මේ විවේක කාලය ගෙවන්නේ කොහොමද…?

මේ දවස්වල හැම අම්මා,තාත්තා කෙනෙක්ම කතා කරන්නේ අනේ..හරිම කම්මැලියි. ගෙදර ඉදලා එපා වෙනවා කියන පොදු අදහසයි.

තවත් සමහර අය මේ විදිහට කියනවා..කනවා..නිදියනවා..ටී.වී බලනවා…ආයෙත් කනවා නිදියනවා..ඒ වගේම මේ අයම තමයි පහුගිය කාලයේ අනේ ඉතිං කන්තෝරුවයි..ගෙදරයි..කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැහැ.කොටින්ම කියනවා නම් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියල මැසවිල්ල කිව්වේ..එහෙම කියපු අයම දැන් කියන්නේ විවේකය වැඩියි..කම්මැලියි..කියන අදෝනාවයි.

ඒත් දැන් කාලයේ විවිධ රාජකාරි සමග යෙදී ආර්ථිකය ගලපා ගත් නිසා මේ විදිහට කිව්වත් අතීතයේ අපේ ජනජීවිතය බැදී තිබුනේ මේ රටාව මතයි.තාත්තා වත්ත,පිටිය සහ කුඹුරු ගොවිතැන් සමග ගැටුනම අම්මා දරු මල්ලන් බලා ගෙන තාත්තාගේ වැඩටත් සම්මාදම් වෙලා ජීවිතය ගෙව්වා.ඒ අය හොදට හුස්ම ගත්තා.ඒ වගේම විවේකයට වෛර කලෙත් නැහැ.

දැන් ඔන්න ඉස්සර හුස්ම ගන්නවත් වෙලාවක් නොතිබුන,දරුවන් සමග එකට ආහාරයවත් බුදින්න අවසර නොතිබුන දෙමව්පියන්ට හොඳම විවේකයක් ඇවිත්.අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදෙන පිරිස හැර බොහෝ උදවිය තමන්ගේ නිවෙස්වල.ස්වයං ආරක්ෂාව වෙනුවෙන් පිටස්තර තැන්වල ගමන් බිමන් සහ චාරිකාවනුත් නැවතී ඉතාම සරල විදිහට දරුවන් සමග කාලය ගෙවන්න දැන් ඔබට කිසිම බාධාවක් නැහැ.එහෙමනම් මේ කාලය ගෙවන්නේ කොහොමද…?

අවුරුදු මානසිකත්වයෙන් නම් අපට මේ තිබෙන වසංගත රෝග තත්වය නිසා ටිකක් දුරස් වෙන්න වේවි.ඒ වුනත් කඩිමුඩියේ සිංහල අලුත් අවුරුද්ද නිසා ගෙවල් දොරවල් අස් පස් කරන සහ පිරිසිදු කරන අයට දැන් ඒ වෙනුවෙන් විවේකය ලැබිලා තිබෙනවා.වෙනදා අම්මා විතරක් තනියම කරන ලද මේ කටයුතු වෙනුවෙන් දරුවන්ගේත් සහයෝගය ලබා ගන්න පුලුවනි.තාත්තාගේ වුනත් උදව් කබා ගන්න මේ වගේ කාලයක් නම් නැවත ලැබෙන්නේ නැහැ.

  • අල්මාරිය අස් කරන්න..

අපේ අම්මලාට අල්මාරිය අස් කර ගැනීමටත් ඇත්තටම වෙලාවක් ඕන.දරුවන්ගේ අදින්න බැරි ඇදුම් ඉවත් කරන්න.ඒවා හදා ගෙන නැවත පාවිච්චි කරන්න පුලුවන් නම් ඒවා අදාල මිම්මට අනුව සකස් කිරීමට මේ විවේකය හොඳින්ම යොදා ගන්න පුලුවනි.

  • උයන පිහන කටයුතුවලට සහය

පාසල් යන්නයි..පංති යන්නයි නිසා කුස්සිය පැත්තට එන්නවත් වෙලාවක් නැති දියණිය දැන් මුළුතැන්ගෙට ගෙන්වා ගන්න හොඳම කාලය ඇවිත්.දුවට විතරක් නොවෙයි,පුතාටත් කුස්සිය නරක නැහැ.ඒ නිසා අම්මා උයන විට අත්උදව් ගන්න මේ කාලයේ දරුවන් සම්බන්ධ කර ගන්න පුලුවනි.ඒ වගේම අමුද්‍රව්‍ය පිරිමහගෙන පාවිච්චි කරන්න අවශ මේ කාලයේදී විවිධ ආහාර අත්හදා බැලුවේ නැතැත් කමක් නැහැ.නමුත් වේලට හදන ආහාර රටාවත් දැන් වෙනස් කරන්න පුලුවනි.ඇයි ඉස්සර කිව්වේ වෙලාවක් නැහැ කියලනේ.දැන් වෙලාව තිබෙනවා.ආප්ප..තෝසේ..පිට්ටු සහ ඉදිආප්ප වගේ එදා වෙලාව නැහැ යන ලේබලයෙන් ඈත් කරපු වෙනස් දේවල් දැන් හදන්න පුලුවනි.මේ ආහාර නිසා එළවලු ,මස්,මාළු ගැන තිබෙන අඩුපාඩුත් මැකෙනවා.තවත් පැත්තකින් ඒකත් ලොකු දෙයක් නොවෙයිද..?

  • මල් වගේම එළවලු පැල..

බොහෝ දෙනෙක් එලවලු වගේම මල් පැල වගාවේ පටන්ගත්ත උනන්දුව නොදැනීම බාල වෙනවා.ඒකට හේතුව විවේකය නැති වීම බව ඇත්ත.ඉදහිට ලැබෙන විවේකයේදී මේවා හැදුවත් එයින් පසුව සාත්තු කරන්න වෙලාවක් නැහැ.දැන් අතපසුවුන මේ වැඩකටයුතු පටන් ගන්න.ඒ වගේම වත්ත පිටියේ එලවලුවක් තිබුනොත් ලැබෙන වාසිය මේ දවස්වල නම් හොදටෝම තේරෙන්නත් ඇති නේද..?ඉතින් අනේ කම්මැලියි නොකියා ඉවත දමන පොහොර උරයක හෝ වෙනත් මල්පෝච්චි හෝ ගැලපෙන දෙයක එළවලුවක් වගා කරන්න ඔන්න අවසර තිබෙනවා.

  • ඇදුමක් මහන්න..

දරුවා උපන් වෙලාවේ ලැබුන රෙදි සේරම අල්මාරියේ.දැන් පැටියා ඉස්කෝලෙත් යනවා.මහන්න වෙලාවක් තිබුනේ නැතුව රෙදි දැන් මදිත් වෙලා.එහෙමනම් දැන් පටන් ගන්න.ඒ විතරක් නොවෙයි.කොට්ට උරයක් දෙකක් මලක් මහලා ලස්සන කරලා හැඩ බලන්නත් බැරි කමක් නැහැ.

  • දරුවන්ගේ අධ්යාපන වැඩකටයුතුවලට උදව් වෙන්න..

ඔබේ පැටියාගේ ඉගෙණුම් කටයුතුවල බොහොම අඩුපාඩු ඔබ දැන සිටියත් ඒ වෙනුවෙන් උදව් වෙන්න මෙච්චර කාලයක්ම වෙලාවක් තිබුනේ නැහැ.එය බොහොම සාධාරණයි.ඒ වුනත් දැන් හොදම වෙලාව ඇවිත්.අකුරු ගලපලා කියවන්න අපහසු පැටියාට පින්තූර ඇසුරු කර ගෙන යමක් කියවන්න උදව් වෙන්න.ඉස්පිලි ,පාපිලි මග හරින පැටියාට බොහොම සෙමින් ඒ වෙනුවෙන් කාලය අරගෙන කියා දෙන්න දැන් වෙලාව තියෙනවා.දවසට පුංචි වෙලාවක් අරගෙන හැමදාම මේ උදව් ලබා දුන්නාම නැවත පාසල පටන් ගනිද්දී පොඩ්ඩාගේ ඉගෙණුම් අඩු පාඩු නොදැනීම මග හැරේවි.

සෙනෙහසේ මුදු පහස ඔබේ පුංචි පැටියාට විශ්වාසයෙන් ලබාදෙන්නේ කවුරුන්ද?

උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් පෙරුම් පුරන ඕනෑම අම්මා කෙනෙකුගේ එකම පැතුම නිරෝගී දරු පැටියෙක්. ඒ වෙනුවෙන් අම්මා හැම කැප කිරීමක්ම කරනවා. අන්න ඒ නිසයි පුංචි පැටියා අම්මාගේ කුසේ ඇති දැඩි වෙන කාලේ ඉඳම පැටියා වෙනුවෙන් බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නේ.

වැඩි සුවඳක් ඇති සුවඳ විලවුන් වර්ග, නිය ආලේපන වර්ග සහ සබන් වර්ග ටිකෙන් ටික අම්මාගේ ජීවියෙන් ඈත් වෙන්නේ නොදැනුවත්වම වගේ. ඒ මුකුත් නිසා නෙවෙයි, කුසේ වැඩෙන පුංචි පැටියට මේ දේවල් වලින් අහිතකර බලපෑමක් වෙයිද කියන බය අම්මාගේ හිතේ තියෙන නිසා.-

අම්මා එයාගේ සුපුරුදු ජීවන රටාවෙන් ඈත් වෙනවා ව‍ගේම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්නත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඒ ගැන සොයා බලනවා. දැනුවත් වෙනවා. ඉතිං පුංචි පැටියා වෙනුවෙන් තෝරාගන්නා පුංචිම පුංචි දේකත් නියම තත්ත්වය වගේම විශ්වසනීය බවත් සහ ප්‍රමිතිය ගැනත් අම්මා සැලකිලිමත්. ඒ ‍වෙනුවෙන් නිවැරදිම තීරණය ගන්න හැම අම්මා කෙනෙක්ම දක්ෂයි. අන්න ඒ නිසාම තමයි විශ්වාසනීය වෙළඳනාමයක් යටතේ වෙළඳපොළට එන නිෂ්පාදනම පුංචි පැටියා වෙනුවෙන් තෝරගන්න අම්මා කෙනෙක් තීරණය කරන්නේ. බේබි ෂෙරමි නිෂ්පාදන හැම අම්මා කෙනෙක්ගේම පළමු තේරීම වන්නේ ඒ නිසයි.

සෙනෙහසේ මුදු පහස වෙනුවෙන් බේබි ෂෙරමි ක්‍රීම් ඔබේත් පළමු තේරීම විය යුත්තේ පුංචි පැටියට දෙන්න ඕනේ හොඳම දේ නිසයි.

බේබි ෂෙරම් ක්‍රීම්

  • බිලිඳු සමට හිතකරයි

පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි බිලිඳු සමට අහිතරක ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසාම බේබි ෂෙරමි ක්‍රීම් පුංචි පැටියාගේ සමට හිතකරයි. 

  • පුංචි පැටියාගේ සම වෙනුවෙන්ම සැකසී ඇත

පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ක්‍රීම් පැටියා‍ට හොඳම දේ සොයන අම්මලාගේ පළමු වන තේරීම වන බව නිසැකයි.

  • මුදු සුවඳ මුසුව සැකසී ඇත

සෙනෙහසේ සුමුදු පහස බොහොම මුදු නිසාම බේබි ෂෙරමි ක්‍රීම් පුංචි පැටියා වෙනුවෙන්ම ඉතාම මුදු සුවඳකින් යුක්තව සැකසී තිබෙනවා. සැර සුවඳ නිසා පුංචි පැටියා නොසන්සුන් වී චර්යාත්මක ගැටලු ඇති විය හැකි බව දන්නා නිසාම අම්මා කෙනෙක් මුදු සුවඳ පැටියා වෙනුවෙන් තෝරාගන්න දෙපාරක් හිතන්නේ නැහැ.

බේබි ෂෙරම් ක්‍රීම්, බිලිඳු සමට සුමුදු බව සායනිකව සනාථ කර ඇත. පුංචි පැටියාට හොඳම දේ දෙන අම්මලාගේ තේරීම වන බේබි ෂෙරමි ක්‍රීම් නැණවත් මව්වරුන්ගේ මුල්ම තේරීම වන්නේ ඒ නිසයි

එකට ගත හැකි සහ නොගත යුතු ආහාර

අපි ආහාර පිළියෙල කර ගැනීමේදී විවිධ සංයෝගවලින් ආහාර පිළියෙල කර ගැනීමේ කලාව අතීතයේ පටන්ම ඉතාම ජනප්‍රියයි. ඒ නිසාම විවිධ විදිහට අත්හදා බැලීම් වෙනුවෙන් යොමු වෙනවා. අලුත් දේ වෙනුවෙන් යොමු වුනත් ඒවායේ ගුණාගුණ ගැනත් දැන ගෙන හිටියොත් වඩාත් අගෙයි නේද..?

උදේ ආහාරය පුංචි පැටියට වඩාත් හොඳින් දෙන අදහස හැම දෙමව්පියෙක් වෙනුවෙන්ම සාධාරණයි.ඒ නිසා අද බෙහෝ දෙමව්පියන් උදේ ආහාරය වෙනුවෙන් ඕට්ස් සකස් කරනවා. හැබැයි එදාට දොඩම් යුෂ වීදුරුව කපා හරින්න.දොඩම් බිව්වොත් එහි තිබෙන ආම්ලික බව නිසා පිෂ්ටය අවශෝෂණය පමා කරනවා.

ඒ වගේම කෙසෙල් සමග කිරි එක අවස්ථාවකදීම ලබා දෙන්න එපා. මේ වර්ග දෙකම පෝෂණයෙන් ඉහල නිසා ජීරණය පිළිබඳ ගැටළු ඇති වෙන්න පුලුවනි.

තක්කාලි සුප් බිව්වොත් ඒ සමග චීස් අතිරේකත් එපා. තක්කාලිවල ඇති අම්ලගතිය චීස් සමග ප්‍රතික්‍රියා කරන නිසා දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුලුවනි.

 නිවිතිවල ඇති ඔක්සලේට් කිරි සමග ප්‍රතික්‍රියා කරන නිසා මේ සංයෝගයත් ගැලපෙන්නේ නැහැ. බේකන් සහ බිත්තර එකම වේලාවට ලබා දෙන්න එපා. පැටියාගේ ඉල්ලීම සහ පෙරැත්තය ගැනට වඩා මේ ආහාර දෙකම එකට ගැනීම සුදුසු නැහැ.

අපි ගෙදර දොරේ පුංචි පැටවුන්ට කන්න බොන්න දෙන්නත් පිලිලෙත් තියෙනවා.දෙමව්පියන් විදිහට අපේ කැමැත්ත තියෙන්නේ කොහොම හරි දරුවාට කවා පොවා ලොකු මහත් කරන්නයි. ඒත් මේ ආහාර ඔබත් නොදැනීම දරුවාට අපථ්‍ය හෙවත් නොගැලපෙන්න ඉඩ තියෙනවා. ඒ දරුවාගේ වැරැදද්ක් නොවෙයි, ආහාර ජීරණ පද්ධතියෙන් ලැබෙන පනිවිඩයක්. ඒ නිසා පවුලේ අයට ආහාර ලබා දෙන විට ටිකක් අවදානය දැක්විය යුතු කරුණුත් කීපයක් තිබෙනවා.යෝගට් පුංචි පැටවුන්ට නිතරම ලබා දෙන අහාරයක්. 

බොහෝ දරුවන් යෝගට්වලට කැමැත්තක් දක්වනවා. ඒත් ප්‍රදාන ආහාර වේලක් ආසන්නයේදී යෝගට් දීම නම් එතරම් හොඳ නැහැ.එකක් උදරයේ ආම්ලිකතාවයක් ගොඩ නැගෙනවා. ඒ වගේම පළතුරු සමග වගේම තක්කාලි එකතුව යෝගට් දෙන්න එපා. පළතුරු දෙන්න අදහසක් තිබෙනවා නම් යෝගට්ද…එහෙම නැත්නම් පළතුරුද බවට තීරණය කරන්න…දෙකම එකට ලබා දුන්නොත් දරුවාට විතරක් නොවයි, ලොකු අයටත් අහිතකර වෙන්න පුලුවන්.ආහාර පාලනය කරන වැඩිහිටි දරුවෝ වුනත් යෝගට් එකකින් රාත්‍රි වේලා සීමා කරගන්නවා නම් එය හවස හයට හයහමාර වගේ වේලාවට ආහාරයට ගන්න.

ඒ වගේම මස්, මාළු, මිරිස්, වම්බටු සහ අර්තාපල් වගේ ආහාර සමග කිරි එකතු කර ගන්න එපා.

රටකජු නම් අපි කවුරුත් කැමැති ආහාරයක්. රටකජු වුනත් පමණ ඉක්මවා ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඒ වගේම රටකජු පැටියාට දුන්නොත් කිරිවේල ප්‍රමාද කරන්න. එහෙම නැත්නම් අන්තරයක් තියල රටකජු දෙන්න පුලුවනි.

බෝංචි සමග  චීස්, බිත්තර, කිරි සහ යෝගට් එකතු කරන්න එපා.

ඒ වගේම ගිතෙල් සහ මීපැණි එකට සංයෝග කිරීම අගුණයි වගේම මීපැණි රත් කිරීමත් එතරම් හොඳ නැහැ.

  • එකට සංයෝග කරන්න පුලුවන් දේ…

අපට නිවසේ පිළියෙල කරන මැල්ලුම නිවසේ සිටින අයට ප්‍රමාණවත් නැත්නම් කියල හිතුනොත් ඒ වෙනුවෙන් ගොටුකොළ,තම්පලා,මුකුණුවැන්න වගේ තවත් පලා වර්ගයක් එකතු කරන්න පුලුවනි. මේ මැල්ලුම හඳුන්වන්නේ ‘‘කලවම් පලා මැල්ලුම‘‘යන නමිනුයි.

.  කරවල සහ හාල්මැස්සන් තනිකරම හදන්නේ නැතුව වම්බටු,මාළුමිරිස්,බොම්බයි ලූණු වගේම තක්කාලි එකතු කරන්න පුලුවනි. හැබැයි හාල්මැස්සන් සමග තක්කාලි එකට පිස ගැනීම කාලය සමග වකුගඩු ගල් ඇති වීමට හේතු වෙනවා.

කජු වගේ දේ තනිකරම වුනත් ආහාරයට ගැනීම අපහසු නැහැ.ඒත් මිළ ඔරොත්තු නොදෙන නිසා කජු සමග කැරට්,පරිප්පු එකතු කරන්න පුලුවනි.

  • හත්මාළුව

බක් මාසය සමග ඇති වෙන උෂ්ණ කාලගුණ තත්වයේදී සිරුර සමහන් කරන ගුණයක් හත්මාළුවේ ඇතැයි පිළිගැනේ. ඒ අඩුපාඩුව හත් මාලුවෙන් පිරිමැහෙනවා.කැරට්,කජු විටමින් ‘‘ඒ‘‘ අන්තර්ගත නිසා හදවතට ගුණයි. කජුවල මේදය නිසා සිරුරට ශක්තිය ලැබෙනවා.

සම්ප්‍රදායික හත්මාළුව ලෙස සැලකෙන්නේහොද්ද,තැම්බුම,මැල්ලුමනියඹලාව,බැදුම,දිය මස් සහ ගොඩමස් යන හතයි.

තවත් අදහසක් අනුව හොද්ද,තැම්බුම,මැල්ලුම,පැලහුම,නියඹලාව,ආනම සහ බැදුමයි.

සබරගමුවේ හත්මාලුව පිළියෙල කිරීමේදී කජු,තිබ්බටු,කොස් ඇට,වට්ටක්කා ,කොහිල දලු, අලු කෙසෙල්,ලපටි කහට ගෙඩි, නිවිති සහ තම්පලා ඇතුලත් වෙනවා.මේ සියල්ලට මිරිස්,තුනපහ,රම්පෙ,කරපිංචා,රතුළූණු,කුරුඳු පොතු,අමුමිරිස් ආදිය සමග තැම්බෙන්න අවශ්‍ය තරම් දියකිරි දමා හොඳින් තැම්බුනාම මිටිකිරි එකතු කරන්න.-

මේ කාලේ ආතිතයක් නැතුව ඉන්න නම්

කොරෝනා වසංගතය ලෝකය ගිල ගත්තත් පුංචි පැටවුන්ට මේ ගැන වගක් විභාගයක් නැහැ.වෙනදා වගේ අම්මා, තාත්තා එන පෙරමගට ගොස් අතේ එල්ලෙන්න අවසර නැහැ.නිවාඩු දවසකටවත් එලියට ගිහින් විනෝද වෙන්න අද හිතන්නවත් බැහැ.හෙට අනිද්දා ඉවර වෙයි කියලා කාලරාමුවක් නියම කරන්න බැරි මෙම වසංගත උවදුර සමග පොඩ්ඩන්ගේ කෑම බීම ගැන ගැටුම්ද ඇති නොවෙනවාම නොවෙයි.නමුත් මෙතැනදී දෙමව්පියන් විදිහට දරුවන්ගේ සතුට ,පෝෂණය වගේම පවතින තත්වයේ අවදානම හොදින් දැනගෙන දරුවන්ගේ සතුට ගැනත් අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු අරගෙන එන අම්මා,තාත්තා අත් සෝදාගන්නා තෙක් දරුවන් ස්පර්ශ කිරීම පුංචි වේලාවකට සීමා කරන බව ඔවුන්ට තේරුම් කරන්න.හැමදාම නගරයට යද්දී දරුවන් පිරිවරාගෙන ගියත් අද දරුවන් නිවසට සීමා කරලා තාත්තා විතරක් ටවුමට යන්නේ ඇයි කියන බවත් දරුවන් දැනගත යුතුයි.ලෝකය පුරා යන වසංගතයෙන් අපි හැම දෙනෙක්ම ආරක්ෂාවෙන් සිටිය යුතු බවට දරුවන් දැණුවත් කිරීම මිසක ඉහළ යන මරණ ගැන කියමින් පුංචි හිත් බියට පත් කිරීම එතරම් සුදුසු නැහැ.මේ වසංගතයෙන් පුතාගේ අම්මා,තාත්තා මැරෙයි ..එහෙම වුනොත් ඔයාට තනියම ඉන්න වෙයි කියන අසුබ සිතුවිලි දරුවාගේ හිතට ඇතුල් කරන්න එපා.ඒ වෙනුවට අපි විෂබීජවලින් ආරක්ෂා වුනොත් මේ වසංගතයෙන් බේරෙන්න හැකියාවක් තිබෙනවාය යන සුබ සිතුවිල්ල ඔවුන්ගේ හිතට ඇතුළු කිරීම අපහසු නැහැ.මේ සිතුවිල්ල දරුවාගේ හිතට දැණුනාම ඔවුන්ද වෛරසයෙන් ආරක්ෂා වීම ගැන යම් සංකල්පයක් ගොඩ නගා ගන්නවා.

  • ආහාරපාන ගැනත් දැන් සීමාවක් ඕන..

වෙනදාට නම් ඇති හැකි අයට මේ ගැන කිසිම ගැටළුවක් තිබුනේ නැහැ. එක්තරා කතාවක දැක්වෙන ‘‘ධනිය ගෝපාල“සිටුවරයා වගේ පිසින ලද බත් ඇත…දොවන ලද කිරි ඇත..ඒ නිසා වැස්සට වහින්න ආරාධනා කිරීම පමණක් නොව ගංවතුර ගලන තෙක් වැස්සත් කමක් නැත කියන සාහිත්‍ය කතාව අදට ගැලපෙන්නේ නැහැ.සෙනග සමග ගැවසීමට අද අවසර නැති නිසා නිවසට ගෙනෙන කළමනා පරිස්සමින් පාවිච්චි කිරීමත් වැදගත්.ඒ නිසා බත්,ව්‍යංජන පිලියෙල කිරීමේදී යම් පිරිමැස්මක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා.

  • පරිස්සමින් කරන්නේ කොහොමද…?

සාමාන්‍ය බතක් පිළියෙල කළ විට ඒ වෙනුවෙන් ව්‍යංජන දෙක තුනක් අවශ්‍යයි.ඒ නිසා උදේට කිරිබතක්, රාත්‍රියට ඉදිආප්ප, නූඩ්ල්ස් හෝ එලවළු බතක් පිලියෙල කර ගන්න පුලුවනි.ඒ වගේම කොස්, පොළොස් වැනි වත්තෙන් පිටියෙන් හොයා ගත හැකි අයට මේවායින් රසවත් ව්‍යංජන විවිධ විදිහට සකස් කර ගන්න කාගෙන්වත් බාධාවක් නැහැ. කොස් වුනත් මැල්ලුම, ව්‍යංජන හෝ කිරිකොස් වගේ හදාගන්නත් පුලුවනි.

  • බඩු මුට්ටු ගන්න ගියාම ආතතියෙන් මිදෙන්න..

මේ ගැන නම් බොහෝ දේ කතා කරන්න පුලුවනි. මුලින්ම ඔබේ ගමේ තිබෙන පුංචි කඩය අමතක කරන්න එපා. සුපිරි වෙළදසැල්වලින් ද්‍රව්‍ය මිළට ගැනීමේ වාසි තිබෙන බව ඇත්ත.ඒත් කිලෝමීටර් ගණනක දුර පෝලිමේ යනවා වෙනුවට ගමේ කඩයෙන් ගනුදෙණු කරද්දී එබේම අසල්වැසියාටත් ආදායමක් ලැබේවි.ගමේ පළතුරක වුනත් තවම විශ්වාසයක් තියන්න පුලුවනි.ඊටහේතුව පුංචි කඩේ මුදලාලිගේ කඩේට එන්නේ කෙසෙල් කැනක්,පැපොල් ගෙඩි තුන හතරක් ,අනෝදා ගෙඩි කීපයක් වගේ සුලුවෙන් නිසා ඒවා ඉදවන්න බේත් ඇත්තෙත් නැතිබවට පිලිගැනීමක් තිබෙනවා.ඒ නිසා නිවසට අවශ්‍ය හාල්,තුනපහ,සීනි වගේ දේවල් වෙනුවෙන් ගමේ කඩපිළට යන්න පුලුවනි.

  • ගන්නේ මොනවාද…?

සුපිරි වෙළදසැලේ රාක්ක හිස් වෙනකම්ම බඩු ගත්තත් නිවසට ගිහිං බැලුවොත් දවස් දෙක තුනක්වත් පිරිමහ ගන්න බැහැ.ඇයි ඉතිං බඩු දැක්කාම ‘‘පැනික්“ වෙනවා. ඒ නිසා වෙලදසැලට යන්න පෙරාතුව අවශ්‍ය බඩු ලැයිස්තුවක් සකස් කර ගන්න.

  • මේ ලැයිස්තුවට ඇතුළු කරන්නේ..

මේ බඩු ලැයිස්තුවට හාල්වලට අමතරව කල් තබා ගත හැකි නූඩ්ල්ස්,පැස්ටා,ඕට්ස්,සැමන්,කරවල,හාල්මැස්සන් වැනි දේ ඇතුලත් කරන්න.ඉස්සර වගේ පාන්,බනිස් අවශ්‍ය වේලාවට නැති නිසා පාන්පිටි, ආටා පිටි වගේ දෙවල්ද ඇතුලත් කරන්න.හදිසියකට බිස්කට් වර්ගත් මිළට ගත්තොත් හොදයි.ඇයි අපේ බඩගිනි පැටවුන්ට හදිසියකට එපායැ.

  • පවුලට එකට ඉන්න පුලුවනි

මේ දවස්වල පාසල වගේම කන්තෝරුවලටත් නිවාඩු. අම්මා වගේම දරුවන් නිවසේ ඉන්න අවස්තාවක්. රටේ තත්වය නිසා ගමන් බිමන් නැති නිසා අතපසු වුන වැඩකොටස් ලැබුන කාලවේලාවෙන් කර ගන්නත් පුලුවනි. මල්වවන්න, නිවස පිරිසිදු කරන වැඩ කොටස්වලට දරුවනුත් හවුල් කර ගෙන කරගන්න පුලුවන් විරල නිවාඩුවක් දැන් ඔබට ලැබිලා තිබෙනවා.

එදා නිරෝධායනය

ඉස්සර කාලයේ මාර්තු මාසය වෙන විට පැපොල, සරම්ප,සහ කම්මුල්ගාය වැනි බෝවන රෝග ඉතා සුලබයි. අද වගේ පුර්ව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නුදුන්  නිසාම මේ රෝගවලින් වැලකී සිටීම අපහසුයි. ඒත් මේ කතාවේ තිබෙන වැදගත්ම තත්වය නම් නිවසේ එක් සාමාජිකයෙකුට මේ රෝගය වැළඳුනාට නිවසේ අනිත් අය ඒ රෝගයට ගොදුරු වුනේ නැහැ.

  • කොහොමද…?

බෝවෙනවාය කියන ඉහත රෝගය හැදුන පුද්ගලයා කවුරු වුනත් ඒ කියන්නේ තාත්තා,අම්මා,දුව, පුතා වුනත් ඒ තැනැත්තාව වෙන් කරනවා. රෝගියා වෙනුවෙන් පිඟාන, කෝප්පය පවා වෙනම තැබුවා.ඒ වගේම මේ රෝග ‘‘දෙවියන්ගේ ලෙඩ “ විදිහට සලකනු ලැබුවා.දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් විදිහට මේ රෝග සැලකුන අතර දෙවියන්ට ගරු කිරීමක් විදිහට ආහාරවලට තෙල්, කහ එකතු කලෙත් නැහැ.නිවසේ පදිංචි හැම දෙනාම මේ පිලිවෙත් අනුගමනය කළා. රෝගියාගේ අතේ පෙරුම්කායම් බැන්දා.නිදන ඇතිරිල්ල යට කොහොඹ කොළ අතුරා තිබුණා.

 

රෝගීන්ට කණ්ණාඩියෙන් මුහුණ බලන්න අවසර දුන්නෙත් නැහැ.මෙතැන මානසික සාධකයක් තිබෙනවා.මුහුණේ තිබෙන වතුර බිබිලි දුටුවාම රෝගියාට යම් කම්පනයක් ඇති වෙනවා.ඒ නිසා කණ්ණාඩියෙන් මුහුණ නොබලා සිටීම මානසික පැත්තෙන් වඩාත් සුදුසු නිසා කණ්ණාඩිය පවා රෙද්දකින් ආවරණය කරනවා.

  • රෝග පැතිරීම වලක්වා ගත්තේ..

ඒ වගේම නිවසට එන අයට තමන්ගේ නිවසේ බෝවෙන රෝගියෙක් සිටිනවා නම් ඒ බව දැනගැනීමට කොහොඹ අත්තක් නිවසේ දොරකඩ එල්ලා තබනවා.එය ඉතා හොඳ සන්නිවේදනයක්.දෙවියන්ගේ ලෙඩ වැළදුන රෝගින් බලන්න පවා ගියේ් නැහැ.රෝගියාගේ නිවසේ අයත් මේ කාලයේදි මලගෙවල්, දරු උපත් සහ මල්වර දැරියන් සිටින නිවෙස්වලට ගියේ නැහැ.මේ නිසා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට අවස්ථාව  ලැබුණා.

නෑවේ දින හතක් ගෙවුනාම

දින හතක් ගෙවුනාම රෝගියා ස්නානය කරනවා.ඒත් නාන තොටකට, පොදු ළිදකට යෑම වෙනුවට නිවසේ බොහොම පාන්දරින්ම ස්නානය කලා.ඉරිදාට නවය වැනි දිනයක් යෙදී තිබුනොත් එදිනට නෑවේ නැහැ. නවය නපුරුයි යන අදහසක් තිබුනා.රෝගියා ස්නානයෙන් පසුව නැවත පරිසරයට නිරාවරනය වෙන්න පෙරාතුව දේවාල වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීම නිසා මානසික ශාන්තිය ලැබෙනවා.

  • පිරිත් දේශනා

ඒ වගේම ගමේ දායකයෙක් රෝගි වුනාම පන්සලේ හාමුදුරුවන්ට ආරංචි වුනාම උන්වහන්සේ නිවසටම වැඩම කොට රෝගියාට සෙත් පිරිත් දේශනා කොට පිරිත් නූල් ගැට ගසා පිරිත් පැන් පානයට දුන්නා.විසාලා මහනුවර තුන්බිය ඇති වුන විට ‘‘රතන සූත්‍රය “දේශනා කිරීමෙන් රෝග,මරණ සහ අමනුස්ස බිය පහව ගිය බැව් පිරිතේ ආනිශංසයයි.මේ දිනවල වසංගතයක්ව පැතිරෙන කොරෝනා වෛරස ආසාදිතයන් හෙට අනිද්දාට කෙසේ වෙතත් තවමත් මහනුවර,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී නැහැ.මේ වෙනුවෙන් හේතුවක් විදිහට පසුගිය 19 වැනි දින පටන් 25 වැනි දින දක්වා විසිහතර පැයේම මහනුවර දළදා මාලිගාවේ මගුල් මඩුවේදී භික්ෂුන් වහන්සේලා විසින් රතන සුත්‍රය සජ්ජායානා කිරීමත් විය හැකියි.

ඒ නිසා ඔබ හැම දෙනාටම බෞද්ධයන් නම් පිරිත් සජ්ජායනාවක් වගේම වෙනත් ආගමිකයන් නම් ඔවුන්ගේ ආගමික යාඥාවන් මගින් ලෝකයටම සෙත් ශාන්තිය ඉල්ලා සිටින්න පුලුවනි.

ආයුබෝවන්..

අතීතයේදී මග තොට මුණ ගැසුන හැම දෙනාටම අයුබෝවන් යන ආමන්ත්‍රණයෙන් සදහන් වුනේ ආයුෂ බොහෝ වේවා යන්නයි.මෙය නිතර නිතර කියැවෙන විටත් යම් ශාන්තියක් ලැබුණා.මෑත කාලයේදී සිප වැළදගෙන හිතවත්කම් පෙන්වීම වෙනුවට එදා දෑත් එකතු කර ‘‘ආයුබෝවන්“ කීම සිංහල සංස්කෘතියයි.දැන් නැවතත් සමාජ දුරස්ථබව ආරක්ෂා කිරීම සමග අපේ ආචාර විධි ඉතාම වැදගත්.

අපේ දරුවන්ගේ කිසිම පිළිවෙලක් නැහැ.

දරුවන්ට පිලිවෙල නැති වුනාම ඒ චෝදනාව අනාගතයටත් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් දරුවන් පිළිවෙලක් නැතුව හැදුනාම දොස් නගන්නේ දෙමව්පියන්ටයි. ඒ නිසා එබේ දරුවා මුල් කර ගෙන ලෝකයෙන් චෝදනා විදිනවාට වඩා බාල කාලයේ පටන්ම දරුවා පිලිවෙලක් ඇතුව හුරු කිරීම ඉතාම වැදගත්. එහෙමනම් දරුවෙකු පිලිවෙලක් ඇතිව හදා වඩා ගන්නේ කෙසේද…

මුලින්ම ඔබ ආදර්ශමත් වෙන්න

දරුවන් සමාජයට ඇතුලු වීමට පෙරාතුව ඔවුන් අනුගමනය කරන්නේ තමන්ගේ දෙමව්පියන්. ඒ නිසා ඔබ දෙස බලා ගෙන ඔවුන් හැදෙන වැඩෙන නිසා නිතරම තමන්ගේ දෙමව්පියන් අනුකරණය කරනවා.ඒ නිසා ඔබ දරඅවන්ට ආදර්ශමත් විදිහට පිලිවෙලක් ඇති චරිතයක් වීමට ඉටා ගන්න.

දරුවාටත් වගකීම් දෙන්න

බාලකාලයේ පටන්ම දරුවාටත් යම් යම් වගකීම් පවරා දෙන්න.පුංචි හිතට වගකීම් ලැබෙන විට තමා වැදගත් තැනැත්තෙක් බැව් දරුවාටත් ඒත්තු යනවා. තමන්ගේ ඇ‍්ඳුම් අල්මාරිය, සපත්තු රාක්කය, සෙල්ලම් බඩු ආදිය පවත්වා ගැනීම, ආරක්ෂා කර ගැනීම ආදිය ගැන දරුවාටත් වගකීමෙන් කටයුතු කිරීමට ඉඩ දෙන්න.

හැම දෙයම කර දෙන්න එපා

දරුවාට ඔබ ආදරය බව සැබෑය. ඒත් දරුවාගේ සියලු දෙයම දෙමව්පියන් විදිහට කිරීමට වඩා යම් යම් කාර්යන් වෙනුවෙන් දරුවා හුරු කරන්න.අද බොහෝ දරුවන් පිලිවෙලකට තමන්ගේ බත් පිගානවත් හසුරුවා ගැනීමට නොදනී. අද උස් මහත් වුන දරුවන් පවා සරම වළල්ලක් සේ තබා යන තැනට පත්ව සිටින්නේ ඒ පිලිබඳව කිසිදු හුරුවක් නොමැති නිසාය.

වැඩට හුරු කරන්න

දරුවාට කුඩා කාලයේ පටන්ම යම් යම් දේවල් කර ගැනීමට ඉඩ දෙන්න. පුංචි කමට පුංචි වැඩ ඔවුන්ට පවරන්න. මේස් කුට්ටම සෝදා ගන්න, රෙදි වැනීම,අත්පිස්නාවන් සෝදන්න. ලේන්සුව සෝදා ගැනීමට වැනි පුංචි වැඩ කොටස් පවරා දෙන්න.

පිලිවෙළ නිසා ඇති වාසි

පිලිවෙලකට වැඩ කිරීම නිසා කාලය ඉතිරි වෙන බවත් දරුවන්ට කියා දෙන්න.අපිලිවෙලට වැඩ කිරීම නිසා කාලය අපතේ යෑම සිදු වෙන බැව් දරුවන්ට ක්‍රියාවෙන්ම කියා දෙන්න. උදාහරණයක් විදිහට පොත් ගොඩක් කිසිදු පිලිවෙලක් නොමැතිව තබා තිබෙනවාට වඩා විෂයන් අනුව වෙන් කර පිළිවෙලකට ගොඩ කර තිබෙන විට වඩාත් පහසුවෙන් අවශ්‍ය පොත් සොයා ගැනීමට දරුවාට අවස්ථාව ලැබෙන බව කියා දෙන්න.

නිර්මානශීලී වෙනවා.

පිලිවෙලකට වැඩ කරන විට දරුවා නිර්මානශීලීත්වයෙන් හැඩ ගැහෙනවා. එය නොදැනීම සිදු වෙන්නක්. තමන්ගේ කටයුතු පිළිවෙලට කිරීමට අවශ්‍ය උපාංගයන් සොයා ගැනීම එසේත් නැත්නම් විවිධ උපකරණ සකස් කර ගැනීම වැනි කටයුතු නොදැනීම මුවහත් වීම සිදු වෙනවා.

මනස නිරවුල්

අද විශ්ව ශක්තිය පිලිබඳව ඇති පිලිගැනීම පිලිවෙලට බොහොම සමීපයි. පිලිවෙල නිසා විශ්ව ශක්තිය ළගා කර ගැනීමට ඉතාම පහසුයි.පොත් මේසයක වුනත් පිලිවෙල දකින විට පාඩම් කිරීමට යම් උත්ජෙනයක් ලැබෙනවා සේම අපිළිවෙල සහිත මේසයක් නිසා මනසට ඇති වෙන්නේ විඩාවක්.

ඔබ දරුවාගේ හොඳම අසන්නා වෙන්න

දරුවන් කියන්නේ පවුලේ වැදගත් චරිතයක්. ඒත් අපේ තියෙන වැඩ රාජකාරි සමග දරුවන්ට කන්න අඳින්න දුන්නත් ඔවුන්ගේ හොඳම අසන්නා වීමේ මව්පිය භුමිකාව සමහර විට ඔබ වෙතින් ගිලිහෙන්නටත් ඉඩ තිබෙනවා.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ හොඳම අසන්නා වීම ඉතාම වැදගත්. ඒත් මේ හොඳම අසන්නා කියන චරිතයට දෙමව්පියන් පත් වෙන්නේ කොහොමද…?

  • දරුවන් සමග සබඳතාවය ගොඩ නගා ගන්න.

අපි දෙමව්පියන් දරුවන් එක්ක වැඩිය කිට්ටු වෙන්න හොඳ නැහැ. කියන සිතුවිල්ල එතරම් හොඳ නැහැ. දරුවන් සමග ඔබ සමීප වෙන තරමටම දරුවා ඔබට සමීප වෙනවා. මේ සමීපබව සමග ඔබ සහ දරුවා අතර සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.එවිට දරුවාටත් නොදැනීම ඔවුන්ගේ අදහස් උදහස් ඔබ සමග සන්නිවේදනය කරන අතර ඔබටත් ඒවා නෑසූ විදිහට ඉන්න හැකියාවක් නැති වෙනවා.

  • අත්දැකීම් කියන විට අහගෙන ඉන්න

සමහර විට දරුවන් තොරතෝංචියක් නැතුව ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග කියනු ඇති. ඒ වගේ වේලාවලදී දරුවා කියන දෙයට ඇහුම්කන් නොදී ඉන්න එපා. සමහර විට ඔවුන්ගේ දොඩමලුව ඔබට වැදගැම්මක් නැති වුනත් ඔබ දරුවාගේ හොඳම අසන්නා බව ඔවුන්ට ඒත්තු ගැනෙන විදිහට ජීවත් වෙන්න.දරුවාගේ සමීපතම මිතුරා ඔබ නිසා ඔවුන්ට තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සිටින හොඳම මිතුරා ඔබයි.

  • විවෘතව දරුවන් සමග අදහස් බෙදා ගන්න

දරුවන් සමග කතා කරන විට ඔබ විවෘත වෙන්න.බොහෝ විට පවුලක අදහස් විවෘතව බෙදා හදා ගැනීමත් පවුලක් විදිහට පවත්නා සම්බන්ධතාවයන් තහවුරු වීමට ඉතාම අවශ්‍ය වෙනවා.ඒත් අද පවුලක සැමියා කරන දෙය බිරිද නොදන්නා සහ බිරිද කරන දෙය සැමියා නොදන්නා තත්වයට පත්ව තිබියදී දරුවාගේ අදහස් උදහස් සන්නිවේදනය කර ගැනීමට නොමැතිව ඔවුන් අසරණ වෙනු ඇත.

  • දැනෙන්න ආදරය කරන්න

දරුවන්ට ආදරය පෙන්වීම සුදුසු නැතැයි කියන සංකල්පයක් අතීතයේදී තිබුනත් දැන් මනෝවිද්‍යඥයින්ගේ පිලිගැනීම අනුව දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතුයි. ඒ වෙනුවෙන් කොන්දේසි අවශ්‍ය නැහැ.දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය දැනෙන විට ඔවුන් දෙමව්පියන්ට වඩාත් සමීප වෙනු ඇති. මේ සමීපතාවය නිසා දරුවන්ගේ හොඳම සන්නිවේදකයා බවට ඔබ පත් වෙනු ඇත.

  • එකට කන්න

පවුලක හොඳම සන්නිවේදන අවස්ථාව කෑම මේසයයි. ඒත් අද පවුලක් එකට කන බොන වේලාවක් ඇත්තේම නැහැ. තාත්තා එක වේලාවක, අම්මා එක වේලාවක ආහාර ගන්නා රටාවක් තුළ දරුවන්ට තමන්ගේ අදහස් සන්නිවේදනයට අවස්ථාවක් ලැබී නැහැ.සමාජ විදයාඥයන්ගේ පවා පෙන්වා දෙන අන්දමට පවුලක් එකම වේලාවක එකම මේසයක ආහාර ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා පවුලක ආහාර ගැනීමේදී එක මේසයක එක වේලාවක එකට ආහාර ගැනීම වඩාත් වැදගත් වෙන්නේ එහිදී දවසේ සියළුම සිදුවීම් සන්නිවේදනයට හොඳම අවස්ථාව මෙහිදී සිදු වෙන නිසයි.

  • ජංගම මෙවලම් නිවසේදී සීමා කරන්න..

සාමාන්‍ය කට වහරට එදා කිව්ව  කාර්යාලයට යන විට නිවස  ප්‍රශ්න නිවසේ තබාත්, නිවසට එන විට කාර්යාලයේ ගැටලු එහි තබාත් පැමිණෙන ලෙසය.. එහි අර්ථය වුනේ පුද්ගලයාගේ බැදීම අදාල ස්තානය සමග වඩාත් සාර්ථක ලෙසින් පවත්වා ගැනීමටයි.අද මේ තැනට ජංග  මෙවලම් ආදේශ කරන්න පුලුවනි.අද පවුලක ඇති සම්බන්ධතාවය බිඳ වැටීමට ඩංගම ුුරකථන සහ වෙනත් උපාංග මෙන්ම සමාජජාලා සමග පවත්නා සම්බන්ධතාවන්ද හේතු වී තිබෙනවා. ඒ නිසාම දරුවන්  සහ දෙමව්පියන් අතර පවත්නා සන්නිවේදනය නොදැනීම ගිලිහී ගොස් තිබෙනවා.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ හැකිතාක් දුරට ජංගම මෙවලම් සමග ගණුදෙනු සහ සමාජ ජාලයත් සමග පවත්නා සම්බන්ධතාවයන්ද නිවසේදී සීමා කරන්න.

ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

දරුවා ළදරු පාසලට ඇතුලත් කලාම අම්මලාගේ ලොකු උනන්දුවක් තිබෙන්නේ දරුවා අකුරක් ලියනවා එහෙම නැත්නම් කියවනවා දකින්නයි. ඒ වුනත් ඔබ ළදරු පාසල් අධ්‍යාපනයේදී කිසිම දිනක දරුවා වෙතින් අකුරු කියවන ලියන හැකියාවන් බලාපොරොත්තු වෙන්න එපා.එහෙමනම් ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලැබෙන්නේ මොනවාද..?

දරුවාගේ හසුරු කුසලතාවයන්..

පුංචි පැටියාට තවම වයස අවුරුදු පහක්වත් නොවුන තැන ඔවුන්ගේ මොළය අකුරට සූදානම් නැහැ. ඒ වුනත් මේ කාලයේදී කතුරක් අරගෙන රවුම් කපන්න..අලවන්න…කඩදාසි ගුලි කරන්න වැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය යොමු වීම ඉතාම හොදින් සිදු වෙනවා.මේ නිසා දරුවාට කඩදාසි ආදිය කපන්න, වැලි ඇනීම වැනි කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය සකසා දීම වැදගත්.විිවධ වර්ණයේ කඩදාසි ගුලි කර රවුමක් වටා අලවන්න. දොඩම්, ඇපල් වැනි වෘත්තාකාර පළතුරු කපන්න, අදින්න දරුවාට උදව් ලබා දීම අකුරු නොලියනවා කියමින් ලතැවෙනවාට වඩා වැදගත්.

ළදරුපාසලේ ගුරුතුමියට විතරක්ම බැහැ..

දරුවෙක් ළදරු පාසලට ඇතුලත් කලාට පසුව දැන් අපි නිදහස් යැයි දෙමව්පියන්ට සැනසුම් සුසුම් හෙලන්න බැහැ.ළදරුපාසලේ වුනත් දරුවා ගත කරන්නේ සීමිත කාලයක්. මේ සීමාව තුළ ළදරු පාසලේ ගුරුතුමියට දරුවා වෙනුවෙන් විශාල කාර්යභාරයක් කිරීම අපහසුයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබත් දරුවාගේ කුසලතාවයන් වර්ධනය වෙනුවෙන් උදව් කිරීම වඩාත් සුදුසුයි.

දෙමව්පියන් විදිහට ඔබට කළ හැකි දේ..

අපට ඉතින් ඉගැන්වීමේ ශිල්ප නැහැනේ…සමහර විට ඔබ මේ විදිහට හිතන්න පුලුවන්. ඒත් ඔබට දරුවාට බොහෝ දේ උගන්වන්න ඔබ ඇසුරේදීම පුලුවනි. ඒ වෙනුවෙන් ඔබ අධ්‍යාපනඥයෙකු වීම අවශ්‍ය නැහැ.

උස, මිටි, දිග, කොට…ආදි සංකල්ප දරුවා ඇසුරු කරන උපකරණ ආශ්‍රය කර ගෙනම පෙන්වන්න පුලුවන්. පුතාගේ ලොකු බෝලය, එහෙම නැත්නම් පුංචි බෝලය, දිග බැට් එක , මේ විදිහට ඔවුන් සමග ඇති වස්තූන් සම්බන්ධ කර ගෙන මේ සංකල්ප පැහැදිලි කර දෙන්න පුලුවන්.

පරිසරයේ සම්බන්ධතාවයන් කියා දෙන්න…

වැස්ස වැටුනාම තෙමෙනවා. අව්වට දාඩිය දානවා…මල් පිපෙනවා..පරවුනාම වැටෙනවා.. මේ වගේ පරිසරයේ සංසිද්ධීන් ඉතාම සරල විදිහට ඔවුන්ගේම අත්දැකීම් මගින් දරුවාට පෙන්වා දෙන්න දෙමව්පියන්ට පුලුවන්. මේ සදහා පංතිකාමරයක් අවශ්‍ය නැහැ.නිවසේ සිටින විට, පාර තොට ගමන් කරන විට දරුවාට මේ වගේ සංසිද්ධීන් පෙන්වා දෙන්න කිසිම බාධාවක් නැහැ.

රටාවන් ගැනත් කියාදෙන්න පුලුවන්.

අපේ පරිසරයේ රිද්මය දරුවා හොදින් දැන හැඳින ගැනීම අවශ්‍ය වෙනවා.කුරුල්ලන් පියඹන හැටි,තරු පායන හැටි , ඉර බහින අන්දම වැනි පරිසරයේ රිද්මය ගැනත් දරුවාට යම් අවබෝධයක් ලබා දීමට විහාල වචන පරිමාවක් අවශ්‍ය නැහැ.ඔබ පෙන්වා දෙන දෙයින් දරුවා ලබන දැණුම අනාගතයේදී ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සදහා විශාල මග පෙන්වීමක් ලබා දෙනු ඇති.

ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

අද දෙමව්පියන්ට දිනපතා පාසලක් තෝරා ගන්නවාට සමාන පීඩනයක් ළදරු පාසලක් තෝරා ගැනීමේදි වැදගත්.මේ නිසා මලක් වගේ පුංචි දරුවා කැටුව කිලෝමීටර් ගණනාවක් දුර ගෙවීම අවශ්‍ය නැහැ. ඔබට ළගම ළදරු පාසල වුනත් දරුවා වෙනුවෙන් ගැලපෙනවාදැයි යන තීරණය ඔබටම ලබා ගත හැකියි.

  • ළදරු පාසලේ ගුරුවරැන්ගේ සුදුසුකම් සහ දරුවන් වෙනුවෙන් ඔවුන් දක්වන අවධානය
  • ළදරු පාසලේ පරිසරය දරුවාට නිදහසේ දුවන්න, පනින්න සහ ආරක්ෂිත ලෙස තිබීම.
  • දරුවා සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය වෙනුවෙන් ඇති අවස්ථාව
  • ළදරු පාසලේ දිනචරියාව සහ   දරුවාගේ සංවර්ධනයට ඇති සම්බන්ධතාව ය.
  • ළදරු පාසල මුල් කර ගෙන බාහිර පරිසරය තුළ පවත්නා කීර්තිනාමය සහ දෝෂාරෝපණයන් ද මේ සදහා ඔබට පාදක කර ගත හැකියි.

එසේ නම් ළදරුපාසලක් වෙත ඔබේ දරුවා යොමු  කිරීම යනු ඔවුන්ගේ ජීවිතයේ එක් සංසිද්ධියක් පමණි.ඒ වෙනුවෙන් දෙමව්පියන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග සහ දෙමව්පියන් විසින් ඒ වෙනුවෙන් දරුවා මෙහෙයවීම ගැනත් දැන සිටීමත් වැදගත්.

දරුවන් විද්‍යාත්මක සාහිත්‍ය්‍ය වෙනුවෙන් යොමු කරන්න

පුංචි පැටව් පොත් පත් කියවන්නේ නැතැයි යන චෝදනාව හැම දෙමව්පියෙකුගේම සිත් තැවුලට කාරණාවක්.ඒ අතරම පොත් පත් කියවන විටත් දරුවන්ගේ රුචිකත්වය එක් එක් දරුවාට සාපේක්ෂව බොහොම වෙනස්.සමහර දරුවන් පොත් පත් කියවීමට උනන්දුවක් තිබුනත් වැදගැම්මක් ඇති පොත් පත් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.විශේෂයෙන් විද්‍යාත්මක ප්‍රබන්ධ සාහිත්‍ය කියවීම ගැන දරුවන් අතර තිබෙන ප්‍රවනතාවය බොහොම දුර්වල බැව් විවිධ අධ්‍යනයන් මගිනුත් පෙනී ගොස් තිබෙනවා.

මේ ගැන උදාහරණ දක්වමින් විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අකුරු කියවීමේ සාක්ෂරතාවය තිබෙන වැඩිහිටියන් අතර පවා සෞඛ්‍ය ගැන ඇති දැණුම ඉතාම දුර්වල බවයි. ඊට හේතුව වී තිබෙන්නේ ඔවුන් සෞඛ්‍ය ගැන ලියැවුන පොත් පත් කියවීම ගැන ඇති උනන්දුව බොහොම දුර්වල මට්ටමක තිබෙන නිසා බවත් හදුනා ගෙන තිබෙනවා.

  • රුවන් විද්යාත්මක සාහිත්‍යය ගැන උනන්දුවක් නැත්තේ ඇයි….?

මේ ගැනත් මැඩිසන් සරසවියේ පර්යේෂකයන්ගේ අවදානය යොමු වුණා. අධ්‍යනයේ ප්‍රධාණී මයිකල් ඩේවින්ස්ටන් පෙන්වා දෙන්නේ විදයාත්මක සාහිත්‍යය තුළ තිබෙන පාරිභාසික වචන නිසා දරුවන් අතර කියවන ඇල්ම හීන වී තිබෙන බවයි. ඒ නිසාම දරුවන්ට විදයාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය ගැන පොත් පත් කියැවීම දුෂ්කර යැයි තිබෙන පිලිගැනීම නිසා විදයාත්මක සාහිත්‍යය ගැන ඔවුන් තුළ තිබෙන්නේ බොහොම පසුගාමී බවක්.

  • එහෙමනම් වැඩිහිටියන් විදිහට කළ යුත්තේ මොනවාද…?

සමහර වැඩිහිටියන් අතර විද්‍යාත්මක දැණුම බොහොම ඉහලයි. ඒත් තමන්ගේ දරුවන්ටවත් මේ දැණුම සම්ප්‍රේෂනය වීමේ තිබෙන්නේ බොහොම උදාසීනතාවයක්. ඒ නිසා තමන්ගේ දැණුම දරුවන් සමග බෙදා ගැනීම වැදගත්. මෙයින් අදහස් වෙන්නේ අම්මා තාත්තා විද්‍යාඥයින් වීම නම් නොවෙයි.හැම දෙමව්පියෙකුටම යම් අන්දමින් දැණුමක් තිබෙනවා. එදිනෙදා ජීවිතයේ බොහෝ කරුණු කාරනාවන් පිටුපසින් ඇති විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයන් ඔවුන්ට අමුතු නැහැ. ඒ නිසා තමන් දන්නා විදිහට ඒ ගැනත් දරුවන්ට කරුණු කියා දීමට හැකියාව තිබෙනවා. මලක් පිපෙන හැටි, පරවෙන හැටි, වැස්ස වහින හැටි දරුවාට ගැලපෙන සහ හේතුඵල සම්බන්ධතාවයට අනුකූලව කියා දීමට වැඩිහිටියන්ට දැණුම් තේරුම් තිබෙනවා.

  • කියවන විට අහගෙන ඉන්න..

පෙරදිග ලෝකයේ බොහොම දෙනාගේ වැඩි කැමැත්ත තිබෙන්නේ කියවන විට අහගෙන ඉන්නයි. අතීතයේදී වුනත් බණ මඩුවට රැස්වෙලා ධර්ම දේශකයන්ගේ දේශනාවන් බොහොම හොදින් ශ්‍රවණය කලා. මේ කාලයේ බොහොම දෙනාට අකුරු ලියන සහ කියවන හැකියාව තිබුනෙත් නැහැ. ඒ වුනත් මන්ගේ ඇසූ පිරූ තැන් මගින් උපයා ගත් දැණුම ඉතාම ඉහලින් තිබුනා.මේ තත්වය අදටත් බොහොම හොදින් ගැලපෙන බැව් දැන් පර්යේෂකයන්ගේ පිලිගැනීම වී තිබෙනවා.

විස්කොන්සින්හි මැඩිසන් විශ්ව විද්‍යාලයේ මයිකල් ඩේවිඩ්සන් ඇතුලු පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විදයාත්මක දැණුම ගැන පරිණත නොවුන පුද්ගලයන් අතරට මේ දැණුම සම්ප්‍රේෂණය වීමට නම් හොඳම දේ විදයාත්මක පොත් පත් ඔවුන්ට ඇසෙන සේ කියැවීමයි.එවිට පොත් පත් කියවන්න කම්මැලි වුනත් ඇහුම්කන් දීම මගින් යම් දැණුමක් ලබා ගන්නවා. ඒ වගේම යමකට ඇහුම්කන් දීමටත් දරුවන් හැකියාව ලබා ගන්නවා.

  • කාලය සමග දියුණුවක් ලැබේවි

මුලදී මේ විදිහට ඇහුම්කන් දෙන්න ලැබෙන හුරු පුරුදු නොදැනීම දියුණු වීමට පටන් ගනන්වා. ඒ අවස්තාව වෙද්දී දරුවාටත් විදයාත්මක පොතක් පතක් කියවන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා වෙනදා වගේ අහගෙන ඉන්නවා වෙනුනට ඔවුන් විසින්ම පොත් පත් කියවීමට හුරුවක් ලබා ගන්නවා.

  • තවත් දැණුම සොයනවා

දැන් තමා විසින්ම පොත් පත් කියවන දරුවා  එතැන් පටන් තව දුරටත් විද්‍යාත්මක සාහිතයය ගැන විමසන කුතුහලය පටන් ගන්නවා.එය දරුව ලබන විශාල සංවර්ධනයක්.

  • විද්යාත්මක සාහිත්‍යය  වැදගත් ඇයි

ගණිතය සහ විද්‍යාව ගැන දරුවා යොමු කරවන දෙමව්පියන් ඊට සාපේක්ෂව විද්‍යාත්මක සාහිත්‍යය වෙතට දරුවන් යොමු කිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වුනත් විද්‍යාත්මක සාහිත්‍යය ගැන කරුණු කියවන දරුවාගේ නිර්මානශීලීත්වය වැඩි දියුණු වෙනවා. මේ තුලින් නව නිර්මාණ බිහි කිරීමට ඔවුන් උනන්දුවක් දක්වනවා. අද බොහෝ නව නපැයුම්කරුවන් අතර පාසල් දරුවන් ඉතාම ඉදිරියෙන් සිටිනවා. මේ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දැණුම පොත් පත් කියැවීමෙන් ලබා ගැනීමට ඉතාම පහසුවෙන් පුලුවනි.

එහෙමනම් අනේ අපේ පුතා විදයා පොතක් පතක් තියා පත්තරයක ලිපියක්වත් කියවන්නේ නැතැයි  දුක් වෙන්න එපා. උක්ත පර්යේෂනයෙන් පෙන්වා දෙන විදිහට එය එතරම් අසීරු කරුණකුත් නොවෙයි. මෙම අධ්‍යන වාර්තාව P.N.A.S සඟරාවේ  Using Narratives & story telling communication science මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් වී තිබෙනවා.

පොඩ්ඩා වේලාසනින් නිදිකරවා ගැනීම

ගෙදර ඉන්න පොඩ්ඩාව නිදි කර ගැනීම දෙමව්පියන්ට ඇත්තටම ගැටළුවක්.පැය අටක් දහයක් වෙහෙස මහන්සි වෙලා ගෙදරට ඇවිත් ගෙදර වැඩපලත් ඉවර කරලා නින්දට යන්න ගියත් පුංචි පැටියා තවම නිදි නැහැ.ඉතින් අම්මලාත් පැටියා නිදා ගන්න තෙක්ම අවදි වෙලා ඉන්නවා.

  • පොඩ්ඩා වේලාසන නිදි කිරීම ඉතාම වැදගත්.-

අපි මේ ගැන වැඩි අවධානයක් දැක්වූයේ නැති වුනත් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ අධ්යන ආයතනයේ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකේ සිට 9 අතර දරුවන් අනිවාර්යෙන්ම රාත්රි නවයට පෙරාතුව නිදි කළ යුතු බවයි.එසේ නොමැති වුනොත් අනාගතයේදී මේ දරුවන් තරබාරුවට පත්වීමේ අවදානමක් තිබෙන බව අධ්යනය මෙහෙයවූ පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙනවා.

ඔවුන් මේ අධ්යනයේදී තෝරාගත් වයස පරාසයේ දරුවන්ගේ අතේ මැණික් කටුවට උපාංගයක් සවි කළා.ඒ අනුව දරුවාගේ නින්දට යන වේලාව සහ ස්කන්ධ ශරීර දර්ශකය ගැන අධ්යනය කළා.එහිදී පෙනී ගියේ ප්රමාද වී නින්දට යන දරුවන් සහ තරබාරුවීම අතර වැඩි ප්‍රවනතාවයක් පවතින බවයි. මේ තත්වය මොන තරම් බරපතලද කියනවා නම් ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ කණ්ඩායම් අතර තුන් දෙනෙකුට එක් අයෙකු හෘද රෝග පිළිබඳ සංකුලතාවයන්ගෙන් පීඩා විඳින බව හඳුනා ගෙන තිබෙනවා.ඒ නිසා ඔවුන් දෙමව්පියන්ට අවධාරනයෙන්ම කියන්නේ වයස අවුරුදු 2 සිට 9 අතර සිටින දරුවන් රාත්‍රී 9 ට පෙරාතුව නින්දට යොමු කිරීම අවශ්යෙයන්ම සිදු කළ යුතු බවයි. මේ වෙනුවෙන් උපදෙස් කීපයක් Alaska Sleep Education Center විසින් සඳහන් කර තිබෙනවා.

ඉතිං කොහොමද පොඩ්ඩන් නිදි කරන්නේ…

ඇත්ත..ඒත් පොඩ්ඩාගේ අනාගතය ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින දෙමව්පියන් මේ ගැන යොමු වීම ඉතාම වැදගත්.

ඇල්වතුරෙන් ඇඟ සෝදන්න

රාත්‍රී ආහාරයෙන් පසුව දත් මදිනවා වගේම ටිකක් වේලාසනින් දරුවාගේ ඇඟ සෝදන්න. ඉහත කණ්ඩායම සඳහන් කරන්නේ මේ වෙනුවෙන් ඇල් වතුර වඩාත් සුදුසු බවයි.

රාත්‍රී ආහාරය කලින් ලබා දෙන්න

සමහර විට පැටියාට නිදිමත වුනත් අම්මා රාත්‍රී ආහාරය සකස් කරන තෙක් අවදියෙන් ඉන්න එපායැ.අම්මා කැමැතිත් නැහැ පැටියා බඩගින්නේ නිදි කරන්න.ඒ වුනත් රාත්රි ආහාරය හතට පෙරාතුව ලබා දෙන්න පුලුවන් නම් අම්මා දිනුම්.

පොතක් කියවන්න දෙන්න

අකුරු කියවන වයසේ සිටින දරුවෙකුට නම් නින්දට පෙරාතුව පොතක් කියවන්න දෙන්න.

රූපවාහිනිය ඇතුළු වෙනත් මාධ්‍ය නිවා දමන්න

පැටියාට නිදා ගන්න කියල දෝස්මුරය දාලා අම්මයි,තාත්තයි තිරය ඉදිරියේ හිටියට හරියන්නේ නැහැ.රාත්‍රී අට වෙද්දී මේ මාධ්‍ය නිවා දමන්න.

නිවසේ විදුලි ආලෝකයත් නිවන්න.

රූපවාහිනිය නිවලා පුතා ගිහින් නිදා ගන්න කිව්වාටමත් බැහැ.නිවසේ සෙසු විදුලි පහන් අඩුම වශයෙන් පැටියාට නින්ද යන තෙක් හෝ නිවා දැමීමත් වඩාත් සුදුසුයි.

නින්ද යන තෙක් කවියක් හෝ කතාවක් කියන්න

දරුවා නින්දට වැටෙන තෙක් කවියක් හෝ කතාවක් කියා දීමත් සුවදායක නින්දට හේතු වෙනවා.ඒ වගේම ‘‘ගුඩ්නයිට් කිස්“ එකත් අමතක කරන්න එපා.

 

Alaska Sleep Education Center

පුන්යා චාන්දනී ද සිල්වා

මෙන්න මේ ආහාර වර්ග ප‍්‍රතිශක්තිය වඩවන බව ඔබ දන්නවාද?

අපි මේ ගත කරන්නේ ටිකක් විතර අවදානම් කාලයක්. මව්පියන් විදියට අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ දරුවන් මේ රට පුරා පැතිර යන නව කොරෝනා වෛරසයෙන් බේරගන්න. ඒ වෙනුවෙන් දරුවන්ව නිවසේම රඳවගන්න වගේම පෝෂණීය ආහාර, විවේකය ලබා දෙනවා. සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන හැම නිතරම සැලකිලිමත් වෙනවා. වැඩිහිටි අපිට වගේම පොඩ්ඩන්ටත් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න සුදුසු ආහාර වර්ග ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසයි.

මේදය අඩු, පැලෑටි මුල් කරගත් ආහාර මගින් බැක්ටීරියා, වෛරස හා වෙනත් රෝග ඇති කරන ක්‍ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට සමත් ප‍්‍රතිදේහ නිපදවනවා. මේදය අඩු ආහාර ගැනීමෙන් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ආරක්‍ෂාව ශත්තිමත් වන බව අධ්‍යයනවලින් පවා හෙලි වී තිබෙන කරුණක්. 

නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට ප‍්‍රයෝජනවත් වෙන බව අපි කවුරුත් හොඳින් දන්නවා. තරබාරු බව ඉන්ෆ්ලූවෙන්සාව, නියුමෝනියාව වැනි වෙනත් ආසාධනවලට හේතු විය හැකියි. ශාක ආහාර ශරීර බර අඩු කිරීමට උපකාරී වේ. ඒවා තන්තු බහුල කැලරි ප‍්‍රමාණය අවම තත්ත්වයේ පවතින ආහාර වර්ග නිසා බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. අපේ සිරුරේ BMI අගය ප‍්‍රශස්ත මට්ටමක තබාගන්න වගේම හොඳ ප‍්‍රතිශක්තියක් පවත්වා ගන්නත් මේ ශාක ආහාර සහය වෙනවා. 

 

අපේ සිරුරේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කර ගැනීමට ඉවහල් වන ආහාර වර්ග

 

  • පැඟිරි කුලයේ පළතුරු

 

පැඟිරි කුලයේ ආහාරවල විටමින් C අඩංගු වන අතර එමගින් කාර්යක්‍ෂම ලෙස ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා. ප‍්‍රතිශක්තීකරණ ඇති කරවන විටමින් අතර ප‍්‍රබල විටමිනයක් වන විටමින් C  දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් අපේ සෞඛ්‍ය වැඩිදියුණු වේ. ශරීරය තුළ විටමින් C නිපදවීම හා ගබඩා කිරීම සිදු නොකරන නිසා ආහාර මගින් ලබාගත යුතුය. නමුත් බොහෝ ආහාරෙවල විටමින් C අඩංගු වන නිසා ඖෂධ ලෙස අමතරව ගැනීමක් අවශ්‍ය නොවේ. මීට අමතරව ආහාරයේ ඇති යකඩ අවශෝෂණයටද උපකාරී වේ. විටමින් C වල ප‍්‍රතිඔක්සිකාරක (antioxidant)  ගුණයක් පවතී. 

(ඔක්සිකාරකයක් යනු අපේ ශරීරය free radicals (ශරීරය මගින් ආහාර බිඳ හෙලීමේදී/විකිරණ/දුම්පානය (දුම්කොළ සහිත) කිරීමේදී නිපදවන අණුයි) මගින් ආරක්‍ෂා කරන මූලද්‍රව්‍යයකි. හෘද රෝග, පිළිකා හෝ වෙනත් රෝගවලදී මෙම ඔක්සිකාරක ගුණය වැදගත් වේ. දොඩම් නාරන් පේර මිදි ස්ට්‍රෝබෙරි ඇතුළු විටමින් C අඩංගු ආහාර ලබාගැනීම මෙහිදී වැදගත් වෙනවා.

 

 

  • කහ 

 

ඉවුම් පිහුම්වලදී අම්මලාට නැතිවම බැරි කුළු බඩු වර්ගයක් වන කහ ප‍්‍රතිඔක්සිකාරක හා ප‍්‍රති ප‍්‍රදාහක ගුණයකින් යුක්ත කුළුබඩු වර්ගයකි. එය අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.

 

  • බතල 

බතලවල විටමින් A අඩංගු බීටා කැරොටීන් නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතරම එමගින් සමට මනා පැහැයක් ලැබෙනවා සේම එය සම අධෝරක්ත කිරණ (Ultra Violet rays) වලින් ආරක්‍ෂා කරගැනීමට උදව් වේ.

  • නිවිති 

නිවිතිවල අත්‍යවශ්‍ය පෝෂක හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids,Carotenoids,විටමින් C, විටමින් E  අඩංගු වන අතරම ඒවා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වේ. Flavourids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව වළක්වයි.

  • ඉඟුරු

ආහාර, තේ පැන් රස කිරීමට භාවිත ඉඟුරුවල ප‍්‍රතිප‍්‍රදාහක (anti inflammatory) ගුණයක් හා ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතින නිසා සාර්ථක ලෙස රෝග වැළැක්වීමට උදව් කරයි. තවද ඉඟුරුවල පවතින Shagaols, gingerols යන සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණයට ද උදව් වේ.

  • සුදු ලූණු හා ලූණු 

සුදු ලූණු හා ලූණු ආහාර රස කිරීම සඳහා යොදාගනී. සෙම්ප‍්‍රතිශ්‍යාව හා වෙනත් රෝග වැළදීමේ අවදානම අඩු කරයි. සුදු ලූණුවල අන්තර්ගත anicillin හා ලූණුවල අන්තර්ගත Quercetin නම් සක‍්‍රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණය පහසු කරන අතර හෘදයේ නිරෝගීතාවය රකී.

  • බ්ලූ බෙරි 

මෙහි flavanoid වර්ගයේ anthocyanin නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගුය. මෙය අපේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණ කිරීමට ඉවහල් වේ. විශේෂයෙන් ස්වසන පද්ධතියේ රෝගවලින් මුදවා ගැනීමට උපකාරී වේ.

  • බ්‍රොකලි 

මේවායේ විටමින් C අඩංගු වේ. Sulforaphane නම් ප‍්‍රතිඔක්සිකාරකය අඩංගු වේ. මේ නිසා දිනපතා ආහාරයට ගත හැකි ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරවන එළවළුවකි. 

  • ග්‍රීන් ටී

මෙහි Caffeine සුළු ප‍්‍රමාණයක් අඩංගු වන වේ. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මෙහි ඇති ප‍්‍රතිඔක්සිකාරක වන Flavanorids මගින් සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

 

  • වට්ටක්කා 

වට්ටක්කා කුලයට අයත් එළවළුවල ප‍්‍රතිඔක්සිකාරක, විටමින් A, විටමින් C, මැන්ගනීස්, මැග්නීසියම්, ෆෝලේට් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණ පද්ධතිය ශක්තිමත් වේ.‍

 

  • ඇප්‍රිකොට්

ප‍්‍රතිප‍්‍රදාහක ගුණයක් පවතී. සුලබ රෝගවලට ප‍්‍රතිරෝධීය විටමින් A,C,K හා තන්තු අඩංගු වේ.

  • ග්‍රීන්පීස්

මෙහි විටමින් A, B1, B2, විටමින් C හා ප‍්‍රතිඔක්සිකාරක වන Flavanoids, Carotenoids හා Phenolic acid, poly phenol අඩංගු වේ. ප‍්‍රතිශක්තිරණය වැඩි දියුණු කරයි. ප්‍රෝටීන බහුල අහාරයක් වන අතරම ප්‍රෝටීන මගින් ප‍්‍රතිඔක්සිකරණය ඇති කරයි.

  • කටුව සහිත ගෙඩි/ ඇට වර්ග (nuts)

කජු, රටකජු, වට්ටක්කා ඇට වැනි ඇට වර්ගවල ප්‍රෝටීන බහුලය. මේදය, තන්තු, විටමින්, ඛනිජ ලවණ අඩංගුය. විටමින් E අධිකව පවතින අතර ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.

  • මුදවපු කිරි/යෝගට්

ආහාර ජීර්ණය හිතකර Probiotics (good bacterial – හිතකර බැක්ටීරියා) අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීතාවය ආරක්‍ෂා කරයි. මේවායේ ප‍්‍රතිශක්තිරණය උත්තේජනය කළ හැකි ගුණයක් අඩංගු වේ.

  • පැණි – Honey

මෙහි ප‍්‍රතිඔක්සිකාරක හා ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් පවතී. ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය වැඩිදියුණු කරයි. දරුණු රෝගවලට හේතු වන බැක්ටීරියා වර්ධනය කරයි.

 

  • කොළ පැහැති එළවළු 

ආසාධනවලට විරුද්ධව ක‍්‍රියාකාරී වීමේ හැකියාව ඇත. මෙහි මනා පෝෂක සහ ක්‍ෂුද්‍ර පෝෂක කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් හා බීටා කැරොටීන් වැනි ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. ඉන් ප‍්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කරයි.

 

  • මුල සහිත එළවළු ( Root Vegetables)

චීන වෛද්‍ය විද්‍යාවට අනුව මුල සහිත එළවළු මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. බතල, කැරට්, බීට්, අල, අර්තාපල් විශේෂයෙන් ස්වසන පද්ධතියේ ප‍්‍රතිශක්තීකරණය සඳහා දායක වේ.

මේවා පොළව තුල වැඩෙන බැවින් එසේ ඇති පෝෂක විශාල ප‍්‍රමාණයක් උරාගනී. මෙහි විශේෂයෙන් දියවන හා දිය නොවන තන්තු අන්තර්ගතය. මින් ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය නංවාලීමට දායක වේ. සැලකිය යුතු විටමින්, ඛනිජ ලවණ, තන්තු අඩංගු වේ.

 

  • විටමින්

විටමින් C සහ E මගින් රෝග ඇති කිරීමට ඉවහල් වන Free radicals ජීවීන් විනාශ කරයි. ශරීරයේ ස්වභාවික ප‍්‍රතිශක්තීකරණයට උපකාරී වේ. ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.

  • විටමින් C – දොඩම්, නාරං, ස්ට්‍රෝබෙරි, දෙහි
  • විටමින් E – කටුව සහිත ගෙඩි, ඇට වර්ග, නිවිති, බ්‍රොකොලි

අපේ ශරීරයට විටමින් බොහෝමයක් ලැබෙන්නේ ආහාර මෙගිනි. ඖෂධ ‍ෙගින් බොහෝ පුද්ගලයන් විටමින් ලබාගැනීමට පුරුදු වී සිටියද ඉන් තමාගේ ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණය තීරණය කළ නොහැක. සමහර විටමින් වර්ග මගින් අතුරු ආබාධ ඇති කරයි. වෛද්‍ය උපදෙස් මත විටමින් භාවිතය වඩා සුදුසු වේ. විශේෂයෙන් විටමින් E  අනවශ්‍ය ලෙස නොගත යුතු අතර එය සමහර අවස්ථාවලදී හානි කර වේ. 

 

  • මුහුදු ආහාර

ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණ කරයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග පාදයි. රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතී.

  • ඛනිජ ලවණ

ඛනිජ ලවණ සියල්ලම පාහේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණුවට දායක වේ. ඒ අතරින් පහත ඒවා වැඩි දායකත්වයක් දක්වයි. 

  • පොටෑසියම් හා මැග්නීසියම් කෙසෙල් මගින් ලැබේ. ඉහත ඛනිජ ලවණ මගින් ආඝාතය (stroke – අංශභාගය වැනි තත්ත්ව) ඇති වීමේ අවදානම අඩු කරයි. කෙසෙල්වල අධික ලෙස විටමින් B6 අඩංගු වන නිසා ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් වේ. රතු සෛල  නිපදවීමට උදව් වන අතර ස්නායු පද්ධතිය හොඳින් ක‍්‍රියාකාරී කරයි. ප්‍රෝටීන පරිවෘත්තියට උදව් කරයි. 
  • සින්ක්

සුදු රුධිරාණුවල තිව‍්‍රභාවයට උපකාරී වේ. වට්ටක්කා, කටුව සහිත ගෙඩි, ඇට වර්ග හා බෝංචි වල අඩංගු වේ.

 

දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය වැඩිදියුණු කිරීම සඳහා කහ, විටමින් C බහුල ආහාර, වියළි පළතුරු, ඇටවර්ග, කටුව සහිත ගෙඩි, බිම්මල්, මස් සහ මාළු, කිරි නිෂ්පාදන උපකාරී වන අතරම නිසි පෝෂණය සැමවිටම බොහොමයක් රෝගවලින් ආරක්ෂා වීමට ඉවහල් වේ.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

කොරෝනා, වළක්වා ගත නොහැකි මාරාන්තික වෛරසයක්ද?

ලොවටම තර්ජනයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ගැන මේ වෙද්දී
අපි කවුරුත් බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. ඉතිං තව තවත් තොරතුරු
දැනගන්න තමන්ට තියෙන ගැටලු නිරාකරණය වෙන්න වගේම මේ තත්ත්වයට
ගොදුරු නොවී වැළකෙන්නත් රෝගය පතුරවන්නෙක් නොවන්නත් දැනුවත් බව
බොහොම වැදගත් වෙනවා.

නව කොරෝනා වෛරසය විශාල වෛරස් පවුලකට අයත්. සතුන්ට සහ මිනිසුන්ට
රෝග සාදනවා. මෙම කොරෝනා වෛරස කිහිපයක් මගින් ස්වසන පද්ධතියේ
ආසාධන ඇති කරනවා. සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට තීව‍්‍ර ආසාධන තත්ත්ව වන MERS
(Middle East Respiratory Syndrome) SARS (Severe Acade Respiratory Syndrome) වැනි
තත්ත්ව ඇති කරනවා.

මෑතකදී සොයාගත් කොරෝනා රෝගය තමයි මේ වෙද්දී
මුළු ලෝකයම බියට පත් වීමට හේතුව වන COVID – 19.
වෛද්‍ය මතයට අනුව කොරෝනා වෛරසය මාරාන්තික වෛරසයක් නොවේ. මෙම
වෛරසය අනතුරක් හෝ අවදානමක් නැති බව මින් අදහස් නොවේ. කොරෝන්
වෛරසයද ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මෙන්ම ස්වසන පද්ධතියට හානි කරවන
RNA වර්ගයට අයත් වෛරසයකි. මෙම වෛරසය මර්දනය සඳහා මෙතෙක්
සාර්ථක ප‍්‍රතිකාර සොයා නොගැනීම මෙම තත්ත්වය ව්‍යාකූල වීමට හේතුවක් වී
ඇත.

නව කොරෝනා වෛරසය ආසාදිත පුදුගලයෙකු පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ
 මූලික රෝග ලක්‍ෂණ ස්වසන පද්ධතිය ආශ‍්‍රිතව පැතිරේ.
 උණ
 කැස්ස
 හුස්ම ගැනීමේ අපහසුව/හතිය
 නාසයෙන් සොටු දියර ගැලීම
 නාසය සිරවීම
 උගුර වණවීම
 උගුරේ වේදනාව
 හිසරදය
 මස් පිඬුවල හා ඇඟපතේ වේදනාව
 පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රෝග ලක්‍ෂණ

රෝගය පැතිරීම
මෙය වෛරසයක් බැවින් අන් අයට පැතිරෙන්නේ බිඳිති ආසාධනයකිනි. නාසය
හෝ මුඛය හරහා පිටතට පැමිණෙන බිඳිති (සෙම, සොටු, කෙළ) උපකරණ
මතුපිට තැවරේ. අජීවී පෘෂ්ඨවල මෙම ජීවීයා සජීවී පෘෂ්ඨවලට වඩා වැඩි කලක් ජීවත් වේ.

නිරෝගී පුද්ගලයෙකු මෙම පෘෂ්ඨ ස්පර්ශ කර ඒ අතින් නාසය, ඇස,
මුඛය ඇල්ලීමෙන් රෝගය වැළෙඳේ.

අජීවී පෘෂ්ඨවල මෙම වෛරසය පැය 12 කට
ආසන්න කාලයක් සජීවීව පවතී.

සාමන්‍යයෙන් පරිසර උෂ්ණත්වය 20 0 C – 30 0 C අතර
ජීවීව වාසය කරයි.

සීතල අධික පරිසර වෛරසය වර්ධනයට කදිම තෝතැන්නකි.

ලොව පුරා මෙම Covid- 19 රෝගය ආසාධනය වූ බහුතරය සම්පූර්ණයෙන් සුවය
ලබා ඇත.

සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය
විය හැක.

ඇතැම් විට ප‍්‍රතිශක්තිය දුර්වල වූ රෝගීන් ඉතා අඩු පිරිසකට මෙම
රෝගය මාරාන්තික වන්නේ නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමෙනි. මොළය,
වකුගඩු වැනි ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන්ද ආසාධනය විය හැක.

නව කොරෝනා වෛරසය අවදානම් විය හැකි කාණ්ඩ

දියවැඩියාව, පිළිකා වැනි ප‍්‍රතිශක්තිය හීන කරවන රෝගවලින් පෙළෙන්නන්
 වයස්ගත වූ වැඩිහිටියන්
 අධික රුධිර පීඩනය හා හෘද රෝගවලින් හෝ වෙනත් වෛද්‍යමය රෝග
තත්ත්වවලින් පෙළෙන්නන්
 ප‍්‍රතිශක්තිය අඩු විය හැකි ඖෂධ භාවිත කරන රෝගීන්
උදා: අවයව බද්ධ කළ රෝගීන්
 දැනටමත් ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන්නන්
 ගැබිනි මව්වරුන්

හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්ව

 තද උණ සමග ස්වසන මාර්ගයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම්
 හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම්
 පසුගිය සති දෙකක කාලය තුළ මෙම රෝගීන් වාර්තා වූ පෙදෙසක සිටියේ
නම් හෝ එම රෝගීන් සමග ඇසුරක් පැවැත්වූයේ නම් හෝ රෝගය තිබුණු
විදේශ රටක සංචාරයක හෝ පදිංචි සිටියේ නම්
එවන් පුද්ගලයින් වහා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වී රෝගය වැළඳී ඇත්දැයි
සැකහැර දැනගත යුතුය.

අද ලොවම මෙම වසංගත තත්ත්වය නිසා හදිසි තත්ත්වයක් නිවේදනය කර
තිබියදී අප එයට සූදානම් විය යුතුය. ඒ නිසා සැවොම ස්වයං නිරෝධායන මාර්ග
ගැන අවධානය යොමු කළ යුතුය. ඔබ රෝගය පවතින රටක සිට පැමිණියහොත්
තමා ආදරය කරන්නන් මේ තත්ත්වයට ගොදුරු වීම වළක්වා ගැනීමට
නිරෝධායනයට ලක්වී තමාට රෝගව වැළදී ඇත්ද නැද්ද යන්න තහවුරු කරගත
යුතුයි.

නිරෝධායනය යනුවෙන් අදහස් කරන්නේ රෝග ලක්‍ෂණ මතුවන තෙක් තවත්
කෙනෙකුට බෝ නොවන ලෙස වෙන් කොට තැබීමය. මේ සඳහා සති දෙකක කාලයක් තබාගැනීම ප‍්‍රමාණවත් වුවද එය දින 20 ක් පමණද විය හැකි බවට
වෛද්‍ය මත පලවී ඇත. මෙසේ කරන්නේ විදේශ ගතව සිට නිවසට යාමෙන්
නිවසේ අයත් සාමාජයත් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම වළක්වා
ගැනීමටය.

රෝගීන් අනුගමනය කළ යුතු කරුණු
 හැකි පමණ දියර වර්ග පානය කිරීම
 උණ සහිත නම් පැරසිටමෝල් පමණක් ගැනීම
 හොඳින් විවේක ගැනීම

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්‍ෂා වීමට ගත යුතු ක‍්‍රියාමාර්ග

කොරෝනා වෛරස ආසාදනය වාතයෙන් සම්ප්‍රේෂණය නිසා කෙනෙකු නිරෝගී
පුද්ගලයෙකු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීමට අප සැමගේ කැපවීම,
දැනුවත් බව මෙන්න සැලකිලිමත් බවත් අවධානයත් ඉතා වැදගත් වේ.

1) ක‍්‍රමානුකූලව හොඳින්න් අත් සේදීම
සබන් හෝ Alcohol hand rub භාවිත කළ හැක. මෙමගින් අතේ සිටින වෛරස
විනාශ වේ.
අත් සේදීම පහත අවස්ථා වලදී වැදගත් වේ.
 මුහුණ ස්පර්ශ කිරීමට පෙර/පසු
 කැස්ස, කිවිසීමෙන් පසු
 ආහාර පිළියෙල කිරීමට පෙර හා පසු
 ආහාර අනුභවයට පෙර/පසු
 රෝගියෙකුට සත්කාර කළ පසු
 බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණි පසු
 සතුන් ඇල්ලීමෙන් පසු

2) කැස්ස, කිවිසීම සහිත පුද්ගලයෙකුට අඩු තරමින් මීටරයකට වඩා දුරින් සිටීම.
මීට හේතුව වන්නේ කැස්ස, කිවිසීම මගින් දියර සහිත කුඩා බිඳිති ඔවුන්ගේ
නාසය හා මුඛය හරහා පිටවී ඒවා ස්පර්ශ වීම මගින් රෝගය නිරෝගී
පුද්ගලයෙකුට බෝ විය හැකි නිසයි.

3) කැස්සකදී හෝ කිවිසීමකදී ඉවත දැමිය හැකි අත් පිස්නාවක් භාවිත කිරීම හා
එය ඉක්මණින් ඉවත් කිරීම.

4) ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් නැත්නම් ඔබේ වැලමිට නවා මුහුණ
ආවරණය කිරීම

5) අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහල් වැනි පොදු ස්ථානවල ගැවසීමෙන්
වැළැක්වීම. එනම් මහජනතාව වඩාත් ගැවසෙන ස්ථාන, සාප්පු සවාරි, ක‍්‍රීඩා
තරග, ප‍්‍රිය සම්භාෂණ, වන්දනා ගමන්, සමිති සමාගම් ආදියට සහභාගී
නොවීම
6) අත්‍යාවශ්‍යතාවයකට හැර විදෙස් ගමන්වලින් වැළකීම

7) තමන් භාවිතා කළ ඇඳුම් පවා හැකි විගස සෝදා පිරිසිදු කිරීම. දිනපතා ඇදුම්
සේදීමෙන් පසු නිවස තුළට ගැනීම

8) අතට අත දීම, සිප වැළඳ ගැනීම වෙනුවට ආයුබෝවන් කියා ආචාර දක්වන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා
කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.