Home Blog Page 23

වේදනාව කළමනාකරණය කර ගෙන ජීවත්වෙමු.

අපේ ජීවිතයේදී විවිධ අවස්ථාවන්හිදී විවිධ හේතුන් නිසා අපට වේදනාව සමග ජීවත්වීමට සිදු වෙනවා. වේදනාව කියන්නේ අපට නුපුරුදු ශාරිරික සහ මානසික සංවේදී බවක්. මෙය දරා ගැනීම අපහසුයි. වේදනාව සමග ජීවත්වීම අප හිතන තරම් සරල තත්වයක් නොවෙයි. එක් එක් පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව වෙනස්. ඒ නිසාම ඇතැම් අවස්ථාවලදී වේදනාව දරා ගත නොහැකිව ඇතැම් පුද්ගලයන් සිය දිවි නසා ගැනීමට තරම් යොමු වෙන අවස්ථා තිබෙනවා.

තවමත් අපි වේදනාව සමග ජීවත් වීමට හුරු පුරුදුව සිටියත් වේදනාව සමනය කරගෙන අපේ ජීවිතය ගෙවන හැකියාවක් තිබෙන බැව් ඔබ නොදන්නවා ඇති. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය , මහා බ්‍රතාන්‍ය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල වේදනා කළමනාකරණ ප්‍රතිකාර ගැන රෝගීන් දැණුවත්. ශාරිරික වේදනාව සත්වයන් විසින් දරා ගත යුතුයි නියමයක් නැහැ. වේදනාව කළමනාකරණය (pain managementපිළිබඳ ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා. එංගලන්තයේ  සෞඛ්‍ය අයවැය ලේඛනයට අනුව වේදනාව කළමනාකරණයට පවුම් බිලියන 138 ක් වැය කරනවා. එයිනුත් කොන්ද කැක්කුමට පවුම් බිලියනයක් වෙන් කරනවා. එංගලන්තයේ කොන්ද වේදනාව නිසා අහිමි වෙන දින ගණන මිලියන 5 ක් (වැඩ කරන දින ගණන රෝගින්ගෙන් ගුණ කිරීම ) බවට වාර්තා වෙනවා.

වේදනාව නැතුව ජීවත්විම පුද්ගලයාගේ අයිතියක්. කිසිම කෙනක් වේදනාවෙන් ජීවත්විය යුතු නැහැ. 

වේදනාව ඇති වෙන අවස්ථාව

වේදනාව ගැන සඳහන් කරන විට දරු ප්‍රසුතියේදී ඇති වෙන වේදනාව දරුවා ලැබීමෙන් පසුව නැති වෙනවා. ඒ වගේම ඇපෙන්ටිසයිටිස්, වකුගඩු ගල් වැනි රෝග තත්වයේදී අදාල ශල්‍ය කර්මයකින් පසුව වේදනාව නැති වෙනවා.එවැනි වේදනාවන් කාලය සහ ප්‍රතිකාර සමග සහනයක් ලැබෙනවා. නමුත් වේදනාව නිසා අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සමබරව පවත්වා ගැනීමට අපහසු තත්වයක් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා වේදනාව ඇති වෙන ආකාර කීපයක් ගැනත් දැන ගැනීම ඉතා වැදගත්.

Nociceptive pain – හදිසි අනතුරක්, ශල්‍ය කර්මයක් වැනි අවස්ථාවන්හිදී ඇති වෙන වේදනාව. මෙය සීමිත කාලයකින් අවසාන වෙනවා. 

Neurodic- pain වේදනාව හෙවත් ස්නායුවල ඇති වෙන වෙනස්කම් නිසා ඇති වෙන වේදනාව. උදාහරණයක් විදිහට කිව්වොත් දියවැඩියාව වැනි රෝග නිසා ඇති වෙන පාද වේදනාව.

Chronic –pain ඒ වගේම යම් කිසි හේතුවක් නිසා ඇති වෙන උග්‍ර වේදනාව වගේම කල් පවතින හෙවත් chronic –pain- නිසා පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයට පවා යම් කිසි පසුගාමි බවක් ඇති වෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් වේදනාව නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 90% ක්ම කොන්ද ආශ්‍රිත වේදනාවන්ගෙන් පීඩා විඳිනවා. බ්‍රිතාන්‍යයේ වැඩිම දෙනෙක් කොන්ද වේදනාව ( ගෙල සිට පහළ ප්‍රදේශය දක්වා ) ට ප්‍රතිකාර ලබා ගන්නවා.මහා බ්‍රිතාන්‍යයේ ජනතාවගේ ජාන තත්වය අනුව අස්ථි එතරම් ශක්තිමත් නැහැ.

වේදනාවට ප්‍රතිකාර අවශ්‍ය ඇයි…?

අපි මෙතැනදී වේදනාවට පසුබිම් වුන හේතුන් ගැන වැඩි අවදානයක් දැක්විය යුතුයි. උදාහරණයක් විදිහිට කිව්වොත් කොන්ද ආශ්‍රිත වේදනාව ඇති වෙන හේතු කීපයක් තිබෙනවා.මාංශ පේශිවල තත්වයන්, අස්ති පිලිබඳ ගැටලු, කොදු ඇට පෙලේ සම්බන්ධතාවයන් විතැන් වීම නිසා වේදනාව ඇති වෙනවා.නමුත් අපි වේදනාව කළමනාකරණය කර ගැනීම වැදගත් .

  • එදිනෙදා ජීවිතය අපහසුවක් නොවන පරිදි ගත කිරීම
  • රෝගය සමග ජීවත්වීමට
  • ජීවිතයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමට නම් වේදනාව කළමනාකරණය කර ගැනීම වැදගත්.

ශාරිරික ලෙසින් අපට වේදනාව ඇති වීමට හේතු සාධකය හඳුනා ගැනීම ඉතාම වැදගත්. එසේ නොමැතිව වේදනානාශක මගින් යම් සහනයක් ලබා ගැනීමට වඩා රෝගයට ප්‍රතිකාර ලබන අතරවාරයේදීම රෝගය නිසා ඇති වෙන වේදනාව මර්ධනය කර ගෙන ජීවත්වීම ඉතාම වැදගත්. මහා බ්‍රිතාන්‍ය වැනි රටවල වේදනා මර්ධන ප්‍රතිකාර පිළිබඳව සමාජය දැණුවත්ව සිටියත් ශ්‍රි ලංකාවේ තවම මේ පිලිබඳව වූ පනිවිඩය සමාජගතව නැහැ.

ඒ වගේම රෝගියෙක් තමන්ගේ වේදනාවේ තිව්‍රතාවය ගැන වෛද්‍යවරයාට දැණුම් දීම වැදගත්. මේ වෙනුවෙන් බි්‍රතාන්‍යයේ අනුගමනය කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව 0 සිට 10 දක්වා වූ අගයකින් රෝගියා විසින්ම වේදනාව තක්සේරු කරනවා. My pain is 8 . එහෙම නැත්නම් My pain is 5 . මෙම ගනණය visual analog score යනුවෙන් හැඳින්වෙනවා. මේ විදිහට රෝගියා විසින්ම ලබා දෙන තක්සේරුවෙන් ආරම්භ කරන වේදනා කළමනාකරණය සමග ප්‍රතිකාර අවසානයේදීත් රෝගියාට වේදනාවෙන් ලැබෙන සහනය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවේදී My pain is 8 . ප්‍රකාශ කළ රෝගියා දැන් My pain is 2. යැයි කියන්න පුලුවනි.  රෝගියා සමග අවම වශයෙන් විනාඩි පහළොවක්වත් සාකච්ඡා කිරීම මගින් වේදනාවේ තත්වය ගැන වෛද්‍යවරයාට තක්සේරුවක් ලබා ගන්න පුලුවනි.

වේදනා මර්ධනය ගැන දැණුවත්බව ලබා ගැනීම…

වේදනා මර්ධනය පිළිබඳව වූ පණිවිඩය රෝගියා වෙතට සන්නිවේදනය වීම ඉතාම වැදගත්.නමුත් බොහෝ අවස්ථාවන්හිදී රෝගියාගේ වේදනාවටත් අදාල ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛදන්‍වරයා විසින්ම අදාල වේදනා නාශක නියම වීම සිදු වුනත් අදාල වේදනාව පාලනය කිරීම සඳහා වූ ප්‍රතිකාර ලබා ගැනීමට වේදනා මර්ධනය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතට යොමු වීමක් සිදු වෙන්නේ නැහැ.

ඒ නිසාම වේදනා මර්ධනය සඳහා විශේෂිත ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියාට අවස්ථාවක් තිබෙන බවට දැණුවත් කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට මාරාන්තික පිළිකා රෝගියෙක් දරුණු අන්දමින් හෙවත් කල්ගතවන වේදනාවෙන් පීඩා විඳිනවාට වඩා එඒ රෝගියාට වේදනාව පාලනය කර ගෙන ජීවත්වෙන කෙටි කාලය ගත කිරීමට අවස්ථාවක් ලබා දීම ඉතාම වැදගත්. පවුලේ අය විසින් පිළිකා රෝගියාට ලබා දෙන කාරුනිකබව (tender loving care) සමග තම සමීපතයාට වේදනාවක් නැතුව ජීවත්වීමට සහයෝගය ලබා දීම වැදගත්.

ඒ වගේම නව වෛද්‍ය විද්‍යාත්මක දැණුම සමාජගත කිරීමත් ඉතාම වැදගත්. දැනුම දිනෙන් දින අලුත් වෙනවා. යාවත්කාලීන වෛද්‍ය විද්‍යාත්මක දැණුමත් පුද්ගලයන් අතරට එකතු කිරීම අවශ්‍යතාවයක්. 

වෛද්‍ය ශිෂ්‍යන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙසින් වේදනා කළමනාකරණයත් (pain management) විෂයක් ලෙසින් ඇතුලත් කිරීම. 

වේදනා නාශක ලබා දීම ගැනත් ප්‍රවේසම් වීම…

රෝගියෙක් තමන්ගේ රෝගයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට වේදනාව ගැන පැමිණිලි කරනවා නම් වේදනා නාශක ලබා දීම එකම විකල්පය නොවෙයි. මෙතැනදී වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු වෛද්‍ය පිළිවෙත් කීපයක් තිබෙනවා.

  • රෝගියාගේ වයස
  • රෝග තත්වය සහ වේදනා නාශකවලින් ඇති වෙන බලපෑම
  • වේදනා නාශක මාත්‍රාව
  • අක්මාව, වකුගඩු රෝගින්ට වේදනා නාශක ලබා දීමේදී අනුගමනය කළ යුතු විශේෂිත පිලිවෙත්.
  • ඒ වගේම දැඩි ලෙසින් වමනය යන රෝගියෙකුට වේදනා නාශක ශිරාගතව intervention ලබා දීමට සිදු වෙනවා.

වේදනා මර්ධනය කිරීමේදී ඉහත දැක්වෙන කරුණු සියල්ලම සලකා බලනවා.ඒ අනුව වේදනා මර්ධනයේදී අනුගමනය කරන පිලිවෙත් කීපයක් තිබෙනවා.

  • ශාරිරික ප්‍රතිකාර- physical – theraphy
  • වේදනා නාශක- pain killers
  • මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර- psycho theraphy
  • වේදනා නාශක පැලැස්තර- patch

වේදනා මර්ධන ප්‍රතිකාර හෙවත් වේදනාව කළමනාකරණය කිරීමේදී අපි රෝගියාව දැඩි ලෙසින් නිරීක්ෂනය කරනවා. වේදනා නාශක මාත්‍රා්‍රව අඩු වැඩි කිරීම, රෝගියා වේදනා නාශක වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය නිරීක්ෂනය කරමින් වෛද්‍ය පිලිවෙත් අනුගමනය කරන නිසා රෝගියාගේ වේදනාව පාලනය ඉතාම වගකීමෙන් සුදු වෙනවා. ඒ වගේම මෙම වෛද්‍ය පිළිවෙත් මෙතෙක් සිදු කරන ලද විවිධ අධ්‍යනයන්  ^ evidence – base &) පාදක කර ගෙන සිදු කරන නිසා ආරක්ෂාව ගැනත් සහතිකයක් තිබෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වේදනා මර්ධනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා

MBBS, FFARCS, FFPMCA

ලන්ඩන් පේන් ක්ලිනික්  ( මහා බ්‍රිතාන්‍යයේ  වෛද්‍ය සභාවේ සහ ශ්‍රි ලංකා විශේෂඳ වෛද්‍ය ලැයිස්තුවට ඇතුලත් )

 

 

දරුවන් තුළ ගැටළු විසඳීමේ හැකියාව වර්ධනයට අප විසින් කළ යුත්තේ මොනවාද?

දරුවෙකුගේ සංවර්ධනය තීරණය කරනු ලබන්නේ ඔහුගේ ප‍්‍රවේණිය හෝ ආරය එනම් ජාන මගින් වන අතර එම දරුවාගේ සංවර්ධනය නිරූපණය වන්නේ වැඩෙන දරුවෙකු තුල හට ගන්නා ආරයේ හා පරිසරයේ අන්තර් ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙසියි. සාමාන්‍යයෙන් සංවර්ධනයෙන් හරි අඩක් ජාන වලින් තීරණය කරන අතර ඉතිරි අඩ ඔහුට ලැබෙන පරිසර සාධක මගින් තීරණය වේ. මේ නිසා දරුවා හැදෙන වැඩෙන පරිසරය මතින් ඔහුගේ සංවර්ධනය ධනාත්මක ලෙස ඉහළ නැංවිය හැකියි. මෙසේ හෙයින් ඔහුගේ සංවර්ධනයට බලපෑ හැකි අහිතකර පරිසර සාධක වන්නේ,

  • නිසි පරිදි පෝෂණයක් නොලැබීම.
  • නිතර නිතර රෝග අසනීපතාවයන්ට ගොදුරු වීම දීර්ඝකාලීනව පවතින රෝග තත්ත්ව. 
  • අනතුරු වලට ලක්වීම. 
  • විෂ රසායනික ද්‍රව්‍ය සඳහා නිරාවරණය වීම. (පලිබෝධ නාශක, නුසුදුසු ඖෂධ, විෂ ද්‍රව්‍ය)
  • සංවර්ධනය සඳහා ලැබෙන උත්තේජන අවස්ථා අඩුවීම. 

දරුවා වැඩෙත්ම පරිසර උත්තේජන නොමැති වූ කල ජාන ගත පසුබිම කෙතරම් හොඳ වුවද එයින් දරුවාට ප‍්‍රයෝජනයක් නොවේ. කායික හා මානසික අවශ්‍යතා සම්පූර්ණ ලෙස සැපිරිම දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලියට බෙහෙවින් බලපායි. මේ කායික හා මානසික අවශ්‍යතා විවිධ වයස් වලදී විවිධ මටිටම් වලින් අවශ්‍ය වේ. 

කායික අවශ්‍යතා

දරුවන්ගේ ජීවිතයට එල්ලවන විවිධ අභියෝග සඳහා හොඳින් මුහුණදීමට ඔවුන් කායික වශයෙන් මනා ලෙස ශක්තිමත් විය යුතුයි. ශක්තිමත් කායික අවශ්‍යතා සපිරුණු දරුවන්ගේ මොළය තුල ක‍්‍රියාකාරීත්වය, ස්නායු සමායෝජනය හොඳින් සිදු වේ. මෙය දරුවන්ගේ ගැටළු විසඳා ගැනීමේ හැකියාව ලැබීමට මූලිකම හේතුවක් වේ. කායික අවශ්‍යතා පරිපූර්ණ වීමට නම් නිසි පෝෂණයක් දරුවාට ලැබිය යුතුමය. බුද්ධි වර්ධනය සඳහා නිසි පෝෂණයක් දරුවා ලැබිය යුතුමය. බුද්ධි වර්ධනය සඳහා නිසි පෝෂණය ලැබිය යුතුවාක් මෙන්ම සීග‍්‍ර වර්ධනයක් සිදුවන කාලවකවානුව බැවින් වර්ධනය සඳහා අවශ්‍ය වූ ආහාර දරුවා ලැබීම යහපත් වේ. ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය සඳහා පෝෂණය මගින් කරනු ලබන බලපෑම වන්නේ නිසි වයසට නිසි අයුරින් මොළයේ වර්ධනය හොඳින් සිදුවන හෙයින් දරුවාගේ ධාරණ ශක්තිය අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය වීමයි. එසේම අවයව අතර සමායෝජන ක‍්‍රියාවලි සඳහා කුසලතා වර්ධනය මීට සමගාමීව සිදු වේ. නිසි වර්ධනය නිසි පෝෂණය වූ කලී දරුවා ඉපදී මුල් මාස 6 මව් කිරෙන් පමණක් පෝෂණය කිරීමත්, මාස 6 න් පසු නිසි පරිදි අමතර ආහාර පටන් ගැනීම වසරක් සම්පූර්ණ වූ දරුවන් සම්පූර්ණ පෝෂණයෙන් සපිරි වැඩිහිටි ආහාරයට පුරුදු පුහුණු කිරීම් නිසි පරිදි නියමිත කාලාන්තර වලදී දරුවාගේ බර, උස හා උසට සරිලන බර බැලීම තුලින් වර්ධනය පිළිබඳ ඇගයීමට ලක් කිරීමත් ඒ මගින් අවශ්‍ය පරිදි පෝෂණය සඳහා මැදිහත් වීම සිදු කර නිසි පෝෂණය සුරක්‍ෂිත කිරීමට පියවර ගැනීමත් වැදගත් වේ. මුල් මාස 6 මව්කිරි පමණක් දීම තුලින්, අවශ්‍ය පරිදි නිසා වර්ධනයක් සිදු වන අතරම මව් දරු සම්බන්ධතාවය, ආදරය, රැකවරණය මතින් ලැබෙන උත්තේජනය දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලි තීව‍්‍ර ලෙස උත්තේජනය සිදු වේ. මේ ශක්තිමත් බැඳීම කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යයද සුරක්‍ෂිත වීම සඳහා මූලික අඩිතාලම වැටේ. මෙසේ සිදුවන විට දරුවාගේ හැඟීම් දැනීම් මෙන්ම කුසලතා සංවර්ධනයටද ලැබෙන අවස්ථා පරිපූර්ණ හෙයින් මොළයේ සංවර්ධනයද ප‍්‍රශස්ත ලෙසම සිදු වේ. මේවායේ ප‍්‍රතිඵලය වන්නේ යමක් තෝරා බේරා ගැනීමේ හැකියාව වැඩිවන හෙයින් දරුවාට මතුවන ගැටළු වලදී ඒවා විසදා ගැනීමේ හැකියාව වර්ධනය වේ. 

පෝෂණයේ දුර්වලතා හෝ අනතුරු තුවාල හෝ බෝවන ලෙඩ සඳහා ගොදුරු වීම දීර්ඝකාලීන රෝගාබාධ නිසා ශරීරයේ ඇති වන ආතති ප‍්‍රතික‍්‍රියාවන් නිසා ස්නායු පරිපථ සංවර්ධනයට අවහිරතා ඇති විය හැකියි. මානසිකව ඇති වන පීඩාවන්ගෙන් තොර දරුවන්ට නිදහසේ හැසිරීමට හැකි ජීවන රටාවක් උරුම කරවීමට සංවර්ධන ක‍්‍රියාවලි ප‍්‍රශස්ත කිරීමට හේතුවක් වේ. එසේම නිවැරදි යහපත් සෞඛ්‍ය පුරුදු, නිවැරදි හා ආරක්‍ෂිත සනීපාරක්‍ෂක ක‍්‍රමවේද හිමි කරලීම ආදියද දරුවන්ග් ප‍්‍රශස්ත වර්ධනයට හේතුවක් වේ. සෞඛ්‍යමත් බවින් හෙබි ජීවන රටාවද ළඟා කර දෙන සැනසිල්ල හා සැහැල්ලූව දරුවන්ගේ චින්තන ශක්තිය තුල ඇති කරන ප‍්‍රබෝධය ගැටළු විසඳීම සඳහා ඇති ශක්තිය වර්ධනය කරයි. 

හදිසි අනතුරු, තුවාල වීම් වැනි දරුවාට ආතතිය ඇති කරන අවස්ථා අවම කිරීමද ඉතා වැදගත් වේ. එසේම වස විෂ හෝ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම තුලද, මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි අහිතකරතාවයන් සහිත සමාජ නිරාවරණයද කායික හා මානසික දුර්වලතා සඳහා හේතු විය හැකිවා මෙන්ම මොලයට හානි වීමට ඇති ඉඩ ප‍්‍රස්තා වැඩි වීමද දරුවන්ගේ ගැටළු විසඳීමේ ඇති හැකියාව මර්ධනය කරන හෙයින් මෙවන් අවස්ථා සඳහා නිරාවරණය නොකිරීමට වගබලා ගැනීම සැමගේ යුතුකමක් වේ. 

වැඩිහිටි මොළයට ඇතුළු වන විෂ වැලැක්වීමට රුධිරය හා මොළය අතර බාධකයක් (blood brain barriers) ඇතත් දරුවන්ගේ එය නිසි පරිදි වර්ධනය වී නැති නිසා විෂ ද්‍රව්‍ය/රසායන ද්‍රව්‍ය දරුවන්ගේ මොළයට අහිතකර බලපෑම් එල්ල කරයි. මෙසේ ඇතුළු වන විෂ රසායන හේතුවන් මොළයේ එක් කොටසක සිට තවත් කොටසකට ස්නායු සෛල සංචරණය වීම හා උපාගම සෑදීමට බාධා ඇති කිරීම මගින් මාළයේ වර්ධනයට ඇති කරන බාධාව දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලියට බාධා ඇති කරයි. 

එක් ස්නායු සෛලයකින් තවත් ස්නායු සෛලයකට පණිවිඩගමන් ගන්නා ස්නායු සම්ප්‍රේෂක වලට (ශරීරයේ ඇති ස්වභාවික රසායන ද්‍රව්‍ය වලට) බාධා ඇති කරලීම මගින් පංච ඉන්ද්‍රියන් මගින් සිදුවන ක‍්‍රියාවලි අඩපණ වීමත්, ඉගෙනීම, හැඟීම් පාලනය, සමාජ සම්බන්ධතා දුර්වල වීම වැනි ක‍්‍රියාවලි හේතු කොටගෙන ගැටළු නිරාකරණයට ඇති හැකියාව වර්ධනයද බාල කරයි. 

මීට අමතරව දරුවන්ගේ වර්ධනයට මෙන්ම සංවර්ධනයට හේතු වන නිසි උණුසුම හෝ දේශගුණික තත්ත්වයද බලපෑමක් ඇති කරන හෙයින් ඒවා පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය හැකි, විශේෂයෙන් අඩු උපත් බව හෝ නොමේරූ උපත් ඇති දරුවන් සඳහා සුදුසු පාරිසරික උෂ්ණත්වයන් පිළිබඳ සැලකිලිමත් වීමද දරුවන් සඳහා ශාරීරික ක‍්‍රියාකාරකම්/ව්‍යායාම සඳහා උනන්දු කිරීමද ක‍්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සලසාදී සංවර්ධනය සඳහා මෙන්ම මානසික ඒකාග‍්‍රතාවයට හේතුවක් වන බැවින් ගැටළු විසඳා ගැනීමේ හැකියාව වර්ධනය කරයි. අවශ්‍ය තරම් නින්දක් විවේකයද මෙලෙසම වැදගත් වේ. 

කායික ආබාධ තත්ත්ව පැවතීම ඇස් පෙනීමේ දුර්වලතා, ශ‍්‍රවණ ඉන්ද්‍රියන් දුර්වලතා වැනි ගැටළු අවස්ථා වලදී වෛද්‍ය උපදෙස් අනුව නිසි ප‍්‍රතිකාර හෝ අවශ්‍ය ශ‍්‍රවණ/දෘශ්‍ය උපකරණ සපයා එම දුර්වලතා අවම කිරීමට කටයුතු කිරීමද ඉතා වැදගත් වේ. 

නිවසේ හෝ පවුලේ පවතින සාමකාමී නිදහස් ආදරණීය ආදර්ශමත් පරිසරයක් මෙන්ම උත්තේජනයක්ද දරුවන්ට සපයන බැවින් හා දරුවන් අනුකරණයට දක්වන ලැදියාවද සැලකිල්ලට ගෙන ආදර්ශමත් වැඩිහිටියන් බවට දෙමාපියන් බවට පත්වීම දරුවන්ගේ සංවර්ධනය තීව‍්‍ර කරයි. පිරිසිදු, පිළිවෙළ නිවස මෙන්ම සණ්ඩු සරුවල් නොමැති හිංසාකාරී නොවන නිවාස වටපිටාවද දරුවාට සපයන අත්වැලකි. 

දරුවන් හොඳින් රැකබලා ගැනීම, රැකවරණය, ආරක්‍ෂාව හොදින් ලබාදීම ගවේෂණශීලී මාර්ගයකට දරුවා අවතීර්ණ කරයි. මෙම ගවේෂණශීලී අවස්ථාවේදී මානසික/කායික අපයෝජනයට ලක් නොවී, නිර්මාණශීලීව කටයුතු කිරීම සඳහා උවදුරු වලින් ආරක්‍ෂා කරමින් රැකවරණය ලබාදීමද ඉතාමත් වැදගත් වේ. සාර්ථක ලෙස ගැටළු නිරාකරණය කරගැනීමට මෙයද අත්වැලකි. 

සෙල්ලම් කිරීමට ඉඩ ප‍්‍රස්තාව ලබාදීමද මේ මගින් සහයෝගය, සමාදානය, ඉවසීම වැනි ගුණාංග වර්ධනය කිරීමටද හේතුවක් වන අතරම ජය පරාජය පිළිබඳ අවබෝධයද ජයග‍්‍රහණයන් ලබාගැනීමට හේතුවන උත්සහයන් වැඩි දියුණු කරගැනීමටද අවස්ථාව සැලසේ. 

වැඩිහිටියන් මගින් ලැබෙන සෙනෙහස ආරක්‍ෂිත සම්බන්ධතාව පවුල තුලින් මෙන්ම සමාජය තුලින්ම ලැබීම දරුවන්ගේ හැකියාවන් වර්ධනයට මෙන්ම ගැටළු නිරාකරණ හැකියාව වැඩි කිරීමටද හේතුවක් වේ. මෙම සම්බන්ධතා කොතෙක්ද යත් වැඩිහිටියන් වෙතින් ඔවුනට ආරක්‍ෂාවක් ලැබෙන බවටත් ඔවුන් ඔහු ගැන සැලකිල්ලක් දක්වන බව මෙන්ම ආදරය දක්වන බවත් දරුවාට දැනෙන්නේ නම් එම ආරක්‍ෂිත හැඟීමට දරුවාට තම ගැටළු නිරාකරණය කරගැනීමේ අත්වැලක් වේ. වැඩිහිටියන් හා දරුවන් අතර සම්බන්ධතාවය දරුවාට හොඳින් ඉගෙනුම් අවස්ථා සපයන බවත්, ඔහුගේ නිදහසට ගරු කරන බවටත් දැනෙන හැඟීම් තේරුම් ගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. මෙවැනි දරුවන් තුල හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැ‍ගේ. යහපත් කායික මානසික සෞඛ්‍යයටද හේතු වේ. මේ නිසා ඉගෙනීමට පෙළඹීම, ඉගෙනීමේ අවස්ථා අතර ලබන අත්දැකීම් ජයග‍්‍රහන්‍ ඔහුට ළඟා කර ඇති හැකිවීම, ආවේගයන් පාලනය කරගැනීමට හැකිවීම හිංසාකාරීබාවයෙන් තොරව ගැටළු විසඳා ගැනීමටත් හැකි වේ. එසේම මිතුරු සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, හරි වැරදි තේරුම් ගැනීමට හැකියාව ලැබීමටත් හේතුවක් වේ. ඉගෙනීමට ඇති අවස්ථා දියුණු වී ජීවිතය සාර්ථක කරගැනීමට හැකි ධනාත්මක සමාජ නිපුණතා ඇති කරගැනීමටත් හැකියාව ලැබීම තුලින් ගැටළු විසඳා ගැනීමේ වර්ධනය වේ. 

සදාචාර සම්පන්න කැපකිරීම් සහිත මානව සම්බන්ධතා ගොඩනඟා ගැනීම තුලින් සාර්ථක වැඩිහිටි වියක් ලැබීමටද හේතුවක් වේ. දරුවා හා වැඩිහිටියා අතර සම්බන්ධතාවය ශක්තිමත් ආදරණීය බැඳීමක් වීමට දරුවාගේ සංවර්ධනයට මහඟු බලපෑමක් එල්ල කරයි. 

පාරිසරික බලපෑම් අතර යුධ ගැටුම්, අවතැන් වීම්, දරිද්‍රතාවය, අපයෝජනයට ලක්වීම මෙන්ම ප‍්‍රචණ්ඩත්වය අත් දකින දරුවන් තුල ඇති වන අහිතකර ආතතිය මගින් ස්නායු සෛල අතර උපාංග ඇති කරලීමට ඇති කරන බාධා හේතුවෙන් සංවර්ධන ක‍්‍රියාවලීන්ට ඇති කරන බලපෑම දරුවාට ජීවිත අභියෝග වලට මුහුණදීමට ඇති හැකියාව අඩපණ කරයි. 

මෙසේ බලන කල දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලියන් සඳහා හේතු පාදක වන සියළුම අවස්ථාවන් එකට බැඳී පවතින හෙයින් දරුවන් ගැටළු විසඳීමේ හැකියාව වර්ධනයට වේ. සියලු අවස්ථා හේතු පාදක වන බැවින් නිසි පෝෂණය, ප‍්‍රශස්ත සෞඛ්‍ය තත්ත්වය, මූලික අවශ්‍යතා, ක‍්‍රියාකාරකම් හා විවේකය මෙන්ම හොඳින් පෙනීම හා ඇසීම යන කායික අවශ්‍යතා සම්පූර්ණ වීමක් සෙල්ලම් කිරීම, දෙමාපිය වැඩිහිටි ආදරය හා රැකවරණය නිසි පරිදි ලැබීම, ආත්ම ගෞරවය ආත්ම ශක්තිය, ස්වාධීනත්වය, ආරක්‍ෂාව මත අත්දැකීම් සපිරි ඉගෙනුම් අවස්ථා සඳහා ඇති ඉඩ ප‍්‍රස්ථාව රැකවරණය, පාරිසරික සාධක මගින් ලැබෙන රැ රැකවරණය මෙන්ම ආදර්ශමත් වැඩිහිටි සම්බන්ධතාව වන මානසික අවශ්‍යතාත් නිසි ලෙස සැපිරීම හේතුවෙන් ද දරුවකුගේ පංච ඉන්ද්‍රියන් ශක්තිමත් වී සංවර්ධනය ප‍්‍රශස්ත වේ. මෙසේ නිසි පරිදි ඉඩ ප‍්‍රස්තා ලබන දරුවා තම ජීවිතය තුලද ගැටළු විසදා ගැනීමේ හැකියාව වර්ධනය කරගනී. මේ කරුණු අවබෝධ කරගෙන දරුවාගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මිය සුවතාවයට හේතුවන කරුණු ආරක්‍ෂා වන අන්දමින් ජීවිතය පවත්වා ගැනීමට ඇත්වැල සැපයීම වැඩිහිටි අප සියලු දෙනාගේම වගකීම වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද?

බොහෝ විට වැඩිහිටි අපි සිතන්නේ මානසික පීඩනයක් ඇති විය හැක්කේ වැඩිහිටි අපට පමණක් බවයි. එය එසේ නොවන බව මින් පෙර සටහන් කළ ලිපි තුළ්නුත් අපට අ‍වබෝධ වන්නට ඇත.

වෛද්‍යතුමනි, දරුවන්ටත් වැඩිහිටියන්ට මෙන්ම මානසික පීඩනය ඇති වෙනවා නේද?

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද කියන දේ ගැන කතා කරද්දී ටිකක් වෙනස් විදියට තමයි අපි  ඕක දකින්නේ. දරුවන්ගේ මානසික පීඩනය කතා කරනකොට අවස්ථා තුනක් යටතේ තමයි ඒ ගැන කතා කරන්නේ. 

  1. ධනාත්මක මානසික ආතතිය – Positive stress
  2. දරා‍ගත හැකි ආතතිය – Tolerable stress
  3. ධූලක ආතතිය – Toxic stress

ධනාත්මක මානසික ආතතිය – Positive stress

ධනාත්මක මානසික ආතතිය Positive stress කියන්නේ අපේ මොළයේ හොඳට වැඩෙන්න සිදුවන සම්බන්ධතා හරහා හොඳින් සම්බන්ධ හොඳින් සකස් වීමට මොළයට එක්තරා විදියකට පීඩනයක්  අවශ්‍යයි. උදාහරණයක් ලෙස දරුවෙක් අම්මා ගාව ඉඳලා ඉඳලා මොන්ටිසෝරියට යනවා. එතැන අලුත් පරිසරයක්. අපි දැකලා තියෙනවා සමහර ළමයි යන්න බැහැ කියනවා, බය වෙනවා, පෙරලෙනවා, අඬනවා. හැබැයි අපි දකිනවා ඒ දරුවෝ ටික දවසක් ගියහම එතනට හොඳට හුරු වෙනවා. මෙන්න මේ වගේ හැම දරුවෙකුටම මොළය හොඳට ගොඩනැගෙන්න ඒ වගේ පොඩි පොඩි අභියෝග අවශ්‍යයි. ඒවගේ ඒවලට අපි කියනවා ධනාත්මක පරිසරයන් කියලා. ඒ ධනාත්මක පරිසරය තුළින් දරුවෙකුට නිතර නිතර අභියෝගාත්මක කාරණා ලැබෙන විට මොළය හොඳින් වර්ධනය වෙනව‍ා. අපි හිතමු දරුවෙකුට තනියෙන් කොහෙට හරි නඟින්න, පඩියක් නඟින්න, ගහකට නඟින්න මේවා පොඩි දරුවන්ට තියෙන අභියෝග. හැබැයි ඒවා එයාට මානසික පීඩනයක්. හැබැයි මොළය වැඩෙන්න ඒවා අපිට අවශ්‍යයි. 

දරා‍ගත හැකි ආතතිය – Tolerable stress

ඒ වගේම අතරමැද්දේ තියෙන මානසික පීඩන. ඒවා අර තරම්ම සරල නැහැ. උදාහරණයක් විදියට හිතන්නකෝ තමන්ගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ. තමන්ගේ ළඟ ඉන්න ඥාතියෙක් මිය යනවා, තාත්තා එකපාරට පිටරට යනවා. එතකොට ළමයෙකුට සමහර වෙලාවට ලැබෙනවා පෙරට වඩා ටිකක් ප‍්‍රබල මට්ටමේ ආතතීන්. තමන්ගේ සහෝදරයා හදිසියේ නැති වෙන්න පුළුවන්, තමන්ගේ ළඟ හිටිය තමන්ව ආදරයෙන් හදපු සීයා එක පාරට මිය යනවා. අන්න ඒ වගේ තැනකදී ළමයෙකුට ඒ විඩාව දරාගන්න අපහසුයි. හැබැයි මනෝ විද්‍යාඥයින් පෙන්නනවා ඒ වගේ ප‍්‍රබල විඩාවකදී පවා දරුවෙකුට හොඳ සහයෝගයක් ලබා දිය හැකි ආකාරයේ මානසික තත්ත්වයක් ඇති විටආතතියෙන් මිදෙන්න අපහසු නැහැ. සීයා නැති වුණහම අම්මයි තාත්තයි ළමයට හොඳින් උදව් කරනවා, ඒ කියන්නේ එයාට හොඳට ඥාතියෝ, සහෝදරයෝ උදව් තියෙන පද්ධතියක් තිබුණොත් ඒ වගේ මානසික පීඩනයන් දරුවෙකුට දරාගෙන ජීවත් වෙන්න පුළුවන්. එයින් ළමයින්ට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 

ධූලක ආතතිය – Toxic stress

නමුත් දැන් ලෝකයේ හොයාගෙන තියෙන බරපතලම දෙය තමයි ධූලක මානසික ආතතිය (Toxic Stress) කියන්නේ. මේ ධූලක මානසික ආතතිය දරුවන්ට එල්ල වුණොත් ඔවුන්ගේ මොළය ඇතුලේ ඔවුන්ගේ චර්යාවේ, බුද්ධියේ, මානසික වර්ධනයේ, ප‍්‍රජානන වර්ධනයේ විශාල ගැටළු ඇති වෙලා සමාජ ප‍්‍රශ්න ගණනාවකට ඒක හේතු වෙනවා. ධූලක ආතතියේ ස්වභාවය තමයි ඒ ළමයට එල්ල කරන පීඩනය එක දිගට මොළයට පවතිනවා. අපි හිතමු තාත්තා කෙනෙක් ගෙදර හොඳටම බීලා හැමදාම රණ්ඩු කරනවා. අම්මට ගහනවා, ළමයින්ට ගහනවා, අසභ්‍ය වචන පාවිච්චි කරනවා, බඩු පොලේ ගහනවා. එවැනි තත්ත්ව ඉවරයක් නැතිව මොළයට පීඩා කරනවා. එමගින් මොළයේ වර්ධනයේ විශාල වෙනස්කම් වෙනවා. විශේෂයෙන් මේ නළල කොටස. මේ නළල කොටසේ තමයි අපිට ජීවිතයට ඉතාම වැදගත් ක‍්‍රියාවන් ටික පාලනය කරන්නේ. ඒවට කියනවා Executive functions, නැත්නම් මොළයේ විධායක ක‍්‍රියාවලිය කියලයි. මේ කොටසින් තමයි අපි ආවේග පාලනය කරන්නේ, සමාජ සම්බන්ධතා හොඳට හසුරවගන්නේ, තරහ ගියහම ඒක පිටකරන විදිය හසුරවගන්නේ, ඉලක්කයකට වැඩ කරන විදිය හසුරුවගන්නේ, දෙයක් සැලසුම් කරන්නේ, දෙයක් සංවිධානය කරන්නේ. මොළයේ තියෙන ඉතාම වැදගත් කොටස පවා මේ විදියට කරන්නේ මේ විධායක ක‍්‍රියාවලියේ තියෙන ගුණාත්මක භාවය මත. 

ඒත් ළමයෙකුට දිගින් දිගටම ධූලක මානසික පීඩනය  එල්ල වෙනකොට මෙන්න මේ කොටසේ වෙනස්කම් වෙනවා. උදාහරණයක් විදියට, Pets Scanning ඒ කියන්නේ මොළය අපිට බලන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. Pet Scan වල පෙන්වලා තියෙනවා අපරාධකාරයෝ, අපයෝජනයට ලක් වෙච්ච ළමයින්ගේ Pet Scan බලද්දී ක‍්‍රියාකාරීත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා. මං හිතන්නේ අපිට පැහැදිලිව පෙනෙන දේ තමයි ධූලක ආතතිය තමයි දරුවන්ට නරක. ඒ නිසා මං හිතනවා ධූලක ආතතිය එල්ල වන ප‍්‍රධාන කාරණා මනෝ විද්‍යාවේ අදුරගෙන තියෙනවා. ලංකාවේ බහුලම එකක් තමයි ළමයින්ට චිත්තවේගී වශයෙන් වෙන අපයෝජන. සමහර අම්මලා ගෙවල් වල එක දිගට ළමයින්ට කියවනවා. අපි හිතමු දැන් ළමයෙකුට ලකුණු අඩු වුණා, විභාගයට පාඩම් කරන්න බැරි නම් අම්මලා දිගට එකම දේ නැවත කියවනවා. ඒ කියන්නේ ළමයෙකුගේ චිත්තවේගී අපයෝජනය කියන එක හරි අමාරුයි ළමයෙකුට.  හැම වෙලාවෙම මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ, අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද ඔන්න ඔහොම එක දිගට වැල වගේ දම්වැල් ආකාරයට අම්මලා මෙහෙම දරුවන්ට කියවගෙන කියවගෙන යනවා. ඊලඟට සමහර ළමයින්ට අක්කලා, පුංචි අම්ම්ලා, විශ්ව විද්‍යාලේ ගිය ළමයිව උපමාවට අරගෙන තමන්ගේ ළමයව පහත් කරලා කියවනවා. ගොඩක් පාසල් වල මේක හරියට සිද්ධ වෙනවා, ළමයින්ට ඒක එක වෙනස් විදියේ වචන, මැට්ටා, බූරුවා, ගොනා, හරකා. ඒ කියන්නේ ළමයෙකුට පහත් හැඟීම් ඇති වන ආකාරයට ඉතාම ප‍්‍රභලව තර්ජනාත්මකව කියවනවා. 

මෙන්න මේ තත්ත්වයන් විඩිහිටියන් විදියට අපි හඳුනා ගත යුතුයි. නිදහස් මනසක් ඇති දරුවෙක් බිහි කිරීම අනාගත ආයෝජනයක් බව දෙමාපිය වැඩිහිටියන් සිතිය යුතුමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

සුන්දර ළමා කාලයක් කෙනෙකුගේ ‍ජීවිතයට වැදගත් වන්නේ ඇයි?

අද වැඩිහිටියෝ වුණු අපිට සුන්දර ළමා කාලයක් තිබුණා මතක ඇති. ඒත් අද වෙද්දී අපේ දරුවන්ගේ ළමා කාලය ගැන දැනෙන්නේ දුක්මුසු හැඟීමක් කිව්වොත් නිවැරදියි. දරුවාගේ මනස හඳුනා නොගැනීම නිසා අද වන විට බොහෝ ගැටළු ඇති වී තිබුණත් අපි අපේ ළමා කාලය ගැන ආපස්සට හිතද්දී අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සතුටින් නිදහසේ ගත කිරීමට ඇති කාලය අවමයි. සුන්දර ළමා කාලයක් කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි? 

ලෝකයේ දියුණු රටවල් වල වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක දරුවන්ගේ ළමා මනස පිළිබඳ, ළමා කාලය පිළිබඳ බොහෝ අවධානය යොමු කරනවා. ඒ අද දරුවන් පසු කාලීනව වැඩිහිටියන් බවට පත්වෙලා රටේ සංවර්ධනයට දායක වී රට‍ට ලෝකයට සම්පතක් වෙනවා. නමුත් ඒ දියුණු රටවල තරම් අපේ රට තුළ දරුවෙකුගේ ළමා කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. 

වෛද්‍යතුමනි,මේ ගැන අපි කතා කළ යුතුයි නේද?

ඔව්… ඇත්තටම. දරුවන්ගේ ළමා කාලය කියන එකේ වැදගත්කම අද ඊයේ ඉඳලා ඇති වෙච්ච එකක් නෙමෙයි. බෞද්ධාගම, ක‍්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම මේ හැම ආගමකම දරුවන්ගේ ළමා කාලයේ වැදගත්කම පිළිබඳව කතා කලා. ඊට පස්සේ හිටපු දාර්ශනිකයෝ, විශේෂයෙන් රූසෝ නම් වූ අධ්‍යාපනික දාර්ශිනකයා මේ ළමා කාලය පිළිබඳ ලස්සන ප‍්‍රකාශයක් කලා. ඔහු කියනවා, දරුවන්ගේ ළමා කාලය කියන එක ඔහු විශේෂයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ රූසෝගේ අදහස තමයි දරුවෙකුට ළමයෙක් ලෙස වැඩෙන්න අයිතිය දෙන්න කියන එක. මොකද දරුවන් මිනිස්සුන් වීමට පෙර දරුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එතන විශේෂයෙන් හඳුන්වනවා දරුවෝ කියන අය වැඩිහිටියන්ගෙන් වෙනස් වෙන පිරිසක්. ඒගොල්ලෝ වැඩිහිටියෝ වගේ නෙමෙයි. එයාලා හිතන විදිය, කල්පනා කරන විදිය, දේවල් තේරුම් ගන්න විදිය, දේවල් සාමාන්‍යයෙන් හසුරුවන විදිය වැඩිහිටියෝ වගේ නෙමෙයි කියන එක. 

විශේෂයෙන් දරුවෝ පිළිබඳ ලෝකයේ ඉතාම ගැඹුරුම අධ්‍යයනය කරපු විද්‍යාඥයා තමයි ජීන් පියාජේ කියන විද්‍යාඥයා. ජීන් පියාජේ දරුවන්ගේ මනෝ විද්‍යාත්මක කාරණා ගොඩක් හොයාගත්තා. ඔවුන්ගේ ප‍්‍රජානනය වැඩෙන හැටි, ඒ දරුවන්ගේ සදාචාරය වැඩෙන හැටි. හැබැයි ඒ වගේම ඔහු ඉතාම ලස්සන ප‍්‍රකාශයක් කරනවා දරුවෝ ගැන. මොකද ඔහු කියනවා දරුවෝ හිතන්නේ වැඩිහිටියන් හිතන විදියට නෙමෙයි කියලා. මේක තමයි පියාජේගේ විශිෂ්ඨම සොයාගැනීම දරුවෝ ගැන.

ඒ වගේම මේ සම්බන්ධයෙන් අයින්ස්ටයින් හරි ලස්සන ප‍්‍රකාශයක් කරනවා. ජීන් පියාජේ ගැන, අයින්සටයින් කියනවා දරුවෝ හිතන්නේ වෙනම විදියකට කියලා තේරුම් ගත්ත එක තමයිලූ ජීන් පියාජේගේ තියෙන විශිෂ්ටම බුද්ධිය කියන එක කියලා. ඉතින් මේ දරුවෝ ගැන කතිකාව අවුරුදු ගාණක් තිස්සේ ඈත අතීතයේ ඉදලම වැඩිච්ච කාරණාවක්. හැබැයි පසුකාලීනව විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, ස්නායු විද්‍යාව මේ වගේ විද්‍යාවන් දියුණු වීමත් සමග පෙනෙන්නට ගත්තා මේ අපේ සමාජ ගැටළු වල, ආර්ථික ප‍්‍රශ්න වල හැම එකකම මුල කොහෙද කියන එක. විශේෂයෙන්ම මොළය පිළිබඳ දියුණු වෙච්ච ස්නායු විද්‍යාව. අපි කියනවා නියුරෝ සයන්ස් කියලා. ඒ වගේම මනෝ විද්‍යාවේ සමහර දේවල් එක්ක පැහැදිලිව පේන්න ගත්තා අපි දරුවෙක් හදන විදිහ අනුව ඔහුට හැදෙන්න අවශ්‍ය ඒ වටපිටාව දෙන විදිය අනුව තමයි ඒ රටේ අනාගතය, ඒ රටේ ආර්ථිකය, ඒ රටේ මිනිස්සුන්ගේ හැසිරීම, ඒ රටේ සදාචාරය, ඒ සෑම කාරණාවක්ම තීරණය වෙන බව. 

අද වෙද්දී දරුවන් හා සම්බන්ධව සමාජයේ විවිධ ප‍්‍රශ්න දකින්න ලැබෙනවා. රිය අනතුරු වැඩියි. සමාජ අපචාරයන්, ඇබ්බැහිවීම් විශේෂයෙන් අරක්කු, සිගරට්, ගංජා වලට ඇබ්බැහිවීම්. පවුලක් තුල තියෙන ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය කියන එක. දරුවන්ගේ විවිධ අපගමනය චර්යා, සොරකම්, මිනීමැරුම්, ස්ත‍්‍රී  දූෂණ අපිට මාධ්‍යයයෙන් වාර්තා වෙනවා. එතකොට මේවගේ මුල කොහෙද?

 

වෛද්‍යතුමනි, දරුවෙකුට තමන්ගේ ආවේග පාලනය කරගන්න බැරි ඇයි?

අපිට තරහ යන්න පුළුවන්නේ, තරහ ගියහම තව කෙනෙකුට හානි නැති විදියට ඒ තරහා පිට කරගන්න බැරි ඇයි? මට මගේ ආවේග පාලනය කරගන්න බැරි ඇයි? ඊලඟට මට ඉලක්කයට වැඩ කරන්න බැරි ඇයි? අපි හිතමු ළමයෙකුට බොහෝම වැදගත් දෙයක් තමයි තමන්ට හොඳ ඉලක්ක ටිකක් තියාගෙන ඒකට වැඩ කිරීම. හැබැයි අපි දකින බොහෝ ළමයින්ට ඉලක්කයකට වැඩ කරන්න බැහැ. එක අරමුණකට වැඩ කරන්න බැහැ. හොඳින් සමාජ සම්බන්ධතා හසුරුවන්න බැහැ. පුංචි දේවල් දරාගන්න බැහැ. සියදිවි නසාගන්නවා, අතවල් කපාගන්නවා, ඔළුව බිත්තියේ ගහගන්නවා. ඒවගේ ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ තියෙන මේ විවිධ හැසිරීම් වල මුල තියෙන්නේ ළමා කාලය ඇතුලේ. විශේෂයෙන්ම අපි හොයාගෙන තියෙනවා ස්නායු විද්‍යාඥයෝ පවසන ආකාරයට දරුවෙක් ඉපදෙන විට මොලේ ස්නායු සෛල බිලියන 100 ක් විතර තිබෙනවා.  ස්නායුවක් කියලා කියන්නේ පොඩි වයර් කෑල්ලක්. ඒ කියන්නේ පොඩි බෝලයක් තියෙනවා සෛල දේහය කියලා. ඒකේ ලොකු කෙන්දක් තියෙනවා, ඒකේ පොඩි කෙඳි ගොඩක් තියෙනවා. එතකොට මේවා බිලියන 100 ක් තමයි ළමයින්ගේ මොලය කියන්නේ. ළමයා ඉපදෙනකොට මේ මොලේ ගොඩක් කොටස් හැදිලා නැහැ. එතකොට මේ මොලේ ක‍්‍රමානුකූලව හැදීගෙන එනකොට පසුකාලීනව තමයි මේ වයර් සම්බන්ධ වීමෙන්, ස්නායු වයර් කෑලී සම්බන්ධ වෙවී, සම්බන්ධ වෙවී හැදෙන්නේ. දැන් මේකේ තියෙන විද්‍යාත්මක අනාවරණය තමයි ලෝකයට ළමයෙක් බිහිවෙන කොට මොලේ 80% විතරම වැඩිලා නැහැ. එතකොට විශේෂයෙන් මුල් ළමා විය ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉදලා අවුරුදු 4, 5 සහ ඒ කියන්නේ මුල් අවුරුදු 3 දී විශාල කොටසක් මොලේ හැදෙනවා. බුද්ධිය, ප‍්‍රජානනය, ආවේග පාලනය, චිත්තවේග පාලනය ඒ වගේම සමාජ සම්බන්ධතා හැසිරවීමට අවශ්‍ය මූලික කුසලතා. ඒවගේම දරුවෙකුට අවශ්‍ය කරන භාෂාව. අපේ පෞරුෂයේ තියෙන ඉතාම වැදගත් කොටස් ටික හැදෙන්නේ ඔය මුල් අවුරුදු පහ තුළයි. ඊට පස්සේ මුල් අවුරුදු 12, 13 විතර වෙනකන් ළමයෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත් කාලයක්. එතකොට අපි මේ කාලයේ වරද්ද ගත්තොත් මේ කාලයේ ළමයා විනාශ කලොත්, මේ කාලයේ අපි ළමයට වැරදි විදිහේ උත්තේජන මොලයට දුන්නොත් අර අපි හිතන බුද්ධිය, ඒ දරුවගේ ප‍්‍රජානනය, ඒ දරුවගේ හැඟීම් පාලනය කරගැනීම්, චිත්තවේග, අනාගතයේ සමාජ සම්බන්ධතා හසුරුවන ආකාරය මේ හැම එකකම විකෘතිතා ඇති වෙනවා. ඒ නිසා තමයි අපිට මේ ළමා කාලය ඉතාම වැදගත් වෙන්නේ. 

 

මානසික පීඩනය, අවපීඩනය වැනි දේ දරුවන්ට දැනෙන්නේ නැද්ද? දරුවන්ගේ මානසිකත්වය මේ වගේ දැඩි පීඩනයක් එල්ල වෙලා හානියක් වෙන්නේ නැද්ද?

කොයිතරම් දුරට ජීවිතයට පුද්ගලයෙකුගේ ළමා කාලය වැදගත් වෙනවද කියන එක ගැන අළුතින් සිතන්නට හොඳම අවස්ථාවක් මේක. 

දැන් ඉස්සෙල්ලම අපි සරලව තේරුම් ගන්න  ඕන, මානසික පීඩනය කියන එක අපේ රටේ fashionable වචනයක්. ඒක මේ හැමෝම භාවිත කරන වැඩමුළුවල තියෙන වචනයක්. අපි සරලව තේරුම් ගන්න අවශ්‍යයි මොකක්ද මානසික පීඩනය කියන්නේ කියලා. මානසික පීඩනය කියන එක ස්නායු මනෝ විද්‍යාත්මකව නැත්නම් මනෝ විද්‍යාත්මක පැත්තෙන් පැහැදිලි කලොත් අපේ ජීවිතයේ තියෙනවා එක එක අභියෝග. Situation demand කියලා අපි ඒවා ඉංග්‍රිසී බසින් හඳුන්වනවා. අපිට තියෙන එක එක අවස්ථානුකූල ජීවන අභියෝගයන්. දැන් මේ ජීවන අභියෝගයන්ට මුහුණ දෙනකොට එක එක විදියට අපේ ඇති වන එක එක ප‍්‍රතික‍්‍රියා උදාහරණයක් විදියට අපිට යම් යම් ගැටලු ඇති වූ විට  අපේ ශාරීරික ගති ලක්‍ෂණ වෙනස් වෙනවා. පපුව ගැහෙන්න පුළුවන්, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. දාඩිය වැටීම, ඇඟ හිරි වැටෙනවා වගේ ගති ලක්‍ෂණ මතු විය හැකියි. මේ වගේ කායික ලක්ෂණ වගේම මානසික ලක්ෂණ ඒ කියන්නේ තරහ, අවධානය යොමු කරන්න අපහසු වීම, පුංචි දේටත් කරහා යෑම, කුඩා දේ ලොකු කරමින් සිතීම වැනි දේ ඇති විය හැකියි. මානසිකව යම් කිසි ප‍්‍රශ්නයක් එනකොට ශාරීරික ලක්‍ෂණ, මානසික ලක්‍ෂණ අපේ චර්යාත්මක ලක්‍ෂණ, ඒවගේ අපේ චින්තනයේ, අපි හිතන විදියේ ගැටලු ඇති විය හැකියි‍. 

ඇතැම් වෙලාවට හොඳ අවධානයෙන්, හොඳට කල්පනා කරලා, හොඳට සංසන්දනය කරලා හොඳට අවබෝධයෙන් වැඩ කරගන්න පුළුවන්. ඒත් මානසික පීඩනය වැඩි වෙච්ච ගමන් මනසින් කරන වැඩ ටික  කරගන්න බැහැ. එතකොට ඒ තත්ත්වය තමයි මානසික පීඩනය කියලා අපි හඳුන්වන්නේ.

 

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද 

බොහෝ විට වැඩිහිටි අපි සිතන්නේ මානසික පීඩනයක් ඇති විය හැක්කේ වැඩිහිටි අපට පමණක් බවයි. එය එසේ නොවන බව මින් පෙර සටහන් කළ ලිපි තුළිනුත් අපට අ‍වබෝධ වන්නට ඇත.

වෛද්‍යතුමනි, දරුවන්ටත් වැඩිහිටියන්ට මෙන්ම මානසික පීඩනය ඇති වෙනවා නේද?

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද කියන දේ ගැන කතා කරද්දී ටිකක් වෙනස් විදියට තමයි අපි  ඕක දකින්නේ. දරුවන්ගේ මානසික පීඩනය කතා කරනකොට අවස්ථා තුනක් යටතේ තමයි ඒ ගැන කතා කරන්නේ. 

  1. ධනාත්මක මානසික ආතතිය කියලා, Positive stress
  2. අතරමැද්දේ ඇති මානසික පීඩන
  3. දෘලක මානසික ආතතිය Toxic Stress

ධනාත්මක මානසික ආතතිය Positive stress කියන්නේ අපේ මොළයේ හොඳට වැඩෙන්න සිදුවන සම්බන්ධතා හරහා හොඳින් සම්බන්ධ හොඳින් සකස් වීමට මොළයට එක්තරා විදියකට පීඩනයක්  අවශ්‍යයි. උදාහරණයක් ලෙස දරුවෙක් අම්මා ගාව ඉඳලා ඉඳලා මොන්ටිසෝරියට යනවා. එතැන අලුත් පරිසරයක්. අපි දැකලා තියෙනවා සමහර ළමයි යන්න බැහැ කියනවා, බය වෙනවා, පෙරලෙනවා, අඬනවා. හැබැයි අපි දකිනවා ඒ දරුවෝ ටික දවසක් ගියහම එතනට හොඳට හුරු වෙනවා. මෙන්න මේ වගේ හැම දරුවෙකුටම මොළය හොඳට ගොඩනැගෙන්න ඒ වගේ පොඩි පොඩි අභියෝග අවශ්‍යයි. ඒවගේ ඒවලට අපි කියනවා ධනාත්මක පරිසරයන් කියලා. ඒ ධනාත්මක පරිසරය තුළින් දරුවෙකුට නිතර නිතර අභියෝගාත්මක කාරණා ලැබෙන විට මොළය හොඳින් වර්ධනය වෙනව‍ා. අපි හිතමු දරුවෙකුට තනියෙන් කොහෙට හරි නඟින්න, පඩියක් නඟින්න, ගහකට නඟින්න මේවා පොඩි දරුවන්ට තියෙන අභියෝග. හැබැයි ඒවා එයාට මානසික පීඩනයක්. හැබැයි මොළය වැඩෙන්න ඒවා අපිට අවශ්‍යයි. 

ඒ වගේම අතරමැද්දේ තියෙන මානසික පීඩන. ඒවා අර තරම්ම සරල නැහැ. උදාහරණයක් විදියට හිතන්නකෝ තමන්ගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ. තමන්ගේ ළඟ ඉන්න ඥාතියෙක් මිය යනවා, තාත්තා එකපාරට පිටරට යනවා. එතකොට ළමයෙකුට සමහර වෙලාවට ලැබෙනවා පෙරට වඩා ටිකක් ප‍්‍රබල මට්ටමේ ආතතීන්. තමන්ගේ සහෝදරයා හදිසියේ නැති වෙන්න පුළුවන්, තමන්ගේ ළඟ හිටිය තමන්ව ආදරයෙන් හදපු සීයා එක පාරට මිය යනවා. අන්න ඒ වගේ තැනකදී ළමයෙකුට ඒ විඩාව දරාගන්න අපහසුයි. හැබැයි මනෝ විද්‍යාඥයින් පෙන්නනවා ඒ වගේ ප‍්‍රබල විඩාවකදී පවා දරුවෙකුට හොඳ සහයෝගයක් ලබා දිය හැකි ආකාරයේ මානසික තත්ත්වයක් ඇති විටආතතියෙන් මිදෙන්න අපහසු නැහැ. සීයා නැති වුණහම අම්මයි තාත්තයි ළමයට හොඳින් උදව් කරනවා, ඒ කියන්නේ එයාට හොඳට ඥාතියෝ, සහෝදරයෝ උදව් තියෙන පද්ධතියක් තිබුණොත් ඒ වගේ මානසික පීඩනයන් දරුවෙකුට දරාගෙන ජීවත් වෙන්න පුළුවන්. එයින් ළමයින්ට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 

නමුත් දැන් ලෝකයේ හොයාගෙන තියෙන බරපතලම දෙය තමයි දෘලක මානසික ආතතිය (Toxic Stress) කියන්නේ. මේ දෘලක මානසික ආතතිය දරුවන්ට එල්ල වුණොත් ඔවුන්ගේ මොළය ඇතුලේ ඔවුන්ගේ චර්යාවේ, බුද්ධියේ, මානසික වර්ධනයේ, ප‍්‍රජානන වර්ධනයේ විශාල ගැටළු ඇති වෙලා සමාජ ප‍්‍රශ්න ගණනාවකට ඒක හේතු වෙනවා. දෘලක ආතතියේ ස්වභාවය තමයි ඒ ළමයට එල්ල කරන පීඩනය එක දිගට මොළයට පවතිනවා. අපි හිතමු තාත්තා කෙනෙක් ගෙදර හොඳටම බීලා හැමදාම රණ්ඩු කරනවා. අම්මට ගහනවා, ළමයින්ට ගහනවා, අසභ්‍ය වචන පාවිච්චි කරනවා, බඩු පොලේ ගහනවා. එවැනි තත්ත්ව ඉවරයක් නැතිව මොළයට පීඩා කරනවා. එමගින් මොළයේ වර්ධනයේ විශාල වෙනස්කම් වෙනවා. විශේෂයෙන් මේ නළල කොටස. මේ නළල කොටසේ තමයි අපිට ජීවිතයට ඉතාම වැදගත් ක‍්‍රියාවන් ටික පාලනය කරන්නේ. ඒවට කියනවා Executive functions, නැත්නම් මොළයේ විධායක ක‍්‍රියාවලිය කියලයි. මේ කොටසින් තමයි අපි ආවේග පාලනය කරන්නේ, සමාජ සම්බන්ධතා හොඳට හසුරවගන්නේ, තරහ ගියහම ඒක පිටකරන විදිය හසුරවගන්නේ, ඉලක්කයකට වැඩ කරන විදිය හසුරුවගන්නේ, දෙයක් සැලසුම් කරන්නේ, දෙයක් සංවිධානය කරන්නේ. මොළයේ තියෙන ඉතාම වැදගත් කොටස පවා මේ විදියට කරන්නේ මේ විධායක ක‍්‍රියාවලියේ තියෙන ගුණාත්මක භාවය මත. 

ඒත් ළමයෙකුට දිගින් දිගටම ධෘලක මානසික පීඩනය  එල්ල වෙනකොට මෙන්න මේ කොටසේ වෙනස්කම් වෙනවා. උදාහරණයක් විදියට, Pets Scanning ඒ කියන්නේ මොළය අපිට බලන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. Pet Scan වල පෙන්වලා තියෙනවා අපරාධකාරයෝ, අපයෝජනයට ලක් වෙච්ච ළමයින්ගේ Pet Scan බලද්දී ක‍්‍රියාකාරීත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා. මං හිතන්නේ අපිට පැහැදිලිව පෙනෙන දේ තමයි දෘලක ආතතිය තමයි දරුවන්ට නරක. ඒ නිසා මං හිතනවා දෘලක ආතතිය එල්ල වන ප‍්‍රධාන කාරණා මනෝ විද්‍යාවේ අදුරගෙන තියෙනවා. ලංකාවේ බහුලම එකක් තමයි ළමයින්ට චිත්තවේගී වශයෙන් වෙන අපයෝජන. සමහර අම්මලා ගෙවල් වල එක දිගට ළමයින්ට කියවනවා. අපි හිතමු දැන් ළමයෙකුට ලකුණු අඩු වුණා, විභාගයට පාඩම් කරන්න බැරි නම් අම්මලා දිගට එකම දේ නැවත කියවනවා. ඒ කියන්නේ ළමයෙකුගේ චිත්තවේගී අපයෝජනය කියන එක හරි අමාරුයි ළමයෙකුට.  හැම වෙලාවෙම මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ, අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද ඔන්න ඔහොම එක දිගට වැල වගේ දම්වැල් ආකාරයට අම්මලා මෙහෙම දරුවන්ට කියවගෙන කියවගෙන යනවා. ඊලඟට සමහර ළමයින්ට අක්කලා, පුංචි අම්ම්ලා, විශ්ව විද්‍යාලේ ගිය ළමයිව උපමාවට අරගෙන තමන්ගේ ළමයව පහත් කරලා කියවනවා. ගොඩක් පාසල් වල මේක හරියට සිද්ධ වෙනවා, ළමයින්ට එක එක වෙනස් විදියේ වචන, මැට්ටා, බූරුවා, ගොනා, හරකා. ඒ කියන්නේ ළමයෙකුට පහත් හැඟීම් ඇති වන ආකාරයට ඉතාම ප‍්‍රභලව තර්ජනාත්මකව කියවනවා. 

මෙන්ම මේ තත්ත්වයන් විඩිහිටියන් විදියට අපි හඳුනා ගත යුතුයි. නිදහස් මනසක් ඇති දරුවෙක් බිහි කිරීම අනාගත ආයෝජනයක් බව දෙමාපිය වැඩිහිටියන් සිතිය යුතුමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

ඔබත් කෑම කාපු ගමන් වැසිකිලියට දුවනවා නම් බඩවැල් ආශ්‍රිත රෝගයක් විය හැකියි

අනේ මට නම් කාපු ගමන් වැසැකිලි යන්න ඕනේ වෙනවා. කිසි තැනක ගිහින් ආස දෙයක් කන්න බයයි ඒක නිසා. ට්‍රිප් එකක් යන්න ගියත් ඒක හිතේ. ඇත්තටම මේක ලොකු මානසික වදයක් වෙලා දැන්නම් තියෙන්නේ.‍ 

ඔබටත් එහෙමද?  ඒ Crohn’s රෝගය නිසා විය හැකියි.

මෙය රෝගය බඩවැල් ආශ්‍රිතව ඇති වන (Type of Inflammatory bowel disease) රෝගයකි. මෙහිදී එක් එක් පුද්ගලයාගේ ආහාර මාර්ගයේ විවිධ වූ ස්ථාන රෝගයට ලක්විය හැක. මෙම රෝගය බඩවැල් වල ගැඹුරු ස්ථර/පටක දක්වා පැතිර යයි. මෙය වේදනාකාරී අත්දැකීමක් විය හැකි අතරම පුද්ගලයා ගිලන් බවට/දුර්වල බවට පත් කරන අතර සමහරවිට ජීවිත තර්ජනයක් පවා ඇති විය හැක. 

Crohn’s රෝගයේ ලක්‍ෂණ

මෙහිදී ඇති වන රෝග ලක්‍ෂණ සුළු අවස්ථාවේ සිට තීව‍්‍ර අවස්ථාව දක්වා පවතී. මෙම ලක්‍ෂණ ක‍්‍රමයෙන් පෙන්නුම් කරන අතරම සමහර අවස්ථා වලදී කිසිම පූර්ව සංඥාවක් නොමැතිව හදිසියේ වුවද රෝගය ඇති වේ. සමහරවිට මෙම රෝග තත්ත්වය පවතින කාලයේ වුවද රෝග තත්ත්වය තිබුණද ලක්‍ෂණ නොපෙන්වන කාල සීමාවක් ද පැවතිය හැක. රෝගය සක‍්‍රීයව ඇති විට පහත ලක්‍ෂණ පෙන්වයි. 

  • ආහාර ගත් විගස මල පිටකිරීමට අවශ්‍ය වීම/පාචනය
  • උණ
  • තෙහෙට්ටුව
  • උදර වේදනාව/උදරයේ පේශී පෙරලීම (Cramping)
  • මල සමග රුධිරය පිටවීම
  • මුඛය වණ වීම
  • කෑම අරුචිය
  • බර අඩුවීම
  • රෝගය හේතු කොට ගුදය වටා වේදනාවක් ශ‍්‍රාවයක් පැවතීම. 

රෝග තත්ත්වය තීව‍්‍ර ලෙස පවතින විට,

  • සම, ඇස් හා සන්ධි වල ප‍්‍රදාහය
  • අක්මාව හා පිත්ත ප‍්‍රනාල වල ප‍්‍රදාහය
  • වකුගඩු වල ගල් ඇති වීම
  • නීරක්තිය (යකඩ ඌනතාවය)
  • ළමුන්ගේ වර්ධනය හෝ ලිංගික සංවර්ධනය ප‍්‍රමාද වීම. 

 

Crohn’s රෝගය ඇති වීමට හේතූ

මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් ආහාර රටාව හා ආතතිය ඒ සඳහා ඉවහල් වනු ඇතැයි සැක කෙරේ. නමුත් මෙම තත්ත්වය උග‍්‍ර වීමට පහත කරුණු හේතුව වේ. 

  1. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය- මෙම තත්ත්වය බැක්ටීරියා හෝ වෛරස මගින් වැඩි කරයි. නමුත් මෙහිදී ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ආක‍්‍රමණය වැලැක්වීම සඳහා සටන් කරන විට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තුලින් ඇති වන අසාමාන්‍ය ප‍්‍රතිචාර මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති සෛලවලට පහර දෙයි. 

2.ආරය – බොහෝ පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය සඳහා ආරයක බලපෑමක් නොමැති වුවද       සමහර එකම පවුලේ සාමාජිකයන් අතර පැවතීමද සුලබ වේ. 

 

Crohn’s රෝගයට අවධානම් සාධක

  1. වයස – ඕනෑම වයසකදී ඇති විය හැක. නමුත් තරුණ අයට වැඩිය. සාමාන්‍යයෙන් අවුරුදු 30 ආසන්න කාලයේදී රෝගය හඳුනාගනී. 
  2. ජාන වර්ග – ඕනෑම ජාන වර්ගයක් තුල ඇති වන නමුත් පෙරදිග යුරෝපය, උතුරු ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ කළු ජාතිකයන් අතර වැඩිය. 
  3. පවුල් ආරය – පළමු ඝනයේ ඥාතීන් (දෙමාපියන්, සහෝදරයන්/සහෝදරියන් හෝ දරුවන්) අතර ඇති විය හැක. මෙම රෝගය ඇති වන කාණ්ඩයේ 1/5  පවුල් ආරයක් පවතී. 
  4. සිගරට් දුම – Crohn’s රෝගය වර්ධනය පාලනය කළ ඇති අවධානම් සාධකයකි. 
  5. ඖෂධ වර්ග – Ibuprofen, Diclofenac Sodium වැනි Nonsteroidal Anti Inflammatory ඖෂධ වර්ග මගින් පවතින රෝග තත්ත්වය වැඩි දියුණු කරයි. 

Crohn’s රෝගය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා

  • බඩවැල් අවහිර වීම – මෙහිදී බඩවැල්වල බිත්තියේ සම්පූර්ණ ඝනකම වැඩි කරයි. එසේම සමහර අන්තක කොටස් තුල කැලැල් පටක ඇති වී පටු වේ. මෙමගින් ජීර්ණ වූ ද්‍රව්‍ය පරිවහනයට බාධාවක් ඇති වේ. මෙවිට ශල්‍යකර්මයක් මගින් අවහිර වූ බඩවැල් කොටස ඉවත් කරයි. 
  • තුවාල/වණ – ආහාර ජීර්ණ පද්ධතිය තුල විවෘත තුවාල ඇති කරයි. එසේම මුඛය, ගුදය, ලිංගික ප‍්‍රදේශය ආදී ස්ථාන වලද තුවාල ඇති වේ. 
  • Fistula – එනම් ශරීර අවයව කොටස් දෙකක් අතර ඇති වන අසාමාන්‍ය සම්බන්ධතාවයකි. සමහරවිට මෙම තුවාල අන්තක බිත්තිය තුලින් පිටතට මාර්ගයක් ඇති කරමින් විවෘත වේ. මේවා බොහෝ විට සම හා බඩවැල් අතර හෝ බඩවැල් හෝ වෙනත් අවයවයක් අතර ඇති වේ. මෙම Fistula බොහෝ විට ගුදය ආශ‍්‍රිතව ඇති වන සුලබ තත්ත්වයකි. මෙම Fistula බඩවැල් අතර මුත‍්‍රාශය හෝ යෝනිය හරහා සමට සම්බන්ධ වේ. බඩවැල් වල ඇති ද්‍රව්‍ය පිටත සම මත තිබිය හැක. 
  •  Anal fissure – ගුද ආස්තරය තුල ඇතිවන කුඩා ඉරීම් වේ. ගුදය වටා ඇතිවිය හැක. ක්‍ෂුද්‍ර ජීවී ආසාධන ඇති විය හැක. 
  • මන්දපෝෂණය – පාචනය, උදර වේදනාව, පේශී පෙරලීම ආදිය හේතුවෙන් නිසි ලෙස ආහාර ගැනීමට නොහැකි වීමෙන් ඇතිවිය හැක. එසේම යකඩ, විටමින් B12 වැනි පෝෂක කොටස් උරා ගැනීමට නොහැකි වීමෙන් නීරක්තිය ඇති විය හැක. 
  • මහා බඩවැල්වල පිලිකා – මෙම Crohn’s රෝගය ඇති අයට මෙම මහබඩවැල් පිලිකා ඇති වීමේ අවධානමක් පවතී. 

 

Crohn’s රෝගය නිසා ඇති විය හැකි වෙනත් සෞඛ්‍ය ගැටළු

ශරීරයේ වෙනත් පද්ධති තුල නීරක්තිය, සමේ රෝග, ඔස්ටියෝපොරෝසිස්, සන්ධි රෝග, පිත්තාශ හෝ අක්මා රෝග ආදියද ඇති කරයි. 

  • ඖෂධ – මේ සඳහා දෙන සමහර ඖෂධ මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය අවහිර කරයි. එසේම සමේ පිලිකා හා Lymphoma වැනි තත්ත්ව ඇති කරයි. එසේම ආසාධන ඇති වීම වැඩි වේ.  Corticosteroid ඝනයේ ඖෂධ මගින් ඔස්ටියෝපොරෝසිස්, අස්ථි බිඳීම, ඇසේ සුද ඇති වීම, ඇසේ ග්ලූකෝමා තත්ත්වය ඇති වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්ත්ව ඇති විය හැක. 
  • රුධිර කැටි ඇති වීම – ධමනි තුල රුධිර කැටි ඇතිවීම මෙම රෝග තත්ත්වයේ ඇති නමුත් අවධානම් තත්ත්වයකි

 

Crohn’s රෝගය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා X-ray, Coroscopy, Sigmoidoscopy, රසායනාගාර පරීක්‍ෂණ, රුධිර පරීක්‍ෂණ, මල පරීක්‍ෂාව, MRI Scan, CT Scan වැනි පරීක්ෂණ වලට යොමු කෙරේ.

Crohn’s රෝගය ප‍්‍රතිකාර

සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා ප‍්‍රතිකාර නොමැති වුවද ප‍්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ අඩු කිරීම හෝ පාලනය කිරීම සිදු වේ. 

ප‍්‍රතිකාර ආකාර 02 කි. ආහාර ජීර්ණ පද්ධතිය තුල ඇති වන රෝග තත්ත්වය අවම කිරීමට ඖෂධ (ස්ටීරොයිඞ්)  ද පෙති හෝ එන්නත් ලෙස ප‍්‍රදාහය නැවත ඇති වීම වැලැක්වීමේ ඖෂධ ද ආහාර ජීර්ණ පද්ධතියේ සමහර කුඩා කොටස් සඳහා ශල්‍යකර්ම ප‍්‍රතිකාර ද ලබා දෙන අවස්ථා ඇත. තවද එම ප්‍රතිකාර යටතට 

  • වේදනා නාශක
  • විරේචක ඖෂධ
  • පාචනය අඩු කරන ඖෂධ
  • පෝෂක ප‍්‍රතිකාර
  • යකඩ අඩංගු පෝෂක
  • කැල්සියම්, විටමින් D, විටමින් B12  ආදී වූ ප්‍රතිකාර ද ලබා දේ.

ප‍්‍රතිකාර වල අරමුණ වන්නේ, රෝගය පාලනය කිරීම මගින් ලක්‍ෂණ අවම කිරීම හා ඇති විය හැකි සංකූලතා  වලක්වා ගැනීමයි. මෙම තත්ත්වය සඳහා ජීවන රටාවේ වෙනස්කම්, ආහාර රටාවේ වෙනස්කම් කළ යුතු වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

මොකද්ද මේ බඩ සෝදනවා කියන්නේ…?

ඇතැම් කාන්තාවන්ට ගර්භාෂය සේදීමට, සමාජයේ හුරු පුරුදු විදියට කිව්වොත් බඩ සේදීමට වෛද්‍ය උපදෙස් ලැබුණු බව අපි ඕනෑ තරම් අසා තිබෙනවා.  D & C (Dilation & Curettage) නමින් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මේ පිළිවෙත නිර්දේශ කරන්නේ කුමන තත්ත්ව වලදීද යන්න පිළිබඳව අපි අද සාකච්ඡා කරමු.

සාමාන්‍යයෙන් මේ තත්ත්වයේදී ගර්භාෂය තුල පටක ඉවත් කිරීමක් සිදු නොවන අතරම බොහෝ විට ගර්භාෂය පිරිසිදු කිරීම සිදුවන්නේ රුධිර වහනයකින් පසුවයි. 

ගර්භාෂය පිරිසිදු කිරීමට(Dilation & Curettage) කිරීමට හේතූ

මෙම පිළිවෙත ප‍්‍රතිකාරයක් ලෙස මෙන්ම රෝග විනිශ්චය ක‍්‍රමයක් ලෙසද භාවිත කරන අතරම පහත තත්ත්ව යටතේ රෝගියාට මෙය නිර්දේශ කෙරේ. 

  • ගර්භාෂයේ ඇති වන අධික/අසාමාන්‍ය රුධිර වහනය සඳහා හේතු සෙවීමට 
  • පිළිකා තත්ත්ව හඳුනා ගැනීමට. 
  • වඳ භාවය/මද සරුභාවයට (Infertility/ Subfertility) හේතූ හඳුනා ගැනීමට. 
  • ගබ්සා වීමෙන් පසු
  • පිළිකා නොවන අර්බුද, අධි ෆයිබ්‍රොයිඩ හඳුනා ගැනීමට. 
  • Pelvic Inflammatory රෝග තත්ත්වය ආසාධිත පටක ඉවත් කිරීමට 
  • සැලසුම් කරන ලද ගබ්සාවක් සිදු කිරීම
  • උපත් පාලන සඳහා යෙදු Intra Uterine device (අන්තර් ගර්භාෂක උපකරණ) ඉවත් කිරීමට

මෙම පරික්‍ෂණයේදී ගර්භාෂය තුල පටක ගෙන අන්වීක්‍ෂය ආධාරයෙන් පරීක්‍ෂා කරයි. පිළිවෙත සිදු කිරීමට පෙර, වෛද්‍යවරයා විසින් පිළිවෙත පැහැදිලි කර රෝගියාගෙන් ලිඛිත කැමැත්ත ලබාගනී. වෛද්‍යවරයා විසින් රෝගියාගේ වෛද්‍යමය හා ශල්‍ය ඉතිහාසය පිළිබඳ ඉතිහාසය ලබාගැනීමත් සමගම සම්පූර්ණ ශාරීරික පරීක්‍ෂණ සිදු කොට රෝගියා මෙම පිළිවෙත සඳහා සූදානම් කරයි. 

මෙම පිළිවෙත

  • සර්ව නිර්වින්දය – General Anastasia
  • සුෂුම්නා නිර්වින්දනය – Spinal Anastasia 
  • අවිවාරාශිනි නිර්වින්දනය – Epidural Anastasia

යටතේ එක් ක‍්‍රමයකට නිර්වින්දනය ලබාදිය හැක. එසේම බොහෝ විට ස්ථානික නිර්වින්දනය(Local Anastasia) මගින්ද සිදු කල හැක. 

ස්ථානික නිර්වින්දනය ලබාදී තිබුණේ නම් පැය 2 කින් පමණ නිවසට යා හැක. මෙහිදී උදර වේදනාව, රුධිරය පිටවීම සිදු වේ. 

නිවසට යාමෙන් පසුව පහත ලක්‍ෂණ පවතී නම් නැවත වෛද්‍ය උපදෙස් ගත යුතුය

  • අධික ලෙස රුධිර වහනය වීම 
  • යෝනි ශ‍්‍රාව තුල දුර්ගන්ධයක් දැනීම
  • වෙව්ලීම, උණ ඇතිවීම 
  • අධික උදර වේදනාව

 

ගර්භාෂය පිරිසිදු කිරීමේදි ඇති විය හැකි අවදානම

 ඕනෑම ශල්‍ය පිළිවෙතකින් පසු සංකූලතා ඇති විය හැකි අතරම මෙහිදී පහත තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතී. 

  • අධික රුධිර වහනය
  • ආසාධන
  • ගර්භාෂ බිත්තිය හෝ අන්තක සිදුරු වීම
  • ගර්භාෂය තුල කැලැල් පටක ඇති වීම – ගර්භාෂය පිරිසිදු කිරීම (Dilation & Curettage) තුලින් කලාතුරකින් ගර්භාෂය තුල කැලැල් පටක වර්ධනය විය හැක. මෙම තත්ත්වය Asherman’s syndrome ලෙස හඳුන්වයි. මෙය බොහෝ විට ඇතිවන්නේ ගබ්සා වීමකින් හෝ දරු ප‍්‍රසූතියකින් පසුව ගර්භාෂය පිරිසිදු කිරීමක් (Dilation & Curettage) සිදු කිරීමෙන්ය. 
  • ගැබ් ගෙලට හානි වීම – මෙම පිළිවෙත අතරතුරදී කලාතුරකින් ගැබ්ගෙල ඉරීමක් සිදු විය හැක. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පිළිවෙතට පෙර ගැබ් ගෙල ශක්තිමත් කිරීමට ඖෂධ ලබාදේ. 

ගර්භාෂය පිරිසිදු කිරීම (Dilation & Curettage) Dilation of Cervix සහ Curette යන ආකාර දෙකකට සිදු කෙරෙන අතරම Dilation of Cervix හිදී Dilator නම් උපකරණයක් මගින් ගැබ් ගෙල විවෘත කිරීම/ විස්තාරණය කිරීම සිදු කරයි. දෙවන ආකාරය වන Curette හිදී සිදු වන්නේ එසේ විස්තාරණය වූ ගැබ් ගෙල හරහා සිහින් උපකරණයක් ගර්භාෂයට ඇතුල් කර ගර්භාෂ බිත්තිය සූරා පටක ඉවත් කිරීමයි. ගර්භාෂය පිරිසිදු කිරීමෙන් ඔබට ඇති ගැටලු වෛද්‍යවරයාගෙන්  විමසා දැනගන්න. ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

දරුවන්ගේ හැඟීම් වර්ධනය කිරීමට අප විසින් කළ යුත්තේ මොනවාද?

වයසින් වැඩෙත්ම ළමුන්ගේ හැකියාවන් ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වේ. මුලදී හිස සෙලවීම, අත් පා සැලීම් ආදියත් ක‍්‍රමයෙන් හිස කෙලින් කිරීම, පෙරලීම, බඩගෑම/දණගෑම අධාරක් ඇතිව නැගී සිටීමත්, තනිව නැගිටීමත්, තනිව ඇවිදීම ආදියෙන් පසු දුව පනින්නට හැකියාවත් ක‍්‍රමයෙන් ඉගෙන ගනී. එසේම අර්ථයක් රහිතව ශබ්ද නගන දරුවන් ක‍්‍රමයෙන් වචන ඉගෙන වාක්‍ය ගොතා කතා කරන්නට ඉගෙන ගනී. එසේම මුහුණ දෙස බලාසිට එයින් දැක්වෙන සිතුවිලි හඳුනා ගැනීම තුලින් අවාචික සන්නිවේදනයද ඉගෙන ගනී. 

මෙසේ බලන කල අවබෝධ වන්නේ ලබන අත්දැකීම් මෙන්ම ලැබෙන ක‍්‍රියාකාරකම් හා ශබ්ද හරහා දරුවා ඉගෙනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වන බවයි. එය සිදු වන්නේ පුදුමාකාර වූ වේගයකිනි. මේ ක‍්‍රියාවලීන් හරහා ළමුන්ගේ සංවර්ධනය නිරූපණය වේ. මේ අනුව දරුවන්ගේ ක‍්‍රියා හා කුසලතා වල ක‍්‍රම ක‍්‍රමයෙන් සිදුවෙන සංකීර්ණ බව වයස සමග වැඩි දියුණුවීම සංවර්ධනය ලෙසින් හඳුනාගත හැකියි. 

මේ සංවර්ධන ක‍්‍රියාවලිය ගොඩනැගෙන අයුරු දරුවාගෙන් දරුවාට වෙනස් නොවන එකම රටාවක් ගනී. එහි වෙනස් වන්නේ සිදුවෙන වේගය සමාන නොවීම පමණි. 

අපගේ ඉලක්කය වන පාලනයක් ලද චිත්ත වේග සහිත යහපත් පෞරුෂයක් හා සමාජීය වශයෙන් පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න දරුවකු නිර්මාණය කිරීමයි. මෙම කාර්යයේදී ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සතු අළුතින් ඉගෙන ගන්නා විචාරශීලි බව ඔවුන් තුල රැකදීමට අප විසින් අනුබල ලබාදිය යුතුයි. මේ අනුබල දීම යනු ඔවුනගේ හැඟීම් හඳුනා ඒවා වර්ධනයට උදව්වන සේ අප විසින් ක‍්‍රියාත්මක වීමයි. 

මේ පිළිබඳව විමර්ශනාත්මකව සිතීමේදී දරුවෙකු මව හඳුනාගෙන ඇය සමග සිනාසීම එම දරුවාගේ හැඟීම් දියුණුවීමකි. මේ නිසා මව නිතර දරුවා සමග සමීපව පවත්නා සම්බන්ධතාව දරුවාට කතා කිරීම හරහා සිප වැළඳ ගැනීම හරහා දැනෙන උණුසුම් ආදරණීය හැඟීම් හරහා සිදුවන්නකි. මේ නිසා මවගේ හඬ ඇසුනු සැනින් දරුවාගේ මතකයට නැගෙන්නේ ආදරය, උණුසුම ලැබුණු බවයි. මේ සමග දරුවාට දැනෙන සන්තෝෂය නිසා දරුවාට සිනහවක් නැගේ. මෙය ඉතා සරල ක‍්‍රියාවක් ලෙස සිතුනද පෙනීම, ඇසීම පිළිබඳව ඇති වන මොළයේ අපර ඛණ්ඩිකාව (occipital lobe) ශංඛක ඛණ්ඩිකාව (temporal lobe) තුල ඇති වන ස්නායු ක‍්‍රියා කිරීමක් හරහා සිදුවන්නකි. කලින් මතකයක් තබන සිහි කැඳවීම සඳහා මොළයේ හිපො කැම්පස් (Hippocampus) ඇමිග්ඩලා (Amygdala) සහ බේසල් ගැංග්ලියාව (Basel ganglia) යන කොටස් වල ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය වේ. මෙම සිද්ධියට අදාල හැඟීම් සහ සිතුවිලි ඇති වන්නේ මොළයේ පූර්ව මස්තිෂ්කය (Frontal lobe) ලිම්බික් පද්ධතිය (Limbic system) ඇමිග්ඩලා (Amygdala) සහ හිපොකැම්පස් (Hippocampus) යන කොටස් වල ඇති වේ. මෙය අපට ඉතා සරල ක‍්‍රියාවක් ලෙස පෙනුනද සිදුවන සෑම ක‍්‍රියාකාරකමක්ම සඳහා මොළයේ විවිධ කොටස් සම්බන්ධ වීමත් ඒ අනුව දරුවාගේ සංවර්ධනය සිදුවන බවත් මේ සංවර්ධනය රඳ පවතින්නේ මොළයේ ක‍්‍රියාකාරීත්වයේ කාර්යක්‍ෂමභාවයක් අනුව බවයි. 

මෙම ක‍්‍රියාවලි සඳහා මොළයේ ස්නායු අතර ඇතිවන උපාගමයන් සංඛ්‍යාව බලපායි. එසේම එම උපාගමයන් ක‍්‍රියාත්මක වන්නේ මොළයේ කාර්යක්‍ෂමතාවය මතයි. එසේම මෙම උපාගමයන් බොහොමයක් වැඩි වශයෙන්ම නිර්මාණය වන්නේ මුල් ළමාවිය වියේදියි. 

එසේ හෙයින් මුල් ළමාවියේදී මෙම උපාගමයන් නිර්මාණය සදහා ලබාදෙන දයකත්වය වන දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලි වැඩි දියුණු කළ හැකියි. ඉගෙනුම් අවස්ථා සම`ග පාරිසරික උත්තේජනයන්ට බ`දුන් වන ළදරුවන් සංවර්ධන කඩයිම් ඉක්මණින් පසු කරනු ලබන අතර දෙමාපියන් මගින් යෝග්‍ය වූ පරිසරයක් තුලදී ලබාදෙන කාලීන ගුණාත්මක හා ගැලපෙන මනෝ සමාජීය උත්තේජකයන් දරුවාගේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමට ගොඩනැගේ. දරුවා ලෝකය අවබෝධ කරගන්නේ හැඟීම් නිරීක්‍ෂණය කිරීම, සෙල්ලම් කිරීම හා වැඩිහිටියන්ගේ ක‍්‍රියාකාරකම් අනුගමනය කිරීම හා ඔවුන් කරන ක‍්‍රියාවල නිරත වීමෙනි. මේ නිසා අත්හදා බැලීම් සඳහා දරුවාට අවස්ථාව ලබාදිය යුතුයි. දරුවාගේ පංච ඉන්ද්‍රියන් සඳහා ලැබෙන සංවේදන වැඩි දියුණු කිරීම තුලින් ඔහු/ඇය ලබන අත්දැකීම් වැඩි දියුණු කළ හැකියි. 

දරුවාගේ මේ සංවර්ධනය සඳහා දරුවාගේ හැඟීම් හඳුනා ගැනීමටත් හඳුනාගැනීමත් ඒ සඳහා උදව් කිරීමත් අප විසින් කළ යුතුයි. ආදරය, කරුණාව හා මව වෙතින් ලැබෙන උණුසුම් ස්පර්ශය දරුවාගේ ආදරණීය හැ`ගීම් වැඩි දියුණු කරයි. මේ හෙයින් දරුවා ඉපදීමට පෙරම එනම් කුස තුලදීම දරුවාට දැනෙන ලෙස කතා කිරීම, නැලවිලි ගීත ගායනය, දරුවා වෙනුවෙන්/දැනුම වැඩෙන යමක යහපත් සිතුවිල්ලකින් නිරත වීම දරුවාට දැනේ. මෙය දරුවා තුල යහපත් වූ ආකල්ප වර්ධනයට හේතුවක් වේ. එසේම මෙය දරුවාගේ අදරණීය වූ හැඟීම් වර්ධනයට අඩිතාලමක් වේ. එසේම මවගේ සංයමය, මවට ලැබෙන සැනසිල්ල සහනදායී බව හෝ සැලකිල්ල තුළින් මව ජීවත් වන තෘප්තිමත් බව දරුවා තුල ඉතාමත් ආදරණීට වූ හැඟීම් ඇති කරයි. එසේම මවට ලැබෙන තාඩන, පීඩන/තර්ජන මව හෙලන කදුළු තුලදී මව පත්වන සිත් තැවිල්ල දරුවාට අහිතකරවූ හැඟීම් සමුදායක් ඇති කරයි. 

මෙසේ හෙයින් ගර්භනී කාලය තුල ගර්භනී මවක කෙරේ දක්වන සැලකිල්ල, ආදරය, සෙනෙහස, කැපවීම හා පරෙස්සම දරුවා තුල එම හැඟීම් වර්ධනයට හේතුවක් වේ. 

උපන් මොහොතේ සිට දරුවාගේ ඇසට මවගේ ඇස ගැටෙන විට (eye contact) දරුවාගේ මොළය තුලදී අප මුලදී සඳහන් කල ක‍්‍රියාවලි හේතුවෙන් නැතහොත් ස්නායු සෛල ජාල සම්බන්ධතා මව හඳුනාගැනීමත් මවගේ ආදරණීය බව සෙනෙහස, රැකවරණය, පෝෂණය යන සිතුවිලි පිළිබඳ සැනසිලි සහගත හැඟීම් දරුවා තුල වර්ධනය වේ. මෙසේ හෙයින් අළුත උපන් දරුවන් රැකබලා ගැනීමේදී මව/පියා විසින් සිදු කරනු ලබන දරුවා සියුම් ලෙස අතපත ගෑම, ආදරයෙන් දෑස දෙස බලා කරන කතා බහ, ඉඟි බිඟි දරුවාගේ හැඟීම් වර්ධනයට මහත් අත්වැලක් සපයයි. මෙසේ හෙයින් ලද සෑම අවස්ථාවකම දරුවා සමග කතා කිරීම, දරුවාගේ සිනහවට/ ශබ්දයට ප‍්‍රතිචාර දැක්වීම, දරුවා දක්වන හැඟීම් සඳහා ප‍්‍රතිචාර දැක්වීම මෙන්ම දරුවා වෙනුවෙන් ගැයෙන නැලවිලි ගීත පවා දරුවාගේ හැඟීම් වැඩි දියුණු කිරීමට හේතුවක් වේ. එසේම වයසින් වැඩෙත්ම ඒ ඒ වයසට අදාල ක‍්‍රියාකාරකම් අනුව උදව් කිරීම දරුවා‍ගේ හැඟීම් වැඩි දියුණු කිරීමට හේතුවක් වේ. 

යමක් පෙන්වීම ඒ සමගම ඒ පිළිබඳව කතා කිරීම එය අල්ලා බලන්නට දීම/ හැකි දෙයක් නම් තල්ලූ කිරීමට/පෙරලා/ බිම දමා ශබ්දය/ විසිරෙන අයුරු හෝ බලන්නට අවස්ථාව ලබාදීම තුලින් එම ද්‍රව්‍ය පිළිබඳ අදහසක් ගොඩනගා ගැනීමෙන් එහි ස්වභාවය, පාට, චලනය කිරීමේ හැකියාව ආදිය පිළිබඳව හැඟීම් වැඩි දියුණු වේ. මෙසේ හැඟීම් වැඩි දියුණු වීම තුලින් දරුවාගේ කුසලතාද වර්ධනය වේ. 

කුඩා දරුවා මවව දුටු විට මේ මගේ අම්මා, මට කිරි ලැබේවී, මව ආදරය දක්වාවි, මාව ආදරයෙන් තුරුල් කරගනිවී ආදී ලෙසින් දරුවාට දැනෙන ඇතිවන හැඟීම් සඳහා මව විසින් දක්වන සාර්ථක ප‍්‍රතිචාරය මව් දරු සම්බන්ධතාවයෙන් එහා ගොස් විශ්වසනීය ලෙසින් දරුවාට ඇති වන හැඟීම් වැඩි දියුණු කරයි. ක‍්‍රමයෙන් හැකියාවන් ලබන දරුවා අතින් යමක් අල්ලා ගැනීමට, එය විසිකර, තල්ලූ කර, අතගා බැලීමට හැඟීමක් ඇති කර ගනී. එවිට එම වස්තුව පිළිබඳ දරුවාට ඉගෙනීමේ අවස්ථාව අහිමි වේ. මෙය දරුවාගේ සංවර්ධනයට බරපතල තර්ජනයක් එල්ල වේ. එසේ හෙයින් දරුවාගේ එම හැඟීම් වර්ධනයට තදබල සෙ බාධා එල්ල වේ. 

එදිනෙදා ගෙදර දොරේ පරිසරරයේදී ආරක්‍ෂිත පරිසරයක් තුල විමර්ශනයට අවස්ථාව සැලසීම වෙනත් ගමනක් බිමනක් යන විට පරිසරය නැරඹීමට අවස්ථාව සැලසීම, ගස්කොලන් සෙලවන විට, කුරුළු හඬ ඇසීම, සතුන් දැකීම ආදිය ලෙසින් දරුවාගේ හැඟීම් සංවර්ධනයට අවස්ථාව උදා වේ. එසේම රාත‍්‍රි කාලයේ සඳ තරු, කළුවර, ආලෝකය දරුවාගේ හැඟීම් උද්දීපනයට අවස්ථාව සැලසේ. එසේම එම හැඟීම් තුලින් ඉගෙනුම් අවස්ථා ගොඩනගා ගැනීමට අවස්ථාව උදා වේ. විශේෂයෙන් රාත‍්‍රි කාලයේ ඇසෙන බකමූණූ ශබ්දයකට ඇහුම්කන් දීමට අවස්ථාවක් බලාදුනහොත් කීප දිනකදී එම ශබ්දය අඳුරත් සමග ඇසිය හැකිය යන හැඟීම් වැඩි දියුණු වීම තුලින් රාත‍්‍රිය එළඹීම, ඒ හා සම්බන්ධිත සිදුවීම් පිළිබඳ හැඟීම් වර්ධනය වන හෙයින් ඉගෙනුම් අවස්ථා පුළුල්ව ඇති බව හඳුනාගත හැකිය. 

විමසීම, නිරීක්‍ෂණය, විමර්ශනය මෙන්ම දරුවා සමග කතා බහේ යෙදීමද දරුවා හට ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව සැලසීම එම ගැටළු සඳහා නිවැරදි පිළිතුරු ලැබීම, ගෙදර දොර කටයුතු සඳහා සහභාගි කර ගැනීම ඒ සඳහා උනන්දු කිරීම, අනුකරණය සඳහා අවස්ථාව ලබාදීම තුලින්ද ඒවා තුලින් ලද අත්දැකීම් ඔහු/ඇය තේරුම් ගන්නේදැයි සොයා බැලීම් තුලින් ඔහුගේ එම හැඟීම් කොතෙක් දුරට වර්ධනය වී ඇත්දැයි හඳුනාගත හැකියි. 

මව දරුවා සමග බෙහෙත් ගෙන ඒමට වෛද්‍යවරයා වෙත ගිය විට ඒ ගමන ඔහුගේ සිතේ රැඳිනි. එහි ප‍්‍රතිඵලය දැකිය හැක්කේ ඇයට සපයා ගැනීමට අත්බෑගයක්, බෝනික්කු වේ නම් මේ කටයුත්ත අනුකරණය කිරීම දරුවා විසින් සිදුකරන අයුරු ඔබට දැකගත හැකි වේ. එය දරුවාගේ හඳුනාගත හැකි හොඳම හැඟීම්  වර්ධනය අවස්ථාවකි. 

බහ තේරීමට හේතු වන දරුවන් සිදු කරන ශබ්ද නැවත ප‍්‍රතිරාව කිරීමේදී යම් දෙයක් දුටු විට එය හඳුන්වා දීමත් වැදගත් වේ. දකින වස්තුව ඔහුට ප‍්‍රශ්නයක් නොවීමට නම් එය පැහැදිලි ලෙස ශබ්ද කර හඳුන්වා දිය යුතු වේ. උදාහරණ ලෙස මලක් දුටු විට මල ලෙසින් එය පැවසිය යුතුයි. එවිට ඔහු එය හඳුනාගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම වැටේ. එය කිහිපවාරයක් සිදුවන විට දරුවාට හඳුනාගැනීමේ හැකියාව ලැබේ. 

දරුවා හඬන විට නොපමාව විමසිලිමත් වීම ඒ සඳහා හේතුව සොයා ඊට පිළියම් යෙදිය යුතු වේ. එම හැඟීම් ප‍්‍රකාශය හඳුනාගත් විට ක‍්‍රමයෙන් ඔහුගේ හැඟීම් වර්ධනය පිළිබඳව සංවර්ධනයක් ඇති වේ. එසේම,

දිරිමත් කිරීම, ආධාරයක් ඇතිව ඇවිදින දරුවකුට ”හපන් පුතා හපන්” ලෙසින් දිරිමත් කරන ප‍්‍රකාශද දරුවාව හැකියාවෙන් මෙන්ම හැඟීමෙන්ද වර්ධනය කරයි. යමක් අත දිගුකර ලබාගැනීමට උත්සහ දරයි නම් එයට ලඟා වීමට නොහැකි අවස්ථා වල ඒ සඳහා ඔහුට/ඇයට උදව් කරන්න. විශ්වාසය වැඩි දියුණු වූ විටද දරුවාගේ හැඟීම් වර්ධනය වේ. පහසුවෙන් ඇල්ලිය හැකි ලෙස රෙදි බෝනික්කන්, බෝලයක් වැනි යමක් ලබාදීමද දරුවාගේ ඇතින් අල්ලා ගැනීමේ ඇති හැඟීම් තීව‍්‍ර කරයි. 

නාන විටදී, කෑම කවන විටදී එය සතුටින් කිරීම හෝ ඒ සඳහා දරුවාගේ අවධානය යොමු වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඒ තුලින් ඔහුගේ බඩගින්න සමග කෑම ගැන ඇති හැඟීම් වැඩි වේ. එසේම  යම් යම් දේ අල්ලා බැලීමට, ඒවායේ සුවඳ හඳුනාගැනීමට ප‍්‍රමාණවත් තරම් අවස්ථාව ලබාදීමද රසය ගඳ සුවඳ ශබ්දය ස්වභාවය පිළිබඳ හැඟීම් වර්ධනයට අවස්ථාව ලැබේ. 

එසේම නාන විට වතුර ස්වභාවය, අතින් ගසන විට විසිරීමේ ස්වභාවය ආදිය හඳුනාගැනීමට අවස්ථාව දීම උචිත වේ. මෙසේ සියළු අවස්ථාවන් සම්බන්ධ කල විට ඒ ඒ සෑම අවස්ථාවකදීම දරුවන්ගේ හැඟීම් වැඩි දියුණු වීමට නම් මව/පියා/රැකබලාගන්නන්ගේ ඉවසීඹ, දරුවාගේ වැඩෙහි යෙදීම සඳහා ඉඩ ප‍්‍රස්ථාව වැඩි කිරීම, දරුවාගේ හැකියාවන් අගය කිරීම, දිරිමත් කිරීම මෙන්ම නිදහසේ විමර්ශනයට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම වැදගත් වේ. සියළු හැඟීම් දැනීම් සඳහා ලබාදෙන අවස්ථාවන්හි උපරිම ප‍්‍රතිඵලය වනුයේ හොඳ සමාජානුයෝගී දරුවෙකු බිහි වීමයි. මේ අවස්ථාව සඳහා නොපැකිලිව අප විසින් ආරක්‍ෂිත පරිසරයක් ගොඩනගා දීමට ඉඩ ප‍්‍රස්ථා වැඩි කිරීම් දරුවන් සමග කරනා කටයුතු වලදී ඔවුන් සහභාගී කරවා ගැනීම, එම කාර්යයේ කොටස්කරුවකු වීමට දරුවාට අවස්ථාව ලබාදීම වැදගත් වේ. 

මෙසේ හෙයින් ජීවිත ගමනේ මුළු ජීවිතයම තීරණය වන වැදගත්ම කාලය වන  මුල් ළමාවිය වෙනුවෙන් අපෙන් සිදුවන පැහැදිලි නිවැරදි හා නිරවුල් මැදිහත් වීම් තවදුරටත් සිදුවීම අත්‍යාවශ්‍ය බවත් ඒ සියළු මැදිහත්වීම් දරුවාගේ පංච ඉන්ද්‍රියයන් උත්තේජනයට අවස්ථාවන් ලෙසින් සිදුවිය යුතු බවටත් අප විසින් තරයේ සිතට ගත යුතු වෙමු. ඒමගින් දරුවන්ගේ හැඟීම් දැනීම් වර්ධනයට ලැබෙන ඉඩ ප‍්‍රස්ථා පුළුල් කිරීමට උත්සහ දරමු. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

පීඩාකාරී මානසික ආතතිය නිසා දරුවාගේ මොළයේ සිදුවන වෙනස්කම් ගැන ගුරුවරුන් ලෙස ඔබ දැනුවත්ද?

පැය ගණනක් දුරකථනයේ ක්‍රීඩාවල යෙදිය හැකි දරුවෙකුට පාඩම් පොතක් සමග පැය භාගයක තරම්වත් කෙටි කාලයක් රැඳී සිටිම අපහසුය. එයට හේතුව ඒ සඳහා වූ නිසි අභිප්‍රේරණයක් නොමැති කමයි. විද්‍යාත්මකව මේ දෙස බැලූ කළ නිසි අභිප්‍රේරණයක් නොමැති කල මොළයේ විසින් ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය චර්යාවන් ආරම්භ කොට පවත්වා ගන්නේ නැත. දරුවෙකුට හෙඳින් අවධානය‍ යොමු කොට සාර්ථකව අධ්‍යාපයේ යෙදීමට නම් මනස නරත විය යුතු වන්නේ ප්‍රබෝධකාරී මානසික ආතතිය තුළයි. නමුත් නිසි අභිප්‍රේරණයක් නොමැතිව ක්‍රියාත්මක වීම මගින් ආතතිය වර්ධනය වන අතරම එය පීඩාකාරී ආතතිය බවට පත් විය හැකිය. 

චිත්තවේගික ලක්ෂණ – කුඩා දේට අධික සංවේදී විම, බිය, බලාපොරොත්තු විරහිත වී, නිතර පවතින නොරිස්සුම් ගතිය, සතුටක් නොමැති වීම, කලබලකාරී වීම

සමාජීය ලක්ෂණ – පාලුව/තනිකම දැනීම, අවිශ්වාසය, වගකීම් විරහිත වැඩ කිරීම, හීනමානය වැඩි වීඹ හෝ නිතර අන අයව පහත් කිරීම, සබඳතා පළුදු කර ගැනීම, පීඩාකාරී සන්නිවේදන රටා 

කායික ලක්ෂණ –  හිසරදය, ඇඟපත රුඳාව, හුස්ම ගැනීමේ අපහසුතා/හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, අධික හෘදස්පන්දනය, බඩ පිපුම/දැවිල්ල, ඔක්කාර ගතිය, මලබද්ධය, බඩ එළයේ යාම, කටේ තුවාල දැමීම, ආහාර අරුචිය/ අධික ලෙස අහාර ගැනීම, නිතර දහඩිය දැමීම, වැඩිපුර දහඩිය දැමීම, ප්‍රතිශක්තිය අඩු වීම

මානසික ලක්ෂණ –  නින්දට බාධා වීම, නින්ද ආරම්භ කිරීමේ අපහසුව, පීඩාකාරී සිහින පෙනීම, අවධානය රඳවා ගැනීමේ අපහසුව, හීනෙන් බිය වීම, පොඩි දේ ලොකු කර සිතීම, කම්පා වීම, 

චර්යාමය ලක්ෂණ –  පාසල් කටයුතු මග හැරීම, රැකියාව අඩපණ වීඹ, මත්දුව්‍ය/දුම්වැටි කෙරේ ලොල් වීම, නිවස තුළ සහ රැකියාවේ ගැටුම් ඇති කර ගැනීම, සාමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම

අන්න ඒ නිසාම ඉගෙනුම් කාර්යය නිසි ලෙස පැවතීමට නම් දරුවා මෙන්ම ගුරුවරයාද පීඩාකාරී මානසික ආතතියෙන් මෙන්ම සායනික ආතතියෙන් තොරව ප්‍රබෝධකාරී ආතතියෙන් සිටිය යුතුමය. ඉහළ අභිප්‍රේරණයක් සහිත ඉගෙනුම් ක්‍රියවලියකදී මානසික ආතතිය ප්‍රබෝධකාරී මානසික ආතති කලාපය තුළ ස්ථාවරන පවත්වා ගැනීමට හැකියාව ලැබේ. 

ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සතුටක්, විනෝදයක් ආස්වාදයක් ගොඩනැගෙද්දී ඇති වන අභිප්‍රේරණය හරහා මොළයට ලැබෙන ආතතිය හිතකර කලාපයට ක්ෂණිකව ළඟා වේ. ඉගෙනුම් ක්‍රියාවලිය දිගින් දිගට සාර්ථකව සිදු වීමට පටන් ගනී. නමුත් ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීම තුලින් සතුටක් විඳීමක් ප්‍රබෝධයක් ඇති නොවුණත් චිත්‍රපටයක්, ක්‍රීඩාවක් හෝ වෙනත් දෙයක් මෙන් ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට නොහැකියි. තමන් අකමැති ක්‍රියාවලියක දිගිත් දිගටම යෙදී සිටීමට සිදුවන විට මොළය හිතකර මානසික ආතති මට්ටම් කලාපය තුළ දිගටම රඳා පවතින්නේ නැත. බොහෝ විට සායනික ආතති කලාපයට ළඟා වේ. 

නිසි අභිප්‍රේරණයක් නැති ඉගෙනුම් ක්‍රියාවලියේදී සක්‍රිය වන සෘණාත්මක සිතුවිලි 

  • එච්චර ගොඩක් පාඩම් කරන්න බෑ
  • මේවා කොහොමද මතක තියා ගන්නේ
  • මට නම් එපා වෙලා තියෙන්නෙ
  • මේ පාඩම හරිම අමාරුයි
  • මේ සැරෙත් අනිවාර්යෙන් ලකුණු අඩු වෙනවා
  • මේ සැරෙත් මම පන්තියේ පහලටම යනවා, ඔක්කොම කට්ටිය මට හිනාවෙයි

මෙසේ සක්‍රිය වන සෘණාත්මක සිතුවිලි හේතුවෙන් එපා වීම, කලකිරීම, තරහ, කම්මැලිකම, නිදිමත, උනන්දුව අඩු වීම වැනි සෘණාත්මක හැඟීම් වර්ධනය වේ. මොලය සායනික ආතතියට ලක්වන විට ඉගැනුම් ක්‍රියාවලියට වැදගත් වන මානසික ක්‍රියා යටපත් වී සායනික ලක්ෂණ ජනිත වේ. ලක්ෂණ බොහෝ විට ශිෂ්‍යයන්ට දැඩි පීඩාවක් ඇති කරවයි. මානසික පීඩනය වැඩිවන විට එය අඩු කරගැනීම සදහා යොදා ගන්නා විකල්ප චර්යාවන් මනෝ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ඒවා වැඩ කල් දැමීමේ චර්යා ලෙස හඳුන්වයි.

 

එනම් පාඩම් කිරීම පසෙකලා රූපවාහිනී නැරඹීම, පොත් කියවීම, ව්‍යායාමවල යෙදීම වැනි දේ වල නිරත වීඹයි. මේවා නුසුදුසු දේවල් නොවුණද අදාල අවස්ථාවේ එය සිදු නොවීම පමණක් ගැටලුවක් වේ. ඇතැම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද  දැක්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්ත්වයකි. දරුවන් මෙම විකල්ප චර්යාවන් වල යෙදීම තුළින් තාවකාලිකව සතුටක් විනෝදයක් ප්‍රබෝධයක් වින්දනයක් ලබයි. ඒවා තුළ ඇති ඉහළ අභිප්‍රේරණ ශක්තිය නිසා ක්‍රමානුකූලව පුරුදු බවට පත්වේ. දරුවා තත්ත්වය වටහා ගත්තත් එයින් මිඳීමට නොහැකි වේ. මෙසේ පැවතුනු මේ චර්යා කොරෝනා වසංගතය සමග තෙගුණ දෙගුණ වී ඇත. මේවා එක්ක දෙමාපියන් ඉතාම පීඩනයට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ වෙනුවෙන් ඔවුන්ගේ දැනුමේ හැටියට ක්‍රියාත්මක වනු ඇත. නමුත් මෙය වළක්වා ගැනීමට පාසැල තුළින් විශාල සහයෝගයක් ලැබිය යුුතුය. එනම් මෙය විසඳා ගැනීමට ගුරුවරු‍න්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. පාසලට පැමිණෙන බොහෝ දරුවන් තුළ මෙවැනි චර්යාත්මක වෙනස්කම් සිදුවී ඇති බව ඇති බව ඔබට නිරීක්ෂණය වනු ඇත. දෙමාපියන් ලෙස ගුරුවරුන් ලෙස මෙවැනි චර්යා නිරීක්ෂණය වූ විට දරුවන් යහමගට ගැනීමේ නිරන්තර පෙළඹීම ඔබ තුළ ඇති වේ.

මෙවැනි දරුවන් නිසි මගට ගැනීමට ඔබ තෝරා ගන්නේ දඬුවම් කිරීම නම් අපි ඒ පිළිබඳවත් දැනුවත් වෙමු.

දරුවන්ට දඬුවම් දීමේදී වැඩිහිටියන් ලෙස අපි වඩාත් සැලකිලිමත් විය යුතුය. මොළයේ ප්‍රධාන කොටස් දෙකක් ඇති අතරම ලිම්බික් පද්ධතිය, ඇමික්ඩෙලා වැනි කොටස් සහිතයි. මෙම ඇමික්ඩෙලා කොටසේ චිත්තවේග ගබඩා කිරීම සිදු වේ. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරයට චර්යා වෙනස් කිරීමට පීඩාකාරී යමක් සිදු කළ හොත් එය ඇමික්ඩෙලා කොටසේ තැම්පත් වෙනවා. ‍

අපට දඬුවම් අවශ්‍ය වන්නේ ඇයි?

අපට දඬුවම් අවශ්‍ය වන්නේ චර්යාවන් වෙනස් කර ගැනීමටයි.

  • නොගැලපෙන චර්යා නැති කර ගැනීම
  • ධනාත්මක චර්යා වැඩි දියුණු කර ගැනීම
  • නව චර්යාවන් ඇති කර ගැනීම
  • සමහර චර්යාවන් සාමාන්‍ය මට්ටමට රැගෙන ඒම

 

චර්යා වෙනස් කිරීම කොටස් දෙකකි.

  • පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම‍ – ප්‍රතික්‍රියාශීලී චර්යාත්මක වෙනස

උදාහරණයක් ලෙස කෑම කා අවසන් වූ පසු පිඟාන නොසේදූ කෑම කාලා ඉඳුල් පිඟාන තියලා ගියොත් ඒ පිඟානටම කෑම බෙදලා දෙනවා. යනවා ගිහිං පිඟාන හෝදනවා. වැඩිහිටි ඔබ බලාපොරොත්තු වන කාර්යය සිදු වුවත් එනම් චර්යාව වෙනස් වුවත් දරුවාට පීඩාවක් ඇති වෙනවා. එවිට මොළයේ ඇතුලේ පීඩාකාරී හැඟීමක් තැම්පත් වෙනවා.

  • ප්‍රබෝධකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම – තිරසාර චර්යාත්මක වෙනස

උදාහරණයක් ලෙස චූටි දූට අද පිඟාන හෝදන්න අමතක වුණාද? කමක් නෑ ඉක්මනට හෝදලා එන්නකෝ.. මෙවිට ප්‍රබෝධකාරී අත්දැකීමක් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම සිදු වන අතරම එය ප්‍රබෝධකාරී හැඟීමක් වශයෙන් මොළය් තම්පත් වේ. 

 

ශාරීරික පීඩාව ඇති කරමින් දඬුවම් කිරීමේ ක්‍රම

  • තල්ලු කිරීම
  • කන මිරීකීම
  • කම්බුලට ගැසීම
  • කෝටුවලින් වේවැල්වලින් ගැසීම
  • දණ ගැස්වීම
  • පුටු වල නැග්ග වීම
  • කාමරවල දමා වැසීම
  • බැද තැබීම
  • කෙනිත්තීම
  • ටොකු ඇනීම

 

මානසික පීඩාව ඇති කරමින් දඬුවම් කිරීම

  • එකම දේ නැවත නැවත කීම
  • පරුෂ වචන කීම
  • සතුන්ගෙ නම් කීම
  • තර්ජනය කිරීම
  • අපහාස කිරීම
  • බැන වැදීම
  • අන් අය ඉදිරියේ බැන වැදීම
  • අන් අය සමග සැසඳීම
  • පොත් වල බලි ඇදීම
  • පිටු ඉරා දැමීම
  • පොත් විසිකිරීම
  • කෑම උයන්නේ නැතිව සිටීම
  • මුහුණ එල්ලා ගෙන සිටීම/ ගස්සා ගෙන යාම/ වෙන කාමර වල නිදා ගැනීම/ ගෙදරින් යාම
  • ඇනුම් පද කීම/කැපෙන කතා කීව

ජපානය වැනි රට වල වැඩිහිටියන් පවා අදාල නීතිරීති පවා අකුරටම පිළිපදින අතරම එයට හේතුව ඔවුන් ප්‍රබෝධකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යාවන් හැඩගස්සවා තිබීමයි. නමුත් අපේ රටේ නීතිය පිළිපදින්නේ අදාල නිලධාරීන් ඉදිරියේ පමණි. ඒ අප හුරු වී ඇත්තේ පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම‍ට නිසයි. පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම තිරසාර චර්යාත්මක වෙනසක් දැකිය හැකි බව ලොව පිළි නොගනී. ඒ නිසාම අපට අලුත් සම්ප්‍රදායක් අවශ්‍යයි. තිරසාර පරපුරකට පෙල ගැසෙන්නට නම් දරුවන්ගේ මනස තුළ පීඩාකාරී මතකයන් ගොඩ ගැසීම අවම කරවමු. මනස තුළ පීඩාකාරී මතකයන් ගෙඩනැගීම තුළින් තර්කනය, ආවේග පාලනය, විශ්ලේෂණය, පරිකල්පනය අඩපණ වනු ඇත. 

දඬවම් ලබමින් ගොඩනැ‍‍ගන දරුවෙකු‍ තුළ පරාරෝපණය, ජීවිත උනන්දුව බිඳ වැටීම, සතුටු වීමට නොහැකි බව, තීරණ ගැනීමට නොහැකියාව, උකටලී බව, කරදරකාරී බව, පහව නොයන සැකය, ජීවිතයේ අගය හීත වීම, තනිකම, ක්‍රියාශීලිත්වය ඇති නොවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ඉගෙනුම් පරිසරය ප්‍රබෝධකාරී කිරීමෙන් මෙම සියලු ගැටලූ අවසන් වනු ඇත. මේ තුළ ගුරුවරයාට ඇති වගකීම සුළුපටු නොවේ.  

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

මනෝ විද්‍යාවට අනුව ගුරු භූමිකාව තුළ ගුරුවරයාගේ වගකීම ඉටු කළ යුත්තේ කෙසේද?

අතීතයේ අධ්‍යාපනය ක්‍රියාවලිය හරහා බිහි කළ යුතුව තිබුණේ එම රටේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික මට්ටමට ගැලපෙන ජාතික සංවර්ධනයට දායකත්වයක් සැපයිය හැකි ජාතික පුරවැසියෙකි. නමුත් ශ්‍රී ලංකාව විශ්ව ගම්මානයට එක්වීමත් සමඟ වර්තමානයේ අධ්‍යාපන ක්‍රියාවලිය හරහා බිහි කළ යුතු ය ඇත්තේ ජාතික සීමාව ඉක්මවා ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ලෝකය සමග ගනුදෙනු කළ හැකි ගෝලීය පුරවැසියෙකි.මේ සඳහා දරුවෝ හුරු කරන්නේ අපේ ගුරුවරු වන ඔබයි.

ලොව පුරා පැතිර ගිය කොවිඩි වසංගතය හමුවේ අපේ දරුවන්ට පාසැල් යාම, අධ්‍යාපන කටයුතු, යහලු යෙහෙලියන් සමග ගනුදෙනු කතා බහ, කෙළි සෙල්ලම් හා ක්‍රීඩා පිටිය, ගුරුවරුන්ගේ මගපෙන්වීම හා සබඳතා අහිමි වීම ඉතා තදින් බල පෑ බව කිව යුුතුම කරුණකි. නිවෙස් තුළ සිරකරුවන් වූ අපේ දරුවන් විද්‍යුත් උපාංග සමග තනි වූ අතරම අකමැත්තෙන් වුවද එම උපාංග දරුවන්ට ලබා දීමටත් මා පියන්ට සිදු වූයේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම වැලැක්වීම වෙනුවෙනි. මේ  වටපිටාව හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය හා සමගම ගුරුවරුන්ට ද විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූවා. පාසැල් නැවත විවෘත වීමත් සමගම අද වන විට ගුරුවරුන් හමුවේ ඇති දැවැන්තම අභියෝගය වී ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ අසාර්ථක වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාර්ථකත්වය කරා රැගෙන යාමයි.

ගුරුවරුන්ට ඇති අභියෝග හමුවේ විෂය නිර්දේශ අවසන් කර ගැනීම, දරුවන් විභාගවලට සූදානම් කිරීම, අධ්‍යාපන ක්‍රියාවලියට දරුවන් පොළඹවා ගැනීම, දරුවන් තුළ ගොඩනැඟී ඇති නොගැලපෙන චර්යා පාලනය කර ගැනීම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පාසැල තුළ පවත්වාගෙන යාම, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දෙමව්පියන්ගේ සහය ලබා ගැනීම යන කරුණුවලට මුල් තැන දිය යුතුව ඇති අතරම ඒ වගකීම් සාර්ථකව ඉටු කරගැනීමට නම් නිවෙස්වලට සිර වී කල් ගෙවූ දරුවන් අතරින් සාර්ථක දරුවන් මෙන්ම අසාර්ථක දරුවන් වෙන්කර හඳුනා නිසි අයුරින් ඔවුන්ව මෙහෙය වීම ඉතා වැදගත් වේ. 

සාර්ථක මෙන්ම අසාර්ථක දරුවන් හඳුනා ගනිමු

සාර්ථක දරුවන් සැමවිටම ‍

  • යහපත් ආකල්ප, විශ්වාස හා චර්යා වර්ධනය කර ගනී.
  • මනුෂ්‍යයකු ලෙස තමාට ඕතැම් දෙයක් කල හැකි. අනු අය ආදරය කරන හා වැදගත් පුද්ගලයකු බව සිතයි.
  • තමාගේ ජීවිතයට හා තමාගේ ක්‍රියාකාරකම් වලට වග කියන්නකු වේ.
  • ජීවිතයේ අරමුණු නිසියාකාරව නිශ්චය කරගෙන එම අරමුණු ලගා කර ගැනීම පිණිස මාර්ගය සකසා ගතී.
  • අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස සැලසුම් සකසමින් ඒ සදහා ඵලදායි ක්‍රියාකාරකම් වල නියැලේ.

 

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් සාර්ථක ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ පහත පරිදි බව දක්වා ඇත. 

  • ජිවිත කාලය පුරාම ඉගෙන ගැනීමට ප්‍රිය කරයි.
  • සෑම අත්දැකීමකින්ම ජීවිතයට පාඩමක් ඉගෙන ගති.
  • චිත්ත වේගික පරිණත භාවය වර්ධනය කරගති.
  • සතුට ධනාත්මක බව හා නිදහස් මනසකින් යුක්ත වේ.
  • තමා ගැන විශ්වාස තබයි
  • තමාට සහය දැක්විය හැකි යහපත් සම්බන්ධතා ගොඩ නගා ගනිමින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම පිනිස ඔවුන්ගේ සහය ලබා ගනී.
  • ආත්ම සම්ප්‍රජාතනය (self-awareness) ගොඩ නගා ගනී.

 

අසාර්ථක දරුවන් සැමවිටම,

  • හුදකලා වේ.
  • සමාජ උදවූ පිලිගැනීමට අකමැත්තක් දක්වයි.
  • තව අදහස් හා කුසලතා ඉගැනීම ප්‍රතික්ෂේප කරයි.
  •  ඉගෙන ගැනීම වෙහෙසකර ක්‍රියාවක් සේ සලකයි.
  • සාර්ථකත්වය අධික තරහව විශාදය කාංසාව හේතුවෙන් යටපත් වේ.
  • චිත්ත වේගයන්ට වහල්ව ක්‍රියා කරයි.
  • ඍනාත්මක ආකල්ප, මිත්‍යා විශ්වාස හා දුස්සමාහිත ( වැරදි) චර්යා ගොඩ නගා ගනී.

 

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් අසාර්ථක ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ පහත පරිදි බව දක්වා ඇත. 

  • තමත් ගොදුරු සේ දකී. ඔවුන්ට සිදුවන සෑම දෙයක්ම තමාගේ පාලනයෙන් තොර බව සිතයි.
  • ජීවිතයට අරමුණක් නිර්ණය කර ගැනීම අපහසු යයි සිතයි.
  • නිතර විශාද ලක්ෂණ පෙන්නුම් කරයි.
  • ජිවිතයේ තේරුමක් නැතැයි සිතමින් දුකින් හා කලකිරීමෙන් කාලය ගත කරයි.
  • නිතර වැඩ කල් දමයි. කල යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට අපහසු වේ.
  • තමාගේ පුද්ගල වටිනාකමේ අගය නොදනී.

සාර්ථක අධ්‍යාපනයකට වැදගත් වන භූමික ලෙස ගුරු භූමිකාව, දෙමාපිය භූමිකාව මෙන්ම ශිෂ්‍ය භූමිකාව යන භූමිකා තුන සමබරව නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය. 

 

ගුරු භූමිකාව

ඕනෑම භූමිකාවක් ගොඩ නැඟීමේදී දැනුම, ආකල්ප සහ කුසලතා යන කරුණු තුන ඉතා වැදගත් බව අප අසා  තිබෙනවා. එසේම ස්නායු විද්‍යාව සම්බන්ධව යම් දැනුමක් තිබීමද ඉතා වැදගත් කරුණකි. අද අපි ඒ පිළිබඳව කතා කරමු. 

ගුරු භූමිකාව බල ගැන්වීම සඳහා දායක කර ගත හැකි ස්නායු මනෝ විද්‍යාත්මක සංකල්ප‍

පාසලට පැමිණෙන බොහෝ දරුවන් තුළ පාඩම් කිරීමට උනන්දුව අඩුකම, අලසකම, සමහර විට ප්‍රචණ්ඩකාරී චර්යා ලක්ෂණ, දුක්මුසු බව ,කලකිරීමෙන් යුක්ත බව, කතාබහ අඩු බව, අපිලිවෙළ, කාංසාව සහ බිය මුසු බව වැනි විවිධ වෙනස්කම් ඇති බව ඔබට නිරීක්ෂණය වේවි. ඒ වගේම  තමන්ගේ දරුවාට කිසිම වැඩක් තනියම කර ගන්න බැහැ, හැම දේම අතට පයට කරලා දෙන්න ඕනෑ,, තමන් ඉන්න කාමරයවත් පිලිවෙවෙලට තියා ගන්නේ නැහැ, කාපු පිගාන/කෝප්පේ ,ඇදුම් පැළදුම් පිරිසිදු කරගන්නේ නැහැ, දවස පුරාම උනත් ට්වි එකේ කොම්පියුර් එකේ ඉන්ඩන බලනවා, නොගැලපෙන පිරිමි/ගැහැනු දරුවෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා, හරියට තරහ යනවා වැනි බොහෝ පැමැණිල් බොහෝ දෙමවුපියන් තම දරුවන් ගැන ඔබට පවසාවි. දෙමාපියන්ගේ මේ ගැටලු වෙනුවෙන් විසදුමක් ලබා දීමට ද ගුරුවරු වශයෙන් ඔබට සිදු වේවි. ගුරු වෘත්තිය නම් වූ සුවිශේෂී වෘත්තියට අනුව දරුවන්ගේ ඔබට නිරීක්ෂණය වන මෙවැනි වැඩ කල් දැමීම, වැඩ නොකර සිටීම වෙනත් චර්යාවන් වල නිරතවීමට උනන්දුවක් නැතිකම වැනි ලක්ෂණ විද්‍යාත්මකව විග්‍රහ කිරීම සඳහා ස්නායු මනෝවිද්‍යාත්මක සංකල්පයක් හඳුන්වා දී ඇති අතරම එය වැඩ කල් දැමීම නැතහොත් procrastination නමින් හැඳින්වේ. 

වැඩ කල් දැමීම නැතහොත් procrastination යනු තමාට මේ මොහොතේ කිරීමට නියමිත වැදගත් කාර්යක් පසෙක දමා මේ අවස්ථාවට එතරම් වැදගත් නැති අපට විනෝදය සතුට ප්‍රබෝධය දනවන වෙනත් කාර්යයන්වල නිරත වීමයි. 

ගුරු වෘත්තිකයන් වශයෙන් ඔබ, වැඩ කල් දැමීම තේරුම් ගැනීම සඳහා මොළය ආශ්‍රිතව සිදුවන වැදගත් විද්‍යාත්මක මූලධර්ම කීපයක් දැන ගැනීම වැදගත් වේ. ඒ අතරින් පළමු කරුණක් වන්නේ අභිප්‍රේරණය (Motivation) යි. 

අභිප්‍රේරණය යනු අපගේ කායික හෝ මනෝවිද්‍යාත්මක ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය චර්යා පද්ධතිය ආරම්භ කොට එය පවත්වාගෙන යාමට මොළය විසින් උත්පාදනය කරන්නා වූ ශක්තියයි. 

මෙය අධ්‍යාපනයට සම්බන්ධ වන්නේ කෙසේද කියා ඔබට සිතෙනු ඇත. උදාහරණයක් ලෙස ගුරුවරු දරුවන් විභාග සඳහා සූදානම් කිරීමට වෙහෙ‍සෙන අතරම ඒ ඉලක්ක වෙත දරුවා සාර්ථකව යොමු කිරීමට නම් ඒ සඳහා දරුවා තුළ චර්යා පද්ධතියක් ගොඩ නැගිය යුතුමයි.

එනම් දරුවා,

  • පාඩමට යොමු කරවිය යුතුය
  • අවධානය රඳවා ගත යුතුය
  • පාඩම් නැවත නැවත කියවීමට පෙළඹ විය යුතුය
  • පාසැල් යාම සහ පන්තිවලට වලට සහභාගි කරවිය යුතුය
  • කෙටි සටහන් ගොඩනැගීමට උනන්දු කළ යුතුය
  • ප්‍රශ්න පත්තර වලට උත්තර ලිවීම කර විය යුතුය
  • පාඩමට අදාල අච්චු පොත්, වාර්තා පොත් කියවීම වැනි පුරුදු පුහුණු කළ යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

H. Mole ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුදය කියන්නේ මොකද්ද

H. Mole (Hydatidiform mole) ප්‍රෙග්නන්සි, කියන්නේ කුමක්ද කියා බොහෝ කාන්තාවන් අප වෙත ගැටලු යොමු කොට තිබුණා. ඒ නිසාම ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම වැදගත් කරුණක් බව සිතුණු නිසාම ඔවුන් වෙනුවෙන් මේ ලිපිය සකසන්නට අප සිතුවා.

සිංහල බසින් බිබිලි අර්බුදය ලෙස හඳුන්වන H.Mole  ප්‍රෙග්නන්සි තත්ත්වය අසාමාන්‍ය ගර්භනී අවස්ථාවකි. ඩිම්බය හා ශුක‍්‍රාණු අසාමාන්‍ය ලෙස සංසේචනය වී අසාමාන්‍ය කලල කොටස් කිහිපයක් ගර්භාෂය තුල වේගයෙන් වර්ධනය වී ඒ කලල කොටස් සුදු පැහැ මිදි ගෙඩි හෝ තරල හෝ රුධිරය මිශ‍්‍රිත ගෙඩි ලෙස ගර්භාෂය තුල වර්ධනය වීම මෙහිදී දැකිය හැකිය. මෙහිදී ගර්භාෂය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වශයෙන් විශාල වන අතර ගර්භනී බවේ ලක්‍ෂණද වැඩිපුර ප‍්‍රකට වේ. වයස අවුරුදු 20 ට අඩු හා 45 ට වැඩි කාන්තාවන් අතරත් දරුවන් වැඩි සංඛ්‍යාවක් ප්‍රසුත කළ මන්ද පෝෂණය ඇති කාන්තාවන් අතරත් මෙම රෝගය බහුල වශයෙන් දැකිය හැක. 

මෙය සාමාන්‍යයෙන් පිළිකා නොවන රෝග තත්ත්වයක් වන අතර අවට පටක වලට ආක‍්‍රමණකාරී ලෙස පැතිර යයි. සමහර විට මෙය පිළිකා තත්ත්වයක් බවට පැතිර යයි. එය Choriocarcinoma ලෙස හඳුන්වයි. 

බිබිලි අර්බුදය ප‍්‍රධාන කොටස් 02 කි. 

  • Complete H. mole – මෙහිදී අපරාවේ පටක අසාමාන්‍යව ඉදිමී පවතින අතර තරල පිරුණු ගෙඩි ලෙස පවතී. මේ තත්ත්වයේදී කලල කොටස් සෑදී නැත. පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඉහළය.
  • Partial H. mole – මෙහිදී අපරාවේ පටක සාමාන්‍ය ලෙස පවතී. අසාමාන්‍ය ලෙස සැකසෙමින් පවතින පටකද පවතී. මෙහිදී කලලයක් සෑදී ඇති අතර එය පැවතිය නොහැක. ගබ්සාවක් ලෙස ඉවත් වේ. 

H.Mole  ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුද‍යේදී පෙන්නුම් කරන ලක්‍ෂණ

ගැබිනි සමයේ සති 14 වන විට රෝග ලක්‍ෂණ පහළ වන අතර යෝනි මාර්ගයෙන් රුධිර වහනය සෑම විටම දක්නට ලැබේ.

  • අධික වමනය
  • සුදු මැලිවීම හා හුස්ම ගැනීමේ අපහසුතා
  • අධික රුධිර පීඩනය හා මුත‍්‍රා වල ප්‍රෝටීන බහුලව තිබීම. 
  • සති 20 ට පෙර ගර්භ වලිප්පුව ඇති වීම. 
  • මිදි ගෙඩි වල පෙනුම ඇති කොටස් යෝනි මාර්ගයෙන් පිටවීම. 
  • බියට පත් වූ ස්වභාවය හා ඇඟිලි වෙව්ලීම 
  • ගර්භාෂය කලලයේ සති ගණනට වඩා වීශාල වීම. 

H.Mole  ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුදයට අවධානම් සාධක

  • මවගේ වයස අවුරුදු 35 ට වැඩි වීම හෝ 20 ට අඩු වීම. 
  • පෙර මෙවැනි ගර්භනීතාවයක් ඇති වී තිබීම
  • පෙර ගබ්සා වීම් ඇති වී තිබීම
  • මුඛ උපත් පාලන පෙති භාවිතය හෝ මළ දරු උපත් ඇතිවී තිබීම. 
  • විකිරණ
  • දරුවන් නොමැති වීම
  • කෘත‍්‍රිම ආකාරයට දරුවන් ඇති කරවීම. IUI, IVF
  • Mole හෙවත් බිබිලි අර්බුදය තත්ත්වය විනිශ්චය සඳහා සිදුකරන පරීක්‍ෂණ
  • ස්කෑනින් පරීක්ෂණ
  • රුධිර පරීක්‍ෂණ (BHCG) 
  • Mole හෙවත් බිබිලි අර්බුදයට ප‍්‍රතිකාර
  • D & C (dilation & curettage) – ගැබ්ගෙල විස්තරණය කර ගර්භාෂය තුළ ඇති කොටස් ඉවත් කිරීම. මෙහිදී ලබාදෙන ප‍්‍රතිකාරය වන්නේ අසාමාන්‍ය කලල කොටස් ගර්භාෂයෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වීමයි. එසේ නොවුනහොත් කලාතුරකින් පිළිකාවක් බවට පත්වීමට ඉඩ ඇත. මෙම පිළිකා පෙනහළු දක්වා වුවද පැතිර යා හැක. පිළිකා නාශක ඖෂධ ලබාදේ. 
  • ගර්භාෂය ඉවත් කිරීම. – කලාතුරකින් ඇති විය හැක. මෙම තත්ත්වය නැවත ඇති වීමේ අවදානම වැඩි සහ නැවත දරුවන් බලාපොරොත්තු නොවන මවකට සිදු කල හැක. 
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ප‍්‍රතිකාර – Chemotherapy
  • HCG Monitoring – කොටස් ඉවත් කිරීමෙන් පසු HCG මට්ටම සාමාන්‍ය වන තුරු HCG පරීක්‍ෂණ කිරීම අනිවාර්‍ය වේ. 

මෙම රෝගී තත්ත්වයෙන් වසරක් යනතුරුත් HCG මට්ටම සාමාන්‍ය වනතුරු නැවත ගැබ් ගැනීම වළක්වා ගත යුතුයි. වඩාත් සුදුසු උපත් පාලන ක‍්‍රමයක් භාවිත කළ යුතුය. 

 

රෝග තත්ත්වය පිළිබඳ පසු විපරම

  • සියලුම රෝගීන් සෑම සති දෙකකට වරක් රුධිරය හා මුත‍්‍රා වල HCG මට්ටම පරීක්‍ෂා කළ යුතුය. මෙම ප‍්‍රතිඵල එක දිගට සති තුනක්වත් සාමාන්‍ය වනතුරු කරගෙන යා යුතුය. 
  • සායන වලට සහභාගි වීම අනිවාර්යය වේ. 
  • සම්පූර්ණයෙන් සුව වන තුරු ගැබ් ගැනීම වළක්වා ගැනීම සඳහා උපත් පාලන ක‍්‍රමයක් භාවිත කළ යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල