Home Blog Page 142

ඔබේ දරුවාට දඬුවම් ලබා දීමට පෙර මේ ගැනත් මදක් සිතන්න

දරුවන් දෙමාපියන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරන්නේ ඔවුන් තුල නිසඟයෙන්ම පවතින මුරණ්ඩු භාවය හා නොසැලකිලිමත් හැසිරීම් රටා හේතුවෙනි. ඔවුන් කුමන අයුරකින් හැසිරුනත්, දෙමාපියන්ගේ පිළිවෙත් කෙරෙහි සැලකිලිමත් වෙයි. මීට කදිම උදාහරණයක් ලෙස, දෙමාපියකු තම දරුවාට තමාගේ ක්‍රියාවන්හි වගකීම භාර ගැනීමට පෙලඹවීම හා එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් වන ලෙස පැවසීම හෝ දරුවා දැනුවත්වම දෙමාපිය අවවාද නොසලකා හරින අවස්ථා දැක්විය හැක.

දරුවාට ඉගැන්වීමේදි, ඔබගේ උපාය මාර්ග හා ක්‍රමවේද අසාර්ථක වේ නම්, පාරම්පරික ක්‍රමවේද වෙත පිවිසිය යුතු වේ. සමහර විට දරුවාට දඬුවම් ලබා දෙනුයේ ප්‍රතිවිපාක වෙනුවට ඔහු\ඇයව හික්මවීම සඳහා දැඩි බවින් පසුවීම සඳහා විය හැකිය.

උදාහරණයක් ලෙස, දොලොස් වියැති දරුවකු ඔහු ප්‍රමාද වී නිවසට පැමිණෙන බව දැන්වීමට අසමත් වුවහොත්, වසර කිහිපයකට පමණ ඉහතදී, දෙමාපියන් ඔහුට දඬුවම් කලේ ඔහු සතු දුරකතනය ඉවත් කිරීමෙනි. දරුවා මෙසේ දුරකතනය තමාගෙන් ලබා ගැනීම සම්බධයෙන් තැකීමක් නොකරන මොහොත දක්වා මෙම ක්‍රමය අසාර්ථක වන තෙක් දෙමාපියෝ දිගින් දිගටම මෙසේ දඬුවම් ලබා දුන්නෝය. දරුවා නොසැලකිලිමත්ව හැසිරුනොත් පමණක් මෙසේ ඔහුට දුරකතනය නොලැබ යන බව පමණක් මෙම දඬුවම් ක්‍රමයෙන් දරුවාට ඉගැන්වෙන අතර, එමඟින් ඔහුට වගකීමකින් කටයුතු කිරීමට කිසිදු පෙලඹවීමක් නොලැබේ. දෙමාපියන්ගේ පරම අරමුණ විය යුත්තේ දරුවාට දැනුම් තේරුමක් සහිතව වගකීමකින් කටයුතු කරන ලෙස ඉගැන්වීමයි.

ඉහත සඳහන් සිද්ධියට අපි ප්‍රතිවිපාක ක්‍රමය යොදා ගමු. තම දරුවා නිවසට පැමිණීම ප්‍රමාද වෙන සෑම අවස්ථාවකම ඔහු තම දෙමාපියන්ට ඒ බව දැනුම් දිය යුතු වන්නේ නම්, දෙමාපියකු ලෙස ඔබට ඔහුට එය යම් හෙයකින් අමතක වූයේ නම් මිතුරන් සමඟ ඔහුට රැඳි සිටිය හැක්කේ පැයක කාලයක් පමණක් බව පැවසිය හැකිය. එම කාලය අතරතුර ඔහු තම දෙමාපියන්ට දුරකතන ඇමතුමක් ලබා දිය යුතු වේ. මෙම ක්‍රමය තුලින් දරුවා තමා තනිව මිතුරන් සමඟ නිවසින් පිටතට යාම වගකිමක් දැරිය යුතු කාර්යයක් (එනම් ප්‍රමාද වන බව දෙමාපියන්ට දැනුම් දීම) බව අවබෝධ කර ගනී. ඔහු/ඇය සාර්ථකව වගකීම ඉටු කලේ නම්, දෙමාපියන් වශයෙන් ඔබ දරුවාට තව වැඩි කාලයක් මිතුරන් සමඟ ගත කිරීමට ඉඩ සැලැස්විය යුතුය. දරුවා සම්බන්ධ සියලුම දේ ඔබට පාලනය කල නොහැකි බව මතක තබා ගත යුතු කරුණකි. අවසානයේදි, කෙනෙකුගේ හැසිරීම ඔවුන්ගේ තීරණය මත පදනම් වේ.
පහත දැක්වෙන්නේ මනා ප්‍රතිවිපාක ක්‍රමයක් සඳහා අනුගමනය කල හැකි උපදෙස් කිහිපයකි.
ප්‍රතිවිපාක ක්‍රමය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ලබා දෙන්න.
දරුවා නොමනා ලෙස හැසිරුනේ නම් දෙමාපියකු ලෙස ඔබ කලබලයෙන් ප්‍රතිචාර නොදැක්විය යුතුය. දරුවාට මින් ඉදිරියට වගකීමකින් කටයුතු කල යුතු බව ඉගැන්වෙන ප්‍රතිවිපාකය පිලිබඳ මැනවින් සොයා බලා, යෝග්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක කල හැක.

ස්ථාවර වන්න.
ඔබ ප්‍රතිවිපාක ක්‍රමය ක්‍රියාත්මක කල පසු දරුවාගේ හැසිරීම එසැණින් වෙනස් නොවන බව මතක තබා ගත යුතුය. මෙය සාමාන්‍ය සිදුවීමකි. අවස්ථාවට අනුකූලව දෙමාපියන් මෙම ප්‍රතිවිපාක ක්‍රමය විධිමත් ලෙස අනුගමය කල යුතු වේ.

ප්‍රායෝගික වන්න.
ප්‍රතිවිපාක ප්‍රායෝගික දැයි සොයා බැලීම මනාය. එනම් එය සාර්ථකව සිදු කල හැකිද යන්න සලකා බැලිය යුතු වේ. දරුවා මෙම ප්‍රතිවිපාක වලට එක් එක් අයුරින් ප්‍රතිචාර දැක්විය හැකි අතර දෙමාපියන් ඊට සූදානම් ව සිටිය යුතු වේ.
දරුවකු ඉගෙන ගන්නා දේ කුමක්ද යන්න හෝ ඔහු/ඇය හැසිරෙන ආකාරය සම්බන්ධ සියලුම දේ තමන්ට පාලනය කල නොහැකි බව දෙමාපියන් තේරුම් ගත යුතු වේ. ඔවුන්ට කල හැක්කේ, තම දරුවන්ට නිසි ආදර්ශයක් වන ලෙස හා මාර්ගෝපදේශ ලබා දෙන වැඩිහිටියන් ලෙස කටයුතු කිරීමයි.

දරුවන්ගේ පෞර්ෂ වර්ධනය කෙරේ අම්මලාට වටිනා උපදෙස් 7ක්

ළඳරුවන් හා කුඩා දරුවන් තුල සමාජශීලි සම්බන්ධතාවන් ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ට නිර්භයව, කිසිදු අපහසුතාවයකින් තොරව, සුරක්ෂිත බවකින් යුක්තව ලොව ගවේෂණය කිරීමටත්,තමා අවට සිටින අනෙකුත් පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමටත් හැකියාව ලැබේ. මෙමඟින් පුද්ගලයින් අතර අන්තර් සම්බන්ධතා දියුණු කිරීමටත්, ධනාත්මකව හැඟීම් වර්ධනය කරගනිමින් වැඩිහිටියන් ලෙස අභියෝග ජය ගැනීමටත් මඟ පාදනු ලැබේ.
මෙහි අන්තර්ගත කරුණු කියවා දෙමාපියන් ලෙස ඔබට දරුවන් තුල යහපත් සමාජශීලි ගුණාංග වර්ධනය කරන්නේ කෙසේද යන්න දැන ගන්න.
දරුවන්ගේ පෞර්ෂ්‍යත්වය ඔහු/ඇය කලලයේ සිටියදීම වර්ධනය වීමට පටන් ගන්නා බව අතීත මුතුන් මිත්තන්ගේ මතයයි. කලලයේ වැඩෙන දරුවා මවගේ කටහඬට සවන් දීමෙන් ඇයගේ ඒ ශබ්දය අනෙකුත් පුද්ගලයින්ට වඩා විශේෂ බව හඳුනා ගනියි. ළඳරුවා නිදා ගැනීමට ගත කරන කාලය හා ඔහුගේ/ඇයගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන්, දෙමාපියන්ට තම දරුවාගේ අනාගත චිත්ත ස්වභාවය හා සමාජශීලි හැසිරීම් පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. අලුත උපන් බිළිඳාට මිනිසුන්ගේ හා විවිධ ස්ථාන වල හෝ අවට ඇති දේවල් වල පින්තූර පෙන්වූ විට, ඇය/ඔහු එසැණින්ම වෙනාතකට අවධානය යොමු කරයි. ළඳරුවාගේ ඇස් පෙනීම උපන් අවස්ථාවේදි බොඳ සහිත වීම මීට හේතුව ලෙස ගෙන දැක්විය හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඇයට/ඔහුට මුහුණේ සැකිල්ල පමණක් හඳුනා ගත හැකිවේ. නමුත් පසුව බිළිඳා මුහුණේ ස්වරූපය සියුම් ලෙස පරික්ෂා කිරීමට පටන් ගනියි. ඉපදී ගතවන පලමු වසරේදි, ළඳරුවන් තමන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට පුහුණු වෙයි. පසු කාලයේදි ඔවුන් අනෙකුත් අයගේ මුහුණේ ඉරියව් වෙනස් කොට හඳුනා ගැනීමට තැත් කරන අතර තමන්ගේ හැඟීම් අත්හදා බලන්නටද පුරුදු වෙයි.
දරුවන් (සම වයසේ අනෙකුත් දරුවන් සමඟ සෙල්ලම් කල නොහැකි කුඩා වයසේ පසුවන) වැඩිමහල් අනෙකුත් දරුවන් සෙල්ලමේ යෙදෙන අවස්ථාවන් මුහුණේ සිනාවක් සමඟ නිරීක්ෂණය කරනවා ඔබ දැක තිබේද? එම කුඩා දරුවන් මෙසේ අවට දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නේ ඔවුන්ටත් එම දරුවන් සමඟ සම්බන්ධ වීමට ඇති අවශ්‍යතාවය හේතුවෙනි. මෙම වයසේ පසුවන දරුවන් තම සෙල්ලම් බඩුව වෙන කෙනෙකු උදුරාගත් විට හඬා වැලපෙන්නේ නැත. මන්ද ඔවුන් වඩාත් උනන්දුව දක්වන්නේ මුහුණේ ඉරියව් හා එම සෙල්ලම් බඩුව සමඟ සෙල්ලම් කරන වැඩිමහල් දරුවාගේ හැසිරීම් රටාව කෙරෙහිය. එමනිසා, දරුවාට නිසි ලෙස කතා කිරීමටත්, ඇවිදීමටත් නොහැකි වූවත්, ඔහු/ඇය අවට පුද්ගලයින්ගේ හැසිරීම් මනා ලෙස අධ්‍යයනය කරයි.
බොහෝ දෙමාපියන් හට නිසැඟයෙන්ම තම දරුවන් තුල සමාජශීලි හැකියාවන් වර්ධනය කරන ආකාරය පිළිබඳ දැනුමක් පවතියි. ඔබගේ දරුවා සමාජයත් සමඟ සම්බන්ධ වීමේදි ඔහුට/ඇයට සුරක්ෂිත බවක් දැනීම සඳහා සමාජශීලි ගුණාංග වර්ධනය කිරීම යටතේ ඇති පහත සඳහන් උපදෙස් කියවන්න.

අනෙකුත් අයට දරුවාව වඩා ගැනීමට ඉඩ දෙන්න.
දරුවා මවගෙන් ඈත් වන සෑමට විටම හඬා වැලපෙන්නේද? බොහෝ දෙමාපියන් නව මුහුණු කෙරෙහි තම දරුවාව හුරු කරවීමේ අරමුණින් අනෙකුත් වැඩිහිටියන්හට ඔහුව/ඇයව වඩා ගැනීමට ඉඩ ලබා දේ. (දරුවා මීට කෙතරම් විරුද්ධ වූවත්) මෙය එතරම් හොඳ විසඳුමක් නොවේ, මන්ද මේ තුලින් දරුවාගේ අනාරක්ෂිත හැඟීම් තීව්‍ර විය හැකි බැවිනි. මීට හොඳම විකල්පය වනුයේ තම දරුවා නව මුහුණු කෙරෙහි හුරු වන තෙක් ඔහුව/ඇයව අතින් වඩා ගෙන සිටීමයි. දරුවා ඊට විරෝධය පෑවත්, දිගින් දිගටම දරුවාව එසේ අල්ලාගෙන නලවන්න. මෙය නොනවත්වාම පවතින්නේ නම්, වෙනත් වැඩිහිටියෙකුට දරුවාව වඩා ගන්නට දී, දෙමාපියකු විසින් ඔහුව/ඇයව නැලවිය යුතු වේ. තමාව වෙනත් කෙනෙකු වඩා ගෙන සිටියත්, තම මව හෝ පියා ඔහුගෙන්/ඇයගෙන් වෙන් නොවන බව මේ තුලින් දරුවාට අවබෝධ වෙයි. දරුවාව අවට පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට හුරු කරවීම යහපත් ය. කුඩා දරුවන් සාමාන්‍යයෙන් තම ආච්චි හෝ සීයාගේ අවධානය දිනා ගනියි.
හැංගි මුත්තම් (peek-a-boo) සෙල්ලමේ යෙදෙන්න.
දරුවකු උපදින අවස්ථාවේ සිට ඔහු/ඇය තම මව සමඟ සමිප බන්ධනයක් ඇති කර ගනියි. අලුත උපන් දරුවාගේ දෘෂ්ටිය බොඳ වූවත් ඔහු\ඇය තම මවගේ මුහුණ හඳුනා ගනියි. බිළිඳාට අනාරක්ෂිත බවක්, බියට පත්වන අවස්ථාවක් හෝ අපහසුතාවක් දැනෙන සෑමට විටකදීම ඔහු/ඇය තම මව සොයන්නට පටන් ගනියි. කෙසේ නමුත් දරුවාට ස්ව ශක්තියෙන්ම මෙම අවස්ථාවන්ට මුහුණ දෙන්නට ඉගැන්වූයේ නැත්නම් මෙම තත්ත්වය අයහපත් හැසිරීම් රටාවක් බවට පත් විය හැක. ඔබ දරුවා සමඟ හැංගි මුත්තම් සෙල්ලමේ යෙදීමෙන් මව අතුරුදන් වූවත් සැණෙකින් නැවත පැමිණෙන බව දරුවාට හැඟෙන්නට සැලැස්විය හැක. මව මොහොතකට අතුරුදහන් වූ පසු කෙඳිරි ගාන දරුවා නැවත ඇයගේ මුහුණ දැක හඬ නඟා සතුටෙන් සිනා සීමට පටන් ගනියි. තවද මෙම ක්‍රියාකාරකම දරුවාට ද්‍රව්‍යයන්ගේ නිත්‍යවාසය පිළිබඳ උගන්වයි. පසු කාලයේදි සමාජයත් සමඟ ගැටෙන දරුවාව වෙන්වීමේ ආතතියෙන් මුදවා ගැනීමට මෙය රුකුලක් ලබා දේ.

දරුවාව බිමින් තබන්න.
තම දරුවාගේ කෙඳිරි ගෑමෙන් වැලකීම සඳහා දෙමාපියන් නිතරම ඔහුව\ඇයව වඩා ගෙන සිටීමට පුරුදු වී සිටීයි. මෙය එතරම් හොඳ පුරුද්දක් නොවේ. ඔබ දරුවාව බිමින් තැබූ සැණින් ඔහු\ඇය හඬන්නට පටන් ගන්නේ නම් ළමයාව ඇඳ මත තබා ඔබත් ඒ අසළම සිටින්න. දරුවාට ඔහු/ඇය කැමති සෙල්ලම් බඩු යනාදිය ලබා දී අවධානය වෙනාතකට යොමු කරන්න. ඉන්පසු කෙමෙන් කෙමෙන් දරුවාගෙන් ඈත් වන්න, දරුවා තම සෙල්ලම් බඩු සමඟ කාර්යබහුල වූ සැණින් ඔහු\ඇය තම මව හෝ පියා තමා ලඟ නැති බව අමතක කරනු ලැබේ. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවා, තමා දෙමාපියන් අසළට වී සිටිමට වඩා තනියෙන් කෙලි සෙල්ලමේ යෙදීම විනෝද බව තේරුම් ගනියි.

දරුවා හඬන විට ඔහුව/ඇයව සනසා, නලවන්න.
දරුවෙකු හඬන විට ඔහුව\ඇයව වඩා ගැනීම සම්බන්ධයෙන් සංවර්ධන මනෝ විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත ඇත. නමුත් බොහෝ මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් හඬන විට ඊට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වේ. සමහර මව්වරුන් තම දරුවාට යම් මොහොතකට හඬන්නට ඉඩ දී පසුව ගොස් ඔහුව\ඇයව වඩා ගනියි. මෙම ක්‍රමය පිළිගත් උපදෙස් වලට පටහැනිය. දරුවා පාරේ ඝෝෂාකාරි ලෙස හඬා වැලපීම වැලැක්වීම පිණිස දෙමාපියන් ලෙස ඔබ තම දරුවාව වඩා ගත යුත්තේ කුමන අවස්ථාවලද යන්න තේරුම් ගත යුතු වේ. බොහෝ දරුවන් බියට හා කාංසාවට පත් වූ විට හඬන නමුත් සමහර දරුවන් අවධානය ලබා ගැනීම සඳහාද හඬා වැලපේ.

දෛනික දින චර්යාවන්ට දරුවාව හුරු කරවන්න.
දෛනික දින චර්යාවකට හුරු වී සිටින දරුවා මීලඟට සිදු වන්නේ කුමක්ද කියා අවබෝධයකින් පසුවේ. මේ තුලින් දරුවාට ස්වයං පාලනයකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමට හැකියාව ලැබේ. ආත්ම විශ්වාසයකින් යුක්ත දරුවා තමා අවට පරිසරයේ මුණ ගැසෙන පුදගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට නොපැකිලේ. දෙමාපියන් හැකි තරමින් එකම වේලාවකට, දරුවාට කැවීමට, පැම්පස් මාරු කිරීමට හා නිවසින් පිටතට රැගෙන යාමට පුරුදු කරවීම නුවණට හුරුය.

ඔබේ දරුවා අනිත් දරුවන්ට හඳුන්වා දෙන්න.
කුඩා දරුවන් අනෙකුත් දරුවන් සමඟ කාලය ගත කරන්නට කැමැත්තක් දක්වති. එම නිසා අවස්ථාවක් ලැබූ විට සම වයසේ අනෙකුත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් හමුවීමට උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් ඔවුන්ට තම වයසේ පසුවන දරුවන් සමඟ ගැවසීමේදි කිසිදු අපහසුතාවක් නොදැනේ. මෙසේ ඔබ දරුවන්ව මුණගැස්වීමේදි ඔවුන්ගේ දෙමාපියන්වත් හමුවන්නට සලස්වන්න. ඔබගේ ළමයාට, අන් අය සමඟ බෙදා හදා ගැනීම, කාරුණික වීම සහ උදුරා ගන්නවා වෙනුවට එකිනෙකාගෙන් සෙල්ලම් බඩු ඉල්ලිම වැනි හැසිරීම් ප්‍රගුණ කිරීමට මෙම අවස්ථාව යොදා ගත හැක. සමාජශීලි හමුවේ තවත් වාසියක් වන්නේ දරුවන්ට තමන්ගේ හැසිරීම්වල ප්‍රතිවිපාක ගැන ඉගැන්වීමට හැකිවීමයි. උදාහරණයක් හැටියට, සුරේෂ්, රමේෂ් ගෙන් සෙල්ලම් බඩුව උදුරා ගත් විට, සුරේෂ් ගේ මවට ඇයගේ දරුවාට මෙසේ පැවසිය හැක. “බලන්න සුරේෂ්, ඔයා රමේෂ් ගේ සෙල්ලම් බඩුව උදුර ගත්ත නිසා එයා දුකින් ඉන්නෙ. අපි මොකක් හරි ඉල්ලනකොට අහල ගන්න ඕනේ, හරිද සුරේෂ්. දැන් එයාට සොරි කියල දෙන්නම සෙල්ලම් කරන්න.” මෙවැනි සිදුවීම් නිතර ඇතිවිය හැකි අතර, ළමයා වැඩෙත්ම, එය ඔවුන්ට අනෙකුත් අයගේ හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වේ.

බිළිඳන්ගේ කතා.
බිළිඳන්ට නිතරම කතා බහ කිරීමන් ඔබට ඔවුන්ගේ කථන හැකියාව වර්ධනය කල හැක. බොහෝ දෙමාපියෝ තම දරුවන් සමඟ මෙය සාමාන්‍යයෙන් සිදු කරති. උදාහරණයක් ලෙස දරුවකු සිනා සෙන විට මව හෝ පියා ආදයෙන් “මං ඔයාට ආදරෙයි පැටියෝ හෝ ඔයා හරිම හුරතල් බබෝ” යනුවෙන් ප්‍රතිචාර දක්වති.

මෙවැනි හැසිරීම් දරුවාගේ භාෂා හා සන්නිවේදන හැකියාව වැඩි දියුණු කරයි. කුඩා දරුවෝ පුද්ගලයින්ගේ මුහුණු හොඳින් නිරීක්ෂණය කරති. ඔවුන් නාඳුනන පුද්ගලයින් සමඟ පවා සිනාසෙන්නේ ඒ නිසාවෙනි. නමුත් මාස හතෙන් පසු, නාඳුනන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට දරුවා මැලි කමක් දක්වයි. තමා දෙමාපියන් සමඟ වඩාත් සමීප බව කුඩා දරුවාට හැඟී යයි. දරුවාට කායික, මානසික හා සමාජයීය වශයෙන් පෝෂණය වීමට ඉඩ සලසන පරිසරයක, ඔහුට/ඇයට සුරක්ෂිතව හා ආත්ම විශ්වාසයකින් යුතුව වැඩෙන්නට අවස්ථාව ලැබේ. අනාගතයේදි යහපත්, ධනාත්මක සමාජශීලි සම්බන්ධතා ගොඩ නැගීමට මෙය මහත් රුකුලක් වේ.

නිතර නිතර දරුවන්ට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මග අරින්නේ මෙහෙමයි

වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට ඇත්තේ ඉතා දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියකි. මේ හේතුවෙන් කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය. සෙම්ප්‍රතිශ්‍යාව වැනි නිතර වැලඳෙන රෝග වලට එරෙහිව සටන් වැදීමේ ශක්තිය දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව මත තීරණය වේ. ඉපදී හය මාසයක් තෙක් ගතවන කාලය තුලදී දරුවාට තම මවගෙන් හා මව්කිරි වල ඇති ප්‍රතිදේහ වලින් පූර්ණ ආරක්ෂාව ලැබේ. හය මසකට පසු, මෙම ප්‍රතිදේහවල කාර්යක්ෂමතාව හීන වන අතර දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇතිවේ. නමුත් මෙම තත්ත්වය පවතින්නේ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවන තුරු පමණි.
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරසය ශරීර ගත වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවයි. සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ අවම කිරීම පිණිස මෙම ප්‍රතිදේහ ශරීරයේ වෛරස් අංශු ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියාත්මක වේ. තවද මෙම ප්‍රතිදේහ සෙම්ප්‍රතිශ්‍යා වෛරස වලට එරෙහිව කල් පවතින ආරක්ෂාවක් ලබා දේ. සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරක වෛරස ගණනාවක් පවතින හෙයින් දරුවාට බහු විධ අයුරින් මෙම වෛරස් ශරීර ගත වීමේ අවදානමක් පවතියි. පවතින ප්‍රතිදේහ , වෛරස් වලට අනුගත නොවන්නේ නම්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය මීට එරෙහිව සටන් වැදීමට නව ප්‍රතිදේහ උපදවයි.
දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කෙතරම් කාර්යක්ෂම වූවත් , හේමන්ත කාලයේ හෝ මෝසම් කාලයේදි ඕනෑම පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් පවතියි. සීතල කාලගුණය, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරකයක් නොවේ. මෙවැනි කාලගුණික තත්ත්වයක් තුල වෛරස වර්ධනය වන හෙයින්, ඔබට සීත ඍතුවේ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ අවදානම තීව්‍ර වේ. සුළං වල වායු ඝනත්වය අඩු බැවින් මිනිසුන් එලිමහනේ වැඩි කාලයක් ගත කිරීමට කැමැත්තක් දක්වයි. එකිනෙකා සමඟ මෙසේ සමාජශීලිව කටයුතු කරන විටදී, වෛරස් උණ වැලඳීමේ හැකියාවක් ඇත. නාස් වල රුධිර නාල , සීත කාලයේදි හැකිලෙන අතර මෙය නාස් ආරක්ෂිත පද්ධතියට ඍජු ලෙස බලපායි. මෙහි තවත් අහිතර ප්‍රතිඵලයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පහසුවෙන් ශරීර ගත වේ. වෛරසය වර්ධනය වීමත් සමඟ ඔබේ ශරීරයෙන් කැස්ස, සොටු දියර යාම, නාසු පුඩු අවහිර වීම වැනි රෝග ලක්ෂණ මතු වේ.
සෑම දරුවෙකුම, බිළිඳෙකුම එකිනෙකාට වෙනස් වේ. මේ නිසා ඔවුන් මෙම සෙම්ප්‍රතිශ්‍යා වෛරස් වලට ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ ශරීරයට ආවේණික ආකාරයකට ය. නිතරම හෙම්බිරිස්සාව වැලඳෙන කුඩා දරුවන් තුල දැකිය හැකි සාමාන්‍ය ජීවන ගති පැවතුම් පහත සඳහන් වේ.
මව විසින් මව් කිරි ලබා දී නැත.
බිළිඳාට ඉපදී පලමු මාස 4දී ලබා දෙන මව් කිරි වල දරුවාගේ ප්‍රතිශක්තීකරණයට වැදගත් ප්‍රතිදේහ අඩංගු වේ. මව් කිරි සමඟ බිළිඳාට පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ලබා දීමෙන් , ඔහුව/ඇයව මෙම වෛරස් රෝග වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැක.

අක්‍රීය දුම්පානය
දුම් පානයට ඇබ්බැහි වූ දෙමාපියන් සිටින, අක්‍රීය දුම්පානයට ගොදුරු වූ දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් ඇත.

එකිනෙකා සමඟ සමීප සමාජශීලි සම්බන්ධතා පැවැත්වීම.
ළමා උද්‍යාන, දිවා සුරැකුම් මද්‍යස්ථාන හා පොදු ස්ථාන වැනි සමාජය සමඟ නිතර ගැවසෙන දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ දැඩි ප්‍රවණතාවයක් ඇත. හෙම්බිරිස්සාව වැලඳුනු තවත් දරුවෙකු ආශ්‍රය කරන විටකදී හෝ පවුලේ සහෝදරයින්.සහෝදරියන් සමඟ සෙල්ලම් කිරීමේදි මෙම වෛරසය පහසුවෙන් ශරීර ගත විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම වලක්වා ගන්නේ කෙසේද?
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට බොහෝ වෛරස් බලපාන හෙයින් දරුවාට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් ඵලක් නොවේ. කෙසේ නමුත්, දෙමාපියන් වශයෙන් ඔබට දරුවාව සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැකි අතර ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පහත දැක්වේ.

මව් කිරි ලබා දීම.
දරුවා ඉපදී ගතවන පලමු මාස හතර තුලදී මව් කිරි පෙවීම, දරුවාට උපරිම ආරක්ෂාව ලබා දෙයි. මවගෙන් දරුවාට ප්‍රතිදේහ පමණක් නොව මනා පෝෂ්‍ය ගුණයක් ද මේ තුලින් ලැබේ.

නිතරම අත් සේදීම.
සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගත වීම වලක්වා ගැනීමේ පහසුම මෙන්ම ඉතා යෝග්‍යම ක්‍රමය ලෙස මෙය හැඳින්විය හැක. පවුලේ සෑම දෙනාම ක්‍රමවත් ලෙස අත් සෝදනවා ද යන්න සොයා බැලීම මනාය. දරුවාව ඇල්ලීමට පෙර අත් සෝදා තිබීම අනිවාර්ය වේ. පුද්ගලයෙකු කහින, කිවිසුම් අරින හෝ ඕනෑම මතුපිටක් අල්ලන සෑම අවස්ථාවකට පසුවම අත් සෝදා දරුවාව ස්පර්ෂ කිරීමට අමතක නොකරන්න.

දරුවා අවට ඇති දේවල් කටේ දැමීමෙන් ආරක්ෂා කරගන්න.
මෙම සෙල්ලම් බඩු, නිවසේ ඇති උපකරණ ආදිය බැක්ටීරියා හෝ වෛරස වලින් සමන්විත විය හැකිය. අවුරුදු තුන පිරෙන දරුවා ඉතා උද්‍යෝගයකින් පසුවන අතර ඔහු\ඇය අවට ඇති දේවල් කටේ දමා ගැනීමට තැත් කරයි. මෙයින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස ශරීර ගත විමේ ප්‍රවණතාවය වැඩි වේ. දෙමාපියන් ලෙස ඔබට දරුවාගේ සෙල්ලම් බඩු නිතරම සේදීම, කාමරය පිරිසිදුව තබා ගැනීම වැනි ක්‍රම මඟින් දරුවාට හිතකර, සෞඛ්‍යමත් පරිසරයක් නිර්මාණය කල හැක. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු අනෙකුත් දරුවන් සමඟ ඔබේ දරුවාව සෙල්ලම් කරවීමට සැලස්විමෙන් වලකින්න.

ලෙඩ රෝග වලින් පීඩා විඳින උදවිය හා සෙනග ඇති ස්ථාන මඟ හරින්න.
විශාල ජන සමූහයක හෝ ලෙඩුන් අතර ගැවසෙන දරුවාට පහසුවෙන් වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇත. සාමාන්‍යයෙන් දරුවා ඉපදී පලමු කාර්තුව තුල, මිනිසුන් බහුල ස්ථාන මඟ හැරීම නුවණට හුරුය. නෑ හිතවතුන් වෛරස් රෝග වලින් පීඩා විඳින්නේ නම්, දෙමාපියන් වන ඔබට ඔවුන්ට කාරුණිකව නිවසට නොඑන ලෙස පැවසිය හැක. එසේම බිළිඳා බැලීමට නිවසට පැමිණෙන පවුලේ හිතවතුන් හට දරුවාව ස්පර්ෂ කිරීමට පෙර අත් සේදීමට පොලඹවන්න.

බොහෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මාස 12 ට වඩා අඩු වයසින් යුත් දරුවන්ගෙන් සමන්විත වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔබේ දරුවාට පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිය හැක. එම නිසා ඔබට අත්‍යාවශ්‍ය නම් පමණක් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත පිවිසෙන්න. හිතවතෙකු හෝ මිතුරෙකුගේ රැකවරණය මත දරුවාව නිවෙසේම රැක බලා ගැනීම යෝග්‍ය වේ. ඔබට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පහල වුවහොත් එහි සෞඛ්‍යාරක්ෂිතභාවය හා සේවකයින්ගේ පවිත්‍රතාවය පිළිබඳ පරික්ෂාකාරි වන්න. දරුවාට ඔහුගේම/ඇයගේම හැඳි ගෑරප්පු, කෝප්ප හා තම නම සඳහන් ලේබල් අලවා ඇති උපකරණ යනාදිය තිබේ දැයි සැලකිලිමත් වන්න.

කහින විටදී හා කිවිසුම් අරින විට කට වසන්න.
කහින විටදී හා කිවිසුම් අරින විට කට වැසීමෙන් විෂබීජ අවට වාතයට එක්වීම හා පරිසරයේ මතුපිට මත පතිත වීම වැලකේ. හැකි පමණින්, ටිෂූ කටදාසියකට කහින්නට හෝ කිවිසුම් අරින්නට පුරුදු වන්න. නිවසේ සෑම දෙනාම මෙසේ කිරීමට පොළඹවන්න. කිවිසුම් අරින, කහින සෑම අවස්ථාවකට පසුවම හොඳින් සබන් දා අත් සේදීම අනිවාර්ය වේ.

ගර්භණී කාලයේ ආහාර රුචිය අඩුවීමට බලපාන හේතු පහක්

බොහෝ දෙනෙකු හට ගර්භණී භාවය දිස්වන්නේ, කාන්තාවක් දොල දුක සංසිඳුවා ගැනීම සඳහා ඇඹුල් ආහාර ඇතුලු අනං මනං අසාමාන්‍ය ලෙස භුක්ති විඳින දර්ශනයකි.
මෙය මිථ්‍යාවකි. ගර්භණී අවධියේ මුල් අවධියේ බොහෝ මව්වරු කෑම අරුචියෙන් පෙලෙති. ආහාර දිරවීමේ අපහසුතාවය මෙන්ම අරුචිය මෙම කාලයේදි සාමාන්‍යයෙන් දක්නට ලැබෙයි. කෙසේ නමුත් ඊට බලපාන හේතු සොයා බලා මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට කටයුතු කල යුතුය. මන්ද, මවකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණයෙන් ලැබිය යුතු හෙයිනි.
පහත දැක්වෙන්නේ ගර්භණී අවධියේ මුල් අවධියේ, මවකට දැනෙන ආහාර අරුචිය සඳහා සමාන්‍යයෙන් බලපාන හේතු කාරක පහකි.

උදෑසන වමනය යාම. (උදා ආබාධය )
ගර්භණී සමයේ පළමු කාර්තුව තුල මෙය සාමාන්‍ය සංසිද්ධියකි. දරුවකු කුස තුල දරා ගැනීම සඳහා ශරීරය ඒ අනුව හැඩ ගැස්වීමේදි හෝමෝන වෙනස්වීම් ඇතිවේ. උදෑසන වමනය යාම හා ඔක්කාරය ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ තත්ත්වය මඟ හරිනු පිණිස සමහර මව්වරුන් කෑම කෑමෙන් වැලකී සිටීයි.

ඔක්කාරය
ගර්භණී අවධියේ පලමු සමයේ ඇතිවන ඔක්කාරය, මවගේ කෑමර අරුචිය සඳහා බලපායි. ඇමරිකානු ගර්භණීභාවය පිලිබඳ සමාගමට අනුව ගැබිනි මව්වරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔක්කාරය නිසා කෑමර අරුචියෙන් පෙලෙන බව සොයා ගෙන ඇත. පලමු කාර්තුවේ, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මන්දගාමි වන හෙයින් කෑම අරුචිය ඇතිවීමට ඉඩ ඇත.

ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල යාම.
ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල අගයක් ගැනීම, ආහාර ජීර්ණය කෙරෙහි බලපානු ලැබේ. ජලය උරාගැනීම ඉහල යාම මේ සඳහා හේතුකාරයක් වේ.

යකඩ මට්ටම ඉහල යාම.
වෛද්‍ය උපදෙස් මත බොහෝ ගැබිනි මව්වරුන් යකඩ පෙති ලබා ගනිති. නමුත් යකඩ මට්ටම ඉහල යාම, කෑම අරුචිය මෙන්ම මල බද්ධය ඇතිවීමට බලපානු ලැබේ.

ආඝ්‍රාණය කිරීමේ සංවේදනය තීව්‍ර වීම.
සමහර ගර්භණී මව්වරුන්ගේ ආඝ්‍රාණය කිරීමේ සංවේදනය මෙම කාලයේදි තීව්‍ර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සමහර ආහාර ඔවුන්ට අරුචියක් ගෙන දේ.
ගර්භණී මව්වරුන් සෑම දෙනෙකුටම ඉහත සඳහන් අවස්ථා වලට මුහුණු දීමට සිදු නොවන බව සැලකිය යුතු කරුණකි. තවද මෙම අත්දැකීම එකිනෙකාට වෙනස් අයුරින් දැනිය හැක. ඔබ නිතරම කෑම අරුචියෙන් පෙලෙන්නේ නම්, වෛද්‍ය උපදෙස් වෙත පිවිසිය යුතු වේ.

වෛද්‍යවරයා හමුවීමට යාමට ඔබේ දරුවාත් අකමැත්තක් දක්වයිද?

බොහෝ දරුවන් ඩොක්ටර් අංකල් කිවූ සැණින් තැති ගනී. මීට හේතුව විය හැක්කේ දොස්තර මුණ ගැසෙන සෑම අවස්ථාවක්ම ඔවුන්ට සිරින්ජරයකින් අතට හෝ කකුලට බෙහෙත් විදින දර්ශනයක් සිහිනවන නිසාය. දරුවාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා නිතරම දොස්තර හමුවීම වැදගත් වූවත්, දරුවා එම හේතූන් සමඟ එකඟ නොවේ. වෛද්‍යවරයා විසින් ලබා දෙන බෙහෙත් බෙති හා සිරප් වලට දරුවන් ප්‍රිය නොකිරීම , මෙම බියට තවත් හේතුවක් ලෙස දැක්විය හැක. දෙමාපියන් තම දරුවා පළමුව ළමා විශේෂඥයකු වෙත රැගෙන යන්නේ මෙම බිය පහ කිරීමේ අරමුණෙනි. මොවුන්, දරුවන් සමඟ ඉතා සුහදව මෙන්ම මනා අවබෝධයකින් කටයුතු කරයි. ළමා විශේෂඥයින්ගේ වෛද්‍ය මධ්‍යස්ථානය බොහෝ විට දරුවන්ගේ සිත් ඇදගන්නා ලෙස සෙල්ලම් බඩු යනාදියෙන් සරසා තිබිම ඔබට දැකිය හැකි වේ.
කෙසේ කිව්වත්, දරුවාට දොස්තර හමුවීම ආතතිය ගෙන දෙන අවස්ථාවකි. දෙමාපියන් වශයෙන් ඔබ මේ සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරය පහත සඳහන් කර ඇත.

දොස්තර වෙත ඔහුව/ඇයව රැගෙන යාමේ හේතුව පහදා දෙන්න.

අවංකව දරුවාට ඔහුව/ඇයව දොස්තර වෙත රැගෙන යාමේ හේතුව පහදා දෙන්න. ඒ වගේම, නොගියහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිලිබඳ ඔවුන්ව දැනුවත් කිරීමටත් අමතක නොකරන්න. දොස්තරගේ වැදගත්කම ගැන අවධාරණය කරන්න. දරුවා එහි යාමට මැලිකමක් දක්වන්නේ මන්ද යැයි සොයා බලා, එම බිය පහව යන ලෙස කටයුතු කරන්න. දෙමාපියන් ලෙස ඔබට ඩොක්ටර් සෙට් එකක් සෙල්ලම් බඩුවක් ලෙස දරුවාට ලබා දීමෙන් හා ඔහු/ඇය සමඟ සෙල්ලම් කිරීමෙන් මෙම ආතතිය අවම කර ගත හැක.

ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස හැසිරෙන්න.

දරුවාට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න. දරුවා රෝගියා ලෙසත් ඔබ වෛද්‍යවරයා ලෙසත් සිටින සේ ඔබ දෙපාර්ශවයටම මවා පෑමේ මුණගැසීමක් රඟ දැක්විය හැක. මේ සඳහා ඔබට සෙල්ලම් බෙහෙත් විදින සිරින්ජර, ප්ලාස්ටික් බෙහෙත් පෙති, රුධිර පීඩනය මනින යන්ත්‍රය, ප්‍රතිකියා පරීක්ෂකය වැනි දෑ යොදා ගත හැකිය.

දරුවාගේ සුරක්ෂිත භාවය කෙරෙහි අවධානය යොමු කරන්න.

දොස්තර හමුවීමේදි, ඔබ දරුවාව තමා අසළම ඉඳ ගැනීමට සලස්වන්න. ඔහුව /ඇයට ඔබගේ ඔඩොක්කුවේ තබා ගැනීමද යෝග්‍ය වේ. මෙයින් දරුවාට සුරක්ෂිත බවක් හැඟේ. දොස්තර දරුවාව පරික්ෂා කරන අතරතුර කතා බහේ යෙදෙන්න. තැති ගන්වන සුලු අවස්ථාවකදී, විහිලුවක් කර දරුවාගේ ආතතිය සමනය කරන්න. මේ ආකාරයට ඔබට දරුවාගේ මුවට සිනහවක් ගෙන දිය හැකි වේ.

දරුවාගේ ධෛර්‍යය අගය කරන්න.
දොස්තරව මුණ ගැසීමෙන් අනතුරුව, දරුවා ඊට නිර්භයව මුහුණ දීම පිලිබඳ අගය කරන්න. දෙමාපියන් ලෙස ඔබට දරුවාව සිප ගැනීමෙන් , බදා ගැනීමෙන් තමා ඔවුන්ගේ පොඩි වීරයා පිලිබඳ කෙතරම් ආඩම්බර වෙනවාද යන්න පෙන්නුම් කල හැක. තෑග්ගක් ලෙස දරුවා කැමති කිසියම් දෙයක් ලබා දෙන්න. නමුත් මෙය පුරුද්දක් කර නොගත යුතුය. මෙවැනි දේවල් දරුවාට හොඳ අත්දැකීමක් වේ.

කුඩා දරුවන් නිතරම කුතුහලයකින් පසුවෙයි. අලුත් දේවල් අත් හදා බැලීමටත් , අත් විඳින්නටත් ඔවුහු ස්වභායෙන්ම කැමැත්තක් දක්වති. කෙසේ නමුත් සමහර අවස්ථා ඔවුන්ව අපහසුතාවයටත් , ආතතියටත් පත් කරයි. වගකීමක් ඇති දෙමාපියන් ලෙස ඔබ මීට මැදිහත් වී, එය සමනය කිරීම සඳහා නිසි පියවර ගත යුතුය.

අධ්‍යාපනික මෘදුකාංග, ගුරුවරුන් හා පෙල පොත් වලට ආදේශකයක් වේද?

කලකට ඉහතදී, පංති කාමරය තුලදී ගුරුවරයා විසින් ශිෂ්‍යයාට මූලික දැනුම ලබා දෙන ලදී. නමුත් කෙමෙන් කෙමෙන්, දැන් මෙම දැනුම සැපයීමේ කර්තව්‍යය සඳහා මෘදුකාංග (Apps) විශාල දායකත්වයක් සපයයි.

වර්තමානයේ දැනුම ලබා ගැනීමේ ප්‍රධාන මෙන්ම පහසු මූලාශ්‍රයක් බවට මෘදුකාංක පත්ව ඇත.
Instructure යන අධ්‍යාපන-තාක්ෂණ සමාගමේ ජුලියන් රිඩන් මහතාට අනුව, මෘදුකාංග, ශිෂ්‍යයින් ප්‍රමුඛ කරගත් ඉගෙනුම් ක්‍රමයකි. මෙහිදී, ගුරුවරයා ශිෂ්‍යයාගේ ස්වයං හැකියාවෙන් කල යුතු අභ්‍යාස සහ පැවරුම් පංතිය වෙත පවරනු ලැබේ.

ලොව පවතින නවීන තාක්ෂණයත් සමඟ යාවත් කාලීන වීමට, සෑම ගුරුවරයෙකුට කාලය මිඩංගු කල නොහැකිය. නමුත් මෘදුකාංගයක් යනු විශේෂ
කාර්යභාරයන් සඳහා නිර්මාණය කර ඇති සරල වැඩ සටහනකි. මෙය භාවිතා කිරීම ඉතා පහසු වන අතර ඕනෑම කෙනෙකුට තනියෙන් මේ සම්බන්ධව හැදෑරිය හැක.
Wanganui Park විද්‍යාලයේ චිත්‍ර හා මාධ්‍ය ගුරුවරයෙකු වන රික් කොනස් ට අනුව මෘදුකාංග යාවත් කාලීන වන අතර පාසල් අභ්‍යාස පොත් වල විෂයන්වල අන්තර්ගතයන් ස්ථාවරව පවතී. මෘදුකාංග දැනුමෙන් අනූන මූලාශ්‍රයක් වෙයි. මීට හේතුව ඒ මඟින් වීඩියෝ දර්ශන සහ අනෙකුත් වෙබ් අඩවි සඳහා මාර්ගෝපදේශයින් සැපයීමයි. තවද මෘදුකාංග, පාසල් අභ්‍යාස පොත් වලට සාපේක්ෂව මිලෙන් අඩු වේ. සමහර මෘදුකාංග වල අන්තර්ගතයන් යෝග්‍ය ලෙස යාවත් කාලීන කිරීම සඳහා ඔබේ සිතැඟි පරිදි ඒවා පාලනය කල හැක.

කොනස් මහතා නිතරම iTunesU හා Schoology වැනි අධ්‍යාපනික වෙබ් අඩවි වලින් තමාට අවශ්‍ය මෘදුකාංග තෝරා ගනියි. ඔහුගේ ශිෂ්‍යයින් තමන්ගේම පොත් සහ චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා iMovie හා iBook Author යන මෘදුකාංග යොදා ගනියි.

Apple ආයතනයේ නිෂ්පාදනයක් වන iTunesU ලෝක ව්‍යාප්ත අධ්‍යාපනික ආයතනයන් විසින් ලබා දෙන විෂය අන්තර්ගතයින් සහිත මෘදුකාංග රැසකට ප්‍රවේශය ලබා දේ. මෙම මෘදුකාංග සමහරක් මිලදී ගත යුතු වන අතර නොමිලේද ලබා ගත හැකි වේ.
Samsung සමාගම විසින් නිර්මාණය කරන ලද Learning Hub යනු අධ්‍යාපනික ආධාර සපයන තවත් අනර්ඝ මූලාශ්‍රයකි. ලොව පුරා ව්‍යාප්ත පිළිගත් පොත් ප්‍රකාශකයින්ගේ ඉගෙනුම් මාර්ගෝපදේශ, වැඩ පොත්, අච්චු පොත්, සහ විචිත්‍රාංගවලින් සමන්විත මූලාශ්‍ර වලින් මෙය සමන්විත වේ.

අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී වැඩ කරනවාට වඩා, ශිෂ්‍යයින් මෘදුකාංග භාවිතායෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීම කෝනර් මහතා අනුමත කරයි. ඔහුගේ මතයට අනුව මෙම ක්‍රමය මගින් ශිෂ්‍යයාගේ හැසිරිම් රටාව මනාව අධ්‍යයනය කල හැකි වේ. අන්තර්ජාලයේ සැරිසරන ශිෂ්‍යයාගේ මනස සීඝ්‍රයෙන් වෙන දිශාවන්වලට යොමු වෙයි. නමුත් මෘදුකාංග තුලින් දරුවාගේ මානසික ඒකාග්‍රතාවය ඒකාකාරිව පවත්වා ගත හැකි අතර, ඔවුන්ගේ දැනුම් මට්ටම වැඩි දියුණු කර ගත හැක.
Melbourne Symphony Orchestra වැනි සංවිධානවලට ඔවුන් සතු මෘදුකාංග තිබේ. මෙහි ශ්‍රව්‍ය-දෘශ්‍ය, විචිත්‍රාංගයින්ගෙන් සමන්විත වැඩසටහනක් තුලින්, ප්‍රේක්ෂකයාට ඔකෙස්ට්‍රාවේ සංචාරයක නිරත විය හැක.

අධ්‍යාපනික වටිනාකමකින් යුත් දුරකතන මෘදුකාංග වල තවත් වාසියක් වන්නේ මේ තුලින් දරුවාට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඉගෙනුම් කටයුතු වල නිරත විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, හෙවත් අධි-තාත්ත්වික මෘදුකාංග වලින් ශිෂ්‍යයින්ට සයිබර් අවකාශයේ සැරිසරමින් ලෝකය පිලිබඳ බොහෝ තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබේ.

මෘදුකාංගය මඟින් ඩිජිටල් තොරතුරු සහ දර්ශන භෞතික අවකාශය සමඟ සංකලනය කිරීමෙන් ආතාත්වික හා තාත්වික ලෝකයන් එකිනෙක අනුගත වේ. මෙවැනි මෘදුකාංග ජංගම දුරකතනයක් හෝ GPS තාක්ෂණය සහිත ටැබ්ලට් වැනි ඩිජිටල් උපාංගයක් තුලින් ප්‍රේක්ශකයාට වීඩියෝ හා දර්ශන නැරඹීමට සලස්වයි. මෙයින් තාත්වික ජීවිතයේ අත්දැකීම් පෙර නොවූ විරූ ආකාරයකට අත් විඳීමේ අවස්ථාව ඔබට උදා වේ.

ටැස්මේනියාවේ නූතන හා පුරාණ කලා කෘති කෞතුකාගාරයේ මෙම ක්‍රමය අනුගමනය කරනු දක්නට ලැබේ. iPod උපාංගය හරහා කෞතුකාගාරයේ විවිධ ප්‍රදේශයන්හි ඇති කලා කෘති පිලිබඳ වීඩියෝ හා විස්තර ඇතුලත් දර්ශන ප්‍රදර්ශනය කරනු ලැබේ. Aurasma යනු තවත් අධි තාත්ත්වික මෘදුකාංගයකි. ශිෂ්‍යයාගේ පැවරුම් පත්‍රයේ එක් අභ්‍යාසයක් අසල තැබූවිට, අතිරේක ශ්‍රව්‍ය/දෘෂ්‍ය විස්තර ප්‍රදර්ශනය වන ලෙස එම මෘදුකාංගය ක්‍රියාත්මක වේ.

දැනට, ඩිජිටල් උපාංග සඳහා, අත් ඔරලෝසු, පෑන් හා Google Glass ලෙස නිමවූ මෘදුකාංග ප්‍රවර්ධනය වීමක් දක්නට ලැබේ. මෙයට කදිම උදාහරණයක් ලෙස Samsung Smart Pen හැඳින්විය හැක. මෙය මෘදුකාංග රැසක් සමඟ අනුකලනය කොට තිබේ.

දෙමාපියන් හා අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා වල නිරතවන්නන් හට මෘදුකාංග ලොවේ සැරිසැරීමෙන් දරුවාට ලබා ගත හැකි දැනුම් සම්භාරය පිලිබඳ වැඩි දුරටත් දැන ගැනීම සඳහා ඒවා භාවිතා කරන්නන් වෙත පිවිසිය හැකි බව කෝනර් මහතා යෝජනා කරයි.

පෙර පාසල් අවධියේ පසුවන දරුවන් තුල දක්නට ලැබෙන ඔබ දැන ගත යුතුම ගති ලක්ෂණ දහයක්

පෙර පාසල් අවධිය යනු, අභියෝග රැසකින් සමන්විත, වෙහෙසජනක හා කෝපය උපදවන, කලබලකාරි බවින් යුත් තීරණාත්මක කාලයකි. සමහර අවස්ථාවන්හි දී, තාර්කික හේතූන් මත තීරණ ගැනීම අසාර්ථක විය හැකි අතර, එය ඔබව ප්‍රහේලිකාවට හා ව්‍යාකූල බවට පත් කිරීමට ඉඩ ඇත.
මෙම මුල් ළමා අවධිය දෙමාපියන් හට ආතතිය උපදවන, අභියෝගාත්මක කාලපරිච්ඡේදයකි. හැඟීම් වල උච්චතම අවස්ථාවන් මව් පිය පාර්ශවය වන ඔබට පෙර පාසල් අවධියේදි අත් විඳිය හැක. ආවේගශීලිබව, සංතුෂ්ටිය හා සෙනෙහස උපරිමයෙන් මෙම කාලයේදි ඔබට දැනිය හැක.
පෙර පාසල් අවධියේ පසුවන දරුවන් තුල දක්නට ලැබෙන ගති ලක්ෂණ දහයක් පහත දැක්වේ. මෙය දෙමාපියන්ට තම දරුවන්ගේ ස්වභාවය මනා ලෙස තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ කලහකාරි හැසිරීම් රටාවන් සමඟ නිසි ලෙස කටයුතු කිරීමටත් මඟ පාදනු ලැබේ.

සෑම මොහොතකම උද්යෝගයකින් පසුවීම.
පෙර පාසල් දරුවන්ට කිසිදු බාහිර බාධාකිරීමකින් තොරව වත්මන් මොහොත උද්යෝගයෙන් අත්විඳිමේ විශේෂ හැකියාව ඇත. වැඩිහිටියන් මෙන් නොව , මෙම වයසේ පසුවන දරුවන්ට තම අනාගතය පිළිබඳ වද වීමේ හෝ අතීතය ගැන සිතමින් පසු තැවීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. ඔවුහු තාත්ත්වික ලෝකයෙන් බැහැරව ඔවුන්ගේ ළමා ලොවට ගොස් එලඹෙන සෑම මොහොතක්ම හැකි උපරිමයෙන් අත්විඳින්නට ඇල්මක් දක්වති. ප්‍රියතම සෙල්ලම් බඩුව, පොත පත, පාසල හා හැඟිම් ඇතුලු තමා සතු සියලුම දේවල් වලින් පෙර පාසල් දරුවාගේ ලෝකය ගොඩ නැඟේ.

අනන්ත අවස්ථා.
මෙම අවධිය පෙර පාසල් දරුවාට අනන්ත අවස්ථාවන් ලබා දේ. සෑම දිනක්ම, නව අභියෝග ජය ගැනීම හා ඉලක්ක සපුරා ගැනීම සහ අලුත් සොයා ගැනීම වැනි අරමුණු වලින් සමන්විත වේ. වැඩිහිටියෝ සාමාන්‍යයෙන් දැඩි තීරණ ගැනීමට හා ඒකාකාරි ජීවිතයක් ගත කිරීමට නැඹුරුවක් දක්වති. දරුවෙකුගේ ඇසින්, වැඩිහිටියෙකු ලෝකය දෙස බලන්නට පුරුදු වුවහොත්, අප ජීවත් වන ලෝකය නියත වශයෙන්ම සුන්දර ප්‍රදේශයක් වනු ඇත.

නිර්මාණාත්මක හැකියාව
පෙරපාසල් දරුවන් සිතන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන් කිසිදු නීති මාලවක් අනුගමනය නොකරයි. මෙම වයස් කාණ්ඩයට අයත් දරුවන්ගේ සිත් නිර්මාණාත්මක බවින් පිරී පවතින අතර ඔවුහු තාර්කික බුද්ධිය මත තීරණ නොගනිති. දරුවා විසින් අඳින ලද චිත්‍රයක් මනාව අධ්‍යයනය කරන්න. ඔහු හෝ ඇය තම මවාගත් යහලුවා සමඟ කරන කතා බහට හොඳින් ඇහුම්කන් දෙන්න. කොල කෑල්ලක අඳින ලද ඉරි කෑලි ටිකක් වැඩිහිටියෙකුට නිකං කුරුටු බලි ලෙස පෙනුනත් එය පෙර පාසල් වියේ දරුවා දකින්නේ තමා විසින් නිර්මාණය කරන ලද අනර්ඝ සිතුවමක් ලෙසිනි.

ධාරණ ශක්තිය.
පෙර පාසල් දරුවාගේ මොළය ඉතා සක්‍රීය මට්ටමක පවතියි. දිනපතා අලුත් නිපුණතා ජීවිතයට එකතු කර ගැනීම හේතුවෙන් මොළය නව අත්දැකීම් හා දැනුම අවශෝෂණය කර ගැනීම සඳහා හැඩ ගැසේ. පෙර පාසල් දරුවන් කිසියම් දෙයක් ඉගෙන ගන්නේ කිසිදු පෙරහුරුවක් හෝ සූදානම් වීමකින් තොරවයි. පෙර පාසල් දරුවන්ගේ ඉගෙනීම් රටාව බොහෝ වැඩිහිටියන්ට ඉතා වැදගත් වන්නේ මේ නිසාවෙනි.

තහංචි හා සීමාවන් නොමැති වීම
පෙර පාසල් දරුවන් හට තම හැඟීම් ප්‍රකාශ කිරීමේදි කිසිදු සීමාවක් නැත.මෙම වයසේ පසුවන ළමයින් ගේ අදහස් විටෙක ඔබව ලැජ්ජාවට පත් කල හැකි සේම සිනා සාගරයක්ද ගෙන දිය හැක. ඔවුන් තම හැඟීම් හා අදහස් ප්‍රකාශ කරන්නේ හිතැඟි පරිදිය.

සමාව දීම.
මෙම වයසේ පසුවන දරුවෝ සමාව දීමට මැලි කමක් නොදක්වති. ඔවුන් තරහ මරහ සිතේ තබා නොගන්නා අතර සැණෙකින් අඬන මොහොතක සිට සිනාසෙන මුහුණකට අවතීර්ණ වේ. පෙර පාසල් දරුවන් තුල කාරුණික හදවතක් සහ අනුකම්පා සහගත ගති පැවතුම් දක්නට ලැබේ.

අවංක හා ඍජු බව.
පෙර පාසල් දරුවන් තම අදහස් ඍජු ලෙස සමායට ප්‍රකාශ කරයි. වෙනත් ආකාරයකින් කිව හොත්, ඔවුන් හරිම අවංක වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වයසේ පසුවන ළමයින් වැඩිහිටියන්ගේ කතා බහට බාධා කිරීමට ද ඉඩ ඇත.
උදාහරණයක් ලෙස, දෙමාපියකු ” මට යකෙක් කන්න බඩගිනියි” යැයි පැවසුවහොත් , ඊට දරුවා මෙලෙස පිළිතුරු දිය හැක ” අම්මිට යක්කුත් කන්න පුලුවන්ද?”

සෙනෙහස
මෙම වයසේ දරුවන් බදා ගැනීම, සිප ගැනීම, කිති කැවීම හා තුරුල් වීම වැනි සෙනෙහස පාන හැසිරීම් තම දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙයි. අනපේක්ෂිත අන්දමට තමාට ලැබෙන සෙනහසට ඔවුහු ඇල්මක් දක්වති. මෙය දෙමාපියන්ගේ ආවේගශීලි හැඟීම් පාලනය කිරීමට උපකාරි වේ.

අගය කොට සැලකීම.
දෙමාපියන්ගේ දවස කෙතරම් කාර්යබහුල හෝ වෙහෙසජනක වුවත්, පෙර පාසල් දරුවා තමාව රැකබලාගන්නා මූලික පුද්ගලයින් දෙපල ලෙස දෙමාපියන්ගේ සේවය අගය කොට සලකයි. කායික හා මානසික යන දෙයාකාරයට සෙනෙහස පාමින්, දරුවන් දෙමාපියන්ගේ වටිනාකම අගය කරයි. වේදනාවකදී, මව හෝ පියා සොයා හැඬීම, ප්‍රිතිමත් මොහතකදී දෙමාපියන් අසලට වී සිටීමට ඇල්මක් දැක්වීම වැනි හැසිරීම් මීට උදාහරණ ලෙස දැක්විය හැක.

පෙර පාසල් දරුවාගේ ජීවිතය හරිම සරලය, කෑම , බීම, විනෝදවීම හා කලින් නින්දට යාමෙන් ඔවුන්ගේ දින චර්යාව සම්පූර්ණ වේ. සමහර අවස්ථාවලදී, ඔවුන් කෙලි සෙල්ලමෙහි යෙදී විනෝද වීම සඳහා කෑම වේල හෝ නින්ද කැප කිරීමට කැමත්තක් දක්වයි.

ඔබේ දරුවාට බෝතලයෙන් කිරි දීමේදි මේ කරුණු ගැන සැලකිලිමත් වෙනවාද?

බිළිඳාට කිරි දීමේදි , ඔබ ඒ සම්බන්ධ උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය්‍ය වේ. බෝතලය නිවැරදිව අල්ලා ගැනීම මෙන්ම වැඩියෙන් හෝ අඩුවෙන් කිරි දීමෙන් වැලකීමට දෙමාපියන් ලෙස ඔබ වග බලා ගත යුතු ය. ඒ වගේම කිරි බෝතලයේ හා මවගේ තන පුඩුවල පිරිසිදු බව පවත්වා ගැනිම අතිශයෙන් වැදගත් වේ.
පහත දැක්වෙන පිලිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට දරුවාට කිරි දීමේදි, එය සෞඛ්‍යමත්, විනෝදජනක මෙන්ම ආරක්ෂිත අත්දැකීමක් බවට පත් කර ගත හැක.
BPA සහිත බෝතල් මිලදී ගැනීමෙන් වලකින්න.

සමහර ළඳරු බෝතල් වල BPA හෝ බිස්ෆීනෝල් A අඩංගු වේ. මෙම රසායන ද්‍රව්‍යය පිලිකා ජනකයක් ලෙසත්, ශරීර අපචයනයන් සඳහා හේතුකාරකයක් ලෙස හඳුනා ගෙන ඇත. ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් සෑදූ බෝතල් මිලදී ගැනීමෙන් ද වලකින්න. සාමාන්‍යයෙන්, ළඳරු ආරක්ෂිත නිෂ්පාදන වල ” BPA හෝ PABA රහිතයි” ලෙස සඳහන් කර ඇත.

ගෙවී ගිය හෝ පිපිරීම් වලට ලක්වූ බෝතල් භාවිතා කිරීමෙන් වලකින්න.
සීරුණු, ගෙවී ගිය පෘෂ්ඨයක් ඇති හා වර්ණය අපැහැදිලි බෝතල් වල අහිකර රසායන ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර ඒවා කිරි සමඟ ප්‍රතිකියා කිරීමෙන් ළඳරුවාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැක.

මව් කිරි ළඳරු කිරි පිටි සමඟ මිශ්‍ර කිරීමෙන් වලකින්න.
පිටි කිරි වල ගබඩා කාලය පොම්ප කිරීමෙන් ලබා ගත් මව් කිරි වලට වඩා අඩුය. එබැවින්, මේ කිරි වර්ග දෙක එකට මිශ්‍ර කිරීමෙන් හා බොහෝ වේලාවක් ගබඩා කර තබා ගැනීම යෝග්‍ය නොවේ.

අතිරේක කිරි ඉවත් කරන්න.
දරුවාට කිරි දුන් පසු අතිරේක කිරි විසි කරන්න. නැතහොත් ඔබගේ තේ හෝ කෝපි එක සඳහා භාවිතා කරන්න. බිළිඳාට පසුව ලබා දීම සඳහා මෙම අතිරේක කිරි රඳවා තබා ගැනීම නුවණට හුරු දෙයක් නොවේ. මන්ද බෝතලය ජීවානුහරණය කර නැති නිසාවෙනි. තවද මෙමෙ අතිරේක කිරි නැවත උණු කිරීම හෝ මයික්‍රෝවේව් උඳුනේ තැබීම, කිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ විනාශ වීම සඳහා බලපායි.

බෝතලය සමඟ දරුවාව තනියෙන් නොතබන්න.
දරුවාට නිසි පරිදි කිරි බෝතලය අල්ලා ගැනීමට හැකි වුවත්, සෑම මොහොතකම කිරි පෙවීම අධීක්ෂණය කරන්න. අහම්බෙන් දරුවාට කිරි හිරවීමෙන් පිට උගුරේ යා හැක. හැකි පමණින් කිරි බෝතලය තිරස් අතට හරවා කිරි පොවන්නට උත්සාහ ගන්න. මේ මඟින් දරුවාගේ මුව තුලින් වාතය ඇතුල් වී, පසුව බඩෙහි ගෑස් එකතු වීම වලක්වා ගත හැක.

බෝතලය , උණුවතුරේ රඳවා තබන්නට අමතක නොකරන්න.
ජීවානුහරණය කිරීම පිණිස, සියලුම බෝතල් සෝදා, උණු වතුරේ රඳවා තැබීම කල යුතු වේ. බෝතලය, වතුර සමඟ තැම්බීමෙන් වලකින්න. ජීවානුහරණය කිරීම සඳහා බෝතලය උණු වතුරේ මිනිත්තු පහක් පමණ රඳවා තැබිය යුතුය. සෑම කිරි පෙවීමකින් පසුව බෝතලය සේදිම අනිවාර්ය්‍ය වේ.
කිරි වල උෂ්ණත්වය පරික්ෂා කරන්න.

තන පුඩුව හෝ සූප්පුව දරුවාගේ මුවෙහි තැබීමට පෙර, කිරි වල උෂ්ණත්වය පරික්ෂා කල යුතු වේ. ඔබගේ අල්ලේ හෝ මැණික් කටුවට කිරි බින්දු කිහිපයක් දැමීමෙන්, කිරි වල උෂ්ණත්වය, ශරීර උෂ්ණත්වය හා සමානද යන්න මැන ගති හැකි වේ.

දරුවාව කෙලින් පිහිටුවන සේ කිරි පොවන්න.
ළඳරුවාගේ බඩට යන වාත ප්‍රමාණය අවම කිරීම සඳහා ඔහුව/ඇයව අංශක 45 ක කෝණයකින් පිහිටුවන්න. බිළිඳාගේ පසු ප්‍රදේශය ඔබගේ ඔඩොක්කුව මත තිබිය යුතුය. සූප්පුව කිරි වලින් පිරීම සඳහා ඔබ බෝතලය මඳක් ඇල කල යුතුය.

මවගේ තන පුඩුව හා බෝතලය නිතරම පරික්ෂා කරන්න.
කිරි ලබා දෙන තන පුඩුව මෙන්ම කිරි බෝතලය, තැලීම්, පැහැයේ හෝ හැඩයේ වෙනස්වීම් තිබේ දැයි බැලීම සඳහා නිතරම පරික්ෂා කල යුතු වේ.

බිලිඳා සමඟ මනා බැඳීමක් ඇති කරගන්න.
කිරි පෙවීමේදි හෝ දරුවා කිරි බොන අතර තුරදී, ඔහුට/ඇයට ගී ගායනා කිරීමෙන්, කතන්දර කියා දීමෙන්, සිනා සීමෙන් හා කතා කිරීමෙන් මව හා දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් වේ.
සැලකිය යුතුයි : අඩුම තරුමේ ළඳරුවාට මාස හය පිරෙන තෙක් මව් කිරි ලබා දිය යුතු වේ. ඉහත සඳහන් උපදෙස් අදාල වන්නේ, කෘතිම ක්‍රමයට පොම්ප කර මව් කිරි ලබා දෙන මව්වරුන්ට හා මාස හයෙන් පසු බෝතල් කිරි ලබා දෙන අයටයි.

දරු ප්‍රසූතියෙන් පසු ඔබේ පෝෂණය පවත්වා ගෙන යන්නේ කෙසේද?

දරු ප්‍රසූතියෙන් පසු, මව්වරුන් නිසි ලෙස කිරි එරීම පවත්වා ගැනීම සඳහා මනා පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්ය්‍ය වේ. බිළිඳාට කිරි දිය නොහැකි මව්වරුන් ගර්භණී භාවයට පෙර ලබා ගත් ආහාර රටාවට නැවතත් හුවමාරු විය හැකිය. යකඩ ඌණතාවයෙන් පෙලෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් සහිත පෝෂණ ආහාර රටාවක් අනුගමනය කල යුතු වේ.
කිරිදෙන මව්වරුන් ඔවුන් ලබා ගන්නා කෑම බීම පිලිබඳ සැලකිල්ලෙන් පසු විය යුතුය. කුමන දේ ලබා ගත්තත්, එය හිතකර හෝ අහිතකර ලෙස තමාට මෙන්ම තම දරුවාගේ සෞඛ්‍යයටද බලපෑ හැක. කිරි දෙන මව්වරුන් දිනකට අතිරේකව කැලරි 500 ලබා ගත යුතු වේ. මේ සඳහා මිලෙන් අධික ආහාර අනුභව කල යුතු නැත. මෙම අතිරේක කැලරි ප්‍රමාණය, දෛනික ආහාර වේලෙන් ඔබට ලබා ගැනීමට පුළුවන. මෙය පසු කාලිනව ඔබගේ ශරීරයේ බර පාලනය කර ගැනීම සඳහා උපකාරි වේ. ප්‍රසූතියෙන් පසු ආහාර වේලෙහි විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටින්, කාබෝහයිඩ්‍රේට් සහ මේදය අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු විය යුතුය. කැල්සියම්, යකඩ, ෆෝලික් අම්ලය හා විටමින් A අඩංගු ආහාර ද අනුභව කිරීම අනිවාර්ය්‍ය වේ. මීට අමතරව, අයඩින් සහිත ලුණු භාවිතා කිරීමට අමතක නොකරන්න. කිරි දෙන මව්වරුන් මෙම ආහාර රටාව අඩුම තරමේ වසර දෙකක් අනුගමනය කල යුතු වේ.
මවගේ කිරි වල ප්‍රමාණය හා තත්ත්වය ඇයගේ පෝෂණය මත තීරණය වේ. මන්ද පෝෂණයෙන් පෙලෙන මවගෙන් එරෙන කිරි ප්‍රමාණය බිළිඳාට ප්‍රමාණවත් නොවිය හැක. මනා පෝෂණ රටාවකට හුරුවු සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මව , තම බිළිඳාට සෑහෙන කිරි ප්‍රමාණයක් ලබා දීමට සමත් වේ. මවක් ලබා ගන්නා ආහාර වේල කිරි වෙත සංසරණය වන්නේ විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටින්, මේද හා කාබෝහයිඩ්‍රේට වැනි පෝෂ්‍ය පදාර්ථ ලෙසිනි. මව් කිරි වලින් 88%ක් ජලයෙන් සමන්විත වේ. ප්‍රසූතියෙන් පසු මව්වරුන් වැඩියෙන් ජලය පානය කිරීම අනිවාර්ය්‍යයි.
කිරි දෙන මව්වරුන් දිනකට ප්‍රෝටින් ආහාර වේල් හයක් පමණ ලබා ගත යුතුය. මීට අමතරව එළවලු හා පලතුරු දීසි පහක් හා කිරි වීදුරු හතරක් දෛනිකව තම ආහාර වේලට එකතු කර ගත යුතු මනාය. දරුවන්ට කිරි බෝතලයෙන් කිරි පොවන මව්වරුන් ප්‍රෝටින් ආහාර වේල් පහක් , පලතුරු හා එළවලු දීසි හතරක් හා කිරි වීදුරු දෙකක් දිනකට ලබා ගැනීම යෝග්‍ය වේ.
මවගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, කිරි දෙන වාර ගණනත්, අනුභව කරන ආහාර වේලේ පෝෂණ තත්ත්වයත් වර්ධනය කර ගත යුතු වේ.
ශරීර සෞඛ්‍යයට අවශ්‍ය මනා පෝෂණ ගුණයකින් සමන්විත ආහාර වේලක් ලබා ගැනීමෙන් දරු උපත් මරණ, අව ප්‍රසූතිය, ගබ්සා වීම මෙන්ම අඩු බර සහිත දරු උපත් අවම කර ගත හැකි වේ.

නිවුන් දරු උපත් ලැබීමේදී ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතු සංකුලතාවයන් කිහිපයක්

එක් ගර්භයක් සහිත ගැබ් ගැනීමක, වැදෑමහ එක් දරුවකු දරා සිටියි.නිවුන් දරු ගැබ් ගැනීමකදී ගර්භයට දරුවන් දෙදෙනෙකු දරා සිටීමට සිදු වේ.සමහරවිට මෙම නිවුන්නු එක් වැදෑමහක සිටිනු ඇත.මෙය “මොනොසයිගොටික් නිවුන්නු” (Monozygotic Twins) ලෙස හඳුන්වනු ලැබේ.වෙනස් වැදෑමහ දෙකක සිටින නිවුන්නු “ඩය්සිගොටික් නිවුන්නු” හෝ එක කුස උපන් නිවුන්නු ලෙස හඳුන්වනු ලැබේ.නිවුන් දරුවන් දරා සිටීම බරපතල සංකුලතාවයන්ට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇත.

එක කුස උපන් නිවුන්නුන්ට ඔවුන්ගේම වැදෑමහ තිබෙන අතර ඔවුන්ගේම වැදෑමහ කෝශවල දරාගෙන සිටියි. කෙසේ වෙතත් එකම කෝශයක සිදුවන නිවුන් උපත් වලින් 70% දක්වා ප්‍රමාණයක් බරපතල සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.මෙවැනි සිදුවීමකදී පෙකණිවැල කුමන හෝ ස්ථානයක රෝපණයවීමට ඉඩ ඇත. මෙම රෝපණය සිදුවන ස්ථානය අනුව ගර්භයන් දෙකටම පෝෂණය බෙදාහැරීම අසමතුලිතව සිදුවීමට සහ අඩු රුධිර ප්‍රමාණයක් ලැබීමටද මග පාදනු ඇත.විද්‍යාඥයෝ මෙය අසම ඩිම්බබන්ධන බෙදාගැනීම ලෙස හඳුන්වයි.බොහෝ නිවුන්නු එකම ජාන ද්‍රව්‍ය බෙදා ගත්තද වෙනස් අන්දමට වැඩෙන්නේ මේ නිසාය.සමහරවිට එක් එක් රැහැන් ඔස්සේ ගමන් කරන රුධිරවාහිණී එකට සම්බන්ධ වීමෙන් එක් ගර්භයකින් අනෙක් ගර්භයට රුධිරය සංසරණය ( පාරවිලයනය ) වීමට හේතු විය හැක.මෙවැනි සංකූලතාවයන් twin to twin transfusion syndrome හෝ TTTS ලෙස හඳුන්වනු ලැබේ.

TTTS
එක වැදෑමහක් බෙදාගන්නා නිවුන් දරුගැබකදී (MZ Twins) එක් එක් ගර්භයන් වෙන්කර ගැනීමට බාධාවක් නැත.එම නිසා අවසානයේදී රුධිර වාහිණී බෙදා ගනු ඇත.MZ නිවුන් දරු උපතකදී 15% ක ප්‍රමාණයක අසමතුලිත රුධිර සංසරණයක් සිදු විය හැක.මෙහිදී එක් ගර්භයක් අනෙක් ගර්භයට වඩා වැඩි රුධිරය ප්‍රමාණයක් ලබා ගැනීමක් සිදු වීමෙන් TTTS වලට යොමු විය හැක.TTTS වලට මතුවිය හැකි තවත් සංකූලතාවයක් acardiac twins හෝ Twin Reversed Arterial Perfusion (TRAP) ලෙස හඳුන්වනු ලැබේ.මෙය MZ ගැබ්ගැනීම් වලින් 1% ක ප්‍රමාණයකින් සිදුවිය හැකි දුලභ අවස්ථාවකි. TTTS අවස්ථාවක එක් ගර්භයක් සාමාන්‍ය ලෙස වැඩෙන අතර අනෙක් ගර්භය අවයව,ඉන්ද්‍රියයන් සහ ශරීර කොටස් සහ සාමාන්‍යයෙන් හෘදය වස්තුව නොමැතිව අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දැකිය හැක.බොහෝ විට මෙය හෘදය වස්තුව නොමැතිව දැකිය හැකි බැවින් මෙය acardiac ලෙස හඳුන්වනු ලැබේ.සාමාන්‍ය ලෙස වැඩුණු ගර්භය අනෙක් ගර්භයට රුධිරය සපයන නිසා කලින් සඳහන් ගර්භයේ උන්නතිය ශුන්‍ය අගයක් ගනී.

Preterm Labour යනු නිවුන් දරු ගැබකදී ඇතිවිය හැකි සුලබම සංකූලතාවයයයි.මෙය 70% ක පමණ ප්‍රතිශතියක් දරණ අතර 100% ක ප්‍රමාණයක් නොමේරූ ( අපරිණිත ) දරු උපත් වේ.

Intrauterine Growth Retardation (IUGR)
මෙය දරුගැබ් වලදී සිදුවිය හැකි වූවත් බහු උපත් වලදී මෙය සාමන්‍ය සිදුවීමකි.මෙම තත්වය ඇතිවන්නේ එක් ගර්භයක් ගර්භාශය තුල සිටින විට ගර්භයේ වර්ධනයට සහ දියුණුවට බාධා ඇතිවෙන විටකදීය.
ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන්නේ නම් සෑම වෛද්‍යවරයෙකුගේම අවධානය සහ පූර්වාරක්ෂාව අනුගමනය කල යුතු වේ.මෙයට ප්‍රමාණවත් ව්‍යායාම සහ ආහාර පාලනයද ඇතුලත් වේ.
(තිලෝතමා චටර්ජී onlymyhealth.com වෙත ලියන ලද ලිපියක් ආශ්‍රයෙනි.)