Home Blog Page 70

එදා සිට අද දක්වාම පුංචි පැටියා වෙනුවෙන්ම වෙන් වුණු විශ්වසනීය මුදු සුවඳ කාගෙන්ද?

පුංචි පැටියෙක් ගෙදරට එනවා කියන්නනෙ මොන තරම් නම් සතුටට කාරණයක්ද. හැම අම්මා කෙනෙක්ම ,තාත්තා කෙනෙක්ම ඒ පැටියාව පිළිගන්න සූදානම් වෙන්නෙ හරිම සතුටෙන් වගේම හරිම ආඩම්බරෙන්.ඒ කාලෙදි මොන කරම් සූදානමක් ගෙවල් ඇතුලෙ තියෙනවාද කියන්න ඕන නැහැ. හරියට මගුල් ගෙදරකට සූදානම් වෙනවා වගේ තමයි. හැම ලොවෙම හිතන්නෙ පැටියට හොඳම දේ දෙන්නයි.

 

හොඳම දේ තෝර ගන්නත් අම්මලා නිරන්තරයෙන් සොයා බලනවා. ආවට ගියාට තමන්ගෙ චූටි පැටියට දේවල් තොර ගන්න එයාලා තටයුතු කරන්නෙ නැහැ. දැන් අම්මලා හැම වෙලාවෙම දරුවන්ට දෙන්න ඕන මොනවද කියලා හොඳින් දැනුම්වත් වෙනවා. වෙනදා වගේ නෙවෙයි නේ වර්තමානය වන විට ඒ සඳහා නොයෙක් ආකාරයේ අවස්ථා වගේම පහසුකමුත් වර්ධනය වෙලා තියෙනවා.

 

එවගේම තමයි අම්මා පුංචි පැටියා ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම එයාට හුරුපුරුදු ජීවන රටාවෙන් වගේම එයාගේ සුන්දරත්වය වෙනුවෙන් භාවිත කළ බොහොමයක් දේවල්වලින් ඈත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් වෙනදා ඇඳුමේ පාටට නිය පාට කරපු එයා පුංචි පැටියා වෙනුවෙන් ඒ දේවල් අත්හරින්නේ මුදු සුමුදු මලක් වගේ ඉන්න මේ පුංචියට ඒ දේවල් නිසා නරකක් වෙයි කියන බයට. වෙනදා වගේ දසත පැතිරිලා යන සුවඳ ඇය ළඟ දැන් නැත්තේ සැර සුවඳ විලවුන් වර්ග නිසා පුංචියට නරකක් වෙයි කියන බයට.

 

 

අම්මා කෙනක් පුංචි පැටියෙක්‍ ගැන හීන දකින්නේ එයා කුසට එන්නත් කලින් ඉඳලයි. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාලේ ඉඳලම කොයිතරම් ආසාව තිබුණත් කෑම බීම තෝරගනිද්දි එයා හරිම සැලකිලිමත්. පුංචි පැටියා කුසට ආවා කියලා දැන ගත්තම ඒ සැලකිලිමත් බව තවත් සිය දහස් ගුණයකින් වැඩි වෙනවා.

 

තමන් ආස දේවල්වලින් තවත් කෙනෙක් ‍වෙනුවෙන් ඈත් වෙන්න පුළුවන් නම් ඒ අම්මා කෙනක්ටම තමයි. ඒ තමන්ගේ දරු පැටියා වෙනුවෙන්ම විතරයි. ඒ නිසා තමයි ඇයට අම්මා කියන්නේ. ජීවිතයෙන් ජීවිතයක් බිහිකරන ඇය ඒ බිහි කරන ජීවිතය වෙනුවෙන් උපරිම සාධාරණය, ආදාරය ලබා දිය යුතු නිසාම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්න මුල ඉඳලම සැලකිලිමත් වෙනවා.

 

ඒ නිසාම පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පැටියා වෙනුවෙන් හැමවිටම තෝරාගන්න උත්සාහ කරන්නේ විශ්වාසනීය වෙළඳනාමයක් යටතේ වෙළඳ පොළට එන නිෂ්පාදනම පමණයි. ඒ පුංචි පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්මයි. අන්න ඒ නිසාමයි හැම අම්මා කෙනෙක්ම පුංචි පැටියාගේ මුදු සුවඳ රැකගන්න බේබි ෂෙරමි නිෂ්පාදනම තෝරාගන්නේ.

 

බේබි ෂෙරමි නිෂ්පාදන සියල්ලක්ම පාහේ පුංචි පැටවුන්ගේ මුදු සුමුදු බව වෙනුවෙන් ඉටු කරන්නේ විශ්වසනීය සේවාවක්. එදා සිට අද දක්වාම අලුත උපදින පුංචි පැටවුන්ගේ මුදු සුවඳ වෙනුවෙන් බේබි ෂෙරමි කොලෝන් විශ්වාසයෙන් සෑම මවක්ම තෝරාගත්තා.

 

පුංචි පැටියා වෙනුවෙන් බේබි ෂෙරමි කොලෝන් ඔබ තෝරාගත යුත්තේ මේ නිසයි.

 

  • IFRA (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය) මගින් සහතික කර තිබීම

 

ඔබ, ඔබේ පුංචි පැටියා වෙනුවෙන් භාවිත කරන කොලෝන් වර්ගය විශ්වසනීය ආයතනයක් මගින් සහතික කර තිබීමම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්නා බවට හොඳ සහතිකයක් බව මතක තබාගන්න. ළදරුවන්ට සුදුසු මට්ටමේ සුවඳකින් යුක්ත කොලොන් වර්ගයක් තෝරාගැනීමට නම් අනිවාර්යයෙන්ම එය IFRA මගින් සහතික කර ඇත්තේ දැයි සොයා බලන්න. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් IFRA මගින් සහතික කර ඇති බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

 

  • සැර සුවඳ පුංචි පැටියෙක්ට කිසිසේත්ම සුදුසු නැහැ

 

පුංචි පැටියෙක්ට හැමවිටම සුදුසු වෙන්නේ මුදු සුවඳක්. සැර සුවඳ පුංචි පැටියාව නොසන්සුන් කරනවා පමණක් නෙවෙයි වෛද්‍යවරු පවසන ආකාරයට ඒ නොසන්සුන් බව තුළින් මේ පුංචි පැටවුන්ගේ චර්යාත්මක ගැටලු ඇති විය හැකියි. ඒ වගේම ඇදුම වැනි තත්ත්වයන් ඇති වීමටත් සැර සුවඳකින් යුතු කොලොන් වර්ග හේතු විය හැකියි. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

 

  • දිගු කාලයක් පවතින මුදු සුවඳ

 

පුංචි පැටියෙක් සුවඳ මලක් වගෙයි. ඒ සුවඳ පැටියාට එක් කරන්නේ නැවුම් බවක්. ඒ වෙනුවෙන් විශ්වාසනීය ළදරු නිෂ්පාදනය නාමයක් යටතේ වෙළඳ පොළට එන නිෂ්පාදනයක් තෝරාගැනීමට ඔබට හැකියි. එය ඔබේ ළදරුවාට පිරිසිදු, නැවුම් සුවඳක් ලබා දීමට අවශ්‍ය ඕනෑම වේලාවක භාවිත කළ හැකි පැටියාගේ මෘදු සමට හානිදායක නොවන ආලේපනයක් විය යුතුයි. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

  • ළදරු සමට සුදුසු බව විද්‍යාත්මකව සනාත කර තිබීම

පුංචි පැටියාගේ යහපත වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී මෙන්ම සුදුසුම දේ සොයන මවක් වන ඔබ පැටියා වෙනුවෙන් තෝරාගන්නා සෑම නිෂ්පාදනයක් පිළිබඳවම සැලකිලිමත් විය යුතු අතරම ඔබ තෝරාගන්නා ඕනෑම නිෂ්පාදනයක් පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට විද්‍යාත්මකව සනාථකර ඇත්දැයි සොයා බලන්න. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න.

පුංචි පැටියා වෙනුවෙන් හැමවිටම හොඳම දේ තෝරාගන්නට වෙහෙසෙන මව්වරුන්, මල් පෙත්තක්වන් මුදු පුංචි පැටියාගේ මුදු සුවඳ වෙනුවෙන් බේබි ෂෙරමි කොලොන්ම තෝරා ගන්න හැමවිටම උත්සාහ කරන්නෙ තමන්ගෙ පැටියට තියෙන ආදරය නිසාමයි.

ඔසප් සමයේ ඔබටත් ඔබේ දියණියටත් ඇති වන සමේ ආසාත්මිකතාවලට හේතුව නැප්කිනය විය හැකිද?

කාන්තාවන් විදියට අපි කාටත් තියෙන පොදු ගැටලුවක් තමයි ඔසප් සමයේ අපහසුතා. මවක් වන ඔබට වගේම ඔබට තරුණ දියණියන් සිටී නම් ඔවුන්ටත් එකම විදිහේ අපහසුතාවයන් ඇති වෙනවා විය හැකියි. ඒ නිසාම ඔසප් සමයේ දියණියන් මවගෙන් තම අපහසුතා සඟවා ගෙන සිටින්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් අවශ්‍ය පිළියම් යොදන්න අම්මා කෙනෙක්ට හැකියාව ලැබෙනවා. නමුත් ඔබට හෝ ඔබේ දියණියට ඔසප් සමයේ සමේ ඇති වන ආසත්මිකතාවයන් නිසා සිදුවන අපහසුතා පිළිබඳව ඔබ කොතරම් දැනුවත්ද? ඔබේ දියණියට පමණක් නොවෙයි සෑම කාන්තාවකටම ඔසප් සමයේදී මුහුණ දීමට සිදු වන මේ සමේ අසාත්මිකතා වලට මූලිකම හේතුව විදියට ඔබ සිතුවේ කුමක්ද?

ඉතාම සංවේදී යෝනි පෙදෙස ඔසප් සමයේදී තවත් සංවේදී වනවා වගේම තෙත් බවින් වැඩි වීම නිසා බොහොමයක් අපහසුතාවයන්ට ඔබට වගේම ඔබේ දියණියට මුහුණ දීමට සිදු විය හැකියි. මේ අතරින් ආසාත්මිකතා විශේෂයි.

ඔසප් සමයේ යෝනි පෙදෙසේ ඇති වන අසාත්මිකතාවලට මූලිකම හේතුවක් වන්නේ ඔබ, ඔබත් දියණියත් වෙනුවෙන් තෝරාගන්නා සනීපාරක්ෂක තුවා වර්ගය විය හැකියි.

එසේ නම් ඔබට වගේම ඔබේ දියණියටත් සමට හිතකර සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරා ගැනීමට මවක් ලෙස ඔබ සැලකිලිමත් විය යුතුයි නේද?

දිනකට සනීපාරක්ෂක තුවා 4ක් පමණ භාවිත වන ඔසප් සමයේ දින කිහිපය තුළ සාමාන්‍යයෙන් කාන්තාවන් දස දෙනෙකු ගත්තොත් දස දෙනාම සමේ ආසාත්මිකතාවයන් නිසා අපහසුතාවයට පත්වෙනවා.

දැනට පවත්වා ඇති සමීක්ෂණ වලින් සොයා ගෙන ඇති කරුණු අනුව මේ ඔසප් සමයේ යෝනි පෙදෙසේ ඇති වන සමේ අසාත්මිකතාවන්ට මුලික හේතුවක් බවට හෙළි වී ඇත්තේ තමන් භාවිතා කරන නැප්කිනයේ නිෂ්පාදන ගුණාත්මක බවයි. එනම් ප්ලාස්ටික් වැනි මතුපිට රළු ස්වභාවය, උරා ගැනීමේ හැකියාව, දහදිය සහ අහිතකර ලෙස තෙතමනය රැඳීම වැනි කරුණු නිසා තමන්ට ඔසප් දිනවල යෝනි පෙදෙසේ දිලීර/බැක්ටීරියා ඇති වීමෙන් කැසීම්, බිබිලි, සම ගොරෝසු වීම් මෙන්ම තුවාල පවා ඇති වී ඇති බව කාන්තාවන් බොහෝ දෙනා පිළිගෙන ඇත. මෙනිසා ප්‍රමිතියෙන් තොර සනීපාරක්ෂක තුවායක් භාවිත කිරීමෙන් මෙවැනි ආසාත්මිකතා ඇති වන බව සමීක්ෂණ වාර්තා වලින් දක්වයි.

ඔබට මෙන්ම ඔබේ දියණියට සනීපාරක්ෂක තුවා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු මේ කරුණු පිළිබඳව දැන සිටියාද?

  • සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී යොදාගන්නා අමුද්‍රව්‍යවල pH අගය සමට හිතකර නිසි මට්ටමේ පැවතිය යුතු වන්නේ යෝනි පෙදෙසේ සම අතිශයින් සංවේදී නිසාය.
  • සම සහ නැප්කිනය අතර වායු සංසරණය ඉහළ මට්ටමක පැවතීම ඉතා වැදගත් වන්නේ තෙත් බව අධික වීම නිසා ඇති විය හැකි බැක්ටීරියා වර්ධනය අවම කිරීමටයි.
  • නිසි ප්‍රමිතිය මෙන්ම නියම තත්ත්ව සහතිකයක් සහිත සමට හිතකර නිෂ්පාදනයක් විය යුතුය

නිසි ප්‍රමිතියකින් නිපදවෙන එවැනි සනීපාරක්ෂක තුවා වර්ගයක් වෙළඳ පොළේ ඇති බව ඔබ දැන සිටියාද?

ඔව්. සමට හිතකර වන ආකාරයෙන් වැඩි දියුණු කළ නව Fems ඕනෑම වෙළඳ සැලකින් දැන් ඔබටත් මිලදී ගත හැකියි. සමේ ආසාත්මිකතා ඇති නොවන ලෙස සමට හිතකර අයුරින් නිපදවා ඇති බවට සහතිකය ලද ලංකාවේ ප්‍රථම සහ එකම සනීපාරක්ෂක තුවා/ නැප්කින් සන්නාමය වන්නේ Fems ය.

Fems සනීපාරක්ෂක තුවා

  • pH අගය නිසි මට්ටමේ පවතී
  • සම සහ නැප්කිනය අතර වායු හුවමාරු වීමේ හැකියාව 40%කින් ඉහළයි
  • බැක්ටීරියා/දිලීර වර්ධනය අවම කරයි
  • කැසීම්/බිබිලි හෝ සම මත ගොරෝසු වීම් හෝ තුවාල ඇති වීම අවම කරයි
  • යෝනි පෙදෙසේ මුදු සමට සුවයක් ලබාදෙමින් ඔසප් සමයේ අපහසුතා අවම කරයි
  • සමට සුමුදු හිතකර අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇත.
  • SLS සහතිකය සහිතයි

නමුත් අමතක නොකළ යුතු කරුණ වන්නේ, සනීපාරක්ෂක තුවායක් අවම පැය 3-4කට වතාවක්වත් මාරු කළ යුතු බවයි. එසේ නොවේ නම් සමේ ආසාත්මිකතා ඇති වීම වැළක්විය නොහැක. ඔබ, ඔබට මෙන්ම ඔබේ දියණිය වෙනුවෙනුත් සමට හිතකර සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.

(Sponsored Article)

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි.

විභාග ප්‍රතිඵල සමග අපේ රටේ කොතැනක හෝ සියදිවි හානි කර ගැනීමේ සිද්ධින් එක දෙකක්වත් වාර්තා වෙනවා. අද වගේ විකල්ප අධ්‍යාපන අවස්ථාවන් නොතිබුන කලවලදී ලැබෙන ප්‍රතිඵලය භාරගෙන දරුවන් ජීවත් වුනත් අද ඒ තත්වය සමාජයේ දැක ගනන්ට ලැබෙන්නේම නැහැ. ඇත්තටම විභාගයක් අසමත් වුනාට සිය දිවි හානි කර ගැනීම ඉතාම අවාසනාවන්ත කටයුත්තක් වුනත් මේ තැනට දරුවන් පත්ව සිටින්නේ ඇයිදැයි යන්න ගැන සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි. දරුවාට වඩා ප්‍රතිඵල ගැන උනන්දුවෙන් සිටින්නේ මව්පියන්. එය ඇත්තටම සාධාරනයි. එහෙත් මව්පියන් ප්‍රතිඵල නිසා අතෘප්තිමත් වෙන තැනදී දරුවාටත් එය දරා ගැනීම අපහසුයි. රටේ ආර්ථික තත්වයත් සමග මව්පියන්ද විසින් දරණ වියදමට සහ කැපවීමට සාපේක්ෂව ඔවුන් තෘප්තිමත් වෙන ප්‍රතිඵලයක් නොලැබ කම්පනයට පත් වෙන මව්පියන් නිසා දරුවන්ගේ ජීවිතයට මුහුණ දෙන ශක්තිය නොදැනීම බිඳ වැටෙන තත්වයට පත් වෙනවා. මේ නිසා බොහෝ දරුවන් තමන්ගේ සියදිවි හානි කර ගැනීමේ පසු වදනේ සඳහන් කරන්නේ….අම්මා තාත්තා මට කරපු වියදම‍ට ගැලපෙන ප්‍රතිඵල නොලද නිසා ජීවිත්වීමේ අවශ්‍යතාවයක් නැති බවයි. මේ නිසා දෙමව්පියන් ලෙසින් දරුවන්ගේ ප්‍රතිඵල මුල් කර ගෙන කම්පාවට පත් නොවී ඔබ මෙන්ම ඔවුන්ටද ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලබා දීම ඉතා වැදගත් බව සිතන්න.

 

අද දරුවන් යාන්තම් හය හතර තේරෙන තැන පටන් අකුරට ලුහුබඳිනු විනා අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තියක් ඇත්තේම නැති තරම් කිව්වත් වරදක් නැහැ. අතීතයේදී දරුවන් සෙල්ලම් පිටියේදී අනුගමනය කළ නීති රීති, තීන්දු තීරණ මගින් ජීවිත අභියෝග ඉදිරියේ මුහුණ දෙන ශක්තිය ගොඩ නගා ගත්තා. ඒත් අද දරුවන්ට එවන් ශක්තියක් නැහැ.ශිෂ්‍යත්වය මව්පියන්ගේ මෙහෙයවීමෙන් දරුවන් හෙම්බත් වෙනවා. සෙල්ලමට විනෝදයට වෙලාවක් ඇත්තේම නැහැ. හුදෙකලා චරිතයක්ව ගෙවන දරුවා සමාජය ඉදිරියේ තිබෙන අභියෝග හමුවේ ඉතාම බෙලහීන චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා තමා ලද ප්‍රතිඵලය ඉදිරියේ ඉතාම දුර්මුඛ වෙන ඔවුන්ට තිබෙන එකම විකල්පය ලෙස සිය දිවි හානි කර ගැනීමට යොමු වීම අද බරතල ප්‍රශ්නයක්ව තිබෙනවා.

සමහර දෙමව්පියන් දරුවන් ගැන තබා ගෙන සිටින අධිතක්සේරුව ප්‍රතිඵල සමග බිඳ වැටෙන විට දරුවාට එය දරා ගැනීම අපහසුයි. අපේ පුතා නම් මෙඩිසින් සිලෙක්ට් වෙයි…යන ස්ථාවරයේම සිටියත් ප්‍රතිඵල ලැබී අදාල විශ්ව විද්‍යාල තේරීම ලැබෙන තෙක් තිබෙන්නේ ඉතාම අවිනිශ්චිතතාවයකි. මේ බව නොතේරෙන දෙමව්පියන් අනවශ්‍ය ලෙසින් දරුවා ඔසවා තැබීම නිසා ලැබෙන ප්‍රතිඵල තුළ අදාල ජයග්‍රහනය නොලද විට ඔවුන් තමන්ට ජීවත්වීමට තිබෙන වාසනාව ඔවුන් විසින්ම නැති කර ගන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙති.

ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ තෘප්තිමත්බව දැක්වීමත් දරුවන් බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ සුවිශේෂී පිලිවෙතකි. ලද දෙයින් සතුටු වෙනු විනා නොලද දෙය ඉදිරියේ හඬා වැටීම අසාර්ථක බව පෙන්වා දෙන්න. අහවල් අයගේ ප්‍රතිඵල මේ මේ ‍අන්දමින් ඉතා ඉහලින් ඇතැයි දරුවා සමග සංසන්දනයෙන් කතා බහ කිරීම දැන් නිෂ්ඵලය. එයින් වන්නේ දරුවා තවත් පසුබෑමට සහ කම්පාවට පත් වීම හැර වෙන සැලකිය යුතු වෙනසක් සිදු වීම නම් නොවන්නේය.

ප්‍රතිඵල ලැබුනාට පසුව ඔබ දරුවා පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇතැම් දරුවන් ප්‍රතිඵල ඉදිරියේ විශාල පසුබෑමකට පත් වෙති. මේ නිසා ඔවුන් ගැන සියුම් ලෙස නිරීක්ෂනය කරන්න. හුදෙකලා වන්නට ඉඩ නොදෙන්න.දරුවන්තේරුම් ගැනීම අප හිතන තරම් පහසු නැත. ඇතැම් විට සාමාන්‍ය පරිදි හැසිරෙමින් සිටම සිය දිවි හානි කර ගන්නා අවස්ථාවන් ඇත.එබැවින් ඔවුන්ගේ කම්පනය ඉදිරියේ අස්වසනු මිස තව තවත් කම්පාවට හේතු වෙන ලෙසින් දෙබස් එක් කිරීමෙන් වැලකීම ඉතා වැදගත් වේ.

විභාගය අසමත්වීම යනු ජීවිතයෙන් පලා යෑමට හේතුවක් නොවන බව දරුවන්ට තේරුම් කර දෙන්න. අද අධ්‍යාපනයේ ඉදිරියට යෑමට විකල්ප අවස්ථාවන් බොහෝ ඇත.අහිමි වූයේ එක් දෙයක් පමණක් බව පෙන්වා දෙන්න. එකක් අහිමි වුනත් උපයා ගත හැකි බොහෝ දේ ඇති බවත් දරුවාට කියා දෙන්න. ඒ හැර අහිමි වුන දෙය මත්තේම වැලපීම නිරර්ථක කටයුත්තක් බැව් ඔවුන්ට ඉතා පැහැදිලිව සඳහන් කර දෙමින් ජීවිතයට මුහුණ දෙන ශක්තියගොඩ නැගීමට දායක වෙන්න.

විභාගය  අසමර්ථ වීම යනු අනාගතය කඩා වැටීමක් නොවේ. එය ජයග්‍රහනය වෙනුවෙන් පන්නරය ලැබීමක් බව කියා දෙන්න. නැපෝලියන් බොනපාට් පරජය ඉදිරියේ සැලුනේ නැත. ඒ. ආර් රහුමාන්ට ම්ගන් වාදනය කිරීමට නොහැකි බව කියමින් ගුරුවරයා ඔහු පංතියෙන් පන්නා දැමුවේය. ලාන්ස් ආම්ස්ට්‍රොන් ලේ පිලිකා තුනකින් පීඩාවට පත් ක්‍රිඩකයකි. මේ නිසා ඔහුට පිහිණුම් තරගයන්හි යෙදෙන්නට තිබුන අවස්ථාව අහිමි විය. එහෙත් ඔහු ආපස්සට හැරැනේ නැත. පාපැදි ක්‍රිඩාවෙන් ලෝකය ජයගන්නට අධිෂ්ඪාන කළේය. මේ නිසාම ප්‍රංශ පාපැදි තරඟයෙන් ඔහු හත් වතාවක්ම ජයග්‍රහනය ලැබුවේ අහිමි අවස්ථාව වෙනුවට විකල්ප අවස්ථාවන් සොයා ගිය නිසාය. වරක් ඔහු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙනුවෙන් පිලිතුරු දෙමින් ලාන්ස් ආම්ස්ට්‍රෝං කියා සිටියේ නිශ්චිත ඉලක්කයක් ඇත්නම් එය ජයගැනීමට විශ්වාසය හා අධිෂ්ඨානය සෑහෙන බවයි.

ප්‍රතිඵල අසාර්ථක වූ පමනින්ම අධිෂ්ඨානය බිඳ වැටිය යුතු නැත ජයග්‍රහනය වෙනුවෙන් තව කාලය සහ මාර්ගය ඉදිරියේ ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමට උපදෙස් ලබා දෙන්න.

ඔබේ දරුවාගේ සිතද මේ අන්දමේ පුර්වාදර්ශ චරිතයන්ගෙන් පෝෂනය කරන්න. වැටෙන තැනින් නැගිටීම යනු නියම ජයග්‍රහනය බව ආදරයෙන් කියා දෙන්න. ජිවිතය දිනන්න නම් කොතැනකින් හෝ වැටෙන්න ඕන ජැක් මා විසින් ලෝකයට දුන් පනිවිඩය ඔබේ දරුවාටද පන්නරය සපයනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

රැකියාව කරන විට ඔබේ සෞඛ්‍ය පවත්වා ගන්නේ කොහොමද…..?

රාජකාරි ජීවිතය අපට වෙහෙසක් වුනොත් එයින් ඇති වෙන පීඩනය නිසාම රැකියාවත් එපා වෙන තැනට පත් වෙනවා. රැකියාව ඇත්තටම දේවකාරියටත් වඩා උතුම් බව ඇත්ත.ඒත් රැකියාව තුළ අපි හැසිරෙන අන්දම අනුව රැකියාව අපට ප්‍රියමනාප වීමට වගේම ඉතාම අප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙන්න පුලුවනි.තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ වෙන කුමන හෝ කාර්යාලයීය මෘදුකාංග තිබුනත් අපි සේවය කරන්නේ මිනිසුන් විදිහටයි. මේ සියල්ල හසුරුවන්නේ මිනිසුන් නිසා අපේ සිතුවිලි බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වෙනස සෘජු විදිහටම රැකියාවට බලපානවා.එහෙමනම් රැකියාව කරන සේවා ස්ථානය අපට අමිහිරි තැනක් නොවන විදිහට හසුරුවා ගන්නේ කෙසේද…?

  • වරින් වර අසුනින් නැගිටින්න…

සේවා ස්ථානයකදි ඔබේ භුමිකාවට අදාල රාජකාරි කටයුතු කිරීම පහසු වීම වෙනුවෙන් ඔබ වෙනුවෙන් වූ ආසනයක් ඇත. ඒත් අද බොහෝ දෙනෙකු මේ ආසනයේම සිටිනු විනා ටිකකට හෝ එහා මෙහා ඇවිදීමට අමතක කරති. සේවා තනතුරට අනුව ලිපිගොණු පවා එහා මෙහා කිරීමට සේවකයන් සිටින නිසා අසුනින් නැගිටීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේද නැත.

නමුත් ඇමරිකා එක්සත් ජනපයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට දිගු වේලාවක් හිදගෙන රාජකාරි කිරීම බෝනොවන රෝග තත්වයන්ට හේතු වෙන බවයි. ඒ ගැන අපි දැනටමත් දැණුවත්.

ඒ නිසා ඔවුන් පෙන්වා දෙන්නේ පැය බාගයකට වතාවක් හෝ අසුනින් නැගිට අදාල පරිශ්‍රෙය් හෝ එහා මෙහා ඇවිදීම ඉතා වැදගත් බවයි.එවිට සිරුරේ රුධිර ගමනාගමනය යහපත් වීම නිසා ඔබේ මොළයට හොද ඔක්සිජන් පරිවහනයක් සිදු වෙනවා.

  • පරිගණක තිර දෙස කඩින් කඩ බලන්න

අද  කාර්යාල සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියකරණය වීම නිසා පරිගණකගත කිරීමට පත්ව තිබෙනවා. ඒත් මෙ දත්ත ඇතුලත් කිරීම සහ හුවමාරරුව සිදු වෙන්නේ මිනිස් ශ්‍රමයේ ආධාරයෙන්. ඒ නිසා පරිගණකයෙන් තොරව රාජකාරි කිරීම දැන් අපහසු තත්වයක්. ඒත් තැනේ හැටියට අපි හැසිරෙන්න ඕන. පමණට වඩා පරිගණක තිරයට නිරාවරණය වෙනවාට වඩා විටින් විට එයින් මිදෙන්න හැකියාව ඔබ විසින්ම සලසා ගැනීම වැදගත්.

බටහිර වෛද්‍යවරුන් පවා පෙන්වා දෙන්නේ දීර්ඝ වේලාවක් පරිගණකය සමග රැඳී සිටියොත් ඇස් පෙනීමේ දුර්වලතාවයන් ඇති වීමට 50% සිට 60% ක් වැනි සම්භාව්‍යතාවයක් පවතින බවයි.මේ නිසා පරිගණක තිරය ඇස් වලට සෘජුවම නිරාවරනය නොවන විදිහට තිරයක් යොදා ගැනීම ඉතාම වැදගත්.

  • සෘජුව වාඩි වෙන්න

අද බොහෝ විට අපි රාජකාරියට මුල් තැන දෙනවා මිසක පුටුවේ වාඩි විමේ ඉරියව්ව ගැන එතරම් සැලකීමක් නැහැ.නමුත් මුලින්ම තමුන්ගේ සෞඛ්‍ය ගැන වැඩි තැනක් ලබාදීමත් ඉතාම වැදගත්.

නිතරම පුටුවේ සෘජුව වාඩි වෙන්න. එහෙම නැති වුනොත් පසුකාලීනව කොන්ද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුලුවන්.

  • ජලය පානය කරන්න

අද කාර්යාල ජීවිතයේදී බොහෝ දෙනෙක් වතුර පානයට යොමු වීමක් නැහැ. වැඩට ගියාම ඒවා අමතකයි කිව්වත් කිසිම විදිහකින් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්වය අමතක කරන්න එපා. විශේෂයෙන් වායුසමීකරණ තැන්වල සේවය කරන අය වෙනත් අයටත් වඩා වතුර පානය කරනවා නම් වඩාත් හොදයි.

පුද්ගලයෙක් විසින් දිනකට ජලය වීදුරු 8 සිට 10 ක් අතර ප්‍රමාණයක් පනාය කිරීම වැදගත්. එහෙම නැති වුනොත් විජලනය ඇති වීම නිසා විවිධ රෝග තත්වයන්ටත් මග කියන්න පුලුවනි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

සංචාරක එන්නත් පිලිබඳ ඔබ දැනුවත්ද?

යම් හේතුවක් මත විදෙස් ගතවන්නට ඔබ සූදානම් වනවා විය හැකියි. ගමන සඳහා අත්‍යාවශ්‍ය දේ මෙන්ම නිරෝගී බව සඳහාද සූදානම් වීම අත්‍යාවශ්‍ය බව ඔබ දන්නවාද? එක් එක් රටවල පවතින රෝග තත්ත්ව මත, ඒ ඒ කාලපරාසවලදී ලබාදිය යුතු එන්නත් පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වන්නේ ඒ නිසයි. වෛරස් සහ එන්නත් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි දැන් විමසන්න යන්නෙ මෙන්න මේ සංචාරක එන්නත් වල ඇති වැදගත් කම පිළිබඳවයි. Sri Lanka immunisation schedule

පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දීම සහ Hexavalent ක්‍රමයට ලබා දීමේ වෙනස

ඔබේ දරුවාට එන්නත් ලබාදීමේදී පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දෙනවාද? එසේත් නැතිනම් Hexavalent එන්නතේම සංඝටකයක් ලෙස ලබා දෙනවාද? මේ ක්‍රම දෙක අතර වෙනස කුමක්ද? මේ ගැන අපි අහමු එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන්. Sri Lanka immunisation schedule

Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු

මව්කුස වැඩෙන කළලයක ඇති අසාමාන්‍ය තත්වයන් පිලිබඳ සැකහැර දැනගනිමින් ඒ සඳහා අවශ්‍ය වන පිළියම් යොදා සංකුලතා අවම කරගැනීමේ හැකියාව තාක්ෂණයේ දියුණුවත් සමගම අපට හිමි වූ අගනා අවස්ථාවක්. කළලයේ යම් අසාමාන්‍යතා තිබේද යන්න පිළිබඳව සිදු කෙරෙන Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. සති 20ත් 24ත් අතර සිදුකෙරෙන Anomalies Scan පරීක්ෂණයක් වැදගත් වන්නේ ඇයි? එවැනි පරීක්ෂණයකින් මගහරවා ගතහැකි සංකුලතා මොනවාද? උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි මේ ගැන විමසුවා.

කලලයට සති 11ත් 14ත් අතර කාලයේදී සිදු කරනු ලබන scan පරීක්ෂණය

තාක්ෂණයේ දියුණුවත් සමගම, මෙලොවට බිහිවන්නට සිටින කිරිකැටියා පිලිබඳ සියලු තොරතුරු කලින්ම දැනගැනීමට මව්වරුන්ට අද වන විට අවස්තාව සැලසී තිබෙනවා. කලලයට සති 11ත් 14ත් අතර කාලයේදී සිදු කරනු ලබන scan පරීක්ෂණය එවැන්නක්. එම scan පරීක්ෂණය කුමක් සඳහාද යන වග සහ එහි ඇති වැදගත් කම පිළිබඳව, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි විමසුවා. Fetal nuchal translucency scan. Pregnancy scan 11-14 weeks

SHOW LESS

ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය

ගැබිණි මවකට ගර්භනී සමයේදී නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය; එහෙමත් නැත්නම් ගර්භ විෂ රෝග තත්ත්වය එවැන්නක්. මේ තත්ත්වය කලින් හඳුනා ගත හැකිද? පාලනය කල හැකිද? වලක්වා ගත හැකිද? අපි දැන් ඒ ගැන විමසමු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන්. High blood pressure in pregnancy. Prof. Tiran Dias

දරුවාගේ හෙට දවස අද ගොඩ නගන්න.

දරුවන් හදන වඩන හැම දෙම්පියෙකුගේම අනාගත බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ දරුවා පෞරෂයෙන් පිරුන සහ මහපොළවට බරක් නොවුන පුද්ගලයෙක් බවට පත් කිරීමයි.ඒත් දෙමව්පියන් නොහිතන විදිහට දරුවා වෙතින් විවිධ දුර්වලතාවයන්  ඇති වෙන්න පුලුවන්.බොහෝ දෙනෙක් විසින් දරුවාගේ බාලකාලය ගැන එතරම් අවධානයක් යොමු නොකලත් වැඩිහිටියෙකු ලෙසින් ඔවුන් අනාගතයට පිවිසෙන දිනකට ගැලපෙන සුන්දර පරිසරයක් අද දවසේ පටන් නිර්මානය කිරීම ඉතාම වැදගත්.ඒ වෙනුවෙන් දෙමව්පියන් අද පෙළ ගැසිය යුත්තේ කෙසේද…?

චර්යා දුර්වලතාවයන් ඇති වැඩිහිටියෙකු බවට පත් වීම

දරුවෙකුට ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට අවසර ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමක් විය යුතුයි.ඒත් අද බොහෝ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සුන්දර අන්දමින් ගෙවන්නට අවසරයක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා වැඩිහිටියන් ලෙසින් ඔබ දරුවාගේ බාල කාලය සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්නට අවසර නුදුන්නොත් ඔවුන් අනාගතයේදී විවිධ චර්යා දුර්වලතාවයන් සහිත පුද්ගලයන් බවට පත් විය හැකියි. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා චර්යා දුබලතාවයන් නැති  වැඩිහිටියෙකු ලෙසින් ජීවත් වෙනු දකිනු රිසි නම් ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසර ලබා දීම ඉතාම වැදගත්. ඇතැම් වැඩිහිටියන් අතර වුනත් සමාජය ප්‍රිය නොකරන, සහජීවනය ගොඩ නගා ගැනීමට අපහසු ගති ලක්ෂණයන් ඔබටත් හුරු පුරුදු ඇති. මේ අන්දමින් විවිධ දුර්වලතාවයන් සහිත හැසිරීම් ඇති වැඩිහිටියන් සමාජයේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ හැසිරීම් ගැන දෙමව්පියන් ගේ අවදානය යොමු වීම ඉතාම වැදගත්.

ජීවිතය අසතුටින් ගෙවන වැඩිහිටියෙක් වුනොත්..

දරුවන්ට ළමා කාලය ඉතාම සතුටින් ගෙවීමට ඉඩ දීම ඉතාම වැදගත්. යම් ලෙසකින් ඔවුන්ට ළමා කාලය දුක් සහිත අත්දැකීමක් බවට පත් වුනොත් එහි ප්‍රතිචාර ඉතාම අයහපත් ලෙසින් අනාගතයට බලපානු ඇත.ළමා කාලයේ අසතුටින් ගෙවන දරුවන් අනාගතයේදීත් දුක් වේදනාවන් නොමැති වුනත් කනස්සලු සහගතව ගෙවන පුද්ගලයෙක් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවාට ඔවුන්ගේ ළමා කාලය සතුටින් ගෙවන්නට ඇවැසි පරිසරයක් සලසා දීම ඉතාම වැදගත්.

පූර්ණ පෞරෂයක් නැති විය හැකියි.

ළමා කාලයේදී දරුවාට අවශ්‍ය වන්නේ ආදරය, ආරක්ෂාව හා රැකවරණයයි. මේ පරිසරය නොමැති වූ විට දරුවාගේ ආත්ම ශක්තිය, ආත්මාභිමානය සහ තමන් අනාරක්ෂිතය යන සිතුවිලිවලින් සන්නද්ධ වෙනු ඇත. ඒ නිසා ඔවුන් තුළින් ගොඩ නැගෙන හීනමානය, ආත්ම විශ්වාසයක් නොමැති වීම වැනි පෞරෂ දුබලතාවයන් නිසා වැඩිහිටි අවධියේදී වුනත් දරුවාට සමාජයේ පූර්ණ පෞරෂයකින් යුක්ත චරිතයක් ලෙසින් සිය ශක්තිය ගොඩ නගා ගැනීම අපහසු විය හැකිය.

බෝනොවන රෝගයන්හි ගොදුරක් වීම

අද බෝනොවන රෝගාබාධයන්ගෙන් බොහෝ දෙනා පීඩා විදින්නේ ඔවුන්ගේ ළමා කාලයේදී දෙමව්පියන් විසින් නිසා හැඩ ගැස්මක් නොවුන නිසයි. දරුවන්ගේ ආහාරවේල සහ ජීවන රටාව බාල කාලයේදී පටන්ම හැඩ ගැසිය යුතුයි.. ඒත් අද දෙමව්පියන් තමන්ගේ පහසුව මුල් කර ගෙන දරුවන්ට ක්ෂණික ආහාර වගේම රසකාරක සහ වර්ණකාරක යෙදූ ආහාරපාන වෙනුවෙන් ඇති නැඹුරුතාවය නිසාම බොහෝ දරුවන් අතරත් දියවැඩියාව , කොලස්ටරෝල් වැනි රෝග තත්වයන් ඇති වී තිබෙනවා. ඒ වගේම දරුවන් අතර සෙල්ලමට කිසිම අවසරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැහැ.මීටර් සියයක දුරක්වත් පයින් යෑමක් නැහැ. මේ තත්වයන් නිසා අද දරුවන් බෝනොවන රෝගාබාධයන්ට ගොදුරු වෙන ප්‍රවනතාවය ඉතාම ඉහලයි.

උසස් අධ්‍යාපනය කඩා වැටීම

දරුවෙක් උපන්දිනයේ පටන්ම දෙමව්පියන්ගේ අපේක්ෂාව වන්නේ අධායාපනයෙන් ඉහළම තැනකට දරුවන් පත් කිරීමයි. ඒ අරමුණ ඔස්සේ ඔවුන් බාල කාලයේ පටන්ම දරුවා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් මෙහෙයවීමට පටන් ගන්නවා. නමුත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිද දමමින් දරුවන් තමන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරුවා ගන්නා තත්වයට  පත් වෙනු ඇත.

අපයෝජනයට පත් වීම

ඔබ ඇහේ මුහුණේ තබා ගෙන දරුවන් හදා වඩා ගත්තත් සමාජය් හෝ නිවසේදී හෝ ඔවුන් අපයෝජනයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් අමතක නොකළ යුතුයි. ඔබ දරුවාට ආරක්ෂාව උපරිම ලෙසින් ලබා දුන්නත් ඔබෙන් දුරස් වුන තැනදී ඒ සුරක්ෂිතබව දරුවාට අහිමි වීමට පුලුවන. උදාහරණයක් විදිහට අද දවසේ බොහෝ දරුවන් අපයෝජනයට පත් වන්නේ ඔවුන්ගේ පවුලේ හිතවතුන් සහ ඥාතීන්ගෙන් නිසා මොනතරම් හිතෛෂී වුනත් එයින් දරුවාගේ ජීවිතයට ඇති අවදානම ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

දරුවන් මල් මෙන් මෘදුය. සුන්දරය. ඒ නිසා මේ මුදු මොලොක් මල් සුලු දෙයින් වුව තැලීමට, රිදවීමට පත් විය හැකිය. දරුවන්ට දඬුවම් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් එය ආදරයෙන් මිසක අනාදරයෙන් නොවිය යුතුය.නමුත් බොහෝ විට නිවස තුළ පියාගේ බීමත්කම, මවගේ පීඩනය දරුවා වෙතින් මුදා හරින මානසිකත්වය නිසා දරුවන් නිවසේදීම දැඩි ප්‍රචන්ඩත්යකට පත් වෙන අවස්ථාවන් ගැනත් අමතක කරන්න එපා. බාල කාලයේදී ප්‍රචන්ඩත්වයට පත් වෙන දරුවන් අනාගතයේදී ඉතාම දරුණු මානසිකත්වයක් සහිත පිරිසක්  බවට පත් වීමත් නොවැලැක්විය හැකි නිසා නිවසේ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දරුවාට ප්‍රසන්න තැනක් බවට පත් කිරීම ඉතාම වැදගත්.