Home Blog Page 83

ගස් කොලන් එක්ක ඉන්න දරුවන්ගේ අනාගතයේ පැහැබර බව ඔබ දන සිටියාද?

පුංචි කාලයේ පටන් ගහ කොළ සතා සිව්පාවා සමග බොහොම සමීප සම්බන්ධතාවයක් දරුවන්ට තිබෙනවා නම් එයින් ලොකුම වාසියක් ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙන අලුත්ම අදහසක්. අතීතයේ අම්මලාට නම් මේ වගේ ආරංචි ගැන කිසිම අමුත්තක් නැහැ. ඊට හේතුව ඔවුන් තමන්ගේ දුවා දරුවන් හදා වඩා ගත්තේ පරිසරයත් සමග බොහොම ලොකු සම්බන්ධතාවයකින් ඒ වගේම බැඳීමකින්. නමුත් අපි ගෝලීයකරණය වීමත් සමග පරිසරයෙන් නොදැනීම ඈත් වෙන්න පටන් ගත්තා. ඒ වුනත් මේ ඈත්වීම පැවැතුනේ දශක දෙක තුනක් වැනි ඉතාම පුංචි කාල සීමාවක පමණයි. දැන් අලුත්ම අධ්‍යනයන් මගින් මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ සිදු කර ගෙන සොයා ගත් අලුත් අදහස් දැන් අපේ අම්මලාත් දැන ගැනීමට කැමැත්තෙන් ඇති නේද…?මේ අධ්‍යයනය සිදු කරනු ලැබුවේ ඩෙන්මාර්ක්වල ආර්හස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. මේ අධ්‍යයනයේ ප්‍රධානී විදිහට ජීවන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටි (Kristine Engemann) එන්ජිමන්  කටයුතු කරනු ලැබුවා.

ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී පෙනී ගියේ බාල කාලයේදී කොළ පැහැයට වැඩි කැමැත්තක් දක්වන දරුවන්ගේ අනාගතය ඉතාම යහපත් බවයි. මේ ගැන වැඩි අවධානයක් දැක්වීම අවශ්‍ය නිසාම මේ පිරිස විසින් ඔවුන්ගේ නියැදියත් විශාල පරාසයක් දක්වා වැඩි කරනු ලැබුවා.

කොහොම වුනත් ඩෙන්මාර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට මේ අන්දමේ පර්යේෂනයක් වෙනුවෙන් අවදානය යොමු වීමටත් බලපාන ලද හේතු කීපයක් තිබුණා. අපේ රටේ වගේම ඩෙන්මාර්කයේත් විශාල විදිහට ජනතාව ගම්බද සිට නගර දක්වා සංක්‍රමනය වීමට පටන් ගත්තා.  1985 වසරේ පටන් මේ ශීඝ්‍රතාවය වැඩි වීමත් සමග තවත් පැත්තකින් මේ නාගරික ප්‍රදේශවල වෙසෙන පිරිස් අතර මානසික සංකුලතාවයන් වැඩි විමේ ප්‍රවනතායකුත් පැහැදිලිවම දැක ගන්න ලැබුනා.

එහිදී පැහැදිලිවම පෙනී ගියේ  මේ අතරින් ඔවුන්ගේ වයස අවුරුදු දහයක් වැනි බාල කාලය ගස්වැල් මල්පල බරින් පිරුන පරිසරයක ගත කළ පිරිස තුළ මානසික සංකුලතාවයන් ගැන ඒ තරම් ගැටලු සහගත තත්වයක් දකින්න ලැබුනේ නැහැ. නමුත්  මේ විදිහට සංක්‍රමනය වුන දෙමව්පියන්ගේ දරුවන් මුලුමනින්ම කාලය ගත කළේ කොන්ක්‍රිට් වනාන්තරවල කිව්වත් වරදක් නැහැ.

මේ අධ්‍යයනය මගින් පර්යේෂකයන් විසින් අවධාරනයෙන්ම සඳහන් කරන්නේ දරුවන්ගේ ලෝකය ගස්, වැල්, මල් පලතුරු සමග ගෙවෙනවා නම් එය ඔවුන්ගේ මානසිකත්වයට වඩාත් හොඳ බලපෑමක් ලබා දෙන බවයි. නමුත් අද බොහෝ දෙමව්පියන් විසින් මේ ගැන ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන්ගේ බාල කාලය බොහොම සුන්දර වටපිටාවක ගෙවුනත් ඒ අත්දැකීම තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන්නේ මේ වාසිය ගැන තවම නොදන්නා නිසා වෙන්න පුලුවනි.

එහෙමනම් තමන්ගේ අපුරු වූත්, ස්වබාවික හරිත වටපිටාවට වඩා නගරයේ කොන්ක්‍රිට් වනාන්තර සැපයි, සුබයි කියලා හිතනවා නම් දරුවන්ගේ නාමයට දැන් ඒ මානසිකත්වයෙන් ඔබ මිදෙන්න කාලය ඇවිත්. හැකි තරම් දරුවන්ට හරිත වටපිටාවක ජීවත් වෙන්න ඔබේ උදව් ලබා දෙන්න. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කොළ පැහැයෙන් මල පහ පිටවෙන විට කිව්වේ  ගස් කොලන් දකිද්දී ඒ විදිහට සිද්ධ වෙන බවයි. මේ කතාවෙන් තේරුම් යන්නෙත් දරුවන් පරිසරයට මොන තරම් ප්‍රතිචාරයක් දක්වනවා කියන අදහසම නොවේද…?

HealthDay News හි  හි පළ වූ Living near green space lowers risk for children to develop mental disorders ලිපිය ඇසුරිනි

ඔබේ දරුවාට ගිලීමේ අපහසුවක් ඇති බව ඔබ නිරීක්ෂණය කළාද?

දරුවන්ගේ ආහාර ගැනීමේ රටාවන් දරුවාගෙන් දරුවාට වෙනස් වන බව ඔබ දන්නා කරුණක්. ඒත් ආහාර ගැනීම ඔබේ දරුවාට අපහසුවක් ගෙන දෙන තත්ත්වයක් නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වනු ඇත. මන්ද ඇතැම් දරුවෙක් එවැනි තත්ත්වයන් මත අහාර ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ ඇති බැවිනි. මේ ලිපිය හරහා අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඇතිවිය හැකි ගිලීමේ අපහසුතා සහ ඒවාට කළ යුතු වන්නේ කුමක්ද යන පිළිබඳවයි.

ගිලීමේ අපහසුතාවය (dysphagia difficult in swallowing) ලෙස හඳුන්වන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට අන්තශ්‍රෝතය හරහා අමාශයට ගමන් කර යැවීමේ නොහැකියාවයි. මෙය රෝග තත්ත්වයක් නොවන අතර රෝග ලක්‍ෂණයක් ලෙස හ්න්දින්විය හැකියි. මේ තත්ත්වය ආකාර 02 ක් යටතේ සාකච්ජා කල හැකියි.

  • මුඛයේ ඇති වන ගිලීමේ අපහසුව (Oral dysphagia)

ආහාර ගැනීම සඳහා මුඛය, තොල් හා දිව භාවිතයට අති අපහසුතාවය

  • ග්‍රසනිකාවේ ඇති වන ගිලීමේ අපහසුව (Pharyngeal dysphagia) ගිලීමේදී උගුරේ ඇති වන ගැටලුවකි.

ඉහත තත්ත්වයන් ඇති වීමට හේතූ 2 ක් බලපායි.

  • මුඛය, උගුර හෝ අන්තශ්‍රෝතයේ ව්‍යුහමය ගැටලු
  • කිරි උරාබීමට, ගිලීමට භාවිත වන පේශීයක හෝ ස්නායුවක දුර්වලතාවයක් හෝ ඊට අනතුරක් වීම

ගිලීමේ අපහසුව ඇති කරන තත්ත්ව

  • විදිලිත තොල හා තල්ල (cleft palate & cleft)

තොල දෙකට බෙදීම හා උඩු තල්ලෙහි දිගු අතට ආලියක් (Canal)  ඇති වීම. ජාන බලපෑම නිසා ආරයට ඇති විය හැකි තත්ත්වයකි.

  • දත්වල පවතින ගැටලු

මෙහිදී ආහාර දත්වල හොඳින් නොගැටීම හේතු වේ.

  • විශාල වූ දිව
  • ස්නායු හා පේශී සමග බැදුණු රෝග තත්ත්ව

අර්බුද (tumor), ස්නායු අනතුරු, මොළයට සිදුවන අනතුරු, පේශී ක්‍ෂය වීම එනම් මෙහිදී ආඝාතය (Paralysis) තත්ත්වයක් හෝ දිව, උගුර හා අන්තශෝත්‍රයේ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මස්තිෂ්ක වාහිනී අනතුරු (Cerebral Vascular Accidental Stroke)

  • විශාල වූ සෙම් ගෙඩි (Tonsillitis)
  • උගුරෙහි ඇති වන අර්බුද (ගෙඩි)
  • මවගේ ගර්භාෂය තුළදී වර්ධනය සිදුවන විට ඇති වන හිස් කබලේ අස්ථි හා උගුර හෝ මුඛයේ ව්‍යුහයේ ඇති වන ගැටලු. (Cranial facial anomalies)
  • කලල අවදියේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යතා

Tracheo Oesophageal Fistala – TOF)

ස්වසන මාර්ගය සහ අන්තශෝත්‍රය අතර අසාමානව සම්බන්ධතාවයක් ඇති වීම

Oesphageal Atreshia

අන්තශෝත්‍රයේ ඉහළ කොටසට අන්තශෝත්‍රයේ පහළ කොටස හා ආමාශය සමඟ සම්බන්ධ නොවීමයි. අන්තශෝත්‍රය අතර මඟ සිහින් වීම.

  • දිගු කලක් කෘතිම ස්වසන යන්ත්‍රයකට (Ventilation) සවිකර ඇති විට මුඛයේ සංවේදී බව නැති වීම
  • දිගු කලක් කෘතීම ස්වසන යන්ත්‍රයකට සවිකර තැබීමෙන් ස්වර තන්ත්‍රවල ඇති වන උද්දීපතාවය
  • නොමේරූ (Premature) හෝ ආසාධ්‍ය දරුවන් (Critically ill babies)
  • ස්වර තන්ත්‍ර අඝාතයට පත්වීම
  • ස්වාසනාල ද්වාරණය (Tracheostomy) කර තිබීම
  • ආමාශයේ ඇති ද්‍රව්‍ය උගුරට පැමිණීම නිසා උගුරේ ඇති වන උද්දීප්‍යතාවය හෝ එහිදී තුවාල වීම නිසා (ආම්ලිකතාවය නිසා) ඇති වන කැලල් මගින් (GERN-Gasto Espohgeal Reflun Deisease)
  • ශරීර කොටසක් මගින් අන්තශෝත්‍රයට පීඩනයක් යෙදීම

උදා: හෘදය විශාල වීම, පෙනහලු විශාල වීම, තයිරොයිඞ් ග්‍රන්ථිය විශාල වීම, රුධිර වාහිනී, වසාගැටිති ඉදිමීම

  • ගිලුනු නාසයක් වැනි ආගන්තුක දේහයක් මගින්
  • සංවර්ධන අවස්ථා ප්‍රමාද වූ දරුවන්

උදා: නොමේරූ දරුවන්

ප්‍රතිකාර/පිළියම්

මෙම තත්ත්වය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ දරුවාට උත්ස්වසනය (පිට උගුරේ යාම) සිදුවිය හැකි නිසාය. මෙහිදී ආහාර හෝ දියර පෙනහලු තුළට යාමෙන් නියුමෝනියාව වැනි දරුණු පෙනහලු ආබාධ ඇති විය හැක. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර තීරණය වන්නේ දරුවාට ඇති ගැටලුවෙහි තීව්‍රතාවය මතය. සමහර තත්ත්ව ශල්‍යකර්ම මගින් නිවැරදි කළ හැක.

උදා: විදිලිත තල්ල, Tracheo Oesphageal Fistula, Oesphageal Atreshia

ගිලීමේ අපහසුතාවය මඟහැරවීමට නම්

  • සෙමින් ආහාර ගැනීමට දරුවාට උපදෙස් දීම
  • විශාල ආහාර වේල් වෙනුවට නිතර කුඩා ආහාර වේල් ලබාදීම
  • මධ්‍යස්ථ සිට තීව්‍ර තත්ත්වයක ගිලීමේ අපහසුවක් ඇති නම් දියර ආහාර හෝ මෘදු ආහාර ලබාදෙන්න
  • ඇලෙන සුලු ආහාර උදා: ජෑම්, බටර් වැනි ආහාර ලබා නොදෙන්න.
  • ගිලීමේ පහසුවට ආහාර කුඩා කැබලිවලට කඩා ලබාදෙන්න.
  • බත් වැනි ධාන්‍ය වර්ග හොඳින් අඹරා මව්කිරි සමග මිශ්‍ර කර බෝතලයක් හරහා ලබාදීම
  • කිරි බෝතල්වල සුප්පුවේ සිදුරේ විශාලත්වය නොසාදන්න. මෙවිට කිරි පිට උගුරේ යාම ඇති විය හැක.
  • දරුවාට ලබාදිය යුතු ආහාර වුවද මාස 4 ක් පමණ යනතුරු ලබා නොදීම. ඔවුන්ගේ නිසි වයස එනතුරු ගිලීමට නොහැකි වීම මීට හේතුවයි.
  • කථන චිකිත්සක (Speech therapist) හෝ වෘත්තීය චිකිත්සක (Occupational therapist) මගින් ක්‍රියාකාරකම් හා ව්‍යායාම් කරවීම, එමඟින්

■     තොල්, දිව, කම්මුල් හා හනුවේ පේශීවල සම්බන්ධීකරණය ශක්තිමත්භාවය, චලන පරාසය වර්ධනය වීම

■     ආහාර හා තරලවලට ඇති සංවේදී බව අඩු කිරීම

  • දරුවාට භාවිත කරන සූප්පු, බෝතල් හෝ වෙනත් උපකරණ වෙනස් කිරීම
  • බීමට ගන්නා දියරවල උකු ගතිය අඩු කිරීම
  • GERN ලක්‍ෂණ දරුවාට ඇත්නම්

■     රාත්‍රී ආහාරය නින්දට අවම පැය 3 පෙර ගැනීම හා කෑමෙන් පසු පැය ½ පමණ වාඩි කර තිබීම

■     ප්‍රති ආම්ලික ඖෂධ මගින් ආමාශයේ අම්ලය නිෂ්පාදනය අඩු කරයි.

■     ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධති තුළින් වේගයෙන් පහළට යාමට උදව් වේ

 ගිලීමේ අපහසුතා ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ

  • සෙමින් ආහාර ගැනීම
  • මුඛයේ ඇති ආහාර වාර කිහිපයකදී ගිලීම
  • ඉරීම හා ගිලීම සම්බන්ධීකරණයට නොහැකි වීම
  • කිරි බීමේ හෝ ආහාර ගැනීමේදී වරින් වර එන ඔක්කාරය (උගුරට ඇඟිල්ලෙන අනින විට ඇති වන ඔක්කාර – gagging)
  • ආහාර ගැනීමෙන් හෝ පානයකින් පසුව පපුවේ සිරවෙන ස්වභාවය
  • පිට පැත්තට (හිස සිට දෙසට) නැවීම හා ඇඟ තද කිරීම
  • ආහාර ගන්නා විට කැස්ස ඇති වීම හෝ සිරවීම
  • නිතර ස්වසන ආසාධන
  • නිතර වමනය හෝ කෙල ගැසීම
  • මුඛයේ ආහාර හෝ තරලය කට දෙපැත්තෙන් පෙරීම
  • ආහාර, දියර ගන්නා විය නාසයෙන් පැමිණීම
  • ආහාර ගන්නා විට එක ආකාරයකට සිටීමට නොහැකි වීම, නොසන්සුන් වීම
  • බර අඩුවීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

ෆයිබ්‍රොයිඩ් ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

අද වන විට බොහෝ කාන්තාවන් අතර මෙම තත්ත්වය අහන්නට ලැබෙනවා. මොනවද මේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ,

එය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. සමහර අවස්ථා වලදී මේවා ඉතා විශාල වන අතර තීව්‍ර උදර වේදනාවක් හා ආර්තවයේදී අධික රුධිර වහනයක්ද සිදු වේ. නමුත් සමහර කාන්තාවන්ට කිසිම ලක්‍ෂණයක් නොපෙන්වයි. ජීවිත කාලය පුරාම වුවද පවතින මේවා අහිංසක එනම් පිළිකා නොවන අර්බුද ගණයට වැටේ. මේවා එකක් හෝ කිහිපයක් තිබිය හැක. බොහෝ ඒවා ගර්භනීතාවයේදී පෙනීමට පටන් ගන්නා අතර දරුවා බිහිවීමෙන් පසු ගර්භාෂය සාමාන්‍ය තත්ත්වයට පත්වන විට හැකිලී යයි. මේවා සිනිඳු පේශී හා තන්තු සම්බන්ධක පටක මගින් සෑදෙන අතර කාන්තාවන්ගෙන් 70% – 80% ජීවිත කාලය පුරාම වර්ධනය වේ.

මෙම ෆයිබ්‍රොයිඩ් ඇති වන ස්ථාන අනුව වර්ග 3 ක් ලෙස දැක්විය හැකිය.

  • Intramural Fibroid – ගර්භාෂයේ පේශීමය බිත්තිය තුළ ඇති වේ.
  • Sub Mucosal Fibroid- ගර්භාෂය තුළට නෙරා පවතී
  • Sub serosal Fibroid – ගර්භාෂයෙන් පිටතට නෙරා පවතී

ෆයිබ්‍රොයිඩ් ඇති වන්නේ කුම හේතු නිසාද?

මෙම තත්ත්වයට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් නොදන්නා නමුත් පර්යේෂණ හා සාධනික අත්දැකීම් මත පහත කරුණු දැක්විය හැක.

ජානවල ඇති වන වෙනස්කම්

මවට හෝ සහෝදරියකට මෙම අර්බුද (Tumor/ගෙඩි) ඇති වී ඇත්නම් තමාට ඇති වීමේ අවධානමක් ඇත. (කාන්තාවන්ට පමණි) මෙහිදී සාමාන්‍ය ගර්භාෂයක පේශී සෛලවලට වඩා මෙම ගර්භාෂ තුළ පේශී සෛලවල වෙනස්කම් පවතී.

හෝමෝන

 ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් සාමාන්‍ය ආර්තව චක්‍රයකදී ගර්භාෂයේ ඇතුළත ස්ථරය වර්ධනය කර ගර්භනීතාවයකට සූදානම් කරයි. බොහෝ අර්බුද ගර්භනීභාවයේදී පෙනීමට පටන් ගන්නේද හෝමෝන මට්ටම අධික නිසාය. ගර්භනීභාවයෙන් පසුව හෝමෝන මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වන නිසා නොපෙනී යයි. මෙම අර්බුද (Tumor/ගෙඩි) තුළ ඊස්ට්‍රජන් හා ප්‍රෙජෙස්ටෙරෝන් ප්‍රතිග්‍රාහක සාමාන්‍ය ගර්භාෂයක ඇති පේශී සෛලවලට වඩා වැඩිය. හෝමෝන අඩුවීම සමග ආර්තවාභාවයේදී හැකිලී යයි.

 ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

ආර්තවයේදී ඇති වන අධික රුධිර වහනය

  • සතියකට වඩා ආර්තවය පැවතීම
  • ශ්‍රෝනි කුහරය තුළ ඇති වන පීඩනය හෝ වේදනාව
  • නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම
  • මුත්‍රාශය හිස් කිරීමේ අපහසුව
  • මල බද්ධය
  • පාදවල හා කෝන්දේ වේදනාව

කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගතයුතු අවස්ථා

  • ශ්‍රෝනි කුහරය (උකුල තුළ) ඇති වන නොනවතින වේදනාවක් පවතින විට
  • රුධිරය අධික ලෙස වහනය වීම,  එය දිගු කලක් පැවතීම හා අක්‍රමවත් ආර්තව චක්‍රයය.
  • ආර්තව චක්‍ර 2 ක් අතර රුධිර වහනය
  • මුත්‍රාශය හිස් කිරීමේ නොහැකියාව

ෆයිබ්‍රොයිඩ් ඇති වීම සඳහා ඇති අවධානම් සාධක 

  • ආරය (මවට හෝ සහෝදරියකට පැවතියේ නම් ඒ පවුලේ කාන්තාවන්ට අවදානමක් පවතී)
  • ජාතිය (කළු ජාතික කාන්තාවන් තුළ තරුණ කාලයේදීම මෙම අර්බුද (Tumor/ගෙඩි) බහුලය)
  • පාරිසරික සාධක
  • ආර්තවය කලින් ආරම්භ වීම
  • උපත් පාලන ක්‍රම
  • තරබාරු බව
  • විටමින් D ඌනතාවය
  • රතු මස් වැඩිපුර කොළ පැහැති එළවළු පළතුරු අඩුවෙන් ගැනීම
  • ඇල්කොහොල් භාවිතය (Beer පවා)

ගර්භනීභාවය හා ෆයිබ්‍රොයිඩ්

 සාමාන්‍ය ගර්භනීභාවය සඳහා මේවා බාධාවක් නොවේ. නමුත් ගර්භාෂය තුළට නෙරා පවතින (Sub mucosal fibroids) මගින් වඳ භාවය හෝ ගර්භනීතාවය නැති වීම සිදු විය හැක. එසේම එවැනි තත්ත්වයකදී ගබ්සා වීමේ අවදානමද වැඩිය. මෙමගින්,

  • වැදැමහ/අපරාව (Placenta) දරුවා බිහිවීමට පෙර ගැලවීම
  • භ්‍රාණයාගේ වර්ධනය ඇණ හිටීම
  • නොමේරූ දරු උපත් ඇති වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

 ෆයිබ්‍රොයිඩ් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • උදරය හා ශ්‍රෝනි පරීක්‍ෂණවලදී තද, අක්‍රමවත් ශ්‍රෝනි ස්කංධයක් (ගෙඩියක්) ලෙස අතට දැනේ.
  • Transvaginal Scan – යෝනී මාර්ගයහරහා සිදුකරන scan පරීක්‍ෂාවයි.
  • MRI Scan පරීක්ෂණය
  • Hysteroscopy – කැමරාවක් සහිත උපකරණයක් මගින් පියවී ඇසට සක්‍රීයව ගර්භාෂය නිරීක්‍ෂණය කිරීම
  • Saline Sonohysterogram- යෝනි මාර්ගය තුළින් Saline ඇතුළු කර එමගින් ගර්භාෂය විස්තාරණය කිරීමෙන් හඳුනාගැනීම

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර

 අඩු මාත්‍රාවක් සහිත උපත් පාලන පෙති ලබාදේ. මෙහිදී ඊස්ට්‍රජන් ශ්‍රාවය (ඩිම්බ කෝෂවලින්) නවත්වයි. මාස 3 ක කාලයක් ලබාදී අඩු ඊස්ට්‍රජන් මට්ටමක් පවත්වා ගනී.

ශල්‍ය ප්‍රතිකාර

 Hysterectomy – ගර්භාෂය හා Fibroid යන දෙකම ඉවත් කරයි

Myomectomy – ගර්භාෂය තුළ ඇති Fibroid පමණක් ඉවත් කරයි.

Uterine Artery Embolization (UAE) – polyvinyl alcohol කැතීටරයක් හරහා ධමනිවලට එන්නත් කර ඒවා Fibroid වලට ලැබීමට සලස්වයි. එවිට එමගින් රුධිර සැපයුම අවහිර වී හැකිලී/මිය යයි.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වයේ බොහෝ අවස්ථා පිළිකා නොවන අතර අධික රුධිර වහනය නිසා නීරක්තිය ඇති වීමේ අවධානමක් ඇති විය හැකිය. එම නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ වේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම වඩාත් සුදුසු බව සිහිතබා ගන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

ඔබේ පුංචි පැටියටත් මෙන්න මේ විදියට තෙල් සම්භාහනයක් කළොත් නරකද?

තෙල්වලින් දරුවා සම්භාහනය කිරීම දරුවන්ගේ වර්ධනයට ඵලදායී වන බව ඔබ අසා ඇති. එසේම මෙවැනි තෙල් සම්භාහනයක් මගින් මව හා දරුවා අතර බැඳීම ද වර්ධනය වේ. දරුවාගේ විවිධ සංවේදන ක්‍රියාකාරී වීම මෙහිදී සිදුවන තවත් එක් වැදගත් දෙයකි.  ඇල්ලීම (Touch), අතගෑම යන සංවේදනය මුලින්ම වර්ධනය වන්නේ මව්කුස තුලදීය. එය වැඩිපුර සංවර්ධනය වන්නේ උපතේදී වන අතර එමගින් අයිතිය, පිළිගැනීම හා විශ්වාසය ගොඩනැගේ. එවිට ඔක්සිටොසින් හෝමෝනය නිදහස් වන අතර එය Love Hormone නම් වේ.

ළදරුවෙකු සම්භාහනය සඳහා භාවිත කල හැකි තෙල් වර්ග

  • තල තෙල් –
  • ඔලිව් තෙල්
  • ආමන්ඩ් තෙල්

තල තෙල් මගින් සිසිලසක් ලැබෙන අතර පහසුවෙන් උරා ගනී. එසේම දිලීර හා බැක්ටීරියා නාශක ගුණයක් ද ඇත. ස්වභාවික තෙල් වර්ග භාවිතය වඩා සුදුසු වේ.

ඔබේ පැටියාට තෙල් සම්භාහනය ලබාදීමේදී

  • සම්භාහනය ලබාදෙන වේලාව පිළිබඳව විමසිලිමත් වන්න. බොහෝ දරුවන් සම්භාහනයෙන් පසුව නිදාගනියි. එම නිසා දරුවා නිදාගැනීමට සුදුසු වේලාව මේ සඳහා යොදාගන්න.
  • සම්භාහනයේදී බලයක් නොයොදන්න. ඇල්ලීම/අතගෑමක් ආකාරයෙන් සිදු කරන්න.
  • Essential oil භාවිත කරන විට අවශ්‍ය ප්‍රමාණයට තනුක කරගන්න.
  • තෙල්වල උෂ්ණත්වය පරීක්‍ෂා කළ යුතු අතර වඩා උණුසුම්ව හා වඩා සීතල තෙල් භාවිත නොකරන්න.
  • සම්භාහනය සිදු කරන පුද්ගලයාගේ අත් උණුසුම් කරගත යුතු අතර වියලි හා පිරිසිදු විය යුතු බව සිහි තබා ගන්න.
  • තෙල් මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කරන්න.
  • තද ගන්ධයක් සහිත තෙල් භාවිත නොකරන්න. ආහාර ආශ්‍රිතව ඇති තෙල් භාවිත කරන්න. හේතුව ඒවා ගිලුනද හානියක් නොවීමයි.
  • කිසිවිටෙකත් Mineral oil භාවිතා නොකරන්න.

 පැටියාට සම්භාහනය ලබා දෙන ක්‍රමය

  • දරුවා තබාගැනීම සඳහා ස්ථානයක් සකස් කරගෙන ඒ මත රෙද්දක් එලන්න.
  • අවශ්‍ය තෙල් සූදානම් කරගන්න
  • දරුවා සම්භාහනය කිරීමෙන් පසු එතීමට රෙද්දක් ගන්න
  • දරුවා උඩු අතට තබන්න
  • තෙල් ස්වල්පයක් අත්ලට ගෙන අත්ල හොඳින් අතුල්ලා උණුසුම් කරගන්න.
  • දරුවාගේ පාදයේ සිට වළලුකර දෙසට එනම් ඉහළට මහපටඟිල්ල භාවිත කරමින් සම්භාහනය කරන්න. එක් පාදයක් සඳහා විනාඩි 5-10 ගත කරන්න. ඒ ආකාරයට අනෙක් පාදයට ද ලබාදෙන්න. විලුඹ සඳහාද සම්භාහනය ලබාදෙන්න.
  • උදරය මත වක්‍රාකාරව (ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට) වක්‍රාකාරව සම්භාහනය කරන්න.
  • උරස කොටසෙහි පාදයේ හැඩය ගන්නා ආකාරයට සම්භාහනය කරන්න.
  • දරුවාගේ දෙඅත් පහළ සිට ඉහළට සම්භාහනය කරන්න.
  • දරුවාගේ මුහුණ සම්භාහනයේදී මුඛයේ යටි හනුව දිගේද (jaw line) තොල් වටා රවුමටද, ඇහි බැම දිගේ හා නළල දිගට සම්භාහනය කරන්න.
  • හිසේ අත්‍රතවය (Scalp) මත ඇඟිලි තුඩුවලින් සම්භාහනය කරන්න.
  • දරුවා අනෙක් අතට හරවා මුහුණ පැත්තකට කරන්න. කොඳු ඇට පෙළ දිගේ පහළට මහපටඟිල්ලෙන් සම්භාහනය කරන්න.
  • දරුවාගේ තුනටිය පෙදෙසේ සිට කලව දක්වා පහළට දරුවා සම්භාහනය කරන්න. ඉන්පසුව දරුවා ඔතා නිදි කරවන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

පොඩිහිටි වැඩිහිටි කියා වෙනසක් නැතිව ඇති විය හැකි හිසරදය

අපට වැළඳෙන නොයෙකුත් ලෙඩ රෝගයන් අතර කිසිම භේදයකින් තොරව ජීවිතයේ එක් වරකදී හෝ හිසරදය ඕනෑම කෙනෙකුට වැළදී ඇති රෝගයකි.

එහෙත් හිසරදය යනු රෝගයක් නොව රෝගයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් බව ඔබ දන්නවාද?ප්‍රධාන වශයෙන් ගත් කළ හිසරදයන් වර්ග 5 ක් වුවත් එය මූලික කොටස් 13 කට වර්ග කළ හැකි රෝගයකි.

  • නිතර නිතර වැළඳෙන හිසරදය (Cluster)
  • ඉරුවාරදය (Migraine)
  • ආතතිජනන හිසරදය (Tension)
  • නැවත සෑදෙන හිසරදය (Rebound)
  • අස්ථි කුහර තුළ හා ඒ ආශ්‍රිතව සෑදෙන හිසරදය (Sinus)

නිතර නිතර වැළඳෙන හිසරදය

මෙහි විශේෂය නම් වරින් වර පොකුරක් ආකාරයට සෑදීමයි. ඊට අමතරව මෙය බොහෝ දෙනෙකුට වැළඳෙන ආකාරයේ හිසරදයකි. මෙය ඉතාමත් දරුණු ආකාරයේ වේදනාවකි. ශරීරය ගින්දරට පිළිස්සීමේදී, අස්ථි බිදීමකදී හෝ දරුවෙකු බිහි කිරීමේදී ඇති වන වේදනාව අභිබවා යන තරමේ වේදනාවක් මෙහිදී ඇති වේ.

මේ වේදනාව දවසේ එකම වේලාවකදී ඇති වීමත්, කෙනෙකු නින්දෙන් අවදි කරවීමට පවා මෙය සමත් වීමත් නිසා මෙය එලාම් ක්ලොක් හෙඩෙක් (Alarm clock Headaches) ලෙසත් අර්ථකථනය කරනු ලබයි. මෙය විනාඩි 15 ක් පැය 3 ක් වැනි කාලයක් වුවද පැවතිය හැක. මෙහි තවත් විශේෂත්වයක් නම් වේදනාව සැරෙන් සැරේ අඩු වැඩි වෙනවාක් මෙන් දැනීමයි. මෙහිදී හිසරදයට අමතරව තවත් රෝග ලක්‍ෂණ දැකිය හැකිය. ඒ නාසය සිරවීම, හිසේ වේදනාව ඇති පැත්තෙන් කදුළු ගැලීම, දහඩිය වැඩිපුර දැමීම, ඇස් රතුවීම, සමහර විට නිදාගත් විට හිසරදය වැඩිවීම, හිටි ගමන් හිසරදය ඇති වීම.

හිසරදය ඇති වීමට හේතුව

  • පරම්පරාවෙන්
  • දුම්පානය
  • උණුසුම් කාලගුණය
  • නිවුන් සහෝදරයන්ගෙන් කෙනෙකුට ඇත්නම් අනෙකාට පැවතීම
  • මත්පැන් පානය කිරීම නිසා
  • ඉතාමත් කලාතුරකින් හෘදයාබාධයට දෙනු ලබන TNT පෙති භාවිතය නිසා
  • ඇතැම් විට සවස නිදා ගැනීම වුවද හේතු විය හැකියි.

 අස්ථි කුහර හා ඒ ආශ්‍රිතව වැළඳෙන හිසරදය

 නාසයේ ශ්ලේෂ්මල පටලවල හා කුහර තුළ මෙය නිපදවීම නිසා මෙය ඇති විය හැක. යම් හේතුවක් නිසා ස්වභාවිකව ගලන සෙම අවහිර වී එකතු වී ඒ හා සමගම වෛරසයක්, බැක්ටීරියාවක් හෝ දිලීරයක් එකතු වීමෙන් සයිනස් (Sinus) හෙවත් අස්ථි කුහර ආශ්‍රිතව සෑදෙන හිසරදය ඇති විය හැක.

රෝග ලක්‍ෂණ

 කම්මුල් මත ඇති වන දැඩි වේදනාව, එම වේදනාව දත් හා නළල ප්‍රදේශයන්ට පැතිරීම, ඔළුව පහත් කිරීමේදී හා බරක් ඉස්සීම වැනි අවස්ථාවලදී ඇති වීම, නාසය/ඇස්/කමමුල් රත් පැහැ වීම, නාසය හිරවීම, වියළි කැස්ස, සෙම පැටලෙනාවක් මෙන් දැනි නිතර උගුර පෑදීම, වේදනාව ඇති ස්ථානය අතින් තද කළ විට දැඩි වේදනාවක් ඇති වීම, හිස පිටුපස හා දෙපැත්තේ වේදනාවක් දැනීම. දීර්ඝකාලීනව පැවතුණ විට ගඳ සුවඳ දැනීම පවා නැතිවී ආහාර අරුචිය ඇති වීම, උගුර කටුවකින් හූරනවා මෙන් දැනීම.

වෛද්‍යවරයෙකු විසින් මෙම තත්ත්වය නිශ්චිතවම විනිශ්චය කිරීමට හේතු ඇත. ඒ කහපාටින් සෙම පිටවීම, මුහුණේ තුවාලයක් හෝ අස්ථි බිදීමක් වූ විට, තද උණ (ගැහි ගැහී), ශ්වසන මාර්ගයේ ආසාධන සතියක් හෝ ඊට වැඩි කලක් සුව නොවී පැවතීම හා දත් නරක් වූ විටයි.

මේ සමග ඇති වන අතුරු ආබාධ

මොළයේ නහරවල ලේ කැටි සිරවීම (Stroke), ඇහැ එළියට තල්ලු වීම, දරුණු වූ විට මොළයේ මස්තිෂ්ක පටලවලට හානි වීම, එක දෙක වී පෙනීම (Double Vision), ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට (දියවැඩියාව, වකුගඩු බද්ධ කළ රෝගීන්) දිලීර ආසාදන ඇති වීම

ප්‍රතිකාරයන් ලෙස ප්‍රතිජීවක ඖෂධ, නහයට බෙහෙත් දැමීම මෙන්ම මොවුන් උගුර, කන, නාසය අංශයට යොමු කරයි. දරුණු තත්ත්වයේ නම් ශල්‍යකර්ම පවා සිදු කරනු ලබයි.

ඊට අමතරව පැවසිය යුතු ප්‍රධානම කරුණ වන්නේ මෙවැනි රෝග ලක්‍ෂණ හෝ සයිනස් හිසරදය ඔබට ඇතැයි සැක සිතෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතුමය. මන්ද යත් මෙය කල් පැවතුණහොත් සුව කිරීමට හෝ පාලනය කිරීමට දැඩිව අපහසු වීමයි.

ආතතිය නිසා ඇතිවන හිසරදය

මෙහි සරල තේරුම නම් ආතති ජනනි හිසරදය යන්නයි. මෙය කිසිදු වයස් හෝ ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරවම ඇති විය හැකි තත්ත්වයක් වන අතර අපගේ සිතට ඇති වන දැරිය නොහැකි ආතතියක් (විභාගයක්, විවාහය, සම්මුඛ පරීක්‍ෂණ) නිසා මෙය ඇති විය හැක.

රෝග ලක්‍ෂණ

  • හිසේ එක පසක හෝ දෙපැත්තේම ඇති වීම
  • පපුවේ ඉහළ මස්පිඬුවලට වේදනාව දැනීම
  • වේදනාව බෙල්ලේ පහළ සිට ඉහළට පැතිරීම
  • වේදනාව ඇති ස්ථානය කෙනෙකු තද කරනවාක් මෙන් දැනීම (නහර ගැහීමක් නොවේ)
  • මෙය දිනක් හෝ දෙකක් පවතී
  • බඩ දඟලා වමනය නොයයි
  • ශබ්දයට හෝ ආලෝකය යන දෙකෙන් එකකට වැඩි වන අතර දෙකටම එකවර ප්‍රතික්‍රියා නොකරයි
  • ආහාර අරුචිය

මෙම රෝගය ඇති වීමට තවත් හේතූ ලෙස බඩගින්නේ සිටීම, අසාමාන්‍ය නිදි ඉරියව්, වැඩි වේලාවක් පරිඝණකයේ සිටීම පෙන්වා දිය හැක. මෙවැනි අවස්ථාවකදී මෙන්ම වේදනාව අඩු වැඩි වීමකින් තොරව එක දිගටම පවතී නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙත යා යුතුය. ඇතැම් විට එලෙස ප්‍රතිකාර නොකළහොත් පැය 48 ක් තුළ ඇස් අන්ධ විය හැකියි. මෙය Giant cellarteritis නම් රෝගී තත්ත්වයයි.

මෙයින් මිදීමට නම් ආතතිය ඇති වන හේතුන්ගෙන් හැකි තරම් ඈත්වීම, නියමිත වේලාවට ආහාර ගැනීම වැනි ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ හැක.

ඉරුවාරදය

මෙය ඉතාමත් බහුලව ඇති අතර ස්නායු පද්ධතියේ හා ධමනිවල ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් හේතුවෙන් ඇති වන තත්ත්වයකි.

රෝග ලක්‍ෂණ 

  • මෙහිදී හිසරදය බොහෝ විට නළල, ඇස් වටා හෝ හිසේ පිටුපස ප්‍රදේශයේ ඇති විය හැක
  • ඇතැම් විට හිසේ එක් පැත්තක පමණක් ඇති විය හැකි තත්ත්වයකි
  • ඔක්කාරය, වමනය, බඩ එළියේ යෑම, සුදුමැලි වීම, දෑත් දෙපා සීතල වීම, නිදිබර ගතිය
  • ඉරුවාරද තත්ත්වය ඇතැම් විට කාන්තාවන්ට මාසික ශුද්ධිය ඇති වීමට දින 2 කට පෙර හෝ මාස් ශුද්ධිය සිදු වී දින 2 කට පසුව ඇති විය හැක

නියමිත වේලාවට ආහාර ගැනීම, දුම්පානයෙන් වැළකීම මෙන්ම තෙල්, මිරිස් අධික ආහාරයන්ගෙන් වැළකීමට මොවුන්ට වෛද්‍ය උපදෙස් දෙනු ලබයි.

නැවත නැවත සෑදෙන හිසරදය

මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔබගේම වැරැද්දයි. එනම් ඔබ හිසරදයක් සෑදුණු විට නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම නිසා හෝ හිතුමතේ ඖෂධ ගැනීම නිසා තාවකාලිකව සුව වන හිසරදය නැවත නැවත මතු වීමට පටන් ගනී. මෙම හේතුව නිසා ඔබට නිතර නිතර හිසරදය මතුවීමට පටන් ගන්නා බැවින් ඔබට වැඩිපුර ඖෂධ හෝ ඖෂධ වල ප්‍රමාණය වැඩි කිරීමට හෝ වෛද්‍යවරයාට සිදු වේ. තවද ඉතාමත් දරුණු තත්ත්වයෙන් මෙම වේදනාව ඇති වීමටද ඉඩ ඇත.

මෙම හිසරදය ඔබට ආතතිය නිසා ඇතිවන හිසරදය හෝ ඉරුවාරදය වැළඳී ඇත්නම් මෙලෙස නිතර නිතර වැළඳෙන හිසරදය දක්වා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත.

මේ සඳහා වේදනා නාශක වර්ග මෙන්ම අනෙකුත් ඖෂධ වර්ග වෛද්‍යවරයා විසින් නිරදේශ කරනු ලබන අතර එම ඖෂධ වෛද්‍ය නිර්දේශ මත නියමිත මාත්‍රාවෙන් නියමිත කාලය තුළ ලබාගත යුතුම වන අතර රෝගියාගේ හිතුමතය පරිදි භාවිතය නොකළ යුතුය.

කෝපි, තේ, සිසිල් බීම හෝ චොකලට් වර්ගයන් වැනි ආහාර නිසා හිසරදය වැඩි වන්නේ නම් එම ආහාර වලින් වැළකී සිටිය යුතුය.

ඉහත සඳහන් පරිදි අපට සෑදෙන නොයෙකුත් ආකාරයේ හිසරදයන් සඳහා වෛද්‍ය නිර්දේශය මත නිවැරදි මාත්‍රාවන්ගෙන් නියමිත පරිදි ඖෂධ ලබාගත යුතුය. එවිට මෙම රෝගයන්ගෙන් මිදීම පහසු වේ.

කාසල් වීදියේ කාන්තා රෝහලේ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා 
සමග සකසන ලද ලිපියකි.

බ්‍රිතාන්‍යයට දක්ෂ දැරිය අපේ රටෙන්

නිෂී උග්ගල්ල තවම කටේ කිරි සුවඳවත් නොගිය දොලොස් හැවිරිදි දැරියක්. දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියත් ඇය ශ්‍රි ලාංකික සම්භවයක් ඇති දියණියක්. නිශීගේ පියා  නීලංග උග්ගල්ල වූ අතර මව  ශිරෝමි ජයසිංහ නම් වූවාය. ඇය පිළිබඳව කතා බහ ගොඩ නැගුනේ පසුගිය දිනක චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනේදී මේ පුංචි දියණිය ලත් ජයග්‍රහණය නිසාය. බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් සමග උරින් උර ගැටුන ඇය ”දක්ෂතම දැරිය” ලෙසින් ජගත් කීර්තිය ලැබුවාය.

තම දියණියගේ හැකියාවන් ගැන නිහතමානී ආඩම්බරයකින් කතා කරන ඇගේ පියා නිලංග උග්ගල්ල සදහන් කරන්නේ තම දියණිය කුඩා කාලයේ පටන්ම ඇගේ වයසේ දරුවන්ට සාපේක්ෂව බෙහෙවින් වෙනස් අන්දමින් කටයුතු කරන ලද බවයි. ඔවුන් දියණිය මුල් කර ගෙන අතීතාවර්ජනයේ යෙදෙමින් කියා සිටියේ ඇය ළදරු පාසලේදී  පවා බෙහෙවින් ඉදිරියෙන් සිටි අතර මේ විශේෂත්වය කොතරම්ද යත් ලදරු පාසල් ගුරුවරියට නිෂී වෙනුවෙන් අලුත් ක්‍රියාකාරකම් සකස් කිරීමට පවා සිදු වුන බවයි.

ඒ වගේම වෙනත් දරුවන් සෙල්ලම් බඩු සමග කාලය ගෙවද්දී අපේ දුවට උවමනා වුනේ ප්‍රහේලිකා හදන්න. පුංචි කාලයේ පටන්ම ඇගේ තිබුන මේ දක්ෂතාවය නිසා පංති තුනක් ඉහළට හෙවත් ඇයට ට්‍රිබල් ප්‍රමෝෂන්  ලැබුන බවත් පියා සදහන් කලේය. ඒ තරමටම අපේ දුව පුංචි කාලයේ පටන්ම විශේෂ දක්ෂකම් පෙන්නුවා…

  • ඇගේ පියාගේ මේ සටහන අපේ දෙමව්පියන්ට නම් බොහොම වැදගත්…

අපි කවදාවත්ම නිෂි ටියුෂන් යැව්වේ නැහැ. ඇයට බොහොම නිදහසේ ඉන්න දුන්නා. ලංකාවේ දෙමව්පියන් වගේ මෙහේදී ටියුෂන් තරගයක් නැහැ. අපි තවම දුවට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන අභියෝග දීලා නැහැ. එයාට අවශ්‍ය විදිහට එයා යන මාර්ගය එයාගේ හැකියාවෙන්ම හැදේවි…ඒත් නිෂීගේ නම් අනාගත බලාපොරොත්තුවක් තියෙනවා.. ඒ, එයාගේ ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක් වීමටයි.

අපි නිතරම නිෂී සමග එලිමහනේ ඇවිදින්න යනවා. එයාට බයිසිකල් පදින්න නිදහස දෙනවා. ශ්‍රි ලංකාවට ආවාම අනිවාර්යෙන් උඩවලවේ යන්න නිෂීට උවමනායි.

මේ වැඩසටහන වෙනුවෙන් වුනත් අපේ කිසිම බලකිරීමක් තිබුනේ නැහැ. එයාගේ උවමනාවෙන් ඉදිරිපත් වුනේ.

තමන්ගේ ජයග්‍රහණය ගැන අදහස් ඉදිරිපත් කරමින් නිෂී විසින් කරන සිංහල  පුවත් සේවය මගින් නිෂීගෙන් අපේ රටේ දරුවන් වෙනුවෙන් ඇගේ අදහස් ගැන සිදු කරන ලද විමසීමට මේ විදිහට පිලිතුරු දුන්නා.

”දැනුම වැඩි කරන්න හොඳම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්”

“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.”මේ නිෂී අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන පණිවිඩයයි.

බී.බී.සී පුවත් ඇසුරිනි.

ලොව හොඳම ගුරුවරුන් දහදෙනා අතරට පත් යසෝදායි දරුවන් ගැන කියන කතා..

1987 වසරේ ශ්‍රි ලංකාවේ උපත ලද ‘‘යසෝදායි සෙල්වකුමරන් ‘‘ඔස්ට්‍රේලියාව බලා ගියේ ඒ වෙන විට මෙරට පැවැති දේශපාලන වාතාවරණය තුළ ජීවත්වීමට තරම් සුදුසු පරිසරයක් නොවුන නිසාය. ඒ වෙන විට ඇගේ වයස මාස 10 ක් විය. ඇගේ  පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වූ අතර මව ඒ වෙන විට සාමාන්‍ය ගෘහණියක් ලෙසින් තම පවුලේ කටයුතු වෙනුවෙන් කැපව සිටියාය. එහෙත් යසෝදායිගේ මව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියත් ඒ වෙනුවෙන් තේරීමේ අවස්ථාව නොමැති වූ නිසා ගිනුම්කරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තම අධ්‍යාපනික වටිනාකම් උපයා ගෙන සිටියාය. ඔවුන් මේ වෙන විට ජීවත් වුණේ පැරණි ගරාජයක් නිවසක් සේ සකස් කර ගෙනය.

1988 වසරේ සිඩ්නිවලට පැමිනි මේ පවුල මුලින්ම ජීවත් වනේ නගරයෙන් දුරස්ථව ‘හේ’ (Hay) පිහිටි ගම්මානයේය. ඇගේ මවගේද උත්සාහය සුළුපටු නොවීය. ඇය ඉංග්‍රිසි භාෂාව ඉගෙන එතැනින් පසුව වැඩිහිටි සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක සේවය කළාය. තම දියණිය වෙනුවෙන් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සහ මග පෙන්වීම මෙම දෙමව්පියන්ගෙන් ලැබුන නිසාම යසෝදායි සෙල්වකුමරන්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල් (Rooty Hill High School) නමැති පාසලේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූවාය.

ඇය 2010වසර අගභාගයේ පටන් බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල්හි සේවයේ නිරත අතර2009 වසරේදී  එම පාසලට ඇය මුලින් ම සම්බන්ධ වුයේ  විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලැබීමටයි. එතැන් පටන් ඇය එම පාසලේ අධ්‍යාපනයෙන් ලත් පන්නරය අද මේ තැනට පත් වීමට බලපෑ බැව් කෘතඥ පූර්වකව සදහන් කර සිටින්නීය.

අද වෙන විට  ඇය යසෝදායි ලෝකයේ හොඳම ගුරුවරුන් දහදෙනාගේ ලැයිස්තුවට එක්ව සිටින්නීය. මේ වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හොඳම ගුරුවරයාට පිරිනැමෙන අතර එම අවසාන උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. ලෝකයේ හොඳම ගුරුවරයා තේරීමේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) මගින්ය. කෙසේ හෝ වේවා දැන් යසෝදායි හොඳම ගුරුවරුන් දහ දෙනා අතරට එක්ව සිටින්නීය. මේ ගැන අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ ”ගුරු වෘත්තිය කියන්නේ, ඉතා ම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේ ම එය බලවත් වෘත්තියක්….දරුවන් වෙනුවෙන් කැප වුනාම අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් පවා අතපසු වෙනවා. ඒත් ඒ ගැන නියම ගුරුවරයා කිසිම විටෙක පසුතැවෙන්නේ නැහැ.”

  • දරුවා දිහා බැලිය යුත්තේ පංති කාමරයේදී පමණක් නොවෙයි…

යසෝදායි සදහන් කරන අන්දමට නියම ගුරුවරයා තම ශිෂ්‍ය දරුවන් ගැන අවධානය දක්වන්නේ පන්ති කාමරයේදී පමණක් නොවෙයි. පන්තියේදී වගේම එයින් එපිටදීත් අපි දරුවන් ගැන සොයා බැලීම වැදගත්. එහෙම වුනාම දරුවා ඉතා සාර්ථකව අධ්‍යාපනයට මුහුණ දෙනවා. සාර්ථක දරුවාගේ මම දකින පැහැදිලිම ලක්ෂණයක් තිබෙනවා. ඒ ඔවුන්ගේ වෙතින් පෙනෙන සතුට…නිව්සවුත් වේල්සයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන සැලසුම් අනුව දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද කීපයක් තිබෙනවා. ඒ අතරින්

  • සෑම ශිෂ්‍යයෙකුම හඳුනාගැනීම
  • වටිනාකමක් ලබා දීම
  • ඔවුන්ට රැකවරණය සැලසීම ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසා ගුරුවරයෙක් විදිහට අපි දරුවන්ගේ ලෝකයට සමීප විය යුතුයි. එහෙම වුනාම දරුවාගේ හිතේ විශාල ශක්තියක් ඇති වෙනවා විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් වුනාම ශිෂ්‍ය දරුවන් සමග එක්ව යන ගමනක් වුනොත් අධ්‍යාපනයත් සාර්ථකයි.

  • දරුවාට ඉලක්ක ලබා දීම

හැම පුද්ගලයෙකුටම ජීවිතය ජීවත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ඉගෙන ගන්නා දරුවන්ටත් ඉලක්කයක් අවශ්‍යයි. ගුරුවරන් විසින් මේ ඉලක්ක ගැන වගේම ඒ ඉලක්ක වෙත සමීප වෙන ආකාරය ගැනත් දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්.

  • දරුවන්ට දඬුවම් නොකොලොත්..

දඬුවම අත්‍යවශ්‍ය නැහැ. විනය ඇති වෙන්නේ අපි දරුවාට නැඹුරු වුනොත් වගේම එක් එක් දරුවා හඳුනා ගත්තොත් පමණයි. දරුවන් විවිධයි. ඒ නිසා අපි ඒ හැම දරුවෙක් වෙනුවෙන්ම වෙන් වෙන් විදිහට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන්ට දඬුවම් කිරීම අනුමත කරන්නේ නැහැ. ඒ වුනත්… ශිෂ්‍යයින් නුසුදුසු ආකාරයට හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නේ ඇයි කියන එක වටහා ගන්න ඕන. ඔවුන්ට ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජයගෙන ඉදිරියට යන්න උදව් කරන්න ඕන.

  • හැම දරුවෙක්ම එක විදිහට සාර්ථක නැත්නම්..

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේදී නවෝත්පාදන යොදා ගන්නවා. එවිට දරුවන්ට තිබෙන බාධක ඉවත් කර ගෙන හැම දරුවෙක් වෙනුවෙන්ම සාර්ථකත්වයක් ලැබෙන විදිහට අධ්‍යාපනයෙන් යම් මාර්ගයක් පාදා ගැනීමට පුළුවනි. මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ගුරුවරුන් වෙනුවෙනුත් විශේෂ වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කරනවා. විවිධ පර්යේෂණ කරමින් ඒවා අධ්‍යාපනයට අදාල කර ගෙන නිතරම දරුවා මුල් කර ගෙන අධ්‍යාපනය හැඩ ගසා ගන්නේ කොහොමද යන සංකල්පයට විශේෂ තැනක් දී තිබෙනවා.

බිබිසි පුවත් ඇසුරින්.

ගැබිණි මව සතුටින් හිටියොත් ලැබෙන සුබ ප්‍රතිපල ගැන ඔබ දන්නවද?

සාමාන්‍ය ජන සමාජයේ වුනත් දරුවෙක් ලැබෙන්න සිටින කාන්තාවක් දිහා බලන්නේ ගරුත්වයකින් වගේම බොහොම හැගීම්බරවයි. අනේ ඉතින් බඩදරු අම්මෙක්නේ…යන සිතුවිල්ල හැම දෙනෙකුගේම හිතේ ඇති වෙනවා. මේ තත්වය අපේ සාමාන්‍ය ජනසමාජයේ ඉතාම සරල වගේම නොදැනීම හදවතට සම්බන්ධව තිබෙන සංකල්පයක් වුනත් විද්‍යාත්මකවත් මෙහි සමීප සම්බන්ධතාවයක් තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න සිටින මවක් බොහොම සතුටින් සිටිය යුතුයි යන සංසිසද්ධිය අලලා ලෝකයේ විවිධ ආයතන මගින් පර්යේෂණ සිදු වී තිබෙනවා. අම්මා කියන්නේ විශ්ව සාධාරණීය සංකල්පයක්. ඒ තත්වය රටක්, ජාතියක් හෝ වර්ගයක් වෙනුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අම්මෙක් වෙන්න සිටින විට ඇය සතුටින් සිටිය යුත්තේ ඇයි වගේම අසතුටින් සිටීමෙන් සිදු වෙන විපාකත් දැන්  හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් ගැබිණි මවකගේ සතුට සහ කලලය අත් පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ගැබිනි මවක් නොසතුටෙන් සිටින විට ඇඩ්රලින් ඝ්‍රාවය නිදහස් වෙන අතර එය මවගේ රුධිර සංසරනයට වගේම කලලයටත් බලපෑම් ඇති කරන බවයි. ඒ නිසාම ගැබිනි මවක් නම් ඇය සතුටින් සිටීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් ලෝකයටම පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී මහාචාර්ය ‘‘ විවට් ග්ලෝබර් “ විසින් අවධාරනයෙන්ම පෙන්වා දෙන්නේ ගර්භණීත්වය සමග සතුට අත්වැල් බැද ගත් සහ සමාන්තරව පවත්වා ගත යුතු පැවැත්මක් බවයි.

ඒ වගේම සියැටල් වෛද්‍ය මධ්‍යස්ථානය මගිනුත් මේ සිද්ධියම අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙන්නේත් ගර්භණී අවදියේදී මුල් කාලයේ මවගේ හිතේ ඇති වන සතුට වගේම නොසතුට ඇගේ ගැබ් දරණ කාලයේදී ඇති වෙන විවිධ රෝග සහ අපහසුතාවයන්ට බලපාන බවයි. ගැබ්බර අවධියේදී මව අධිරුධිර පීඩන තත්වයට ගොදුරු වුනොත් එයින් ඇති වෙන විපාක දරු කලලයට දරුණු විදිහට බලපෑම් ඇති කිරීමට පුලුවනි. විශේෂයෙන් ගර්භ වලිප්පුව වැනි තත්වයන් ඇති වී දරු කළලයට හානි සිදු වීමට පුලුවනි.  ඒ නිසා කාන්තාවක් ගැබ් දැරූ මුල් කාලයේ පටන්ම ඉතා සතුටින් සිටීම අවශ්‍ය බැව් මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ මිෂෙල් විලියම්ස් “ විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අතර පිට්ස්බර්ග් මැගී කාන්තා මධ්‍යස්ථානය මගිනුත් මේ ගැන ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවන් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සතුට වගේම හැසිරීම් රටාවන්ද දරු කලලයේ ආරක්ෂාවට ඉතා වැදගත් ලෙසින් බලපාන බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා. ගර්භ වලිප්පුව වැනි තත්වයන්ට කාන්තාවගේ තරබාරුබවත් බලපාන බැව් අධ්‍යනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඔවුන් ස‍්හන් කරනවා. සිරුරේ ඇති මේද මගින් හැදෙන රසායනයන් නිසා ගර්භ වලිප්පුව ඇති වී කලලයට හානි සිදුවීමටත් ඉඩ තිබෙන බැව් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ගැබ් ගත් කාන්තාවක් වුනත් ඇවිදීම වැනි සරල හැසිරීම් රටාවකින් හෝ සිරුරට අවශ්‍ය ව්‍යායාම කිරීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

මේ විදිහට අද සාර්ථක අධ්‍යනයන් මගින් ගැබිණි මවක් සතුටින් නොසිටියහොත් ඇති වෙන බලපෑම් ගැන කරුණු අනාවරනය කර ගෙන ිතබෙනවා. ඒ වගේම අතීතයේදී අපේ සමාජයේ ගැබිණි කාන්තාව සතුටින් තැබීමට වැඩිහිටියන් නිතරම උත්සාහ ගත්තා. ඔවුන්ට අසුබ නිමිත්තක්වත් පෙනෙන්න ඉඩ සැලසුවේ නැහැ. ඇය බාහිරවත් ඉතා පිරිසිදු තැබූ අතරම සිතේ සතුට වෙනුවෙන් ඇයට කිසිම රිදවීමක් නොවන විදිහට පවුලේ උදවිය කටයුතු කලා. අනේ ඉතින් පරාණ දෙකක්නේ…ගැබිණි මව දිහා ඔවුන් බැලුවේ සහ සැලකුවේ ඒ විදිහටයි.

ඒ සැලකිල්ල ගෝලීයකරණය වුන යුගයටත් වලංගුයි.ඒ නිසා ජීවවිදයාත්මකව ඕක ඉතින් අමුතු දෙයක්යැ…නොකියා නොසිතා ගැබිණි මවකට හිතේ සතුට ඇති වෙන පරිසරයක් ගොඩ නගා දුන්නොත් මව වගේම දරුවාගේත් ආරක්ෂාව අතුරු අන්තරාවක් නැතුවම සලසා ගන්න පුලුවනි.

පර්යේෂණ පත්‍රිකා කීපයක් ඇසුරිනි.

ඔබේ දරුවා ඉගෙනීමේ කටයුතු වලට උනන්දු කිරීමට ඔබේ ගෙදරත් මේ පුංචි වෙනස කරලා බලමු

දරුවන් පොත් පත් කියවීමට දැන් වැඩි කැමැත්තක් නැති බව හැම දෙමව්පියෙක්ම කථා බහ කරන පොදු මාතෘකාවක්. ඒ වගේම දැන් මොන තරම් පුස්තකාල දියුණු යුගයක්ද…? ඒත් අපේ දරුවන් පුස්තකාලයකින්වත් පොතක් , පත්තරයක් කියවන සිරිතක් නැති හැටි යැයි කිව්වත් අලුත්ම සොයා ගැනීමක් මගින් පෙන්වා දෙන කරුණු ගැන දැන ගත්තොත් දරුවන් වෙනුවෙන් පුංචි පුස්තකාලයක් නිවසේ ගොඩ නගා ගැනීම මොන තරම් වැදගත් දැයි හිතේවි.

නෙවාඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පාදක වූයේ දරුවෙක් වෙනුවෙන් නිවසක් තුළ කියවන සමාජයක් තිබීම මොන තරම් වැදගත්ද යනන්යි. ඒ සදහා ඔවුන් වසර කීපයක් තුළ දරුවන් 1, 60 , 000 ක් සම්බන්ධ කර ගත් නියැදියක් තෝරා ගත්තා. එම අධ්‍යනය අවසානයේ මේ පර්යේෂකයන්ට පෙනී ගියේ නිවස තුළ කුඩා හෝ පුස්තකාලයක් තිබෙන පරිසරයක ජීවත්වෙන දරුවන් එවන් කියවන පරිසරයක් නොමැති සමාජයක දරුවන්ට වඩා අධ්‍යන කටයුතු වලදී 19 % ක් වාසියක් ලබා ඇති බවයි.

  • පුස්තකාලයක් වෙනුවෙන් පොත් කන්දක් අපි කොහෙන් හොයන්නද….?

සමහර විට ඉහත ප්‍රශ්නය ඔබේ හිතටත් නැගේවි. ඒත් කලබල වෙන්න එපා. පුස්තකාලයක් එක දවසකින් ගොඩ නැගෙන්නේ නැහැ.ඒ නිසා ඔබට හැකි විදිහකට දරුවන් වෙනුවෙන් නිවසේ කුඩා පුස්තකාලයක් ආරම්භ කිරීමට උනන්දු වෙන්න.

  • පොත් දකින විටත් ඇල්මක් ඇති වෙනවා..

දරුවෙක් මහජන පුස්තකාලයකින් හෝ පාසල් පුස්තකාලයකින් කියවීමේ හුරුව ගොඩ නගා ගැනීමට පෙරාතුව නිවසේ තිබෙන පොත් පත් දැකීමෙන් ඔවුන්ට ඒ වෙනුවෙන් මුල්ම හැගීමක් ඇති වීමට විශාල ලෙසින් පිටුබල වෙන හේතුවක්. ආගන්තුක පරිසරයට වඩා නිවසේ තිබෙන මේ සම්පත් මගින් මූලික පසුබිම සකසා ගත් විට එතැනින් ඔබබ්ට දරුවාට ඇති වෙන්නේ කියවීමේ පිපාසයක්. එය ඉතාම හොඳ පුරුද්දක්. පිපාසය සංසිදවා ගැනීමට දරුවන් විකල්ප විමසන විදී පුස්තකාලයත් ඔවුන් වඩාත් ප්‍රියකරන තෝතැන්නක් බවට පත් වේවි. ඒත් මේ වෙනුවෙන් මුල්ම අත්පොත් තබන්නේ නිවසේ තිබෙන පුංචිම පුංචි පොත් අල්ලාරිය හෙවත් දරුවාගේ පුස්තකාලයෙන් වෙන්න පුලුවනි.

  • පොත් පත් මිළට ගන්නා විට දරුවා වෙනුවෙනුත් ඉඩක්….

සාමාන්‍යයෙන් පාසලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ පොත් පත් මිළට ගන්නා විට දරුවාගේ කියවීමට අදාල පොතක් පතක් මිළට ගැනීමටත් උනන්දු වෙන්න. ඒ වගේම සාහිත්‍ය මාසයේ වැනි කියවිම ප්‍රවර්ධන කරන කාලසීමාවන්හිදී දරුවාගේ පුස්තකාලයටත් පොතක් පතක් අරගෙන දීමට උනන්දු වීම ඉතාම වැදගත්. ඒ විතරක් නොවෙයි, දරුවාගේ උපන්දිනය එහෙමත් නැත්නම් ඔවුන්ගේ ජයග්‍රහනයක් වැනි විශේෂ අවස්තාවකදීත් සිහිවටනයක් විදිහට පොත් පත් අරගෙන දීම මගින් නිවසේ ඇති පුස්තකාලයට විශේෂ අනුග්‍රහයක් ලබා දීමට පුලුවනි.

  • දරුවා කැමැත්තෙන් කියවන පොතට වැඩි ඉඩක් දෙන්න…

දරුවන් පොත් පත් කියවන විට ඇතැම් පොත් පත් වෙනුවෙන් විශේෂ කැමැත්තක් දක්වනවා.අපි වුනත් බාල කාලයේදී ”උඩගිය බබා “, ”කුඩහොරා ” සහ ” හත්පෙතිමල ” වගේ පොත් ඉතා කැමැත්තෙන් කියවන ලද අතර අදටත් ඒ පොත් ගැන මතකය අමතක වෙන්නේ නැහැ. ඒ නිසා පුතාගේ අම්මා, තාත්තා පුංචි කාලේ කියවන ලද පොත් පත් විදිහට ඔබට දරුවාගේ පුස්තකාලයට මේ පොත් පත් එකතු කරන්න පුලුවනි. ඒ වගේම දරුවා ආසාවෙන් කියවන පොත් පත් පවා ඔවුන් වැඩෙන විට මතකයන් විදිහට විශේෂ තැනක් ලබා දීම දෙමව්පියන් විදිහට ඔබගේ වගකීමක්.

  • කියවීමෙන් ලැබෙන වාසි

මෙම අධ්‍යනයේ ප්‍රධානී විදිහට කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ” ඇනා සිගේරා ” පෙන්වා දෙන්නේ  නිවසක පුස්තකාලයක් තිබීමෙන් දරුවන් තුළ බාලකාලයේ පටන්ම කියවීමේ හුරුව ගොඩ නැගීම නොදැනීම සිදු වෙන බවයි. ඒ නිසා නිවසේ පුංචි පුස්තකාලයක් තිපබන පසුබිමක ජීවත්වෙන දරුවන්ට කියවන හුරුව ගොඩ නැගීම ඒ තරම් අපහසු කටයුත්තක් නොවන බව ඇගේ අදහසයි.

ඒ වගේම කියවන හුරුව ඇති දරුවන් තුළ අවට පරිසරය සංජානනය කර ගැනීමේ හැකියාව ඉතා දියුණු මටට්මක පවතින බවත් මේ අධ්‍යනය මගින් සනාථ වී තිබෙනවා.

ඒ විතරක් නොවෙයි…තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමග ජීවත්වෙන තොරතුරු ලෝකයට කියවීමේ පුරුදු ඇති දරුවන්ට ඉතාම පහසුවෙන් අනුගත වීමට හැකියාව තිබෙනවා.මව්පියන්ට නොතිබුන අන්දමේ තොරතුරු සන්නිවේදන යුගයක දරුවන් ජීවත් වෙන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට වඩාත් සාර්ථක පසුබිමක් කියවීමේ පුරුදු වෙතින් ප්‍රගුන වෙන බවත් මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.

  • ගණිතයටත් හපන්නු…

පොත් පත් කියවීමෙන් දරුවන්ගේ සංවර්ධනය සාහිත්‍ය සහ  විශ්ව දැනුම ට පමණක් සීමා වෙන්නේ නැහැ. මේ දරුවන් තුළ ගණිතයටත් වැඩි හැකියාවක් ඇති බව දැන් පෙනී යන කරුණක්. ඒ නිසා නිවසක අඩුම වශයෙන් පොත් 80 ක වත් පුස්තකාලයක් තිබීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් අවධාරනයෙන්ම පෙන්වා දෙනවා. දරුවන් වෙනුවෙන් නිවසේ පිහිටුවා තිබෙන පුස්තකාලය මොන තරම් වැදගත්ද යන්න ගැන අධ්‍යනයෙන් ලබා ගත් තොරතුරු ” pasific standerd ” මගිනුත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චීන ජනාධිපතිට තාත්තා දුන් අපූරු අවවාදය ඔබේ දරුවාටත් ගැලපෙනවද බලන්න

චීන ජනාධිපති  ‘‘ෂින් ජෙන් පෙන්ග් “ (Xi Jinping ) කුඩා කාලයේදි ඔහුගේ පියා මේ පුංචි පැටියා අනාගත ලෝකයේ නායකත්වය දරණ පුද්ගලයෙක් බවට පත් වෙයි කියලා හාංකාවිසියක්වත් දැන සිටියේ නැහැ. ඒත් ඔහුට අවශ්‍ය වුනේ තමාගේ දරුවා හොඳ මිනිසෙක් විදිහට ලෝකයට දායාද කිරීමටයි. ඒ වෙනුවෙන් පියා විසින් චීන ජනාධිපතිවරයාට බාල කාලයේදී ලබා දුන් දැනමුතුකම් ගැන ඔහු අදටත් කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්.

ජනාධිපතිවරයා කුඩා කාලයේ අද වගේ ආහාර සුලබ නැහැ. ඒවගේම ඇතැම් ආහාර සුඛෝපභෝගී විදිහටත් සීමා වී තිබුනා. අපිට අද නම් බිත්තර ඉතාම සුලබ සහ ආර්ථික අතින් ලාබදායී පෝෂන ප්‍රභවයක් වුනත් එදා බිත්තර කියන්නේ බොහොම සුඛෝපබෝගී සහ නිතරම ආහාරයට නොගත් වටිනාකමින් ඉහළ තත්වයක තිබුණා.

දවසක් ඔවුන්ගේ ආහාරය මව විසින් පිලියෙල කරල මේසය උඩ තිබුණා. එක් ආහාර පිඟානක බිත්තරයක් තිබුණා. පුංචි පැටියා දුවල ගිහින් තාත්තාටත් ඉස්සරින් බිත්තරය තිබුන පිගාන අතට ගත්තා. තාත්තයි පුතයි මේ විදිහට බත් කන අතරවාරයේ පුතාට පෙනුනේ තාත්තාගේ පිගානේ බිත්තර දෙකක් තිබුන බවයි. ”තාත්තාගේ පිගානේ බිත්තර දෙකක්….” පුංචි පුතා ඇහුවා…

ඔව් පුතේ අපි ඇසින් දකින දෙයට වඩා ඇතුලත තිබෙන දේ වටිනවා වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම තමන් ගැන විතරත් හිතන්න එපා.

පුතා බිත්තරය තිබුන පිඟාන ඉක්මනට ගිහින් බදා ගත්තේ ඔයා ගැන හිතලයි. තාත්තාට නැති වුනත් මට බිත්තරය කන්න පුලුවන් කියන සිතුවිල්ල නිසා ඔබ ඉස්සර වුනා. ඒත් පුතේ අපි ආත්මාර්ථකාමී වීමෙන් සමහර වෙලාවට අපිටම එයින් පාඩු සිද්ධ වෙනවා. හරියට මයෙ පුතාට බිත්තර දෙකක් කන්න තිබුන අවස්ථාව අහිමි වුණා වගෙයි නේද…? තාත්තා කිව්වා.

තවත් දවසක මේසයේ බත් පිගන් දෙකක් තිබුණා. එක පිගානක බිත්තරයක් තිබුණා. අනිත් පිඟානේ බිත්තරයක් නැහැ. දැන් පුංචි පුතාට එදා අත්දැකීම මතකයිනේ.. ඔහු බිත්තරය නැති පිගාන අතට ගත්තා. එදා තාත්තාට වගේ මටත් දැන් පිගාන අන්තිමෙන් බිත්තර දෙකක් පෑදෙයි කියල පුංචි පුතා හිතුවා. දැන් බත් සේරම අවසානයි. ”ඒත් කෝ ….එදා තාත්තාට වඩා බිත්තර දෙකක්…” පුංචි පුතාට හිතුනා…

තාත්තේ මේ පිගානේ අවසානයට බිත්තර දෙකක් තියා එකක්වත් නැහැ. පුංචි පුතා කිව්වා..

පුතා බිත්තර නැති පිගාන අතට ගත්තේ එදා මගේ පිගානේ වගේ බිත්තර දෙකක් ඇතැයි කියල හිතාගෙනද…? තාත්තා ඇහුවා.

ඔව් පොඩි එකා ඇත්තම කිව්වා.

පුතේ ජීවිතයත් එහෙම තමයි. අපි ලබන අත්දැකීම් හැම වෙලාවේම එක වගේ නැහැ. එක වතාවක් වැටුනොත් නැවතත් අපිට වැටෙන්න තිබෙන අවස්ථාවන් නැතුවාම නොවෙයි. සමහර විට අපි රැවටෙනවා. මුලින්ම පාඩමක් ඉගෙන ගත්තත් අපිට නැවත වරදින්න තිබෙන අවස්ථාවන් නැතුවා නොවෙයි. එදා බිත්තරය නැති පිගානේ අවසානයට බිත්තර දෙකක් තිබුනත් හැම අවස්ථාවක්ම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි වැරැදි වැරැදි ඉගෙන ගන්න ඕන ඒක හරියට අද පුතාට වැරදුනා වගේ පාඩමක්..තාත්තා කිව්වා..

ඔන්න තවත් දවසක් මේසය උඩ බත් පිඟන් දෙකක් තිබුනා. එකක බිත්තරයක්…අනෙක් පිඟානේ බිත්තර නැහැ. එදා පුංචි පුතා ඉස්සර වුනේ නැහැ. තාත්තා බත් පිගාන ගන්න තෙක් හිටියා. තාත්තා ඇවිත් බිත්තරය තිබුන පිගාන ගත්තා. දැන් ඉතිරි වෙලා තිබ්බේ බිත්තරය නැති බත් පිගානයි. පොඩි එකා හෙමින් සීරුවට ඒ බත් පිගාන අරගෙන කන අතරවාරයේ එහි අන්තිමට බිත්තර දෙකක් තිබෙනවා දුටුවා.

තාත්තේ…බිත්තර දෙකක්..පුතා කිව්වා..

ඔව් මගෙ පුතා හරි…අද පුතා ඉස්සර වුනේ නැහැ. මම පිගාන ගන්නකම් හිටියා. තරගයේදී වුනත් පුතේ පරාර්ථකාමීත්වය තියෙනන්ම ඕන. දැන් පුතාටම තේරෙනවා ඇති නේද..? අද පුතා බිත්තර දෙකක බත් පිඟාන ලැබුනේ තරගය අතරේ යම් විදිහකින් පරාර්ථකාමී වුන නිසා නේද..? තාත්තා කිව්වා.