කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
Covid 19 රෝගයට භෞත චිකිත්සාවෙන් කළ හැක්කක් නැතිද?
කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් අද වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොඩිඩ් 19 රෝගය නිසා අප කාගේත් සිත් බියෙන් වෙලී ගොසිනි. ලොව පුරා රටවල්වල ප්‍රධාන නගර සම්පූර්ණයෙන් වසා මහජනතාව නිවෙස්වලම රඳවන්නට තරම් හේතු වීම වෛරසයේ භයානක බව හොඳින් පෙන්නුම් කරයි. ශ්වසන පද්ධතියටත් දරුණු ලෙස ආසාධනය ඇති කරවන මෙම කොරෝනා වෛරස ආසාදනය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී බොහෝ රෝගීන් මිය යන අතරම ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස, කිවිසුම් මගින් පිට වන බිඳිති නිරෝගී පුද්ගලයෙකුගේ ස්වසන මාර්ගයට වෛරසය ඇතුළු විය හැකි නිසා මුව ආවරණ, අත් සේදීම, දුරස්ථභාවය තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.
එය එසේ වුවද රෝගියෙකුගේ කැස්සට බිය නොවන එකම වෘත්තිකයන් භෞතචිකිත්සකයන් බව කිව යුතුමය.ඒ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට බොහෝ විට වෛද්‍යවරු භෞතචිකිත්සාව වෙත රෝගීන් යොමු කරයි. මෙම භෞතචිකිත්සක ප්‍රතිකාරවල අරමුණ රෝගීන්ගේ පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියේ ඇති ස්රාවයන් ඉවත් කරගැනීමයි. මෙහිදී භෞතචිකිත්සක ප්‍රතිකාර දෙන විට රෝගියාගේ කැස්ස උත්තේජනය වේ. කැස්ස මගින් වැකියුම් තත්ත්වයක් ඇති වී රෝගියාගේ සෙම ස්රාවයන් පිටතට පැමිණේ. මේ සඳහා ස්වභාවධර්මයෙන්ම ලබාදී ඇති උපක්‍රමය කැස්සයි.
සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරය රෝගියෙකුට අවම වශයෙන් විනාඩි 15 ක් වත් කළ යුතුව ඇත. එවිට රෝගියාගේ බොහෝ ප්‍රමාණයක් කැස්ස ගනිමින් සෙම ඉවතට දමනු ලැබේ. මේනයින් බලන විට භෞතචිකිත්සකවරු මේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර කිරීමේදී දැඩි අවදානමකට ලක්වන වෘත්තිකයන්ද වේ.
කෙරෝනා වෛරස ආසාදනයේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ
ප්‍රථමයෙන් සුළු ස්වසන අපහසුතා සමග උණ ඇති වීම ප්‍රධානව සිදු වන අතරම බොහෝ රෝගීන් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කර සුව වුවත් ඇතැම් රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී අස්වාශ ප්රශ්වාසයේ දැඩි අපහසුතාවයක් පෙන්නුම් කරන අතරම එය දැඩි උණ සමග නිවුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැක. ඒ අතරින් තවත් රෝගීන්ට අස්වාශ ප්රශ්වාසයේ අපහසුතාවය දැඩිව ඇවිත් බහු ඉන්ද්‍රීය අක්රමිකතාවයන්, Septic shock වැනි තත්ත්වයන් ඇති වී දැඩි සත්කාර අංශ වලට (ICU) යොමු කොට කෘතිම ශ්වසන යන්ත්‍ර මගින් ප්‍රතිකාර කෙරේ. බොහෝ විට මෙවැනි රෝගීන් නියුමෝනියා රෝග තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමටත් එසේ ඇති වුවහොත් ඒ තත්ත්වය සුවපත් කිරීමටත් වෛද්‍යවරු විසින් රෝගීන්ට භෞතචිකිත්සක ප්‍රතිකාර නිර්දේශ කරති.
නියුමෝනියා තත්ත්වයේදී පෙනහලුවල ගර්ත ස්රාවයන්ගෙන් පිරී යයි. මෙම නිසා පෙනහලුවල කාර්යය වන ඔක්සිජන් හුවමාරුවට බාධා පැමිණේ. එවිට ශරීරයේ තිබිය යුතු ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන අතරම රැකගැනීමට ශ්වසන වේගය වැඩි කරයි. රෝගියා හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහින විට පපුවෙහි ඇති වන පිහියකින් අනින්නාක් මෙන් දැනෙන වේදනාවක් ගැන පවසන අතර ජලයේ ගිලී හුස්ම හිරවන්නාක් මෙන් හැඟීමක් රෝගියාට දැනෙන බව සනාථ වී තිබේ.
මෙවැනි රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාරවලට සමගාමීව භෞතචිකිත්සක ප්‍රතිකාර ද ලබාදීම ඉතා වැදගත් වේ. මෙහිදී ගුරුත්වය ආධාරයෙන් කරනු ලබන පොස්චරල් ඩේරනේජ් (Postural drainage) ඉතා වැදගත්ය. එනම් රෝගියාගේ පෙනහලුවල සෙම තිබෙන ප්‍රදේශය (සාමාන්‍යයෙන් දකුණු පෙනහැල්ලට ඛණ්ඩිකා 3 ක් ඇති අතර වම් පෙනහැල්ලට ඛණ්ඩිකා 2 ක් ඇත) ඉහළට තබා ගුරුත්වාකර්ෂණය උදවු කරගනිමින් සෙම ඉවත් කිරීමය.
එක් එක් ඛණ්ඩිකා තවදුරටත් අනු ඛණ්ඩිකාවලටද බෙදේ. X කිරණ පටලයක් ආධාරයෙන් සෙම තිබෙන ඛණ්ඩිකාව හඳුනාගත හැක. ඒ ඒ ඛණ්ඩිකාව අනුව රෝගියා තබන ඉරියව් ඇත. ඒ පහත පරිදිය.
- දකුණු පෙනහැල්ලේ මැද ඛණ්ඩිකාවේ (Middle lobe) සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත උඩට තිබෙන සේ පැත්තට හරවා බඩට යටින් කොට්ට තබා කටට වඩා උදරු පෙදෙස අඩියක් පමණ ඔසවා තබා සෙම ඉවත් කරගත හැක.
- දකුණු පෙනහැල්ලේ යට ඛණ්ඩිකාවේ (Lower lobe) සෙම තිබේ නම් රෝගියා මුනින් අතට හරවා බඩට කොට්ට තබා උදර පෙදෙස අඩි 1 ½ පමණ ඔසවා තබා සෙම ඉවත් කරගත හැක.
- තවද අතින් තට්ටු කරමින් clapping shaking ලෙස හැඳින්වෙන ක්‍රම මගින් කම්පනය ඇති කරමින් (රෝගියාගේ කැස්ස ඇති කරමින්) සෙම ස්රාවයන් ඉවතට ගනී.
බොහෝ රෝගීන් සෙම ගිල දමන අතරම ඒවා මල සමග පිටවේ. මේ ක්‍රමය මගින් ඉවත් කිරීමට අපහසු ස්රාවයන් ශ්වසන මාර්ගයට බටයක් ඇතුළු කොට විශේෂිත වැකුම් යන්ත්‍රයක් භාවිත කරමින් ඉවතට ඇද දමයි.
මෙවැනි රෝගීන්ගේ ඇවිදීම මෙන්ම අනෙකුත් කායික ක්‍රියාකාරකම් අඩාල වීම නිසා පේශී දුර්වල වී, සිහින් වී, සන්ධි ද තද වී රෝගියා අඩපණ වීම වළක්වා ගැනීමට භෞතචිකිත්සාව හරහා රෝගියාගේ චලනයන් සිදු කරයි. මෙහිදී,
- සන්ධි චලනය කරවන ව්‍යායාම
- පේශී ශක්තිමත් කරන ව්‍යායාම
- මෘදු පටක දිග ඇදුම් අභ්‍යාස
- හුස්ම ගැනීමේ ව්‍යායාම ද සිදු කරයි.
රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ප්‍රජාවට මුදා හරින තෙක්ම මෙලෙස භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා දෙනු ඇත. සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම භෞතචිකිත්සක අංශයත් මේ වසංගත සමයේ රෝගීන් සුවපත් කිරීමෙහිලා මහඟු කාර්යයක් ඉටුකරමින් සිටී.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ
පුංචි අයගේ සිහින අපි හිතන තරම් පුංචි නැහැ
පුංචි අයගේ සිහින අපි හිතන තරම් පුංචි නැහැ. ඒ නිසාම කිසිම දවසක ඔවුන්ගේ හීන වැඩිහිටියන්ගේ ආධිපත්‍යයෙන් බිඳ දමන්න එපා.මේ සිදුවීම කියවන ඔබට ඇත්තටම පුංචි අයට මේ තරම් දෙයක් කරන්න පුලුවනිදැයි හිතේවි.
ක්වීන් කැලන්ඩර් සහ බ්‍රේඩන් ග්රොස්ඩානිව් බාලාංශ පංතියේ සිටම ඉතා කුලුපග මිතුරන් වූහ. කැනඩාවේ මේපල් ප්‍රදේශයේ සාමාන්‍ය අන්දමින් ජීවිතතය ගෙවූ තම මිත්‍රයා මෑතකදී පටන් යම් යම් අපහසුතාවයන් ප්‍රදර්ශනය කරන බැව් ක්වීන්ටත් පෙනී ගියේය. වෙනදා මෙන් සෙල්ලමට ඔහු කැමැති නැත. ඉතා පුංචි දෙයකින් පවා කම්පාවට පත් වීමත්, සුලු කටයුත්තකදී පවා දැඩි වෙහෙසකර තත්වයක් පෙන්නුම් කරන්නත් විය. බ්‍රේඩන්ගේ දෙමව්පියන් තම පුතු වෛද්‍ය උපදෙස් වෙනුවෙන් කැටුව ගිය විට දැන ගන්නට ලැබුනේ බ්‍රේඩන් මෂ්තිෂ්ක පක්ෂාගාතය (cerebral palsy) තත්වයකින් පෙලෙන බවයි. කුඩා කාලයේදී මෙම රෝග ලක්ෂණ දක්නට නොලැබුනත් දරුවාගේ වර්ධනය සමග චලනය වෙන මාංශ පේශිවලට මේ තත්වය බලපාන බවයි. දරුවාගේ වර්ධනය සමග මේ තත්වය තව දුරටත් උග්‍ර වෙන බැව් දෙමව්පියන්ට දන්වා සිටි වෛද්‍යවරුන් ඔවුන් දැනුවත් කරමින් කියා සිටියේ මේ රෝග තත්වයෙන් ඔහු මුදවා ගැනීමට නම් ශල්‍ය කර්මයක් කළ යුතු බවයි.නමුත් ඒ වෙනුවෙන් වැය වෙන ඩොලර් 15,000 ක් අවශ්‍ය බවයි. මේ මුදල ශල්‍ය කර්මය සඳහා පමනි. අදාල පරීක්ෂණ,ඖෂධ,භෞත චිකිත්සක ප්‍රතිකාර වෙනුවෙන් වූ පිරිවැය මෙයට ඇතුලත් වී නැත.
මුදල සොයන්නේ කොහොමද…?
බ්‍රේඩන්ගේ දෙමව්පියන්ට දැණුනේ ලෝකයම ඔවුන්ගේ හිස මත කඩා වැටුන බවයි. මේ අසීරු ඉලක්කය සපුරන්නේ කෙසේද..? පුතුගේ ඉරණම රඳා තිබෙන්නේ ශල්‍ය කර්මයට අවශ්‍ය මුදල මතයි.
අපි ලෙමනේඞ් විකුණමු..
ක්වීන් කැලන්ඩර්ගේ වයස මේ වෙන විට අවුරුදු හතකි. තම මිතුරා වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බවට ඔහුගේ හදවත පෙරැත්ත කරද්දී අපි ලෙමනේඞ් විකුණලා සල්ලි හොයමු…ඔහු යෝජනා කලේය.
පුතුගේ යෝජනාව මහ මුහුද ලේනාගේ වලිගයෙන් ගොඩ කිරීමට සමාන අසීරු ඉලක්කයක් වුනත් දෙමව්පියන් ඔවුන් වැලැක්වූයේ නැත. හොඳයි කරලා බලමු. ඔවුන්ද දරුවන්ට ධෙර්ය ලබා දුන් අතර සති අන්තයේ නිවස ඉදිරිපිට ලෙමනේඞ් වීදුරු අලෙවි විය. අපේ ගෙදර හදපු ලෙමනේඞ්…. මේ ඔවුන්ගේ දැන්වීම් පුවරුවයි. එය අතින් ලියා තිබුනි.
කැනඩාවේ බොහෝ පාසල් සිසුන් විසින් තම ව්‍යාපෘති වෙනුවෙන් මේ අන්දමින් ව්‍යවසායකත්ව කටයුතු සිදු කරන නිසා පැමිණෙන අය ලෙමනේඞ් වීදුරුවක් පානය කළා මිසක එයින් ඔබ්බට යමක් විමසන්නට සිතුවේ නැත.
තවත් අතුරු කතාවක්…
මේ කාලයේදී ”Braking band ” නමින් චිත්‍රපටයක් තිරගත වූ අතර එහි රංඟනයෙන් දායකත්වය ලබා දුන් නළුවාත් මෙම මස්තිෂ්ක පක්ෂාගාත රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයෙක් විය.නමුත් ඔහු පුංචි බ්‍රේඩන් තරම් බරපතල තත්වයකට පත්ව සිටියේ නැත.නමුත් මේ චිත්‍රපටය ඔස්සේ මස්තිස්ක පක්ෂාගාත රෝග තත්වයේ බරපතල බැව් සමාජයට තදින්ම දැනුනා. ඒ නිසා ලෙමෙනේඞ් විකුණන පුංචි දරුවන් සහ රෝගය අතර ඇති සම්බන්ධතාවය ගැන හැම දෙනා අතරම දැණුවත් බවක් ගොඩ නැගීමත් ඔවුන්ගේ වාසියට හේතු විය.
ලෙමනේඞ් පානය වෙනුවෙන් ජනතාවගේ ආකර්ශනය සමග මිතුරන් දෙදෙනා විසින් නිල් පාට ටී ෂර්ට් එකක ”Lemanade ” යනුවෙන් මුද්‍රණය කර ගත් අතර ” ඔබට ජීවිතය දෙන ලෙමන් ” යනුවෙන් උද්යෝග පාඨයක්ද නිර්මානය කර ගන්නා ලදී.
ඔවුන් මේ අසීරු උත්සාහයක යෙදෙන්නේ ශල්‍ය කර්මය වෙනුවෙන් මුදල් සෙවීමට බැව් දැන ගත් බොහෝ දෙනා ලෙමෙනේඞ් වීදුරුව පානය කලේ අදාල මුදල පමණක් ගෙවා නොවේ.අතිරේක පරිත්‍යාගයක්ද සිදු විය.
ක්වීන් සහ බ්‍රේඩන්ගේ උත්සාහය පැසසුමට ලක් විය. මේ ගැන දැනගත් ඇමරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරයෙක් බ්‍රේඩන්ගේ ශල්‍ය කර්මය සාධාරණ හෙවත් ඩොලර් විසිදහක මුදලක් ලබා දීමට ඉදිරිපත් විය.. ශල්‍ය කර්මය සාර්ථකව සිදු විය. දැන් බ්‍රේඩන් වෙනදා මෙන් රෝගී දරුවෙක් නොවේ. දුවන්න, පනින්න,, නටන්න, ගයන්න හැකිය. ඔහු නිරෝගි සාමාන්‍ය දරුවෙකි.
ගිනුමේ මුදල්…
අපේක්ෂිත මුදල වැය නොවුන නිසා ඩොලර් 61,000 ක් වූ අරමුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි විය. ඒ මුදලත් යම් සද්කාර්යක් වෙනුවෙන් යොදවීමට ඔවුන් තීරණය කරන ලදී. තවත් මස්තිස්ක පක්ෂාගාත රෝගී දරුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ මුදල පරිත්‍යාග කරන ලදී.
වයසත් සමග සද් භාවයත් වර්ධනය වීම
තම මිත්‍රයාට ජීවිතය ලබා දීම සමග ක්වීන් ඔහුගේ සමාජ සත්කාර අවසාන කලේ නැත.කොවිඞ් වසංගත සමයේ දිවා රාත්‍රි නොමැතිව මුහුණු ආවරණ පැළඳ සිටීම නිසා වෛදඨවරුන්ගේ සහ හෙදියන්ගේ තැලීම් සහ සලකුණු ගැන්වී ඇති මුහුනු පිලිබඳ ඡායාරූප නිරන්තරව අන්තර්ජාලයේ සංසරනය විය. ඔවුන්ගේ අසීරු ජීවිතය ඉදිරියේ බොහෝ දෙනාට අනේ අපොයි..එසේ නැත්නම් ඔවුන් සුවපත් වේවා යැයි ප්‍රාර්ථනය හැරුන විට කියන්නට දෙයක් නොවීය.
ක්වීන්ගේ 13 වැනි උපන්දිනය වෙනුවෙන් ඔහුට 3D මුද්‍රණ යන්ත්‍රයක් ත්‍යාග ලෙසින් ලැබී තිබුණි.අප්‍රේල් 3 වැනි දින ක්වීන් විසින් කන් ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණයක් අත්හදා බලන ලදී. ඔහුගේ මව හෙදර් රෝනි විසින් සිය පුතුගේ කන් ආරක්ෂණ ව්‍යාපාතියේ ඡායාරූපයක් සමාජජාල ඔස්සේ මුදා හරින ලදී
ක්වීන් 3D ZZ යන්ත්‍රයක් ඉල්ලා සිටියේ ඇයි..?
වයස අවුරුදු පහක වැනි බාල කාලයේදී ඔහු බාලදක්ෂයෙකු ලෙසින් කටයුතු කරද්දී ”වොග්ල්ස්” ’ වැනි උපකරණ සකස් කිරීමට ඇති හැකියාවෙන් ලද අත්දැකීම් දැන් මුහුනු ආවරණයෙන් ඇති අතුරු ප්‍රතිඵල සමනයට හේතු වෙනු ඇතැයි ඔහු අදහස් කරන ලදී.
මේ අතර ක්වින්ගේ පියා වන ”ෆ්‍රෙඞ් කැලැන්ඩර් “ සඳහන් කරන්නේ පවුලක් විදිහට අපට හිතෙන්නේ මිනිසුන්ට උපකාර කිරීම අපේ යුතුකම බවයි. එක්තරා සංවාදයකදී ක්වීන් “ඔබ බොහොම පොඩි ළමයෙක්…මේ තරම් වෙනසක් කරන්න ඔබ පුංචියි කිව්වොත් ඔබ දෙන පිලිතුර කුමක්දැයි විමසු විට ක්වීන් කියා සිටියේ මා දෙස බලා සිටින්න… යන්න පමණි.
මේක අපේ ලංකාව….
ඔව් ඇත්ත. මේ කතාව ඇමරිකාවේ සිදු වුනත් දරුවන් යනු ලෝකයේ කොතැන සිටියත් දරුවන්ය.නමුත් ඔවුන්ගේ සැගවී සිටින නිර්මානශීලීත්වය ගැන සරලව සිතීම අපහසුය.යම් ලෙසකින් මේ දරුවාගේ වැඩිහිටියන් ‘අනේ මේ එයාගේ සල්ලි හොයන්න එයාගේ දෙමව්පියන් ඉන්නවා …ඔයාට වැඩක් නැහැ…” යනුවෙන් කීවා නම් අදටත් මිතුරා රෝගියෙකි..කැලැන්ඩර්ගේ ඉදිරි නිර්මානශීලී කටයුතුද එතැනින්ම අවසාන වෙන්නට ඉඩ තිබුණි.
ඒ නිසා බුද්ධිමත් දෙමව්පියන් විදිහට ඔබ කිසිම දිනක දරුවාගේ සිහින දවල් සිහින යැයි නිගා නොකොට ඔවුන් තුළ සැගවී සිටින යෝධයින් අවදි කිරීමට දිරිය සවිය ලබා දෙන්න.
කුඩා වියේ දරුවන්ට ඇතිවන ඇස්මා තත්වය සුව කළ හැකිද?
ඇස්මා කියන තත්ත්වය දරුවෙක්ට ඇති වුණාම ඒකෙන් පීඩාවට පත් වෙන දරුවාව දකින දෙමාපියෝ දරුවාටත් වඩා පීඩා විඳිනවා. හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හිතෙනවා ඇති වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණු ලෝකේ මේක නිට්ටාවට හොඳ කරන්න බැරිද කියලා. තවත් සමහරු කියනවා පුංචි කාලේ හැදුනම ලොකු වෙද්දී ඇරිලා යනවා කියලා. මේ හැමදේම ගැන හරියටම දැනගනිමු.
ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක- අපේක්ෂා රෝහල, මහරගම
නින්ද නොයන කාටත් සුවසේ නිදන්න ඉරියව් 3 ක්
දවස පුරාම වෙහෙසෙන අපි කවුරුත් දවස අවසානයේ සුව නින්දක් ලබන්න උත්සාහ කරත් මේ වෙද්දී කාර්ය බහුල ජීවන රටාවට අවශ්‍ය කාලය සොයා ගන්නේ නින්දට තියෙන කාල සීමාව වෙන් කරලා කිව්වොත් නිවැරදියි. නින්ද කොයිතරම් අවශ්‍ය බව අපට දැනුනත් එය මග හැර අපේ ඉලක්ක වෙත යාමට අප වෙහෙසෙනවා. ඇත්තටම එය සුදුසු ද? නින්ද ඒ තරමට අවතක්සේරු කළ හැකිද?
විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට වැඩිහිටියන් ලෙස අපි දිනකට එක දිගට පැය හයක් දරුවන් පැය අටක් වත් අවම වශයෙන් නින්ද ලබා ගත යුතුයි. එසේම ස්නායු සෛල වෛද්‍යවරුන්ගේ අදහසට අනුව එක දිගට නිසි ආකාරයේ නින්දක් නොලබන කෙනෙකුගේ ස්නායු සෛල අනතුරට පත්වීම, මතකය අඩු වීම, ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාවය අඩු වීම, ඇතැම් විට අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන්ට පවා මුහුණ දීමට සිදු විය හැකියි.
නිසි නින්දක් නොමැති කමෙන් ඇති වෙන අවාසි
- නින්ද හරි හැටි නොලබා සිටින විට මුහුණේ ඇති ප්‍රසන්න බවද අඩු වේ.
- මහජන සම්බන්ධතා පවත්වා ගැනීමද දුෂ්කර වේ.
- පුරා අවුරුදු ගණනාවක් පාඩම් කර අවසානයේදී විභාගයට පෙරදා රාත්‍රියේ නිදිමරා විභාගයට යන දරුවන් අප කොතෙකුත් දැක ඇති. එවැනි දරුවන් ගත් කළ එවැනි දරුවන් විභාග සමත්වීමේ ප්‍රතිශතය අඩුය. මන්ද නිසි නින්දක් නොලැබීමෙන් පාඩම් කර ඇති දේ විභාගයේදී මතකයට ගැනීමට ඔවුන්ට අපහසු වීම නිසාය. එමෙන්ම නිදිමරා ඇති විට කාර්යක්ෂමතාවය අඩු බැවින් පිළිතුරු ලිවීමේ වේගය ද අඩාල වේ. එවිට ප්‍රශ්න සියල්ලටම නියමිත කාලය තුළදී ලියා අවසන් කළ නොහැකියි. විභාගයට පෙරදා සුවබර නින්දක් ලබා ගැනීමට පවසන්නේ මේ කරුණු මතයි.
- වැඩිහිටියන්ට දවස අවසානයේදී තම රාජකාරියේ ඉලක්ක කරා යා නොහැකි වේ.
- විශේෂයෙන් රියදුරන් හරි හැටි නින්දක් නොලබන්නේ නම් රිය පැදවීම සුදුසු නැත. තම ජීවිතය වගේම අන් අයගේ ජීවිත අවදානමට ලක් වේ. තීරණ ගැනීමේ හැකියාව අඩු වේ. තිරිංග පෑගීමේ වේගය, ප්‍රතික්‍රියා කාලය දුර්වල බැවින් අනතුරු වලට මුහුණදීමට සිදු වේ.
නින්දේදී සිදුවන අපි නොදත් දේ
නින්දේදී අපගේ මොළය ඊලඟ දිනයේදී වැඩ කිරීම සඳහා ශරීරය සූදානම් කරනවා. නින්දේදී එක් පියවරකදී ස්නායු සෛලවල අපද්‍රව්‍ය බැහැර කිරීමක්ද අනෙක් පියවරේදී අවශ්‍ය සංඝටක ස්ථාන ගත කිරීමක්ද සිදු වෙන අතරම මෙම පියවර සම්පූර්ණ වනතෙක් නින්ද පැවතිය යුතුය.
එමෙන්ම කශේරුකා අතර ඇති අන්තර් කශේරුක මඩලවලට ශරීරයෙන් ජලය අවශෝෂණය වී ඒවා නිසි පරිදි එනම් කම්පන උරා ගැනීමේ කාර්ය කිරීම සඳහා සුදානම් කරයි. ශරීරය පොලවට සිරස්ව තිබෙන විට ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එම අන්තර් කශේරුක මඩලවලට පීඩනයක් ඇති වේ. එම පීඩනය අවම වන්නේ පොළවට තිරස්ව සිටින විට එනම් නින්දේදීය. එය නිසි ලෙස නොවුනොත් නව දවස ගෙවීමට වන්නේ කොන්දේ වේදනාවල් සමගය.
සුවබර නින්දකට
- වැඩිහිටියෙකුට අඩි හයක් දිග අඩි තුනක් පළල ඇඳක් සුදුසුය. එය උස අඩි 2 1/2 ක් පමණ නම් තවත් සුදුසුය. එසේම සුවබර නින්දකට අඟල් 1 – 2 ක් පමණ එබෙන සමතලා මෙට්ටයක් තිබීම වැදගත් වන අතර වැඩිපුර කුෂන් කළ හෝ ස්ප්‍රීන් මෙට්ට සුදුසු නොවේ. එසේ වුවහොත් කොඳු ඇට පෙලට විවේකය හරි හැටි නොලැබේ. සමතලා, තද මෙට්ටයකදී කශේරුකා නිසි ලෙස ස්ථාන ගත වී විවේකය ලැබේ.
- සිසිල් අදුරු පරිසරයක් තුල නිදාගැනීම ඉතා සුදුසුය.
නින්දට සුදුසු ඉරියව්
බොහෝ දෙනා නිදාගැනීමට කාලයක් ගත්තත් බොහෝ විට ඉතා කෙටි කාලයකින් අවදි වේ. වරින් වර නින්ද කැඩී ඇහැරී ඉරියව් වෙනස් කර කර නිදාගනියි. ඒ නිදා ගන්නා ඉරියව් වැරදි නිසායි. බෙහෝ දෙනා නිදාගන්නේ වකුටු වී, කකුල් ඇදීමට ලක්වෙන ලෙසත් බෙල්ල ආතතියට පත් වන ලෙසටය.
නින්දේදී පේශී වැරදි ඉරියව්වේ තබාගෙන සිටියොත් එම පේශී ඇදීමට ලක්වී අනතුරට පත් වේ. උදාහරණ ලෙස නිදි උලූක්කුව පෙන්වා දිය හැක. එමෙන්ම පාදයේ, අත්වල, උරහිස්වල පේශී ඇදී උදෑසන වන විට එය සෙලවීමට නොහැකිව හිරිවැටී සහ වේදනාවට පත් වී ඇති අන්දමද ඔබ අත්විඳ ඇත. නින්දෙන් ඔබට භයානක සිහින පෙනී තිගැස්සී ඇහැරෙන්නේ යම් පේශියක් ඇඳීමට ලක් වන විටය. එවිට ඔබ ඇහැරී ඉරියව්ව මාරු කරන බැවින් පේශීය අනතුරට පත් නොවී ආරක්ෂිත වේ. එහෙම ඇහැරීමක් සිදු නොවුනොත් උදේ වන විට පේශීය අනතුරට පත් වී රිදුම් දේ.
එබැවින් නිවැරදි ඉරියව්වක නිදා ගැනීමෙන් එක දිගට අවදි නොවී පේශී අනතුරට පත් නොවී දීර්ඝ සුවදායක නින්දක් ලැබිය හැක. එවිට නින්දේදී මොළයේ සිදුවන පියවර කීපය නිසි පරිදි සිදු වේ.
සුවබර නින්දක් ලැබීමට ඉරියව් 3 ක්
- උඩුබැලි අතට නිදාගැනීම
උඩුබැලි අතට නිදාගන්නා විට හිසට තුනී එක කොට්ටයක් භාවිත කළ යුතුය. ඡායාරූපයේ පරිදි වැලමිට යටින් මැණික් කටුව දක්වා කොට්ටයක් ද, පතුල ඉස්සී තිබෙන කුඩා කොට්ටයක්ද තැබිය යුතුය. එවිට කිසිම පේශියක් ඇදීමට ආතතියට පත් නොවී දීර්ඝ වේලාවක් එක දිගට නිදා ගත හැක.
උඩුබැලි අතට නිදාගැනීම සමහර විට අවදානමක් ඇති කරන අවස්ථා ඇත. එනම් කෙළ ශ්‍රාවයන් පිට උගුරේ එනම් ශ්වාසනාල වලට වැටීමයි. තවද දිව උගුර දෙසට යාමක් සිදු වීමට ඉඩ ඇති බැවින් එම අය උගුර කන නාසය පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වීම වැදගත්ය.
2. පැත්තට හැරී නිදාගැනීම
මෙය ඉතා සුදුසුය. හිස හා ගෙල ප්‍රදේශයට කොට්ටයක්ද ඉහළ අතට කොට්ටයක්ද දෙපා අතරට කොට්ටයක්ද පතුලට කොට්ටයක්ද සුදුසුය.
3.මුනින් අතට නිදාගැනීම
මෙහිදී තුනී කොට්ටයක්ද, හිසට, වළලූකර යටට කොට්ටයක්ද සුදුසුය.
මෙම ඉරියව්වල නිදාගැනීමෙන් අනාබාධිතව සුවදායක දීර්ඝ නින්දක් ලබාගත හැක. එවිට දිනයේ නියමිත රාජකාරී ඉතා කාර්යක්ෂමව ඉටු කළ හැක. තමන්ගේ ඉලක්ක පහසුවෙන් ජය ගත හැක.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ
ක්‍රියාශීලි බව අඩු දරුවන් පසුකාලීනව මුහුනපාන ගැටලු මොනවාද ?
ක්‍රියාශීලි බව අඩු දරුවන් පසුකාලීනව මුහුනපාන ගැටලු මොනවාද ? ක්‍රියාශීලි බව කියන්නේ වයස් භේදයකින් තොරව අපේ ජීවිතයට අත්යනවශ්යද කාරණයක්. ඔබේ දරුවාට හැමවිටම පාසැල් වැඩ කටයුතුවලට පමණක් නියැලෙන ඇඟ වෙහෙසා කිසිත් නොකරන දරුවෙක් නම් මේ දැනුවත් කිරීම ඔබටයි.
කසුනි චන්දිමා මහත්මිය-භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
දිනෙන් දින වැඩෙන දරු පැටියාගේ ක්‍රියාකාරිත්වය හොදින් නිරීක්ෂණය කළ යුත්තේ ඇයි?
අලුත උපන් පුංචි පැටියාගේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවාගේ යම් වෙනසක් තියෙනවා නම් අපිට ඒ ගැන අවබෝධ වෙන්නේ යම් කාලයක් ගත වුණාට පස්සේ. ඒත් මුල සිටම තත්ත්වය හඳුනා වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් උපදෙස් ගන්න පුළුවන් කියන්නේ පොරවෙන් නැතිව නියපොත්තෙන් ගැටලුව ඉවර කරගන්න පුළුවන් කියන එක. ඒ නිසාම අපි දැනුවත් වෙමු.
කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
නුඹ දුවක වුනත්…නුඹ පුතෙකු වුනත් මට රජපැටියෙක්..
දරුවන් කියන්නේ පවුලකට සම්පතක්.ඒ නිසා දරුවන් ගැන කිව්වාම අපට දුව, පුතා යැයි වෙනසක් නැහැ. කවුරුත් දරුවෝ. ඒත් අපේ සමාජයේ දරුවන් වෙනුවෙන් බර තැබීමේ සංකල්පයන් අතීතයේ පටන්ම සමාජගත වී තිබෙනවා. නමුත් මල් වගේ පුංචි දරුපැටවුන් ගැන ඒ විදිහට ලංසු තැබීම සාධාරනද…?
දරුවන් මුල් කර ගෙන අපේ ඇති පිලිගැනීම්..
පවුලක කොල්ලෙක් නැත්නම් හයියක් නැහැ.ඇත්තු වගේ පුත්තු පවුලක වටිනාකම ගොඩ නගනවා. ඒ වගේම තමයි දුවක් නැති ගෙදරක් එළිය නැහැ.ඒ නිසා රුව ඇති දුවයි..කට ඇති පුතයි ඉන්නවා නම් ඒ පවුල වාසනාවන්තයි.
ඉතින් මේ විදිහට නොලැබෙනවානම්..
දරුවන්ගේ ලිංග භේදයන් තීරණය වෙන්නේ මව සහ පියාගේ වර්ණදේහ අනුවයි.ස්ත්‍රි ඩිම්බයක ඇත්තේ X වර්ගයේ වර්ණදේහ යුගලයක්. ඒ කියන්නේ XX විදිහටයි. පිරිමියෙකුගේ X සහ Y යනුවෙන් වර්ණදේහ යුගලක් ඇති අතර සංසේචනය සිදු වෙන විට එකතු වෙන වර්ණදේහ අනුව දරුවාගේ ලිංග භේදය තීරණය වෙනවා. ඒ අනුව අම්මාගේ X වර්ගයේ වර්ණදේහය පියාගේ Y වර්ණදේහය අනුව සම්බන්ධ වුනොත් පුතෙකුත්, දෙදෙනාගේම X වර්ගයේ වර්නදේහ සම්බන්ධ වුනොත් දුවකත් උපත ලබනවා.
පුත්තුන්ට ඇයි වැඩි වටිනාකම්..
පිරිමි දරුවන් යනු පරම්පරාව ගෙන යන වාහකයන්ය යන පිලිගැනීම නිසා ඔවුන් මුල් කර ගෙන වැඩි වටිනාකම් ගොඩ නැගී තිබෙනවා. එය අතීතයේ රජපෙළපත පවත්වා ගැනීමට පුතෙකුගේ අවශ්‍යතාවය වගේ මිනුමක්. මේ කතාව සාධාරණ කිරීමට වෙන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන් බව ඇත්ත. පිරිමි දරුවන්ගේ සම්මාදම දරුවෙකුගේ නිර්මානයට අවශ්‍යයි.. නමුත් මුලින් සඳහන් කළ ජීවවිද්‍යාත්මක සංසිද්ධියට අනුව කිසිම විටෙක XY වර්ණදේහ හමු නොවුනොත් ඇත්තටම පුතෙක් යනු සිහිනයක් වෙන්න පුලුවනි.
දුවලාම හිටියොත් පවුලට බරක්ලු..
ගැහැණු දරුවන් මුල් කර ගෙන සමාජගත බලපෑම කොතරම්ද කියනවා නම් ඉන්දියාව වැනි සමාජයන්හි ගැහැණු දරු කලල විනාශ කිරීමට තරම් තත්වය ඉතාම සාහසිකයි.විශේෂයෙන් දායාද පිලිබඳ ප්‍රශ්න නිසා මේ තත්වය ඇති වුනත් ගැහැණු දරුවා වුනත් හොදින් හදා වඩා ගෙන ලෝකයට බරක් නැතුව සිටින ලෙස හැඩ ගැස්වූ විට දියණියත් බරක් වීමට කිසිම හේතුවක් නැහැ.
හාපුරා කියල ලැබෙන දරු පැටියා …
අපේ අම්මලා ප්‍රථම දරු උපතට සූදානම් වෙන්නේ බොහොම උනන්දුවෙන්.හාපුරා කියල ලැබෙන දරු පැටියා දුවක වුනත් පුතෙකු වුනත් බොහොම සතුටින් බාර ගැනීමට ඔවුන් සූදානම්.
පවුලක් වුනොත් දරුවන් දෙන්නෙක්වත් එපායැ..
ඔව් එක් දරු සංකල්පය ගැන නවතින්නේ නැතුව දෙවැනි දරුවා වෙනුවෙන් සූදානම් වීමේදී කුලුදුලේ ලැබුනේ දුවක නම් දෙවනුව පුතෙක්ද, පුතෙක් සිටිනවා නම් මේ වතාවේ දුවක් ලැබෙන්න යැයි ප්‍රාර්ථනාව හැම දෙමව්පියෙකුටම සාධාරණයි.ඇත්තටම අපි හිතන පතන දේ ඒ අන්දමින්ම සිදු වෙනවා නම් මෙච්චර ගැටලුවක් තිබෙනවායැ.ප්‍රාර්ථනා නොකළ අන්දමින් දෙවැනියාත් පුතෙකු හෝ දුවක වුනොත් එතැනදීම යම් කඩා වැටීමක් ඇති වෙනවා.
කමක් නෑ…තවත් වතාවක්..
දරුවන් දෙදෙනෙකු සිටියත් තුන්වැනියටවත් තමා අපේක්ෂා කරන දුව හෝ පුතා ලබා ගැනීමේ උත්සාහය ආරම්භ කරනවා.බාරහාර වැනි විවිධ මානසික සෙත් ශාන්ති මගින් පවා ආරක්ෂාව ආශිර්වාදය ලබා ගෙන දරුවා ගැන බලාපොරොත්තු දෑස් දල්වාගෙන හිටියත් තුන්වැනියත් පුතෙකු හෝ දුවක වුනොත් දැඩි සේ කම්පාවට පත්වෙන දෙමව්පියන් අපේ සමාජයේ සිටිනවා. සමහර අම්මලා සුතිකාගාරයේදී පටන්ම තමාගේ අකමැත්ත පෙන්වමින් හඩන්න පටන් ගන්නවා.නමුත් කිසිදු විටෙක එය සිදු විය යුතු නැහැ. මේ ඔබේම ලෙයින් මසින් උපන් දුව හෝ පුතා බැවින් ආදරයෙන් පිලිගැනීම විනා හඩා දොඩා වැලපීම කිසිසේත්ම ඵලදායක නොවේ.
අනුන්ගේ කතා අපට කිසිසේත්ම වැඩක් නැත.
දුව ,පුතා පිළිබඳ ප්‍රහ්නය බොහෝ විට දෙමව්පියන්ට එතරම් ගැටළුවක් නැතැත් එයින් කම්පා වෙන්නේ වෙනත් පුද්ගලයන්ය.
අනේ ඉතිං දුවක් නැතුව වයසට ගියාම කවුද ඉතින් තෙල් බේත් ටිකවත් ගාන්නේ…
අඩුම ගානේ මිනියට කර ගහන්නවත් පුතෙක් එපායැ..
ඔබේ අනාගතය ගැන ඔබට නැති කම්පාවක් ඇත්තේ ඔවුන්ටය. මේ අන්දමින් අනේ අපොයි කියනවාටත් වඩා දරුණු ලෙසින් පසර දෙන අවස්ථාවන්ද නැතුවා නොවේ.
අයියෝ…තවම බැරි වුනානේ කොල්ලෙක් /කෙල්ලක් හදන්න..
පවුලක ඇති මේ අඩුපාඩුව දෙස බලමින් එය සදය ලෙසින් උපහාසයට පත් කරන නෑ හිත මිතුරන් නිසා ඉතා දැඩි ලෙසින් කම්පාවට පත් වෙන දෙමව්පියන් සිටිති. ඒවා සෘජු ලෙසින් එල්ල වෙන්නේ තම බිරිද හෝ සැමියා වෙතය.තවත් විටෙක සැමියාගේ නෑදෑ පාර්ශවයන්ගේ දෝෂ දර්ශනයන්ද ඉවසා ගත නොහැකි තරම් දරුණු විය හැක.
පුතාගෙන් පස්සේ අපේ පරම්පරාව ගෙනියන්න එකෙක් නැහැ. කෝ ඉතින් කෙල්ලෝ මිසක අපේ ලේලිට බැරි වුනානේ කොල්ලෙක් හදන්න.
මෙවැනි සියුම් අවලාද නිසා පවුල් සංස්ථාවන් පවා කඩා ඉහිරෙන අවස්ථාවන් අපේ සමාජයෙන් අඩුවක් නැතුව අසන්නට ලැබේ.
නමුත් ඔබ මෙසේ හිතන්න..
ඔබේ පවුලට යම් ලෙසකින් දුවක නැත්නම් ඔබේ පුතුන් ඉතා යහපත්ව ගුණධර්මයන්ගෙන් පෝෂණය කොට හදා වඩා ගන්න.කවදා හෝ දිනක ඔවුන්ගේ සහකාරියන් ඔබේ නිවස ආලෝකවත් කරාවි. මලක් නැති මිදුලක් තුළ දැන් යස අගේට මල් පිපේවි.ඇය ඔබේ කුසෙන් වැදූ දියණිය නොවුනත් ඇය ඔබේ පුතුගේ සහකාරියයි.ඔබ අද ඇයට ආදරයෙන් සංග්‍රහ කළ විට අනාගතයේදී ඇය ඔබේ දු තනතුරට පත් වේවි.
ඔබට පුතෙකු අද නැති වුනත් දුක් නොවන්න.ඔබේ දූ කුමාරිය අනාගතයේදී පවුලට ඇතෙකු සේ හයියක් ඇති පුතෙකුගේ ආශ්‍රය ලබා දෙනු ඇත. ඔහු දුවගේ සහකරු පමණක් නොව ඔබේ පවුලේ ශක්තිය බවට පත් වෙනු ඇත.
ඒ නිසා තුන්වැනියත් පුතෙකු ,දුවක වුනත් ඔබ නොතැවෙන්න.ඔහු හෝ ඇය ඔබට රජපැටියෙකි.මේ රජපැටියා මතු දිනකදී ඔබේ නිවසට කුමාරයෙක් හෝ කුමාරියෙක් කැදවා ගෙන එනු ඇත.
දිනෙන් දින වැඩෙන දරු පැටියාගේ ක්‍රියාකාරිත්වය හොදින් නිරීක්ෂණය කළ යුත්තේ ඇයි?
කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
අලුත උපන් පුංචි පැටියාගේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවාගේ යම් වෙනසක් තියෙනවා නම් අපිට ඒ ගැන අවබෝධ වෙන්නේ යම් කාලයක් ගත වුණාට පස්සේ. ඒත් මුල සිටම තත්ත්වය හඳුනා වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් උපදෙස් ගන්න පුළුවන් කියන්නේ පොරවෙන් නැතිව නියපොත්තෙන් ගැටලුව ඉවර කරගන්න පුළුවන් කියන එක. ඒ නිසාම අපි දැනුවත් වෙමු.
වාචික හිංසනයෙන් පීඩාවට පත් දරුවන්
දරුවන් කියන්නේ මල් වගේ බොහොම මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති අහිංසක පිරිසක්. නමුත් මේ මල් කැකුළුවලටත් අපේ වැඩිහිටියන්ගෙන් සිදු වෙන විවිධ අපයෝජනයන් ගැන කතා කරද්දී මුලටම පැමිණෙන්නේ ශාරිරික සහ ලිංගික අපයෝජනය ගැනයි. ඒ ගැන වැඩි අවධානයක් දැක්වුවත් ඔබේම දරුවා ඔබ විසින්ම වාචික හිංසනයටත් පත් කරන බැව් සමහර විට ඔබටත් නොතේරෙනවා ඇති.
වාචික හිංසනය කියන්නේ…
වාචික හිංසනයයේදී වැඩිහිටියන්ගෙන් ලැබෙන දරුණු වචන නිසා දරුවන් වඩාත් පීඩාවට පත් වෙන්න පුලුවනි. මේ අන්දමින් දරුවන් වාචික හිංසනය පත් වෙන ස්ථාන ගැන අපට සීමා කරන්න බැහැ.
- සම වයස් කණ්ඩායම්
- අසල්වැසියන්
- පංතිය
- පාසල
මෙ වැනි සමාජයේ දරුවන් ගැවසෙන ඕනෑම තැනකදී දරුවන් වාචික හිංසනයට පත් වීමට පුලුවනි.
සමවයස් කණ්ඩායම් අතරදී..
දරුවන්ගේ ඇති ශාරිරික දුර්වලතාවයන්, එහෙම නැත්නම් පවුලේ ඇති පෞද්ගලික ප්‍රශ්න නිසා සමවයස් කණ්ඩායම් අතර ඔබේ දරුවා වාචික හිංසනයට පත් වීමට ඉඩ තිබෙනවා.පවුලේ පියා මත්පැන්වලට හෝ වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව සිටින විට සමවයස් කණ්ඩායම් විසින් ”ඔයාගේ තාත්තා බේබද්දෙක්…යැයි දරුවාට නිග්‍රහ කිරීමට තිබෙන අවස්ථාවන් ගැන අමතක කළ යුතු නැහැ. එය සැබැවින්ම දරුවාගේ වරදක් නොව දෙමව්පියන් විසින් ඔවුන්ගේ හැඩගැසීමේ වරදකි.එමෙන්ම මතට,දුම්පානයට යොමු වීම යනු පාලනය කළ නොහැකි පුරුද්දක්ද නොවන බැවින් පවුලක පියා යනු නිතරම අභිමානයෙන් ජීවත්විය යුතු චරිතයකි.එහෙත් පියාගේ හැසිරීම සමාජ දුරාචාරයන්ට යොමු වී තිබෙනවා නම් ඒ නිසා ඔබේ දරුවා සමවයස් කන්ඩායම් අතර දැඩි පීඩනයකට පත් විය හැකියි.
අසල්වැසියන් අතරදී…
අපි ප්‍රසිද්ධියේ මානව දයාව, දරුවන් ගැන සංවේදීතාවය ගැන කතා බහ කළත් බොහෝ විට දරුවෙක් ඉතා සුලු වරදක් කළ තැනදී පවා ඔවුන්ගේ පවුල් ඉතිහාසයම සම්බන්ධ කර ගෙන දොස් නගන අවස්ථාවන් බොහෝය.ඒ වගේම දරුවන් අතර ඇති වෙන පුංචි පුංචි රණ්ඩුවකදී පවා ඇතැම් වැඩිහිටියන් විසින් කතා කරන්නේ දරුවාගේ පවුල් ඉතිහාසයම එයට සම්බන්ධ කර ගෙනය.ඒත් දරුවෙකුගේ වරදක් ගැන ඔවුන්ට ඉතා හොදින් කරුණු කාරනා පහදා දීම මිස ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අග මුල සෙවීම කිසිසේත්ම සුදුසු නැත.
පංතිය..
පංතියකදී ඇතැම් ගුරුවරුන්ගෙන් පවා දරුවන් වාචික හිංසනයටපත් වෙන අවස්ථාවන් නැතුවාම නොවේ. පංතියේ පසුගාමී දරුවෙකු, එසේත් නැත්නම් දඩබ්බර දරුවෙකු දෙස ගුරුවරයාගේ පවා ඇත්තේ අප්රසාදයකි. බලන්න..ඔයාගේ හැටි..අම්මාට කියන්න ඔය කමිසයට බොත්තමක් අල්ලලා දෙන්න කියලා. ළමයි බලන්න මෙයා දිහා කොච්චර අපිරිසිදුද…?
ඇතැම් විට මේ අන්දමින් දරුවන් ප්‍රසිද්ධියේ අවමානයට පත් කිරීමත් එක්තරා ආකාරයක වාචික හිංසනයක් බැව් අමතක නොකල යුතුය.
මේ සියල්ල ඉවසා සිටියත්…ගෙදරදී සිදු වෙන වාචික හිංසනය නම්..
ඇත්ත..දරුවන්ට වුනත් බාහිර සමාජයෙන් ඇති වෙන අපහාස ,උපහාස මැදිහත් සිතකින් ඉවසා සිටිය හැක.ඊටහේතුව මෙම සමාජය සහ දරුවා අතර ඇත්තේ හදවතින්ම වූ බැදීමක් නොවේ. නමුත් දෙමව්පියන් විසින්ම දරුවන් වාචිකව හිංසනයට පත් කරන අවස්ථාවන් ගැන නම් ඔවුන්ට උපේක්ෂාවෙන් දරා සිටීම අපහසුය.
දෙමව්පියන් විසින් වාචික හිංසනයට පත් කරන අවස්ථාවන්..
දෙමව්පියන් විසින් තමාගේ දරුවන් වාචික හිංසනයටපත් කරන අවස්ථාවන් ඉතා සුලබව ඇත.ඒ වෙනුවෙන් බලපාන දෙමව්පියන්ගේ මානසික ගැටළුත් ඇත.
- තරහ
- ආවේග පාලනය කර ගැනීමේ අපහසසුතාවය
- අමනාපය
- දරුවාගේ වැරදි
- ඉවසීමක් නැති වීම
මෙවැනි අවස්ථාවන්හි දෙමව්පියන් විසින් දරුවන්ට පවසන බස් ඔවුන්ට දරා ගැනීමත් අපහසු විය හැක. සමහර විට මෙතැන දරුවාගේ වරදක් නොව සැමියා සමග ඇති වුන පුංචි හිත් අමනාපයේ ආවේග පිට වෙන්නේ දරුවා පිටින් විය හැක.එසේත් නැත්නම් දරුවාගේ යම් වරදක් නිසා ඇති වුන කෝපය දෙමව්පියන්ට පාලනය කර ගැනීම අපහසු විමත් සමග මෙවැනි කඩු කිනිසි තුඩු වැනි වචන පිටවීමට ඉඩ තිබේ.
”මගේ බඩට ආව දා ඉදන් වදේ..පවුලට වගතුගකුත් නෑ..එයාගේ දියුනුවකුත් නෑ..මට නම් දැන් ඇති වෙලා..දරුවෝ නොවෙයි,කොහේදෝ හිටිය සිරිකාලකණ්නියෙක්..”
මෙවැනි දරුණු වචනවලින් පුංචි දරුවෙකුගේ හදවතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැක.වැරැද්දක් වෙනුවෙන් කෝටුවකින් පහරක් දුන් විට එය ටිකවේලාවකින් නැති වුනත් වචනවලින් හිතකට දෙන දරුණු වේදනාව දරුවා සමග වැඩෙන්නට පුලුවන.
එහෙමනම් දරුවන්ට බනින්න දෙමව්පියන්ට අවසර නැතිද..?
ඔබට කිසිම බාධාවක් නැත. දරුවාගේ වරදට දොස් කීමට පුර්ණ අවසරය ඇතැත් එහිදී යම් යම් සීමාවන් පනවා ගන්න.
මොනවද මේ සීමා
- දරුවා සිදු කළ වරද
- වරදට ගැලපෙන පරිදි පමණක් දොස් කීම
- අතුරු සිදුවීම් සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නැත
- මේ දරුවෙක් …ඔහුට දැරීමට හැකි සීමාව හදුනා ගැනීම
වාචික හිංසනයේ අවාසි..
ඉවක් බවක් නැතුව දරුවන් වාචසික හිංසනයට පත් කිරීම නිසා ඔවුන්ගේ ආත්මාභිමානයට දරුනු ලෙසින් හානි විය හැක. බාලකාලයේ පටන්ම තමා ගැන දෙමව්පියන් විසින් සිදු කරන අවතක්සේරුව නිසා සමාජයට මුහුණ දීමේ හැකියාව පවා අහිමි වී මුලුගැන්වෙන දරුවෙකුගේ චරිතයක් බවට ඔබේ දරුවා අනාගතයේදී පත් විය හැක.
වෛරය
බාලකාලයේදී තමා ගැන නගන ලද අපහායන් නිසා ඔහුගේ හිතේ වැඩිහිටියන් ගැන ඇත්තේ ආදරය නොව වෛරයකි.
මානසික හිස්බව
නිරන්තරවම දරුවාට එල්ල කරන මෙවැනි වාග්ප්‍රහාරයන් නිසා තමාගේ සුරක්ෂිතබවත් ඔහුට ගැටලුවකි. ඒ නිසා මට කවුරුත් ආදරේ නැත..යන මානසික හිස්කමින් දරුවා සදාකාලික පීඩාවට පත් වීමට ඉඩ ඇත.
දුර්වල පෞරෂයක්..
දරුවන්ගේ සුන්දර ළමාකාලයේදී ඔවුන්ට දරා ගත නොහැකි හිත් වේදනාවන් ඇති වෙන ඉහත ගති ලක්ෂණ දරුවා තුළ වගා වෙන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අනාගතයේදී දුර්වල පෞරෂ ගති පැවැතුම් ඇති පුද්ගලයෙක් සමාජගත වීමයි.ඒ නිසා දෙමව්පියන්ගේ වාග්කෝසයේ ඕනෑ තරම් වචන තිබුනත් දරුවන්ට ඒ හැම වචනයකින්ම පහර දීම නම් නොකල යුතුම බැව් අමතක කරන්න එපා.