Home Blog Page 135

නිසි පෝෂණය, නිරෝගී දරු පරපුරක රහසයි.

මෙලොවට බිහිවීමත් සමගම හය මසක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක්ම පෝෂණය වන බිළ`දාගේ බුද්ධි වර්ධනයත්, ශක්තිමත් කායික වර්ධනයත් ඉතා හොඳින් සිදු වන අතරම දරුවාගේ නිරෝගී බවද එමගින් ආරක්‍ෂා වේ. ඒ, මව්කිරිවල අවශ්‍ය සියලූම පෝෂක ද ප‍්‍රතිශක්තිකරණ ප්‍රෝටීන ද උපරිමයෙන් අඩංගු බැවිනි. සාමාන්‍යයෙන් හො`දින් කිරි උරා බොන දරුවෙකුගේ බර මසකට  500ට සිට 1ණට දක්වා පරාසයක් තුළ වැඩි වේ. නමුත් මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ වර්ධන වේගය සලකා බැලූ කළ මව්කිරි මගින් හිමිවන්නේ 50%ක පමණ පෝෂණයක් වන අතරම මව්කිරිත් සමගම අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුය. මාස 6 සම්පූර්ණ වන තෙක් දරුවෙකුට යකඩ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සිරුරේ ගබඩා වී ඇති යකඩවලින් හිමිවේ. මව්කිරි හරහා තවත් යම් ප‍්‍රමාණයක් ලැබෙන අතරම මාස හය සම්පූර්ණ වූ පසු අමතර ආහාර මගින් සිරුරේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත යුතුය. දරුවාට අමතර ආහාර ආරම්භයේදී මව විසින් සිහි තබාගත යුතු තවත් කරුණකි. එනම් ආරම්භයේ සිටම දියර බවින් අඩු එනම් උකු ස්වභාවයෙන් ආහාර හ`දුන්වා දීමයි. මන්ද එවිට සුළු ප‍්‍රමාණයක වුවද උපරිම පෝෂණය අන්තර්ගත නිසා දරුවාගේ වර්ධනය හො`දින් සිදුවේ. ආහාර ලබාදුන් පසුව අවශ්‍ය යැයි සිතේ නම් උණුකර නිවාගත් වතුර දරුවාට දීමේද වරදක් නැත. දරුවාගේ ආහාර සකසා ගැනීමේදී පිරිසිදු බව උපරිමයෙන්ම පවත්වා ගැනීමට වග බලා ගත යුතුය. හැකි හැමවිටම කෘෂි රසායන නැති ආහාර වර්ග ලබාදීමට උත්සාහ කරන්න.

මාස හය සම්පූර්ණ කළ දරුවාට ඝන ආහාර පටන් ගනිමු

  • මව්කිරි සමග මිශ‍්‍ර කරන ලද මත් ගාගත් (කැබලි රහිත) බත් තලපය, ආරම්භයේදී දිනකට එක් වරක් තේ හැන්දක් හෝ දෙකක් ලෙස ලබාදෙමින් අමතර ආහාර ආරම්භ කරන්න. දිනෙන් දින ලබා දෙන ප‍්‍රමාණය වැඩි කරමින් දරුවා ආහාරයට හුරු කරවා ගන්න.
  • දිනෙන් දින බත් තලපයට පරිප්පු, අල, කැරට්, වට්ටක්කා, බෝංචි, අලූ කෙසෙල් වැනි එළවළු වර්ග සහ  ගොටුකොළ, මුකුණුවැන්න, සාරන වැනි පලා වර්ග හ`දුන්වා දිය හැකිය. දින කිහිපයක් මේ ආහාරවලට හුරු කිරීමෙන් අනතුරුව මාළු හෝ හාල් මැස්සන් වැනි සත්ත්ව ආහාර හ`දුන්වා දෙන්න. මේවා ලබාදෙන අතරවාරයේ මව්කිරි ද ලබා දෙන්න.
  • ඊට අමතරව පළතුරු සදඟා ද දරුවා හුරු කරන්න. උදාහරණයක් වශයෙන් හො`දින් ඉදුණු පැපොල්, කෙසෙල්, අඹ, අලිපේර වැනි පළතුරු වඩාත් සුදුසුය. සූරාගත් පළතුරු තේ හැ`දි එකක් හෝ දෙකක් දිනකට වරක් හෝ දෙවරක් ලෙස ලබා දෙන්න.
  • මාස හයහමාරක් පමණ වූ පසු දරුවාට බිත්තර කහමදය තේ හැ`දි 1/2 ලබා දිය හැකිය
  • මාස හත සම්පූර්ණ දරුවාට ආහාර සියුම් කැබලි සහිත ආහාර ලබාදීම ආරම්භ කරන්න. තෙල්, බටර් හෝ පොල්කිරි යොදා සකස් කරගත් බත්, පරිප්පු, එළවළුවක්, පලාවක් සහ සත්ත්වමය ආහාරයක් (මස්, මාළු හෝ කුඩු කරගත් හාල් මැස්සන්* ඇතුළත් ආහාර වේල් දෙකක් හෝ තුනක් වේලකට අ`ඩු කෝප්ප 3/4ක් පමණ වන පරිදි දිනකට වේල් දෙකක් හෝ තුනක් වශයෙන් ලබා දෙන්න. අතරමැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස අටේ සහ ප‍්‍රධාන ආහාර වේල සමගම අතින් අල්ලාගෙන කෑමට යමක් දරුවාට දෙන්න. එසේම අතර මැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස නවය සිට අවුරුද්ද දක්වා දරුවාට අතර වාරයේ මව්කිරි ලබා දෙන අතරම ඉහත පරිදි ප‍්‍රධාන ආහාර වේල් තුන ද සමග කෙටි ආහාර වේල් දෙකක් වන ලෙස ලබාදෙන්න. සුදුසු කෙටි ආහාර ලෙස අල වර්ගයක් හෝ රනිල බෝගයක්, පළතුර යුෂ (සීනි යෙදීමෙන් වළකින්න. පළතුරෙහි අඩංගු සීනි පමණක් ප‍්‍රමාණවත් වේ* ළදරු බිස්කට් වර්ගයක්, යෝගට්, මුදවපු කිරි දරුවාට ලබාදිය හැකිය. මේ කාලසීමාව තුළ බිත්තර සුදු මදය ද දරුවාට හ`දුන්වා දෙන්න.
  • වයස අවුරුද්දේ සිට දරුවා පවුලේ ආහාර වේලම ලබාගැනීමට හුරුකරවන්න. අවුරුද්ද සම්පූර්ණ දරුවා ආහාරයේ විවිධ රස සොයන අතරම පවුලේ අනෙක් අය සමග එකට හි`ද ආහාර ගැනීමෙන් ආහාර විකීමට හුරු වන දරුවා තනිව ආහාර ගැනීමට පුරුදු වේ.
  • නමුත් දරුවාට තුනපහ, මිරිස්, ලූණු, සීනි හැකි තරම් අවම කරන්න.
  • උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකි.

දරුවාගේ ආහාර වේලට ඇතුළත් විය යුතු අනිවාර්ය පෝෂකාංග

යකඩ

නිසි වර්ධනය උදෙසා නැතිවම බැරි පෝෂකාංගයකි.

යකඩ අඩංගු ආහාර වර්ග : 

  • පීකුදු/මාළු/හාල්මැස්සන්/මස් වැනි සත්වමය ආහාර
  • රනිල බෝග (පරිප්පු, මුං, කඩල, කව්පි)
  • පලා වර්ග (නිවිති, ගොටුකොළ, තම්පලා, සාරණ, මුරුංගා කොළ, කැරට් කොළ, බීට් කොළ, වට්ටක්කා කොළ, ගෝවා කොළ)

සිරුරට යකඩ උරා ගැනීම වැඩි කිරීමට ස`දහා දෙහි, සියඹලා වැනි විටමින් සී සහිත දේ ආහාරයට එක්කරන්න. ආහාර ලබාදීමෙන් පසුව විටමින් සී අන්තර්ගත පළතුරක් දිනපතා දරුවාට ලබා දෙන්න. නොමේරූ සහ අඩු බර දරුවන්ට මෙන්ම ආහාර මගින් ප‍්‍රමාණවත් ලෙස යකඩ නොලැබෙන දරුවන්ට යකඩ පරිපූරක වෛද්‍ය උපදෙස් මත ලබා දිය හැකිය.

විටමින් A

දරුවන්ගේ ඇස්වල නිරෝගී බව පවත්වා ගැනීමට මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට ද විටමින් A වැදගත්ය. නියමිත වයසේදී (මාස හය සම්පූර්ණ වූ පසු) විටමින් A අධි මාත‍්‍රාව දරුවාට ලබාදෙන්න.

විටමින් A බහුල ආහාර වර්ග

  • මාළු, මස්, බිත්තර කහ මදය, පීකුදු
  • කිරි ආශ‍්‍රිත නිෂ්පාදක
  • තද කොළ පැහැති පළා එනම් කතුරු මුරුංගා, මුරුංගා, වට්ටක්කා කොළ, මුකුණුවැන්න යනාදියේ විටමින් ්  බහුලව ඇත
  • ගස් ලබු, අඹ, ලාවුලූ වැනි කහ පැහැති පළතුරු
  • කැරට්, වට්ටක්කා, කහ බතල

රෝගී දරුවාට ආහාර ලබාදීමේදී

  • දරුවා කැමති, පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර ඉතා කුඩා ප‍්‍රමාණයන්ගෙන් වරින් වර ලබාදෙන්න
  • දියර වර්ග වැඩි පුර ලබා දෙන්න.
  • ඉල්ලන සෑමවිටම මව්කිරි ලබාදෙන්න.

දරුවා ක‍්‍රමක‍්‍රමයෙන් සුව වන විටදී වැඩිපුර ආහාර වේලක් මෙන්ම වැඩිපුර මව්කිරි ලබාදෙන්න. විටින් විට හෝ පෝෂක බහුල වැඩි ආහාර ප‍්‍රමාණයක් ලබාදෙන්න.

දරුවාට කෑම කවද්දී :

  • කෑම කන්න බල කරන්නෙපා
  • ආහාරයේ රස ගුණ ගැන දරුවාට කියා දෙන්න
  • ආදරණීයව ඉවසීමෙන් ආහාර ලබා දෙන්න
  • විවිධත්වයෙන් යුතු ආහාර ලබා දෙන්න
  • විවිධ වර්ණයන්ගෙන් යුතු ආහාර ලබා දෙන්න
  • ආහාර ලබා දීමට පැය දෙකක පමණ පෙර වෙනත් කෙටි ආහාර ලබාදීමෙන් වළකින්න
  • පැණි රස කෑම සීමා කරන්න
  • දරුවාගේ දත් පිරිසිදු කරන්නට සිහිතබාගන්න

පෞද්ගලික ආයතනවල රැුකියාවේ නියුතු මව්වරුන්ට මාස හය සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම ලබා දීම අපහසු බැවින් මාස හතර සම්පූර්ණ වූ විගස නිසි වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර හ`දුන්වා දිය හැකිය. ආහාර හ`දුන්වා දීමට හැකි වන අතරම මසකට වරක් සායනයට සහභාගී වී දරුවාගේ වර්ධනය පිළිබ`දව දැනුවත් වන්න. දරුවන් යනු හෙට ලොව බබලවන්නන්ය. ඔවුන්ට නිසි පෝෂණයක් ලැබීම තුළින් ඔවුන්ගේ ජීවිත මෙන්ම අනාගත ලෝකය ද සුන්දර වනු නියතය.

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන සහ මහජන සෞඛ්‍ය ඒකකයේ බී.එම්.එල්. බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

මනාලියක වන යොවුන් දියණියට මවක් වීමට කල වයස හරිද?

යොවුන්විය යනු සිතූ මනාපේ තීන්දු තීරණ ගන්නා වයස් සීමාවයි. වැඩිහිටියන්ට දරුවන්ගේ ජීවිතවලට වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවන කාල පරිච්ඡේදයයි. මක්නිසාදයත් ඔවුන් ජීවිතය පිළිබ`ද වටහා ගත හැකි තරම් පරිණත වී නැති බැවිනි. යොවුන් දරුවෙකුට දැනුම් තේරුම් නැත්ද? ඔබට සිතෙනු ඇත. නමුත් වෛද්‍ය විද්‍යාවට අනුව ද නව යොවුන් දරුවන්ගේ මොළය වැඩෙමින් පවතින නිසා සිතා බලා නිවැරදි දේ කිරීමට හැකියාවක් ඔවුන් තුළ නොමැති බව සත්‍යයකි. විවාහය, දරුවන් ලැබීම යන කරුණු හමුවේ නිසි වයස එළැඹෙන තුරු සිටීමේ වැදගත්කම එයයි. ජීවිතය සහ එහි වටිනාකම මෙන්ම ඒ හා සම්බන්ධ වගකීම්, කාර්යභාරයන්, හො`ද නරක පිළිබ`ද සැමවිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු විශාල වගකීමකි. විශේෂයෙන්ම දරුවෙකුගේ විවාහයේදී මව්පියන් දරුවා පිළිබ`ද විශාල අවදානයක් යොමු කරමින් නිසි වයස එළැඹි කල සුදුසු තීරණ ගැනීමට සහයෝගය ලබා දිය යුතුය. නිසි වයස එළැඹෙන්නට පෙර ඔබේ දියණිය ගැබ්ගත හොත් ඇයට මුහුණ දීමට සිදු විය හැකි තත්ත්වය පිළිබ`ද දැනුවත් වීම වඩා වැදගත් වන්නේ ඒ නිසාය. මේ ලිපිය අඩු වයස් ගැබ් ගැනීම් සහ එහි අවධානම් තත්ත්වයන් පිළිබ`දවයි.

දරුවා, විවාහය සවිමත් කරන බැම්මයි. දරුවෙකු ලැබීමෙන් යුගදිවිය සම්පූර්ණ වන බව සමාජය තුළ පවතින මතයයි. නමුත් දරුවෙකු මෙලොවට බිහිකිරීම ස`දහා යුවතියක් වයස අවුරුදු 20 සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය සාධකයක් යැයි පැවසීමේ වරදක් නැත. වෛද්‍ය විද්‍යානුකූලව අවුරුදු 20ට අඩු යුවතියක් ගැබ් ගත්තේ නම් එය අඩු වයස් ගැබ් ගැනීම් ලෙස හ`දුන්වයි. අවුරුදු 20 අඩු ගැහැණු දරුවෙකුගේ සිරුර මෙන්ම මනස ද දරුවෙකු බිහිකිරීමට අවශ්‍ය පරිදි සූදානම් වී නැත.

අඩු වයස් ගැබ් ගැනීම් නිසා මවකට :

  • අධි රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • පෝෂණ ඌණතා
  • ගබ්සා වීම්
  • ගර්භ විෂ රෝග තත්ත්වය ද ඇතැම් විට මෙම තත්ත්වය දරාගැනීමට තරම් මානසික ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇතැම් මව්වරුන් සියදිවිනසා ගැනීමට පවා පෙළඹේ. එසේම අඩු වයස් ගැබ් ගැනීම් මාතෘ මරණවලට ද හේතුවකි.

අඩු වයස් මවකගෙන් මොලොවට බිහිවන දරුවාට ද යම් යම් සංකූලතාවයන්ට මුහුණු දීමට සිදු විය හැකිය. උදාහරණයක් වශයෙන් ගත් කළ කුස තුළ නියමිත කාල පරිච්ඡේදය ගත නොකර, දරුවා බිහිවීම. එනම් නොමේරු ළදරුවන්, ළදරු මරණ, අඩු උපත් බර, මව්කිරි උරා බීමට තරම් ශක්තිමත් නොවීම වැනි තත්ත්වයන් දැක්විය හැකිය.

බොහෝවිට මෙම අඩු වයස් ගැබ්ගැනීම් ස`දහා ගොදුරු වන දරුවන් අතර අධ්‍යාපනික අතින් මෙන්ම ආර්ථික අතින් ද අඩු මට්මමක සිටින ගැහැණු දරුවන්ගේ ප‍්‍රතිශතය ඉහළය. එසේම දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ මව්පියන් විදෙස් ගතව සිටීම නිසා දරුවන් කෙරේ නිසි අවදානය යොමු කිරීමට නොහැකි වීමද මෙවන් තත්ත්වයන් ඇති වීමට බලපාන හේතුවකි. ඇතැම් දෙමාපියන් සිය දියණියන්ව අඩු වයසින් විවාහ කරදීමට වෙහෙස වන්නේ අඩු වයසින් ගැබ් ගැනීම ඉතා හො`ද තත්ත්වයක්ය යන මිත්‍යා මත තුළ හි`දගෙනයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස විවාහ වන තරුණියන් තුළ නිවැරදි පවුල් සංවිධාන ක‍්‍රම පිළිබ`දව ඇති නොදැනුවත්කම, පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය තෘප්තිමත් ලිංගික ජීවිතයකට බාධාවක් යැයි සිතා සිටීම ද අඩු වයසින් ගැබ් ගැනීමට හේතු විය හැකිය.

අඩු වයසින් ගැබ් ගැනීම නිසා අධ්‍යාපනය අඩාල වී යයි. නිසි අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන් රැුකියා අවස්ථා නොලැබී යයි. නැතිනම් අඩු ආදායම් සහ අස්ථිර රැුකියා වෙත යොමු වීමට සිදු වේ. එය දරිද්‍රතාවයට හේතු වන අතරම දරුවන්ගේ පෝෂණයට මෙන්ම අධ්‍යාපනයටද බලපෑම් ඇති කරයි. එසේම නිවස තුළ ගැටුම් ඇති වීමට ද දරිද්‍රතාවය හේතු විය හැකිය. තවද ඔවුන්ගේ දරුවන් ද අඩු වයස්වලින් විවාහ කරදෙයි. මෙය වක‍්‍රාකාරයෙන් පරම්පරා ගණනවකට බලපාන ගැටලූවක් බවට පත්වේ.

දෙමාපියන් වශයෙන් ඔබේ අවදානය පළමුව යොමුවිය යුත්තේ පුතුට මෙන්ම දියණියට ද නිසි අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධවයි. දියණියක මනාලියක ලෙස දකින්නට මවකගේ සිත තුළ පවතින ආසාව අසීමිත වුවද අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් කිරීම ඔබ අතින් සිදු විය හැකි වරදක් යැයි කිවහොත් නිවැරදිය. ජීවිතයේ එක් එක් කඩඉම් නියමිත ආකාරයට ගලායන්නට දී තම දියණිය නිසි වයසේදී විවාහ ජීවිතයට ඇතුළත් කරමින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න, සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම සහයෝගය ලබාදීමට වැඩිහිටියන් වන ඔබ පළමුව දැනුවත් වන්න.

බණ්ඩාරගම, ආයුර්වේද රජා සෞඛ් නිළධාරී වෛද් කසුන් කිරුලපන මහතා සමග සකස් කරන ලද ලිපියකි.

පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන්ට ලබා දෙන විශේෂිත අමතර එන්නත්

දරුවෙකු බිහිවී රෝහලෙන් පැමිණෙන විට දරුවාගේ සියලූ වාර්තා ඇතුළත් කිරීම ස`දහා ලබාදෙන වාර්ත පොත් පිංච දරුවාගේ උස, බර මෙන්ම ලබාදිය යුතු එන්නත් මොනවාද යන්න පිළිබ`දවත් ඔබව දැනුවත් කරයි. එහි ස`දහන් එන්නත් මාලාව සැකසී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශිත පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවට අනුවයි. නමුත් අද වන විට පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවේ ඇතුළත් නොවන එන්නත් වර්ග කිහිපයක් පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් ලබාදීම සිදු කෙරේ. එය මව්පියවරුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය අනුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ලබාගත හැකිය. ඒ රෝටා වෛරස එන්නත, පැපොළ එන්නත, හෙපටයිටීස් ඒ එන්නත, උණසන්නිපාත එන්නත, නිව්මෝනියා එන්නත, ඉන්ෆ්ලූවෙන්සා සහ හියුමන් පැපිලෝමා වෛරස් එන්නත යන ඒවාය. මෙම එන්නත් ලබාගත යුතු එන්නත් ලෙස නිර්දේශ වුවද ඇතැම් මව්වරුන්ගේ නොදැනුවත් බව නිසා හෝ ඒ ස`දහා යොමු නොවේ.

රෝටා වෛරස් එන්නත – මාස හය දක්වා දරුවන්ට පමණක් ලබා දෙන මෙම ජීවී මුඛ එන්නත පාචනය රෝග තත්ත්වයෙන් වැලකීම ස`දහා අවශ්‍ය ආරක්‍ෂාව දරුවාට සපයයි. මන්ද වයස අවුරුද්දට අඩු දරුවන්ට පාචනය වැනි තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව අවම වේ.

රෝටා වෛරස් එන්නත ප‍්‍රභේද දෙකකි. එනම් මාත‍්‍රා දෙක හා මාත‍්‍රා තුනකින් යුක්ත එන්නත් ලෙසිනි. මාත‍්‍රා දෙකේ එන්නත වයස මාස දෙක සහ හතර හෝ හතර සහ හය වශයෙන් ලබාදේ. වයස මාස හයට වැඩි දරුවන්ට මෙම එන්නත නිර්දේශ නොකරයි. එසේම මාත‍්‍රා තුනේ එන්නත මාස දෙක, හතර සහ හය වයස් සීමාවලදී ලබා දේ.

පිටගැස්ම එන්නත – වයස අවුරුදු 5 සම්පූර්ණ දරුවන්හට පෝලියෝ මුඛ එන්නත සමග ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම යන රෝග තුනම ආවරණය වන පරිදි පිටගැස්ම එන්නත ද ලබාදේ. දරුවාට වයස අවුරුසු 10 සම්පූර්ණ වන තෙක් එයින් ආරක්‍ෂාව සැපයේ. මේ කාල සීමාවේදී පිටගැස්ම ස`දහා කිසිදු අමතර ප‍්‍රතිශක්තියක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 10 සම්පූර්ණ වූ විට මෙම එන්නතම පෝලියෝ මුඛ එන්නත නැතිව දරුවන්ට ලබා දෙන අතරම එමගින් දරුවාට වයස අවුරුදු 20 සම්පූර්ණ වන තෙක් ආරක්‍ෂාව සැපයේ.

පැපොළ එන්නත – කාර්ය බහුල ජීවන රටාවට අනුව පැපොළ යනු ඉතා අපහසු තත්ත්වයකි. එමෙන්ම වේදනකාරී තත්ත්වයකි. ඒ නිසාම මව්වරුන් පෞද්ගලික අංශයේ රෝහල් හරහා එන්නත දරුවන්ට ලබාදීමට උනන්දු වෙයි. පැපොළ එන්නත ලබා දුන් මුල් කාලවකවානුවේ එක් මාත‍්‍රාවක් පමණක් ලබාදුන්න ද සිදුකරන ලද සමීක්‍ෂණ හා පර්යේෂණවල දත්තවලට අනුව එක් මාත‍්‍රාවකින් පමණක් ජීවිත කාලයටම රෝගයෙන් ආරක්‍ෂා වීමට නොහැකි බව අනාවරණය විය. එම නිසා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද පැපොළ එන්නත මාත‍්‍රා දෙකක් වශයෙන් ලබා දීම අවශ්‍ය බව තීරණය කෙරුණි.

එන්නත ලබා දීමේදී වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්ට පළමු මාත‍්‍රාව ලබාදී වසරකින් දෙවන මාත‍්‍රාව ලබාදිය යුතුය. වැඩිහිටියන්ට පළමු මාත‍්‍රාව ලබා දී සති හයක් හෝ අටක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබා දිය යුතුය. නමුත් මාත‍්‍රා දෙකම ලබාගත්ත ද ප‍්‍රතිශක්තිය හීන අයෙකුට පසුකාලයකදී සුළු වශයෙන් රෝගය ඇති වීමේ හෝ හර්පීස් තත්ත්වය ඇති වීමේ අවධානමක් පවතී.

නිව්මෝනියා එන්නත – මාස දෙක, හතර, හය වයසේ දරුවන්හට නිව්මෝනියාව එන්නත ලබාදෙන්නේ ත‍්‍රිත්ව එන්නතත් සමගයි. එකවිට එම එන්නත් දෙකම ලබා දෙන්නේ නම් නිව්මෝනියා එන්නත ලබා දිය යුත්තේ අන්තර් පේශී ක‍්‍රමයට වෙනත් ස්ථානයකටයි. එසේම වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මේ ස`දහා ලබා දෙන්නේ කාණ්ඩ දහයක් ඇතුළත් නියුමොකොකොල් කොන්ජුගේට් එන්නතයි. නිර්දේෂිත වයස් සීමාවන්වලදී එන්නත ලබාදී නොමැති නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී මාස හයෙන් පසුව එන්නත ලබා ගත හැකියි. දරුවාගේ වයස මාස හය සහ අවුරුද්ද අතර කාලය තුළ පළමු මාත‍්‍රාව ලබා දී මාස දෙකකින් දෙවන මාත‍්‍රාව ලබා දිය හැකිය. මෙම නිව්මෝනියාව ස`දහා ලබා දෙන එන්නත නිරෝගී දරුවන්ට අත්‍යවශ්‍ය එන්නතක් නොවේ. නමුත් දෙමාපිය කැමැත්ත පරිදි වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමේ වරදක් නැත. නමුත් නොමේරූ දරුවන්ට අඩු බර දරුවන්ට රෝගී දරුවන්ට පෙනහලූවල හෝ හෘද වස්තුවේ ආබාධ ඇති දරුවන්ට වයස මාස 15 සම්පූර්ණ වූ විට හතරවන මාත‍්‍රාව ද ලබා දීමට නිර්දේශ කෙරේ.

හෙපටයිටීස් ඒ එන්නත – මාත‍්‍රා දෙකක් වශයෙන් ලබාදෙන මෙම එන්නතේ පළමු මාත‍්‍රාවෙන් මාස හයක් ඇතුළත හෝ අවුරුද්දක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබාදේ. මේ එන්නත ලබා දෙන්නේ අපිරිසිදු ආහාර පාන හේතුවෙන් ඇතිවන අක්මාවේ ආසාදනයක් වන සෙංගමාල රෝගය ස`දහායි. පෙර පාසැල් යන දරුවන්ට මෙන්ම පිහිනුම් ක‍්‍රීඩාවේ යෙදෙන දරුවන්ට ද විශේෂයෙන් මෙම එන්නත ලබා දීම වැදගත් වේ.

හෙපටයිටීස් ඒ සහ බී එන්නත – රජයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට හෙපටයිටීස් බී එන්නත ඇතුළත් වූයේ වර්ෂ කිහිපයකට ඉහතදීය. ඊට පෙර රජයේ සායන හරාහා එන්නත් ලබාගත් දරුවන්ට ඇතැම් විට හෙපටයිටීස් බී එන්නත මගහැරී තිබිය හැක. හෙපටයිටීස් ඒ සහ බී ද්විත්වයම අන්තර්ගත එන්නතක් වයස අවුරුදු දෙක සම්පූර්ණ වූ දරුවන්ට මාත‍්‍රා තුනක් ලෙස මේ වන විට පෞද්ගලික රෝහල් වෙතින් ලබා දෙන අතර එන්නත මගහැරුණු දරුවන්ට පෞද්ගලික අංශයෙන් එන්නත ලබාගත හැකිය.

උණසන්නිපාත එන්නත – වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්හට එක් මාත‍්‍රාවක් ලෙස ලබා දෙන මෙම එන්නත සැල්මොනෙල්ලා බැක්ටීරියාව හේතුවෙන් ඇති වන බඩවැල්වල තුවාල ඇති වන උණ රෝග තත්ත්වය ස`දහා ලබා දෙයි. පිහිනුම් ක‍්‍රීඩාවේ නිරත දරුවන්ට මෙය ලබාදීම වඩාත් සුදුසුයි.

ඉන්ෆ්ලූවෙන්සා එන්නත – ස්වසන ආබාධ, හෘද රෝග සහ ඇදුම තත්ත්වයන් ඇති මාස හය සම්පූර්ණ දරුවන්ට වසරකට වරක් එක් එන්නත් මාත‍්‍රාවක් ලබාදීම නිර්දේශ කරයි.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත – ඉදිරියේදී පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට ඇතුළත් කිරීමට සියලූ විදිවිදාන සැකසෙමින් පවතින මෙම හියුමන් පැපිලෝමා එන්නත නිර්දේශ වන්නේ වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ටයි. වඩා වැදගත් වන්නේ විවාහ වීමට පෙර එනම් ලිංගික සබ`දතා ආරම්භ කිරීමට පෙර එන්නත ලබා ගැනීමයි. මෙතෙක් සිදු කෙරුණු කෙරුණු පර්යේෂණවලට අනුව නම් මෙම එන්නත ලබා ගත් පිරිසට 16 හා 18 යන ප‍්‍රභේද මගින් ඇතිවන ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇති වීමේ ප‍්‍රවණතාවය එන්නත ලබා නොගත් අයට වඩා අඩු බව ඔප්පු වී තිබේ. ප‍්‍රතිශක්ති ඌණතා තත්ත්වයන් පවතින අයහට ද එන්නත ලබාදීමේ කිසිදු ගැටලූවක් නොමැති වුවද නිසි ප‍්‍රතිඵල හිමිවේද යන්න සැක සහිතය. මේ වන විට වසර දහයක් පුරා රුධිර පරීක්‍ෂාවන් සිදු කරමින් ලබාගත් දත්තවලට අනුව වසර දහයකටත් වඩා වැඩි කාලයක ආරක්‍ෂාවක් මෙම එන්නත මගින් හිමිවන බව අනාවරණය වී තිබේ.

එන්නත මාත‍්‍රා තුනක් ලෙස අන්තර්පේශී ක‍්‍රමයට ලබා දීම සිදු කෙරේ. ප‍්‍රහේද හතරක් ඇති එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මාස දෙකකට පසුව ද තෙවන මාත‍්‍රාව මාස හයකට පසුව ද ලබා දේ. ප‍්‍රභේද දෙකකින් යුතු එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මසකට පසු දෙවන මාත‍්‍රාව ද මාස හයකට පසු තෙවන මාත‍්‍රාව ද ලබා දේ.

පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගැනීමේදී යම් මුදලක් ඔබට වැය වුවද දරුවාගේ නිරෝගී පැවැත්ම උදෙසා මෙසේ ලබාදෙන අමතර එන්නත් කිහිපය ලබා ගැනීමට උනන්දු වන්න.

වෛරස් රෝග සහ එන්නත් පිළිබ` ජ්යෙෂ්ඨ විශේෂඥ වෛද් ඔමාලා විමලරත්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡුාවක් ඇසුරෙනි.

දරුවන්ගේ ගෙවී ගිය ළමා කාලය නැවත නොඑනු ඇත

“අනේ අම්මේ සෙල්ලම් කරන්න එන්නකෝ ”

“මේ වැඬේ ඉවර නැහැ පුතා”

“ඕක පස්සේ කරන්නකෝ ”

“බැහැ මේක හෙට යවන්න ඕනී එකක් මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න”

මූණ බෙරි කරගත්ත පුතා පැත්තකට වුණා. ටික වෙලාවකට පසු අයියයි මල්ලි නිහඬ නිසාම පරිඝණකයෙන් දෙනෙත් ඉවතට ගත්ත මම නිහඬතායට හේතුව බැලුවා. දිග ඇඳි පුටුවෙ දිගා වුණ ලොකු පුතා බර කල්පනාවකය. අවුරුදු දෙකක්වක් නැති පොඩි පුතා ඒ අහු අස්සේ අයියගේ පොත් පැන්සල් අරගෙන ලොකු පාඩමකය. පරිඝණකය ක්‍රියාවිරහිත කළ මා සීරුවෙන් ලොකු පුතා ළඟින් වාඩි වුණා.

“මොකද රොකට් එකක්වත් යවන්නද කල්පනාව?”

“රොකට් හදන එක ගැනත් හිතනවා ඒත් දැන් ඒ ගැන නෙමෙයි හිතුවෙ”

“එහෙනම්”

“අම්මට ඔය වැඩ කරන්නෙ නැතිව ඉන්නම බැරිද කියලා”

“ඇයි එහෙම හිතුවෙ? ඔයාලට කරදරයක්ද මම වැඩ කරන එක”

“අම්මා ඕවා කළාම අපිට පා`ඵයි… අනේ අම්මේ මගේ පොත් මල්ලි අරගෙන”

“හරි ,හරි පරණ ඒ පරණ පොතක් අරන් තියෙන්නේ ”

“පැස්ටල් සේරම කඩලා, දුවන්න මගේ බඩු තියලා ”

“අම්මා… අයියා නන්න කුවුවා…” අයියා ගෝරනාඩු කරද්දි අඬමින් ගතු කියාගෙනම පොඞ්ඩා දුවගෙන ආවා. විසිරුණු පැස්ටල් පැන්සල් එකතුකරන ලොක්කට මමත් එකතු වුණා.

“තැන්ක් යූ අම්මා…”

“හරි අපි ඉස්සෙල්ලා ඉස්කෝලේ වැඩ ඉවර කරමු ඊට පස්සේ සෙල්ලම් කරමු.”

පැයක් පමණ ඉගෙනීමේ කටයුතු වල යෙදිලා පුතාලා දෙන්නත් එක්ක මම සෙල්ලම් කරන්න මිදුලට බැස්සා. ක්‍රිකට් අල්ලන සෙල්ලම් කිරි කිරි බෝලේ සෙල්ලම් කිහිපයකම යෙදුනත් කාලය ගත වෙනවා දැනුනෙම නැහැ. පැටවු දෙන්නා කෑ ගසමින් හිනැහෙමින් සතුටු වන ආකාරය මම මොහොතක් බලා උන්නෙමි. ඇත්තටම මේ ළමා කාලය තව කොයි තරම් සු`ඵ කාලයක්ද තියෙන්නෙ. මේ හුරතලය දඟය විඳගන්නට ඇත්තේ සු`ඵ කාලයක් නේදැයි සිතුන මට මහා ලෝභකමක් සිතට දැනුනා. ඇත්තටම වර්තමානයේ මේ ගෙවිලා යන හැම තත්පරයක්ම අතීතයට එක්ව මතකයක් පමණක් වෙනවා. ජිවිතයෙ මතකය නම් කෞතුකාගාරයේ තැන්පත් කරන්නට වටිනා දෑ අපම එකතු කර ගත යුතුය.  නැතහොත් අපට දරුවන්ට වෙනුවෙන් අතපසු වූ දෑ පිළිබඳ දුක්වන්නටත් පසුතැවිලි වන්නටත් සිදුවනු ඇත. මා මේ අකුරු කරන්නේ සත්‍යම කතාවකි.

පුංචි දියණියක් සිටියා. ඇයගේ පියා හරිම කාර්යයබහුල කෙනෙක්. උදෑසනම නිවසින් පිටව යන ඔහු ආපසු නිවසට එන්නේ රාත්‍රී එකොළහට දොළහට පමණය. තාත්තා එනතුරු නිදි වර්ජිතව සිටින දියණිය ඔහු ආ සැනින් කරේ තබාගෙන යන්නට ඇවිටිලි කරයි. අධික තෙහෙට්ටුව නිසාම තාත්තාට මෙය වදයක් විය. ඉඳ හිට දියණියගේ ඉල්ලීම ඉටු වූවද බොහෝ විට සිදුවුයේ දියණියගේ ඉල්ලීම මඟහැරීමය. කාලය වේගයෙන් ගෙවී යද්දී තාත්තාට “අද වේලපහ ගෙදර එන්න” යැයි බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. වෙනදාට කලින් ගෙදර එන අතර තුර “අද නම් දෝණිව ඇති වෙන්න කරේ තියාගෙන යන්නම ඕනී ” යැයි ඔහු සිතීය.

“චූටී දූ ඔන්න අද නම් මම ඔයාව කරේ තියාගෙන වටේම යනවා පැයක් විතර ”

ඒත් චූටී දූ වෙනුවට ආවේ අම්මාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බැබළි ඇත. එහෙත් නව වගකීම් සමුදායක් හිස මත දරා සිටින්නා සේ ඇගේ බැල්ම බැරෑරුම් විය.

“ඇයි?”

“ඔයාගේ දුව දැන් ලොකු ළමයෙක් කරේ තියාගෙන යන කාලේ ඉවරයි ”

බිරිඳ පවසන විට ඔහුට ඔහු අතින් මහා අතපසු වීමක් ඇති වු බව තදින්ම සිතට දැනෙන්නට විය. කාලය සියල්ල වෙනස් කර කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට සමත්ය. දියණියගෙ ළමා කාලයේ ඇය සමඟ ඔහුට ගෙවන්නට තිබූ කාලය අවසන්ව ඇත.

“කොයි තරම් වැඩ කටයුතු තිබුණත් දරුවො සමඟ ඔවුන්ගෙ ළමා කාලය ගත කරන්න කිසිසේත්ම අමතක කරන්නට එපා. මන්ද දරුවන්ගේ ළමා කාලය ගෙවි යනු මිස නැවත උදාවන්නේ නැත. ඔවුන්ගේ ළමා විය ගොඩ නඟන්නට අත් වැල අපය. ඔවුන් ජිවිතය විඳින්නට උත්සහ දරන්නේ දෙමාපියන් හා කාලය ගත කිරීමෙන්ය. අපේ කාර්්‍යය බහුලත්වය ඔවුන්ට අදාලවත් එය අපේ නිදහසට කාරණාවක්වත් නොවන්නේය. මට මගේ දියණිය මඟ හැරුණි. ගෙවී ගිය ඒ කාලයට නැවත කිසිදා පියමං කළ නොහැකිය. එනිසා දෙමාපියන් දරුවන් සමඟ ජිවිතය විඳින්නට කාලයක් සොයා ගත යුතුමය. ඔහු වරදකාරී හැඟීමෙන් යුතුව දින පොතේ සටහන් කරන ලදි.”

ඉතින් ඒ තාත්තාගේ කතාව තුලින් ඔබටත් සිතන්නට යමක් ඉතිරි වූවායැයි මා සිතමි.

මාංශපේශීවල අකර්මන්යතාවය නිසා දරුවන්ට ඇති වන සුව කළ නොහැකි රෝගය — මයෝපති

නිරෝගී දරුවෙකු තරම් වටින සම්පතක් දෙමාපියනට මිහිපිට නොමැත. දහසක් වේදනා අතරේ දරුවෙකු මෙලොවට බිහි කර ඒ සතුට අත්විදින අතරේ වයස අවුරුදු තුනක් පමණ වන විට දරුවා යම් සුව කළ නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුවහොත් දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ හැකිද?

හීන වී අවසානයේ දරුවාගේ ශරීරයම අඩපණ කරවන මයෝපති වයස අවුරුදු තුන පමණ වයසැති දරුවන්ට වැලදෙන එවන් සුව කළ නොහැකි රෝග තත්ත්වයකි. මෙම රෝගය වැඩි වශයෙන් පිරිමි දරුවන්ට වැල`දීම විශේෂත්වයකි. මේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබ`දව අද වන විටත් වෛද්ය විද්යාත්මකව තහවුරු වී නොමැත.

මෙම රෝග තත්ත්වයේදී මාංශ පේශිවල ඇති Creating phosphokinase සංයෝගය තිබිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩි වීමක් දැකිය හැකිය. එවිට මාංශ පේශිවලින් ක‍්‍රියාකාරකමක් කිරීමට නොහැක.

මුල් අවධියේදී දරුවාගේ මාංශ පේශි අඩපණ වී ශක්තිය හීන වීම නිසා කි‍්‍රයාශීලීව කටයුතු කරන දරුවා නිතර ඇද වැටීමට ලක්වන අතරම ශරීරයට ඇතිවන විඩාව නිසා දරුවාගේ කි‍්‍රයාශීලි බව අඩු වී බාහිර කි‍්‍රයාකාරකම්වලට යොමු වීමට මැළි වේ.

රෝග ලක්‍ෂණ

  • පෙර පරිදි සෙල්ලම් කිරීමට සහ පෙර කළ කි‍්‍රයාකාරකම්වලට යොමු නොවේ
  • ඇවිදිමින් සිටි දරුවා එය ටිකෙන් ටික අඩු කර නිතර වාඩි වී සිටීමට යොමු වේ
  • මේ තත්ත්වය උත්සන්න වූ පසු දරුවා වාඞී වී සිට හිටගැනීමේදී සිය දෙපාවලට වාරු වී සිට ගනී. මෙය ‘ගවර්නස්’ ලක්ෂණය ලෙස හඳුන්වයි. නැතිනම් අන් අයගේ උදව්වෙන් හිට ගනී
  • දරුවාගේ මාංශ පේශි ඉතා හොඳින් වර්ධනය වී තිබෙන බව මෙහිදී දැකිය හැකි වුවද මාංශ පේශිවල ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වී ගොස් තිබේ. මේ තත්වය ව්‍යාජ විශාලත්වයක් ලෙස හැ`දින්වේ
  • සම්පූර්ණ පේශි අකර්මණ්‍ය වූ පසු එක්තැන් වේ

මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු තුනේදී පමණ ආරම්භ වී අවුරුදු 12 පමණ තෙක් ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වේ. මෙය ඩ‍්‍රසේන් වර්ගයේ මයෝපති රෝගයක් ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. ඒ නිසා අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම පේශි අඩපණ වූ පසු මේ තත්ත්වය හදවතේ වූ පේශිවලට බලපෑමක් ඇති කරයි. එහිදී හෘද පේශි අඩපණ වීම නිසා අවසානයේදී ඒ තත්ත්වය ජීවිතයට තර්ජනයක් විය හැකිය.

මෙම රෝග ඇති වීමට නිශ්චිත කරුණක් ඉදිරිපත් කළ නොහැකි වුවද රෝගී දරුවන්ගෙන් යම් යම් නිගමනවලට එළඹීමෙන් ලේ නෑකම් විවාහ, මව දරුවා බිහි කරන අවස්ථාවේදී අඩු වයසක පසුවීම හා මවගේ වයස වැඩි වීම, දරුවන් ලැබීමේ පරතරය අඩු වීම යන හේතු සාධක මේ තත්ත්වයට වැඩි බලපෑමක් දක්වන බව තහවුරු වී ඇත. නමුත් මේ සාධකවල බලපෑමක් නොමැතිවද මේ රෝගය දැකිය හැකි අවස්ථා තිබේ.

මෙවැනි රෝගී තත්ත්වයක් වැලඳී ඇත්ද යන්න මාංශ පේශී බයෝප්සී (Muscle Biopsy) ඉලෙක්ට්‍රෝ මයොග‍්‍රැෆි (EMG) හා කියෙටීන් පොස්පො කයිනේස් සාන්ද්‍රණය (Cpk) යන පරීක්ෂණ ක‍්‍රමවලට යොමු කිරීමෙන් පසු තහවුරු කරගැනීම සිදු කරයි. එම පරීක්ෂණවලින් තහවුරු වූ පසු දරුවා අදාළ ප‍්‍රතිකාරවලට යොමු කරනු ලැබේ. කෙසේ වුවද මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නැත. මේ රෝගය පාලනය කිරීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම අඩාල වීම හෝ ජීවිත තර්ජනයක් ඇති වීම අවම කර ගැනීමට හැකියාව ඇත. මේ රෝගයේදී දරුවාට ලබාදෙන ආහාර වර්ග පිළිබඳ මෙන්ම විශේෂයෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳවද වැඩි අවදානයක් යොමු විය යුතුය.

මයෝපති ස`දහා හොඳම ප‍්‍රතිකාර ක‍්‍රමය භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයයි. එහිදී රෝගියාගේ පේශිවල වර්ගීකරණයක් සිදු කර එම පේශි බිංදුවේ සිට පහ දක්වා පෙළ ගැසීම කර, ඒ ඒ අදාළ පේශිවලට සිදු කළ යුතු ව්‍යායාම හඳුන්වාදෙයි. මෙවැනි රෝගී දරුවන් සඳහා භාවිත කළ හැකි භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම කිහිපයකි.

  • විද්‍යුත් උත්තේජක ප‍්‍රතිකාර
  • මාංශ පේශි ශක්තිමත් කරවීම ස`දහා සිදු කරන ශක්ති ජනක ව්‍යායාම
  • සස්පෙන්ෂන් තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය
  • ජල චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමය

මීට අමතරව පේශිවල දිග පවත්වා ගැනීමට පේශි ඇදීමට ලක්කරන ව්‍යායාම කළ යුතුය. එමෙන්ම මේ රෝගී තත්ත්වය හමුවේ රෝගියාට කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග වැලඳුණු විට සෙම ශ‍්‍රාවයන් පෙණහලූවලින් ඉවත් කරගැනීමට අපහසුතා ඇති වී නිව්මෝනියාව වැළ`දීමේ අවදානම ඇති විය හැකි බැවින් ඒ  සඳහා උරස් චිකිත්සක ප‍්‍රතිකාර සිදු කර එම ශ‍්‍රාවයන් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මයෝපති තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද රෝගය පාලනය කළ හැකිය. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ කිසියම් අවස්ථාවකදී දුටුව හොත් ඉතා ඉක්මනින් භෞතචිකිත්සක නිලධාරියකු වෙත යොමු වී ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගන්න.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

දරුවා විභාගයට සුදානම් කරන්නේ කොහොමද

සමහර දරුවන් ඉතා සාර්ථකව විභාගයට මුහුණ දෙයි. තවත් දරුවන් අසාර්ථක වෙයි. නමුත් සියලු දරුවන්ට එක හා සමානව විභාගය සමත් විය නොහැකිය. එම නිසා ඔබේ දරුවා අනෙක් දරුවන් මෙන්ම සාර්ථකව නොවුන ද ඔහුව ඇගයීමට ලක් කිරීම ඔබ සතු දෙයකි. එසේම ඔබේ දරුවා කිසි විටෙක අනෙක් දරුවන් සමග සංසන්දනය කරන්න යන්න එපා. එවැනි අවස්ථා වල දරුවා මානසිකව වැටීමට පුළුවන. ඔබේ දරුවාට විභාගය හොදින් සමත් වීමට නම් ඔබෙනුත් උදව් ඔහුට අවශ්‍යය. දරුවන්ට තනි ගමනක් යා නොහැකිය.

විභාගය ඉතා පහසුවෙන් සමත් වීමට දරුවා තුල පවතින විශ්වාසය බලපානු ලැබේ. ඔබ නිතරම දරුවා දිරිමත් කල යුතුය. දරුවා අධික ලෙස වෙහෙසභාවයට පත් නොකළ යුතුය. සැහැල්ලුවෙන් යුතුව මුහුණ දිය හැකි ආකාරයට ඔහුව සුදානම් කල යුතුය.

ඇතැම් දරුවන් විභාගය ආසන්න වූ විට අධික බියක් දක්වති. මට විභාගය අමාරුයි. මට විභාගය පාස් වෙන්න බැරි වේවි. පාඩම් කල කිසි දෙයක් මතක නෑ ආදී ලෙස සිතුවිලි පැන නැගේ. ඔබේ දරුවාගේ බිය සමහර විට ඔබ සමග පවසාවි. ඇතැම් දරුවන් එසේ පවසන්නේ නැත. අම්මා හෝ තාත්තා බනිවි යැයි ඔහුට සිතේ. නමුත් ඔහුගේ බිය ඔබට අවබෝධ කර ගත හැකි විය යුතුය. ඇතැම් දරුවන්ට මේ අධික බිය නිසාම ආහාර ගැනීමද අපහසු වේ. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරයි. ඇතැම් විට අසනීප වුව විය හැකිය. දරුවා විභාගය අමාරු යැයි නිතර නිතර සිතු විට එය යටි සිතට කා වැදී සැබෑවටම විභාගය අමාරු විය හැකිය.

මෙලෙස අනියත් බියක් හට ගැනීමෙන් දරුවා පාඩම් කිරීම් අත්හැරීමට ඉඩ ඇත. දරුවාගේ විභාගය ආසන්න වූ විට ඔබ දැඩි සැලකිලිමත් බවක් දැක්විය යුත්තේ මේ නිසාය. සමහර දරුවන් දිවි නසා ගැනීමට පවා පෙළඹීමට විභාගය හේතු වේ. ඔහු යම් හෙයකින් විභාගය අසමත් වුවහොත් තම දෙමවුපියන් කොයි ආකාරයට ක්‍රියාත්මක වේ දැයි ඔහුට බියක් හට ගනී. මේ නිසාම ඔබ ඔබේ දරුවා දිරි ගැන්විය යුතුය. ඔහු දක්‍ෂ බවත් විභාගය සාර්ථකව සමත් විය හැකි බවත් දරුවාට පවසන්න.

විභාගයට සුදානම් වන විට පසුගිය ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ඉතා වැදගත්. ඒ සදහා දරුවා පොළඹවාලන්න. අඩුම තරමේ පසු ගිය ප්‍රශ්න 10ක්වත් අධ්‍යයනය කිරීම වටි. ඒ හරහා මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගත හැකිය. මේ හරහා පිළිතුරු සැපයීමේ වේගය වැඩි කර ගත හැකිය. එසේම ලැබෙන ප්‍රශ්න පිලිබදව යම් අකාරයකට අනුමාන කළ හැකිය.

ඒ නිසා දරුවාට එහි පවතින වාසිදායක තත්වය පහදා දෙන්න. එසේම අමාරු විෂයන් වලට වැඩි කාලයක් යොදවන ලෙස ඔහුට කියන්න. එසේම දරුවාට අමාරු විෂයන් තිබේ නම් එම විෂයන් පහසුවෙන් ධාරණය කර ගන්න ක්‍රම පිලිබදව පහදා දෙන්න. බොහෝ දරුවන් ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට බිය වෙයි. එවිට නිතර නිතර එම විෂයන් වලට යොදවන කාලය වැඩි කිරීම වැදගත්.

මේ සියලු දේ සිදු කොට දරුවා විභාගය අසමත් විය හැකිය. එවිට දරුවට දොස් පවරන්න යන්න එපා. එය දරුවාගේ ජිවිතයට වුව හානිකර විය හැකිය. විභාගය යනු ජීවිතය නොව. විභාගය අසමත් වූ පිරිස් අද ලෝකයේ ප්‍රබලයන් බවට පත් වී ඇත. දරුවා නැවත වරක් විභාගයට පෙනී සිටීමට ඔහුව දිරි ගන්වන්න. දරුවාගේ මනස බිද වැටෙන කිසිවක් කියන්න එපා. එය දරුවාට අහිතකර විය හැකිය.

බිදුණු පවුල තුළ අතරමං දරුවා

විවහා වූ දෙපලකට නම් තමන්ට සිටින වටිනාම වස්තුව දරුවන්ය. බොහෝ දෙමවුපියන් මුළු ජිවිත කාලයම වැය කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ කායික , මානසික යන සෑම අංශයකටම දෙමවුපියන්ගේ  යුගදිවියේ  සාර්ථකත්වය බලපානවා. අම්මායි තාත්තයි නිතරම රණ්ඩු කරන විට, තාත්තා නිතරම බිමත්ව සිටින විට එය දරුවන්ට තදින්ම බලපානවා. හැම අම්මායි තාත්තායි කෙනෙක්ම කැමති තම දරුවන් උසස් පුද්ගලයන් වෙනවා දකින්න. නමුදු අද සමාජයේ බොහෝ දෙමවුපියන්ගේ එම සිහිනය සදාකාලික සිහිනයක් වන බව අප අනන්තවත් දැක තිබේ. ඊට හේතු වී ඇත්තේ බොහෝ දෙමවුපියන් විවහා වී ටික කාලයක් යන විට දෙන්නා දෙපැත්තකට වීමයි. පවුලක් ගරා වැටුණු විට ඉන් අසරණ වන්නේ දරුවන්ය. පවුලක සාර්ථකත්වයට මව්පිය සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය.

කොතරම් මිල මුදල් , යාන වාහන ඔබට තිබුනත් ඔබේ පවුලේ සාමය සාමාජිකයන් අතර නැති නම්, පවුල් ජිවිතයේ උපරිම සතුට එම සාමාජිකයන් අතරට නොලැබේ නම්, ගෙදර අපායක් නම් එවැනි පවුලකින් වැඩක් නැත.

දරුවන් බලාපොරොත්තු වන සෙනෙහස, ආදරය දෙමවුපියන්ගෙන් නොලැබෙන විට දරුවන් මානසිකව බිද වැටුණු ඇත. එවිට දරුවන් ගැටළු ගණනාවකට මුහුණ දේ. එනම්,

  • දරුවාට දෙමවුපියන් පිලිබදව තරහක් ඇති වී නිතර නිතර ගැටුම් ඇති කර ගනී
  • දරුවා බඩු මුට්ටු කඩා දමමින් දෙමවුපියන් කෙරෙහි ඇති අකමැත්ත ප්‍රකාශ කරයි. අකීකරු වේ.
  • ළමයා ප්‍රචණ්ඩ වේ
  • දරුවා පහසුවෙන් අපරාධ වලට පෙළබේ

දෙමවුපියන් නිතර නිතර ගැටුම් ඇති කර ගැනීමෙන් දරුවන්ගේ මානසිකත්වය බිද වැටී අධ්‍යාපනය පවා කඩාකප්පල් වේ. මෙවැනි පවුල වල දරුවන් වැඩි වශයෙන් මානසික ගැටළු වලට මුහුණ දේ.

හැමවිටම ඔබ දෙපල අතර කොතරම් ගැටළු හට ගැනුනත් එය දරුවාට දැනෙන්න දෙන්න එපා. ඒවා දෙදනා අතර පමණක් තබා ගෙන විසදා ගන්න. බොහෝ දරුවන්ගේ මුලු අනාගතයම අදුරු වන්නේ දෙමවුපියන්ගේ ආරවුල් නිසාය. දරුවාට සෙනෙහස, ආදරය අහිමි වූ විට ඔහු එය වෙන තැනකින් සොයන්න බලයි. ඔහු ආදරය සොයන්නේ වැරදි පාරකින් බව දරුවාට තේරෙන්නේ නෑ. දරුවන් අපරාධ වලට යොමු වන්නේ දෙමවුපියන්ගේ වැරදී නිසා මිස දරුවන්ගේ වැරදි නිසා නෙමේ. තම දරුවාට පුර්ණ අවධානය ලබා දීම දෙමවුපියන් සතු දෙයකි.

ඇතැම් දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම තම දරුවන් සමග කතා කිරීමටවත් වෙලාවක් නැති තරම්ය. කොතරම් මුදල් හම්බ කලත් දරුවන් අයාලේ යන්නේ නම් ඔබේ මුදල් වලින් වැඩක් නැත. ඇතැම් දරුවන් මුළු ජිවිත කාලයම තම දෙමවුපිය නිසා විදවයි. දෙවෙනි කසාදයක් ගැන සිතන මව්වරුන් තම දරුවන් ගැන සිතිය යුතුය. දරුවන් මෙලොවට බිහි කිරීමෙන් පමණක් ඔබට වගකීම් වලින් මිදිය නොහැකිය.

ඔබට ඔබේ පවුලේ සමගිය රැක ගැනීමට බොහෝ දේවල් කල හැකිය. සෑම විටම එක මේසයේ ආහාර ගන්න පුරුදු වෙන්න. එවිට දරුවාගේ එදා දවසේ සිදු වූ දේවල් පිලිබදව, දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් පිලිබදව දැන ගැනීමට හැකි වේ. එවිට ඔබට ඔබේ දරුවා මග හැරෙන්නේ නැත. පවුලක් රකින සතර වරම් දෙවියන් වන්නේ කරුණාව, දයාව ඉවසීම, ආදරය වැනි සාධකයි. දරුවාට සෑම විටම හොද මිතුරෙක්, මිතුරියක් වන්න.

ඔබේ දරුවා අපයෝජනයෙන් බේරා ගන්න

දරුවන් ලිංගික අපයෝජනයට ලක් වන අවස්ථා අද සමාජයේ බහුලව දකින්න පුළුවන්. අද දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම දරුවන් දෙමවුපියන්ගෙන් මග හැරි ඇත.  මේ නිසාම ඔබේ දරුවන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා වැඩිය.

දරුවන් ආගම දහමට ලැදි කලාකාමී පවුල් පරිසරයක් සකස් කර තැබිය යුතුය. අද වන විට සමාජය විෂම වී ඇත. කුඩා දරුවන් දෙස වුව බලන්නේ ඉතාමත් පහත් ආකාරයටය. කුඩා කල සිටම දරුවන්ට මනා පසුබිමක් සකස් කල දිය යුතුය. එසේ වූ පමණින් අපට දරුවන් අපයෝජනයට ලක් නොවන්නේ යැයි කිව නොහැකිය. අද සමාජයේ සිටින ගැහැණු පිරිමි භේදයකින් තොරව සෑම තරාතිරකම අය ළමා අපයෝජනයන් සිදු කරන බව දිනපතා පුවත්පත් වලින් වාර්තා වේ. ඒ නිසා ඔබේ දරුවා කුමන ස්ථානයක කොයි මොහොතක අපයෝජනයට ලක් වීමේ ඉඩකඩ වැඩිය.

ඇතැම් පවුල් වල පියවරුන්ගෙන් දරුවන් අපයෝජනයට ලක් වන අවස්ථා තිබේ. කෙසේ හෝ දරුවෙකුගේ ආරක්ෂාවට සිටින විශ්වාසම දෙපල වන්නේ දෙමාවුපියන්ය. දරුවා පවුල් පසුබිමෙන් ඈත් වන හුදෙකලා වන සෑම මොහොතකම අපයෝජනයට ලක් විය හැකිය. එසේ නම් දරුවාට අපයෝජනයක් නොවිය හැකි යැයි අපිට සිතිය හැක්කේ ඔබේ පවුලේදී පමණි. නමුදු ගෙදර කිසිවෙකු නොමැති විට හුදෙකලා වන දරුවා නිවසේදීම වුව අපයෝජනයට ලක් විය හැකිය.

ඔබ මොහොතකට දරුවා තනිකර නිවසින් බැහැරව සිටින්නේ යැයි සිතන්න. දරුවා ගෙදර රූපවාහිනියෙන් අසභ්‍ය චිත්‍රපටයක් නරඹන්න පුළුවනි. එවැනි මොහොතක පිටස්තරයෙක් පැමිණ දරුවා අපයෝජනයට ලක් කල හැකිය. එනම් ඔබ දරුවා මග හරින සෑම මොහොතකටම දරුවන්ට අපයෝජනයන් සිදු වීමේ හැකියාව වැඩිය. දරුවා අපයෝජනයට ලක් වන්නේ කුමන ස්ථානයේද යැයි අපට හරියටම කිව නොහැකිය.  ඒ නිසා සෑම අවස්ථාවකදීම දරුවා ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය. මවුපියන්ගෙන් ඈත්ව දරුවා හුදෙකලා විය හැකි ස්ථාන කිහිපයකි. ඉන් කිහිපයක් නම්,

පාසල, මිතුරන්ගේ නිවාස, නෑදෑ හිත මිතුරන්ගේ නිවාස, දුම්රිය ස්ථාන, ලදු කෑලෑ , ළමා නිවාස, ළමයින් ගමන් කරන වාහන, විනෝද චාරිකා, තමන්ගේම නිවස ආදී ස්ථානය.  මෙම ඕනෑම ස්ථානයකින් දරුවා අපයෝජනයට ලක් විය හැකිය. පාසලේ ගුරුවරුන්ගෙන් පවා දරුවා අපයෝජනයට ලක් විය හැකිය. මෙම අපයෝජකයන්ගේ හැසිරීමෙන් ඔබට ඔවුන් හදුනා ගැනීමට හැකිය.

  • මොවුන්  ළමයින්ට අසීමිත ආදරයක් සෙනෙහසක් දක්වයි
  • ළමයින් සමග පමණට වඩා සුහදව ඉතාමත් ලගින් ළමයි සමග කාලය ගත කරන්නට කැමැත්තක් දක්වයි
  • ඇතැම් පිරිස් ළමුන්ට බොහෝ අකමැති බවක් දක්වයි
  • තවත් පිරිසක් සාමාන්‍ය අය මෙන් සිටි
  • ඇතැම් පිරිස්ට දරුවා බොහෝ බියක් දක්වයි නම් බොහෝ ආදරයක් දක්වයි නම් බොහෝ දුරට ඔහු ඔබේ දරුවාගේ අපයෝජකයා විය හැකිය

ලිංගික අපයෝජන චෝදනා වලට ලක් වන්නේ නිතර ළමයින් සමග සිටින අයමයි. ඒ නිසාම ඔබේ දරුවා ඇසුරු කරන අය පිලිබදව සැලකිලිමත් වන්න. එසේම දරුවා අපයෝජනයට ලක් වන්නේ නම් ඔහු වචනයෙන් ප්‍රකාශ නොකලද වෙනත් ක්‍රම වලින් ඔබට පැවසිය හැකිය. ඒ පිලිබදව හොදින් සැලකිලිමත් වන්න. ඔබ දරුවා අත්හරින සෑම මොහොතකම ඔබේ දරුවා තවත් මිනිසෙකුගේ අපයෝජනයට ලක් විය හැකිය.

ගුරුවරුන්ගේ කෙනෙහිලිකම් මැද අතරමං වන දරුවන්

ඇත්තටම ගුරුවරු කියන්නේ කාටද ඔවුන්ගෙන් ඉටු විය යුතුකම් මොනවද අද ගුරුවරුන් දෙස බලන විට  නම් ඔවුන් ඇත්තටම ගුරුවරුන් වීමට සුදුසු දැයි සිතේ. ගුරුවරයා කියන්නේ හුදෙක් විෂය දැනුම් බෙදා හරින්නෙක්ම පමණක් නොවේ. ගුරුවරියෙක් හෝ ගුරුවරයෙක් වූ විට සමාජ හරයන්, ධර්මතා අලුත් පරපුරට ලබා දිය යුතුය. ළමුන් පාසලට ඇතුලත් වූ දා සිට ඔවුන් වැඩි පුර කාලය ගත කරන්නේ පාසලේය. ඒ නිසාම ගුරුවරුන්ට දරුවන් පිලිබදව විශාල වගකීමක් පවතී. ළමුන්ට නිසි මගක් නොපෙනෙන විට ඔවුන් අයාලේ යනවා. දරුවන්ට හරි මග කියා දීම දෙමවුපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් වගකීමකි.

පංති කාමරයේ සිටින ළමුන් පිලිබදව ගුරුවරයෙක් වූ විට වෙන වෙනම අවධානය යොමු කල යුතුය. නමුදු අද වන විට බොහෝ ගුරුවරුන් සිදු කරන්නේ ඉගෙනීමට දක්ෂ , වැඩියෙන්ම ලකුණු ලබා ගන්න දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. එවිට එතරම ඉගෙනීමට දක්ෂතාවයක් නොමැති දරුවන් අතරමං වේ. ගුරවරයෙක් වූ විට සෑම දරුවෙකුටම එක සමානව සැලකිය යුතුය. අද වන විට ඇතැම් දෙමවුපියන් ගුරුවරුන්ගේ නිවසට ගොස් සංග්‍රහ සැලකිලි සිදු කරයි. එවිට එවැනි දරුවන් කෙරෙහි ගුරුවරු වැඩි අවධානයක් යොමු කරයි. මේ හරහා ඉගෙනීමට වඩා දක්ෂ දරුවන් මග හැරේ.

යම් ප්‍රශ්නයක්‌ගැටළුවක් වූ විට ඇතැම් ගුරුවරු ක්‍රියාත්මක වන්නේ ඉතා පහත් ආකාරයටය. උදාහරණයක් ලෙස ආදර සබදකමක පැටලී සිටින පාසල් දරුවන් දෙදෙනෙක් හසු වුවහොත් ගුරුවරු මෙම දරුවන්ට සලකනු ලබන්නේ තමන්ට එවැනි කාලයක් තිබුනේ නැතිවා මෙනි. පාසල් දරුවන් යනු එතරම් අද්දැකීම් නැති කුතුහලකාරි පිරිසකි. මේ නිසා දරුවන් වැරදි වලට පෙළඹවීමේ අවස්තාව වැඩිය. එවැනි අවස්ථා වල දරුවන්ට දඩුවම් කිරීමෙන් පලක් නැත. දරුවන් ළමුන් ඉදිරියේ අපහසුතාවයට පත් නොකළ යුතුය. අපහාස දරා ගැනීමට නොහැකි වූ විට දරුවන් දිවි නසා ගන්නා අවස්ථා ද අප දැක තිබේ.

එවැනි මොහොතක ගුරුවරුන් බුද්ධිමත්ව ක්‍රියා කල යුතුය. දරුවන්ට දඩුවම් කිරීමෙන් එවැනි දේවල් වැරදි යැයි දරුවන්ට අවබෝධ වන්නේ නැත. පාසල් දැරිවියක් කොටට නිල ඇදුම ඇදගෙන ආ අවස්ථාවක ප්‍රසිද්ධියෙන්ම ඇයට දඩුවම් විදීමට සිදු විය. දරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම් නොකළ යුතුය.

එමෙන්ම දැන් පවතින්නේ අතීතයේ මෙන් සමාජයක් නොවේ. තාක්ෂණය සමග සමාජය වෙනස් වී ඇත. අද වන විට දරුවන් දුරකථන, පරිගණක වැඩියෙන් භාවිතා කරයි. මෙකි තාක්‍ෂණය භාවිතා කිරීම සුදුසු නැතැයි යන්න අපට නිගමනය කල නොහැකිය. මෙවැනි භාවිතා කිරීමේ වැරද්දක් නැත, ඒවා හසුරුවන ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දිය යුතුය.

එසේම එක දරුවෙක් පංතියේ පළවෙනියා වුවාම අනෙක් අයටද එසේ වන්නේ යැයි කීම වැරදිය. හැමෝටම එක වගේ ඉගෙන ගැනීමට නොහැකිය. ඇතැම් ගුරුවරු ඉගෙනීමට දක්ෂ දරුවන් පංතියේ පළමු පේලියේ තබා ගෙන අනෙක් දරුවන් පංතියේ පිටු පස්සටම යවයි. විභාගයේ ප්‍රථම තැන ගත් , ශිෂ්‍යත්ව විභාගය පාස් වුනු ළමුන්ට දක්වන්නේ පුදුමාකාර සැලකිලි ගොඩකි. එවිට අනෙක් දරුවා කෙරෙහි මෙම දරුවන්ට තරහක් ඇති වෙනවා.

ගුරුවරයෙක් වුවාම දරුවන්ට මග පෙන්විය යුතුය. මෙවෙනි ගුරුවරුන්ට දරුවන්ට මග පෙන්විය හැකිද එසේ වුවත් දරුවන් නිසි මාර්ගයට ගන්නා ඔවුන්ගේ මානසිකත්වය තේරුම් ගන්නා ගුරුවරුන්ද සිටිති. අප ඔවුන් අගය කල යුතුය. ඒ අතරම තම කුහකකම සිතේ රදවා ගෙන දරුවන්ට කෙනෙහිලිකම් කරන ගුරුවරුන්ද සිටිති. ඇතැම් ගුරුවරු තමන්ගේ ටියුෂන් පංතියට නොඑන දරුවන් පංතියේදී කොන් කරති. මෙවෙනි ගුරුවරුන් සමස්ත සමාජයටම සාපයකි. දරුවන් පිලිබදව සිතන ආදරණිය ගුරුවරුන්ගේ අවශ්‍යතාවය මතුව තිබේ.

ඔබේ දියණියත් වැඩිවිය පත්වීමට ආසන්න වයසේද? එහෙමනම්, මේ ලිපිය අපිට…

දුව ඉපදුණු දවස, මගේ අතට එයාව ලැබුණු මුල්ම මොහොත මට අද වගේ මතකයි. ඒත් දැන් දුවව දකිද්දි මට හිතෙනවා කාලය කොයි තරම් නම් ඉක්මණට ගෙවිලා ගිහින්ද කියලා. එයා, තව ටික දවසකින් තරුණියක් විදියට ජීවිතයට මුහුණ දේවි. ඔබේ දියණියත් වැඩිවිය පත්වීමට ආසාන්න වයසේ වෙන්න පුළුවන්. මව්වරුන් විදියට අපි ඒ ගැන අපේ අදහස් බෙදාහදාගමු. මොකද අපිට පැවරෙන වගකීම සුළු පටු නෑ. ඒ වගේම දියණියට හො`දම මිතුරිය විය යුත්තේ අම්මා බවත් හො`දින් සිහි තබා ගන්න.

ඔබ දියණියගේ ශාරීරික  වෙනස්කම් පිළිබ` සැලකිලිමත්ද?

මේ අවස්ථාව කුමන ස්ථානයකදී කොයි ආකාරයෙන් උදාවේද යන්න පිළිබ`දව අපි නොදනී. අන්න ඒ නිසාම දියණියගේ ශාරීරික වෙනස්කම් පිළිබ`දව සැලකිලිමත් වීම වැදගත්. මන්ද ඒ අනුව යම් යම් සීමාවන් තුළ මේ කාලපරිච්ඡේදයේ කටයුතු කිරීමට හැකියාව අපිට ලැබෙනවා. උදරයේ වේදනාව එහෙමත් නැතිනම් කොණ්දේ වේදනාව පිළිබ`දව ඇය නිතර නිතර පවසයි නම් ඒ පිළිබ`දව සැලකිලිමත් වන්න. ඒ අවදානයට පිටස්තර ස්ථානයකදී ඇයට මුහුණදීමට සිදුවන අපහසුතාවය මගහැර ගැනීමට විශාල සහයෝගයක් ලබා දිය හැකියි.

මවක් දියණියගේ පෞද්ගලික ගැටලූ දැන සාකච්ඡුා කළ යුතුය. ඇය කියන්නට පසුබට වුවද ඇය සතු යම් යම් ගැටලූ සොයා බලා ඇයගෙන් ඒ පිළිබ`දව සොයා බලා දැනුම ලබාදීම මෙන්ම අත්දැකීම් බොදාහදා ගැනීමට මවක් සූක්‍ෂම විය යුතුය. එවිට දියණිය සිය මව සමග දුක සතුට මෙන්ම ජීවිතය බෙදාහදාගනු ඇත.

ඔබට මතකද? මේ අත්දැකීම ලැබුණු පළමු අවස්ථාව. අපේ සිත් තුළ ඇති වුණු බය, නොසන්සුන් බව, ලැජ්ජාශීලී බව, කිසිවෙකු දෙස හිස ඔසවා බැලීමට පවා නොහැකි වූ ආකාරය.

සැබවින්ම ඔසප් චක‍්‍රය ආරම්භ වීමත් සමගම ගෙවෙන ඉදිරි දින කිහිපය ඉතාම අපහසු, වේදනාකාරි, නොසන්සුන්ව  ගත කෙරෙන දින කිහිපයකි. මවක් සැමවිටම දියණියට සමීපව හි`දිමින් ඇයෙගේ අපහසුතාවයන් වෙනුවෙන් සහය දැක්වීම ඉතා වැදගත් වේ. ඇතැම්විට දියණිය මව සමග මේ කිසිවක් නොපවසමින් පීඩනයට පත්ව මේ දින කිහිපය ගෙවා දමනවා විය හැකිියි. නමුත්  දියණියට ඇති ගැටලූ සහගත තත්ත්වයන් පිළිබ`දව විවෘතව සාකච්ඡුා කොට අවශ්‍ය විස`දුම් සහ සහනයන් ලබාදීම මවකගේ යුතුකමයි.

වැඩිවිය පැමිණි විගස දියණියක් මේ අපහසුතාවය පිළිබ`දව ඉතාම කලකිරීමෙන් කාලය ගත කරනවා විය හැකියි. අන්න ඒ නිසාම

  • ඔසප් චක‍්‍රය පිළිබ`දව දියණිය දැනුවත් කරන්න
  • ඔසප් චක‍්‍රය සාමාන්‍ය ක‍්‍රියාවලියක් බව ඇයට අවබෝධ කරවන්න
  • ඔසප් දිනයන්හිදීත් පාසැලේදී හෝ පන්තියේදී සාමාන්‍ය පරිදි හැසිරීමට උත්සාහ කරන මෙන් දියණියට උපදෙස් ලබාදෙන්න. ඇය අධික වේදනාවකින් හෝ අපහසුවකින් පෙළේ නම් ඇය නිවසේ ර`දවාගන්න
  • ඔසප් වේදනාවට ඇති පිළියම් ගැන කියාදෙන්න, එනම් කොණ්දේ, උදරයේ සහ යෝනි මාර්ගයේ වේදනාව ඇතුළු අනෙක් අපහසුතාවයන් ස`දහා ඇයට සහනය සලසන්න. අසාමාන්‍ය වේදනාවන්ගෙන් දියණිය පීඩා වි`දී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න
  • පෞද්ගලික පවිත‍්‍රතාවය පිළිබ`දව දැනුවත් කරන්න. වෙනදාටත් වඩා පිරිසිදුව සිටීම මෙහිදී වැදගත් බව කියාදෙන්න
  • ඔසප් දිනය ආසන්න වන විට ඇයගේ බෑගයේ සනීපාරක්‍ෂක තුවා තබා ගැනීමට මෙන්ම ඒවා පාවිච්චියෙන් පසු බැහැරලන නිවැරදි ක‍්‍රම පිළිබ`ද දියණිය දැනුවත් කරන්න

දියණියගේ ඔසප් චකරය පිළිබ`දව මවකගේ අවදානය යොමු විය යුතු කරුණු

  • ඔසප් චක‍්‍රය නතර වීම
  • මසකට දෙවතාවක් හෝ කිහිප වරක් අඩු වැඩි වශයෙන් ඔසප් ඇති වීම
  • අධික රුධිර වහනය
  • ඔසප් රුධිරයේ අධික ගන්ධය
  • ඔසප් රුධිරය කැබලි ලෙස පිටවීම
  • ඔසප් රුධිරයේ ඇලෙන සුලූ බව
  • ඔසප් රුධිරය ඝන ස්වභාවයකින් යුක්ත වීම

මෙවන් ගැටලූ පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඇයගේ අපහසුතාව වලක්වාගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරියක් තෝරාගත හැකි නම් එය දියණියගේ සිතට මහත් ඇස්වැසිල්ලක් වනු නියතය.

ඇතැම් මව්වරුන් මේ දිනවලදී ඇතැම් ආහාර වර්ගවලින් දියණිය ඈත් කර තබයි. නමුත් මේ දින කිහිපය තුළ සිරුරෙන් රුධිරය වැඩි ප‍්‍රමාණයක් පිටව යන බැවින් පෝෂ්‍යදායී ආහාර ඇයට ලබාදීම වඩා වැදගත් වේ. එසේ නැති වූ විට යම් යම් ඌණතාවයන්ට දරුවාට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදු වනු ඇත. මන්දයත් සෑම දියණියක්ම මේ පෙර මග සකසන්නේ අනාගතයේදී උත්තරීතර මව්පදවිය හොබවන්නට නිසාය.