නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය ගැන ඔබ හරිහැටි දැනුවත්ද?

නිරෝධායනය කියන වචනේ මේ දවස්වල ඔයාලට හොඳට අහලා පුරුදුයි නේද? ඒත් ඒකෙන් හරියටම අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවද? නිරෝධායනය කියන්නේ බෝවෙන රෝග වසංගත කාලයකදී රෝගය පැතිරීම වලක්වා ගන්න ක්‍රියාත්මක කරන, අන්තර්ජාතිකව පිළිගත් ක්‍රියාවලියක්. මේක කොහෙත්ම බය වෙන්න ඕනි දෙයක් නෙමෙයි කියලා මේක කියෙව්වම ඔයාලටම තේරෙයි.

1.නිරෝධායනයට ලක්කළ යුත්තේ කවුද?

දැනට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත් රෝග විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන පුද්ගලයන්ව තමයි නිරෝධායනයට ලක් කරන්නේ. මේ කොරෝනා වසංගතයේදී නම් විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන්නේ එම රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සහ එම රෝගය වැළඳුණ කෙනෙක් සමග ළඟින් ආශ්‍රය කළ කෙනෙක්වයි.

  1. නිරෝධායනය කරන්නේ කොහොමද?

නිරෝධායනයට ලක්වන පුද්ගලයාට තමාගේ එදිනෙදා අත්‍යවශ්‍ය වැඩ කටයුතු, ඒ කියන්නේ කෑම, බීම ගන්න එක, නාන එක, පාඩම් හෝ තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකයේ වැඩ ආදිය කරගෙන යෑමට කිසිම බාධාවක් නැහැ. වෙනස තියෙන්නේ නිරෝධායනය කරන කාලසීමාව තුළදී (සති දෙකකදී) එයාලට යම් සීමාවකින් එළියට යන්න බැරිකම සහ වෙනත් අය සමග ළඟ ආශ්‍රයක් පැවැත්වීමට බැරි වීම විතරයි. මොකද විෂබීජය අනිත් අයට ශරීරගත වීම වලක්වගන්න ඕනි නිසා. නිරෝධායනය කාල සීමාව අවසානයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්තං, සෞඛ්‍ය උපදෙස් දී ඔවුන්ව නිවෙස්වලට මුදා හරිනවා.

  1. එතකොට ස්වයං නිරෝධායනය කියන්නේ මොකක්ද ?

ඉහතින් සඳහන් කරපු දේම, වෙනත් කෙනෙකුගේ පූර්ණ අධීක්ෂණයක් නොමැතිව, තමන්ගේ නිවස තුලදීම තමන් විසින්ම සිදු කරගන්න එක තමයි ස්වයං නිරෝධායනය කියන්නේ. එහෙම කරන එකේ තේරුමත් විෂබීජ ශරීරගත වී ඇතිනම් එය වෙනත් අයට බෝ වීම වලක්වා ගැනීමයි. රට ඉඳලා එන හැමෝටම රජය ලබාදෙන නිරෝධායන මධ්‍යස්ථානවල සේවාව සැපයීම කළ නොහැකි නිසා, අවදානම අඩු රටවල්වල ඉඳලා එන අයට හෝ එහෙමත් නැත්තං මෙම වෛරසය වැළඳීමෙන් රෝගී වුනු කෙනෙකුව ළඟින් ආශ්‍රය කරපු කෙනෙකුට හරි අපි උපදෙස් දෙනවා තමන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනය වෙන්න කියලා.

  1. ස්වයං නිරෝධායනයට ලක් වෙන අය කරන්න ඕනි මොනවාද?
    තමන්ගේ නිවසේම ස්වයං නිරෝධායනය වෙන්න කියලා උපදෙස් ලැබුණු කෙනෙකුට ඉන්න වෙනම කාමරයක් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන, ජනෙල් අරින්න පුළුවන්, හොඳින් හිරු එළිය වැටෙන එකක් නම් තවත් හොඳයි. එහෙම වෙනම කාමරයක් දෙන්න බැරිනම් පුළුවන් තරම් අනිත් අයගෙන් ඈත් කරලා තියන්න ඕනි. එහෙම වෙලාවට එයාට නිදාගන්න අනිත් අයගෙන් වෙන් වෙච්ච තැනක් පිලියෙල කරලා දෙන්න ඕනි. පොදුවේ ඇදවල් පාවිච්චි කරන්න බැහැ.

 

5. ඒ වගේ අයට පොදුවේ ගෙදර අනිත් අයත් එක්ක භාණ්ඩ භාවිතය අවම කරන්න ඕනි.

තමන්ගේම පාවිච්චියට වෙනම පිඟානක්, කෝප්පයක්, තුවායක්, සබන්, පනාවක් වගේ දේවල් තියෙන්න ඕනි. මේ සති දෙක යනකල් කෑම කන්න වෙන්නේ කාමරය ඇතුලේ ඉඳන්.

ඒ වගේම නිරෝධායනය වෙන පුද්ගලයන් නිවසේ අනෙකුත් සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න බැහැ. කොටින්ම කතාබහ අවම කරලා, කතා කරන කොට අවම වශයෙන් මීටරයක පරතරයක් තියාගන්න ඕනි. සිප වැළඳගැනීම් තහනම්. ඒ වගේම තමයි නිවසට නෑදෑයන් හෝ වෙනත් පුද්ගලයන් පැමිණීම සහ ඔවුන් සමඟ කතාබහ සිදුනොකල යුතුයි.

ඉතා වැදගත් දෙයක් තමයි නිරෝධායනය වෙන පුද්ගලයන් නිතරම තමන්ගේ අත් සබන් යොදා හොඳින් පිරිසිදු කිරීම. ඒ වගේම ඔවුන් තමන්ගේ නහය, කට, ඇස් ඇල්ලීමෙන් වැලකිය යුතුය.

මෙම නිරෝධායනය වන පුද්ගලයාට පරිහරණය සඳහා වෙනම නාන කාමරයක් දෙන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි. එහෙම බැරි නම්, එම පුද්ගලයා පොදු නාන කාමරය නිවසේ අනිත් අය පාවිච්චි කරාට පස්සේ අන්තිමටම භාවිතා කල යුතුයි. ඔහු නාන කාමරයෙන් පිටතට ඒමට පෙර ටැප් එක, සින්ක් එක, දොර හැඩලය ආදී වෙනත් කෙනෙක් ස්පර්ශ කරන දේවල් හොඳින් සබන් යොදා පිරිසිදු කල යුතුයි. තුවාය පොදුවේ පරිහරණය නොකළ යුතුයි.

මෙලෙස නිරෝධායනයට ලක්වන පුද්ගලයන් තමන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවාදැයි නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය. මේ කාලයේ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව, ඇඟපත අමාරුව හෝ (කලාතුරකින්) බඩ බුරුල් වී යාමයි. නිරෝධායනය වන පුද්ගලයාට මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කරන්නේ නම් වහාම ඒ බව තමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට (MOH office) හෝ PHI මහත්තයාට දැනුම් දිය යුතුයි. ඉන් පසුව තමන්ට ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතුයි.

මෙලෙස නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ව අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට (MOH) සහ PHI මහත්තයාට නීතියෙන් බලය තිබෙනවා. නමුත් නීතිමය තත්ත්වය පසෙක තිබියදී මෙවැනි ක්‍රියාවලියකට හැකි උපරිම අයුරින් සහයෝගය ලබා දෙන එක මේ රටේ බුද්ධිමත් පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම බව ඔබට තේරෙනවා ඇති. මෙවැනි ස්වයං නිරෝධායනයට ලක්වන කෙනෙකු ඔබේ නිවසේ වාසය කරනවා නම් PHI මහත්තයා නිවසට පැමිණ හෝ දුරකතන ඇමතුමක් මඟින් ඔහුගේ විස්තර විමසන විට ඔවුන්ට උපරිමයෙන් සහය වන්න. ඔබේම සහ ඔබේ නිවැසියන් ගේ ආරක්ශාව සඳහා සැමවිටම සත්‍ය තොරතුරු ලබාදෙන්න.

ඔබේ නිවසේ මෙවැනි නිරෝධායනයට ලක්වන කෙනෙක් නොමැති නමුත් එවැනි අසල්වැසියෙක් ඔබට සිටිනවා වෙන්න පුලුවන්. ඉතිං ඒකේ තේරුම ඒ ගෙදර ලඟින්වත් යන්න හොඳ නැහැ, ඒ පැත්ත බලන්නවත් හොඳ නැහැ කියන එක නෙමෙයි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඇත්තටම එහෙම ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සමාජයට කරන්නේ සේවයක්. ඒ නිසා ඒ අයව නිරෝධායන කාලසීමාවෙන් පසුත් ආශ්‍රය නොකල යුතු ගණයට වැටෙන්නේ නැහැ හොඳේ ? එහෙම කටකතා සහ වැරදි ආරංචිවලට වැට බඳින එකත් මේ වෙලාවේ ඔයාලට කරන්න පුලුවන් ලොකු සේවයක්!

ඉතිං එහෙම නිරෝධායනය වෙන සමහර අය තනියම ගෙදර ඉන්නවා වෙන්න පුලුවන්. ඔවුන්ට උයාගන්න බඩු නැතිවෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට ඔයාලට උදව් කරන්න ඕනි නම්, ඔයාලාට දෙන්න බලාපොරොත්තු වෙන බඩු ටික එයාට දැනුම් දීලා ඒ ගෙදර ගේට්ටුව හෝ පඩිය උඩින් තියලා එන්න පුලුවන්. ඒ පුද්ගලයාව මුණගැහෙන්නේ නැතුව සහ ඒ ගෙදර ගේට්ටු, දොර එහෙම අල්ලන්නේ නැතුව. මතකයිනේ, මේ වෛරසය ගේට්ටු උඩින් , වැටවල් උඩින්, තාප්ප උඩින් පැන පැන එන්නේ නැහැ හොඳේ.

ඉතිං අපි මේ රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. මේ වසංගතය ඉවර වුන කාලෙක ඔබේ උපරිම සහයෝගයත් වසංගතය මැඩපවත්වන්න ලබා දුන්නා නේද කියලා ඔබටත් ආඩම්බරයක් දැනේවි! ❤
ස්තුතියි!

මූලාශ්‍ර:
1. http://www.epid.gov.lk/
2. https://www.bbc.com/…/healt…/coronavirus-how-to-self-isolate

වෛද්‍ය සුමුදු හේවගේ (MBBS, MSc and MD in Community Medicine)
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

කොරෝනා බෝවීමෙන් වගේම පැතිරීම අවම කරන්නත් තව තවත් දැනුවත් වෙමු

මේ වසංගත කාලයේදී ඔබේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේ ද සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි දේ බොහෝය. ඒ දේවල් ඔබේ දැනගැනීම පිණිස බෙදා ගමි. සියලු කරුණු විශ්වාසදායී පිළිගත් මූලාශ්‍ර මගින් ලබා ගත් දේවල් වේ. මෙම Corona වසංගතය වෛරසයක් හේතුවෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝ වන රෝගයක් බව ඔබ මේ වනවිටත් දන්නවා. එම රෝගය සෑදීම වලක්වාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් මෙසේය.

  1. අතවශ්‍ය නොවන සියලු ගමන් කල් දමන්න

ඔබට යම්කිසි කටයුත්තකට ගෙදරින් පිටට යෑමට අවශ්‍ය නම්, එම කටයුත්ත සතියකට දෙකකට කල් දැමිය හැකිදැයි බලන්න. ඇතම් විට මූල්‍යමය පාඩු සිදු වේවි. නමුත් ගෙදර කෙනෙක් ලෙඩ වුනොත් විඳින්න වෙන වේදනාවට මෙන්ම අපහසුතායට වඩා එම කටයුත්ත කල් දමන එක ඇගට ගුණදායකදැයි ඔබෙන්ම අසන්න. පිළිතුර ඔව් නම්, ගෙදරින් පිටවන්න එපා. අලුත් අවුරුද්දට ඇදුම්, බඩු මුට්ටු ගන්න යන එක වගේ ඒවා නම් අනිවාර්යයෙන්ම කල් දාන්න පුළුවන් දේවල්.

  1. කල් දැමිය නොහැකි අතවශ්‍ය ගමන් බිමන් අපි හැමෝටම තියෙන්න පුළුවන්

ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ගමනේදී පොදු දේවල් භාවිතය අවම කිරීම. පොදු ප්‍රවාහන සේවා, පොදු කෑම කන ස්ථාන, පොදු වැසිකිලි ආදිය. නමුත් හැමෝටම ඒක කරන්නත් බැහැ. ඔබට එම දේවල් භාවිත කරන්න සිදු වෙනවා නම්, වඩාත්ම හොඳම දේ තමයි නිරතුරුවම අත් සෝදන එක. සාමාන්‍ය සබන්වලින් අත සේදු විට මවෛරසය විනාශ වන බව පර්යේෂණ පෙන්වයි . එබැවින් අත් සේදීමට සබන් ප්‍රමාණවත්. ගමනක් යනකොට පොඩි සබන් කෑල්ලක් කොලේක ඔතාගෙන bag එකේ දාගෙන යන එක ප්‍රයෝජනවන් වේවි සින්ක් එකක් තියන තැනකදි පාවිච්චි කරන්න. සින්ක් එකක් හොයාගන්න බැරි වෙලාවකදී හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අත්‍ අපිරිසිදු (soiled) වී ඇත්නම් අනිවාර්යයෙන්ම සබන් යොදා සෝදාගත යුතුයි. හෑන්ඩ් සනිටයිසර් අනුමත කරන්නේ අතෙහි යම් දුවිලි හෝ අපිරිසිදු දේ පෙනෙන්නට නැති විට (visibly clean) ජීවානු හරණය සඳහා පමණයි.

  1. හෑන්ඩ් සනිටයිසරයක් /රබ්ස් යොදා ගන්නේ නම් කාර්යක්ෂම ජීවානුහරනයක් සඳහා අවමයෙන් 70% ක ඇල්කොහොල් එහි අඩංගු විය යුතුයි.
  2. ගමන අතරතුරදී හැකි තරම්, අවම වශයෙන් මීටරයක දුරක්, අනෙක් පුද්ගලයන් හා ඔබ අතර පවත්වාගන්න. මෙය ගොඩක් වෙලාවට අපේ රටේ කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් හැකි හැම විටම කරන්න උත්සාහ ගන්න. එසේම වෙනත් කෙනෙක් සමග අතට අත දීමෙන් වලකින්න.
  3. මුහුණු ආවරණ දැමීම

ඔබට කිසිම රෝග ලක්ෂණක් නැතිනම්, මුහුණු ආවරණ දාන එක නොදාන එකට වඩා සමහරවිට අවදානම් වේවි. මොකද නුහුරු බව නිසා නිතරම එය අල්ලන්නට යෑම, මූණ වෙනදාටත් වඩා ඇල්ලීම වැනි දේවල් නිසා. කොහොමත් නිරෝගී අය සාමාන්‍ය ගමනකදී මුහුණු ආවරණ දැමීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබට රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඔබ රෝගියෙකුව රැක බලා ගන්නවා නම් එය පාවිච්චි කරන්න නිර්දේශ කරනවා. නිවැරදිව එය භාවිත කරන හැටි youtube video බලලා ඉගෙන ගන්න පුළුවන්. මුහුණු ආවරණයේ පටිවලින් අල්ලලා තමයි කන දෙපැත්තට දාගන්න ඕනි. එකේ නහයේ මුදුනින්ම තැන විතරක් තද කර හොඳින් සවිකරගන්න. ගලවද්දිත් පටිවලින් අල්ලලා ගලවලා කුණු බාල්දියට දාන්න ඕනි. මුහුණු ආවරණයේ ඉදිරිපස අතින් අල්ලන්න එපා. මොකද එකේ විෂබීජ රැඳිලා තිබුනොත් ඒ ටික ඔයාගේ අතට එන්න පුළුවන් නිසා. කොහොමත් එය පැලඳගන්න පෙර සහ ගැලවුවාට පසු අත් සබන් දාලා සෝදන්න. මේ විදිහට තැතුව නිකං මුහුණු ආවරණ පාවිච්චි කරන එක නොකරනවට වඩා අවදානම්, ඔබ රෝගියෙක් නෙමෙයි නම්.

  1. ගමන අවසන් වී නිවසට පැමිණි වහාම

ගමන අවසන් වී නිවසට පැමිණි වහාම වෙනත් කෙනෙක් හෝ දෙයක් අල්ලන්න කලින් සබන් දාලා හොඳට අත් සෝදාගන්න. ගෙදර වත්තේ හෝ එලියේ ටැප් එකෙන් සෝදන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට දොර අල්ලන්නත් පෙර සිටම අත පිරිසිදු වෙන නිසා. එහෙම එලියේ ටැප් නැත්නම්  ඔබ දොර ඇල්ලුවාට පසු දොරේ ඇල්ලූ තැන විෂබීජහරණය කරන්න.

  1. පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් ගිහින් ආවම රෙදි සෝදන හැටි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව සාමාන්‍ය සබන් හෝ ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන ඩිටර්ජන්ට් පව්ඩර් යොදා රෙදි සෝදා වියලා ගැනීම ප්‍රමාණවත්. මතක තබාගන්න හිරු එළියේ ඇති පාර ජම්බුල කිරණ කදිම විෂ බීජ නාශකයක්. රෝගීන්ගේ ඇඳුම් පවා සේදීමට අප දෙන උපදෙස්ද මෙම උපදෙස්මය . එකම වෙනස ඔවුන් සඳහා යන්ත්‍රයේ සෝදන්නේ නම් උපදේශය අංශක 60 -90 අතර වන ජලයේ සාමාන්‍ය ඩිටර් ජන්ට් දමා සෝදා හොඳින් වියලා ගන්නා ලෙසය.

  1. මුදල් නෝට්ටුවලින් මෙම විෂබීජය පැතිරෙන්න පුළුවන් ද

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුදල් නෝට්ටු හරහා මෙම විෂබීජය පැතිරෙන්න ලොකු අවධානමක් නැහැ කියලයි. ඒකට හේතුව ඔබේ අතේ සම හරහා මෙම විෂබීජය ශරීරගත වීමට ඇති හැකියාව අවම වීමයි. නමුත් ඔබ මුදල් අල්ලලා අත් සෝදන්නේ නැතිව මූන, නහය, කට ඇල්ලුවොත් වැරදිලා හරි අර විෂබීජය මුදල් නොට්ටුවල තිබිලා ඔබේ අතට ඇවිත් තිබුනොත් ඔබට එය ශරීරගත වීමේ අවදානමක් තියනවා. ඒ නිසා මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් පසු හොඳින් සබන් යොදා අත් සේදීම ඉතාම වැදගත්. එතකල් මූන අල්ලන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙන්න ඕන.

  1. ඔබට කිවිසුම්ක් යනවිට හෝ කහින විට

ටිෂූ කඩදාසියක් නැතිනම් ඔබේ වැලමිටෙහි ඇතුළු පැත්තෙන් ඔබේ නාසය සහ කට ආවරණය කරගන්න. වෙනදා වගේ කහින කොට අත මගින් එය ආවරණය කරන්නේ නැතුව වැලමිටේ ඇතුළු පැත්ත පාවිච්චි කරන්න කියන්නේ වැරදිලා හරි ඔයාගේ අතේ විෂබීජය තිබුනොත් කහින වෙලාවට ඔයා අත කටට ළං කරොත් ඒ විෂබීජ ඔයාගේ අතෙන් කටට/නහයට යන එක වලක්වගන්න. වැලමිටේ ඒ විෂබීජ රැඳෙන්නේ නැති තරම්. ඒ වගේම එමගින් අනෙක් අයට ඔබේ කිවිසුම හෝ කැස්ස සමග එලියට එන බිඳිති ආශ්වාස වීම වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් ටිෂූ පාවිච්චි කරානං ඒවා නිසි පරිදි කසල භාජනයකට දමන එක. මහමග හැම තැනම ලංකාවේ කසල භාජන නැති නිසා, ඔබේ ගමන් මල්ලේ ඒ සඳහා වෙන්වුණු කවරයක් තියාගත්තොත් ලේසි වේවි. ගෙදර ආවාම එය කසල බඳුනට දමන්න පුළුවන්.

  1. නිරෝධායනය

මේ වචන ඔබට මේ වනවිට බොහොම හුරු ඇති. ඒත් ඉරිදා රූපවාහිනී වැඩසටහනක සාමාන්‍ය මිනිස්සු නිරෝධායනය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දුන්න උත්තර ඇහුවම ඒ ගැන වැඩි අවබෝධයක් ගොඩක් අයට නැති බව හිතුනා. නිරෝධායනය කියන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන, නමුත් විෂබීජය ඇඟට ඇතුළු වී ඇතයි සැක කරන කෙනෙක්ව අනෙක් අයගෙන් වෙන්කොට තැබීමයි. මෙහිදී ඔවුන්ට කිසිසේත්ම බලහත්කාරයෙන් ප්‍රතිකාර කිරීමක් සිදු නොවේ. එසේ කිරිම අවශ්‍ය නොවන්නේ ඔවුන් රෝගීන් නොවන නිසා. ඔවුන්ට කන්න බොන්න වෙනදා වගේම අනෙක් වැඩ කරන්න පුළුවන්. බැරි එකම දේ ඔවුන්ට පනවා ඇති සීමාවෙන් එළියට යෑම පමණයි. එහෙම කරන්නේ ඔවුන්ට යම් කාලයක් තුළදී (කොරෝනාවලට නම් සති දෙකක්) රෝග ලක්ෂණ හැදෙනවා දැයි නිරීක්ෂණය කිරීමට සහ අනෙක් අයට එම විෂබීජය පැතිරීම වළක්වා ගැනීමටයි. එසේ රෝග ලක්ෂණ නොපෙන්වන අයට සති දෙක අවසානයේ සෞඛ්‍ය උපදෙස් දීලා ගෙවල්වලට යන්න දෙනවා.

  1. ස්වයං නිරෝධායනය

යම් කෙනෙක්ට ඉහත නොම්මර 9න් විස්තර කළ දේම වෙනත් කාගේ හරි , ඒ කියන්නේ හමුදාව හෝ වෛද්‍යවරුන්ගේ හෝ අධීක්ෂණයක් නොමැතිව තමන්ටම කරගන්න කියලා ගෙදර යවන එක. එතකොට ඔයාලා හරියට හැසිරෙනවද කියලා පොලීසිය වගේ බලන්න කවුරුවත් නැහැ. ඔයාලා තම තමාගේ සමාජ වගකීම හිතට අරගෙන වැදගත්, යමක් කමක් තේරෙන වැඩිහිටියන් විදිහට හැසිරෙයි කියලා එතනදී බලාපොරොත්තු වෙනවා.

  1. පිටරට සිට පැමිණි හෝ වෙනත් හේතු මත පරීක්ෂාවට ලක් කිරීම

රට ඉඳලා ආපු හරි නැත්තං වෙනත් හේතුවක් නිසා හරි කෙනෙකුව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සෞඛ්‍ය සේවකයන් විසින් නිරීක්ෂණයට ලක් කරනවා නම් ඒකෙ තේරුම එයාට කොරෝනා හැදිලා කියන එක නෙමෙයි. සමහර අයව අපි නිවෙස්වලට ගිහිල්ලා පරීක්ෂා කරල බලනවා. ඒ වගේ වෙලාවකදී කටකතාවලට ඇහුම්කන් නොදී ඉන්න එකත්, කටකතා පතුරවන්නේ නැතුව ඉන්න එකත් ඔයාලාගේ වගකීමක්. මේ වෛරස එක තාප්ප උඩින්, වැටවල් උඩින් පැන පැන එන්නේ නැහැ. ඒ වගේම එහෙම ස්වයං නිරෝධායනය ලක් වෙච්ච කවුරු හරි ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්නවා නම් සමහරවිට එයාලට කන්න බොන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඒ අය දවසේ පඩි ගන්න අය එහෙමත් නැත්තං ආර්ථික අපහසුතා තිබෙන අය වෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියන කෙනෙකුට ඔයාලට උදව්වක් කරන්න හිතෙනවා නං කෑම ටිකක් හදලා නැත්තං උයාගන්න බඩු ටිකක් පැක් කරලා ගෙදර ගේට්ටුව ළඟින් නැත්තං ගෙදර පඩිය උඩින් තියලා එන්න පුළුවන්, එයාලව මුන ගැහෙන්නේ නැතුව.

  1. විශ්වසනීය තොරතුරු පමණක් ලබාගන්න

මේකත් හරිම වැදගත් දෙයක්. විශ්වසනීයත්වයෙන් තොර, මූලාශ්‍රය කොහෙද කියලා හිතාගන්න බැරි තොරතුරු පැතිරවීමෙන් වැළකිය යුතුයි. ගොඩක් වෙලාවට මෙහෙම එන පණිවිඩවල මූලාශ්‍රයක් සදහන් වෙන්නේ නැහැ. එහෙම නැත්තං ඔයාලා හොඳින් කල්පනා කරලා බලන්න මේ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද කියලාවත්. තමන්ට ඒ දේවල් 100% විශ්වාස නැත්තං අනිත් අය එක්ක බෙදාගන්න එපා. ඔයාලාට කොරෝනා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් 117 කියන අංකයෙන් විස්තර දැනගන්න පුළුවන්.

  1. ඔබට/ඔබේ පවුලේ කෙනෙකුට මෙම වෛරස් ආසාදනය වී ඇතැයි සැක සිතේ නම්,

කරුණාවෙන් ඉල්ලන්නේ රජයේ රෝහලකටම යන්න කියලා. හේතුව පෞද්ගලික රෝහල්වලට තවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය දීලා නැහැ අවශ්‍ය පරීක්ෂණ කරන්න (PCR පරීක්ෂාව). දැනට රජයේ තෝරාගත් රෝහල් කිහිපයක පමණයි මෙම පරීක්ෂාව කරන්නේ. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා රූපවාහිනී වැඩසටහනක කිව්වා එක් පෞද්ගලික රෝහලක් මෙම පරීක්ෂණය කරලා තියනවා කියලා අවසරයක් නොමැතිව. ඒ රෝගියා පරීක්ෂණය පොසිටිව් කියලා දැනගෙනත් දවස් කිහිපයක්ම තැන තැන ඇවිදලා තමයි අන්තිමට රජයේ රෝහලකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ ඔබට මුදල් තිබුන පලියටම පෞද්ගලික රෝහල්වලට යන්න එපා. රජයේ රෝහලකට යන්න. ප්‍රතිකාර සඳහා හඳුනාගත් රෝහල් 17 මේ සමග අමුණා ඇති පින්තූරයේ තියනවා.

මම හිතන්නේ ඔයාලට දැන් තරමක් දුරට තේරෙනවා ඇති මේ වසංගතය පාලනය කරන්න ඔයාලා හරියට හැසිරෙන්නේ නැත්තං ආණ්ඩුවට විතරක් හරි, සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් හරි බැරි ඇයිද කියලා. ආණ්ඩුව අරක කරේ නැහැ, මේක කරේ නැහැ කියලා හරි, රට ඉඳන් ආපු අය නිසා තමයි මේක උනේ කියලා හරි බැන බැන ඉන්නවට වඩා මේ වෙලාවේ ඔයාලට කරන්න ගොඩක් දේවල් තියනවා. (පහුගිය සති අන්තයේ තමන් හිටියේ කොහේද කියලා හිතලා බැලුවොත් සමහරවිට තේරේවි තමන් අතිනුත් වැරදි දේවල් වෙලා තියනවා කියලා!) මේ අසීරු අවස්ථාවේ දී අපි දන්න අයට ඒ ඒ තීරණ ගන්න ඉඩ දීලා අපිට පුළුවන් උපරිමයෙන් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න උදව් වෙමු. තනි තනිව අපිට කළ හැකි හොඳම දේ කරලා මේ වසංගතයෙන් රටක් විදිහට ගොඩ එමු! සමාජ වගකීමක් සහිත පුරවැසියන් විදිහට මේ රටට යුතුකම ඉටු කරමු..!

වෛද්‍ය සුමුදු හේවගේ
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

දුවට පුතාට එන්නත් ලබා දෙන්න ඔබේ හි තටත් බයයිද?

0

දරුවන්ට ලබා දිය යුතු එන්නත් පිළිබඳව අසාමාන්‍ය බියක්, ඇතැම් මව්වරුන් තුල තිබෙනවා. අපි ඒ බිය තුරන් කරගන්න, එන්නත් සහ අතුරු ආබාධ පිළිබඳව දැනුවත් වෙමු. එන්නත් සහ අතුරු ආබාධ ගැන වැඩිදුර විස්තර අපි විමසුවේ, එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන්. Sri Lanka immunization schedule

එදා සිට අද දක්වාම පුංචි පැටියා වෙනුවෙන්ම වෙන් වුණු විශ්වසනීය මුදු සුවඳ කාගෙන්ද?

පුංචි පැටියෙක් ගෙදරට එනවා කියන්නනෙ මොන තරම් නම් සතුටට කාරණයක්ද. හැම අම්මා කෙනෙක්ම ,තාත්තා කෙනෙක්ම ඒ පැටියාව පිළිගන්න සූදානම් වෙන්නෙ හරිම සතුටෙන් වගේම හරිම ආඩම්බරෙන්.ඒ කාලෙදි මොන කරම් සූදානමක් ගෙවල් ඇතුලෙ තියෙනවාද කියන්න ඕන නැහැ. හරියට මගුල් ගෙදරකට සූදානම් වෙනවා වගේ තමයි. හැම ලොවෙම හිතන්නෙ පැටියට හොඳම දේ දෙන්නයි.

 

හොඳම දේ තෝර ගන්නත් අම්මලා නිරන්තරයෙන් සොයා බලනවා. ආවට ගියාට තමන්ගෙ චූටි පැටියට දේවල් තොර ගන්න එයාලා තටයුතු කරන්නෙ නැහැ. දැන් අම්මලා හැම වෙලාවෙම දරුවන්ට දෙන්න ඕන මොනවද කියලා හොඳින් දැනුම්වත් වෙනවා. වෙනදා වගේ නෙවෙයි නේ වර්තමානය වන විට ඒ සඳහා නොයෙක් ආකාරයේ අවස්ථා වගේම පහසුකමුත් වර්ධනය වෙලා තියෙනවා.

 

එවගේම තමයි අම්මා පුංචි පැටියා ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම එයාට හුරුපුරුදු ජීවන රටාවෙන් වගේම එයාගේ සුන්දරත්වය වෙනුවෙන් භාවිත කළ බොහොමයක් දේවල්වලින් ඈත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් වෙනදා ඇඳුමේ පාටට නිය පාට කරපු එයා පුංචි පැටියා වෙනුවෙන් ඒ දේවල් අත්හරින්නේ මුදු සුමුදු මලක් වගේ ඉන්න මේ පුංචියට ඒ දේවල් නිසා නරකක් වෙයි කියන බයට. වෙනදා වගේ දසත පැතිරිලා යන සුවඳ ඇය ළඟ දැන් නැත්තේ සැර සුවඳ විලවුන් වර්ග නිසා පුංචියට නරකක් වෙයි කියන බයට.

 

 

අම්මා කෙනක් පුංචි පැටියෙක්‍ ගැන හීන දකින්නේ එයා කුසට එන්නත් කලින් ඉඳලයි. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාලේ ඉඳලම කොයිතරම් ආසාව තිබුණත් කෑම බීම තෝරගනිද්දි එයා හරිම සැලකිලිමත්. පුංචි පැටියා කුසට ආවා කියලා දැන ගත්තම ඒ සැලකිලිමත් බව තවත් සිය දහස් ගුණයකින් වැඩි වෙනවා.

 

තමන් ආස දේවල්වලින් තවත් කෙනෙක් ‍වෙනුවෙන් ඈත් වෙන්න පුළුවන් නම් ඒ අම්මා කෙනක්ටම තමයි. ඒ තමන්ගේ දරු පැටියා වෙනුවෙන්ම විතරයි. ඒ නිසා තමයි ඇයට අම්මා කියන්නේ. ජීවිතයෙන් ජීවිතයක් බිහිකරන ඇය ඒ බිහි කරන ජීවිතය වෙනුවෙන් උපරිම සාධාරණය, ආදාරය ලබා දිය යුතු නිසාම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්න මුල ඉඳලම සැලකිලිමත් වෙනවා.

 

ඒ නිසාම පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පැටියා වෙනුවෙන් හැමවිටම තෝරාගන්න උත්සාහ කරන්නේ විශ්වාසනීය වෙළඳනාමයක් යටතේ වෙළඳ පොළට එන නිෂ්පාදනම පමණයි. ඒ පුංචි පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්මයි. අන්න ඒ නිසාමයි හැම අම්මා කෙනෙක්ම පුංචි පැටියාගේ මුදු සුවඳ රැකගන්න බේබි ෂෙරමි නිෂ්පාදනම තෝරාගන්නේ.

 

බේබි ෂෙරමි නිෂ්පාදන සියල්ලක්ම පාහේ පුංචි පැටවුන්ගේ මුදු සුමුදු බව වෙනුවෙන් ඉටු කරන්නේ විශ්වසනීය සේවාවක්. එදා සිට අද දක්වාම අලුත උපදින පුංචි පැටවුන්ගේ මුදු සුවඳ වෙනුවෙන් බේබි ෂෙරමි කොලෝන් විශ්වාසයෙන් සෑම මවක්ම තෝරාගත්තා.

 

පුංචි පැටියා වෙනුවෙන් බේබි ෂෙරමි කොලෝන් ඔබ තෝරාගත යුත්තේ මේ නිසයි.

 

  • IFRA (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය) මගින් සහතික කර තිබීම

 

ඔබ, ඔබේ පුංචි පැටියා වෙනුවෙන් භාවිත කරන කොලෝන් වර්ගය විශ්වසනීය ආයතනයක් මගින් සහතික කර තිබීමම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්නා බවට හොඳ සහතිකයක් බව මතක තබාගන්න. ළදරුවන්ට සුදුසු මට්ටමේ සුවඳකින් යුක්ත කොලොන් වර්ගයක් තෝරාගැනීමට නම් අනිවාර්යයෙන්ම එය IFRA මගින් සහතික කර ඇත්තේ දැයි සොයා බලන්න. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් IFRA මගින් සහතික කර ඇති බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

 

  • සැර සුවඳ පුංචි පැටියෙක්ට කිසිසේත්ම සුදුසු නැහැ

 

පුංචි පැටියෙක්ට හැමවිටම සුදුසු වෙන්නේ මුදු සුවඳක්. සැර සුවඳ පුංචි පැටියාව නොසන්සුන් කරනවා පමණක් නෙවෙයි වෛද්‍යවරු පවසන ආකාරයට ඒ නොසන්සුන් බව තුළින් මේ පුංචි පැටවුන්ගේ චර්යාත්මක ගැටලු ඇති විය හැකියි. ඒ වගේම ඇදුම වැනි තත්ත්වයන් ඇති වීමටත් සැර සුවඳකින් යුතු කොලොන් වර්ග හේතු විය හැකියි. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

 

  • දිගු කාලයක් පවතින මුදු සුවඳ

 

පුංචි පැටියෙක් සුවඳ මලක් වගෙයි. ඒ සුවඳ පැටියාට එක් කරන්නේ නැවුම් බවක්. ඒ වෙනුවෙන් විශ්වාසනීය ළදරු නිෂ්පාදනය නාමයක් යටතේ වෙළඳ පොළට එන නිෂ්පාදනයක් තෝරාගැනීමට ඔබට හැකියි. එය ඔබේ ළදරුවාට පිරිසිදු, නැවුම් සුවඳක් ලබා දීමට අවශ්‍ය ඕනෑම වේලාවක භාවිත කළ හැකි පැටියාගේ මෘදු සමට හානිදායක නොවන ආලේපනයක් විය යුතුයි. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න

  • ළදරු සමට සුදුසු බව විද්‍යාත්මකව සනාත කර තිබීම

පුංචි පැටියාගේ යහපත වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී මෙන්ම සුදුසුම දේ සොයන මවක් වන ඔබ පැටියා වෙනුවෙන් තෝරාගන්නා සෑම නිෂ්පාදනයක් පිළිබඳවම සැලකිලිමත් විය යුතු අතරම ඔබ තෝරාගන්නා ඕනෑම නිෂ්පාදනයක් පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට විද්‍යාත්මකව සනාථකර ඇත්දැයි සොයා බලන්න. ඒ නිසාම ඔබ ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මුදු සුවඳකින් යුතු බේබි ෂෙරමි කොලොන්ම තෝරාගන්න.

පුංචි පැටියා වෙනුවෙන් හැමවිටම හොඳම දේ තෝරාගන්නට වෙහෙසෙන මව්වරුන්, මල් පෙත්තක්වන් මුදු පුංචි පැටියාගේ මුදු සුවඳ වෙනුවෙන් බේබි ෂෙරමි කොලොන්ම තෝරා ගන්න හැමවිටම උත්සාහ කරන්නෙ තමන්ගෙ පැටියට තියෙන ආදරය නිසාමයි.

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි.

විභාග ප්‍රතිඵල සමග අපේ රටේ කොතැනක හෝ සියදිවි හානි කර ගැනීමේ සිද්ධින් එක දෙකක්වත් වාර්තා වෙනවා. අද වගේ විකල්ප අධ්‍යාපන අවස්ථාවන් නොතිබුන කලවලදී ලැබෙන ප්‍රතිඵලය භාරගෙන දරුවන් ජීවත් වුනත් අද ඒ තත්වය සමාජයේ දැක ගනන්ට ලැබෙන්නේම නැහැ. ඇත්තටම විභාගයක් අසමත් වුනාට සිය දිවි හානි කර ගැනීම ඉතාම අවාසනාවන්ත කටයුත්තක් වුනත් මේ තැනට දරුවන් පත්ව සිටින්නේ ඇයිදැයි යන්න ගැන සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි. දරුවාට වඩා ප්‍රතිඵල ගැන උනන්දුවෙන් සිටින්නේ මව්පියන්. එය ඇත්තටම සාධාරනයි. එහෙත් මව්පියන් ප්‍රතිඵල නිසා අතෘප්තිමත් වෙන තැනදී දරුවාටත් එය දරා ගැනීම අපහසුයි. රටේ ආර්ථික තත්වයත් සමග මව්පියන්ද විසින් දරණ වියදමට සහ කැපවීමට සාපේක්ෂව ඔවුන් තෘප්තිමත් වෙන ප්‍රතිඵලයක් නොලැබ කම්පනයට පත් වෙන මව්පියන් නිසා දරුවන්ගේ ජීවිතයට මුහුණ දෙන ශක්තිය නොදැනීම බිඳ වැටෙන තත්වයට පත් වෙනවා. මේ නිසා බොහෝ දරුවන් තමන්ගේ සියදිවි හානි කර ගැනීමේ පසු වදනේ සඳහන් කරන්නේ….අම්මා තාත්තා මට කරපු වියදම‍ට ගැලපෙන ප්‍රතිඵල නොලද නිසා ජීවිත්වීමේ අවශ්‍යතාවයක් නැති බවයි. මේ නිසා දෙමව්පියන් ලෙසින් දරුවන්ගේ ප්‍රතිඵල මුල් කර ගෙන කම්පාවට පත් නොවී ඔබ මෙන්ම ඔවුන්ටද ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලබා දීම ඉතා වැදගත් බව සිතන්න.

 

අද දරුවන් යාන්තම් හය හතර තේරෙන තැන පටන් අකුරට ලුහුබඳිනු විනා අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තියක් ඇත්තේම නැති තරම් කිව්වත් වරදක් නැහැ. අතීතයේදී දරුවන් සෙල්ලම් පිටියේදී අනුගමනය කළ නීති රීති, තීන්දු තීරණ මගින් ජීවිත අභියෝග ඉදිරියේ මුහුණ දෙන ශක්තිය ගොඩ නගා ගත්තා. ඒත් අද දරුවන්ට එවන් ශක්තියක් නැහැ.ශිෂ්‍යත්වය මව්පියන්ගේ මෙහෙයවීමෙන් දරුවන් හෙම්බත් වෙනවා. සෙල්ලමට විනෝදයට වෙලාවක් ඇත්තේම නැහැ. හුදෙකලා චරිතයක්ව ගෙවන දරුවා සමාජය ඉදිරියේ තිබෙන අභියෝග හමුවේ ඉතාම බෙලහීන චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා තමා ලද ප්‍රතිඵලය ඉදිරියේ ඉතාම දුර්මුඛ වෙන ඔවුන්ට තිබෙන එකම විකල්පය ලෙස සිය දිවි හානි කර ගැනීමට යොමු වීම අද බරතල ප්‍රශ්නයක්ව තිබෙනවා.

සමහර දෙමව්පියන් දරුවන් ගැන තබා ගෙන සිටින අධිතක්සේරුව ප්‍රතිඵල සමග බිඳ වැටෙන විට දරුවාට එය දරා ගැනීම අපහසුයි. අපේ පුතා නම් මෙඩිසින් සිලෙක්ට් වෙයි…යන ස්ථාවරයේම සිටියත් ප්‍රතිඵල ලැබී අදාල විශ්ව විද්‍යාල තේරීම ලැබෙන තෙක් තිබෙන්නේ ඉතාම අවිනිශ්චිතතාවයකි. මේ බව නොතේරෙන දෙමව්පියන් අනවශ්‍ය ලෙසින් දරුවා ඔසවා තැබීම නිසා ලැබෙන ප්‍රතිඵල තුළ අදාල ජයග්‍රහනය නොලද විට ඔවුන් තමන්ට ජීවත්වීමට තිබෙන වාසනාව ඔවුන් විසින්ම නැති කර ගන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙති.

ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ තෘප්තිමත්බව දැක්වීමත් දරුවන් බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ සුවිශේෂී පිලිවෙතකි. ලද දෙයින් සතුටු වෙනු විනා නොලද දෙය ඉදිරියේ හඬා වැටීම අසාර්ථක බව පෙන්වා දෙන්න. අහවල් අයගේ ප්‍රතිඵල මේ මේ ‍අන්දමින් ඉතා ඉහලින් ඇතැයි දරුවා සමග සංසන්දනයෙන් කතා බහ කිරීම දැන් නිෂ්ඵලය. එයින් වන්නේ දරුවා තවත් පසුබෑමට සහ කම්පාවට පත් වීම හැර වෙන සැලකිය යුතු වෙනසක් සිදු වීම නම් නොවන්නේය.

ප්‍රතිඵල ලැබුනාට පසුව ඔබ දරුවා පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇතැම් දරුවන් ප්‍රතිඵල ඉදිරියේ විශාල පසුබෑමකට පත් වෙති. මේ නිසා ඔවුන් ගැන සියුම් ලෙස නිරීක්ෂනය කරන්න. හුදෙකලා වන්නට ඉඩ නොදෙන්න.දරුවන්තේරුම් ගැනීම අප හිතන තරම් පහසු නැත. ඇතැම් විට සාමාන්‍ය පරිදි හැසිරෙමින් සිටම සිය දිවි හානි කර ගන්නා අවස්ථාවන් ඇත.එබැවින් ඔවුන්ගේ කම්පනය ඉදිරියේ අස්වසනු මිස තව තවත් කම්පාවට හේතු වෙන ලෙසින් දෙබස් එක් කිරීමෙන් වැලකීම ඉතා වැදගත් වේ.

විභාගය අසමත්වීම යනු ජීවිතයෙන් පලා යෑමට හේතුවක් නොවන බව දරුවන්ට තේරුම් කර දෙන්න. අද අධ්‍යාපනයේ ඉදිරියට යෑමට විකල්ප අවස්ථාවන් බොහෝ ඇත.අහිමි වූයේ එක් දෙයක් පමණක් බව පෙන්වා දෙන්න. එකක් අහිමි වුනත් උපයා ගත හැකි බොහෝ දේ ඇති බවත් දරුවාට කියා දෙන්න. ඒ හැර අහිමි වුන දෙය මත්තේම වැලපීම නිරර්ථක කටයුත්තක් බැව් ඔවුන්ට ඉතා පැහැදිලිව සඳහන් කර දෙමින් ජීවිතයට මුහුණ දෙන ශක්තියගොඩ නැගීමට දායක වෙන්න.

විභාගය  අසමර්ථ වීම යනු අනාගතය කඩා වැටීමක් නොවේ. එය ජයග්‍රහනය වෙනුවෙන් පන්නරය ලැබීමක් බව කියා දෙන්න. නැපෝලියන් බොනපාට් පරජය ඉදිරියේ සැලුනේ නැත. ඒ. ආර් රහුමාන්ට ම්ගන් වාදනය කිරීමට නොහැකි බව කියමින් ගුරුවරයා ඔහු පංතියෙන් පන්නා දැමුවේය. ලාන්ස් ආම්ස්ට්‍රොන් ලේ පිලිකා තුනකින් පීඩාවට පත් ක්‍රිඩකයකි. මේ නිසා ඔහුට පිහිණුම් තරගයන්හි යෙදෙන්නට තිබුන අවස්ථාව අහිමි විය. එහෙත් ඔහු ආපස්සට හැරැනේ නැත. පාපැදි ක්‍රිඩාවෙන් ලෝකය ජයගන්නට අධිෂ්ඪාන කළේය. මේ නිසාම ප්‍රංශ පාපැදි තරඟයෙන් ඔහු හත් වතාවක්ම ජයග්‍රහනය ලැබුවේ අහිමි අවස්ථාව වෙනුවට විකල්ප අවස්ථාවන් සොයා ගිය නිසාය. වරක් ඔහු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙනුවෙන් පිලිතුරු දෙමින් ලාන්ස් ආම්ස්ට්‍රෝං කියා සිටියේ නිශ්චිත ඉලක්කයක් ඇත්නම් එය ජයගැනීමට විශ්වාසය හා අධිෂ්ඨානය සෑහෙන බවයි.

ප්‍රතිඵල අසාර්ථක වූ පමනින්ම අධිෂ්ඨානය බිඳ වැටිය යුතු නැත ජයග්‍රහනය වෙනුවෙන් තව කාලය සහ මාර්ගය ඉදිරියේ ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමට උපදෙස් ලබා දෙන්න.

ඔබේ දරුවාගේ සිතද මේ අන්දමේ පුර්වාදර්ශ චරිතයන්ගෙන් පෝෂනය කරන්න. වැටෙන තැනින් නැගිටීම යනු නියම ජයග්‍රහනය බව ආදරයෙන් කියා දෙන්න. ජිවිතය දිනන්න නම් කොතැනකින් හෝ වැටෙන්න ඕන ජැක් මා විසින් ලෝකයට දුන් පනිවිඩය ඔබේ දරුවාටද පන්නරය සපයනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

රැකියාව කරන විට ඔබේ සෞඛ්‍ය පවත්වා ගන්නේ කොහොමද…..?

රාජකාරි ජීවිතය අපට වෙහෙසක් වුනොත් එයින් ඇති වෙන පීඩනය නිසාම රැකියාවත් එපා වෙන තැනට පත් වෙනවා. රැකියාව ඇත්තටම දේවකාරියටත් වඩා උතුම් බව ඇත්ත.ඒත් රැකියාව තුළ අපි හැසිරෙන අන්දම අනුව රැකියාව අපට ප්‍රියමනාප වීමට වගේම ඉතාම අප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙන්න පුලුවනි.තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ වෙන කුමන හෝ කාර්යාලයීය මෘදුකාංග තිබුනත් අපි සේවය කරන්නේ මිනිසුන් විදිහටයි. මේ සියල්ල හසුරුවන්නේ මිනිසුන් නිසා අපේ සිතුවිලි බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වෙනස සෘජු විදිහටම රැකියාවට බලපානවා.එහෙමනම් රැකියාව කරන සේවා ස්ථානය අපට අමිහිරි තැනක් නොවන විදිහට හසුරුවා ගන්නේ කෙසේද…?

  • වරින් වර අසුනින් නැගිටින්න…

සේවා ස්ථානයකදි ඔබේ භුමිකාවට අදාල රාජකාරි කටයුතු කිරීම පහසු වීම වෙනුවෙන් ඔබ වෙනුවෙන් වූ ආසනයක් ඇත. ඒත් අද බොහෝ දෙනෙකු මේ ආසනයේම සිටිනු විනා ටිකකට හෝ එහා මෙහා ඇවිදීමට අමතක කරති. සේවා තනතුරට අනුව ලිපිගොණු පවා එහා මෙහා කිරීමට සේවකයන් සිටින නිසා අසුනින් නැගිටීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේද නැත.

නමුත් ඇමරිකා එක්සත් ජනපයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට දිගු වේලාවක් හිදගෙන රාජකාරි කිරීම බෝනොවන රෝග තත්වයන්ට හේතු වෙන බවයි. ඒ ගැන අපි දැනටමත් දැණුවත්.

ඒ නිසා ඔවුන් පෙන්වා දෙන්නේ පැය බාගයකට වතාවක් හෝ අසුනින් නැගිට අදාල පරිශ්‍රෙය් හෝ එහා මෙහා ඇවිදීම ඉතා වැදගත් බවයි.එවිට සිරුරේ රුධිර ගමනාගමනය යහපත් වීම නිසා ඔබේ මොළයට හොද ඔක්සිජන් පරිවහනයක් සිදු වෙනවා.

  • පරිගණක තිර දෙස කඩින් කඩ බලන්න

අද  කාර්යාල සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියකරණය වීම නිසා පරිගණකගත කිරීමට පත්ව තිබෙනවා. ඒත් මෙ දත්ත ඇතුලත් කිරීම සහ හුවමාරරුව සිදු වෙන්නේ මිනිස් ශ්‍රමයේ ආධාරයෙන්. ඒ නිසා පරිගණකයෙන් තොරව රාජකාරි කිරීම දැන් අපහසු තත්වයක්. ඒත් තැනේ හැටියට අපි හැසිරෙන්න ඕන. පමණට වඩා පරිගණක තිරයට නිරාවරණය වෙනවාට වඩා විටින් විට එයින් මිදෙන්න හැකියාව ඔබ විසින්ම සලසා ගැනීම වැදගත්.

බටහිර වෛද්‍යවරුන් පවා පෙන්වා දෙන්නේ දීර්ඝ වේලාවක් පරිගණකය සමග රැඳී සිටියොත් ඇස් පෙනීමේ දුර්වලතාවයන් ඇති වීමට 50% සිට 60% ක් වැනි සම්භාව්‍යතාවයක් පවතින බවයි.මේ නිසා පරිගණක තිරය ඇස් වලට සෘජුවම නිරාවරනය නොවන විදිහට තිරයක් යොදා ගැනීම ඉතාම වැදගත්.

  • සෘජුව වාඩි වෙන්න

අද බොහෝ විට අපි රාජකාරියට මුල් තැන දෙනවා මිසක පුටුවේ වාඩි විමේ ඉරියව්ව ගැන එතරම් සැලකීමක් නැහැ.නමුත් මුලින්ම තමුන්ගේ සෞඛ්‍ය ගැන වැඩි තැනක් ලබාදීමත් ඉතාම වැදගත්.

නිතරම පුටුවේ සෘජුව වාඩි වෙන්න. එහෙම නැති වුනොත් පසුකාලීනව කොන්ද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුලුවන්.

  • ජලය පානය කරන්න

අද කාර්යාල ජීවිතයේදී බොහෝ දෙනෙක් වතුර පානයට යොමු වීමක් නැහැ. වැඩට ගියාම ඒවා අමතකයි කිව්වත් කිසිම විදිහකින් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්වය අමතක කරන්න එපා. විශේෂයෙන් වායුසමීකරණ තැන්වල සේවය කරන අය වෙනත් අයටත් වඩා වතුර පානය කරනවා නම් වඩාත් හොදයි.

පුද්ගලයෙක් විසින් දිනකට ජලය වීදුරු 8 සිට 10 ක් අතර ප්‍රමාණයක් පනාය කිරීම වැදගත්. එහෙම නැති වුනොත් විජලනය ඇති වීම නිසා විවිධ රෝග තත්වයන්ටත් මග කියන්න පුලුවනි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

සංචාරක එන්නත් පිලිබඳ ඔබ දැනුවත්ද?

යම් හේතුවක් මත විදෙස් ගතවන්නට ඔබ සූදානම් වනවා විය හැකියි. ගමන සඳහා අත්‍යාවශ්‍ය දේ මෙන්ම නිරෝගී බව සඳහාද සූදානම් වීම අත්‍යාවශ්‍ය බව ඔබ දන්නවාද? එක් එක් රටවල පවතින රෝග තත්ත්ව මත, ඒ ඒ කාලපරාසවලදී ලබාදිය යුතු එන්නත් පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වන්නේ ඒ නිසයි. වෛරස් සහ එන්නත් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි දැන් විමසන්න යන්නෙ මෙන්න මේ සංචාරක එන්නත් වල ඇති වැදගත් කම පිළිබඳවයි. Sri Lanka immunisation schedule

පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දීම සහ Hexavalent ක්‍රමයට ලබා දීමේ වෙනස

ඔබේ දරුවාට එන්නත් ලබාදීමේදී පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දෙනවාද? එසේත් නැතිනම් Hexavalent එන්නතේම සංඝටකයක් ලෙස ලබා දෙනවාද? මේ ක්‍රම දෙක අතර වෙනස කුමක්ද? මේ ගැන අපි අහමු එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන්. Sri Lanka immunisation schedule

Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු

මව්කුස වැඩෙන කළලයක ඇති අසාමාන්‍ය තත්වයන් පිලිබඳ සැකහැර දැනගනිමින් ඒ සඳහා අවශ්‍ය වන පිළියම් යොදා සංකුලතා අවම කරගැනීමේ හැකියාව තාක්ෂණයේ දියුණුවත් සමගම අපට හිමි වූ අගනා අවස්ථාවක්. කළලයේ යම් අසාමාන්‍යතා තිබේද යන්න පිළිබඳව සිදු කෙරෙන Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. සති 20ත් 24ත් අතර සිදුකෙරෙන Anomalies Scan පරීක්ෂණයක් වැදගත් වන්නේ ඇයි? එවැනි පරීක්ෂණයකින් මගහරවා ගතහැකි සංකුලතා මොනවාද? උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි මේ ගැන විමසුවා.

කලලයට සති 11ත් 14ත් අතර කාලයේදී සිදු කරනු ලබන scan පරීක්ෂණය

තාක්ෂණයේ දියුණුවත් සමගම, මෙලොවට බිහිවන්නට සිටින කිරිකැටියා පිලිබඳ සියලු තොරතුරු කලින්ම දැනගැනීමට මව්වරුන්ට අද වන විට අවස්තාව සැලසී තිබෙනවා. කලලයට සති 11ත් 14ත් අතර කාලයේදී සිදු කරනු ලබන scan පරීක්ෂණය එවැන්නක්. එම scan පරීක්ෂණය කුමක් සඳහාද යන වග සහ එහි ඇති වැදගත් කම පිළිබඳව, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි විමසුවා. Fetal nuchal translucency scan. Pregnancy scan 11-14 weeks

SHOW LESS

ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය

ගැබිණි මවකට ගර්භනී සමයේදී නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය; එහෙමත් නැත්නම් ගර්භ විෂ රෝග තත්ත්වය එවැන්නක්. මේ තත්ත්වය කලින් හඳුනා ගත හැකිද? පාලනය කල හැකිද? වලක්වා ගත හැකිද? අපි දැන් ඒ ගැන විමසමු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන්. High blood pressure in pregnancy. Prof. Tiran Dias

දරුවාගේ හෙට දවස අද ගොඩ නගන්න.

දරුවන් හදන වඩන හැම දෙම්පියෙකුගේම අනාගත බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ දරුවා පෞරෂයෙන් පිරුන සහ මහපොළවට බරක් නොවුන පුද්ගලයෙක් බවට පත් කිරීමයි.ඒත් දෙමව්පියන් නොහිතන විදිහට දරුවා වෙතින් විවිධ දුර්වලතාවයන්  ඇති වෙන්න පුලුවන්.බොහෝ දෙනෙක් විසින් දරුවාගේ බාලකාලය ගැන එතරම් අවධානයක් යොමු නොකලත් වැඩිහිටියෙකු ලෙසින් ඔවුන් අනාගතයට පිවිසෙන දිනකට ගැලපෙන සුන්දර පරිසරයක් අද දවසේ පටන් නිර්මානය කිරීම ඉතාම වැදගත්.ඒ වෙනුවෙන් දෙමව්පියන් අද පෙළ ගැසිය යුත්තේ කෙසේද…?

චර්යා දුර්වලතාවයන් ඇති වැඩිහිටියෙකු බවට පත් වීම

දරුවෙකුට ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට අවසර ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමක් විය යුතුයි.ඒත් අද බොහෝ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සුන්දර අන්දමින් ගෙවන්නට අවසරයක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා වැඩිහිටියන් ලෙසින් ඔබ දරුවාගේ බාල කාලය සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්නට අවසර නුදුන්නොත් ඔවුන් අනාගතයේදී විවිධ චර්යා දුර්වලතාවයන් සහිත පුද්ගලයන් බවට පත් විය හැකියි. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා චර්යා දුබලතාවයන් නැති  වැඩිහිටියෙකු ලෙසින් ජීවත් වෙනු දකිනු රිසි නම් ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසර ලබා දීම ඉතාම වැදගත්. ඇතැම් වැඩිහිටියන් අතර වුනත් සමාජය ප්‍රිය නොකරන, සහජීවනය ගොඩ නගා ගැනීමට අපහසු ගති ලක්ෂණයන් ඔබටත් හුරු පුරුදු ඇති. මේ අන්දමින් විවිධ දුර්වලතාවයන් සහිත හැසිරීම් ඇති වැඩිහිටියන් සමාජයේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ හැසිරීම් ගැන දෙමව්පියන් ගේ අවදානය යොමු වීම ඉතාම වැදගත්.

ජීවිතය අසතුටින් ගෙවන වැඩිහිටියෙක් වුනොත්..

දරුවන්ට ළමා කාලය ඉතාම සතුටින් ගෙවීමට ඉඩ දීම ඉතාම වැදගත්. යම් ලෙසකින් ඔවුන්ට ළමා කාලය දුක් සහිත අත්දැකීමක් බවට පත් වුනොත් එහි ප්‍රතිචාර ඉතාම අයහපත් ලෙසින් අනාගතයට බලපානු ඇත.ළමා කාලයේ අසතුටින් ගෙවන දරුවන් අනාගතයේදීත් දුක් වේදනාවන් නොමැති වුනත් කනස්සලු සහගතව ගෙවන පුද්ගලයෙක් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවාට ඔවුන්ගේ ළමා කාලය සතුටින් ගෙවන්නට ඇවැසි පරිසරයක් සලසා දීම ඉතාම වැදගත්.

පූර්ණ පෞරෂයක් නැති විය හැකියි.

ළමා කාලයේදී දරුවාට අවශ්‍ය වන්නේ ආදරය, ආරක්ෂාව හා රැකවරණයයි. මේ පරිසරය නොමැති වූ විට දරුවාගේ ආත්ම ශක්තිය, ආත්මාභිමානය සහ තමන් අනාරක්ෂිතය යන සිතුවිලිවලින් සන්නද්ධ වෙනු ඇත. ඒ නිසා ඔවුන් තුළින් ගොඩ නැගෙන හීනමානය, ආත්ම විශ්වාසයක් නොමැති වීම වැනි පෞරෂ දුබලතාවයන් නිසා වැඩිහිටි අවධියේදී වුනත් දරුවාට සමාජයේ පූර්ණ පෞරෂයකින් යුක්ත චරිතයක් ලෙසින් සිය ශක්තිය ගොඩ නගා ගැනීම අපහසු විය හැකිය.

බෝනොවන රෝගයන්හි ගොදුරක් වීම

අද බෝනොවන රෝගාබාධයන්ගෙන් බොහෝ දෙනා පීඩා විදින්නේ ඔවුන්ගේ ළමා කාලයේදී දෙමව්පියන් විසින් නිසා හැඩ ගැස්මක් නොවුන නිසයි. දරුවන්ගේ ආහාරවේල සහ ජීවන රටාව බාල කාලයේදී පටන්ම හැඩ ගැසිය යුතුයි.. ඒත් අද දෙමව්පියන් තමන්ගේ පහසුව මුල් කර ගෙන දරුවන්ට ක්ෂණික ආහාර වගේම රසකාරක සහ වර්ණකාරක යෙදූ ආහාරපාන වෙනුවෙන් ඇති නැඹුරුතාවය නිසාම බොහෝ දරුවන් අතරත් දියවැඩියාව , කොලස්ටරෝල් වැනි රෝග තත්වයන් ඇති වී තිබෙනවා. ඒ වගේම දරුවන් අතර සෙල්ලමට කිසිම අවසරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැහැ.මීටර් සියයක දුරක්වත් පයින් යෑමක් නැහැ. මේ තත්වයන් නිසා අද දරුවන් බෝනොවන රෝගාබාධයන්ට ගොදුරු වෙන ප්‍රවනතාවය ඉතාම ඉහලයි.

උසස් අධ්‍යාපනය කඩා වැටීම

දරුවෙක් උපන්දිනයේ පටන්ම දෙමව්පියන්ගේ අපේක්ෂාව වන්නේ අධායාපනයෙන් ඉහළම තැනකට දරුවන් පත් කිරීමයි. ඒ අරමුණ ඔස්සේ ඔවුන් බාල කාලයේ පටන්ම දරුවා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් මෙහෙයවීමට පටන් ගන්නවා. නමුත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිද දමමින් දරුවන් තමන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරුවා ගන්නා තත්වයට  පත් වෙනු ඇත.

අපයෝජනයට පත් වීම

ඔබ ඇහේ මුහුණේ තබා ගෙන දරුවන් හදා වඩා ගත්තත් සමාජය් හෝ නිවසේදී හෝ ඔවුන් අපයෝජනයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් අමතක නොකළ යුතුයි. ඔබ දරුවාට ආරක්ෂාව උපරිම ලෙසින් ලබා දුන්නත් ඔබෙන් දුරස් වුන තැනදී ඒ සුරක්ෂිතබව දරුවාට අහිමි වීමට පුලුවන. උදාහරණයක් විදිහට අද දවසේ බොහෝ දරුවන් අපයෝජනයට පත් වන්නේ ඔවුන්ගේ පවුලේ හිතවතුන් සහ ඥාතීන්ගෙන් නිසා මොනතරම් හිතෛෂී වුනත් එයින් දරුවාගේ ජීවිතයට ඇති අවදානම ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

දරුවන් මල් මෙන් මෘදුය. සුන්දරය. ඒ නිසා මේ මුදු මොලොක් මල් සුලු දෙයින් වුව තැලීමට, රිදවීමට පත් විය හැකිය. දරුවන්ට දඬුවම් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් එය ආදරයෙන් මිසක අනාදරයෙන් නොවිය යුතුය.නමුත් බොහෝ විට නිවස තුළ පියාගේ බීමත්කම, මවගේ පීඩනය දරුවා වෙතින් මුදා හරින මානසිකත්වය නිසා දරුවන් නිවසේදීම දැඩි ප්‍රචන්ඩත්යකට පත් වෙන අවස්ථාවන් ගැනත් අමතක කරන්න එපා. බාල කාලයේදී ප්‍රචන්ඩත්වයට පත් වෙන දරුවන් අනාගතයේදී ඉතාම දරුණු මානසිකත්වයක් සහිත පිරිසක්  බවට පත් වීමත් නොවැලැක්විය හැකි නිසා නිවසේ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දරුවාට ප්‍රසන්න තැනක් බවට පත් කිරීම ඉතාම වැදගත්.