම රසවත් අත්දැකීමක් බවට පත් වෙන්න මේ අවස්තාවෙන් හොදටම ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම ඉගෙනුම රසවත් අත්දැකීමක් වේවි. දැනටත් පින්ලන්තය ලෝකයේ සාර්ථක අධයාපන ක්‍රම භාවිතා කරන රටවල් දහය ඇතුලට ඇතුලත් වෙනවා.

මේ ගැන අදහස් දක්වමින්  පින්ලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාණී “මජ්රා කිලොනෙන්” සඳහන් කරන්නේ ඉස්සර කාලයේ තිබුන සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් අපි බොහොම කාලයක පටන් නිදහස්. පාසල් කාලය ඉතාම නිදහසින් ගත කර පින්ලන්ත දරුවන්ට ගෙදරවැඩ නැහැ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ඉඩක් මිස විෂයබරක් පවරන්න අපි කැමැති නැහැ.

එහෙම නම් ජින් පියාජේ පෙන්වා දෙනඅ න්දමට දරුවන්ට නිදහසේ හිතන්න, කටයුතු කරන්න අවශ්‍ය පරිසරය සකස් විය යුතු මේ කාලය හෙවත් බුද්ධි වර්ධනයේ හතරවැනි කඩුල්ල නිදහසේ පැන යන්න  අපිත් අවසර දෙමු.

jean-piaget
ජින් පියාජේ (jean piaget)

දරුවන් ඉල්ලන හැම දෙයක්ම දෙනවාද…?

පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වී තිබුන පුවතක් ඔබත් කියවන්නට ඇති. තම දෙමව්පියන් සමග බාලි දූපත් සංචාරයේ යෙදෙන්නට සිටි පවුලක දරුවෙක් තනියම බාලි දූපතට ගිය බව ඒ පුවතයි. ඔහුගේ වයස අවුරුදු 12 යි. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ  මුලින් පොරොන්දු වුන විදිහට දෙමව්පියන් විසින් එම සංචාරය කිරීම මග හැර ඇති නිසා බවත් පළ වී තිබුණා.මෙහි තවත් පැත්තක් වුනේ ඒ දරුවා මව්පියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් මුදල් හොරෙන් ලබා ගෙන මෙම සංචාරය තනිවම යෑමයි. ඔහු විදේශ ගමන් සේවය පවා නොමග යවා තිබෙනවා.

මේ පුවත උලුප්පා දැක්වීම නිසා සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී දරුවන් සිතන්නේ ඔහු වීරයෙක් බවයි. ඒ වගේම මෙම ගමන වෙනුවෙන් ඔහු අනුගමනයට කරන ලද ක්‍රමවේදයන් ඉස්මතු කිරීම නිසා දරුවන්ටත් එවැනි තීන්දු තීරණ ගැනීමට හොඳ අවස්ථාවක්. එහෙමනම් අපි දෙමව්පියන් විදිහට මේ ගැන හිතන්නේ කොහොමද…?

දරුවන් ඉල්ලන හැම දෙයක්ම දෙනවාද…?

 බාල කාලයේදී දරුවන් ඉල්ලන හැම දෙයක්ම ඔබ ඇත්තටම ලබා දෙන්නේ ඔවුන්ට තිබෙන ආදරය නිසයි.සමහර විට එය දරුවාට අනවශ්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. එහෙත් ඔහුගේ ඇඩිල්ලට, පොලවේ හැපිල්ලට බියෙන් ඔබ දරුවාගේ එම ඉල්ලීම ඉටු කරනවා. සමහර විට මේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විදිහට ඔබ ආර්ථික වශයෙන්ද දුෂ්කරතාවයන් විඳ දරා ගෙන දරුවාගේ ඉල්ලීම ඉටු කරනවා විය හැකියි. ඒ නිසා දරුවා ඉල්ලන හැම දෙයම නොව නිතරම ඔහුට අවශ්‍ය දෙය පමණක් ලබා දෙන්න.

බැහැ කිව්වාට අහන්නේ නැත්නම්…

ඔබට එය අනවශ්‍ය දෙයක් ලෙසින් හිතුනත් දරුවා හිතන්නේ එය තමාට අවශ්‍ය බවයි. එය දරුවන්ගේ ස්වභාවයයි. ඒ නිසා සෘජු ලෙසින්ම දරුවාගෙන් ඉල්ලීම ප්‍රතික්ෂෙප නොකොට එහි තිබෙන අනවශ්‍යතාවය ඔවුන්ට පෙන්වා දෙන්න. එය දරුවාට ඒත්තු යන විදිහට මිසක දැඩි සේ ප්‍රතික්ෂෙප ස්වරයෙන් නොකියන්නත් වග බලා ගන්න. එසේ නොමැතිව ඔබ දරුවාගේ ඉල්ලන ඉල්ලන හැම දෙයම ඉවක් බවක් නොතබා ඉටු කරන විට අනාගතයේදී ඔහු සුපිරි මෝටර් රථයක් ඉල්ලා කරදර කළොත් එයත් මිළට ගැනීමට සිදු වේවි.එවන් ඉල්ලීමක් ඉටු කිරීමට ඔබට නොහැකි බව ඔහු තේරුම් ගන්නේ නැත. ඊට හේතුව බාල කාලයේ පටන්ම ඉල්ලන හැම දෙයින්ම ඔවුන් පෝෂණය වූ නිසයි.

ආදර්ශමත් සාහිත්‍යය දරුවන්ට ලබා දෙන්න..

 බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් ආදර්ශමත් චරිත කථා සහ සාහිත්‍ය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න. සමාජයේ දඩබ්බරයන් ඔවුන් විසින්ම වැනසෙන බව පහදා දෙන්න. ඉස්සර කාලයේ අත්තම්මා, අම්මා දරුවා තමාගේ උකුලේ තබා ගෙන කියා දෙන “කොටියා ආවා” කියා මිනිසුන් රවටා අසීරුවට පත් වීම , අනවශ්‍ය ලෙසින් කථාවට ගොස් ඉබ්බා විනාශ වීම වැනි පුංචි පුංචි කතාන්දර දරුවන්ගේ චරිත සංවර්ධනයට බෙහෙවින් හේතු වුණා. ඒ වගේම

“සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි …”

වැනි දරුවන්ගේ යහගුණ ඉස්මතු කරන කවි නිරන්තරවම ඔවුන්ට කියා දෙන්න.

වැරැද්දේ ආදීනව පහදා දෙන්න..

 අම්මා , තාත්තා ‍කියන දේ නාහන දරුවා අනාගතයේදී අසීරුතාවයට පත් වෙන බව ඉතාම තදින් දරුවන්ට කියා දෙන්න. මෙවන් සමාජ සිද්ධියකින් පවා ඒ ගැන පැහැදිලිව කියා දීමට පුලුවනි.දරුවන් චරිත අනුකරනයට ඉතා කැමැත්තක් දක්වන පිරිසකි. මඩොල්දූවේ ජින්නා ගේ චරිතය තමාට ආරෝපනය කර ගැනීමට , අඹයහළුවෝ හි චරිත වීමට දරුවන් කැමැත්තක් දක්වති. අවදානම් කටයුතු ගැන විමසිල්ලෙන් සිටින දරුවන් සිටිති. ඔස්ට්‍රෙලියාව වැනි රටවල හැරී පෝටර් ප්‍රබන්ධ පවා දරුවන්ට නුසුදුසු බව පිලිගෙන එම සාහිත්‍යයට පවා තහංචි පනවා ඇති රටකි. ඒත් මේ දරුවාද ඔස්ට්‍රෙලියානු ජාතිකයෙක් වීම තුලින් පෙනෙන්නේ ඔහු ඉදිරියේ ඇති අවදානම ගැන නොතකා මෙම වැරැදි කටයුත්ත වෙනුවෙන් යොමු වී ඇති බවයි. ඒ නිසා දරුවන්ට ඔබ කියා දිය යුත්තේ ඔහු වීරයෙක් නොව අකීකරු සහ වංචා සහගත දරුවෙක් බවයි. මෙම කටයුත්ත පිටුපසින් තිබෙන අවදානම සහ වැරැදි සහගත බව දරුවන්ගේ මනසට කා වදින අන්දමින් කියා දීම ඉතාම වැදගත් වෙනවා.

දරුවා ගැනත් විමසිල්ලෙන් සිටින්න..

 දරුවා මව්පියන් සමග අමනාපව බාලි දිවයිනට පිටත්වීම තෙක් ඔහු බොහෝ දේ සැලසුම් කරන්නට ඇති. මව්පියන් සමග බහින් බස් වීමක් සිදු වීම සහ එහිදී දෙපාර්ශවයේම ප්‍රතිචාර මෙතැනදී වැදගත්. දරුවා ආවේග සහිත නම් ඔහු පිළිබඳව මව්පියන් වඩාත් පසුවිපරමින් සිටිය යුතුව තිබුණි. ඔහුගේ හැසිරීම තුලින් ඔහු සැරසෙන්නේ කුමකටද බව ඒත්තු ගැනීමට තිබුණි. එමෙන්ම මෙම සංචාරය කල් තැබීමට වූ හේතු සාධාරණීයකරනය කිරීමෙන් දරුවා අස්වසන්නට තිබුණි. එහෙත් මව්පියන් එතෙක් මෙතෙක් කිසිවක් දැන නොසිටියා යනු ඔවුන්ගේ පාර්ශවයෙන්ද යම් දුර්වලතාවයක් වීමට තිබුණි. තවත්  ඔහු බාලි දිවයිනට යෑම අනතුරක් නොමැතිව සිදු වුනත් එසේ නොවුනා නම් විය හැකි බොහෝ දේ තිබුණි. මේ තරම් තීන්දුවක් ගැනීමට ආවේඝ තිබෙන දරුවෙක් ගැන මීට වඩා විමසිල්ලෙන් සිටිමත් වැදගත්.

කළ හැකි දේ පමණක් කියන්න

 දෙමව්පියන් වශයෙන් ඔබ නිතරම දරුවාට යම් ආශ්වාදයක් , විනෝදයක් ලබා දෙන කටයුත්තක් සංවිධානය කරනවා නම් එහි සියල්ලම සැලසුම් කිරීමෙන් පසුව ඔවුන්ට කියන්න. එසේ  නොමැතිව දරුවන්ගේ මනසේ සිහින පමණක් ගොඩ නැගීම එතරම් සුදුසු නැත.මනසේ මවා ගත් සුන්දර සිහිනය ඉටු නොවෙන විට දරුවන් විදිහට ඔවුන්ටත් යම් පසුතැවිල්ලක් ඇති වීම සාධාරනයි. ඒ නිසා නිතරම බො‍රු පොරොන්දු ලබා දීමෙන් වලකින්න. කළ හැකි දෙය පමණක් කියන්න.

මිතුරන් අතර විවිධ අදහස් ඇති අයත් සිටීම වැදගත්…

සමාජයේ ජීවත්වෙන අපිට වගේම අපේ දරුවන්ටත් තනිවම ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මිතුරන්ගේ ඇසුර අවශ්‍යයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ.ඒත් අපි මෙච්චර කාලයක් හිතා ගෙන හිටියේ අපි ඇසුරු කළ යුත්තේ සමාන අදහස් ඇති උදවිය පමණක් බවයි. එක වර්ගයේ කුරුල්ලන් එකට ලගිනවා කියන කියමන  අනුව අපි හිතන්නේ යාලුවන් අතර තිබිය යුත්තේ සමාන ගති පැවතුම් කියලයි. ඒත් දැන් ඒ අදහස වෙනස් වෙමින් තිබෙනවා.

පර්යේෂකයන්ගේ අදහස අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අපි අතර සිටිය යුත්තේ විවිධ ගති පැවතුම් ඇති මිතුරු පිරිසක් බවයි. එහෙම නම් මිතුරන් ඇසුරු කිරීමේ වාසිය අපිත් හදුනා ගෙන දරුවන්ටත් එහි ප්‍රතිඵල ලබා දෙමු…

නිර්මාණශීලිත්වය

මිතුරන් ඇසුර නිසා නිර්මාණශීලිත්වය ඇති වෙන බව පර්යේෂකයනගේ අදහසයි. එය ඇත්ත. ඔබ තනිවම සිටිනවාට වඩා යමක් මිතුරන් සමග සිටියදී කරන්න පුලුවනි. උදාහරණයක් විදිහට ඔබ යම් ස්ථානයකට තනියම යනවාට වඩා මිතුරන් සමග යන විට එහි ‍ඇති වෙන වෙනස්කම් බොහොමයක් තිබෙනවා. මේ ගමනේදී සින්දු, නැටුම් පමණක් නොවෙයි, ඡායාරූප ගැනීම් පවා සිදු වෙනවා. හුදෙකලාව ගන්නා සෙල්ෆි ජායාරුපයකට වඩා කණ්ඩායමක් සමග ගනු ලබන ඡායාරූපය පිරිසක් සමග ඉතාම නිර්මාණශීලිත්වය. එහි වැඩි වැදගත්කමක් අදට වඩා හෙට දවසේ ලැබෙනවා.ගනු ලබන ඡායාරූපය ඉතාම නිර්මාණශීලියි.

ලැබෙන වාසි

දරුවන්ට වගේම වැඩිහිටියන් වන ඔබටත් විවිධ තරාතිරම්වල මිතුරන් ඇසුරු කරන විට සමාජ සම්බන්ධතාවයන් පුලුල් වෙනවා. තනිවම කර ගැනීමට අපහසු කාර්යන් විවිධ මිතුරන් ඇසුරු කිරීමෙන් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. පංති මට්ටමින් වුනත් ගණිතයට අදක්ෂ දරුවෙකුට ඒ විෂයට හැකියාව ඇති මිතුරෙකුගෙන් උදව් ලබා ගත හැකියි. චිත්‍රවලට අපහසුතාවයක් තිබෙන දරුවෙක් ඒ වෙනුවෙන් තම මිතුරාගේ සහය ලබා ගනීවි. වැඩිහිටියන්ගේ ලෝකය මීටත් වෙනස්. ඔවුන්ගේ වපසරිය පුලුල්. ඒ නිසා විවිධ විදිහට විහිදී ගිය කටයුතු ඉටු කර ගැනීමේදී විවිධ මිතුරන්ගෙන් විවිධ විදිහට උදව් උපකාර ලැබේවි.

විරුද්ධ අදහස් ඉවසීම

සමාන අදහස් තිබෙන අය පමණක් එකට එක් වීම නිසා නිවරැදි දෙය අවබෝධ කර ගැනීම අපහසුයි. එකම අතකට ගමන් කරනවා විනා එහි විවිධ පැතිකඩ දෙස බැලීමක් නැහැ. ඒ නිසා විවිධ අදහස් තිබෙන මිතුරන් ඇසුර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ දරුවා දෙවැනි වතාවට විභාගය කිරීමට අකමැත්තක් දක්වනවා නම් යන අතට පාර නොතබා එහි ආදීනව කියා දෙන අන්දමේ මිතුරන් පිරිසක් සිටීම වැදගත්. එවන් අවස්තාවක දරුවාගේ හිතට ධනාත්මක ලෙසින් නැවත වතාවක් විභාගයට පෙනී සිටීමේ වටිනාකම් කියා දෙන මිතුරෙක් සිටීම ඉතාම වැදගත්. ඒ නිසා එකම අන්දමේ සිතුවිලි සහ ආකල්ප වලට වඩා වෙනස් වෙනස් සිතුවිලි සහිත පිරිසකගේ ඇසුර වැදගත් බව පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

නොගැලපෙන තොරතුරු මග හරින්න එපා

සමහර අවස්ථාවලදී ඔබට නොගැලපෙන තොරතුරු මිතුරන් ඉදිරිපත් කරන විට ඔබට නොගැලපෙන විට ඔවුන් මගහැර සිටින්නට උත්සාහ කරනු ඇත. එහෙත් ඔබ කළ යුත්තේ එය නොවේ. මෙම අදහස් විවිධ පැතිකඩ ඔස්සේ සලකා බලන්න. එයින් යම් දෙයක් ඔබට ලබා ගත හැකි බව වැටහේ නම් එම තීන්දුව ලබා ගන්න.

අන් අයට ගරු කිරීම

විවිධ අදහස් ඇති මිතුරන් සමග ඇසුරේ සිටින විට අනිත් අයගේ අදහස් වෙනුවෙන් පමණක් නොව එම පුද්ගලයන් වෙනුවෙන් ගරු කිරීමේ ගති ලක්ෂණ ඇති වේ. මෙය ආකල්පමය ලෙසින්ද ඉතා සුබදායී ක්‍රියාවකි. ඒ නිසා බාල කාලයේ පටන්ම ඔබ දරුවාටත් අන් අයගේ අදහස් වෙනුවෙන් ගරු කිරීමේ ආකල්ප හුරු කරන්න.

අධිමානසිකත්වයෙන් මිදීම

එකම කණ්ඩායමේ පිරිසක් එකට සිටින විට ඔවුන් අතර ඇති වෙන්නේ තමා මුල් කර ගත් අධිමානසිකත්වයකි. පංතියක වුනත් වෛද්‍යවරුන්ගේ දරුවන් පමණක් මිතුරු ඇසුරක්  පවත්වා ගන්නේ නම් අපි වෛද්‍යවරුන්ගේ දරුවන්ය යන අධිමානසිකත්වයකින් කටයුතු කිරීම එතරම් සුදුසු නැහැ. ඒනිසා පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මේ අන්දමින් විවිධ මානයන් ගොඩ නැගෙන විට අධිමානසිකත්වය එතරම් සුබවාදී නොවන බවයි. ඒ නිසා දරුවන්ගේ මිතුරන් අතරත් ඔබ විවිධ තරාතිරම් අනුව මිතුරන් වර්ග කිරීම එතරම් සුබවාදී නැහැ. මේ තත්වය නිසාම පංතියක වුනත් පුංචි කණ්ඩායම් ඇති වෙලා දරුවන් අතර තිබෙන සහජීවනය නැති වෙන්න පුලුවන්.

සහකම්පනය ගොඩ නැගීම

එකම ප්‍රශ්නය දිහා විවිධ කෝනයන්ගෙන් බලන විට මධ්‍යස්ථ තැනක නවතින්න පුලුවන්. ඒ නිසා විවිධ අදහස් ඇති මිතුරන්ගේ ඇසුර වඩාත් වැදගත් වෙනවා. එකම විදිහට බලන පිරිසකින් සාධාරණ බවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මිතුරන් අතරත් විවිධ අදහස් තිබෙන අය සිටීම වැදගත්.

විවිධ අදහස් ඇති අය ඇසුරු කිරීමෙන් ආකල්ප තුළ වෙනසක් ඇති වෙන බව දැන් හදුනාගෙන තිබෙනවා. මුල් කාලයේදී මෙම අධ්‍ය්‍යනය සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයේය. එහිදී පෙනී ගියේ සුදු ඇමරිකානුවන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති කලු ජාතිකයන් එකම පාසලක අධ්‍යාපනය ලැබීම ඉතාම සාර්ථක වූ බවයි. මහා බ්‍රිතාන්‍යයේත් මේ පිලිබඳව අධ්‍යාපනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියෙත් මෙම විවිධ ජන කණ්ඩායම් අතර මිතුරු ඇසුර වඩාත් වැදගත් මෙන්ම ප්‍රතිඵලදායක බවයි. ඒ නිසාම මෙම තේමාව මුල් කර ගෙන විවිධ රූපවාහිනී සහ සිනමාවන් පවා නිර්මාණය කරනු ලැබුවා. වසර හැටක් පමණ කාලයක් පුරා සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ විවිධ වර්ගයේ පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සහ එකට ජීවත්වීමෙන් සාමකාමී සහ ධනාත්මක අදහස් ඇති ලෝකයක් නිර්මාණය කළ හැකි බවයි.

අම්මාවරුන්ගේ දිනය

මව්ගුණ කඳ නිමක් නැතැයි වූ පිලිගැනීම පපු කුහර ඔස්සේ පවා නිදන්ගතව තිබුන යුගයක අම්මාවරුන්ට උපහාර දැක්වීමට වෙන්වුන දිනයක් තිබුනේ නැහැ. ඒත් නිවසේ බුදුන් එමහම නැත්නම් දෙවැනි බුදුන් තරමටම අම්මා සම්භාවනාවට පාත්‍ර වුණා. කාලයක් ගෙවෙද්දී අම්මා පවුලට බරක්. ඒ නිසාම මහමග එහෙම නැත්නම් අනාථ නිවාසයකට සීමා වෙන අම්මා ගැන මව්වරුන්ගේ දිනයේදී නම් ඉතාම ඉහලින් ගුණ ගායනා වෙනවා. මහා සාගරය බඳු නිමක් නැති ගුණ කඳක් ඇති මව්ගුණ ගායනාවට අවුරුද්දේ එක් දිනක් පමණක් සීමා වෙනවාද යන්න වෙනත් පැත්තක තබා අපි අම්මාවරුන්ගේ දිනයේ ආරම්භය ගැන ටිකක් කතා කලොත්…

එක් අදහසක් අනුව නම් අනුමාන කරන්නේ සුළු ආසියාවේ “කිබලේ” නැමැති මාතෘ දිව්‍ය වන්දනාවත් , රෝමයේ පැවැති “හිලේරියන්” උත්සවයේ කොටස් හෝ “රිආ”  නම් මාතෘ දේවතාවිය වන්දනා කිරීමේ ආභාෂයත් මෙම දිනය බිහිවෙන්නට පාදක වී ඇති බවයි. බුදුදහමේත් මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා ලෙසින් සලකනවා. මේ අනුව අතීතයේ පටන්ම මාතෘත්වය වෙනුවෙන් සුවිශේෂී වටිනාකම් ලැබී තිබුනා.

සමහර රටවල් විසින් මේ දිනය සමරන්නේ කන්‍යා මරියතුමියගේ දිනයේ වෙන අතර තවත් සමහර රටවල් ජාත්‍යන්තර කාන්තා දිනයේදීම අම්මාවරුන්ගේ දිනයත් සමරනවා. කිතුණු බැතිමතුන් අළු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින හතලිහක කාලයක් මරියතුමියට ගෞරව දැක්වීමට යොදා ගෙන ඇති අතර එතැනින් පසුව එළැඹෙන ඉරිදා දිනය උත්කර්ෂවත් විදිහට සමරනවා. ධනවත් වංශාධිපතිවරුන් තමාගේ සේවකයන්ට මව්වරුන් සමග ගත කරන්න ඔවුන්ගේ නිවෙස්වලට යෑමට අවසර ලබා දෙනවා. එදාට අම්මා වෙනුවෙන් රැගෙන යන කේක් ගෙඩිය හැදින්වුනේ “මාතෘ කේක් ගෙඩිය” විදිහටයි. මෙය වංශාධිපතිවරුන් විසින්ම සකසා දීමට තරම් කාරුණික වුනා.

ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමට අනුව “Mothering Sunday” නමින් උත්සවයක් සමරනවා. එහිදී මාතෘත්වය සමරන්නේ නැහැ.අම්මාගේ ගුණ ගයා කියා අවසානයක් නැත… යන සංකල්පය අත්තිවාරම විදිහට තිබුන නිසාම මේ දිනය ජාත්‍යන්තරව පිලිගැනීමට කිසිම ගැටුමක් ඇති වුනේ නැහැ. 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ විසූ “ඇනා ජාර්විස්” ඇගේ අම්මාගේ මියගිය දිනය අලලා ගුණගායනා උත්සවයක් පැවැත්වුවා. ඒ මවගේ දෙවැනි ගුනානුස්මරණ දිනයයි. ශාන්ත ඇන්ඩෘ පල්ලියේ පවත්වන ලද මෙම උත්සවය පසුකාලයක ජාත්‍යන්තර සැමරුම වෙනුවෙන් ජවය ලබා දුන්නා. අද මෙම පල්ලිය ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය (International Mother’s Day Shrine) ලෙස හැඳින්වෙනවා.1908 වසරේ අම්මාවරුන් වෙනුවෙන් දිනයක් ස්ථාපිත කරන යෝජනාවට පුංචි මතවාද ඇති වුනා. අම්මාට දිනයක් නම් නැන්දම්මාටත් දිනයක් අවශ්‍ය වෙනු ඇතැයි කියමින් මේ යෝජනාව බැහැර වුනා.1911 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ අම්මාවරුන් වෙනුවෙන් නිල උත්සවයක් පැවැත්වුනත් එදා ඒ සැමරුම සීමා වුනේ තමන්ගේ අම්මාට පමණයි. හැම අම්මා කෙනෙක්ම වෙනුවෙන් ඒ ඇගයීම ලැබුනේ නැහැ. 1914 වසරේ වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා විසින් මේ දිනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එතැන් පටන් ලෝකයේ බොහෝ රටවල් මව්වරුන්ගේ දිනය සමරන්න පටන් ගත්තා. අද වෙන විට ලෝකයේ බොහෝ රටවල් මේ දිනය සමරන අතර පින්ලන්තය,ඉතාලිය, තුර්කිය,ඔස්ට්‍රෙලියාව,ඩෙන්මාර්කය අම්මාවරුන්ගේ දිනය සමරන රටවල් ජාලයට ඇතුලත් වෙනවා.

බොහෝ දෙනෙක් අද කියන්නේ බටහිර රටවල අම්මා තම පවුලෙන් මිදී වෙනම නිවාසයන්හි ගෙවන නිසා අනිවාර්යෙන් මව බැලීමට යෑම සඳහා ලබා දෙන යුතුකමක් විදිහට මේ සංකල්පය ගොඩ නැගුන බවයි. ඒත් අපේ රටට මේ තත්වයක් නොමැති නිසා අම්මාවරුන්ගේ දිනය අනවශ්‍ය බවට මතවාද තිබුනත් අද අපේ රටේ අම්මාගේ චරිතය ඉතාම ශෝචනීය තතත්වයකට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.එක වහලක් යටතේ ජීවත් වුනත් අම්මා අද අවලංගු කාසියක් තරමට පත්ව සිටිනවා. දරුවන් හදා වඩන ඇය එයින් පසුව මුණුපරන්ගේද ආරක්ෂකයාය. එහි වරදක් නැත. අත්තම්මා , සීයා තරම් මුණුපුරන්ට රැකවරනය ලබා දෙන්නෙක් වෙනත් නැත. ඒ අතර අම්මාට පවුලෙන් ලැබෙන රැකවරනය ගැන නම් සැක සහිතය.පුවත්පතක් ගෙන යාන්තම් ඇස ගැටුනත් පෙනේනේ අම්මා පත්ව ඇති ඉරණමයි. දවල් බත පමා වුනාම, මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් නොදුන්නාම, පෙම්වතියට තෑගි ගන්න මුදල් ඉල්ලා නොදී සිටිය විට අම්මා මරා දමන්නට තරම් දරුවන් සැහැසිව ඇත. එහෙමත් නැත්නම් අම්මා වාහනයක දමාගෙන ඇවිත් මහමග දමා සමහර අය නම් රුපියල් පන්සියයක්ද මිට මොලවා ගොස් ඇත. අම්මාගේ තක්සේරුව අද රුපියල් පන්සියයකට සීමා වී ඇත.

“මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට…” යැයි අසන්නටවත් අම්මාගේ හඩ අවදි වී නැත. නිවසක පහන අම්මාය. ඒ පහන් එලියෙන් දරුවන්ට යන එන පාර නොපෙන්නුවා නම් අද ඔවුන්ට ජීවිතයක් නැත. ගමට කලින් හිරු උදා වෙන්නේ මුලුතැන්ගෙට යන්න සැබෑය. වනසතුන් අතර පවා උත්තරීතර මව් සෙනෙහස ඉතා අරුමයක්ව ඇත. ඇත් පැටවකු බිහි වුන විට රැලටම කිරි එරෙන්නේ මව් ටසනහසේ අරුමය නිසාමය. මැක්සිම් ගෝර්කි සිය “අම්මා” කෘතියේ දක්වා ඇති අන්දමට “ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරි වලින් බව සැබෑය”.

මේ නිසා අම්මාවරුන්ගේ දිනය මුල් කර ගෙන සංකේතාත්මකව තිලිනයක් පිලිගැන්වූ පමනින් ඇයට එය උපහාරයක් වන්නේ නැත. මව් ගුණ ඔබේ හදවතේ ආත්මීය බන්ධනයක් විය යුතුය. දරුවන් නිවසට එන තෙක් අම්මාගේ ඇස පියවෙන්නේ නැත. දරුවන්ගේ කුස රස අහරින් පුරවා ඇය ඇල් වතුරෙන් කුස පුරවා ගන්නා තරමටම පරිත්‍යාගශීලීය. අම්මාගේ එකම ප්‍රාර්ථනය දරුවන් පමනි. එසේ නම් දරුවන්ගේද ප්‍රාර්ථනය විය යුත්තේ එයම නොවන්නේද…? මල් පොකුරක් සහ සුබපැතුම්පතකින් පමණක් අම්මාට වියපත් වූ විට ලැබෙන ඇගයීම සෑහීමක් නොවේ. ඇයගේ දුක සැප විමසා බලන්නට, අවශ්‍ය ආහාරපාන සපයා දෙන්නට, බේත් හේත් බිව්වාද බැලීමට කාලය කෙසේ හෝ ලබා ගන්න. වෙලාවක් නැතැයි… යන්න සියල්ලටම ගැලපෙන පාඨයක් නොවේ.

ඒ වගේම ඔබ මව්පියන්ට සලකන අන්දමින් දරුවාද මව්පිය ගුණ හදුනා ගනු ඇත. අම්මා තාත්තාට ඔබ නොසලකමින් දරුවන්ට ඒ ගැන ලබා දෙන අවවාද අනුශාසනාවන් කොහෙත්ම අදාල නැත. ඒවා ප්‍රායෝගික නොවන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසාය. ඔබ අම්මාට සලකන තරමින් දරුවා බොහෝ දේ උගනිනු ඇත. එවිට අම්මාවරුන් වෙනුවෙන් එක් දිනයක් නොව තමාගේ ජීවිතය අම්මාය … තරමටම මව්ගුණ හදවතට සමීප ජීවිතයේ ගීතය බවට පත් වෙනු ඇත.

ඔයාගෙ පැටියටත් තියෙන්නෙ කූ..චි කූ..චි සොෆ්ට් සමක්ද?

ඔබේ සමට වඩා ඔබේ පැටියාගේ සම සුමුදුයි කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඉපදිලා මාස කිහිපයක් නැතිනම් යම් කාලයක් යනකම් පැටියගෙ සම හරිම සංවේදී ඒ වගේම හරිම සුමුදුයි. ඉතිං, පැටියගෙ සමට හොදම දේ ලබාදෙන එක ඔබේ වගකීමක්. ඒ වගකීම දන්න නිසයි Pears අලූත් වුණේ. විශේෂ සංයෝග එකතු කරලා අපේ Pears නිෂ්පාදන පෙළ අලූත් වුණේ ඔබේ පැටියාගේ සංවේදී සම සුරැකීමට උදව් කරමින් පැටියගෙ සම කූ..චි කූ..චි සොෆ්ට් ගතියෙන් තියෙන්නයි.

අලූත් Pears වල තියෙන එක් සංයෝගයක් තමයි ඔලිව් ඔයිල්. දශක ගණනක් තිස්සේ ලොව පුරා සිටින අම්මලා එයාලගේ බබාලට දිදුළන සමක් ලබා දෙන්න පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. එය සමේ තෙතමනය සුරකීමට උදව් කරන නිසා නිරෝගී, දිදුලන, සුමුදු සමක් ඔබේ පැටියට ලැබෙනවා.

අලූත් Pears වල තියෙන තවත් එක් ප්‍රධාන සංයෝගයක් තමයි රිච් මොයිෂ්චර්. පැටියගෙ සමේ තියෙන තෙතමනය රැකගැනීමට රිච් මොයිෂ්චර් උදව් වෙනවා. එය ගොඩක් වැදගත් වෙන්නෙ වැඩිහිටියෙකුගේ සමට වඩා පස් ගුණයක වේගයෙන් ඔබේ පැටියගෙ සමේ තෙතමනය සුරැකෙන ගුණය නිසයි. මේ සංයෝග දෙවර්ගය සමග අලූත් Pears විශේෂයෙන් වැඩි දියුණු කරලා තියෙන්නෙ ඔබේ පැටියගෙ සමේ තෙතමනය පැය 24 පුරාම සුරකිමින් සම සුමුදු බවින් තියන්නයි.

අලූත් Pears නිෂ්පාදන පෙළ බිලිඳු සමට සුදුසු බව විද්‍යාත්මකවත් තහවුරු කරලයි තියෙන්නෙ. එය සමේ pH අගය පැටියගේ සමට වඩාත් සුදුසුයි.

මේ හැම දෙයක්ම නිසා දැන් ඔබේ පැටියගෙ සමට විශේෂඥයෙකුගේ සත්කාරය ලැඛෙන බව නම් සහතිකයි.

අපගේ අලූත් Pears නිෂ්පාදන පෙළ ගැනත් පැටියගෙ කූ..චි කූ..චි සොෆ්ට් සම ගැනත් දැනගන්න, පිවිසෙන්න www.pearsbaby.com 

pearsbaby-products

රජ පවුලේ පස්වැනි උරුමය…

2010 වසරේ ඔක්තෝබර් 10 වැනි දින විලියම් සහ කේට් කුමරියගේ විවාහ මංගල්‍යය සිද්ධ වුන අතර එදින කේට් කුමරිය විසින් පළඳනු ලැබුවේ ඇගේ නැන්දණිය හෙවත් ඩයනාගේ මගුල් මුදුවයි. 2011 වසරේ අප්‍රේල් 29 වැනි දින කේට් සහ විලියම් කුමරුගේ විවාහ මංගල්‍යය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පවත්වන ලද අතර මිලියන 26 ක ජනතාව මෙම විවාහ මංගල්‍යය සජීවි ලෙසින් දැක බලා ගන්නට පැමිණ සිටියා.

එතැන් පටන් ලෝකයා බලා සිටියේ ඇය දරුවෙක් ලොවට දායාද කරන්නේ කවදාද යන්නයි. ඒ සිහිනය සැබෑ වීමටත් එතරම් කාලයක් ගත වුනේ නැහැ. 2013 වසරේ ජූලි 22 වැනි දින  ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී ඇය කුලුඳුල් දරුවා බිහි කරනු ලැබුවා. ඒ පුතෙක්… රජපැටියාගේ උපත් බර කි.ග්‍රෑම් 3. 80 ක් වුණා. දරුවා උපත ලබන විට ආචාර වෙඩි මුර 21 ක් පවත්වා ‍බ්‍රිතාන්‍ය වැසියන් රජ පවුලේ අලුත් අමුත්තා ඉතාම අභිමානයෙන් පිලිගත්තා.

2013 වසරේ ජූලි වැනි දින කෙන්සින්ග්ටන් මාලිගාවෙන් මේ දරුවාගේ නම “ජෝර් ජ් ඇලෙක්සැන්ඩර් ලුවී” යැයි නිල ප්‍රකාශය ලබා දුන්නා.රාජකීය බිළිදා උපත ලද දිනයේ පටන් තෑගි බෝග බොහොමයක් ලැබුණා. ඔස්ට්‍රෙලියාවේ උතුරු ටෙරිටෝනි ප්‍රාන්තයේ මහ ඇමති විසින් ජෝර්ජ් කුමරා නමින් කිඹුලෙක් නම් කරනු ලැබුවා. ඩඩ්ලි සත්වෝද්‍යානයේ උපත ලද මීර් බලලුන් තුන්දෙනක් වෙනුවෙන් ජෝර්ජ්, ඇලෙක්සැන්ඩර් සහ ලුවිස් යනුවෙන් ඔහුගේ නමේ කොටස් ඇතුලත් කළා.කෙන්යාවේ සම්බාරු ගෝත්‍රිකයන් විසින් කලු ගවයෙක් සහ එළුවෙක් ත්‍යාග විදිහට ලබා දුන්නා. මේ ගවයා මුල් කර ගෙන ලෙවා වන සත්ව සංරක්ෂිතයේ රාජකීය ගව රංචුව ලෙසින් අලුත් කොටසක් ඇතුලත් වුණා.

නැවතත් ඇය ගැබ් ගත් බවට ආරංචියක් ලැබුනා. 2015 වසරේ අප්‍රෙල් මාසයේදී ඇයගේ දෙවැනි දරුවා ප්‍රසුත වන බවට වෛද්‍යවරුන් නිර්දේශය ලබා දුන්නත් දින පිළිබඳව පුංච් වෙනසක් වෙලා 2015 වසරේ මැයි දෙවැනි දින ශාන්ත මරියා රෝහලේදී රජපවුලේ හතරවැනි උරුමය ලෙසින් දියණියක් රජපුරුකට එක් වුණා. ඇයට ඔවුන් නම් තැබුවේ චාර්ලට් යනුවෙන් නම් තැබුවා. මේ අතර බටහිර ජපානයේ ඔයිටා සත්වෝදයානයේ හැම වසරකදීම මහජන විමසීම් අනුව සත්වෝද්‍යානයේ උපත ලබන වානර පැටවෙකුට නමක් තබනවා. 2015 වසරේදී චාර්ලට් කුමරියගේ උපත සමග වානර පැටවා වෙනුවෙන් යෝජනා වුනේ “චාර්ලට්” යන නමයි. පැය 24 ක් ගෙවෙත්ම දුරකථන ඇමුතුම් මගින් චෝදනා නැගෙන්නට වුණා.

මේ දරුවන්ගෙන් සීයාට කිසිම කරදරයක් නැති බව චාල්ස් කුමරු සෙබලුන් සිහිකිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී සඳහන් කර තිබුණා. මුණුබුරා වන ජෝර්ජ් කුමාරයා නම් බිලිදු අවධියේදී නිදි නොමැතිව රාත්‍රියේදී පුංචි පුංචි කරදර කළත් චාර්ලට් කුමරියගෙන් ඒ විදිහට කිසිම කරදරයක් නැති බව චාල්ස් කුමාරයා කියා තිබෙනවා.

2017 වසරේ නැවතත් කේට් කුමරිය ගැබ් ගත් බව කෙන්සින්ටන් මාලිගාවෙන් නිවේදනය කරනු ලැබුවා. පළමු දරු උපත් දෙකේදී මෙන්ම මේ වතාවේදිත් කේට් කුමරිය උදෑසන අසනීප ගතියෙන් පසු වුණා. හෝර්මෝන මට්ටමේ වෙනස්කම් නිසා ඇති වෙන උදෑසන ඔක්කාරයෙන් human chorionic gonadotropin මේ තත්වය ඇති වෙනවා. ඇය මේ වතාවේදී තම දරුවා මාලිගාවේදී ප්‍රසුත කරන බවට කල් තබා දැණුම් දුන්නා. ඒ තම සහෝදරයාට සහ සහෝදරියාට අලුත් අමුත්තා අලුත් විදිහට දැක ගැනීමේ අත්දැකීම ලබා දීමටයි. නැත්නම් මුලින්ම මාධ්‍යයන්ට නිරාවරනය වන නිසා දරුවන්ට මේ නැවුම් අත්දැකීම නොලැබෙන බව ඇගේ අදහස වී තිබුණා.

ඒත් අදහස වෙනස් වුණා. 2018 වසරේ අප්‍රෙල් 23 වැනි දින ලන්ඩන් නගරයේ ශාන්ත මේරි රෝහලේදී කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසුතිය සිදු කලා. ඔහු පුතෙක්. අම්මාත් පුතාත් සෞඛ්‍ය තත්වයෙන් පසු වෙන බව රෝහල් ආරංචි මාර්ග වෙතින් පනිවිඩ ලබා දුන්නා. පුත් කුමරාගේ උපත් බර රාත්තල් අටකුත් අවුන්ස හතක් බවත් වාර්තා වෙනවා.

අලුත් සාමාජිකයාගේ රජ පවුලේ පස්වැනි උරුමයයි. 2013 වසරේ හඳුන්වා දෙන ලද නෛතික වෙනස්කම් අනුව ගැහැණු දරුවන්ටත් රාජ්‍යත්වය වෙනුවෙන් පෙලගැසීමට අයිතිය තිබෙනවා. ඉස්සර මේ අයිතිය තිබුනේ එම පවුලේ පිරිමි දරුවන් නොසිටියොත් එම පවුලේ සිටින ගැහැණු දරුවාටයි. දැන් පෝලිමේ පිලිවෙලට රජකම ලැබෙනවා. ඒ අනුව චාර්ලට් කුමරිය රජ පුරුකේ හතරවැන්නිය වන අතර අලුත් අමුත්තා පස්වැනි උරුමයයි. රජපැටියාට තවමත් නමක් යතබා නැහැ. ඒත් නම් කීපයක් යෝජනා වී තිබෙනවා. ආතර්, ඇල්බට්, ෆෙඩ්රික්, පිලිප් සහ ජෝර්ජ් ඒ නම් අතරට එක්ව තිබෙනවා.

රජපවුලට පුතෙක් ලැබීම ගැන බොහෝ දෙනා සතුටට පත්ව සිටින මොහොතක බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ලන්ඩන් නගරාධිපති විසින් කේම්බ්‍රිජ් ආදිපාද කේට් කුමරියට සහ විලියම් කුමරාට සුබපැතුම් එක් කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා.

“දුවට මවක මිස…” මෙයින් මවකට මිදිය හැකිද?

දරුවන් විවාහ කර දීම බොහෝ දෙමව්පියන්ගේ වදන් වලින්ම පැවසුවහොත් බරින් නිදහස් වීමක්. තම දරුවා දියණියක් නම් මේ ප්‍රකාශය තවත් බරසාර එකක්. එසේ කටවහරට පැවසුවත් තම සෙවනේ ජීවත් වූ දියණිය එසේ විවාහ කර දුන් පමණින් දෙමව්පියන් විශේෂයෙන් මවක් ඇයගේ සියලු වගකීම්වලින් නිදහස් වූවායැයි සිතිය නොහැකියි. විශේෂයෙන්ම ආසියාතික රටවල පරම්පරා දෙක තුනක් එකට ජීවත් වීම එහි සංස්කෘතියේ ලක්ෂණයක්. එහෙත් සමහර මව්වරු දියණිය විවාහ වූ දින සිට ඉදිරි ජීවිතයේ සියලුම වගකීම් ඇය විසින් දැරිය යුතුය යන පදනමේ සිට ක්‍රියා කරති.

සැබවින්ම මවක් විසින් කළ යුත්තේ එයද? දරුවන්ට ස්වාධීන වීමට, තම තමන්ගේ කටයුතු ඉටුකර ගැනිමට මෙන්ම නව වගකිම් දැරීමට ඉඩ හැරිය යුතු බව අවිවාදයෙන් පැවසිය හැකි කරුණකි. එහෙත් මෙතක් දිවියේ සැපයු අත්වැල හදිසියේම අතහැරිය යුතුද?

අලුත විවාපත් වුනු තරුණියක් ඇගේ ජීවන අත්දැකීමක් එක්තරා මනෝ විද්‍යාත්මක සායනයක දී මෙසේ පවසා තිබුණා.

“මම විවාහ වුණේ මගේ ඥාතියෙක් සමග. නමුත් ඒක දෙමාපියන් ගෙනා යෝජනාවක්. මගේ අම්මා කිව්ව දේ තමා විවාහ වුණාම සියලුම වගකීම් අපි දෙන්නා බෙදාගෙන කරලා දෙම්පියන්ට නිදහස දෙන්න කියලා. නමුත් මම ගෙදර ඉන්න කාලේ මගේ අම්මා මට ස්වාධීනව තීරණ ගන්න දුන්න කෙනෙක් නෙවේ. විවාහ වෙලා අපි අලුත් ගෙදරට ආවා. මට අමාරු වුණා අලුත් වගකීම් දරන්න. අපි කොහොම හරි අම්මලාට බරක් නොවී කටයුතු කරගෙන ගියා. මම  මගේ පළවෙනි දරුවා ලැබෙන්න ඉද්දි මගේ අම්මාට කිව්වා මට තියන අපහසුකම් නිසා ඇවිත් ටික කාලෙකට මාත් එක්ක නවතින්න කියලා. අම්මා කිව්ව දේ තමා  “අපිව ඒ වගකිම් වලට බැඳලා තියන්න එපා” කියන එක. මම දරුවා ලැබුණාට පස්සේ සේවිකාවක් අරගෙන ඉතාම අපහසුකම් මැද ඒ කටයුතු කරගෙන රැකියාවට ගියා. හැමදාම දරුවාගේ ප්‍රශ්න, සේවිකාවගේ ප්‍රශ්න නිසා මම මගේ මහත්තයා එක්කත්, පවුල් ජීවිතේ එක්කත් කළකිරුණා. ඒත් එක්කම මම දැක්කා මගේ අනික් යාළුවන්ට එයාගේ අම්මලා උදව් කරන විදිහ. ඒ නිසා මම මානසික ගොඩක් ඇදගෙන වැටුණා. මගේ මහත්තයාගේ අම්මා හිටියේ ලෙඩින්. ඒ නිසා ඒ පැත්තෙනුත් උදව්වක් නැහැ. අන්තිමට මම දරුවා හදා ගත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තියලා. මට ඒ නිසා ආපහු දරුවො හදන එක හරිම අප්‍රසන්න අත්දැකීමක් වුණා. නමුත් මට හිතෙනවා මගේ මහත්තයා තව දරුවෙක් බලන්න කැමැත්තෙන් ඉන්න බව. මට මේ පවුල් ජීවිතේට ඇති වෙලා තියන අකමැත්ත නිසා ගොඩාක් ප්‍රශ්න වලට මම මුහුණ දෙනවා……….”

මෙවැනි අවස්ථාවන්ට අපට එදිනෙදා ජීවිතයේ දී නොයෙක් විට මුහුණ පෑමට සිදුවනවා. දියණියක් තමාට අසීරු සෑම අවස්ථාවකම මවගේ පිහිට පැතීම ඉතා සාමාන්‍ය සිද්ධියක්. ඒ ඇයට වඩාත්ම සමීප, වඩාත්ම හිතවත් තැනැත්තිය මව වීම නිසායි. දරු උපතක් යනු කාන්තාවකගේ ජීවිතයේ මෙතෙක් ගලාගෙන ගිය රිද්මය වෙනස් කරන අවස්ථාව.  එය මානසික හා කායික විපර්යාසයක් ඇති කරන අවස්ථාවක්. ඇය ජීවිතයේ වඩාත්ම පිළිසරණ පතන, රැකවරණය පතන සහ අත්දැකීමෙන් පරිණත මවගෙන් උපදෙස් ලැබිය යුතු අවස්ථාව එයයි. දාරක උපතක දී මෙන්ම ඉන් පසුව ටික කලක් ගතවන තෙක් ඇයට මනා රැකවරණයක් සහ පිටුවහලක් පවුලේ අය විසින් ලබා දීම කළ යුතුම දෙයක්.

ප්‍රසූතියෙන් පසුව ඇති වන ශාරීරික සංකූලතා මෙන්ම මානසික සංකූලතා ද සුළුවෙන් සැලකිය නොහැකියි. මානසික පීඩන තත්ත්වයන් හේතුවෙන් ළදරුවා සමගම මව දිවි නසා ගන්නා තත්ත්වයන් ඇති වන බව අප අත්දැක තිබෙනවා. නිසි  රැකවරණයක් නොලැබීම  හේතුවෙන් ඇතිවන එවැනි අවස්ථාවන් වලක්වාගෙන  තම මැදිහත් වීමෙන් දියණිය සහ ඇගේ අලුත උපන් ළදරුවා ලබන සහනය සෑම මවක් විසින්ම අත්විඳිය යුත්තකි.

මවකගෙන් විමසා සිටියහොත් තමන්ට දරු ප්‍රසූතියේ දී වඩාත්ම සිහිවුයේ කවුරුන්දැයි නිසැකයෙන්ම කියනු ඇත්තේ ඇයගේ මව බවයි. ඒ තමා වෙනුවෙන් ඒ උතුම් කාන්තාව කර ඇති කැපවීම හරියාකාරව හඳුනාගන්නේ ඒ අවස්ථාවේ වීමයි. බොහෝ විට එම අවස්ථාවට මුහුණ දීමට මානසික ශක්තිය ලබා දෙන්නේ ද මවයි. දියණියක් යටි සිතින් හෝ බලාපොරොත්තු වන්නේ ද එයයි. එවැනි අවස්ථාවක තමාගේ භූමිකාව හඳුනා ගන්නේ සැබවින්ම බුද්ධිමත් මව්වරුන් පමණකි.  දරුවන් හැදීමේ න්‍යායන් පිළිබඳ දැනුම් සහගත කාන්තාවන් තම දියණියට සහාය දෙන්නේ  එම න්‍යායන්ට ගැලපෙන කොන්දේසි සහිතවයි. ඒ කොන්දේසි තම දියණියගේ අපහසුතා සමග කෙසේ සැස‍දෙන්නේ කෙසේදැයි කල්පනා කිරීමට ඉහත සඳහන් කල තරුණ දියණියගේ මව දෙවරක් සිතා බැලුවේ නම් ඇයට මෙවැනි ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. මෙය කිසිසේත්ම දියණියගේ දරුවාගේ වගකීම තමා පිට පටවා ගැනීමක් නොවන බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය  කටයුත්තකි.

ජීවිතයේ අත්දැකීම් ලැබිය යුත්තේ වගකීම් දැරීමෙන් බව කෙනෙකුට තර්ක කළ හැකි කරුණක්. ඒ අනුව විවාපත් යුවළකට තම දරුවන්ගේ කටයුතු යනු අත්දැකීමක් මෙන්ම, වගකීමක් දැරීමකි. ඒ වෙනුවෙන් තම දෙමව්පියන්ගේ සහාය පැතීමට කටයුතු කිරිම දෙමව්පියන්ගේ නිදහස අහිමි කිරීමක් ලෙස ඇතැම් අයට නිගමනය කළ හැක. එහෙත් මනුෂ්‍ය සබඳතාවයන්හි සීමාව මෙයයැයි ළකුණු කොට ඒ සීමාවන් මත සිට කටයුතු  නොකර දියණියට ඔබගේ සහාය වඩාත්ම අත්‍යවශය මොහොත තේරුම් ගෙන කටයුතු කරන මවක ලබන නිරාමිස ප්‍රීතිය ලැබිය හැකි අයෙක් තවත් වේද?

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාරිනී රේණුකා තෙන්නකෝන් මහත්මිය සකසන ලද ලිපියකි.

 

නව යොවුන් දරුවාගේ මොළයේ වර්ධනය හදුනා ගනිමු

යොවුන් විය යනු ඕනෑම අයෙකුගේ ජිවිතයේ ඉතා වැදගත් වර්ධන අවස්ථාවකි.ළමා වියෙන් වැඩිහිටි වියට ක්‍රමයෙන් පියමනින දරුවා එහි අභියෝගයන්ට මුහුණ දිමට මේ කාලය තුල ඉගෙන ගනී.මේ අවධියේදී  කායික වර්ධනයේ පමණක් නොව මනෝ සමාජීය වර්ධනයේද වැදගත් වෙනස්කම් රාශියක් සිදු වේ.ඒවා නිවැරදිව හදුනා ගැනීම  දෙමව්පියන්ට ඉතා වැදගත් වන්නේ එමගින් තම දරුවාගේ විවිධ හැසිරීම් නිවැරදිව අවබෝධ කර ගැනීමටද , දරුවාට අවශ්‍ය මග පෙන්වීම ලබා දිමටද එය මනා රුකුලක් වන බැවිනි.

මොළයේ වර්ධනය ශීග්‍රයෙන් සිදුවන්නේ මුල් අවුරුදු 3-4 තුලය.ඉන් පසු මොලයේ විවිධ කොටස් ක්‍රම ක්‍රමයෙන් විවිධ වයස් වලදී වර්ධනය වේ.අවසානයටම වර්ධනය වන්නේ අපේ මොළයේ නළල පිටුපස ඇති pre frontal cortex  නම් කොටසය.මෙය යොවුන් විය තුල සිදු වී වැඩිහිටි වියේ දී සම්පූර්ණ වේ.ඇත්තෙන්ම පුද්ගලයෙකුගේ වයස 30 පමණ වන තෙක්ම මොළයේ වර්ධනය සිදු විය හැකි බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත.Pre frontal cortex නම් කොටසින් ඉතා වැදගත් කාර්ය රැසක් ඉටුවේ. එනම් යමකට නිවැරදිව අවධානය දීම , තීරණ ගැනීම , ගැටළු විසදීමේ හැකියාව , ආවේග පාලනය ආදියයි.

නමුත් යව්වනයකුගේ යව්වනයකුගේ මෙම කොටසේ වර්ධනය සම්පුර්ණ වී නැති බැවින් ඔවුන්ට ආවේග පාලනය කිරීමේ හැකියාව අඩුය. යොවුන් වියේ දරුවන් බොහෝ විට ආවේගශීලි වන්නේද , වැඩි දුර සිතීමකින් තොරව හැගීම් මත පදනම්ව තීරණ ගැනීමට පෙලබෙන්නේද මේ නිසාය. එමෙන්ම නිතරම උත්තේජනයන් සොයා යාමටද , අවධානම් කටයුතුවල දීමටද ඔවුන් පෙළබේ.

මේ කාලය තුල දරුවකුගේ කායික වර්ධනයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවේ. සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය අධික වේ. මිට සමාන්තරව සිදුවන මානසික වෙනස්කම්ද හේතුවෙන් ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම්ද දෙමව්පියන්ට දැකිය හැකිවේ.

මේ කාලය තුල මොළයේ වර්ධන වෙනස්කම් හේතුවෙන් යොවුන් දරුවා තමාගේ සිතුවිලි හා හිතීමේ ක්‍රියාවලිය  ගැන වැඩි අවධානයක් යොමු කරයි. අන් අයගේ අවධානය තමා වෙත නිරතුරුවම යොමු වී ඇතැයි සිතයි. එබැවින් පිරිසක් සිටින තැනක තමා අදින පළදින ආකාරය , හැසිරෙන ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කරයි.

යොවුන් වියේදී දරුවෝ දෙමව්පියන් හා ජිවත් වුවද තමාගේ අනන්‍යතාවය වර්ධනය කර ගැනීමට වෙහෙසෙති.ඉහල ආත්ම විශ්වාසයක් හා වටිනාකමක් තමා කෙරෙහි ඇති කර ගනිති. එසේම අනිත් අතට ස්වයං විවේචනයේ යෙදීමද , ඉක්මනින් දුකට හා අපේක්ෂා භංගත්වයට පත් වීමටද හැක. මේ කාලය තුල දෙමව්පියන්ට වඩා සම වයසේ මිතුරු කණ්ඩායම් ප්‍රිය කිරීම සාමාන්‍ය තත්වයකි. හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ වැඩි ආකර්ෂණයක් දැක්වීමද දැකිය හැක.

මේ කාලය තුල මොළයේ වර්ධනය නිසි පරිදි සිදු වී සාර්ථක වැඩිහිටියකු ලෙස සමාජයට පිය නැගීමට දෙමාපියන් ඇතුළු පවුල් පරිසරයෙන් නිසි සහය ලැබීම අත්‍යවශ්‍ය වේ.දෙමව්පියන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ඔවුන්ගේ ආත්ම ශක්තිය දියුණු වීමට අත්වැලකි. ඔවුන්ට නිවසේ පැහැදිලි , වෙනස් නොවන නීති මාලාවක් තිබීම අත්‍යවශ්‍යය.

යොවුන් දරුවන්ට දඩුවම් කිරීම කිරීම සුදුසු නොවේ. ඔවුන් කිසියම් අහිතකර දෙයක නියලුනහොත් , ඔවුන් කැමති දෙයක් නොදී සිටීම හෝ තහනම් කිරීම වැනි ක්‍රම වඩා සුදුසුය. මේ වයසේදී  යහපත් ජිවන රටාවකට හුරු කරවීමද ඉතා වැදගත් වේ.

මේ වයසේ දරුවන් හැගීම් මත ක්‍රියා කිරීම , ආවේගශීලි වීම හා අවදානම් ක්‍රියාවල නිරතවීමට වැඩි නැඹුරුතාවයක් ඇති බැවින් ඔවුන් හා වැඩ කිරීමේදී දෙමාපියන් සුපරික්ෂාකාරී හා නැණවත් විය යුතුය. දෙමව්පියන්ද අවෙගශීලි වීමෙන් දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ඇතිවීම අපි ප්‍රයෝගිකව සුලබව දකිමු. මෙයින් දරුවන් හා දෙමව්පියන් අතර සබදතාවය බිද වැටෙයි.

වත්මන් සමාජයේ ඇති දැඩි තරගකාරිත්ව හේතුවෙන් යොවුන් දරුවන් විවිධ ගැටළු වලට මුහුණ පානු අපි දැක ඇත්තෙමු. විශේෂයෙන් අධ්‍යාපනික පීඩනය , මිතුරු කණ්ඩායම්වල බලපෑම් , පවුලේ ගැටළු , ආදර සබදතා පිළිබද ගැටළු ආදිය නිසා  ඔවුන් අධික මානසික ආතතියට ලක්විය හැක. මෙබදු ගැටළු වලට මුහුණ දුන් දරුවන් ගැටළු විසදා ගැනීමේ හැකියාව අඩුකම හා ආවේග ශිලිකම හේතුවෙන් තමාටම හානි සිදුකර ගැනීම , මත්පැන් , මත්ද්‍රව්‍ය වලට යොමුවීම වැනි අහිතකර ක්‍රම වලට යොමු විය හැක.

එබැවින් විශේෂයෙන් යොවුන් දරුවකු  මානසික පීඩාවෙන් පෙලේ යයි සිතේ නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය සහය ඉක්මනින් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමකි.මෙබදු අවස්ථාවක දෙමව්පියන්ගේ වැරදි ප්‍රතිචාර (එනම් දැඩි දඩුවම් , අධික ලෙස විවේචනය කිරීම , උපහාසයට ලක් කිරීම ) ආදිය හේතුවෙන් තත්වය තවත් උග්‍ර විය හැක.

තවද යොවුන් දරුවන් අතරද විෂාදය වැනි සුලබ මානසික ගැටළු දැකිය හැක.නමුත්  බොහෝ විට ඒවා හදුනා නොගැනේ. විශේෂයෙන්  නුරුස්ස්සන බව , අධික කේන්තිය වැනි ලක්ෂණ විශාදයේ ලක්ෂණ විය හැකි අතර ඒවා යොවුන් වියේ සාමාන්‍ය දේ යයි සිතා නොසලකා හරිනු දක්නා ලැබේ .මෙය දරුවාගේ අධ්‍යාපනයට පමණක් නොව  අනාගතයටද අසතුටුදායක ලෙස බල පෑ හැක.

යොවුන් වියේ දරුවකුගේ මොළයේ වර්ධන වෙනස්කම් හා සමබර මනසක් පවත් වා ගැනීමට ඔහුට හෝ ඇයට සහය විය හැක්කේ කෙසේද යන්න පිළිබද නිවරදි දැනුම ලබා ගැනීමෙන් ඔවුන්ට සාර්ථක වැඩිහිටියෙක් ලෙස සමාජයට පිවිසීමට ඔබට අත්වැලක් විය හැක.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

දරුවා සමාජයේ අප්‍රසාදයට ලක් නොවීමට ඔබේ අවධානය යොමු විය යුතු කරුණු 5ක්

පුංචි දරුවෝ කියන්නේ දැනුම් තේරම් ඇති අය නම් නෙවෙයි. ඔවුන් කාගෙවත් පාලනයකින් තොරව බොහොම නිදහසේ ඔවුන්ගේ වැඩ කටයුතු වල නිරත වෙන පිරිසක්. ඒත් හැමදාමත් ඔවුන් ජිවත් වෙන්නේ අම්මා තාත්තා ලගම පමණක් නොවෙයි. ඔවුන්ට නෑදෑ හිතමිතුරන් හා සමග ගැටෙන්නට අනිවාර්යෙන්ම සිදු වෙනවා. තමන්ගේ අම්මා තාත්තා ළඟ කොයි විදියට හිටියත් පිරිසක් අතරට යද්දී අපේ දරුවන්ට යම් සංයමයක් තිබිය යුතුමයි. අන්න ඒ නිසාම මේ කරුණු කීපය ගැන මව්පියන් දන ගත යුතුමයි කියලා parenting.lk අපිට හිතුණා.

01) දරුවාට සුදුසු ඇඳුමක් අන්දන්න

පුංචිම පුංචි දරුවෙක්ට හැර සාමාන්‍යයෙන් දුවලා පැනල සෙල්ලම් කරන පුංචිම දරුවෙක්ට උනත් පිරිසක් අතරේ ඉන්නවා නම් සුදුසු ඇඳුමක් ඇන්දවීම අනිවාර්යයි. දරුවා තාම පොඩියිනේ, අනික හරිම රස්නෙයි. ඒ නිසා උඩ ඇඳුමක් ඕනේ නැ, ඇතැම් විට ඔබ හිතන විදිය වෙන්න පුළුවන්. ඒත් අම්මා තාත්තා සමග නිවසේ රැදෙන විට පවා දරුවාට සුදුසු ඇඳුමක් ඇන්දවීම වඩාත් සුදුසුයි. උණුසුම් දිනයකදී නම් උර පටි සහිත කපු රෙද්දෙන් නිම වූ ඇඳුමක් ඔබට තෝරා ගත හැකියි. එසේම මේ දුවටද පුතටද කියා වෙනසක් තිබිය යුතු නැත.

02) පිරිසක් ඉදිරියේ හැසිරෙන ආකාරය කියා දෙන්න

අපි කවුරුත් කැමති අපේ දරුවන්ට කොයි කවුරුත් ආදරය කරනවට. ඒ වගේම අපේ දරුවන්ගේ වැරදි අඩුපාඩු කතා කරනවා අහන්න අපි කොයි විදියකටවත් කැමති නැ. ඒ වගේම තවත් දරුවෙක් එක්ක අපේ දරුවා සංසන්දනය කරනවට අපි කැමතිත් නැ. ඒ විතරක් නෙවෙයි, අපේ දරුවෝ නිසා අපිව අපහසුතාවයට පත් වෙනවට අපි කැමතිත් නැහැ.

මෙන්න මේ නිසාම අපි අපේ දරුවන්ට ඒ දේවල් ගැන කියල දෙන්න ඕනේ. ලස්සනට ඉන්න, ලස්සනට කන්න බොන්න, ලස්සනට කතා බහ කරන්න, අනෙක් අයට හිරිහැරයක් නොවෙන විදියට ඉන්න, කාගේත් හිත දිනාගෙන ආදරය ලබාගන්න. අපි මෙහෙම කියද්දී මව්පියන් විදියට ඔයාලට හිතෙන්න පුළුවන් “අපේ දරුවට කාගෙවත් ප්‍රසාදයක් මොකටද?” කියලා. ඒත් මතක තියාගන්න, දරුවෝ හැමදාම ජිවත් වෙන්නේ අපිත් එක්කම නෙවෙයි. එයාලා සමාජයට යනවා. ඒ තැන්වලදී ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ සාමුහිකවයි. එයාලගේ කාර්යයන් බාධාවකින් තොරව සුහදව කරගන්න නම් මේ කියූ යහ පැවැත්ම පුංචි කලේ ඉඳලම දරුවෙකු තුළ වර්ධනය කර ගත යුතුමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට අපි සහයෝගය ලබා දිය යුත්තේ ඒ නිසයි.

03) කතා කළ නොකළ යුතු දේ ගැන දරුවාට අවබෝධයක් ලබාදෙන්න

සමහර දරුවෝ ගිරවු වගේ කියවනවා. ඒ අතරේ ඕනේ දේ වගේම එපා දේත් කියවෙනවා. ඉතිං දරුවන්ට ඒ ගැන අවබෝධයක් ලබා දිය යුතුමයි. මොකද අපේ නිවසේ අපේ කටයුතු පිළිබඳව පිටස්තර පිරිස් දැනගත යුතු දේ වගේම දැන ගත යුතු නොවන දේත් තියෙනවා. ඒ ගැන ඔබේ දරුවාගේ වයස මට්ටම අනුව පුංචියට හරි අවබෝධයක් ලබා දෙන්න ඔබට පුළුවන් නේද?

මේකේ තව පැත්තකුත් තියෙනවා, සමහර වැඩිහිටියෝ ඉන්නවා හාර හාර දරුවන්ගෙන් පෞද්ගලික විස්තර අහන. ඒ දේවල් අපිට වෙනස් කරන්න බැරි නිසාම අපි අපේ දරුවන්ට ඒ වගේ අවස්ථාවන්වලදී ස්ථානෝචිතව හැසිරිය යුත්තේ කොහොමද කියන දේ කියා දිය යුතුයි. ගෙදර බොන පිටි වර්ගය, අම්ම උයනවද? අම්මයි තාත්තයි රන්ඩු වෙනවද? අම්මා වැඩිපුර ආදරේ නංගිට නේද? මෙන්න මේ වගේ මෝඩ ප්‍රශ්න දරුවන්ව පැත්තකට කරගෙන අහන අය ඕනෙ තරම් ඉන්නවා. මෙන්න මේ දේවල්වලදී පුංචි දරුවෙක් පත්වෙන්නේ හරිම අසරණ තත්ත්වයකට කියලා හිතන්න තරම් සමහර වැඩිහිටියන්ගේ මොළේ වර්ධනය වෙලා නැ. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී මගහරින්න ඔවුන්ට කියා දෙන්න.

03) කෑම මෙසේදී සන්සුන්ව ආහාර ගන්න ඔබේ දරුවා පුරුදු කරන්න

පිරිසක් එක්ක ආහාර වේලක් ගනිද්දී අපේ දරුවෝ බොහොම සතුටෙන් ඒ අවස්ථාවට සහභාගී වෙනවා. ඒත් සමහර දරුවන්ට කෑම මේසේ සිරිත් විරිත් ගැන නම් කිසිම අවබෝධයක් අදහසක් නැ. කෑම කන ගමන් කැ ගාහනවා, කෑම කන ගමන් කට අරිනවා, දිව එළියට දානවා, මුළු මේසේම කෑම හලනවා. මේ වගේ අවස්ථාවකදී අන් අයට මේ දරුවා අප්‍රියජනක විය හැකියි. ඒ ඔබේ දැරුවා නම් ඔහුට/ඇයට ඒ තත්ත්වයට පත් නොවීමට අවශ්‍ය සැලසුම සකසා දිය හැකිවන්නේ ඔබටම පමණයි. “පුංචි ළමයිනේ, ලොකු වෙද්දී ඇරිලා යාවි” කියා ඔබේ සිතට නැගෙන සිතුවිල්ල ඔබේ දරුවාගේ අනාගතයට හානියක් බව ඔබ මතකයේ රඳවා ගන්න.

04) මේකප් පුංචි දරුවෙකුට අත්‍යවශ්‍යමද?

හැම දරුවෙක්ම ලස්සනයි. දරුවෙක් කියන්නේ මේකප්වලින් හැඩ ගැන්විය යුතු අයෙක් නෙවෙයි. පුංචි නියපොතු පාට ගන්වලා, තොල් රතු කරලා, ඇස් හැඩ ගන්වලා මව්පියන් පුංචි ගැහැණු දරුවෙක්ගෙන් දකින්න උත්සහ කරන සුන්දරත්වය මොකද්ද කියලා අපිට වටහා ගන්න නම් අමාරුයි. ඒ වගේ දරුවෙක් දැක්කම ඇත්තටම දැනෙන්නේ අනුකම්පාවක්. අපිට ඒ විදියට දැනුනත් අපේ වටපිටාවට ඒ විදියට දැනෙන්නේ නැහැ. නූගත් අවස්ථාවාදී පිරිස් අපි අතරේ ඕනේ තරම් ඉන්නවා. එවැනි පිරිස් මෙවැනි දරුවෙකු තුළින් අනවශ්‍ය  අසාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් ලබාගන්න උත්සහ කළ හැකියි. දරුවෙකුගේ සුරතල් ළමා කාලය ඒ ආකාරයෙන් විඳ ගන්න ඉඩ තියන්න. ඔබේ අසාවන් දරුවන් තුළින් ඉටු කරගැනීමට උත්සහ නොකරන්න.

05) වැඩිහිටියන්ට ගෞරවනීයව කතා බහ කරන්නට දරුවන් හුරු කරන්න

අපි කවුරුත් කැමති ඕනෙම කෙනෙක් අපිට ආදරෙන් කතා කරනවට. ඉතිං අපි අපේ දරුවන්ටත් ඒ ගැන කියා දෙන්නම ඕනේ. වැඩිහිටියන්ට ගරු කරන්න ඔවුන් හුරු කළ යුතුමයි. සීයලා ආච්චිලට ගරු සරු ඇතිව කතා කරන්න, ඔවුන් යමක් විමසු විට ඒ පිළිබඳව උනන්දුවෙන් පිළිතුරු දෙන්න, උදව්වක් අවශ්‍ය අවස්ථාවේදී සහය ලබාදෙන්න දරුවන්ට පුංචි කාලේ ඉඳලම හුරු කළ යුතුයි.

තමාට යමක් ලැබුණු විට ස්තුතිවන්ත වී එය පිළිගන්න හුරු කරන්න

තමා වෙනුවෙන් යම් දෙයක් කරන්නෙකුට ස්තුතිවන්ත වෙන්නට ඔබේ දරුවාට කියාදෙන්න. ත්‍යාගයක් ලබා දුන් විට, උපකාරයක් කළ විට වැනි අවස්ථාවලදී “ස්තුතියි / Thank you” කියන්නට දරුවෙකුට පුරුද්දක් තිබිය යුතුමය. තමා වෙනුවෙන් තවත් අයෙකු අතින් කෙරෙන පුංචිම පුංචි කැප කිරීමක් වුවද හෙළා දැකීමට නොව ඇගයීමට හැකි මානසිකත්වයක් දරුවෙකු තුළ ගොඩ නැංවීමේ හැකියාව ඇත්තේ මව්පියන් වන ඔබටමය.