Home Blog Page 84

දෙමාපියන් ළමයින්ට සලකන හැටි දරුවන්ගේ හැසිරීමට බලපාන්නේ කොහොමද?

අම්මලා හරි හොඳයි කිව්වත් සමහර අවස්ථාවල උපන්ගෙයිම තම දරුවාගේ ජීවිතය නැති කරන දෙමව්පියන්  නැතුවාම නොවෙයි. අකමැත්තෙන් වුනත් අපි ඒ ගැනත් මතකයේ තබා ගැනීම වැදගත්. සමහර විට උපත ලබන්නත් පෙරාතුව දරු කලලය විනාශ කර ගන්න බැරි වුනොත්…දරුවා බිහි වුනාම ඒ වෙනුවෙන් උත්සාහ ගන්නවා. එහෙමත් නොහැකි වුනාම දරුවා හැර දමා යන දෙමව්පියනුත් ඉනන්වා. ඒ වුනත් දරුවෙක් කියන්නේ ලොකුම වාසනාවක්. දරුවෙක් ලබන්නත් පෙර පිනක් ඕන. එහෙම නම් අපි දරුවෙකුට සලකන්නේ කොහොමද…?

  • කිසිම දවසක දරුවා හැර යන්න එපා…

ඉස්සර කාලයේ අම්මා කෙනෙක් මොන ගැටුම් ආවත් පවුල හැර ගියේ නැහැ. ඒ හැමදෙයකදීම ඔවුන් කිව්වේ දරුවෝ නිසා ඉවසනවා.. නැත්නම් මෙලහකටත් මම මැරුණ තැන ගසුත් පැලවෙලා කියලයි. ඒ නිසා කිසිම දිනක දරුවන් හැර දමා යෑම නම් අම්මෙක් වගේම තාත්තෙක් විදිහට ඔබ නොකල යුත්තක්.

මෑතකදී රෝහල්ගතව සිටි නව යොවුන් දැරියක්….. ඇය දැන් සුවය ලබා සිටිනවා. එහිදී ඇය කිව් සඳහන ඔබ ඇසුවොත් ඔබ බෙහෙවින් සංවේදී වේවි. ඇය යාන්තම් 11 වසරට පැමිනියා පමනි. පියාගේ අනියම් සම්බන්ධතාවය නිසා මව සිය දිවි හානි කර ගත්තා. තාත්තා එතැනින් නැවතනේ නැහැ. ඔහුගේ අනියම් බිරිඳ දැන් කිසිම බාධාවක් නැතුව නිවසට ගෙන්නා ගත්තා. කුඩම්මාගේ කෙනහිලි නිසා මේ දියණිය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් අතර ඒ සිදුවීම මුල් කර ගෙන  පියා විසින් දියණිය නිවසින් පන්නා දැම්මා. ඇය තමාගේ පෙම්වතාගේ නිවසට ගියත් ඔවුන්ද  ඇයට ඒ  තරම් සැලකිල්ලක් දැක්වුයේ නැහැ. කබලෙන් ලිපට වැටුන නිසා ඇය මානසිකව රෝගියෙක් බවට පත් වුණා. කෙසේ හෝ පියා ඇය රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ නිසා කිසිම දිනක ඔබට දාව උපන් දරුවන් අතරමං කිරීම නම් මවක්, පියෙක් විසින් නොකලම යුතු බැව් අනිවාර්යෙන්ම සමාජගත විය යුතු තත්වයක්.

  • දරුවා කොතැන හිටියත් සෙනහස දක්වන්න…

සමහර දෙමව්පියන් දරුවන්ට දැනෙන් ආදරය කිරීමක් කරන්නේම නැහැ. දැන් ඉතින් ලොකුයිනේ…යනුවෙන් හිතාගෙන දරුවන්ට සමීප වීමක් ඇත්තේ නැහැ. ඒත් දරුවෝ ආදරයට ආදරය කරන පිරිසක්. දිනපතා ඔබගේ ස්පර්ශය ඔවුන්ට අවශ්‍යයි.  ඒ වගේම ඔබ සහ දරුවාගේ කතා බහ අතරවාරයේදී දරුවාගේ ඇස් දිහා බලාගෙන කතා කිරීම  හෙවත් නිසා දරුවා සහ දෙමව්පියන් අතර සමීපබව ගොඩ නැගෙනවා. ඒ වගේම ඔබ සහ දරුවා අතර සමීපතාවය ඇති වීමත් වැදගත්. උදේ පාන්දර දරුවා අවදි වෙන විට, පාසල ඇරී නිවසට පැමිණි පසුව සහ නින්දට යෑමට පෙරාතුව දරුවා සමග කතා බහ කරමින් ඔහුගේ හිතට ප්‍රබෝධයක්  දැනෙන අන්දමින් කටයුතු කිරීම ඉතාම වැදගත්. දරුවාගේ මානසිකත්වය ශක්තිමත් වීමට මේ අවස්ථාවන් වැඩි බලපෑමක් කරනවා. උදේ බොහොම සතුටින් අවදි වීමට නම් දෙමව්පියන්ගේ ලෙන්ගතු හිත දරුවාගේ හදවත ආමන්ත්‍රනය කළ යුතුයි. පාසල ඇරී නිවසට පැමිණෙන දරුවාගේ විඩාබර හිතට මවගේ ආදරබර වචන මහත් වූ විවේකයක්. ඒ වගේම නින්දට යන විට දරුවා සතුටු හිතින් යහනට ගිය විට ඉතා සුවසේ නිදා ගැනීමට බාධාවක් නොමැති වීම පුදුමයක් නොවේ.

මව්පිය සෙනහස අහිමි වුනොත්…ඒ දරුවන්ගේ හැසිරීම කොහොමද…?

දෙමව්පියන්ගේ ආදරය ලැබෙන දරුවන්ට වෛර කරනවා.මව්පිය සෙනෙහස නොමැති වුන දරුවන්ට යම් අවස්ථාවකදී සමාජයේ සෙසු සම වයස් කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා.එවිට ඔවුන්ගේම වයසේ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනහස ලැබෙන අන්දම දකිත්ම මේ දරුවන්ගේ හිත් ආත්මානුකම්පාවෙන් පීඩාවට පත් වෙනවා. අපිට ආදරයක් ලැබෙන්නේ නැතැයි ඇති වෙන පසුතැවීමට වඩා ඔවුන් ආදරය ලබන දරුවන්ට වෛර කිරීමට පටන් ගන්නවා.එය ඉතාම දරුණු අන්දමින් බලපෑමට හැකියි. ඒ නිසා දෙමව්පිය ආදරය අහිමි දරුවන් ඉතාම දරුණු විදිහට හැසිරෙන ආකාරය සුලබ සිදුවීමක් බවට පත් ව ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

  • මුරණ්ඩුයි..

මව්පිය සෙනහස නොලද දරුවන් ඉතාම මුරණ්ඩු ලෙසින් කටයුතු කිරීමට පෙළඹ සිටිනවා. ඔවුන්ට ආදරය වැනි සියුම් හැඟීම් තේරුම් ගැනීමට නොහැකියි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුන්ගේ අවධානය ලබා ගැනීමයි. මේ අවධානය ලබා ගැනීමට ඔවුන් යොමු වෙන්නේ දැඩි සේ මුරන්ඩු ගති පැවැතුම් පෙන්වමින්. එය ඔවුන්ගේ යටපත්ව තිබෙන මානසික කම්පවා ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කිරීමක් කිව්වොත් වරදක් නැහැ.

  • අධ්‍යාපනයට අවධානය නැහැ…

මව්පියන්ගේ ආදරය ලබන දරුවන්ට යා යුතු මග නොමග දෙමව්පියන් විසින් ඉතාම හොදින් පහදා දෙනවා. ඉගෙනීමේ අගය මේ දරුවන් දනන්වා. ඒත් සෙනහස නොලබන දරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන දැනමුතුකම් කියා දීමට කෙනෙක් නැහැ. පාසලට ඇතුලත් කළ  පමණටම දරුවෙක් අධ්‍යාපනයට යොමු වෙන්නේ  නැහැ.එහි වටිනාකම හදවත ස්පර්ශ කරමින් වටහා දෙන කෙනකුත් නැති නිසාම මේ දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේම නැහැ.

  • මානසික ගැටලු වැඩියි..

දරුවෙක් වෙනුවෙන් හාරිරික වර්ධනයට ආහාරපාන ලබා දෙන්නා සේම මානසික සංවර්ධනයට ආදරය, ආරක්සාව සහ රැකවරණය අවශ්‍යම වෙනවා. මේ හිතකර පරිසරය නොමැති වුනාම දරුවා මානසිකව හුදෙකලාවට පත් වෙන අතර එහි අතුරු ප්‍රතිඵල විදිහට සාංකාව, බිය, ආවේගශීලිවීම වැනි විවිධ මානසික වෙනස්කම්වලටත් ගොදුරු වෙනවා. ඒ නිසා දරුවෙක් බිහි කළ පමනින් ඔබ මවක සහ පියෙකු බවට පත් වන්නේ නැහැ. ඔබ දරුවා ආදරයෙන් රැක බලා ගන්න. සෙනහසින් ස්පර්ශ කරන්න. ආරක්ෂාවෙන් ඔවුන් ශක්තිමත් කරන්න.

හැමදාමත් නාන්න අවශ්‍ය නැහැ

දිනපතා ස්නානය කිරීම හොඳ පුරුද්දක් විදිහට  අපි හිතුවත් ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. මේ ගැන අම්මලාගේත් වැඩි අවධානයක් යොමු වීම ඉතාම වැදගත්. ඊට හේතුව අපේ අම්මලාට දරුවන් නෑවීම ගැන තිබෙන්නේ ලොකු උනන්දුවක්. ඒ නිසාම යාන්තමින් උණක්, හෙම්බිරිස්සාවක් සමහන් වෙද්දීම දරුවා නාවන්නේ අනේ…දැන් දවස් දෙක තුනකින්ම නාවන්න බැරි වුනා කියන පශ්චත්තාපයත් සමගයි. ඒ විතරක් නොවෙයි, අපේ ජනවහරේ දෙයියන්ගේ ලෙඩ විදිහට හැදින්වෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි සංක්‍රාමික රෝග හැදිලා හරියටම දින හත සම්පූර්ණ වුනාද …ඔන්න දරුවා නැවනන් හදිස්සිය පටන් ගන්නවා. ඒ වුනත් දරුවාගේ ඇග යට උන ගතිය ඒ වගේම මලබුරුල් ගතිය තිබුනොත් අතුරු ආබාධ ඇති වෙන අවස්ථාව ඉහලින්ම තිබෙනවා.එක් මවක් මේ වගේ තමන්ගේ දරුවා නාවන්න බැරි වීම ගැන වෛද්‍යවරයාගෙන් දිගින් දිගටම කරුණු විමසද්දී ඔහු කිව්වේ නෑවේ නැතුව තවම කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒත් උණ හෙම්බිරිස්සාව තියෙද්දී නැවොත් නිව්මෝනියාවෙන් මැරෙන්න පුලුවනි. ඒ නිසා නාවන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ..එදා ඔහු මේ ගැන සරලව කිව්වත් අද ස්නානය සහ රෝග තත්වයන් ගැන වැඩියෙන් අවධානයක් දක්වා තිබෙනවා.

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මේ අධ්‍යනය කියවා බැලුවොත් අම්මලාට පසුතැවෙන්න අවශ්‍ය නැහැ.

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පර්යේෂකයින් කීප දෙනෙක්ම සම්බන්ධ වුනා.

මෙම අධ්‍යනයයේ ප්‍රධානී සහ ආසාදිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය එලනි ලාර්සන් සඳහන් කරන්නේ බොහෝ දෙනක් හිතන්නේ දිනපතා ස්නානයෙන් අපිට නීරෝගීව සිටීමට හැකියාව ලැබෙන බවයි. ඒ වුනත් මේ අදහසට දැන් එකග වීමට අපහසු බැව් අය සඳහන් කරනවා. දිනපතා ස්නානයෙන් අපේ හමේ ඇති දුගඳ ඉවත් වෙන බව නම් ඇත්ත. ඒ වුනත් පමණට වඩා ස්නානය කිරීමෙන් හම වියලීම, පැලීම විතරක් නොවෙයි, මේ තුවාල වුන සිදුරු ඔස්සේ විවිධ විෂබීජ අපේ සිරුරට ඇතුලු වෙන්නත් පුලුවනි.

ඒ සමගම මෙම අධ්‍යනයට සම්බන්ධ වුන ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සී. බ්‍රැඩ්සන් පෙන්වා දෙන්නේ නිතරම හම සෝදන විට සමේ ඇති ස්වභාවික තෙල් ගතිය ඉවත් වෙනවා මේ ස්වබාවික තෙල් ගතියෙන් අපිට ලැබෙන ආරක්ෂාව ඉතාම ඉහලයි. ඒ නිසා මේ තත්වය අපි ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. නමුත් ඉවක් බවක් නැතුව නෑමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රතිශක්තියට ආධාර වෙන හිතකර බැක්ටීරියාවන්ද ඉවත් වීම නිසා ඉතාම පහසුවෙන් ආසාදන රෝග තත්වයන්ට ගොදුරු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා දිනපතා ඇඟ සෝදා ගෙන සතියකට වතාවක් පමණ ස්නානය කිරීම ප්‍රමාණවත්  බව ඔහුගේ අදහසයි.

ඒ වගේම සබන් නැතුව නෑවොත් හරියට නොනෑවා වගෙයි කියල අපි හිතුවට චර්ම රෝග වෛද්‍ය විශේෂඥයින් සබන් යොදා ගැනීමත් අනුමත කරන්නේ නැහැ. වෛද්‍ය මිචෙල් සඳහන් කරන්නේ කිහිල්ල, පාද ආදි දහඩිය ඇති ස්ථානවලට පමණක් සබන් යොදා ගැනීමප්‍රමාණවත්  බවයි. ඒ වගේම වියලි  හිසකෙස් නම් නිතරම සේදීම අවශ්‍ය නැහැ. හැබැයි…හිස්හොරි වැනි විවිධ ගැටලු ඇත්තේ නම් ෂැම්පු යොදා සතියකට  දෙවතාවක් පමණ සේදීම ගැටළුවක් නැහැ.

ඒ අතරම පර්යේෂකයින් විසින් බැක්ටීරියා නිසා සමප්‍රේෂනය වෙන රෝග ගැනත් මෙහිදී හදුනා ගත්තා. අපි නොහිතන විදිහට බැක්ටීරියාවන්ට අපි ගොදුරු වෙන්න පුලුවනි.

අපේ පරිගණකය, මවුස්, යතුරුපුවරු වගේම ජංගම දුරකථනයේ මිලියන 10 කටත් වඩා අධික බැක්ටීරියා ගහණයක් ඇති අතර වැසිකිලියේ ආසනයේ මෙම සංඛ්‍යාව මිලියන 400 ක් පමණ විය හැකියි. අපි නොදැනුවත්ම මේ බැක්ටීරියාවන්ට නිරාවරනය වීමට පුලුවනි. ඔවුන්ගේ අධ්‍යනයෙන් හදුනා ගත් අන්දමට  ලොව පුරා මේ අන්දමින් බැක්ටීරියාවන්ට නිරාවනරය වීම නිසා වසරකට මියයන පිරිස මිලියනයක් පමණ වෙනවා.

ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ලිසා ආර්කේලි පෙන්වා දෙන්නේ අපි විසිහතර පැයේම බැක්ටීරියාවන්ට නිරාවරනය වෙන බවයි. මේ නිසා දිනපතා ස්නනායට වඩා තමන් පරිහරනය කරන පරිගණක උපාංග , ජංගම දුරකථන සහ නිවසේ මෙන්ම කාර්යාල වැසිකිලි කැසිකිලි විෂබීජ තොර කලාප කර ගත් විට නීරෝගීව ජීවත්වීම එතරම් අපහසු කාර්යක් නොවන බවයි.  මේ ගැන වැඩි විස්තර MailOnline.වෙබ් අඩවිය පරිශීලනයෙන් ලබා ගන්නත් පුලුවනි.

පවුලේ කෑම බීම ගැන අම්මලාට උපදෙස් ටිකක්

  • කෑම කන විට වතුර බොන්න එපා…

අපේ පොඩි පැටව් කන්න ගියාම ඉවරක් නැතුව වතුර බොනවා.  මේ නිසා ආහාර වෙනුවෙන් තිබෙන අවශ්‍යතාවයත් ඉක්මනින්ම සීමා වෙනවා. සමහර විට අම්මලා වුනත් මේ ගැන එතරම් තැකීමක් නොකලත් වතුර බොන ගමන් ආහාර ගැනීම එතරම් යහපත් දෙයක් නොවෙයි. වතුර බොමින් ආහාර ගත් විට ආමාශ යුෂ තනුක බවට පත් වෙනවා.ඒ නිසා වතුර බොන්න පෙරාතුට ඒ ගැන දරුවාට අවවාදයක් දුන්නොත් හොදයි.

  • තිත්ත දෙයකුත් එක් කරන්න…

අම්මලා විදිහට නිවසේ ආහාර වට්ටෝරුව පිලියෙල කරන විට මේ ගැනත් ටිකක් හිතන්න. තිත්ත දේවල් දරුවන් නම් කැමැති නැහැ. ඒත් තිත්ත ‍දේ ආහාරයට ගැනීමෙන් ආමාශයික යුෂ ඝ්‍රාවය උත්තේජනය වීම වගේම අහිතරක මේදය උරා ගැනීමත් සිද්ධ වෙනවා.

  • ඉක්මනට කන්න දරුවා….

අම්මලා නිතරම දරුවන්ට දෙන පීඩනට ඔබටත් හුරු ඇති. දරුවන්ට කන්න බොන්න ගියාම වෙලාවක් කලාවක් ගැන මිම්මක් නැහැ. ඒවායේ බර ඉතින් අම්මලානේ. අම්මලා සෑහීමට පත් වෙන්නේ හබුං කටයි බත් දෙකටයි…කියල බත් ටික සේරම කැවාමයි. ඒ නිසා ඉත්මනින් කන්න කියන විධානය දරුවාට නිතරම ලැබෙනවා.

නමුත් මෙය නොකල යුත්තක්…ඒකටත් හේතුවක් තිබෙනවා. ඉක්මනින් ආහාර ගැනීමේදී ආමාශයික යුෂ වෙනුවට වෙහෙසකර හෝර්මෝන උත්තේජනය වීමේ ප්‍රවනතාවය ඉහලයි. ඒ නිසා දරුවන්ට ඉක්මනින් කන්න…කියන විධානය නොකරනවා නම් වඩාත් හොඳයි.

  • කාබොහයිඩ්ඩ්‍රෙට සහ සීනි වැඩියෙන් එපා…

අම්මා විදිහට ඔබ නිවසේ ආහාර පිළියෙළ කරන විට මේද , සීනි වෙනුවෙන් වැඩි තැනක් දෙන්න එපා. බාල කාලයේ පටන්ම දරුවන්ට හිතකර විදිහට ආහාර රටාව පිලියෙල කර දීම ආදරනීය මවකගේ වගකීමක්. ඒ නිසා සමබල ආහාර වගේම තන්තු ගැන වැඩි අවධානයක් ‍ලබා දෙන්න. මේදය, සීනි වෙනුවට තන්තු වෙනුවෙන්  වැඩි තැනක් ලබා දීම ඉතාම හොඳයි. එය දරුවාගේ වගේම ඔබේ සහ සැමියාගේ නීරෝගීබවටත් හේතුවක් වෙනවා.

  • පළතුරු යුෂට වඩා විකන එක හොඳයි…

පළතුරු යුෂ කිරීමට වඩා විකා කෑම වඩාත් සුදුසුයි. ඊට හේතුව යුෂ පිලියෙල කරන විට අපි සීනි සහ ලුණු වැනි අතිරේකත් එකතු කුරනවා. ඒ වගේම පැගිරි කුලයේ පළතුරු යුෂ කරන විට ” සිනෙෆින් ” රසායනය මුදා හරිනවා. එවිට රුධිර නාල අවහිර වීම නිසා හිසරදය තත්වය ඇති වෙන්න පුලුවනි.

  • විවිධ පළතුරු දෙන්න…

සමහර විට අපි දරුවන්ට පළතුරු දෙන විට යම් යම් සීමාවන් පනවා ගනන්වා. අපේ පුතා කන්නේ මේ පළතුරු විතරයි.. ඒ වගේම සමහර විට වාරයට තියෙන විට අපි ඒ පළතුරුටම යොමු වෙනවා. ඒත් මෙය නොකළ යුත්තක්. නිතරම පළතුරු වුනත් විවිධත්වයකින් ආහාරයට ගන්න.

  • සුප් ගැනත් සලකා බලන්න…

අපි හිතනනේ සුප් බොන්නේ රෝගීන් විතරයි කියල වුනත් සුප් දියර ඉතාම ගුණ දායකයි. කොලස්ටරෝල් සහිත රෝගීන්ට වගේම තරබාරු උදවියට සුප් වඩාත් ගුණදායකයි. ඒත් මේ ගුණය ලැබෙන්නේ සුප් වෙනුවෙන් ඔබ අන්තර්ගත කරන අමුද්‍රව්‍ය අනුවයි. මේ සදහා කරපිංචා, සේර වගේම වෙනත් කුළුබඩු එකතු කිරීම නිසා වැඩි ගුණයක් ලබා ගැනීමට පුලුවනි. අද බොහෝ අම්මලා සුප් පිලියෙල කරන විට කේාන්ෆලවර් සහ වෙනත් ක්‍රිම් සහ සෝස් වර්ග එකතු කළත් අපේ අතීතයේ සුප් පිළියෙල කිරීමට යෙදූ අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද…? එදා ගෘහනියන් බොහෝ සේ එක් කර ග්තතේ ගොටුකොළ, කැරට්, බෝංචි, හතු, අල වැනි ද්‍රව්‍යන්. ඒ වගේම සුප් දරුවන්ගේ පරිපූරක ආහාරයක්. වැඩිහිටියන්ට වුනත් ආහාර රැචිය ඇති කිරීමට සහ ජීරණ අපහසුතාවයන්ට සුප් බොහෝ සේ ගුණ ලබා දෙනවා.

  • වස විස නැති පලා සහ සලාද කන්න..

පලා වගේම සලාද කොළ මොන තරම් ගුණ වුනත් දැන් හැම දෙනෙක්ගේම සාධාරණ සැකයක් තියෙනවා. මේවාට යොදන පොහොර සහ වෙනත් බෙහෙත් නිසා අගුණ වේවි යන සැකය ඇති වෙලා. එහෙම නම් අපේ ගෙවත්තේම පලා වරග හදා ගනන් පු’චි හෝඩුවාවක් මෙන්න. සලාද කොළ දණ්ඩ වගේම කංකු , ගොටුකොළවල මුල් වතුර වීදුරුවක දමා දින එතක් පමණ වේලා තියෙන විට මුල් ඇදෙනවා. එයින් පසුව පුංචි පෝච්චියක මේ පලා වගා කර ගෙන අපේ පරිභෝජනයට ගැනීමට පුලුවනි.

ඝන ආහාර දීමට කාලය ඇවිත්

පුංචි පැටියා මෙලොව එලිය දුටු දවසේ පටන් අම්මාට තාත්තාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරු පැටියා ඉක්මනින් උස් මහත් කර ගන්නයි. ඒ නිසාම ඉක්මනින් ඝන ආහාර දෙන දවස කවදා උදා වෙයිදැයි අම්මා හීන මවනවා. මේ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදෙස් ලැබෙනවා. කැලැන්ඩර් ක්‍රමයට ඝන ආහාර දෙන දිනය තිබුනත් එක් එක් දරුවාගේ වර්ධන වේගය වෙනස්. ඒ නිසාම දරුවාට හොදින් ආහාර ගිලීමේ හැකියාව ඇති වීමත් අවශ්‍යයි. ඒ නිසාම ඝන ආහාර පටන් ගන්න නම් දරුවාගේ මේ හැකියාවන් තිබෙනවදැයි අම්මාටත් සහතික වීමට පුලුවනි.

දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට පුලුවන්ද ?

දරුවාට හිස කෙලින් තබා ගැනීමේ හැකියාව නැත්නම් ඝන ආහාර ගිලීමේදී පිටඋගුරේ යෑම වැනි අපහසුතාවයන් දරුවාට ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාවක් ලැබීම තාම වැදගත්.

ඒ වගේම ගෙල ප්‍රදේශය පාලනය

අපි ආහාර කවන පොවන විට දරුවාට බෙල්ල පාලනයකින් තබා ගැනීමට නොහැකි නම් එය අපහසුතාවයක්. ඒ නිසා ඝන ආහාර දීම ආරම්භ වන විට බෙල්ල දරුවාට පාලනයකින් තබා ගැනීමට හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

උදව් ඇතුව වාඩිවීමට පුලුවන් වීම

ඝන ආහර ලබා දෙන විට දරුවාට වාඩි වී සිටීමේ හැකියාව තිබීම ඉතාම වැදගත්. නිදා ගෙන සිටින ඉරියව්වෙන් ආහාර දීම සුදුසු නැහැ. එවිට අතරමග සිරවීමට පුලුවන්. ඒ නිසා දරුවා වාඩි කරවා ගෙන දෙනවා නම් ඔවුන්ට ඔබ වාඩි කලාට පසුව ටික වේලාවක් හෝ එම ඉරියව්වෙන් සිටීමේ හැකියාව තිබීම වැදගත්.

ආහාරය දෙසට දරුවා යොමු වීම

සාමාන්‍යයෙන් ආහාරයක් ලබා දෙන විට දරුවාට ඒ වෙතට කට දිගු කිරීමේ හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

ගිලීමට පුලුවන්ද…

මව්කිරි වැනි දයරයෙන් පෝෂණය වුන දරුවාට ආහාර ගිලීමේ හැකියාව තිබෙනවාදැයි දැන ගන්න. සමහර විට දරුවාට ආහාර ගිලින්නේ නැතුව නටේ තබා ගෙනම සිටින්න පුලුවනි. ඒ නිසා ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට ගිලීමේ හැකියාව තිබීමත් වැදගත්.

ආහාර ළං කරන විට කට ඇරීම

ආහාරයක් ලං කරන විට කට ඇරීමේ  හැකියාවත් දරුවාට තිබෙනවා නම් ඝන ආහාර පටන් ගැනීමට  හොඳම කාලයයි.

ඝන ආහාර පටන් ගන්නේ කොහොමද…

ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට එහි රසයක් ගැන තේරුමක් නැහැ. ඒ නිසා මුලින්ම දරුවාගේ තොලේ ටිකක් ආලේප කරන්න. එවිට ඔහු එයින් දැනෙන රසය දිව ඔස්සේ ග්‍රහණය කර ගන්නවා.ඊටපසුව ඝන ආහාරයට ක්‍රමයෙන් සම්බන්ධ වීමට පටන් ගන්නවා.

කුඩා කටවල් දෙන්න..

අම්මාට අවශ්‍ය වෙන්නේ දරුවාට නියමිත මාත්‍රාව කෙසේ හෝ ඔහුගේ කුසයට ඇතුලු කිරීමටයි. ඒ නිසා ඇය ලොකු ලොකු කටවල් හදා ගන්නේ ” අනේ කොහොම හරි මේ ටික කවා ගත්තොත්…යන බලාපොරොත්තුවෙන්. ඒ වුනත් දරුවාට ලොකු කටවල් කවන විට එය අප්‍රිය වීමට පුලුවන්. ඒ නිසා නිතරම කුඩා කටවල් කැවීම දරුවාට ප්‍රිය උපදවන දෙයක් වීමට පුලුවනි.

ආහාර රසය විවිධ කරන්න.

මුලින්ම පටන් ගන්නා බත් තලපය මතම රැදී නොසිට ක්‍රමයෙන් විවිධ රස දරුවාට එක් කරන්න. කාලය සමග දරුවා වැඩෙන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් මත මස්, මාලු, බටර්, පලා වර්ග එකතු කිරීමට පුලුවන්. එකාකාර රසයට වඩා දරුවා විවිධ රසයන්ට ප්‍රිය කරාවි.

සමහර ආහාර අපථ්‍ය වෙන්න පුලුවනි..

අපි පොතේ හැටියට පෝෂණය ගලපා ගත්තත් සමහර ආහාර වෙනුවෙන් දරුවා අප්‍රිය කිරීම විතරක් නොවෙයි, ඔහුට ඒවා ආසාත්මිකතාවයක් දැක්වීමටත් පුලුවනි. උදාහරණයක් විදිහට සමහර දරුවන් බිත්තරවලට ආසාත්මික වීමට පුලුවනි.ඝන ආහාර පිළියෙල කරන විට විවිධ ආහාර වර්ග එක් කරන නිසා එයිනුත් දරුවා ආසාත්මිකතාවයක් දක්වන ආහාරය වෙන් කර හදුනා ගැනීම ඉතාම වැදගත්.එතැනින් පසුව දරුවාට අසාත්මිකතාවය දක්වන ආහාරය එකතු නොකර සිටීමට පුලුවනි.

කුස පිරුනාම ප්‍රතික්ෂෙප කරාවි..

දරුවාට කුස පිරුන විට ඔහු තව දුරටත් දෙන ආහාරය ප්‍රතික්ෂෙප කරාවි.එවිට බලහත්කාරයෙන් දරුවාට කවන්න එපා. එය දරුවාට මානසික වධයක් වේවි. ඒ නිසා දරුවා තරයේම ප්‍රතික්ෂෙප කරනවා නම් එයින් ඔබ්බට ඔහුට වධයක් නොවන්න.

ආහාර කවන විට ඔබ දරුවා අසල සිටින්න…

දරුවාට ආහාර කවන අතරවාරයේ ඔබ වෙනත් කාර්යක නිරත වීම එතරම් සුදුසු නැත. දරුවන් අසලම රැඳී සිටීම තාම වැදගත්. සමහර විට ඔහු හැන්ද ඔබගෙන් ඉල්ලා ගෙන තනියම ආහාර ගැනීමට ඉල්ලා සිටින්නට පුලුවනි. එවිට ඒ වෙනුවෙනුත් ඉඩ දෙන්න. හැන්දටත් දරුවා හුරු වීම වැදගත්. ඒ වගේම දරුවා හුදෙකලා කර ඔබ එතැනින් අයින්ව ගියොත් විවිධ දේ ආහාරයට එක් කර ගැනීමට පුලුවනි. ආහාරය හලා දැමීමට පුලුවන්. ආහාරය දිගු වේලාවක් විවෘතව තබනවාට වඩා ටිකින් ටික බෙදා ගන්න. නිරාවරනය තබන විට ක්ෂුද්‍රජීවින් එක් වීමට වගේම ආහාරය සීතල වීමට පුලුවනි.එවිට ආහාරයේ ප්‍රියතාවය නැති වීමට පුලුවනි.

ඉවසීමත් වැදගත්

දරුවන්ට ආහාර කවන පොවන විට අම්මාගේ ඉවසීමත් වැදගත්.ඉවසීම නැතුව දරුවාට ආහාර ලබා දීම පහසු නැහැ. සැර වැරයෙනුත් මේ දේවල් කිරීම අපහසුයි වගේම ඒ තරම් සුදුසු නැහැ. ඇයි කිව්වොත් අපි දරුවා සෙනෙහසින් පෝෂණය කිරීම ඉතාම අවශ්‍ය නිසයි. අම්මලා විදිහට උයා පිහල කන්න දුන්නාම දරුවාග් රෙලිය ඉදිරියේ තරහත් යන එක ඇත්ත වුනත් අපි ඉතින් අම්මලානේ..ඒ නිසා ඉවසීමෙන් දරුවාගේ පෝෂණයට අවශ්‍ය විදිහට කවා පොවා ඇති දැඩි කර ගනිමු නේද.

කවි, ගීත ඇහුනොත් හිතට සැපයි

කවි, සින්දු ගැන අපේ අම්මලාට කරුණු කියා දීමට අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒ මොකද කිව්වොත් දරුවා උපන් දිනයේ පටන් ”දොයි දොයි දොයිය බබා “යන නැළවිලි ගීතය නොදැනීම අම්මාගේ මුවින් නික්මෙනවා. ඒත් දැන් දැන් නම් නැළවිලි ගීත ගයන අම්මලා බොහොම අඩුයි. නමුත් ගීතයකින් ඇති වෙන මානසික ප්‍රබෝධය පිලිබඳව ලියැවුන මෙම අධ්‍යනය කියවලා බැලුවොත් දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් ගීතයකට සවන් දීමෙන් ලැබෙන කාර්යක්ෂමතාවය මොන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සෑම් පර්ගසන් ” සහ නෙදර්ලන්තයේ ”රඩ්බවුන්ඩ් ” විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සයිමන් රිට්ටර් ” විසිනුයි.

මේ මහාචාර්යවරුන්ට අවශ්‍ය වුනේ ගීතයක් මගින් පුද්ගලයාගේ මානසිකත්වය කොතරම් වෙනස් කරන්නේද ගැන අධ්‍යනයකින් සනාථ කර ගැනීමටයි. මේ වෙනුවෙන් ගීත වර්ග තුනක් තෝරා ගත්තා. ප්‍රිතිමත් ගීත, දුක හිතෙන ගීත සහ හිත සන්සුන් කරන ගීත විදිහටයි. ගීත ශ්‍රවණය නොවන තැනකත් තවත්  පිරිසක් සිටියා. එයින් අනතුරුව මෙම පර්යේෂකයින් විසින් සියළු දෙනාටම එක් සිද්ධියක් මුල් කර ගෙන ඔවුන් විසින් ගනු ලබන තීරණය ගැන අදහස් සාකච්ඡා කලා. එහිදී පෙනී ගිය අන්දමට ප්‍රිතිමත් ගීත ශ්‍රවණය කළ පුද්ගලයින් අතරින් වඩාත් සාර්ථක ලෙස තීරණ ගැනීමේ හැකියාව තිබුන බැව් පැහැදිලිව පෙනී ගිය කරුණක්. මෙම සාර්ථක අධ්‍යනය ඔවුන් විසින් ” ප්ලස් වන් ” පර්යේෂන පත්‍රිකාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ එක් සිද්ධි අධ්‍යනයක්. නමුත් මිහිරි සංගීතය හෝ ප්‍රිතිමත් ගීත පුද්ගල සංවර්ධනයට මොන තරම් බලපාන්නේද ගැන දැන් අපිට යම් අදහසක් ඇති වේවා. ඔබටත් මේ ගැන යම් යම් සංකල්ප හිතේ ඇති. දැනටත් ඇතැම් ආයතනයන්හි මිහිරි ගීත සහ සංගීත ශ්‍රවණයට සලසා තිබනවා. එයින් ආයතනයට පැමිනෙන පාරිභෝගිකයන්ටත් වඩා ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසට වඩාත් හිතකාමී පරිසරයක් ගොඩ නැගෙනවා. වැඩ පරිසරය සමග ඔවුන් බොහොම හෙම්බත්ව සිටින විට මේ සංගීත මගින් ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසගේ විඩාවට යම් නිදහසක් ලැබෙනවා.

අපේ පවුලටත්  නරක නැහැ…

පවුලක් විදිහට හැම දෙනාගේම හිතේ සතුට ඉතාම වටිනවා. ඒ නිසා නිවසක රූපවාහිනිය නොබලන වේලාවටවත් ගීතයක් ඇහෙන්න ඉඩ සලසා දුන්නොත් වටිනා ප්‍රතිඵල ලැබෙන්න පුලුවනි. නිවසේ මුලුතැන්ගෙයටම සිරගතව සිටින අම්මාට වුනත් ප්‍රිතිමත් ගීතයක් ඇහෙන විට හිතට යම් නිදහසක් ඇති වෙනවා.ඊටත් රූපවාහිනියට වගේ ඇස් දල්වා ගෙන බලන්න වෙලාවක් යන්නෙත් නැහැ. වැඩ කරන අතරවාරයේම ගීතයක් ඇහෙනවා නම් කරන කාර්යයයේ තිබෙන බරත් සැහැල්ලු වෙනවා.

ගීතයෙන් මොන තරම් වෙනසක් කරන්න පුලුවන්ද..?

මේ එක්තරා සිදු වීමක්. මෙය සත්‍ය සිදුවීමක් විදිහට එක්තරා සම්මුඛ සාකච්ඡාවක සදහන් වුන සිදුවීමක්. එක්තරා මවක සහ දියණියක් අතර ඇති වුන බහින් බස් වීම කෙළවර වුනේ මව විසින් ඇගේ දියණියට කම්මුල හරහා වැරෙන් පහර දීමයි. මේ සිදුවීමෙන් පසු මව නගරයට ගියේ දියණිය නිවසේ හුදෙකලාව සිටියදී. හිතේ ආවේග පාලනය කර ගත නොහැකි දියණිය නිවසින් යෑමට තීරණය කලා. ඇයට යන්නේ කොතැනකටදැයි අරමුණක් තිබුනේ නැහැ. ඒත් හිතේ තරහ නිසා ඇය තමාගේ ඇදුම්ද බෑගයක දමා ගෙන බස් රථයට නැංගා. ටික දුරක් යද්දී බස් රථයේ තිබුන ගුවන් විදුලියෙන් ගීතයක් ඇසුනා.

ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා…අම්මා වට කර ලිප ගිනි ඇවිලෙනවා…මේ ගීතය ඇසෙත්ම ඇයට තමාගේ අම්මාගේ ගුණ හිතට නැගුනා. මෙතෙක් වේලා සිටි දැඩි තීරනයෙන් මිදුන ඇය නැවත නිවසට ගියා. එම සාකච්ඡාවේ සඳහන් කළ අන්දමට මේ දියණිය දැන් වෛද්‍යවරියක්. මේ සත්‍ය සිදුවීම මගින් අපට පෙනේනේ ගීතයෙන් පුද්ගලයෙකුගේ ජීවිතය මොන තරම් වෙනස් කිරීමට පුලුවන්ද යන්න ගැනයි.

දරුවන්ට ධනාත්ම ගීත ඇසෙන්න ඉඩ සලසන්න…

එක්තරා වයසකදී දරුවන් අවවාද රුස්සන්නේම නැහැ. එවන් ගැටෙන කාලපරිච්චේදයකදී ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීමට ගීතය වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා ඔබේ නිවසේ වුනත් දරුවන්ට ධනාත්මක ගීත ඇසෙන ඉඩ පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්.

ප්‍රිතිමත් ගීත නිසා මොලයේ සතුටු කලාපය උත්තේජනය වෙනවා..මොළයේ සතුටු කලාපය උත්තේජනය වීම ඉතාම වැදගත්. ඒ නිසා අපේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට පුලුවනි. වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම මෙතැනදී වලක්වා ගැනීමට පුලුවනි. අපේ මානසික සෞඛ්‍යය පිරිහීමට බොහෝ සේ බලපාන්නේ මේ වෙහෙසකර හෝර්මෝන  බව අපි දැන සිටියත් ඒවා මට්ටු කරන්නේ කොහොමදැයි දැන්නේ නැහැ. ඔන්න ඒ වෙනුවෙන් ඉතාම හොඳ විකල්පයක් දැන් ඔබේ වෙත තිබෙනවා. නිතරම ප්‍රිතිමත් ගීත හෙවත් ඔබේ හිතට සතුටක් දැනෙන ගීතවලට සවන් දෙන්න. ඔබේ මොළයේ සතුටු කලාපට උත්තේජනය වීමත් සමග ඔබ වගේම පවුලේ හැම දෙනාම ප්‍රිතිමත් පවුලක් බවට පත් වේවි.

Behavioral Health, Blog ඇසුරින්

පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී

අපිට සාමා‍න්‍ය රෝගාබාධයක් හැදුනාම බේත් හේත් ගැනීමට පවුලේ වෛද්‍යවරයෙක් සිටිනවා. ඒ වගේම අපි දැන් බොහෝ සේ උනන්දු වෙන්නේ බේත් මාත්‍රා‍ එක දෙකකින් රෝගාබාධ සුවපත් කරන වෛද්‍යවරුන් ‍ගැනයි. ඇතැම් අවස්ථාවලදී එසේ ඉතාම ඉක්මනින් සුලු සුලු රෝගාබාධ වෙනුවෙන් සුවය ලබා දෙන වෛද්‍යවරුන් සිටියත් අපි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී සලකා බලන නිර්ණායකයන් මොනවාද….? මහනුවර රාජ්‍ය ඔසුසල විසින් ජනතාව දැණුවත් කරන පත්‍රිකාවක දැක්වෙන පරිදි අපි වෛද්‍යවරයෙක් තෝරා ගන්නා විට යොමු විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

ලියාපදිංචි වෛද්‍යවරයෙක්ද….?

වෛද්‍යවරයෙක් කියන්නේ අපේ ජීවිතය ගැන වගකීමකින් කටයුතු කළ යුතු චරිතයක්.ඒ නිසා ඔහුගේ සුදුසුකම් අනුව වෛද්‍යවරයෙක් විදිහට මහජන සේවය වෙනුවෙන් වූ ලියාපදිංචිය ලබා තිබෙනවාදැයි සලකා බැලීම ඉතාම වැදගත්.එසේ නොමැතිව ආකර්ශණීය ආයතනයක ආකර්ශණීය පෙණුම තිබුනාටම අපිට ඔහු වෛද්‍යවරයෙක් විදිහට පිළිගැනීමට බැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී එම තැනැත්තා ලියාපදිංචි ලත් වෛද්‍යවරයෙක්දැයි විමසා බලන්න.

කාරුණිකද…?

වෛද්‍යවරයෙක් කියන්නේ ගාම්භීර වගේම කාර්ය බහුල චරිතයක්.ඒත් වෛද්‍යවරයාගේ කාරුණිකබව ඉතාම වැදගත් වෙනවා. සමහර වෛද්‍යවරුන් සමග කිසිම දෙයක් කතා බහ කිරීමටවත් අපහසුයි.ඒ තරමටම ඔවුන් රෝගියාට සමීප වෙන්නේ නැහැ. ඇත්තටම රෝගියෙකුට අවශ්‍ය වෙන්නේ කරුණාවයි. සමහර රෝගීන් මේ විදිහට කියනවා ඔබටත් ඇහිලා ඇති….”අනේ ඒ දොස්තර මහත්යාගේ කතාවත් ඇති…නිකම්ම ලෙඩ හොද වෙනවා…”ඒ අන්දමින් වෛද්‍යවරයාගේ  කාරුණිකවීමත් ඉතා වැදගත් නිර්නායකයක්.

ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවාද…..?

වෛද්‍යවරයා ඉතා හොඳ සවන් දෙන්නෙක් වීම අවශ්‍යම කරුණක්. සමහර වෛද්‍යවරුන් රෝගියාගේ ප්‍රශ්න දෙස බලන්නේ හිරිහැරයක් විදිහටයි. ඒ වුනත් රෝගියාට ප්‍රශ්න රාහියක් තිබෙනවා. ඔවුන් ඒ හැම දෙයක් වෙනුවෙන්ම පිලිතුරු බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයාගෙනුයි. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා ඔබට හොඳ සවන් දෙන්නෙක් වීම ඉතාම වැදගත්. ඒ නිසා  පවුලේ වෛද්‍යවරයෙක් විදිහට ගණුදෙණු කරන විට හොඳ සවන් දීමක් සමග ඔබට යමක් විමසා දැන ගත හැකි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේ නිදහස ඔබට තිබෙනවා.

වෛද්‍යවරයා  කලබලකාරී චරිතයක් නොවිය යුතුයි…

වෛද්‍යවරයාගෙන් සිදු වෙන සුලු පමාව වුනත් විශාල ගැටළුවකට මුල පුරන්න පුලුවනි. ඒ නිසා ඔහු ඉතාම සන්සුන් මනසකින් කටයුතු කිරීමේ ගුණාංගයෙන් සමන්විත වීම වැදගත්. ඇතැම් වෛද්‍යවරුන්ගේ අනවශ්‍ය අන්දමින් පවතින කලබලකාරී ගති ස්වභාවය නිසා රෝගීන් අපහසුතාවයට පත් වීමට පුලුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා අනවශ්‍ය කලබලකාරී චරිතයක් නොවීමත් ඉතාම වැදගත්.

රෝගය සහ සුවපත් වීමට අදාල කරුණු ගැන දැණුවත් කරනවාද…?

බොහෝ විට රෝගීන් තමාගේ රෝගය ගැන නොදැණුවත්කම නිසාම එය තව දුරටත් සංකුලතාවයන්ට පත් වීමට වගේම රෝග තත්වය තවත් නරක අතට හැරෙනන්ට පුලුවනි. ඒ නිසා නිතරම වෛද්‍යවරයෙකුගේ කාර්යය විය යුත්තේ රෝග තත්වය ගැන වගේම සුවය ලැබීමට රෝගියා හැසිරිය යුතු අන්දම සහ රෝගය සමග කටයුතු කරන ආකාරය ගැන දැණුවත් කිරීමයි. ඔබේ වෛද්‍යවරා වෙතත් මේ ගුණාංගය තිබෙනවා නම් ඇත්තටම ඔබට කිසිම අපහසුවක් නොමැතිව රෝග සමග ගණුදෙණු කිරීමට පුලුවනි.

අත්අකුරු පැහැදිලිද…?

සාමාන්‍යයෙන් කියවා ගැනීමට අපහසු අත්අකුරු අපි හදුන්වන්නේ “වෙද අකුරු” විදිහටයි. ඉස්සර කාලයේ වෙදමහත්වරුන් විසින් ලියන ලද බෙහෙත් සීට්ටු වල ඇති අකුරු කියවා ගැනීම ඉතාම අපහසු වුණා. අද මේ තත්වය බටහිර වෛද්‍යවරුන් අතරත් තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඖෂධවේදීන් බෙහෙත් වට්ටෝරු කියවා ගන්නේ ඉතාම අපහසුතාවයෙන්. ඒ නිසා ඔබට වෛද්‍යවරයාගෙන් බෙහෙත් වට්ටෝරුව පැහැදිලි අකුරෙන් ලියන ලෙස ඉල්ලා සිටින්න පුලුවනි. එසේ නොමැති වුනොත් ඇතැම් විට මෙය කියවන ඖෂධවේදියාටත් අපහසුතාවයක් ඇති වේවි.

මිළ

වෛද්‍යවරුන් අතර මිළ තරගයක් ගොඩ නැගී තිබෙන්නේ ජනප්‍රියතාවය සහ විශේෂයෙන් රෝගහඳුනා ගැනීමට තිබෙන හැකියාව අනුවයි. ඒ නිසා මිළ ගැන තීරණය කිරීමේදී අපට වඩාත් වැදගත් වෙන්නේ අඩු මිළ නොව රෝග හදුනා ගැනීම සහ ඒ වෙනුවෙන් වූ ප්‍රතිකාරයන්හි සාර්ථකත්වයයි.

ඔබ වෙනත්  විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම…

වෛද්‍යවරුන් අතරත් එක් එක් රෝග වෙනුවෙන් විහේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. සාමාන්‍ය රෝගයක් නම් අවස්ථාවකදී හෝ දෙකකදී බෙහෙත් ලබා ගෙන සුවය ලැබීමට පුලුවනි. ඒත් මේ අවස්ථාවන්වලින් කිසිම සුවයක් නොලැබෙනවා නම් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම හෝ එසේ දැණුම් දීම ඉතාම වැදගත්. මේ ගුණාංගයෙන් ඔබේ ද්‍යෛවරයා පොහොසත්දැයි ඔබටම තේරුම් ගැනීමට ඉඩ තියෙනවා.

හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට පුලුවන්ද…?

මේ අවස්ථාව නම් තිබීම ඉතාම වැදගත්. අපි බෙහෙත් ගැනීමට යන විට තිබුන තත්වයට වඩා හදිසියේවත් තත්වය වෙනස් වුනොත් ඒ ගැන උපදෙස් හෝ වැඩිදුර ප්‍රතිකාරයක් වෙත යොමු වීමට නම් අපේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබිය යුතුයි. අද බොහෝ වෛද්‍යවරුන් තමන්ගේ සේවා කාලයෙන් පසුව කිසිම විදිහකින් සම්බන්ධ කර ගැනීමට බැහැ. අඩුම වහයෙන් දුරකථනයකින්වත් තොරතුරක් දැන ගැනීමට නොහැකියි. ඒ නිසා නිතරම හදිසි අවස්ථාවකදී අවශ්‍ය තොරතුරක් දැන ගැනීමේ පහසුකම් ඇති වෛද්‍යවරයෙක් තෝරා ගැනීමත් ඉතාම සාර්ථක ක්‍රියාවක්.

ඔබේ දරුවටත් අනවශ්‍ය විදියට තරහ යනවාද ?

“කේන්තිය” සාමාන්‍ය මිනිස් ගතියකි. එය වයසින් වැඩුණු කෙනෙකුට පමණක් නොව කුඩා දරුවන්ට පවා පොදු ලක්ෂණයකි. බාහිරින් එල්ලවන තර්ජන නිසා විටෙක අප සිතේ කේන්තිය හට ගන්නා අතර තවත් විටක සිත තුලම ඇතිවන දුක, ඊර්ෂ්‍යාව, බය, වේදනාව, කලකිරීම, පිළිකුල වැනි හැඟීම් නිසාද කෝපය හටගැනීමට පුළුවන. වැඩිහිටියන් කෙසේ වුවත් කුඩා දරුවන්ගේ මනස තවමත් ස්වයංපාලනයෙන් තොර වීම නිසා මේ කුමන තත්ත්වයේ වුවද කෝප ගැනීම මෙන්ම අවට සිටින්නන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරීමද සිදුවිය හැක. එනිසා ඔවුන්ට සැබෑ තර්ජනයක් එල්ල නොවී අනිසි ලෙස කේන්ති ගන්නා අවස්ථාවලදී ඒවා හඳුනාගෙන තත්ත්වය පාලනයට දරුවට උදව් වීම දෙමව්පියන්ගේ යුතුකමකි.

සාමාන්‍යයෙන් අප යම් තර්ජනයකට ලක්ව කලබලයට පත්වූ විට නොඑසේනම් නොසන්සුන් වූ විට සිරුරේ නිපදවෙන ඇම්රිනලීන් හෝමෝනයෙන් සහ සිදුවන අනෙකුත් රසායනික විපර්යාස මගින් ස්වාභාවිකවම අප සටන් කිරීමට හෝ එරෙහිව නැගී සිටීමට පෙළඹේ. නමුත් කුඩා දරුවන්ට එම තත්ත්වය වැඩිහිටියන් මෙන් දරාගැනීමට ඇත්තේ අඩු හැකියාවකි.පෙර පාසල් යන වයසේ පසුවන දරුවෙකුගේ සිට මෙම තත්ත්වයන් දරාගැනීමට සමත්විය යුතු අතර එම හැකියාවැති දරුවන් තවදුරටත් අනුන්ට රිදවීමකින් තොරව ජිවත් වීමට ඉගෙන ගනියි. එසේ නමුත් පවුලේ තම සහෝදර සහෝදරියන් සමග රණ්ඩු වීම ගහ බැන ගැනීම් තවදුරටත් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ.

දරුවන්ට කේන්ති යාම වළක්වාගැනීම සඳහා සුදුසු උපායන් යෙදීම සම්බන්ධව දෙමව්පියන් ලෙස ඔබ වඩාත් සලකිලිමත් විය යුතුය. උදාහරණයක් තම ප්‍රියතම සෙල්ලම් බඩුවක් පවුලේ සහෝදරයෙකු විසින් කඩාදැමූ අවස්ථාවක දරුවාගේ අනෙක් සෙල්ලම් බඩුද පෙර කී සහෝදරයට ළඟා වීමට නොහැකි ස්ථානයක තැබීමට දරුවා උනන්දු කල යුතුය. සාමාන්‍යයෙන් දරුවන් ප්‍රකෝපකාරී අවස්ථාවන්වලදී අනෙක් පාර්ශවය පිලිබඳ සලකා තමා පමණක් නිවැරදිය යන ප්‍රාථමික අවස්ථාවෙන් මිදීමට කාලයත් සමග පුරුදු වෙයි. නමුත් මුල් අවස්ථාවල එවැනි ප්‍රශ්න නිරාකරණය සඳහා දෙමව්පියන්ගේ මැදිහත්වීම වඩා වැදගත් වෙයි. එලෙස ගැටළු නිරාකරණය සඳහා යොමුවිය යුත්තේ දරුවන් සන්සුන් වූ විට පමණක් බව සිහි තබා ගත යුතුය. මෙය වසර ගණනාවක් පුරා ටිකෙන් ටික මගපෙන්විය යුතු තත්ත්වයක් නිසා ඔබේ ඉවසිමද ඉතා කල්පනාකාරී විය යුතුය. දරුවාට තරහ පිට කිරීමට බාධා නොවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරදීම මුලින් සිදුවිය යුතුය. ඉන්පසු විය යුත්තේ කේන්ති ගැනීමට හේතු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීමයි. මේ හරහා තමන්ගේ කේන්තිය පාලනය කරගැනීමට දරුවන්ට සාර්ථක මග පෙන්වීමක් ලැබේ.

දරුවන්ට කේන්තිය ඇතිකරවන හැඟීම් අත්විඳීමට අවස්ථාව සැලසීම මෙහි එන තවත් වැදගත් කරුණකි. දරුවට ඇති දැඩි ආදරය නිසා බොහෝ විට දෙමව්පියන් දුක බිය ඊර්ෂ්‍යාව වැනි හැඟීම් අත්විඳීමට ඉඩ නොදී ඒවායින් ආරක්ෂා කරයි. එය දරුවන්ට කරන අසාධාරණයකි. වරක් එවැනි හැඟීමක් අත්විඳි පසු ඊළඟ වතාවේ එය දරුවන්ට අලුත් අත්දැකීමක් නොවී සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එනිසා දරුවන්ට කරන සැබෑ ආදරය ලෙස හඳුන්වන්නේ එවැනි හැඟීම් අත්දැකීමට ලැබෙන අවස්ථා අහුරා නොතැබීමයි. දෙමව්පියන් විසින් එය දිගින් දිගටම වැළක්වුවහොත් ඒ හරහා කේන්තිය පමණක් හඳුනාගන්නා දරුවා අවසානයේ ඊට බලපෑ හේතුව නිරාකරණය කරගත නොහැකි වැඩිහිටියෙකු බවට පත්විය හැක.

කෝපය පාලනය කිරීම සඳහා වැඩිහිටියන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වන දරුවන් හඳුනා ගැනීමද මෙහිදී අතිශය වැදගත් කාරණාවකි. නිතර කේන්තියෙන් පුපුරමින් කෑගසන, තම සහෝදර සහෝදරියන්ට හැර පිටස්තර පුද්ගලයන්ට පහර දෙන, බඩු මුට්ටු විනාශ කරන, පලිගැනීමට පුරුදු වුන, තමාට අනතුරු කර ගැනීමෙන් අනුන් බියපත් කරන, අවස්ථාවට අනුව හැඩ ගැසීමට තේරුමක් නැතිව නිතර ගැටළු ඇති කරන, තමා හෝ අන් අය පිළිබඳව නිතර කෝපයෙන් පසුවෙන සහ මිතුරන් නැති, තමාට බාල දරුවන්ට පහර දෙන, සතුන්ට හිංසා කරන, වැඩිහිටි අවවාද ප්‍රිය නොකරන දරුවන් වෙත ඒ අනුව දෙමව්පියන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුය.

කේන්තිය පාලනය සඳහා දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්විය යුතුය. එසේනම් එය කරන්නේ කෙසේද යන්න දැන් ඔබට ගැටළුවක් මතුවේවි. එය මෙසේ සිතන්න. මෙහි එන අතිශය වැදගත්ම කරණය වන්නේ අපට දරුවන්ගේ ක්‍රියාවන් පාලනය කළහැකි වුවත් ඔවුන්ගේ සිතුවිලි පාලනය කල නොහැකි බවයි. එහිදී කුඩා දරුවෙකු තම හැඟීම් ප්‍රකාශ නොකර සිතේ සිරකරගත්විට ඒවා සවිඤ්ඤානිකව පාලනය කරගැනීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහී යන අතර ඉන් පසු ඒවා බොහෝවිට හිතුවක්කාර ප්‍රතිචාර ලෙස පිටතට පැමිණේ. එනිසා තමන්ගේ ආවේගයන් සහ හැඟීම් සන්නිවේදනය කිරීමට දරුවාට නිදහස ලැබුණහොත් ඒවා බොහෝ විට පහර දීමකට නොයා වචන මගින් පිට කිරීමට දරුවා පෙළඹේ.

කෝපයට පත් දරුවෙකුට තනිව සන්සුන් විය නොහැකිය. කුඩා දරුවෙකුට දෙමව්පියන්ගේ ආදරය අවශ්‍ය වන්නේ ඔබ නොසිතන, තේරුම්ගැනීමට නොහැකි අවස්ථාවක විය හැක.කෝපයට පත් දරුවෙකුට දරාගත නොහැකි මට්ටමින් දරදඬු දඬුවම් යොදාගැනීම අනුවණ ක්‍රියාවකි. උදාහරණයක් ලෙස කෝපයට පත් දරුවෙකුට දඬුවම් ලෙස තනිව කාමරයකට දමා සිටින්නට ඉඩ සැලැස්වීම නොකලයුතුය. එවැනි අවස්ථාවක තමා තනි වූ බවක් දරුවාට දැනෙන්නට ඉඩ ඇති අතර එය ඔහු තුළ පවතින ගැටලුව තව තවත් වැඩි කරලීමට සමත් වෙයි. තමාට තමාගේ පවුලේ අය සිට බවත් සියල්ල තමන්ට ආදරය කරන බවත් හඳුනාගත් විට දරුවන් ස්වාභාවිකවම තමන්ගේ කේන්තිය පාලනය කරගැන්මට පෙළඹේ.

පෙර සාකච්ඡා කල පරිදි දරුවන්ට හැඟීම් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දීමේදී දෙමව්පියන් සැලකිලිමත්විය යුතුය. නිදහස ලෙස එහිදී අදහස් කරන්නේ ප්‍රකෝපකාරී විනාශකාරී ලෙස හැසිරීම නොවේ. දරුවා කොතරම් කලබල වුවද අන් අයට පහර දීම තම සිමාවෙන් එපිට හැසිරීමක් බව දරුවාට ඒත්තු ගැන්විය යුතුය.එලෙසම ප්‍රකෝපකාරී අවස්ථාවල කෝප වීම, හැඩීම සාමාන්‍ය දෙයක් සේ ඒත්තු යන සේ දරුවා සමග පිළිසඳරක යෙදිය හැක. දරුවාව ආදරයෙන් ස්පර්ශ කරමින් ඔබගේ ආදරයේ වෙනසක් නැති බව පැවසීම ඔවුන්ව යථා තත්ත්වයට පත්කළ හැකි පහසුම ක්‍රමය වේ. එවැනි අවස්ථාවක දරුවා දෙමව්පිය ඇසුර ප්‍රතික්ෂේප කලද ඔවුන් හැර නොයන බවට සපථ වීමෙන්, ලඟින්ම හෝ පෙනෙන මානයක රැඳීමෙන් තත්ත්වය ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත්කරගත් හැකිවේ.

සංගීතයට සවන් දීම, කොට්ටයකට පහර දීම, හුස්ම ගැනීමේ අභ්‍යාස, කේන්ති ගිය කාරණාව කොලයක ලියා එය ඉරා දැමීම, ගණන් කිරීමේ අභ්‍යාස ආදී සාමාන්‍ය ක්‍රම කිහිපයක් කෝපාවිෂ්ට වූ විට සිදු කරන්නට දරුවා දැනුවත් කිරීම තමන්ගේ කෝපය පාලනයට දරුවාට ලැබෙන හොඳ අවස්ථාවක් විය හැක. දරුවෙකු කේන්තියෙන් සිටින අවස්ථාවක තරවටු කිරීම ඔවුන්ගේ නොසන්සුන් බව දෙගුණ තෙගුණ කරයි. වඩා හොඳ දේ තමන්ට ලැබෙන්නේ සන්සුන් වූ විට පමණක්ය යන අවබෝධය ලබාදීම නොසන්සුන් අවස්ථාවක තරවටු කිරීමකට වඩා වටිනාකමින් ඉතා ඉහල වේ. දෙමව්පියන් ලෙස ඔබද ඉතා ඉක්මනින් කේන්ති ගන්න අයෙක්නම් දරුවා ඔබව ආදර්ශයට ගැනීම වැලැක්වීම ඉතා අපහසු කාර්යකි. සාමාන්‍යයෙන් දුක, වේදනාව, බය, කලකිරීම වැනි හැඟීම් එතරම් භයානක නොවන බව දරුවා අවබෝධ කරගන්නේ එවැනි හැඟීම් ඉදිරියේ දෙමව්පියන් දක්වන ප්‍රතිචාරවලට අනුවටය. ඔබ ඒවායින් කලබලයට පත් නොවන විට දරුවන්ද එය සාමාන්‍ය දෙයක් සේ සලකන්නට පටන් ගනියි.

හැඟීම්වලින් අපහසුතාවට පත් නොවන දරුවන් කෝපයද එලෙසම පාලනය කර ගනියි. සමහර දරුවන් වැඩිහිටියන් කෙරෙහි දක්වන වැරදි ප්‍රතිචාර නිසා තම නොසන්සුන් හැඟීම් සන්නිවේදනයට මැලි වෙයි. දරුවන්ගේ හැඟීම් එලෙස අවඥාවට, අවතක්සේරුවට හෝ පිළිකුලට ලක් කිරීම වැරදි ක්‍රියාවකි. මෙලෙස තම හැඟීම් සන්නිවේදනයට ඉඩක් නොලබන දරුවා එම පීඩනය පිටකර හරින්නේ තම සහෝදරයන්ට දරුණු ලෙස පහර දීමෙන් විය හැක. තත්ත්වය එතරම්ම දරුණු වන බව ඔබට වැටහුනහොත් දරුවා උපදේශනය හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ.

දරුවන් වයසින් වැඩෙත්ම කේන්තිය ඇතිවන මුල් අවස්ථාව හඳුනා ගැනීමට ඔවුනට උදව් කිරීමට දෙමව්පියන් උත්සහ ගත යුතුය. එවිට එය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට දරුවට අවස්ථාව ලැබෙයි. පළමුව ඔබ උපකාර කලයුතු අතර පසුව තමාවම හඳුනාගැනීමට දරුවා ක්‍රමයෙන් පුරුදු වේ.

කෝපය පාලනය කරගත නොහැකි දරුවෙකු යනු සරලවම දුක, වේදනාව, ඊර්ෂ්‍යාව, කලකිරීම වැනි හැඟීම්වලින් බියට හා කරදරයට පත්වූ දරුවෙකි. මෙහි එන මූලික ගැටලුව වන්නේ එකී හැඟීම්වලින් ආරක්ෂා වීම සඳහා එවැනි දරුවන් කෝපය මෙවලමක් කොටගෙන තිබීමයි. මෙවැනි දුර්වලතා චිකිත්සා මගින් මගහරවා ගත හැකි අතර දෙමව්පියන්ගේ නිරන්තර අවධානයද වැදගත් වේ. එලෙස කිසියම් අසාමාන්‍ය කේන්තියක් දරුවා තුළ දිගින් දිගටම පවතීනම් වෛද්‍යවරෙකු හෝ සුදුසු උපදේශන සේවාවක් වෙත යොමු කර එම උපදෙස් අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත් වේ.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ගර්භනී භාවයේදී ඇති වන අපහසුතා හා ඊට පිළියම්

ගැබිනි සමයේ කාන්තාවකට නොයෙකුත් අපහසුතා ඇති වන බව අපි කොතෙකුත් කතා කට ඇති. ගැබිනි මවක් ආහාර හා සම්බන්ධව වගේම ඉරියව් පිළිබඳවත් සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ගැබිනි සමයේ ඇතිවන බොහොමයක් සංකුලතා දරු ප්‍රසුතියත් එක්කම මග හැරී යාමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. අපි මේ ලිපියේදී පේෂී පද්ධතිය ආශ්‍රිතවත් ජනන මුත්‍රල පද්ධතිය ආශ්‍රිතවත් ගැබිනි මවකට ඇති විය හැකි අබාධ තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කරමු.

පේශී පද්ධතිය ආශ්‍රිතව ගැබිනි සමයේ ඇති විය හැකි ආබාධ

කොන්දේ වේදනාව – Back Pain :

backe-pain-in-pregnant-mother

ක්‍රමානුකූලව ඇති වන බර වැඩිවීමත් සමගම හා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීමෙන් දුර්වල උදර පේශී ඇදීමත් සමඟ මෙම කොන්දේ වේදනාව ඇති විය හැකිය

මෙම තත්ත්වය යම් ප්‍රමාණයකට මඟහරවා ගැනීම සඳහා,

  • ස්ථාපිත පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වීම
  • ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම පිළිබඳ සැමවිටම කල්පනාකාරී වීම
  • ඉඳ ගැනීම, හිට ගැනීම, වැතිරීම හා සාමාන්‍ය චලනයන් සිදු කිරීම
  • සැමවිටම පහසු ඉරියව් භාවිතය
  • හාන්සි වීමෙන් පසු කකුල යටින් කොට්ට තබා එසවීම

කෙණ්ඩා පෙරලීම :

මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ පාදයේ කෙණ්ඩා පේශියේය. රාත්‍රී කාලයේදී වැඩි විය හැකිය. මෙයද ගැබිනි මව්වරුන් අතර සුලබ තත්ත්ත්වයකි. මෙයට නිශ්චිතවම හේතුවක් කිව නොහැක. නමුත් පහත සඳහන් පහත සඳහන් තත්වයන්ගේ වෙනස් විඅ නිසා මෙය සිදු වන බව විශ්වාස කෙරේ.

  • විටමින් B හා කැල්සියම් අඩුවීම
  • රුධිරය නිසි ලෙස නොලැබීම
  • රුධිරයේ PH අගය වෙනස්වීම
  • විද්‍යුත් ශ්ලඨක (සෝඩියම් පොටසියම් වැනි අයන)

මෙම තත්ත්තවය මඟහැරවීමට නම්,

  • රාත්‍රියට නින්දට පෙර කකුල උණු ජල බඳුනක් තුළ දමා මෘදු ලෙස චලනය කිරීම
  • නිදන විට ඇඳේ පා දෙසින් 20cm-25cm එසවීම
  • වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය විටමින් B සංකීර්ණය හා කැල්සියම් නිසි අයුරින් ලබා ගැනීම
ලිංගික පද්ධතිය හා මුත්‍රල පද්ධතිය :

මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම :

මෙය පළමු වරට ඇති වන්නේ ගැබිනි සමයේ පළමු කාර්තුවේදිය. දිනෙන් දින ගර්භාෂය වැඩෙනවාත් සමගම  එමගින් මුත්‍රාශයට යෙදෙන පීඩනය මෙයට හේතුවයි. පළමු කාර්තුව අවසන් වීමත් සමගම ගර්භාෂය උදරයේ ඉහළට ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඉබේම මඟහැරේ. එසේ වුවද මෙම තත්ත්වය නැවත ඇතිවිය හැකිය. ඒ ප්‍රසුතිය ආසන්නයේදී දරුවාගේ හිස යෝනි කුහරය තුළට ඇතුළු වීම නිසාය. මේ කාලවලදී ගැබිනි මවකට මුත්‍රා ආසාධන වරින් වර ඇති විය හැකි අතර එය හඳුනා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

Leu Korrhoea :

ගැබිනි සමයේදී වේදනාවක්, කැසීමක් ඇති නොවී සුදු පැහැති යෝනි ශ්‍රාවයක් ශ්‍රාවය වීම මේ තත්ත්වයයි. පෞද්ගලික පවිත්‍රතාවය රැකගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් ඒ පිළිබඳව උපරිම අවධානය යොමු කිරීමත් මෙහිදී වැදගත් වේ. සාමාන්‍යයෙන් දිනකට 3-4 වතාවක් සාමාන්‍ය ජලයෙන් පිරිසිදු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකිය. එසේම,

  • කපු යට ඇඳුම් ඇදීම
  • තද යට ඇඳුම් නොඇඳීම
  • කැසීම, වේදනාව ඇත්නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම කල යුතුය.
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ දරුවාත් ඉවරයක් නැතිව TV බලනවද?

මාස නවයක් පුරාවට මව්කුස සිට මෙලොව එලිය දකින ඔබේ දරුවා දිනෙන් දින ගතවන කාලයත් සමග ශාරීරිකව මෙන්ම මානසිකව වැඩෙන්නට පටන් ගනියි. තමන් අවට වටපිටාවෙන් අසන්නට දකින්නට ලැබෙන දේ හරහා විවිධ දේ උගනියි. අත්දැකීම් ලබයි. මෙම කාලය දරුවෙකුගේ මානසික වර්ධනය නොඑසේනම් බුද්ධි වර්ධනය වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම බලපාන කාලසීමාවක් වන අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානයද නිරන්තරව ලැබිය යුතුය. බුද්ධි වර්ධනය යනු දරුවෙකුගේ මොළය නිසි ආකාරව ක්‍රියාකිරීමයි. එනම් දරුවාට දැනීම, කතා කිරීම, සිතීමේ හැකියාව, ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව, නව දැනුම සොයායාම සහ ඉගැනීම ආදිය වර්ධනයයි.

නමුත් වර්තමානය වනවිට බොහෝ මව්වරුන් දරුවන්ගේ මෙම බුද්ධි වර්ධනය සම්බන්ද වැඩි අවධානයක් යොමු කරන බව නොපෙනේ. හඬමින් සිටින දරුවන් වත්තම් කර ගැනීමට ඔවුන් වඩ වඩාත් රූපවාහිනිය වෙත යොමු කිරීම හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීම මෙයට ප්‍රධාන වශයෙන් හේතුවන අතර එය අද වනවිට සෑම නිවසකම පාහේ සුලබව දැකිය හැකි වැරදි පුරුදු අතරින් එකකි. වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග දරුවා නැලවෙන්නේත්, ආහාර ගන්නේත්, තනිය මකා ගන්නේත් රූපවාහිනිය හෝ වීඩියෝ පටයක් සමගය. දිනකට පැයකට හෝ දෙකකට වඩා රූපවාහිනිය අසල සිටින දරුවෙකුගේ ස්නායු සෛල වර්ධනය වීම අඩාළ වන අතර එවැනි දරුවෙකු දක්ෂ දරුවෙකු වීමට පවතින ඉඩකඩද සීමිත වේ. විශේෂයෙන්ම රූපවාහිනිය යනු ළමා මනස ආක්‍රමණය කරන මාධ්‍යක් වන අතර එය දරුවෙකුගේ බුද්ධි වර්ධනය අඩාල කරවන මෙවලමක් බවද මේ වනවිට පරීක්ෂණාත්මකව සනාථ වී ඇත.

සාමාන්‍යයෙන් මොලය සෑදී ඇත්තේ සියුම් අතු ඉති රාශියක් සහිත ස්නායු සෛල බිලියන ගණනාවකිනි. ඒවා අතර පරතරයක් ඇති අතර ස්නායු සෛල දෙකක් අතර ඇති මෙම පරතරයන් එනම් සන්ධි හරහා විදුලි ධාරා ගලායයි. ඒ අනුව සන්ධි ගණන වැඩි වනවිට ඒ හරහා ගමන් කරන පණිවුඩ හුවමාරුව වැඩි වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයද වර්ධනය වේ. සන්ධි සෑදීමට නම් ස්නායු සෛලවල අතු ඉති ලියලීම සිදුවිය යුතු අතර ඒ සඳහා ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරුව වැඩිවන විට ස්නායු සෛල උත්තේජනය වීමක් සිදුවිය යුතුය. එවිට ශීඝ්‍රයෙන් සන්ධි නිර්මාණය වන අතර ඒ මගින් දරුවෙකුගේ බුද්ධි වර්ධනයද වැඩිවීමක් සිදුවේ.

img 01

දරුවෙකුගේ බුද්ධි වර්ධනය සාමාන්‍යයෙන් මව් කුස තුලදීම ආරම්භවන අතර ඔවුන්ගේ ස්නායු සෛල උත්තේජනය වීමට නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පන්චේන්ද්‍රයන් නිසියාකාරව ක්‍රියාකරවීමට සැලැස්විය යුතුය. දරුවෙකු ඉපදීමෙන් අනතුරුව ඔවුන්ට ලබාදෙන උත්තේජන අනුව ඔවුන්ගේ ක්‍රියාරකම්වල වෙනසක් දක්නට ලැබීම සාමාන්‍ය කරුණකි. රූපවාහිනිය නැරඹීමේදී ක්‍රියාත්මක වන්නේ දරුවාගේ ඇසත් කණත් පමණක් බව අප අවධානයට ගත යුතුය. එසේම එයට පෙරළා ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවද දෙමව්පියන් මතකයේ තබා ගතයුතුය. රූපවාහිනිය යනු දැනුම් සම්භාරයක් ලබා ගතහැකි මාධ්‍යක් වුවත් අද බොහෝ දෙමව්පියන් දරුවන් සමග  හිඳ නරඹන්නට පුරුදුව සිටින්නේ අගක් මුලක් නොමැති පවුල් ප්‍රශ්න රැගත් මෙගා ටෙලිනාට්‍ය වීම මෙහි එන බරපතලම කාරණයයි.

වර්තමානය වනවිට රූපවාහිනියේ ප්‍රචාරය වන ළමා කාටුන් යැයි කියාගත් බහුතරයක පෙන්වන්නේද ඊර්ෂයාව, ප්‍රචණ්ඩත්වය, ක්‍රෝධය සහ තවකෙකු පරයා නැගීසිටීම වැනි සංකල්පයන්ය. ඔබේ දරුවන්ගේ මනස පෝෂණය වන්නේ එවැනි දෑ වලින්නම් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දරුවාගෙන් කිසි ලෙසක හෝ අපේක්ෂා නොකළ හැකි බවද දෙමව්පිය ඔබ මතක තබා ගත යුතුය. සාමාන්‍යයෙන් දරුවෙකු මත් පැන් සහ දුම්වටිවලට යොමුවීමට එලෙස රූපවාහිනියේ මවා පෙන්වන දෑ ඉවහල් වන බව සත්‍යකි. එනිසා දරුවා රූපවාහිනිය වෙත හුරු කරවීම වෙනුවට වෙනත් ප්‍රයෝජනවත් කාර්යක ඔහුව හෝ ඇයව යෙදවීමට දෙමව්පියන් උත්සහ ගැනීම වරදක් නැත.

children-at-kitchen

ඒ අනුව දරුවා පුර්ණකලිනව රූපවාහිනිය වෙත යොමු කරවීම හෝ ඈත්කරවීම වෙනුවට තෝරාගත් ප්‍රයෝජනවත් වැඩසටහන් පමණක් නැරඹීමට අවස්ථාව ලබා දිය හැකිය. රූපවාහිනිය නිවසේ සාලයේ තැබීමෙන් වලකින්න. ඔබේ දරුවාට නිවසේදී කල හැකි පුංචි පුංචි රාජකාරී කටයුතු පැවරීමද සිදුකළ හැක. උදහරණ ලෙස  අතු පතු ගෑම, උයන පිහන කටයුතුවලදී දරුවන් එක් කර ගැනීම වැනි ක්‍රියාකාරකම් පෙන්වාදිය හැක. ඔවුන් එම රාජකාරිය සියයට සියයක්ම නිවැරදිව නොකලත් ඔවුන්ව අගයමින් අඩුපාඩු පෙන්වා දෙන්න. මෙවැනි අමතර රාජකාරියක නියැලීම තුලින් දරුවන්ට ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනිය අමතකව යාමක් සිදුවේ. දරුවන් ආහාර ගන්නා විට රූපවාහිනිය ක්‍රියාත්මක කර දීම වෙනුවට පවුලේ සියලු දෙනා එක්ව ආහාර ගන්න. එමගින් පවුලේ අය අතර බැඳීම වර්ධනයටද තව තවත් අවස්ථාව උදාවේ. කතාන්දර පොත් කියවීම මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශ වලට දරුවා හුරු කරවීම මගින් මෙන්ම පරිසරයේ ගහ කොළ සතා සිවුපාවන් දෑසින් දැකීමටත් ශබ්දවලට සවන් දීමටත් අවස්ථාව සලසා දීම මගින් ඔබේ දරුවන් රූපවාහිනිය වෙත ඇබ්බැහි වීම වලක්වා ගත හැකි අතර ඔවුන්ගේ බුද්ධි වර්ධනය වැඩි කරගැනීමටද උදව්වක් කරගත හැකිය. දරුවන්ව සුරතල් කිරීම කතාන්දර කියාදීම මෙන්ම ඔවුන්ට ආදරය දැක්වීම මගින්ද දරුවන්ගේ රස වින්දනය සේම යමක් තාර්කිකව සිතීමේ හැකියාවද වර්ධනය වේ.

මෙවැනි සුළු ක්‍රියාකාරකම් තුලින් දරුවන්ගේ ස්නායු සෛල උත්තේජනය වන අතර ඒ හරහා ඔවුන්ගේ බුද්ධි වර්ධනය ශීඝ්‍රයෙන් වර්ධනය කරගත හැකිය. එනිසා ඔබේ වැඩි පහසුව වෙනුවෙන් දරුවා රූපවාහිනිය වෙත තල්ලු කරනවා වෙනුවට ඔවුන්ට වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමට කුඩා කල සිටම හොඳ පුරුදු වෙනුවෙන් යොමු කරවන්න. එය ඔබෙත් දරුවාගේත් හෙට දවස වඩාත් සුරක්ෂිත කරනවාට සැක නැත.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ගැබිනි සමයේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු අවම කරගනිමු

ගැබිනි සමය කාන්තාවකට යම් තාක් දුරට අපහසුතා ගෙන එන කාල සීමාවක්. එක් එක් කාන්තාවගෙන් කාන්තාවට මේ තත්ත්වයන් වෙනස් වුවත් බහුතරයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුය. පෙර ලිපියකදී ගැබිනි සමයේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන අපහසුතා පිළිබඳව අප සාකච්ජා කළ බව ඔබට මතක ඇති.මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නට බලා පොරොත්තු වන්නේ ගැබිනි මවකට ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි ගැටලු සම්බන්ධවයි.

ක්ලාන්තය – Faintishness

ප්‍රෝජෙස්ටෙරෝන් හෝමෝනයේ බලපෑමෙන් වාහිනී විස්තාරණය වීම නිසා සංසරණය වන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා මේ තත්ත්වය ඇති වේ.සංසරණය වන රුධිර ප්‍රමාණය වැඩි වීමත් සමග මෙම තත්ත්වය අඩු වේ. දිගු කාලයක් වාඩි වී සිටීම, හිටගෙන සිටීම, වැතිර සිටීමේදී මෙය දැනේ.ගර්භනීතාවයේ පසු කාලයේදී මෙම ක්ලාන්තය ඇති වන්නේ ගර්භාෂයේ පේශී මගින් අපරමහා ශිරාවට පීඩනය යෙදීමෙන් හෘදයට යන රුධිර ප්‍රමාණයේ වේගය අඩු වීම නිසාය. මෙහිදී උඩු අතට වැතිර සිටීමෙන් වැළකිය යුතුය.

නහර ගැට ගැසීම – Vericostis

ප්‍රොජෙස්ටෙරෝන් මගින් ශිරාවල සිනිඳු පේශී ඉහිල් වී රුධිරය සෙමින් සංසරණය වී නිසා විස්තාරණය වූ ශිරාවල ඇති කපාටවල කාර්යක්‍ෂමතාවය අඩු වේ. මෙම තත්ත්වය ඇති වන්නේ එවිටයි. පාදයේ, ගුදයේ (අර්ශස්) හා යෝනි ප්‍රදේශයේ දැකිය හැක. ගුදයේ ඇති වන මේ තත්ත්වය අර්ශස් ලෙස හඳුන්වයි.

මෙම තත්ත්වය අඩු කරගැනීමට,

  • කෙණ්ඩා පේශියට ව්‍යායාම ලබාදීම
  • පාදයේ ඇඟිලි ඉහළට එසවීම හා වළලුකර වක්‍රාකාරව කැරකීම
  • තද මේස් පැලදීම
  • මල බද්ධය වළක්වා ගැනීම
පාදවල ඉදිමුම – Oedema

img-001

ශිරා රුධිරය හා වසා වාහිනි තුළ වසා තරලය රැඳීම නිසා මෙම තත්ත්වය හා ගන්නා බව පැවසේ. රුධිරය හා තරලවල ඇති ආස්‍රැති පීඩනය වෙනස් වීම කේශ නාලිකාවල පාරගම්‍යතාවය වෙනස් වීම ද මෙයට හේතු විය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය සිද්ධියක් වුවද මවට අධික රුධිර පීඩනය (Hypertension) පවතින විටද ඇති විය හැකි තත්ත්වයකි. මේ නිසා රුධිර පීඩනය පරීක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.
පාදවල ඇති වන සාමාන්‍ය ඉදිමාව අඩු කරගැනීමට :

  • පාද ඔසවා තැබීම
  • මව වම්පස ස්ථාපිතයට හැරී නිදා ගැනීම
  • වාඩි වී සිටින විට පාද එල්ලා වැටෙන සේ නොසිටීම
සම මත වෙනස්කම්

img-002

සම මත කැසීම, උදරය මත ඉරි ඇති වීම (විලේඛ) ගැබිනි මවකගේ සම මත දැකිය හැකිය. ගර්භනීභාවයේ ඇති හෝමෝන සඳහා අක්මාව දක්වන ප්‍රතිචාරයක් ලෙස මේ තත්ත්වයන් ඇති වන බව සිතයි. එසේම රුධිරයේ පවතින බිලි රුබින් ප්‍රමාණය වැඩි වීමද සම මත කැසීම ඇති වීමට හේතු වන බව පැවසේ. මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත ප්‍රති හිස්ටමින ඖෂධ (Anti histamine) භාවිත කළ හැක.

නින්ද නොයෑම – Insomnia

භ්‍රාණ චලන, මුත්‍රා පිටවීම වැඩිවීම,  සුව පහසු ඉරියව්වක් සෙවීම අපහසු වීම ආදි කරුණු හේතුවෙන් ගැබිනි මවකට සුව පහසු සුපුරුදු නින්ද අහිමි විය හැකිය. එසේම දරු ප්‍රසූතිය පිළිබඳව ගැබිනි සමයේ ඇතිවෙන බිය හා කාංසාව නිසා ද සුව පහසු නින්ද මවකට අහිමි විය හැකිය. මෙම තත්ත්වය තරමක් දුරට මඟහරවා ගැනීමට නම්,

  • හවස් වරුවේ විවේක ගැනීම
  • නින්දට පෙර උණුසුම් පානයක්/උණුසුම් කිරි වීදුරුවක් පානය
  • පැත්තට හැරී වැතිරෙන විට උදරයට කොට්ට තැබීම
  • බිය හා කාංසාව මගහැරීමට ඒ පිළිබඳව දැනුවත් වීම හා කතා කිරීම
අත්ල හිරිවැටීම  – Carpel Tunel Syndrome

img-003

අත්ල හිරි වැටීම, ඉඳි කටුවකින් අනින ලෙස අතට හා ඇඟිලිවලට දැනීම, යමක් අල්ලන විට අතහැරීම ආදිය මෙම තත්ත්වයෙහි ඇති ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වය දැකිය හැක්කේ උදෑසනයි.  නමුත් දවසේ වෙනත් වේලාවන්වලදී වුවද ඇති විය හැක. තරලය එකතු වීමෙන් ඇතිවන ඉදිමුම හේතුවෙන් මධ්‍ය ස්නායුව (Median Nerve) තෙරපීමට ලක්වීම මෙයට හේතු වේ.

මේ තත්ත්වය අවම කර ගැනීමට :

  • අත කොට්ට දෙකක් තුනක් මත තබා ඔසවා තැබීම.
  • ලුණු සීමා කිරීම.
  • අත හිසට ඉහළින් ගෙන ඇඟිලි නැවීම වැනි වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුය.
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.