අධ්‍යාපනය ලබන ඔබේ දරුවා ටත් වෙහෙස වැඩිද ?

ද්විතියික අධ්‍යාපනය ලබන දරුවන් සාංකාව වැනි අඩු මනෝභාවයන්ගෙන් පීඩා විඳින බව එංගලන්තයේ යෝක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් දරුවන් 6300 ක් සම්බන්ධ කර ගෙන ඇති අතර අවසානයේදී ලබා ගත් විශ්ලේෂනයන්ට අනුව පෙනී ගියේ සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු සාංකාව වැනි මානසික පීඩාවන්ගෙන් පසුවෙන බවයි. ඔවුන් ද්විතියික කාණ්ඩයට ගෙන ඇත්තේ හය වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පංති වල ඉගෙණුම ලබන දරුවන්.ඒ අතර මේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ 11 වන ශ්‍රේණියේ  ඉගෙනුම ලබන ගැහැණු දරුවන් අතර මෙම මානසික තත්වය වඩාත් උග්‍ර ලෙසින් දක්නට ලැබෙන බවයි.

සාංකාවට පත් දරුවෙකුගේ ලක්ෂණ

  • හදවතේ වේගවත් ගැස්ම
  • වේගයෙන් හුස්ම ගැනීම.
  • ප්‍රචණ්ඩත්වය සහ ඉක්මනින් කේන්ති යෑම
  • දහඩිය දැමීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවය
  • සිරුරේ වේදනාවන් සහ අපහසුතාවයන්

සමහර විට ඔබේ දරුවා වුනත් මේ අන්දමේ අපහසුතාවයන් ගැන පැමිණිළි කරන්න ඉඩ තිබෙනවා.එහෙම නැත්නම් දරුවාගේ හැසිරීම් රටාවෙන් ඔබට යම් අසාමාන්‍යතාවයක් පෙනී යනවා විය හැකියි.

දරුවන් මෙම මානසික තත්වයට පත් වෙන්නේ ඇයි…?

දරුවන්ගේ සාංකාව වැනි අඩු මනෝභාවයන් ඇති වීමට අද පාසල් පරිසරය වැඩියෙන්ම බලපානවා.අපි හිතන්නේ දරුවන් මෙවැනි මානසික පීඩනයට පත් වෙන්නේ විභාග මුල් කර ගත් මානසිකත්වයම  නිසා පවයි.ඒත් අපි නොදකින තත්වයකට දරුවා පාසලේදී මුහුණ දෙනවා.අද පංති කාමරය එහෙම නැත්නම් පාසල තුළ දරුවන් බියවැද්දීමේ ,තර්ජනය කිරීම වැනි පරිසර තත්වයන් නිර්මානය වී තිබෙනවා.ඒ වගේම මත් ද්‍රව්‍ය භාවිතය වගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන කණ්ඩායමට මකතු කර ගැනීම වෙනුවෙන් ඇති බලපෑම් සහ ඇතුළු නොවුන විට සිදු කරන අඩන්තේට්ටම් ඉතාම දරුනු විදිහට දරුවන්ගේ අඩු මනෝභාවයන් වෙනුවෙන් බලපානවා.

විෂය වෙනුවෙන් මුල් තැන..

දරුවන්ගේ අධ්‍යාපනයේදී පංතිය.පෙළපොත සහ විෂය නිර්දේශය මත පමණක් සීමි වීම එතරම් සුදුසු නැහැ. ඇත්තටම ජීවිතය කියන්නේ ”සිලබස්” එක නොවෙයි.ඒ නිසා ඔවුන්ට ”අ” යන්න කියන්න වගේම නටන්න..දුවන්න..ගැලපෙන ඉඩ පරිසරයක් පාපල වෙතින් ලබා දීම ඉතාම වැදගත්.විෂය මුල් කර ගෙන නිතරම ගැටෙන විට ඇති වෙන වෙහෙස දුරු කිරීමට ශාරිරිකව ක්‍රියාකාරී වීම ඉතාම වැදගත්.එවිට මොළයට යහපත් පරිදි ඔක්සිජන් පරිවහනය වීම නිසා දරුවා මනසින් අලුත් වෙනවා.ඒ වගේම නටන,ගයන සෞන්දර්ය ක්‍රියාකාරකම් නිසා දරුවාගේ වින්දනාත්මක බව වගේම සංවේදී සහ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය සමබර ලෙසින් පෝෂණය වෙනවා.

ආහාර රටාව

අද බොහෝ දෙමව්පියන්ගේ කාර්යබහුල ජීවන රටාව නිසා දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය පරිදි ආහාර රටාව ගැලපී නැහැ.සිරුරට අනවශ්‍ය පරිදි මේද ගබඩා වෙන ආහාර නිසා දරුවාගේ තරබාරුබවත්,අක්‍රියශිලී ජීවන රටාවත් නිසා ඔවුන්ගේ මානසික සතුට නොදැනීම අහිමි වීමට ඉඩ තිබෙනවා.ම් නිසා එළවළු,පළතුරු සහ තන්තු ආහාර වැඩියෙන් දරුවන්ගේ ආහාරයට එකතු කරන්න.

ජීවන රටාව වෙනස් කරන්න

එකාකාර ජිවන රටාවෙන් අත් මිදුනේ නැත්නම් ජිවිතයේ කිසිම රසවත් බවක් නැතැයි අපි දන්නා කරුණක්. වෙනස අපි අපේක්ෂා කරන්නේ විවිධ අත්දැකිම් උපයා ගැනිමටයි. අපේ දෛනික කටයුතු මොළයේ සෛල සමගත් සම්බන්ධයි. එකාකාරව කටයුතු කරන විට මෙම සෛලවල හැසිරිමත් එකාකාර රටාවකට සිදු වෙනවා.නමුත් ජිවන රටාවේ වෙනස්කම් සිදුවෙන විට සෛලවලින්ද අලුත් බවක් ගොඩ නැගෙනවා.ඒ නිසා දරුවන්ටත් එකකාර ජීවන රටාව මදකට හෝ වෙනස් කරමින් අලුත් බවක් ඇති වෙන අන්දමට දවස සැලසුම් කරන්න.

දරුවා හුදෙකලා චරිතයක් නොවිය යුතුය.

දරුවා හොදින් අධ්‍යාපනය ලැබීම ඔහුගේ ස්ථාවරත්වය හේතු වෙනවා යැයි ඔබ හිතනවා ඇති. ඒ නිසා අධයාපනයෙන් තොර ලෝකයක් නැති නිසා දරුවාගේ මානව සම්බන්ධතාවයන් ගැන දෙමව්පියන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන්න පුලුවනි. නමුත් දරුවා  ගොඩ නගා ගන්නා මානව සම්බන්ධතාවයන් නිසා ඔවුන්  සුරක්ෂිතය යන ධනාත්මක ආකල්පය ගොඩ නැගෙන අතර එය ස්නායු සෛල වෙනුවෙන් යෝග්‍ය ව්‍යායාමයක්ද වෙනවා.

.ඒ වගේම මුලින්ම දැක්වෙන අන්දමේ රෝග ලක්ෂණ ගැන දරුවා වාර්තා කලොත් එහෙම නැත්නම් ඔබට යම් සැකයක් හෝ නිමිත්තක් දැක්කොත් දරුවාගේ හැසිරීම ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න.ඔවුන්ගේ මෙම අඩු මනෝභාවයන් දුරු වෙන පරිදි කටයුතු සැලසුම් කිරීම එතැනින් හෝ පටන් ගන්න.

අම්මා තාත්තා වගේ ඉගෙන ගන්න

ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ දෙමව්පියන් උසස් අධයාපනයෙන් යම් මට්ටමක සිටිනවා නම් ඔවුන්ගේ දරුවන් අතර මානසික පීඩනය වැඩියෙන් දක්නට ලැබෙන බවයි.ඊට හේතුව වන්නේ නිතරම දෙමව්පියන් විසින් දරුවන්ට කියා සිටින්නේ ”අම්මා තාත්තා වගේ ඉගෙන නොගත්තොත් අපට ලැජ්ජයි…මේ නිසා ද්විතියික අධයාපනයේ පටන් දරුවන් මේ වෙහෙසකර තත්වයට පත් වෙන බැව් බොන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා.විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන නවක සිසුන් 70ක් තෝරා ගෙන ඔවුන්ගේ හිස්කබල ආසන්නයේ කෙස් ගස් තුනක් ලබා ගත්තා. එහිදී මෙම දරුවන්ගේ කෝටිසෝල් මට්ටම ඉහලින් තිබුණා.මෙම දරුවන්ගේ දෙමව්පියන් උසස් අධ්‍යාපනයක් ලබා සිටීම ඊට හේතුවක්.ඒ නිසා දරුවන් නිතරම තමන්ට දෙමව්පියන්ට සමාන උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වේදැයි වූ ආතතියෙන් පසු වෙන අතර දෙමව්පියන් උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා නැති දරුවන් අතර මේ ආතතිමය තත්වය දක්නට නොලැබීමත් තවත් විහේෂයක්.ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ ගමන නිදහසේ යෑහට ඉඩ දෙනු විනා අම්මා තාත්තා වගේ අධ්‍යාපනය ලැබිය යුතුය යන ඉලක්ක ලබා දීමත් නුවණට හුරු නැහැ. 

 

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

සිඟිති දියණියගේ කන විදීමට පෙර ඔබ දැන සිටියයුතුම දෙයක් | Dr. Samantha De Silva

සිඟිති දියණියකගේ කන විඳින්න සූදානම් දෙමව්පියන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? පුංචි දෝනිගේ කන විදින්න හොදම දවස මොකද්ද? දුවෙක් ලැබෙනවා කියන්නේ පවුලකට වගකීම් රාශියක් එකතු වීමක්. ඇයව ලස්සනට තියන්න අම්මලා ගොඩක් වෙහෙසෙනවා. ඔය අතරෙදි මුල් තැන ලැබෙන්නේ මේ පුන්චි සුරතලීගේ කන් පෙති වලට. එහෙමයි කියලා අපිට ඕනේ ඕනේ විදියට එයාගේ කන විදින්න පුලුවන්ද?

අසාමාන්‍ය කලලයක් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? | Prof. Tiran Dias

නිරෝගී දරු පැටියෙක් කියන්නේ අම්මා තාත්තට වගේම රටට දැයටත් සම්පතක්. හැම අම්මා කෙනෙකුගේම එකම පැතුමත් ඒකමයි. ඒත් යම් ගැටලුවන් නිසා කුසේ වැඩෙන පුංචියාගේ තත්ත්වයේ වෙනසක් අහන්න වුනොත් අම්මා කෙනෙක්ට ඒක දරාගන්න නම් බැහැ. ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුනුවත් එක්ක අද වෙද්දි කුස තුල වැඩෙන දරුවාටත් ප්‍රතිකාර කළ හැකි ක්‍රම තියෙනවා.

නිවුන් දරුවන් පිළිසිඳ ගෙන නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න | Prof. Tiran Dias

නිවුන් දරුවන් ලැබෙන්නට ඉන්න ගැබිනි මවත් දැනුවත් විය යුතු කරුණු මොනවාද? එක දරුවෙක් කුසේ ඉද්දී දැනෙන සතුට වගේ දෙතුන් ගුණයක සතුටක් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට දැනෙනවා ඇති කියලා කවුරුත් හිතනවා. කී දෙනෙක් වුණත් දරුවෝ කියන්නේ සම්පතක්. අන්න ඒ නිසාම ගැබිනි මවකට දැනුවත් බව බොහොම වැදගත් වෙනවා. මේ උපදෙස් නිවුන් දරුවන් කුසේ දරාගෙන ඉන්න අම්මලාට.

මම තාත්තෙක් වෙන්න යන්නේ..

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි…” යනුවෙන් ප්‍රේමකීර්ති අල්විස් ශූරීන් අකුරු ඇමිණුයේ  ආදරය වෙනුවෙනි.

අම්මා උපමා ලැබුයේ සඳටය. ඒ සඳට එළිය දෙන සදාතනික ආදරයේ හිරුඑළිය තාත්තාගෙනි.

මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ ” ( I’m pregnant ) හී සිටඅපි දෙමාපියන් වෙන්නයි යන්නේ” ( We are pregnant) දක්වා උණුසුම් ආදරණීය පණිවිඩය වෙනස් වුන විවෘත සමාජයක සිට ලියමි.

අළුතෙන්ම තාත්තෙක් වෙන්න යන කෙනෙක්ට ඇති වෙන හැඟීම් මොන වගේද? 

අද කතාව ඒ ගැන…

පිරිමි හිත් දැඩි බව අපි විශ්වාස කරන්නේ  අනාධිමත් කාලයක ඉදන්. උනත් තමන්ගේ ලේ  වලින් හැදුන පුංචි පැටියෙක් තමන්ගේ  ජීවන සහකාරියගේ කුසේ වැඩෙනවා කියන ආරංචිය ඔහුට දැනෙන්නෙ කොහොමදකවදාවත් ඔබ හිතුවදඅම්මෙක්  කුස දරන මුත් තාත්තෙක් සදහටම හිතේ දරන පියවත්කම වචන වලට හරවන්නේ කොහොමද?

 

“මට එක පාරටම මතක් උනේ මීට අවුරුදු තිස් පහකට කලින් මගේ තාත්තා එයාගේ දිනපොතේ ලෝකෙට හොරෙන් තියපු , මම මේ මෑතකදි දැකපු අකුරු පේලි කීපයක්…… ” පුතෙක් උපන්නා…. රන්කැටි පුතෙක් උපන්නා…”… එදා තාත්තා වින්ඳ ඒ හැඟීම… ඒ විදියටම ඊට වඩා වැඩියෙන් මටත් දැනුණා..කඳුලුත් එක්කම… ඔව්…. සමහරවිට තාත්තා එදා අඬන්නත් ඇති…. සතුටට…”

කුශාන් ප්‍රේමසිරි- පුංචි දුවෙක්ගේ තාත්තා

 

ඔබ තාත්තෙක් වෙන්න යන බව දැන ගන්නේ නොසිතූ මොහොතක නම්, ඔබ මෘදු කම්පනයන්ට ලක්වෙන බව, වික්ශිප්තභාවයට පත් වෙන බව හෝ බොහෝ විට කිසිම දෙයක් සිතා ගත නොහැකි සිතුවිලි රික්තයකට යන බව අපිට වටහා ගන්න පුලුවන්

ඔව් ඔබ ඒක සත්‍යයක් බව තේරුම් ගන්න පියවි ලෝකෙට එන්න යන පුංචි කාලසීමාවෙදීම ඔබ තාත්තා කෙනෙක්. ඒක කොයිතරම් සුන්දර හැගීමක්ද?

ඒත් සමහරවිට ඔබ තාත්තෙක් වෙන්න යන බව දැනගන්නේ ඔබේ  සහ ඔබේ සහකාරියගේ  සම්බන්ධතාවය දෙදරා ගිය හෝ යම් අභියෝගයකට ලක් වූ නපුරු නරක වෙලාවක නම් සමහර විට ඔබ තේරුම් ගන්න ඉගන ගනීවි ලේ බැඳීම් වතුර වලට වඩා බොහෝ ඝණකම්බව. ඔබට හිතේවි පළුදු වුන හිත් පිරියම් කරගෙන තමන්ගේ  පුංචි පැටියා වෙනුවෙන් ඉදිරියට යායුතු බව. එහෙම නැතිනම් දරුවාට මවයි පියයි දෙදෙනාම වී ( single parenting) වගකීම ගන්න ඔබට සිතේවි. මොන තෝරාගැනීම  ඔබ කලත්, ඔබ ආදරය යනු හුදෙක් නෛතික බැඳීමක් නොවන බවට ඔප්පු කරන හොඳ තාත්තා කෙනෙක් බවට පත් වේවි.

කාලයක්ම දරු සුරතල් බලන්න පෙරුම් පුරමින්  සාපල්‍යතාව ( fertility) සඳහා වන විවිධ ප්‍රතිකාර අත්හදා බැලූ , තම සහකාරියගේ මාසික ඔසප් වීමෙන් කැබළි වලට බිඳී ගිය හිත දරාගෙන උන්නු ස්වාමිපුරුෂයෙක් නම් ඔබ

අපේ පුංචි පැටියා එන්නයි යන්නෙ ආරංචිය තරම් ඔබව අමන්දානන්දයට පත් කල වෙනත් ආරංචියක් ඇතැයි අපට සිතා ගන්නට බෑ. ඔබ තරම් මේ මොහොතේ ආනන්දයෙන් පසුවෙන පිරිමියෙක් ඇත්තම් තවත් තාත්තා කෙනෙක් පමණයි.

 

පුංචි පැංචාගේ  ආගමනය ගැන බාහිර සමාජයට සන්නිවේදනය

———————————————————————

පුංචි පැටියට සති 12ක් වෙනකම් නිදහසේ කුස තුළ වර්ධනය වෙන්න ඉඩ හැරලා, ටික කාලයක් නිහඩව ඉන්නත්, පැංචා එන බව අන් අයට දැනුම් දීම කාලයේ ප්‍රමාද කිරීමත් සම්බන්ධයෙන් අළුත් තාත්තා කෙනෙක් විදිහට ඔබ ගත්ත තීරණයට සමාජයේ  අපි ගෞරව කරනවා.එය පොඩ්ඩක්වත් වැරදි නැහැ.

ඇතැම්විට පළමු ත්‍රයිමාසිකයේදී  සිදුවන ගබ්සාවීම්, විවිධ සංකූලතා, වැනි දේවල් දෙන්නා දෙමහල්ලොම තනිව දරාගනිමින් , වෛද්‍යවරයාට හෝ අනුබද්ධ කාර්‍ය්මණ්ඩලයට හැර වෙන කිසිවෙකුට නොපැවසීමට ඔබ ගත් තීරණය සමහර විට එසේ සිදුවන නරකම නපුරකින් පස්සෙ ඔබ සහ ඔබේ සහකාරියව සමාජය විසින් කරන දරුණු ප්‍රශ්න කිරිම් වලින් මුදවන බව අපිට විශ්වාසයි.

සහකරුවා හැටියට ඔබ තාත්තෙක් වෙන්න යන බව සමාජයට මුදා හැරියම,

සුභ පැතුම් මචං

දැන් ඉතින් උඹට party දාන්න වෙන්නෙ නෑ. දරු සුරතල් තමා…”

ආපෝ මොකට හදිස්සි උනාද?”

වගේ ප්‍රතිචාර වලට මුහුණ දෙන්න සිද්ධ වුනත් විවිධාකාර පුද්ගල වටහාගැනීම් සහ මතිමතාන්තර ගැන අළුත් තාත්තෙක් වෙන්න යන ඔබ මැදහත් සිතින් බලන බව අපට විශ්වාසයි.

 

පුංචි පැටියා මේ ලෝකෙට එනකම් අළුත් තාත්තාට පුළුවන්……

  • ජීවිත කාලය පුරාම දරන්න වෙන අළුත් වගකීමට මනස සකසා ගන්න.
  • තමන්ගේ සහකාරියගේ අවශ්‍යතා/උවමනා/ අපහසුතා වගේම ගර්භණී කාලයේදී හෝර්මෝන්  වෙනස්කම් නිසා ඇතිවන මානසික ස්භාවයන්ගේ වෙනස්කම් ( mood swings) ගැන දැනුවත් වෙන්න.
  • අම්මට දීර්ඝ ප්‍රසූත නිවාඩුවක් ලැබුනට තාත්තට එහෙම ලැබෙන්නෙ නැහැනේ. රාජකාරියයි, තමන්ගේ පුංචි පැටියයි නිසා ඉදිරියට වෙනස් වෙන්න යන ජීවිතේ දැන් ඉදන්ම කළමණාකරනය කරගන්න හෙමින් හෙමින් පටන් ගන්න.
  • සමහර ගැබ්දැරීම් ඉතා සංකීර්ණයි. අසීරූ සංකූලතා සහිතයි.ඔබ තමයි ඔබේ  සහකාරියට තිබෙන විශාලම ශක්තිය. ඉතින් අභියෝග ගැන දැනුම එකතු කරන්න.

 

අළුත් තාත්තෙක් වෙන්න යන ඔබේ වචන , හැසිරීම් සහ ආවේග සෘජුවම ඔබේ  සහකාරියටත් දෙවනුව ඇගේ  ගැබේ වැඩෙන පුංචි පැටියටත් බලපානවා. ඉතින් පුංචි පැටියා ගෙදර එනතුරු ගතවෙන මේ  කාලයේ  පීතෲභාවයේ අරුමැසිභාවය විදගන්න සූදානම් වෙන්න. ඔබේ හොඳම සහ විශ්වාසවන්තම මිතුරා දැනටමත් තාත්තෙක් වෙන අත්දැකීම විඳලා නම් ඔහු සමඟ ඔබේ අදහස් සහ සිතුවිලි බෙදාගෙන බලන්න.ඔබ නොසිතුවාට සමහරවිට මේ  කාලයේ ඔබට හොඳ ඇහුම්කන්දෙන්නෙක්ගේ  සහය අවශ්‍යය ඇති.

වගේම  කිසිම ගර්භණී කාලයක් තව කෙනෙක්ගේ  ගර්භණී කාලයට සමාන වෙන්නෙ නැහැ. ඔබ අන් අයගේ අදහස් අහනවා වගේම, ඒවා කිසිදිනෙක සංසන්දය නොකිරීමට වග බලාගන්නා වගකීම් සහගත සහකාරයෙක් වන බවත් අපි විශ්වාස කරනවා.

පුංචි පැටියාට, ඔබත් ඔබේ  සහකාරියත් සමාන අයිතිවාසිකම් වගේම සමාන වගකීම් දරනවා. නිසා දෙදෙනාගෙම අදහස් වලින් වඩා හොඳම අදහස ඔබ තෝරාගන්න මුල් වෙන බව අපිට විශ්වාසයි.

 

තාත්තෙක් වීම මොනතරම් වටිනා තෑග්ගක්ද? කාලය ඔබට උගන්නාවි.

 

අළුත් තාත්තට අපෙන් සුභ පැතුම් !!!!!

 

පුංචි දරුවන්ටත් ඩිප්‍රෙෂන් (විෂාදය) තිබෙනවාද? | Dr. Yashodha Rohanachandra

පුංචි දරුවන්ට ඩිප්‍රෙෂන් (විෂාදය) එනවා කියන්නේ ඇත්තක්ද? පොඩි දරුවන්ට මොන ඩිප්රේෂෙන්ද අනේ… වැඩිහිටියෝ පොඩි දරුවන් ගැන හිතන්නේ අන්න ඒ විදියට වුණත් පුංචි දරුවන්ට depreciation නෑ කියලද ඔබත් හිතන්නේ?

ඔබේ දරුවා අසාමාන්‍ය ලෙස දඟකාරයිද? | Dr. Yashodha Rohanachandra

දරුවෝ කොහොමත් දඟයි. ඒත් ඒ දඟකම් අසාමාන්‍යදැයි (අධි ක්‍රියාකාරී සහ අවධාන ඌනතා ඇති දරුවන්) මව්පියන් වන ඔබට හඳුනා ගන්නේ කොහොමද? මේ කතා කරන්නේ ඔබේ පුංචි දුව/පුතා ගැන වෙන්න බැරි නැහැ. ඒ නිසා බොහොම සාවදානව සවන් දෙන්න. ගැටලුවක් ඇත්නම් අවශ්යු උපදෙස් ප්ර තිකාර වෙත යොමු වෙන්න. Hyperactive Children | Attention deficit disorder

දුවට පුතාට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ කවුද? | Dr. Yasodha ROhanachandra

නව යොවුන් වියට පා නගන දුවට පුතාට ලිංගික අධ්යාහපන ලබාදිය යුත්තේ කවුද? ඒ කොහොමද? අම්මලා විදියට අපි දරුවන්ට ලිංගික අද්යාදපනය ලබා දීම සුදුසු නෑ කියලා හිතනවත් ඇති. ඒත් එය අනිවාර්යෙන්ම දරුවෙකුගේ වයසට ගැලපෙන විදියට ලබාදිය යුතුයි. ඒත් මේ ගැන කොහොමද අපි අපේ දරුවන්ට කියා දෙන්නේ? දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ලංකාවේ නිතර කතාබහට ලක්වන විවාදයට තුඩුදෙන මාතෘකාවක්. නිසි ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට නොලැබීමෙන්, විවිධ අතවර වලට දරුවන් ලක්වීමේ අවධානමක් තියෙනවා. ඉතින් මේ මාතෘකාව ගැන අපි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගෙන් අපි කරුණු විමසුවා.

SHOW LESS

ගැබිණි සමයේ ඔබත් ගැස්ට්‍රයිසිස් තත්ත්වයෙන් පීඩා විඳිනවාද? | Prof. Tiran Dias

ගැස්ට්රායිසිස් තත්ත්වය ගැබිනි මවට අපහසුවක්. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ගැස්ට්රවයිටීස් කියන්නේ නිකන් ඉන්න කෙනෙකුට පවා ලොකු අපහසුවක්. එහෙම එකේ කුසේ දරුවෙකුත් දරාගෙන අපහසුතා මැද්දේ ඉන්න අම්මා කෙනෙක්ට කොයතරම් අපහසුවක් ඇත්ද? මෙන්න මේ උපදෙස් ගැබිනි සමයේ ගැස්ට්රදයිටීස් තත්ත්වය නිසා අපහසුවෙන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් වේවි

SHOW LESS

කේන්තිකාරයා සමග ගණුදෙනු කරමු.

දරුවෙක් යම් වයසකට පැමිණියාම තමන්ගේ අවශ්‍යතාවයන් එහෙම නැත්නම් හැඟීම් වචනයට නගලා අම්මාට තාත්තාට එහෙම නැත්නම් තමන් රැකබලා ගන්නා අය සමග සන්නිවේදනය කරන්න පුලුවනි.දරුවාගේ ඒ ඉල්ලීම මේ අය ප්‍රතික්ෂෙප කලොත් එය සාධාරණ කිරීමට කරුණු ඉදිරිපත් කරන්නත් යම් වයස් සීමාවකදී දරුවා දන්නවා.

නමුත්, තමන්ගේ හැඟීම් සහ අදහස් නිසි පරිදි සන්නිවේදනය කරන්න බැරි නම්…

අපි මෙහෙම හිතමු. හදිසියේ නගරයට යන දරුවා සාප්පුවේ තිබෙන සෙල්ලම් කාර් එකක් දැක එය ඉල්ලා සිටිනවා.නමුත් වෙලාවේ  හැටියට එය මිළට ගැනීමේ වත්කමක් නැත්නම් ඔබ දරුවාට එය මිළට ගැනීමට නොහැකි බැව් කිව්වත් දරුවාට මේ කියමන සාධාරණ නැහැ. ඒ නිසා දරුවාගේ කෝපය මේ විදිහට ප්‍රකාශ වෙන්න පුලුවන්.

  • බිම පෙරලීම
  • හයියෙන් හැඬීම
  • පහර දීම
  • තමාව සපා ගැනීම
  • අතට හසු වෙන දේ පොලවේ ගැසීම
  • ඇඳුම් ඉරා ගැනීම

මේ වගේ විවිධ අන්දමින් දරුවා ප්‍රතිචාර දක්වන්න පුලුවන්.ඒ සියල්ලටම හේතුව දෙමව්පියන් කියන දෙය සහ තමාගේ අවශ්‍යතාවය දෙමව්පියන්ට දැණුම් දීමට තරම් වපසරියක් නොමැති වීමයි.මනෝ වෛද්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාට වැඩිහිටියන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම අපහසුයි. ඒ නිසා දරුවා කියන දෙය වැඩිහිටියන්ටත්,වැඩිහිටියන් කියන දේ දරුවන්ටත් නොතේරෙන නිසා මේ තත්වය නොදැනීම ඇති වෙනවා.

දරුවා නොසලකා ඉන්න එපා

දෙමව්පියන්ගේ වැඩ කටයුතු සමග දරුවා නොදැනීම අතපසු වෙන අවස්ථා තිබෙන්න පුලුවන්.ඒත් මහ ලොකුවට නොවෙයි, පුංචි පුංචි අවශ්‍යතාවයන් ගැන අම්මාට,තාත්තාට අමතක වෙන්න පුලුවනි. මේ වේලාවට දරුවා කෝපයට පත් වෙන්නේ ඒ විදිහට කෝප වීමෙන් තමන්ගේ ඉල්ලීමට හොද ප්‍රතිචාරයක් ලැබෙන බව ඔවුන් දන්නා නිසයි.

පුංචි කාලයේ අත්දැකීම් මතකත් ඇති

තොටිල්ලේ සිටින කාලයේදී බඩගින්න, මල මුත්‍ර පිටවීම,ශාරිරික අපහසුතාවය යන මේ හැම දෙයක්ම දරුවා මව්පියන්ට සන්නිවේදනය කළේ හැඬීමෙන්.දරුවා හඬන සැනින්ම අම්මා හෝ තාත්තා එතැනට ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය සොයා බලා කටයුතු කළා. තවමත් දරුවාගේ බලාපොරොත්තුව ඒ විදිහට මේ සියල්ල සිදු වෙයි කියලා. ඉතින් දැන් හඬන්නේ නැහැ.ඒ වෙනුවට සැර ගතියක් පෙන්වලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නා තැනට දරුවා පත් වෙනවා.

ඉතින් කේන්තියත් සමග ඉදිරියට යන්න දෙන්නත් බැහැ.

දරුවා කේන්තිකාරයෙක් කියලා අම්මා,තාත්තාට ඇස් වහගෙන ඉන්නත් බැහැ. කේන්තිය සමග දරුවාට ජීවත් වෙන්න ඉඩ දෙන්නත් බැහැ. කේන්තිය ඒ තරම් සුබවාදි සංකල්පයක් නොවෙයි.දරුවෙකු තුලින් නිරන්තරව කෝපය පිටවීම ඔවුන්ගේ ජීවිතයටත් සුදුසු දෙයක් නොවෙයි.

ඒ නිසා දරුවාටත් සැලසුමක් අනුව කටයුතු කිරීමට පුරුදු කරන්න.ආහාරපාන ලබා දෙන ,නිදා ගන්න, සෙල්ලම් කිරීමට රටාවක් ඇති නම් දරුවාද ඒ අනුව කටයුතු කරන්න පුරුදු වෙනවා. ඉඳහිට මේ රටාව දෙමව්පියන්ගේ කටයුතු සමග මග හැරෙන්න පුලුවන්.නමුත් දරුවා කෝප ගැනෙන තරම් පමාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ.

දරුවාගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න

දරුවාගේ අවශ්‍යතාවයන් ගැන දෙමව්පියන් තරම් දන්නා කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ බඩගින්න ඇති වෙන වේලාවට ආහාරපාන සකස් කර අවසාන කිරීම වගේම නින්ද අවශ්‍ය වේලාවට දරුවා නිදි කිරීම ඉතාම වැදගත්.එහෙම වුනාම දරුවාට කෝප වීමට කරුණු කාරණාවන් ඉතිරි වෙන්නේ නැහැ.

”බබාගේ භාෂාව” හදුනා ගන්න

දරුවා සහ දෙමව්පියන් අතර සන්නිවේදනයේ හොඳම මාධ්‍ය භාෂාවයි.ඒත් බබාගේ භාෂාව අම්මා තේරුම් නොගතහොත් දරුවා කේන්ති ගන්න පුලුවන්.ඊට හේතුව දරුවා කියන දේ මව්පියන්ට නොතේරෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ.ඒ නිසා දරුවාගේ භාෂාව සහ සංඥාවන් වටහා ගැනීමත් වැදගත්.සමහර විට දරුවා ”වතුර”,”මල”,සෙල්ලම් කාර් එක” හඳුන්වන විවිධ වචන තියෙන්න පුලුවන්.ඒ නිසා අම්මා,තාත්තාත් මේ ”බබාගේ භාෂාව” දැන ගෙන සිටීමත් දරුවාගේ කේන්තිය පාලනයට හොඳ මාර්ගයක්.

දරුවාටත් තීරණ ගැනීමට ඉඩක් දෙන්න

දරුවා පුංචි වුනත් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස දෙන්න. ඔවුන්ගේ මට්ටමින් තැමති ඇඳුම තෝරා ගන්න,කැමැති සෙල්ලමට ඉඩ දෙන්න බාධාවක් නැහැ.හැම දෙයක්ම දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් අනුව හැසිරවීමට නොයා දරුවාගේ මටට්මින් හෝ තීරණයක් නොව කැමැත්තක් කිරීමට අවසරයක් ලබා දෙන්න.

පුංචි වෙනස්කම් වගේම හොඳ දෙය අගයන්න

දරුවාගේ කේන්තිය වෙන අතකට යොමු කිරීමටත් ඔබට පුලුවනි. කේන්ති ගන්නා විට ඒ වෙනුවට වෙනත් දෙයක් පෙන්වන්න. එහෙම නැත්නම් දරුවා කැමැති සෙල්ලම් බඩුවක් ,ආහාරයක් අතට දෙන්න.කේන්තිය නොදැනීම මග හැරේවි. ඒ වගේම දරුවාගේ හොඳ දෙය අගයන්න.සුලුවෙන් හෝ ඇගයීමට දරුවා ප්‍රිය කරනු ඇති.

කෝපය ආයුධයක් කර ගන්න ඉඩ දෙන්න එපා

දරුවා කෝප වීමත් ඒ සමග ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වීමත් සමාන්තරව සිදු වුනොත් දරුවා කෝපය ආයුධයක් ලෙසින් පාවිච්චි කරනු ඇති. ඒ නිසා දරුවා කෝප වී යමක් ඉල්ලන විට ”ඔහොම ඉල්ලුවොත් දෙන්නේ නැහැ..ලස්සනට ඉල්ලන්න ..” යැයි කියන්න.එයිනුත් මෙල්ලනොවන විට දෙමව්පියන් විසින්ද සැර බවක් පෙන්වන්න.මේ සැර ගතිය සමග දරුවා සන්සුන් විය  හැකියි.දරුවා සන්සුන් වූ පසුව කේන්තියේ ආදිනව පැහැදිලිව කියා දෙන්න.

කේන්ති ගන්නා දරුවන්ට කවුරුවත් කැමැති නැහැ…කේන්ති ගත්තාම දරුවා කැත වෙනවා..කවුරුවත්ම ආදරේ නැති වෙනවා.. මේවා දරුවාගේ කේන්තිය නිවුන පසුව ආදරයෙන් කියා දෙන්න.

 

පැටියාගේ මුහුණ හාපුරා දකින අවසරය තාත්තාටත් දෙමු

කාන්තාවක් අම්මෙක් බවට පත් වීම ජීවිතයේ බොහොම සුන්දර වගේම ජීවිතයත් මරණයත් අතර සටනක් කිව්වත් වරදක් නැහැ. දරුවාගේ ජීවිතය වගේම අම්මාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිළධාරීන් දරණ වෙහෙසට අම්මාගේත් සහය අවශ්‍ය වෙනවා.හැම කාන්තාවක්ම මේ අවස්ථාවට එක අන්දමින් මුහුණ දෙන්නේ නැහැ. එක් එක් අයගේ ප්‍රතිචාරත් වෙනස්.නමුත් තමන්ගේ සැමියා හෝ ජීවිතයට හයිය දෙන පුද්ගලයෙක් ඇය සමග සිටිනවා නම් ප්‍රසුත කාර්යේදී ගැබිණි අම්මාට ඇත්තටම සහයෝගයක් ලැබෙයි නේද..

මේ සංකල්පය අපේ රටට නම් අලුත්..

අපේ රටේ තවමත් මේ වෙනුවෙන් අවසර නැති වුනත් ලෝකයේ බොහෝ රටවල බිරිදගේ දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී සැමියාට ඒ අසල සිටීමට අවසර තිබෙනවා. දැනට පෞද්ගලික රෝහල්වල නම් සැමියාට තමන්ගේ බිරිද දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී ඇය සමග රෝහලේ රැදී සිටින්න පුලුවනි.නමුත් රජයේ රෝහල්වල තිබෙන තදබදය නිසා මෙ තත්වයක් වෙනුවෙන් අවස්ථාව සැලසීම ඇත්තටම අපහසුයි.ඒ වුනත් දරුවා ලැබෙන අවස්ථාවේදී අම්මා සමග ඇගේ හිතවත්ම සැමියා, සැමියාගේ අම්මා තමන්ගේ අම්මා හෝ පුංචි අම්මා ,සහෝදරියක් වැනි අයෙකුට රැඳී සිටින්නට අවස්ථාවක් ලැබෙනවා නම් මොන තරම් අගෙයිද කියලා ඔබට හිතෙනවාද…?

අපේ රටේ සංස්කෘතියේ එහෙම නැහැ.

ඔව් ඒක ඇත්ත. අපේ රටේ දරු ප්‍රසුතිය වෙනුවෙන් අතීතයේ පටන්ම සම්බන්ධ වුනේ කාන්තාවන් පමණයි.නිවසේ දරු ප්‍රසුතිය සිදුවුන යුගවලදී පවා සැමියා හිටියේ ඒ කාමරයේම පිටතින්.දරුවා ලැබුන වහාම කම්බායක් හෝ සරමක් යනුවෙන් ඔහු පියපදවිය ලද බවට වූ පණිවිඩය දැණුම් දෙනවා.මෙතැනදී නම් බිරිඳට තමන්ගේ සැමියා කාමරයෙන් පිටත හෝ සිටින බව දන්නවා.ඒත් කිලෝමීටර් ගණනාවක් දුරින් වූ රජයේ රෝහලකදී ඇය තනියම මේ බර සැමැල්ලු කර ගත යුතුයි.

රජවරුන්ටවත් තිඹිරි ගෙදර ඉන්න අවසර තිබුනේ නැහැ.

රජකතාවක වුනත් පියරජතුමා හිටියේ සුතිකාගාරයට පිටතින්.ඔබ බලන චිත්‍රපටයකම වුනත් පියාට දරුවා ප්‍රසුත කරන තැනට පැමිණීමට අවසරයක් තිබුනේ නැහැ.අද සිංහල චිත්‍රපටවල වුනත් මේ සම්ප්‍රදාය චිත්‍රපටයටවත් කඩ කරන්නේ නැහැ.උදාහරණයක් විදිහට ගම්පෙරලිය වැනි චිත්‍රපට නරඹන විටත් ඔබට මේ බැව් දැක ගන්න පුලුවනි.නමුත්  පියා තම බිරිඳ දරුවා ප්‍රසුත කරන පණිවිඩය ලැබෙන තෙක් දැනෙන මානසික අපහසුතාවය මේ චිත්‍රපටවලදී වුනත් පෙනෙනවා ඇති. ඒ චිත්‍රපටයට විතරක් නොවෙයි..

ඇත්තටම මේ මානසික තත්වය සැබෑ ජීවිතයටත් පොදුයි. සැමියා වුනත් මේ අවස්ථාවේදී දරන්නේ නොසෑහෙන පීඩනයක්.ඔහු බිරිඳ සමග සිටිනවා නම් මේ මානසික අපහසුතාවයෙන් සැමියාටත් නිදහස් විය හැකියි. සුතිකාගාරයේ අසල ඇති දැන්වීම් පුවරුවේ බිරිඳගේ නම ප්‍රදර්ශනය වෙන තෙක් තිබෙන නොඉවසිල්ල ගැන මේ අත්දැකීම ලත් පියවරුන් දන්නවා ඇති.

බිරිදටත් හයියයක්

තමන්ගේ කියා කවුරුන් හෝ මේ අවස්ථාවේදි තමා වෙත සිටිනවා නම් ඇයට ඇති චිත්ත ශක්තිය ගැන කියන්නට වචන ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ තරමටම  ඇය සුරක්ෂිතයි.

වේදනාව දරා ගන්නත් පුලුවන් වේවි

සමහර විට බොහෝ දෙනෙක් මේ විදිහට කියන්න පුලුවනි.කවුරු සිටියත් ගැබ සැහැල්ලු කරන වේදනාව දරා ගන්න එපායැ. ඒක ඇත්ත ඒ වුනත් තමන්ගේ හිතේ ගොඩනැගෙන ශක්තිය නිසා වේදනාව දරා ගැනීමේ මානසික ශක්තිය නිසාම දරු ප්‍රසුතිය පවා පහසු වේවි

බිරිඳ ගැන වටිනාකම් ගොඩ නැගෙන්නත් පුලුවනි.

නිවසේ බොහොම සැප විහරනයෙන් ගෙවන, පුංචි තුවාලයක්වත් දරා ගත නොහැකිව සුරතල් වෙන තමන්ගේ බිරින්දෑ සුතිකාගාරයේදී දරණ වෙහෙස හා වේදනාව සැමියාගේ ඇස් ඉදිරිපිටම දැක ගැනීමට ලැබෙනවා.ඒ නිසා තමන්ගේ බිරින්දෑ මේ තරම් වේදනාවක් දරන්නට තරම් ශක්ති සම්පන්නදැයි වූ බිරිඳ මුල් කර ගත් අභිමානයක්ද ඇති වෙනවා.

 

ගැබිණි සමයේ ඔබටත් සුව නින්දක් අහිමිද? | Prof. Tiran Dias

ගැබිනි මවට සුව නින්දක් අහිමිද ඇ‍දඳ පුරා ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි නින්දත් නොනින්දත් අතර ගත කරන ගැබිනි කාලයේ සුව නින්දක් ලබන්න තියෙනවා නම් කොයිතරම් නම් සැපතක්ද කියලා ඔබටත් හිතිලා ඇති. මෙන්න මේ උපදෙස් එක්ක සුව නින්දක් ලබාගන්න ඔබටත් පුළුවන් වේවි.

SHOW LESS