Home Blog Page 42

දරුවන් තුළ පවතින උච්ඡාරණ දෝෂ හඳුනා ගනිමු.

කුඩා කාලයේ සිට දරුවෙකු පළමු වචනය පවසන තුරු දෙමව්පියන් බලා සිටිනුයේ ඉමහත් නොඉවසිල්ලකිනි. දරුවා වැඩෙත් ම දරුවාගේ කතාව හා වාග් මාලාව දියුණු වීමත් සමඟ ම ඇතැම් දරුවන් උච්ඡාරණ දෝෂ පෙන්නුම් කරනු ලබයි. අද අප කතා කරන්නට යන්නේ දරුවන් තුළ පවතින උච්ඡාරණ දෝෂ හඳුනා ගැනීම පිළිබඳවයි. 

  • උච්ඡාරණ දෝෂ (Speech Sound Disorders) යනු කුමක් ද? 

දරුවන් භාෂාව ඉගෙන ගැනීමත් සමඟ දරුවන් හට ඇතැම් ශබ්ද හෝ විවිධ  ශබ්ද ඇතුලත් වචන නිසි ලෙස උච්ඡාරණය කිරීමට අපහසු වීම උච්ඡාරණ දෝෂ ලෙස සරලව ම හඳුන්වා දිය හැකිය.

නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ දරුවන් භාෂා ඉගෙනීමේ දී සිදුවන ශබ්ද නිවරදි ලෙස උච්ඡාරණය නොකිරීම මෙයට ඇතුලත් නොවීමයි.  නමුත් දරුවන් හට ශබ්ද ප්‍රගුණ කිරීමට නිසි වයසක් පවතින අතර දරුවා නිසි වයසට ප්‍රගුණ කළ යුතු ශබ්ද එම වයසට ප්‍රගුණ  නොකළ හොත් මෙය සැලකිලිමත් විය යුතු හා කථන චිකිත්සාව ට යොමු විය යුතු තත්ත්වයක් ලෙස හඳුන්වා දීමට හැකියාව පවතී. 

උච්ඡාරණ දෝෂ ඇතිවීමට බලපාන හේතු මොනවා ද?

මෙයට බලපාන හේතු ලෙස පැහැදිලි එක් හේතුවක් තවමත් හඳුනාගෙන නොමැත. නමුත් මේ සඳහා බලපෑ හැකි කරුණු අතර 

  • වර්ධන ප්‍රමාදයන්
  • ශ්‍රවණ අපහසුතා
  • මොළයට සිදුවන හානි 
  • කථනයට අවශ්‍ය ස්නායු වලට සිදුවන හානි 
  • ඇතැම් දරුවන් තුළ පවතින සුවිශේෂී තත්ත්ව  
  • කථනයට අවශ්‍ය වන්නා වූ මාංශ පේශීන් වල ඇති ව්‍යූහමය ගැටලු ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකිය.

තවද ඇතැම් දරුවන් උච්ඡාරණ දෝෂ ඇති වීමට ඉඩකඩ වැඩි බව පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇත. ඒ අතර ඔටිසම් තත්වය සහිත දරුවන්, ශ්‍රවණ අපහසුතා සහිත දරුවන්, ජානමය විකෘතිතා සහිත දරුවන් (ඩවුන්සින්ඩ්‍රෝම් තත්වය ආදී) ස්නායු සම්බන්ධ තත්ත්ව (මස්තිෂ්ක ආඝාදය), කථනයට අවශ්‍ය වන අවයව වල ඇතිවන වෙනස්කම් හා සුවිශේෂී තත්ත්ව (විදලිත තොල හා තල්ල), මෙන්ම දරුවන් හට ඉගෙනීම ට අවශ්‍ය පසුබිම අවම වශයෙන් ලැබෙන දරුවන් හට ද මෙම තත්ත්වය වර්ධනය වීම ට වැඩි අවදානමක් පවතී. 

මෙම තත්ත්වය සහිත දරුවෙකුගේ ලක්ෂණ මොනවා ද?

මෙම තත්ත්වය සහිත දරුවන්ගේ ලක්ෂණ එකිනෙකා ගෙන් වෙනස් වනු ඇත. මන්ද ඔවුන් පෙන්නුම් කරන ගැටළු අනුව ලක්ෂණ  වෙනස් වේ. නමුත් පොදුවේ දැකගත හැකි ලක්ෂණ කීපයක් පවතින අතර ඒවා පදනම් කර ගනිම්න් ප්‍රධාන කොටස් දෙකක ට ද බෙදා වෙන් කල හැකිය. එනම්,

  • නිවැරදි ව ලෙස ඇතැම් ශබ්ධ නිපදවීම ට වීමට නොහැකි වීම (Articulation Disorder)
  • ඇතැම් විට  වචනයට අදාළ ශබ්ද මග හැරීම, වෙනත් ශබ්ද එකතු කිරීම, නිවැරදි  වචනයට සමාන උච්ඡාරණයන් සහිත වෙනත් වචනයක් ආදේශ කර පැවසීම (Phonological Disorder)   

තව ද මතක තබා ගත යුතු කරුණක් වන්නේ විවිධ භාෂාවන් වල පවතින උච්ඡාරණ විධි (accent) අනුව සිදුවන වෙනස් කම් උච්ඡාරණ දෝෂ ලෙස සලකනු නොලැබෙන බවයි.  ඒවා සාමාන්‍ය තත්ත්වයන් ලෙස සලකනු ලබයි. 

දරුවාට ශබ්ද උච්ඡාරණය අපහසුතාවයක් ඇත්නම් එම එය උච්ඡාරණය ගැටලුවක්ද?

 (Articulation disorder) ශබ්ද උච්ඡාරණය කිරීමට හැකි වුවත් නිසි ලෙස එය වචනයකට ගැලපීම ට ඇති නොහැකියාවක් ද  (Phonological disorder) යන්න  වෙන් කර හඳුනා ගත හැකි වන්නේ කථන හා භාෂා චිකිත්සකවරයෙකු විසින් සිදු කරනු ලබන නිවැරදි තක්සේරුකරණයක්  තුළිනි. එම නිසා ඔබගේ දරුවා ටත් උච්ඡාරණ දෝෂයක් පවතී නම් හෝ උච්ඡාරණ දෝෂයක් ඇති වීමට අවදානමක් සහිත තත්ත්වයක සිටින දරුවෙකු නම් කථන හා භාෂා චිකිත්සකවරයෙකු වෙත යොමු වී තක්සේරුකරණය කර ගැනීම සහ ඊට අවශ්‍ය ව චිකිත්සාවන් වෙත යොමු වීම ඉතාමත් වැදගත් වේ. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

පවුලක, රටක, ලොවක කොඳුනාරටිය කාන්තාවයි

SPONSORED CONTENT

කාන්තාව දැයේ කොඳුනාරටියයි. සෑම වසරකම මෙන්ම මේ වසරේදීත් මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනයවෙනුවෙන් වෙන්වන්නේ එවන් වූ සවිමත් ඇය වෙනුවෙනි. 2021 කාන්තා දිනය කාන්තා නායකත්වය: කොවිඩ් – 19 හමුවේ සමානාත්මතාව සහිත අනාගතයක් බිහිකර ගැනීමයන තේමාව ඔස්සේ සැමරුණි. ඒ අද වන විට කොවිඩ් වසංගතයට එරෙහිව කෙරෙන සටනේ දී ද කාන්තාවන් ඉදිරියෙන් සිටින නිසාමය.

කාන්තාව මොහොතකට නරත වුවහොත් මුළු ලොවම නතර වන බව ඔබ සිතුවාද?

වර්තමානයේ ලොව ගමන් ගන්නා ආකාරයට ගත් කළ ලොව රාජ්‍ය නායකත්වයේ කාන්තාවගේ දායකත්වය අවම ප්‍රමාණයක් වන අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවට අනුව නම් මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතුණහොත් කියවෙන්නේ ලෝකයේ රාජ්‍ය නායකත්වය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිවීමට තවත් වසර 130ක් ගත වන බවයි. උදාහරණයක් ලෙස ගත් කළ අද වන විට ලොව ආණුඩු  22ක නායකත්වය දරන්නේ ධෛර්යමත් කාන්තාවන්ය. කෙසේ වුවත් ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් කාන්තාවන් සිටින්නේ 24.9% කි. ඔවුන්ගේ වැටුප පිරිමි පිරිසට වඩා 11% අඩු බවත් පැවසෙනවා. එය එසේ විය හැකිද?

අන්න ඒ නිසාම 2021  මාර්තු 08 දිනට යෙදුණු කාන්තා දිනය වෙනුවෙන් මුළු මහත් ලෝකයේම කොදු නාරටිය බදු වූ කාන්තාවයේ අගය මෙන්ම දැයක දියුණව වෙනුවෙන් ඇයගේ සෘජු දායකත්වයේ අගය පෙන්වා දීම උදෙසා Idoex නිෂ්පාදන ආයතනය විසින් වීඩියෝවක් නිර්මාණය කළා.

ඇය මොහොතකට නරත වුවහොත් පවුලක් තුළ රටක් තුළ ලොවක් තුළ සිදුවන්නේ කුමක්ද යන්න ඒ වීඩියෝව තුළින් මනා දැනුවත් කිරීමක් සමාජයට ගෙන එනවා. සැබවින්ම කාන්තාවගේ දායකත්වය පවුලක් ලෙසත් රටක් ලෙසත් ලොවක් ලෙසත් අපට අවතක්සේරු කිරීමට හෝ නොසලකා හැරීමට නොහැකි බව එය නැරඹූ ඔබට පසක් වනු නිසැකය.

පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න.

 

පුංචි පැටියා වෙනුවෙන් දෙමව්පියන්ගේ නිවැරදිම තේරීම

SPONSORED CONTENT

අම්මට තාත්තට දරුවෝ තරම් තවත් වස්තුවක් නැහැ. මව්පියන් දිවා රෑ වෙහෙසෙන්නේ කැපවෙන්නේ ලෝකයකටත් වඩා වටින පුංචි පැටියට සුදුසුම දේ ලබා දීම වෙනුවෙනුයි. සැමවිටම තම දරුවාගේ නිරෝගී බව, සතුට, සැනසුම සොයන දෙමාපියන් වශයෙන් ඔබ, ඔවුන් වෙනුවෙන් යමක් තෝරාගැනීමේදී ඒ පිළිබඳව හොඳින් සොයා බලා දැනුවත් වීම නම් අත්‍යවශ්‍යයි. 

ඔබ, ඔබේ දරුවා වෙනුවෙන් තෝරාගන්නා නිෂ්පාදනයක විශ්වසනීයත්වය බොහෝ සෙයින් වැදගත්. වසර 58ක් පුරා මව්වරුන්ගේ පළමු තේරීම බවට පත්ව සිටින බේබි ෂෙරමි අදටත් මව්පියන්ගේ පළමු තේරීමම වන්නේ ළදරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අවධානයක් යොමු කරමින් ශ්‍රී ලාංකීය මව්පියන්ගේ හදවත් තුළ ගොඩ නැගූ විශ්වාසය නිසයි. 

සෙනෙහසේ මුදු පහස වෙනුවෙන්ම සැකසෙන බේබි ෂෙරමි ක්‍රීම් ළදරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සුවිශේෂී අමුද්‍රව්‍ය යොදාගනිමින් සැකසී ඇති අතරම බේබි ෂෙරමි ක්‍රීම්වල ළදරු සමට නුසුදුසු කිසිවක් අන්තර්ගත නොවන බව ඉතා වගකීමෙන් යුතුව කිව හැකිය. 

බේබි ෂෙරම් ක්‍රීම් බිලිඳු සමට හිතකර බව සැමවිටම විශ්වාස කළ හැකි කරුණක් වන අතරම එයට හේතුව බිලිඳු සමට අහිතකර පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි ද්‍රව්‍ය කිසිවක් එහි අඩංගු නොවීමයි. එසේම ඔබේ පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ක්‍රීම් ඉතාම මුදු සුවඳකින් යුක්තයි. බේබි ෂෙරමි ක්‍රීම් IFRA (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය)  මගින් අනුමත කරන ලද ළදරු සමට ගැලපෙන මෘදු සුවඳකින් නිපදවා ඇත්තේ සැර සුවඳ සහිත ක්‍රීම් හෝ වෙනත් ආලේපන හේතුවෙන් දරුවන්ගේ චර්යාත්මක ගැටලු පවා ඇති විය හැකි නිසයි. 

එපමණක් ද නොව බේබි ෂෙරමි ක්‍රීම්, ආමන්ඩ්, හර්බල් සහ ෆ්ලොරල් ලෙස වර්ග තුනක් යටතේ ඔබ වෙත එයි. 

  • බේබි ෂෙරමි ආමන්ඩ් බේබි ක්‍රීම් 

ආමන්ඩ්, විටමින් E සහ කිරි සාරයෙන් අනූන ආමන්ඩ් බේබි ක්‍රීම් මගින් බිලිඳු සමේ සුමුදු බව එලෙසින්ම රැක දෙමින් සම පෝෂණය කරයි. නිරෝගී සමකට අත්‍යවශ්‍ය වන විටමින් A, B2, B6 හා E වලින්ද අනූන ආමන්ඩ් මගින් ළදරු සමේ සුසිනිදු බව එලෙසින්ම රැක ගන්නා අතරම සුවපහසු ප්‍රබෝධමත් බවක් බිලිඳු ගතට ගෙන එයි. විටමින් E බිළිඳු සමේ තෙතමනය රකිමින් සම පෝෂණය කරන අතරම කිරි සාරය සම පෝෂණය කරයි.  

  • බේබි ෂෙරම් හර්බල් බේබි ක්‍රීම්

කෝමාරිකා, සුදු හඳුන් සහ කිරි සාරයෙන් පෝෂිත බේබි ෂෙරමි හර්බල් ක්‍රීම් ඔබේ බිළිඳාගේ සම සිසිල් කරමින් පෝෂණය කරවයි. කෝමාරිකා මගින් බිලිඳු සමේ තෙතමනය රැකගන්නා අතරම සම පෝෂණය කරයි. කෝමාරිකා වල විටමින් C, E බීටා කැරොටින් සහ ස්වාභාවික එන්සයිම අඩංගු වන අතරම ඒවා මගින් සමේ PH අගය නිසි මට්ටමේ පවත්වා ගැනීමටද සහයෝගය ලැබේ. ඒ වගේම සම පිරිසිදු කිරීමේ හැකියාවත් කෝමාරිකා සතු වන නිසා බිලිඳු සමට අවශ්‍ය රැකවරණය නොඅඩුව හිමි වේ. සුදු හඳුන් විෂ බීජ නාශකයක් ලෙසද යොදාගන්නා අතරම එමගින් සම පැහැපත් කරයි. 

  • බේබි ෂෙරමි ෆ්ලොරල් බේබි ක්‍රීම් 

බිළඳු සම පෝෂණය කරවන කිරි සහ බිළිඳු සමේ තෙතමනය රකින විටමින්  E සාරයෙන් අනූන බේබි ෂෙරමි ප්ලෝරල් (floral) බේබි ක්‍රීම් මල් පෙතිවල සුවඳවත් බව සමගින් බිළිඳු සමට ප්‍රබෝධමත් පෝෂණයක් එක් කරන බව නොරහසකි. 

පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ක්‍රීම් බිලිඳු සමට අහිතකර පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි ද්‍රව්‍යවලින් තොර වන අතරම ඔබේ බිළඳා සුව පහසුවෙන් මෙන්ම ප්‍රබෝධමත්ව තබයි. බිළිඳු සම ආදරයෙන් සුරකියි. සැමවිටම ඔබත්, ඔබේ බිළිඳා වෙනුවෙන් නිවැරදිම දේ තෝරාගන්න.

 

සතුටේ සතුරා සංසන්දනයයි

දෙමව්පියන් විදිහට ඔබ දරුවා තවත් දරුවෙකු සමග සංසන්දනය කරනවා නම් මේ  සංසන්දනය නිසා සිදු වෙන පසුවිපාක ගැනත් දෙමව්පියන් විදිහටත් ඔබත් නොදන්නවා ඇති.තියඩෝර් රූස්වෙල්ට් සදහන් කරන අන්දමට සතුටෙහි සතුරා සංසන්දනයයි.

ඇත්තටම අපි අපේ දරුවන් වෙනත් අය සමග සංසන්දනය කරන්නේ ඇයි…?

  • සමහර විට එය ඔබටත් නොදැනීම ඇති වෙන මානසික තත්වයක්.
  • ඔබේ දරුවාටත් යහපත් ගතිගුණ ගොඩ නැගීමේ අපේක්ෂාවන් යටි සිතේ තිබෙන්න පුලුවන්.
  • ඔබේ දරුවා ඔබ සිතන ආකෘතියේ නොමැති නිසා ඇති වෙන පීඩනය හෝ ආත්මානුකම්පාව
  • ඔබේ දරුවාගේ නොමැති ගුනාංග වෙනත් දරුවෙකු වෙතින් දකින විට ඇති වෙන සියුම් ඊර්ශ්‍යාව

මේ සංසන්දනයත් විවිධ අන්දමින් සිදු වෙන්න පුළුවන්..

දෙමව්පියන් විදිහට වෙනත් දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීම විවිධ අන්දමින් සිදු වෙන්න පුලුවනි. ඒවා අවස්ථාවේ හැටියට සහ දෙමව්පියන්ගේ මානසික තත්වය අනුව වෙනස් වෙන්න පුලුවනි.

  • සමහර විට ඔබ වෙනත් දරුවන් සංසන්දනය කරමින් දොස් නගන්න පුලුවනි.
  • විටෙක දරුණු ලෙස ඔබේ ආවේග දරුවා වෙතට යොමු වෙන්න පුලුවනි.
  • සමහර විට සම වයස් දරුවන් සමග සංසන්දනය කරමින් ඔබේ දරුවා ලැජ්ජාවට පත් කරන්න පුලුවනි.

ඔබේ බලාපොරොත්තුව කුමක්ද…?

මේ අන්දමින් ඔබ තවත් දරුවෙකු සමග ඔබේ දරුවා සංසන්දනය කරමින් දෝෂාරෝපනය කිරීමෙන් අපේක්ෂා කරන අරමුණුත් ඇති.හැම දෙමව්පියෙකුටම අවශ්‍ය වෙන්නේ තමමන්ගේ දරුවා චැඩදායක චරිතයක් ලෙසින් ගොඩ නැගීමටයි. ඒ නිසාම ඔබ සමහර විට වෙනත් දරුවන්ගේ හොඳ ගති ලක්ෂණ ගැන ඉස්මතු කරමින් ඔබේ දරුවාට දොස් නගන්නේ එවැනි හොද ගති පැවැතුම් ඔබේ දරුවා තුළත් ගොඩ නැගීමට විය හැකියි.ඔබ යහපත් අරමුණකින් මේ කටයුතු කළත් එයින් සිදු වෙන්නේ කුමක්ද…?දෙමව්පියන් ලෙස ඔබ අපේක්ෂා කරන අන්දමින්ම දරුවාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට හැකි වීම වෙනුවට විවිධ මානසික ගැටුම් ඇති වෙන්නත් පුලුවනි.

එසේනම් සංසන්දනය දරුවාට බලපාන්නේ කොහොමද…?

ආතතියට පත් වීම

ඔබ නිරන්තරවම සම වයසේ දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීමෙන් දරුවා ආතතියට පත් වෙනවා.දෙමව්පියන් තමාට ආදරයක් නැතැයි යන හැගීම පමණක් නොව වෙනත් දරුවන් මුල් කර ගෙන ගොඩ නැගෙන විවේචනයන් නිසාම තමා අනාරක්ෂිතය යන සංකල්පයෙන් දරුවා පීඩාවට පත් වෙනවා.

ආත්ම විශ්වාසය පහල බැසීම

වෙනත් දරුවන් සමග සංසන්දනය කිරීම නිසා ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාම ඉහලයි.

අල්ලපු ගෙදර සජිනි හැමදාම පංතියේ පළවෙනියා…හැම වැඩකටම ලකුණු 90 ට වැඩියෙන් ගන්නවා.ඔයාට කවදාවත් ලකුණු 75 ක්ට වැඩියෙන් ගන්න පුලුවන් වුනාද..?

මේ අන්දමින් තවත් දරුවෙකුට සාපේක්ෂ කරමින් දොස් නැගීම නිසා දරුවාගේ ආත්ම විශ්වාසය සම්පූර්නයෙන්ම බිද වැටෙනු ඇත.එතැනි පටන් දරුවාගේ මානසිකත්වය ගොඩ නැගෙන්නේත්

 ”මට කවදාවත් ලකුණු 80 ක් ගන්න බැහැ…” යන මානසිකත්වය මතයි. ඒ මත පිහිටා කටයුතු කරන නිසාම දරුවාගේ පැවැති දුර්වලතාවයන් තවත් බිඳ වැටීම මිස ඔහු ලකුනු 80 ඉලක්කය හඹා යන්නට උත්සාහ ගන්නේ නම් නැත.ඒත් දෙමව්පියන් ලෙස ඔබේ අපේක්ෂාව වුයේ තවත් දරුවෙකු ආදර්ශයට පෙන්වමින් ඔබේ දරුවාටත් යම් ඉලක්කයක් ගොඩ නැගීම වෙන්න පුලුවන්. ඒත් එය අසාර්ථක උත්සාහයක් පමනි.

ආත්ම වටිනාකම බිඳ වැටේ..

දෙමව්පියන් ලෙස ඔබ අසල්වැසි,කන්තෝරු මිතුරන් ,නෑදැ පවුල යන සෑම තැනකම සිටින දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කිරීම නිසා දරුවාගේ ආත්ම වටිනාකම අඩු වීමට ඉඩ තිබේ. මගේ කිසිම වටිනාකමක් නැතැයි යන ආකල්පයෙන් දරුවා පිඩාවට පත් විය හැක.මේ මානසිකත්වය නිසා අනාගතය මුල් කර ගෙන සුබවාදීව සිතන, කටයුතු කරන ගති පැවැතුම් දරුවා වෙතින් ඉබේටම දුරස් විය හැකියි.

සමාජයෙන් හුදෙකලා වීමට උත්සාහ කරයි.

දෙමව්පියන් වෙතින් නිරන්තරව ලැබෙන සෘනාත්මක ඇගයීම නිසාම දරුවා සමාජයෙන් දුරස්ව හුදෙකලා චරිතයක් ලෙසින් ජීවත්වීමට උත්සාහ කිරීමට පෙළඹෙනු ඇත.තමන්ට කිසිම හැකියාවක් නැහැ… වටිනාකමක් නැහැ යන මානසික තත්වයක් දරුවා විසින්ම ගොඩ නගා ගැනීම නිසා නිතරම සමාජයෙන් හුදෙකලාව ජීවත් වෙන චරිතයක් බවට පත් වෙනු ඇත.

ඊර්ශ්‍යාවෙන් පීඩාවට…

ඔබ වෙනත් දරුවන් අගයමින් , ඔවුන් ආදර්ශයට ගැනීමට යැයි දරුවාට කියන්නේ යහපත් ගති පැවැතුම් මත එබේ දරුවා ගාඩ නැගීමටයි. ඒත් මේ අගය කිරීම දරුවා ප්‍රිය කරන්නේ නැත.ඒ නිසාම ඔබ අගයන දරුවන් ගැන ඇති වෙන්නේ ඊර්ශ්‍යාවක්.

මේ ඊර්ශ්‍යාවත් සුළුපටු නැහැ…

පුංචි හිතේ පුංචි කමට ඇති වෙන ඊර්ශ්‍යාවත් සුළුපටු නැහැ. ඒවා දරුවා සමග වැඩෙන අතර අනාගතයේදී කිසිවෙකුගේ හැකියාවන් දෙස ඇගයීමක් ලබා දීමට දරුවා සූදානම් නැහැ. මේ මානසික තත්වය දරුවා වැඩිහිටියෙකු වුනත් වෙනස් වෙන්නේත් නැහැ. එවිට එබේ දරුවා ඊර්ශයාවටත් වඩා ඉක්ම ගිය කුහක චරිතයක් බවට පත් වෙනු ඇත.

දෙමව්පියන්ටත් ආදරයක් නැහැ..

තමාගේ දෙමව්පියන් විසින් වෙනත් දරුවන් අගය කිරීම නිසා දරුවා දෙමව්පියන් සමගත් දුරස් චරිතයක් බවට පත් වෙනු ඇත.විටෙක මේ දුරස් බව දරුවා සමග වැඩිදියුණු වීමේ අහිතකර තත්වයක්ද ඇති වෙන්න පුලුවනි.

සංසන්දය නැතුව බැරිද…?

ඔබේ අවශ්‍යතාවය  තවත් දරුවෙකු සමග සංසන්දනය කරමින් දරවාගේ හැකියාවන් වර්ධනය කිරීම නම් එය අසාර්ථක උත්සාහයක් බැව් දැන් ඔබ දන්නා නිසා මේ විදිහට වෙනස් වෙමුද..?

  • ඔබේ දරුවාගේ  නොහැකියාවන් ගැන දුක් වෙන්න එපා. ඒවා වෙනත් දරුවන්ගේ හැකියාවන්ට සම කරමින් විවේචනය කරනු වෙනුවට දරුවාගේ දුර්වලතාවයන් වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න..
  • ආදර කළ යුත්තේ දරුවාට මිස ඔවුන්ගේ හැකියාවන්ට නොවේ…
  • ඔබ නිතරම දරුවාට ආදරය කරන්න.හැකියාවක් නොමැති වුනත් දරුවාට ආදරය කරුණාව අඩු කරන්න එපා.ඒ අතර නොහැකියාවන් වගේම හැකියාවන් හදුනා ගන්න. නොහැකියාව්ට දොස් නගනු වෙනුවට හැකියාවන් සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.

 

 

මානසික සෞඛ්‍ය වෙනුවෙන් දරුවාට ප්‍රතිශක්තිකරණය අවශ්‍යයි.

දරුවෙකුගේ ශාරිරික සෞඛ්‍ය ගැන දෙමව්පියන් දක්වන උනන්දුව නම් ඉතාම ඉහළයි. හැම දෙමව්පියෙකුගේම එකම ප්‍රාර්ථනය තමන්ගේ දරුවා නිරෝගිව ජීවත්වෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරීමයි. ඔවුන්ගේ ඒ ප්‍රාර්ථනාවට අපිත් ආශිර්වාද කරමු. 

ඉතින් ඒ වගේම ඔබේ පුංචි පැටියා මානසිකවත් නිරෝගී දරුවෙකු ලෙසින් ආනාතගතයට බාර දෙන්න ඔබ අනිවාර්යෙන්ම කැමැතියි. නමුත් ශාරිරිකව දරුවාගේ නිරෝගිබව ඔබට පැහැදිලිව දකින්න ලැබුනත් මානසිකව ඔවුන්ගේ නිරෝගිබව ගැන නම් තහවුරු කර ගැනීම පහසු නැහැ.ඒ නිසා දෙමව්පියන් ලෙස දරුවා බාලකාලයේ පටන්ම මානසිකව නිරෝගිවීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරනයත් ලබා දීම වැදගත්. එහමනම් දරුවාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ලබා දිය යුතු ප්‍රතිශක්තිකරණය ගැනත් දැන ගන්න. ඒවා අමුතුවෙන් ලබා දීම අවශ්‍ය නැහැ. එදිනෙදා ජීවිතයේ ඔබ සමග කාලය ගෙවන දරුවාට නොමිලයේම නිවසේදී ලබා දෙන්න පුලුවනි.

සෙල්ලමට ඉඩ දෙන්න..

දරුවන්ට සෙල්ලම වෙනුවෙන් බාල කාලයේදී පටන්ම අවසරය ලබා දීම ඉතාම වැදගත්. බාල කාලයේ සෙල්ලම තරම් මිහිරි අත්දැකීමක් ජීවිතයට තවත් නැහැ. බොහෝ අය වැඩිහිටියන්බවට පත් වුනාමත් ”මට දෙන්න මගෙ පුංචි කාලේ …” යැයි ළමා කාලයේ අත්දැකීම් සිහිපත් කරන්නේ බොහොම සතුටු සිතකින්. ඒ නිසා ඔබේ දරුවාගේ සෙල්ලම් වයස වෙනුවෙන් තහංචි පනවන්න එපා. ක්‍රිඩාවක නිරත වෙන විට රුවාගේ මොළයට යහපත් ලෙසින් ඔක්සිජන් සැපයීම නිසා සෙසු ඉන්ද්‍රියටන්ගේ සෛල වෙතත් ඔක්සිජන් ලැබීම නිසා දරුවා උද්‍යෝගිමත්ව කටයුතු කිරීම නිසා සියලු කටයුතුවලදී බෙහෙවින්ම ක්‍රියාකාරී චරිතයක් බවට පත් වෙනු ඇත.

සෞන්දර්යාත්මක පැත්තටත් ඉඩ දෙන්න..

දරුවෙකු නිසි කාලයේදී අධයාපනය ලැබිය යුතු බව ඇත්ත. ඒත් දරුවා සර්ව සම්පූර්ණ ලෙසින් හැඩ ගැසීමට නම් ජීවිතයේ සෞන්දර්යාත්මක දෙයකින් රස වින්දනයක් ලැබීමටත් ඉඩ දීම වැදගත්. ගීතයක් අසන්න..කවියක් කතාන්දර පොතක් කියවන්න..එහෙම නැත්නම් රංගනයක යෙදෙන්න ලබා දෙන අවසරය නිසා ඔවුන්ගේ ජීවිතයේ වින්දනාත්මක අත්දැකීම් නිසාම ජීවිතය දෙස සුන්දරත්වයෙන් දකින්න සිතන්න ඇති වෙන පෙළඹවීම නිසාම දරුවා මානසිකවත් නිරෝගි දරුවෙකු ලෙසින් නොදැනීම නිර්මානය වේ.

විනෝදාංශයක් අවශ්‍යයි.

පුංචි දරුවන්ටත් කුමන හෝ විනෝදාංශයක් තිබීම ඉතා වැදගත්. එය අම්මා ,තාත්තාට අවශ්‍ය ලෙසින් නොව දරුවාගේ කැමැත්ත අනුව ගොඩ නගා ගැනීමට ඉඩ දෙන්න. අතීතයේදී සෑම දරුවෙකුට ජීවිතයේ කුමන හෝ විනෝදාංහයක් බාල කාලයේ පටන්ම ගොඩ නැගී තිබුනා. බොහෝ විට ඒවා මල් වැවීම, මුද්දර එකතු කිරීම වැනි බොහොම අහිංසක සහ සරල විනෝදාංශ බවට පත්ව තිබුණා. නමුත් අද යුගයේ වෙනස නිසා සෑම දෙයක්ම ඩිජිටල් ලෝකයට අනුගතව ඇති නිසා දරුවාගේ විනෝදාංශත් විටෙක ඒ අනුව නිර්මානය වෙන්නත් ඉඩ තිබෙනවා. මේ තාක්සණය විනෝදාංශයක් ලෙසින් භාවිතා කිරීමත් වරදක් නැහැ. එතැන ඇති වරද වන්නේ දරුවා අනවශ්‍ය ලෙසින් විද්‍යුත් තාක්ෂනයට ඇබ්බැහි වීම නිසා ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය දැක්වීම වැදගත් අද ඇතැම් දරුවන් මෙවැනි විද්‍යුත් සන්නිවේදන  තාක්ෂනය සමග ගොඩ නගා ගත් විනෝදාංශ සමග දක්ෂ වෙබ් පිටු නිර්මාන ශිල්පින්, බවටත් පත්ව සිටිනවා. විනෝදාංශයක් සමග කාලය  ගෙවන දරුවාගේ ජීවිතය එකාකාකර රටාවෙන් දුරස් වීම අනාගතයේදී මානසික සුවතාවයෙන් යුක්ත දරුවෙකු නිර්මානය වීමට වඩාත් හොද පසුබිමක් ගොඩ නැගෙනු ඇත.

සරල ජීවන රටාව

සරල ජීවන රටාව ඕනෑම පුද්ගලයෙකුටම හැඩ ගසා ගැනීම පහසුයි. එවිට මානසිකව කිසිදු හැලහැප්පීමක් ඇති වෙන්නේ නැහැ. අනවශ්‍ය අන්දමින් තරගය, අනුකරනය නිසා අවසානයේදී මානසිකව ඇති වෙන පීඩනය අපේ ජීවිතයම අඩපණ කිරීමට හේතු වෙනවා. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ලද පමනින් සතුටු වීම, තමාගේ ශක්තින් ගැන තෘප්තිමත් වීම, අනුන්ගේ සැප සම්පත් ඉදිරියේ පසුතැවිලි නොවන ජීවන රටාවක් වෙනුවෙන් පුරුදු කරන්න.සරල ජීවිතය සැබැවින්ම සිතට සැහැල්ලුවක්. අනවශ්‍ය අන්දමින් චිත්ත පීඩාවන්ගෙන් පසුතැවිලි වීමට අවශ්‍ය නැහැ.නොලද දෙය පසුතැවෙනවාට වඩා තමා සතු දේ ගැන සතුටින් සිටින රටාව හුරු කරන්න.එය දරුවාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ගැලපෙන හොඳම ප්‍රතිශක්තියයි.

කාලයෙන් ප්‍රයෝජන ගන්න..

කාලය තරම් වටිනා සම්පතක් තවත් නැත. කාලය කළමනාකාරණය කර නොගත් විට ජීවිතයේ ගුනාත්මක බව නොදැනීම පිරිහෙන තැනට පත් වේ. උදාහරණයක් ලෙස කිව්වොත් ඉගෙණුම ලබන කාලයේදී අදාල කාලරාමුව දරුවා මනා සේ ගලපා ගත යුතුය. අද කළ යුතු දෙය හෙටට කල් දමන සිරිත බාල කාලයේ පටන්ම දරුවාගේ ජීවිතයෙන් දුරස් කරන්න. පංතියේ පැවරුමක් ලෙස කවි දෙකක් පාඩම් කර ගෙන එන ලෙස දැන්වූ විට එය අදම පාඩම් කර ගෙන අවසාන වීමේ හුරුව ගොඩ නගන්න. අද පාඩම් නොකළ විට හෙට තවත් කවි දෙකක් පාඩම් කිරීමට දුන්නොත් දරුවා කවි හතරක් පාඩම් කිරීම වෙහෙසකර කාර්යක් ලෙසින් දකිනු ඇත. නමුත් එදා කවි දෙක පාඩම් කර ගත්තා නම් අද දරුවාට ඇත්තේ තවත් කවි දෙකක් පමනි.ඒ නිසා කාලය කළමනාකරණය කර ගනිමින් කයුතු කරන රටාව දරුවාට බාල කාලයේ පටන්ම හුරු කරන්න. එය මානසික සෞඛ්‍ය වෙනුවෙන් හොඳම ප්‍රතිශක්තියයි.

උපදේශනය…

දරුවන්ගේ හිතටත් පුංචි පුංචි මානසික ගැටුම් ඇති වෙන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවන්හිදී දරුවාට දොස් නගමින් පීඩනයක් වෙනවා වෙනුවට ඒ ප්‍රශ්නය ගැන කතා කරන්න. පංතියේ මිතුරෙකු අමනාප වුනත් එය දරුවාගේ වයසේ හැටියට චිත්ත පීඩාවක් වෙන්න පුලුවනි.ප්‍රියයන්ගෙන් දුරස් වීම අපට මෙන්ම දරුවාටත් මානසික පීඩාවක් වෙන නිසා පුංචි ප්‍රශ්නයක් වුනත් දරුවා තනි  සිතින් විඳවනවාට වඩා දෙමව්පියන් සමග සාකච්චා කර ගෙන සිත නිදහස් කර ගැනීමට නම් දෙමව්පියන් ලෙස ඔබ ක්‍රියාකාරී සවන්දෙන්නෙකු වීම ඉතාම වැදගත්.

භාවනා කිරීම…

දරුවන්ගේ මානසිකත්වය යහපත් ලෙසින් පවත්වා ගැනීමට බාවනාව තරම් ප්‍රතිශක්තියක් තවත් නැත.භාවනාව නිසා ඇති වෙන මානසික සන්සුන්බව නිසා දරුවාට එදිනෙදා ජීවිතයේ කටයුතු මෙන්ම අධයාපනයේදීත් සිහිය පිහිටුවා ගෙන කටයුතු කිරීමේ හැකියාව ගොඩ නැගෙනු  ඇත.ඒ නිසා බාලකාලයේ පටන්ම දිනකට විනාඩි කීපයකින් හෝ භාවනා කිරීමේ පුරුද්ද ගොඩ නැගීමත් මානසික ලෙසින් නිරෝගි දරුවෙකු වෙනුවෙන් භාවනාව දරුවාට සාර්ථක ප්‍රතිශක්තිකරණයක් ගොඩ නගනු ඇත.

දැන් ඔබට මොකද හිතෙන්නේ…ඔබ භෞතිකව කොතරම් සැප සම්පත් ලබා දුන්නත් අනාගත ජීවිතය වෙනුවෙන් මුහුණ දෙන මානසික නිරෝගිතාවයෙන් යුක්ත වීම ඉතාම වැදගත්. ඒ නිසා අද දවසේ දරුවාගේ මානසික සුවතාවය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය  ලබා දීමේ මෙහෙවර තුළ විශාලතම දායකත්වය හිමි වන්නේ දෙමව්පියන් වෙන ඔබටයි. 

 

 

ඔබේ පුංචි සමනළයට ඉගිලෙන්න ඉඩ දෙන්න

ඔබේ දරුවා පුංචි සමනළයෙක්.ඒ වගේම ඔවුන් ඉගිලෙන්නේ තවත් පුංචි සමනළ රෑනක් සමගයි.ඉතින් මේ පුංචි සමනළ රෑන  තුළ ඔබේ පුංචි සමනළයා ඉගිලෙන්නත් ඕන. ඒත් ඔබේ පැටියාට අනෙක් සමනළයන් මෙන් වේගයෙන් පියඹන්න බැරි වේවි. ඔහු යා යුතු වේගයක් සහ දුරක් තිබෙනවා.ඉතින් ඔබේ පුංචි සමනළයාට යා හැකි දුර පියඹන්න ඔබ උදව්වෙන්නේ කොහොමද…?

හැඩතල දකින්න අවසර තිබෙනවා

ඉගිලෙන සමනළ රෑනක් අතරින් ඔබේ පැටියාගේ හැඩතල දකින්න අවසරය ඔබට තිබෙනවා. ඔබ දරුවාගේ හැඩතල හඳුනා ගැනීමේ ප්‍රධාන චරිතය බවට පත් වීම වැදගත්.

ඔයාගේ පුතා හරිම දක්ෂ විදිහට උදේ රැස්වීමේ කතා කරනවා..අහගෙන ඉන්න ආස හිතෙනවා..පංතියේ ගුරුතුමියගෙන් මේ පනිවිඩය ලැබෙන්න පෙරාතුව එය දෙමව්පියන්ගේ තෙවැනි ඇසට හසු විය යුත්තක්. දෙමව්පියන් විදිහට පැටියාගේ මේ හැකියාව ඔබේ ඇසට තවමත් හසු වී නැත්නම් එයින් පෙනෙන්නේ ඔබේ පුංචි සමනළ පැටියාගේ හැඩතළ තවමත් හරියට හදුනා ගෙන නැති බවයි.

සමනළ තටු බොහොම මෘදුයි..

පුංචි දරුවන් බොහොම සියුමැලියි. මෘදුයි. ඒ නිසා ඔවුන් සමග ගණුදෙණු කිරීම බොහොම පරිස්සමින් සිදු විය යුතුයි. දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ හැකියාවන් තේරුම් ගැනීම ඉතා වැදගත්. සමහර විට දරුවාගේ හැකියාවන් ඔබේ බලාපොරොත්තු සමග නොගැලපෙන්න පුලුවනි. ඒත් ටිකක් ඉවසා ගෙන සිටීම නම් වැදගත්.ඒ ඇයි කිව්වොත් ඔබේ බලාපොරොත්තු සමග දරුවා ගලපන්න බැහැ. පුංචි සමනළ පැටියාගේ හැකියාවන් ඔබ හදුනා ගැනීම ඉතාම වැදගත්.

  • පුතා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න බැහැ කියනවා නම් අපෙන් උදව්වක් නැහැ..එයාට අපි කියන දේ කරන්න බැරි නම් අපිත් එයා කියන දේ අහන්න සූදානම් නැහැ.

නමුත් විය යුත්තේ එය නොවෙයි.දරුවාගේ කැමැත්ත අනුව තෝරා ගැනීමට ඉඩ දෙන්න.එහෙම නැතුව ඔබේ දරුවාග් පුංචි හිත ඔබේ දැඩි තීරණ මගින් තලා දමන්න එපා.විටෙක ඒවා දරුවාට දරා ගැනීමටත් අපහසු වෙන්න පුලුවනි.

ඉගිලෙන්නේ පුළුවන් දුරකටයි..

පුංචි සමනළ පැටව් හැම දෙනාම ලස්සනයි. අහිංසකයි. හැබැයි මේ පැටව් ඉගිලෙන්නේ ඔවුන්ට පුළුවන් දුරකයි ඉතින් ඔබේ සමනළ පැටියා ඉගිලෙන්නේ එයාට හැකි දුරක පමණයි. දෙමව්පියන්ට අවශ්‍ය දුරකට සමනළ පැටියා මෙහෙයවන්න බැහැ.හැබැයි සමනළ පැටියාට හැකි දුරකට පියඹන්න අවසර දීම වැදගත්…

හැබැයි සඳ අල්ලන්න ගියොත් අඩුම ගණනේ තරුවක්වත් ඩැහැ ගන්න පුලුවනි..

පුංචි පැටියාගේ ගමන් මගට ඉඩ දෙන්න. එය ආපස්සට හරවන්න උත්සාහ කරන්න එපා.දෙමව්පියන් විදිහට ඔබ ඒ අන්දමින් දැඩි බලපෑම් කලොත් දරුවාගේ අනාගතය සම්පූර්නයෙන්ම වෙනස් වෙන්නත් පුලුවනි.

ඒ නිසා පුංචි පැටියාගේ සමනළ පියාපත්වලට සවිය ලබා දීම ඉතාම වැදගත්. ඔබ ”තාරේ සමින් පර් ” චිත්‍රපයට නරඹා තියෙනවා නම් මේ ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුලුවනි.ඉගෙණුම් දුර්වලතාවයෙන් පසු වුන කුඩා දරුවෙකුගේ දුබලතාවයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් ලබා දුන්  ශක්තිය ඔස්සේ ගමන් කිරීම නිසා ලත්  ජයග්‍රහණය මගින් පවා පෙන්වා දෙන්නේ දරුවන්ගේ ගමන්මගට අවශ්‍ය ශක්තිය ලබා දීමේ වැදගත්කමයි.ඔබ ලබා දෙන සවිය නිසා දරුවා සඳ අල්ලන්න නොහැකි වුනත් අවම වශයෙන් තරුවක් හෝ ඩැහැ ගන්නා බවයි.

සමනළ පැටව් සසඳන්න එපා..

සමනළ රෑනක වුනත් වෙනස්කම් බොහොමයක් තිබෙනවා.පුංචි දරුවන් අතරත් මේ වගේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා.රක් පැටියෙකුට සමාන වෙන තවත් පුංචි පැටියෙක් නැහැ.හැබැයි ඒ බව දෙමව්පියන් විසින් සංසන්ඳනය කිරීම නම් නොකළම යුතුයි.මේ සංසන්දනය නම් කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ.සංසන්දනය කිරීමෙක් කිසිදු වාසියක් ලැබෙන්නේ නැහැ.එයින් දරුවාට ඇති වෙන්නේ පීඩනයක් පමණයි.

නිදහසේ පියඹන්න ඉඩ දෙන්න..

පුංචි සමනළයන්ගේ ලෝකය බොහොම විසිතුරුයි.ඒ විසිතුරු ලෝකයේ ඔවුන්ට නිදහසේ ගැවසෙන්න ඉඩදෙන්න.ඕනෑම පුද්ගලයෙකුගේ සුන්දරම අවදිය ළමා කාලයයි.එය නිදහසේ අත්විඳින්න අවසරය ලැබිය යුතුයි. එසේ නැති වුනොත් අනාගතයේදී ඔබේ පුංචි පැටියාත් ළමා ලෝකයේ අසුන්දර අත්දැකීම් සිහිපත් කරමින් හදවතින් හඬා වැටෙන්නට පටන් ගනී. එවන් දිනයක් උදාවන විට දරුවාගේ හදවතේ තුවාල පැසවා ඔඩු ගොස් ඔවුන්ගේ පෞරෂයත් විනාශ කර අවසානයි. ඒ නිසා නිතරම දරුවාගේ සමනළ ලෝකය දෙමව්පියන් විසින් උදුරා ගත යුතු නැහැ. එහි නිදහසේ ඉගිලෙන්න ඉඩ දෙන්න. 

සමනළ රංචුවේ ඉදිරියම අවශ්‍ය නැහැ

ඉගිලෙන සමනළ රෑනක් තුළ දෙමව්පියන් නිරන්තරවම වෙහෙසෙන්නේ පුංචි සමනළ පැටියා මේ සමූහයේ ඉදිරියෙන්ම පියාසලනු දැකීමටයි.බොහෝ දෙමව්පියන්ට අවශය වන්නේ තම දරුවාගේ තැනට වඩා අල්ලපු දෙර දරුවාගේ තැන ගැන දැනීමටයි.

  • අද මට ලකුණු 85 යි….දරුවා එසේ කියද්දී
  • සුපුන්ට..ගයාන්ට..සුපිනිට…ඔබ නොඉවසිලිමත්ව විමසන දෙමව්පියෙක්ද..?

මෙවැනි සංවාද වලින් පෙනී යන්නේ ඔබගේ අවශ්‍යතාවය මේ සුන්දර සමනළ පෙරහැරේ ඔබේ සමනළ පැටියා මුලින්ම රැගෙන යෑමට නොවේද..?එය ඔබ සිතන තරම් පහසු කරුණක් නොවේ.සමනළ පැටියා පියඔන්නේ තමාගේ හැකියාවෙන්…තමාට හැකි දුරකයි.එහෙත්… සමූහයේ කොතැන සිටියත් ඔබේ දරුවා  තවත් එක් සමනළ පැටියෙකි.

 

අම්මාටයි…තාත්තාටයි..වෙළදපොළ සමග කටයුතු කරන්න උපදෙස්

පවුලක පැවැත්මට නිරෝගිතාවය ඉතා වැදගත්.ඒ නිසා අම්මා,තාත්තා තමන්ගේ පවුලේ ආහාර තෝරා ගැනීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙහෙසෙන විට මේ ගැනත් හිතන්න

ආහාර වර්ණක

  • ආහාරයකින් බලාපොරොත්තු වෙන රසය සහ ගුණයට අතිරේකව පරිභෝජනය වෙනුවෙන් වූ රුචිකත්වයට වර්ණක යොදා ගන්නවා. අතීතයේදී කහ , බීට් යුෂ වැනි ස්වභාවික වර්ණයන්ගෙන් ආහාර රුචියකත්වයට ගැලපෙන පරිදි වර්ණ සකස් කර ගත්තා.. ආහාරයේ අලංකාරය වෙනුවෙන්  නිර්දේශිත වර්ණක ( colourants ) නිර්දේශිත මාත්‍රාවක් යොදා ගැනීම වරදක් නැති වුනත් අද මේ මාත්‍රාව ඉක්මවා යෑම වගේම නිර්දේශ නොකළ වර්ණක යොදා ගැනීම නිසා මහජනතාවගේ සෞඛ්‍ය තත්වයට අහිතකර බලපෑම් නොදැනම ඇති වී තිබේ. ආහාර වෙනුවෙන් යොදා ගත හැකි වර්ණක දහයක් නිර්දේශිතව තිබුනත් , ඇතැම් අවස්ථාවන්හි රෙදිපිලි වෙනුවෙන් යොදන (fabric dyes) ඩයි වර්ග පවා ආහාර අලංකාරය සඳහා යොදා ගන්නවා.
  • විශේෂයෙන් බුන්දි, පැණි වළළු , පොල් සහ රුලං දෝසි වෙනුවෙන් යොදා ගෙන තිබෙන ඇස් කඩා ගෙන යන වර්ණක  ඉතාම අහිතකරයි. රතු සහල්වල ගුණාත්මක බව ගැන සෙඛ්‍ය අංශ විසින් මහජනතාව දැණුවත් කරන විට ව්‍යාපාරිකයන් සුදු සහල්වලට රතු ඩයි යොදා ගෙන වෙළඳපොලට එක් කළා.

ආහාර කල් තබා ගැනීම….

  • කිරි ඉතා ඉක්මනින් ආහාරයට නුසදුසු තත්වයට පත් වෙන නිසා දොවා ගත් ගමන් ශීතාගාරයක වෙත යැවීම අවශ්‍යයි. කිරි කල් තබා ගැනීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ගන්නා අවස්ථා තිබෙනවා. 
  • හාල්මැස්සන් , කරවල සුසානාගාරයන්හි වියලා ගැනීම ගැන ඇති වුන ආන්දෝලනයන් තිබෙනවා. අපේ රටේ ආහාර වියලන ක්‍රම ඉතාම අපිරිසිදුයි. පොළවේ වැල්ලේ කරවල , හාල්මැස්සන්  වගේම කුළුබඩු, ඉඟුරු අව්වේ වේලා ගැනීමේදී විවෘත පරිසරයේ එලා ගෙන තිබෙන විට සතුන්ගෙන් පෑගෙනවා. මේ තත්වයට හොඳම විකල්ප ලෙසින් වියලන භාවිතා කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැය වෙන්නේ මුලික වියදම පමණයි. solar dryer හෙවත් සූර්ය ශක්තියෙන්  වියලන යන්ත්‍ර තිබෙනවා. මිළත් සාධාරණයි.
  • මුහුදු මාළු කල් තබා ගැනීම වෙනුවෙන් පෝමලින් යොදා ගැනීම ගැන සමාජයේ ආන්දෝලනයන් තුළ සිදු ලද වැටලීම් නිසා පෝමලින් යෙදීම බොහෝ දුරට පාලනය වුණා. 
  • නිසි විදිහට වියලා නොගත් විට ඇතිවෙන පුස් සහ දිලීර මගින් විෂ ධුලක (Aflatoxin ) අවදානම ගැන විශේෂයෙන් සිතන්න වෙනවා.මිරිස්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රටකජු, හාල්, බඩඉරිඟු වල ඇති වෙන පුස් නිසා මෙම විෂ ධුලක ගොඩ නැගෙනවා.මේ පිලිකා කාරකය අක්මාවට සහ වකුගඩු පිලිකා පිලිකා ඇති වීමට සෘජු ලෙසින්ම බලපානවා.

ආහාර ගබඩා කිරීම

  • ආහාර ගබඩා කළ යුතු ප්‍රශස්ත උෂ්ණත්වය ශිතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් අංශක 4 සහ  අධිශීතකරනයක නම් සෙන්ටිග්‍රේඩ් අංශක –18 ක වුනත් ඇතැම් ව්‍යාපාරිකයන් රාත්‍රි කාලයට ශීතකරණය ක්‍රියාවිරහිත කරනවා එහෙම නැත්නම් පාලක knob සීරුමාරු කරනවා. 

කල් ඉකුත් වෙන දිනය 

  • කල් ඉකුත්වුන ආහාර වෙළඳපොලට නිකුත් කරමින් පාරිභෝගිකයා මුලාවට පත් වෙන අවස්ථා නිරන්තරව අසන්නට ලැබෙන තත්වයක්.  මිළදී ගැනීම්වලදී කල් ඉකුත්වෙන දිනය ගැන බලන්නට යැයි පාරිභෝගිකයා දැණුවත් කළත් ව්‍යාපාරිකයන් විසින් ඇසුරුමේ ලේබලයේ තිබෙන දිනය වෙනස් කොට රාක්කගත කරන අවස්ථාවන්.  තිබෙනවාගත්සව සමයේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඉහල යන නිසා ව්‍යාපාරිකයන් මේ සඳහා යොමු වෙනවා.

 එකම බැදුම් තෙල නැවත 

  • කීප විටක් බදින ලද තෙල් ඇතැම් ආයතන මගින් වෙනත් අයට ලාබ මිළට ලබා දෙනවා. මේ තෙල් වලින් සකසන ලද ආහාර මොන ක්‍රමයකින් හෝ පාරිභෝගිකයන්ටම නැවත ලැබෙනවා. ඇතැම් කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයන් මඤ්ඤොක්කා පෙති වැනි ආහාර සකස් කරන විට රත්වූ තෙලට ප්ලාස්ටික් බෝතල් වැනි දෑ යොදා ගන්නවා අස්වැන්න ආරක්ෂා කර ගැනීමට 
  • මඤ්ඤොක්කා, කොහිල අල ගැලීමේ පහසුව වගේම අල නොකැඩි  උදුරා ගැනීමට වල් නාශක යොදා ගන්නවා.
  • කිතුල්පැණිවල පලදාව වැඩි කර ගැනීමට යොදන යූරියා , කඳ හාරලා දමන බැටරි කුඩු ,රිලව් වැනි සතුන්ට දමන වස විස නොදැනුවත්ම එය නැවත අපේ ආහාරයට  වස විදිහට එක් වීමට ඉඩ තිබෙනවා.

ආහාර පිළියෙල කිරීමේ පවිත්‍රතාවය 

  • ආහාර පිළියෙළ කිරීමේදී අනුගමනය කරන නුසුදුසු තත්වයත් අද සමාජයේ මහජන සෞඛ්‍යට ඉතා ප්‍රබලව බලපාන තත්වයක්. හෝටලයක් ඉදි කර ගත්තාටවත් , ඒ වෙනුවෙන් බලපත්‍ර ලබා ගැනීමේදී ආහාර සකස් කිරීම වෙනුවෙන් අනුගමනය කරන ක්‍රමවේද සහ පහසුකම් ප්‍රායෝගික තත්වයේදී දකින්න ලැබෙන්නේ නැහැ. ආහාර නිෂ්පාදන ආයතන ආරම්භ කිරීමේදී ජලය ලබා ගන්නේ කොහොමද…අපජලය ඉවත් කිරීමේ ක්‍රමවේද අපද්‍රව්‍ය ඉවත් කිරීම ,ගැන සැලකිලිමත් වෙනවා. 
  • සේවකයන්ගේ සංඛ්‍යාවට වැසිකිළි , කැසිකිළි තියෙන්න අවශ්‍ය වුනත් ආයතනයේ පවත්වා ගෙන යන විට මේ සනීපාරක්ෂිත ක්‍රමවේදයන් දැක ගන්න නැහැ. ආයතනයට පැමිණෙන අයට තිබෙන වැසිකිළි ඉතාම දුර්වලයි.
  • භාජන පවිත්‍රතාවය පිළිබඳව පසුවිපරම් කළොත් ඉතාම දුර්වල තත්වයක තිබෙනවා. කොත්තු රොටී පිළියෙළ කරන රාත්‍රි කඩ හැම විටම මහාමාර්ග ආසන්නයේ පිහිටා තිබෙන නිසා  මෙම ලෑල්ල නිතරම තිබෙන්නේ නිරාවරනයවයි. මේ නිසා දවල් කාලයේ බල්ලන් , බළලුන්  සතුන්ගෙන් මෙම ලෑලි අපිරිසිදු වීම ලරාත්‍රියේදී මීයන් කැරපොත්තන් වැනි සතුන්ට නිරාවරනය වීම සුලබයි. රොටී සකස් කිරීමට යොදා ගන්නා එළවළු කලින්ම කපා ගෙන තබා ගන්නෙත් ආරක්ෂිත ලෙස ශීතකරණයක නොවේ.
  • ධුලක (toxins) සහිත පුන්නක්කු ගවයන්ට දුන්නාම ලබා ගන්නා කිරි ගැන සහතික වෙන්න බැහැග බෝතල් ජලය ලබා ගන්නා ඇතැම් ජල මූලාශු ගැන සහතික වෙන්න බැහැ. ඉකෝලි බැක්ටීරියාව ඇල්ගී තිබුන බවට පැමිණිලි තිබෙනවා. මෙම ජල සාම්පලවල සත්ව හෝ මිනිස් අසූචි එක්වුන අවස්ථා තිබෙනවා.
  • පළතුරු ඉදවන විට කාබයිට් යොදා ගැනීම දැන් බොහෝ දුරට පාලනය වී තිබෙනවා. පළතුරු ඉදවන විට එත්රිල්නිර්දේශිත ආකාරයට සුළු ප්‍රමාණයක් යොදා ගත හැකියි. 

පාරිභෝගිකයන්ගේ ආහාර බාල කිරීම 

  • අප විසින් කළ පර්යේෂණයන්ට අනුව ලංකාවේ එවක වෙළඳපොලේ භාවිත කළ පොල්තෙල්වලින් 65%  කට අධික ප්‍රමාණයක් පිරිසිදු පොල්තෙල් නොවෙයි.
  • කපු පුළුන් ඇට  වලින් නිස්සාරනය කරන කළ තෙල් (Cotton seed oil)  සාම්පලත් හමුවුණා. කපු ඇට වලින් නිස්සාරනය කරන කළ  තෙල් පිරිපහදු කිරීමෙන් පසු මිනිස් පරිභෝජනයට සුදුසු වුනත් පිරිපහදු නොකළ කපු පුළුන් තෙල් ආහාරයට භාවිතා කිරීම අනතුරුදායකයි.
  • මධ්‍යම පළාතේ වෙළඳසැල්වල අලෙවියට තිබූ තෙල් වර්ග පරීක්ෂාවේදී අනාවරනය වුනේ සෝයා තෙල්, සුර්යකාන්ත සහ බඩඉරිඟු වැනි මිළ අධික තෙල් බොහොමයක් 20% ක් දක්වා පාම් තෙල් වලින් බාල කර ඇති බවයි.
  • ඒ වගේම පාන්පිටි වැනි පිටිවර්ගත් තුනපහ බාල කිරීමට යොදා ගන්නවා.

සීමිත කොටසක් විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවන් නිසා සමස්ත පාරිභෝගික ප්‍රජාවගේම ආහාර සුරක්ෂිතතාවය අද ඉතා අවාසනාවන්ත විදිහට පිරිහීමට පත්ව තිබෙනවා කිව්වොත් නිවරැදියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

එක්සීමා කියන්නේ මොන වගේ රෝගයක්ද?

ලොකු කුඩා භේදයකින් තොරව සමේ ඇති වන චර්ම රෝග තත්ත්වයක් වන මෙම තත්ත්වයේදී සම රතු පැහැවන අතර කැසීම ද දැකිය හැක. බහුලව ළමුන් අතර පවතින නමුත්  ඕනෑම වයසකදී ඇති විය හැකි තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය දිගුකාලීනව පවතින ඇදුම සහ පීනස් රෝගය හා බැඳී පවතී. 

Eczeema තත්ත්වයේ ලක්‍ෂණ

මෙහි ලක්ෂණ බොහෝවිට රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

  • වියළි සම (Dry Skin)
  • තදබල ලෙස රාත‍්‍රියට ඇති වන කැසීම
  • රතු පැහැති පැල්ලම් (විශේෂයෙන් අත්, පාදය, වළලුකර, මැණික් කටුව, බෙල්ල, පපුවේ ඉහළ කොටස, ඇහිබැම, වැලමිට, දණහිස වැනි නැවෙන ස්ථාන සහ ළදරුවන්ගේ මුහුණ හා හිස මතුපිට සමෙහි)
  • කුඩා ඉහළට මතු වූ නෙරීම් (මේවා  කැඩී ගියහොත් තරලය පිට වීමක් දැකිය හැක)
  • ඝනවීම් සහිත, පිපිරුණු, කැලල් සහිත සම
  • කැසීමේදී අලුත් වන අතර සංවේදී හා ඉදිමීම දැකිය හැක. 

Eczeema තත්ත්වයට අවධානම් සාධක

  • පවුල් ඉතිහාසය 
  • ආසත්මිකතා
  • පීනස් රෝගය
  • ඇදුම

Eczeema තත්ත්වයෙන් ඇති විය හැකි සංකූලතා

  • කාලීනව කැලලි සහිත කැසීම් සහිත සම – මෙම තත්ත්වය Neurodermatitis ලෙස හඳුන්වයි. සමේ පැල්ලම් ඇති වේ. සම කැසීමේදී කැසීමේ අවශ්‍යතාවය වැඩිවේ. 
  • සමේ ආසාධන – නැවත නැවත කැසීම නිසා සම කැඩී යයි. එය විවෘත වණයක් හෝ පිපිරීමක් බවට පත් වේ. මේ නිසා බැක්ටීරියා හා වයිරස් මගින් ආසාධන ඇතිවීමේ හැකියාව වැඩිවේ.
  • මෙම කැසීම හේතු කොටගෙන හොඳ නින්දක් ලබාගැනීමට නොහැකි වේ. 
  • කැසීම හේතුවෙන් ඇති වන අඅපහසුතාවයත් පිරිසක් ඉදිරියට යාමට ඇති අකමැත්ත නිසාත් මානසිකව අසහනකාරී තත්ත්වයක් ඇති විය හැකිය

Eczeema තත්ත්වය වළක්වා ගැනීමට

පහත උපදෙස් මත යම්තාක් දුරකට පාලනය කරගත හැක.

  1. හැකි හැම විටම සිරුරේ තෙතමනය පවත්වා ගැනීම (Moisture)

ක‍්‍රීම්, ආලේපන, දියර වර්ගවලින් අතේ තෙතමනය ආරක්‍ෂා වේ. පෙට්‍රෝලියම් ජෙලි දරුවාගේ සමේ ආලේප කිරීමෙන් Eczeem වර්ධනය වළක්වාගත හැක. 

  1. මෙම තත්ත්වය වැඩි කරන හේතු වලින් වැළකීම

දහදිය, ආතතිය, තරබාරු බව, සබන්, සේදුම්කාරක, දුවිලි, මල් රේණු ආදිය මෙම තත්ත්වය වැඩි කිරීමට හේතු වේ. මේවාට නිරාවරණය වීම අඩු කරගන්න. 

  1. ස්නානයේදී උණුසුම් ජලය උණුකර නිවා ගත් ජලය වඩා සුදුසුය. 
  2. කැසීම ඇති කරන ද්‍රව්‍යවලින් ඉවත් වීම. උදාහරණ ලෙස wool දැක්විය හැකිය
  3. මෘදු (සුමුදුකාරක) සබන් පමණක් භාවිතය 
  4. ස්නානයෙන් පසු සුමුදු තුවායක් භාවිත කර සම වියළි කර තෙතමනයට ක‍්‍රීම් වර්ග ආලේපනය
  5. උෂ්ණත්ව හෝ ආර්ද්‍රතාවයේ හදිසි වෙනස්කම් වලට බඳුන් වීමෙන් වැළකීම. 
  6. නිදන කාමරය ආර්ද්‍රතාවයකින් (වායුසමනය කළ හැකි නම් වඩාත් සුදුසුයි) යුතුව තබාගැනීම. 

බහුලව දැකිය හැකි Eczeema වර්ග

  1. Atopic Dermatitis – Eczeema ලෙස හඳුන්වයි. 
  2. Contact Dermatitis – සමේ යමක් නිතර නිතර ගැටේ නම් එම ස්ථානයේ දදයක් වැනි තත්ත්වයක් ඇති වීම. 

Atopic Dermatitis

මේ තත්ත්වයේ ලක්‍ෂණ ලෙස,

  • වැලමිට, දණහිස වැනි නැවෙන ස්ථානවල දදයක් ලෙස හෝ ලා පැහැයේ සිට අඳුරු පැහැවීම හෝ ඝනවීම
  • කැසීමේදී තරලය පිටතට පැමැණීමත් කුඩා ඉහළට මතුවූ පැල්ලමක් ලෙසත් දැකිය හැක.
  • දරුවන්ගේ හිසේ සම මතුපිට, කම්මුල් වල  සම කැසීමේදී ආසාධනය වේ. 

මේ තත්ත්වයට හේතු ලෙස ජාන බලපෑම්, වියළි සම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු මෙන්ම මේ තත්ත්වය වැඩි කරවන සාධක ලෙස පාරිසරික සාධක ද දැක්විය හැකිය.

 

Contact Dermatitis

මේ තත්ත්වයේ ලක්‍ෂණ ‍ලෙස,

  • සම කැසීම, රතු පැහැවීම, පිළිස්සුනු ආකාරයක් ගැනීම
  • සම මත ඉලිප්පුනු ස්ථාන තිබීම
  • කබොල්ලකින් වැසී ඇති තරලය පිරුණු දිය බිබිලි
  • සමෙහි ඝන වීම්

Contact Dermatitis තත්ත්වයට හේතූ

  • සේදුම් කාරක
  • විරංජක
  • රත්තරං ආභරණ
  • නිකල් 
  • තීන්ත වර්ග
  • විෂ පැලෑටි
  • සබන්/සුවඳ විලවුන්
  • ආලේපන
  • දුම්කොල දුම

 

ඉහත තත්ත්වවලට ප‍්‍රතිකාර ලෙස, 

  • Antihistamine
  • Corticosteroid cream/ ointment ගැල්වීම. 
  • Calcineurin inhibitors
  • ආසාධන ඇත්නම් ප‍්‍රතිජීවක ඖෂධ ලබාදේ
  • ආලෝක ප‍්‍රතිකාර – Ultra violet කිරණවලට නිරාවරණය කරයි 
  • ක‍්‍රීම් ආලේප කිරීමට (Corticosteroid) පෙර සිසිල් රඳන ගැල්වීමෙන් ඖෂධ ඉක්මණින් අවශෝෂණය වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය (ළමා රෝග) රුක්මල් ගුණතිලක මහතා 

 

 

 


 

ඔබේත් දරුවන්ගේත් ආහාරයට සුදුසුම තෙල් වර්ගය කුමක්ද?

අද වන විට සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාව සම්බන්ධයෙන් බොහෝ දෙනා සැලකිලිමත්. විශේෂයෙන්ම දරුවන්ට සුදුසුම දේ කුමක්ද යන්න දෙමාපියන් සැමවිටම පාහේ සොයා බලනවා. මේ අතරින් තෙල් වර්ග තෝරා ගැනීමේදීත් දැනුවත් වීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. අපේ ආහාර වේලට එක් කරගැනීමට වඩාත් සුදුසු තෙල් වර්ගය කුමක්ද යන්න පිළිබඳව අප තුළ නිසි අවබෝධයක් හෝ අදහසක් නැහැ. අන්න ඒ නිසාම එක් එක් අයගේ අදහස් අනුව යමින් හෝ කුමක් හෝ තෙල් වර්ගයක් අපි තෝරාගන්නවා. ඇතැම් විට අපි තෝරාගන්නා තෙල් වර්ගය අපේ නිරෝගී පැවැත්මට බාධාවක් විය හැකියි. ඒත් අපි ඒ ගැන දැනුවත් නැහැ. ඇත්තටම අපේ ආහාරයට එක් කරගන්න සුදුසුම තෙල්වර්ගය මොකද්ද කියලා දැනුවත් වීම බොහොම වැදගත්.

සාමාන්‍යයෙන් දිනක ශක්ති අවශ්‍යතාවයෙන් 30% පමණ ප්‍රමාණයක් අප ලබා ගත යුත්තේ අපේ ආහාරයේ අඩංගු මේදය මගිනි. විවිධ අයුරින් අපේ ආහාr සඳහා මේදය එක් කරගන්නා අතරම ඒ ආකාර අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ තෙල්වලටයි. අපි අපේ ආහාර වේල්වලට පොල් තෙල්, පාම් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල්, ඹලිව් තෙල් මෙන්ම කැනෝලා තෙල් ආදි වශයෙන් විවිධ තෙල් වර්ග එකතු කරගන්නා අතරම මේ අතරින් භාවිතයට වඩාත් සුදුසු තෙල් වර්ගය කුමක් ද යන්න ගැටලුවක්.

ශ්‍රී ලාංකික අපේ ආහාර රටාවේදී විශේෂයෙන්ම රසයට මුල් තැනක් ලැබෙන අතරම ඒ සඳහා ගැඹුරු තෙලේ බැඳීම, තෙම්පරාදු කිරීම වැනි ක්‍රම උපයෝගී කරගන්නවා. ආහාර ගැඹුරු තෙලේ බැඳ ගැනීම සඳහා වඩාත් සුදුසු තෙල් වර්ගය පොල් තෙල් කිව්වොත් වරදක් නැහැ. එයට හේතූව ලෙස අප හඳුනා ගෙන තිබෙන කරුණ නම් එහි 92% පමණ සංතෘප්ත මේදය අඩංගු වීමයි. මෙය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙහි රසායනික සංයුතිය අධ්‍යනය කිරීම වඩාත් සුදුසු ය. සෑම තෙල් වර්ගයකම ප්‍රධාන සංඝටකය ලෙස ට්‍රයිග්ලිසරයිඩ හඳුන්වන අතර එය ග්ලිසරෝල් අණුවක් සමග fම්ද අම්ල අණු 3 ක් එකතු වීමෙන් සෑදේ. 

සෑම තෙල් වර්ගයක් සඳහා ම මෙම ග්ලිසරෝල් අණුව පොදු අතර තෙල් වර්ගයෙන් තෙල් වර්ගයට මෙම මේද අම්ලවල සංයුතිය වෙනස් වේ. මෙම මේද අම්ලවල ස්වභාවය අනුව තෙල්වල රසායනික මෙන්ම භෞතික ස්වභාවය ද වෙනස් වේ. ඒ අනුව තෙල්වල ගුණ අගුණ විමසා බැලීමට එම තෙල් වර්ගයේ තිබෙන මේද අම්ලවල ස්වභාවය පිළිබඳ විමසා බැලිය යුතුය.

මේද අම්ල වල ආකාර තුනකින් කාබන් දාම පිහිටා තිබේ. එනම්,

  • දිගු දාම
  • මධ්‍ය දාම
  • කෙටි දාම 

මධ්‍ය දාම හා කෙටි දාම – කාබන් 12 අඩු දාම සහිත තෙල් වර්ග රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය (serum cholesterol) මෙන්ම අහිතකර කොලෙස්ටරෝල් ^LDL) මට්ටම ඉහළ දැමිම කෙරෙහි බලපෑම් නොකරයි. 

දිගු දාම – කාබන් 12 18 අතර දාම සහිත තෙල් මගින්  රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය (serum cholesterol) මෙන්ම අහිතකර කොලෙස්ටරෝල් ^LDL) මට්ටම ඉහළ දැමීම කෙරෙහි බලපෑම් ඇති කරයි. එහෙත් දිගු දාම අතර ඇති ඔලෙයික් ( කාබන් 18) මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය (serum cholesterol) මෙන්ම අහිතකර කොලෙස්ට්‍රෝල් ^LDL) මට්ටම ඉහළ දැමීම සිදු නොකරයි. මෙම මේද අම්ල ප්‍රධාන ලෙස ආකාර දෙකකි. එනම්,

  • සංතෘප්ත මේද අම්ල
  • අසංතෘප්ත මේද අම්ල 

සංතෘප්ත මේද අම්ල  රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය (serum cholesterol) හා අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම ඉහළ දමන අතර රුධිර වාහිනි තුළ තැන්පත් වී හෘද රෝග ඇති කරන බව වෛද්‍ය මතයයි. අසංතෘප්ත මේද අම්ල එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි. පොල් තෙල් වල 92% ක් ම ඇත්තේ සංතෘප්ත මේදයයි. එහෙත් පාම් තෙල් 51%, සූරියකාන්ත තෙල් 11%, ඔලිව් තෙල් 14% හා සෝයා තෙල් වල 15%  හා කැනොලා තෙල් වල 13% වශයෙනි. මේ අනුව පොල් තෙල්වලට වඩා අනෙකුත් තෙල් වර්ග අසංතෘප්ත බැවින් බැලු බැල්මටම ඒවා අපේ ශරීරයට හිතකර බව පෙනුනත් පොල් තෙල්වල 92% ක් ම ඇත්තේ සංතෘප්ත මේදය වූවත් එහි මේද අම්ලවල රසායනික සංයුතිය විමසා බැලීමෙන් ආහාර පිස ගැනීම සඳහා වඩාත් සුදුසු පොල් තෙල් බව වැටහී යයි.

මේද අම්ල වර්ගය සංයුතිය ]
ලෝරික් මේද අම්ලය (C 12 ) 47’5
මිරිස්ටික් මේද අම්ලය ^C 14 ) 18’0
කැප්රිලික් මේද අම්ලය ^C 8) 7’8
පැල්මිටික් මේද අම්ලය ^C 16 )      8.8     
ඔලෙයික් මේද අම්ලය ^C 18:0 )       6’2
කැප්රික් මේද අම්ලය ^C 10 )   

   

6’7
ස්ටියරික් මේද අම්ලය ^C 18 :1 )   

   

2’6
ලියොනොලෙයික් මේද අම්ලය^C 18: 2 )    1’6

 

පොල් තෙල් වල ඇති මේද අම්ලවල  කාබන් දාම සලකා බැලීමේදී එහි ඇති කාබන් දාම වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තේ කෙටි හා මධ්‍යම දාම වේ. එනම් කාබන් 12 ට අඩු දාම වේ. එනම් ලෝරික් මේද අම්ලය ^C 12 )– 47’5] ක් ද කැප්රිලික් මේද අම්ලය ^C 8)  7.8] ක් ද කැප්රික් මේද අම්ලය ^C 10 ) -6’7] ආදි වශයෙනි.  පොල් තෙල් වල ඇති කෙටි හා මධ්‍යම දාම ප්‍රතිශතයක් ලෙස ගත් කළ 60% වඩා වැඩි ප්‍රමාණයකි. 

මෙම දාම සහිත මේද අම්ල ශරීරය තුළ දී ඉක්මනින් දහනය වන අතර දිගු දාම සහිත මේද අම්ල මෙන් නොව ශරීරයේ පටක තුළ තැන්පත් වීම හෝ රුධිරයට එක් වී සීරම් කොලෙස්ටරෝල් වැඩි වීම කෙරෙහි බල නොපායි. සාමාන්‍යයෙන් දිගු දාම සහිත මේද ග්‍රෑම් 1 ප්‍රමාණයකින් කිලෝ කැලරි 9 පමණ නිපදවන අතර කෙටි හා මධ්‍යම දාම සහිත මේද මගින් ඊට වඩා අඩු ප්‍රමාණයකින් ශක්තිය නිපදවයි. එනම් කිලෝ කැලරි 9 පමණ වේ.        

තවද මෙහි අඩංගු ඔලෙයික් මේද අම්ලය (6.2%) දිගු දාම සහිත මේද අම්ලයක් වුවද එමගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය (serum cholesterol) හා අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම කෙරෙහි බලපෑමක් නොමැති බව සොයා ගෙන තිබේ. එහෙත් අනෙකුත් තෙල් වර්ග ගත් කළ එනම් පාම් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා තෙල්, ඹලිව් තෙල්, කැනෝලා තෙල් හා තල තෙල් යන මේවා අසංතෘප්ත අතර ඒවායේ අඩංගු මේද අම්ල සලකා බැලීමේදි ඒවා සියල්ල දිගු දාම සහිත මේද අම්ල බව හැඟී යයි. එහෙත් අසංතෘප්ත මේද වර්ග රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය හා අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම කෙරෙහි බලපෑමක් නොකරන බව පෝෂණවේදීන්ගේ මතය වී ඇත්තේ මේවායේ වැඩි ප්‍රමාණයක් පොල් තෙල්වලට වඩා ඔලෙයික් මේද අම්ලය අඩංගු බැවිනි. එනම් පාම් තෙල් – 42%, සෝයා තෙල් – 23%, කෝන් තෙල් – 28%, කැනෝලා තෙල් – 61%, ඔලිව් තෙල් වල – 80%, තල තෙල් වල – 42% හා සූරියකාන්ත තෙල් වල – 12% ආදි වශයෙනි. එහෙත් අපගේ ආහාර උයන පිහන ක්‍රමය අනුව ගැබුරු තෙලේ බැදිම, තෙම්පරාදු කිරීම වැනි ක්‍රම අනුව මෙම අසන්තෘප්ත මේද ශරීරයට වඩාත් අහිතකර ට්‍රාන්ස් මේදය බවට පත් වේ.

පොල් තෙල්වල සංයුතිය මෙසේ පැහැදිලි කිරීමට හේතු වූයේ අද වන විට අපේ ගෘහණියන් තමන්ට වගේම තම පවුලේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට හොඳම දේ ලබාදීමට වෙහෙස වෙන නිසා සෑම අතින්ම අවශ්‍ය සෑම කරුණක් ගැනම දැනුවත් වීමට උත්සාහ දරන බැවිනි. සැමවිටම හොඳම දේ තමන්ගේ ආහාර වේලට එක් කරගැනීම නිරෝගී  සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත්ම අංගයක් බව සිහිතබාගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පෝෂණවේදිනී සජීවනී මිරිහාගල්ල මහත්මිය

 

 

 

 

 


 

නිරෝගී පැවැත්මට පොල්තෙල් බෝතලයේ වැදගත්කම ගැනත් දැනුවත් වෙන්න

තෙල් කියන්නේ අපේ ආහාරයට වෙනස්ම රසයක් එක් කරන්නක්. තෙම්පරාදුවක් බැදුමක් කෑම වේලකට එක් වුණාම තියෙන රසය කියලා නිම කරන්න බැහැ. අතීතයේ ඉඳලම තෙල් අපේ ආහාර එක්ක බැඳිලා තියෙන්නේ ඔන්න ඔය රසය නිසා විය යුතුයි. වැඩිහිටි අපිට කෙසේ වෙතත් පුංචි දරුවන්ගේ කෑම වේලට තෙල් හරහා ලැබෙන පෝෂණයත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ කෙසේ වෙතත් අපි ආහාර වෙනුවෙන් භාවිත කරන තෙල් තෝරා ගත යුත්තේ කෙසේද? භාවිත කළ යුත්තේ කෙසේද යන්න  ගැන අත්‍යවශ්‍ය දැනුවත් බව අපිට නැහැ. අන්න ඒ නිසාම අපි කෑම පිසීමේදී තෙල් භාවිත කරන විට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම ගැන ඔබවත් දැනුවත් කරන්න හිතුවා.

කෑම පිසීමේදී අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ දුම් දමන තෙක් තෙල් රත් කර එහි ආහාර බැද ගැනීම හා තෙම්පරාදූ කර ගැනීමට. මෙහිදී සිදුවන ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කළොත් එසේ දුම් දමන තෙක් තෙක් රත් කර ගැනීම (smoking point) නිසා එහි අඩංගූ අසංතෘප්ත මේද අම්ලවල  සිස් වර්ගයේ මේද අම්ල හැඩ  ට්‍රාන්ස් වර්ගයේ මේද අම්ල හැඩ බවට පත් වෙන බවයි කියවෙන්නේ. එහෙත් පොල් තෙල් වල අඩංගූ මේද අම්ල අතරින් 92% ක් ම අන්තර්ගත වන්නේ සංතෘප්ත මේදය. මේවායින් 65% කට වැඩි ප්‍රමාණයක් ඇත්තේ  මධ්‍යම දාම සහිත මේද අම්ල වන අතර ඒවා ඉක්මනින්  ජීරණය වන අතරම ශරීරයේ තැන්පත් වීමක් සිදුවන්නේ නැහැ. එහෙත් පාම් තෙල්, සූරියකාන්ත තෙල් හා ඔලිව් තෙල් වල අසංතෘප්ත මේද අම්ල  51%, 11% හා 14% ආදි වශයෙනි. මෙම අසංතෘප්ත මේද අම්ල  ඉහළ උෂ්ණත්වයේ දී එනම් තෙල් උතුරා දුම් දමන අවස්ථාවේදී මේද අම්ල සිස් (sis) අවස්ථාවේ සිට ට්‍රාන්ස් (trans) අවස්ථාවට පත් වෙනවා. ට්‍රාන්ස්  මේදය සංතෘප්ත මේද අම්ල වලට වඩා සිරුරට අහිතකර අතර එමගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හා LDL අගය ඉහළ දමනවා පමණක් නොව හෘදයාබාධ, අංශභාගය වැනි රෝග තත්ත්ව පහසුවෙන් ඇති කරනවා. අන්න ඒ නිසා අපගේ ඉවුම් පිහුම් ක්‍රම සඳහා වඩා යෝග්‍ය පොල් තෙල් බව කිව යුතුමයි. අපේ පුංචි දරුවන්ගේ ආහාර පිළියෙළ කරද්දී වුණත් වඩාත් යෝග්‍ය වෙන්නේ පොල්තෙල්. පොල්තෙල්වල අඩංගු  ඔලෙයික් හා ලිනොලෙයික් මේද අම්ල දරුවාගේ ශරීර වර්ධනයට වගේම මොළය වර්ධනයට ද උපකාරි වන බව සොයා ගෙන ඇත.

පොල් තෙල් භාවිතයේ වෙනත් වාසි

  • පොල් තෙල්වල අඩංගූ ලෝරික් අම්ලය මගින් තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය ඉහළ දමයි
  • ශරිරයේ පරිවෘත්තිය ක්‍රියා හොඳින් පවත්වා ගනිමින් ශක්තිය ලබා දේ
  • ආහාර මගින් ගන්නා ශක්තිය ඉක්මනින් දහනය කර ශරිරයේ තැන්පත් වීම වළක්වමින් අධිබර තත්ත්ව වලට ගොදුරු වීම වලක්වයි.
  • පොල්තෙල්වල අන්තර්ගත ලෝරික් අම්ලයේ මධ්‍යම දාමවලට වෛරස, බැක්ටීරියා, දිළීර වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ තරලමය සෛල පටල හරහා පහසුවෙන් පිවිසිය හැකි නිසා ඒවා විනාශ කර දැමිය හැකිය. එහෙයින් වෛරස, බැක්ටීරියා, දිළීරවලට එරෙහිව ක්‍රියා කිරීමට පවා පොල් තෙල් වල අඩංගු ලෝරික් අම්ලයට හැකියි. 
  • පොල් තෙල්වල අන්තර්ගත මේද ද්‍රාව්‍ය විටමින් වර්ග (A,D,E,K ) සහ ශරීරයට හිතකර වෙනත් සංඝටක (පයිටෝකෙමිකල්ස්) මෙහි අන්තර්ගත වේ. 
  • පොල්තෙල්වල අන්තර්ගත මේද අම්ල මගින් මැග්නීසියම් හා කැල්සියම් වැනි ඛනිජ ලවණ ශරීරයට හොඳින් අවශෝෂණය කිරීමට උදව් කරන අතර එමගින් අස්ථි හා දත් නිරෝගීව තබා ගැනීමට උදව් කරයි.
  • පොල් තෙල් හිස ගැල්වීමෙන් හිසේ බර ගතිය නිදහස් කර ගැනීමට මෙන් ම ආතතිය දුරු කර ගැනීමට ද උපකාරි වන බව සොයා ගෙන ඇත.      

අපි පොල් තෙල් භාවිත කරන ආකාරය නිවැරදි ද?

කෑම වේලේ උපරිම රස හොයන අපි නිතර නිතර ආහාර ගැඹුරු තෙලේ බැද ගැනීමට පුරුදු වී සිටියත් එමගින් සිදුවන්නේ අපේ සිරුරට එක් වන කැලරි ප්‍රමාණය ඉහළ යෑමයි. එබැවින් නිතර නිතර ගැඹුරු තෙලේ බැද ආහාර ගැනීම එතරම්ම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් පස් දෙනෙකු සිටින පවුලකට දිනකට පොල් ගෙඩියකට සීමා විය හැකි නම් ශරීරයට ඇතුළු වන මේද ප්‍රමාණය පාලනය කළ හැකිය.

ඔබ ක්‍රියාශිලි නොවන අයෙකු නම් දිනට භාවිත කළ හැකි තෙල් ප්‍රමාණය ග්‍රෑම් 5 කට වඩා අඩු විය යුතු අතර පොල් ප්‍රමාණය  ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයක් විය යුතුය.

ඔබ ක්‍රියාශිලි අයෙකු නම්, දිනකට භාවිත කළ හැකි තෙල් ප්‍රමාණය ග්‍රෑම් 10 කට වඩා අඩු විය යුතු අතර පොල් ග්‍රෑම් 60 ක පමණ ශක්තිය ප්‍රමාණවත් ය.

මීට අමතරව ශ්‍රි ලාංකික ජනතාවගේ ආර්ථික තත්ත්වය අනුව ගැඹුරු තෙලේ බැද ගැනීමට යොදා ගන්නා පොල් තෙල් නැවත නැවත භාවිතයට පුරුදු වී සිටි. මෙම හේතූව නිසා පොල් තෙල්වල අඩංගු අසංතෘප්ත මේද අම්ල (8%) ඉහළ උෂ්ණත්වයේ දී ට්‍රාන්ස් මේදය බවට පත් වේ. එබැවින් දෙවතාවකට වඩා නැවත නැවත පොල් තෙල් භාවිතයට සුදුසු නොවනු ඇත. තවද තෙල්වල ඇති මේද අම්ල නැවත නැවත රත් කිරීමෙන් ඒවාහි අඩංගු ආහාර කැබලි සමඅන්තර්ක්‍රියා කිරීමෙන් හා මේද අම්ල එකිනෙකට ප්‍රතික්‍රියා කිරිමෙන් (polymerization) දිගු දාම සහිත මේද අම්ල බවට පත් වේ. මෙම දිගු දාම සහිත මේද අම්ල  මගින් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ^LDL) මට්ටම ඉහළ දමන අතර නැවත නැවත එම තෙල් භාවිතය මගින් මුක්ත ඛණ්ඩ (free radicals)  සෑදීමේ අවදානම ඉහළ යයි. මෙම මුක්ත ඛණ්ඩ මගින් අපගේ සෛලවල ඇති s DNA වල වෙනස් කම් (Mutations) සිදු කරන අතර එමගින් පිළිකා ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යයි.         

පිරිසිදු පොල් තෙල් තෝරා ගන්නේ කොහොමද?   

පොල් තෙල් නිපදවීමේ ප්‍රධාන ක්‍රම දෙකක් පවති. එනම්,

  1. වියළි ක්‍රමය
  2. තෙත් ක්‍රමය 

සාමාන්‍ය වශයෙන් අපි කවුරුත් පාහේ භාවිත කරන්නේ වියළි ක්‍රමයට නිපදවන ලද පොල් තෙල් ය. එනම් පොල් වලින් කොප්පරා සාදා එය විද්‍යුත් යන්ත්‍රයක් මගින් යම් පීඩනයක් යටතේ තෙල් නිස්සාරණය කිරීමයි. මෙහිදි කුරුට්ටේ ඇති වර්ණක මෙන්ම කොප්පරාවලින් තෙල්වලට එකතු වන යම් අපවිත්‍රකාරක ඉවත් කිරීම සඳහා තෙල් පෙරීම කළ යුතුය. මේ සඳහා සිලිකන් ඩයොක්සයිඩ්වලින් සාදන ලද මැටි තට්ටුවක් හරහා තෙල් පෙරීම සිදු කරයි. මේ ආකාරයට සාදා ගත් තෙල් RBD ( Refined Bleached Deoderized ) තෙල් ලෙස හඳුන්වන අතර මෙහි වර්ණය තරමක් අවර්ණ පැහැ ගනී. මෙම ආකාරයට නිපදවන පොල් තෙල් වල ගුණාත්මක තත්ත්වය රඳා පවතින්නේ ඒ සඳහා යොදා ගන්නා කොප්පරා වල ගුණාත්මක තත්ත්වය මතයි. කොප්පරා වියළා ගැනීමේ දී එහි තෙතමනය නිවැරදි මට්ටමට අඩු කළ යුතු අතර එසේ නොවේ නම් එයින් සැකසෙන පොල් තෙල් හරහා ඇප්ලටොක්සීන් (Aflatoxin) නැමති පිළිකාකාරකය ශරීරයට එකතු වේ. කොප්පරා දුම් පෝරණු මේ සඳහා අප රටේ භාවිත කරන ප්‍රචලිත ක්‍රමය වන අතර දුම් ගැසීම නිසා ද PAH ( Polycyclic Aromatic Hydrocarbon)  නැමති පිළිකා කාරකය තෙල්වලට එකතු වන අතර  දුම් පොරණු වෙනුවට වියළන යන්ත්‍ර (Dryers) භාවිත කරමින් නිසි ලෙස පොල් වල තෙතමනය අඩු කර සාදා ගත් පොල් තෙල් භාවිතය සෞඛ්‍යයට හිතකරය.

තෙත් ක්‍රමය යටතේ පොල් තෙල් නිෂ්පාදනය කිරීමේ දී අඩු උෂ්ණත්වයක් යටතේ එක් වරක් පමණක් තෙල් නිස්සාරණය (cool pressing)  කරන අතර ඒ සඳහා කුරුට්ට ඉවත් කර කුඩා කැබලිවලට කපා ගත් හෝ ගා ගත් පොල් භාවිත කරන අතර මෙහිදි සිලිකන් ඩයොක්සයිඩ් වලින් සාදන ලද මැටි තට්ටුවක් හරහා තෙල් පෙරීම සිදු නොකරයි. මේ ආකාරයට සාදන ලද පොල් තෙල් සුදු පැහැයක් ගන්නා අතර virgin coconut oil නමින් හඳුන්වයි. මේ ආකාරයට සාදන ලද පොල් තෙල් එක් වරක් පමණක් නිස්සාරණය කරන අතර මිලෙන් අධිකයි. තවද මේවායේ රසය වියළි ක්‍රමයට සාදන පොල් තෙල් වලට වඩා ඉහළ අතර පිළිකා කාරක හා මුසු වීමක් සිදු නොවේ. මෙහි අඩංගු තෙතමනය වියළි ක්‍රමයට සාදන පොල් තෙල්වලට වඩා ඉහළ අතර දිගු කලක් තබා ගත නොහැකිය. පෝෂණ ගුණය ගත් කළ මෙම ක්‍රම දෙකටම නිපදවන ලද පොල් තෙල්වල පෝෂණ ගුණය සමානය.

කෙසේ වෙතත් වෙළෙද පොළේ විකිණීමට ඇති පිරිසිදු පොල් තෙල් නම් ලේබලය යටතේ ඇති නිෂ්පාදන මිලදි ගැනීමෙන් පොල් තෙල් සමවෙනත් තෙල් වර්ග කලවම් නොකරන ලද පොල් තෙල් මිලදී ගත හැකිය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටි අපේත් නිරෝගී පැවැත්ම උදෙසා සැමවිටම තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයන් වෙත යොමු වීම වඩාත් උචිතය.    

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පෝෂණවේදිනී සජීවනී මිරිහාගල්ල මහත්මිය