Home Blog Page 136

චූටි දෝණිගේ පාඩම් මේසේ

දස මසක් කුස තුළ පෝෂණය කළා සේම දරුවන්ගේ අනාගතය සවිමත් කරන්නට දෙමාපියන් නොසෑහෙන වෙහෙස වෙයි. මෙහිදී මාපිය අවදානය වැඩි වශයෙන්ම යොමු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙතටයි. උදෑසන පාසැල වෙත යන දරුවා සවස් කාලයේ අමතර පන්ති ස`දහා සහභාගී වේ. ඇතැම් මව්වරුන් මේ පිළිබ`දව දිවා ? නොතකා කැපවන්නේ කුඩා මනසට දරා ගත හැකි ප‍්‍රමාණය කොතරම්ද යන්න පිළිබ`දව ද නිශ්චිත අදහසක් නොමැතිවය. කොපමණ වියදම් කළ ද කොපමණ වෙහෙස වුව ද ”පාඩම් කරන්න  ඕනේ” යන්න දරුවෙකුුගේ මනසට කා වැද්දීම බලෙන් කළ නොහැකිය. ඒ නිසාම නිවස තුළ සාමකාමී වටපිටාවක් සකසමින් දරුවාගේ මනස නිරවුල්ව පවත්වා ගැනීමට සහයෝගය ලබාදීම ද අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින නිවසක වැඩිහිටියන් වන අපේ වගකීමකි. පාඩම් කිරීමට දරුවාට නිදහස් තැනක් අත්‍යවශ්‍යයි.

පාඩම් කරන ස්ථානය සැකසීමේදී,

  • රූපවාහිනියෙන් හෝ නිවසට පැමිණෙන අමුත්තන්ගෙන් හෝ වෙනත් කිසිවකින් බාධා නොවන ස්ථානයක් තෝරාගන්න
  • මේසය හා ඊටම ගැලපෙන පුටුවක් තෝරාගන්න (සැමවිටම වාඩි විය යුතු නිවැරදි ඉරියව්ව පිළිබ`ද දරුවා දැනුවත් කළ යුතුයි. නිවැරදි ඉරියව් භාවිත නොකිරීමෙන් උරහිස්, බෙල්ල සහ කොන්ද යන ස්ථානයන්ගේ යම් යම් දුර්වලතා ඇති විය හැකි බව දරුවාට පහදා දෙන්න.)
  • ටේබල් ලෑම්ප් එකක් තිබීම වඩා සුදුසුය (අ`දුරේ පොතපත කියවීම දෑස්වලට එතරම්ම සුදුසු නොවන අතරම ටේබල් ලෑම්ප් එක එසේත් නැතිනම් මේසට මත තබන විදුලි ලාම්පුව මගින් වඩා දීප්තිමත් ආලෝකයක් හිමි වන නිසා නිදිමත ද තුරන් වී යයි.)
  • පෑන්, පැන්සල්, මකන ර`දවනයක් තැබීම, විෂයයන් අනුව පොත් වර්ග කිරීම පොත් මේසයේ පිළිවෙළ පවත්වාගෙන යාමට උපකාරී වේ
  • අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වඩා මතකයේ ර`දවා ගත යුතු දේ මේසය වටා නිතර පෙනෙන පරිදි එල්ලා තැබීම ( උදා ආවර්තිතා වගුව වැනි)
  • මේසය මේ අයුරින්ම පිළිවෙළට තබාගැනීමට දරුවාට උපදෙස් දෙන්න

දරුවා පාඩම් කරන ස්ථානයේ වැඩිහිටියන් විසින් සිදු නොකළ යුතු දෑ

  • කෑම ගැනීම
  • තේ බීම
  • දුරකථන ඇමතුම් ලබාගැනීම
  • නිදාගැනීම

දරුවන් පිළිබ`දව දහසකුත් එකක් සිහින දකින ඔබ ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම ස`දහා උපරිම සහයෝගය ලබාදීමට සැමවිටම උනන්දුවන්න.

සීග්‍ර ලෙස වැඩෙන ළමාවියේ පෝෂණය ගැන සිය වරක් සිතන්න

ළමාවිය යනු දරුවන් සීග්‍ර  ලෙස වර්ධනය වන අවධියයි. ඒ නිසා නිසි පෝෂණය මෙන්ම නිසි ආහාර පුරුදු වෙත දරුවන් යොමු කිරීම තුළින් අනාගතයේදී දියවැඩියාව, ස්ථුලතාව, හෘද රෝග, ආඝාතය වැනි බෝ නොවන රෝග සඳහා ගොදුරු විය හැකි අවධානම වළක්වා ගත හැකිය.

මව් කුස තුළදී පෙකෙණි වැල හරහා මවගෙන් පෝෂණය වන බිළි`දා මෙලොව උපත ලැබීමත් සමගම  මාස හයක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක් පෝෂණය ලබයි. මාස හය සම්පූර්ණ වූ පසු අමතර ආහාර ස`දහා යොමු වේ. වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසු පවුලේ අනෙක් සාමාජිකයන් විසින් ලබාගන්නා ආහාර වේලටම ඔවුන්ව හුරු කිරීම සිදු වේ.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් ප‍්‍රවේණිගත හේතු මත රඳාපවතී. තවද වයස, බර, උස, ස්ත‍්‍රී පුරුෂ බව යනාදිය මතත් පෝෂණය අවශ්‍යතා වෙනස් වේ. එමෙන්ම දරුවන්ගේ ක‍්‍රියාශීලී බව මතට එක් එක් දරුවාට අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයන් වෙනස්ය. දරුවන් ඉතා කුඩා ප‍්‍රමාණ ආහාරයට ගන්නා අතරම ආහාරවල විවිධ රසයන් විවිධ පැහැයන් පිළිබඳා විශේෂ රුචිකත්වයක් දක්වයි. දරුවාට නිසි පරිදි පෝෂණය මෙන්ම ශක්ති ප‍්‍රමාණයක් ලැබෙනවාද යන්න උස සහ බර මැනීම නොකඩවා සිදු කරමින් තහවුරු කරගත යුතුය.

වයස අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා අනුව ඔවුන්ට ප‍්‍රධාන ආහාර වේල් තුනක් ලබාදීම අනිවාර්යය. දරුවන්ගේ ප‍්‍රධාන ආහාර වේල සැකසිය යුත්තේ බත්, මාළු (මස්, බිත්තර, කරවල වැනි මාංෂමය ආහාර) එළවළු වර්ග කිහිපයක්, පළා වර්ගයක් සහ ධාන්‍ය වර්ගයකනි. එසේම දිනපතා ප‍්‍රධාන ආහාර වේල් තුනට අමතරව කෙටි ආහාර වේල් දෙකක් දරුවාට ලබා දීමට අමතක නොකරන්න.

අමතර වේල සඳහා ලබාදිය හැකි පෝෂණීය කෙටි ආහාර

  • පළතුරු, නැවුම් පළතුරු යූෂ
  • යෝගට්, මුදවපු කිරි
  • කඩල, මුං සහ කවුපි, ඉරි`ගු, බඩ ඉරි`ගු වැනි දේ
  • තල, රටකජු, කජු හා අනෙකුත් තෙල් සහිත බීජ වර්ග
  • මයියොක්කා, බතල ඇතුළු අල වර්ග පොල් සමග
  • හැලප, සව් කැද, මුං ගුලි වැනි ධාන්‍යමය ආහාර

ශක්තිය හා ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, විටමින් දරුවන්ට ලබාදිය යුතු පෝෂක අතර අනිවාර්ය වේ.

දරුවාගේ වයස සහ ක‍්‍රියාශීත්වය අනුව අවශ්‍ය වන ශක්තිය හා ප්‍රෝටීනවල අවශ්‍යතාවය වෙනස් වන අතරම ලබා දෙන ප‍්‍රධාන ආහාර වේල්වල බත් හෝ ධාන්‍ය වර්ග, මාළු, මස් හෝ බිත්තර සමග එළවළු කිහිපයක් අඩංගු වන්නේ නම් එය ප‍්‍රමාණවත්ය. එසේම කැල්සියම් යනු දරුවන් සීග‍්‍රයෙන් වර්ධනය වන අවධියේදී අස්ථි සහ පේශි වර්ධනය ස`දහාත් ඉතා ඉහළ අවශ්‍යතාවයකි. නිසි කැල්සියම් සිරුරට ලැබීම නිසා දරුවන්ගේ අස්ථි සවිමත් වන අතරම අනාගතයේදී ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි ආශ‍්‍රිත රෝග තත්ත්වයන්ගෙන් වැළකීමට එය ඉවහල් වේ.

කැල්සියම් අඩංගු ආහාර වර්ග

  • කිරි සහ කිරි ආහාර
  • බැදගත් කුඩා මාළු බැද කටුත් සමග
  • තද කොළ පැහැති පළාවර්ග
  • මයියොක්කා
  • නෙළුම් අල
  • අර්තාපල්
  • තෙල් සහිත බීජ හා ඇට වර්ග

යකඩ අඩංගු ආහාර වර්ග

  • සත්ව ආහාර (මාළු, මස්, බිත්තර)
  • පියලි අහාර වර්ග
  • තද කොල පැහැති පලා වර්ග (නිවිති, මුරුංගා)

ආහාර වේලෙන් පසු විටමින් සී බහුල ආහාරයක් ලබාගැනීම තුළින් යකඩ හො`දින් සිරුරට අවශේෂණය වීම සිදු වේ.සියලුම ආහාර කාණ්ඩවලට අයත් ආහාරවලින් සමන්විත වූ ආහාර වේලක් ලබා දීම මගින් සියලූම විටමින් ඇතුළු සියලූ පෝෂක දරුවාට ලබාදිමට හැකිය.

වයස අවුරුදු 5 සිට 10 දක්වා දරුවන්ගේ පෝෂණය

එනම් පාසැල් යන වයසේ දරු දැරියන්ය. මොවුන් ක‍්‍රියාශීලී බවින් වැඩි වයස් කාණ්ඩයට අයත් වේ. ඒ නිසාම ඔවුන්ට වඩා හො`ද පෝෂණයක් අත්‍යවශ්‍ය වේ.

  • පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක්
  • විවේක කාලයට පෝෂ්‍යදායී කෙටි ආහාරයක්
  • සිනි, ලූණු සහ තෙල් අධික නොවන අහාර වේලක්
  • සැමවිටම සමබල ආහාර වේලක්

අවුරුදු 10ත් 19ත් අතර යොවුන් වියේ දරුවන්ගේ පෝෂණය

යොවුන් වියේ දරුවන් ස`දහා ශක්තිය, පේ‍්‍රාටීන්, කැල්සියම්, යකඩ හා විටමින් වර්ග වැඩි ප‍්‍රමාණයකින් අවශ්‍ය වේ. වැඩිවිය පැමිණීමත් සමගම අස්ථිවල සහ මාංශපේශීවල ඇතුළුව සිදු වන සීග‍්‍ර වර්ධනය හේතුවෙනි.

ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට වඩා වැඩි යකඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. ගැහැණු දරුවන්ගේ ඔසප් චක‍්‍රය ආරම්භ වීමත් සමගම රුධිරය පිටව යාම නිසා අවශ්‍ය යකඩ ප‍්‍රමාණය සිරුරට නොලැබුණහොත් රුධිරයේ පවතින හිමොග්ලොමින් මට්ටම පහත වැටීම එයට එක් හේතුවකි.

පරිවෘත්තීය වේගය ද මේ වයස් සීමාවන්හිදී ඉහළ යන බැවින් අයඩින්, විටමින් ඒ, සී, බී හා ඞී මෙන්ම පිරිමි ළමුන් සඳහා ශක්ති අවශ්‍යතාවය වැඩි බැවින් විටමින් බී (තද කොළ පැහැති එළවළු, පළතුරු හා පියලි වර්ග) අවශ්‍යතාවය වැඩිය. කැල්සියම් හා විටමින් ඞී නිසි පරිදි සිරුරට ලැබීම නිසා අස්ථි සවිමත්  වී වයස්ගත වන විට ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලින් ආරක්‍ෂා වීමේ හැකියාව ලැබේ.

වැඩෙන දරුවන් තරබාරුව, ක්‍ෂුද්‍රපෝෂක ඌණතා රෝග වැනි තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්‍ෂා කරගැනීමට නිවසේදීම පිසින ලද පෝෂ්‍යදායී සමබල ආහාර රටාවකට දරුවන් පුහුණු කරගැනීමේ වගකීම පැවරෙන්නේ දෙමව්පියන් වන ඔබට බව සිහිතබාගන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණවේදිනියක වන සජීවනි මිරිහාගල්ල මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.

ඔබේ දරුවාගේ කාමරයත් අවුල් ජාලාවක්ද

ඉගෙනීම සාර්ථක වීමට ඔබේ දරුවා ඉගෙන ගන්න පරිසරය ද බොහෝ දුරට බලපායි. ඒ නිසාම දරුවාට වඩාත් උචිත පරිසරයක් සකස් කර දීම ඔබ සතු දෙයක්. මේ පරිසරය දරුවාගේ මතක ශක්තිය  වර්ධනයට හේතු වන බව තමා බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ. මනස සැහැල්ලුවෙන්, ශරීරයටද වෙහෙසක් ඇති නොවන පරිදි ඉගෙනීමේ යෙදෙන්න මේ පරිසරය බලපානවා. ඒ නිසාම ඔබේ දරුවාගේ  අධ්‍යාපනයට උචිත පරිදි යම් ස්ථානයක් සකස් කර දෙන්නේ කොහොමද කියන්නේ මේ සුදානම.

මේ සදහා,

බාහිර ශබ්ද වලින් තොර පරිසරයක්

උෂ්ණත්වය අඩු සිසිල් සිරුරට සුව පහසු පරිසරයක්

හොදින් ආලෝකය වැටෙන තැනක්

පිරිසිදු වාතය ලැබෙන, ඔහු වඩාත් ප්‍රිය කරන තැනක්  ඉගෙනුම් කටයුතු වල යෙදීමට සුදුසු වේ. එසේම ඉගෙනම් කටයුතු කරන ස්ථානයේ දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි වෙන වදන් ලියා ඔහුට පෙනෙන සේ අලවා තබා ගැනීමට ඔහුට පවසන්න. එනම්,

විද්වතුන්ගේ කියමන් , ආත්ම විශ්වාසය වැඩි වීමට තදින් බලපායි.

ඔහු ලබා ගත් සහතික, පදක්කම් ඔහුට පෙනෙන සේ තබන්න.

ඔබේ දරුවා  අධ්‍යාපනය යෙදෙන පරිසරයේ වර්ණය ද ඉතාමත් වැදගත් වේ. මෙහිදී බිත්ති වලට තද වර්ණ යොදා ගන්න එපා. ලා වර්ණ උචිතය. විද්වතුන්ගේ මතය වනුවේ කහ වර්ණය මතක ශක්තිය වර්ධනයට බලපාන බවයි. එම නිසා එවැනි වර්ණයක් වඩාත් සුදුසුය. එසේම පාඩම් කරන ස්ථානයට ආලෝකය ලැබෙන දිශාවද වැදගත් වේ. ඔබේ දරුවා දකුණු අත ලිවීමට භාවිතා කරන්නේ නම් වම් පසින් ආලෝකය ලැබීම වඩාත් සුදුසු වන අතර ඇතැමුන් වම් අත ලිවීමට භාවිතා කරන නිසා දකුණු පසින් ආලෝකය ලැබීම වඩාත් සුදුසුය.

කාමරය සදහා භාවිතා කරන බල්බයේ ආලෝකය පිළිබදවද සැලකිලිමත් වීම වටි. මන්ද අඩු ආලෝකයක් භාවිතා කරන විට එය ඇසට වෙහෙසකාරී වේ. එසේම නින්ද යෑමේ ප්‍රවණතාවයද වැඩිය. එසේම මෙම බල්බය සහ මේසෙට පවතින දුර ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුය.

පාඩම් කටයුතු වල යෙදෙන ස්ථානය ඉතාමත් පිළිවෙල විය යුතුය. අවශ්‍ය දේවල් හැර ඉතිරි සියල්ල ඉවත් කරන්න දරුවාට කියා දෙන්න. එසේම අවශ්‍ය දේවල් ඉතා ඉක්මනින් ලබා ගත හැකි වන පරිදි රාක්ක වල අසුරා තබන්න. එවිට යම් පොතක් අවශ්‍ය වූ විට ඒ සදහා වැඩි කාලයක් ගත වන්නේ නැත.

එසේම ඉගෙනුම් කටයුතු අවසන් වූ විට ඒවා නැවත පිළිවෙලට තබන ආකාරය ඔබේ දරුවාට කියා දෙන්න. පාඩම් කරන පරිසරය අවුල් ජාලාවක් නම් ඔහුට කිසි දෙයක් ධාරණය වන්නේ නැත. කාල සටහනකට අනුව පාඩම් වල යෙදෙන ආකාරය පිලිබදව දරුවා දැනුවත් කරන්න.

බොහෝ දරුවන් අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගෙන සිටි. ගැහැණු දරුවන්ට වඩා තරමක් පිරිමි ළමුන්ගේ පිළිවෙල බව අඩුය. ඒ නිසාම  අනවශ්‍ය දේවල් ඉවත් කොට අවශය දේවල් පමණක් පිළිවෙලට තබා ගන්න අකාරය පිලිබදව දැනුවත් කරන්න.

ඇතැම් දරුවන්ට මෙවෙනි දේ පිලිබදව නිසියාකාර දැනුවත් බවක් නැත. ඇතැම් රටවල දරුවන්ට කුඩා කල සිටම පිලිවෙට තම කටයුතු වල යෙදෙන අකාරය පිලිබදව පාසල හරහා දැනුවත් කරයි. දරුවා අධ්‍යාපනය ලබන පරිසරය නිසියාකාරව නොමැති විට ඔහුගේ ඉගෙනුම් මන්දගාමී කරයි.

මේ නිසාම දරුවාට ඔබේ උදව් අවශ්‍යයි. කුඩා කල සිටම දරුවන්ට පිළිවෙලකට සිටීම උගන්වන්න. හොද පුරුදු කුඩා කල සිටම කියා දීමෙන් දරුවන් ඒවා දිගටම පවත්වා ගෙන යයි.

ෆේස්බුක් නිසා නොමග යන පාසල් දරුවන්

ෆේස්බුක් කියන්නේ අද කෙල්ලෝ කොල්ලෝ අතර ජනප්‍රිය Social Media එකක්. ඒ හරහා ආදරය, දුක සතුට බෙදා ගන්න ගත වෙන්නේ විනාඩි කිහිපයක් පමණි. කෙල්ලෝ කොල්ලන්ගේ Love එක  Upset වුනාම දුක හෝ හෝ ගාලා post හරහා share කරනවා. ඒ කොහොම උනත් ෆේස්බුක් කියන්නේ නම් නරක දෙයක් නෙමේ. නමුත් මේ පිලිබදව හරි අවබෝධයක් නොමැතිව පාවිච්චි කරන්න ගියොත් නම් වැඩේ අවුල්. ඒක නිසාම තමා මේක ලියන්න හිතුවේ. බොහෝ කෙල්ලෝ කොල්ලන්ට ෆේස්බුක් පිලිබදව හරි හැටි අවබෝධයක් නැති නිසා අද වන ගොඩක් ගැටළු හට ගෙන තියෙනවා. විශේෂයෙන් පාසල් ළමුන්. ඒ නිසාම ඔබේ පාසල් යන දරුවා දැනටමත් ෆේස්බුක් භාවිතා කරනවා ඇති. එසේ නම් දරුවා පිලිබදව ඔබ දැඩිව සැලකිලිමත් විය යුතුයි.

ෆේස්බුක් හරහා තමන් නොදන්නා ඇය සමග මිතුරු කම් පවත්වන්නට ගොස් බොහෝ පාසල් දරුවෝ අසරණ වන අවස්ථා අපි අනන්තවත් දැකලා තියෙනවා. විවිධ කායික රෝග වලින් පෙලෙන වැඩිහිටි පුද්ගලයන්ගේ පහත් ආශා ඉටු කර ගන්නට මේ කුඩා පාසල් යන දරුවන් යොදා ගන්නවා. ඔවුන්ට ජිවිතේ එතරම් අත්දැකීම් නොමැති නිසාම දරුවන් මෙවැනි උගුල් වලට හසු වන්නේ නොදැනුවත්වමය.

මේ වන කල ඇති පර්යේෂණ හරහා සොයා ගෙන ඇත්තේ ෆේස්බුක් හරහා  පෞද්ගලික තොරතුරු ලෝකයට නිරාවරණය කරන්න ගොස් බොහෝ දරු දැරියන් අමාරුවේ වැටෙන බවයි. විශේෂයෙන්ම අසරනකම්, ලිංගික දුබලකම් , ලිංගික අවශ්‍යතා ෆේස්බුක් හරහා කියන්නට යෑමෙන් තමන්ට බරපතල හානි සිදු වන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. අද ලෝකයේ පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ ෆේස්බුක් හරහා පාසල් ළමුන්ට වසරකට සිදු වන හානිය ලක්ෂ 03කටත් වඩා වැඩි බවයි. මේ නිසාම ඇතැම් දරුවන් පාසල් ජිවිතයෙන් සදහටම සමු ගනී.

පාසැල් දරුවන්ගේ පෙම් සබදකම් වලට පමණක් නොවේ ඔවුන්ගේ හැසිරීම් රටාවන්ටද ෆේස්බුක් බලපානු ලැබේ. මේ වන විට පර්යේෂණ හරහා හෙළි වී ඇති අපුරුම කරුණක් වන්නේ දරු දැරියන්ගේ ආහාර පුරුදු පවා ෆේස්බුක් හරහා වෙනස් වී ඇති බවයි. එනම් මේ හරහා හමු වන මිතුරු මිතුරියන්ගේ අදහස් අනුව ඔවුන් තම ආහාර පුරුදු රටාව වෙනස් කර ගෙන ඇති බවයි.

බොහෝ පිරිස් තම ෆේස්බුක් account එකට දමන්නේ තම සැබෑ ප්‍රතිරූපය නොවේ. බොහෝ ලස්සනට කැපී පෙනෙන හින් සිරුරක් ඇති ආකාරයට ජායාරූපය සකස් කරයි. ඉන් පසු තම දැමු ජායාරූපයේ හොද නරක මොනවාදැයි සොයා බලයි. ෆේස්බුක් හරහා ලැබෙන comments පිලිබදව පිරිමි ළමුන්ටත් වඩා ගැහැණු ළමයි ගොඩාක් ලොකුවට ගන්නවා. ඔයා හරිම හොට් කියලා කෙනෙක් කිව්වොත් ඇය ඇග වෙනස් කරගන්න හදන්නේ නෑ. නමුත් තව ටිකක් කෙට්ටු උනා නම් නියමයි කියලා කිව්වොත් එදා ඉදන්ම මේ ළමුන් ඩයට් කරන්න පටන් ගන්නවා කියලා තමා මේ වන විට පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ.

තවත් මෙහි බරපතලම කරුණක් වන්නේ වයස අවුරුදු 15 පමණ වන දරුවන් නිරුවත් ජායාරූප පවා මේ හරහා හුවමාරු කර ගැනීමයි. සමහරු දරුවන්ගේ මේ නිරුවත් ජායාරූප ගෙන ඔවුන් වැරදි වලට පොළඹවා ගන්නවා. මේ නිසාම ෆේස්බුක් භාවිතා කරන පාසල් දරුවන් විෂාදයෙන් පෙලෙන ප්‍රමාණය වැඩියි.

ෆේස්බුක් යනු නරක දෙයක් නොවේ. ඒ හරහා දරුවන්ට බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්. නමුත් මෙය නිවැරදිව භාවිතා කල යුතුයි. එහිදී ඔබේ දරුවාගේ පරිගණකය ඔබට පෙනෙන ස්ථානයක තබන්න. ඔහු එය භාවිතා කරන අවස්ථා වල ඔහුට පුර්ණ අවධානය යොමු කරන්න. එසේම මෙය නිවැරදිව භාවිතා කරන අකාරය දරුවාට කියා දෙන්න. මෙහි පවතින භායනක පැතිකඩ පිළිබදවත් ඔහුට පවසන්න.

දරුවන් ස්වාධීන කරමු

දරුවන් යනු දෙමාපියන්ට ඇති වටිනාම සම්පතය. දරුවන් ජීවිතය විජයග්‍රහණය කරමින් ඉහළටම යනු දැකීම සෑම දෙමාපියෙකුගේම සිහිනයයි. දෙමාපියන් දරුවකු කුස පිළිසිඳ ගත්දා සිටම ඔවුන් වෙනුවෙන් කැපව දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කටයුතු කරයි. දරුවන් හැමදාමත් එකම තැන නොසිටියි. දිනෙන් දින ඔවුන් වයසින් මුහුකුරා යයි. දරුවන් වයසින් මුහුකුරා යත්ම ඔවුන් ස්වාධීන කල යුත්තේ දෙමාපියන් විසින්මය. අපි දරුවන්ට මහමෙරක් ලෙස ආදරය කරන නිසාවෙන්ම ඔවුන්ගේ පුංචි පුංචි කටයුතුත් අප විසින්ම සිදුකරදීම තුලින් ඔබ දරුවාට සිදු කරන්නේ බරපතල අසාධාරණයකි. දරුවන්ට සමාජය තුල දෙපයින් නැගී සිටීමට නම් ඔවුන් ස්වාධීන විය යුතුය. ඔවුන්ට ජිවිතය පුරාවටම ඔබේ සෙවනැල්ල යටම ජීවිතය ගෙන යා නොහැකිය. ඔබටද ඔවුන්ට සැමදා සෙවණක් විය නොහැකිය.

මට වසර හතක් අටක් පමණ වියේ සිටම බොහෝ විට මගේ කටයුතු මවිසින්ම සිදු කරගත් බව මට මතකය.  නමුදු මෑතක් වනතුරු මගේ පුතුට එසේ කල නොහැකි විය. කෙටියෙන්ම කිවහොත් මෑතක් වනතුරුම ඔහුට තනිවම බත් පත කෑමට හැකියාවක් නොතිබුණි. බත් පතෙහි තැනින් තැනින් ආහාර අනුභව කළ ඔහුව වෙනස් කිරීමට මට සෑහෙන්න පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. වරද තිබුණේ පුතු අත නොව මා අත හා අත්තම්මා අතය. වැඩි සෙනෙහසට ඔහුට බත් කැවීම කළේ අපමය.පාසල නිමව නිවසට ආ පසු බෑගය එක තැනකය, සපත්තු සාලය මැදය ,මේස් රෝල් කර පුටු යටය. පෙර පාසල් යන අවදියේ සිටම මේවා පිළිවෙලට තැබීම ඔහුට හුරු නොවුණේ ඒ සිය`ඵම කාර්්‍යයන් අත්තම්මා නොපිරිහෙළා ඉටු කර දුන් බැවින්ය. දැන් ඔහුට පිළවෙල කියා දීම අසීරුය.

“අම්මේ ටොයිලට් ගිහින් ඉවරයි හෝදන්න එන්න”

“මම එන්නෙ නැහැ ඔයා සෝද ගන්න.”

“ඊයා අනේ මට බෑ ”

“ඊයා කිව්වට වැඩක් නැහැ මම එන්නෙ නැහැ.”

සතියක් පමණ වනතුරුම නාහෙන් අඬමින් ඒ රාජකාරිය පුරුදු වූ නිසා දැන් ඒ රාජකාරිය තනිවම කරගන්නට පුරුදු වී ඇත.

“අද මාර වැඬේ. වුණේ දක්ෂිණ ටොයිලට් යනවා කියලා ගිහින් ගොඩක් වෙලා ආව නැති නිසා ටීචර් මට බලලා එන්න කිවිවා. මම යන කොට ටොයිලට් එක ඇතුලෙ ඉඳගෙන දක්ෂිණ හොඳමට අඬනවා.”

“ඒ ඇයි ?”

“එයාට කක්කි ගිහින් සෝද ගන්න බැරිව තමයි අඬලා තියෙන්නේ. ඊට පස්සේ ටීචර් නාලනී ඇන්ටිට කියලා එයාව සේදුවා”

“ඒක තමයි මම ඔයාට පුරුදු කළේ නැත්නම් ඔයාටත් ඔහොම අඬ අඬ තමා ඉන්න වෙන්නේ යැයි මම පැවසුවෙමි.”

උදෑසන පාසල් යන්නට පුතා ලෑස්ති වෙන්නෙ තනිවමය. දැන් ඔහුට පිළිවෙලට කන්නට හැකියාවක් ඇත. පොඞ්ඩාටගත් දෙය ගත් තැනික් තැබීම පුරුදුව ඇත. දරුවන් කුඩා කළම නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම පහසුය. තවම පොඩියිනේ ලොකු වුණාම බැරියැ ලෙස සිතමින් සිටියහොත් දරුවන් නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම අපහසුය.

දරුවන් අතර නිතර අඩදබර වල නම් අඩුවක් නැත. එහෙත් ඔවුන්ගේ රණ්ඩු වලට අප මැදිහත් වූ විට තත්ත්වය තවත් උග්‍රවේ. එක් දරුවකුගේ පැත්තට කතා කළ විට අනෙක් දරුවාගේ සිත රිදෙයි. ආදරය පිළිබඳ ගැට`ඵ රාශියක්ද දරුවන්ට ඒ සමඟම ඇතිවේ. එහෙයින් පැත්තක සිට ඔවුන්ට නොදැනෙන්නට අවධානය යොමු කිරීම මිස ඒවා වලට මා දැන් දැන් මැදිහත් වන්නේ නැත.

“ඔයාලගේ ප්‍රශ්න ඔයාලම විසඳගන්න ” යන්න මගේ එකම විසඳුම බැවින් අයියා මලෝ ප්‍රශ්න තනිවම විසඳා ගනියි.

මගේ පාසල් සමයේ හොඳම යෙහෙළිය දැන් එක් දරු මවකි. එහෙත් ඇයට තවමත් හරි හැටි තේ එකක්වත් පිළියෙල කළ නොහැකිය. සැමියාට උදෑසන තේ එක පවා තවමත් පිළියෙල කරදෙන්නේ ඇගේ මවය. අප උසස් පෙළ කරන කාලයේ ඇගේ සුදු ගවුම් පවා සෝදා මැද දුන්නේ ඇගේ පියාය. තනිවම වැඩ කර ගන්න පුරුදු වෙන්න යැයි කියා එදවස් වල මම ඇයට කොතෙකුත් පවසා ඇත්තෙමි.

“එකම කෙල්ලනෙ තව ටික කාලෙකින් වෙන ගෙදරකට යනවනේ ” ඇගේ අම්මා කීවේත් එසේමය.

වෙන ගෙදරකට යන නිසාවෙන්ම තේ එකක් පිළයෙල කරගන්නට බතක් මා`ඵවක් උයාගන්නට දියණියකට මෙන්ම පුතෙකුටද පුහුණු වී තිබීම අපතේ නොයනු ඇත. අම්මා රැකියාව කළ නිසා බොහෝ විට අප බලා කියා ගත්තේ ලොකු අක්කාය. බත් කෑ පසු පිඟාන අප විසින්ම සේදිය යුතුය. අපේ ඇඳුම් අපම සෝදා ගත යුතුය. ගෙවල් අස්පස් කර අතු ගා පිරිසිඳු කල යුතුය. අප  අස්පස් කල නිවසම ඇය නැවත අස්පස් කරයි. බොහෝ විට ඇයට විරුද්ධව අම්මාට කේලම් කීවද ඉන් අපට සහනයක් නොවීය. යන්තම් අවුරුදු අටක් නමයක් වන විට පොඩි අක්කාටත් මටත් පරිප්පුවක් උයන්න සම්බෝලයක් හදා ගන්නට තේ කෝප්පයක් පරිස්සමට පිළියෙල කරන්නට හැකියාව ලැබුණි. අප සෝදන ඇඳුම් වල කිලිටි හරි හැටි නොයන නිසා ලොකු අක්කා ඒවා නැවත අපට හොරෙන් සෝදන බව අප දැන ගත්තේ අපට අවුරුදු 12ක් 13ක් පමන වූ පසුය. සත්තකින්ම ලොකු අක්කා කළේ අපව ජීවිතයට පුරුදු කරවීමකි.

ජිවිතයේ බොහෝ දේවල් තනිවම කරගන්නට මට හැකි වුයේ කුඩා අවදියේ සිටම මා තනිව මගේ වැඩ කටයුතු කරගත් නිසා බව මම විශ්වාස කරමි. සමාජය හා ගැටෙන විට විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදුවේ. ඒ සඳහා අපට පුහුණුවක් තිබිය යුතුමය. අපේ කාර්්‍යයාලයේ වයස අවුරුදු 19 නැගණියක් සේවය කළාය. ඇයට පවරා තිබුණේ බැංකු කටයුතු කිරීමය. බැංකුවට යන්නට කියන සෑම වාරයකම ඇය හඬා වැටෙයි. දුරකථනය ගෙන මදක් දුරට යන ඇය ඇමතුමක් ගනියි. ඇය බැංකුවට යන සෑම අවස්ථාවකම ඇයගේ මව බැංකුව වෙත පැමිණෙන බව අප දැන ගත්තේ පසුවය.

“අනේ අක්කේ මම කවදාවත් බස් එකකවත් තනියම ගිහින් නැහැ ඇත්තටම මට තනියම වැඩක් කරගන්න බැහැ.” වරද කාගේදැයි ඔබට වැටහෙනු ඇත.

කුඩා කල සිටම දරුවන්ට වගකීම් දරමින් ස්වාධීන වන්නට ඉඩ හරින්න. එවිට ඔවුන්ගේ ජිවීත ඔබ සිතනාකාරයටම පැහැබර වනු ඇත.

කුඩා දරුවන්ගේ මලබද්ධය වැලැක්වීමේ වගකීම ඔබටයි

ලොකු කුඩා කා අතරත් ඇති වන අසහනකාරී මෙන්ම පීඩාකාරී තත්ත්වයකි මලබද්ධය. අප ලබාගන්නා ආහාරවල පෝෂණය සිරුරට උරාගත් පසුව ඉතිරිවන කොටස් මල ලෙස සකස් වී සිරුරින් බැහැර වේ. මල බැහැර වීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම එනම් ඒ ස`දහා ඇති අපහසුතාවය, වේදනාව නැතිනම් බඩ වියලීම නිසා මල පිටකිරීමට ඇති අපහසුව මලබද්ධය ලෙස හැ`දින්වේ. දිනකට මල පිටකරන වාර ගණන සහ අවශ්‍යතාවය ඇතිවීම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුහට දිනකට වරක්වත් මල පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වේ.

අලූත උපන් කිරි කැටියෙකු මවගෙන් උරා බොන කොලෙස්ට‍්‍රම් නම් වූ ස‍්‍රාවය විරේකයක් ලෙස කි‍්‍රියාකරමින් දරුවාගේ කුසෙහි ඇති කලූ පැහැති මල හෙවත් මිකෝණියම් පිටකිරීමට උපකාරී වේ. මිකෝනියම් පිට වී අවසන් වූ පසු හො`දින් කිරි උරා බොන කිරිකැටියෙකුගේ මල තද කහ පැහැයක් ගනී. සාමාන්‍යයෙන් අලූත උපන් කිරිකැටියෙක් කිරි බොන වාරයක් වාරයක් පසා මල පිට කරන අතරම ඇතැම් දරුවන් මල පිට නොකර දින කිහිපයක් ගත කිරීම ද සාමාන්‍ය තත්ත්වයකි. මාස හයක් සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාගන්නා බිළි`දුන්ට ස්වභාවිකවම අවශ්‍ය ජලය ප‍්‍රමාණය හිමි වන අතරම අමතර ආහාර ලබාගන්නා වයසේදී සිරුරට අවශ්‍ය නිසි ජල ප‍්‍රමාණය ලබාදීමට මව්වරුන් අවදානය යොමු කළ යුතුය. එසේම දරුවාට ලබාදෙන ආහාර වර්ග සහ ආහාර ලබා දෙන කාල සීමාව පිළිබ`දව ද අවදානය යොමු කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන් දරුවෙකුට ආහාර ලබා දෙන්නේ ප‍්‍රධාන ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල දෙකක් වශයෙනි. ඒවාට අමතරව අතර මැදදී මව්කිරි ලබාදීම ද සිදුවේ. දරුවාගේ නිරෝගී පැවැත්මට වැදගත් වන ජල පරිමාව ලබාදීම පිළිබ`දවත් මව්වරුන් වැඩි අවදානයක් යොමු කළ යුතුය.

සාමාන්‍යයෙන් දරුවන්ට අමතර ආහාර ස`දහා දරුවා හුරුකරන අවධියේදී මලබද්ධය ඇති වීමට ඉඩ කඩ වැඩිය. මව් කිරෙන් පමණක් පෝෂණය වූ උදරයට ඝන ආහාර හ`දුන්වා දීමේදී එසේ නොවන්නට නම් පළතුරු, එළවළු සහ නියමිත ජල පරිමාව දරුවාට ලබාදීමට සැලකිලිමත් වන්න.

මලබද්ධය වළක්වා ගැනීමට දරුවාගේ ආහාර වේලට එක් කළ යුතු දේ

තන්තුමය කොටස් සහිත ආහාර (නොපාහින ලද සහල්, තිරි`ගු, බාර්ලි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග*

එළවළු වර්ග (වැටකොලූ, පතෝල, කොහිල, කොසල් මුව, වට්ටක්කා, පුහුල්*

පලා වර්ග (නිවිති, කංකුං, ගොටුකොළ, මුකුණවැන්න, කතුරුමුරුංගා, මොණර කුඩුම්බිය*

පළතුරු වර්ග (බෙලි, කෙසෙල්, අඹ, ගස්ලබු, අලිගැටපේර, පේර, දොඩම්, නාරං*

ඇට වර්ග (කඩල, මුං ඇට, කවුපි, පරිප්පු* යනාදියෙනි.

මලබද්ධ තත්ත්වය බොහෝවිට නියමාකාර ආහාර රටාවක් නොමැතිකම නිසා ඇති වුවද දිගින් දිගටම පවතී නම් ඒ පිළිබ`දව පුළුල් ලෙස නිරීක්‍ෂණය කිරීමට වෛද්‍යවරයාට සිදුවේ. මන්ද, කෙලින්ම බලපාන හේතු සාධක මේ ස`දහා නැතිවුවද ඇතැම්විට නිදන් ගත රෝග තත්ත්වයන් සහ යම් යම් මානසික ගැටලූද මලබද්ධයට හේතු විය හැකිය.

නිදන්ගත රෝග තත්ත්ව

ස්නායු ආබාධ

මාංශ පේශීන් වල දුර්වලතාවය

තෛරොයිඞ් ග‍රන්ථියේ අවක‍්‍රියාකාරීත්වය වැනි තත්ත්වයන්ය.

මානසික ගැටලූ

වැසිකිලි යාම සඳහා නිශ්චිත වේලාවක් නොමැතිකම

වැසිකිලි භාවිතය හුරු කරන කාලසීමාව

මලපහ කිරීමේ වේදනාත්මක අත්දැකීමක් ලබා තිබීම

ජීවත් වන පරිසරය වෙනස් වීම

පෙර පාසැල් යාම ආරම්භ කිරීම

මල බද්ධය නිසා ඇති වන රෝග තත්ත්ව ලෙස ගුද මාර්ගය පිපිරීම්, ගුද මාර්ගය පිටතට පැමිණීම, කලාතුරකින් අර්ශස් අවස්ථා ද දැක්විය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව දරුවන්ට නියම කෙරෙන රතකල්කය හෙවත් දෙසදුන් කල්කය මල බද්ධය දුරලන්නට වඩාත් උචිත ඖෂධයකි. කොල්ලූ, වද කහ, වැල්මි, රත් හදුන්, සුදු හදුන්, සහිඳ ලූණු යන ආදී ද්‍රව්‍යයන්ගෙන් සැකසී ඇති රත කල්කය වෛද්‍යවරයා විසින් නියම කරන මාත‍්‍රාව ලබාගැනීම වඩාත් සුදුසුය.

කෙසේ වුවත් මලබද්ධය දිගින් දිගටම පවතී නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගනිමින් ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

මල පහ කිරීමට නිශ්චිත වේලාවක් වෙන් කර ගනිමින් දරුවා නිවැරදි ඉරියව්වක පිහිටුවා මලපහ කිරීමට පුහුණු කරවීම ද මෙම තත්ත්වයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කරුණු දෙකකි. එමෙන්ම ක්‍ෂණික ආහාරවලින් ඈත්ව පෝෂ්‍යදායී සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරු වී නිසි ජල පරිමාව ලබාගැනීමෙන් දරුවන්ට ඇති වන මල බද්ධය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එහි වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි.

කැස්බෑව, ජඹුරලිය ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද් නිළධාරී ආයුර්වේද වෛද් ජගත් රුහුණගේ 

මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි

ශිෂ්‍යත්වයට අනවශ්‍ය ලෙස දරුවන් වෙහෙස කරවන මව්වරුන් Writers Cramp ගැන දන්නවද?

ජනප්‍රිය පාසැලක්, අම්මලාගේ සිහිනයයි. ශිෂ්‍යත්වය, අම්මලාගේ විභාගයයි. නමුත් මේ ස`දහා මුහුණ දෙන්නේ මල් වැනි දරු පැටවුන්ය. දරාගත නොහැකි වැඩ ප‍්‍රමාණයක් හිස මත පැටවෙන මේ විභාගය දරුවන්ට නම් හිසරදයකි. අහස උසට නැගෙන මව්පියන්ගේ අසාවන්, බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා මැද අනේක වාරයක් දරුවන් වෙහෙසවෙයි. සෙල්ලම් ළමාවිය අමතක කොට තුන්වන ශ්‍රේණියේ සිට දරුවන් ශිෂ්‍යත්ව විභාගයට වෙහෙසිය යුතුමය.

අද දවසේ පවතින වේගවත් අධ්‍යාපනික රටාවට මල් වැනි දරුවන් බිලිවී හමාරයි. නමුත් දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඔවුන්ට දරාගත හැකි සීමාවන් තුළයි. දරුවාට දරාගත නොහැකි තත්ත්වයකින් එය සිදු වුවහොත් ශාරීරික, මානසික හා චර්යාත්මක යන  ඕනෑම ආකාරයකින් ගැටලූ සහගත තත්ත්වයන් ඇති විය හැකියි. ඔබ කිසිසේත්ම නොසිතූ විශේෂ තත්ත්වයන් පිළිබ`ද අද දැනුවත් වෙමු. එනම් දරුවන්ගේ ලිවීම් රටාවන්, පෑන ඇල්ලීමේ ඉරියව්, හිඳගන්නා රටාව, හැසිරිම් රටා නිවැරදි නොවුණහොත් දරුවන්ට මුහුණපාන්නට සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් පිළිබ`දවයි.

ශිෂ්‍යත්ව විභාගයට මවගේ පෙරැුත්ත නොසලකා හැරීමට නොහැකි නිසාම ඒ වෙනුවෙන් අධික ලෙස වෙහෙස වුණු දියණියක් වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ස`දහා මා වෙත යොමු කෙරුණා. ඇයගේ කතාවයි මේ.

පාසැල අවසන පාසැලේ අමතර පන්ති ස`දහා සහභාගී වන මේ දැරිය ඉන් අනතුරුව අම්මාගේ පෙරැුත්ත මත තවත් ශිෂ්‍යත්ව පන්ති කිහිපයකටම සහභාගී විය. ග‍්‍රාමීය කුඩා පාසැලක ඉගෙනුම ලැබූ ඇයගේ මව්පියන් දුටු එකම සිහිනය වූයේ නගරයේ ජනප‍්‍රිය පාසැලක් වෙත කෙසේ හෝ ඇයව ඇතුළත් කරවීමයි. සති අන්තයේදීද ශිෂ්‍යත්ව පන්ති, දහම් පාසැල් නිසා ඇයට කිසිදු විවේකයක් නොවීය. වෙහෙස නොබලා නිවසේදී කරන්නට දුන් වැඩ කටයුතුද ඇයි විසින් සිදු කළේ අම්මාගේ ආසාව ඉටු කිරීමේ අරමුණෙන් විය හැකියි. මෙසේ ඇය ශිෂ්‍යත්වයට  සූදානම් වුවත් විභාගයට මාස හතරකට පමණ පෙර ඇයට අත් වූ ඉරණම අදහාගත නොහැකිව මව කදුළු සලන්නට විය. පන්තියේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යාවට සිදු වූ දෙය පිළිබ`ද ගුරුවරිය පුදුමයට පත්විය.

ඇයට සිදු වූයේ කුමක්ද?

ලීවීමේදී ඇ`ගිලිවල ඇතිවූ ගැටලූ සහගත තත්ත්වයක් නිසා ඇයට අකුරු ලියන්නට බැරි වීම මේ සියල්ලන් දුකට පත්වීමට මුල් වූ හේතුවයි. ඇය වෙහෙස වී අකුරු ලිව්වද ඒවා අවලස්සන, අපහැදිලි  තත්ත්වයෙන් ලියවිණි. අකුරුවල නිසි හැඩය අනුව ඇයට ලීවීමට නොහැකි විය. ඒ සියල්ලටම වඩා ඇයට මුහුණු දීමට සිදු වූයේ දැඩි වේදනාවකටය. විභාගයට ඉතා ආසන්නයේදී සිදු වූ මේ අනපේක්ශිත තත්ත්වය නිසා ඇයගේ ආත්ම ධෛර්යය හා විශ්වාසයද බි`දවැටෙන්නට විය.

මව්පිය දෙපළ ඇයව ඉක්මණින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ අතරම එතැනින් ඔහුව යොමු වූයේ ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙතයි. එහිදී සිදු කළ පරීක්‍ෂණවලට අනුව රෝග නිර්ණය වූයේ writers cramp යන තත්ත්වයයි. මේ තත්ත්වය ස`දහා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය යුතු යැයි ද තීරණය කෙරුණි. ඒ ආකාරයට ඇය මාගේ සායනය වෙත යොමු විය.

පූර්ණ රෝග තත්ත්ව වාර්තා සහ ඇගයීම්වලට පසුව සාමාන්‍ය ලිවීම් රටාව අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලයද එහිදී දරුවා පත්වන ගැටලූ හා අසීරුතාද මා නිරීක්‍ෂණය කළා.

Writers Cramp යනු අතේ හෝ යටි බාහුවේ මාංශ පේශීවල සිදුවන මස් පිඬු පෙරලීමකි. ලිවීමේදී හා සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදී මේ තත්ත්වය ඇති විය හැකියි. මේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක‍්‍රියාකාරීත්වයන් සඳහා නිවැරදි ඉරියව් භාවිත නොකිරීම මේ ස`දහා බලපාන සොයාගෙන ඇති අතරම මේ දැරිය පෙන්නුම් කළ ප‍්‍රධානම තත්ත්වය වූයේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි.

අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුත්තේ මහපටැ`ගිල්ල, දබරැු`ගිල්ල හා මැදගිල්ල එක්වන ^tripod grip& ඉරියව්වෙනි. ඇතැම් දරුවන් තමන්ටම අනන්‍ය වූ රටාවල් ඔස්සේ ඒ ඉරියව් සකසා ගන්නවා. ආරම්භයේ සිටම දරුවෙකු ලියන ඉරියව්ව වෙනස් නොකළද පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සිදුවන වැරදි ලිවීම් රටා අනිවාර්යෙන් වෙනස් කළ යුතු වේ. මේ දියණියද පසුකාලීනව මිතුරන් අනුකරණයෙන් ලත් වැරදි ඉරියව්වකට හුරුවී සිටි අතරම ඇය සමග කතාබහ කිරීමෙන් අනතුරුව වෙනස්කම් නිවැරදි කර පුහුණු ක‍්‍රියාකාරකම්වල ඇයව යෙදවීමට මට හැකි වූවා. තවද ඉඳ ගැනීමේ නිවැරදි ඉරියව් හා ලිවීමේදී සම්පූර්ණ යටි බාහුව හා අත මේසය මත තබා ගත යුතු බව පිළිබ`දවත් ඇයව දැනුවත් කළා.

අතට දැනෙනා වෙහෙස හා පීඩනය මත මාංශ පේශීන් තද වීම සිදු වූ අතර ඒ තත්ත්වය සමනය කරන්නට මාංශ පේශීන් සැහැල්ලූ කිරීමේ ව්‍යායාම මාලාවකට ^relaxation techniques& දැරිය යොමු වූවා. අවශ්‍ය අවස්ථාවන්හිදී මේ සැහැල්ලූ කිරිමේ ක‍්‍රම භාවිත කිරීමෙන් ඇයට ඇති වූ වේදනව සමනය වූවා. දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලයි. Writers Cramp තත්ත්වයට අමතරව අනෙකුත් ශාරීරික හා මානසික හේතූන් මත දරුවන් ලිවීමේ කුසලතාවල පසුබෑමකට ලක්විය හැකියි.

Writers Cramp තත්ත්වයට අමතරව ලිවීමේ නිවැරදිභාවය, පැහැදිලි හා හැඩතල නිවැරදි බව මෙන්ම ලිවීමට ඇති අකමැත්ත හා ප‍්‍රතික්ශේප කිරීම්ද දරුවන් තුළින් පෙන්නුම් කරන්නේ දරාගත නොහැකි පීඩන තත්ත්ව මතයි.

මෙම දැරියට ලබා දුන් මාංශ පේශි සැහැල්ලූ කිරීමේ සරල ව්‍යායාමවලට මෙන්ම පැහැදිලි කිරීම් රාශියකට අනතුරුව දෙමාපියන්ටද විශේෂයෙන් මේ පිළිබ`දව පැහැදිලි කළා. ශිෂ්‍යත්ව විභාගය සමත් වීම වැදගත් වුවත් දරුවෙකුට මානසිකව හා ශාරීරිකව දරාගත හැකි ප‍්‍රමාණය පිළිබ`දවද මව්පියන් දැනුවත් කළා. මසකට වරක් දැරිය සායනයට කැ`දවා ටිකෙන් ටික ඇයගේ තත්ත්වය සමනය වන බව තහවුරු කරගත් අතරම පාසල් වාර්තා සහ දෙමාපියන් ලබා දුන් තොරතුරු මගින් දැරියගේ තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇති බව තහවුරු වූවා. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බව මේ සියල්ල අවසානයේ අසන්නට ලැබුණු සතුටුම ආරංචිද වූවා.

කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක
ආචාර්ය කිත්මා වාසනා දහනායකගේ  B.Sc (OT) වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි.

දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුද?

වෛද්‍ය විද්‍යාත්මකව ජිනු වේරම් ලෙස හැඳින්හෙවන කුඩා දරුවන්ගේ පාදවල දක්නට ලැබෙන බකල තත්ත්වය දෙමාපියන්ට මහත් මානසික අසහනයකි. අන්න ඒ නිසා මෙම ලිපිය හරහා පාදවල ඇති වන බකල තත්ත්වයට සිදු කළ හැකි  භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව මව්පියන් දැනුවත් කිරීමටයි මේ සූදානම. උපතින් බොහෝ දරුවන්ගේ පාද බකල ආකාරයක් කරන අතරම වයස අවුරුදු එකහමාර දෙක පමණ වන විට එය ක‍්‍රමක‍්‍රමයෙන් මගහැරී යයි. වසර දෙකක් යන තුරු එය මගහැරී යයි ද නැතිනම් ප‍්‍රතිකාර කළ යුතුද යන්න නිගමනය කළ නොහැක. නමුත් මුල් අවස්ථාවේදීම තත්ත්වය හ`දුනාගෙන ප‍්‍රතිකාර ආරම්භ කළ යුත්තේ වර්ධනයත් සමග මාංශ පේශි හා අස්ථි ඝන වීම නිසා ප‍්‍රතිකාර ප‍්‍රමාද කළහොත් දැඩි ආයාසයක් දැරිය යුතු බැවිනි.

බකල කකුල් ඇති වීමට හේතු

  • දරුවන් ස්වෝත්සහයෙන් නැ`ගී සිටීමට පෙර දෙමාපියන් විසින් දරුවන් නැ`ගිටුවා තැබීමට උත්සාහ දැරීම
  • දරුවන්ගේ අධි බර  තත්ත්වය නිසා සිරුරේ බර පාදවලින් දරා සිටීමට අපහසු වීම
  • ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය
  • මාංශ පේශිවල දුර්වලතා
  • දරුවකු  නිසි  වයසට  පෙර  සිටගන්නා විට
  • ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම
  • ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය

 

රතිකාර ඇරඹීමට පෙර තහවුරු කරගත යුතු මූලික තත්ත්වයන් වන්නේ

  •  ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැලඳී ඇත්දැයි යන්න
  • දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් තිබේද යන්න
  • සීරම් කැල්සියම් මට්ටම යන කරුණු පිළිබ`දවයි.

මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේදී මූලික අවධානය යොමු වන්නේ විශේෂයෙන්ම පාදයේ Quadriceps පේශි ශක්තිමත් කිරීම සම්බන්ධවයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථි වෙත යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකි.ග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම ඒ අතරින් එක් ප‍්‍රතිකර්මයකි. පාදයේ මාංශ පේශි ශක්තිමත් වීම එමගින් සිදු වන අතරම අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග‍්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග‍්‍රෑම් 50ක පමණ ප‍්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීම ද සුදුසු ප‍්‍රතිකර්මයක් වේ. එහිදී ද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ඊට අමතරව ට‍්‍රයිසිකල් පැද වීම, තරප්පු නැ`ගීම, දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඞ් ස්පලින්ට් (Mermaid splint) හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම ද කළ හැකිය. දරුවා රාත‍්‍රියේ නිදාගත් අවස්ථාවේ පැය 5ක් 6ක් පමණ පතුරු තබා බැඳීම (පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකි බැවින් ඒ පිළිබ`දව සැලකිලිමත් විය යුතුය.

ප‍්‍රතිකාර කරන අතරතුර දරුවාගේ වළලූ කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර පරතරය තිබූ තත්ත්වයට වඩා ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වී ඇති බව තහවුරු වන්නේ නම් ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම ඔබට තහවුරු කරගත හැකිය.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

අවුරුද්ද සම්පූර්ණ ඔබේ දරුවාට “මොළේ උණට” එන්නත දුන්නද?

ඔබට මතකද?

1985, 1986 වසරවල උතුරු මැද පලාතේ වසංගතයක් ලෙස පැතිර යමින් විශාල පිරිසක් මරණයට පත් වූයේ කුමන රෝගයක් නිසාද යන්න.

ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොදින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි. ඩෙංගු රෝගය බෝ කරන වෛරස පවුලටම අයත් වන දින 5ත් 15ත් අතර බීජෞසන සමයක් ඇති ෆ්ලේවි වෛරසය මගින් ඇති වුව ද මේ තත්ත්වය බෝවන ආකාරය ඩෙංගු රෝගය බෝවන ආකාරයට වඩා වෙනස් වේ. වෛරසය ආසාදිත ඌරන්, ජලාශ‍්‍රිතව වෙසෙන කුරුල්ලන් දෂ්ඨ කර රුධිරය උරා බොන මදුරුවන් නැවත පැමිණ මිනිසුන් දෂ්ඨ කළ විට රෝගය බෝ වීම සිදු වේ. මේ සදහා කියුලෙක්ස් නම් වූ මදුරු විශේෂය හේතුවේ.

මෙම ජපන් එන්සෙපලයිටීස් ෆ්ලේවී වෛරසය ආසාදනය වී රෝගී වූ මෙවැනි සතුන් වෙතින් රෝග ලක්‍ෂණ පිටතට පෙන්නුම් නොකරන අතරම වෛරසය ගුණනය වෙමින් පවතී. මිනිසුන්ට මෙම රෝගය බෝ වන්නේ අහම්බෙනි. මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ රෝගය බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එනම් මෙම රෝගය ඇති මිනිසෙකු දෂ්ඨ කළ මදුරුවෙක් වෙනත් මිනිසෙකු දෂ්ඨ කිරීමෙන් රෝගය බෝ නොවේ. අසාදිත සතෙකු දෂ්ඨ කළ මදුරුවෙකු මිනිසෙකු දෂ්ඨ කළ විට පමණක් රෝගය බොවේ.

1935 වර්ෂයේදී රෝග ආසාදනයට ලක්වූ කුඩා දරුවෙකු මාර්ගයෙන් ජපානයේදී හ`දුනාගත් නිසා මෙම රෝගයට ජපන් එන්සෙපලයිටීස් යන නම භාවිත වේ. අද වන විට මේ තත්ත්වය ලංකාව තුළ මෙන්ම ආසියාතික අනෙක් රටවල්වල ද විශාල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව තිබේ.

මොළේ උණ රෝගයට ගොදුරු වන්නේ, කුඹුරු අශ‍්‍රිතව සහ ඒ ආශ‍්‍රිත දිය කඩිතිවල නිතර නිතර ගැවසෙන, ඒ ආශ‍්‍රිතව තම ජීවනෝපාය මාර්ගය සිදුකරගෙන යන පිරිස්ය. බහුලව වාර්තා වී ඇත්තේ ද එවැනි ස්ථානවල නිතර ගැවසෙන පිරිස්ය.

වෛරසය ශරීරගත වී මුල් අවස්ථාවේ රෝග ලක්‍ෂණ

  • තද උණ
  • වමනය
  • හිසේ කැක්කුම

වෛරසය ශරීරගතවී දින කිහිපයක් ගත වූ පසු රෝග ලක්‍ෂණ

  • වලිප්පුව
  • අත් පා අප‍්‍රාණික බව
  • සිහි මුර්ජා වීම

මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමය. රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30% දක්වා ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථිර ස්නායු දුර්වලතා ඇති විය හැකිය.

උතුරු මැද සහ වයඹ පලාත්වල 1985 සිට 1988 දක්වා කාලසීමාව තුළ වරින් වර මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ නිසාම 1988 දී එම ප‍්‍රදේශයන්හි වයස අවුරුදු 1 – 10 අතර දරුවන්ට ජපන් එන්සෙපලයිටීස් අජීවී එන්නත මාත‍්‍රා 4ක් ලෙස ලබා දීම ආරම්භ විය. එමගින් රෝග තත්ත්වය පාලනය කරගත හැකි වූ අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 2011 වසරේ සිට දිවයින පුරා රජයේ සායන හරහා එන්නත ලබාදීම ඇරඹිණි.

මෙහි එන්නත් වර්ග 2කි. එනම්,

  • පටක රෝපිත ජීවී SA 14-14-2 (2009 වසරේ සිට අද දක්වා ලබා දෙයි.)
  • අජීවී එන්නත (මීයන්ගේ මොළයේ සාදනු ලබන)

අජීවී එන්නත, නකයාම (1988 සිට 1992 දක්වා ලබා දෙන ලදී) සහ බේජින් (1982 සිට 2008 දක්වා ලබා දෙන ලදී) ලෙස වර්ග දෙකකි.

අජීවී එන්නතතේ අතුරු ආබාධ වාර්තා වීම සහ මිල අධික නිසා 2011 වසරේ සිට චීනයේ නිපදවුණු ආරක්‍ෂාකාරී සහ ක‍්‍රියාකාරී පටක රෝපිත ජීවී එන්නතේ SA 14 – 14 – 2 ප‍්‍රභේදය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලදී.

වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත‍්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේ. අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ.

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ ස`දහා එන්නත් ලබා නොගත් වැඩිහිටියන්ට රෝගය වැළදුණු බව කලාතුරකින් වාර්තා වුවද එන්නත් ලබාදුන් දරුවන්ට රෝගය වැළදුණ බවට වාර්තා නොමැත.

එසේම ජපන් එන්සෙපලයිටීස් රෝගය නොමැති රටවලින් පැමිණෙන සංචාරකයන් ස`දහා මෙම රෝගයෙන් වැළකී සිටීමට ජීවී එන්නත ලබාදීම සිදුකෙරෙන අතරම දීර්ඝ කාලීනව ලංකාවේ රැු`දී සිටින පිරිස් වෙත පළමු මාත‍්‍රාවෙන් වසරකට පසු දෙවන මාත‍්‍රාව ලබාදීම අනිවාර්ය වේ.

ජපන් එන්සෙපලයිටීස් ජීවී එන්නත ලබාදීම සුදුසු නොවන්නේ

  • ගර්භණී මව්වරුන්ට
  • අපස්මාර තත්ත්වය ඇති අයට
  • ක‍්‍රියාකාරී ස්නායු රෝග ඇති අයට (උපතින්ම ස්නායු රෝග ඇති අය නොවේ)
  • ප‍්‍රතිශක්තිකරණ ඌනතා රෝග ඇති අයට (ඒඞ්ස්, පිළිකා රෝගීන් වැනි)

සැමවිටම ඔබත් ඔබේ දරුවාත් භයානක රෝග තත්ත්වයන්ගෙන් වැළකෙමින් නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්න. ඒ ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රතිශක්තිකරණ එන්නත් පිළිබ`ද උපදෙස් පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ලබා ගැනීමට කල්පනාකාරී වන්න.

එන්නත් සහ වෛරස් රෝග පිළිබ`ද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය
සමග සිදු කෙරුණු සාකච්ජාවක් ඇසුරෙනි.

දැන් ඔයා තාත්තා කෙනෙක් නේද ?

අනිවාර්්‍යයෙන්ම ඔබේ සාමාන්‍ය දෛනික ජීවිතය වෙනසකට ලක්ව ඇති. වෙනදාට වඩා ඉක්මණින් ගෙදර යාමේ අවශ්‍යතාවය දැනෙනු ඇත. ඔබේ අලුත් අමුත්තා සුරතල් කරන්නට ආදරය කරන්නට ඔබට ඉස්පාසුවක් නැතිව ඇති. නිදන මේ හුරතලා සිහිනයෙන් හඬන විට හිනැහෙන විට සිත පුරා මෝදු වන ආදරය හරිම සුන්දරයි නේද?  එහෙත් පළමු දින කිහිපය තුල බිරිඳ කොයි මොහොතේ බැලුවත් අලුත් අමුත්තා සමඟම නව බැඳීමක් ගොඩ නඟන විට තනියක් වගේ හිතට දැනේවී.

“දරුවට මාව අවශ්‍ය නැහැ. එයාට අම්මා හිටියම ඇති  “යැයි ඔබට සිතෙන එක නිවැරදිද?

නැහැ කොහෙත්ම නැහැ, ඔබව දරුවාට ඉතා වැදගත්. දරුවාගේ මොළය වර්ධනය වන්නට නම් දරුවන්ගේ ඉන්ද්‍රියයන් උත්තේජනය කරන්නට අවශ්‍යයි. ඒ කාර්්‍යයට ඔබටත් සම්බන්ධ විය හැකිය. දරුවා වඩා ගැනීම, නැළවීම, බිළිඳු බසින් දරුවා හා කථා කිරීම දරුවා හා ඔබ අතර බැඳීම වර්ධනය කරනු ඇත. ඔබ දරුවා බලා ගැනීම එක් අතකින් ඔබේ බිරිඳට කරන උදව්වකි. වැදගත් කාරණය දරුවා ඔබ බලාගතයුත්තේ ඔබේ ස්මාර්ට් ෆෝනය, පරිඝණකය , රූපවාහිනිය ක්‍රියාවිරහිත කරල නම් බෙහෙවින්ම හොඳය. නැති නම් ඔබේ අවදානය වෙනත් දෙයකට යොමු වූ විට දරුවාට නිසි ලෙස අවදානය යොමු කිරීමට ඔබට නොහැකිවේ.

“තාත්තලාට දරුවන් හරියට බලා ගන්න බැහැ” යන මතයෙ ඔබ සිටිනව නම් වහාම ඒ මතය වෙනස් කර ගන්න.  දරුවා සමඟ සමීපව කටයුතු කරන විට දරුවාගේ හැඟීම් දැනීම් වලට ඔබ නිරායාසයෙන්ම හුරු වනු ඇත. එය ඔබේ බිරිඳටද මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. එසේම දරුවන් හා ඔබ අතර ඇති වන ආදරණීය බැඳීමට වඩාත්ම ආදරය කරන්නේ ඔබේ බිරිඳය. එය පවුලේ සාමය සතුට සඳහා ද ඉවහල් වනු ඇත.

දරුවාගේ අපවිත්‍ර ඉවත් කිරීමද ඔබට මුල් අවදියේදී යම් අපහසුතාවයක් ගෙනෙනු ඇත. එහෙත් ඒ ඔබගේ දරුවාය.දරුවන්ගේ ජීවිත  වලට වගකිව යුත්තා ඔබය . එවන් සුවිසල් වගකීමක් දරන ඔබට  දරුවාගේ අපවිත්‍ර ඉවත් කිරීම නොකලහැක්කද?

දරු ප්‍රසූතියෙන් පසු ඔබගේ බිරිඳගේ මානසිකත්වය වටහා ගැනීම ඉතාමත් වැදගත්ය. වේදනාබර ප්‍රසූතියත් සමඟම ඇගේ හෝමෝන අතිධාවනයක යෙදී ඇත. ඇයට සැනසීමෙන් එක දිගට නින්දක් ලැබෙන්නේ ද නැත. ඇය යම් වික්ෂිප්තබාවයකින් පසුවනවා විය හැකිය. එසේම ඇතැම් විට ඇය කරන කියන දේවල් පවා ඇයට නිනව්වක් නැතිවන්නට හැකිය. ඔබගේ අවදානය ඇයට නිතැතින්ම ඇවසිවන්නේ එහෙයින්ය.

අලුත් සිඟිත්තා ඇතැම් විට හඬන විට” ඇයි මේ දරුවා අඬන්නේ ? ” කියා ඔබ බිරිඳගෙන් විමසුනු ඇත. එහෙත් ඔබ මෙන්ම ඇයත් හැඬිමට කාරණය නොදන්නවා විය හැකිය. ඔබ එසේ අසන විට ඇය තව දුරටත් කළබලයට පත්වෙයි. දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ මානසිකව දරා ගැනීමේ ශක්තිය දින කිහිපයක් පමණ දුර්වලවන බව මා විශ්වාස කරමි. මේ සෑම අවස්ථාවකම ඇයට අවශ්‍ය වන්නේ සහයට කෙනෙක් බැවින් ඒ පිළිබඳව සිතන්න.

දරුවා ලැබෙන්නට පෙර ඔබ අසලම දැවටුන බිරිඳ දැන් ඔබ අසලට එන්නෙත් අවශ්‍යතාවයකට පමණය. එසේම වෙනදා සිදු කර දුන් ඔබේ වැඩ කටයුතු පවා ඇය අතින් අත පසු විය හැකිය.” දරුවා ලැබුනට පස්සෙ එයා වෙනස් වෙලා” යැයි නිතැතින්ම ඔබේ සිතට වද දෙනු ඇත. ඇත්තටම ඇය වෙනස්ව ඇත. පෙර නොවූ නව වැඩ කටයුතු රාශියක් දැන් ඇයට සිදුකරන්නට සිදුවේ. එහෙයින් ඇයගේ වැඩ පහසු කරගන්නට ඇයට උදව්වන්න.

දැන් ඔබට පවුලක් තිබේ. දරන්නට වගකීම් රාශියක් ඇත. ඉතින් ඔබට ඉස්සරෝම දවස් වල මෙන් ජීවිතය දෙස සැහැල්ලුවෙන් දකින්නට නොහැකිය. එහෙත් ඔබට ජීවිතය විඳින්නට හැකිය.

නිදන නුඹෙ දෙතොල් මත

ඇඳෙන කිරි සිනහව ළඟ

සිහින් හැඬුම ළඟ

මගේ මුළු ලෝකයම නැවතිලා…

මේ තරම්ම හිත උණුහුම් කර

ස්නේහයේ හැඟුමන් පුපුදා

මා විශ්මයට පත් කරන්නට

නුඹට හැකිවූ අපූරුව…

පීතෘත්වයේ කිරුළ

මගේ හිස මත පැළැන්දුව නුඹට

ආදරෙයි මහ හුඟක් මම…