Home Blog Page 69

ඔබ දරුවාගේ හොඳම අසන්නා වෙන්න

දරුවන් කියන්නේ පවුලේ වැදගත් චරිතයක්. ඒත් අපේ තියෙන වැඩ රාජකාරි සමග දරුවන්ට කන්න අඳින්න දුන්නත් ඔවුන්ගේ හොඳම අසන්නා වීමේ මව්පිය භුමිකාව සමහර විට ඔබ වෙතින් ගිලිහෙන්නටත් ඉඩ තිබෙනවා.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ හොඳම අසන්නා වීම ඉතාම වැදගත්. ඒත් මේ හොඳම අසන්නා කියන චරිතයට දෙමව්පියන් පත් වෙන්නේ කොහොමද…?

  • දරුවන් සමග සබඳතාවය ගොඩ නගා ගන්න.

අපි දෙමව්පියන් දරුවන් එක්ක වැඩිය කිට්ටු වෙන්න හොඳ නැහැ. කියන සිතුවිල්ල එතරම් හොඳ නැහැ. දරුවන් සමග ඔබ සමීප වෙන තරමටම දරුවා ඔබට සමීප වෙනවා. මේ සමීපබව සමග ඔබ සහ දරුවා අතර සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.එවිට දරුවාටත් නොදැනීම ඔවුන්ගේ අදහස් උදහස් ඔබ සමග සන්නිවේදනය කරන අතර ඔබටත් ඒවා නෑසූ විදිහට ඉන්න හැකියාවක් නැති වෙනවා.

  • අත්දැකීම් කියන විට අහගෙන ඉන්න

සමහර විට දරුවන් තොරතෝංචියක් නැතුව ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග කියනු ඇති. ඒ වගේ වේලාවලදී දරුවා කියන දෙයට ඇහුම්කන් නොදී ඉන්න එපා. සමහර විට ඔවුන්ගේ දොඩමලුව ඔබට වැදගැම්මක් නැති වුනත් ඔබ දරුවාගේ හොඳම අසන්නා බව ඔවුන්ට ඒත්තු ගැනෙන විදිහට ජීවත් වෙන්න.දරුවාගේ සමීපතම මිතුරා ඔබ නිසා ඔවුන්ට තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සිටින හොඳම මිතුරා ඔබයි.

  • විවෘතව දරුවන් සමග අදහස් බෙදා ගන්න

දරුවන් සමග කතා කරන විට ඔබ විවෘත වෙන්න.බොහෝ විට පවුලක අදහස් විවෘතව බෙදා හදා ගැනීමත් පවුලක් විදිහට පවත්නා සම්බන්ධතාවයන් තහවුරු වීමට ඉතාම අවශ්‍ය වෙනවා.ඒත් අද පවුලක සැමියා කරන දෙය බිරිද නොදන්නා සහ බිරිද කරන දෙය සැමියා නොදන්නා තත්වයට පත්ව තිබියදී දරුවාගේ අදහස් උදහස් සන්නිවේදනය කර ගැනීමට නොමැතිව ඔවුන් අසරණ වෙනු ඇත.

  • දැනෙන්න ආදරය කරන්න

දරුවන්ට ආදරය පෙන්වීම සුදුසු නැතැයි කියන සංකල්පයක් අතීතයේදී තිබුනත් දැන් මනෝවිද්‍යඥයින්ගේ පිලිගැනීම අනුව දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතුයි. ඒ වෙනුවෙන් කොන්දේසි අවශ්‍ය නැහැ.දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය දැනෙන විට ඔවුන් දෙමව්පියන්ට වඩාත් සමීප වෙනු ඇති. මේ සමීපතාවය නිසා දරුවන්ගේ හොඳම සන්නිවේදකයා බවට ඔබ පත් වෙනු ඇත.

  • එකට කන්න

පවුලක හොඳම සන්නිවේදන අවස්ථාව කෑම මේසයයි. ඒත් අද පවුලක් එකට කන බොන වේලාවක් ඇත්තේම නැහැ. තාත්තා එක වේලාවක, අම්මා එක වේලාවක ආහාර ගන්නා රටාවක් තුළ දරුවන්ට තමන්ගේ අදහස් සන්නිවේදනයට අවස්ථාවක් ලැබී නැහැ.සමාජ විදයාඥයන්ගේ පවා පෙන්වා දෙන අන්දමට පවුලක් එකම වේලාවක එකම මේසයක ආහාර ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා පවුලක ආහාර ගැනීමේදී එක මේසයක එක වේලාවක එකට ආහාර ගැනීම වඩාත් වැදගත් වෙන්නේ එහිදී දවසේ සියළුම සිදුවීම් සන්නිවේදනයට හොඳම අවස්ථාව මෙහිදී සිදු වෙන නිසයි.

  • ජංගම මෙවලම් නිවසේදී සීමා කරන්න..

සාමාන්‍ය කට වහරට එදා කිව්ව  කාර්යාලයට යන විට නිවස  ප්‍රශ්න නිවසේ තබාත්, නිවසට එන විට කාර්යාලයේ ගැටලු එහි තබාත් පැමිණෙන ලෙසය.. එහි අර්ථය වුනේ පුද්ගලයාගේ බැදීම අදාල ස්තානය සමග වඩාත් සාර්ථක ලෙසින් පවත්වා ගැනීමටයි.අද මේ තැනට ජංග  මෙවලම් ආදේශ කරන්න පුලුවනි.අද පවුලක ඇති සම්බන්ධතාවය බිඳ වැටීමට ඩංගම ුුරකථන සහ වෙනත් උපාංග මෙන්ම සමාජජාලා සමග පවත්නා සම්බන්ධතාවන්ද හේතු වී තිබෙනවා. ඒ නිසාම දරුවන්  සහ දෙමව්පියන් අතර පවත්නා සන්නිවේදනය නොදැනීම ගිලිහී ගොස් තිබෙනවා.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ හැකිතාක් දුරට ජංගම මෙවලම් සමග ගණුදෙනු සහ සමාජ ජාලයත් සමග පවත්නා සම්බන්ධතාවයන්ද නිවසේදී සීමා කරන්න.

ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

දරුවා ළදරු පාසලට ඇතුලත් කලාම අම්මලාගේ ලොකු උනන්දුවක් තිබෙන්නේ දරුවා අකුරක් ලියනවා එහෙම නැත්නම් කියවනවා දකින්නයි. ඒ වුනත් ඔබ ළදරු පාසල් අධ්‍යාපනයේදී කිසිම දිනක දරුවා වෙතින් අකුරු කියවන ලියන හැකියාවන් බලාපොරොත්තු වෙන්න එපා.එහෙමනම් ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

දරුවාගේ හසුරු කුසලතාවයන්..

පුංචි පැටියාට තවම වයස අවුරුදු පහක්වත් නොවුන තැන ඔවුන්ගේ මොළය අකුරට සූදානම් නැහැ. ඒ වුනත් මේ කාලයේදී කතුරක් අරගෙන රවුම් කපන්න..අලවන්න…කඩදාසි ගුලි කරන්න වැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය යොමු වීම ඉතාම හොදින් සිදු වෙනවා.මේ නිසා දරුවාට කඩදාසි ආදිය කපන්න, වැලි ඇනීම වැනි කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය සකසා දීම වැදගත්.විිවධ වර්ණයේ කඩදාසි ගුලි කර රවුමක් වටා අලවන්න. දොඩම්, ඇපල් වැනි වෘත්තාකාර පළතුරු කපන්න, අදින්න දරුවාට උදව් ලබා දීම අකුරු නොලියනවා කියමින් ලතැවෙනවාට වඩා වැදගත්.

ළදරුපාසලේ ගුරුතුමියට විතරක්ම බැහැ..

දරුවෙක් ළදරු පාසලට ඇතුලත් කලාට පසුව දැන් අපි නිදහස් යැයි දෙමව්පියන්ට සැනසුම් සුසුම් හෙලන්න බැහැ.ළදරුපාසලේ වුනත් දරුවා ගත කරන්නේ සීමිත කාලයක්. මේ සීමාව තුළ ළදරු පාසලේ ගුරුතුමියට දරුවා වෙනුවෙන් විශාල කාර්යභාරයක් කිරීම අපහසුයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබත් දරුවාගේ කුසලතාවයන් වර්ධනය වෙනුවෙන් උදව් කිරීම වඩාත් සුදුසුයි.

දෙමව්පියන් විදිහට ඔබට කළ හැකි දේ..

අපට ඉතින් ඉගැන්වීමේ ශිල්ප නැහැනේ…සමහර විට ඔබ මේ විදිහට හිතන්න පුලුවන්. ඒත් ඔබට දරුවාට බොහෝ දේ උගන්වන්න ඔබ ඇසුරේදීම පුලුවනි. ඒ වෙනුවෙන් ඔබ අධ්‍යාපනඥයෙකු වීම අවශ්‍ය නැහැ.

උස, මිටි, දිග, කොට…ආදි සංකල්ප දරුවා ඇසුරු කරන උපකරණ ආශ්‍රය කර ගෙනම පෙන්වන්න පුලුවන්. පුතාගේ ලොකු බෝලය, එහෙම නැත්නම් පුංචි බෝලය, දිග බැට් එක , මේ විදිහට ඔවුන් සමග ඇති වස්තූන් සම්බන්ධ කර ගෙන මේ සංකල්ප පැහැදිලි කර දෙන්න පුලුවන්.

පරිසරයේ සම්බන්ධතාවයන් කියා දෙන්න…

වැස්ස වැටුනාම තෙමෙනවා. අව්වට දාඩිය දානවා…මල් පිපෙනවා..පරවුනාම වැටෙනවා.. මේ වගේ පරිසරයේ සංසිද්ධීන් ඉතාම සරල විදිහට ඔවුන්ගේම අත්දැකීම් මගින් දරුවාට පෙන්වා දෙන්න දෙමව්පියන්ට පුලුවන්. මේ සදහා පංතිකාමරයක් අවශ්‍ය නැහැ.නිවසේ සිටින විට, පාර තොට ගමන් කරන විට දරුවාට මේ වගේ සංසිද්ධීන් පෙන්වා දෙන්න කිසිම බාධාවක් නැහැ.

රටාවන් ගැනත් කියාදෙන්න පුලුවන්.

අපේ පරිසරයේ රිද්මය දරුවා හොදින් දැන හැඳින ගැනීම අවශ්‍ය වෙනවා.කුරුල්ලන් පියඹන හැටි,තරු පායන හැටි , ඉර බහින අන්දම වැනි පරිසරයේ රිද්මය ගැනත් දරුවාට යම් අවබෝධයක් ලබා දීමට විහාල වචන පරිමාවක් අවශ්‍ය නැහැ.ඔබ පෙන්වා දෙන දෙයින් දරුවා ලබන දැණුම අනාගතයේදී ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සදහා විශාල මග පෙන්වීමක් ලබා දෙනු ඇති.

ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

අද දෙමව්පියන්ට දිනපතා පාසලක් තෝරා ගන්නවාට සමාන පීඩනයක් ළදරු පාසලක් තෝරා ගැනීමේදි වැදගත්.මේ නිසා මලක් වගේ පුංචි දරුවා කැටුව කිලෝමීටර් ගණනාවක් දුර ගෙවීම අවශ්‍ය නැහැ. ඔබට ළගම ළදරු පාසල වුනත් දරුවා වෙනුවෙන් ගැලපෙනවාදැයි යන තීරණය ඔබටම ලබා ගත හැකියි.

  • ළදරු පාසලේ ගුරුවරැන්ගේ සුදුසුකම් සහ දරුවන් වෙනුවෙන් ඔවුන් දක්වන අවධානය
  • ළදරු පාසලේ පරිසරය දරුවාට නිදහසේ දුවන්න, පනින්න සහ ආරක්ෂිත ලෙස තිබීම.
  • දරුවා සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය වෙනුවෙන් ඇති අවස්ථාව
  • ළදරු පාසලේ දිනචරියාව සහ   දරුවාගේ සංවර්ධනයට ඇති සම්බන්ධතාව ය.
  • ළදරු පාසල මුල් කර ගෙන බාහිර පරිසරය තුළ පවත්නා කීර්තිනාමය සහ දෝෂාරෝපණයන් ද මේ සදහා ඔබට පාදක කර ගත හැකියි.

එසේ නම් ළදරුපාසලක් වෙත ඔබේ දරුවා යොමු  කිරීම යනු ඔවුන්ගේ ජීවිතයේ එක් සංසිද්ධියක් පමණි.ඒ වෙනුවෙන් දෙමව්පියන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග සහ දෙමව්පියන් විසින් ඒ වෙනුවෙන් දරුවා මෙහෙයවීම ගැනත් දැන සිටීමත් වැදගත්.

දරුවන් විද්‍යාත්මක සාහිත්‍ය්‍ය වෙනුවෙන් යොමු කරන්න

පුංචි පැටව් පොත් පත් කියවන්නේ නැතැයි යන චෝදනාව හැම දෙමව්පියෙකුගේම සිත් තැවුලට කාරණාවක්.ඒ අතරම පොත් පත් කියවන විටත් දරුවන්ගේ රුචිකත්වය එක් එක් දරුවාට සාපේක්ෂව බොහොම වෙනස්.සමහර දරුවන් පොත් පත් කියවීමට උනන්දුවක් තිබුනත් වැදගැම්මක් ඇති පොත් පත් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.විශේෂයෙන් විද්‍යාත්මක ප්‍රබන්ධ සාහිත්‍ය කියවීම ගැන දරුවන් අතර තිබෙන ප්‍රවනතාවය බොහොම දුර්වල බැව් විවිධ අධ්‍යනයන් මගිනුත් පෙනී ගොස් තිබෙනවා.

මේ ගැන උදාහරණ දක්වමින් විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අකුරු කියවීමේ සාක්ෂරතාවය තිබෙන වැඩිහිටියන් අතර පවා සෞඛ්‍ය ගැන ඇති දැණුම ඉතාම දුර්වල බවයි. ඊට හේතුව වී තිබෙන්නේ ඔවුන් සෞඛ්‍ය ගැන ලියැවුන පොත් පත් කියවීම ගැන ඇති උනන්දුව බොහොම දුර්වල මට්ටමක තිබෙන නිසා බවත් හදුනා ගෙන තිබෙනවා.

  • රුවන් විද්යාත්මක සාහිත්‍යය ගැන උනන්දුවක් නැත්තේ ඇයි….?

මේ ගැනත් මැඩිසන් සරසවියේ පර්යේෂකයන්ගේ අවදානය යොමු වුණා. අධ්‍යනයේ ප්‍රධාණී මයිකල් ඩේවින්ස්ටන් පෙන්වා දෙන්නේ විදයාත්මක සාහිත්‍යය තුළ තිබෙන පාරිභාසික වචන නිසා දරුවන් අතර කියවන ඇල්ම හීන වී තිබෙන බවයි. ඒ නිසාම දරුවන්ට විදයාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය ගැන පොත් පත් කියැවීම දුෂ්කර යැයි තිබෙන පිලිගැනීම නිසා විදයාත්මක සාහිත්‍යය ගැන ඔවුන් තුළ තිබෙන්නේ බොහොම පසුගාමී බවක්.

  • එහෙමනම් වැඩිහිටියන් විදිහට කළ යුත්තේ මොනවාද…?

සමහර වැඩිහිටියන් අතර විද්‍යාත්මක දැණුම බොහොම ඉහලයි. ඒත් තමන්ගේ දරුවන්ටවත් මේ දැණුම සම්ප්‍රේෂනය වීමේ තිබෙන්නේ බොහොම උදාසීනතාවයක්. ඒ නිසා තමන්ගේ දැණුම දරුවන් සමග බෙදා ගැනීම වැදගත්. මෙයින් අදහස් වෙන්නේ අම්මා තාත්තා විද්‍යාඥයින් වීම නම් නොවෙයි.හැම දෙමව්පියෙකුටම යම් අන්දමින් දැණුමක් තිබෙනවා. එදිනෙදා ජීවිතයේ බොහෝ කරුණු කාරනාවන් පිටුපසින් ඇති විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයන් ඔවුන්ට අමුතු නැහැ. ඒ නිසා තමන් දන්නා විදිහට ඒ ගැනත් දරුවන්ට කරුණු කියා දීමට හැකියාව තිබෙනවා. මලක් පිපෙන හැටි, පරවෙන හැටි, වැස්ස වහින හැටි දරුවාට ගැලපෙන සහ හේතුඵල සම්බන්ධතාවයට අනුකූලව කියා දීමට වැඩිහිටියන්ට දැණුම් තේරුම් තිබෙනවා.

  • කියවන විට අහගෙන ඉන්න..

පෙරදිග ලෝකයේ බොහොම දෙනාගේ වැඩි කැමැත්ත තිබෙන්නේ කියවන විට අහගෙන ඉන්නයි. අතීතයේදී වුනත් බණ මඩුවට රැස්වෙලා ධර්ම දේශකයන්ගේ දේශනාවන් බොහොම හොදින් ශ්‍රවණය කලා. මේ කාලයේ බොහොම දෙනාට අකුරු ලියන සහ කියවන හැකියාව තිබුනෙත් නැහැ. ඒ වුනත් මන්ගේ ඇසූ පිරූ තැන් මගින් උපයා ගත් දැණුම ඉතාම ඉහලින් තිබුනා.මේ තත්වය අදටත් බොහොම හොදින් ගැලපෙන බැව් දැන් පර්යේෂකයන්ගේ පිලිගැනීම වී තිබෙනවා.

විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ මයිකල් ඩේවිඩ්සන් ඇතුලු පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විදයාත්මක දැණුම ගැන පරිණත නොවුන පුද්ගලයන් අතරට මේ දැණුම සම්ප්‍රේෂණය වීමට නම් හොඳම දේ විදයාත්මක පොත් පත් ඔවුන්ට ඇසෙන සේ කියැවීමයි.එවිට පොත් පත් කියවන්න කම්මැලි වුනත් ඇහුම්කන් දීම මගින් යම් දැණුමක් ලබා ගන්නවා. ඒ වගේම යමකට ඇහුම්කන් දීමටත් දරුවන් හැකියාව ලබා ගන්නවා.

  • කාලය සමග දියුණුවක් ලැබේවි

මුලදී මේ විදිහට ඇහුම්කන් දෙන්න ලැබෙන හුරු පුරුදු නොදැනීම දියුණු වීමට පටන් ගනන්වා. ඒ අවස්තාව වෙද්දී දරුවාටත් විදයාත්මක පොතක් පතක් කියවන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා වෙනදා වගේ අහගෙන ඉන්නවා වෙනුනට ඔවුන් විසින්ම පොත් පත් කියවීමට හුරුවක් ලබා ගන්නවා.

  • තවත් දැණුම සොයනවා

දැන් තමා විසින්ම පොත් පත් කියවන දරුවා  එතැන් පටන් තව දුරටත් විද්‍යාත්මක සාහිතයය ගැන විමසන කුතුහලය පටන් ගන්නවා.එය දරුව ලබන විශාල සංවර්ධනයක්.

  • විද්යාත්මක සාහිත්‍යය  වැදගත් ඇයි

ගණිතය සහ විද්‍යාව ගැන දරුවා යොමු කරවන දෙමව්පියන් ඊට සාපේක්ෂව විද්‍යාත්මක සාහිත්‍යය වෙතට දරුවන් යොමු කිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වුනත් විද්‍යාත්මක සාහිත්‍යය ගැන කරුණු කියවන දරුවාගේ නිර්මානශීලීත්වය වැඩි දියුණු වෙනවා. මේ තුලින් නව නිර්මාණ බිහි කිරීමට ඔවුන් උනන්දුවක් දක්වනවා. අද බොහෝ නව නපැයුම්කරුවන් අතර පාසල් දරුවන් ඉතාම ඉදිරියෙන් සිටිනවා. මේ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දැණුම පොත් පත් කියැවීමෙන් ලබා ගැනීමට ඉතාම පහසුවෙන් පුලුවනි.

එහෙමනම් අනේ අපේ පුතා විදයා පොතක් පතක් තියා පත්තරයක ලිපියක්වත් කියවන්නේ නැතැයි  දුක් වෙන්න එපා. උක්ත පර්යේෂනයෙන් පෙන්වා දෙන විදිහට එය එතරම් අසීරු කරුණකුත් නොවෙයි. මෙම අධ්‍යන වාර්තාව P.N.A.S සඟරාවේ  Using Narratives & story telling communication science මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් වී තිබෙනවා.

පොඩ්ඩා වේලාසනින් නිදිකරවා ගැනීම

ගෙදර ඉන්න පොඩ්ඩාව නිදි කර ගැනීම දෙමව්පියන්ට ඇත්තටම ගැටළුවක්.පැය අටක් දහයක් වෙහෙස මහන්සි වෙලා ගෙදරට ඇවිත් ගෙදර වැඩපලත් ඉවර කරලා නින්දට යන්න ගියත් පුංචි පැටියා තවම නිදි නැහැ.ඉතින් අම්මලාත් පැටියා නිදා ගන්න තෙක්ම අවදි වෙලා ඉන්නවා.

  • පොඩ්ඩා වේලාසන නිදි කිරීම ඉතාම වැදගත්.-

අපි මේ ගැන වැඩි අවධානයක් දැක්වූයේ නැති වුනත් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ අධ්යන ආයතනයේ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකේ සිට 9 අතර දරුවන් අනිවාර්යෙන්ම රාත්රි නවයට පෙරාතුව නිදි කළ යුතු බවයි.එසේ නොමැති වුනොත් අනාගතයේදී මේ දරුවන් තරබාරුවට පත්වීමේ අවදානමක් තිබෙන බව අධ්යනය මෙහෙයවූ පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙනවා.

ඔවුන් මේ අධ්යනයේදී තෝරාගත් වයස පරාසයේ දරුවන්ගේ අතේ මැණික් කටුවට උපාංගයක් සවි කළා.ඒ අනුව දරුවාගේ නින්දට යන වේලාව සහ ස්කන්ධ ශරීර දර්ශකය ගැන අධ්යනය කළා.එහිදී පෙනී ගියේ ප්රමාද වී නින්දට යන දරුවන් සහ තරබාරුවීම අතර වැඩි ප්‍රවනතාවයක් පවතින බවයි. මේ තත්වය මොන තරම් බරපතලද කියනවා නම් ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ කණ්ඩායම් අතර තුන් දෙනෙකුට එක් අයෙකු හෘද රෝග පිළිබඳ සංකුලතාවයන්ගෙන් පීඩා විඳින බව හඳුනා ගෙන තිබෙනවා.ඒ නිසා ඔවුන් දෙමව්පියන්ට අවධාරනයෙන්ම කියන්නේ වයස අවුරුදු 2 සිට 9 අතර සිටින දරුවන් රාත්‍රී 9 ට පෙරාතුව නින්දට යොමු කිරීම අවශ්යෙයන්ම සිදු කළ යුතු බවයි. මේ වෙනුවෙන් උපදෙස් කීපයක් Alaska Sleep Education Center විසින් සඳහන් කර තිබෙනවා.

ඉතිං කොහොමද පොඩ්ඩන් නිදි කරන්නේ…

ඇත්ත..ඒත් පොඩ්ඩාගේ අනාගතය ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින දෙමව්පියන් මේ ගැන යොමු වීම ඉතාම වැදගත්.

ඇල්වතුරෙන් ඇඟ සෝදන්න

රාත්‍රී ආහාරයෙන් පසුව දත් මදිනවා වගේම ටිකක් වේලාසනින් දරුවාගේ ඇඟ සෝදන්න. ඉහත කණ්ඩායම සඳහන් කරන්නේ මේ වෙනුවෙන් ඇල් වතුර වඩාත් සුදුසු බවයි.

රාත්‍රී ආහාරය කලින් ලබා දෙන්න

සමහර විට පැටියාට නිදිමත වුනත් අම්මා රාත්‍රී ආහාරය සකස් කරන තෙක් අවදියෙන් ඉන්න එපායැ.අම්මා කැමැතිත් නැහැ පැටියා බඩගින්නේ නිදි කරන්න.ඒ වුනත් රාත්රි ආහාරය හතට පෙරාතුව ලබා දෙන්න පුලුවන් නම් අම්මා දිනුම්.

පොතක් කියවන්න දෙන්න

අකුරු කියවන වයසේ සිටින දරුවෙකුට නම් නින්දට පෙරාතුව පොතක් කියවන්න දෙන්න.

රූපවාහිනිය ඇතුළු වෙනත් මාධ්‍ය නිවා දමන්න

පැටියාට නිදා ගන්න කියල දෝස්මුරය දාලා අම්මයි,තාත්තයි තිරය ඉදිරියේ හිටියට හරියන්නේ නැහැ.රාත්‍රී අට වෙද්දී මේ මාධ්‍ය නිවා දමන්න.

නිවසේ විදුලි ආලෝකයත් නිවන්න.

රූපවාහිනිය නිවලා පුතා ගිහින් නිදා ගන්න කිව්වාටමත් බැහැ.නිවසේ සෙසු විදුලි පහන් අඩුම වශයෙන් පැටියාට නින්ද යන තෙක් හෝ නිවා දැමීමත් වඩාත් සුදුසුයි.

නින්ද යන තෙක් කවියක් හෝ කතාවක් කියන්න

දරුවා නින්දට වැටෙන තෙක් කවියක් හෝ කතාවක් කියා දීමත් සුවදායක නින්දට හේතු වෙනවා.ඒ වගේම ‘‘ගුඩ්නයිට් කිස්“ එකත් අමතක කරන්න එපා.

 

Alaska Sleep Education Center

පුන්යා චාන්දනී ද සිල්වා

මෙන්න මේ ආහාර වර්ග ප‍්‍රතිශක්තිය වඩවන බව ඔබ දන්නවාද?

අපි මේ ගත කරන්නේ ටිකක් විතර අවදානම් කාලයක්. මව්පියන් විදියට අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ දරුවන් මේ රට පුරා පැතිර යන නව කොරෝනා වෛරසයෙන් බේරගන්න. ඒ වෙනුවෙන් දරුවන්ව නිවසේම රඳවගන්න වගේම පෝෂණීය ආහාර, විවේකය ලබා දෙනවා. සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන හැම නිතරම සැලකිලිමත් වෙනවා. වැඩිහිටි අපිට වගේම පොඩ්ඩන්ටත් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසයි.

මේදය අඩු, පැලෑටි මුල් කරගත් ආහාර මගින් බැක්ටීරියා, වෛරස හා වෙනත් රෝග ඇති කරන ක්‍ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට සමත් ප‍්‍රතිදේහ නිපදවනවා. මේදය අඩු ආහාර ගැනීමෙන් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ආරක්‍ෂාව ශත්තිමත් වන බව අධ්‍යයනවලින් පවා හෙලි වී තිබෙන කරුණක්. 

නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට ප‍්‍රයෝජනවත් වෙන බව අපි කවුරුත් හොඳින් දන්නවා. තරබාරු බව ඉන්ෆ්ලූවෙන්සාව, නියුමෝනියාව වැනි වෙනත් ආසාධනවලට හේතු විය හැකියි. ශාක ආහාර ශරීර බර අඩු කිරීමට උපකාරී වේ. ඒවා තන්තු බහුල කැලරි ප‍්‍රමාණය අවම තත්ත්වයේ පවතින ආහාර වර්ග නිසා බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. අපේ සිරුරේ BMI අගය ප‍්‍රශස්ත මට්ටමක තබාගන්න වගේම හොඳ ප‍්‍රතිශක්තියක් පවත්වා ගන්නත් මේ ශාක ආහාර සහය වෙනවා. 

 

අපේ සිරුරේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කර ගැනීමට ඉවහල් වන ආහාර වර්ග

 

  • පැඟිරි කුලයේ පළතුරු

 

පැඟිරි කුලයේ ආහාරවල විටමින් C අඩංගු වන අතර එමගින් කාර්යක්‍ෂම ලෙස ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා. ප‍්‍රතිශක්තීකරණ ඇති කරවන විටමින් අතර ප‍්‍රබල විටමිනයක් වන විටමින් C  දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් අපේ සෞඛ්‍ය වැඩිදියුණු වේ. ශරීරය තුළ විටමින් C නිපදවීම හා ගබඩා කිරීම සිදු නොකරන නිසා ආහාර මගින් ලබාගත යුතුය. නමුත් බොහෝ ආහාරෙවල විටමින් C අඩංගු වන නිසා ඖෂධ ලෙස අමතරව ගැනීමක් අවශ්‍ය නොවේ. මීට අමතරව ආහාරයේ ඇති යකඩ අවශෝෂණයටද උපකාරී වේ. විටමින් C වල ප‍්‍රතිඔක්සිකාරක (antioxidant)  ගුණයක් පවතී. 

(ඔක්සිකාරකයක් යනු අපේ ශරීරය free radicals (ශරීරය මගින් ආහාර බිඳ හෙලීමේදී/විකිරණ/දුම්පානය (දුම්කොළ සහිත) කිරීමේදී නිපදවන අණුයි) මගින් ආරක්‍ෂා කරන මූලද්‍රව්‍යයකි. හෘද රෝග, පිළිකා හෝ වෙනත් රෝගවලදී මෙම ඔක්සිකාරක ගුණය වැදගත් වේ. දොඩම් නාරන් පේර මිදි ස්ට්‍රෝබෙරි ඇතුළු විටමින් C අඩංගු ආහාර ලබාගැනීම මෙහිදී වැදගත් වෙනවා.

 

 

  • කහ 

 

ඉවුම් පිහුම්වලදී අම්මලාට නැතිවම බැරි කුළු බඩු වර්ගයක් වන කහ ප‍්‍රතිඔක්සිකාරක හා ප‍්‍රති ප‍්‍රදාහක ගුණයකින් යුක්ත කුළුබඩු වර්ගයකි. එය අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.

 

  • බතල 

බතලවල විටමින් A අඩංගු බීටා කැරොටීන් නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතරම එමගින් සමට මනා පැහැයක් ලැබෙනවා සේම එය සම අධෝරක්ත කිරණ (Ultra Violet rays) වලින් ආරක්‍ෂා කරගැනීමට උදව් වේ.

  • නිවිති 

නිවිතිවල අත්‍යවශ්‍ය පෝෂක හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids,Carotenoids,විටමින් C, විටමින් E  අඩංගු වන අතරම ඒවා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වේ. Flavourids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව වළක්වයි.

  • ඉඟුරු

ආහාර, තේ පැන් රස කිරීමට භාවිත ඉඟුරුවල ප‍්‍රතිප‍්‍රදාහක (anti inflammatory) ගුණයක් හා ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතින නිසා සාර්ථක ලෙස රෝග වැළැක්වීමට උදව් කරයි. තවද ඉඟුරුවල පවතින Shagaols, gingerols යන සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණයට ද උදව් වේ.

  • සුදු ලූණු හා ලූණු 

සුදු ලූණු හා ලූණු ආහාර රස කිරීම සඳහා යොදාගනී. සෙම්ප‍්‍රතිශ්‍යාව හා වෙනත් රෝග වැළදීමේ අවදානම අඩු කරයි. සුදු ලූණුවල අන්තර්ගත anicillin හා ලූණුවල අන්තර්ගත Quercetin නම් සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණය පහසු කරන අතර හෘදයේ නිරෝගීතාවය රකී.

  • බ්ලූ බෙරි 

මෙහි flavanoid වර්ගයේ anthocyanin නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගුය. මෙය අපේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණ කිරීමට ඉවහල් වේ. විශේෂයෙන් ස්වසන පද්ධතියේ රෝගවලින් මුදවා ගැනීමට උපකාරී වේ.

  • බ්‍රොකලි 

මේවායේ විටමින් C අඩංගු වේ. Sulforaphane නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වේ. මේ නිසා දිනපතා ආහාරයට ගත හැකි ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරවන එළවළුවකි. 

  • ග්‍රීන් ටී

මෙහි Caffeine සුළු ප‍්‍රමාණයක් අඩංගු වන වේ. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මෙහි ඇති ප‍්‍රතිඔක්සිකාරක වන Flavanorids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

 

  • වට්ටක්කා 

වට්ටක්කා කුලයට අයත් එළවළුවල ප‍්‍රතිඔක්සිකාරක, විටමින් A, විටමින් C, මැන්ගනීස්, මැග්නීසියම්, ෆෝලේට් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණ පද්ධතිය ශක්තිමත් වේ.‍

 

  • ඇප්‍රිකොට්

ප‍්‍රතිප‍්‍රදාහක ගුණයක් පවතී. සුලබ රෝගවලට ප‍්‍රතිරෝධීය විටමින් A,C,K හා තන්තු අඩංගු වේ.

  • ග්‍රීන්පීස්

මෙහි විටමින් A, B1, B2, විටමින් C හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids, Carotenoids හා Phenolic acid, poly phenol අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණය වැඩි දියුණු කරයි. ප්‍රෝටීන බහුල අහාරයක් වන අතරම ප්‍රෝටීන මගින් ප‍්‍රතිඔක්සිකරණය ඇති කරයි.

  • කටුව සහිත ගෙඩි/ ඇට වර්ග (nuts)

කජු, රටකජු, වට්ටක්කා ඇට වැනි ඇට වර්ගවල ප්‍රෝටීන බහුලය. මේදය, තන්තු, විටමින්, ඛනිජ ලවණ අඩංගුය. විටමින් E අධිකව පවතින අතර ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.

  • මුදවපු කිරි/යෝගට්

ආහාර ජීර්ණය හිතකර Probiotics (good bacterial – හිතකර බැක්ටීරියා) අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීතාවය ආරක්‍ෂා කරයි. මේවායේ ප‍්‍රතිශක්තිරණය උත්තේජනය කළ හැකි ගුණයක් අඩංගු වේ.

  • පැණි – Honey

මෙහි ප‍්‍රතිඔක්සිකාරක හා ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් පවතී. ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය වැඩිදියුණු කරයි. දරුණු රෝගවලට හේතු වන බැක්ටීරියා වර්ධනය කරයි.

 

  • කොළ පැහැති එළවළු 

ආසාධනවලට විරුද්ධව ක‍්‍රියාකාරී වීමේ හැකියාව ඇත. මෙහි මනා පෝෂක සහ ක්‍ෂුද්‍ර පෝෂක කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් හා බීටා කැරොටීන් වැනි ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. ඉන් ප‍්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කරයි.

 

  • මුල සහිත එළවළු ( Root Vegetables)

චීන වෛද්‍ය විද්‍යාවට අනුව මුල සහිත එළවළු මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. බතල, කැරට්, බීට්, අල, අර්තාපල් විශේෂයෙන් ස්වසන පද්ධතියේ ප‍්‍රතිශක්තීකරණය සඳහා දායක වේ.

මේවා පොළව තුල වැඩෙන බැවින් එසේ ඇති පෝෂක විශාල ප‍්‍රමාණයක් උරාගනී. මෙහි විශේෂයෙන් දියවන හා දිය නොවන තන්තු අන්තර්ගතය. මින් ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය නංවාලීමට දායක වේ. සැලකිය යුතු විටමින්, ඛනිජ ලවණ, තන්තු අඩංගු වේ.

 

  • විටමින්

විටමින් C සහ E මගින් රෝග ඇති කිරීමට ඉවහල් වන Free radicals ජීවීන් විනාශ කරයි. ශරීරයේ ස්වභාවික ප‍්‍රතිශක්තීකරණයට උපකාරී වේ. ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.

  • විටමින් C – දොඩම්, නාරං, ස්ට්‍රෝබෙරි, දෙහි
  • විටමින් E – කටුව සහිත ගෙඩි, ඇට වර්ග, නිවිති, බ්‍රොකොලි

අපේ ශරීරයට විටමින් බොහෝමයක් ලැබෙන්නේ ආහාර මෙගිනි. ඖෂධ ‍ෙගින් බොහෝ පුද්ගලයන් විටමින් ලබාගැනීමට පුරුදු වී සිටියද ඉන් තමාගේ ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණය තීරණය කළ නොහැක. සමහර විටමින් වර්ග මගින් අතුරු ආබාධ ඇති කරයි. වෛද්‍ය උපදෙස් මත විටමින් භාවිතය වඩා සුදුසු වේ. විශේෂයෙන් විටමින් E  අනවශ්‍ය ලෙස නොගත යුතු අතර එය සමහර අවස්ථාවලදී හානි කර වේ. 

 

  • මුහුදු ආහාර

ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණ කරයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග පාදයි. රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතී.

  • ඛනිජ ලවණ

ඛනිජ ලවණ සියල්ලම පාහේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණුවට දායක වේ. ඒ අතරින් පහත ඒවා වැඩි දායකත්වයක් දක්වයි. 

  • පොටෑසියම් හා මැග්නීසියම් කෙසෙල් මගින් ලැබේ. ඉහත ඛනිජ ලවණ මගින් ආඝාතය (stroke – අංශභාගය වැනි තත්ත්ව) ඇති වීමේ අවදානම අඩු කරයි. කෙසෙල්වල අධික ලෙස විටමින් B6 අඩංගු වන නිසා ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් වේ. රතු සෛල  නිපදවීමට උදව් වන අතර ස්නායු පද්ධතිය හොඳින් ක‍්‍රියාකාරී කරයි. ප්‍රෝටීන පරිවෘත්තියට උදව් කරයි. 
  • සින්ක්

සුදු රුධිරාණුවල තිව‍්‍රභාවයට උපකාරී වේ. වට්ටක්කා, කටුව සහිත ගෙඩි, ඇට වර්ග හා බෝංචි වල අඩංගු වේ.

 

දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය වැඩිදියුණු කිරීම සඳහා කහ, විටමින් C බහුල ආහාර, වියළි පළතුරු, ඇටවර්ග, කටුව සහිත ගෙඩි, බිම්මල්, මස් සහ මාළු, කිරි නිෂ්පාදන උපකාරී වන අතරම නිසි පෝෂණය සැමවිටම බොහොමයක් රෝගවලින් ආරක්ෂා වීමට ඉවහල් වේ.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

කොරෝනා, වළක්වා ගත නොහැකි මාරාන්තික වෛරසයක්ද?

ලොවටම තර්ජනයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ගැන මේ වෙද්දී
අපි කවුරුත් බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. ඉතිං තව තවත් තොරතුරු
දැනගන්න තමන්ට තියෙන ගැටලු නිරාකරණය වෙන්න වගේම මේ තත්ත්වයට
ගොදුරු නොවී වැළකෙන්නත් රෝගය පතුරවන්නෙක් නොවන්නත් දැනුවත් බව
බොහොම වැදගත් වෙනවා.

නව කොරෝනා වෛරසය විශාල වෛරස් පවුලකට අයත්. සතුන්ට සහ මිනිසුන්ට
රෝග සාදනවා. මෙම කොරෝනා වෛරස කිහිපයක් මගින් ස්වසන පද්ධතියේ
ආසාධන ඇති කරනවා. සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට තීව‍්‍ර ආසාධන තත්ත්ව වන MERS
(Middle East Respiratory Syndrome) SARS (Severe Acade Respiratory Syndrome) වැනි
තත්ත්ව ඇති කරනවා.

මෑතකදී සොයාගත් කොරෝනා රෝගය තමයි මේ වෙද්දී
මුළු ලෝකයම බියට පත් වීමට හේතුව වන COVID – 19.
වෛද්‍ය මතයට අනුව කොරෝනා වෛරසය මාරාන්තික වෛරසයක් නොවේ. මෙම
වෛරසය අනතුරක් හෝ අවදානමක් නැති බව මින් අදහස් නොවේ. කොරෝන්
වෛරසයද ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මෙන්ම ස්වසන පද්ධතියට හානි කරවන
RNA වර්ගයට අයත් වෛරසයකි. මෙම වෛරසය මර්දනය සඳහා මෙතෙක්
සාර්ථක ප‍්‍රතිකාර සොයා නොගැනීම මෙම තත්ත්වය ව්‍යාකූල වීමට හේතුවක් වී
ඇත.

නව කොරෝනා වෛරසය ආසාදිත පුදුගලයෙකු පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ
 මූලික රෝග ලක්‍ෂණ ස්වසන පද්ධතිය ආශ‍්‍රිතව පැතිරේ.
 උණ
 කැස්ස
 හුස්ම ගැනීමේ අපහසුව/හතිය
 නාසයෙන් සොටු දියර ගැලීම
 නාසය සිරවීම
 උගුර වණවීම
 උගුරේ වේදනාව
 හිසරදය
 මස් පිඬුවල හා ඇඟපතේ වේදනාව
 පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රෝග ලක්‍ෂණ

රෝගය පැතිරීම
මෙය වෛරසයක් බැවින් අන් අයට පැතිරෙන්නේ බිඳිති ආසාධනයකිනි. නාසය
හෝ මුඛය හරහා පිටතට පැමිණෙන බිඳිති (සෙම, සොටු, කෙළ) උපකරණ
මතුපිට තැවරේ. අජීවී පෘෂ්ඨවල මෙම ජීවීයා සජීවී පෘෂ්ඨවලට වඩා වැඩි කලක් ජීවත් වේ.

නිරෝගී පුද්ගලයෙකු මෙම පෘෂ්ඨ ස්පර්ශ කර ඒ අතින් නාසය, ඇස,
මුඛය ඇල්ලීමෙන් රෝගය වැළෙඳේ.

අජීවී පෘෂ්ඨවල මෙම වෛරසය පැය 12 කට
ආසන්න කාලයක් සජීවීව පවතී.

සාමන්‍යයෙන් පරිසර උෂ්ණත්වය 20 0 C – 30 0 C අතර
ජීවීව වාසය කරයි.

සීතල අධික පරිසර වෛරසය වර්ධනයට කදිම තෝතැන්නකි.

ලොව පුරා මෙම Covid- 19 රෝගය ආසාධනය වූ බහුතරය සම්පූර්ණයෙන් සුවය
ලබා ඇත.

සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය
විය හැක.

ඇතැම් විට ප‍්‍රතිශක්තිය දුර්වල වූ රෝගීන් ඉතා අඩු පිරිසකට මෙම
රෝගය මාරාන්තික වන්නේ නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමෙනි. මොළය,
වකුගඩු වැනි ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන්ද ආසාධනය විය හැක.

නව කොරෝනා වෛරසය අවදානම් විය හැකි කාණ්ඩ

දියවැඩියාව, පිළිකා වැනි ප‍්‍රතිශක්තිය හීන කරවන රෝගවලින් පෙළෙන්නන්
 වයස්ගත වූ වැඩිහිටියන්
 අධික රුධිර පීඩනය හා හෘද රෝගවලින් හෝ වෙනත් වෛද්‍යමය රෝග
තත්ත්වවලින් පෙළෙන්නන්
 ප‍්‍රතිශක්තිය අඩු විය හැකි ඖෂධ භාවිත කරන රෝගීන්
උදා: අවයව බද්ධ කළ රෝගීන්
 දැනටමත් ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන්නන්
 ගැබිනි මව්වරුන්

හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්ව

 තද උණ සමග ස්වසන මාර්ගයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම්
 හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම්
 පසුගිය සති දෙකක කාලය තුළ මෙම රෝගීන් වාර්තා වූ පෙදෙසක සිටියේ
නම් හෝ එම රෝගීන් සමග ඇසුරක් පැවැත්වූයේ නම් හෝ රෝගය තිබුණු
විදේශ රටක සංචාරයක හෝ පදිංචි සිටියේ නම්
එවන් පුද්ගලයින් වහා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වී රෝගය වැළඳී ඇත්දැයි
සැකහැර දැනගත යුතුය.

අද ලොවම මෙම වසංගත තත්ත්වය නිසා හදිසි තත්ත්වයක් නිවේදනය කර
තිබියදී අප එයට සූදානම් විය යුතුය. ඒ නිසා සැවොම ස්වයං නිරෝධායන මාර්ග
ගැන අවධානය යොමු කළ යුතුය. ඔබ රෝගය පවතින රටක සිට පැමිණියහොත්
තමා ආදරය කරන්නන් මේ තත්ත්වයට ගොදුරු වීම වළක්වා ගැනීමට
නිරෝධායනයට ලක්වී තමාට රෝගව වැළදී ඇත්ද නැද්ද යන්න තහවුරු කරගත
යුතුයි.

නිරෝධායනය යනුවෙන් අදහස් කරන්නේ රෝග ලක්‍ෂණ මතුවන තෙක් තවත්
කෙනෙකුට බෝ නොවන ලෙස වෙන් කොට තැබීමය. මේ සඳහා සති දෙකක කාලයක් තබාගැනීම ප‍්‍රමාණවත් වුවද එය දින 20 ක් පමණද විය හැකි බවට
වෛද්‍ය මත පලවී ඇත. මෙසේ කරන්නේ විදේශ ගතව සිට නිවසට යාමෙන්
නිවසේ අයත් සාමාජයත් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම වළක්වා
ගැනීමටය.

රෝගීන් අනුගමනය කළ යුතු කරුණු
 හැකි පමණ දියර වර්ග පානය කිරීම
 උණ සහිත නම් පැරසිටමෝල් පමණක් ගැනීම
 හොඳින් විවේක ගැනීම

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්‍ෂා වීමට ගත යුතු ක‍්‍රියාමාර්ග

කොරෝනා වෛරස ආසාදනය වාතයෙන් සම්ප්‍රේෂණය නිසා කෙනෙකු නිරෝගී
පුද්ගලයෙකු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීමට අප සැමගේ කැපවීම,
දැනුවත් බව මෙන්න සැලකිලිමත් බවත් අවධානයත් ඉතා වැදගත් වේ.

1) ක‍්‍රමානුකූලව හොඳින්න් අත් සේදීම
සබන් හෝ Alcohol hand rub භාවිත කළ හැක. මෙමගින් අතේ සිටින වෛරස
විනාශ වේ.
අත් සේදීම පහත අවස්ථා වලදී වැදගත් වේ.
 මුහුණ ස්පර්ශ කිරීමට පෙර/පසු
 කැස්ස, කිවිසීමෙන් පසු
 ආහාර පිළියෙල කිරීමට පෙර හා පසු
 ආහාර අනුභවයට පෙර/පසු
 රෝගියෙකුට සත්කාර කළ පසු
 බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණි පසු
 සතුන් ඇල්ලීමෙන් පසු

2) කැස්ස, කිවිසීම සහිත පුද්ගලයෙකුට අඩු තරමින් මීටරයකට වඩා දුරින් සිටීම.
මීට හේතුව වන්නේ කැස්ස, කිවිසීම මගින් දියර සහිත කුඩා බිඳිති ඔවුන්ගේ
නාසය හා මුඛය හරහා පිටවී ඒවා ස්පර්ශ වීම මගින් රෝගය නිරෝගී
පුද්ගලයෙකුට බෝ විය හැකි නිසයි.

3) කැස්සකදී හෝ කිවිසීමකදී ඉවත දැමිය හැකි අත් පිස්නාවක් භාවිත කිරීම හා
එය ඉක්මණින් ඉවත් කිරීම.

4) ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් නැත්නම් ඔබේ වැලමිට නවා මුහුණ
ආවරණය කිරීම

5) අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහල් වැනි පොදු ස්ථානවල ගැවසීමෙන්
වැළැක්වීම. එනම් මහජනතාව වඩාත් ගැවසෙන ස්ථාන, සාප්පු සවාරි, ක‍්‍රීඩා
තරග, ප‍්‍රිය සම්භාෂණ, වන්දනා ගමන්, සමිති සමාගම් ආදියට සහභාගී
නොවීම
6) අත්‍යාවශ්‍යතාවයකට හැර විදෙස් ගමන්වලින් වැළකීම

7) තමන් භාවිතා කළ ඇඳුම් පවා හැකි විගස සෝදා පිරිසිදු කිරීම. දිනපතා ඇදුම්
සේදීමෙන් පසු නිවස තුළට ගැනීම

8) අතට අත දීම, සිප වැළඳ ගැනීම වෙනුවට ආයුබෝවන් කියා ආචාර දක්වන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා
කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය ගැන ඔබ හරිහැටි දැනුවත්ද?

නිරෝධායනය කියන වචනේ මේ දවස්වල ඔයාලට හොඳට අහලා පුරුදුයි නේද? ඒත් ඒකෙන් හරියටම අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවද? නිරෝධායනය කියන්නේ බෝවෙන රෝග වසංගත කාලයකදී රෝගය පැතිරීම වලක්වා ගන්න ක්‍රියාත්මක කරන, අන්තර්ජාතිකව පිළිගත් ක්‍රියාවලියක්. මේක කොහෙත්ම බය වෙන්න ඕනි දෙයක් නෙමෙයි කියලා මේක කියෙව්වම ඔයාලටම තේරෙයි.

1.නිරෝධායනයට ලක්කළ යුත්තේ කවුද?

දැනට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත් රෝග විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන පුද්ගලයන්ව තමයි නිරෝධායනයට ලක් කරන්නේ. මේ කොරෝනා වසංගතයේදී නම් විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන්නේ එම රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සහ එම රෝගය වැළඳුණ කෙනෙක් සමග ළඟින් ආශ්‍රය කළ කෙනෙක්වයි.

  1. නිරෝධායනය කරන්නේ කොහොමද?

නිරෝධායනයට ලක්වන පුද්ගලයාට තමාගේ එදිනෙදා අත්‍යවශ්‍ය වැඩ කටයුතු, ඒ කියන්නේ කෑම, බීම ගන්න එක, නාන එක, පාඩම් හෝ තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකයේ වැඩ ආදිය කරගෙන යෑමට කිසිම බාධාවක් නැහැ. වෙනස තියෙන්නේ නිරෝධායනය කරන කාලසීමාව තුළදී (සති දෙකකදී) එයාලට යම් සීමාවකින් එළියට යන්න බැරිකම සහ වෙනත් අය සමග ළඟ ආශ්‍රයක් පැවැත්වීමට බැරි වීම විතරයි. මොකද විෂබීජය අනිත් අයට ශරීරගත වීම වලක්වගන්න ඕනි නිසා. නිරෝධායනය කාල සීමාව අවසානයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්තං, සෞඛ්‍ය උපදෙස් දී ඔවුන්ව නිවෙස්වලට මුදා හරිනවා.

  1. එතකොට ස්වයං නිරෝධායනය කියන්නේ මොකක්ද ?

ඉහතින් සඳහන් කරපු දේම, වෙනත් කෙනෙකුගේ පූර්ණ අධීක්ෂණයක් නොමැතිව, තමන්ගේ නිවස තුලදීම තමන් විසින්ම සිදු කරගන්න එක තමයි ස්වයං නිරෝධායනය කියන්නේ. එහෙම කරන එකේ තේරුමත් විෂබීජ ශරීරගත වී ඇතිනම් එය වෙනත් අයට බෝ වීම වලක්වා ගැනීමයි. රට ඉඳලා එන හැමෝටම රජය ලබාදෙන නිරෝධායන මධ්‍යස්ථානවල සේවාව සැපයීම කළ නොහැකි නිසා, අවදානම අඩු රටවල්වල ඉඳලා එන අයට හෝ එහෙමත් නැත්තං මෙම වෛරසය වැළඳීමෙන් රෝගී වුනු කෙනෙකුව ළඟින් ආශ්‍රය කරපු කෙනෙකුට හරි අපි උපදෙස් දෙනවා තමන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනය වෙන්න කියලා.

  1. ස්වයං නිරෝධායනයට ලක් වෙන අය කරන්න ඕනි මොනවාද?
    තමන්ගේ නිවසේම ස්වයං නිරෝධායනය වෙන්න කියලා උපදෙස් ලැබුණු කෙනෙකුට ඉන්න වෙනම කාමරයක් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන, ජනෙල් අරින්න පුළුවන්, හොඳින් හිරු එළිය වැටෙන එකක් නම් තවත් හොඳයි. එහෙම වෙනම කාමරයක් දෙන්න බැරිනම් පුළුවන් තරම් අනිත් අයගෙන් ඈත් කරලා තියන්න ඕනි. එහෙම වෙලාවට එයාට නිදාගන්න අනිත් අයගෙන් වෙන් වෙච්ච තැනක් පිලියෙල කරලා දෙන්න ඕනි. පොදුවේ ඇදවල් පාවිච්චි කරන්න බැහැ.

 

5. ඒ වගේ අයට පොදුවේ ගෙදර අනිත් අයත් එක්ක භාණ්ඩ භාවිතය අවම කරන්න ඕනි.

තමන්ගේම පාවිච්චියට වෙනම පිඟානක්, කෝප්පයක්, තුවායක්, සබන්, පනාවක් වගේ දේවල් තියෙන්න ඕනි. මේ සති දෙක යනකල් කෑම කන්න වෙන්නේ කාමරය ඇතුලේ ඉඳන්.

ඒ වගේම නිරෝධායනය වෙන පුද්ගලයන් නිවසේ අනෙකුත් සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න බැහැ. කොටින්ම කතාබහ අවම කරලා, කතා කරන කොට අවම වශයෙන් මීටරයක පරතරයක් තියාගන්න ඕනි. සිප වැළඳගැනීම් තහනම්. ඒ වගේම තමයි නිවසට නෑදෑයන් හෝ වෙනත් පුද්ගලයන් පැමිණීම සහ ඔවුන් සමඟ කතාබහ සිදුනොකල යුතුයි.

ඉතා වැදගත් දෙයක් තමයි නිරෝධායනය වෙන පුද්ගලයන් නිතරම තමන්ගේ අත් සබන් යොදා හොඳින් පිරිසිදු කිරීම. ඒ වගේම ඔවුන් තමන්ගේ නහය, කට, ඇස් ඇල්ලීමෙන් වැලකිය යුතුය.

මෙම නිරෝධායනය වන පුද්ගලයාට පරිහරණය සඳහා වෙනම නාන කාමරයක් දෙන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි. එහෙම බැරි නම්, එම පුද්ගලයා පොදු නාන කාමරය නිවසේ අනිත් අය පාවිච්චි කරාට පස්සේ අන්තිමටම භාවිතා කල යුතුයි. ඔහු නාන කාමරයෙන් පිටතට ඒමට පෙර ටැප් එක, සින්ක් එක, දොර හැඩලය ආදී වෙනත් කෙනෙක් ස්පර්ශ කරන දේවල් හොඳින් සබන් යොදා පිරිසිදු කල යුතුයි. තුවාය පොදුවේ පරිහරණය නොකළ යුතුයි.

මෙලෙස නිරෝධායනයට ලක්වන පුද්ගලයන් තමන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවාදැයි නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය. මේ කාලයේ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව, ඇඟපත අමාරුව හෝ (කලාතුරකින්) බඩ බුරුල් වී යාමයි. නිරෝධායනය වන පුද්ගලයාට මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කරන්නේ නම් වහාම ඒ බව තමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට (MOH office) හෝ PHI මහත්තයාට දැනුම් දිය යුතුයි. ඉන් පසුව තමන්ට ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතුයි.

මෙලෙස නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ව අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට (MOH) සහ PHI මහත්තයාට නීතියෙන් බලය තිබෙනවා. නමුත් නීතිමය තත්ත්වය පසෙක තිබියදී මෙවැනි ක්‍රියාවලියකට හැකි උපරිම අයුරින් සහයෝගය ලබා දෙන එක මේ රටේ බුද්ධිමත් පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම බව ඔබට තේරෙනවා ඇති. මෙවැනි ස්වයං නිරෝධායනයට ලක්වන කෙනෙකු ඔබේ නිවසේ වාසය කරනවා නම් PHI මහත්තයා නිවසට පැමිණ හෝ දුරකතන ඇමතුමක් මඟින් ඔහුගේ විස්තර විමසන විට ඔවුන්ට උපරිමයෙන් සහය වන්න. ඔබේම සහ ඔබේ නිවැසියන් ගේ ආරක්ශාව සඳහා සැමවිටම සත්‍ය තොරතුරු ලබාදෙන්න.

ඔබේ නිවසේ මෙවැනි නිරෝධායනයට ලක්වන කෙනෙක් නොමැති නමුත් එවැනි අසල්වැසියෙක් ඔබට සිටිනවා වෙන්න පුලුවන්. ඉතිං ඒකේ තේරුම ඒ ගෙදර ලඟින්වත් යන්න හොඳ නැහැ, ඒ පැත්ත බලන්නවත් හොඳ නැහැ කියන එක නෙමෙයි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඇත්තටම එහෙම ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සමාජයට කරන්නේ සේවයක්. ඒ නිසා ඒ අයව නිරෝධායන කාලසීමාවෙන් පසුත් ආශ්‍රය නොකල යුතු ගණයට වැටෙන්නේ නැහැ හොඳේ ? එහෙම කටකතා සහ වැරදි ආරංචිවලට වැට බඳින එකත් මේ වෙලාවේ ඔයාලට කරන්න පුලුවන් ලොකු සේවයක්!

ඉතිං එහෙම නිරෝධායනය වෙන සමහර අය තනියම ගෙදර ඉන්නවා වෙන්න පුලුවන්. ඔවුන්ට උයාගන්න බඩු නැතිවෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට ඔයාලට උදව් කරන්න ඕනි නම්, ඔයාලාට දෙන්න බලාපොරොත්තු වෙන බඩු ටික එයාට දැනුම් දීලා ඒ ගෙදර ගේට්ටුව හෝ පඩිය උඩින් තියලා එන්න පුලුවන්. ඒ පුද්ගලයාව මුණගැහෙන්නේ නැතුව සහ ඒ ගෙදර ගේට්ටු, දොර එහෙම අල්ලන්නේ නැතුව. මතකයිනේ, මේ වෛරසය ගේට්ටු උඩින් , වැටවල් උඩින්, තාප්ප උඩින් පැන පැන එන්නේ නැහැ හොඳේ.

ඉතිං අපි මේ රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. මේ වසංගතය ඉවර වුන කාලෙක ඔබේ උපරිම සහයෝගයත් වසංගතය මැඩපවත්වන්න ලබා දුන්නා නේද කියලා ඔබටත් ආඩම්බරයක් දැනේවි! ❤
ස්තුතියි!

මූලාශ්‍ර:
1. http://www.epid.gov.lk/
2. https://www.bbc.com/…/healt…/coronavirus-how-to-self-isolate

වෛද්‍ය සුමුදු හේවගේ (MBBS, MSc and MD in Community Medicine)
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

කොරෝනා බෝවීමෙන් වගේම පැතිරීම අවම කරන්නත් තව තවත් දැනුවත් වෙමු

මේ වසංගත කාලයේදී ඔබේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේ ද සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි දේ බොහෝය. ඒ දේවල් ඔබේ දැනගැනීම පිණිස බෙදා ගමි. සියලු කරුණු විශ්වාසදායී පිළිගත් මූලාශ්‍ර මගින් ලබා ගත් දේවල් වේ. මෙම Corona වසංගතය වෛරසයක් හේතුවෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝ වන රෝගයක් බව ඔබ මේ වනවිටත් දන්නවා. එම රෝගය සෑදීම වලක්වාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් මෙසේය.

  1. අතවශ්‍ය නොවන සියලු ගමන් කල් දමන්න

ඔබට යම්කිසි කටයුත්තකට ගෙදරින් පිටට යෑමට අවශ්‍ය නම්, එම කටයුත්ත සතියකට දෙකකට කල් දැමිය හැකිදැයි බලන්න. ඇතම් විට මූල්‍යමය පාඩු සිදු වේවි. නමුත් ගෙදර කෙනෙක් ලෙඩ වුනොත් විඳින්න වෙන වේදනාවට මෙන්ම අපහසුතායට වඩා එම කටයුත්ත කල් දමන එක ඇගට ගුණදායකදැයි ඔබෙන්ම අසන්න. පිළිතුර ඔව් නම්, ගෙදරින් පිටවන්න එපා. අලුත් අවුරුද්දට ඇදුම්, බඩු මුට්ටු ගන්න යන එක වගේ ඒවා නම් අනිවාර්යයෙන්ම කල් දාන්න පුළුවන් දේවල්.

  1. කල් දැමිය නොහැකි අතවශ්‍ය ගමන් බිමන් අපි හැමෝටම තියෙන්න පුළුවන්

ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ගමනේදී පොදු දේවල් භාවිතය අවම කිරීම. පොදු ප්‍රවාහන සේවා, පොදු කෑම කන ස්ථාන, පොදු වැසිකිලි ආදිය. නමුත් හැමෝටම ඒක කරන්නත් බැහැ. ඔබට එම දේවල් භාවිත කරන්න සිදු වෙනවා නම්, වඩාත්ම හොඳම දේ තමයි නිරතුරුවම අත් සෝදන එක. සාමාන්‍ය සබන්වලින් අත සේදු විට මවෛරසය විනාශ වන බව පර්යේෂණ පෙන්වයි . එබැවින් අත් සේදීමට සබන් ප්‍රමාණවත්. ගමනක් යනකොට පොඩි සබන් කෑල්ලක් කොලේක ඔතාගෙන bag එකේ දාගෙන යන එක ප්‍රයෝජනවන් වේවි සින්ක් එකක් තියන තැනකදි පාවිච්චි කරන්න. සින්ක් එකක් හොයාගන්න බැරි වෙලාවකදී හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අත්‍ අපිරිසිදු (soiled) වී ඇත්නම් අනිවාර්යයෙන්ම සබන් යොදා සෝදාගත යුතුයි. හෑන්ඩ් සනිටයිසර් අනුමත කරන්නේ අතෙහි යම් දුවිලි හෝ අපිරිසිදු දේ පෙනෙන්නට නැති විට (visibly clean) ජීවානු හරණය සඳහා පමණයි.

  1. හෑන්ඩ් සනිටයිසරයක් /රබ්ස් යොදා ගන්නේ නම් කාර්යක්ෂම ජීවානුහරනයක් සඳහා අවමයෙන් 70% ක ඇල්කොහොල් එහි අඩංගු විය යුතුයි.
  2. ගමන අතරතුරදී හැකි තරම්, අවම වශයෙන් මීටරයක දුරක්, අනෙක් පුද්ගලයන් හා ඔබ අතර පවත්වාගන්න. මෙය ගොඩක් වෙලාවට අපේ රටේ කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් හැකි හැම විටම කරන්න උත්සාහ ගන්න. එසේම වෙනත් කෙනෙක් සමග අතට අත දීමෙන් වලකින්න.
  3. මුහුණු ආවරණ දැමීම

ඔබට කිසිම රෝග ලක්ෂණක් නැතිනම්, මුහුණු ආවරණ දාන එක නොදාන එකට වඩා සමහරවිට අවදානම් වේවි. මොකද නුහුරු බව නිසා නිතරම එය අල්ලන්නට යෑම, මූණ වෙනදාටත් වඩා ඇල්ලීම වැනි දේවල් නිසා. කොහොමත් නිරෝගී අය සාමාන්‍ය ගමනකදී මුහුණු ආවරණ දැමීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබට රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඔබ රෝගියෙකුව රැක බලා ගන්නවා නම් එය පාවිච්චි කරන්න නිර්දේශ කරනවා. නිවැරදිව එය භාවිත කරන හැටි youtube video බලලා ඉගෙන ගන්න පුළුවන්. මුහුණු ආවරණයේ පටිවලින් අල්ලලා තමයි කන දෙපැත්තට දාගන්න ඕනි. එකේ නහයේ මුදුනින්ම තැන විතරක් තද කර හොඳින් සවිකරගන්න. ගලවද්දිත් පටිවලින් අල්ලලා ගලවලා කුණු බාල්දියට දාන්න ඕනි. මුහුණු ආවරණයේ ඉදිරිපස අතින් අල්ලන්න එපා. මොකද එකේ විෂබීජ රැඳිලා තිබුනොත් ඒ ටික ඔයාගේ අතට එන්න පුළුවන් නිසා. කොහොමත් එය පැලඳගන්න පෙර සහ ගැලවුවාට පසු අත් සබන් දාලා සෝදන්න. මේ විදිහට තැතුව නිකං මුහුණු ආවරණ පාවිච්චි කරන එක නොකරනවට වඩා අවදානම්, ඔබ රෝගියෙක් නෙමෙයි නම්.

  1. ගමන අවසන් වී නිවසට පැමිණි වහාම

ගමන අවසන් වී නිවසට පැමිණි වහාම වෙනත් කෙනෙක් හෝ දෙයක් අල්ලන්න කලින් සබන් දාලා හොඳට අත් සෝදාගන්න. ගෙදර වත්තේ හෝ එලියේ ටැප් එකෙන් සෝදන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට දොර අල්ලන්නත් පෙර සිටම අත පිරිසිදු වෙන නිසා. එහෙම එලියේ ටැප් නැත්නම්  ඔබ දොර ඇල්ලුවාට පසු දොරේ ඇල්ලූ තැන විෂබීජහරණය කරන්න.

  1. පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් ගිහින් ආවම රෙදි සෝදන හැටි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව සාමාන්‍ය සබන් හෝ ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන ඩිටර්ජන්ට් පව්ඩර් යොදා රෙදි සෝදා වියලා ගැනීම ප්‍රමාණවත්. මතක තබාගන්න හිරු එළියේ ඇති පාර ජම්බුල කිරණ කදිම විෂ බීජ නාශකයක්. රෝගීන්ගේ ඇඳුම් පවා සේදීමට අප දෙන උපදෙස්ද මෙම උපදෙස්මය . එකම වෙනස ඔවුන් සඳහා යන්ත්‍රයේ සෝදන්නේ නම් උපදේශය අංශක 60 -90 අතර වන ජලයේ සාමාන්‍ය ඩිටර් ජන්ට් දමා සෝදා හොඳින් වියලා ගන්නා ලෙසය.

  1. මුදල් නෝට්ටුවලින් මෙම විෂබීජය පැතිරෙන්න පුළුවන් ද

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුදල් නෝට්ටු හරහා මෙම විෂබීජය පැතිරෙන්න ලොකු අවධානමක් නැහැ කියලයි. ඒකට හේතුව ඔබේ අතේ සම හරහා මෙම විෂබීජය ශරීරගත වීමට ඇති හැකියාව අවම වීමයි. නමුත් ඔබ මුදල් අල්ලලා අත් සෝදන්නේ නැතිව මූන, නහය, කට ඇල්ලුවොත් වැරදිලා හරි අර විෂබීජය මුදල් නොට්ටුවල තිබිලා ඔබේ අතට ඇවිත් තිබුනොත් ඔබට එය ශරීරගත වීමේ අවදානමක් තියනවා. ඒ නිසා මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් පසු හොඳින් සබන් යොදා අත් සේදීම ඉතාම වැදගත්. එතකල් මූන අල්ලන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙන්න ඕන.

  1. ඔබට කිවිසුම්ක් යනවිට හෝ කහින විට

ටිෂූ කඩදාසියක් නැතිනම් ඔබේ වැලමිටෙහි ඇතුළු පැත්තෙන් ඔබේ නාසය සහ කට ආවරණය කරගන්න. වෙනදා වගේ කහින කොට අත මගින් එය ආවරණය කරන්නේ නැතුව වැලමිටේ ඇතුළු පැත්ත පාවිච්චි කරන්න කියන්නේ වැරදිලා හරි ඔයාගේ අතේ විෂබීජය තිබුනොත් කහින වෙලාවට ඔයා අත කටට ළං කරොත් ඒ විෂබීජ ඔයාගේ අතෙන් කටට/නහයට යන එක වලක්වගන්න. වැලමිටේ ඒ විෂබීජ රැඳෙන්නේ නැති තරම්. ඒ වගේම එමගින් අනෙක් අයට ඔබේ කිවිසුම හෝ කැස්ස සමග එලියට එන බිඳිති ආශ්වාස වීම වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් ටිෂූ පාවිච්චි කරානං ඒවා නිසි පරිදි කසල භාජනයකට දමන එක. මහමග හැම තැනම ලංකාවේ කසල භාජන නැති නිසා, ඔබේ ගමන් මල්ලේ ඒ සඳහා වෙන්වුණු කවරයක් තියාගත්තොත් ලේසි වේවි. ගෙදර ආවාම එය කසල බඳුනට දමන්න පුළුවන්.

  1. නිරෝධායනය

මේ වචන ඔබට මේ වනවිට බොහොම හුරු ඇති. ඒත් ඉරිදා රූපවාහිනී වැඩසටහනක සාමාන්‍ය මිනිස්සු නිරෝධායනය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දුන්න උත්තර ඇහුවම ඒ ගැන වැඩි අවබෝධයක් ගොඩක් අයට නැති බව හිතුනා. නිරෝධායනය කියන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන, නමුත් විෂබීජය ඇඟට ඇතුළු වී ඇතයි සැක කරන කෙනෙක්ව අනෙක් අයගෙන් වෙන්කොට තැබීමයි. මෙහිදී ඔවුන්ට කිසිසේත්ම බලහත්කාරයෙන් ප්‍රතිකාර කිරීමක් සිදු නොවේ. එසේ කිරිම අවශ්‍ය නොවන්නේ ඔවුන් රෝගීන් නොවන නිසා. ඔවුන්ට කන්න බොන්න වෙනදා වගේම අනෙක් වැඩ කරන්න පුළුවන්. බැරි එකම දේ ඔවුන්ට පනවා ඇති සීමාවෙන් එළියට යෑම පමණයි. එහෙම කරන්නේ ඔවුන්ට යම් කාලයක් තුළදී (කොරෝනාවලට නම් සති දෙකක්) රෝග ලක්ෂණ හැදෙනවා දැයි නිරීක්ෂණය කිරීමට සහ අනෙක් අයට එම විෂබීජය පැතිරීම වළක්වා ගැනීමටයි. එසේ රෝග ලක්ෂණ නොපෙන්වන අයට සති දෙක අවසානයේ සෞඛ්‍ය උපදෙස් දීලා ගෙවල්වලට යන්න දෙනවා.

  1. ස්වයං නිරෝධායනය

යම් කෙනෙක්ට ඉහත නොම්මර 9න් විස්තර කළ දේම වෙනත් කාගේ හරි , ඒ කියන්නේ හමුදාව හෝ වෛද්‍යවරුන්ගේ හෝ අධීක්ෂණයක් නොමැතිව තමන්ටම කරගන්න කියලා ගෙදර යවන එක. එතකොට ඔයාලා හරියට හැසිරෙනවද කියලා පොලීසිය වගේ බලන්න කවුරුවත් නැහැ. ඔයාලා තම තමාගේ සමාජ වගකීම හිතට අරගෙන වැදගත්, යමක් කමක් තේරෙන වැඩිහිටියන් විදිහට හැසිරෙයි කියලා එතනදී බලාපොරොත්තු වෙනවා.

  1. පිටරට සිට පැමිණි හෝ වෙනත් හේතු මත පරීක්ෂාවට ලක් කිරීම

රට ඉඳලා ආපු හරි නැත්තං වෙනත් හේතුවක් නිසා හරි කෙනෙකුව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සෞඛ්‍ය සේවකයන් විසින් නිරීක්ෂණයට ලක් කරනවා නම් ඒකෙ තේරුම එයාට කොරෝනා හැදිලා කියන එක නෙමෙයි. සමහර අයව අපි නිවෙස්වලට ගිහිල්ලා පරීක්ෂා කරල බලනවා. ඒ වගේ වෙලාවකදී කටකතාවලට ඇහුම්කන් නොදී ඉන්න එකත්, කටකතා පතුරවන්නේ නැතුව ඉන්න එකත් ඔයාලාගේ වගකීමක්. මේ වෛරස එක තාප්ප උඩින්, වැටවල් උඩින් පැන පැන එන්නේ නැහැ. ඒ වගේම එහෙම ස්වයං නිරෝධායනය ලක් වෙච්ච කවුරු හරි ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්නවා නම් සමහරවිට එයාලට කන්න බොන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඒ අය දවසේ පඩි ගන්න අය එහෙමත් නැත්තං ආර්ථික අපහසුතා තිබෙන අය වෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියන කෙනෙකුට ඔයාලට උදව්වක් කරන්න හිතෙනවා නං කෑම ටිකක් හදලා නැත්තං උයාගන්න බඩු ටිකක් පැක් කරලා ගෙදර ගේට්ටුව ළඟින් නැත්තං ගෙදර පඩිය උඩින් තියලා එන්න පුළුවන්, එයාලව මුන ගැහෙන්නේ නැතුව.

  1. විශ්වසනීය තොරතුරු පමණක් ලබාගන්න

මේකත් හරිම වැදගත් දෙයක්. විශ්වසනීයත්වයෙන් තොර, මූලාශ්‍රය කොහෙද කියලා හිතාගන්න බැරි තොරතුරු පැතිරවීමෙන් වැළකිය යුතුයි. ගොඩක් වෙලාවට මෙහෙම එන පණිවිඩවල මූලාශ්‍රයක් සදහන් වෙන්නේ නැහැ. එහෙම නැත්තං ඔයාලා හොඳින් කල්පනා කරලා බලන්න මේ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද කියලාවත්. තමන්ට ඒ දේවල් 100% විශ්වාස නැත්තං අනිත් අය එක්ක බෙදාගන්න එපා. ඔයාලාට කොරෝනා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් 117 කියන අංකයෙන් විස්තර දැනගන්න පුළුවන්.

  1. ඔබට/ඔබේ පවුලේ කෙනෙකුට මෙම වෛරස් ආසාදනය වී ඇතැයි සැක සිතේ නම්,

කරුණාවෙන් ඉල්ලන්නේ රජයේ රෝහලකටම යන්න කියලා. හේතුව පෞද්ගලික රෝහල්වලට තවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය දීලා නැහැ අවශ්‍ය පරීක්ෂණ කරන්න (PCR පරීක්ෂාව). දැනට රජයේ තෝරාගත් රෝහල් කිහිපයක පමණයි මෙම පරීක්ෂාව කරන්නේ. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා රූපවාහිනී වැඩසටහනක කිව්වා එක් පෞද්ගලික රෝහලක් මෙම පරීක්ෂණය කරලා තියනවා කියලා අවසරයක් නොමැතිව. ඒ රෝගියා පරීක්ෂණය පොසිටිව් කියලා දැනගෙනත් දවස් කිහිපයක්ම තැන තැන ඇවිදලා තමයි අන්තිමට රජයේ රෝහලකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ ඔබට මුදල් තිබුන පලියටම පෞද්ගලික රෝහල්වලට යන්න එපා. රජයේ රෝහලකට යන්න. ප්‍රතිකාර සඳහා හඳුනාගත් රෝහල් 17 මේ සමග අමුණා ඇති පින්තූරයේ තියනවා.

මම හිතන්නේ ඔයාලට දැන් තරමක් දුරට තේරෙනවා ඇති මේ වසංගතය පාලනය කරන්න ඔයාලා හරියට හැසිරෙන්නේ නැත්තං ආණ්ඩුවට විතරක් හරි, සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් හරි බැරි ඇයිද කියලා. ආණ්ඩුව අරක කරේ නැහැ, මේක කරේ නැහැ කියලා හරි, රට ඉඳන් ආපු අය නිසා තමයි මේක උනේ කියලා හරි බැන බැන ඉන්නවට වඩා මේ වෙලාවේ ඔයාලට කරන්න ගොඩක් දේවල් තියනවා. (පහුගිය සති අන්තයේ තමන් හිටියේ කොහේද කියලා හිතලා බැලුවොත් සමහරවිට තේරේවි තමන් අතිනුත් වැරදි දේවල් වෙලා තියනවා කියලා!) මේ අසීරු අවස්ථාවේ දී අපි දන්න අයට ඒ ඒ තීරණ ගන්න ඉඩ දීලා අපිට පුළුවන් උපරිමයෙන් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න උදව් වෙමු. තනි තනිව අපිට කළ හැකි හොඳම දේ කරලා මේ වසංගතයෙන් රටක් විදිහට ගොඩ එමු! සමාජ වගකීමක් සහිත පුරවැසියන් විදිහට මේ රටට යුතුකම ඉටු කරමු..!

වෛද්‍ය සුමුදු හේවගේ
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

දුවට පුතාට එන්නත් ලබා දෙන්න ඔබේ හි තටත් බයයිද?

0

දරුවන්ට ලබා දිය යුතු එන්නත් පිළිබඳව අසාමාන්‍ය බියක්, ඇතැම් මව්වරුන් තුල තිබෙනවා. අපි ඒ බිය තුරන් කරගන්න, එන්නත් සහ අතුරු ආබාධ පිළිබඳව දැනුවත් වෙමු. එන්නත් සහ අතුරු ආබාධ ගැන වැඩිදුර විස්තර අපි විමසුවේ, එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන්. Sri Lanka immunization schedule

පිරිසිදු කාරක අඟුරු කියන්නේ අපට අලුත් දෙයක් නෙමෙයි නේද? ඒත් මේක නම් අලුත් දෙයක්!

කිව්වත් වගේම අඟුරු කියන්නේ අපි කොයි කවුරුත් දන්න දෙයක්. අඟුරු පිරිසිදු කාරකයක් විදියට කාලයක් තිස්සේ භාවිත කෙරෙනවා. අපි කාටත් මතකයි අලුත් අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කරද්දී ආච්චි අම්මා අඟුරු අහුරක් ළිඳට විසි කරනවා. ඒ ඇයි කියලා ආච්චි අම්මාගෙන් ඇහුවම එයා කිව්වේ වතුර පිරිසිදු වෙන්න කියලා. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි භාජන පිරිසිදු කරන තැනත් කුඩු කරපු අඟුරු භාජනයක් තිබුණා. භාජන හොඳින් පිරිසිදු වෙන නිසා ඒ කටයුත්තටත් අපේ අම්මලා, ආච්චිලා අඟුරු පාවිච්චි කළා.

අඟුරු වලින් කොයි තරම් නම් ප්‍රයෝජන ගත්තද කිව්වොත් දත් සුදු කරගන්න වගේම මුහුණ පිරිසිදු කරන මාස්ක් එකක් විදියට පවා යොදා ගත්තා. අතීතයේදීත් සම පිරිසිදු කරන්න අඟුරු යොදා ගන්න මූලිකම හේතුව වුණේ අඟුරු සම ඇතුළතින්ම පිරිසිදු කරන නිසයි. මේ දේවල් අහලා දැකලා අඟුරු කියන්නේ නම් අපිට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. ඒත් දැන් අපි මේ කියන්න යන්නේ අඟුරු හා සම්බන්ධ අපි නොදන්න අලුත් දෙයක් ගැන කතාවක්.

දඟ පොඩ්ඩෝ ඉන්න අම්මලා විදිහට එයාලා දවසින් දවස ලොකු වෙද්දී එයාලව එළිමහනට යවලා ඕන දේකට ඔට්ටු වෙන්න දෙන එක අපිට අභියෝගයක් නේද? ඒ වගේම එයාලගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් එයාලව පරිසරයට සම්බන්ධ කරන්න අවශ්‍යමයි. මඩ ගාගන්නවා, දූවිල්ල නානවා කියලා මේ දරුවන්ගේ ක්‍රියාශීලී ජීවිතයට බාධා කළොත් එයාලගේ ශාරීරික වගේම මානසික සංවර්ධනයටත් ඒ බලපෑම් අහිතකර වෙන්න පුළුවන්. එයාලට ඕනෑ දේකට ඔට්ටු වෙන්න ඕනෑ කරන ආත්ම ශක්තිය ලැබෙන්නේ ඒවායින් තමයි.  ඒ වගේම තමයි පාසැල් වයසේ දරුවෝත් එක එක විදියට පරිසරයට නිරාවරණය වෙනවා වැඩියි. ක්‍රීඩා කටයුතු, අමතර පන්ති, පොදු ප්‍රවාහන යන ගමන් බිමන් නිසා මේ දරුවන් කුණු, දූවිලි, විෂබීජ වලට නිරාවරණය වීම සම්බන්ධ ලොකු ගැටලුවක් අම්මලාට තියෙනවා. අම්මලා විදියට අපි මේ ගැටලු නිසා දරුවන්ගේ ක්‍රියාකාරකම් නතර කරන එක නම් දරුවන්ගේ ඉදිරි ගමනට සුදුසු නැහැ. එහෙමයි කියලා දරුවන් නිතර අසනීප වෙනවා දකින්නත් අම්මලා විදියට අපි කොහෙත්ම කැමති නැහැ. මඩේ දූවිල්ලේ අව්වේ නටලා ආපු දරුවෙක් කොච්චර ඇඟ හේදුවත්  නෑවත් අම්මා කෙනෙක්ගේ නම් හිතට මදි.

මේකට විසදුමක් නැද්ද?

ඇයි නැත්තේ. දැන් ඕනෑම වයසක දඟ පොඩ්ඩෙක්ගේ සම ඇතුළතින්ම පිරිසිදු කරන්න අලුත්ම පිළියමක් වෙළඳ පොළට ඇවිත්. ඒ තමයි Shield (ශීල්ඩ්) සබන් කැටය.

Shield (ශීල්ඩ්) සබන් කැටයේ තියෙන විශේෂත්වය මොකද්ද?

හොඳට සෙල්ලම් කරන දරුවෝ ඉන්න අම්මලා කැමති ඔවුන්ගේ සමේ රැඳෙන විෂ බීජ විනාශ වෙන, ඇතුළතින්ම පිරිසිදු වෙලා සම්පූර්ණ පිරිසිදු බවක් එක් කරන පිරිසිදු කාරකයකට. එහෙම නේද? අපි කලින් කිව්වත් වගේම මේ වෙනුවෙන් අතීතයේ ඉඳලම අපට හුරු පිරිසිදු කාරකයක් වුණේ අඟුරු. ඇක්ටිව් චාකෝල් (Active Charcoal) අන්තර්ගත කරමින් නිපදවුණු විශ්වාසනීය නවතම නිෂ්පාදනයක් වන Shield සබන් කැටය දැන් අපි කාටත් වෙළඳ පොළෙන් මිලට ගන්න පුළුවන්.

අපි එදිනෙදා භාවිත කරන බොහෝමයක් සබන් වර්ග වලින් සමේ මතුපිට පමණක් පිරිසිදු වුණත් ශීල්ඩ් සබන් කැටයේ ඇක්ටිව් චාකෝල් අන්තර්ගත නිසා සම ඇතුළතින්ම පිරිසිදු කරනවා. විෂ බීජ, කුණු, දූවිලි  ඇතුළතින්ම (3600කින්ම) පිරිසිදු කර ඉවත් කරන නිසා දරුවන්ගේ පිරිසිදු බව පිළිබඳව අනගි සහතිකයක් අපේ අම්මලාට ලැබෙනවා.  Shield සබන් නිසා සෙල්ලම් කරලා, ඉස්කෝලේ ගිහිල්ලා, පන්ති ගිහිල්ලා හෝ  විවිද පුහුණු කටයුතු වල යෙදිලා වෙහෙස මහන්සි වෙලා එන අපේ දරුවන්ට සම්පූර්ණ පිරිසිදු බව සමගින් සුවදායි බවක් ලැබෙනවා. ඇක්ටිව් චාකෝල් අන්තර්ගත Shield සබන් කැටය මුහුණට පමණක් නොව මුළු සිරුරටම භාවිත කළ හැකියි. දරුවන්ට විතරක් නෙවෙයි Shield සබන් කැටය පවුලේ කොයි කාටත් පාවිච්චියට සුදුසුයි. ඇක්ටිව් චාකෝල් අන්තර්ගත Shield සබන් කැටයට දඩි බිඩි දඟ වයසේ, ඕනෑ දේකට ඔට්ටු  දරුවෝ ඉන්න කොයි අම්මත් කැමති වේවි.