SHOW LESS
දෙමව්පියන් පමණට වඩා දරුවන්ට ආධිපත්‍ය දක්වන්න එපා.
අම්මා ,තාත්තා දරුවන්ට සැරට ඉන්නේ ඇත්තටම ආදරය නැතුවාම නොවෙයි.සමහර දෙමව්පියන් හිතන්නේ දරුවන්ට පමණට වඩා ලං වුනොත් ඔවුන්ගේ බය සැක නැති වෙලා යහ මගට ගැනීමටත් බැරි වෙන තරම් නරක දෙයක් කියලා.තවත් දෙමව්පියන් නිතරම තමන්ගේම අණසක යටතේ දරුවන් මට්ටු කර ගැනීමට උත්සාහ ගන්නවා.
දෙමව්පියන්ගේ පැත්තෙන් මේ රටාව හරිද..?
ඔව්..හැම දෙමව්පියෙකුටම උවමනා වෙන්නේ තමන්ගේ දරුවාට අනාගතයක් සූදානම් කිරීම. ඒ නනිසාම දරුවා බාල කාලයේ පටන්ම පාලනයක් යටතේ ඔවුන් ගොඩ නැගීමට දෙමව්පියන් උත්සාහ කරනවා.ඒ වුනත් මේ දැඩි පාලනය දරුවාගේ මානසිකත්වයට වගේම ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් එතරම් ඵලදායී නොවන බව වර්ජිනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.අද දවසේ දෙමව්පියන්ගේ දැඩි පාලනයට නතු වුනත්
මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි..
මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි.දැන් ඔබ හිතයි ඇයි එහෙම කියන්නේ..මේ අධ්‍යනය දවසකින් දෙකකින් අවසාන වුනේ නැහැ.අධ්‍යනය වෙනුවෙන් තෝරා ගත්තේ ඇමරිකා ගිණිකොන දිග ප්‍රදේශයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වුන දරුවන්184 ක් සම්බන්ධ කර ගත්තා ඔවුන් මේ අධ්‍යනයේදී දරුවාගේ වයස 13 අවුරුදු සිට 32 දක්වා වසර 19 ක තරම් වූ කාලය පුරා දිගටම ඔවුන්ගේ තොරතුරු එක් රැස් කළා. මේ පර්යේෂන ”අන්වා යැමේ “ක්‍රමවේදයට සිදු වූවක්. මෙතැනදී හැම වසරකදීම නිවසේ තත්වය,දරුවාගේ මානසිකත්වය, දෙමව්පියන් සහ දරුවා අතර පවත්නා සම්බන්ධතාවය පර්යේෂක කණ්ඩායමේ අවධානයට පත් වුණා.
ආදර සම්බන්ධතාවයන්හිදී සාර්ථක වුනේ නැහැ.
අද දරුවා හෙට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගත යුතු චරිතයක්.ඒ නිසා දරුවන්ට වුනත් ආදරය ගැන හැඟීම් දැනීම් ඇති වෙනවා.එය අමුත්තක් නොවෙයි.මෙතැන ගැටළුව ඇති වෙන්නේ නිසි වයසට පෙරාතුව ආදර සම්බන්ධතාවයන් පටන් ගැනීමයි.සමහර විට දෙමව්පියන්ගේ දැඩි පාලනයට හසු වෙලා ඉන්න නිසාම දරුවා ඒ පැත්තට යොමු වෙන එකක් නැහැ.ඒත් නිසි වයසේදී ඔවුන් පවුලක් ගොඩ නගා ගත්තාම මොකද වෙන්නේ..?
ආදර සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට නොහැකි වීමත් ගැටළුවක්..
දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ජීවිතයක් පටන් ගන්නවා.ඒ ජීවිතයේදී ඔහු වැඩිහිටියෙක්.නමුත් වයස අවුරුදු 13 ක් වැනි කාලයේදී පවා දෙමව්පියන්ගේ දැඩි තීරණ මත යැපුන දරුවෙකුට තම සැමියා හෝ බිරිඳ සමග ආදරයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා.ඒ නිසා යම් වයසකදී දරුවන් වෙනුවෙන් පනවා තිබෙන දැඩි පාලනයෙන් ටිකක් දුරස් වීමත් වඩාත් හොදයි.
ඉගෙනීමේ හැකියාවන් දුර්වල වීම
මේ දරුවන්ට ඉගෙනීමේ හැකියාවන් නැතුවා නොවෙයි.නමුත් බාල කාලයේ මුහුණ දුන් දැඩි පීඩනය නිසා ඉගෙනීමේදී සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ.ගණිතය වැනි විෂයන්හිදී තාර්තික ඥානයෙන් දුර්වලයි. සෞන්දර්ය කටයුතු පැත්තෙන් පවා මේ දරුවන් හැකියාවන් පෙන්වන්නේ නැහැ..නමුත් ඔවුන් සහජ බුද්ධියෙන් දුර්වල පිරිසක් නොවෙයි.බාල කාලයේදී දෙමව්පියන්ගේ දැඩි පාලනය නිසාම මේ දරුවන්ගේ ඉගෙනීමේ හැකියාවන් නොදැනීම පසුගාමී තත්වයකට පත්ව ඇති බැව් වර්ජිණියා පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
මහජන සම්බන්ධතාවයන්හිදී ඉතාම දුර්වලයි.
අපි කාටවත් තනිවම ජීවත් වෙන්න බැහැ.සමාජ සම්බන්ධතාවයන් අවශ්‍ය වෙනවාමයි.ඒ වගේම සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා ශිල්පයත් දැනගෙන සිටම වැදගත්.දෙමව්පියන් සමග සිටින විට නම් ඒ අනුව හැසිරෙන නිසා මේ සම්බන්ධතාවයන් ගැන දරුවන්ට දැණුමක් නැහැ. නමුත් ඔවුන් ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගත් දිනට සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම ජීවිතයේ අවශ්‍යතාවයක් බව අමතක කරන්න එපා.නමුත් පුංචි කාලයේ පටන්ම දෙමව්පියන්ගේ අණසකට යටත්ව,ඔවුන් විසින්ම මෙහෙයවන සහ දෙවියන්වහන්සේ කිව්වත් දරුවන් වෙනුවෙන් ගත් තීරණ වෙනස් නොකරන දෙමව්පියන් යටතේ සිටින දරුවන්ට පසුකාලයකදී සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම අපහසු වෙනවා.
වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන පත්‍රිකාවක තොරතුරු ඇසුරිනි
දරුවන්ගේ අනාගතය ලොක්ඩවුන් විය යුතු නැහැ.
කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂාව සදහා ලෝකයේ සෑම රටක්ම පාහේ අනුගමනය කළ ලොක්ඩවුන් ක්‍රියාවලියේ පසුවිපාක ගැන දැන් කතා බහ පටන් ගෙන තිබෙනවා. සමාජ දුරස්ථබව ඇති කිරීම වෙනුවෙන් ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුනත් මේ නිසා තරුණ කණ්ඩායම්වල අනාගතයේ පැවැත්ම ගැන නම් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.
තරුණ පිරිස්වල මානසික පීඩනය වැඩි වීමට ඉඩ
වයස අවුරුදු 10 සිට 24 පරාසයේ පිරිස් අතර අන්තර් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. මේ ඔවුන්ගේ මොළයේ වර්ධනය සිදු වෙන කාලයක්.ඒ නිසාම මේ දරුවන් සමාජය ප්‍රිය කරනවා.ඔවුන් සෘජු අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නග ගැනීමට බොහොම කැමැත්තෙන් සිටිනවා.
ඒ වුනත් පැවැති තත්වය නිසා වෙනත් කිසිදු විකල්පයක් නොවුන තැන සිදු වුන ලොක්ඩවුන් තත්වය නිසා තරුණ දරුවන් නොදැනීම හුදෙකලා වුණා. මේ වෙනුවෙන් හැම රටක්ම බොහොම උජාරුවෙන් සදහන් කරන්නේ මාර්ගගත අන්දමින් එහෙමත් නැත්වම් වර්චුවල් තාක්ෂණය මගින් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට කටයුතු සිදු කළ බවයි.නමුත් මේ අතථ්‍ය ලෝකයේ සම්බන්ධතාවයන් දරුවන්ගේ වැඩෙන මොළයේ සංවර්ධනයට සාර්ථක විසදුමක් නොවන බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා.
හුදෙකලාව
ලොක්ඩවුන් සීමා සහ පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට සිදු විය හැකි මානසික බලපෑම් පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.හුදෙකලා වීම (Isolate) සහ සිය සගයන්ගෙන් වෙන්ව සිටීම ඔවුහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (Unicef) පවසන පරිදි වසංගතයේ මුල් කාලයේ සමීක්ෂණ සඳහා යොදා ගත් දරුවන් සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ පසුතැවිල්ලෙන් පසු වුණා.ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එයින් තමන් සහ පවුලේ අය මරණයට පත් වනු ඇතැයි බියකින්ද දරුවන් පීඩාවට පත්ව සිටියා.
නිරිත දිග ජර්මනියේ ගුරුවරියක් වන උර්සුලා ග්‍රාස් සඳහන් කරන්නේ” පළමු සතියේ එය විනෝදයක් වුනා. මොකද පාසල් යන්න නැති නිසා. ඒත් ඉතාමත් ඉක්මනින් ළමයි කනස්සල්ලට (Anxious) පත් වෙනවා,ඒ වගේම නිවසේදී, හුදෙකලා වීම කියන ප්‍රශ්නයත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වුණා.
ඔන්ලයින් මගින් උගන්වනවානේ..
“ගුරුවරු උගන්වන්නේ ගණිතය, භාෂා සහ වෙනත් විෂයන් පමණක් නොවෙයි. සමාජගත වෙන්නේ කොහොමද, වෙනත් අයගේ ගැටලුවක් දෙස ඔවුන්ගේ පැත්තෙන් සිතා බැලීම, අන් අය සමග සෙල්ලම් කරන ආකාරය වගේ දේවල් ඔවුන් ළමුන්ට කියා දෙනවා ,” යනුවෙන් උර්සුලා ග්‍රාස් සදහන් කරනවා. ඒ නිසා ලොක්ඩවුන් වීම සමග දරුවන්ට අහිමි වුනේ පාසල විතරක් නොවෙයි.
දරුවන් කැමැත්තක් දක්වන්නේ සමුහයක් සමග සිටීමටයි.
බැඩ්මින්ටන් පිට්ටණියක් ආහ්‍රිතව සිදු කරන ලද එක් අධ්‍යනයකදී අනාවරණය කර ගත් පරිදි වැඩි පිරිසක් ඉදිරියේ ක්‍රිඩා කරන විට පිරිසක් අඩුව ක්‍රිඩා කිරීමේදී දක්වන දක්ෂකමට වඩා වැඩියෙන් ප්‍රදර්ශනය කරන බව හදුනාගෙන තිබෙනවා.මේ අනුව පර්යේෂකයන් සදහන් කරන්නේ සමාජය සමග සම්බන්ධවීම එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවයි.
වැඩිහිටි මානසිකත්වයට වඩා දරුවෙකුගේ මානසික තත්වය බොහොම වෙනස්.ඔවුන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ නැහැ. නිහඬව විඳවනවා. මේ තත්වය නිසා දරුවන්ගේ මානසික ගැටළු ඔවුන් සමගම ඉදිරියට යෑම ඉතාම අනතුරුදායකයි.ලෝකයේ කිසිම කෙනෙකු බලාපොරොත්තු නොවුන කොවිඩ් 19 වසංගත තත්වය නිසා සිදු වුන ලොක්ඩවුන් තත්වයේ පසුවිපාක ඉදිරි පරමිපරාවට ඉතාම අනතුරුදායක ලෙසින් බලපෑමට ඉඩ ඇති බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විසින් දරුවන් සමග සමීප වී කොවිඩ් 19 පාරිසරික මානසිකත්වය නිසා ඔවුන්ගේ අනාගත ජීවිතයත් ලොක්ඩවුන් වීමට ඉඩ දිය යුතු නැහැ.
චූටියාට අවුරුදු තුනකුත් උනා. දැන් මෙතන ඉදලා කොහොමද?
දැන් නම් අම්මාට චූටි පැටියා ගැන හොඳ අවබෝධයක් වගේම දැනුවත් බවකුත් තියෙනවා. චූටියා උස් මහත් කරගන්න එක නම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි වුණත් මේ හුරතල් මැද්දේ අම්මාට දැනෙන වෙහෙස නම් නිකම්ම නැති වෙලා යනවා. දවසින් දවස අලුත් අලුත් දේවල් චූටියා ඉගෙන ගන්නේ කොහොමද කියලා හිතද්දී පුදුමත් හිතෙනවා නේද?
දැන් අපි බලමු මේ චූටියාගේ අවුරුදු තුනේ ඉඳලා අවුරුදු පහ වෙකන් කාලය ගත වෙන්නේ කොහොමද කියලා වගේම මොනවද චූටියාගේ ශාරීරික හා මනසික ක්‍රියාකාරකම් කියලත්
වයස අවුරුදු 3 සිට 5 දක්වා චූටියාගේ කායික ක්‍රියාකාරකම්
- ඇඳුම් ගැලවීම, ඇඳුම් ඇඳීම සිදු කරයි. නමුත් පුංචි සහයෝගයක් චූටියාට අවශ්‍ය වෙනවා.
- පහසුවෙන් තනි කකුලෙන් පැනීම, දිවීම කරයි.
- කකුල් මාරු කර පඩි නගියි.
- බර යමක් විසි කරයි.
- අත් දෙකෙන් බෝලය ඇල්ලීමට උත්සහ කරයි.
- සෙල්ලම් පිටිවල ඇති උස් ස්ථානවලට තනිව නගියි.
- මහපටඟිල්ල හා දබරඟිල්ල අතර පැන්සල රඳවයි.
- විවිධ වර්ගයේ හැඩතල ඇඳීම අනුකරණය කරයි.
- කතුර හසුරවමින් කඩදාසි කපයි.
- වැසිකිලි යාම තනිව කරයි.
- සරල දේවල් ඉගෙනීමෙන් සතුටු වේ.
චූටියාගේ සමාජීය සංවර්ධනය
- අන් ළමුන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටු වේ.
- විශේෂිත යහලුවෙකු සිටිය හැක.
- සම වයස් අය සමඟ බෙදාහදා ගැනීම, සිනහසීම කරයි.
- සම වයස් දරුවන් එකෙකු හෝ දෙදෙනෙක් සමඟ යම් වස්තුවක් එකිනෙක සම්බන්ධ කරයි.
චූටියාගේ භාෂාව හා සන්නිවේදන හැකියාවන්
- විරුද්ධ පද හඳුනාගනී. උදා: ලොකු – කුඩා, ස්ථාන හඟවන පද, මැද, අවසානය
- යම් යම් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොඩනැඟීම් කරයි. උදා: වැලි, වතුර, බ්ලොක්ස්
- බ්ලොක් 8 – 10 උපයෝගී කරගෙන කුලුණක් සාදයි.
- සරල ප්‍රශවලට පිළිතුරු දෙයි.
- දීර්ඝ අවධානයක් පවතී.
- සෙල්ලම් කරන විට තනිව කතා කරයි.
- සරල උපදෙස් අනුගමනය කරයි.
- සරල ඉල්ලීම් අනුගමනය කරයි. උදව් කිරීමෙන් සතුටු වේ.
- සමහර අංක හා අකුරු ලියයි.
- චරිත බොරුවට මවාපාන් රඟදක්වයි.
- යම් යම් අවස්ථා මතක් කරයි.
- යම් යම් දේවල් ගණන් කරමින් අල්ලයි.
චූටියා වයස අවුරුදු 4 – 5 වන විට
- තනිව ඇඳුම් අඳියි.
- තනි කකුලෙන් පනියි.
- සරල මිනිස් රුව අදියි.
- සෙල්ලම් කරන විට අන් අය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරයි.
- ක්‍රියා පදය අතීත, වර්තමාන, අනාගත කාලවලට අනුව නිවැරදිව භාවිත කරමින් පින්තූර විස්තර කරයි.
- තම නම, වයස ප්‍රකාශ කළ හැක.
චූටියාග් මානසික වර්ධනය සඳහා
- තනි කකුලෙන් පැනීමට අවස්ථාව දෙන්න.
- සෙල්ලම් බඩු එකට ගොඩගැසීමට හා ක්‍රමානුකූලව අසුරා තැබීමට අවස්ථාව සලසන්න.
- නොයෙක් රූප හා වර්ණ හඳුනා ගැනීමට අවස්ථාව දෙන්න.
- තනිව තම කකුල් සෝදා පිස ගැනීමට අවස්ථාව දෙන්න.
- පින්තූර කැපීමට අවස්ථාව දෙන්න.
- තම ඇඳුම්වල බොත්තම් දමා ගැනීමට හුරු කරන්න.
- “ස්තූතියි, කරුණාකර” වැනි වචන භාවිත කළ යුතු සමාජ ආචාර හුරුකරන්න.
- දරුවා අසන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න. බොරු පිළිතුරු හෝ පිළිතුරු දීම ප්‍රමාද කිරීමෙන් වළකින්න.
- කඩේට යාම, ආහාර පිසීම, සෙල්ලම් බඩු පිළිවෙළකට අසුරා තැබීමට සහභාගී කරවාගන්න.
ඔන්න, චූටියාගේ දෙමාපියන්ට උපදෙස්
- ධනාත්මක මඟපෙන්නවීම් කරන්න. සෘණාත්මක මඟපෙන්වීම් වලින් වළකින්න.
- දරුවන්ගේ වැරදි ඔවුනට ඇසෙන සේ වෙනත් කෙනෙකුට කීමෙන් වළකින්න. එවිට දරුවා වේදනාවක් ඇතිවන අතර දෙමාපියන් පිළිබඳව පිළිකුලක්ද ඇති විය හැක.
- දරුවාට යම් ප්‍රශ්නයක් ඇති වූ විට වහා මැදිහත් වීමෙන් හා එය විසදීමෙන් වළකින්න. ඒ වෙනුවට දරුවා සමඟ එකතු වී ගැටලුව විසඳගන්න.
- දරුවා වෙනත් දරුවෙකු සමඟ සැසදීමෙන් වළකින්න.
- දරුවාගේ අයහපත් චර්යාවන් ප්‍රතික්ෂේප කරන්න. යහපත් චර්යාවලට අවධානය දක්වන්න.
- දෙමාපියන් තම ළමුන් හික්මවීමට යොදාගන්න ක්‍රම පිළිබඳව එකඟත්වයක් තිබිය යුතුය
- එකම වැරැද්ද සඳහා දෙන දඬුවම සියලු දරුවන්ට සමාන විය යුතුයි.
- පුහු තර්ජන කිරීමෙන් වළකින්න. කියන දේ කරන්න. කළ හැකි දේ පමණක් කියන්න.
- දරුවන්ගෙන් අසාධාරණ ඉල්ලීම් නොකරන්න.
- ළමුන් සමඟ කතා කරමින් අන්තර් සබඳතා පවත්වන්න. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව පවසන්න. වැඩිමහලු ළමුන් සමඟ තර්කානුකූල සංවාදයක යෙදෙන්න.
චූටියාගේ හැඟීම් හා ආවේග ශක්තිමත් කිරීමට නම්
- පැහැදිලි සාධාරණ නීති දරුවාට ලබාදෙන්න. දරුවා හොඳින් හැසිරෙන විට ප්‍රශංසා කරන්න.
- හැඟීම් ප්‍රකාශ කිරීමට උනන්දු කරවන්න. ඔබ පොත පත කියවන්න. එහි ඇති චරිතවල හැඟීම් කර පෙන්වන්න.
- රූපවාහිනී, Smart phone පරිගණකවලින් දරුවා ඈත් කර තබන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
හුරතල් පූස් පැටියාගෙනුත් ගැබිනි මවට අවදානමක් ඇති විය හැකි බව ඔබ හිතලා නෑ නේද?
සුරතල් සතුන්ට අපි කවුරුත් ආසයි. පුංචි පූස් පැටියෙක් ගෙදර ඉන්නවා නම් අපේ තුරුලට ඇවිත් හුරතල් වෙන්න එයා කැමතියි වගේම මේ පුංචි සුරතලා අතේ තියාගෙන හුරතල් කරන්න ලොකු පොඩි භේදයක් නැතිව අපි කවුරුත් ආසයි. විශේෂයෙන්ම ගැහැනු දරුවෝ. හොඳින් පිරිසිදු කරලා, එන්නත් ලබාදීලා තමන්ගේ ගෙදර ආදරෙන් ඇති කරන පුංචි සුරතලාගෙන් තමන්ට අනතුරක් ඇති කියලා හිතන්න අපි කවුරුත් අකමැති. ඒත් අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. අද කතා කරන්න යන්නෙත් ඒ වගේ වැදගත් කරුණක් ගැන.
තනි සෛලයින් යුතු Toxoplasma Gonadi නම් පරපෝෂිතයා පූසන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බව ඔබ අසා ඇති. එම පරපෝෂිතයා එම සුරතලුන්ගේ මලපහවලට මුසු වන අතරම ඒ හරහා පිටතට පැමිණීමත් සමග ඒ වෙත අප නිරාවරණය වීම නිසා රෝගී තත්ත්ව ඇති විය හැකියි.
ලෝකය පුරාම මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන අටකට පමණ මෙම පරපෝෂිත ආසාධනය පවතී. මෙම පරපෝෂිතයා මිනිස් සිරුරේ මෙන්ම වෙනත් සතුන්ගේ සිරුර තුළද බොහෝ කාලයක් පැවතිය හැක. සමහරවිට රෝග තත්ත්වය පෙන්නුම් නොකර ජීවිත කාලය පුරාවට මෙම ජීවියා ශරීර ගත වී සිටිය හැකි සේම රෝගය සෑදුනද ඉතා සුළු රෝග ලක්‍ෂණ පෙන්විය හැකියි. නිරෝගී පුද්ගලයෙකුගේ ප‍්‍රතීශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වන තරමටම රෝග ලක්‍ෂණ නොපෙන්වා සිටී. නමුත් ගර්භණී කාලයේදී යම් තරමකට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය පහත වැටෙන නිසා රෝග ලක්‍ෂණ පෙන්විය හැක. මවට ඇති වන මෙම රෝගය පෙකණිවැල හරහා මවගෙන් දරුවාට පරපෝෂිතයන් ඇතුළු විය හැක. මෙම තත්ත්වයට මුහුණ දිය හැකි අවදානම් අය ලෙස ගර්භණීතාවයට පෙර හෝ ගර්භණී කාලයේදී ආසාධන වූ මව්වරුන් හා දරුවන් මෙන්ම ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තද බල ලෙස දුර්වල වූ එනම් පිළිකා රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, ඒඩ්ස් රෝගීන් දැක්විය හැකිය.
ගැබිනි සමයේ මුල් සති 10 – 24 කාලයේදී රෝගය වැළඳුනහොත් දරුවාට ඇති වන බලපෑම අඩුවන අතර මාස 9 දී ඇති වුවහොත් බලපෑම වැඩිය.
Toxoplasma Gonadi ආසාදනයේ ලක්‍ෂණ
- ඉදුමුණු වසා ගැටිති
- හිසරදය
- මද උණ
- පේශී වේදනාව
- අධික වෙහෙස
- ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නියමිත ලෙස ක‍්‍රියාත්මක නොවූ නිසා වෙනත් ලක්‍ෂණ
- ව්‍යාකූල බව
- සම්බන්ධීකරණ කිරීම අඩු වීම
- ආක්ෂේප
- ස්වසන අපහසුව
- දෑස් බොඳවීම
මෙම ජීවියා මගින් ළදරුවෙකු තීව‍්‍ර ලෙස ආසාධන වුවහොත් ඔහුගේ/ඇයගේ මොළය, ඇස් යන ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති විය හැකි අතරම ගැබිනි මවක් මේ තත්ත්වයට ගොදුරු වීම ගබ්සාවන් හෝ මළ දරු උපත් ඇති වීමට හේතු විය හැකිය. ආසාධිතව සිටි දරුවෙකු උපදින විට සැලකිය යුතු හානියක් ඇති නොවුනත් පසු කාලයේදී මොළයේ හා ඇස් වල ගැටලු ඇති වීමට හැකියාව ඇත.
සුරතල් සතුන් මගින් හැර මෙම පරපෝෂිතයන් ඇතුළු විය හැකි වෙනත් මාර්ග
- නොපිසන ලද අපිරිසිදු තත්ත්වයේ ඇතැම් සත්ව ආහාර වර්ග
විශේෂයෙන් ඌරන්, බැටලූවන්, කටුව සහිත මාලූ (දැල්ලා, කකුලූවා) වැනි සතුන් මගින්
- අපිරිසිදු දෑත් මගින් ආහාර ගැනීම/ඇල්ලීම
- දූෂිත අමු මාළු, මස් මගින් දුෂණය වූ පිහිය කැපුම් ලෑල්ල වැනි උපකරණවලින් වෙනත් ආහාර වර්ග කැපීමෙන්.
- අපිරිසිදු ජලය මගින්
- උපතේදී මවගෙන් ළදරුවාට
- ආසාධිත පුද්ගලයකුගේ අවයව බද්ධ කිරීමෙන්
- ආසාධිත රුධිර පාරවිලයනය මගින් (ඉතා කලාතුරකින්)
මෙම තත්ත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට
- ආහාර නියමිත ආරක්‍ෂිත උෂ්ණත්වයක පිසීම
- කෑමට ගන්නා එළවළු, පළතුරු හොඳින් සේදීම හෝ පොතු ඉවත් කිරීම
- නොපිසින ලද දැල්ලන්, කකුළුවන් ආහාරයට නොගැනීම. අමු මස්, බැටළු, ඌරන්
- පැස්ටරීකරණය නොකළ එළු කිරි ආහාරයට ගැනීම.
- අමු මස්, මාළු කපන ලද පිහිය, ලෑල්ල හොඳින් සබන් යොදා සේදීම
- ගෙවතු වගාව, මල් වගා කිරීමේදී අත් මේස් පැළඳීම හෝ අත් හොඳින් සේදීම
- බළලූන් නිදන ස්ථානවල රෙදි ආදිය නිතර පිරිසිදු කර මාරු කිරීම
- දඩාවතේ යන බළලූන් ඇල්ලීමෙන් වැළකීම
- ආහාර පිසින ස්ථානවලින් බළලූන් ඉවත් කිරීම
- නිතර අත් සේදීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.
චූටියාට අවුරුද්දයි. මෙතන ඉඳලා ඉස්සරහට කොයි විදියට වෙනස් වෙයිද?
චූටියා දවසින් දවස ලොකු වෙන හැටි අම්මා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට එයාගේ පුංචි පුංචි වෙනස්කම් අම්මාට නුහුරුයි. ඉතිං අම්මා බය වෙනවා. කෑම හිරවෙයිද? ඇවිදින්න උත්සාහ කරද්දී චූටියා වැටෙයිද? අම්මාට ප්‍රශ්න ගොඩක්. ඉතිං අම්මා කැමති ඇති චූටියාගේ ශාරීරික වගේම මානසික ක්‍රියාකාරකම් ගැනත් දැනගන්න. අපි අද කතා කරන්නේ චූටියාට අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය තුළ සිදුවන වෙනස්කම් ගැන.
අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය මොනවද චූටියාගේ ශාරීරික ක්රියාකාරකම්
දැන් නම් ඔන්න බෑ කියලා කිසිම දෙයක් මේ චූටියා අතඅරින්නේ නෑ. මොනවා දැක්කත් එතනට යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔන්න අපේ චූටියා,
- නැවතී ඇති වස්තුවක් දෙසට ඇවිද යයි.
- මොහොතක් උදව් නැතිව සිට ගනී.
- තනිව පියවර 2- 3 ක් ඇවිද යයි.
- උදව් නැතිව වාඩි වෙයි.
- කැරැව් කරයි. (Crawls)
- අත් හා දණහිසින් බඩගායි.
- යමක් අල්ලා ගැනීමට මහපටඟිල්ල හා දබරඟිල්ල උපයෝගී කරගනී.
- යමක් බඳුනක් තුළට දමයි, බඳුනින් ඉවතට ගනියි.
- ඇඳුමක් අන්දන විට පාද හා අත් දිගහැර උදව් කරයි.
- යමක් සවේඡචාවෙන් අතහරියි.
- සරල වාචික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි.
- වචන අනුකරණයට උත්සහ කරයි.
- යම් යම් වස්තුන් සෙලවීම, අතහැරීම, විසිකිරීම, බිම දැමීම කරයි.
- සැඟවූ යමක් පහසුවෙන් සෙයා ගනී.
- රූපයක් නමක් කීවිට ඒ දෙස බැලීම පුද්ගලයන් අනුකරණය කරයි.
- යම් වස්තුවක් නිවැරදිව භාව කිරීමට පටන් ගනී.
උදා: දත් මැදීම, කෝප්පයකින් බීම, දුරකතනය ගැනීම
- වැටෙන්නේ නොමැතිව දිවීමට පඩි පෙලක ඉහළ පහළ යාමට අවු.2-3 දී දරුවා හුරු වේ.
චූටියාගේ භාෂාව හැසිර වීම හා සන්නිවේදනය
- වචන 2 – 3 ක උපදෙස් අනුගමනය කරයි. උදා: දත් මැදීම
- එක් වරකට වාක්‍ය 2 – 3 භාවිත කරයි. සාකච්ඡාවක යෙදේ.
- සර්ව නාම භාවිතය පිළිබඳව අවබෝධ කරගනී. උදා: මම, අපි
- සමහර බහු වචන ඉගෙන ගනී. උදා: බළලුන්, කාර්
- පොදු වස්තූන් නම් කර උඩ, යට ආදී වචන අවබෝධ කරගනී.
- පැහැදිලිව කතා කරයි. අමුත්තන් පවා හඳුනාගනී.
චූටියාග් චලනයන් හා කායික හැකියාවන්
- නැඟීම හා දිවීම හොඳින් සිදු කරයි.
- පැනීම හා තනි කකුලෙන් සිට ගැනීම කරයි.
- ට්‍රයිසිකල් පැදීම කරයි.
- එක් කකුලක් භාවිත කරමින් පඩි නැඟීම බැසීම කරයි.
චූටියාගේ සමාජීය හා චිත්තවේගීය දක්ෂතා (Emotional Skills)
- වැඩිහිටින් හා යහළුවන් කරන දෑ කරයි.
- උදව් ඇතිව ඇඳුම් ගලවයි.
- මගේ, ඔහුගේ, ඇගේ යන වචන පිළිබඳව අදහසක් ඇත.
- ගෙදර වැඩවලට උදව් කිරීමට කැමතියි.
- ආදරය විවෘතව පෙන්වයි.
- දිනපතා කරන දේවල්වලට කැමතියි. වෙනසක් වුවහොත් ගැටලුවක් වේ.
- යහළුවන් තරහ වූ විට ඒ ගැන අවධානය වැඩි වේ.
- විශාල පරාසයක හැඟීම් පෙන්වයි.
චූටියාගේ සීතිමේ හා මානසික දක්ෂතා (Thinking and Mental Skills)
- බ්ලොක්ස් 2 – 3 යොදාගෙන කුලුණක් සාදයි.
- රවුම් පිටපත් කරයි.
- දෙක යන්න හඳුනයි.
- කතාන්දර සාදයි. රඟපායි.
- පාටවල් නම් කරයි.
- දැති සහිත බඳුනක පියන කරකවා ඇරීම හා වැසීම කරයි. දොරක සොයිබය කරකවයි.
චූටියා බලාගන්න අය මෙන්න මේ දේවල් දැනගන්නම ඕනේ
- යම් යම් දෙයට ඇඟිල්ල දිගුකර ඒවා නම් කරන්න. චූටියා සමඟ නිරතුරුව කතා කරන්න. සෙල්ලම් කරන්න.
- ආහාර ගන්නා විය පවුලේ අන් අය සමග අන්තර් සබඳතා ඇති කර ගැනීමට උනන්දු කරවන්න.
- චූටියාගේ වර්ධනය සෙමින් සිදුවන්නේ නම් හෝ කායික දුබලතාවයක් ඇත්නම් චූටියාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්න. චූටියා අමතර උත්තේජනය හා අන්තර් ක්‍රියා සඳහා අවස්ථාව සලසන්න.
- චූටියා එකම ඉරියව්වක එක දිගට පැය කිහිපයක් නොතබන්න.
- අනතුරු වැළැක්වීම සඳහා චූටියා සිටින ප්‍රදේශය හැකි පමණ ආරක්ෂා කරන්න.
- මව් කිරිදීම නොකඩවා සිදු කරන්න. චූටියාට ප්‍රමාණවත් ආහාර ලබාදෙන්න. ආහාර වේලට විවිධත්වයක් එක් කරන්න.
- හැන්දක් හා කෝප්පයක් යොදාගෙන ආහාර ගැනීම අත්හදා බැලීමට අවස්ථාව දෙන්න.
- ඉහත උපදෙස් චූටියාට අවුරුදු 1 – 2 අතර කාලයට වැදගත් වේ.
චූටියාට අවුරුදු 2 වන විට
- චූටියා සමඟ පොත පත කියවන්න. ගී ගයන්න. නැතහොත් සෙල්ලම් කරන්න.
- අනතුරුදායක උපකරන හා ද්‍රව්‍යවලින් චූටියාට ඈත්ව සිටීමට උගන්වන්න.
- චූටියා සමඟ සාමාන්‍ය ලෙස කතා කරන්න. තොඳොල් වචන භාවිතයෙන් වළකින්න.
- මව්කිරි දීම නොනවත්වා කරගෙන යන්න. චූටියාට ප්‍රමාණවත් තරම් හා විවිධ ආහාර, පවුලේ ආහාර වේල තුලින් ලැබෙන බවට වගබලා ගන්න.
- ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. නමුත් බල කිරීමෙන් වළකින්න.
- සරල නීති පනවන්න. එසේම සාධාරණ අපේක්ෂාවන් තබාගන්න.
- චූටියා ලබන ජයග්‍රහණ හැකියාවන් ප්‍රශංසාවට ලක් කරන්න.
චූටියාට අවුරුදු 3 වන විට
- දරුවා සමඟ පොත් කියවීම හා බැලීමේ යෙදෙන්න. පිංතූර ගැන කථා කරන්න.
- දරුවාට කතාන්දර කියන්න. නැලවිලි ගී හා ගීත ගායනා කරන්න.
- චූටියා ආහාර දීමේදී ඔහුට ඇයට අයත් භාජනය, පිඟාන ලබාදෙන්න.
- ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. ඒ සඳහා හැකි තරම් කාලයක් ලබාදෙන්න.
- චූටියාට ඇඳුම් ඇඳීම, දෑත් සේදීම, වැසිකිලි භාවිතය යනාදිය ඉගෙනීමට උනන්දු කරන්න.
චූටියා උදව් කිරීමේදී
- සෙල්ලම් කරන්න චූටියාට ඇති තරම් කාලයක් ලබාදෙන්න.
- චූටියා වාහනයක ගමන් කරන විට හෝ නිවසින් පිටතට ගිය විට ඇය/ඔහු දකින දේ ගැන විමසන්න.
- නින්දට පෙර කරන දෑ පිළිබඳව දැනුවත් කරන්න.
- යහලුවන් සමඟ සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලබාදෙන්න.
- දිනපතා කතාන්දර කියාදෙන්න. ඒවායෙන් ප්‍රශ්න අසන්න.
- පාට කිරීම, ඇඳීම ආදී ක්‍රියාකාරකම්වලට චූටියා උනන්දු කරවන්න.
- චූටියා සමඟ කතා කරන්න. ඇහුම්කන් දෙන්න. උදා: දවල් දවසේ යහලුවන් සමඟ සෙල්ලම් කරන විට සිදු වූ දෑ විමසන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
පැටියාට කිරි දෙන අම්මාට කෙසෙල් ගුණයිද…?
දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට කිරි දෙන අම්මාට ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර ගැන වැඩිහිටියන්ගෙන් තහංචි බොහොමයක් ලැබෙනවා. අම්මා ආහාර මගින් ලබන පෝෂණය දරුවාටත් බලපාන නිසාම කිරි දෙන කාලයේදී අම්මාගේ ආහාර ගැන හැම දෙනාම උනන්දුවක් දැක්වීම බොහොම සාධාරණයි. මේ අතර කිරි දෙන අම්මා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලබන වාසි ගැන දැනගන්න ඔබත් කැමැති ඇති නේද..
අපට ඉතාම පහසු මිලකට වගේම ඕනෑම ප්‍රදේශයකින් මිලදී ගන්න පුලුවන් කෙසෙල් බොහොම ගුණදායක පළතුරක්. කෙසෙල්වල සැලකිය යුතු ප්‍රමාණයේ ක්ෂුද්‍ර පෝෂක හා ජෛව ක්‍රියාකාරී සංයෝග වන ෆීනොලික්ස්, කැරොටිනොයිඩ්ස්, ජෛවජනක ඇමයින සහ ෆයිටොස්ටෙරෝල් වැනි සංයෝග අඩංගුයි. මේවා අම්මාට වගේම දරුවාගේ පෝෂණයටත් ඉතාම වැදගත්.
කෙසෙල්වලින් ලැබෙන ගුණ
- දරු උපතකින් පසුව කිරි දෙන අම්මාට දිනකට 109Kcal ප්‍රමාණයක අතිරේක පරිභෝජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අතිරේක මාත්‍රාව මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් සපුරා ගන්න පුලුවන් බැව් ඇසුවොත් ඔබටත් සතුටක් දැනේවි.
- දරු ප්‍රසුතියකින් පසුව අම්මාගේ සෞඛ්‍යයත් ඉතාම වැදගත්. අම්මා ලෙඩ වුනොත් පැටියාගේ කිරි ටිකත් අහිමි වෙන නිසා කිරි දෙන අම්මා නිතරම තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දක්වන්න ඕන. කෙසෙල්වල අඩංගු එය පොටෑසියම්, විටමින් බී 6, තඹ, මැන්ගනීස් සහ තන්තු මගින් මේ අවශ්‍යතාවය අම්මාට නොඅඩුව සැපයීමට සූදානම්.
- දරු ප්‍රසූතියෙන් පසුව අම්මාට ඇති වෙන පසු මානසික අවපීඩනය ඉතාම නරක තත්වයක්. මේ නිසා ඇතැම් මව්වරු සිය දිවි නසා ගැනීමට තරම් යොමු වෙන අවස්ථා තිබෙනවා. කෙසෙල්වල ට්‍රිප්ටෝෆාන් නම් ඇමයිනෝ අම්ලයක් අඩංගු වන අතර එය දරු ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ශරීරය ට්‍රිප්ටෝෆාන් භාවිත කරන්නේ මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ හෝමෝනයක් වන සෙරොටොනින් නිපදවීමට සහ ඔබට හොඳ හැඟීමක් ලබා දීමෙන් ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා.
- කිරි දෙන අම්මාගේ තරබාරුව මට්ටු කරන්න සිදු වෙන අවස්තාවනුත් නැත්තේම නැහැ. මේ කාලයේදී කිරි වෙනුවෙන් ආහාර ගැනීම නිසා ඒ තත්වය ඇති වුනත් කෙසෙල් ආහාරයට ගන්නා විට එක්තරා වාසියක් තිබෙනවා. කෙසෙල්වල පිෂ්ටය වැඩි වේලාවක් ආමාශයේ රැදී තිබෙන නිසා බඩගින්න පාලනය වෙනවා. ඒ හින්දා අම්මාට නිතර නිතර ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. පෝෂණයත් මැනවින්ම ලැබෙනවා. කෙසෙල්ගෙඩියකින් ලැබෙන මේ නියාමනය නිසා අම්මා අනවශ්‍ය තරබාරුවෙනුත් වලකා ගන්නවා.
- කෙසෙල් නිසා මහ අන්ත්‍ර ආශ්‍රතව ප්‍රෝබියෝටික් මට්ටම ඉහළ යෑම නිසා පෝෂණය අවශෝෂණය කර ගැනීමත් ඉතාම පහසුයි. ඒ විතරක් නොවෙයි, කෙසෙල්වලට ආම්ලිකතාවය උදාසීන කිරීමේ හැකියාව තිබෙන නිසා ආහාර ජීරණය පහසු කරනවා විතරක් නොවෙයි, ජීරණ ගැටළුවත් අවම කිරීමට උපකාර වෙනවා.
- ඒ වගේම කෙසෙල්වල අඩංගු විටමින් සී සහ බී 6, සහ ෆීනෝල් සහ ෆයිටොස්ටෙරෝල් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග මගින් ප්‍රතිඔක්සිකාරක ශක්තිය ගොඩ නගමින් අම්මාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරනවා.
කෙසෙල් ගෙඩි සහ සලාද වගේ විතරක් නොවයි, විවිධ විදිහට ආහාරයට ගැනීමට පුලුවනි.
- පෙති කපන ලද කෙසෙල් ඔබේ පෑන්කේක් එකට එකතු කර එය රසවත් කරන්න.
- පාන් සමග කෙසෙල් පෙති සහ බටර් තේ හැන්දක් ගන්න.
- යෝගට් සමඟ පෙති කපන ලද කෙසෙල් ගෙඩියක් ගන්න.
- පළතුරු සලාද හා පුඩිං වලට කෙසෙල් එකතු කරන්න.
- ඕට්ස් සමග කෙසෙල් හා කිරි එකතු කර ගෙන ආාහරයට ගන්න.
- කෙසෙල් පළතුරු යුෂ විදිහටත් පානය කරන්න පුලුවනි.
තොරතුරු – MomJunction
ඔබේ දරුවාට පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අමතරව ලබාදිය යුතු එන්නත්මො නවාද?
පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් මාලාවක් සෞක්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා. එත්, ඊට අමතරව එන්නත් වර්ග කීපයක් පෞද්ගලික අංශයෙන් දරුවන්ට ලබා දෙනවා. පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව ලබාදෙන අනිවාර්ය එන්නත් මාලාවට අමතරව ලබාගත යුතුයැයි නිර්දේශ වී තිබෙන එන්නත් වර්ග මොනවාද? එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු. Sri Lanka immunisation schedule
පුංචි දරුවෝ ඉන්න හැම දෙමව්පියෙක්ටම තරුණ අම්මෙක්ගෙන් පාඩමක්!
චමරි සහ සමීර කියන්නේ තරුණ දෙමව්පියන් දෙන්නෙක්. මෙයාලගේ පුංචි පැටියට තාම වයස අවුරුද්දක් විතර ඇති. එයා ලස්සනම ලස්සන පුංචි දුවෙක්. දරුවාගේ හැම වැඩක්ම කෙරෙන්නේ මේ අම්මගෙයි තාත්තාගෙයි අතින්ම තමයි. හදිස්සියකදී බබාගේ ආච්චිඅම්මත් උදව්වට එනවා.
නිවාඩු දවස වුණත් අද සමීරට හදිස්සියේම ඔෆිස් එකේ වැඩකට යන්න වෙලා. දරුවට ඕන දේවල් ටිකක් ගන්න යන්න උවමනාව තිබුණත් වෙනදට ඒ රාජකාරිය කරන දරුවාගේ තාත්තාව අදනම් අල්ලගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා දරුවට ඕන දේවල් ගන්න තමන්ම යනවා කියලා හිතන චමරි ආච්චි ළඟ බබාව තියලා ඉක්මනට ටවුන් ඒකට ගිහින් එන්න යනවා. දරුවත් හරි කැමතියි ආච්චි අම්මා එක්ක ඉන්න.
වෙළඳසලට ගිහින් පැටියට ඕන ළදරු නිෂ්පාදන කිහිපයක් තෝරාගෙන තමන්ගේ කූඩයට දාගත්ත චමරි තවත් ටිකක් වෙලා රාක්කය දිහා බලමින් ඉන්නේ දරුවට ගැළපෙන සබන් වර්ගයක් තෝරගන්න හිතාගෙන. චමරිව දැකපු නිශාදි එතනට එන්නේ මේ වෙලාවේ. නිශාදි කියලා කියන්නේ චමරිගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්. දැන් ඉන්නෙත් එයාලගේ ගෙවල්වලට ටිකක් ළඟ පැත්තක.
ආගිය තොරතුරු ටිකක් කතා කරන අතරේ නිශාදිගේ ඇස් චමරිගේ අතේ තියන කූඩයට යොමුවෙන්නේ ආයාසයකින් තොරවමයි.
ඇයි චමරි ඔයා මේ දරුවට එක එක වර්ගයේ නිෂ්පාදන ගන්නේ?
එහෙම එකක් නෑ අනේ….. ටිකක් බලලා ඉතින් ඒ වෙලාවට හොඳයි කියලා හිතෙන එකක් ගන්නවා.
මොකක්? එතකොට දරුවට ගන්න නිෂ්පාදනවල ප්‍රමිතියක් තියනවද කියලා බලන්නේ නැද්ද? ඒ කියන්නේ SLS සහතිකය වගේ?
එහෙමනම් බලන්නේ නෑ. ඒක ඒ තරම් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් නෙමෙයි නේද? සල්ලි දීලත් ගන්න පුළුවන් එකක් කියලා නේද කියන්නේ?
පිස්සුද අනේ… ඒක බොරු කතාවක්. එහෙම හිතුන හිතුන වෙලාවට සල්ලි දීලා කිසිම නිෂ්පාදනයකට SLS සහතිකය ගන්න බෑ. SLS කියන්නේ ප්‍රමිති සහතිකයක්. ඒක දෙන්නේ ඕනම නිෂ්පාදනයක ප්‍රමිතිය, මුළු නිෂ්පාදන ක්‍රියාවලිය ගැන වගේම නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ගැනත් හොඳින්ම සැලකිලිමත් වෙලා. ඒ නිසා අපට බය නැතුව ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවට ගන්න දේවල්වලදී මීට වඩා පරිස්සම් වෙන්න චමරි.
ඉතින් ලංකාවේ එහෙම ගන්න SLS තියෙන බේබි සබන් තියනවද? ඔයා මොනවද දරුවට ගෙනියන්නේ?
තියනවා, තියනවා… මොකද නැත්තේ. SLS සහතිකය තියන ලංකාවේ එකම බේබි සබන් වර්ගය බේබි ෂෙරමි සබන්. කොහොම වුණත් එහේ මෙහේ රටවල්වලින් ගේන දේවල්වලට වඩා ලංකාවේම හැදෙන දෙයක් ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන්නේ අනේ. අනික මේක අවුරුදු 57 විතර පරණ නිෂ්පාදනයක්. මටත් මේකම ගන්න කියලා කිව්වේ අපේ අම්මා.
අම්මෝ…… අවුරුදු 57 කියන්නේ ලොකු කාලයක්නෙ. අපි පොඩි කාලෙත් තියෙන්න ඇති?
නැතුව අනේ…. එකනේ මම කිව්වේ බය නැතුව විශ්වාසය තියන්න පුළුවන් ප්‍රඩක්ට් එකක් කියලා. සබන් විතරක් නෙවෙයි, බබාට ඕන හැම දෙයක්ම දැන් බේබි ෂෙරමිවලින් ගන්න තියනවා.
ඒ විතරක් නෙමෙයි චමරි. ඔයාට තේරෙනවනේ අපේ බබාලා තාම පොඩියි. එයාලගේ හමත් හරිම සිනිඳුයිනේ. ඒ නිසා ගොඩාක් රසායනික අමුද්‍රව්‍ය තියන සැරෙන් වැඩි දරාගන්න බැරි තරමේ සුවඳක් තියන නිෂ්පාදන මේ පුංචි දරුවන්ට ගැළපෙන්නේ නෑ. අන්න ඒ නිසාම අපි දැනගන්න ඕනේ ජාත්‍යන්තර සුවඳ පිළිබඳ ප්‍රමිතීන්ට (IFRA) අනුව නිපදවන මෘදු සුවඳක් තියෙන නිෂ්පාදන තෝරාගන්න.
ඉතින් බලන්න ගොඩක් අය වැඩිම සුවඳ තියන සබන් කැටයක් තෝරගන්නනේ පුරුදු වෙලා ඉන්නේ. ඒකෙන් දරුවාට හොඳ සුවඳක් එනවා කියන එකනේ හැමෝම හිතන්නේ….
ඒකනේ. බේබි සබන් විතරක් නෙමෙයි මේ වගේ ඕන දේකදී ගොඩක් අය බලන්නේ සුවඳ. ඒත් දරුවන්ට දෙයක් තෝරගන්න කොට නම් ඒ ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕන. නැත්නම් අපේ බබාලට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒ නිසා පුංචි දරුවෙක්ට ගැළපෙන සබන් වර්ගයක් තෝරගනිද්දී ඒක දරුවන්ගේ සිනිදු සමට ගැලපෙන නිෂ්පාදනයක්ද කියන එකනම් බලන්නම ඕන. දෙමව්පියෝ විදිහට ඒක අපේ වගකීමක්නේ චමරි. අපි දරුවන්ට ගන්න හැම නිෂ්පාදනයක්ම එයාලගේ සිනිදු සමට ගැළපෙනවද කියලා සායනිකව තහවුරු කරලා තියනවද කියලා බලන්නත් අමතක කරන්න හොඳ නෑ.
ඒකනේ අනේ අනිත් දවසෙනම් මේවා ගන්න කලින් ලේබල් එක හොඳට කියවලා බලන්න ඕන. නැත්තම් අපේ නොසැලකිල්ල නිසා ප්‍රශ්නයක් වෙන්නේ මේ පුංචි පැටවුන්ටනේ.
මම ඔයාට බේබි ෂෙරමි සබන්ම ගන්න කියන්න තවත් හේතුවක් තියනවා චමරි. ගොඩක් සුවඳ නිෂ්පාදන දරුවන්ට ගැළපෙන්නේ නෑ කියන එක ඔයා වුණත් පිළිගන්නවනේ. බේබි ෂෙරමි සබන්වල තියෙන්නේ ජාත්‍යන්තර සුවඳ පිළිබඳ ප්‍රමිතීන්ට අනුව නිපදවන මෘදු සුවඳක්. ඒ නිසා අපිට බය නැතුවම ඒක තව කෙනෙක්ට නිර්දේශ කරන්නත් පුළුවන්. මම වුණත් ඒකයි බය නැතුවම ඔයාට ගන්න කිවුවේ.
අනේ තෑන්ක්යූ නිශාදි. හොඳ වෙලාවට අද ඔයා හම්බුනේ. නැත්තම් වෙනදා වගේම මම ඔහේ මොනවහරි අරගෙන යනවා. එහෙනම් ඉතින් මීට පස්සේ SLS සහතිකය තියෙන බේබි ෂෙරමි සබන්ම ගන්න ඕන. මතක ඇතුව හස්බන්ඩ්ටත් කියන්න ඕන. ගොඩක් වෙලාවට එයානේ අපේ ගෙදර බඩු ගේන්නේ.
අපේ ගෙදරත් එහෙම තමයි අනේ. මාත් හරි කලාතුරකින් මේ එන්නේ. තාත්තලාටත් දරුවන්ගේ වැඩ දෙන්න එපැයි නේද චමරි?
*Sponsored Article.
උපත් බර අඩු දරුවෙකු නිවෙසට රැගෙන ආ පසු බලා ගන්නේ මෙහෙමයි
උපතේදී 2500g ට වඩා අඩු බරකින් යුක්ත දරුවන් අඩු උපත් බර (Law Birth Weight – LBW) ලෙස හඳුන්වනවා. මෙසේ උපත් බර අඩු වූ දරුවෙකු නෙමේරු (Premature) දරුවෙකු විය හැක. නැතහොත් ගැබ් කාලයට සරිලන බරට වඩා අඩු බරක් (Small for Gestational Age – SGA) ඇති දරුවෙකු ද විය හැක. ඇතැම් දරුවෙකුට මේ හේතු දෙකම බලපා තිබිය හැකියි. බොහෝ රටවල උපදින දරුවන්ගේ 15% -20% උපත් බර අඩු දරුවන් වන අතරම ශ්‍රී ලංකාවේ උපදින දරුවන්ගේ 16% ක් උපත් බර අඩු දරුවන් ලෙස දැක්විය හැකිය.
සාමාන්‍යයෙන් නිසි උපත් බර සහිතව බිහිවන දරුවන්ට අවශ්‍ය මව්කිරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපත් බර අඩු දරුවන්ට අවශ්‍ය වේ. මෙම දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ තම මවගේ මව් කිරිය. නිසි ගැබ් වයසට පෙර දරුවකු ප්‍රසූත කරන මවගේ කිරි, එම ළදරුවාට සරිලන අන්දමේ විශේෂත්වයක් ඇතිව නිෂ්පාදනය වේ. මෙම කිරි වල ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ඇතිවා මෙන්ම ආසාවලට එරෙහිව කටයුතු කළ හැකි සාධක ද වැඩිපුර අඩංගු වේ.
නොමේරු දරු උපත්වලට හේතූ
- ආසාධන (Infection)
- මවගේ බර අඩු වීම
- මව වයස අවුරුදු 18 ට අඩු වීම
- දරුවන් වැඩි ගණනක් සිටින මවක් වීම
- කලින් නොමේරු දරු උපත් සිදු වූ මවක් වීම
- ගැබ්ගෙල ගැටලු (cervical incompetence)
- පූර්ව ප්‍රසව රක්තපාතය (Anti Partm Haemorrhage – APH)
- ගර්භාෂ අසාමාන්‍යතා
- මවගේ Rh නොගැලපීම් හෝ දියවැඩියාව නිසා දරුවෙකු බිහිවීම ඉක්මන් වීම.
නොමේරු දරුවෙකුගේ ලක්ෂණ
- කෘෂ වූ පෙනුම
- රැලි වැටුණු සම (මේද පටක අඩු වීම)
- රත් පැහැ වීම
- හිසේ වට ප්‍රමාණය, පපුවේ වට ප්‍රමාණයට වඩා වැඩි වීම.
- පියයුරු වල ප්රමාණය 5mm ට වඩා අඩු වීම.
- බාහිර කන මෘදුය.
- බාහිර ලිංගේන්ද්‍රියන් වැඩීම අඩුය.
- පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ, වෘෂණ කෝෂ තුළට වැටී නැත.
- ගැහැනු දරුවෙකුගේ යෝනියේ මැද කොටස (මණිකය – Clitoris) පැහැදිලිව පෙනේ.
නොමේරූ ළදරුවෙකුහට ඇති විය හැකි ගැටලු
- ප්‍රසූතියට පෙර මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම Perinatal asphyxia
- උපතින් පසු රුධිරයේ සීනි, Ca, Mg අඩු වීම
- ශරීර උෂ්ණත්වය අඩු වීම
- පෝෂණ ලබාදීමේ ගැටලු
- පෙනහලු වල නිසි පරිදි වර්ධනය නොවී තිබීම නිසා පෙනහලු අශ්‍රිත රෝග
- ස්වසනය නැවැත්වීම (Apuoea)
- මොළයේ රුධිර ගැලීම
- පෙනහලු තුළ ඇති වන රුධිර ගැලීම්
- රුධිරයේ බිලි රුබින් ප්‍රමාණය වැඩි වීම
- පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් නිසා රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම
- රුධිරයට බැක්ටීරියා ඇතුළු වීම (Septicemia) හා ආවෘති දාහය (Maningitis)
- බඩ වැල්වල කොටස් අකර්මන්‍ය වීම
- හෘද රෝග
උදා: උපතේදී වැසිය යුතු හදවතේ සිදුරු නොවැසීම
- ඇස් අන්ධ වීම
- නීරක්තිය
- පසු කාලීනව විටමින් D ඌනතාවය ඇති වීම
නොමේරූ ළදරුවෙකුගේ පෝෂණය
- ඉපදී පළමු දින කිහිපය තුළ දරුවාට මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි වේ. මේ නිසා ශිරා ගත කිරීම මඟින් පෝෂණ අවශ්‍යතා රෝහලේදී සම්පූර්ණ කරයි. දරුවාට ආහාර ජීර්ණය වන තත්ත්වයට පැමිණි විට මුඛයෙන් ආහාර ලබාදේ.
- සති 30 – 32 ට අඩු දරුවන්ට රෝහලේදී නාසය හරහා ආමාශයට නලයක් ඇතුළු කිරීම මගින් මවගෙන් දොවාගත් කිරි ලබාදේ. මව්කිරි නාලයකින් දෙන විට මවගේ ඇඟිලි ඉරීමට දරුවාට ඉඩ සැලසීම අවශ්‍ය වේ. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වී දරුවාගේ බර වැඩි වේ.
- සති 30 – 32 වයස් දරුවන්ට නාලය මාර්ගයෙන් වැඩිපුර ලබාදෙන විට හැන්දක් හෝ පොඩි කෝප්පයකින් දිනකට දෙවරක් පමණ කිරි පෙවීම ආරම්භ කළ යුතු වේ. කෝපපයෙන් හොඳින් ආහාර ගන්නා විට නාලයෙන් ලබාදීම අඩු කළ යුතුය.
- සති 32 හෝ ඊට වැඩි වයස් දරුවන්ට පියයුරෙන් කිරි දීම ආරම්භ කළ හැක. තන අඩුව ප්රතීක මාර්ගයෙන් සොයා ලෙව කෑම හෝ කිරි ටිකක් උරා බීම ළදරුවාට කළ හැකි නමුත් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය කෝපපයකින් හෝ නාලය මාර්ගයෙන් දීමට මතක තබාගත යුත්තකි.
- ළදරුවා ස්ථාපිත ලෙස පියයුරෙන් කිරි බීම පටන් ගත් පසු ඔහු හුස්ම ගැනීම සඳහා කිරි බීම නිතර නිතර තාවකාලිකව නවත්වනවා ඇත. මෙවිට ළදරුවා පියයුරේම තබාගැනීම ඔහුට නැවත අවශ්‍ය වූ විට කිරි උරාබීමට උපකාරයකි. පියයුරෙන් කිරි බී අවසන් වූ පසුව දරුවාට කෝප්පයකින් නැවත කිරි පොවන්න. එසේ නොමැති නම් කෝප්පයෙන් හා පියයුරෙන් මරුවෙන් මාරුවට කිරි දෙන්න.
කෝප්පයකින් කිරි පෙවීමේදී
- තමාගේ (මවගේ) උකුල මත කෙලින් හෝ අර්ධ ලෙස ඇල වී සිටින සේ දරුවා වාඩි කරවා ගන්න.
- කිරි තිබෙන කුඩා කෝප්පය දරුවාගේ තොල වෙතට ගෙනෙන්න.
- තොල්වලට කිරි ටික ආසන්න වන පරිදි කෝප්පය ඇල කර අල්වා ගන්න.
- දරුවාගේ යටි තොල මත කෝප්පය ලිහිල් අන්දමට රැඳෙන අන්දමට හා කෝප්පයේ පිට දාරය දරුවාගේ උඩු තොලෙහි පිට පැත්තෙහි ස්පර්ශ වන අන්දමට කෝප්පය අල්ලන්න.
- දරුවා යුහුසුළුව ඇස් හා කට විවෘත කරයි.
- දරුවා උපත් බර අඩු දරුවෙකු නම් තම දිවෙන් කිරි මුඛය තුලට ගනී.
- මේරු දරුවෙකු නම් කිරි ඉහිරවමින් උරා බොයි.
- කිරි මුඛයට වත් කිරීමෙන් (දැමීමෙන්) වළකින්න. දරුවාට කිරි ටික මුඛයට ගන්නා පරිදි කෝප්පය තොල් වලට සමීප කරන්න.
- තමාට අවශ්‍ය ප්‍රමාණය ගත් පසු දරුවා මුඛය වසා කිරි බීම නවත්වයි.
- දරුවාට අවශ්‍ය යයි පවසා කිරි ප්‍රමාණය නොබිව්වේ නම් ඊලඟ අවස්ථාවේදී කිරි වැඩි ප්‍රමාණයක් බීමට පුලුවන. එසේ නොවුනහොත් කිරි වේල් ගණන වැඩි කරගත යුතුය.
- දරුවාට කිරිදීමෙන් පසුව ගුඩුස් යවා දරුවා මුනින්තලා ස්ථාපිතයේ මුහුණ පැත්තකට හරවා තබන්න. එවිට කිරි පිට උගුරේ යාම වළක්වා ගත හැක. දරුවා පැත්තකට හරවා කොට්ට තැබීමෙන්ද නිදි කරවිය හැක. දරුවා මුනින් අතට තැබීම පැත්තකට හරවා තැබීමට වඩා ආරක්ෂාකාරී වේ.
දරුවා නිවසේ තබාගැනීමේදී උණුසුම්ව තබාගැනීම වැදගත් වේ. දරුවා සිටින කාමරය උණුසුම් විය යුතුය. දරුවා රෙදි 2 – 3 හෝ රෙද්ද නවා ස්ථර 2 – 3 ක් සිටින සේ එතිය යුතුය. පාද හා අත් වලට මේස් දමා කන් වැසෙන සේ තොප්පියකින් අවාරණය කළ යුතුය. මීට අමතරව පැනල්, බ්ලැන්කෙට්ටුවක් වුවද භාවිත කළ හැක. මවට දරුවාට අත තබා සීතල වී ඇති දැයි බැලීමට හුරුකළ යුතුය. මීට අමතරව දරුවා සීතල වීමෙන් අත් හා පාද තොල් (නිල්) දම් පාටක් ගනී. තවද ශරීරය පුරාම පුල්ලි පුල්ලි ලප දැකිය හැක. මේ පිළිබඳව මව දැනුවත් කළ යුතු අතර එසේ වුවහොත් දරුවා අමතර උණුසුම් කිරීමක් කළ යුතු වේ. මීට අමතරව දරුවාගේ උණුසුම රැකීම සඳහා KMC – Kangaroo mother Care වලට මව හුරුකළ යුතුය. මෙය හෙද කාර්ය මණ්ඩලයේ නීරීක්ෂණය යටතේ කළ යුතුය.
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණව ලැබූ හෙද නිලධාරිනි ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.