Home Blog Page 52

බෙල්ලේ, කොන්දේ වේදනාව ඔබේ දරුවාටත් පීඩාවක්ද?

ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා, ප්‍රධාන භෞතචිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන බොහොමයක් දරුවන් මේ බෙල්ලේ, කොන්දේ වේදනාව ගැන බොහොම අවස්ථාවල පැමිණිලි කරනවා. මෙවැනි වේදනාවන් නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධා ඇති වෙනවා. ඒත් මෙවැනි රෝග තත්ත්වවලට බහුල වශයෙන් හේතු වන්නේ මොනවාද කියා දැනුවත් වෙමු.

ගැබිනි මවට භෞතචිකිත්සක උපදෙස් අවශ්‍ය ඇයි?

ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා, ප්‍රධාන භෞතචිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

ගැබිනි සමයේ ඔබ බොහෝ අපහසුතාවලට මුහුණ දෙන බව අපි දන්නවා. නමුත් මේ අපහසුතා බොහොමයක් මගහරවා ගැනීම අපිට පුළුවන්. භෞතචිකිත්සාව ගැබිනි මවට අැති අපහසුතා මගහරවා ගන්න සහය වෙන්නේ මෙන්න මේ විදියට.

දරුවන්ට ෆිට් එක ඇති වෙන්නේ උණ වැඩි උනාමද?

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

සමහර මව්වරුන් දරුවන්ට උණ ඇති වුණාම බියට පත්වෙන්නේ ෆිට් එකට එයි කියලා. ඒ කියන්නේ උණ වැඩි වෙද්දී හැම දරුවෙකුටම ෆිට් ඇති වෙනවා කියන එකද? නැත්නම් සාමාන්‍යයෙන් ෆිට් ඇති දරුවෙක්ට උණ හැදුනම කොහොමත් ෆිට් ඇති වෙනවා කියන එකද කියලා අපි වෛද්‍ය තුමාගෙන් විමසුවා.

පුංචි පැටවුන්ටත් තරහ යන බව දන්නවා නේද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල තරහා කියන්නේ කාටත් පොදු හැඟීමක් වුණාට වැඩිහිටි අපිට වගේ පුංචි පැටවුන්ට ඒක පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තරහෙන් ඉන්න දරුවෙක් පාලනය කරගන්න අම්මලාට මේ උපදෙස් වැදගත් වේවි.

සිත සනුසුන් කරගන්න පුංචි පුංචි උපදෙස් ටිකක් කියන්නද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල

සිත එක අරමුණක රදවා ගැනීම සතුට පවත්වා ගැනීම වගේම සිත සන්සුන් කර ගැනීමට ඇති හැකියාවත් ජීවිතයේ සතුට පවත්වා ගැනීමට බොහොම වැදගත් වෙනවා. මෙන්න මේ උපදෙස් ඒ වෙනුවෙන් ඔබට වැඩගත් වේවී

කාන්සාව ගැන මේ කරුණු ඔබ දන්නවාද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල මානසික පීඩාවේ ප්‍රතිපලයක් විදියට කාන්සාව (Anxiety)හඳුන්වන්න පුළුවන්. කාන්සාව අපිට අපේ ජීවිත ගැන තියෙන ධනාත්මක ආකල්ප වෙනස් කරවන්නට හැකියාව ඇති තත්ත්වයක්. අන්න ඒ නිසාම කාන්සාවෙන් මිදෙන්න අපි උත්සාහ ගත යුතුයි.

මයින්ඩ් ෆුල්නස් හා සතුට අතර සම්බන්ධයක් තියෙනවාද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල

හිත එක අරමුණක පවත්වා ගැනීමට අපිට ඇති හැකියාව වගේම සිත සන්සුන් කරගැනීමට අපිට ඇති හැකියාවත් අපේ ජීවිතයේ සතුට රඳවා ගන්න හේතු වෙනවා. මේ උපදෙස් ඒ වෙනුවෙන්.

ඔබේ කේන්තිය ඔබටම පාලනය කරගත නොහැකිද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල

කේන්තිය කියන්නේ කාටත් පොදු හැඟීමක් වුණත් ඒ තත්ත්වය කළමනාකරණය කර ගැනීම එක් එක් අයගේ බුද්ධි මට්ටමට අනුව හෝ ඉවසිමේ හැකියාවට අනුව සිදු වෙන්නක්. ඒත් අපි කොයි කවුරුත් කේන්තිය පාලය කරගත යුතුමයි.

සතුටින් ජීවත් වෙන්න මොනවද අපිට ඕනේ ?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල
සතුට කියන දේ නිරෝගී ජීවිතයකට අත්යොවශ්යේ දෙයක්. ඒත් අපි ඒ ගැන ලොකු සැලකිල්ලක් නැහැ. අපේ හිත් සතුටින් පුරවන එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් සතුට කියන්නේ පුංචි පුංචි හිනාවකට වුණත් ලබා දෙන්න පුළුවන් වටිනාකමින් වැඩි සම්පතක්

SHOW LESS

ගැබිනි සමයේ මවගේ අපහසුතා වෙනුවෙන් භෞතචිකිත්සාවෙන් සහනයක්

සෑම ගැබිනි මවකගේම පැතුම වේදනාවෙන් තොර සාර්ථක ප්‍රසූතියක්. ඒ වගේම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පැටියෙක්. 

ප‍්‍රසවය හරියාකාරව සිදුවීමට බලපාන කරුණු 

  • ගර්භාෂයේ ඇති වන ශක්තිමත් සංකෝචනය
  • දරුවාගේ පිහිටීම හා ප‍්‍රමාණය
  • මවගේ ශ්‍රෝණී මේඛලාව හා ඒ අවට පිහිටි පටක වල තත්ත්වය 

එබැවින් ශ්‍රෝණී මේඛලාව අවට පේශී ශක්තිමත් කරන ව්‍යායාම හා මනස සංයමයට පත් කරන ව්‍යායාම කිරීම මගින් සංකූලතාවයකින් තොරව දරුවා බිහි කළ හැක. බොහෝදුරට නියම අන්දමින් ගර්භණී කාලය තුළ එයට අදාල වෛද්‍ය විශේෂඥවරුන්ගේ සායනවලට ගොස් එම වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින කාන්තාවන්ට ප‍්‍රසවය ගැටලුකාරී නොවන අතරම සංකූලතාවයකින් තොරව නිම කළ හැක. 

පෙර සඳහන් කළ පරිදිම සායනවලදී වෛද්‍යවරුන් ලබා දෙන වෛද්‍ය උපදෙස් මෙන්ම භෞතචිකිත්සක උපදෙස්ද ප්‍රසූතියේදී ඉතා වැදගත් වේ. ශ්‍රෝණී මේඛලාව අවට ඇති පේශීන් සංකෝචනය හා ඉහිල් කිරීම් වැනි ස්ථිති (Static exercises) ව්‍යායාම මගින් එම පටක ශක්තිමත් කළ හැක. බොහෝ මව්වරුන් තුළ ප‍්‍රසවය ගැන ඇති අනිසි බිය නිසා ඇති වන මානසික පීඩනය දරුවා බිහි කිරීමේ ක‍්‍රියාවලිය ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් පසු පහව යන අතරම ගැබිනි මව මානසිකවද සන්සුන් වේ.

කොන්දේ කැක්කුම

තවද ගැබිනි සමයේදී කොන්දේ කැක්කුම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම ශරීරයේ බර වැඩිවන නිසා පේශී කණ්ඩරා, බන්ධනී ඇදීමට ලක්වන බැවින් නොයෙකුත් වේදනා ඇති විය හැක. තාප ප‍්‍රතිකාර මගින් මෙම වේදනා අඩු කරගත හැක. එමෙන්ම ස්ථිති ව්‍යායාම මගින් කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීමෙන් මෙම වේදනා අඩු කරගත හැක. 

කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීම සඳහා සරල ව්‍යායාමයක් ලෙස,

  • දණහිස නොනවා උඩුබැලි අතට හාන්සි වී පය අඟල් 4 ක් පමණ ඉහළට ඔසවා තත්ත්පර 20 ක් පමණ දරා සිට පහතට දමන්න.
  • මාරුවෙන් මාරුවට එක් පයකට 10 බැගින් දිනකට දෙවරක් පමණ සිදු කරන්න.

උදෑසන අවදි වී ප‍්‍රථමයෙන් විලුඹ බිම තබන විට ඇති වන වේදනාව 

හෝමෝන වෙනස්කම් මත විලුඹ ආවරණය වන ප්ලාන්ටර් ෆැෂියා නම් වන ව්‍යුහය ආසාධනය වීම එයට හේතු වේ. 

මේ සඳහා

  • මද රස්නය ඇති වතුර පිරි බේසමකට දෙපා දමාගෙන විනාඩි 10 ක් පමණ සිටින්න.
  • එසේ නොවුනහොත් භෞතචිකිත්සක අංශයට යොමු වී අල්ට‍්‍රා සවුන්ඩ් ප‍්‍රතිකාරය ලබාගෙන සම්පූර්ණයෙන් සුව කරගන්න. 
  • විශාල අපහසුතාවයකින් පෙළේ නම් Cushion heel pad නමින් හැඳින්වෙන ජෙල් අඩංගු ආවරණයක් සපත්තු වලට පැළඳ වේදනාව අවම කරගත හැකිය.

අතේ ඇඟිලි හිරිවැටීම (කාපල් ටනල් සින්ඩ්‍රෝමය)

කාපල් ටනල් සින්ඩ්‍රෝටයද ගැබිනි කාන්තාවන් අතර දක්නට ලැබෙන තත්ත්වයකි. මේ තත්ත්වය බොහෝ දුරට දරු ප‍්‍රසූතියෙන් පසු ඉබේම නැතිව යයි. විශාල අපහසුතාවයකින් පෙළේ නම් මේ සඳහා විද්‍යුත් උත්තේජනය ලබාදෙමින් භෞතචිකිත්සකවරු රෝගියාට සහනය ලබාදේ. 

පාද ඉදිමුම හා පාදයේ නහර ගැට ගැසීම

මෙය අඩු කරගැනීමට නිදා ගැනීමේදී පාද කොට්ට මත, හෘදයට වඩා උසින් පිහිටන පරිදි තබා ගන්න. එම ඉරියව්වේම තබාගෙන පතුල ඉහළට පහළට චලනය කරන ව්‍යායාමයක නිරත වී පාද එලෙසම තබා නිදන්න. බොහෝ දුරට එවිට උදෑසන වන විට ඉදිමුම නැතිවී යයි. 

කැස්ස, කිවිසීම ඇති වන විට නොදැනීම මුත‍්‍රා ස්වල්පයක් පිට වීම

ගැබිනි සමයේදී දැකිය හැකි මේ තත්ත්වය ඇතැම් කාන්තාවන්ට දරු ප‍්‍රසූතියෙන් පසුවද තිබිය හැකිය. මෙහිදී සිදුවන්නේ ලිංගික අවයව ආශ‍්‍රිත ප‍්‍රදේශවල මාංශ පේශී දුර්වල වීමයි. මේ තත්ත්වය ශ්‍රෝණී පත්ලේ පේශී ශක්තිමත් කිරීම මගින් නැති කරගත හැක. ඔබට මෙවැනි රෝග තත්ත්ව ඇත්නම් තමන්ගේ වෛද්‍යවරයා හරහා භෞතචිකිත්සක අංශය වෙත යොමු වෙන්න.

භෞතචිකිත්සක උපදෙස් අනුව ගැබිනි මවගේ තත්ත්වය මත තව තවත් ව්‍යායාම ක‍්‍රම වෙත යොමු විය හැකිය.

 

ලිපිය සකස් කළේ:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ