COVID 19 නිසා ගෙදරට කොටුවූ පොඩ්ඩන් රැක බලාගන්නා ආකාරය

කොවිඩ් 19 නිසා ගෙදරට කොටු වුණු පොඩ්ඩන්ට දැන් පොඩි වෙනසක් ඕනේ වෙලා. වැඩිහිටියෝ විදියට ඒ වෙනස අපේ පොඩ්ඩන්ට ලබාදෙන්නේ කොහොමද? මාස ගාණක් තිස්සේ ගේ ඇතුළටම හිර වෙලා ඉඳලා එකම සෙල්ලම කරලා දැන් නම් අපේ පොඩ්ඩන්ට ඇති වෙලා. දැන් නම් ටිකෙන් ටික ඒ එපා වීම පෙන්නුම් කරන්නත් පටන් අරගෙන වගේ. දෙමාපියන් මෙන්න මේ උපදෙස් එක්ක මේ කාලයේ පුංචි දරුවන් සමග කටයුතු කළොත් එක තැනටම කොටු වෙච්ච අපේ දරුවන්ගේ ආවේග පාලනය කරගන්න පහසු වේවි. ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යශෝධා රෝහණචන්ද්‍ර මහත්මිය සමග කරන ලද සාකච්චාව.

කොරෝනා පසුපසින් අපේ රටට කවසාකිත් එයිද?

කොරෝනා එක්කම තවත් අලුත් ලෙඩක් ඇවිල්ලලු. වැඩිපුර හැදෙන්නේ පුංචි දරුවන්ටලු. අම්මලාගේ හිතට නිවනක් නැහැ. මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා හැම දෙනෙක්ම කලබල වෙලා තොරතුරු හොයන්න පටන් අරගෙන. ඒ නිසාම මේ අලුත් ලෙඩේ ගැන කතා නොකර බැහැ

ඇත්තටම මේ කොරෝනා පසුපසින් එනවා කියන කවසාකි අපේ රටටත් එයිද? 

මුලින්ම කියන්න ඕනේ කවසාකි කියන්නේ අලුත් රෝග තත්ත්වයක් නෙවෙයි. මීට අවුරුදු 50කට පමණ කලින් ජපානයේ වෛද්‍යවරයෙක් වුණු ටොමිසාකු කවසාකි විසින් තමයි මේ තත්ත්වය සොයා ගත්තේ. ජපානයේ බහුලව මේ තත්ත්වය දැකගන්න ලැබුණා. අපේ රටෙත් මේ තත්ත්වයට ගොදුරු වන දරුවන් හමුවුණා. දැනට වසර විස්සක පමණ කාලයක් තිස්සේ මේ රෝගයට ගොදුරු වන දරුවන්ට අපි ප්‍රතිකාර කරනවා. 

අලුත් රෝග තත්ත්වයක් නොවුනත් කොරෝනාවලින් පස්සේ මේ තත්ත්වය ඇති වුණු බවට කතාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ ඇයි?

ඒකට හේතු වෙන්න ඇත්තේ මේ රෝග තත්ත්වය කුමක් හෝ වෛරස/ බැක්ටීරියා හේතුවෙන් ඇති වෙන රෝග තත්ත්වයන්ට පසුව යම් වැඩි වීමක් පෙන්නුම් කරන නිසා විය හැකියි. කොරෝනා අධිකව ව්‍යාප්ත වුණු රටවල්වලින් මේ කාලය තුළ වැඩි වශයෙන් කවසාකි තත්ත්වය වාර්තා වුණා. 

කොරෝනා රෝගයත් එක්ක මේ තත්ත්වය අපේ රටෙත් ඉහළ ගිහින්ද?

නැහැ. අපේ රට ඇතුළු කිසිදු ආසියාතික රටක සාමාන්‍යයෙන් වාර්තා වන කවසාකි රෝගීන් සංඛ්‍යාව හැර කොරෝනා රෝගයත් සමග විශේෂ ඉහළ යාමක් දක්නට ලැබුණේ නැහැ. 

කවසකි තත්ත්වයට හේතුව වෛරසයක් හෝ බැක්ටීරියාවක්ද?

නැහැ. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයකට පසුව අපේ සිරුරේ ඒවාට විරුද්ධව සටන් කරන ප්‍රතිදේහ පද්ධතිය අධි සක්‍රීය වීමත් සමග ඇති වන රෝග තත්ත්වයක් තමයි මේක. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි සක්‍රීය වීම රෝගියාට බලපෑම් කරන්නේ නැද්ද?

නිසි කලට ප්‍රතිකාර නොකිරීම යම් යම් සංකූලතාවලට හේතු විය හැකියි. සිරුරේ ඇති මධ්‍ය ප්‍රමාණයේ රුධිර වාහිනී ආසාත්මික වෙලා ඒවා දුරුවල වී රුධිර කැටිති එකතු වී හෝ දුර්වල වී ඒවාට හානි වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය සිරුරේ ඕනෑම තැනක දැකිය හැකියි. ‍නමුත් මෙතැනදි හෘද වස්තුව තුළ මේ තත්ත්වය ඇති වීම යම්තාක දුරට අවදානම් සහගත විය හැකියි.  

වෛද්‍යතුමනි, මොනවද මේ තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • තද උණ (පැරසිටමෝල් ලබාදුන්නද පහළ නොබහින මේ උණ තත්ත්වය දිගු කාලයක් පැවතිය හැකිය)
  • ඇස්/සම රත් පැහැ වීම
  • තොල්/උගුර/දිව (ස්ට්‍රෝබෙරි ගෙඩියක ආකාරයට)  රත් පැහැ වීම
  • අත් පා කෙලවර ඉදිමීම/පුපුරා යාම
  • වසා ගැටිති ඉදිමීම
  • මද සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය
  • උදරයේ වේදනාව
  • හන්දි කැක්කුම
  • බීසීජී කැලල අවට අසාත්මිකතා ඇති වීම

 

මේ රෝග තත්ත්වය ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයක්ද?

ඔව්. දැනුවත් බව සහ නිසි කලට නිසි ප්‍රතිකාර වෙත යොමු වීම මගින් කවසාකි රෝගය සුව අතට හරවා ගත හැකියි. ඇතැම් අවස්ථාවල දරුවෙක් මේ රෝගයේ සියලුම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවා වෙන්නත් බැරි නැහැ.  නමුත් මව්පියන් දැනුවත් වීමෙන් සහ නිසි අවධානයෙන් සිටීම මගින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වෙනවා. 

ඒ කියන්නේ කවසාකි රෝගය පිළිබඳව මව්වරුන් තුළ ඇතිව තිබෙන්නේ අනියත බියක්ද?

ඇත්තටම අනියත බියක් ඇති කරගත යුතු රෝග තත්ත්වයක් නොවෙයි. පෙර සඳහන් කළ පරිදිම නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සිදු කිරීම මගින් රෝගය සුව අතට හැරෙනවා. දරුවන් අතර පවතින රෝගයක් ගැන ඇහුවම හැම අම්මා කෙනෙක්ම බියට පත්වෙනවා, මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණොත් කියලා. වැදගත් වෙන්නේ අවධානයෙන් සිටීම තමයි. දරුවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරලා ළමා රෝග පිළිබඳව වෛද්‍යවරයෙකුට යොමු වීම නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාදීම වැදගත් වෙනවා.

කොයි ලෙසකින් හෝ කල් තියා මෙම රෝග තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වුවහොත්,

එතැනදි හදවතට විය හැකි සංකූලතා තමයි මේ තත්ත්වයේදී යම් අවදානමක් පෙන්නුම් කරන්නේ. ඒත් රෝහල් ගතව ප්‍රතිදේහ ලබාදීම ඒ වගේම ඇස්ප්‍රින් ඖෂධය ලබා දීම මගින් රුධිර නාල දුර්වල වීම් රුධිර කැටි ගැසීම් අවම කරගත හැකියි.

වෛද්‍යතුමනි, මෙසේ සිදුවන හානියක් හේතුවෙන් ජීවිතය අවදානමට ලක්විය හැක්කේ රෝගය පවතින අවස්ථාවේදී පමණක්ද?

නැහැ. ඒ තත්ත්වය රෝගය උත්සන්නව පවතින අවස්ථාවේදී විය හැකි වනවා සේම රෝගයේ අතුරු ඵලයක් ලෙස අඩු වයසින් හෘදයාබාධ තත්ත්ව ඇති වීමටත් හේතු විය හැකියි. කිරීටක ධමනි ආසාදිත තත්ත්වයට පැමිණ සුව වූ දරුවෙකු සායන හරහා යම් කාලයක් පරීක්ෂා කිරීම සිදු කරන්නේ එවැනි අවස්ථා වළක්වා ගැනීමේ අරමුණෙන්.

මේ රෝග තත්ත්වය ගැන මව්පියන්ට ලබාදිය හැකි උපදෙස කුමක්ද?

ඇත්තටම මේ රෝගය පිළිබව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගයට ඖෂධ තියෙන නිසා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් දරුවන්ගේ රෝග තත්ත්ව පිළිබඳව නොසලා හැරීම කිසිසේත්ම සුදුසු නැහැ. දරුවා පිළිබඳ මනා අවධානය යොමු කොට සැක සහිත අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම නුවණට හුරුයි. 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සමග සකකසන ලද ලිපියකි.

 

කොවිඩ් 19 සහ ගර්භනීභාවය

කොවිඩ් 19 ගැබිනි මවට අවදානමක්ද? කොවිඩ් 19 අවදානම මේ වන විටත් පහව ගිහින් නම් නැහැ. ඔබත් ගැබිනියක් නම් කොවිඩ් 19 න් වැලකෙන්න මේ උපදෙස් පිළිපැදිය යුතුමයි.

SHOW MORE

ළමා කාලය සුන්දර අත්දැකීමක් කරන්න.

දරුවෙක් බාලකාලය ගෙවන අන්දම අනුව ඔවුන්ගේ අනාගතය සම්පූර්නයෙන්ම නිර්මානය වෙනවා. ඒ නිසා දරුවන් පුංචි වුනත් ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය වැඩිහිටියන්ගේ ප්‍රතිචාර නිසා බොහෝ සෙයින් වෙනස් වෙන්න පුලුවනි. මේ නිසා අද දෙමව්පියන්ට දරුවන්ගේ මානසිකත්වයට ගැලපෙන අන්දමට තමාගේ හැසිරීම කෙසේ විය යුතුදැයි අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.ඒ නිසා ඔබ දරුවා මුල් කර ගෙන වැඩිහිටි මානසිකත්වයකින් ඔවුන් දෙස නොබලා දරුවාගේ ලෝකයෙන් බැලීම වැදගත්. එහෙමනම් දරුවෙකුගේ ළමා කාලය සැබෑ සුන්දර අත්දැකීමක් ලෙසින් නිර්මානනය කරන්නේ කොහොමද…?

 

දරුවන්ගේ ආතතිය ගැන හිතන්න

දරුවන්ට මොන ආතතියක්ද කියල අප හිතුවත් ඔවුන්ටත් විවිධ මානසික ගැටුම් තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ පෙර පුරුදු හැසිරීම් වෙනස් වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවන්හිදී දරුවාට තරවටු කරනවා වෙනුවට ඔහුගේ ආතතිමය තත්වය ගැන තේරුම් ගෙන ඒ තත්වය කළමනාකරණය කිරීම දෙමව්පියන්ගේ වගකීමක්

වැඩ අඩු කරන්න…

අපේ දෙමව්පියන්ගේ ආකල්පය වී තිබෙන්නේ ළමා කාලය තියෙන්නේ ඉගෙන ගන්න…ඒ නිසා මේ කාලයෙන් උූපරිම ප්‍රෙයා්ජන අරගෙන ඉගෙන ගැනීම මිසක වෙනත් දෙයක් අවශ්‍ය නැති බවයි.ඒ නිසාම අතිරේක පංති,පුද්ගලික පංති ඉගෙන ගැනීම වැනි විවිධ විදිහට ඉගෙණුම බරක් බවට පත් කර ගන්නවා.දරුවෙකුට විෂය නිර්දේශයක් නිර්මානය කරන්නේ මොළයේ ධාරිතාවය අනුව වුනත් දෙමව්පියන්ගේ කෙළවරක් නැති දැනුම් පිපාසය නිසා දරුවා විශාල පීඩනයකට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාට හැකි තරම් අධ්‍යාපනයේ බර අඩු කිරීමත් දෙමව්පියන්ගේ වගකීමක්.

පවුලක් විදිහට ජීවත් වෙන්න

අද පවුල කියන්නේ පවුල තුලම විතැන් වුන සංස්ථාවක්.අම්මා කාර්යාලයේ හෝ වෙනත් රැකියාවක නිරත වෙනවා. ඇය දිවා කාලයට නිවසේ නැහැ.රාජකාරී අවසානයේ නිවසට පැමිණි තැන පටන් ඇය නිවසේ ගෘහ කටයුතු වෙනුවෙන් සීමා වෙනවා. පියා නිවසට එන්නේ ටිකක් රූ බෝ වෙලා. එතැන් පටන් ඔහු ජංගම දුරකථනයේ. එවිට පවුල තුළ ඇත්තටම පවුලක් නැහැ.ඒ නිසා දරුවා හුදෙකලා චරිතයක් බවට පත් වෙනවා. මේ හුදෙකලාව දරුවාගේ පෞරෂයට ඉතාම අහිතකර විදිහට බලපානවා.

සෙල්ලමට ඉඩ දෙන්න

අද කාලයේ සෙල්ලම කියන්නේ තහනම් වචනයක්. පොත පතින් තොර ලෝකයක් දරුවාට නැහැ. ඒ වුනත් සෙලල්ම කියන්නේ විනාශයක් නොවෙයි.දරුවන්ට සෙලල්මට අවසර දෙන්න.එය දරුවාගේ ශාරිරික වගේම මානසික නීරෝගීතාවයටත් ඉතාම හිතකර තත්වයක්.

රූපවාහිනිය සීමා කරන්න..

දරුවා රූපවාහිනියට ඇබ්බැහි වුනාම ඔවුන් එතැනින් මුදවා ගැනීම එතරම් පහසු නැහැ.දරුවා සහ දෙමව්පියන් අතර ගැටුම පටන් ගන්නේ එතැනින්.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට ගැලපෙන වැඩ සටහන් තෝරා දීම සහ කාලය පාලනය කරමින් රූපවාහිනිය නැරඹීමට අවසර දීම ඉතාම වැදගත්.

උදෑසන සන්සුන් කරන්න

අද හැම නිවසකම උදෑසන ඉතාම කලබලයි. ඒ වුනත් දරුවාගේ දවස සන්සුන් මනසකින් ආරම්භ කිරීමට නම් උදය ඉතා ප්‍රසන්න අත්දැකීමක් කරන්න. අවදි වුන තැන පටන්ම දරුවාට බැනීම, චෝදනා කිරීම වෙනුවට අද දවස බොහොම සුබය යන ධනාත්මක බව දරුවාගේ හිතට දෙන්න. එයින් දවස අරඹන දරුවාගේ සකුට දවස පුරාම පවතින අතර එයින් ලැබෙන ශක්තිය ඔහුගේ ජීවිතයටත් ආශිර්වාදයක් වෙනු ඇති.

උදෑසන අපහසුතාවය

 

ගැබිණිබව සමග ඇති වෙන උදෑසන වමනය රෝග තත්වයක් නොවුනත් සාමාන්‍ය අපහසුතාවයක්. මේ අන්දමින් වමනය ඇති වෙන්නේ අපේ සිරුරේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම නිසයි. morning sickness එහෙම නැත්නම් උදේට ඇති වෙන වමනය සහ Vomiting During Pregnancy (NVP)  ඔක්කාරය නිසා ගැබිණි අවදියේදී 80 % ක් පමණ පීඩා විදිනවා. මෙය මුල් සති 6 සහ 12 අතර කාලයට සීමා වුනත් සමහර කාන්තාවන්ට සති 16 ක් පමණ කාලයක් පවතින්නත් පුලුවනි.ගැබිණි කාලයේ ඇති වෙන මේ අපහසුතාවයට හේතු කීපයක් තිබෙනවා.

  • ඊස්ට්‍රජන්(estrogen) හෝර්මෝන මටට්ම ඉහළ යෑම.
  • රුධිරයේ සීනි මටට්ම අඩු වීම.
  • human chorionic gonadotropin (hCG)මට්ටම ඉහළ යෑම
  • ප්‍රොෙජස්ට්‍රෝනprogesterone මටට්ම ඉහළ යෑම.
  • ගන්ධයන්ට සංවේදි වීම.

ඒ වුනත් සාමාන්‍ය පමණට වඩා වමනය සිදු වුනොත් පෝෂණය පිලිබඳ දුර්වලතාවයන් වගේම විජලන තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා මේ අසහනකාරී වමනය තත්වයෙන් ඔබ මිදෙන්නේ කෙසේද…ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි සුලු පිලිවෙත් කීපයක් මේ…

ගැබිණිබව සමග ගෙවන මුල් සති හයක කාලයේදී ආහාර පිසින සුවදත් ඉතාම අපුලයි. ඒ නිසා මේ කාලසීමාවේදී වෙනත් අයෙකු ලවා ආහාර පිසගැනීමට තිබෙනවා නම් වඩාත් හොදයි. අපහසුතාවයෙන් ආහාර පිසින විට තවත් මේ උදෑසන අපහසුව වැඩි වීමට පුලුවනි.

වමනය සිදු වෙන නිසා ඔබ ආහර ගත් සැනම වතුර පානය කරන්න එපා. ජලය අපිට අවශ්‍ය නිසා ආහාරයට පෙරාතුව හෝ ආහාරයෙන් යම් කාලමාත්‍රාවක් එනම් විනාඩි 30 කට වගේ පසුව ජලය පානය කරන්න.

ගැබිණි කාලයේ මුල් සමයේදී ඔබට වෙනදා වගේ ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇත්තේ නැහැ. වෙනදාට කැමැත්තෙන් ආහාරයට ගත් දේ වුනත් දැන් බොහොම අරුචියි.ඒ නිසා ඔබ මේ මුල් කාලයේදී කැමැති ආහාර පමණක් ගන්න. අකමැති දේ බලහත්කාරයෙන් කෑමට ගන්න එපා.

තෙල් සහ බැදුම් වර්ග ජීරණය අපහසු නිසා මුල් තුන්මාසය එහෙම නැත්නම් උදෑසන වමන සමයේදී දුරස් කලොත් වඩාත් හොදයි. එකවර වැඩි ප්‍රමාණයකින් ආහාර නොගෙන පැය දෙකකට වරක් කුඩා මාත්‍රාවකින් ආහාර ගන්න. ඒ වගේම බ්ලෙන්ඩ් කර ගැනීමත් වමන තත්වයෙන් මිදෙන්න පහසුවක් වේවි.

ආහාර ගත් සැනින්ම නින්දට යෑමත් වමනය වැඩි වීමට හේතුවක් වෙන නිසා ආහාර ගත් සැනම නින්දට යන්නත් එපා.

දැන් දිරවීමට පහසු විදිහට කැඳ, පළතුරුවර්ඝ. විශේසයෙන් ඇඹුල් වර්ග මේ කාලයේදී වැඩියෙන් ආහාරයට ගන්න. ඒ වගේම තම්බා ගත් එළවලු සහ සුප් වලින් අවශ්‍ය පෝෂණය ලබා ගැනීම ගැනත් අවදානයෙන් සිටින්න.  ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥ සහ Expecting 411. ග්‍රන්ථයේ කර්තෘ ‘‘ මයිකල් (Michele Hakakha, M.D., FACOG) හකහා “ සඳහන් කරන විදිහට දෙහි සහ ලෙමන් මේ කාලයේ ඇති වෙන අප්‍රියතාවයට හොද විසදුමක් ලබා දේවි. ලෙමන් සුවඳ පවා ගැබිණි මවට තිබෙන ඔක්කාරයට පිලියමක් විදිහට ඔහු පෙන්වා දෙනවා. මේ නිසා ඇතැම් කාන්තාවන් මේ කාලයේදී ලෙමන් සුවඳ ඇති විලවුන්, ඉටිපන්දම් දල්වා ගැනීමටත් උනන්දුයි.

කැෆේන් සහ පැණිබීම ඒ වගේම සමහර විට කෝලා පාන වර්ග ඔබ කැමැත්තෙන් පානය කරන්න පුලුවනි. ඒ වුනත් මේ පාන වර්ග නම් ගැබිණිකාලයට කොහෙත්ම සුදුසු නැහැ.මේ සියල්ලටම වඩා පිරිසිදු වතුරට ලෙමන් යුෂ මිරිකා ගෙන පානය කරන්න. එය විජලනයට වගේම ප්‍රියතාවයෙන් පානය කරන්නත් පුලුවනි.

ඒ අතර ටෙක්සාස්හි නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ‘‘ මාරියා ප්‍රැන්සිස් “ සඳහන් කරන මේ ප්‍රතිකාර ගැනත් අත්හදා බලන්නකෝ..

චීන වෛද්‍ය විද්‍යාවට අනුව ඉගුරු ඉතා හොඳ ඖෂධයක්. ගැබිණි කාලයේදීත් ඉගුරු යොදා ගත් තේ ඒ වගේම ඉගුරු ආලේපිත ආහාර වර්ග මගින් උදෑසන ඇති වෙන වමන සහ ඔක්කාරයට පහසුවක් ලැබේවි.

මිශ්‍ර විදිහට ආහාර ගන්න. අපිට මේ කාලයේදී ආහාර ගැන නම් තිබෙන්නේ අරුචියක්. ඒත් දරු කලලය වැඩෙන්නත් අවශ්‍ය පෝෂණය අවශ්‍ය නිසා මිශ්‍ර විදිහට ආහාර ගන්න. ඇතත්ටම එකාකාර රටාව නිසා ආහාර අප්‍රසන්න වෙන්න පුලුවනි. ඒ වුනාට අපථ්‍ය නොවන සහ පෝෂණ ඌනතාවයන් ඇති නොවන විදිහට පළතුරු, ඇට වර්ග, සාමාන්‍ය පැනිරසයක් ඇතුලත් විදිහට ආහාරය විවිධත්වයෙන් සකස් කර ගන්න.

මේ කාලයේදී සායනයෙන් ලබා දෙන පෝලික් අම්ලය වැනි අත්‍යවශ්‍ය විටමින් නොගෙන ඉන්නත් එපා.

වමනය යනවා යැයි සිතා ජලය පානය නොකර සිටීම ඉතා අනතුරුදායකයි. ඒ නිසා වතුර එක්වර නොව විටින් විට උගුරක් දෙකක් විදිහට වමනය පාලනය කරමින් පානයට උත්සාහ කරන්න. ඊට අතිරේකව පළතුරු යුෂ සහ දියර සහිත පළතුරු උදාහණ විදිහට කොමඩු වැනි පළතුරු ආහාරයට ගන්නත් පුලුවනි.

Family & Home වෙබ් අඩවියේ Morning Sickness Remedies

දරුවන් ඇති අම්මලාට

දරුවන් ඇති අම්මලාට යැයි නමින් නිකුත් කරන ලද  පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් විසින් පෙන්වා දෙන මේ කරුණු කීපය අපේ අම්මලාටත් ප්‍රයෝජනවත් වේවි.

දරුවන් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නගා ගත යුතු බව ඇත්ත.ඒ වුනත් මේ සම්බන්ධතාවයේ යම් සීමාවක් පවත්වා ගත යුතු වෙනවා. අම්මා දියනියගේ හොඳම මිතුරිය වුනත් ඇය අම්මා බව අමතක කළ යුතු නැහැ. අම්මා යන භුමිකාව ඇදුම් පැලදුම්, කතා බහ සහ හැසිරීම යන සියළුම අංගයන්ගෙන් අය පෙන්වා දිය යුතුයි. ඒ් නිසා දරුවන් සමග කොතරම් සමීප වුනත් දෙම්පියන්ය යන පෞරෂයෙන් නම් දුරස් වීම එතරම් හොද නැහැ. ඒ නිසා නිතරම ‘‘මම අම්මා…මම තාත්තා…යන පෞරෂය නම් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එය දරුවාගේ හදවතට සමීප වීමට නම් කිසිම බලපෑමක් නැහැ.

දරුවා සමග කාලය ගත කරන්න

මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් පෙන්වා දෙන අන්දමට දෙමව්පියන් කොතරම් කාර්ය බහුල වුනත් දරුවන් සමග දවසේ සුලු වේලාවක් හෝ ගත කිරීම ඉතාම වැදගත්. මෙම පර්යේෂණයෙන් හදුනා ගත් අන්දමට දෙමව්පියන් සමග කාලය ගෙවන දරුවන්ගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් තිබුනා. ඇමරිකානු වෛද්ය සංගමය පෙන්වා දෙන අන්දමට බොහෝ දරුවන්ගේ හිතේ තිබෙන දේවල් දෙමව්පියන් සමග බෙදා හදා ගැනීමට අවසර ලැබෙන්නේ දරුවන් සමග දෙමව්පියන් කාලය ගත කිරීමට යොමු වුනොත් පමණයි.

දරුවා තුළ ආත්ම දමනය ගොඩ නගන්න..

අද දරුවන් වගේම ඇතැම් වැඩිහිටියන්ටත් තමන්ගේ ආවේග පාලනය කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. අපේ පුතාට තරහ ගියාම ඉන්න තැන පේන්නේ නැහැ…අම්මා තාත්තා බොහොම උජාරුවෙන් මෙහෙම කිව්වත් කුඩා කාලයේ පටන්ම දරුවා තුළ ආත්ම දමනයක් ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා ඉර හද ඉල්ලුවත් ලබා ගැනීමට තරම් දරුවන්ගේ ආවේග දරුණු වීමට පුලුවනි. ඒ නිසා කුඩා කාලයේ පටන්ම කොටින්ම කියනවා නම් කීකරු පමණක් නොව සුවච කීකරු දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. දරුවා සමග හැම දෙයම සන්නිවේදනය කර ගන්නා අතරවාරයේදීම කළ නොහැකි දේ කිරීමට අපහසු බැව් ඔවුන්ට කියා දෙන්න.

රූපවාහිනිය සහ පරිගණකය වෙනුවෙන් යම් සීමාවක් පනවන්න.

පරිගණකය, රූපවාහිනිය දරුවන්ට තහනම් කලාපයක් කිරීමට වඩා ඒ වෙනුවෙන් යම් සීමාවන් පනවනන්. ඇමරිකානු වෛද්ය සංගමය පෙන්වා දෙන අන්දමට දරුවන්ට ගැලපෙන වැඩ සටහන් තෝරා බේරා දී ඒ වැඩසටහන් හැකි නම් දෙමව්පියන් සමගින් නැරඹීම වඩාත් සාර්ථකයි.පරිගණකය වෙතින් දරුවාගේ අධයාපනයට බොහෝ ප්රෙයා්ජන ගත හැකි නිසා එයින් දරුවා ලබන වාසි ගැනත් කියා දෙන්න. එසේම අනවශ්ය අන්දමින් පරිගණකයට යොමු වුනොත් සිදු වෙන හානි ගැනත් ඔවුන්ගේ දැනීමේ තරමට කියා දීම ඉතාම වැදගත්.

ආත්ම විශ්වාසය ගොඩ නගන්න

දරුවන්ට නිතරම එපා..ඔයාට බැහැ කියන වචන වෙනුවට ශව් එය පුතාට කරන්න පුලුවන් යන අදහස හිතට ලබා දෙන්න. අනාගතයේදී සඳට යන වැඩසටහනේ සිටින ගගනගාමී සඳහන් කරන්නේ ඇගේ බාල කාලයේ පටන් තිබු එකම අදහස අනාගතයේදී ගගනගාමිනියක වීමයි. පළමු ශ්රේනියේ ගුරුතිමිය ඇගෙන් අනාගතයේදී කවුරු වීමට අදහස් කරනවාදැයි විමසූ විට ඇගේ පිලිතුර වී තිබුනේ ගගනගාමිනියක වීම බවයි. ඇය විසින් අදින ලද චිත්රයන සදේ සිටින මිනිස් එුවක් දැක ගුරුතුමිය මේ කවුද…? විමසා සිටි විට ඇගේ පිලිතුර වුනේ ‘‘ඒ මම “ යන්නයි. බාලකාලයේ පටන්ම ඇගේ හිතේ තිබුන සිහිනය 2034 වසරේදී සමහර විට (පොරොත්තු ලේඛනයේ සිටින අය අතරින් ඇයද එක් අයෙක් )තෝා ගතහොත් ඒ වෙනුවෙන් පන්නරය ලබා තිබුනේ බාලකාලයේ පටන්ම ඇගේ දෙමව්පියන් විසින් ගොඩ නගන ලද ආත්ම ශක්තිය නිසයි.

දරුවන් සමග ජීවත් වෙන්න

පවුලක් කැඩි විසිරී යෑම බොහෝ විට සිදු වෙන්නේ අඹු සැමියන්ගේ මතබේද හා ගැටුම් නිසයි. එය සාධාරණ කරමින් ඔවුන් කියන්නේ විදවීමට වඩා වෙන්වීම වඩාත් සුදුසු බවයි. වෙන්ව ජීවත්වීම, දික්කසාදය වැනි හේතු නිසා දරුවන් දෙමව්පියන් වෙන් වෙන්ව ජීවත්වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහ. එක්තඑා පවුල් ආරවුල් විසදන උපදේශන සභාවකදී මව්පියන්ගේ වෙන්වීමට දරණ උත්සාහය නිසා දැඩි කම්පනයට පත්ව සිටි 16 හැවිරිදි දියණියට උපදේශිකාව කියා සිටියේ ‘‘ඇයි දුවේ..තාත්තා නැති දරුවෝ කොච්චර ඉන්නවාද..? ඉතින් ඒ වගේ යාළුවෝ, අසල්වැසියන් ඔයා දන්නවානේ..ඒ අවස්ථාවේදී දැරිය කියා සිටියේ ඔව්..ගියසුමානෙත් මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් මියගියා. ඒ වුනත් ආන්ටි ඒ මැරිලානේ. මට එහෙමද තාත්තා /ස්වීමට එන්නේ නැති වුනාම…උපන්දිනයට තෑගි නැති වුනාම මම කොහොමද උත්තර දෙන්නේ..මැරිලා නම් හිත හදාගනන් වෙනවා. ඒත් මම….? 

මතුපිටින් නොදුටුවත් දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට ඉතාම දැඩි අන්දමින් බලපාන මානසික ගැටුමක් බවට පත්ව තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

දරුවන් සමග ගණුදෙණු කරන්නේ මෙහෙමයි…

දරුවන් සමග ගණුදෙනු කරන එකත් අපි හිතන තරම් පහසු නැහැ.
ඒ ඇයි කිව්වොත් අපේ මට්ටමින් දරුවන් ගැන හිතන්න බැහැ. ඒ
වගේම දරුවන්ගේ මානසිකත්වය  කියවීමත් සමහර විට අපහසු
වෙනවා. අපි දරුවන් වෙතින් ගරු කිරීම් බලාපොරොත්තු වෙනවා නම්
ඔවුන් හැඩගැස්විය යුත්තේ කොහොමද…?

දරුවාට ගරු කරන්න..

දරුවා නිවසේ පුංචිම සාමාජිකයා බව ඇත්ත. ඒ අද දවසට පමණයි.
ඔවුන් හෙට දිනයේ සමාජයේ වගකිව යුතු චරිත බවට පත් වෙනවා.
ඒ නිසා ඔබ දරුවාට ගරුත්වයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්
තවත් පැත්තකින් මේ මගේ ලෙයින් මසින් උපන් දරුවාය යන
සංකල්පයෙන්ද දෙමව්පියන් යුක්ත වෙනවා නම් දරුවා වෙනුවෙන්
ගරු කිරීමට අමුතුවෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ.

දරුවන් පුංචි වුනත් ගරුත්වය ලබන්න හරිම කැමැතියි. ඒ ගැන
කිසිම වරදක් කියන්න බැහැ. දරුවන් අපේ අණසක යටතේ හැසිරෙන
චරිත වුනත් ඔවුන් තුළත් යම් ආත්මාභිමානයක් තිබෙනවා. ඒ නිසා
දරුවන්ට අපි ගරු කරන්න ඕනයැ…ඒක හරි පුදුම කතාවක්නේ කියල
කිසිම විටෙක හිතන්න එපා. අපි යම් ලෙසකින් අද දවසේ දරුවන්ට
ගරු නොකරනවා නම් ඔවුන්ගෙන් අපට ගරුත්වයක් අනාගතයේදී
බලාපොරොත්තු වෙන්නත් බැහැ. එතැනදී වැඩිහිටියන් විදිහට අපට
ලොකු හිත් රිදිමක් ඇති වෙනවා. එය සාධාරණ වුනත් අපි දරුවන්
වෙනුවෙන් හැසිරෙන සලකන විදිය අනුව අපට ඔවුන් හෙට දවසේ සලකනු ඇති.

ආදරයෙන් සලකන්න..

දරුවන් ආදාරය ලබන්න බොහොම කැමැතියි. එය අමුත්තක් නොවේ.
හැම පුද්ගලයෙක්ම ආදරයට ආදරය කරනවා.නමුත් බොහෝ
දෙමව්පියන් දරුවන්ට ආදරය පෙන්වන්න කැමැති නැහැ. එය
දරුවාගේ අනර්ථයට හේතු වෙතැයි අනුමාන කරමින් ආදරේ තියෙන්නේ අපේ හිතේ..ආදරේ පෙන්නුවොත් විනාසයි කියල හිතනවා නම් ඇත්තටම ඔබ වැරදියි.දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ ආදරයේ සීමාවන් නැහැ. කොන්දේසි නැහැ.ඒ වගේම දරුවාට
දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත්.දෙමව්පියන් වෙතින් දරුවාට
ආදරය, ආරක්ෂාව ලැබෙනවා නම් ඔවුන් ඔබට ගරු කරන දරුවන්
බවට නොදැනීම පත් වේවි.

දරුවාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න…

අද දවසේ නම් බොහෝ දෙමව්පියන් තුළ ළමා මානසිකත්වය ගැන
තිබෙන වැටහීම නිසා දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන වැඩියෙන්
උනන්දුයි. ඒත් අතීතයේදී ඇතැමි දෙමව්පියන් දරුවන්ට ප්‍රසිද්ධියේ
අපහාස කිරීම, අවමන් කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබුවා.
එවිට දරුවා ලැජ්ජාවට පත්ව නැවත එම වැරැද්ද නොකරන තැනට
පත් වෙතැයි දෙමව්පියන් විසින් විශ්වාස කරනු ලැබුවා. මේ තත්වය
ඉතාම අහිතකර විදිහට දරුවාට බලපානවා. ඔබ දරුවා ප්‍රසිද්ධියේ
අපහාසයට පත් කිරීමෙන් ඇති වෙන ලැජ්ජාව ඉතා තදින් ඔවුන්ගේ
හිතේ තැන්පත් වීම පමණක් නොව ඒ ගැන ඇති කේන්තිය කොයියම්
හෝ මොහොතක පලිගැනීමක් ලෙසින් පිටවීමට ඉඩ තිබෙනවා. ඒ
නිසා කුමන වරදක් කළත් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ අපහාස කිරීම
නොකළ යුතු දඬුවම් ක්‍රමයක් බවත් තරයේම හිතට ගන්න.

දරුවන් සමග කාලය ගෙවන්න

අද හැම අම්මා තාත්තා කෙනෙක්ම කාර්ය බහුල ජීවිතයක් ගෙවන
බවට පොදු මතයක් ගොඩ නගා ගෙන තිබෙනවා.ඒ නිසා දරුවන්
සමග කාලයක් ගෙවන්න අපට වේලාවක් නැහැ කියන පොදු මතයක
පිහිටා සිටිනවා. නමුත් ඔබ දරුවන් සමග කාලය ගත කිරීමට කෙසේ
හෝ වේලාවක් සොයා ගන්න.ඔබ දරුවා අද දවසේ හුදෙකලා කිරීම
යනු මව්පියන් ගැන කිසිම අන්දමකින් ගරුත්වයක් හෝ දැඩි බැදීමක්
ඔවුන් තුළ ගොඩ නැගීමට මේ පරිසරය හේතු වේ.

ගතකරන කාලය සුන්දර වීම

දරුවන් සමග කාලය ගත කරනවා වගේම මේ කාලයත් ඉතා සුන්දර
වීම වැදගත්. එහෙත් දරුවන් සමග කාලය ගෙවීමට ඔබ සූදානමින් සිටියත් අදාල කාලය සතුටින් ගෙවා ගැනීමට නොහැකි නම් දරුවා තුළ ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමක් ඇති වෙන්නේ නැත. ඒ නිසා දරුවන් සමග කාලය ගෙවීම වගේම ගෙවන කාලය සතුටින්
ගෙවන්නට හැකි නම් දරුවා ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමකින් කටයුතු කරනු ඇත.

විධාන එපා.

දරුවා සමග මව්පියන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් බව රහසක්
නොවේ.ඒ වුනත් මේ කාලයේදී නිතරම විධාන එපා. දරුවාට හැම දෙයක්ම කරන්න එපා…යන විධානය ලබා දීමට වඩා බොහොම සුන්දර අන්දමින් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගැනීම වැදගත්.

දරුවා ගොඩ නගන්න.

දරුවෙක් සමාජයට හිතකාමී ලෙසින් ගොඩ නැගීම දෙමව්පියන්ගේ
වගකීමයි.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ ශාරිරික
වර්ධනයට සමගාමීව ඔවුන් ආත්ම ශක්තියෙන් යුක්ත චරිත ලෙසින්
සමාජගත කිරීම ඉතා වැදගත්.

ශ්‍රවණ දුර්වලතා උපතේදීම හඳුනා ගත හැකියි.

නව මාසයක් කුසේ දරාගෙන දරුවෙකුට උපත දුන් පමණින්ම දෙමව්පියන්ට සෑහීමට පත් වෙන්න බැහැ. ඊට හේතුව මේ දරුවාගේ ඇති ශාරීරික දුබලතාවයන් හඳුනා ගැනීමට සාමාන්ය කාලයක් ගත වෙනවා. කන ඇසීම, ඇවිදීම, පෙනිම, කතා කිරීම වැනි මේ හැකියාවන් දරුවාට තිබෙනවාද….? නැද්ද….? යන සැකයෙන් දෙමව්පියන් පසුවෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ උගුර, කන, නාසය, පිළිබඳ විශේෂඥ වෛද්ය එස්.සෙල්වරත්නම් මහතා.

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකු අතරමග කාලයේදී ශ්රවණ ආබාධිත තත්වයට පත් වීමට අවස්ථාවන් තිබෙනවාද…? 

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකුට සිදු වෙන අනතුරක් නිසා හිසට ඇති වෙන තුවාල, මොලේ උණ, එච්.අයි.වී වෛරස ආසාදිත වීම, කම්මුල්ගාය රෝග තත්වය නිසා ශ්රවණය පිලිබඳ ගැටළු ඇති වෙන්න පුලුවනි. සමහර විට දරුවාගේ මේ තත්වය පැහැදිලිව නොපෙනුනත් පංතියේදී ඇහුම්කන් නොදීම, නිවසේදී මව්පියන් කියන දේ වෙනුවෙන් ප්රතිචාර නොදක්වා සිටීම, රූපවාහිනියේ ශබ්දය වැඩි කිරීම  වැනි හැසිරීම් නිසා දරුවාගේ දුර්වලතාවය හඳුනා ගැනීමට පුලුවනි.

මේ වයසේ දරුවන් වෙනුවෙන් සිදු කරන Pure tone audio-gram පරීක්ෂණය මගින් ලබා දෙන ශබ්ද ආශ්රය කර ගෙන ඔවුන්ගේ ශ්රවණ මටට්ම හඳුනා ගෙන ඒ අයටත් ශ්රවණ ආධාරක ලබා දෙනවා. ඔවුන්ගේ අධ්යාපනය පවත්වා ගෙන යන්න හැකියාව ඇති විදිහට මේ උපකරණයෙන් ඔවුන්ට පහසුවක් ලැබෙනවා. අපි එතැනින් නවත්වන්නේ නැහැ.  

කන ඇසෙන්නේ නැති දරුවෙකු අනිවාර්යෙන්ම කතා කිරීමේ නොහැකි හෙවත් ගොළු බවට පත් වීමට පුළුවනිද…?

සම්පූර්ණයෙන්ම බිහිරි බවට පත් දරුවන්ට කතා කිරීම අපහසුයි. ඊට හේතුව දරුවාට පරිසරයෙන් වචන ග්රහණය කර ගැනීමට බැහැ. ඒ නිසා ඔවුන්ට වාග්කෝෂයක් ගොඩ නගා ගැනීමට අපහසුයි. නමුත් උපතේදීම ශ්රවණය පිලිබඳව තිබෙන දුර්වලතාවය හඳුනා ගත්තොත් ඒ වෙනුවෙන් ප්රතිකාර සිද්ධ වෙන නිසා දරුවාගේ කථනයත් පහසු වෙනවා. ඒ වගේම ශ්රවණ දුර්වලතාවයන් ඇති දරුවන්ට කථන පුහුණුව (Speech therapy) මගින් කතාව පහසු කිරීම හැකියාව තිබෙනවා.

දරුවෙකුට ඇසීම අඩුවීමට බලපාන තවත් හේතු…

ඇතැම් ඖෂධ නිසාත් කනට හානි සිද්ධ වෙනවා..

සමහර ප්‍රතිජීවක නිසා කනට හානි සිදු වෙන්න පුලුවනි. වකුගඩු රෝග, පිලිකා වගේම ඒඞ්ස් රෝග වලට ලබා දෙන ඖෂධ නිසා කනට හානි වෙන්න පුලුවනි.

කනට වතුර ගියාට කන් බෙරය හොඳින් තිබෙනවා නම් මේ වතුර ආපසු එනවා. ඒ නිසා කනේ වතුර කොට්න් බඞ් වැනි දේ දාලා ඉවත් කිරීම අවශ්ය නැහැ. කන් කලාඳුරු වුනත් කඩන්න ගියොත් ඒවා තවත් ඇතුලට තල්ලු වෙනවා. එහෙම වුනාම ඇසීමේ ගැටලු ඇති වුනත් කලාඳුරු ඉවත් කලාම නැවත ඇසීමේ තත්වය හොඳ අතට හැරෙනවා.

හෙම්බිරිස්සාව වැඩිවුනාම 

අපේ නාසය සහ කන එකට සම්බන්ධයි. හෙම්බිරිස්සාව තත්වයේදී නාසය ඔස්සේ බැක්ටීරියා සහ වෛරස කනට ගමන් කරනවා. මැද කනේ සැරව පිරුනාම  සැරව යන්න තැනක් නැති නිසා කන් බෙරය හිල් කර ගෙන පිටතට ගලනවා.නිතර නිතර මේ තත්වය ඇති වීමත් පසුකාලීනව ශ්රවණ තත්වයට වගේම විවිධ අතුරු රෝග තත්වයන්ටත් බලපාන්න පුලුවනි.

කනට ඇට වර්ග දා ගත්තාම

කනට ඇට වර්ග දාගත්තාම වතුර දාන්න හොඳ නැහැ. එහෙම වුනාම ඇට පෙඟිලා හිරවෙන්න පුලුවනි. ඒ නිසා ළඟම තියෙන රෝහලට ගියාම කනට අනතුරක් නොවන විදිහට මේවා ඉවත් කරනවා.

මැද කනට හානි වීම

මැද කනට  වතුර පිරීම, පැසවීම වැනි රෝග තත්වයන් නිසා තාවකාලිකව ඇසීමේ ගැටළු ඇති වන්න පුලුවන් ඒ වුනත් එය ශ්රවණ තත්වය පිළිබඳව ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඖෂධීය හෝ ශල්යකර්ම මගින් යථා තත්වයට පත් කරන ගන්න පුලුවනි. නමුත් මැද කනට විශාල විදිහට හානි සිදු වෙලා තිබුනොත් ඇසීමේ බාධාවන් ඇති වෙන්න ඉඩ තිබෙනවා.

කනට සතුන් ඇතුලුවීම

කනට සතෙකු ඇතුළු වුනොත් ඒ කෘමියා මරණයට පත් කරලා එයින් පසුව අරන් දානවා. කිනිතුල්ලන් වැනි සතුන් කන් බෙරය අල්ලා ගෙන සිටිනවා. එය තද වේදනාවක්. කිනිතුල්ලාගේ විස නිසා මුහුණට එන ස්නායුවලට හානි සිදු වෙලා මුහුණ පැත්තකට යෑම වැනි මේ විදිහට කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුලු වුනාම විවිධ දියර කනට ඇතුලු නොකොට රෝහලකට යෑම අවශයි. එවිට කිනිතුල්ලා මැරෙන්න බේත් දාලා සතියකින් හෝ නියම කරන දිනකදී කනට හානියක් සිදු නොවන විදිහට මලකුණ ඉවත් කරනවා.

 

දැන් දරුවෙකු උපත ලැබූ පසුව ශ්රවණ තත්වයන් ගැන සැක හැර දැනගැනීමේ හැකියාව තිබෙනවා. දරුවෙකුගේ ශ්රවණ තත්වයන් දුර්වල වීමට හේතු කීපයක් බලපානවා. මේ පරිසරය දරුවා මව්කුස සිටින කාලයේ පටන්ම ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ අවදානම් විදිහට…

මවගේ ගර්භාෂයේ සිටියදී මවට ඇති වෙන රෝග සංකුලතාවයන්

මවට ඇති වෙන වෛරස තත්වයන්

මවට ලබා දෙන එන්නත් නිසා

මවගේ වැටීම් වැනි තත්වයන්

අඩු බර දරු උපත්

නොමේරූ දරුවෙකු වීම සහ ලබා දෙන ඖෂධ

පරම්පරාවෙන් 

මෙපමණ කාලයක් දරුවන්ගේ අවදානමක් තිබුණ දරුවන්ගේ පමණක් ශ්රවණ තත්වය පරීක්ෂා කලත් දැන් ලෝක සෞඛ්ය සංවිධානය මගින් දියත් කර තිබෙන Universal screening program සෑම දරුවෙකුගේ උපත සමග ශ්රවණ තත්වය පරීක්ෂා කර බැලීමේ ව්යාපෘතියක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කනට ඇතුළු කරන කුඩා යන්ත්රයක් (Otoacustic Emission) (OAE) මගින් ඇතුලු කනේ සිට ශබ්දය නිකුත් වීම හඳුනා ගන්න පුලුවන්. ඒ මගින්  ස්නායු තත්වය හොඳින් හඳුනා ගැනීමට පුලුවනි. හඳුනා මේ පරීක්ෂනයේදී  සැකයක් නැත්නම් දරුවාගේ ශ්රවණ තත්වය නීරෝගී බව තහවුරු කරනවා. 

යම් විදිහකින් මේ අවස්ථාවේදී යම් අඩුපාඩුවක් හඳුනා ගැනීමට සිදු වුනොත් තවත් පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කරනවා. ඒ පරීක්ෂණය හඳුන්වන්නේ ERA හෙවත් evoke respoce audiometry යනුවෙනුයි. එහිදී ලබා දෙන ශබ්දය මැද කනට ගිහින් ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට ගමන් කරනවා. සාමාන්ය ශ්රවණ තත්වයේදී මේ මාර්ගය පැහැදිලියි.

මේ පරීක්ෂන මගින් දරුවාගේ ශ්රවණ තත්වය ගැන දුර්වලතාවයක් ගැන වාර්තාවක් නැති වුනත් අඩු බර දරු උපත් ඇති දරුවන්, නොමේරූ ඒකකයේ සිටි දරුවන්, සෙංගමාලය වැනි රෝග තත්වයට ප්රතිකාර ලබා දුන් දරුවන් ගැන තව දුරටත් පසුවිපරම් කරමින් ඔවුන්ගේ ශ්රවණ තත්වය ගැන පරීක්ෂා කරනවා.

මේ තත්වයේදී කනට ලබා දෙන අඩු ශබ්ද සිට වැඩි ශබ්ද දක්වා පරාසයක දෙන ශබ්ද මගින් දරුවාගේ ශ්රවණ දුර්වලතාවයේ මටට්ම හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේදීත් අඩුපාඩුවක් හඳුනා ගන්න ලැබුනොත් විශේෂ ශල්ය කර්මයක් මගින් hearing aids එහෙම නැත්නම් ශ්රවණ උපකාර ලබා දීම නිර්දේශ කරනවා. මේ නිසා දරුවන්ගේ ශ්රවණාබාධ හඳුනා ගෙන ලබා දෙන ප්රතිකාර නිසා ඔවුන්ගේ ශ්රවණ තත්වය වගේම කතා කිරීමට ඇති අපහසුතාවයන්ටත් පිලියම් ලැබෙනවා. මේ  විදිහට ශ්රවණ ආධාරක ලබා දෙන දරුවන් ගැනත් අපේ  පසුවිපරම් සිදු වෙනවා.

ශ්රවණ ආධාරක මගිනුත් සාර්ථක ප්රතිඵල ලැබෙන්නේ නැත්නම් හෝ ශ්රවණ තත්වය දුර්වල නම් කර්ණ සංඛ බද්ධ කිරීමේ ක්රියාවලියට දරුවා යොමු කරනවා.

ඔබේ දරුවාත් ධූලක ආතතියේ ගොදුරක් වෙන්න පුලුවනි.

ධූලක ආතතිය වගේ බර වචනයකින් කිව්වාම ඔබට මේ තත්වය සමහර විට අපබංශ්රයක් වෙන්න පුලුවනි.නමුත් ඔබේම පුංචි පැටියා මේ මානසික ආතතිමය තත්වයට පත්ව සිටින්න පුලුවනි.හැබැයි මලක් වගේ සුන්දර ඔබේම වස්තුව මේ ධුලක ආතතියට පත් වෙන්නේ ඔබ විසින් දරුවා වෙනුවෙන් දක්වන ප්‍රතිචාර සහ ඔබේම නොමනා හැසිරීම නිසා වෙන්න පුලුවනිඒ නිසා ඔබ නිසා දරුවා ධූලක ආතතියට පත් වෙන හේතු හඳුනා ගන්න.

දරුවා නොසලකා හැරීම

ඔබ හැම විටම දරුවා ගැන දරුවාගේ මට්ටමින් සිතන්න.ඇත්තටම ඔබ කාර්ය බහුල පුද්ගලයෙකු විය හැකියි.ඒත් දරුවාට ඒවා ප්රශ්න නොවෙයි.ඔවුන් හැම විටම දෙමව්පියන් විදිහට ඔබගෙන් අපේක්ෂා කරන්නේ ආදරය,ආරක්ෂාව සහ රැකවරණයයි.මොනයම් හේතුවකින් හෝ ඔබේ අවධානයෙන් සහ ආදරයෙන් දරුවා දුරස් වුනොත් ඔවුන් හිතන්නේ අම්මා ,තාත්තා තමා නොසලකා සිටින බවයි. ඒ නිසාම දරුවා ආතතිමය තත්වයට පත් වෙනවා.

මේ ගැන වැඩියෙන් හිතන්න. පවුලේ වැඩිමහල් දරුවා විදිහට බොහොම හුරතලේට සිටිය දරුවාට බාල සහෝදරයෙකුගේ ආගමනය නිසා තමන් නොසලකා හරින්වාය යන සිතුවිල්ලක් ඇති වෙන්න පුලුවනි.එවන් අවස්ථාවකදී දරුවා තුළ ඇති වෙන වේදනාව තරහ නිසා ධූලක ආතතියට පත් වෙන්න පුලුවනි.

පවුලේ සමීප අයෙකුගේ මරණය

මරණය හෝ දුරස් වීම අප කාටත් දරන්න අපහසු තත්වයක්. දරුවන් මුල් කර ගෙන හිතුවොත් මේ තත්වය ඊටත් වෙනස්.ඔවුන් මානසිකව දැඩි විදිහට කඩා වැටෙන්න පුලුවනි. අම්මා හෝ තාත්තා මියගියොත් එසේ නැත්නම් වෙන්ව ගියොත් තමා අසරණය යන මානසිකත්වයෙන් පීඩා විඳින නිසා දරුවා ධූලක ආතතියට පත් වීම ඉතාම ඉක්මනින් සිදු වෙනවා.

මවට පහර දීම හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

බොහෝ අවස්ථාවන්හි ගෘහස්ථ ප්රචන්ඩත්වය දරුවාට ඉතාම සමීපව බලපාන්න පුලුවනි.මව මුහුණ දෙන දුක්ඛදායක තත්වය ත-ළ දරුවා අසරණ වෙනවා.ඒ වගේම පියා ගැන ඇති වෙන්නේ බියක්.ඔවුන් පියා දකින්නේ දුර්දාන්ත චරිතයක් විදිහටයි.ඒ නිසා නිතරම බියෙන් හා තැතිගැන්මෙන් පසුවෙන දරුවාගේ මානසිකත්වය නොදැනීම විෂ සහිත හෙවත් ධූලක ආතතියට පත් වෙනවා.

මත්පැන් පානය කරන පරිසරයක ජීවත් වීම

පවුලක වැදගත්ම චරිතය පියා.නමුත් මේ පියාගේ චරිතය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පිය චරිතයක් විය යුතුයි.ඒත් හැන්දෑවට තැබෑරුම් අසල වැටෙන,හතර ගාතෙන් නිවසට පැමිනෙන,සහ මිතුරන් සමග මත්පැන් සාද දමන පියෙකු ඇසුරේ වැඩෙන දරුවන්ගේ පෞරෂයට දැඩි බලපෑම් ඇති වෙනවා.

පියා ගැන ගෞරවයක් දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නෙත් නැහැ.ඒ වගේම දරුවාතේ නොදැනීම මත්පැන් බොන පරිසරයට නිරාවරනය වෙනවා.තාත්තා ගමන් කරන පාරේ දරුවා ගමන් කරනවා විතරක් නොවෙයි,ඔවුන්ගේ මානසිකත්වයත් ධූලක ආතතිමය තත්වයට පත් වෙනවා.

මානසික රෝගින්ගේ ඇසුර

ඔබේ නිවසේ මානසික රෝගියෙකු සිටිනවා නම් අපට ඔවුන් ප්රතික්ෂෙප කරන්න බැහැ.නමුත් නිවසේ මානසික රෝගියෙකු විශේසයෙන්ම ප්රතිකාර නොගන්නා මානසික රෝගියෙකු සිටිනවා නම් ඒ තත්වය දරුවාගේ මානසික ධූලක තත්වයට හේතුවක්.ඒ නිසා ඔබේ නිවසේ සාමාජිකයෙකු මානසික රෝග තත්වයට පත්ව සිටින විට රෝගි පුද්ගලයා නොසලකා හරින්න එපා.ඔවුන් වෙනුවෙන් ප්රතිකාර ලබා දී සාමාන්ය ජීවිතයක් ගත කරන පරිසරයක් සකස් කර දීම ඉතාම වැදගත්.එසේ නොවුනොත් දරුවා ඉතාම පහසුවෙන් ධූලක ආතතියට පත් විය හැකියි.

කායික අපයෝජනය

දරුවන්ට දඬුවම් කරන්නේ ඔවුන් යහපත් පරිදි ගොඩ නගා ගැනීමට බව සැබෑවක්.ඒත් මේ ගොඩ නැගීමේදී අනවශ්ය විදිහට කායික වධ හිසාවන්ට නම් පත් කළ යුතු නැහැ. ඇතැම් දෙමව්පියන් තමන්ගේම දරුවාට වුනත් ලබා දෙන දඬුවම් ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.ගහකට තබා බැඳ පහර දීම,අනවශ්ය විදිහට පන්න පන්නා පහර දීම වැනි අමානුෂික පහර දීම් නොකල යුතුමයි.දරුවා ඔබේ බව සැබෑය.ඒත් අමානුෂික විදිහට කායික අපයෝජනයන් වෙනුවෙන් දෙමව්පියන් වුනත් ඔබට අවසර නැහැ.අද ඔබේ දඬුවම මොනතරම් බරපතලද කිව්වොත් මේ නිසාම දරුවා ධූලක මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

ලිංගික අපයෝජනය

අතීතයේදී දරුවාට සීයා,මාමා,බාප්පා ළග තිබුන ආරක්ෂාව අද නැහැ. වෙන දෙයක් තබා තමාගේ පියාගෙන්වත් අද ගැහැණු දරුවා ආරක්ෂිත නැහැ.දැනට සිදු කර තිබෙන සමීක්ෂණ මගින් පෙනී යන්නේ දරුවන් සැම විටම ලිංගික අපයෝජනයට පත් වෙන්නේ ඔවුන්ට ඉතාම සමීප අයගෙන් බවයි.මේ ලිංගික අපයෝජනය නිසා දරුවා ධූලක ආතතියට පත් වීමේ අවාසනාවන්ත තත්වය ඇති වෙනවා.

මානසික අපයෝජනය

අප බොහෝ විට ලිංගික සහ කායික අපයෝජනය ගැන කතා කළත් මානසික අපයෝජනය නිසාත් දරුවා තුළ ධූලක මානසික ආතතිය ගොඩ නැගෙන්න පුලුවනි.දරුවන්ට දොස් නැගීම,විවේචනය,ප්රසිද්ධියේ අපහාස කිරීම නිසා ඇති වෙන මානසික පීඩනය නිසා දරුවා ධූලක ආතතියට පත් වීමට පුලුවනි.

අපි පොඩ්ඩන්ව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද…?

මේ දවස්වල වැඩිහිටියන්ට නම් ලැබුන විවේකයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න
පුලුවනි.ඒත් හයක් හතරක් නොතේරෙන පොඩ්ඩන් එක්ක මේ කාලය ගත කරන එකත්
ලේසි නැහැ.ඒ ඇයි කිව්වොත් මේ වසංගතයේ තරම දරුවන් දන්නේ නැහැ.කිව්වට
තේරුම් ගන්නත් බැහැ.ඒ නිසාම ඔවුන්ද යම් සීමාවක් වෙනුවෙන් සිර වෙලා. වෙනදාට
නම් විවේකයක් ලැබුනාම එලියේ ඇවිදින්න,මිතුරන් සමග සෙල්ලමට, නෑදෑ ගමනක්
යන්න තිබුන අවසරය දැන් අකමැත්තෙන් වුනත් සීමා වෙනවා.කන්න බොන්න වුනත්
වෙනදා වගේ බැහැ.ඇයි දැන් හෙටක් ගැනත් හිතන්න එපායැ.මේ සියල්ල අතර
පොඩ්ඩන්ගේත් මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුලුවනි.

❖ බොරුවට ලෙඩ කියාවි..
වෙනදා තිබෙන ක්‍රියාශීලි ජිවිතය නැති නිසා ඇති වෙන මානසික තත්වය හින්දාම දරුවන්
බොරු හිසරදය, බඩ රිදෙන බව වගේ හොර ලෙඩ කියන්න පුළුවනි.ඒ තත්වය හරියට
උදේට පාසල් යන්න කම්මැලි වුනාම දක්වන රගපෑමට සමානයි.

❖ අවධානය ගන්න බලනවා.
දැන් දෙමව්පියන් විදිහට වෙනදා මානසිකත්වය ඇත්තටම නැහැ. අසල ගෙයක සොරකම්
කලගිය දවසක …තමන්ගේ නිවස රැකගෙන සිටිනවා වගේ ලෝකය පුරා වසංගතයට
ගොදුරු වෙන ප්‍රවනතාවය නිසා ඇති වෙන කම්පනය..ඒ වගේම අපේ රටේ වසංගත
තත්වය ගැන තොරතුරු..ඒ සියල්ල අතර අපේ පවුල සමග හැම දෙනාම ආරක්ෂා
වෙන්නේ කොහොමද..?ඒ වෙනුවෙන් වූ පිලිවෙත් ගැන වැඩි අවධානය සමග ආහාරපාන
ගැනත් උනන්දු වෙන්න වෙලා.මේ එකක්වත් පොඩ්ඩන්ට ප්‍රශ්න නොවෙයි.හැබැයි
..ඔවුන්ට එකක් තියෙනවා.වෙනදා නිවසේ,අසල්වැසියන් අතර වගේම ගමේ තිබුන
සාමාන්‍ය තත්වය අද නැහැ. ඇදිරි නීතිය නිසා හැමදෙනාම ඒ වෙනුවෙන් අනුගතයි.මේ
තත්වය දරුවාට නුහුරු නිසා ඔවුන් වැඩිහිටි අවධානය ගැනීමට විවිධ විදිහට
හැසිරෙන්න පුලුවනි.ඒ නිසා දරුවන් අවධානය ගැනීම වෙනුවෙන් වැඩිහිටියන් කෝප
වෙන්න එපා.

❖ දඩබ්බර වෙන්න පුලුවනි
අවධානය ගැනීම සාර්ථක නොවුන තැන දරුවන් දඩබ්බර ගති පැවතුම් පෙන්වන්න
පුලුවනි.ඒ වගේම බොරුවට අඩන්න..බඩු මුට්ටු පොලවේ ගහන්න වගේ දඩබ්බර
හැසිරීම් පෙන්වන්නත් පුලුවනි.මේවා ගැන දෙමව්පියන් එතරම් උරණ විය යුතු
නැහැ.දරුවන්ට ඔවුන්ගේ සාමාන්ය ජනජීවිතය අහිමි වීම නිසා මේ විදිහට ප්‍රතිචාර
දක්වන්න පුලුවනි.

අපි පොඩ්ඩන්ව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද…?

කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන මේ පරිසර තත්වය තාවකාලික බව
දරුවන්ට පැහැදිලිව කියා දෙන්න.එහෙම නැති වුනොත් දරුවන් අපේක්ෂා භංගත්වයට
පත් වෙනවා.හැම දෙනෙක්ම ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි.දරුවන්ටත් ඔවුන්ගේ
තරමට බලාපොරොත්තු තිබෙනවා.ඒ නිසා හෙටක් නැහැ…යන සංකල්පය ඔවුන්ගේ
හිත්වලට ඇතුළු කරන්න එපා.

තත්වය තාවකාලිකයි..
වසංගත රෝග තත්වයක් නිසා ඇති වුන මේ තත්වය තාවකාලිකයි.ඒ වෙනුවෙන් අපි සහයෝගය දැක්වුවොත් ඉක්මනින්ම ඉස්සර තත්වයට පත් වෙන්න පුලුවන් බව දරුවන්ට කියා දෙන්න.අදටත් ඇදිරි නීති කඩකරමින් රට පුරාම විකාර චරිත බිහිවී තිබෙන්නේ බාලකාලයේදී ඔවුන්ගේ වැඩිහිටියන් රටක නීතියට අවනතව ජීවත් වෙන විනය දරුවන්ට අවබෝධ කර නුදුන් නිසයි.ගෙදර පුංචි පුංචි අඩුපාඩු ඇති වුනත් කඩපිලට ඇදිරි නීතිය ඇති වේලාවට යන්නේ විනයක් නැති අය මිසක පුතාගේ අම්මා..තාත්තා ඒ වගේ වැරදි වැඩ කරන අය නොවන බව පැහැදිලිව පහදා දෙන්න. ඒ නිසා අද හය හතර නොතේරෙන දරුවා ඉදිරියේ වැඩිහිටියන් විදිහට ඔබ ඇදිරි නීතියට අනුගතව කටයුතු කරන්න.දරුවාගේ වයසේ හැටියට නීතියට අනුගත වෙන කලාව කියා දෙන්න.

කාලසටහනක් ගොඩ නගන්න
දරුවාට වුනත් විවේකය වැඩි වුනොත් දවස දිගු වෙන්න පුලුවනි.ඒ නිසා ඔවුන්ටත් යම් කාල සටහනක් හදන්න.අම්මා,තාත්තා දරුවාගේ සෙල්ලමට සහකරු වෙන්න. වෙනදා වගේ අසල්වැසි දරුවන් නොමැති පාඩුව එවිට පිරිමහ ගැනීමට පුලුවනි.මේ කාලසටහනේම පාසලේ වැඩටත් යම් අවස්ථාවක් දෙන්න.අතපසු වුන පාඩම්වල කොටස් නිරවුල් කර ගැනීමට වේලාවක් ලබා දෙන්න.ඒ වගේම විනෝදය සහ සතුට ලැබෙන කුමන හෝ ඉසව්වක් අවස්ථාවේ හැටියට සලසා දෙන්නත් අමතක කරන්න එපා.

නිවසේ කටයුතුවලට සහය
ඔබ නොහිතුවත් පුංචි දරුවන් වැඩිහිටියන්ගේ වැඩ කටයුතුවලට උදව් කරන්න හරිම කැමැතියි.ඒ නිසා ඔබේ වැඩ කටයුතුවලදී දරුවාගෙන් පුංචි පුංචි අත්උදව් ගන්න.නමුත් අනවශ්ය විදිහටවතුර සමග කටයුතු, දූවිලි පරිසරයට නම් දරුවන් නිරාවරනය කිරීම එතරම් සුදුසු නැහැ.හදිසියේවත් උණ,ප්රතිශ්යාව මේ දවස්වල විවිධ විදිහට අර්ථ කථනය වෙන්න පුලුවනි.

ලස්සන කවි.ගීත, කථන්දර අහන්න..
ලද විවේකයෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ගේ සාහිත්‍ය වැඩි දියුණු කරන්න පුලුවනි.ඔවුන්ට කථන්දර කියා දෙන්න දැන් පුංචි විවේකයක් තියෙනවා.කවියක්,ගීතයක්අහන්න සලසා දී ඒවා කටපාඩම් වෙන තෙක් කටේ හිරි ඇරෙන්න ගයන්න අවස්ථාව දෙන්න. රාමුවක්ට කොටු වී සිටින නිසා ඇති වී තිබෙන ආතතිය එයින් දුරු වේවි..

මයික්රෝවේව් උඳුන සමග ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන්නේ කෙසේද?

වැඩ පහසු කරන මෙවලම් භාවිත කිරීම ගැන කාටවත් දොස් නගන්න අවශ්‍ය නැහැ. එහෙත්…මේ තාක්ෂනික මෙවලම් භාවිතය අපේ සම්ප්‍රදායික මෙවලම් භාවිත කිරීමේදී තිබෙන ආරක්ෂාව නැහැ. ඒ නිසා අප යමක් කිරීමට පෙරාතුව දෙවරක් හිතන්න අවශ්‍යයි.

මයික්‍රෝවේව් උඳුන ගැනත් දෙවතාවක් හිතන්න මේ කරුණු ඔබට ඉතාම වැදගත් වේවි.

  • අර්තාපල්

පෙන් රාජ්‍ය විද්‍යාලයේ කෘෂිකාර්මික විද්‍යව පිලිබඳ ආයතනය සඳහන් කරන අන්දමට අර්තාපල් ආහාරයට ගෙන ඉතිරි ප්‍රමාණයක් වෙතොත් එය හැකි ඉක්මනින් ශීතකරනයේ තබන්න.එසේ නැතිවුනොත් Clostridium botulism (බොටුලිසම්)  බැක්ටීරියාව වර්ධනය වෙනවා.මෙම බැක්ටීරියාව ඉතා අහිතකර විදිහට ආමාශයට බලපාන්න පුලුවනි. මයික්‍රොව්ව් උදුනක තත්පර තිහක් නැවත රත් කළත් මේ බැක්ටීරියාව විනාශ වෙන්නේ නැහැ. 

  • බත්

අප සාමාන්‍ය උෂ්ණත්වයේ සහල් පිසගෙන ආහාරයට ගැනීම සෞඛ්‍යයට බෙහෙවින් හිතකරයි. බත පිසගත් පසුව එය වැඩි වේලාවක් නිරාවරනය වුනොත් බැක්ටීරියා වර්ධනය වෙන බව මහා බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති Food Standards Agency (FSA), පිළිබඳ ආයතනය විසින් සදහන් කරනවා.ඒ වගේම පිසින ලද බත් එලියේ තැබීමේදී ඇතුලු වෙන බැක්ටීරියා මයික්‍රෝවේව් උදුනේ රත් කර ගත් බතෙන් ඉවත් වෙන්නේ නැහැ.ඒ හින්දා මයික්‍රෝවේව් උදුනේ රත්කරානේ කියලා ඔබට සැනසෙන්න බැහැ.

  • සහල් 

සාමාන්‍ය  උෂ්ණත්වයේ දී පිසීමෙන් පසු ආහාරයට ගන්නා විට සෞඛ්‍යයට හොඳයි. ඇත්ත වශයෙන්ම, පිසූ සහල් සාමාන්‍ය  උෂ්ණත්වයේ තැබීමෙන් තත්පර කිහිපයකින් දෙගුණ වන බැක්ටීරියා වර්ධනයක් ඇති වෙන්න පුලුවන්. මයික්‍රොවේව් උදුනේ පිසූ සහල් රත් කිරීමෙන් පවා මෙම බැක්ටීරියා මිය යන්නේ නැහැ. ඒ නිසා පිසූ වහාම බත් අනුභව කිරීම වඩා හොඳයි. පිසීමෙන් දීර්ඝ වේලාවකට පසුව ඔබට බත් අනුභව කිරීමට අවශ්‍ය නම් වහාම එය ශීතකරණයේ තබා ගන්න.


  • කොළ එළවලු

කොළ එළවළු කිව්වොත් එහි කොළ පැහැය තිබීම ඉතාම වැදගත්.කොළ පැහැයෙන් ආහාරයට ආකර්ශනය පමණක් නොවෙයි,පෝෂනයත් අඩංගුයි.නමුත් මේ ලස්සනට තිබෙන කොළ එළවළු මයික්‍රෝවේව් උදුනේ පිසින විට ඇති වෙන නයිට්‍රොසමින් නැමැති විෂ රසායනයක් ඇති වෙනවා. මේ පිළිකා කාරකය ඇති වෙන නිසා කොළ එළවලු මයික්‍රෝවේව් උදුනක රත් කිරීමෙන් අහිතකර රසායනයන් ඇති වෙන්න තිබෙන ඉඩ ගැනත් හිතන්න.


  • රතු බෙල් පෙපර්

රතු බෙල් පෙපර් මයික්‍රොවේව් උදුනක රත් කළ විට ඇති වෙන ඇති වෙන කැප්සායිසින් රසායනය නිසා කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි.ඒ නිසා රතුබෙල් පෙපර්
මයික්‍රෝදවේව් උදුනක රත් කිරීම සුදුසු නැහැ.

  • හතු

හතු ගැන අහන්න ලැබෙන පුදුම හිතෙන තතු මයික්‍රෝවේව් උදුනක රත් කිරීමෙන් අහිමි වෙන්න පුලුවනි. යුරෝපීය ආහාර තොරතුරු කවුන්සිලයට According to the European Food Information Council (EFIC) අනුව හතු නැවත රත් කිරීමෙන් එහි තිබෙන ප්‍රෝටින් ඉතා වේගයෙන් දහනය වෙනවා. සාමාන්‍යයෙන් ශීතකරණයක තබන ලද ආහාරය අංශක 158 ක උෂ්ණත්වයක රත් කිරීමෙන් ආහාරයට ගැනීම අනුමත වුනත් හතු වෙනුවෙන් මේ උපදේශය ගැලපෙන්නේ නැහැ.

ඉතින් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන්නේ කෙසේද? මයික්‍රෝවේව් උඳුන තුල ආහාර නැවත රත් කිරීමේදී ආරක්ෂිතව සිටීමට සරල ක්‍රම හතරක් ඇත:

     ඔබේ මයික්‍රෝවේව් උදුන නිසියාකාරව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කරන්න.
     ආහාර නිසි ලෙස පිසින ලද හෝ නැවත රත් නොකළේ නම්, එය වැඩි කාලයක් උයන්න.
     හොඳින් නැවත රත් කිරීම සහතික කිරීම සඳහා ආහාර කුඩා ප්‍රමාණයකට බෙදන්න.
     නැවත රත් කිරීමේ ක්‍රියාවලියේදී උෂ්ණත්වය පැතිරීම සඳහා ආහාර කලවම් කිරීමට වග බලා ගන්න.

 

පෞරුෂ වෙනස්කම්

පුංචි දරුවන් දිහා බැලුවාම ඔවුන් අතරත් විවිධ පෞරුෂ වෙනස්කම් තිබෙනවා.ඒ ගැන
දෙමව්පියන්ට බොහොම අත්දැකීම් තිබෙනවා.වෙන දෙයක් තබා එකම අම්මාගේ දරුවන්
අතර වුනත් පෞරුෂය ගැන වෙනස්කම් දකින්න පුලුවනි.එහෙමනම් මේ වගේ පෞරුෂ
වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද…?
මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් ප්‍රීතිජනක සහ ඔවුන්ගේ මානසික
සුවයට හිතකර තත්වයක් නිවසේ ගොඩ නැගුනොත් ධනාත්මක ලක්ෂණ ගොඩ නැගෙන
අතර දරුවාගේ බාල කාලයේදී අප්‍රසන්න සහ මානසික අසහනකාරී පරිසරයක් ගොඩ
නැගුනොත් දරුවා තුළ සෘණාත්මක හෙවත් දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙන්න
පුලුවනි.

ධනාත්මක ආතතිය ගොඩ නගන්නේ කොහොමද…?

ඔබ ඇසුරේ සිටින ඇතැම් දරුවන් උස් මහත් වුනත් තනියම නිදා ගැනීමට බිය වෙන්න
පුලුවනි. ඒ වගේම තනියම කමිසයේ බොත්තම් දමා ගැනීම, ආහාර පාන ගැනීමට පවා
නොහැකි තත්වයක් ඇති වෙන්න පුලුවනි. මේ තත්වයට දරුවා පත් කරන්නේ
දෙමව්පියන් විසින්මයි. ඔවුන් බාල කාලයේ පටන්ම දරුවාට කිසිම දෙයක් තනියම කර
ගැනීමට ඉඩ නොදී සියල්ලම දෙමව්පියන් විසින් ඉටු කර දීමට දරණ උත්සාහය නිසා
දරුවා තුළ දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙනවා.
ඒ නිසා ඔබේ දරුවාගේ පෞරුෂය ධනාත්මක ලෙසින් ගොඩ නගන්නට නම් බාල
කාලයේ පටන්ම ඔවුන් වෙනුවෙන් යම් අභියෝග ලබා දීම වැදගත්. මෙය මුලදී දරුවාට
අපහසු වුනත් කාලය සමග එය අභියෝගයක් විදිහට බාර ගන්නවා.එය දරුවාට
සතුටක්.උදාහරණයක් විදිහට තමන්ගේ මේස් කකුල තනියම දමා ගැනීමට දුන්නොත් මුල්
අදියරේදී එය ඔහුට අපහසුවක් විදිහට දැනේවි. ඒ වුනත් මේ කාර්යය ගැන හුරුවක්
ලබද්දී දරුවා මේ අභියෝගය බාර ගන්නවා. ඒ නිසා බාල කාලයේ පටන් දරුවා අනවශ්‍ය
විදිහට ‘‘බබා“ කිරීම එතරම් සුදුසු නැහැ.

දරාගත හැකි ආතතිය

දරුවන්ට වුනත් බාල කාලයේදී පටන් දරා ගත නොහැකි අන්දමේ ආතතින් ඇති වෙන්න
පුලුවනි. දරුවන් බොහොම සියුමැලියි. ඒත් අනපේක්ෂිත විදිහට ඇති වෙන පුද්ගලික
හෝ පාරිසරික ප්‍රශ්න දරුවාට ඉතාම අහිතකර විදිහට ආතතියක් ඇති කරන්න පුලුවනි.
උදාහරණයක් විදිහට සුනාමි ව්‍යසනය ගැන ඇසූ සහ දුටු දරුවන් වගේම අද පවතින
කොරෝනා වසංගතය ගැන ඉතා වේදනාත්මක තොරතුරු ගැන අසන දරුවන් දැඩි
ආතතියට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ට මේ තත්වයන්හිදී දෙමව්පියන් විසින් ඒගැන යම් සැනසිලි සහගත අන්දමින් අස්වැසුමක් කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. එවිට
දරුවාට ආතතිය දරා ගැනීමට පුලුවන් මට්ටමකට පත් විය හැකියි.

ධූලක ආතතිය

සමහර අවස්ථාවලදී දරුවාට ඇති වෙන මානසික පීඩනය ඔවුන්ට දරා ගත නොහැකි
තරම් වේදනාකාරී විය හැකියි. ඇතැම් සිදුවීම් පාලනය කළ නොහැකියි. මව,පියා හෝ
පවුලේ සමීපතයෙකුගේ මියයෑම වැනි සිදුවීමක් දරුවාට දරා ගැනීම අපහසුයි. වචනයට
වුනත් අපි කියන්නේ දරුවන් මල් වගේ සියුමැලි බවයි. එසේ නම් දරුවන්ගේ මුදු
මෙලෙක හිත් මේ වගේ ඔවුන්ගේ වයසට දරා ගත නොහැකි සිදුවීමකින් කඩා වැටෙන්න
පුලුවනි.
හදිසියේ හෝ මේ වගේ අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් දරුවන් ගැන වැඩිහිටියන්
විසින් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත්. ඔවුන් තනිවීමට ඉඩ නොදී මේ දරුවන්
සමග ගැවසීම ඉතා වැදගත්. බොහෝ විට ධූලක මානසිකත්වයට පත් දරුවන් පාසල්
යෑම ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. ඔවුන් හුදෙකලාව සිටින්න බලනවා විනා කවුරුන්
සමග හෝ කතාබහ පවා ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. හුදෙකලාව ප්‍රිය කරනවා. තරහ
යෑම වගේම නිතරම බියෙන් පසුවෙන්න පුලුවන්. දරුවාගේ චරිතයෙන් පසුගාමී බවක්
දැනේවි.
ඒ නිසා ඔබේ හෝ ඔබ ඇසුරේ සිටින කාගේ හෝ දරුවෙකු වෙතින් ඉහත ලක්ෂණ
පෙන්වනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා.