Home Blog Page 135

මල්වර වියේ දී සිදු කරන චාරිත්‍ර පිලිබදව ඔබ දැනුවත් ද

ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වීම කොටහළු වීම, මල්වරවීම කියලා තමයි කියන්නේ. ගැහැණු ළමයෙක් වැඩිවියට පත් උනාම කරන්න ඕනි චාරිත්‍ර ගැන කියන්න තමයි මේ සුදානම. ළමා වියේ පසු වුනු කුඩා දියණියන් නව  යොවුන් තරුණියන් වුනාම ඇගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. දියණිය තාවකාලිකව හුදෙකලා කොට ඇයට වගකීම් පැවරීමක් සිදු වෙනවා. අලුත්ම අවධියකට පිවිසෙන ඇයට තිබෙන යුතුකම් වගකීම් වලින් ඇයව දැනුවත් කරන්න මේ මංගල්‍යය ඉවහල් වෙනවා. ඒ විතරක් නෙමේ කායික හා ලිංගික වශයෙන් පිරිපුන් ඇය කෙරෙහි අනෙක් අය ආකර්ෂණය කර ගන්න ද මේ චාරිත්‍ර බලපානවා.

වැඩිවියට පැමිණි තරුණියක් තනි නොකිරීම සදහා ගැහැණු කෙනෙක් නැවතීම හා යකඩයකින් තැනු යමක් ඇද අසලින් තැබීම සිදු කරනවා. මෙහිදී පළමුවෙන්ම අධික රුධිරය වහනය වීමෙන් දියණිය ඒවා දැකීමෙන් බිය විය හැකිය. ඒ නිසාම ඇගේ තිගැස්සිම, භීතිය නැති කිරීමට ඇය හුදෙකලා නොකිරීම වැදගත්. ගැහැණු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සේ තනිව හැසිරීමෙන් ඇයට විපත් පැමිණෙන්න පුළුවනි. ඇතැම් ගම් වල අමනුෂ්‍ය දෝෂ වලින් දියණියට සිදු වන බලපෑම් නතර කර ගන්න ඇය තනි කිරීම හොද නැති බව පිලි ගන්නවා.

මල්වර වියේදී ක්‍රියාත්මක වන තහංචි අතර පිරිමින් දැකීම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. මෙය බොහෝ ප්‍රදේශ වලට පොදු දෙයක්. පිරිමි සමග ඇසුරෙන් ඇය කාමය අධික තැනැත්තියක් වීමේ අවස්තාව වැඩි වී අයහපත් දේ කරා යොමු වේ යැයි සිතා ඇතැම් ප්‍රදේශ වල මෙම චාරිත්‍ර දිගටම පවත්වා ගෙන යනවා. එම නිසා මිට පසුව පිරිමින්ට ලැදිකමක් දැක්වීමෙන් ඇති වන භයානක තත්වයන් පිලිබදව වැඩිහිටියන් දිගින් දිගටම අවවාද කරනවා. ඒ වගේම මෙම අවධියේදී හඩ නගා කතා කිරීම, සිනාසීම ආදිය තහනම් වේ.

පිරුවට හැදීමද අප අතර ඉතාමත් ප්‍රසිද්ධයි. මේ කාලයේදී පිරිසිදුව සිටීම ඉතාමත් වැදගත්. පිරුවට හැදීම තුලින් මුලික වශයෙන්ම දියණිය විෂබීජ වලින් ආරක්ෂා කරනු ලැබේ. සුදු පිරුවට ඇදීම මගින් ඔසප් කාලයේදී පිරිසිදුව සිටීමේ වැදගත්කම දියණියට කියා දීමේ මුල්ම අවස්තාව වශයෙන් මෙය හැදින්විය හැකිය.

ගැහැණු ළමයෙකු වැඩිවියට පත් උනාම ලබා දෙන ආහාර පිලිබදව විවිධ මත තිබෙනවා. තෙල් හා පිලි ආහාර , අළු කෙසෙල් ආදිය කිලි සහිත ආහාර ලෙස සලකනු ලබනවා. සාමාන්‍යයෙන් අළු කෙසෙල් මගින් ලිංගික ශක්තිය හීන වන බව බොහෝ අය පිලිගන්නවා.

තවද වැඩිවිය පැමිණි දැරිය ඇද පැලදී සියලුම දේ දැමු කිලි මුට්ටියක් රදා කනතාවක් විසින් බැද්දට ගෙන යනු ලබයි. මෙම කිලි මුට්ට්ය රැගෙන යාමේදී පෙර මගට කිසිවෙකු හමු නොවිය යුතු බවත් එය යමකු දැකීම ඉතා කිලි සහිත දෙයක් ලෙස සලකයි. අද වන විට නම් මෙම චාරිත්‍රය සමහරක් ප්‍රදේශ වල ක්‍රියාත්මක් වන්නේ නැත. මල්වර වියේදී කෙරෙන  සිරිත් විරිත් වලදී කොස්, පොල්, බුලත් වලට මුලික තැනක් ලැබෙනවා. කොස් ගස වාසනාවේ සංකේතයක් විදියට සලකනවා. එසේම පොල් ගසට ද මුලික තැනක් ලැබෙන අතර පොල් ගෙඩියක් බිදීම සිදු කරයි. මේ සියලු සිරිත් වලදී සශ්‍රීකත්වය පෙන්නුම් කරයි.

ඇතැම් ප්‍රදේශ වල නැකතට දිය නහවා ගෙන එන දියණිය මුලින්ම කිරි හෝ ජල කොරහක් තුල දමා ඇති කැඩපතකින් තමාගේ රුව දකී. ඉතිහාසයේ නම් ගැහැණු ළමයෙකුට කැඩපතකින් හෝ ලිං පතුලට එබී බැලීමෙන් තම මුහුණ දැකීමට ඉඩ නොදේ. තම මුහුණ දැකීමෙන් නිසි වයසට පෙර දියණිය තුළ මේරූ අදහස් පහල විය හැකි බව පැරැන්නන් විස්වාස කළහ.

අද වන විට මල්වර උත්සව ඉතාමත් ඉහලින් සිදු කරනු ලැබේ. බොහෝ මව්වරුන්ට මෙම චාරිත්‍ර ගැන නිසි අවබෝධයක් නැත.

ඔබේ දරුවා ඔබ කියන දේ අහන්නේම නැද්ද . එහෙනම් ඊට හේතු මෙන්න.

“මගේ ළමයා මම කියන දේ මොකුත්ම අහන්නේ නෑ. දහපාරක්වත් එකම දේ කියන්න ඕන. මට එයත් එක්ක හරිම කේන්තියි.”

බොහෝ මවුවරුන් තම දරුවන් ගැන මෙසේ මැසිවිලි නගනවා අපි අසා තිබෙනවා. මව්වරුන් 100ක් ගතහොත් 90කවත් එසේ පවසනවා නියතයි. දරුවන් අකීකරු වන විට මවක් වූ ඔබට තරහා යනවා ඇත. මන්ද මවකට එදිනෙදා පවතින වැඩ අධිකය. මෙවැනි අවස්ථාවල දරුවන් තමන්ට අවනත නොවන විට ඔබ ඔවුන්ට දඩුවම් කරනු ඇත. විශේෂයෙන්ම පිරිමි ළමුන් ගැහැණු දරුවන්ට වඩා තරමක් අවනත කර ගැනීම අපහසුය. ඔවුන් ඉතාමත් දගකාරය. ඇතැම් දරුවන් තම මවට අවනත නොවන විට ඇයට කේන්ති යන බව ටික කලකදී අවබෝද කර ගනී. ඒ නිසාම මව කේන්ති ගැස්සවීමට දගකාරකම් කරන දරුවන් අනන්තවත් සිටි. අම්මා එපා කියන දේම ළමුන් කරන්නේ මේ නිසාය. ඔවුන් මවට කේන්ති යෑමෙන් සතුටක් ලබයි. මව කොතරම් එපා කිවත් දිගටම ඔවුන් එකම දේ කරයි. නමුත් ඔබ මෙහිදී පසුබට වන්න එපා.

ඇතැම් දරුවන් තම මව කියන දේවල් වලට කොතරම් ඇහුම්කම් නොදුන්නත් වෙනත් අයෙකු කියන දේවල් වලට කැමැත්ත පල කරනු ලබන අවස්ථා අපි දැක තිබෙනවා. දරුවන්ට නියෝග ඉදිරිපත් කරන්න එපා. අපි කවුරුත් නියෝග දෙනවට කැමති නෑ. එය කොතරම් දුරට සාධාරණද? මෙහිදී ඔබට නියෝග ලබා දීම තරමක් නවත්වා ඉල්ලීම් කල හැකිය. “ ඔයා දැන්ම මේ වැඩේ කරන්න ඕනි කියනවට වඩා “ අනේ පුතේ හොද දරුවා වගේ මේ වැඩේ කරලා දෙන්න” ආදරණිය වචන වලට අපි හැමෝම කැමතියි. දරුවන් ද එසේය. දරුවන්ගේ මේ අවනත නොවීම පසුකාලීනව සමාජයට ප්‍රචණ්ඩ දරුවෙකු බිහි වීමේ අවධානම වැඩිය. ඔබේ දරුවා යම් හොද දෙයක් කළහොත් ඔහු හෝ ඇයව අගය කරන්න. නමුදු 30% ක් වැනි ඉතාමත් අඩු දෙමවුපියන් පිරිසක් තමා තම දරුවන් ඇගයීමට ලක් කරන්නේ. එසේම ඔබ යම් කාර්යයක් දරුවට පැවරු පසු ඔබ එයට මැදිහත් වන්න එපා. ඇතැම් දෙමවුපියන් දරුවන්ට වැඩක් පවරා එයින් බාගයක්ම කරනු ලබයි. එවිට තමා එවැනි වැඩ කිරීමට අවශ්‍ය නැති බවත් ඒවා දෙමවුපියන්ට කල හැකි බවත් දරුවන් විස්වාස කරනවා. එසේම ඔබේ දරුවටත් ඔබට මෙන්ම ආත්මගරුත්වයක් තිබෙන බව අමතක කරන්න එපා. සමහර දෙමවුපියන් දරුවන් අවනත නොවූ විට කෑ  ගසති. තර්ජනය කරති. අසභ්‍යය වචන භාවිතා කරයි. එය ඉතාමත් වැරදිය. එවිට ඔබේ දරුවා ඔබට තව තවත් මුරණ්ඩු වනවා ඇත.

එසේම ඔබ තම ස්වමිපුර්ෂයා සමග නිතර නිතර දබර කර ගන්නේ නම් ඔබේ දරුවා මුරණ්ඩු වනු ඇත. දරුවන් යනු අනුකරණය කරනු ලබන පිරිසකි. ඇතැම් දරුවන් තම දෙමවුපියන්ට අසභ්‍ය ලෙස බැන වදියි. එවැනි වචන ඔහු හෝ ඇයට ඔබේ නිවාස තුලින්ම ඇසෙන ඒවා විය හැකිය. දරුවා ඔබ එපා කියන දේවල්ම කරන්න මේ කරුණු හේතු වෙනවා.

ඔබේ දරුවා කරන සෑම දෙයකටම එපා කියන්න එපා. සමහර දෙමවුපියන් දරුවන්ට නිවසේ භාණ්ඩයක්වත් අල්ලන්න දෙන්නේ නෑ. නමුදු එසේ නොකරන්න. ඔහු කරන්නේ කුමක්දැයි ඔබ අවධානයෙන් සිටින්න. ඒ කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අවනත වීම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එමගින් දරුවා බියගුලු පුද්ගලයෙකු බවට පත් වනු ඇත.

ඔබත් වැඩිවියට පත් වූ දියණියක් සිටින මවක් ද ?

තමන්ගේ ආදරණිය දියණිය වැඩිවියට පත් වුණා කියන්නේ අම්මා කෙනෙක් විදියට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා කියන එකයි. දියණියක් වැඩිවියට පත් වුනාට පස්සේ ඇයගේ ප්‍රධාන ගුරුවරිය බවට පත් වන්නේ ඔබයි. ඔබ ඇයට සමීපතම මිතුරියක් වන්න. විශේෂයෙන්ම වැඩිවියට පත් වූ අවස්ථාවේ පටන් මාසිකව ඔසප් වීමේදී ඇය ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව ඇය දැනුවත් කල යුතුයි. ඇතැම් දියණියන් මාසිකව ඔසප් වීමේදී ප්‍රබල වශයෙන් මානසික පිඩාවන්ට ලක් වන අවස්ථා තිබෙනවා. ඔවුන් ඔසප් වූ විට ඇති වන භිතින් නිසා දිවි නසා ගන්නා තත්වයට පත් වන අවස්ථා තිබෙන බව මනෝවෛද්‍යවරුන්  විසින් පෙන්වා දෙනවා. මේ නිසාම ගැහැණු ළමයෙකු වැඩිවියට පත් වීමේදී ඈ තුල කායික වශයෙන් ඇති වන වෙනස පිලිබවදව ඔබේ දියණිය දැනුවත් කරන්න. ඔබගේ නොදැනුවත්භාවය ඔබගේ දියණියට භයානක ප්‍රථිපල ගෙන දෙන්න පුළුවනි. බොහෝ දරුවන්ට ලිංගික කරුණු පිළිබදව තිබෙන්නේ ඉතාමත් අඩු දැනුමක්. මේ සදහා වගකිය යුත්තේ දෙමවුපියන් සහ පාසලේ ගුරුවරුන්ය. ලිංගික කරුණු ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු සැගවිය යුතු දෙයක් බවට පත් වෙලා තිබෙනවා.

වැඩිවියට පත් වුවාට පසු දියණියක් නව සමාජ තත්වයකට තමා ගමන් කරන්නේ. දරුවට උපදෙස් ලබා දීමේදී ඔබ අනවශ්‍ය ආකාරයට පාලනය කරන්න හදන්න එපා. එවැනි දෑ වලට දරුවන් ඉතාමත් අකමැති බවක් දක්වනවා. විශේෂයෙන් මේ කාලයේ තම දියණිය තමා හා සමාන තත්වයකින් සලකා දරුවාගේ විශ්වාසය දිනා ගන්න.

බොහෝ දෙමවුපියන් දියණියන්ට දක්වන දැඩි ආදරය නිසාම වගකීම් වලින් නිදහස් කෙනෙක් බවට පත් කරනවා. එසේ සිදු කරන්න එපා. ඇයට ජීවිතය පිලිබදව අවබෝධ කර ගත හැකි වයසේ සිටම වගකීම් පවරන්න. එසේ සිදු කිරීමේන් අනාගතයේදී තම සැමියාට මනා සහකාරියක් වීමේ හැකියාවක් ඇයට යොවුන් වියේදී සිටම පුරුදු  වෙනවා. ඇතැම් මවුවරුන් නිවසේ වැඩ කටයුතු වලට තම දියණිය සහභාගී කර ගන්නේ නෑ. එවිට තම දියණියට විවාහ ජිවිතේ වගකීම් වලට ස්‌වභාවයෙන්ම බියක් ඇති වෙනවා. එසේ වුවාම තමා දික්කසාද වැඩියෙන් ඇති වෙන්නේ. ඒ නිසාම ඔබ දරුවාට වයසට සුදුසු වන ආකාරයට වගකීම් පවරන්න. මේ කාලයේදී ඔබේ උපකාරය සෑම විටම දියණියකට අවශ්‍ය වෙනවා. ගැහැණු ළමයෙකු වැඩිවියට පත් වුවාට පසු තරුණ මමත්වය ඇති වන්නේ ස්වාභාවයෙන්මයි. විශේෂයෙන්ම ලිංගික අසාවන් මුල් තැනක් ගන්නවා. ලිංගිකත්වයට වැඩි කුතුහලයක් මේ කාලයේ දී ඇති වෙනවා. මේ කාලයේදී පාසලේදීත් ලිංගිකත්වය පිලිබදව වැඩි පුර දැනුමක් නොලබන නිසා ඔබේ දරුවා වෙනත් දෑ වලින් ඒවා පිලිබදව තොරතුරු සොයන්න පටන් ගන්නවා. මෙහිදී වැරදි ඉගැන්වීම් ඇති වන අවස්ථා වැඩියි. මෙහි භායනකම පැතිකඩ නම් ඔබේ දියණිය විවාහයට පත් වූ පිරිමින්ගේ උගුල් වලට හසු විය හැකිය. එවැනි සිදුවීම් පිලිබදව මාධ්‍ය හරහා අපට අනන්තවත් ඇසෙන්නෙමු.

දරුවන් මෙවෙනි සම්බන්ධතා වලට වැඩියෙන්ම යොමු වන්නේ දෙමවුපියන්ගේ නිසි සෙනෙහස, ආදරය නොලැබීම හේතුවෙනි. මේ වයසේදී ආදරවන්තයන් තෝරා ගැනීමේදී ගති ගුණ වලට වඩා මුල් තැන දෙන්නේ රූපයටයි. ඔවුන්ට ජිවිතයේ සැබෑ තත්වය අවබෝද කර ගැනීමේ හැකියාවක් නෑ. බොහෝ දියණියන් පවුලෙන් අහිමි වන ආදරය පෙම්වතාගෙන් බලාපොරොත්තු වේ. මේ වයසේ පසු වන දියණියන් තම පෙම්වතා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැප වීමෙන් සිටි. වැඩිවියට පත් උනාම පෙම්වතෙක් සිටිය යුතුයි කියලා මේ වයසේ පසු වන දියණියන් අතරේ මතයක් තිබෙනවා. වැඩියෙන්ම සහෝදරයන් නැති දියනියන් මෙවෙනි ප්‍රේම සබදතා වලට යොමු වීමේ අවකාසය වැඩි බව සොයා ගෙන තිබෙනවා.

මේ නිසාම ඔබ ඔබේ දියණිය පිලිබදව දැඩිව සැලකිලිමත් වෙන්න. ඔබේ දියණිය යම් වැරැද්දක් කල විට ඇයට දක්වන සෙනෙහස නතර කොට ඇයගෙන් ඔබ ඈත් විය හැකිය. නමුදු කිසිදා එසේ නොකරන්න. ඇයගේ වැරදි ක්‍රියා ඉදිරියේ ඔබ දියණියගෙන් ඈත් වුවහොත් සදහටම ඔබේ දියණිය ඔබගෙන් මග හැරෙනවා නියතය.

ළදරුවාට මව්කිරි ලබා දෙන නිවැරදි ඉරියව්

දරුවෙකු බිහිකරන  ඕනෑම මවකට දරුවාට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිපදවීමේ හැකියාව සතුය. කිරි ප‍්‍රමාණවත් නොවුණේ නම් මවගේ වයස, දරුවාගේ වයස, ආර්තවය, සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම, දරුවන් වැඩි ගණනක් ලැබීම, පියයුරුවල ප‍්‍රමාණය යන හේතූන් කිසිසේත්ම කිරි නිපදවීම කෙරේ බලනොපායි. දරුවෙකු වෙනුවෙන් නිපදවෙන කිරි ප‍්‍රමාණවත් නොවීමට බලපාන එකම හේතුව වන්නේ දරුවා නියම ආකාරයෙන් කිරි උරා ගත නොහැකි වීමයි. ඒ රදි ආකාරයට දරුවා පියයුරට සම්බන්ධ කිරීමට වගබලා ගැනීමයි.

දරුවා නිවැරදිව පියයුරට ස්ථාපිත කිරීම : 

  • දරුවාගේ තට්ටම ප‍්‍රදේශය මවගේ වැලමිටට තබා ආධාර කරගන්න
  • දරුවා සම්පූර්ණයෙන්ම මව දෙසට හරවා සමට සම ගැටෙන පරිදි ළයට ළය ස්පර්ෂ වන සේ තබාගන්න. එවිට දරුවාට අවශ්‍ය උණුසුමද ලැබේ
  • දරුවාගේ කොඳු නාරටියට මවගේ අත දිගේ අධාරය ලබා දෙන්න
  • බෙල්ල සහ පිටේ උරහිස් ප‍්‍රදේශයට ආධාර කර හිස පියයුරට ළගා කරගන්න
  • දරුවාගේ නාසය මවගේ තන පුඩුව කෙලින් පිහිටිය යුතුය
  • නිවැරදිව පියයුරට ස්ථාපිත කළ ළදරුවාගේ උඩට පිහිටි කන, උරහිස සහ උකුල් ඇටයේ ඉහළ කොටස එකම සරල රේඛාවක පිහිටයි
  • සැමවිටම දරුවා එක අතකින් අල්ලා ගන්න
  • අනෙක් අතේ මහපට ඇගිල්ල පියයුරට උඩින් ද අනෙත් ඇ`ගිලි හතර පියයුරට යටින් ද වනසේ නොසෙල්වෙන සේ පියයුර අල්ලා ගන්න

pic-4

pic-3

නිවැරදිව සම්බන්ධය

දරුවා මව වෙත ළංකර ගෙන නිවැරදි ලෙස දරුවා පියයුරට ස්ථාපිත කොට යටි තොලේ පියයුර ස්පර්ශ කළ විගස මුව විවර කරයි. (මෙහිදී කුඩා දරුවන්ගේ රුටීන් ප‍්‍රතීකය උපයෝගී කරගනිමින් කිරි උරා බීමට දරුවා පොළඹවා ගත හැකිය) සැමවිටම ඇරියෝලාව හෙවත් පියයුරේ කලූ පැහැති කොටසින් වැඩි ප‍්‍රමාණයක් මුව තුළට ඇතුළු වී දැයි පරීක්‍ෂා කරන්න. මව්කිරි ලබාදීමේදී මවට නිදා සිටින ඉරියව්වේ සිට දීම ද නිවැරදි ක‍්‍රමයකි. නමුත් හැකි සෑම අවස්ථාවකදීම වාඩි වී සිටින ඉරියව්ව උපයෝගී කිරීම වඩාත් උචිත වේ.

නිවැරදිව සම්බන්ධ වූ දරුවා කිරි උරා බොනවිට

  • දරුවාගේ කම්මුල් පිම්බී තිබේ
  • යටි තොල යටට පෙරලී තිබේ
  • නිකට පියයුර මත ස්පර්ශ වී තිබේ
  • කන ආසන්නයෙන් කිරි උරන බව දිස්වේ

මේ ආකාරය නිවැරදි කිරි උරා බොන දරුවාට විනාඩි 20ක් 30ක් එක් පැත්තකින් කිරි උරා බීමට ඉඩ දෙන්න. ඒ අවස්ථාවේදී දරුවාට නින්ද යන්නේ නම් ඇහැරවමින් කිරි ලබා දිය යුතුය. ඉන් පසු පහත දක්වා ඇති ආකාරයන්ගෙන් පහසු ආකාරයට ගුඩුස් යවා පැත්ත හරවා නිදි කරවන්න.

දැන් බබාට ගුඩුස් යවමු

pic-5

කිරි උරා බීමේදී වාතය යම් ප‍්‍රමාණයක් දරුවාගේ කුසට ඇතුළු වන අතරම එය පිට කර හැරීමට වගබලා ගතයුතුය. එනම් ගුඩුස් යැවීමයි. මෙය ක‍්‍රම කිහිපයකි.

  1. දරුවා කෙළින් කර මවගේ ළය පෙදෙසට හේත්තු කොට තබාගැනීම
  2. දරුවා උකුලේ වාඩි කර පිට සෙමින් තෙරපීම
  3. දරුවා මුනින් අතට තබා පිට සෙමින් තෙරපීම

 

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන සහ මහජන සෞඛ්‍ය ඒකකයේ බී.එම්.එල්. බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

අති උතුම් මව් සෙනෙහසට දරුවෙකු පෝෂණය කරන්නත් පුළුවන්

– අගෝස්තු 1 සිට 7 දක්වා යෙදෙන ජාත්යන්තර මව්කිරිදීමේ සතිය නිමිත්තෙනි –

මව්කිරට පණ ඇති බව ඔබ දන්නවද?

උත්තරීතර මව් සෙනෙහස නිසාම මෙලොවට බිහි කරන කිරිකැටියා පෝෂණය කිරීමට මවගේ පියයුරෙහි නිපදවෙන මව්කිරි ජීවී දියරයකි. රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු සහ අනෙකුත් ජීවි ෙසෙල මව්කිරේ අඩංගු වෙනවා. කුස තුළ ගෙවූ දස මස මවගෙන් පෝෂිත දරුවා මෙලොවට බිහිවීමත් සමගම මව්කිරෙන් සිය පෝෂණය ලබයි. උපතින් පැය භාගයක් පමණ ගත වන විට මව්කිරි දීම අරඹන අතරම මවගේ පියයුරට ළං කළ විගස දරුවා කිරි උරා බීම අරඹයි. එවිට මවගේ මොළයට යන පණිවිඩය හරහා පියයුර උත්තේජනය වී (මවගේ මොලයේ පිටියුටරි ග‍්‍රන්ථියේ අපරභාගයෙන් නිපදවෙන පෝලැක්ටින් හෝමනය ශ‍්‍රාවය වීම හේතුවෙන්* කිරි නිපදවීම ඇරඹේ. මාස හයක් පුරා දරුවා මව්කිරෙන්ම පමණක් පෝෂණය කිරීමට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිපදවීමේ හැකියාව මවක් සතුය. අමතර ආහාර සඳහා සිරුර සැකසෙන තෙක් දරුවා පෝෂණය වන්නේ මව්කිරෙන් පමණි. උස – මිටි, සිහින්- තරබාරු භේදයකින් තොරව දරුවෙකු බිහිකරන සෑම මවකටම මව්කිරි නිපදවීමේ උපරිම හැකියාව ඇත. සැබවින්ම මෙය ආදරයේ ප‍්‍රාතිහාර්යයක් බඳුය.

අලූත උපන් දරුවාට කිරි පෙවීමේදී,

  • දරුවා නිවැරදි ඉරියව්වේ තබාගන්න
  • දරුවාගේ මුව තුළට තන පුඩුව පමණක් නොව පියයුරේ කලූ පැහැති කොටස ද (ඇරියෝලාව) ඇතුළු කරන්න
  • දරුවාගේ නිකට පියයුරේ ස්පර්ශ වී මුව හොදින් විවර වී යටි තොල පිටතට පෙරලී තිබේ දැයි පරීක්‍ෂා කරන්න. (එසේ නම් දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ සිටී.)

මව්කිරේ පෝෂණය : 

කොලස්ට‍්‍රම් – පියයුරෙන් මුලින් ස‍්‍රාවය වන ලා කහපැහැති ඝනකම ස‍්‍රාවයයි. එහි මවගේ ප‍්‍රතිශක්තිකරණ ප්‍රෝටීනවලින් අන්තර්ගතය. එසේම විටමින් ් බහුලය. කොලස්ට‍්‍රම් ස‍්‍රාවය වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් වුවද එමගින් දරුවාගේ  ප‍්‍රතිශක්තිය වඩවමින් රෝගවලින් රැකගනී.

  • නොමේරූ ආන්ත‍්‍රය මත ආස්තරයක් ලෙස පැතිරී උදරයට ඇතුළු වන බැක්ටීරයා විනාශ කරයි
  • කුස තුළ විරේකයක් ලෙස ක‍්‍රියාත්මක ඉක්මණින් මිකෝනියම් (කලූ පැහැති මල* බැහැර කිරීමට ) උදව් වේ
  • එවිට දරුවාගේ සිරුරට පිත්ත ලවණ අවශෝෂණය කරගැනීමට ඉක්මණින්ම අවස්ථාව සැලසේ
  • දරුවා කහ පැහැවීමේ අවදානමද මග හරවයි

දරුවා හොඳින් කිරි උරා බොන විට : 

  • කිරි නිපදවීමද හොඳින් සිදුවේ
  • කිරි ගලා ඒමද වේගවත් වේ
  • සැමවිටම කුස පිරුණු දරුවා ප‍්‍රබෝධමත්ය
  • නිරෝගී දරුවා දිනකට වාර හත අටක්ම කිරි උරා බොයි
  • දිනකට වාර හත අටක්වත් මුත‍්‍රා පිටකරයි

මව් කිරි වල සංයුතිය

කොලස්ට‍්‍රම් අවසන් වූ පසුව නිපදවෙන ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් බඳු කිරෙහි 90‍% ක්ම දරුවාට අවශ්‍ය ජලය අන්තර්ගත වේ. එමගින් දරුවාට අවශ්‍ය ජල ප‍්‍රතිශතය ලැබෙන අතරම මුත‍්‍රා පිටවීම හොඳින් සිදු වේ. ඉන් පසුව ශ‍්‍රාවය වන කිරි ඝණකමින් වැඩි සුදු පැහැයකින් යුතුය. එමගින් නිසි පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන් මේද සංඝටක දරුවාට හිමිවේ. වෛද්‍ය උපදෙස් අනුව එක් පියයුරක කිරි අවසන් වනතුරුම දරුවාට ඉරීමට අවස්ථාව සැලසිය යුතුවන්නේ මේ නිසයි.

මව්කිරිවල අන්තර්ගත සුදු රුධිරාණු

  • දරුවාගේ කුසට ඇතුළු වන බැක්ටීරියා විනාශ කරයි
  • රෝගවලින්න් දරුවා රැකගනී
  • බඩවැල් මේරීමට උපකාරී වේ
  • ආසාත්මිකතා මග හරවයි
  • ජීරණ අපහසුතා මගහරවයි
  • ජීරණය පහසු කරවයි

කිරි දෙන මවටත් කිරි බොන පැටියාටත් හිමි වන වාසි

“2016 වසරේ සිදු කළ සමීක්‍ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පළමු තැනට…”

අම්මාගේ ආදරයේ නාමයෙන් නිපදවෙන මව්කිරි මගින් ළරුවා උපරිමයෙන් පෝෂණය වෙනවා සේම මව්කිරි දීම නිසා මවකට ද වාසි රැසක් හිමිවන බව අද වන විට වෛද්‍ය විද්‍යානුකූලව ද සනාථ වී හමාරයි.

ළදරුවාට මව්කිරෙන් සැලසෙන වාසි :

  • උපතේ සිට වයස මාස 6 සම්පූර්ණ වන තෙක් දරුවෙකු පෝෂණය කිරීමේ උපරිම හැකියාව මව්කිරි සතුය
  • මව්කිරි පෝෂණ අගයෙන් ඉහළ නිසා දරුවාට අවශ්‍ය නිසි පෝෂණය හිමිවේ
  • මව්කිරි පහසුවෙන් ජීරණය වේ
  • ළදරුවන්ට ඇති විය හැකි නොයෙකුත් ආසාදන තත්ත්වයන්ට එරෙහිව ක‍්‍රියාකිරීමේ උපරිම හැකියාව පවතින බැවින් දරුවා රෝගවලින් ආරක්‍ෂා වීම සිදු වේ
  • දරුවා හා මව අතර බැඳිම වැඩි දියුණු කරයි
  • දරුවාගේ මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
  • මව්කිරි බොන දරුවෙකු ආසාත්මිකතාවලට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය අවමය
  • ස්ථූලතාවය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වයන් ඇති දරුවන් බිහිවීම වළක්වා ගත හැකිය
  • වෙහෙස වී කිරි උරාබීමේ අත්දැකීම ලබන දරුවා තමාට යමක් ලබා ගැනීමට නම් වෙහෙසක් දැරිය යුතු බව වටහාගනී. එය ජීවිතයට මුහුණ දීමේදී දරුවාට විශාල ශක්තියක් සපයයි
  • ළදරුවා කිරි උරා බොන විට තම කුස පිරුණු පසු මවගේ පියයුරෙන් ඉවත් වේ. එමගින් ළදරු වියේ සිටම ඇති පමණට පමණක් ආහාර ලබාගැනීමේ හුරුව දරුවාට ඇති වේ
  • ශාරීරිකවත් මානසිකවත් ඉතා හොඳ පෝෂණයක් ලබන දරුවා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්නට පුහුණු වේ
  • මව්කිරි බී වැඩෙන දරුවන්ගේ බුද්ධි මට්ට ඉහළය
  • සාමාජයට, සොබාදහමට මෙන්ම රටට දැයට ආදරය කරන අනාගත පරපුරක් බිහිවේ

කිරි දෙන මවට සැලසෙන වාසි :

  • ප‍්‍රසූතියෙන් පසුව මවට ඇති වන රුධිර වහනය අවම වේ
  • මවත් ළදරුවාත් අතර මනා බැඳිමක් වර්ධනය වේ
  • ප‍්‍රසූතියත් සමගම මවකට ඇති විය හැකි මානසික අසහනය, ආතතිය, හැඬුම්බර ස්වභාවය පමණක් නොව විෂාදය වැනි තත්වයන් පවා මව්කිරි ලබාදීමත් සමග ඉවත් වී යයි
  • මව්කිරි දෙන මවකගේ සිරුරේ තැම්පත්ව ඇති මේද කොටස් දියව ගොස් අධික තරබාරු බවින් මුදවා ගනී
  • පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ඇති වීමේ අවධානම අවම කරයි
  • අස්ථි දුර්වල වීම්, ආතරයිටීස් වැනි රෝග ඇතිවීමේ අවධානම අවම කරයි
  • දියවැඩියාව, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වළකයි
  • මව්කිරි ලබාදෙන මවකට ළඟ ළඟ ගැබ් ගැනීම් සිදු නොවේ
  • ඊළඟ ගැබ් ගැනීම සඳහා මානසිකවත් ශාරීරිකවත් උසස් මට්ටමක සිටීමට මවට හැකියාව ලැබේ
  • අනවශ්‍ය වියදම් සහ ගැටුම් නොමැති වීමෙන් පවුල තුළ මනා සමාජ මෙන්ම ආර්ථික පසුබිමක් ඇති වේ

මව්කිරෙන් පෝෂණය වන දරුවෙකුගේ මසකට ග‍්‍රෑම් 500 සිට කිලෝ ග‍්‍රෑම් 1 දක්වා පරාසයක් තුළ වැඩි වන අතරම සායන සඳහා සහභාගී වී දරුවාගේ වර්ධන සටහන් පොතෙහි ඒ දත්ත ඇතුළත් කිරීමට වගබලා ගත යුතුය. දරුවාගේ නිරෝගී අනාගතය වෙනුවෙන් ඔබේ ආදරයේ පෝෂණය හෙවත් මව්කිරිවල අගය වටහාගන්න.

මව් කිරෙන්සපිරි ජාතියක අසිරිතිරසර සංවර්ධනයකට මව්කිරි

අපෙන්ම පැතිරෙන ඇස් ලෙඩ අපිම වළක්වා ගමු

චූටි පුතාගේ ඇස් රතු වෙලා..

පන්තියේ කවුරු හරි ළමයෙකුට ඇස් ලෙඩ ඇති. ඉස්කෝලෙ වැඩ පාඩු වෙන නිසා හොඳ වෙන්න කලින්ම අම්මලා ඉස්කෝලෙට දරුවෝ එවනවා. ඒකෙන් හැමෝටම ලෙඩ බෝ වෙනවා.”

ප‍්‍රධාන වශයෙන් ස්පර්ෂයෙන් බෝවන එනම් රෝගී අයෙකුගේ කදුළු හෝ කබ නිරෝගී අයෙකුගේ ඇස් මත තැරවීමෙන් ඇති වන ඇස් රෝගයට ප‍්‍රධාන හේතුව වෛරසයක් බව අපි කවුරුත් දන්නවා. ( නමුත් බැක්ටීරියා සහ අනෙකුත් ක්‍ෂුද්‍ර ජීවීන් මගින් ද ඇති විය හැකි අවස්ථා ද තිබිය හැකිය)

 

 

ඇස් රෝගයෙන් වැලකෙන්න නම් :

  • රෝගය හා බෝවන ආකාරය පිළිබඳ දරුවන් දැනුවත් කරන්න
  • අපිරිසිදු දෑත්වලින් දෑස් ඇල්ලීමෙන් වළකින්න
  • පොදු ස්ථානයක ගැවසුණු පසු අනිවාර්යෙන්ම දෑත් පිරිසිදු කරන්න
  • සැමවිටම හෑන්ඞ් සැනිටයිසර් එකක් අත්බෑගයේ හෝ වාහනයේ තබාගන්න පුරුදුවන්න
  • රෝගය සම්පූර්ණයෙන් සුව වනතුරු වැඩිහිටි ඔබ රැුකියාවට යෑමෙන් මෙන්ම දරුවන් පාසැල හෝ ටියුෂන් පන්ති වෙත යැවීමෙන් වළකින්න
  • රෝගී අයෙකුගේ පෑන්, පොත් ඇල්ලීමෙන් වලකින්න
  • වෙනත් අය පාවිච්චි කළ ටිෂූ කඩාදාසි, ලේන්සු භාවිතයෙන් වළකින්න
  • වෙනත් අය භාවිත කළ තුවා, කොට්ට, ඇඳ ඇතිරිලි භාවිතයෙන් වළකින්න

සැළකිය යුතුයි :

  • සැමවිටම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න
  • අත් බෙහෙත් භාවිතයෙන් වළකින්න
  • ඇස් රෝගය සාමාන්‍යයෙන් දින 5කින් පමණ සුව වන අතරම සමහරවිට සති දෙකකට වැඩි කාලයක් වුවද පවතින අවස්ථා ද නැතුවාම නොවේ
  • රෝගය සම්පූර්ණයෙන් සුවවන තුරු නිවසින් පිටතට නොයන්න
  • ඇස්වලට දූවිලි යාම වළක්වා ගන්න

මව්කිරෙන් සපිරි – ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි”’

2016 වසරේ සිදු කළ සමීක්‍ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පළමු තැනට…  ජාත්‍යාන්තර මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ.

සමාජ, ආර්ථික, අධ්‍යාපන වටපිටාව තුළ අතීතයේදී මෙන් නොව අද වන විට කාන්තාවන් ද රැකියාවල නියුක්ත වේ. නමුත් අපේ රට මව්වරුන් සැමවිටම තම දරුවන්හට සිය වගකීම සියයට සියයක්ම නොපිරිහෙලා ඉටු කිරීමට ඇප කැප වීම සතුටට කරුණකි. සැබවින්ම උපන්දා සිටම දරුවන්ගේ පෝෂණය පිළිබඳව සැළකිලිමත් වන මවව්රුන්ට දරු ප‍්‍රසූතියෙන් පසුව මාස හයක් සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි පමණක් ලබා දිය යුතුය යන්න වගේම මව්කිරිවල ඇති පෝෂණ අගය පිළිබඳවත් දැනටමත් දැනුවත්ව සිටිය හැකියි. දැයේ දරුවන්ගේ පෝෂණය ඉහළ මට්ටමකට ගෙන ඒම උදෙසා රැුකියාවල නියුතු වුවද සෑම මවකටම ප‍්‍රසූත නිවාඩු ලබා දී තිබේ.

ප‍්‍රසූතියෙන් පසු මවකට හිමි වන නිවාඩු :

රජයේ සේවයේ නියුතු මව්වරුන්ට

  • ඔබගේ පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප‍්‍රසූත නිවාඩු
  • තෙවන දරු උපත සඳහා වැඩකරන දින 42ක ප‍්‍රසූත නිවාඩු
  • දරුවාට මාස හය සම්පූර්ණ වන තෙක් කිරි නිවාඩු (දිනකට පැයක කාලයක්)

පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු මව්වරුන්ට 

  • ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු
  • ප‍්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප‍්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් කිරි නිවාඩු (දිනකට පැයක කාලයක්)

ප‍්‍රසූත නිවාඩු අවසන් වී රැුකියාවට යන මව දරුවාට ආදේශක කිරි පිටි හුරු කළ යුතුද?

නැත. දරුවාට අවශ්‍ය මව්කිරි දොවා ගබඩා කළ හැකියි.

රැකියාවේ නියුතු මව්වරුන්ගේ කිරි නිපදවීම හොඳින් සිදුවීමට නම්

  • මව් කිරි දොවා තැබීම සිදුකළ යුතුයි
  • රැකියා ස්ථානයේදීත් පැය තුනකට වරක්වත් කිරි දෙවිය යුතුයි
  • රාත‍්‍රී කාලයේදී දරුවාට හොඳින් කිරි උරා බීමට සැලැස්විය යුතුයි

කිරි දොවන මව

  • මව්කිරිවල අගය වටහාගන්න
  • පවුලේ අනෙක් අය මේ පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ සහය ලබාගන්න
  • වෙනදාට වඩා පැය භාගයකට පෙර දවස අරඹන්න
  • කාලය කළමනාකරණය කරගන්න
  • වැඩ කටයුතු සැලසුම් කරන්න
  • මනස නිරවුල්ව තබාගන්න
  • ඉවසීම ප‍්‍රගුණ කරන්න
  • නිදහස්ව තම කාර්යයයේ නියැලෙන්න
  • ඔබට හිමි කිරි පැය අනිවාර්යෙන්ම ලබාගන්න

මව්කිරි දොවද්දී

අතින් කිරි දොවා ගැනීමේදී ඒ සඳහා විනාඩි 20ත් 30ත් අතර කාලයක් වැයවේ. මේ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන් හෝ රෝහලෙන් පිටව යන අවස්ථාවේදී හෙද නිළධාරිනියන්ගෙන් හෝ වෙද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න.

  • ප‍්‍රථමයෙන්ම දෑත් හොඳින් පිරිසිදු කරගන්න
  • පියනක් සහිත කට පළල මල නොබැදෙන බඳුනක් තෝරාගන්න
  • බඳුන විනාඩි 10 ක් උතුරන වතුරේ හොඳින් තම්බාගන්න
  • එක කිරි වේලක් සඳහා එක භාජනය බැගින් වෙන් කර ගන්න
  • දරුවා කිරි උරා බිව් පසු දෙවීම සිදු කරයි නම් වඩා පහසු බව සිහි තබාගන්න. නැතිනම් උණුසුම් ජලයෙන් පියයුර තවා කිරි දෙවීම අරඹන්න

pic-1

දෙවූ මව්කිරි ඇසිරීමේදී

මේ සඳහා වීදුරු බදුන් යොදා ගත හැකි නම් වඩා යෝග්‍ය වේ.

දෙවූ මව්කිරි

  • කාමර උෂ්ණත්වයේ පැය හයක් හෝ අටක්
  • ශීතකරණයේ මැද පැය 24ක්
  • අධිශීතකරණය තුළ මාස තුනක කාලයක් අසුරා තබා භාවිතයට ගත හැකියි

ශීතකරණයේ ඇසුරූ කිරි දරුවාට ලබා දීමේදී

  • සිසිලස ඉවත් වන තෙක් කාමර උෂ්ණත්වයේ තබන්න
  • කිරි ඇසිරූ භාජනය මද රස්නය ඇති වතුර බඳුනක බහා සිසිලස ඉවත් කළ හැකිය
  • රත් කිරීමෙන් හෝ උණු කිරීමෙන් වළකින්න (මන්ද මව්කිරෙහි ඇති පෝෂකාංග විනාශ වී යන බැවිනි)
  • කෝප්පයක් හෝ හැන්දක ආධාරයෙන් කිරි අවශ්‍ය ප‍්‍රමාණය දරුවාට ලබාදෙන්න
  • සූප්පුවෙන් භාවිත නොකිරීමට වගබලාගන්න (එය පහසු බැවින් දරුවා මවගෙන් කිරි උරා බීම ප‍්‍රතික්ෂේප කිරිමට ඉඩ ඇත.)
  • කිරි පෙවීමේදී දරුවා මෙන්ම කොප්පයද මදක් ඇල කොට කෝප්පය දරුවාගේ යටි තොලේ තවරන්න එවිට දරුවා කිරි බීමට පටන් ගනී (මේ පිළිබඳව නිවැරදි උපදෙස් රෝහලෙන් හෝ සායනයෙන් ලබාගන්න)

pic-2

ජාතික මව්කිරි දීමේ සතිය වන අගෝස්තු 1 සිට 7 දක්වා මව් කිරෙන් – සපිරි ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි”  යන තේමාව යටතේ මව්වරුන් දැනුවත් කිරීම වඩා වැදගත් වන්නේ නිරෝගී මතුපරපුරක් ගොඩනැගීමේ වගකීම අපකාගේත් යුතුකමක් බැවිනි.

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍යය ප්‍රවර්ධන සහ මහජන සෞඛ්‍යය ඒකකයේ බී.එම්.එල්.බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

ඔබේ දරුවත් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවද ?

කුඩා දරුවන් වයසින් වැඩෙත්ම ආහාර ගන්න එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. අවුරුදු දෙකක් පමණ වයස කුඩා දරුවන් සිටින මවුවරුන් දරුවන් සමඟ බොහෝ අරගල කරන්නේ ඔවුන්ට කෑම ටිකක් කවාගන්න. කොතරම් මහන්සි වී කෑම කැවීමට උත්සාහ කරත් දරුවන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනව. ඒ නිසාම බොහෝ මවුවරුන් විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ කෑම වට්ටෝරු වල ඇති ආහාර වර්ග පවා දරුවන්ට සකසා දෙනවා.    මවුවරුන් කොතරම් ආකර්ශනීය ලෙස කෑම සකස් කරත් අවසානයේ දරුවන් පෙලබෙන්නේ යෝගට් එකක් නැතිනම් ආහාර වේලේ ඇති බඳින ලද අල පෙති කිහිපයක් ආහාරයට ගැනීමටයි.

කුඩා  දරුවන් බොහොමයක් ආහාර ගැනීම නිතරම මඟ හරි. නැති නම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. එය බොහෝ දරුවන් අතර සාමාන්‍ය දෙයක්. ඔබේ දරුවාත් මෙසේ ආහාර ගැනීම නිතර ප්‍රතික්ෂේප කරන්නෙක් නම්, ආහාර ප්‍රතික්ෂේප කරන දරුවන් සමඟින් කටයුතු කරන්නේ කෙසේ දැයි මොහොතක් මේ සටහන කියවා බලන්න.

බොහෝ මවුවරුන්ට ගැටළුවක් වෙන තවත් කරුණක්, දරුවන්ට සමබල පෝෂණ ගුණයෙන් ඉහල අහාර ලබා දීම. දිනපතා ප්‍රධාන ආහාර වේල පවා ප්‍රතික්ෂේප කරන දරුවන් සිටින මවුවරුන් සිත් තැවුලට පත් වෙන අනෙක් කරුණ නම් දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය විටමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවාද යන්න. ඇත්තෙන්ම දරුවන්ගේ වර්ධනයට ඔවුන්ගේ ශරීරයට විටමින් අත්‍යවශ්‍යයි.

Gummies  විටමින් බහුල දරුවන් ආස කරන ආහාරයක්. එය දැන් ලංකාවේදීත් මිලදී ගන්න හැකියාව පවතිනවා.   Gummie මල්ටි විටමින් ලංකාවට එතරම් හුරුපුරුදු නමක් නොවෙයි. ඇත්තෙන්ම ඒවා ඉතා පහසුවෙන් කෑමට හැකි කුඩා දරුවන් වඩාත් ආසා කරන දොඩම්, රාස්ප්බෙරි සහ ලෙමන් රස වලින් යුක්ත කුඩා ටොෆි වැනි වර්ගයක්.  මේවා පැහැයෙන් සහ රසයෙන් ලංකාවේ ප්‍රචලිත ජුජුබ්ස් වැනියි. කුඩා දරුවන් මෙවැනි රසකැවිලි සඳහා නිතැතින්ම කැමැත්තක් දක්වනවා. ඒ නිසාම gummies  මල්ටි විටමින් සඳහාද කුඩා දරුවන් දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්.  බොහෝ විටමින් වර්ග පවතින්නේ සිරප් ලෙස හෝ පෙති වශයෙන්. සිරප් හෝ පෙති ලබා ගැනීමටත් බොහෝ කුඩා දරුවන් කැමැත්තක් දක්වන්නේ නැති හෙයින් ජුජුබ්ස් වැනි gummies මල්ටි විටමින් දරුවන්ට පහසුවෙන් ලබා දිය හැකියි. දරුවන්ට මෙය ආහාරයට දීමෙන් පසුව වතුර පෙවීමක් හෝ මුඛය සේදීමක් අවශ්‍ය වන්නේ නැහැ.

Nature’s way kids smart Vita Gummies මල්ටි විටමින් ආහාර අප්‍රිය කරන දරුවන් සඳහාම

vita_all_products

Vita gummies මල්ටි විටමින් විශේෂයෙන්ම සකසා ඇත්තේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන කුඩා දරුවන්ටයි. කැරට්, බීට් රූට්, පළාකොළ වර්ග සහ එළවලු කෑමට අකමැති පුංචි දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථයන් Vita Gummies මල්ටි විටමින් තුල අන්තර්ගතයි. මෙමගින් දරුවන්ගේ වර්ධනය නිසි පරිදි සිදුවීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඔවුන්ගේ සිරුරට ලැබෙනු ඇත.

නිසි ලෙස ආහාර නොගන්නා කුඩා දරුවන්ට විශේෂයෙන්ම සකස් කල Vita Gummies මල්ටි විටමින් අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ 11 කින් සමන්විතයි. මෙයට අමතරව ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහ ආහාර රුචිය වැඩි කිරීමටද Vita Gummies මල්ටි විටමින් උපකාරී වේ.

සාමාන්‍ය අනෙකුත් මල්ටි විටමින් වර්ග වලට වඩා මෙහි ඇති විශේෂත්වය වනුයේ විටමින් සහ ඛනිජ ලවණ වලට අමතරව එළවලු වර්ග 5 කින් ලබා ගත් සාරයන් පවුඩර් ආකාරයෙන් මෙහි අන්තර්ගතව පවතී. නිවිති,  තක්කාලි, කැරට්, බීට් රූට් සහ සූරියකාන්ත අල යන ඉතා පෝෂ්‍යදායි එළවලු වල සාරයන් පවුඩර් ආකාරයෙන් gummies  තුල අන්තර්ගතයි. මෙමගින් දරුවන්ගේ පෝෂණ ඌනතා සඳහා සාර්ථක පිළිතුරු සපයයි.

නිවිති,  තක්කාලි, කැරට්, බීට් රූට් සහ සූරියකාන්ත අල වල වැදගත් කම සලකූ විට,

  • තක්කාලි යනු හදවතේ මනා ක්‍රියාකාරිත්වයට උදව් වන සහ අස්ථි පද්ධතියේ ශක්තිමත් බවටත් හේතුවන රසවත් එළවළුවක්. තක්කාලි නිරෝගී ඇස්,සම සහ කෙස් සඳහා ද වැදගත් ආහාරයක්
  • කැරට් යනු මල බද්ධය සදහා සාර්ථක ඔසුවක්‌. ඒ වගේම ප්‍රතිශක්තිකරන පද්ධතියේ මනා ක්‍රියාකරිත්වයටද , ඇස්  පෙනීම වර්ධනයටද  පාචනය සහ රාත්‍රී අන්ධතාවය සුව කිරීමටද වැදගත් එළවළුවක්
  • බීට් රූට් අල මෙන්ම කොලත් පෝෂ්‍ය ගුණයෙන් බහුලයි. මැග්නීසියම්, පොටෑසියම්, ෆෝලික් අම්ලය , කැල්සියම්, යකඩ, විටමින් A සහ විටමින් C බහුල බීට් රූට් තන්තු බහුල ආහාරයක්‌
  • නිවිති ද යකඩ සහ තන්තු බහුල ආහාරයක්‌. මාංශ පේශි සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට ශරීරයට යකඩ අවශ්‍ය වනවා සේම යකඩ බහුල නිවිති මගින් ඒ සදහා අවශ්‍ය පෝෂණය නිතැතින්ම ලබාදෙයි
  • සූරියකාන්ත අල ලංකාවේ ජනප්‍රිය ආහාරයක්‌ නොවුනත් එමගින් ශරීරයේ ලේ පිරිසිදුව තබා ගැනීමත් දරුවන්ගේ මනා වර්ධනයත් තහවුරු කරයි

එළවලු සාරයන්ගෙන් සකස් කර ගත් මෙම පවුඩර් මගින්  vita Gummies තුලට අවශ්‍ය පෝෂ්‍ය ගුණය ලබා දේ. රාස්ප්බෙරි රසයෙන් යුතු vita gummies කුඩා දරුවන්ට පහසුවෙන් දිය හැකි අතර එමගින් ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ලැබෙනු ඇත.

Nature’s way kids smart vita Gummies විටමින් C සහ සින්ක්

vita_vitamin_C

විටමින් c යනු සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නක්. මෙම vita Gummies විටමින් C  සහ සින්ක් ලෙමන් රසයෙන් යුතු අතර විටමින් c සහ සින්ක් වලින් බහුල කුඩා දරුවන් ප්‍රිය කරන ආහාරයක්‌.

සින්ක් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි. DNA සහ සෛල වල බෙදීමටත් සින්ක් ශරීරයට අත්‍යවශ්‍යයි. විටමින් C සහ සින්ක් එකතුව දරුවන්ට නිරෝගිමත් සමක් ලබා දෙන අතර තුවාල සුව වීමද වේගවත් කරයි.

Nature’s way kids smart ගැන

Nature’s way kid smart නිෂ්පාදනය කරනු ලබන්නේ වසර විසි පහකට අධික කාලයක් වෙළදපොල කීර්තිමත් නාමයක් උරුමකරගත් PharmaCare සමාගම විසින්. මිනිසුන්ගේ ජිවිත දියුණුව අරමුණු කර ගත් මෙම සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර කටයුතු කරයි. සමාගම නිෂ්පාදනාගාර සඳහා GMP සහතිකය ලබා ගෙන ඇති අතරම ඔවුන්ගේ සියලුම kids smarts නිෂ්පාදන ඕස්ට්‍රේලියාවේ Therapeutic Goods Authority (TGA) මගින් සහතික කර ඇත. පැසිෆික් කලාපයේ රටවල මෙන්ම, ඇමරිකාව සහ යුරෝපා රටවල් ඇතුළු ලොව පුරා රටවල් 40 ක PharmaCare ව්‍යාපාර කටයුතු සිදු කරයි.

Nature’s way kids smart ඕස්ට්‍රේලියානු විටමින් වෙලදපොලේ අංක එක ලෙස කිරිතිමත් නමක් හිමිකර ගෙන සිටි.වසර 10 කට පෙර ඕස්ට්‍රේලියානු වෙළදපොලට හඳුන්වා දුන් kids smart දරුවන්ගේ මනා වර්ධනයට උපකාරී වේ. සමාගම සතු දරුවන් සඳහා වන විටමින් සහ පෝෂණ අතිරේක පිළිබද විශේෂ දැනුම මෙන්ම පළපුරුද්ද හේතුවෙන් ඉහල ගුණත්වයෙන් යුතු නිෂ්පාදන වෙළදපොලට නිකුත් කිරීමට සමාගමට හැකි වී තිබේ.

Pharmacare සමාගම සහ vitawell සමාගම එකතු වී ලංකාවට මෙම නිෂ්පාදන ආනයනය කරනු ලබයි. ලංකාවේ ප්‍රධාන ෆාමසි සහ අන්තර්ජාලය හරහා ද ඔබට The nature’s way kids smart gummies මිලදී ගන්නට පුළුවන්.

වැඩි විස්තර සඳහා 0114503503 අංකය අමතන්න වගේම vitawell වෙළද ප්‍රදර්ශනාගාරය, අංක 5 , ලිබර්ට් ආකේඩ්, 282,R.A.D මැල් මාවත කොළඹ 3 යන ලිපිනයෙන්ද තොරතුරු ලබා ගත හැකියි. www.vitawell.lk  වෙබ් ලිපිනයෙන් මෙන්ම ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙන්ද ඔබට වැඩි විස්තර මෙන්ම මිලදී ගන්නටද හැකියාව පවතී.

vita-contact

Vitawell ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි. මේ ලිපියේ සඳහන් වෙළඳ නාම පිලිබඳ සියලු විමසීම් 
www.vitawell.lk වෙබ් අඩවිය මගින් එම ආයතනයට යොමු කරන්න.

දරුවන්ගේ වර්ධනයට මල්ටි විටමින්

සෑම මවක්ම උත්සාහ කරනුයේ තම දරුවන්ට සමබල මෙන්ම පෝෂ්‍යදායි ආහාර වේලක් සෑම විටම ලබා දීමටයි. දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය සෑම පෝෂකයක්ම නියමිත මාත්‍රාවෙන් ආහාර වේලෙහි ඇති එළවලු පලතුරු සහ මාංශ වර්ග වලින් ලැබෙනු ඇතැයි බොහෝ මවුවරු විශ්වාස කරනු ලබනවා.සමබල ආහාර වේල් පිලිබඳ බොහෝ මවුවරුන් දැනුවත්.  ඇතැම්විට ඔබේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය වරයාත් මේ පිළිබඳව දැනටමත් ඔබව දැනුවත් කර ඇත.

දරුවන් ඔවුන්ගේ ආහාර වේල් මගින් විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට ලබා ගත්තද බොහෝ මවුවරුන් දරුවන්ගේ වර්ධනයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුනට අතිරේක මල්ටි විටමින් වර්ග ලබා දේ. දරුවන්ගේ මොලයේ වර්ධනයට, ශක්තිමත් අස්ථි පද්ධතියක වර්ධනයට මෙන්ම සුවබර දිවියකටද විටමින් සහ ඛනිජ ලවණ අත්‍යවශ්‍යයි. මේ නිසාම මල්ටි විටමින් ශරීරයට අත්‍යවශ්‍ය බව බොහෝ මවුවරුන් හඳුනාගෙන අවසන්.

මෙයට අමතරව ආහාර ගැනීමට එතරම් රුචියක් නොදක්වන දරුවන්ට, ශරීරය හෝ මනස වෙහෙසා ක්‍රියා කරන දරුවන්ට මෙන්ම මාංශ හෝ කිරි සහිත ආහාර අනුභව නොකරන දරුවන් සඳහා වෛද්‍යවරයෙකුගේ මග පෙන්වීමක් සහිතව මල්ටි විටමින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

අද වන විට ශ්‍රී ලංකාවේ වෙළදපොලෙන්ද  Gummies මල්ටි විටමින් මිලදී ගැනීමට සෑම මවකටම පුළුවන්. මෙයට මාස කිහිපයකට පෙර gummies මල්ටි විටමින් දරුවන්ට ලබා දීමට නම් පිටරට සිටින කෙනෙකු හරහා එය ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වුනත් දැන් එය ලංකාවෙන්ද මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ බොහෝ ප්‍රධාන ෆාමාසි වල මෙන්ම කොළඹ 03 ලිබර්ට් ආකේඩ්හි පවතින vitawell ප්‍රධාන විකුණුම් මධ්‍යස්ථානයෙනුත් ඔබට මෙම gummies මිලදී ගන්නට හැකියි.

Gummie මල්ටි විටමින් ලංකාවට එතරම් හුරුපුරුදු නමක් නොවෙයි. ඇත්තෙන්ම ඒවා ඉතා පහසුවෙන් කෑමට හැකි කුඩා දරුවන් වඩාත් ආසා කරන දොඩම්, රාස්ප්බෙරි සහ ලෙමන් රස වලින් යුක්ත කුඩා ටොෆි වැනි වර්ගයක්.  මේවා පැහැයෙන් සහ රසයෙන් ලංකාවේ ප්‍රචලිත ජුජුබ්ස් වැනියි. කුඩා දරුවන් මෙවැනි රසකැවිලි සඳහා නිතැතින්ම කැමැත්තක් දක්වනවා. ඒ නිසාම gummies  මල්ටි විටමින් සඳහාද කුඩා දරුවන් දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්.  පහසුවෙන් දරුවන්ට ලබාදිය හැකි මෙම gummies දරුවන්ට අවශ්‍ය විටමින් නොඅඩුව ශරීරයට ලබා දේ. විටමින් සිරප් සහ විටමින් පෙති දරුවන් ප්‍රතික්ෂේප කරත් මේ රසවත් gummies දරුවන් කිසිදිනක ප්‍රතික්ෂේප නොකරනු ඇත. Gummies ලබා දීමෙන් පසු කට සේදීමට හෝ වතුර පෙවීමට අවශ්‍ය වන්නේත් නැත.

 

gummies

 

Gummies වර්ග දෙකක් ලංකාවේ වෙළදපොලෙන් මිලදී ගත හැකියි.

Nature’s Way Vita Gummies Omega-3 + Multi
omega3-multi

Nature’s Way Vita Gummies – Cold & Flu Immunity

cold &Flu

Nature’s Way Kids Smart Vita Gummies Omega-3 + Multi

මෙය කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරයක්‌.Nature’s Way Kids Smart Vita Gummies Omega-3 + Multi අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ 11 අඩංගු පෝෂ්‍යදායි මල්ටි විටමිනයක්. විටමින් C, විටමින් B1,B2,B3,B12 විටමින් Eසහ තවත් බොහෝ විටමින් වර්ග මෙහි ඇතුලත්. මේවාට අමතරව දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය DHA ද මෙහි අන්තර්ගතයි. මෙම gummies කුඩා දරුවන් වඩාත් කැමති රාස්ප්බෙරි, ලෙමන් සහ දොඩම් රසයෙන් වෙලදපොලට පැමිණේ.

DHA යනු මොනවාද?

Docosahexaenoic අම්ලය  එසේ නැතහොත් DHA යනු Omega 3 වර්ගයට අයත් අපේ ශරීරයේ තිබෙන අසන්තෘප්ත මේද වර්ගයක්. දරුවන්ගේ මොලයේ වර්ධනයට, ඇස් පෙනීමේ වර්ධනයට මෙන්ම ශරීරයේ සියලුම කොටස් වල මනා ක්‍රියාකාරිත්වය සහ වර්ධනයට DHA අත්‍යවශ්‍යයි.

DHA මගින් දරුවන්ගේ සෞඛ්‍යයට වන හිතකර බලපෑම

  • මොලයේ වර්ධනය සහ ඇස් පෙනීම වේගවත්ව සිදුවීම
  • තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම
  • මොලයේ සහ ඇස් වල මනා ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම
  • මෑතකදී කරන ලද පර්යේෂණ වාර්තා අනුව, වයස අවුරුදු 7ත් 9ත් අතර ක්‍රියාශීලිත්වය අඩු දරුවන්ට දිනපතා DHA ශරීරයට ලබා ගැනීම මගින් ඔවුන්ගේ කියවීමේ හැකියාව, මතක ශක්තිය,ක්‍රියාශීලි හැසිරීම සහ සුවදායි නින්දක් ලබා ගත හැකිවන බව සොයා ගෙන ඇත

විටමින් B1, B2 (Riboflavin), B3, B12

අනෙකුත් විටමින් වර්ග මෙන්ම විටමින් බී ඛාණ්ඩය ශරීරයට වඩා වැදගත්. විටමින් බී ඌනතා හේතුවෙන් නිතර උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම, වමනය මෙන්ම අසාමාන්‍ය ශරීරයේ වේදනාද ඇති විය හැකියි. මේ අතරම කෑම රුචිය අඩු වීම, හුස්ම ගැනීමේ අපහසුතා, ආහාර දිරවීම අපහසුවීම, මල බද්ධය ඇතිවීමද දැකිය හැකිය. විටමින් බී ඌනතාවෙන් පෙලෙන පුද්ගලයන්ට මානසික ඒකාග්‍රතාව හිනා වීම, නිතර අමතක වීම සහ නිතර ගැටලුකාරී ස්වභාවයකින් පසුවීමද දැකිය හැකියි.

දරුවන් සඳහා සෑම ලෙසකින්ම පෝෂණ ගුණයෙන් සපිරි මල්ටි විටමිනයක් සොයන මවුවරුන් ලබා ගතම යුතු විටමිනය වන්නේ Nature’s Way Kids Smart Vita Gummies Omega-3 + Multi මල්ටි විටමිනයයි.

Nature’s Way Kids Smart Vita Gummies Cold & Flu Immunity

ප්‍රතිශක්තිය අවම වීම කුඩා දරුවන් අතර බහුලව පවතින තත්වයක් මේ හේතුවෙන් ඔවුන් පහසුවෙන් උණ හෙම්බිරිස්සාව ආදී රෝගයන්ට ගොදුරු වෙනවා.සෙම හේතුවෙන් නාසය සිරවීම නිසා මුළු රාත්‍රිය පුරාම නිදිවර්ජිතව සිටිනා දරුවන් අපමණයි. උණත් සමඟ සෑදෙන සති කිහිපයක් සුව නොවී පවතින කැස්ස ද මවුවරුන්ට මෙන්ම කුඩා දරුවන්ටද ඉමහත් කරදරයක්. මේ නිසා පාසල් යාමට නොහැකි වන පුංචි දරුවන්ට පාසල් වැඩ කටයුතු අතපසු වීම දරුවන්ට මෙන්ම අම්මලාටද තවත් පිඩාවක්.

Nature’s Way Kids Smart Vita Gummies Cold & Flu Immunity මේ සඳහා හොඳම විසඳුමක් සපයනවා. මෙය නිරෝගී ප්‍රතිශක්ති කරන පද්ධතියක් නිර්මාණය සහ පවත්වා ගෙන යාමට දායක වේ. මෙහි විටමින් සී සහ සින්ක් ද අඩංගු වේ.

විටමින් සී ශරීරයේ පවතින රුධිර නාල,අස්ථි සහ පටක වල මනා පැවැත්මට උපකාරී වේ. තවද ලෙඩ රෝග ආසාදනය වීම වැලැක්වීම සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමටද විටමින් සී දායක වේ. විටමින් සී නියමිත ලෙස ශරීරයට ලබා ගන්නා දරුවන්ට ලෙඩ රෝග පහසුවෙන් සෑදීමේ අවධානම අවමයි.

Nature’s Way Kids Smart Vita Gummies Cold & Flu Immunity වල එල්ඩර් බෙරි සාරය අඩංගුයි.දම් පැහැති කුඩා පළතුරක් වන මේවා ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් සහ ෆ්ලෙවනොයිඩ වලින් පරිපුර්ණයි. එමගින් ඉහල මෙන්ම යහපත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් දරුවන්ට ලැබෙනු ඇත. එල්ඩර් බෙරි සාරය ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි, ඇස් පෙනීම වර්ධනය කරයි,ප්‍රතිශක්තිය වර්ධනය කරයි.තවද බැක්ටීරියා සහ වෛරස  නිසා ඇති වන ආසාදන පාලනය කරයි.

උතුරු ඇමරිකාව, යුරෝපය,උතුර අප්‍රිකාව සහ බටහිරදිග රටවල සාම්ප්‍රදායික ඔසුවක්‌ ලෙස එල්ඩර් බෙරි යොදා ගෙන ඇත. තවද මෙහි අඩංගු වන මී පැණිසාර්ථක ලෙස බැක්ටීරියා සහ වෛරස සමඟ සටන් වදින අතර එය පරීක්ෂණ මගින්ද තහවුරු  කරගෙන ඇත.

දරුවාගේ ප්‍රතිශක්තිය අවම යැයි හැගෙනා මවුවරුන්ට කල හැකි හොඳම දෙය නම් දිනපතා මෙම gummies ලබා දීමයි. එසේත් නැතිනම් වෛරස් උණ සෑදෙන සමයට හෝ දරුවන් උණ සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පෙන්නුම් කරන විට gummies ලබා දීමයි.මෙය අනෙකුත් මල්ටි විටමින් gummiesසමඟ වුවද ලබා දිය හැකියි.

Nature’s way kids smart ගැන

වසර 25 කට අධික කාලයක් වෙලදපොලේ කීර්තිමත් නාමයක් හිමිකර ගෙන සිටින ඕස්ට්‍රේලියාවේ Pharmacare සමාගම නිෂ්පාදනය කරන මෙම gummies කුඩා දරුවන්ට විශේෂයෙන්ම සකස් කර ඇත. සමාගමේ සියලුම නිෂ්පාදන ඕස්ට්‍රේලියාවේ Therapeutic Goods Authority (TGA) ආයතනය මගින් සහතික කර ඇති අතර සමාගමේ නිෂ්පාදනාගාර සඳහා GMP තත්ත්ව සහතිකයද ලබා ගෙන ඇත. Pharmacare සමාගම ෆැසිපික් කලාපයේ මෙන්ම ඇමරිකාවේද යුරෝපා රටවල සහ ලොව පුරා රටවල් 40 කට වැඩි ගණනක තම නිෂ්පාදන අලෙවි කරයි.

Nature’s way kids smart ඕස්ට්‍රෙලියාවේ දරුවන් සඳහා වන විටමින් අතරින් පළමු ස්ථානය ලබා සිටිනවා. වසර දහයකට අධික කාලයක් ඕස්ට්‍රේලියානු වෙලදපොලේ කිර්තිමක් නාමයක් ලබා සිටින මෙම ඉහල ගුණත්වයෙන් යුතු නිෂ්පාදන සෞක්‍යමත් දරු පරපුරක් නිර්මාණය කිරීමට දායක වේ.

ශ්‍රී ලංකාවේ Vitawell සමාගම සමඟ ඇතිකර ගත් එකඟතාවය මත මෙම නිෂ්පාදන වර්තමානයේ ලංකාවේ වෙලදපොලෙන්ද මිලදී ගැනීමේ හැකියාව මවුවරුන්ට උදා වී ඇත.මෙම නිෂ්පාදනය ලංකාවේ ප්‍රධාන පෙලේ ෆාමසි වලින් සහ අන්තර්ජාලය හරහාද ඔබට මිලදී ගත හැක.

 

වැඩි විස්තර සඳහා 0114503503 අංකය අමතන්න වගේම vitawell වෙළද ප්‍රදර්ශනාගාරය, අංක 5 , ලිබර්ට් ආකේඩ්, 282,R.A.D මැල් මාවත කොළඹ 3 යන ලිපිනයෙන්ද තොරතුරු ලබා ගත හැකියි. www.viatwell.lk  වෙබ් ලිපිනයෙන් මෙන්ම ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙන්ද ඔබට වැඩි විස්තර මෙන්ම මිලදී ගන්නටද හැකියාව පවතී.

vita-contact

Vitawell ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි. මේ ලිපියේ සඳහන් වෙළඳ නාම පිලිබඳ සියලු විමසීම් 
www.vitawell.lk වෙබ් අඩවිය මගින් එම ආයතනයට යොමු කරන්න.