Home Blog Page 136

අවිධිමත් ආහාර රටා සහ එම පෝෂණ හිස්තැන් පිරවීම

මව්වරුන් සැවොම පවුලේ පෝෂණය පිළිබඳ නිතර වෙහෙසන අතර කුඩා දරුවන්ගේ ආහාර භාවිතය පිළිබඳ සලකද්දී එය තවත් අසීරු වේ. සත්‍ය නම් කොතරම් මහන්සි වී හොඳම පෝෂණය ආහාර වේලට එක් කිරීමට තැත් කලත්, සෑම ආහාර වේලක් අවසානයේදීම දරුවන් ඔවුන්ගේ අදහස් මතම කටයුතු කර ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.  වර්තමානයේදී  දරුවන් පාසැලේදී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද බොහෝ වෙහෙස වන බැවින් බොහෝ විට ඔවුන්ගේ මානසික හා ශාරීරික වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි පරිදි ලැබේදැයි සැකයක්ද උපදී.

හොඳ මවක් පළතුරු, එළවලු, කිරි, මාළු වැනි තවත් ප්‍රෝටීන බහුල ආහාර වලින් පිරිපුන් අංග සම්පූර්ණ ආහාර වේලක් තම දරුවන්ට සපයයි. බොහෝ මවුවරුන් එසේ සමබල ආහාර වේල් දරුවන්ට ලබා දීමට බොහෝවිට උත්සාහ කරයි. නමුත් දරුවන්  ඒවා ආහාරයට ගනීවී දැයි සහතික කරන්නේ කෙසේද? එසේ නොවුන විට මවකට කළ හැක්කේ මොනවාද?

හොඳ ගුණාත්මක බවකින් යුතු මල්ටි විටමින් ප්‍රයෝජනවත් වන්නේ මෙවන් අවස්ථා වලයි. විටමින් වර්ග යනු අපගේ ආහාර වෙලේ අඩු ලුහුඩු පුරවන ආරක්ෂණ සහතිකයක් ලෙස දැකිය හැකිය. එමනිසා පෝෂදායී ආහාර වේලක් ලබාගන්නා අතරම වැඩි ආවරණයක් ලබාදෙන්නක් ලෙස මල්ටි විටමින් සැලකිය හැක. ආහාර වර්ග තෝරන දරුවකු සිටී නම් තෝරාගත යුත්තේ සියළු විටමින් හා ඛනිජ ලවණයන්හි නිර්දේශිත දෛනික ප්‍රමාණයෙන්  70% 100% පමණ ලබාදෙන මල්ටි විටමින්ය.  “Kids Smart Vita Gummies Multivitamin for Fussy Eaters” එම අවශ්‍යතාව සපුරාලයි. එය ලංකාවේ ප්‍රධාන පෙලේ ෆාමසි මගින් ලබාගත හැකි අතර ,කිසිඳු කරදරයකින් තොරව එය නිවසටම ගෙන්වාගැනීමටද හැකියි. Kids Smart සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වන්නේ, Vitawell ආයතනයයි ( www.vitawell.lk වෙබ් අඩවිය මගින් ඔවුන්ගේ නිෂ්පාදනයන් පිලිබඳ විමසිය හැක). මෙම gummy විටමින්  තුළ සියළු අත්‍යාවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අඩංගු වන්නාක් මෙන්ම (වර්ග 11ක්) ඒ සතුව එළවළු 5ක සාරයද අඩංගු වේ (නිවිති, තක්කාලි, කැරට්, බීට්රූට් සහ සූරියකාන්ත අල) මේ නිසා දරුවා ආහාර වේලෙහි එළවළු ඉතිරි කලද ඔහුට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බැවින් මවක් ලෙස තව දුරටත් කරදර වීමට හේතුවක් නොමැත. අනෙකුත් මල්ටි විටමින් දියර වර්ග මෙන් දරුවාට එය ලබාදීමට බල කිරීමට සිදු නොවේ. රාස්ප්බෙරි රසැති gummy විටමින් පාසල් යාමට පෙර ඔහුම ඉල්ලා සිටිනු ඇත.

ඩි.එස් 2 යනු අනෙක් අතින් ක්‍රීඩාශීලී වර්ගයකි, දරුවා ක්‍රියාශීලී බවින් වැඩිවෙත්ම ඔහු රෝගකාරක වලට ගොදුරු වීමද වැඩිවේ. ඔහුගේ ක්‍රීඩා පුහුණු වලදී මෙන්ම ඔහුගේ ක්‍රීඩාශීලී වික්‍රමයන්ට සහය වීමට සංකීර්ණ මල්ටි විටමින් වලට හැකියාව පවතී. “Kids Smart Omega + Multi” සතුව Omega- 3  DHA ද ඇතුළුව අත්‍යාවශ්‍ය මල්ටි විටමින් වර්ග 11ක් අඩංගු වේ. මෙම විටමිනය දරුවාගේ වර්ධනයට, සෞඛ්‍යමත් මනසක  ක්‍රියාකාරීත්වයට දැඩිසේ ඉවහල් වේ.  දරුවාගේ මානසික ඒකාග්‍රතාව සඳහා  Omega-3 DHA  උදව් වන  අතර B1, B2, B3 හා B12 වැනි විටමින් ඔහුගේ ශක්තිය වර්ධනය කරයි. සාමාන්‍ය විටමින් වල ඇති ද්‍රව ස්වභාවය සහ සුවඳ දරුවා අප්‍රිය කලද Kids Smart Vita Gummies  වල ජුජුබ්ස් වැනි හැඩය , සුවඳ හා රස නිසා පහසුවෙන් ලබාදිය හැක.

විටමින් අපගේ ආහාරවල අඩංගු වන බැවින් ඒවා ස්වභාවිකව ලබාගැනීම වඩාත්ම හොඳම ක්‍රමයයි. එහෙත් විටමින් ශාරීරික යෝග්‍යතාවට දැඩිලෙස බලපාන බැවින් ළමුන් ඔවුන්ගේ ආහාර වේල තුළින් එය ලබා නොගන්නා විට, ඔවුන්ගෙ ශරීරයන්ට ඒවා ලැබෙනුයේ අඩු ප්‍රමාණයක් බැවින් ඕනෑම පෝෂණ අඩු ලුහුඩුවක් මැකීමට Kids Smart Vita Gummies මල්ටි විටමින් නිර්දේශ කල හැක.

දරුවන්ට බොහෝ ශක්තියක් ඇති ලෙස පෙනුනද සත්‍ය නම් එම ශක්තිය ආහාර මගින් ලබාගන්නා පෝෂණය බොහෝ ලෙස භාවිත කරන බවයි. ආහාර වේල සම්පූර්ණ නොවන විට ඔවුන් ආහාර කුඩා ප්‍රමාණයක් පමණක් ලබාගනු ඇත. එයින් වන හානිය වැලැක්වීමට Kids Smart Vita Gummies ප්‍රයෝජනවත් වේ.

ශක්තිය ජනනයේදී විටමින් ප්‍රධාන භූමිකාවක් හොබවයි, එමෙන්ම ඔක්සිජන් ශරීරය පුරා ගෙනයන රතුරුධිරාණුද සෞඛ්‍යමත්ව පැවතිය යුතුයි. මේ නිසා විටමින් B වැඩිපුර ලබාදෙන පරිපූරකයක් සොයන්න, ඒවා ශරීරයේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය ශක්තිය බවට පරිවර්ථනය කරයි. තවද හොඳ DHA එකතුවක් මගින් වාසි බොහොමයක් ලබාගත හැක. සැමවිටම හොඳ ගුණාත්මක බවින් යුතු නාමයක් සහිත , ලොව පුරා දහස් ගණනක් දෙමාපියන් භාවිත කරන, දැඩි තත්ව පරීක්ෂාවන්ගෙන් සමත් වූ මල්ටි විටමින් පමණක් ලබාගැනීමට සැලකිලිමත් වන්න. Kids Smart Vita Gummies එම සියළු ගුණාංග දරයි. සියළු Kids Smart නිෂ්පාදන ලෝකයේ පවතින දැඩිම පාලක තත්ව පාලන  ඒකකයක් වන ඔස්ට්‍රේලියාවේ තෙරපියුටික් ගුඩ්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මගින් සහතික කර ඇත.

pic1

Vitawell ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි. මේ ලිපියේ සඳහන් වෙළඳ නාම පිලිබඳ සියලු විමසීම් 
www.vitawell.lk වෙබ් අඩවිය මගින් එම ආයතනයට යොමු කරන්න.

ප්‍රීතිමත් යුගදිවියකට ප්‍රීති

යොවුන් වියට පා නගන  ඕනෑම තරුණියකගේ මෙන්ම තරුණයෙකුගේ සිහිනය මෙන්ම අවශ්‍යතාවය වන්නේ තමාට සුදුසු ජීවන සහකරුවෙකු හෝ සහකාරියක සමග ජීවිතය බෙදාහදා ගැනීමයි. එනම් ජීවිතයේ සොඳුරු කඩඉමක් වන විවාහයයි. අද වන විට ඉතා උත්කර්ෂවත් මංගල සාද, ඇඳුම්  ආයිත්තම්, සැරසිලි මැද යුගදිවියට පා තැබුවද විවාහය යනු එපමණක් නොවේ. එතනින් ඉදිරියටද හැම දිනයක්ම සුන්දරව ගත කිරීමට යුවතිපතීන් දැනුවත් විය යුතු කරුණු රැසකි.

විවාහක යුවළක් අතර මනා බැදීමකට ඔවුන් දෙදෙනා අතර ඇතිවන ලිංගික සම්බන්ධතා හරහා විශාල සහයෝගයක් ලැබේ. මේ සඳහා දෙදෙනා අතර අවබෝධය මෙන්ම සැලකිලිමත් විය යුතු තවත් කරුණු ද කිහිපයකි. එයින් එකක් ලෙස ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම දැක්විය හැකියි. එනම් ශරීර සෞඛ්‍ය පිළිබඳව හොඳ  අවදානයක් යොමු කිරීම මෙහිදී වඩා වැදගත්ය.

ඒ සඳහා සැමවිටම,

  • විශ්වාසය ගොඩනගා ගන්න. ඉවසීමට පුරුදුවන්න
  • සහකරු/සහකාරිය සමග අදහස් හුවමාරු කරගන්න
  • ආවේගශීලී වීමෙන් වලකින්න (ගැටුම් ඇති වීම වලක්වා ගැනීමට අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්න. කාන්තා පාර්ශවය සහ පුරුෂ පාර්ශවය මානසික අතින් වෙනස් බව සිහි තබාගන්න.)
  • ඇ`ග පත සෝදා ස්නානය කොට පිරිසිදුව ඉන්න, ලිංගික අවයව ප්‍රදේශ පිරිසිදුව තබාගන්න
  • ඔබ අඳින පළඳින දේ පිළිබඳව වැඩි අවදානයක් යොමුකරන්න
  • සමබල ආහාර වේලක් මෙන්ම ජලය සිරුරට අවශ්‍ය පරිදි (දිනකට වතුර වීදුරු 10ක පමණ) ලබාගනිමින් නිසි පෝෂණයකට යොමුවන්න
  • නිවසේ වැඩකටයුතු දෙදෙනා අතර බෙදාගන්න
  • දෙදෙනෙකු විවිධ ගැටලූවලට මුහුණ දෙන ආකාරය වෙනස් බව තේරුම් ගන්න

දැන්ම බබෙක් එපා, අපි ටික දවසක් ඉමු….” මේ ඔබ දෙදෙනාගේ අදහස විය හැකියි. විවාහ වූ විගස දරුවෙකු පිළිබඳ බලාපොරොත්තුවක් ඔබට නැතිනම් ඒ සඳහා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු හෝ තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියගෙන් උපදෙස් ලබාගන්නට ඔබට හැකියි. ඒ අනුව සුදුසු ආරක්‍ෂාකාරී පවුල් සංවිධාන ක‍්‍රමයකට යොමුවීමට අවශ්‍ය දැනුවත් බව ඔබට ලැබෙයි. ආරක්‍ෂාකාරී මෙන්ම විශ්වසනීය පවුල් සංවිධාන ක‍්‍රමයක් වන් කොන්ඩම් පිළිබඳව මෙවර ලිපියෙන් අපි දැනුවත් වෙමු.

ප්‍රීතිමත් යුග දිවියකට දැන් ප්‍රීති පවුලක්  

පවුල් සැලසුම් පිළිබඳව මෙන්ම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව නිසි දැනුමක් ජනතාව වෙත ලබා දීම සම්බන්ධයෙන් දශක හයකටත් වඩා වැඩි කාලයක් පුරා ජනතාවගේ විශ්වාසය දිනූ ප්‍රමුඛ ආයතනය වන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයයි. 1973 දී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් හඳුන්වා දුන් ප්‍රීති නාමය එතැන් පටන් අද දක්වාත් මින් ඉදිරියටත් ජනතා ප්‍රසාදය විශ්වාසය දිනාගනිමින් තවත් දිගු කලක් ජනතාව අතර රැඳෙනු ඇත. පවුල් සැලසුම් ක්‍රම අතරින් විශ්වසනීය එක් ක්‍රමයක් වන කොණ්ඩම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ කීර්තිමත් වෙළඳ නාමයක් වන වියට්නාමයේ ඩොන්කුක් සමාගම මගින් නිෂ්පාදනය කරන ප්‍රීති වෙළඳ නාමය හා එහි වර්ග පිළිබඳ ඔබ දැනුවත්ද?

ප්‍රීති කොණ්ඩම් වර්ග දෙකකි

  • ප්‍රීති – සාමාන්‍ය කොණ්ඩමය

preetthi-noramal

  • ප්‍රීති සුපර් – ගැටිති සහිත කොණ්ඩමය

preetthi-super

ප්‍රීති හොට් – උණුසුමට තවත් උණුසුමක් (උණුසුම දැනෙන ලිහිසිකාරක ජෙල් සහිතයි)

preetthi-hot

ප්‍රීති කූල් – උණුසුමට සිසිලසක් (සිසිලස දැනෙන ලිහිසිකාරක ජෙල් සහිතයි)

preetthi-cool

නවතම ප්‍රීති හොට් සහ ප්‍රීති කූල් යන කොන්ඩම් වර්ග ද එක්වී ප්‍රීති පවුලේ කොණ්ඩම් සාමාජිකයන් සංඛ්‍යාව හතර දෙනෙකු බවට පත්ව තිබේ. ප්‍රීති, පවුලේ ප්‍රීතියට පමණක් නොව විශ්වාසය දිනාගත් පවුල් සැලසුම් ක්‍රමයකි. ප්‍රීති පවුලේ අලූත් සාමාජිකයින්ගේ විශේෂතා දැන ගැනීමට බොහෝ පිරිසක් නිසැකවම ප්‍රිය කරනු ඇත. උණුසුමත් – සිසිලසත් විවිධත්වයෙන් විඳගන්න, ප්‍රීති සමග ප්‍රීතිමත් වන සෑම යුවලකටම හැකිවනු ඇත.

වෛද්‍ය නිර්දේශය :  ලිංගිකව සම්ප්‍රෙෂණය වන රෝග බෝවීමෙන් වැළකීමට ද ආරක්‍ෂාකාරී පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස ද  විශ්වසනීය ප්‍රීති කොණ්ඩමය ආශ්වාද ජනක අත්දැකීමක් ඔබ දෙදෙනාටම ලබාදෙන බවයි.

-ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පලකරන ලද ලිපියකි. මේ ලිපියේ සඳහන් වෙළඳ නාම පිලිබඳ සියලු විමසීම් www.fpasrilanka.org වෙබ් අඩවිය මගින් එම ආයතනයට යොමු කරන්න.-

දරුවන්ට වකුගඩු ආශ්‍රිතව ගල් ඇති විය හැකි බව ඔබ දන්නවාද?

දරුවන්ට ඇති වන රෝගාබාධ තත්ත්වයන් පිළිබ`දව මව්වරුන් දැනුවත් වීම වඩා වැදගත් වන්නේ අප නොහිතන ආකාරයේ රෝග තත්ත්වයන්ට ද ඇතැම්විට ඔවුන්ට මුහුණදීමට සිදුවිය හැකි බැවිනි. වකුගඩු අශ‍්‍රිතව ගල් ඇති වීමේ තත්ත්වය එවැන්නකි. මේ තත්ත්වය බහුලව අසන්නට, දකින්නට ලැබෙන්නේ වැඩිහිටි පිරිස් අතර වුවද බිළි`දු වියේ සිටම දරුවන්හට වකුගඩු ආශ‍්‍රිතව ගල් ඇතිවීමේ තත්ත්වය පිළිබ`දව වාර්තා වී තිබේ. අද වන විට ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවල ද මේ තත්ත්වයට මුහුණු දෙන දරුවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

ගල් සෑදීම සිදු වන්නේ සාමාන්‍ය පරිදි මුත‍්‍රාවල දියවී පිටතට යන ලවණ වර්ග සාන්ද්‍රණය මුත‍්‍රාවල වැඩිවීම හේතුවෙන් දිය නොවීම සහ ඒවා වකුගඩු ආශ‍්‍රිත තැන්පත් වීමයි. දිගින් දිගටම මෙසේ සිදු වී එක් තැනක තැන්පත් වීමෙන් ගල් ඇති වීම සිදු වේ. එසේ සෑදෙන ගල් ඇතැම්විට වකුගඩුවලම රැු`දී පවතින අතරම ඇතැම්විට මුත‍්‍රා මාර්ගය දිගේ පහළට ගමන් කොට පටු ස්ථානවල සිරවී තිබිය හැකිය.

කුඩා දරුවන්ගේ ගල් සෑදීමේ ප‍්‍රවණතාවය වැඩිවීමට බලපාන්නා වූ හේතු කිහිපයකි. එනම්, අධික ලෙස ලූණු භාවිතය, නිතර නිතර මුත‍්‍රා ආසාදන ඇතිවීම, නිදන්ගත රෝග තත්ත්වයන් (වකුගඩුවලට බලපෑ හැකි ආකාරයේ), මුත‍්‍රා පහළට ගලා යාමට බාධා වන මුත‍්‍රා මාර්ගයේ විවිධ ස්ථානවල අවහිරතා ඇතිවීම සහ ක‍්‍රියාශීලී බවින් තොරවීම (විවිධ රෝගී තත්ත්වයන් මත හෝ) යන කරුණු ඒ අතරින් ප‍්‍රධාන වේ.

වකුගඩු ආශරිත ගල් ඇති වූ දරුවෙකු විසින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ

සෑදී ඇති ගල් ප‍්‍රමාණයෙන් විශාල වන විට

  • බඬේ වේදනාව
  • මුත‍්‍රා සමග ලේ පිට වීම
  • උණ,  මුත‍්‍රා දැවිල්ල
  • මුත‍්‍රා කිරීමේ අපහසුව

ප‍්‍රමාණයෙන් කුඩා ගල් ඇතැම්විට මුත‍්‍රා සමග පියව යන අතර සමහරක් ගල් කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකරයි. ඒවා හ`දුනා ගැනෙන්නේද වෙනත් රෝග ස`දහා සිදුකෙරෙන පරීක්‍ෂණවලදී අහඹු ලෙසය. ඉහත දැක්වූ රෝග ලක්ෂණ සහිත දරුවන් ඉක්මණින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතරම ඔවුන් වකුගඩුවල අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයකට එසේත් නැත්නම් එක්ස්රේ පරීක්ෂණයකට යොමු කර තත්ත්වය පිළිබ`දව නිෂ්චිත නිගමනයකට එළැඹේ. එසේත් නොමැති අවස්ථාවලදී ක්‍ඔ ස්කෑන් පරීක්‍ෂණය ස`දහා යොමු කරයි.

මීට අමතරව වකුගඩු ආශ‍්‍රිත ගල් ඇතැයි සැක කෙරෙන දරුවන්ගේ ලේ සහ මුත‍්‍රා පරීක්ෂාවට ලක් කෙරේ. එසේ කරනුයේ වකුගඩුවල ගල් ඇති කළ හැකි නිදන්ගත රෝගවලින් පෙළේදැයි සොයා ගැනීමටය.

මේ ස`දහා ලබා දෙන ප‍්‍රතිකාර ක‍්‍රම ගලේ ප‍්‍රමාණය, තිබෙන ස්ථානය හා රෝග ලක්‍ෂණ අනුව තීරණය කෙරෙන අතරම ප‍්‍රමාණයෙන් විශාල ගල් ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම හෝ තරංග මාර්ගයෙන් කුඩු කර මුත‍්‍රා සමග පිටවීමට සලැස්වීම සිදු කරයි. එසේම ප‍්‍රමාණයෙන් කුඩා ගල් ස`දහා ද සිදු කරන ප‍්‍රතිකර්මය වන්නේ හොඳින් දියර පානය කොට මුත‍්‍රා සමග පහළට ගලා ගොස් ශරීරයෙන් පිටවීමට සැලැස්වීමයි. නිදන්ගත රෝග තත්ත්ව ඇති නම් ඒවාටද ප‍්‍රතිකාර කරනු ලබයි. ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ වැඩිපුර ජලය, දියර වර්ග පානය කිරීමෙන්, අධික ලූණු භාවිතයෙන් වැලකී යහපත් ආහාර රටාවන්ට හුරුවීමෙන් මේ තත්ත්වය වළක්වා ගැනීමට උනන්දු වීම පිළිබ`දවයි.

පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා වකුගඩු රෝග පිළිබ` විශේෂඥ වෛද් ඉනෝකා පෙරේරා මහත්මිය සමග සකසන ලද ලිපියකි

නිසි පෝෂණය, නිරෝගී දරු පරපුරක රහසයි.

මෙලොවට බිහිවීමත් සමගම හය මසක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක්ම පෝෂණය වන බිළ`දාගේ බුද්ධි වර්ධනයත්, ශක්තිමත් කායික වර්ධනයත් ඉතා හොඳින් සිදු වන අතරම දරුවාගේ නිරෝගී බවද එමගින් ආරක්‍ෂා වේ. ඒ, මව්කිරිවල අවශ්‍ය සියලූම පෝෂක ද ප‍්‍රතිශක්තිකරණ ප්‍රෝටීන ද උපරිමයෙන් අඩංගු බැවිනි. සාමාන්‍යයෙන් හො`දින් කිරි උරා බොන දරුවෙකුගේ බර මසකට  500ට සිට 1ණට දක්වා පරාසයක් තුළ වැඩි වේ. නමුත් මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ වර්ධන වේගය සලකා බැලූ කළ මව්කිරි මගින් හිමිවන්නේ 50%ක පමණ පෝෂණයක් වන අතරම මව්කිරිත් සමගම අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුය. මාස 6 සම්පූර්ණ වන තෙක් දරුවෙකුට යකඩ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සිරුරේ ගබඩා වී ඇති යකඩවලින් හිමිවේ. මව්කිරි හරහා තවත් යම් ප‍්‍රමාණයක් ලැබෙන අතරම මාස හය සම්පූර්ණ වූ පසු අමතර ආහාර මගින් සිරුරේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත යුතුය. දරුවාට අමතර ආහාර ආරම්භයේදී මව විසින් සිහි තබාගත යුතු තවත් කරුණකි. එනම් ආරම්භයේ සිටම දියර බවින් අඩු එනම් උකු ස්වභාවයෙන් ආහාර හ`දුන්වා දීමයි. මන්ද එවිට සුළු ප‍්‍රමාණයක වුවද උපරිම පෝෂණය අන්තර්ගත නිසා දරුවාගේ වර්ධනය හො`දින් සිදුවේ. ආහාර ලබාදුන් පසුව අවශ්‍ය යැයි සිතේ නම් උණුකර නිවාගත් වතුර දරුවාට දීමේද වරදක් නැත. දරුවාගේ ආහාර සකසා ගැනීමේදී පිරිසිදු බව උපරිමයෙන්ම පවත්වා ගැනීමට වග බලා ගත යුතුය. හැකි හැමවිටම කෘෂි රසායන නැති ආහාර වර්ග ලබාදීමට උත්සාහ කරන්න.

මාස හය සම්පූර්ණ කළ දරුවාට ඝන ආහාර පටන් ගනිමු

  • මව්කිරි සමග මිශ‍්‍ර කරන ලද මත් ගාගත් (කැබලි රහිත) බත් තලපය, ආරම්භයේදී දිනකට එක් වරක් තේ හැන්දක් හෝ දෙකක් ලෙස ලබාදෙමින් අමතර ආහාර ආරම්භ කරන්න. දිනෙන් දින ලබා දෙන ප‍්‍රමාණය වැඩි කරමින් දරුවා ආහාරයට හුරු කරවා ගන්න.
  • දිනෙන් දින බත් තලපයට පරිප්පු, අල, කැරට්, වට්ටක්කා, බෝංචි, අලූ කෙසෙල් වැනි එළවළු වර්ග සහ  ගොටුකොළ, මුකුණුවැන්න, සාරන වැනි පලා වර්ග හ`දුන්වා දිය හැකිය. දින කිහිපයක් මේ ආහාරවලට හුරු කිරීමෙන් අනතුරුව මාළු හෝ හාල් මැස්සන් වැනි සත්ත්ව ආහාර හ`දුන්වා දෙන්න. මේවා ලබාදෙන අතරවාරයේ මව්කිරි ද ලබා දෙන්න.
  • ඊට අමතරව පළතුරු සදඟා ද දරුවා හුරු කරන්න. උදාහරණයක් වශයෙන් හො`දින් ඉදුණු පැපොල්, කෙසෙල්, අඹ, අලිපේර වැනි පළතුරු වඩාත් සුදුසුය. සූරාගත් පළතුරු තේ හැ`දි එකක් හෝ දෙකක් දිනකට වරක් හෝ දෙවරක් ලෙස ලබා දෙන්න.
  • මාස හයහමාරක් පමණ වූ පසු දරුවාට බිත්තර කහමදය තේ හැ`දි 1/2 ලබා දිය හැකිය
  • මාස හත සම්පූර්ණ දරුවාට ආහාර සියුම් කැබලි සහිත ආහාර ලබාදීම ආරම්භ කරන්න. තෙල්, බටර් හෝ පොල්කිරි යොදා සකස් කරගත් බත්, පරිප්පු, එළවළුවක්, පලාවක් සහ සත්ත්වමය ආහාරයක් (මස්, මාළු හෝ කුඩු කරගත් හාල් මැස්සන්* ඇතුළත් ආහාර වේල් දෙකක් හෝ තුනක් වේලකට අ`ඩු කෝප්ප 3/4ක් පමණ වන පරිදි දිනකට වේල් දෙකක් හෝ තුනක් වශයෙන් ලබා දෙන්න. අතරමැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස අටේ සහ ප‍්‍රධාන ආහාර වේල සමගම අතින් අල්ලාගෙන කෑමට යමක් දරුවාට දෙන්න. එසේම අතර මැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස නවය සිට අවුරුද්ද දක්වා දරුවාට අතර වාරයේ මව්කිරි ලබා දෙන අතරම ඉහත පරිදි ප‍්‍රධාන ආහාර වේල් තුන ද සමග කෙටි ආහාර වේල් දෙකක් වන ලෙස ලබාදෙන්න. සුදුසු කෙටි ආහාර ලෙස අල වර්ගයක් හෝ රනිල බෝගයක්, පළතුර යුෂ (සීනි යෙදීමෙන් වළකින්න. පළතුරෙහි අඩංගු සීනි පමණක් ප‍්‍රමාණවත් වේ* ළදරු බිස්කට් වර්ගයක්, යෝගට්, මුදවපු කිරි දරුවාට ලබාදිය හැකිය. මේ කාලසීමාව තුළ බිත්තර සුදු මදය ද දරුවාට හ`දුන්වා දෙන්න.
  • වයස අවුරුද්දේ සිට දරුවා පවුලේ ආහාර වේලම ලබාගැනීමට හුරුකරවන්න. අවුරුද්ද සම්පූර්ණ දරුවා ආහාරයේ විවිධ රස සොයන අතරම පවුලේ අනෙක් අය සමග එකට හි`ද ආහාර ගැනීමෙන් ආහාර විකීමට හුරු වන දරුවා තනිව ආහාර ගැනීමට පුරුදු වේ.
  • නමුත් දරුවාට තුනපහ, මිරිස්, ලූණු, සීනි හැකි තරම් අවම කරන්න.
  • උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකි.

දරුවාගේ ආහාර වේලට ඇතුළත් විය යුතු අනිවාර්ය පෝෂකාංග

යකඩ

නිසි වර්ධනය උදෙසා නැතිවම බැරි පෝෂකාංගයකි.

යකඩ අඩංගු ආහාර වර්ග : 

  • පීකුදු/මාළු/හාල්මැස්සන්/මස් වැනි සත්වමය ආහාර
  • රනිල බෝග (පරිප්පු, මුං, කඩල, කව්පි)
  • පලා වර්ග (නිවිති, ගොටුකොළ, තම්පලා, සාරණ, මුරුංගා කොළ, කැරට් කොළ, බීට් කොළ, වට්ටක්කා කොළ, ගෝවා කොළ)

සිරුරට යකඩ උරා ගැනීම වැඩි කිරීමට ස`දහා දෙහි, සියඹලා වැනි විටමින් සී සහිත දේ ආහාරයට එක්කරන්න. ආහාර ලබාදීමෙන් පසුව විටමින් සී අන්තර්ගත පළතුරක් දිනපතා දරුවාට ලබා දෙන්න. නොමේරූ සහ අඩු බර දරුවන්ට මෙන්ම ආහාර මගින් ප‍්‍රමාණවත් ලෙස යකඩ නොලැබෙන දරුවන්ට යකඩ පරිපූරක වෛද්‍ය උපදෙස් මත ලබා දිය හැකිය.

විටමින් A

දරුවන්ගේ ඇස්වල නිරෝගී බව පවත්වා ගැනීමට මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට ද විටමින් A වැදගත්ය. නියමිත වයසේදී (මාස හය සම්පූර්ණ වූ පසු) විටමින් A අධි මාත‍්‍රාව දරුවාට ලබාදෙන්න.

විටමින් A බහුල ආහාර වර්ග

  • මාළු, මස්, බිත්තර කහ මදය, පීකුදු
  • කිරි ආශ‍්‍රිත නිෂ්පාදක
  • තද කොළ පැහැති පළා එනම් කතුරු මුරුංගා, මුරුංගා, වට්ටක්කා කොළ, මුකුණුවැන්න යනාදියේ විටමින් ්  බහුලව ඇත
  • ගස් ලබු, අඹ, ලාවුලූ වැනි කහ පැහැති පළතුරු
  • කැරට්, වට්ටක්කා, කහ බතල

රෝගී දරුවාට ආහාර ලබාදීමේදී

  • දරුවා කැමති, පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර ඉතා කුඩා ප‍්‍රමාණයන්ගෙන් වරින් වර ලබාදෙන්න
  • දියර වර්ග වැඩි පුර ලබා දෙන්න.
  • ඉල්ලන සෑමවිටම මව්කිරි ලබාදෙන්න.

දරුවා ක‍්‍රමක‍්‍රමයෙන් සුව වන විටදී වැඩිපුර ආහාර වේලක් මෙන්ම වැඩිපුර මව්කිරි ලබාදෙන්න. විටින් විට හෝ පෝෂක බහුල වැඩි ආහාර ප‍්‍රමාණයක් ලබාදෙන්න.

දරුවාට කෑම කවද්දී :

  • කෑම කන්න බල කරන්නෙපා
  • ආහාරයේ රස ගුණ ගැන දරුවාට කියා දෙන්න
  • ආදරණීයව ඉවසීමෙන් ආහාර ලබා දෙන්න
  • විවිධත්වයෙන් යුතු ආහාර ලබා දෙන්න
  • විවිධ වර්ණයන්ගෙන් යුතු ආහාර ලබා දෙන්න
  • ආහාර ලබා දීමට පැය දෙකක පමණ පෙර වෙනත් කෙටි ආහාර ලබාදීමෙන් වළකින්න
  • පැණි රස කෑම සීමා කරන්න
  • දරුවාගේ දත් පිරිසිදු කරන්නට සිහිතබාගන්න

පෞද්ගලික ආයතනවල රැුකියාවේ නියුතු මව්වරුන්ට මාස හය සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම ලබා දීම අපහසු බැවින් මාස හතර සම්පූර්ණ වූ විගස නිසි වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර හ`දුන්වා දිය හැකිය. ආහාර හ`දුන්වා දීමට හැකි වන අතරම මසකට වරක් සායනයට සහභාගී වී දරුවාගේ වර්ධනය පිළිබ`දව දැනුවත් වන්න. දරුවන් යනු හෙට ලොව බබලවන්නන්ය. ඔවුන්ට නිසි පෝෂණයක් ලැබීම තුළින් ඔවුන්ගේ ජීවිත මෙන්ම අනාගත ලෝකය ද සුන්දර වනු නියතය.

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන සහ මහජන සෞඛ්‍ය ඒකකයේ බී.එම්.එල්. බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

මනාලියක වන යොවුන් දියණියට මවක් වීමට කල වයස හරිද?

යොවුන්විය යනු සිතූ මනාපේ තීන්දු තීරණ ගන්නා වයස් සීමාවයි. වැඩිහිටියන්ට දරුවන්ගේ ජීවිතවලට වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවන කාල පරිච්ඡේදයයි. මක්නිසාදයත් ඔවුන් ජීවිතය පිළිබ`ද වටහා ගත හැකි තරම් පරිණත වී නැති බැවිනි. යොවුන් දරුවෙකුට දැනුම් තේරුම් නැත්ද? ඔබට සිතෙනු ඇත. නමුත් වෛද්‍ය විද්‍යාවට අනුව ද නව යොවුන් දරුවන්ගේ මොළය වැඩෙමින් පවතින නිසා සිතා බලා නිවැරදි දේ කිරීමට හැකියාවක් ඔවුන් තුළ නොමැති බව සත්‍යයකි. විවාහය, දරුවන් ලැබීම යන කරුණු හමුවේ නිසි වයස එළැඹෙන තුරු සිටීමේ වැදගත්කම එයයි. ජීවිතය සහ එහි වටිනාකම මෙන්ම ඒ හා සම්බන්ධ වගකීම්, කාර්යභාරයන්, හො`ද නරක පිළිබ`ද සැමවිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු විශාල වගකීමකි. විශේෂයෙන්ම දරුවෙකුගේ විවාහයේදී මව්පියන් දරුවා පිළිබ`ද විශාල අවදානයක් යොමු කරමින් නිසි වයස එළැඹි කල සුදුසු තීරණ ගැනීමට සහයෝගය ලබා දිය යුතුය. නිසි වයස එළැඹෙන්නට පෙර ඔබේ දියණිය ගැබ්ගත හොත් ඇයට මුහුණ දීමට සිදු විය හැකි තත්ත්වය පිළිබ`ද දැනුවත් වීම වඩා වැදගත් වන්නේ ඒ නිසාය. මේ ලිපිය අඩු වයස් ගැබ් ගැනීම් සහ එහි අවධානම් තත්ත්වයන් පිළිබ`දවයි.

දරුවා, විවාහය සවිමත් කරන බැම්මයි. දරුවෙකු ලැබීමෙන් යුගදිවිය සම්පූර්ණ වන බව සමාජය තුළ පවතින මතයයි. නමුත් දරුවෙකු මෙලොවට බිහිකිරීම ස`දහා යුවතියක් වයස අවුරුදු 20 සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය සාධකයක් යැයි පැවසීමේ වරදක් නැත. වෛද්‍ය විද්‍යානුකූලව අවුරුදු 20ට අඩු යුවතියක් ගැබ් ගත්තේ නම් එය අඩු වයස් ගැබ් ගැනීම් ලෙස හ`දුන්වයි. අවුරුදු 20 අඩු ගැහැණු දරුවෙකුගේ සිරුර මෙන්ම මනස ද දරුවෙකු බිහිකිරීමට අවශ්‍ය පරිදි සූදානම් වී නැත.

අඩු වයස් ගැබ් ගැනීම් නිසා මවකට :

  • අධි රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • පෝෂණ ඌණතා
  • ගබ්සා වීම්
  • ගර්භ විෂ රෝග තත්ත්වය ද ඇතැම් විට මෙම තත්ත්වය දරාගැනීමට තරම් මානසික ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇතැම් මව්වරුන් සියදිවිනසා ගැනීමට පවා පෙළඹේ. එසේම අඩු වයස් ගැබ් ගැනීම් මාතෘ මරණවලට ද හේතුවකි.

අඩු වයස් මවකගෙන් මොලොවට බිහිවන දරුවාට ද යම් යම් සංකූලතාවයන්ට මුහුණු දීමට සිදු විය හැකිය. උදාහරණයක් වශයෙන් ගත් කළ කුස තුළ නියමිත කාල පරිච්ඡේදය ගත නොකර, දරුවා බිහිවීම. එනම් නොමේරු ළදරුවන්, ළදරු මරණ, අඩු උපත් බර, මව්කිරි උරා බීමට තරම් ශක්තිමත් නොවීම වැනි තත්ත්වයන් දැක්විය හැකිය.

බොහෝවිට මෙම අඩු වයස් ගැබ්ගැනීම් ස`දහා ගොදුරු වන දරුවන් අතර අධ්‍යාපනික අතින් මෙන්ම ආර්ථික අතින් ද අඩු මට්මමක සිටින ගැහැණු දරුවන්ගේ ප‍්‍රතිශතය ඉහළය. එසේම දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ මව්පියන් විදෙස් ගතව සිටීම නිසා දරුවන් කෙරේ නිසි අවදානය යොමු කිරීමට නොහැකි වීමද මෙවන් තත්ත්වයන් ඇති වීමට බලපාන හේතුවකි. ඇතැම් දෙමාපියන් සිය දියණියන්ව අඩු වයසින් විවාහ කරදීමට වෙහෙස වන්නේ අඩු වයසින් ගැබ් ගැනීම ඉතා හො`ද තත්ත්වයක්ය යන මිත්‍යා මත තුළ හි`දගෙනයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස විවාහ වන තරුණියන් තුළ නිවැරදි පවුල් සංවිධාන ක‍්‍රම පිළිබ`දව ඇති නොදැනුවත්කම, පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය තෘප්තිමත් ලිංගික ජීවිතයකට බාධාවක් යැයි සිතා සිටීම ද අඩු වයසින් ගැබ් ගැනීමට හේතු විය හැකිය.

අඩු වයසින් ගැබ් ගැනීම නිසා අධ්‍යාපනය අඩාල වී යයි. නිසි අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන් රැුකියා අවස්ථා නොලැබී යයි. නැතිනම් අඩු ආදායම් සහ අස්ථිර රැුකියා වෙත යොමු වීමට සිදු වේ. එය දරිද්‍රතාවයට හේතු වන අතරම දරුවන්ගේ පෝෂණයට මෙන්ම අධ්‍යාපනයටද බලපෑම් ඇති කරයි. එසේම නිවස තුළ ගැටුම් ඇති වීමට ද දරිද්‍රතාවය හේතු විය හැකිය. තවද ඔවුන්ගේ දරුවන් ද අඩු වයස්වලින් විවාහ කරදෙයි. මෙය වක‍්‍රාකාරයෙන් පරම්පරා ගණනවකට බලපාන ගැටලූවක් බවට පත්වේ.

දෙමාපියන් වශයෙන් ඔබේ අවදානය පළමුව යොමුවිය යුත්තේ පුතුට මෙන්ම දියණියට ද නිසි අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධවයි. දියණියක මනාලියක ලෙස දකින්නට මවකගේ සිත තුළ පවතින ආසාව අසීමිත වුවද අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් කිරීම ඔබ අතින් සිදු විය හැකි වරදක් යැයි කිවහොත් නිවැරදිය. ජීවිතයේ එක් එක් කඩඉම් නියමිත ආකාරයට ගලායන්නට දී තම දියණිය නිසි වයසේදී විවාහ ජීවිතයට ඇතුළත් කරමින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න, සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම සහයෝගය ලබාදීමට වැඩිහිටියන් වන ඔබ පළමුව දැනුවත් වන්න.

බණ්ඩාරගම, ආයුර්වේද රජා සෞඛ් නිළධාරී වෛද් කසුන් කිරුලපන මහතා සමග සකස් කරන ලද ලිපියකි.

පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන්ට ලබා දෙන විශේෂිත අමතර එන්නත්

දරුවෙකු බිහිවී රෝහලෙන් පැමිණෙන විට දරුවාගේ සියලූ වාර්තා ඇතුළත් කිරීම ස`දහා ලබාදෙන වාර්ත පොත් පිංච දරුවාගේ උස, බර මෙන්ම ලබාදිය යුතු එන්නත් මොනවාද යන්න පිළිබ`දවත් ඔබව දැනුවත් කරයි. එහි ස`දහන් එන්නත් මාලාව සැකසී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශිත පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවට අනුවයි. නමුත් අද වන විට පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවේ ඇතුළත් නොවන එන්නත් වර්ග කිහිපයක් පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් ලබාදීම සිදු කෙරේ. එය මව්පියවරුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය අනුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ලබාගත හැකිය. ඒ රෝටා වෛරස එන්නත, පැපොළ එන්නත, හෙපටයිටීස් ඒ එන්නත, උණසන්නිපාත එන්නත, නිව්මෝනියා එන්නත, ඉන්ෆ්ලූවෙන්සා සහ හියුමන් පැපිලෝමා වෛරස් එන්නත යන ඒවාය. මෙම එන්නත් ලබාගත යුතු එන්නත් ලෙස නිර්දේශ වුවද ඇතැම් මව්වරුන්ගේ නොදැනුවත් බව නිසා හෝ ඒ ස`දහා යොමු නොවේ.

රෝටා වෛරස් එන්නත – මාස හය දක්වා දරුවන්ට පමණක් ලබා දෙන මෙම ජීවී මුඛ එන්නත පාචනය රෝග තත්ත්වයෙන් වැලකීම ස`දහා අවශ්‍ය ආරක්‍ෂාව දරුවාට සපයයි. මන්ද වයස අවුරුද්දට අඩු දරුවන්ට පාචනය වැනි තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව අවම වේ.

රෝටා වෛරස් එන්නත ප‍්‍රභේද දෙකකි. එනම් මාත‍්‍රා දෙක හා මාත‍්‍රා තුනකින් යුක්ත එන්නත් ලෙසිනි. මාත‍්‍රා දෙකේ එන්නත වයස මාස දෙක සහ හතර හෝ හතර සහ හය වශයෙන් ලබාදේ. වයස මාස හයට වැඩි දරුවන්ට මෙම එන්නත නිර්දේශ නොකරයි. එසේම මාත‍්‍රා තුනේ එන්නත මාස දෙක, හතර සහ හය වයස් සීමාවලදී ලබා දේ.

පිටගැස්ම එන්නත – වයස අවුරුදු 5 සම්පූර්ණ දරුවන්හට පෝලියෝ මුඛ එන්නත සමග ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම යන රෝග තුනම ආවරණය වන පරිදි පිටගැස්ම එන්නත ද ලබාදේ. දරුවාට වයස අවුරුසු 10 සම්පූර්ණ වන තෙක් එයින් ආරක්‍ෂාව සැපයේ. මේ කාල සීමාවේදී පිටගැස්ම ස`දහා කිසිදු අමතර ප‍්‍රතිශක්තියක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 10 සම්පූර්ණ වූ විට මෙම එන්නතම පෝලියෝ මුඛ එන්නත නැතිව දරුවන්ට ලබා දෙන අතරම එමගින් දරුවාට වයස අවුරුදු 20 සම්පූර්ණ වන තෙක් ආරක්‍ෂාව සැපයේ.

පැපොළ එන්නත – කාර්ය බහුල ජීවන රටාවට අනුව පැපොළ යනු ඉතා අපහසු තත්ත්වයකි. එමෙන්ම වේදනකාරී තත්ත්වයකි. ඒ නිසාම මව්වරුන් පෞද්ගලික අංශයේ රෝහල් හරහා එන්නත දරුවන්ට ලබාදීමට උනන්දු වෙයි. පැපොළ එන්නත ලබා දුන් මුල් කාලවකවානුවේ එක් මාත‍්‍රාවක් පමණක් ලබාදුන්න ද සිදුකරන ලද සමීක්‍ෂණ හා පර්යේෂණවල දත්තවලට අනුව එක් මාත‍්‍රාවකින් පමණක් ජීවිත කාලයටම රෝගයෙන් ආරක්‍ෂා වීමට නොහැකි බව අනාවරණය විය. එම නිසා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද පැපොළ එන්නත මාත‍්‍රා දෙකක් වශයෙන් ලබා දීම අවශ්‍ය බව තීරණය කෙරුණි.

එන්නත ලබා දීමේදී වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්ට පළමු මාත‍්‍රාව ලබාදී වසරකින් දෙවන මාත‍්‍රාව ලබාදිය යුතුය. වැඩිහිටියන්ට පළමු මාත‍්‍රාව ලබා දී සති හයක් හෝ අටක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබා දිය යුතුය. නමුත් මාත‍්‍රා දෙකම ලබාගත්ත ද ප‍්‍රතිශක්තිය හීන අයෙකුට පසුකාලයකදී සුළු වශයෙන් රෝගය ඇති වීමේ හෝ හර්පීස් තත්ත්වය ඇති වීමේ අවධානමක් පවතී.

නිව්මෝනියා එන්නත – මාස දෙක, හතර, හය වයසේ දරුවන්හට නිව්මෝනියාව එන්නත ලබාදෙන්නේ ත‍්‍රිත්ව එන්නතත් සමගයි. එකවිට එම එන්නත් දෙකම ලබා දෙන්නේ නම් නිව්මෝනියා එන්නත ලබා දිය යුත්තේ අන්තර් පේශී ක‍්‍රමයට වෙනත් ස්ථානයකටයි. එසේම වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මේ ස`දහා ලබා දෙන්නේ කාණ්ඩ දහයක් ඇතුළත් නියුමොකොකොල් කොන්ජුගේට් එන්නතයි. නිර්දේෂිත වයස් සීමාවන්වලදී එන්නත ලබාදී නොමැති නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී මාස හයෙන් පසුව එන්නත ලබා ගත හැකියි. දරුවාගේ වයස මාස හය සහ අවුරුද්ද අතර කාලය තුළ පළමු මාත‍්‍රාව ලබා දී මාස දෙකකින් දෙවන මාත‍්‍රාව ලබා දිය හැකිය. මෙම නිව්මෝනියාව ස`දහා ලබා දෙන එන්නත නිරෝගී දරුවන්ට අත්‍යවශ්‍ය එන්නතක් නොවේ. නමුත් දෙමාපිය කැමැත්ත පරිදි වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමේ වරදක් නැත. නමුත් නොමේරූ දරුවන්ට අඩු බර දරුවන්ට රෝගී දරුවන්ට පෙනහලූවල හෝ හෘද වස්තුවේ ආබාධ ඇති දරුවන්ට වයස මාස 15 සම්පූර්ණ වූ විට හතරවන මාත‍්‍රාව ද ලබා දීමට නිර්දේශ කෙරේ.

හෙපටයිටීස් ඒ එන්නත – මාත‍්‍රා දෙකක් වශයෙන් ලබාදෙන මෙම එන්නතේ පළමු මාත‍්‍රාවෙන් මාස හයක් ඇතුළත හෝ අවුරුද්දක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබාදේ. මේ එන්නත ලබා දෙන්නේ අපිරිසිදු ආහාර පාන හේතුවෙන් ඇතිවන අක්මාවේ ආසාදනයක් වන සෙංගමාල රෝගය ස`දහායි. පෙර පාසැල් යන දරුවන්ට මෙන්ම පිහිනුම් ක‍්‍රීඩාවේ යෙදෙන දරුවන්ට ද විශේෂයෙන් මෙම එන්නත ලබා දීම වැදගත් වේ.

හෙපටයිටීස් ඒ සහ බී එන්නත – රජයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට හෙපටයිටීස් බී එන්නත ඇතුළත් වූයේ වර්ෂ කිහිපයකට ඉහතදීය. ඊට පෙර රජයේ සායන හරාහා එන්නත් ලබාගත් දරුවන්ට ඇතැම් විට හෙපටයිටීස් බී එන්නත මගහැරී තිබිය හැක. හෙපටයිටීස් ඒ සහ බී ද්විත්වයම අන්තර්ගත එන්නතක් වයස අවුරුදු දෙක සම්පූර්ණ වූ දරුවන්ට මාත‍්‍රා තුනක් ලෙස මේ වන විට පෞද්ගලික රෝහල් වෙතින් ලබා දෙන අතර එන්නත මගහැරුණු දරුවන්ට පෞද්ගලික අංශයෙන් එන්නත ලබාගත හැකිය.

උණසන්නිපාත එන්නත – වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්හට එක් මාත‍්‍රාවක් ලෙස ලබා දෙන මෙම එන්නත සැල්මොනෙල්ලා බැක්ටීරියාව හේතුවෙන් ඇති වන බඩවැල්වල තුවාල ඇති වන උණ රෝග තත්ත්වය ස`දහා ලබා දෙයි. පිහිනුම් ක‍්‍රීඩාවේ නිරත දරුවන්ට මෙය ලබාදීම වඩාත් සුදුසුයි.

ඉන්ෆ්ලූවෙන්සා එන්නත – ස්වසන ආබාධ, හෘද රෝග සහ ඇදුම තත්ත්වයන් ඇති මාස හය සම්පූර්ණ දරුවන්ට වසරකට වරක් එක් එන්නත් මාත‍්‍රාවක් ලබාදීම නිර්දේශ කරයි.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත – ඉදිරියේදී පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට ඇතුළත් කිරීමට සියලූ විදිවිදාන සැකසෙමින් පවතින මෙම හියුමන් පැපිලෝමා එන්නත නිර්දේශ වන්නේ වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ටයි. වඩා වැදගත් වන්නේ විවාහ වීමට පෙර එනම් ලිංගික සබ`දතා ආරම්භ කිරීමට පෙර එන්නත ලබා ගැනීමයි. මෙතෙක් සිදු කෙරුණු කෙරුණු පර්යේෂණවලට අනුව නම් මෙම එන්නත ලබා ගත් පිරිසට 16 හා 18 යන ප‍්‍රභේද මගින් ඇතිවන ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇති වීමේ ප‍්‍රවණතාවය එන්නත ලබා නොගත් අයට වඩා අඩු බව ඔප්පු වී තිබේ. ප‍්‍රතිශක්ති ඌණතා තත්ත්වයන් පවතින අයහට ද එන්නත ලබාදීමේ කිසිදු ගැටලූවක් නොමැති වුවද නිසි ප‍්‍රතිඵල හිමිවේද යන්න සැක සහිතය. මේ වන විට වසර දහයක් පුරා රුධිර පරීක්‍ෂාවන් සිදු කරමින් ලබාගත් දත්තවලට අනුව වසර දහයකටත් වඩා වැඩි කාලයක ආරක්‍ෂාවක් මෙම එන්නත මගින් හිමිවන බව අනාවරණය වී තිබේ.

එන්නත මාත‍්‍රා තුනක් ලෙස අන්තර්පේශී ක‍්‍රමයට ලබා දීම සිදු කෙරේ. ප‍්‍රහේද හතරක් ඇති එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මාස දෙකකට පසුව ද තෙවන මාත‍්‍රාව මාස හයකට පසුව ද ලබා දේ. ප‍්‍රභේද දෙකකින් යුතු එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මසකට පසු දෙවන මාත‍්‍රාව ද මාස හයකට පසු තෙවන මාත‍්‍රාව ද ලබා දේ.

පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගැනීමේදී යම් මුදලක් ඔබට වැය වුවද දරුවාගේ නිරෝගී පැවැත්ම උදෙසා මෙසේ ලබාදෙන අමතර එන්නත් කිහිපය ලබා ගැනීමට උනන්දු වන්න.

වෛරස් රෝග සහ එන්නත් පිළිබ` ජ්යෙෂ්ඨ විශේෂඥ වෛද් ඔමාලා විමලරත්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡුාවක් ඇසුරෙනි.

දරුවන්ගේ ගෙවී ගිය ළමා කාලය නැවත නොඑනු ඇත

“අනේ අම්මේ සෙල්ලම් කරන්න එන්නකෝ ”

“මේ වැඬේ ඉවර නැහැ පුතා”

“ඕක පස්සේ කරන්නකෝ ”

“බැහැ මේක හෙට යවන්න ඕනී එකක් මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න”

මූණ බෙරි කරගත්ත පුතා පැත්තකට වුණා. ටික වෙලාවකට පසු අයියයි මල්ලි නිහඬ නිසාම පරිඝණකයෙන් දෙනෙත් ඉවතට ගත්ත මම නිහඬතායට හේතුව බැලුවා. දිග ඇඳි පුටුවෙ දිගා වුණ ලොකු පුතා බර කල්පනාවකය. අවුරුදු දෙකක්වක් නැති පොඩි පුතා ඒ අහු අස්සේ අයියගේ පොත් පැන්සල් අරගෙන ලොකු පාඩමකය. පරිඝණකය ක්‍රියාවිරහිත කළ මා සීරුවෙන් ලොකු පුතා ළඟින් වාඩි වුණා.

“මොකද රොකට් එකක්වත් යවන්නද කල්පනාව?”

“රොකට් හදන එක ගැනත් හිතනවා ඒත් දැන් ඒ ගැන නෙමෙයි හිතුවෙ”

“එහෙනම්”

“අම්මට ඔය වැඩ කරන්නෙ නැතිව ඉන්නම බැරිද කියලා”

“ඇයි එහෙම හිතුවෙ? ඔයාලට කරදරයක්ද මම වැඩ කරන එක”

“අම්මා ඕවා කළාම අපිට පා`ඵයි… අනේ අම්මේ මගේ පොත් මල්ලි අරගෙන”

“හරි ,හරි පරණ ඒ පරණ පොතක් අරන් තියෙන්නේ ”

“පැස්ටල් සේරම කඩලා, දුවන්න මගේ බඩු තියලා ”

“අම්මා… අයියා නන්න කුවුවා…” අයියා ගෝරනාඩු කරද්දි අඬමින් ගතු කියාගෙනම පොඞ්ඩා දුවගෙන ආවා. විසිරුණු පැස්ටල් පැන්සල් එකතුකරන ලොක්කට මමත් එකතු වුණා.

“තැන්ක් යූ අම්මා…”

“හරි අපි ඉස්සෙල්ලා ඉස්කෝලේ වැඩ ඉවර කරමු ඊට පස්සේ සෙල්ලම් කරමු.”

පැයක් පමණ ඉගෙනීමේ කටයුතු වල යෙදිලා පුතාලා දෙන්නත් එක්ක මම සෙල්ලම් කරන්න මිදුලට බැස්සා. ක්‍රිකට් අල්ලන සෙල්ලම් කිරි කිරි බෝලේ සෙල්ලම් කිහිපයකම යෙදුනත් කාලය ගත වෙනවා දැනුනෙම නැහැ. පැටවු දෙන්නා කෑ ගසමින් හිනැහෙමින් සතුටු වන ආකාරය මම මොහොතක් බලා උන්නෙමි. ඇත්තටම මේ ළමා කාලය තව කොයි තරම් සු`ඵ කාලයක්ද තියෙන්නෙ. මේ හුරතලය දඟය විඳගන්නට ඇත්තේ සු`ඵ කාලයක් නේදැයි සිතුන මට මහා ලෝභකමක් සිතට දැනුනා. ඇත්තටම වර්තමානයේ මේ ගෙවිලා යන හැම තත්පරයක්ම අතීතයට එක්ව මතකයක් පමණක් වෙනවා. ජිවිතයෙ මතකය නම් කෞතුකාගාරයේ තැන්පත් කරන්නට වටිනා දෑ අපම එකතු කර ගත යුතුය.  නැතහොත් අපට දරුවන්ට වෙනුවෙන් අතපසු වූ දෑ පිළිබඳ දුක්වන්නටත් පසුතැවිලි වන්නටත් සිදුවනු ඇත. මා මේ අකුරු කරන්නේ සත්‍යම කතාවකි.

පුංචි දියණියක් සිටියා. ඇයගේ පියා හරිම කාර්යයබහුල කෙනෙක්. උදෑසනම නිවසින් පිටව යන ඔහු ආපසු නිවසට එන්නේ රාත්‍රී එකොළහට දොළහට පමණය. තාත්තා එනතුරු නිදි වර්ජිතව සිටින දියණිය ඔහු ආ සැනින් කරේ තබාගෙන යන්නට ඇවිටිලි කරයි. අධික තෙහෙට්ටුව නිසාම තාත්තාට මෙය වදයක් විය. ඉඳ හිට දියණියගේ ඉල්ලීම ඉටු වූවද බොහෝ විට සිදුවුයේ දියණියගේ ඉල්ලීම මඟහැරීමය. කාලය වේගයෙන් ගෙවී යද්දී තාත්තාට “අද වේලපහ ගෙදර එන්න” යැයි බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. වෙනදාට කලින් ගෙදර එන අතර තුර “අද නම් දෝණිව ඇති වෙන්න කරේ තියාගෙන යන්නම ඕනී ” යැයි ඔහු සිතීය.

“චූටී දූ ඔන්න අද නම් මම ඔයාව කරේ තියාගෙන වටේම යනවා පැයක් විතර ”

ඒත් චූටී දූ වෙනුවට ආවේ අම්මාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බැබළි ඇත. එහෙත් නව වගකීම් සමුදායක් හිස මත දරා සිටින්නා සේ ඇගේ බැල්ම බැරෑරුම් විය.

“ඇයි?”

“ඔයාගේ දුව දැන් ලොකු ළමයෙක් කරේ තියාගෙන යන කාලේ ඉවරයි ”

බිරිඳ පවසන විට ඔහුට ඔහු අතින් මහා අතපසු වීමක් ඇති වු බව තදින්ම සිතට දැනෙන්නට විය. කාලය සියල්ල වෙනස් කර කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට සමත්ය. දියණියගෙ ළමා කාලයේ ඇය සමඟ ඔහුට ගෙවන්නට තිබූ කාලය අවසන්ව ඇත.

“කොයි තරම් වැඩ කටයුතු තිබුණත් දරුවො සමඟ ඔවුන්ගෙ ළමා කාලය ගත කරන්න කිසිසේත්ම අමතක කරන්නට එපා. මන්ද දරුවන්ගේ ළමා කාලය ගෙවි යනු මිස නැවත උදාවන්නේ නැත. ඔවුන්ගේ ළමා විය ගොඩ නඟන්නට අත් වැල අපය. ඔවුන් ජිවිතය විඳින්නට උත්සහ දරන්නේ දෙමාපියන් හා කාලය ගත කිරීමෙන්ය. අපේ කාර්්‍යය බහුලත්වය ඔවුන්ට අදාලවත් එය අපේ නිදහසට කාරණාවක්වත් නොවන්නේය. මට මගේ දියණිය මඟ හැරුණි. ගෙවී ගිය ඒ කාලයට නැවත කිසිදා පියමං කළ නොහැකිය. එනිසා දෙමාපියන් දරුවන් සමඟ ජිවිතය විඳින්නට කාලයක් සොයා ගත යුතුමය. ඔහු වරදකාරී හැඟීමෙන් යුතුව දින පොතේ සටහන් කරන ලදි.”

ඉතින් ඒ තාත්තාගේ කතාව තුලින් ඔබටත් සිතන්නට යමක් ඉතිරි වූවායැයි මා සිතමි.

මාංශපේශීවල අකර්මන්යතාවය නිසා දරුවන්ට ඇති වන සුව කළ නොහැකි රෝගය — මයෝපති

නිරෝගී දරුවෙකු තරම් වටින සම්පතක් දෙමාපියනට මිහිපිට නොමැත. දහසක් වේදනා අතරේ දරුවෙකු මෙලොවට බිහි කර ඒ සතුට අත්විදින අතරේ වයස අවුරුදු තුනක් පමණ වන විට දරුවා යම් සුව කළ නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුවහොත් දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ හැකිද?

හීන වී අවසානයේ දරුවාගේ ශරීරයම අඩපණ කරවන මයෝපති වයස අවුරුදු තුන පමණ වයසැති දරුවන්ට වැලදෙන එවන් සුව කළ නොහැකි රෝග තත්ත්වයකි. මෙම රෝගය වැඩි වශයෙන් පිරිමි දරුවන්ට වැල`දීම විශේෂත්වයකි. මේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබ`දව අද වන විටත් වෛද්ය විද්යාත්මකව තහවුරු වී නොමැත.

මෙම රෝග තත්ත්වයේදී මාංශ පේශිවල ඇති Creating phosphokinase සංයෝගය තිබිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩි වීමක් දැකිය හැකිය. එවිට මාංශ පේශිවලින් ක‍්‍රියාකාරකමක් කිරීමට නොහැක.

මුල් අවධියේදී දරුවාගේ මාංශ පේශි අඩපණ වී ශක්තිය හීන වීම නිසා කි‍්‍රයාශීලීව කටයුතු කරන දරුවා නිතර ඇද වැටීමට ලක්වන අතරම ශරීරයට ඇතිවන විඩාව නිසා දරුවාගේ කි‍්‍රයාශීලි බව අඩු වී බාහිර කි‍්‍රයාකාරකම්වලට යොමු වීමට මැළි වේ.

රෝග ලක්‍ෂණ

  • පෙර පරිදි සෙල්ලම් කිරීමට සහ පෙර කළ කි‍්‍රයාකාරකම්වලට යොමු නොවේ
  • ඇවිදිමින් සිටි දරුවා එය ටිකෙන් ටික අඩු කර නිතර වාඩි වී සිටීමට යොමු වේ
  • මේ තත්ත්වය උත්සන්න වූ පසු දරුවා වාඞී වී සිට හිටගැනීමේදී සිය දෙපාවලට වාරු වී සිට ගනී. මෙය ‘ගවර්නස්’ ලක්ෂණය ලෙස හඳුන්වයි. නැතිනම් අන් අයගේ උදව්වෙන් හිට ගනී
  • දරුවාගේ මාංශ පේශි ඉතා හොඳින් වර්ධනය වී තිබෙන බව මෙහිදී දැකිය හැකි වුවද මාංශ පේශිවල ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වී ගොස් තිබේ. මේ තත්වය ව්‍යාජ විශාලත්වයක් ලෙස හැ`දින්වේ
  • සම්පූර්ණ පේශි අකර්මණ්‍ය වූ පසු එක්තැන් වේ

මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු තුනේදී පමණ ආරම්භ වී අවුරුදු 12 පමණ තෙක් ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වේ. මෙය ඩ‍්‍රසේන් වර්ගයේ මයෝපති රෝගයක් ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. ඒ නිසා අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම පේශි අඩපණ වූ පසු මේ තත්ත්වය හදවතේ වූ පේශිවලට බලපෑමක් ඇති කරයි. එහිදී හෘද පේශි අඩපණ වීම නිසා අවසානයේදී ඒ තත්ත්වය ජීවිතයට තර්ජනයක් විය හැකිය.

මෙම රෝග ඇති වීමට නිශ්චිත කරුණක් ඉදිරිපත් කළ නොහැකි වුවද රෝගී දරුවන්ගෙන් යම් යම් නිගමනවලට එළඹීමෙන් ලේ නෑකම් විවාහ, මව දරුවා බිහි කරන අවස්ථාවේදී අඩු වයසක පසුවීම හා මවගේ වයස වැඩි වීම, දරුවන් ලැබීමේ පරතරය අඩු වීම යන හේතු සාධක මේ තත්ත්වයට වැඩි බලපෑමක් දක්වන බව තහවුරු වී ඇත. නමුත් මේ සාධකවල බලපෑමක් නොමැතිවද මේ රෝගය දැකිය හැකි අවස්ථා තිබේ.

මෙවැනි රෝගී තත්ත්වයක් වැලඳී ඇත්ද යන්න මාංශ පේශී බයෝප්සී (Muscle Biopsy) ඉලෙක්ට්‍රෝ මයොග‍්‍රැෆි (EMG) හා කියෙටීන් පොස්පො කයිනේස් සාන්ද්‍රණය (Cpk) යන පරීක්ෂණ ක‍්‍රමවලට යොමු කිරීමෙන් පසු තහවුරු කරගැනීම සිදු කරයි. එම පරීක්ෂණවලින් තහවුරු වූ පසු දරුවා අදාළ ප‍්‍රතිකාරවලට යොමු කරනු ලැබේ. කෙසේ වුවද මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නැත. මේ රෝගය පාලනය කිරීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම අඩාල වීම හෝ ජීවිත තර්ජනයක් ඇති වීම අවම කර ගැනීමට හැකියාව ඇත. මේ රෝගයේදී දරුවාට ලබාදෙන ආහාර වර්ග පිළිබඳ මෙන්ම විශේෂයෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳවද වැඩි අවදානයක් යොමු විය යුතුය.

මයෝපති ස`දහා හොඳම ප‍්‍රතිකාර ක‍්‍රමය භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයයි. එහිදී රෝගියාගේ පේශිවල වර්ගීකරණයක් සිදු කර එම පේශි බිංදුවේ සිට පහ දක්වා පෙළ ගැසීම කර, ඒ ඒ අදාළ පේශිවලට සිදු කළ යුතු ව්‍යායාම හඳුන්වාදෙයි. මෙවැනි රෝගී දරුවන් සඳහා භාවිත කළ හැකි භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම කිහිපයකි.

  • විද්‍යුත් උත්තේජක ප‍්‍රතිකාර
  • මාංශ පේශි ශක්තිමත් කරවීම ස`දහා සිදු කරන ශක්ති ජනක ව්‍යායාම
  • සස්පෙන්ෂන් තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය
  • ජල චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමය

මීට අමතරව පේශිවල දිග පවත්වා ගැනීමට පේශි ඇදීමට ලක්කරන ව්‍යායාම කළ යුතුය. එමෙන්ම මේ රෝගී තත්ත්වය හමුවේ රෝගියාට කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග වැලඳුණු විට සෙම ශ‍්‍රාවයන් පෙණහලූවලින් ඉවත් කරගැනීමට අපහසුතා ඇති වී නිව්මෝනියාව වැළ`දීමේ අවදානම ඇති විය හැකි බැවින් ඒ  සඳහා උරස් චිකිත්සක ප‍්‍රතිකාර සිදු කර එම ශ‍්‍රාවයන් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මයෝපති තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද රෝගය පාලනය කළ හැකිය. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ කිසියම් අවස්ථාවකදී දුටුව හොත් ඉතා ඉක්මනින් භෞතචිකිත්සක නිලධාරියකු වෙත යොමු වී ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගන්න.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

දරුවා විභාගයට සුදානම් කරන්නේ කොහොමද

සමහර දරුවන් ඉතා සාර්ථකව විභාගයට මුහුණ දෙයි. තවත් දරුවන් අසාර්ථක වෙයි. නමුත් සියලු දරුවන්ට එක හා සමානව විභාගය සමත් විය නොහැකිය. එම නිසා ඔබේ දරුවා අනෙක් දරුවන් මෙන්ම සාර්ථකව නොවුන ද ඔහුව ඇගයීමට ලක් කිරීම ඔබ සතු දෙයකි. එසේම ඔබේ දරුවා කිසි විටෙක අනෙක් දරුවන් සමග සංසන්දනය කරන්න යන්න එපා. එවැනි අවස්ථා වල දරුවා මානසිකව වැටීමට පුළුවන. ඔබේ දරුවාට විභාගය හොදින් සමත් වීමට නම් ඔබෙනුත් උදව් ඔහුට අවශ්‍යය. දරුවන්ට තනි ගමනක් යා නොහැකිය.

විභාගය ඉතා පහසුවෙන් සමත් වීමට දරුවා තුල පවතින විශ්වාසය බලපානු ලැබේ. ඔබ නිතරම දරුවා දිරිමත් කල යුතුය. දරුවා අධික ලෙස වෙහෙසභාවයට පත් නොකළ යුතුය. සැහැල්ලුවෙන් යුතුව මුහුණ දිය හැකි ආකාරයට ඔහුව සුදානම් කල යුතුය.

ඇතැම් දරුවන් විභාගය ආසන්න වූ විට අධික බියක් දක්වති. මට විභාගය අමාරුයි. මට විභාගය පාස් වෙන්න බැරි වේවි. පාඩම් කල කිසි දෙයක් මතක නෑ ආදී ලෙස සිතුවිලි පැන නැගේ. ඔබේ දරුවාගේ බිය සමහර විට ඔබ සමග පවසාවි. ඇතැම් දරුවන් එසේ පවසන්නේ නැත. අම්මා හෝ තාත්තා බනිවි යැයි ඔහුට සිතේ. නමුත් ඔහුගේ බිය ඔබට අවබෝධ කර ගත හැකි විය යුතුය. ඇතැම් දරුවන්ට මේ අධික බිය නිසාම ආහාර ගැනීමද අපහසු වේ. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරයි. ඇතැම් විට අසනීප වුව විය හැකිය. දරුවා විභාගය අමාරු යැයි නිතර නිතර සිතු විට එය යටි සිතට කා වැදී සැබෑවටම විභාගය අමාරු විය හැකිය.

මෙලෙස අනියත් බියක් හට ගැනීමෙන් දරුවා පාඩම් කිරීම් අත්හැරීමට ඉඩ ඇත. දරුවාගේ විභාගය ආසන්න වූ විට ඔබ දැඩි සැලකිලිමත් බවක් දැක්විය යුත්තේ මේ නිසාය. සමහර දරුවන් දිවි නසා ගැනීමට පවා පෙළඹීමට විභාගය හේතු වේ. ඔහු යම් හෙයකින් විභාගය අසමත් වුවහොත් තම දෙමවුපියන් කොයි ආකාරයට ක්‍රියාත්මක වේ දැයි ඔහුට බියක් හට ගනී. මේ නිසාම ඔබ ඔබේ දරුවා දිරි ගැන්විය යුතුය. ඔහු දක්‍ෂ බවත් විභාගය සාර්ථකව සමත් විය හැකි බවත් දරුවාට පවසන්න.

විභාගයට සුදානම් වන විට පසුගිය ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ඉතා වැදගත්. ඒ සදහා දරුවා පොළඹවාලන්න. අඩුම තරමේ පසු ගිය ප්‍රශ්න 10ක්වත් අධ්‍යයනය කිරීම වටි. ඒ හරහා මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගත හැකිය. මේ හරහා පිළිතුරු සැපයීමේ වේගය වැඩි කර ගත හැකිය. එසේම ලැබෙන ප්‍රශ්න පිලිබදව යම් අකාරයකට අනුමාන කළ හැකිය.

ඒ නිසා දරුවාට එහි පවතින වාසිදායක තත්වය පහදා දෙන්න. එසේම අමාරු විෂයන් වලට වැඩි කාලයක් යොදවන ලෙස ඔහුට කියන්න. එසේම දරුවාට අමාරු විෂයන් තිබේ නම් එම විෂයන් පහසුවෙන් ධාරණය කර ගන්න ක්‍රම පිලිබදව පහදා දෙන්න. බොහෝ දරුවන් ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට බිය වෙයි. එවිට නිතර නිතර එම විෂයන් වලට යොදවන කාලය වැඩි කිරීම වැදගත්.

මේ සියලු දේ සිදු කොට දරුවා විභාගය අසමත් විය හැකිය. එවිට දරුවට දොස් පවරන්න යන්න එපා. එය දරුවාගේ ජිවිතයට වුව හානිකර විය හැකිය. විභාගය යනු ජීවිතය නොව. විභාගය අසමත් වූ පිරිස් අද ලෝකයේ ප්‍රබලයන් බවට පත් වී ඇත. දරුවා නැවත වරක් විභාගයට පෙනී සිටීමට ඔහුව දිරි ගන්වන්න. දරුවාගේ මනස බිද වැටෙන කිසිවක් කියන්න එපා. එය දරුවාට අහිතකර විය හැකිය.

බිදුණු පවුල තුළ අතරමං දරුවා

විවහා වූ දෙපලකට නම් තමන්ට සිටින වටිනාම වස්තුව දරුවන්ය. බොහෝ දෙමවුපියන් මුළු ජිවිත කාලයම වැය කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ කායික , මානසික යන සෑම අංශයකටම දෙමවුපියන්ගේ  යුගදිවියේ  සාර්ථකත්වය බලපානවා. අම්මායි තාත්තයි නිතරම රණ්ඩු කරන විට, තාත්තා නිතරම බිමත්ව සිටින විට එය දරුවන්ට තදින්ම බලපානවා. හැම අම්මායි තාත්තායි කෙනෙක්ම කැමති තම දරුවන් උසස් පුද්ගලයන් වෙනවා දකින්න. නමුදු අද සමාජයේ බොහෝ දෙමවුපියන්ගේ එම සිහිනය සදාකාලික සිහිනයක් වන බව අප අනන්තවත් දැක තිබේ. ඊට හේතු වී ඇත්තේ බොහෝ දෙමවුපියන් විවහා වී ටික කාලයක් යන විට දෙන්නා දෙපැත්තකට වීමයි. පවුලක් ගරා වැටුණු විට ඉන් අසරණ වන්නේ දරුවන්ය. පවුලක සාර්ථකත්වයට මව්පිය සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය.

කොතරම් මිල මුදල් , යාන වාහන ඔබට තිබුනත් ඔබේ පවුලේ සාමය සාමාජිකයන් අතර නැති නම්, පවුල් ජිවිතයේ උපරිම සතුට එම සාමාජිකයන් අතරට නොලැබේ නම්, ගෙදර අපායක් නම් එවැනි පවුලකින් වැඩක් නැත.

දරුවන් බලාපොරොත්තු වන සෙනෙහස, ආදරය දෙමවුපියන්ගෙන් නොලැබෙන විට දරුවන් මානසිකව බිද වැටුණු ඇත. එවිට දරුවන් ගැටළු ගණනාවකට මුහුණ දේ. එනම්,

  • දරුවාට දෙමවුපියන් පිලිබදව තරහක් ඇති වී නිතර නිතර ගැටුම් ඇති කර ගනී
  • දරුවා බඩු මුට්ටු කඩා දමමින් දෙමවුපියන් කෙරෙහි ඇති අකමැත්ත ප්‍රකාශ කරයි. අකීකරු වේ.
  • ළමයා ප්‍රචණ්ඩ වේ
  • දරුවා පහසුවෙන් අපරාධ වලට පෙළබේ

දෙමවුපියන් නිතර නිතර ගැටුම් ඇති කර ගැනීමෙන් දරුවන්ගේ මානසිකත්වය බිද වැටී අධ්‍යාපනය පවා කඩාකප්පල් වේ. මෙවැනි පවුල වල දරුවන් වැඩි වශයෙන් මානසික ගැටළු වලට මුහුණ දේ.

හැමවිටම ඔබ දෙපල අතර කොතරම් ගැටළු හට ගැනුනත් එය දරුවාට දැනෙන්න දෙන්න එපා. ඒවා දෙදනා අතර පමණක් තබා ගෙන විසදා ගන්න. බොහෝ දරුවන්ගේ මුලු අනාගතයම අදුරු වන්නේ දෙමවුපියන්ගේ ආරවුල් නිසාය. දරුවාට සෙනෙහස, ආදරය අහිමි වූ විට ඔහු එය වෙන තැනකින් සොයන්න බලයි. ඔහු ආදරය සොයන්නේ වැරදි පාරකින් බව දරුවාට තේරෙන්නේ නෑ. දරුවන් අපරාධ වලට යොමු වන්නේ දෙමවුපියන්ගේ වැරදී නිසා මිස දරුවන්ගේ වැරදි නිසා නෙමේ. තම දරුවාට පුර්ණ අවධානය ලබා දීම දෙමවුපියන් සතු දෙයකි.

ඇතැම් දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම තම දරුවන් සමග කතා කිරීමටවත් වෙලාවක් නැති තරම්ය. කොතරම් මුදල් හම්බ කලත් දරුවන් අයාලේ යන්නේ නම් ඔබේ මුදල් වලින් වැඩක් නැත. ඇතැම් දරුවන් මුළු ජිවිත කාලයම තම දෙමවුපිය නිසා විදවයි. දෙවෙනි කසාදයක් ගැන සිතන මව්වරුන් තම දරුවන් ගැන සිතිය යුතුය. දරුවන් මෙලොවට බිහි කිරීමෙන් පමණක් ඔබට වගකීම් වලින් මිදිය නොහැකිය.

ඔබට ඔබේ පවුලේ සමගිය රැක ගැනීමට බොහෝ දේවල් කල හැකිය. සෑම විටම එක මේසයේ ආහාර ගන්න පුරුදු වෙන්න. එවිට දරුවාගේ එදා දවසේ සිදු වූ දේවල් පිලිබදව, දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් පිලිබදව දැන ගැනීමට හැකි වේ. එවිට ඔබට ඔබේ දරුවා මග හැරෙන්නේ නැත. පවුලක් රකින සතර වරම් දෙවියන් වන්නේ කරුණාව, දයාව ඉවසීම, ආදරය වැනි සාධකයි. දරුවාට සෑම විටම හොද මිතුරෙක්, මිතුරියක් වන්න.