Home Blog Page 82

මානසික පීඩනයෙන් මිදී සතුටින් ජීවත් වන්නේ මෙහෙමයි

සතුටින් සිටින්න අපි හැම කෙනෙක්ම බොහොම කැමැතියි. ඒත් සතුට වුනත් අපිව සොයා ගෙන එන්නේ නැහැ. අපි සතුට සොයා ගෙන යා යුතුයි.”සතුටු වෙන එක ඉබේ සිද්ධ වෙන දෙයක් නොවෙයි, ඔබ ඒ සඳහා පුහුණු විය යුතුයි,” ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ලෝරී සැන්ටෝස් යේල් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ” “මනෝ විද්‍යාව සහ යහපත් දිවිය” ” නමැති පාඨ මාලාව එම විශ්වවිද්‍යාලයේ වසර 317ක ඉතිහාසයේ ඉතාම ජනප්‍රි වුනා. ඇය විසින් පවත්වන ලද මේ පාඪමාලාවට සිසු සිසුවියන් 1200 දෙනෙකු ලියාපදිංචි වූ ණා.

ඉතින් සතුට කියන්නේ විශ්ව සාධාරණ සිතුවිල්ලක්.අපි වුනත් වචනයට හෝ කියන්නේ සතුට තිබෙන්නේ හිතේ බවයි. සතුටින් සිටින්න නම් මානසික උත්සාහයක් අවශ්‍ය බව මේ මහාචාර්යවරියත් පෙන්වා දෙනවා. අනේ ඉතින් සතුටින් ඉන්නේ කොහොමද කියන සිතුවිල්ල ඔබට සිතේ ඇති වුනත් එය ඒ තරම් අපහසු දෙයක් නොවෙයි. නමුත් අපි සතුට සොයා ගෙන යා යුතුයි. දැන් අපි බලමු ලෝරි සැන්ටෝස් ගේ සතුට ලබා දෙන උපදෙස් ගැන…

  • ස්තුති කරන්න අවශ්‍ය පුද්ගලයන් ගැන ලේඛනයක් …...

අපිට දවස තුළ මොනම විදිහකින් හෝ උදව් කළ අය සිටින්න පුලුවනි. උදාහරණයක් විදිහට බස් රථයකදී ආසනයක් දුන් කෙනෙක් පවා අපිට කරන්නේ උදව්වක්. ඒ නිසා ඔබ දවස තුළ ඹබට කුමන හෝ විදිහකින් උදව් කළ අය ගැන ආවර්ජනය කරනන්. එවිට ඔබේ හිතට ඇති වෙන්නේ සතුටක්. නමුත් අද බොහෝ දෙනෙක්ගේ හිතේ යම් යම් අය ගැන අමනාපකම් පැසව පැසවා සිටීම නිසා හිතේ නිතරම තිබෙන්නේ නොමනාපයක් සහ ආවේගයන් පමණයි. ඔන්න අද පටන් ඔබට දවසේ ස්තුති කරන් න අවශ්‍ය අයගේ ලේඛනයක් ඔබ විසින්ම හිතින් පිලියෙල කර ගෙන එය ආවර්ජනය කරන්න.

  • පැය අටක නින්ද

නින්ද ගැන අපි ඒ තරම් සැලකීමක් නොකලත් නින්ද අපේ ජීවිතයට අවශ්‍යයි. දවල් වුනත් කෙටි නින්දක් ලැබීම මානසිකව යම් පිබිදීමකට හේතු වෙන බව දැන් විවිධ අධ්‍යනයයන් මගින් තහවුරුව තිබෙනවා.අද අපි අතර සමාජගතව තිබෙන තවත් මිථ්‍යාවකුත් තිබෙනවා. අපි හැමදෙනෙක්ම තමන්ගේ දවස බොහොම කාර්ය බහුල බව ප්‍රදර්ශනය කිරීමට කැමැතියි. ඒ නිසාම ඔවුන් තමන්ගේ වැඩ කටයුතු කල් තබා අවසාන කර ගන්නෙත් නැහැ. නිවාඩු දවසක වුනත් රාත්‍රි ආහාරය කලින් පිලියෙල කර ගෙන කා බී අවසාන කරන්න හැකියාව තිබුනත් ඔවුන් ඒ ගැන නොතකා සිටිනවා. ඒ නිසාම වේලාව නිකරුනේ ගෙවී යනවා. නමුත් අපි හැම දෙනකුටම පැය අටක නින්දක් අවශ්‍ය බැව් මේ මහාචාර්යවරිය සඳහන් කරනවා. ඉස්සර කාලයේ කාන්තාවන් වේලාසනින් තමන්ගේ වැඩ කටයුතු අවසාන කර ගෙන කලින් නින්දට ගියා. ඒ නිසා ඔවුන්ට උදෑසන අවදි වීම එතරම් ගැටළුවක් වුනෙත් නැහැ. ඒ වුනත් අද කාන්තාවන් මධ්‍යම රාත්‍රිය වෙන තෙක්ම විවිධ වැඩ කටයුතුවල නිරත වෙන නිසා ඔවුන්ට අළුයම පිබිදීමට තරම් හැකියාවක් නැහැ. ඒ නිසා සැපදායක නින්දත් ජීවිතයේ සතුට වෙනුවෙන් ඉතාම වැදගත්. වෛද්‍ය විද්‍යාත්මකව පවා වැඩි වේලාවක් නිදා ගැනීමෙන් විෂාදයෙන් (Depression) මිදෙන්න වගේ ම ධනාත්මක ආකල්ප වැඩි කර ගන්නත් පුළුවන් බව දැන් පිලිගත් සත්‍යක්.

  • භාවනාවක යෙදෙන්න.

භාවනාව කිව්වාම අපේ හිතේ ඇති වෙන්නේ ආගමික සංකල්පයක් වුනත් භාවනාවේ යෙදීමෙන් මානසිකව ඇති වෙන ඒකාග්‍රතාවය හිතේ සතුට වෙනුවෙන් හේතු වෙනවා. ලෝරී සැන්ටෝස් පවසන්නේ, තමන් අධ්‍යාපනය ලැබූ කාලයේ නිරන්තරයෙන් භාවනාවේ යෙදීම නිසා ඇයට වඩාත් පහසුවක් දැනුණු බවය.ඇය ලබා දෙන උපදෙස වන්නේ සෑම දිනක ම මිනිත්තු 10ක් භාවනාවේ යෙදෙන්න. එයින් ඔබේ හිත එකඟ කර ගැනීමට හැකි බවයි.ඒ වගේම භාවනාවේ යෙදීම සහ වෙනත් ක්‍රියාකාරකම් මගින් යම් කාර්යයක් සඳහා පූර්ණ අවධානය යොමු කළ හැකි ආකාරය ඇය සිය සිසු සිසුවියන්ට පෙන්වා දෙයි. එමගින් වඩාත් සතුටට පත් විය හැකි බව ඇය පවසයි.

  • මිතුරන් සහ පවුලේ අය සමග කාලය ගත කරන්න...

අද බොහෝ දෙනාගේ මිතුරන් බවට පත්ව සිටින්නේ සමාජ ජාලයේ මිතුරන් වුනත් ප්‍රියයන් සමග කාලය ගත කිරීම හෝ “සාර්ථක අන්තර් පුද්ගල සබඳතා සහ සමාජ සබඳතා” පවත්වාගෙන යාමෙන් යහපත් දිවි පෙවෙතක් වගේම සතුට උපයා ගැනීමට හැකියාව ලැබෙන බව ඇය පෙන්වා දෙනවා. මේ අධ්‍යනයටම සම්බන්ධ තවත් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙන්නෙත් සමාජාල වලින් දුරස්වීම විශාදය වැනි මානසික රෝගවලින් දුරස්ථව ජීවත්වීමට හේතු වෙන බවයි.පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ ‘‘මෙලිස්සා හරට් “ විසින් සිදු කරන ලද මේ අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ සමාජාල සමග සම්බන්ධතාවයන් වෙනුවෙන් සීමිත කාලයක් වෙන් කර ගෙන එය පාලනයකින් පවත්වා ගැනීම වඩාත් හිතකර බවයි. මහාචාර්ය ලෝරී සැන්ටෝස් පවසන්නේ, සමාජ මාධ්‍ය හරහා පවත්වන සබඳතාවලින් අපට ලැබෙන්නේ ව්‍යාජ සන්තෝෂයක් බවය. ඉන් ඈත් විය යුත්තේ ඒ හේතුවෙනි.

ඇගේ අධ්‍යනයට මානසික රෝගවලට ගොදුරුව සිටි පුද්ගලයින් 143 ක් දෙනා සම්බන්ධ කර ගත්තා. මේ රෝගීන්ට උපදෙස් ලබා දුන් පරිදි ස්නැප් චැට්, ෆේස් බුක්, සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙනුවෙන් එක් සමාජ ජාලයක් වෙනුවෙන් දිනකට විනාඩි 10 බැගින් සමස්ත විනාඩි 30 ක කාලයක් ලබා දුන්නා. සති තුනක් අවසානයේදී පෙනී ගියේ මේ රෝගීන්ගේ මානසික රෝග තත්වයේ සතුටුදායක ලෙසින් අඩු වෙන ප්‍රවනතාවයකට පත්ව තිබුන බවයි. ඇගේ පර්යේෂණ ප්‍රතිඵල මේ වෙන විට මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේ අනුව අපිට පෙනී යන්නේ සැබෑ සතුට රැඳී තිබෙන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් මත බවයි.

ඊවා ඔන්ටිවිරෝස් (බීබීසී ලෝක සේවය)

නොදන්නා සහ අනුන් කරන නිසාම සිදු වෙන ආහාර නාස්තිය

ඉස්සර කාලයේ අම්මලා දරුවන් බත් ඇටක් බිම දමනවා දුටුවොත් කතා බහ කරන්නේ එය පාපයක් විදිහටයි. ඔවුන් ඒ වෙනුවෙන් පසුබිම් සාධකත් පෙන්වා දුන්නා. වී වපුරපු තැන පටන් අපේ පිගානට බත් ටික එන තෙක් වූ කාර්යන් වෙනුවෙන් තමන්ගේ දහඩිය මහන්සිය කැප කරන පිරිස බොහොමයි. ඒ නිසා අපි ඔවුන්ගේ දහඩිය ගැන නොතකා ආහාර ඉවත දැමීම පාපයක් විදිහට සාධාරණීය කරනු ලැබුවා.

හයක් හතරක් නොතේරෙන පොඩි එකෙකුට වඩා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන යෞවනයන් අතරත් ආහාර නාස්ති කිරීමේ පුරුද්ද නොඅඩුවම දකින්න ලැබෙන බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මානව පෝෂණ අංශයේ පර්යේෂකයින් පිරිසක් විසින් මේ අධ්‍යනය සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් තෝරා ගත්තේ වයස අවුරුදු 18 සිට 24 අතර වයස් කාණ්ඩයේ සරසවි සිසුන් පිරිසක්. ඉතින් මේ තරම් බුද්ධිමත් පිරිසක් දුන්න පිලිතුරු නම් ඉතාම ලාමකයි.

ඉලිනොයිස් විහ්ව විද්‍යාලයේ කසල බඳුන් ඉවත දමන ආහාර වලින් පිරී ඉතිරෙන නිසා මේ විදිහට ආහාර අපතේ හරින්නේ ඇයිද යන ප්‍රශ්නය ශිෂ්‍යින් වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගෙන් ලද පිළිතුර ඇහුවොත් ඔබ විමතියට පත් වේවි…

  • ආහාර අපතේ දැමීම නුසුදුසු බව අපි දන්නේ නැහැ…
  • ඇයි ඉතින් හැම දෙනෙක්ම අපතේ දාන නිසා අපිත් ඒ විදිහට ඉවත දමනවා…

මේ කතාවේ සුල මුල කොහොම වුනත් තමන්ට අවශ්‍ය පමණට වඩා ආහාර බෙදා ගැනීමේ නරක පුරුදු ගැන අපිටත් ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. උත්සව අවස්ථාවකදී බොහෝ දෙනෙක් ආහාර බෙදා ගන්නේ වේල් හත් අටකට සෑහෙන විදිහට වුනත් ඔවුන්ට මේ ප්‍රමාණය ආහාරයට ගන්න අපහසුයි. ඒ නිසාම ඔවුන් බොහෝ සේ අපතේ දමනවා. ඔබට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගෙන තවත් උවමනා නම් නැවත බෙදා ගන්න පුලුවනි. ඒත් බොහෝ දෙනෙක් කියන්නේ ‘‘ අනේ ආයේ වතාවක් යන්න බැහැ…මං එකවරම බෙදා ගත්තා…ඒත් එකවර බෙදා ගත් ප්‍රමානය ආහාරයට ගැනීමට නොහැකිව ඉවත දැමීම ගැන නම් අපිත් ඔවුන්ට චෝදනා කළ යුතුමයි. ඒ ඇයි කිව්වොත් නිදහසේ තමන්ගේ අවශ්‍ය පමණට බෙදා ගැනීමට නිදහස තිබියදී මේ විදිහට අපතේ යැවීම ගැන නම් නිදහසට කරුණු නැහැ.

මුලින් කී මාතෘකාවට නැවත ගියොත් මේ අධ්‍යනය සිදු කරනු ලැබුවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ  උක්ත අධ්‍යනයේ ප්‍රධාණී Cassandra Nikolaus සඳහන් කරන්නේ වැඩිහිටි දරුවන්ගේ මෙම පුරුද්ද ඇමරිකා එක්සත් ජනපදයේ අනවශ්‍ය ලෙසින් ආහාර නාස්තියට බලපෑ ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි. මෙම අධ්‍යන වාර්තාවට සම්බන්ධව සම කර්තෘත්වය දරණ Ellison says. පෙන්වා දෙන්නේ මේ වැඩිහිටි ශිෂ්‍යයින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසගැනීමට තරම් දැනුවත්වීමක් ලබා නැති බවයි. තමන්ගේ වේලට අවශ්‍ය එළවලු, පළතුරු පංගුව ගැනවත් වැටහීමක් ඔවුන්ට නැති බැව් පර්යේෂකයින් විසින් හඳුනා ගත් තොරතුරු ලෙසින් ඉදිරිපත් කර තිබේ.

ඒ වගේම මේ පුරුදු කුඩා කාලයේ පටන්ම දරුවන්ට පුරුදු කිරීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් දරුවන්ගෙන් වගේම දෙමව්පියන්ගේත් දායකත්වය අවශ්‍ය වෙනවා. අම්මලා වුනත් දරුවන්ගේ කෑම පෙට්ටියට වැඩියෙන් ආහාර තැන්පත් කරන්නේ ‘‘ අනේ මදි වුනොත්…කියන අනුකම්පාවෙන්. ඒත් ඔබ දරුවා ගැන වගේම දරුවාගේ කුස ගැනත් අවබෝදයෙන් සිටින මවක් විය යුතුයි. සමහර අවස්ථාවලදී නම් ආහාර නැති කෙනෙුට බෙදා ගෙන කන්නත් යම් අතිරේක පංගුවක් එවන්නත් පුලවනි. ඒ නිසා ආහාර අපතේ නොයන විදිහට මේ සිදුවීම් ගලපා ගැනීමත් ඉතාම වැදගත්.

ඇතැම්  පාසල්වල ගුරුවරුන් ආහාර නාස්තියට වගේම දරුවා පාසට ගෙනෙන ආහාර පංගුව ඉවත දැමීමට දෙන්නේ නැහැ. ආහාර ගෙන කෑම පෙට්ටිය ගුරුතුමාට පෙන්වීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ නිසා ආහාර ඉවත දැමීමට අවසරයක් නැහැ. පුංචි පංතිවල පටන් මේ සිරිත වගා කෙරුනොත් ඔවුන් උස් මහත් වෙද්දී මේ පුරුදුත් ඔවුන් සමග වර්ධනය වෙනවා. ඒ නිසා පුංචි කාලයේ පටන්ම ආහාර නාස්තිය නොකල යුතුය යන්න ගැන දරුවන්ට පැහැදිලි කර දීම ඉතාම වැදගත්.

ඒ විතරක් නොවෙයි, සාමාන්‍ය ආපනශාලාවකින් ආහාර මිලට ගනින්දී වුනත් තමාට අවශ්‍ය වන්නේ එකක්ද එසේ නැත්නම් දෙකක්ද යන්නවත් හඳුනා ගැනීමට තරම් හැකියාවක් මේ පිරිසට නොමැති බැව් පෙනී ගොස් තිබේ. ඒ නිසාම ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කසල බැහැර කිරීමත් පාලනය කිරීමට අපහසු තරම් ගැටලුවක් බවට පත්ව තිබෙන බැව් ඔවුන් අධ්‍යනයෙන් හඳුනා ගත් තොරතුරු ලෙසින් දක්වා තිබෙනවා. ඔවුන්ගේ මෙම වාර්තාව Appetite [DOI: 10.1016/j.appet.2018.07.026] මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ACES NEWS.වෙබ් අඩවියේ Why are young adults wasting so much food? Study looks at perceptions and food behaviors

සිංහල අලුත් අවුරුද්ද

කොහාගේ ගී නාදයත් එරබදු මල් වියනත් සමග තවත් අලුත් වසරක් එළැඹෙන බවට වූ පනිවිඩය අපට ලැබෙනවා. එදා ගැමි ජීවිතයේදී ගස් , වැල් , මල් පලින් බරවීමත් ,අස්වනු නෙලා ගෙන අටු කොටු පුරවා ගැනීමත් සමග වූ සමෘද්ධියත් නිසා අලුත් අවුරුද්ද බොහොම ප්‍රිතිමත් වුනා. ඒ වගේම මහපොළව සමග හැපෙන ඔවුන්ට යම් හාරිරික විවේකයක් ලැබෙන මේ කාලයේදී මානසිකවත් අලුත් වීමටක මුල පුරන බක්මහ වසන්තය ඉතාමත් සතුටුදායක කාලයක් වුණා.

අවුරුද්දට පෙර සූදානම

අවුරුදු ලැබීමට පෙරාතුව තිබෙන පෙර සූදානම ඉතාමත්ම සුන්දරයි. ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම අද දවසේ නම් තීන්ත ආලේප කිරීම සහ සුද්ධ පවිත්‍ර කිරීමේ යුහුසුලුව නිසාම ඇති වෙන්නේ නවතම සුන්දරත්වයක්. තවත් පැත්තකින් තුන්සිය හැට පහක් දින ගෙවා එළැඹෙන මේ අලුත් අවුරුද්ද පිලිගැනීමට වූ සූදානමක් විදිහට නිවෙස් පිරිසිදු කිරීමට අනිවාර්යෙන්ම යොමු වෙන නිසා අපිරිසිදු බව නිසා අපේ සාමාන්‍ය ජීවිතයට විය හැකි රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබුණා.

අලුත් ඇදුම් ලැබෙනවා…

දැන් අම්මලා බොහොම උනන්දුවෙන් දරුවන්ට විතරක් නොවෙයි, ඔවුන්ගේ මව්පියන්ටත් , සහෝදරයන්ටත් වගේම සමීප ඥාතීන් වෙනුවෙනුත් ඇදුම් පැළදුම් මිලදී ගන්නවා. ඒ නිසා අන්තර් සමාජ සම්බන්ධතාවයන් නොදැනීම අලුත් වෙනවා. අනේ අපේ අම්මාට අලුත් ඇදුමක් අරගෙන දෙන්න ඕන කියන සිතුවිල්ල අපේ හිතේ තිබුනත් එය යථාර්ථයක් විදිහට ඉෂ්ට වේනනේ අලුත් අවුරුදු කාලයටයි. මේ කාලයේදී අපි බැඳී සිටින්නේ යුතුකම් සමග නිසා කර අරින්න වෙන්නේම නැහැ.පොඩි අයටත් අලුත් ඇඳුම් පැළඳුම් සහ තෑගි බෝග ලැබෙන නිසා අලුත් අවුරුදු කාලය මානසිකව බොහොම ප්‍රිතිමත් කාලයක්.

කැවිලි හදනවා…

තෙල් පැණි ඇත්නම්….කැවුම්ද පඤ්ඤං කිව්වත් ඇති නැති හැම දෙනෙක්ම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චිය ලිප තබනවා. කැවුම් ගැන බොහොම දෙනෙක් කොලස්ටරෝල් නිසා බියක් ඇති කර ගත්තත් කැවුම් ඉතා පෝෂණීය රසකැවිල්ලක්. හාල් සහ මුංඇට ප්‍රතිඔක්සිකාරක සහ පයිටොඊස්ට්‍රජන් රසායනයන්ගෙන් යුක්තයි.

කෝඳුරු කැවුම

මේ කාලයට කෝඳුරුවන් බහුලයි. මේ කුඩා සතුන් රෝග වාහකයන් නිසා අපේ පරිස්සමත් අවශ්‍යයි. ඒ නිසාමදෝ කෝඳුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන් කරනවා. එය වහලේ යටලීයේ එල්ලා තබනවා. දැන් කෝඳුරුවන් අපේ ඇස්වල නොවෙයි අර එල්ලා තිබෙන කැවුමේ ගිහින් වසනවා. ඒ නිසා ඇස් ලෙඩ වැනි සමිප්‍රේෂණ රෝග බෝවීමේ අවදානම නැති වෙනවා. මොන තරම් සූක්ෂම විදිහට කෝඳුරුවන්ගෙන් ආරක්ෂා වුනා නේද…?

අවුරුදු උදාවනොගතය හෙවත් සුර්යයා සංක්‍රාන්තියෙන් පසුව අවුරුදු උදාවේ මුල්ම සුබ කටයුත්ත ලිප ගිනි මෙලවීමයි. මේ වෙනුවෙන් වගකීම නිවසේ ගෘහණියට ලැබී තිබෙනවා. ඇය නැකැත් කරුවන් විසින් නියම කර තිබෙන වර්නයෙන් යුක්ත වස්ත්‍රෙයන් සැරසිලා අදාල දිශාව බලා ලිප ගිනි මොලවනවා. එයින් පසුව මුලින්ම පිස ගන්නේ කිරිබතක්. මේ කිරිබතට මුං, තල, උක්හකුරු, සහ කිතුල් හකුරු එකතු කර ගෙන පිස ගන්නවා.

ගණුදෙණු කිරීම සහ වැඩ ඇල්ලීම

ආහාර අනුභවයෙන් පසුව සිදු වෙන වැඩ ඇල්ලීමේදී  පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනවා. කාන්තාවන් ‘‘ වං මෝල් ඇල්ලීම ‘‘ කියන අන්මේ චාරිත්‍රයක් සිදු කරනවා. මෝල්ගස ගෙන වංගෙඩියේ යමක් කොටන චාරිත්‍රයක් වැඩ ඇල්ලීමේදී සිදු වෙනවා.ළිඳ සමග ගණුදෙණු කිරීමේදී කහ, දුරු, වී, සහල් බෙහෙත් බඩු, අගුරු කැට, තඹ කාසි, සහ සමන්පිච්ච මල් කීපයක් ළිදට දමා නැවුම් කළයකට දිය පුරවා ගන්නවා. මේ සිරිත සමග බැඳුන විද්‍යාත්මක සම්බන්ධතාවයකුත් තිබෙනවා. අගුරුවල ජලය පිරිසිදු කිරීමේ ගුණයක් තිබෙනවා. ඒ වගේම තඹ ජලය සමග සංයෝග වීමෙන් සිරුරට ගුණ ලැබෙනවා.

ආහාර අනුභවය

අපේ ලංකාවේ සතර කොනම හැම නිවසකම අවුරුදු සමරන උදවිය එකම වේලාවක් ආහාර ගන්නවා. අදාල නැකැත් වේලාවට කිරිබත් සහ කැවලි තබා ඇති මේසයේ පවුලේ පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර කැවීම සංකේතවත්ව සිදු කරනවා. සමහර ප්‍රෙද්ශවල කිරිබත වගේම හත් මාලුවක් පිලියෙල කරනවා. සාමුහිකව හැම දෙනාම එකම වේලාවක, එකම මේසයක වාඩිවී ආහාර ගැනීම අද සමාජවිද්‍යාඥයින් විසින් අගයන ක්‍රියාවක්. අපේ සිංහල ජන සංස්කෘතියේ මේ සිදුවීම අනාදිමත් කාලයක පටන්ම පැවැතුනා.

හිසතෙල් ගෑම

හිස මිනිස් සිරුරේ උතුම් බාගය සේ සැලකෙනවා. හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය, කෝවිල හෝ වෙදමහතෙක් වැනි ප්‍රභුවරයෙකුගේ නිවස මුල් කර ගෙන සිදු වෙනවා. හිස තෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනන්වා. තෙල් ගෑමේ ස්ථානයේ සුදු වියනක් බැඳ, බිමට පිරුවට දමා  ඒ මත පුටුවක් තබා තිබෙනවා. මේ වෙනුවෙන් ඇඳීමට වර්ණ හා දිහාවන් කල් තබා සකස් කර තිබෙනවා. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු වෙනවා. තෙල් නානු ආලේපයෙන් සිදු වෙන ස්නානයෙන් පසුව ඊළග නැකැත යෙදී තිබෙන්නේ රැකී රක්ෂාවන්ට පිටත්ව යෑම සඳහායි. එතැනින් පසුව නැවත සාමාන්‍ය ජනජීවිතයට අවතීරණය වීම සිදු වෙනවා.

සිංහල අලුත් අවුරුද්ද මුලුමනින්ම මානව සම්බන්ධතාවයන්ගේ බන්ධනය මත ගොඩ නැගී තිබෙනවා. හොඳ සිත් ඉදිරියට ගෙන යන, නොහොඳ සිත් හොඳ කරන සිංහල අලුත් අවුරුද්ද නිසා මානව සහජීවනයට විශාල ආලෝකයක් ලැබෙනු ඇත.

සිංහල අලුත් අවුරුද්දට කල් තබා සූදානම් වෙන්න

අපේ සාමාන්‍ය ජනවහරට අනුව නම් යම් දෙයක් වෙනුවෙන් අපේ පෙර සූදානම ඉතාම වැදගත්. කිසිම දෙයක් ආසන්න අවස්ථාවට එන තෙක් බලා සිටීම නුවණට හුරු නැහැ. ඊට හේතුව අන්තිම අවස්ථාවේදී අපි අපේක්ෂා නොකරන අන්දමේ විවිධ ගැටළු සහ කරදර ඇති වෙන්න පුලුවනි. ඒ නිසා හැම දෙයක් වෙනුවෙන්ම පෙර සූදානම ඉතාම වැදගත්. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුත් අපේ කල් තබාම සූදානම් වීම ඉතාම වැදගත්.

  • ඒ කොහොමද…තවකල් තියෙනවානේ..

කල් තියෙන බව ඇත්ත.කාලය ගෙවෙන්නේ අපිට උවමනා විදිහට නොවෙයි. ඊටත් අවුරුද්දක් කියන්නේ අපිට අහඹුවෙන් ඇති වෙන අවස්ථාවකුත් නොවෙයි. ඒ නිසා සිංහල අලුත් අවුරුදු සිරිත් ඔබ දන්නවා නම් ඒ වෙනුවෙන් සූදානම මේ වෙන විටත් පටන් ගෙන අවසාන විය යුතුයි.

මුලින්ම ඔබට අවශ්‍ය තෑගි බෝග තෝරා ගන්න. බොහොම දෙනක් මේ අවස්ථාවන් ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.තව කල් තියෙනවානේ…කියමින් හිත හදා ගන්නවා.

ඒත් අන්තිමට කටයුතු ගොඩයි. සේරම එකට එකතු වෙලා. දැන් හුස්ම ගන්නවත් වේලාවක් නැහැ කියන මැසවිල්ල නගන්න පටන් ගනන්වා. අනේ තවම අවුරුදුවලට අඳින්නවත් දෙයක් ගන්න ලැබුනේ නැහැ. පොඩි අයටවත් මුකුත්ම ගන්න බැරි වුණා.

ඒත් අපිට අවුරුදු වෙනුවෙන් අලුත් නොවී ඉන්න බැහැ. ඒ නිසා අවුරුදු මිලදී ගැනීම අන්තිම මොහොතේ පටන් ගන්නවා. ඒ වෙනවිට හොඳ ඇඳුම් සේරම අලෙවි වෙලා අවසානයි. අපිත් යන්නේ හදිසියේ බවත් මොනවා තිබුනත් දැන් මිළට ගන්න බවත් වෙළෙඳ ප්‍රජාවත් දන්නවා. ඒ නිසා මිළ වුනත් නොවටිනා විදිහට ගෙවන්න සිදු වෙනවා.

අවුරුදු කටේ තියලා ඇඳුම් මිළට ගත්තොත් ඒවායේ යම් වෙනසක් වුනොත් මාරු කරගනන්වත් බැහැ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජාතික මහෝත්සවයක් නිසා සතියක් විතර කාලයක් අවුරුදු සමරන කොට නැවත මේ ආයතන විවෘත වෙන්නේ ටිකක් දින ගෙවී ගියාමයි. ඒ නිසා ඔබට යම් වෙනසක් වුනොත් ඒවා මාරු කර ගන්නත් අවස්ථාවක් නැහැ.

  • අවුරුදු වෙනුවෙන් කැවිලි හදනවා නම්

ඔබ සමීපයේ ඒ වෙනුවෙන් සැලසුමක් තිබෙනවා. කැවුම් බදිනවා නම් තෙල්, පැණි… වෙනත් කැවිලි හදනවා නම් ඒ වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය තිබෙනවා. අන්තිම මොහොත වෙන තෙක් සිටින විට සමහර අවස්ථාවලදී මේවායේ මිළ ඉහළ යෑම්, අමුද්‍රව්‍ය හිගයක් වැනි නොහිතන සිදුවීම් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබේ සැලසුමට අනුව කැවිලි පිළියෙල කරන දේවල් වුනත් නිවසේ ගබඩා කර ගැනීමත් ඉතාම වැදගත්.

  • කෙසෙල්කැන් ඉදවන්න..

අවුරුදු මේසයට කෙසල්කැන් අනිවාර්යයි. ඒ වගේම කෙසෙල් බොහොම ගුණ පළතුරක්. නමුත් අද කෙසෙල් ඉදවීමට යොදා ගන්නා කාබයිට් නිසා කෙසෙල් ගැනත් තියෙන්නේ බියක්. ඒ නිසා නිවසේදීම කෙහෙල්කැන් ඉදවා ගන්නත් පුලුවනි. එදා මේ කෙසෙල්කැන් ඉදවීම බොහොම විනෝදයක් වුණා. ඒ වෙනුවෙන් දුම් ගැසීම පුංචි අයගේ කටයුත්තක්. එයින් විශාල විනෝදයකුත් ඔවුන්ට ලැබුණා.කෙසෙල්කැනේ ප්‍රමාණයට වලක් සකස් කරලා ඒ වලේ අඩියටම පිදුරු දානවා. දැන් කෙසෙල්කැන මේ වලට බහා එහි මතුපිටට කෝටු වලින් කොටු කොටු වැටෙන සේ කෙසෙල්කැනට පස් නොවැටෙන විදිහට තබනවා. දැන් මේ කෝටු මතට පස් දමන අතර මැදින් මුට්ටියක හිලක් සාදා එය වල මැදින් තබනවා. පිදුරු ආදිය දමා මේ මුට්ටියට දුම් පත්තු කරල ඒවා කෙසෙල්කැන ඇති වලට යන සේ පිඹිනවා. වලෙන් පිටට දුම් එන්නේ නැති විදිහට සකස් කරන්න ඕන. දුම් එන තැන් තිබෙනවා නම් ඒවා නැවත පස් දමමින් වසනවා. මේ විදිහට උදේ හවස දුම් පිඹලා කෙසෙල්කැන ගොඩ ගනිද්දී කහපාට වෙලා. එතැන් පටන් කෙසෙල් කැන ඉක්මනින්ම ඉදෙනවා.

  • සමහර යුතුකම් කලින්ම කිරීමටත් පුලුවන්..

අවුරුද්ද වුනත් අපිට කාලය සමග ගණුදෙණුව ඉතාම වැදගත්. ඒ නිසා පවුලෙන් දුරස්ව සිටින දරුවන්ට තමාගේ නිවසේ කටයුතු සමග දුර සිටින දෙමව්පියන් බැලීමට යෑමත් අනිවාරයෙන්ම සිදු විය යුතු වුනත් මේ යුතුකම නොදැනීම මග ඇරෙන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ මව්පියන් දැක බලාගෙන ඔවුන් වෙනුවෙන් අවුරුදු තෑගි බෝග ලබා දීමට දැන් කාලය තිබෙනවා. අවුරුදු අවසානයේදී ඇති තදබදය සම පාරට බහිනවාට වඩා මේ සතිඅන්තවල දෙමව්පියන් බැහැ දකින්න අවස්ථාවක් තබා ගැනීම වඩාත් අගෙයි.

සහතික තිබුනාට සම්මුඛ පරීක්ෂණ අසමත්… ඒ ඇයි?

උසස් පාසලකට ගියත්, උසස්ම විදිහට විභාග සමත් වුනත් ඇතැම් දරුවන් සම්මුඛ පරීක්ෂණවලදී ඉතාම අසාර්ථක බව බ්‍රිතාන්‍යෙය් වාණිජ මණ්ඩලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා. එරට පුද්ගලික සමාගම් ආශ්‍රය කර ගත් මෙම අධ්‍යනය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආයතනයන්හි රැකියා වෙනුවෙන් ඉදිරිපත් වුන අපේක්ෂකයින්ගෙන් 78% ක්ම සම්මුඛ පරීක්ෂණයන්හිදී බෙහෙවින් අසාර්ථක ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඉල්ලුම් කරන සුදුසුකම් උපරිමයටත් ඉහලින් සසපුරා තිබුනත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ මෙම තරුණ කණ්ඩායම් සතුටුදායක ප්‍රතිචාර නොදක්වන බව අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ ජෝන් ලෝන්ඩර්න් “ සඳහන් කරනවා. තරුණ වයසේ සිටින මෙම දරුවන්ට සම්මුඛ පරීක්ෂණයන් වෙත සාර්ථකව මුහුණ දීමට නොහැකි වීමට බලපාන හේතු කීපයක් ඇති අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ යොමු කිරීම බාලේ පටන්ම අවශ්‍ය බැව් අමතක නොකල යුතුයි.

දරුවන්ගේ හුදෙකලා ජීවිතය

ඉස්සර කාලයේ දරුවන් හැදුනේ වැඩුනේ ලොකු සමාගමකයි. අම්මා , තාත්තා වගේම නැන්දා , මාමා , පුංචි අම්මා, බාප්පා සමගයි. ඒ නිසා ඔවුන්ට ලොකු කණ්ඩායමක් සිටියා. ඒත් අද මේ පවුල විතැන් වෙලා. ඒ නිසා දරුවන්ගේ සාජයත් බොහොම සීමිතයි. ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ බොහොම සීමිත පිරිසක්. මේ හුදෙකලා මානසිකත්වය නිසා ඇති වෙන පෞරෂ දුර්වලතාවය සමාජයේ වෙනත් පිරිසක් ඉදිරියේද මුහුණ දීමට නොහැකි දුර්වලතාවයන් ගොඩ නගනවා.

 

සෙල්ලමක් ඇත්තේම නැහැ

පොතේපතේ වැඩකට කාලය ගෙවනවා මිසක සෙල්ලම ජීවිතයට අවශබ දෙයක් නොවේය කියන මග පෙන්වීම නිසා අද දරුවන්ගේ ජීවිත ඉතාම යාන්ත්‍රිකයි. පාසලෙන් අමතර පංතියට, අමතර පංතියෙන් නිවසට යන රටාව හැර වෙනත් රටාවක් ඇත්තේම නැහැ. නමුත් දරුවන් එලිමහනේ සෙලල්මේ යෙදෙන විට අදහස් ඉතාම හොදින් සන්නිවේදනය වෙනවා.එලිමහනේදී ඔවුන්ට කටේ හිරි ඇරලා කතා කරන්න පුලුවනි. නමුත් සිරවී ජීවත්වෙන දරුවාට ඒ හැකියාව නොමැති නිසා ඔවුන්ගේ සන්නිවේදන දුර්වලතාවයන් ඉතා පැහැදිලි විදිහට කැපී  පෙනෙනවා.

නිර්මානශීලී නැහැ

අද වගේ වෙවර්ණ සෙලල්ම්බඩු නොතිබුන යුගයක දරුවන් ඉතාම නිර්මානශීලි වුනා. ඔවුන් කාටුන් ලෝකයක අතරමං වුනේ නැහැ.පොල්පිත්තකින් ගොනෙක් කපා ගන්න,පැපොල් බටයකින් නලාවක් හදා ගන්න වගේ තැනට ඔබින විදිහට ඔවුන් සෙල්ලම් බඩු සාදා ගත්තා. අද බොහෝ කළමනාකරුවන් තමාගේ ආයතනයට සම්බන්ධ කර ග්නනා නවකයන්ගෙන් නිර්මාශීලීත්වයක් අපේක්ෂා කළත් ඔවුන් වෙතින් මේ හැකියාවන් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් තමන්ගේ ආයතනයේ තැනැක් ලබා දීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.කඩදාසියෙන් සුදුසුකම් පෙන්වා සිටියත් මේ තරුණ කණ්ඩායම් වෙතින් නිර්මානශීලී අදහස් පිලිඹිමු නොවන බව වාණිජ මණ්ඩලය පෙන්වා දනවා.

දරුවන් ස්වාධීන නැහැ

අපි අපේ දරුවන්ට උපරිම විදිහට සලකනවා යන සංකල්පයෙන් බොහොම දෙමව්පියන් තෘප්තිමත්. ඔවුන් කවා, පොවා පොත පතේ වැඩටත් මග පෙන්වලා දරුවන් ලොකු මහත් කරන බව හැබෑවක්. ඒත් මේ පිටුපසින් දිවෙන අහිතකර තත්වයක්ද තිබෙනවා. අම්මා , තාත්තා දරුවන් වෙනුවෙන් හැම දෙයක්ම ඉටු කිරීම නිසා දරුවන්ගේ පාර්ශවයෙන් ඔවුන් දුර්වලයින් බවට පත් වෙනවා.ස්වාදීනව කටයුතු කිරීමට නොහැකි නිසා මේ දුරවලතාවයන් සම්මුඛ පරීක්ෂන මණ්ඩල ඉදිරියේදී පැහැදිලිව පෙනෙන නිසා ඔවුන් තමන්ගේ ආයතනයට ගැලපෙන චරිත විදිහට සලකන්නේ නැහැ.මේ විදිහට දරුවාගේ චරිතයටම සම්බන්ධව තිබෙන විවිධ අඩු පාඩු මග හැරෙන විදිහට කටයුතු කළොත් අනාගතයේදී ඔවුන්ට තරගකාරී අවස්ථාවකදී කිසිම ගැටළුවක් නැතුව ඉදිරියෙන්ම සිටීම පහසුයි.

British Chambers of Commerce මගින් ප්‍රකාශයට පත් Tips For Interview Preparation ලිපිය ඇසුරිනි

මේ රස්නේ කාලේ තිබහ නිවන්න ඇඟට ගුණ දෙයක් බොමුද?

අව්ව වැස්ස මිනිසාගේ පැවැත්මට අවශ්‍ය පරිසර සාධක තත්වයක් වුනත් විටෙක මේ තත්වය නිසා ඇති වෙන පීඩාව බොහොම බලවත්. සෙබලෙක් පවා මේ උණුහුම් කාලගුණය නිසා මරණයට පත් වුන බව ඔබට මතක ඇති. එයින් දැඩි උණුහුම අපේ ජීවිතයට සිදු කරන බලපෑම ගැන අතුරු කතා තවත් අවශ්‍ය වෙන එකක් නැහැ.

රස්නයට බොහෝ දෙනා වතුරට වඩා වෙනත් පැණි බීම වර්ගවලට යොමු වෙනවා. පැණි බීම මේ වෙනුවෙන් එතරම් ගැලපෙන විකල්පයක් නොවෙයි. සිසිල් කරන ලද බීම ඊටත් වඩා අහිතකරයි. දරුවන් අතර පැණිබීමට තිබෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. බ්‍රිතාන්‍ය වැනි රටවල නම්  මිලිලීටර් 100ට සීනි ග්‍රෑම් පහකට වඩා අඩංගු පැණි බීම වෙනුවෙන් බද්දක් පැනවීමට පවා කටයුතු කර තිබෙනවා. අපේ නොදැණුවත්කම නිසා උණුහුමෙන් විපාක වින්දත් කිසිම අපහසුවක් නැතුව සහ අතමිටත් අමාරු නොවන විදිහට අපේ සිරුරට අවශ්‍ය ජලය සපයා ගන්න පුලුවනි.

රස්නය අපිට බලපාන්නේ කොහොමද…?

රස්නය නිසා අපේ සිරුරට දහඩිය දමන විට සිරුරට අවශ්‍ය ජලය නොලැබෙන නිසා ඇති වෙන ප්‍රතිඵල අපි නොදැනීම අපේ ජීවිතයට බලපානවා. රුධිරය මගින් සෛලවලට අවශ්‍ය පෝෂණ පදාර්ථ සහ ඔක්සිජන් සපයන අතර ඒ වෙනුවෙන් සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය අවශ්‍ය වෙනවා.

රස්නය වෙනුවෙන් යුෂ

පිපාසය දැනෙන විට ජලය පානය කිරීමට අපි පුරුදුව සිටියත් සිරුර විජලනය හෙවත් අවශ්‍ය පරිදි ජලය පවත්වා ගැනීමට කැරට් ඉතාම යෝග්‍යයි.  කැරට් විටමින් ‘ ඒ ‘ බහුල එළවලුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ( සිරුරේ විෂ සංයෝග උරා ගැනීමේ හැකියාව ) ගුණය මගින් සිරුරට අවශ්‍ය ජලය පමණක් නොව හමේ පැහැය ඉතා පහසුවෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පෝෂණවේදීන් සදහන් කරනවා.

තක්කාලි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පළතුරක්. හමේ වර්ණය වගේම හිරු එලියෙන් ඇති වෙන හම රැළි වැටීම වලක්වා ගැනීමට තක්කාලි සතුව තිබෙන හැකියාව අපි ඉවත දැමිය යුතු නැහැ.

දෙහි යුෂ ගැන අපි දන්නේ හොද්දට, සම්බෝලයට සහ සලාදයට ඇඹුල් එක් කරන කාර්යය ගැන පමණයි. එහෙමත් නැත්නම් උදරාබාධයට, අජීර්ණ අවස්තාවන්ට දෙහි යුෂ පානයෙන් ලැබෙන වාසිය බොහොමයි. නමුත් දෙහිවල අඩංගු විටමින් ‘‘ සී “ මගින් සමේ කොලැජන් ගොඩ නගන අතර තරුණ පෙනුම රැක ගැනීමට විශාල පිටුවහලක් සපයනවා.

දෙහි කුලයේම කොටස්කාරයෙක් විදිහට සැලකෙන දොඩම් පානයෙන්ද ලැබෙන ගුණය එසේ මෙසේ නැහැ. සිරුරට අවශ්‍ය දියර ගතිය විතරක් නොවයි, එක් දොඩම් වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ විෂ සංයෝග දුරු කරන අතර සමේ පැහැපත් බවත් ආරක්ෂාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.

පිපිඤ්ඤා කී සැනම දියර එළවළුවක් පිලිබඳ සටහනක් අපේ හිතේ ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය පරිදි ජලය ලබා දෙන අතරම සමේ දිලිසෙන ගතියත් ආරක්ෂා වෙනවා.

දෙළුම් යුෂ බොහොම මිහිරි පානයක් රුව රකින්නට සමත් දෙළුම් යුෂ මගින් රුධිරය පිරිසිදු කරන අතර සමේ දීප්තිය ඇති කරනවා.

මිදි යුෂවලත් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහලයි. තුවාල වියලීම සහ වයස්ගත වෙන විට ඇති වෙන සමේ රැලි ගතිය සහ අවර්ණවත් බවට එරෙහිව සිරුර සූදානම් කිරීමේ හැකියාවෙන් යුක්තයි.

නිවසේ පොල් ගෙඩිය බිඳලා වතුර  ටික අහකට දමනන් එපා. පොල් වතුරත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ඒ වතුර ඔබට ලබා දෙන ප්‍රයෝජන වචනයෙන් විස්තර කරන්න බැහැ.

කොමඩු යුෂ බොහොම ප්‍රණීතයි. සීනි නැතුව වුනත් පානය කිරීමට තරම් මිහිරි රසයකින් යුක්තයි. තදින් පිපාසය දැනෙන වේලාවක කොමඩු ආහාරයට  ගත්තොත් ඔබට එයින් දැනෙන සහනය අත්දැකීමෙන්ම දැනගන්න  පුලුවනි. චීනයේ දැඩි උණුහුම් කාලයට පුංචි දරුවන්ට කොමඩු ගෙඩිය ඇඳුමක  හැඩයට කපා අන්දවා තබනවා. එයින් දරුවා විජලනයෙන් ආරක්ෂාව ලබනවා.

ඒ නිසා මේ පායනා කලයේදී ඔබේ දරුවාගේ පිපාසයට ගුණ ලබා දෙන බොහෝ යුෂ වර්ග නිවසේදීම පිළියෙල කර ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. වෙරළු වුනත් සිහින්ව සූරා ගෙන යුෂ ලෙස දරුවාට වගේම වැඩිහිටියන්ටත් පානයට අපහසුවක් නැහැ.

styles at life ඇසුරෙන්

ගස් කොලන් එක්ක ඉන්න දරුවන්ගේ අනාගතයේ පැහැබර බව ඔබ දන සිටියාද?

පුංචි කාලයේ පටන් ගහ කොළ සතා සිව්පාවා සමග බොහොම සමීප සම්බන්ධතාවයක් දරුවන්ට තිබෙනවා නම් එයින් ලොකුම වාසියක් ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙන අලුත්ම අදහසක්. අතීතයේ අම්මලාට නම් මේ වගේ ආරංචි ගැන කිසිම අමුත්තක් නැහැ. ඊට හේතුව ඔවුන් තමන්ගේ දුවා දරුවන් හදා වඩා ගත්තේ පරිසරයත් සමග බොහොම ලොකු සම්බන්ධතාවයකින් ඒ වගේම බැඳීමකින්. නමුත් අපි ගෝලීයකරණය වීමත් සමග පරිසරයෙන් නොදැනීම ඈත් වෙන්න පටන් ගත්තා. ඒ වුනත් මේ ඈත්වීම පැවැතුනේ දශක දෙක තුනක් වැනි ඉතාම පුංචි කාල සීමාවක පමණයි. දැන් අලුත්ම අධ්‍යනයන් මගින් මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ සිදු කර ගෙන සොයා ගත් අලුත් අදහස් දැන් අපේ අම්මලාත් දැන ගැනීමට කැමැත්තෙන් ඇති නේද…?මේ අධ්‍යයනය සිදු කරනු ලැබුවේ ඩෙන්මාර්ක්වල ආර්හස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. මේ අධ්‍යයනයේ ප්‍රධානී විදිහට ජීවන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටි (Kristine Engemann) එන්ජිමන්  කටයුතු කරනු ලැබුවා.

ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී පෙනී ගියේ බාල කාලයේදී කොළ පැහැයට වැඩි කැමැත්තක් දක්වන දරුවන්ගේ අනාගතය ඉතාම යහපත් බවයි. මේ ගැන වැඩි අවධානයක් දැක්වීම අවශ්‍ය නිසාම මේ පිරිස විසින් ඔවුන්ගේ නියැදියත් විශාල පරාසයක් දක්වා වැඩි කරනු ලැබුවා.

කොහොම වුනත් ඩෙන්මාර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට මේ අන්දමේ පර්යේෂනයක් වෙනුවෙන් අවදානය යොමු වීමටත් බලපාන ලද හේතු කීපයක් තිබුණා. අපේ රටේ වගේම ඩෙන්මාර්කයේත් විශාල විදිහට ජනතාව ගම්බද සිට නගර දක්වා සංක්‍රමනය වීමට පටන් ගත්තා.  1985 වසරේ පටන් මේ ශීඝ්‍රතාවය වැඩි වීමත් සමග තවත් පැත්තකින් මේ නාගරික ප්‍රදේශවල වෙසෙන පිරිස් අතර මානසික සංකුලතාවයන් වැඩි විමේ ප්‍රවනතායකුත් පැහැදිලිවම දැක ගන්න ලැබුනා.

එහිදී පැහැදිලිවම පෙනී ගියේ  මේ අතරින් ඔවුන්ගේ වයස අවුරුදු දහයක් වැනි බාල කාලය ගස්වැල් මල්පල බරින් පිරුන පරිසරයක ගත කළ පිරිස තුළ මානසික සංකුලතාවයන් ගැන ඒ තරම් ගැටලු සහගත තත්වයක් දකින්න ලැබුනේ නැහැ. නමුත්  මේ විදිහට සංක්‍රමනය වුන දෙමව්පියන්ගේ දරුවන් මුලුමනින්ම කාලය ගත කළේ කොන්ක්‍රිට් වනාන්තරවල කිව්වත් වරදක් නැහැ.

මේ අධ්‍යයනය මගින් පර්යේෂකයන් විසින් අවධාරනයෙන්ම සඳහන් කරන්නේ දරුවන්ගේ ලෝකය ගස්, වැල්, මල් පලතුරු සමග ගෙවෙනවා නම් එය ඔවුන්ගේ මානසිකත්වයට වඩාත් හොඳ බලපෑමක් ලබා දෙන බවයි. නමුත් අද බොහෝ දෙමව්පියන් විසින් මේ ගැන ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන්ගේ බාල කාලය බොහොම සුන්දර වටපිටාවක ගෙවුනත් ඒ අත්දැකීම තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන්නේ මේ වාසිය ගැන තවම නොදන්නා නිසා වෙන්න පුලුවනි.

එහෙමනම් තමන්ගේ අපුරු වූත්, ස්වබාවික හරිත වටපිටාවට වඩා නගරයේ කොන්ක්‍රිට් වනාන්තර සැපයි, සුබයි කියලා හිතනවා නම් දරුවන්ගේ නාමයට දැන් ඒ මානසිකත්වයෙන් ඔබ මිදෙන්න කාලය ඇවිත්. හැකි තරම් දරුවන්ට හරිත වටපිටාවක ජීවත් වෙන්න ඔබේ උදව් ලබා දෙන්න. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කොළ පැහැයෙන් මල පහ පිටවෙන විට කිව්වේ  ගස් කොලන් දකිද්දී ඒ විදිහට සිද්ධ වෙන බවයි. මේ කතාවෙන් තේරුම් යන්නෙත් දරුවන් පරිසරයට මොන තරම් ප්‍රතිචාරයක් දක්වනවා කියන අදහසම නොවේද…?

HealthDay News හි  හි පළ වූ Living near green space lowers risk for children to develop mental disorders ලිපිය ඇසුරිනි

ඔබේ දරුවාට ගිලීමේ අපහසුවක් ඇති බව ඔබ නිරීක්ෂණය කළාද?

දරුවන්ගේ ආහාර ගැනීමේ රටාවන් දරුවාගෙන් දරුවාට වෙනස් වන බව ඔබ දන්නා කරුණක්. ඒත් ආහාර ගැනීම ඔබේ දරුවාට අපහසුවක් ගෙන දෙන තත්ත්වයක් නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වනු ඇත. මන්ද ඇතැම් දරුවෙක් එවැනි තත්ත්වයන් මත අහාර ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ ඇති බැවිනි. මේ ලිපිය හරහා අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඇතිවිය හැකි ගිලීමේ අපහසුතා සහ ඒවාට කළ යුතු වන්නේ කුමක්ද යන පිළිබඳවයි.

ගිලීමේ අපහසුතාවය (dysphagia difficult in swallowing) ලෙස හඳුන්වන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට අන්තශ්‍රෝතය හරහා අමාශයට ගමන් කර යැවීමේ නොහැකියාවයි. මෙය රෝග තත්ත්වයක් නොවන අතර රෝග ලක්‍ෂණයක් ලෙස හ්න්දින්විය හැකියි. මේ තත්ත්වය ආකාර 02 ක් යටතේ සාකච්ජා කල හැකියි.

  • මුඛයේ ඇති වන ගිලීමේ අපහසුව (Oral dysphagia)

ආහාර ගැනීම සඳහා මුඛය, තොල් හා දිව භාවිතයට අති අපහසුතාවය

  • ග්‍රසනිකාවේ ඇති වන ගිලීමේ අපහසුව (Pharyngeal dysphagia) ගිලීමේදී උගුරේ ඇති වන ගැටලුවකි.

ඉහත තත්ත්වයන් ඇති වීමට හේතූ 2 ක් බලපායි.

  • මුඛය, උගුර හෝ අන්තශ්‍රෝතයේ ව්‍යුහමය ගැටලු
  • කිරි උරාබීමට, ගිලීමට භාවිත වන පේශීයක හෝ ස්නායුවක දුර්වලතාවයක් හෝ ඊට අනතුරක් වීම

ගිලීමේ අපහසුව ඇති කරන තත්ත්ව

  • විදිලිත තොල හා තල්ල (cleft palate & cleft)

තොල දෙකට බෙදීම හා උඩු තල්ලෙහි දිගු අතට ආලියක් (Canal)  ඇති වීම. ජාන බලපෑම නිසා ආරයට ඇති විය හැකි තත්ත්වයකි.

  • දත්වල පවතින ගැටලු

මෙහිදී ආහාර දත්වල හොඳින් නොගැටීම හේතු වේ.

  • විශාල වූ දිව
  • ස්නායු හා පේශී සමග බැදුණු රෝග තත්ත්ව

අර්බුද (tumor), ස්නායු අනතුරු, මොළයට සිදුවන අනතුරු, පේශී ක්‍ෂය වීම එනම් මෙහිදී ආඝාතය (Paralysis) තත්ත්වයක් හෝ දිව, උගුර හා අන්තශෝත්‍රයේ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මස්තිෂ්ක වාහිනී අනතුරු (Cerebral Vascular Accidental Stroke)

  • විශාල වූ සෙම් ගෙඩි (Tonsillitis)
  • උගුරෙහි ඇති වන අර්බුද (ගෙඩි)
  • මවගේ ගර්භාෂය තුළදී වර්ධනය සිදුවන විට ඇති වන හිස් කබලේ අස්ථි හා උගුර හෝ මුඛයේ ව්‍යුහයේ ඇති වන ගැටලු. (Cranial facial anomalies)
  • කලල අවදියේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යතා

Tracheo Oesophageal Fistala – TOF)

ස්වසන මාර්ගය සහ අන්තශෝත්‍රය අතර අසාමානව සම්බන්ධතාවයක් ඇති වීම

Oesphageal Atreshia

අන්තශෝත්‍රයේ ඉහළ කොටසට අන්තශෝත්‍රයේ පහළ කොටස හා ආමාශය සමඟ සම්බන්ධ නොවීමයි. අන්තශෝත්‍රය අතර මඟ සිහින් වීම.

  • දිගු කලක් කෘතිම ස්වසන යන්ත්‍රයකට (Ventilation) සවිකර ඇති විට මුඛයේ සංවේදී බව නැති වීම
  • දිගු කලක් කෘතීම ස්වසන යන්ත්‍රයකට සවිකර තැබීමෙන් ස්වර තන්ත්‍රවල ඇති වන උද්දීපතාවය
  • නොමේරූ (Premature) හෝ ආසාධ්‍ය දරුවන් (Critically ill babies)
  • ස්වර තන්ත්‍ර අඝාතයට පත්වීම
  • ස්වාසනාල ද්වාරණය (Tracheostomy) කර තිබීම
  • ආමාශයේ ඇති ද්‍රව්‍ය උගුරට පැමිණීම නිසා උගුරේ ඇති වන උද්දීප්‍යතාවය හෝ එහිදී තුවාල වීම නිසා (ආම්ලිකතාවය නිසා) ඇති වන කැලල් මගින් (GERN-Gasto Espohgeal Reflun Deisease)
  • ශරීර කොටසක් මගින් අන්තශෝත්‍රයට පීඩනයක් යෙදීම

උදා: හෘදය විශාල වීම, පෙනහලු විශාල වීම, තයිරොයිඞ් ග්‍රන්ථිය විශාල වීම, රුධිර වාහිනී, වසාගැටිති ඉදිමීම

  • ගිලුනු නාසයක් වැනි ආගන්තුක දේහයක් මගින්
  • සංවර්ධන අවස්ථා ප්‍රමාද වූ දරුවන්

උදා: නොමේරූ දරුවන්

ප්‍රතිකාර/පිළියම්

මෙම තත්ත්වය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ දරුවාට උත්ස්වසනය (පිට උගුරේ යාම) සිදුවිය හැකි නිසාය. මෙහිදී ආහාර හෝ දියර පෙනහලු තුළට යාමෙන් නියුමෝනියාව වැනි දරුණු පෙනහලු ආබාධ ඇති විය හැක. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර තීරණය වන්නේ දරුවාට ඇති ගැටලුවෙහි තීව්‍රතාවය මතය. සමහර තත්ත්ව ශල්‍යකර්ම මගින් නිවැරදි කළ හැක.

උදා: විදිලිත තල්ල, Tracheo Oesphageal Fistula, Oesphageal Atreshia

ගිලීමේ අපහසුතාවය මඟහැරවීමට නම්

  • සෙමින් ආහාර ගැනීමට දරුවාට උපදෙස් දීම
  • විශාල ආහාර වේල් වෙනුවට නිතර කුඩා ආහාර වේල් ලබාදීම
  • මධ්‍යස්ථ සිට තීව්‍ර තත්ත්වයක ගිලීමේ අපහසුවක් ඇති නම් දියර ආහාර හෝ මෘදු ආහාර ලබාදෙන්න
  • ඇලෙන සුලු ආහාර උදා: ජෑම්, බටර් වැනි ආහාර ලබා නොදෙන්න.
  • ගිලීමේ පහසුවට ආහාර කුඩා කැබලිවලට කඩා ලබාදෙන්න.
  • බත් වැනි ධාන්‍ය වර්ග හොඳින් අඹරා මව්කිරි සමග මිශ්‍ර කර බෝතලයක් හරහා ලබාදීම
  • කිරි බෝතල්වල සුප්පුවේ සිදුරේ විශාලත්වය නොසාදන්න. මෙවිට කිරි පිට උගුරේ යාම ඇති විය හැක.
  • දරුවාට ලබාදිය යුතු ආහාර වුවද මාස 4 ක් පමණ යනතුරු ලබා නොදීම. ඔවුන්ගේ නිසි වයස එනතුරු ගිලීමට නොහැකි වීම මීට හේතුවයි.
  • කථන චිකිත්සක (Speech therapist) හෝ වෘත්තීය චිකිත්සක (Occupational therapist) මගින් ක්‍රියාකාරකම් හා ව්‍යායාම් කරවීම, එමඟින්

■     තොල්, දිව, කම්මුල් හා හනුවේ පේශීවල සම්බන්ධීකරණය ශක්තිමත්භාවය, චලන පරාසය වර්ධනය වීම

■     ආහාර හා තරලවලට ඇති සංවේදී බව අඩු කිරීම

  • දරුවාට භාවිත කරන සූප්පු, බෝතල් හෝ වෙනත් උපකරණ වෙනස් කිරීම
  • බීමට ගන්නා දියරවල උකු ගතිය අඩු කිරීම
  • GERN ලක්‍ෂණ දරුවාට ඇත්නම්

■     රාත්‍රී ආහාරය නින්දට අවම පැය 3 පෙර ගැනීම හා කෑමෙන් පසු පැය ½ පමණ වාඩි කර තිබීම

■     ප්‍රති ආම්ලික ඖෂධ මගින් ආමාශයේ අම්ලය නිෂ්පාදනය අඩු කරයි.

■     ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධති තුළින් වේගයෙන් පහළට යාමට උදව් වේ

 ගිලීමේ අපහසුතා ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ

  • සෙමින් ආහාර ගැනීම
  • මුඛයේ ඇති ආහාර වාර කිහිපයකදී ගිලීම
  • ඉරීම හා ගිලීම සම්බන්ධීකරණයට නොහැකි වීම
  • කිරි බීමේ හෝ ආහාර ගැනීමේදී වරින් වර එන ඔක්කාරය (උගුරට ඇඟිල්ලෙන අනින විට ඇති වන ඔක්කාර – gagging)
  • ආහාර ගැනීමෙන් හෝ පානයකින් පසුව පපුවේ සිරවෙන ස්වභාවය
  • පිට පැත්තට (හිස සිට දෙසට) නැවීම හා ඇඟ තද කිරීම
  • ආහාර ගන්නා විට කැස්ස ඇති වීම හෝ සිරවීම
  • නිතර ස්වසන ආසාධන
  • නිතර වමනය හෝ කෙල ගැසීම
  • මුඛයේ ආහාර හෝ තරලය කට දෙපැත්තෙන් පෙරීම
  • ආහාර, දියර ගන්නා විය නාසයෙන් පැමිණීම
  • ආහාර ගන්නා විට එක ආකාරයකට සිටීමට නොහැකි වීම, නොසන්සුන් වීම
  • බර අඩුවීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

ෆයිබ්‍රොයිඩ් ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

අද වන විට බොහෝ කාන්තාවන් අතර මෙම තත්ත්වය අහන්නට ලැබෙනවා. මොනවද මේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ,

එය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. සමහර අවස්ථා වලදී මේවා ඉතා විශාල වන අතර තීව්‍ර උදර වේදනාවක් හා ආර්තවයේදී අධික රුධිර වහනයක්ද සිදු වේ. නමුත් සමහර කාන්තාවන්ට කිසිම ලක්‍ෂණයක් නොපෙන්වයි. ජීවිත කාලය පුරාම වුවද පවතින මේවා අහිංසක එනම් පිළිකා නොවන අර්බුද ගණයට වැටේ. මේවා එකක් හෝ කිහිපයක් තිබිය හැක. බොහෝ ඒවා ගර්භනීතාවයේදී පෙනීමට පටන් ගන්නා අතර දරුවා බිහිවීමෙන් පසු ගර්භාෂය සාමාන්‍ය තත්ත්වයට පත්වන විට හැකිලී යයි. මේවා සිනිඳු පේශී හා තන්තු සම්බන්ධක පටක මගින් සෑදෙන අතර කාන්තාවන්ගෙන් 70% – 80% ජීවිත කාලය පුරාම වර්ධනය වේ.

මෙම ෆයිබ්‍රොයිඩ් ඇති වන ස්ථාන අනුව වර්ග 3 ක් ලෙස දැක්විය හැකිය.

  • Intramural Fibroid – ගර්භාෂයේ පේශීමය බිත්තිය තුළ ඇති වේ.
  • Sub Mucosal Fibroid- ගර්භාෂය තුළට නෙරා පවතී
  • Sub serosal Fibroid – ගර්භාෂයෙන් පිටතට නෙරා පවතී

ෆයිබ්‍රොයිඩ් ඇති වන්නේ කුම හේතු නිසාද?

මෙම තත්ත්වයට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් නොදන්නා නමුත් පර්යේෂණ හා සාධනික අත්දැකීම් මත පහත කරුණු දැක්විය හැක.

ජානවල ඇති වන වෙනස්කම්

මවට හෝ සහෝදරියකට මෙම අර්බුද (Tumor/ගෙඩි) ඇති වී ඇත්නම් තමාට ඇති වීමේ අවධානමක් ඇත. (කාන්තාවන්ට පමණි) මෙහිදී සාමාන්‍ය ගර්භාෂයක පේශී සෛලවලට වඩා මෙම ගර්භාෂ තුළ පේශී සෛලවල වෙනස්කම් පවතී.

හෝමෝන

 ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් සාමාන්‍ය ආර්තව චක්‍රයකදී ගර්භාෂයේ ඇතුළත ස්ථරය වර්ධනය කර ගර්භනීතාවයකට සූදානම් කරයි. බොහෝ අර්බුද ගර්භනීභාවයේදී පෙනීමට පටන් ගන්නේද හෝමෝන මට්ටම අධික නිසාය. ගර්භනීභාවයෙන් පසුව හෝමෝන මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වන නිසා නොපෙනී යයි. මෙම අර්බුද (Tumor/ගෙඩි) තුළ ඊස්ට්‍රජන් හා ප්‍රෙජෙස්ටෙරෝන් ප්‍රතිග්‍රාහක සාමාන්‍ය ගර්භාෂයක ඇති පේශී සෛලවලට වඩා වැඩිය. හෝමෝන අඩුවීම සමග ආර්තවාභාවයේදී හැකිලී යයි.

 ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

ආර්තවයේදී ඇති වන අධික රුධිර වහනය

  • සතියකට වඩා ආර්තවය පැවතීම
  • ශ්‍රෝනි කුහරය තුළ ඇති වන පීඩනය හෝ වේදනාව
  • නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම
  • මුත්‍රාශය හිස් කිරීමේ අපහසුව
  • මල බද්ධය
  • පාදවල හා කෝන්දේ වේදනාව

කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගතයුතු අවස්ථා

  • ශ්‍රෝනි කුහරය (උකුල තුළ) ඇති වන නොනවතින වේදනාවක් පවතින විට
  • රුධිරය අධික ලෙස වහනය වීම,  එය දිගු කලක් පැවතීම හා අක්‍රමවත් ආර්තව චක්‍රයය.
  • ආර්තව චක්‍ර 2 ක් අතර රුධිර වහනය
  • මුත්‍රාශය හිස් කිරීමේ නොහැකියාව

ෆයිබ්‍රොයිඩ් ඇති වීම සඳහා ඇති අවධානම් සාධක 

  • ආරය (මවට හෝ සහෝදරියකට පැවතියේ නම් ඒ පවුලේ කාන්තාවන්ට අවදානමක් පවතී)
  • ජාතිය (කළු ජාතික කාන්තාවන් තුළ තරුණ කාලයේදීම මෙම අර්බුද (Tumor/ගෙඩි) බහුලය)
  • පාරිසරික සාධක
  • ආර්තවය කලින් ආරම්භ වීම
  • උපත් පාලන ක්‍රම
  • තරබාරු බව
  • විටමින් D ඌනතාවය
  • රතු මස් වැඩිපුර කොළ පැහැති එළවළු පළතුරු අඩුවෙන් ගැනීම
  • ඇල්කොහොල් භාවිතය (Beer පවා)

ගර්භනීභාවය හා ෆයිබ්‍රොයිඩ්

 සාමාන්‍ය ගර්භනීභාවය සඳහා මේවා බාධාවක් නොවේ. නමුත් ගර්භාෂය තුළට නෙරා පවතින (Sub mucosal fibroids) මගින් වඳ භාවය හෝ ගර්භනීතාවය නැති වීම සිදු විය හැක. එසේම එවැනි තත්ත්වයකදී ගබ්සා වීමේ අවදානමද වැඩිය. මෙමගින්,

  • වැදැමහ/අපරාව (Placenta) දරුවා බිහිවීමට පෙර ගැලවීම
  • භ්‍රාණයාගේ වර්ධනය ඇණ හිටීම
  • නොමේරූ දරු උපත් ඇති වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

 ෆයිබ්‍රොයිඩ් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • උදරය හා ශ්‍රෝනි පරීක්‍ෂණවලදී තද, අක්‍රමවත් ශ්‍රෝනි ස්කංධයක් (ගෙඩියක්) ලෙස අතට දැනේ.
  • Transvaginal Scan – යෝනී මාර්ගයහරහා සිදුකරන scan පරීක්‍ෂාවයි.
  • MRI Scan පරීක්ෂණය
  • Hysteroscopy – කැමරාවක් සහිත උපකරණයක් මගින් පියවී ඇසට සක්‍රීයව ගර්භාෂය නිරීක්‍ෂණය කිරීම
  • Saline Sonohysterogram- යෝනි මාර්ගය තුළින් Saline ඇතුළු කර එමගින් ගර්භාෂය විස්තාරණය කිරීමෙන් හඳුනාගැනීම

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර

 අඩු මාත්‍රාවක් සහිත උපත් පාලන පෙති ලබාදේ. මෙහිදී ඊස්ට්‍රජන් ශ්‍රාවය (ඩිම්බ කෝෂවලින්) නවත්වයි. මාස 3 ක කාලයක් ලබාදී අඩු ඊස්ට්‍රජන් මට්ටමක් පවත්වා ගනී.

ශල්‍ය ප්‍රතිකාර

 Hysterectomy – ගර්භාෂය හා Fibroid යන දෙකම ඉවත් කරයි

Myomectomy – ගර්භාෂය තුළ ඇති Fibroid පමණක් ඉවත් කරයි.

Uterine Artery Embolization (UAE) – polyvinyl alcohol කැතීටරයක් හරහා ධමනිවලට එන්නත් කර ඒවා Fibroid වලට ලැබීමට සලස්වයි. එවිට එමගින් රුධිර සැපයුම අවහිර වී හැකිලී/මිය යයි.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වයේ බොහෝ අවස්ථා පිළිකා නොවන අතර අධික රුධිර වහනය නිසා නීරක්තිය ඇති වීමේ අවධානමක් ඇති විය හැකිය. එම නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ වේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම වඩාත් සුදුසු බව සිහිතබා ගන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

ඔබේ පුංචි පැටියටත් මෙන්න මේ විදියට තෙල් සම්භාහනයක් කළොත් නරකද?

තෙල්වලින් දරුවා සම්භාහනය කිරීම දරුවන්ගේ වර්ධනයට ඵලදායී වන බව ඔබ අසා ඇති. එසේම මෙවැනි තෙල් සම්භාහනයක් මගින් මව හා දරුවා අතර බැඳීම ද වර්ධනය වේ. දරුවාගේ විවිධ සංවේදන ක්‍රියාකාරී වීම මෙහිදී සිදුවන තවත් එක් වැදගත් දෙයකි.  ඇල්ලීම (Touch), අතගෑම යන සංවේදනය මුලින්ම වර්ධනය වන්නේ මව්කුස තුලදීය. එය වැඩිපුර සංවර්ධනය වන්නේ උපතේදී වන අතර එමගින් අයිතිය, පිළිගැනීම හා විශ්වාසය ගොඩනැගේ. එවිට ඔක්සිටොසින් හෝමෝනය නිදහස් වන අතර එය Love Hormone නම් වේ.

ළදරුවෙකු සම්භාහනය සඳහා භාවිත කල හැකි තෙල් වර්ග

  • තල තෙල් –
  • ඔලිව් තෙල්
  • ආමන්ඩ් තෙල්

තල තෙල් මගින් සිසිලසක් ලැබෙන අතර පහසුවෙන් උරා ගනී. එසේම දිලීර හා බැක්ටීරියා නාශක ගුණයක් ද ඇත. ස්වභාවික තෙල් වර්ග භාවිතය වඩා සුදුසු වේ.

ඔබේ පැටියාට තෙල් සම්භාහනය ලබාදීමේදී

  • සම්භාහනය ලබාදෙන වේලාව පිළිබඳව විමසිලිමත් වන්න. බොහෝ දරුවන් සම්භාහනයෙන් පසුව නිදාගනියි. එම නිසා දරුවා නිදාගැනීමට සුදුසු වේලාව මේ සඳහා යොදාගන්න.
  • සම්භාහනයේදී බලයක් නොයොදන්න. ඇල්ලීම/අතගෑමක් ආකාරයෙන් සිදු කරන්න.
  • Essential oil භාවිත කරන විට අවශ්‍ය ප්‍රමාණයට තනුක කරගන්න.
  • තෙල්වල උෂ්ණත්වය පරීක්‍ෂා කළ යුතු අතර වඩා උණුසුම්ව හා වඩා සීතල තෙල් භාවිත නොකරන්න.
  • සම්භාහනය සිදු කරන පුද්ගලයාගේ අත් උණුසුම් කරගත යුතු අතර වියලි හා පිරිසිදු විය යුතු බව සිහි තබා ගන්න.
  • තෙල් මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කරන්න.
  • තද ගන්ධයක් සහිත තෙල් භාවිත නොකරන්න. ආහාර ආශ්‍රිතව ඇති තෙල් භාවිත කරන්න. හේතුව ඒවා ගිලුනද හානියක් නොවීමයි.
  • කිසිවිටෙකත් Mineral oil භාවිතා නොකරන්න.

 පැටියාට සම්භාහනය ලබා දෙන ක්‍රමය

  • දරුවා තබාගැනීම සඳහා ස්ථානයක් සකස් කරගෙන ඒ මත රෙද්දක් එලන්න.
  • අවශ්‍ය තෙල් සූදානම් කරගන්න
  • දරුවා සම්භාහනය කිරීමෙන් පසු එතීමට රෙද්දක් ගන්න
  • දරුවා උඩු අතට තබන්න
  • තෙල් ස්වල්පයක් අත්ලට ගෙන අත්ල හොඳින් අතුල්ලා උණුසුම් කරගන්න.
  • දරුවාගේ පාදයේ සිට වළලුකර දෙසට එනම් ඉහළට මහපටඟිල්ල භාවිත කරමින් සම්භාහනය කරන්න. එක් පාදයක් සඳහා විනාඩි 5-10 ගත කරන්න. ඒ ආකාරයට අනෙක් පාදයට ද ලබාදෙන්න. විලුඹ සඳහාද සම්භාහනය ලබාදෙන්න.
  • උදරය මත වක්‍රාකාරව (ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට) වක්‍රාකාරව සම්භාහනය කරන්න.
  • උරස කොටසෙහි පාදයේ හැඩය ගන්නා ආකාරයට සම්භාහනය කරන්න.
  • දරුවාගේ දෙඅත් පහළ සිට ඉහළට සම්භාහනය කරන්න.
  • දරුවාගේ මුහුණ සම්භාහනයේදී මුඛයේ යටි හනුව දිගේද (jaw line) තොල් වටා රවුමටද, ඇහි බැම දිගේ හා නළල දිගට සම්භාහනය කරන්න.
  • හිසේ අත්‍රතවය (Scalp) මත ඇඟිලි තුඩුවලින් සම්භාහනය කරන්න.
  • දරුවා අනෙක් අතට හරවා මුහුණ පැත්තකට කරන්න. කොඳු ඇට පෙළ දිගේ පහළට මහපටඟිල්ලෙන් සම්භාහනය කරන්න.
  • දරුවාගේ තුනටිය පෙදෙසේ සිට කලව දක්වා පහළට දරුවා සම්භාහනය කරන්න. ඉන්පසුව දරුවා ඔතා නිදි කරවන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.