දෙමව්පියන් පමණට වඩා දරුවන්ට ආධිපත්‍ය දක්වන්න එපා.

අම්මා ,තාත්තා දරුවන්ට සැරට ඉන්නේ ඇත්තටම ආදරය නැතුවාම නොවෙයි.සමහර දෙමව්පියන් හිතන්නේ දරුවන්ට පමණට වඩා ලං වුනොත් ඔවුන්ගේ බය සැක නැති වෙලා යහ මගට ගැනීමටත් බැරි වෙන තරම් නරක දෙයක් කියලා.තවත් දෙමව්පියන් නිතරම තමන්ගේම අණසක යටතේ දරුවන් මට්ටු කර ගැනීමට උත්සාහ ගන්නවා.

දෙමව්පියන්ගේ පැත්තෙන් මේ රටාව හරිද..?

ඔව්..හැම දෙමව්පියෙකුටම උවමනා වෙන්නේ තමන්ගේ දරුවාට අනාගතයක් සූදානම් කිරීම. ඒ නනිසාම දරුවා බාල කාලයේ පටන්ම පාලනයක් යටතේ ඔවුන් ගොඩ නැගීමට දෙමව්පියන් උත්සාහ කරනවා.ඒ වුනත් මේ දැඩි පාලනය දරුවාගේ මානසිකත්වයට වගේම ඔවුන්ගේ පෞරෂය  වෙනුවෙන් එතරම් ඵලදායී නොවන බව වර්ජිනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.අද දවසේ දෙමව්පියන්ගේ දැඩි පාලනයට නතු වුනත්

මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි..

මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි.දැන් ඔබ හිතයි ඇයි එහෙම කියන්නේ..මේ අධ්‍යනය දවසකින් දෙකකින් අවසාන වුනේ නැහැ.අධ්‍යනය වෙනුවෙන් තෝරා ගත්තේ ඇමරිකා ගිණිකොන දිග  ප්‍රදේශයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වුන දරුවන්184 ක් සම්බන්ධ කර ගත්තා ඔවුන් මේ අධ්‍යනයේදී දරුවාගේ වයස 13 අවුරුදු සිට 32 දක්වා වසර 19 ක තරම් වූ කාලය පුරා දිගටම ඔවුන්ගේ තොරතුරු එක් රැස් කළා. මේ පර්යේෂන ”අන්වා යැමේ “ක්‍රමවේදයට සිදු වූවක්. මෙතැනදී හැම වසරකදීම නිවසේ තත්වය,දරුවාගේ මානසිකත්වය, දෙමව්පියන් සහ දරුවා අතර පවත්නා සම්බන්ධතාවය පර්යේෂක කණ්ඩායමේ අවධානයට පත් වුණා.

ආදර සම්බන්ධතාවයන්හිදී සාර්ථක වුනේ නැහැ.

අද දරුවා හෙට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගත යුතු චරිතයක්.ඒ නිසා දරුවන්ට වුනත් ආදරය ගැන හැඟීම් දැනීම් ඇති වෙනවා.එය අමුත්තක් නොවෙයි.මෙතැන ගැටළුව ඇති වෙන්නේ නිසි වයසට පෙරාතුව ආදර සම්බන්ධතාවයන් පටන් ගැනීමයි.සමහර විට දෙමව්පියන්ගේ දැඩි පාලනයට හසු වෙලා ඉන්න නිසාම දරුවා ඒ පැත්තට යොමු වෙන එකක් නැහැ.ඒත් නිසි වයසේදී ඔවුන් පවුලක් ගොඩ නගා ගත්තාම මොකද වෙන්නේ..?

ආදර සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට නොහැකි වීමත් ගැටළුවක්..

දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ජීවිතයක් පටන් ගන්නවා.ඒ ජීවිතයේදී ඔහු වැඩිහිටියෙක්.නමුත් වයස අවුරුදු 13 ක් වැනි කාලයේදී පවා දෙමව්පියන්ගේ දැඩි තීරණ මත යැපුන දරුවෙකුට තම සැමියා හෝ බිරිඳ සමග ආදරයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා.ඒ නිසා යම් වයසකදී දරුවන් වෙනුවෙන් පනවා තිබෙන දැඩි පාලනයෙන් ටිකක් දුරස් වීමත් වඩාත් හොදයි.

ඉගෙනීමේ හැකියාවන් දුර්වල වීම

මේ දරුවන්ට ඉගෙනීමේ හැකියාවන් නැතුවා නොවෙයි.නමුත් බාල කාලයේ මුහුණ දුන් දැඩි පීඩනය නිසා ඉගෙනීමේදී සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ.ගණිතය වැනි විෂයන්හිදී තාර්තික ඥානයෙන් දුර්වලයි. සෞන්දර්ය කටයුතු පැත්තෙන් පවා මේ දරුවන් හැකියාවන් පෙන්වන්නේ නැහැ..නමුත් ඔවුන් සහජ බුද්ධියෙන් දුර්වල පිරිසක් නොවෙයි.බාල කාලයේදී දෙමව්පියන්ගේ දැඩි පාලනය නිසාම මේ දරුවන්ගේ ඉගෙනීමේ හැකියාවන් නොදැනීම පසුගාමී තත්වයකට පත්ව ඇති බැව් වර්ජිණියා පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

මහජන සම්බන්ධතාවයන්හිදී ඉතාම දුර්වලයි.

අපි කාටවත් තනිවම ජීවත් වෙන්න බැහැ.සමාජ සම්බන්ධතාවයන් අවශ්‍ය වෙනවාමයි.ඒ වගේම සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා ශිල්පයත් දැනගෙන සිටම වැදගත්.දෙමව්පියන් සමග සිටින විට නම් ඒ අනුව හැසිරෙන නිසා මේ සම්බන්ධතාවයන් ගැන දරුවන්ට දැණුමක් නැහැ. නමුත් ඔවුන් ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගත් දිනට සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම ජීවිතයේ අවශ්‍යතාවයක් බව අමතක කරන්න එපා.නමුත් පුංචි කාලයේ පටන්ම දෙමව්පියන්ගේ අණසකට යටත්ව,ඔවුන් විසින්ම මෙහෙයවන සහ දෙවියන්වහන්සේ කිව්වත් දරුවන් වෙනුවෙන් ගත් තීරණ වෙනස් නොකරන දෙමව්පියන් යටතේ සිටින දරුවන්ට පසුකාලයකදී සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම අපහසු වෙනවා.

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන පත්‍රිකාවක තොරතුරු ඇසුරිනි

 

දරුවන්ගේ අනාගතය ලොක්ඩවුන් විය යුතු නැහැ.

කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂාව සදහා ලෝකයේ සෑම රටක්ම පාහේ අනුගමනය කළ ලොක්ඩවුන් ක්‍රියාවලියේ පසුවිපාක ගැන දැන් කතා බහ පටන් ගෙන තිබෙනවා. සමාජ දුරස්ථබව ඇති කිරීම වෙනුවෙන් ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුනත් මේ නිසා තරුණ කණ්ඩායම්වල අනාගතයේ පැවැත්ම ගැන නම් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.

තරුණ පිරිස්වල  මානසික පීඩනය වැඩි වීමට  ඉඩ

වයස අවුරුදු 10 සිට 24 පරාසයේ පිරිස් අතර අන්තර් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. මේ ඔවුන්ගේ මොළයේ වර්ධනය සිදු වෙන කාලයක්.ඒ නිසාම මේ දරුවන් සමාජය ප්‍රිය කරනවා.ඔවුන් සෘජු අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නග ගැනීමට බොහොම කැමැත්තෙන් සිටිනවා.

ඒ වුනත් පැවැති තත්වය නිසා වෙනත් කිසිදු විකල්පයක් නොවුන තැන සිදු වුන ලොක්ඩවුන් තත්වය නිසා තරුණ දරුවන් නොදැනීම හුදෙකලා වුණා. මේ වෙනුවෙන් හැම රටක්ම බොහොම උජාරුවෙන් සදහන් කරන්නේ මාර්ගගත අන්දමින් එහෙමත් නැත්වම් වර්චුවල් තාක්ෂණය මගින් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට කටයුතු සිදු කළ බවයි.නමුත් මේ අතථ්‍ය ලෝකයේ සම්බන්ධතාවයන් දරුවන්ගේ වැඩෙන මොළයේ සංවර්ධනයට සාර්ථක  විසදුමක් නොවන බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

හුදෙකලාව

ලොක්ඩවුන් සීමා සහ පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට සිදු විය හැකි මානසික බලපෑම් පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.හුදෙකලා වීම (Isolate) සහ සිය සගයන්ගෙන් වෙන්ව සිටීම ඔවුහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (Unicef) පවසන පරිදි වසංගතයේ මුල් කාලයේ සමීක්ෂණ සඳහා යොදා ගත් දරුවන් සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ පසුතැවිල්ලෙන් පසු වුණා.ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එයින්  තමන් සහ පවුලේ අය මරණයට පත් වනු ඇතැයි බියකින්ද දරුවන් පීඩාවට පත්ව සිටියා.

නිරිත දිග ජර්මනියේ ගුරුවරියක් වන උර්සුලා ග්‍රාස් සඳහන් කරන්නේ” පළමු සතියේ එය විනෝදයක් වුනා. මොකද පාසල් යන්න නැති නිසා. ඒත් ඉතාමත් ඉක්මනින් ළමයි කනස්සල්ලට (Anxious) පත් වෙනවා,ඒ වගේම නිවසේදී, හුදෙකලා වීම කියන ප්‍රශ්නයත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වුණා.

ඔන්ලයින් මගින් උගන්වනවානේ..

“ගුරුවරු උගන්වන්නේ ගණිතය, භාෂා සහ වෙනත් විෂයන් පමණක් නොවෙයි. සමාජගත වෙන්නේ කොහොමද, වෙනත් අයගේ ගැටලුවක් දෙස ඔවුන්ගේ පැත්තෙන් සිතා බැලීම, අන් අය සමග සෙල්ලම් කරන ආකාරය වගේ දේවල් ඔවුන් ළමුන්ට කියා දෙනවා ,” යනුවෙන් උර්සුලා ග්‍රාස් සදහන් කරනවා. ඒ නිසා ලොක්ඩවුන් වීම සමග දරුවන්ට අහිමි වුනේ පාසල විතරක් නොවෙයි.

දරුවන් කැමැත්තක් දක්වන්නේ සමුහයක් සමග සිටීමටයි.

බැඩ්මින්ටන් පිට්ටණියක් ආහ්‍රිතව සිදු කරන ලද එක් අධ්‍යනයකදී අනාවරණය කර ගත් පරිදි වැඩි පිරිසක් ඉදිරියේ ක්‍රිඩා කරන විට පිරිසක් අඩුව ක්‍රිඩා කිරීමේදී දක්වන දක්ෂකමට වඩා වැඩියෙන් ප්‍රදර්ශනය කරන බව හදුනාගෙන තිබෙනවා.මේ අනුව පර්යේෂකයන් සදහන් කරන්නේ සමාජය සමග සම්බන්ධවීම එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවයි.

වැඩිහිටි මානසිකත්වයට වඩා දරුවෙකුගේ මානසික තත්වය බොහොම වෙනස්.ඔවුන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ නැහැ. නිහඬව විඳවනවා. මේ තත්වය නිසා දරුවන්ගේ මානසික ගැටළු ඔවුන් සමගම ඉදිරියට යෑම ඉතාම අනතුරුදායකයි.ලෝකයේ කිසිම කෙනෙකු බලාපොරොත්තු නොවුන කොවිඩ් 19 වසංගත තත්වය නිසා සිදු වුන ලොක්ඩවුන් තත්වයේ පසුවිපාක ඉදිරි පරමිපරාවට ඉතාම අනතුරුදායක ලෙසින් බලපෑමට ඉඩ ඇති බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විසින් දරුවන් සමග සමීප වී කොවිඩ් 19 පාරිසරික මානසිකත්වය නිසා ඔවුන්ගේ අනාගත ජීවිතයත් ලොක්ඩවුන් වීමට ඉඩ දිය යුතු නැහැ.

 

 

ගර්භණී කාලයේ ඔබටත් මෙවැනි මානසික වෙනස්කම් ඇති වෙයිද? | Prof. Tiran Dias

ගැබිනි සමයේ කාන්තාවකට ඇතිවිය හැකි මානසික වෙනස්කම් මොනවාද? ගැබ් ගැනීමත් සමග සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් මත කාන්තාවන්ට යම් යම් ‍දේ දරා ගැනීමට සිදු වෙනවා. එය ශාරීරිකවත් මානසිකවත් සිදුවිය හැකි වෙනස් තත්ත්වයක්. ගැබිනි කාන්තාවකගේ මානසික සෞඛ්යග ඉහළ මට්ටමක පවත්වා ගන්න නම් ඇය වගේම ඇය වටා ඉන්න පුිරිසගේ සහයෝගයත් බොහොම වැදගත්

SHOW LESS

චූටියාට අවුරුදු තුනකුත් උනා. දැන් මෙතන ඉදලා කොහොමද?

දැන් නම් අම්මාට චූටි පැටියා ගැන හොඳ අවබෝධයක් වගේම දැනුවත් බවකුත් තියෙනවා. චූටියා උස් මහත් කරගන්න එක නම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි වුණත් මේ හුරතල් මැද්දේ අම්මාට දැනෙන වෙහෙස නම් නිකම්ම නැති වෙලා යනවා. දවසින් දවස අලුත් අලුත් දේවල් චූටියා ඉගෙන ගන්නේ කොහොමද කියලා හිතද්දී පුදුමත් හිතෙනවා නේද?

දැන් අපි බලමු මේ චූටියාගේ අවුරුදු තුනේ ඉඳලා අවුරුදු පහ වෙකන් කාලය ගත වෙන්නේ කොහොමද කියලා වගේම මොනවද චූටියාගේ ශාරීරික හා මනසික ක්‍රියාකාරකම් කියලත්

 

වයස අවුරුදු 3 සිට 5 දක්වා චූටියාගේ කායික ක්‍රියාකාරකම්

 

  • ඇඳුම් ගැලවීම, ඇඳුම් ඇඳීම සිදු කරයි. නමුත් පුංචි සහයෝගයක් චූටියාට අවශ්‍ය වෙනවා.
  • පහසුවෙන් තනි කකුලෙන් පැනීම, දිවීම කරයි.
  • කකුල් මාරු කර පඩි නගියි.
  • බර යමක් විසි කරයි.
  • අත් දෙකෙන් බෝලය ඇල්ලීමට උත්සහ කරයි.
  • සෙල්ලම් පිටිවල ඇති උස් ස්ථානවලට තනිව නගියි
  • මහපටඟිල්ල හා දබරඟිල්ල අතර පැන්සල රඳවයි.
  • විවිධ වර්ගයේ හැඩතල ඇඳීම අනුකරණය කරයි.
  • කතුර හසුරවමින් කඩදාසි කපයි.
  • වැසිකිලි යාම තනිව කරයි.
  • සරල දේවල් ඉගෙනීමෙන් සතුටු වේ.

 

චූටියාගේ සමාජීය සංවර්ධනය

  • අන් ළමුන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටු වේ.
  • විශේෂිත යහලුවෙකු සිටිය හැක.
  • සම වයස් අය සමඟ බෙදාහදා ගැනීම, සිනහසීම කරයි.
  • සම වයස් දරුවන් එකෙකු හෝ දෙදෙනෙක් සමඟ යම් වස්තුවක් එකිනෙක සම්බන්ධ කරයි.

 

චූටියාගේ භාෂාව හා සන්නිවේදන හැකියාවන්

  • විරුද්ධ පද හඳුනාගනී. උදා: ලොකුකුඩා, ස්ථාන හඟවන පද, මැද, අවසානය
  • යම් යම් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොඩනැඟීම් කරයි. උදා: වැලි, වතුර, බ්ලොක්ස්
  • බ්ලොක් 8 – 10 උපයෝගී කරගෙන කුලුණක් සාදයි.
  • සරල ප්‍රශවලට පිළිතුරු දෙයි.
  • දීර්ඝ අවධානයක් පවතී.
  • සෙල්ලම් කරන විට තනිව කතා කරයි.
  • සරල උපදෙස් අනුගමනය කරයි.
  • සරල ඉල්ලීම් අනුගමනය කරයි. උදව් කිරීමෙන් සතුටු වේ.
  • සමහර අංක හා අකුරු ලියයි.
  • චරිත බොරුවට මවාපාන් රඟදක්වයි.
  • යම් යම් අවස්ථා මතක් කරයි.
  • යම් යම් දේවල් ගණන් කරමින් අල්ලයි.

 

චූටියා වයස අවුරුදු 4 – 5 වන විට

  • තනිව ඇඳුම් අඳියි.
  • තනි කකුලෙන් පනියි.
  • සරල මිනිස් රුව අදියි
  • සෙල්ලම් කරන විට අන් අය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරයි.
  • ක්‍රියා පදය අතීත, වර්තමාන, අනාගත කාලවලට අනුව නිවැරදිව භාවිත කරමින් පින්තූර විස්තර කරයි.
  • තම නම, වයස ප්‍රකාශ කළ හැක

 

චූටියාග් මානසික වර්ධනය සඳහා

  • තනි කකුලෙන් පැනීමට අවස්ථාව දෙන්න.
  • සෙල්ලම් බඩු එකට ගොඩගැසීමට හා ක්‍රමානුකූලව අසුරා තැබීමට අවස්ථාව සලසන්න.
  • නොයෙක් රූප හා වර්ණ හඳුනා ගැනීමට අවස්ථාව දෙන්න.
  • තනිව තම කකුල් සෝදා පිස ගැනීමට අවස්ථාව දෙන්න.
  • පින්තූර කැපීමට අවස්ථාව දෙන්න.
  • තම ඇඳුම්වල බොත්තම් දමා ගැනීමට හුරු කරන්න.
  • ස්තූතියි, කරුණාකරවැනි වචන භාවිත කළ යුතු සමාජ ආචාර හුරුකරන්න.
  • දරුවා අසන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න. බොරු පිළිතුරු හෝ පිළිතුරු දීම ප්‍රමාද කිරීමෙන් වළකින්න.
  • කඩේට යාම, ආහාර පිසීම, සෙල්ලම් බඩු පිළිවෙළකට අසුරා තැබීමට සහභාගී කරවාගන්න.

 

ඔන්න, චූටියාගේ දෙමාපියන්ට උපදෙස්

 

  • ධනාත්මක මඟපෙන්නවීම් කරන්න. සෘණාත්මක මඟපෙන්වීම් වලින් වළකින්න.
  • දරුවන්ගේ වැරදි ඔවුනට ඇසෙන සේ වෙනත් කෙනෙකුට කීමෙන් වළකින්න. එවිට දරුවා වේදනාවක් ඇතිවන අතර දෙමාපියන් පිළිබඳව පිළිකුලක්ද ඇති විය හැක.
  • දරුවාට යම් ප්‍රශ්නයක් ඇති වූ විට වහා මැදිහත් වීමෙන් හා එය විසදීමෙන් වළකින්න. වෙනුවට දරුවා සමඟ එකතු වී ගැටලුව විසඳගන්න.
  • දරුවා වෙනත් දරුවෙකු සමඟ සැසදීමෙන් වළකින්න.
  • දරුවාගේ අයහපත් චර්යාවන් ප්‍රතික්ෂේප කරන්න. යහපත් චර්යාවලට අවධානය දක්වන්න.
  • දෙමාපියන් තම ළමුන් හික්මවීමට යොදාගන්න ක්‍රම පිළිබඳව එකඟත්වයක් තිබිය යුතුය
  • එකම වැරැද්ද සඳහා දෙන දඬුවම සියලු දරුවන්ට සමාන විය යුතුයි.
  • පුහු තර්ජන කිරීමෙන් වළකින්න. කියන දේ කරන්න. කළ හැකි දේ පමණක් කියන්න.
  • දරුවන්ගෙන් අසාධාරණ ඉල්ලීම් නොකරන්න.
  • ළමුන් සමඟ කතා කරමින් අන්තර් සබඳතා පවත්වන්න. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව පවසන්න. වැඩිමහලු ළමුන් සමඟ තර්කානුකූල සංවාදයක යෙදෙන්න.

 

චූටියාගේ හැඟීම් හා ආවේග ශක්තිමත් කිරීමට නම්

  • පැහැදිලි සාධාරණ නීති දරුවාට ලබාදෙන්න. දරුවා හොඳින් හැසිරෙන විට ප්‍රශංසා කරන්න.
  • හැඟීම් ප්‍රකාශ කිරීමට උනන්දු කරවන්න. ඔබ පොත පත කියවන්න. එහි ඇති චරිතවල හැඟීම් කර පෙන්වන්න.
  • රූපවාහිනී, Smart phone පරිගණකවලින් දරුවා ඈත් කර තබන්න.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

හුරතල් පූස් පැටියාගෙනුත් ගැබිනි මවට අවදානමක් ඇති විය හැකි බව ඔබ හිතලා නෑ නේද?

සුරතල් සතුන්ට අපි කවුරුත් ආසයි. පුංචි පූස් පැටියෙක් ගෙදර ඉන්නවා නම් අපේ තුරුලට ඇවිත් හුරතල් වෙන්න එයා කැමතියි වගේම මේ පුංචි සුරතලා අතේ තියාගෙන හුරතල් කරන්න ලොකු පොඩි භේදයක් නැතිව අපි කවුරුත් ආසයි. විශේෂයෙන්ම ගැහැනු දරුවෝ. හොඳින් පිරිසිදු කරලා, එන්නත් ලබාදීලා තමන්ගේ ගෙදර ආදරෙන් ඇති කරන පුංචි සුරතලාගෙන් තමන්ට අනතුරක් ඇති කියලා හිතන්න අපි කවුරුත් අකමැති. ඒත් අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. අද කතා කරන්න යන්නෙත් ඒ වගේ වැදගත් කරුණක් ගැන.

 

තනි සෛලයින් යුතු Toxoplasma Gonadi නම් පරපෝෂිතයා පූසන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බව ඔබ අසා ඇති. එම පරපෝෂිතයා එම සුරතලුන්ගේ මලපහවලට මුසු වන අතරම ඒ හරහා පිටතට පැමිණීමත් සමග ඒ වෙත අප නිරාවරණය වීම නිසා රෝගී තත්ත්ව ඇති විය හැකියි. 

ලෝකය පුරාම මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන අටකට පමණ මෙම පරපෝෂිත ආසාධනය පවතී. මෙම පරපෝෂිතයා මිනිස් සිරුරේ මෙන්ම වෙනත් සතුන්ගේ සිරුර තුළද බොහෝ කාලයක් පැවතිය හැක. සමහරවිට රෝග තත්ත්වය පෙන්නුම් නොකර ජීවිත කාලය පුරාවට මෙම ජීවියා ශරීර ගත වී සිටිය හැකි සේම රෝගය සෑදුනද ඉතා සුළු රෝග ලක්‍ෂණ පෙන්විය හැකියි. නිරෝගී පුද්ගලයෙකුගේ ප‍්‍රතීශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වන තරමටම රෝග ලක්‍ෂණ නොපෙන්වා සිටී. නමුත් ගර්භණී කාලයේදී යම් තරමකට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය පහත වැටෙන නිසා රෝග ලක්‍ෂණ පෙන්විය හැක. මවට ඇති වන මෙම රෝගය පෙකණිවැල හරහා මවගෙන් දරුවාට පරපෝෂිතයන් ඇතුළු විය හැක. මෙම තත්ත්වයට මුහුණ දිය හැකි අවදානම් අය ලෙස ගර්භණීතාවයට පෙර හෝ ගර්භණී කාලයේදී ආසාධන වූ මව්වරුන් හා දරුවන් මෙන්ම ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තද බල ලෙස දුර්වල වූ එනම් පිළිකා රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, ඒඩ්ස් රෝගීන් දැක්විය හැකිය.

ගැබිනි සමයේ මුල් සති 10 – 24 කාලයේදී රෝගය වැළඳුනහොත් දරුවාට ඇති වන බලපෑම අඩුවන අතර මාස 9 දී ඇති වුවහොත් බලපෑම වැඩිය. 

 

Toxoplasma Gonadi ආසාදනයේ ලක්‍ෂණ

  • ඉදුමුණු වසා ගැටිති
  • හිසරදය
  • මද උණ
  • පේශී වේදනාව
  • අධික වෙහෙස
  • ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නියමිත ලෙස ක‍්‍රියාත්මක නොවූ නිසා වෙනත් ලක්‍ෂණ
  • ව්‍යාකූල බව
  • සම්බන්ධීකරණ කිරීම අඩු වීම
  • ආක්ෂේප
  • ස්වසන අපහසුව
  • දෑස් බොඳවීම

 

මෙම ජීවියා මගින් ළදරුවෙකු තීව‍්‍ර ලෙස ආසාධන වුවහොත් ඔහුගේ/ඇයගේ මොළය, ඇස් යන ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති විය හැකි අතරම ගැබිනි මවක් මේ තත්ත්වයට ගොදුරු වීම ගබ්සාවන් හෝ මළ දරු උපත් ඇති වීමට හේතු විය හැකිය. ආසාධිතව සිටි දරුවෙකු උපදින විට සැලකිය යුතු හානියක් ඇති නොවුනත් පසු කාලයේදී මොළයේ හා ඇස් වල ගැටලු ඇති වීමට හැකියාව ඇත.

 

සුරතල් සතුන් මගින් හැර මෙම පරපෝෂිතයන් ඇතුළු විය හැකි වෙනත් මාර්ග

  • නොපිසන ලද අපිරිසිදු තත්ත්වයේ ඇතැම් සත්ව ආහාර වර්ග 

විශේෂයෙන් ඌරන්, බැටලූවන්, කටුව සහිත මාලූ (දැල්ලා, කකුලූවා) වැනි සතුන් මගින්

  • අපිරිසිදු දෑත් මගින් ආහාර ගැනීම/ඇල්ලීම
  • දූෂිත අමු මාළු, මස් මගින් දුෂණය වූ පිහිය කැපුම් ලෑල්ල වැනි උපකරණවලින් වෙනත් ආහාර වර්ග කැපීමෙන්.
  • අපිරිසිදු ජලය මගින්
  • උපතේදී මවගෙන් ළදරුවාට 
  • ආසාධිත පුද්ගලයකුගේ අවයව බද්ධ කිරීමෙන්
  • ආසාධිත රුධිර පාරවිලයනය මගින් (ඉතා කලාතුරකින්)

 

මෙම තත්ත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට

  • ආහාර නියමිත ආරක්‍ෂිත උෂ්ණත්වයක පිසීම
  • කෑමට ගන්නා එළවළු, පළතුරු හොඳින් සේදීම හෝ පොතු ඉවත් කිරීම
  • නොපිසින ලද දැල්ලන්, කකුළුවන් ආහාරයට නොගැනීම. අමු මස්, බැටළු, ඌරන්
  • පැස්ටරීකරණය නොකළ එළු කිරි ආහාරයට ගැනීම.
  • අමු මස්, මාළු කපන ලද පිහිය, ලෑල්ල හොඳින් සබන් යොදා සේදීම
  • ගෙවතු වගාව, මල් වගා කිරීමේදී අත් මේස් පැළඳීම හෝ අත් හොඳින් සේදීම
  • බළලූන් නිදන ස්ථානවල රෙදි ආදිය නිතර පිරිසිදු කර මාරු කිරීම
  • දඩාවතේ යන බළලූන් ඇල්ලීමෙන් වැළකීම
  • ආහාර පිසින ස්ථානවලින් බළලූන් ඉවත් කිරීම
  • නිතර අත් සේදීම

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

චූටියාට අවුරුද්දයි. මෙතන ඉඳලා ඉස්සරහට කොයි විදියට වෙනස් වෙයිද?

චූටියා දවසින් දවස ලොකු වෙන හැටි අම්මා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට එයාගේ පුංචි පුංචි වෙනස්කම් අම්මාට නුහුරුයි. ඉතිං අම්මා බය වෙනවා. කෑම හිරවෙයිද? ඇවිදින්න උත්සාහ කරද්දී චූටියා වැටෙයිද? අම්මාට ප්‍රශ්න ගොඩක්. ඉතිං අම්මා කැමති ඇති චූටියාගේ ශාරීරික වගේම මානසික ක්‍රියාකාරකම් ගැනත් දැනගන්න. අපි අද කතා කරන්නේ චූටියාට අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය තුළ සිදුවන වෙනස්කම් ගැන.

අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය මොනවද චූටියාගේ ශාරීරික ක්රියාකාරකම්

දැන් නම් ඔන්න බෑ කියලා කිසිම දෙයක් මේ චූටියා අතඅරින්නේ නෑ. මොනවා දැක්කත් එතනට යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔන්න අපේ චූටියා,

 

  • නැවතී ඇති වස්තුවක් දෙසට ඇවිද යයි.

 

  • මොහොතක් උදව් නැතිව සිට ගනී.
  • තනිව පියවර 2-  3 ක් ඇවිද යයි.
  • උදව් නැතිව වාඩි වෙයි.
  • කැරැව් කරයි. (Crawls)
  • අත් හා දණහිසින් බඩගායි.
  • යමක් අල්ලා ගැනීමට මහපටඟිල්ල හා දබරඟිල්ල උපයෝගී කරගනී.
  • යමක් බඳුනක් තුළට දමයි, බඳුනින් ඉවතට ගනියි.
  • ඇඳුමක් අන්දන විට පාද හා අත් දිගහැර උදව් කරයි.
  • යමක් සවේඡචාවෙන් අතහරියි.
  • සරල වාචික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි.
  • වචන අනුකරණයට උත්සහ කරයි.
  • යම් යම් වස්තුන් සෙලවීම, අතහැරීම, විසිකිරීම, බිම දැමීම කරයි.
  • සැඟවූ යමක් පහසුවෙන් සෙයා ගනී.
  • රූපයක් නමක් කීවිට දෙස බැලීම පුද්ගලයන් අනුකරණය කරයි.
  • යම් වස්තුවක් නිවැරදිව භාව කිරීමට පටන් ගනී.

උදා: දත් මැදීම, කෝප්පයකින් බීම, දුරකතනය ගැනීම

  • වැටෙන්නේ නොමැතිව දිවීමට පඩි පෙලක ඉහළ පහළ යාමට අවු.2-3 දී දරුවා හුරු වේ.

 

චූටියාගේ භාෂාව හැසිර වීම හා සන්නිවේදනය

 

  • වචන 2 – 3 උපදෙස් අනුගමනය කරයි. උදා: දත් මැදීම
  • එක් වරකට වාක්‍ය 2 – 3 භාවිත කරයි. සාකච්ඡාවක යෙදේ.
  • සර්ව නාම භාවිතය පිළිබඳව අවබෝධ කරගනී. උදා: මම, අපි
  • සමහර බහු වචන ඉගෙන ගනී. උදා: බළලුන්, කාර්
  • පොදු වස්තූන් නම් කර උඩ, යට ආදී වචන අවබෝධ කරගනී.
  • පැහැදිලිව කතා කරයි. අමුත්තන් පවා හඳුනාගනී.

 

චූටියාග් චලනයන් හා කායික හැකියාවන්

  • නැඟීම හා දිවීම හොඳින් සිදු කරයි.
  • පැනීම හා තනි කකුලෙන් සිට ගැනීම කරයි
  • ට්‍රයිසිකල් පැදීම කරයි.
  • එක් කකුලක් භාවිත කරමින් පඩි නැඟීම බැසීම කරයි.

 

චූටියාගේ සමාජීය හා චිත්තවේගීය දක්ෂතා (Emotional Skills)

  • වැඩිහිටින් හා යහළුවන් කරන දෑ කරයි.
  • උදව් ඇතිව ඇඳුම් ගලවයි.
  • මගේ, ඔහුගේ, ඇගේ යන වචන පිළිබඳව අදහසක් ඇත.
  • ගෙදර වැඩවලට උදව් කිරීමට කැමතියි.
  • ආදරය විවෘතව පෙන්වයි.
  • දිනපතා කරන දේවල්වලට කැමතියි. වෙනසක් වුවහොත් ගැටලුවක් වේ.
  • යහළුවන් තරහ වූ විට ගැන අවධානය වැඩි වේ.
  • විශාල පරාසයක හැඟීම් පෙන්වයි.

 

චූටියාගේ සීතිමේ හා මානසික දක්ෂතා (Thinking and Mental Skills)

  • බ්ලොක්ස් 2 – 3 යොදාගෙන කුලුණක් සාදයි.
  • රවුම් පිටපත් කරයි.
  • දෙක යන්න හඳුනයි.
  • කතාන්දර සාදයි. රඟපායි.
  • පාටවල් නම් කරයි.
  • දැති සහිත බඳුනක පියන කරකවා ඇරීම හා වැසීම කරයි. දොරක සොයිබය කරකවයි.

 

චූටියා බලාගන්න අය මෙන්න මේ දේවල් දැනගන්නම ඕනේ

  • යම් යම් දෙයට ඇඟිල්ල දිගුකර ඒවා නම් කරන්න. චූටියා සමඟ නිරතුරුව කතා කරන්න. සෙල්ලම් කරන්න.
  • ආහාර ගන්නා විය පවුලේ අන් අය සමග අන්තර් සබඳතා ඇති කර ගැනීමට උනන්දු කරවන්න.
  • චූටියාගේ වර්ධනය සෙමින් සිදුවන්නේ නම් හෝ කායික දුබලතාවයක් ඇත්නම් චූටියාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්න. චූටියා අමතර උත්තේජනය හා අන්තර් ක්‍රියා සඳහා අවස්ථාව සලසන්න
  • චූටියා එකම ඉරියව්වක එක දිගට පැය කිහිපයක් නොතබන්න.
  • අනතුරු වැළැක්වීම සඳහා චූටියා සිටින ප්‍රදේශය හැකි පමණ ආරක්ෂා කරන්න.
  • මව් කිරිදීම නොකඩවා සිදු කරන්න. චූටියා ප්‍රමාණවත් ආහාර ලබාදෙන්න. ආහාර වේලට විවිධත්වයක් එක් කරන්න.
  • හැන්දක් හා කෝප්පයක් යොදාගෙන ආහාර ගැනීම අත්හදා බැලීමට අවස්ථාව දෙන්න.
  • ඉහත උපදෙස් චූටියා අවුරුදු 1 – 2 අතර කාලයට වැදගත් වේ.

 

චූටියාට අවුරුදු 2 වන විට

  • චූටියා සමඟ පොත පත කියවන්න. ගී ගයන්න. නැතහොත් සෙල්ලම් කරන්න.
  • අනතුරුදායක උපකරන හා ද්‍රව්‍යවලින් චූටියාට ඈත්ව සිටීමට උගන්වන්න.
  • චූටියා සමඟ සාමාන්‍ය ලෙස කතා කරන්න. තොඳොල් වචන භාවිතයෙන් වළකින්න.
  • මව්කිරි දීම නොනවත්වා කරගෙන යන්න. චූටියා ප්‍රමාණවත් තරම් හා විවිධ ආහාර, පවුලේ ආහාර වේල තුලින් ලැබෙන බවට වගබලා ගන්න.
  • ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. නමුත් බල කිරීමෙන් වළකින්න
  • සරල නීති පනවන්න. එසේම සාධාරණ අපේක්ෂාවන් තබාගන්න.
  • චූටියා ලබන ජයග්‍රහණ හැකියාවන් ප්‍රශංසාවට ලක් කරන්න.

 

චූටියාට අවුරුදු 3 වන විට

  • දරුවා සමඟ පොත් කියවීම හා බැලීමේ යෙදෙන්න. පිංතූර ගැන කථා කරන්න
  • දරුවාට කතාන්දර කියන්න. නැලවිලි ගී හා ගීත ගායනා කරන්න.
  • චූටියා ආහාර දීමේදී ඔහුට ඇයට අයත් භාජනය, පිඟාන ලබාදෙන්න.
  • ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. සඳහා හැකි තරම් කාලයක් ලබාදෙන්න.
  • චූටියා ඇඳුම් ඇඳීම, දෑත් සේදීම, වැසිකිලි භාවිතය යනාදිය ඉගෙනීමට උනන්දු කරන්න.

 

චූටියා උදව් කිරීමේදී

  •  සෙල්ලම් කරන්න චූටියා ඇති තරම් කාලයක් ලබාදෙන්න.
  • චූටියා වාහනයක ගමන් කරන විට හෝ නිවසින් පිටතට ගිය විට ඇය/ඔහු දකින දේ ගැන විමසන්න.
  • නින්දට පෙර කරන දෑ පිළිබඳව දැනුවත් කරන්න
  • යහලුවන් සමඟ සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලබාදෙන්න.
  • දිනපතා කතාන්දර කියාදෙන්න. ඒවායෙන් ප්‍රශ්න අසන්න.
  • පාට කිරීම, ඇඳීම ආදී ක්‍රියාකාරකම්වලට චූටියා උනන්දු කරවන්න.
  • චූටියා සමඟ කතා කරන්න. ඇහුම්කන් දෙන්න. උදා: දවල් දවසේ යහලුවන් සමඟ සෙල්ලම් කරන විට සිදු වූ දෑ විමසන්න.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

පැටියාට කිරි දෙන අම්මාට කෙසෙල් ගුණයිද…?

දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට කිරි දෙන අම්මාට ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර ගැන වැඩිහිටියන්ගෙන් තහංචි බොහොමයක් ලැබෙනවා. අම්මා ආහාර මගින් ලබන පෝෂණය දරුවාටත් බලපාන නිසාම කිරි දෙන කාලයේදී අම්මාගේ ආහාර ගැන හැම දෙනාම උනන්දුවක් දැක්වීම බොහොම සාධාරණයි. මේ අතර කිරි දෙන අම්මා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලබන වාසි ගැන දැනගන්න ඔබත් කැමැති ඇති නේද..

අපට ඉතාම පහසු මිලකට වගේම ඕනෑම ප්‍රදේශයකින් මිලදී ගන්න පුලුවන් කෙසෙල් බොහොම ගුණදායක පළතුරක්. කෙසෙල්වල සැලකිය යුතු ප්‍රමාණයේ ක්ෂුද්‍ර පෝෂක හා ජෛව ක්‍රියාකාරී සංයෝග වන ෆීනොලික්ස්, කැරොටිනොයිඩ්ස්, ජෛවජනක ඇමයින සහ ෆයිටොස්ටෙරෝල් වැනි සංයෝග අඩංගුයි. මේවා අම්මාට වගේම දරුවාගේ පෝෂණයටත් ඉතාම වැදගත්.

කෙසෙල්වලින් ලැබෙන ගුණ

  • දරු උපතකින් පසුව කිරි දෙන අම්මාට  දිනකට   109Kcal ප්‍රමාණයක අතිරේක පරිභෝජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අතිරේක මාත්‍රාව මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් සපුරා ගන්න පුලුවන් බැව් ඇසුවොත් ඔබටත් සතුටක් දැනේවි.
  • දරු ප්‍රසුතියකින් පසුව අම්මාගේ සෞඛ්‍යයත් ඉතාම වැදගත්. අම්මා ලෙඩ වුනොත් පැටියාගේ කිරි ටිකත් අහිමි වෙන නිසා කිරි දෙන අම්මා නිතරම තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දක්වන්න ඕන. කෙසෙල්වල අඩංගු එය පොටෑසියම්, විටමින් බී 6, තඹ, මැන්ගනීස් සහ තන්තු මගින් මේ අවශ්‍යතාවය අම්මාට නොඅඩුව සැපයීමට සූදානම්.
  • දරු ප්‍රසූතියෙන් පසුව අම්මාට ඇති වෙන පසු මානසික අවපීඩනය ඉතාම නරක තත්වයක්. මේ නිසා ඇතැම් මව්වරු සිය දිවි නසා ගැනීමට තරම් යොමු වෙන අවස්ථා තිබෙනවා. කෙසෙල්වල ට්‍රිප්ටෝෆාන් නම් ඇමයිනෝ අම්ලයක් අඩංගු වන අතර එය දරු ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ශරීරය ට්‍රිප්ටෝෆාන් භාවිත කරන්නේ මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ හෝමෝනයක් වන සෙරොටොනින් නිපදවීමට සහ ඔබට හොඳ හැඟීමක් ලබා දීමෙන් ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා.
  • කිරි දෙන අම්මාගේ තරබාරුව මට්ටු කරන්න සිදු වෙන අවස්තාවනුත් නැත්තේම නැහැ. මේ කාලයේදී කිරි වෙනුවෙන් ආහාර ගැනීම නිසා ඒ තත්වය ඇති වුනත් කෙසෙල් ආහාරයට ගන්නා විට එක්තරා වාසියක් තිබෙනවා. කෙසෙල්වල පිෂ්ටය වැඩි වේලාවක් ආමාශයේ රැදී තිබෙන නිසා බඩගින්න පාලනය වෙනවා. ඒ හින්දා අම්මාට නිතර නිතර ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. පෝෂණයත් මැනවින්ම ලැබෙනවා. කෙසෙල්ගෙඩියකින් ලැබෙන මේ නියාමනය නිසා අම්මා අනවශ්‍ය තරබාරුවෙනුත් වලකා ගන්නවා.
  • කෙසෙල් නිසා මහ අන්ත්‍ර ආශ්‍රතව ප්‍රෝබියෝටික් මට්ටම ඉහළ යෑම නිසා පෝෂණය අවශෝෂණය කර ගැනීමත් ඉතාම පහසුයි. ඒ විතරක් නොවෙයි, කෙසෙල්වලට ආම්ලිකතාවය උදාසීන කිරීමේ හැකියාව තිබෙන නිසා ආහාර ජීරණය පහසු කරනවා විතරක් නොවෙයි, ජීරණ ගැටළුවත් අවම කිරීමට උපකාර වෙනවා.
  • ඒ වගේම කෙසෙල්වල අඩංගු විටමින් සී සහ බී 6, සහ ෆීනෝල් ​​සහ ෆයිටොස්ටෙරෝල් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග මගින්  ප්‍රතිඔක්සිකාරක ශක්තිය ගොඩ නගමින් අම්මාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරනවා.

කෙසෙල් ගෙඩි සහ සලාද වගේ විතරක් නොවයි, විවිධ විදිහට ආහාරයට ගැනීමට පුලුවනි.

  • පෙති කපන ලද කෙසෙල් ඔබේ පෑන්කේක් එකට එකතු කර එය රසවත් කරන්න. 
  • පාන් සමග කෙසෙල් පෙති සහ බටර් තේ හැන්දක් ගන්න. 
  • යෝගට් සමඟ පෙති කපන ලද කෙසෙල් ගෙඩියක් ගන්න. 
  • පළතුරු සලාද හා පුඩිං වලට කෙසෙල් එකතු කරන්න. 
  • ඕට්ස් සමග කෙසෙල් හා කිරි එකතු කර ගෙන ආාහරයට ගන්න.
  • කෙසෙල් පළතුරු යුෂ විදිහටත්  පානය කරන්න පුලුවනි.

තොරතුරු MomJunction

 

කොවිඩ් 19 හමුවේ මුඛ ආවරණ පැළඳීම කුඩා දරුවන්ට සුදුසුයිද? | Dr. Samantha De Silva

කොවිඩ 19 එක්ක මුඛ ආවරණ භාවිතයට ලොකු කුඩා කවුරුත් හුරු වුණා. ඒත් මේ අපේ පුංචි දරුවන්ට මාස්ක් දැමීම සුදුසුද? දැන් අපි කාටත් සිද්ධ වෙලා තියෙන්නෙ කොවිඩ් 19 ජීවත් වෙන්න. පුංචි දරුවෝ වුණත් හැමදාම ගෙදර තියා ගන්න බැහැ. කොවිඩ් 19 වැළකෙන්න අපිට ලබාදෙන සෞඛ්යන උපදෙස් අතරේ මුව ආවරණ අනිවාර්ය වෙලා තියෙනවා. ඒත් මේ පුංචි දරුවන්ට මුව ආවරණ සුදුසුද නැද්ද කියලා හොයලා බැලුවේ නැහැ නේද?

SHOW LESS

ඔබේ දරුවාට පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අමතරව ලබාදිය යුතු එන්නත්මො නවාද?

පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් මාලාවක් සෞක්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා. එත්, ඊට අමතරව එන්නත් වර්ග කීපයක් පෞද්ගලික අංශයෙන් දරුවන්ට ලබා දෙනවා. පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව ලබාදෙන අනිවාර්ය එන්නත් මාලාවට අමතරව ලබාගත යුතුයැයි නිර්දේශ වී තිබෙන එන්නත් වර්ග මොනවාද? එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු. Sri Lanka immunisation schedule

උපත් බර අඩු දරුවෙකු නිවෙසට රැගෙන ආ පසු බලා ගන්නේ මෙහෙමයි

උපතේදී 2500g ට වඩා අඩු බරකින් යුක්ත දරුවන් අඩු උපත් බර (Law Birth Weight – LBW) ලෙස හඳුන්වනවා. මෙසේ උපත් බර අඩු වූ දරුවෙකු නෙමේරු (Premature) දරුවෙකු විය හැක. නැතහොත් ගැබ් කාලයට සරිලන බරට වඩා අඩු බරක් (Small for Gestational Age – SGA) ඇති දරුවෙකු ද විය හැක. ඇතැම් දරුවෙකුට මේ හේතු දෙකම බලපා තිබිය හැකියි. බොහෝ රටවල උපදින දරුවන්ගේ 15% -20% උපත් බර අඩු දරුවන් වන අතරම ශ්‍රී ලංකාවේ උපදින දරුවන්ගේ 16% ක් උපත් බර අඩු දරුවන් ලෙස දැක්විය හැකිය.

සාමාන්‍යයෙන් නිසි උපත් බර සහිතව බිහිවන දරුවන්ට අවශ්‍ය මව්කිරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපත් බර අඩු දරුවන්ට අවශ්‍ය වේ. මෙම දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ තම මවගේ මව් කිරිය. නිසි ගැබ් වයසට පෙර දරුවකු ප්‍රසූත කරන මවගේ කිරි, එම ළදරුවාට සරිලන අන්දමේ විශේෂත්වයක් ඇතිව නිෂ්පාදනය වේ. මෙම කිරි වල ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ඇතිවා මෙන්ම ආසාවලට එරෙහිව කටයුතු කළ හැකි සාධක ද වැඩිපුර අඩංගු වේ

නොමේරු දරු උපත්වලට හේතූ

  • ආසාධන (Infection)
  • මවගේ බර අඩු වීම
  • මව වයස අවුරුදු 18 අඩු වීම
  • දරුවන් වැඩි ගණනක් සිටින මවක් වීම
  • කලින් නොමේරු දරු උපත් සිදු වූ මවක් වීම
  • ගැබ්ගෙල ගැටලු (cervical incompetence)
  • පූර්ව ප්‍රසව රක්තපාතය (Anti Partm Haemorrhage – APH)
  • ගර්භාෂ අසාමාන්‍යතා
  • මවගේ Rh නොගැලපීම් හෝ දියවැඩියාව නිසා දරුවෙකු බිහිවීම ඉක්මන් වීම.

 

නොමේරු දරුවෙකුගේ ලක්ෂණ

  • කෘෂ වූ පෙනුම
  • රැලි වැටුණු සම (මේද පටක අඩු වීම)
  • රත් පැහැ වීම
  • හිසේ වට ප්‍රමාණය, පපුවේ වට ප්‍රමාණයට වඩා වැඩි වීම.
  • පියයුරු වල ප්‍රමාණය 5mm වඩා අඩු වීම.
  • බාහිර කන මෘදුය.
  • බාහිර ලිංගේන්ද්‍රියන් වැඩීම අඩුය
  • පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ, වෘෂණ කෝෂ තුළට වැටී නැත.
  • ගැහැනු දරුවෙකුගේ යෝනියේ මැද කොටස (මණිකයClitoris)  පැහැදිලිව පෙනේ.

 

නොමේරූ ළදරුවෙකුහට ඇති විය හැකි ගැටලු

  • ප්‍රසූතියට පෙර මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම Perinatal asphyxia 
  • උපතින් පසු රුධිරයේ සීනි, Ca, Mg අඩු වීම
  • ශරීර උෂ්ණත්වය අඩු වීම
  • පෝෂණ ලබාදීමේ ගැටලු
  • පෙනහලු වල නිසි පරිදි වර්ධනය නොවී තිබීම නිසා පෙනහලු අශ්‍රිත රෝග
  • ස්වසනය නැවැත්වීම (Apuoea)
  • මොළයේ රුධිර ගැලීම
  • පෙනහලු තුළ ඇති වන රුධිර ගැලීම්
  • රුධිරයේ බිලි රුබින් ප්‍රමාණය වැඩි වීම
  • පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් නිසා රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම
  • රුධිරයට බැක්ටීරියා ඇතුළු වීම (Septicemia) හා ආවෘති දාහය (Maningitis)
  • බඩ වැල්වල කොටස් අකර්මන්‍ය වීම 
  • හෘද රෝග

උදා: උපතේදී වැසිය යුතු හදවතේ සිදුරු නොවැසීම

  • ඇස් අන්ධ වීම
  • නීරක්තිය
  • පසු කාලීනව විටමින් D ඌනතාවය ඇති වීම

 

නොමේරූ ළදරුවෙකුගේ පෝෂණය

  • ඉපදී පළමු දින කිහිපය තුළ දරුවාට මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි වේ. මේ නිසා ශිරා ගත කිරීම මඟින් පෝෂණ අවශ්‍යතා රෝහලේදී සම්පූර්ණ කරයි. දරුවාට ආහාර ජීර්ණය වන තත්ත්වයට පැමිණි විට මුඛයෙන් ආහාර ලබාදේ.
  • සති 30 – 32 අඩු දරුවන්ට රෝහලේදී නාසය හරහා ආමාශයට නලයක් ඇතුළු කිරීම මගින් මවගෙන් දොවාගත් කිරි ලබාදේ. මව්කිරි නාලයකින් දෙන විට මවගේ ඇඟිලි ඉරීමට දරුවාට ඉඩ සැලසීම අවශ්‍ය වේ. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වී දරුවාගේ බර වැඩි වේ.
  • සති 30 – 32 වයස් දරුවන්ට නාලය මාර්ගයෙන් වැඩිපුර ලබාදෙන විට හැන්දක් හෝ පොඩි කෝප්පයකින් දිනකට දෙවරක් පමණ කිරි පෙවීම ආරම්භ කළ යුතු වේ. කෝපපයෙන් හොඳින් ආහාර ගන්නා විට නාලයෙන් ලබාදීම අඩු කළ යුතුය.
  • සති 32 හෝ ඊට වැඩි වයස් දරුවන්ට පියයුරෙන් කිරි දීම ආරම්භ කළ හැක. තන අඩුව ප්‍රතී මාර්ගයෙන් සොයා ලෙව කෑම හෝ කිරි ටිකක් උරා බීම ළදරුවාට කළ හැකි නමුත් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය කෝපපයකින් හෝ නාලය මාර්ගයෙන් දීමට මතක තබාගත යුත්තකි
  • ළදරුවා ස්ථාපිත ලෙස පියයුරෙන් කිරි බීම පටන් ගත් පසු ඔහු හුස්ම ගැනීම සඳහා කිරි බීම නිතර නිතර තාවකාලිකව නවත්වනවා ඇත. මෙවිට ළදරුවා පියයුරේම තබාගැනීම ඔහුට නැවත අවශ්‍ය වූ විට කිරි උරාබීමට උපකාරයකි. පියයුරෙන් කිරි බී අවසන් වූ පසුව දරුවාට කෝප්පයකින් නැවත කිරි පොවන්න. එසේ නොමැති නම් කෝප්පයෙන් හා පියයුරෙන් මරුවෙන් මාරුවට කිරි දෙන්න

 

කෝප්පයකින් කිරි පෙවීමේදී

  • තමාගේ (මවගේ) උකුල මත කෙලින් හෝ අර්ධ ලෙස ඇල වී සිටින සේ දරුවා වාඩි කරවා ගන්න.
  • කිරි තිබෙන කුඩා කෝප්පය දරුවාගේ තොල වෙතට ගෙනෙන්න.
  • තොල්වලට කිරි ටික ආසන්න වන පරිදි කෝප්පය ඇල කර අල්වා ගන්න.
  • දරුවාගේ යටි තොල මත කෝප්පය ලිහිල් අන්දමට රැඳෙන අන්දමට හා කෝප්පයේ පිට දාරය දරුවාගේ උඩු තොලෙහි පිට පැත්තෙහි ස්පර්ශ වන අන්දමට කෝප්පය අල්ලන්න.
  • දරුවා යුහුසුළුව ඇස් හා කට විවෘත කරයි
  • දරුවා උපත් බර අඩු දරුවෙකු නම් තම දිවෙන් කිරි මුඛය තුලට ගනී.
  • මේරු දරුවෙකු නම් කිරි ඉහිරවමින් උරා බොයි.
  • කිරි මුඛයට වත් කිරීමෙන් (දැමීමෙන්) වළකින්න. දරුවාට කිරි ටික මුඛයට ගන්නා පරිදි කෝප්පය තොල් වලට සමීප කරන්න
  • තමාට අවශ්‍ය ප්‍රමාණය ගත් පසු දරුවා මුඛය වසා කිරි බීම නවත්වයි.
  • දරුවාට අවශ්‍ය යයි පවසා කිරි ප්‍රමාණය නොබිව්වේ නම් ඊලඟ අවස්ථාවේදී කිරි වැඩි ප්‍රමාණයක් බීමට පුලුවන. එසේ නොවුනහොත් කිරි වේල් ගණන වැඩි කරගත යුතුය.
  • දරුවාට කිරිදීමෙන් පසුව ගුඩුස් යවා දරුවා මුනින්තලා ස්ථාපිතයේ මුහුණ පැත්තකට හරවා තබන්න. එවිට කිරි පිට උගුරේ යාම වළක්වා ගත හැක. දරුවා පැත්තකට හරවා කොට්ට තැබීමෙන්ද නිදි කරවිය හැක. දරුවා මුනින් අතට තැබීම පැත්තකට හරවා තැබීමට වඩා ආරක්ෂාකාරී වේ

 

දරුවා නිවසේ තබාගැනීමේදී උණුසුම්ව තබාගැනීම වැදගත් වේ. දරුවා සිටින කාමරය උණුසුම් විය යුතුය. දරුවා රෙදි 2 – 3 හෝ රෙද්ද නවා ස්ථර 2 – 3 ක් සිටින සේ එතිය යුතුය. පාද හා අත් වලට මේස් දමා කන් වැසෙන සේ තොප්පියකින් අවාරණය කළ යුතුය. මීට අමතරව පැනල්, බ්ලැන්කෙට්ටුවක් වුවද භාවිත කළ හැක. මවට දරුවාට අත තබා සීතල වී ඇති දැයි බැලීමට හුරුකළ යුතුය. මීට අමතරව දරුවා සීතල වීමෙන් අත් හා පාද තොල් (නිල්) දම් පාටක් ගනී. තවද ශරීරය පුරාම පුල්ලි පුල්ලි ලප දැකිය හැක. මේ පිළිබඳව මව දැනුවත් කළ යුතු අතර එසේ වුවහොත් දරුවා අමතර උණුසුම් කිරීමක් කළ යුතු වේ. මීට අමතරව දරුවාගේ උණුසුම රැකීම සඳහා KMC – Kangaroo mother Care වලට මව හුරුකළ යුතුය. මෙය හෙද කාර්ය මණ්ඩලයේ නීරීක්ෂණය යටතේ කළ යුතුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණව ලැබූ හෙද නිලධාරිනි ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

කොවිඩ් නිසා ගෙදරටම කොටු වුණු ඔබත් දරුවනුත් පීඩනයෙන් මුදවන උපදෙස් 10ක්

පසුගිය මාස කිහිපය ලංකාව පමණක් නොව මුළු ලෝකයම උඩුයටිකුරු කළ බරපතල කාල සීමාවකි. චීනයෙන් ඇරඹි කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග බහුතරයක් රටවලට ඉන් සිදුවුණ පීඩාව සුළුපටු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්- 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමත් සමග තත්ත්වය තවදුරටත් බරපතල එකක් විය.  

ශීඝ්‍රව ව්‍යාප්ත වූ වෛරසය ලෝකය පුරා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි කරවමින් ඉදිරියට ඇදෙද්දී ඇස් පනාපිටම උදුරාගත් ජිවිත සංඛ්‍යාවද එසේ මෙසේ නොවිණ. මෙවන් බරපතල තත්ත්වයක් මත ලෝකය පුරා රටවල් බොහෝ ගණනක ඇඳිරි නීතිය පනවන්නට වූයේ වෛරසය ව්‍යාප්තිය පාලනයේ වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නොවුණු තැනය.

ලංකාවේ තත්ත්වයද එසේ වෙද්දී ජනතාව නිවෙස් තුළටම කොටු වූ කාලය මාස තුනකට ආසන්න විය. මතක ඇති කාලයකින් පවුලේ සියල්ලන්ම එකට එකතු වූ සතුටුදායකම කාලය මෙය බව බොහෝ දෙනෙකුගේ අදහසද විය. ආරම්භයේදී එය එසේ වුවත් දිනෙන් දන ගතව මාස ගණන් පසුවෙද්දී තත්ත්වය තරමක් වෙනස් විය. කාර්යබහුල දින චර්යාවකට පුරුදුව සිටි බොහෝ දෙනෙක්ට සියල්ලන්ටම මෙකී දීර්ඝ නිවාඩුව නැති ප්‍රශ්න ඇති කරවන්නක් විය. 

ගෙදරදොර කටයුතු පාලනය ඔබට වෙනදාට වඩා තරමක සංකීර්ණ එකක් වූවාට සැක නැත. රැකියා කටයුතු අඩාල වීම මුල්‍යමය ප්‍රශ්න ඇතිකරවන්නට සමත්වන්නට ඇත. වෙනදා නොවිදි මෙම ඒකාකාරී ජීවිතය බොහෝ දෙනෙකුට තරමක සංකීර්ණ තත්ත්වයක් බවට පත්වද්දී ලොකුම ගැටලුවට මුහුණ දෙන්නට සිදුවූයේ කුඩා දරුවන් සිටිනා දෙමව්පියන්ටය. 

උද්ගතව ඇති තත්ත්වය තේරුම් ගැනීමට ඔවුන්ගේ පුංචි මනසට හැකියාවක් නැත. ඔවුන්ට ඇති එකම බරපතල ප්‍රශ්නය වූයේ වෙනදා මෙන් නිදහසේ දුව පනිමින් එළියේ හැසිරෙන්නට අවස්ථාව නොලැබී නිවසේ සිරවී යාමයි. සමාජ දුරස්ථ භාවය ඔවුන්ට ගෝචර නොවන්නකි.

මේ නිසාම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් දෙමවුපිය ඔබ තුළ ඇති කරන්නට ඇත්තේ අමතර පීඩනයකි. දරුවන්ගේ හැසිරීම් වඩාත් අභියෝගාත්මක වන්නට ඇත්තේ ඔවුන්ගේ  ආහාර ගැනීම සහ නිදාගැනීම වැනි චර්යාවන් තුළ වෙනදාට වඩා ව්‍යාකූල ස්වභාවයක් ඇති කරවමිනි. එබැවින් මතුව තිබෙන මෙම ජාතික ගැටලුව හමුවේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් වැඩිහිටි ඔබ තුළ මතුව පවතින දැඩි පීඩනයෙන් මිදීමටත්, දෙමව්පියන් ලෙස ඔබ වගකීම් සහගත විය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙහි මූලික අරමුණ වේ.  

 

  • ඔබටම කාරුණික වීම 

 

මෙම ඒකාකාරී ජීවිතය පිලිබඳ මැසිවිලි නැගීම වෙනුවට එම කාලය තමන් වෙනුවෙන් යොදා ගැනීමට සිත යොදවන්න. නාන කාමරය තුලදී ඔබට බොහොම නිදහසේ පස් වතාවක් ගැඹුරු දිග හුස්මක් ගෙන පිට කිරීම ඔබේ සිතට තරමක සහනකාරී හැඟීමක් ඇති කරවයි. තමන් කැමතිම ඇඳුම්වලින් සැරසෙන්න. තමන් කැමතිම උණුසුම් පානයක් නිදහසේ රසවිඳින්න. වෙනදා තමන් වෙනුවෙන් නොලැබුණ කාලය මේ මොහොතේ ලබා දෙන්න. 

 

  • අසමත් වීමට ඔබට අවසර දෙන්න

 

කිසිම මොහොතක පරිපුර්ණත්වය යනු සම්මතය නොවන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මෙවැනි හදිසි තත්ත්වයකදී කිසිසේත්ම එවැනි තර්ක පිළිබඳ ඔබ කණගාටුවට පත්විය යුතු නොවේ. ඔබ ඔබේ දරුවා සමග හෝ නැතිව හෝ නියැලෙන කිසිම කාර්යකදී එය අතිශය සාර්ථක වීම මෙවැනි මොහොතක කිසිවෙකුට ප්‍රයෝගික නොවනු ඇත. එනිසා එය ප්‍රශස්ත මට්ටමකින් හැසිරවීමට උත්සහ ගන්න. ඒ පිලිබඳ සතුටු වන්න. මීළඟ අවස්ථාවෙන් වැඩි ප්‍රයෝජන ලබාගැනීමට හැකි බව අමතක නොකරන්න. 

 

  • එතරම් මහන්සි වී වැඩ නොකරන්න 

 

මෙම කාලය නිවසේ අලසව සිටීමට අකමැත්තෙන් දැඩි මහන්සියකින් සියල්ල එකවර අවසන් කිරීමට ලැබුණු කාලයක් බව වරදවා වටහා නොගන්න. ඔබට ඒවා සෙමින් අවසන් කිරීමට ඇතිතරම් කාලය ඇත. නිතර විනෝදාස්වාදයෙන්ම සිටීමද අවශ්‍යම නැත. එය ඔබට පහසු සරළ අයුරින් ඔබේ දරුවන් සමග හෝ නැතිව  තරමක ව්වෙකයක් සහිතව ගත කරන්න. කම්මැලිකම යනු නිර්මාණශීලිතත්වයේ ආරම්භයයි. එනිසා හොඳින් හුස්ම ගනිමින් තරමක් අලස වීමට ඔබට ඉඩ දෙන්න.

 

  • ඔබේ දරුවන් සමග රැඳෙන්න. ඔවුන් ගැන ආඩම්බර වන්න 

 

පෙරකී ලෙසම සමාජ දුරස්ථභාවය ඔබට වඩා ඔබේ දරුවා තුළ තරමක ආතතියක් ඇතිකර ඇති බවට සැකයක් නොවේ. එනිසාම ඔවුන්ගේ දරාගත නොහැකි හැඟීම් සහ අභියෝගාත්මක හැසිරීම් ඔබේ දරුවාට පමණක් අවේණික නොවන බව සිහිතබාගන්න. ඒ පිලිබඳ කලබලයට පත් නොවන්න. ඒ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමයයි. විටෙක ඔවුන්ගේ තොරතෝංචියක් නැති කතාබහ ඔබව විඩාවට පත්කරනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් තෝරාගත් සැනසිලිකරුවා වීමට තරම් ඔබ ආරක්‍ෂිත යැයි සැළකූ නිසා ඔවුන් ඒවා ඔබ සමග බෙදා ගන්නා බව මතක තබා ගන්න. ඒ පිළිබඳව ආඩම්බර වන්න.

 

  •  නිවසින් පිටත ගෙමිදුලට යන්න 

 

සොබාදහම මානසික ආතතියට හොඳ විසඳුමකි. එය සැබවින්ම අපට කළහැකි දේ තවදුරටත් පුළුල් කරමින් මනස විවෘත කිරීමෙහි සමත්ය.

 

  • යම් ආකාරයක දෛනික චර්යාවක් සාදා ගන්න 

 

එය සැකසූ පරිදි අකුරටම පිළිපැදීම කළ යුතු නොවේ. එමගින් ඔබගේ දෛනික දින චර්යාවේ නිශ්චිත භාවය ලිහිල් කරමින් යම් ගලායාමකට පහසු කරවන අතර ඊට යම් රිද්මයක් ඇති කරවයි. මෙහි කොටසක් ලෙස දවස ආරම්භයේ සහ අවසානයේ ඔබේ දරුවන් සමග විශාල වශයෙන් සම්බන්ධතාවයක් ඇති කරවන ක්‍රියාවන් ඇතුළත් කර දවස පුරා විසිරි යන පරිදි නිවසේ අනෙකුත් සම්බන්ධතා ඇතුළත් කරන්න.   

 

  • ඔබේ ශරීරය චලනය කරන්න 

 

ඔබේ මොළයේ ස්නායුවල රසායනික පරිසරය වෙනස් කිරීමට පහසුම හා වඩාත්ම ප්‍රවේශ වියහැකි ක්‍රමය මෙයයි. මෙවැනි ඒකාකාරී දිනකට ඔබ ඔබේ ශරීරය මිනිත්තු 30ක් චලනය කිරීමෙන් හෘද ස්පන්දනය ඉහළ නංවන අතර එය ඔබේ මොළයට ප්‍රීතිමත් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා දෙයි. 

 

  • හැමවිටම ඔබ විශාල බව සිතන්න 

 

මෙහිදී විශාල බව යනු ශරීර ප්‍රමාණය නොවේ. තමන් නිවසේ පරිසරයට වැදගත්ම අයෙක් බව සිතීමයි. මෙවැනි කාලසීමාවක දරුවන්ගෙන් වැල නොකැඩි එන ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම ඔබට මුහුණ දීමට සිදුවී ඇති. මෙවැනි අවස්ථාවක ඔබේ දරුවන්ගේ සියලුම ගැටලුවලට ඔබ පිළිතුරු දැනසිටීම වැදගත් නැත. ඔවුන්ගේ පිළිතුර විය යුත්තේ ඔබයි. මේ මොහොතේ මාර්ගය මදක් නොපැහැදිලි වුවද ඔබට මගක් සොයාගත හැකි බවට විශ්වාසයක් ඇතිකර ගන්න. 

 

  • හැකි පමණ දරුවන් සමග සෙල්ලම් කරන්න 

 

සෙල්ලම් කිරීම යනු දරුවන් විශාල හැඟීම් ක්‍රියාවට නංවන ආකාරය වන අතර  එය දරුවන් සමග ඔබේ සම්බන්ධතාවය තව තවත් ගැඹුරු කිරීම සඳහා උදව්වන්නක් බව දෙමව්පිය ඔබ සිහිතබා ගන්න. 

 

  • අසීරු වුවත් මෙම කාලය තුළින් සිදුවන යහපත ගැන සිතන්න 

 

කිසිවෙක් බලාපොරොත්තු නොවුන මොහොතක මුළු ලෝකයටම බලපෑ කොවිඩ් 19 වෛරසය අප සියල්ලන්වම නිවසේ රඳවා ඇත. ඔබේ දරුවන්ට මෙන්ම ඔබටද එය අලුත් අත්දැකීමකි. මින් පෙර ක්‍රියාත්මක නොවූවකි. මෙකී වෛරස ව්‍යාප්තියේ බලපෑමේ අතුරුපල ලෙස ජන ජිවිත අවුල් සහගත වීම, වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද කිසිදිනක නොවූ පරිදි කාංසාව සහ මානසික සෞඛ්‍ය ගැටළු පැන නැගුනේය. නමුත් ඒ බව සිතමින් තැවී තැවී සිටීමට මෙය කාලය නොවේ. ඔබේ පවුලේ අය සමග නිතර එක්ව රැඳෙන්න. ඇතැම්විට නැවත කිසිදිනක ඔබට ජිවිතයේ මෙවැනි අවස්ථාවක් හමු නොවණු ඇත. වැඩිහිටියන්, දෙමව්පියන් ලෙස වගකීම් සහගත වන්න.  මේ සියලු වසංගත තත්ත්වයන් අවසානයේ ඔබ සැබවින්ම ජිවිතයේ ඉක්මන් විය යුත්තේ මොනවා වෙනුවෙන්දැයි බුද්ධිමත්ව හිතන්න. තීරණය කරන්න.

 

එතෙක් තමන්ගේ පවුල සමගින් එක්ව සිටින්න. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න. ප්‍රවේශම්වන්න!

FRP – BC වෙබ් අඩවියේ ලිපියක් ඇසුරෙන් සකසන ලදී

 

https://frpbc.ca/parenting-during-covid-the-emotional-impact-of-social-distancing/

 

 

 

ගබ්සාවකට හේතු මොනවද?

මින් පෙර ලිපියකදී ස්වභාවික ගබ්සාව පිළිබඳව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. මෙම ලිපිය හරහාද අප බලා පොරොත්තු වන්නේ ස්වභාවිත ගබ්සා වීමට බලපෑ හැකි හේතු, ගබ්සා වර්ග මෙන්ම එවන් අවස්ථාවකදී ලබා දෙන සාත්තුව පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එසේ ගත් කළ ගබ්සාවක් ඇති වීමට මවගේ මෙන්ම ඇතැම් විට කලලයේ යම් යම් තත්ත්වයන්ද හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා.

ගබ්සාවකට මුල් විය හැකි මවගේ හේතූ

  • ගර්භණී මුල් සමයේදී ඇති වන උණ සහිත රෝග තත්ත්ව

උදා: මැලේරියාව, වෛරස් ආසාධන

  • මවට පවතින නිධන්ගත රෝග

උදා: දිගු කාලීනව පවතින වකුගඩු රෝග (Chronic Nephritis)

දියවැඩියාව

දිගු කාලීනව පවතින කැස්ස (Chromic cough)

  • පෝෂණ ඌණතා

උදා: නීරක්තිය – Anemia

  • ගර්භණී මුල් සමයේදී ගන්නා ඖෂධ

උදා: මැලේරියා ඖෂධ

  • අධික චිත්ත වේග
  • හෝමෝන අසාමාන්‍යතා
  • මවගේ රුධිර ඝණ නොගැලපීම
  • මවගේ ගර්භාෂය ආශ‍්‍රිත රෝග

උදා: ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීම

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයේ පහළ ඛණ්ඩයේ රෝපණය වීම
  • හදිසි අනතුරු
  • ගැබ්ගෙල අසාමාන්‍යතා

 

ගබ්සාවකට මුල් විය හැකි දරුවාගේ හේතූ (40% පමණ බලපායි)

  • වර්ණදේහ අසාමාන්‍යතා
  • සංසේචිත ඩිම්බය රෝපණයේදී ඇතිවන අසාමාන්‍යතා
  • අපරාවට හානි වීම
  • භ‍්‍රෑණ අසාමන්‍යතා

උදා – විදලිත තල්ල (Cleft Palate), අන්නසෝත්‍රය වැනි නාලවල පටුවීම (atresia) 

  • අවයව පටලයකින් පමණක් වැසී පැවතීම (Exomphollus)

උදා: නාභිය අසලින් උදරයේ කොටස් ඉවතට පැමිණීම

  • Rh නොගැලපීම හා රුධිර ඝන නොගැලපීම 

 

ගබ්සාවන් ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.

  1. ස්වයං සිද්ධ ගබ්සාව (Spontaneous abortion)
  2. පේ‍්‍රරිත ගබ්සාව (Induced abortion)

ප්‍රේරිත ගබ්සාවන් ප‍්‍රතිකාරාත්මක හේතූ නිසා හෝ සාපරාධී ලෙස සිදු කරයි. මෙහිදී අප ස්වයං සිද්ධ ගබ්සාවන් ගැන කතා කරමු.

තර්ජිත ගබ්සාව (Threaten abortion)

සති 24 ට පෙර යෝනිය මගින් රක්තවහනය සිදු වේ. ගර්භාණීතාවය අවසන් කිරීමට තැත් කරයි.  මෙහි ලක්‍ෂණ ලෙස,

  • සුළු රක්තවහනය
  • වරින් වර ඇතිවන උදර වේදනාව

 

තර්ජිත ගබ්සා තත්ත්වයකදී ප‍්‍රතිකාර හා සාත්තුව

මේ තත්ත්වයේදී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. රෝහල් ප‍්‍රතිකාර අවසන්ව නිවසට ගිය පසු පහත ලෙස ආරක්‍ෂා විය යුතුය.

බහිස‍්‍රාවය පිළිබඳව සැලකිලිමත් වීම

  • මලබද්ධයෙන් වැළකීම
  • තැටමීම නොකිරීම
  • මල බද්ධය තිබුනද විරේචක ඖෂධ ලබ නොගැනීම

පෝෂණය

ප්‍රෝටීන අධික විටමින් හා යකඩ අධික ආහාර ලබාදිය යුතුය.

  • වැඩිකලක් ඇඳ විවේකය ගැනීම
  • බර ඉසිලීම, ව්‍යායාම නොකළ යුතුය
  • සංසර්ගයේ නොයෙදිය යුතුය
  • නියම කර ඇති ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතුය
  • පූර්ව ප‍්‍රසව සායනවලට සහභාගි විය යුතුය
  • සුළු රක්තපාතයක් වේ නම් රෝහල් ගත විය යුතුය

 

නොවැලක්විය හැකි ගබ්සාව (Inevitable abortions)

තර්ජිත ගබ්සාව ධාරණ සමය අවසන් වනතුරු රඳවාගත නොහැකි වුවහොත් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී භ‍්‍රෑණයා හා පටල වෙන් වී සම්පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් බවට පත් වේ. නොවැළැක්විය හැකි ගබ්සාවකදී,

  • දරු ගැබ සති 16 ට වඩා අඩු නම් සිහි නැති කර ගර්භාෂය තුළ ඇති කළල කොටස් ඉවත් කළ යුතුය. (ERPC)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් දරු ගැබ ඉබේ ඉවත් වනතුරු ඖෂධ දී ඉවත් නොවූ භ‍්‍රෑණ කොටස් පවතී නම් පමණක් සිහි නැති කර ඒවා ඉවත් කරන්න.
  • අවශ්‍ය නම් කලලය ඉවත් කිරීමට ඔක්සිටොසින් (සින්ටොසිනොන්) ඖෂධය සේලයින්වලට දමා ශිරාවක් හරහා ශරීරගත කරයි.
  • ගර්භාෂයෙන් ඉවත් කරන ලද කළල කොටස් පරීක්‍ෂණ සඳහා යැවිය යුතුය. ගබ්සාවට හේතු සෙවීමේදී මේ පටක පරීක්‍ෂා උපකාරී වේ.

 

අසම්පූර්ණ ගබ්සාවක් නම්

  • ලේ වහනය අඩු නම් හෝ දරු ගැබට සති 16 ට වඩා අඩු නම් ඇඟිලි මගින් ගැබ් ගෙල තුළින් එළියට නෙරා ඇති කළල කොටස් ඉවත් කළ හැක.
  • රුධිර වහනය වැඩි නම් හෝ දරු ගැබ සති 16 ට අඩු නම් සිහි නැති කර කළල කොටස් ඉවත් කිරීම ඉක්මණින් කළ යුතුය. නැතහොත් ලේ වහනය අඩු කිරීම සඳහා එර්ගොමෙටි‍්‍රන් නම් ඖෂධය ලබාදේ. (අන්තර් පේශීමය)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් සින්ටොසිනොන් සේලයින් සමග ශිරා ගත කරයි.
  • කළලය ඉවත් වූ පසු නැවත පරීක්‍ෂා කළ යුතු අතර ඉතිරි කළල කොටස් ඇත්නම් සිහි නැති කර ඉවත් කළ යුතුය.

 

සම්පූර්ණ ගබ්සාවක් නම්

  • සති 8 කට පෙර ඇති වන ගබ්සාව බොහෝ විට මෙය විය හැක. පටල නොකැඞී එක්වර පිටවේ. භ‍්‍රෑණයා පිට වූ පසු රක්තවහනය ක්‍රමක‍්‍රමයෙන්ද උදර වේදනාව එක්වරද නැති වේ. ගර්භාෂයේ  ප‍්‍රමාණය කුඩා වේ.
  • අධික රුධිර වහනයක් වේදැයි පරීක්‍ෂාවෙන් සිටිය යුතුය.

 

ගබ්සාවකින් පසු

  • ඉබේ සිදුවන ගබ්සාවන් ගර්භණී කාන්තාවන් අතර ඉතා සුලබය. හඳුනාගත් සියලුම ගැබ් ගැනීම්වලින් 15% (1/7 ක් පමණ) ඉබේම ගබ්සාවලට ලක් වේ. 
  • ගර්භාෂය ආසාධන වීම හෝ වෙනත් ගර්භාෂ අසාමාන්‍යතා පිහිටීම වැනි කලාතුරකින් ඇතිවන අවස්ථා හැර අනෙක් බොහෝ විට නැවත නිරෝගී දරුවෙකු ලැබීමේ හැකියාව සාමාන්‍ය වේ.
  • නැවත ගැබ් ගැනීමට පෙර, තම විශේෂයෙන්ම තම මනස නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වනතුරු සිටීම මීළඟ දරු ගැබ සාර්ථකව වැඬීමට උපකාරී වේ. ඔබේ මානසික තත්ත්වය යළි ගොඩ නඟා ගැනීමට කාලය අවශ්‍ය නම් නැවත ගැබ් ගැනීම පමා කිරීම සඳහා සුදුසු විශ්වාසදායී උපත් පාලන ක‍්‍රමයක් වහා ආරම්භ කළ යුතුය. 
  • ගබ්සාවෙන් දින 4 – 6 දක්වා කාලයක් සුළු රුධිර වහනයක් පැවතීම ගැටලුවක් නොවේ. වේදනාව පවතී නම් වේදනා නාශක ඖෂධ භාවිත කළ හැක.
  • ගර්භණීභාවයේදී ඇති වන ඔක්කාරය, වමනය, ශරීරයේ අප‍්‍රාණික බව දින 3 කින් පමණ නැති වී යයි. පියයුරුවල වේදනාව දින 7 – 10 දක්වා කාලයකින් අඩු වේ. පියයුරු වල තද ගතිය හා වේදනාවක් පවතී. අල්ලනවිට වේදනාව ඇති වේ. 
  • පියයුරුවලින් කිරි වැනි ස‍්‍රාවයක් පිට වේ. අයිස් පැක් තැබීමෙන් වේදනාවට සහනයක් ලබාගත හැක.
  • වෙව්ලා උණ (1000F) ඇති වේ නම්, අධික රුධිර වහනයක් පවතී නම් (පැයකදී සනීපාරක්‍ෂක තුවාය, අධික ලෙස තෙත් වේ නම්), උදර වේදනාව වේදනා නාශකවලට  සමනය නොවේ නම් වහා වෛද්‍ය උපදෙස් ගත යුතුය.

 

වෙනත් රෝගයක් නොමැති නම් ගබ්සාවෙන් පසු වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත් සමහර විට ෆෝලික් අම්ලය වැනි අතිරේක විටමින් වර්ග දිගු කාලයක් ගැනීමට අවශ්‍ය විය හැක. නැවත ගැබ් ගැනීමක් සිදු වූ විගස වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

 

ගබ්සාවකින් පසු ඊළඟ ගැබ්ගැනීම පමා කිරීමට අවශ්‍ය කාන්තාවන්ට සුදුසු පවුල් සැලසුම් ක‍්‍රම

පහත දැක්වෙන යම් ක‍්‍රමයක් ගබ්සාවෙන් දින 7 ක් ඉක්මවීමට පෙර ඇරඹිය හැකිය.

  • කොන්ඩම්/රබර් කොපු

 ඕනෑම අයෙකුට  ඕනෑම අවස්ථාවක භාවිත කළ හැක.

  • හෝමෝන වර්ග

මේවාද ගබ්සාවෙන් දින 7 ක් තුළ ඇරඹිය හැක

  • උපත් පාලන – ගිලින පෙති 
  • DMPA වැනි එන්නත් (ඩිපොප්‍රොවේරා)
  • ගර්භාෂය තුළට දමන ලූප් (IUCD)

ඔබ නිසි සෞඛ්‍ය තත්ත්වයේ සිටී නම් වෙනත් අසනීපයක් නොමැති නම් ලූපය පැළදිය හැක. එනම් ගර්භාෂයේ ආසාධනයක් ඇත්නම් ලූප් දැමීමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගත යුතුය. එසේම නීරක්තිය ඇති (හිමොග්ලොබින් 7g/dl ට වඩා අඩු නම්) කාන්තාවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවන තුරු ලූප් දැමීම ප‍්‍රමාද කළ යුතුය.

 

  • යම් අවස්ථාවක ලූප් දැමීම ප‍්‍රමාද වන්නේ නම් කොණ්ඩම් වැනි උපත් පාලන වර්ගයක් ලබාදෙන්න. 
  • ගබ්සාවෙන් පසුව ඉතා කෙටි කලකින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් කොන්ඩම්,
    උපත් පාන පෙති, එන්නත් භාවිතය වඩාත් සුදුසුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.