Home Blog Page 64

පැටියාට කිරි දෙන අම්මාට කෙසෙල් ගුණයිද…?

දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට කිරි දෙන අම්මාට ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර ගැන වැඩිහිටියන්ගෙන් තහංචි බොහොමයක් ලැබෙනවා. අම්මා ආහාර මගින් ලබන පෝෂණය දරුවාටත් බලපාන නිසාම කිරි දෙන කාලයේදී අම්මාගේ ආහාර ගැන හැම දෙනාම උනන්දුවක් දැක්වීම බොහොම සාධාරණයි. මේ අතර කිරි දෙන අම්මා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලබන වාසි ගැන දැනගන්න ඔබත් කැමැති ඇති නේද..

අපට ඉතාම පහසු මිලකට වගේම ඕනෑම ප්‍රදේශයකින් මිලදී ගන්න පුලුවන් කෙසෙල් බොහොම ගුණදායක පළතුරක්. කෙසෙල්වල සැලකිය යුතු ප්‍රමාණයේ ක්ෂුද්‍ර පෝෂක හා ජෛව ක්‍රියාකාරී සංයෝග වන ෆීනොලික්ස්, කැරොටිනොයිඩ්ස්, ජෛවජනක ඇමයින සහ ෆයිටොස්ටෙරෝල් වැනි සංයෝග අඩංගුයි. මේවා අම්මාට වගේම දරුවාගේ පෝෂණයටත් ඉතාම වැදගත්.

කෙසෙල්වලින් ලැබෙන ගුණ

  • දරු උපතකින් පසුව කිරි දෙන අම්මාට  දිනකට   109Kcal ප්‍රමාණයක අතිරේක පරිභෝජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අතිරේක මාත්‍රාව මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් සපුරා ගන්න පුලුවන් බැව් ඇසුවොත් ඔබටත් සතුටක් දැනේවි.
  • දරු ප්‍රසුතියකින් පසුව අම්මාගේ සෞඛ්‍යයත් ඉතාම වැදගත්. අම්මා ලෙඩ වුනොත් පැටියාගේ කිරි ටිකත් අහිමි වෙන නිසා කිරි දෙන අම්මා නිතරම තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දක්වන්න ඕන. කෙසෙල්වල අඩංගු එය පොටෑසියම්, විටමින් බී 6, තඹ, මැන්ගනීස් සහ තන්තු මගින් මේ අවශ්‍යතාවය අම්මාට නොඅඩුව සැපයීමට සූදානම්.
  • දරු ප්‍රසූතියෙන් පසුව අම්මාට ඇති වෙන පසු මානසික අවපීඩනය ඉතාම නරක තත්වයක්. මේ නිසා ඇතැම් මව්වරු සිය දිවි නසා ගැනීමට තරම් යොමු වෙන අවස්ථා තිබෙනවා. කෙසෙල්වල ට්‍රිප්ටෝෆාන් නම් ඇමයිනෝ අම්ලයක් අඩංගු වන අතර එය දරු ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ශරීරය ට්‍රිප්ටෝෆාන් භාවිත කරන්නේ මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ හෝමෝනයක් වන සෙරොටොනින් නිපදවීමට සහ ඔබට හොඳ හැඟීමක් ලබා දීමෙන් ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා.
  • කිරි දෙන අම්මාගේ තරබාරුව මට්ටු කරන්න සිදු වෙන අවස්තාවනුත් නැත්තේම නැහැ. මේ කාලයේදී කිරි වෙනුවෙන් ආහාර ගැනීම නිසා ඒ තත්වය ඇති වුනත් කෙසෙල් ආහාරයට ගන්නා විට එක්තරා වාසියක් තිබෙනවා. කෙසෙල්වල පිෂ්ටය වැඩි වේලාවක් ආමාශයේ රැදී තිබෙන නිසා බඩගින්න පාලනය වෙනවා. ඒ හින්දා අම්මාට නිතර නිතර ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. පෝෂණයත් මැනවින්ම ලැබෙනවා. කෙසෙල්ගෙඩියකින් ලැබෙන මේ නියාමනය නිසා අම්මා අනවශ්‍ය තරබාරුවෙනුත් වලකා ගන්නවා.
  • කෙසෙල් නිසා මහ අන්ත්‍ර ආශ්‍රතව ප්‍රෝබියෝටික් මට්ටම ඉහළ යෑම නිසා පෝෂණය අවශෝෂණය කර ගැනීමත් ඉතාම පහසුයි. ඒ විතරක් නොවෙයි, කෙසෙල්වලට ආම්ලිකතාවය උදාසීන කිරීමේ හැකියාව තිබෙන නිසා ආහාර ජීරණය පහසු කරනවා විතරක් නොවෙයි, ජීරණ ගැටළුවත් අවම කිරීමට උපකාර වෙනවා.
  • ඒ වගේම කෙසෙල්වල අඩංගු විටමින් සී සහ බී 6, සහ ෆීනෝල් ​​සහ ෆයිටොස්ටෙරෝල් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග මගින්  ප්‍රතිඔක්සිකාරක ශක්තිය ගොඩ නගමින් අම්මාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරනවා.

කෙසෙල් ගෙඩි සහ සලාද වගේ විතරක් නොවයි, විවිධ විදිහට ආහාරයට ගැනීමට පුලුවනි.

  • පෙති කපන ලද කෙසෙල් ඔබේ පෑන්කේක් එකට එකතු කර එය රසවත් කරන්න. 
  • පාන් සමග කෙසෙල් පෙති සහ බටර් තේ හැන්දක් ගන්න. 
  • යෝගට් සමඟ පෙති කපන ලද කෙසෙල් ගෙඩියක් ගන්න. 
  • පළතුරු සලාද හා පුඩිං වලට කෙසෙල් එකතු කරන්න. 
  • ඕට්ස් සමග කෙසෙල් හා කිරි එකතු කර ගෙන ආාහරයට ගන්න.
  • කෙසෙල් පළතුරු යුෂ විදිහටත්  පානය කරන්න පුලුවනි.

තොරතුරු MomJunction

 

කොවිඩ් 19 හමුවේ මුඛ ආවරණ පැළඳීම කුඩා දරුවන්ට සුදුසුයිද? | Dr. Samantha De Silva

කොවිඩ 19 එක්ක මුඛ ආවරණ භාවිතයට ලොකු කුඩා කවුරුත් හුරු වුණා. ඒත් මේ අපේ පුංචි දරුවන්ට මාස්ක් දැමීම සුදුසුද? දැන් අපි කාටත් සිද්ධ වෙලා තියෙන්නෙ කොවිඩ් 19 ජීවත් වෙන්න. පුංචි දරුවෝ වුණත් හැමදාම ගෙදර තියා ගන්න බැහැ. කොවිඩ් 19 වැළකෙන්න අපිට ලබාදෙන සෞඛ්යන උපදෙස් අතරේ මුව ආවරණ අනිවාර්ය වෙලා තියෙනවා. ඒත් මේ පුංචි දරුවන්ට මුව ආවරණ සුදුසුද නැද්ද කියලා හොයලා බැලුවේ නැහැ නේද?

SHOW LESS

ඔබේ දරුවාට පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අමතරව ලබාදිය යුතු එන්නත්මො නවාද?

පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් මාලාවක් සෞක්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා. එත්, ඊට අමතරව එන්නත් වර්ග කීපයක් පෞද්ගලික අංශයෙන් දරුවන්ට ලබා දෙනවා. පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව ලබාදෙන අනිවාර්ය එන්නත් මාලාවට අමතරව ලබාගත යුතුයැයි නිර්දේශ වී තිබෙන එන්නත් වර්ග මොනවාද? එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු. Sri Lanka immunisation schedule

උපත් බර අඩු දරුවෙකු නිවෙසට රැගෙන ආ පසු බලා ගන්නේ මෙහෙමයි

උපතේදී 2500g ට වඩා අඩු බරකින් යුක්ත දරුවන් අඩු උපත් බර (Law Birth Weight – LBW) ලෙස හඳුන්වනවා. මෙසේ උපත් බර අඩු වූ දරුවෙකු නෙමේරු (Premature) දරුවෙකු විය හැක. නැතහොත් ගැබ් කාලයට සරිලන බරට වඩා අඩු බරක් (Small for Gestational Age – SGA) ඇති දරුවෙකු ද විය හැක. ඇතැම් දරුවෙකුට මේ හේතු දෙකම බලපා තිබිය හැකියි. බොහෝ රටවල උපදින දරුවන්ගේ 15% -20% උපත් බර අඩු දරුවන් වන අතරම ශ්‍රී ලංකාවේ උපදින දරුවන්ගේ 16% ක් උපත් බර අඩු දරුවන් ලෙස දැක්විය හැකිය.

සාමාන්‍යයෙන් නිසි උපත් බර සහිතව බිහිවන දරුවන්ට අවශ්‍ය මව්කිරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපත් බර අඩු දරුවන්ට අවශ්‍ය වේ. මෙම දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ තම මවගේ මව් කිරිය. නිසි ගැබ් වයසට පෙර දරුවකු ප්‍රසූත කරන මවගේ කිරි, එම ළදරුවාට සරිලන අන්දමේ විශේෂත්වයක් ඇතිව නිෂ්පාදනය වේ. මෙම කිරි වල ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ඇතිවා මෙන්ම ආසාවලට එරෙහිව කටයුතු කළ හැකි සාධක ද වැඩිපුර අඩංගු වේ

නොමේරු දරු උපත්වලට හේතූ

  • ආසාධන (Infection)
  • මවගේ බර අඩු වීම
  • මව වයස අවුරුදු 18 අඩු වීම
  • දරුවන් වැඩි ගණනක් සිටින මවක් වීම
  • කලින් නොමේරු දරු උපත් සිදු වූ මවක් වීම
  • ගැබ්ගෙල ගැටලු (cervical incompetence)
  • පූර්ව ප්‍රසව රක්තපාතය (Anti Partm Haemorrhage – APH)
  • ගර්භාෂ අසාමාන්‍යතා
  • මවගේ Rh නොගැලපීම් හෝ දියවැඩියාව නිසා දරුවෙකු බිහිවීම ඉක්මන් වීම.

 

නොමේරු දරුවෙකුගේ ලක්ෂණ

  • කෘෂ වූ පෙනුම
  • රැලි වැටුණු සම (මේද පටක අඩු වීම)
  • රත් පැහැ වීම
  • හිසේ වට ප්‍රමාණය, පපුවේ වට ප්‍රමාණයට වඩා වැඩි වීම.
  • පියයුරු වල ප්‍රමාණය 5mm වඩා අඩු වීම.
  • බාහිර කන මෘදුය.
  • බාහිර ලිංගේන්ද්‍රියන් වැඩීම අඩුය
  • පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ, වෘෂණ කෝෂ තුළට වැටී නැත.
  • ගැහැනු දරුවෙකුගේ යෝනියේ මැද කොටස (මණිකයClitoris)  පැහැදිලිව පෙනේ.

 

නොමේරූ ළදරුවෙකුහට ඇති විය හැකි ගැටලු

  • ප්‍රසූතියට පෙර මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම Perinatal asphyxia 
  • උපතින් පසු රුධිරයේ සීනි, Ca, Mg අඩු වීම
  • ශරීර උෂ්ණත්වය අඩු වීම
  • පෝෂණ ලබාදීමේ ගැටලු
  • පෙනහලු වල නිසි පරිදි වර්ධනය නොවී තිබීම නිසා පෙනහලු අශ්‍රිත රෝග
  • ස්වසනය නැවැත්වීම (Apuoea)
  • මොළයේ රුධිර ගැලීම
  • පෙනහලු තුළ ඇති වන රුධිර ගැලීම්
  • රුධිරයේ බිලි රුබින් ප්‍රමාණය වැඩි වීම
  • පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් නිසා රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම
  • රුධිරයට බැක්ටීරියා ඇතුළු වීම (Septicemia) හා ආවෘති දාහය (Maningitis)
  • බඩ වැල්වල කොටස් අකර්මන්‍ය වීම 
  • හෘද රෝග

උදා: උපතේදී වැසිය යුතු හදවතේ සිදුරු නොවැසීම

  • ඇස් අන්ධ වීම
  • නීරක්තිය
  • පසු කාලීනව විටමින් D ඌනතාවය ඇති වීම

 

නොමේරූ ළදරුවෙකුගේ පෝෂණය

  • ඉපදී පළමු දින කිහිපය තුළ දරුවාට මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි වේ. මේ නිසා ශිරා ගත කිරීම මඟින් පෝෂණ අවශ්‍යතා රෝහලේදී සම්පූර්ණ කරයි. දරුවාට ආහාර ජීර්ණය වන තත්ත්වයට පැමිණි විට මුඛයෙන් ආහාර ලබාදේ.
  • සති 30 – 32 අඩු දරුවන්ට රෝහලේදී නාසය හරහා ආමාශයට නලයක් ඇතුළු කිරීම මගින් මවගෙන් දොවාගත් කිරි ලබාදේ. මව්කිරි නාලයකින් දෙන විට මවගේ ඇඟිලි ඉරීමට දරුවාට ඉඩ සැලසීම අවශ්‍ය වේ. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වී දරුවාගේ බර වැඩි වේ.
  • සති 30 – 32 වයස් දරුවන්ට නාලය මාර්ගයෙන් වැඩිපුර ලබාදෙන විට හැන්දක් හෝ පොඩි කෝප්පයකින් දිනකට දෙවරක් පමණ කිරි පෙවීම ආරම්භ කළ යුතු වේ. කෝපපයෙන් හොඳින් ආහාර ගන්නා විට නාලයෙන් ලබාදීම අඩු කළ යුතුය.
  • සති 32 හෝ ඊට වැඩි වයස් දරුවන්ට පියයුරෙන් කිරි දීම ආරම්භ කළ හැක. තන අඩුව ප්‍රතී මාර්ගයෙන් සොයා ලෙව කෑම හෝ කිරි ටිකක් උරා බීම ළදරුවාට කළ හැකි නමුත් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය කෝපපයකින් හෝ නාලය මාර්ගයෙන් දීමට මතක තබාගත යුත්තකි
  • ළදරුවා ස්ථාපිත ලෙස පියයුරෙන් කිරි බීම පටන් ගත් පසු ඔහු හුස්ම ගැනීම සඳහා කිරි බීම නිතර නිතර තාවකාලිකව නවත්වනවා ඇත. මෙවිට ළදරුවා පියයුරේම තබාගැනීම ඔහුට නැවත අවශ්‍ය වූ විට කිරි උරාබීමට උපකාරයකි. පියයුරෙන් කිරි බී අවසන් වූ පසුව දරුවාට කෝප්පයකින් නැවත කිරි පොවන්න. එසේ නොමැති නම් කෝප්පයෙන් හා පියයුරෙන් මරුවෙන් මාරුවට කිරි දෙන්න

 

කෝප්පයකින් කිරි පෙවීමේදී

  • තමාගේ (මවගේ) උකුල මත කෙලින් හෝ අර්ධ ලෙස ඇල වී සිටින සේ දරුවා වාඩි කරවා ගන්න.
  • කිරි තිබෙන කුඩා කෝප්පය දරුවාගේ තොල වෙතට ගෙනෙන්න.
  • තොල්වලට කිරි ටික ආසන්න වන පරිදි කෝප්පය ඇල කර අල්වා ගන්න.
  • දරුවාගේ යටි තොල මත කෝප්පය ලිහිල් අන්දමට රැඳෙන අන්දමට හා කෝප්පයේ පිට දාරය දරුවාගේ උඩු තොලෙහි පිට පැත්තෙහි ස්පර්ශ වන අන්දමට කෝප්පය අල්ලන්න.
  • දරුවා යුහුසුළුව ඇස් හා කට විවෘත කරයි
  • දරුවා උපත් බර අඩු දරුවෙකු නම් තම දිවෙන් කිරි මුඛය තුලට ගනී.
  • මේරු දරුවෙකු නම් කිරි ඉහිරවමින් උරා බොයි.
  • කිරි මුඛයට වත් කිරීමෙන් (දැමීමෙන්) වළකින්න. දරුවාට කිරි ටික මුඛයට ගන්නා පරිදි කෝප්පය තොල් වලට සමීප කරන්න
  • තමාට අවශ්‍ය ප්‍රමාණය ගත් පසු දරුවා මුඛය වසා කිරි බීම නවත්වයි.
  • දරුවාට අවශ්‍ය යයි පවසා කිරි ප්‍රමාණය නොබිව්වේ නම් ඊලඟ අවස්ථාවේදී කිරි වැඩි ප්‍රමාණයක් බීමට පුලුවන. එසේ නොවුනහොත් කිරි වේල් ගණන වැඩි කරගත යුතුය.
  • දරුවාට කිරිදීමෙන් පසුව ගුඩුස් යවා දරුවා මුනින්තලා ස්ථාපිතයේ මුහුණ පැත්තකට හරවා තබන්න. එවිට කිරි පිට උගුරේ යාම වළක්වා ගත හැක. දරුවා පැත්තකට හරවා කොට්ට තැබීමෙන්ද නිදි කරවිය හැක. දරුවා මුනින් අතට තැබීම පැත්තකට හරවා තැබීමට වඩා ආරක්ෂාකාරී වේ

 

දරුවා නිවසේ තබාගැනීමේදී උණුසුම්ව තබාගැනීම වැදගත් වේ. දරුවා සිටින කාමරය උණුසුම් විය යුතුය. දරුවා රෙදි 2 – 3 හෝ රෙද්ද නවා ස්ථර 2 – 3 ක් සිටින සේ එතිය යුතුය. පාද හා අත් වලට මේස් දමා කන් වැසෙන සේ තොප්පියකින් අවාරණය කළ යුතුය. මීට අමතරව පැනල්, බ්ලැන්කෙට්ටුවක් වුවද භාවිත කළ හැක. මවට දරුවාට අත තබා සීතල වී ඇති දැයි බැලීමට හුරුකළ යුතුය. මීට අමතරව දරුවා සීතල වීමෙන් අත් හා පාද තොල් (නිල්) දම් පාටක් ගනී. තවද ශරීරය පුරාම පුල්ලි පුල්ලි ලප දැකිය හැක. මේ පිළිබඳව මව දැනුවත් කළ යුතු අතර එසේ වුවහොත් දරුවා අමතර උණුසුම් කිරීමක් කළ යුතු වේ. මීට අමතරව දරුවාගේ උණුසුම රැකීම සඳහා KMC – Kangaroo mother Care වලට මව හුරුකළ යුතුය. මෙය හෙද කාර්ය මණ්ඩලයේ නීරීක්ෂණය යටතේ කළ යුතුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණව ලැබූ හෙද නිලධාරිනි ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

කොවිඩ් නිසා ගෙදරටම කොටු වුණු ඔබත් දරුවනුත් පීඩනයෙන් මුදවන උපදෙස් 10ක්

පසුගිය මාස කිහිපය ලංකාව පමණක් නොව මුළු ලෝකයම උඩුයටිකුරු කළ බරපතල කාල සීමාවකි. චීනයෙන් ඇරඹි කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග බහුතරයක් රටවලට ඉන් සිදුවුණ පීඩාව සුළුපටු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්- 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමත් සමග තත්ත්වය තවදුරටත් බරපතල එකක් විය.  

ශීඝ්‍රව ව්‍යාප්ත වූ වෛරසය ලෝකය පුරා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි කරවමින් ඉදිරියට ඇදෙද්දී ඇස් පනාපිටම උදුරාගත් ජිවිත සංඛ්‍යාවද එසේ මෙසේ නොවිණ. මෙවන් බරපතල තත්ත්වයක් මත ලෝකය පුරා රටවල් බොහෝ ගණනක ඇඳිරි නීතිය පනවන්නට වූයේ වෛරසය ව්‍යාප්තිය පාලනයේ වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නොවුණු තැනය.

ලංකාවේ තත්ත්වයද එසේ වෙද්දී ජනතාව නිවෙස් තුළටම කොටු වූ කාලය මාස තුනකට ආසන්න විය. මතක ඇති කාලයකින් පවුලේ සියල්ලන්ම එකට එකතු වූ සතුටුදායකම කාලය මෙය බව බොහෝ දෙනෙකුගේ අදහසද විය. ආරම්භයේදී එය එසේ වුවත් දිනෙන් දන ගතව මාස ගණන් පසුවෙද්දී තත්ත්වය තරමක් වෙනස් විය. කාර්යබහුල දින චර්යාවකට පුරුදුව සිටි බොහෝ දෙනෙක්ට සියල්ලන්ටම මෙකී දීර්ඝ නිවාඩුව නැති ප්‍රශ්න ඇති කරවන්නක් විය. 

ගෙදරදොර කටයුතු පාලනය ඔබට වෙනදාට වඩා තරමක සංකීර්ණ එකක් වූවාට සැක නැත. රැකියා කටයුතු අඩාල වීම මුල්‍යමය ප්‍රශ්න ඇතිකරවන්නට සමත්වන්නට ඇත. වෙනදා නොවිදි මෙම ඒකාකාරී ජීවිතය බොහෝ දෙනෙකුට තරමක සංකීර්ණ තත්ත්වයක් බවට පත්වද්දී ලොකුම ගැටලුවට මුහුණ දෙන්නට සිදුවූයේ කුඩා දරුවන් සිටිනා දෙමව්පියන්ටය. 

උද්ගතව ඇති තත්ත්වය තේරුම් ගැනීමට ඔවුන්ගේ පුංචි මනසට හැකියාවක් නැත. ඔවුන්ට ඇති එකම බරපතල ප්‍රශ්නය වූයේ වෙනදා මෙන් නිදහසේ දුව පනිමින් එළියේ හැසිරෙන්නට අවස්ථාව නොලැබී නිවසේ සිරවී යාමයි. සමාජ දුරස්ථ භාවය ඔවුන්ට ගෝචර නොවන්නකි.

මේ නිසාම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් දෙමවුපිය ඔබ තුළ ඇති කරන්නට ඇත්තේ අමතර පීඩනයකි. දරුවන්ගේ හැසිරීම් වඩාත් අභියෝගාත්මක වන්නට ඇත්තේ ඔවුන්ගේ  ආහාර ගැනීම සහ නිදාගැනීම වැනි චර්යාවන් තුළ වෙනදාට වඩා ව්‍යාකූල ස්වභාවයක් ඇති කරවමිනි. එබැවින් මතුව තිබෙන මෙම ජාතික ගැටලුව හමුවේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් වැඩිහිටි ඔබ තුළ මතුව පවතින දැඩි පීඩනයෙන් මිදීමටත්, දෙමව්පියන් ලෙස ඔබ වගකීම් සහගත විය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙහි මූලික අරමුණ වේ.  

 

  • ඔබටම කාරුණික වීම 

 

මෙම ඒකාකාරී ජීවිතය පිලිබඳ මැසිවිලි නැගීම වෙනුවට එම කාලය තමන් වෙනුවෙන් යොදා ගැනීමට සිත යොදවන්න. නාන කාමරය තුලදී ඔබට බොහොම නිදහසේ පස් වතාවක් ගැඹුරු දිග හුස්මක් ගෙන පිට කිරීම ඔබේ සිතට තරමක සහනකාරී හැඟීමක් ඇති කරවයි. තමන් කැමතිම ඇඳුම්වලින් සැරසෙන්න. තමන් කැමතිම උණුසුම් පානයක් නිදහසේ රසවිඳින්න. වෙනදා තමන් වෙනුවෙන් නොලැබුණ කාලය මේ මොහොතේ ලබා දෙන්න. 

 

  • අසමත් වීමට ඔබට අවසර දෙන්න

 

කිසිම මොහොතක පරිපුර්ණත්වය යනු සම්මතය නොවන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මෙවැනි හදිසි තත්ත්වයකදී කිසිසේත්ම එවැනි තර්ක පිළිබඳ ඔබ කණගාටුවට පත්විය යුතු නොවේ. ඔබ ඔබේ දරුවා සමග හෝ නැතිව හෝ නියැලෙන කිසිම කාර්යකදී එය අතිශය සාර්ථක වීම මෙවැනි මොහොතක කිසිවෙකුට ප්‍රයෝගික නොවනු ඇත. එනිසා එය ප්‍රශස්ත මට්ටමකින් හැසිරවීමට උත්සහ ගන්න. ඒ පිලිබඳ සතුටු වන්න. මීළඟ අවස්ථාවෙන් වැඩි ප්‍රයෝජන ලබාගැනීමට හැකි බව අමතක නොකරන්න. 

 

  • එතරම් මහන්සි වී වැඩ නොකරන්න 

 

මෙම කාලය නිවසේ අලසව සිටීමට අකමැත්තෙන් දැඩි මහන්සියකින් සියල්ල එකවර අවසන් කිරීමට ලැබුණු කාලයක් බව වරදවා වටහා නොගන්න. ඔබට ඒවා සෙමින් අවසන් කිරීමට ඇතිතරම් කාලය ඇත. නිතර විනෝදාස්වාදයෙන්ම සිටීමද අවශ්‍යම නැත. එය ඔබට පහසු සරළ අයුරින් ඔබේ දරුවන් සමග හෝ නැතිව  තරමක ව්වෙකයක් සහිතව ගත කරන්න. කම්මැලිකම යනු නිර්මාණශීලිතත්වයේ ආරම්භයයි. එනිසා හොඳින් හුස්ම ගනිමින් තරමක් අලස වීමට ඔබට ඉඩ දෙන්න.

 

  • ඔබේ දරුවන් සමග රැඳෙන්න. ඔවුන් ගැන ආඩම්බර වන්න 

 

පෙරකී ලෙසම සමාජ දුරස්ථභාවය ඔබට වඩා ඔබේ දරුවා තුළ තරමක ආතතියක් ඇතිකර ඇති බවට සැකයක් නොවේ. එනිසාම ඔවුන්ගේ දරාගත නොහැකි හැඟීම් සහ අභියෝගාත්මක හැසිරීම් ඔබේ දරුවාට පමණක් අවේණික නොවන බව සිහිතබාගන්න. ඒ පිලිබඳ කලබලයට පත් නොවන්න. ඒ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමයයි. විටෙක ඔවුන්ගේ තොරතෝංචියක් නැති කතාබහ ඔබව විඩාවට පත්කරනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් තෝරාගත් සැනසිලිකරුවා වීමට තරම් ඔබ ආරක්‍ෂිත යැයි සැළකූ නිසා ඔවුන් ඒවා ඔබ සමග බෙදා ගන්නා බව මතක තබා ගන්න. ඒ පිළිබඳව ආඩම්බර වන්න.

 

  •  නිවසින් පිටත ගෙමිදුලට යන්න 

 

සොබාදහම මානසික ආතතියට හොඳ විසඳුමකි. එය සැබවින්ම අපට කළහැකි දේ තවදුරටත් පුළුල් කරමින් මනස විවෘත කිරීමෙහි සමත්ය.

 

  • යම් ආකාරයක දෛනික චර්යාවක් සාදා ගන්න 

 

එය සැකසූ පරිදි අකුරටම පිළිපැදීම කළ යුතු නොවේ. එමගින් ඔබගේ දෛනික දින චර්යාවේ නිශ්චිත භාවය ලිහිල් කරමින් යම් ගලායාමකට පහසු කරවන අතර ඊට යම් රිද්මයක් ඇති කරවයි. මෙහි කොටසක් ලෙස දවස ආරම්භයේ සහ අවසානයේ ඔබේ දරුවන් සමග විශාල වශයෙන් සම්බන්ධතාවයක් ඇති කරවන ක්‍රියාවන් ඇතුළත් කර දවස පුරා විසිරි යන පරිදි නිවසේ අනෙකුත් සම්බන්ධතා ඇතුළත් කරන්න.   

 

  • ඔබේ ශරීරය චලනය කරන්න 

 

ඔබේ මොළයේ ස්නායුවල රසායනික පරිසරය වෙනස් කිරීමට පහසුම හා වඩාත්ම ප්‍රවේශ වියහැකි ක්‍රමය මෙයයි. මෙවැනි ඒකාකාරී දිනකට ඔබ ඔබේ ශරීරය මිනිත්තු 30ක් චලනය කිරීමෙන් හෘද ස්පන්දනය ඉහළ නංවන අතර එය ඔබේ මොළයට ප්‍රීතිමත් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා දෙයි. 

 

  • හැමවිටම ඔබ විශාල බව සිතන්න 

 

මෙහිදී විශාල බව යනු ශරීර ප්‍රමාණය නොවේ. තමන් නිවසේ පරිසරයට වැදගත්ම අයෙක් බව සිතීමයි. මෙවැනි කාලසීමාවක දරුවන්ගෙන් වැල නොකැඩි එන ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම ඔබට මුහුණ දීමට සිදුවී ඇති. මෙවැනි අවස්ථාවක ඔබේ දරුවන්ගේ සියලුම ගැටලුවලට ඔබ පිළිතුරු දැනසිටීම වැදගත් නැත. ඔවුන්ගේ පිළිතුර විය යුත්තේ ඔබයි. මේ මොහොතේ මාර්ගය මදක් නොපැහැදිලි වුවද ඔබට මගක් සොයාගත හැකි බවට විශ්වාසයක් ඇතිකර ගන්න. 

 

  • හැකි පමණ දරුවන් සමග සෙල්ලම් කරන්න 

 

සෙල්ලම් කිරීම යනු දරුවන් විශාල හැඟීම් ක්‍රියාවට නංවන ආකාරය වන අතර  එය දරුවන් සමග ඔබේ සම්බන්ධතාවය තව තවත් ගැඹුරු කිරීම සඳහා උදව්වන්නක් බව දෙමව්පිය ඔබ සිහිතබා ගන්න. 

 

  • අසීරු වුවත් මෙම කාලය තුළින් සිදුවන යහපත ගැන සිතන්න 

 

කිසිවෙක් බලාපොරොත්තු නොවුන මොහොතක මුළු ලෝකයටම බලපෑ කොවිඩ් 19 වෛරසය අප සියල්ලන්වම නිවසේ රඳවා ඇත. ඔබේ දරුවන්ට මෙන්ම ඔබටද එය අලුත් අත්දැකීමකි. මින් පෙර ක්‍රියාත්මක නොවූවකි. මෙකී වෛරස ව්‍යාප්තියේ බලපෑමේ අතුරුපල ලෙස ජන ජිවිත අවුල් සහගත වීම, වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද කිසිදිනක නොවූ පරිදි කාංසාව සහ මානසික සෞඛ්‍ය ගැටළු පැන නැගුනේය. නමුත් ඒ බව සිතමින් තැවී තැවී සිටීමට මෙය කාලය නොවේ. ඔබේ පවුලේ අය සමග නිතර එක්ව රැඳෙන්න. ඇතැම්විට නැවත කිසිදිනක ඔබට ජිවිතයේ මෙවැනි අවස්ථාවක් හමු නොවණු ඇත. වැඩිහිටියන්, දෙමව්පියන් ලෙස වගකීම් සහගත වන්න.  මේ සියලු වසංගත තත්ත්වයන් අවසානයේ ඔබ සැබවින්ම ජිවිතයේ ඉක්මන් විය යුත්තේ මොනවා වෙනුවෙන්දැයි බුද්ධිමත්ව හිතන්න. තීරණය කරන්න.

 

එතෙක් තමන්ගේ පවුල සමගින් එක්ව සිටින්න. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න. ප්‍රවේශම්වන්න!

FRP – BC වෙබ් අඩවියේ ලිපියක් ඇසුරෙන් සකසන ලදී

 

https://frpbc.ca/parenting-during-covid-the-emotional-impact-of-social-distancing/

 

 

 

ගබ්සාවකට හේතු මොනවද?

මින් පෙර ලිපියකදී ස්වභාවික ගබ්සාව පිළිබඳව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. මෙම ලිපිය හරහාද අප බලා පොරොත්තු වන්නේ ස්වභාවිත ගබ්සා වීමට බලපෑ හැකි හේතු, ගබ්සා වර්ග මෙන්ම එවන් අවස්ථාවකදී ලබා දෙන සාත්තුව පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එසේ ගත් කළ ගබ්සාවක් ඇති වීමට මවගේ මෙන්ම ඇතැම් විට කලලයේ යම් යම් තත්ත්වයන්ද හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා.

ගබ්සාවකට මුල් විය හැකි මවගේ හේතූ

  • ගර්භණී මුල් සමයේදී ඇති වන උණ සහිත රෝග තත්ත්ව

උදා: මැලේරියාව, වෛරස් ආසාධන

  • මවට පවතින නිධන්ගත රෝග

උදා: දිගු කාලීනව පවතින වකුගඩු රෝග (Chronic Nephritis)

දියවැඩියාව

දිගු කාලීනව පවතින කැස්ස (Chromic cough)

  • පෝෂණ ඌණතා

උදා: නීරක්තිය – Anemia

  • ගර්භණී මුල් සමයේදී ගන්නා ඖෂධ

උදා: මැලේරියා ඖෂධ

  • අධික චිත්ත වේග
  • හෝමෝන අසාමාන්‍යතා
  • මවගේ රුධිර ඝණ නොගැලපීම
  • මවගේ ගර්භාෂය ආශ‍්‍රිත රෝග

උදා: ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීම

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයේ පහළ ඛණ්ඩයේ රෝපණය වීම
  • හදිසි අනතුරු
  • ගැබ්ගෙල අසාමාන්‍යතා

 

ගබ්සාවකට මුල් විය හැකි දරුවාගේ හේතූ (40% පමණ බලපායි)

  • වර්ණදේහ අසාමාන්‍යතා
  • සංසේචිත ඩිම්බය රෝපණයේදී ඇතිවන අසාමාන්‍යතා
  • අපරාවට හානි වීම
  • භ‍්‍රෑණ අසාමන්‍යතා

උදා – විදලිත තල්ල (Cleft Palate), අන්නසෝත්‍රය වැනි නාලවල පටුවීම (atresia) 

  • අවයව පටලයකින් පමණක් වැසී පැවතීම (Exomphollus)

උදා: නාභිය අසලින් උදරයේ කොටස් ඉවතට පැමිණීම

  • Rh නොගැලපීම හා රුධිර ඝන නොගැලපීම 

 

ගබ්සාවන් ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.

  1. ස්වයං සිද්ධ ගබ්සාව (Spontaneous abortion)
  2. පේ‍්‍රරිත ගබ්සාව (Induced abortion)

ප්‍රේරිත ගබ්සාවන් ප‍්‍රතිකාරාත්මක හේතූ නිසා හෝ සාපරාධී ලෙස සිදු කරයි. මෙහිදී අප ස්වයං සිද්ධ ගබ්සාවන් ගැන කතා කරමු.

තර්ජිත ගබ්සාව (Threaten abortion)

සති 24 ට පෙර යෝනිය මගින් රක්තවහනය සිදු වේ. ගර්භාණීතාවය අවසන් කිරීමට තැත් කරයි.  මෙහි ලක්‍ෂණ ලෙස,

  • සුළු රක්තවහනය
  • වරින් වර ඇතිවන උදර වේදනාව

 

තර්ජිත ගබ්සා තත්ත්වයකදී ප‍්‍රතිකාර හා සාත්තුව

මේ තත්ත්වයේදී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. රෝහල් ප‍්‍රතිකාර අවසන්ව නිවසට ගිය පසු පහත ලෙස ආරක්‍ෂා විය යුතුය.

බහිස‍්‍රාවය පිළිබඳව සැලකිලිමත් වීම

  • මලබද්ධයෙන් වැළකීම
  • තැටමීම නොකිරීම
  • මල බද්ධය තිබුනද විරේචක ඖෂධ ලබ නොගැනීම

පෝෂණය

ප්‍රෝටීන අධික විටමින් හා යකඩ අධික ආහාර ලබාදිය යුතුය.

  • වැඩිකලක් ඇඳ විවේකය ගැනීම
  • බර ඉසිලීම, ව්‍යායාම නොකළ යුතුය
  • සංසර්ගයේ නොයෙදිය යුතුය
  • නියම කර ඇති ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතුය
  • පූර්ව ප‍්‍රසව සායනවලට සහභාගි විය යුතුය
  • සුළු රක්තපාතයක් වේ නම් රෝහල් ගත විය යුතුය

 

නොවැලක්විය හැකි ගබ්සාව (Inevitable abortions)

තර්ජිත ගබ්සාව ධාරණ සමය අවසන් වනතුරු රඳවාගත නොහැකි වුවහොත් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී භ‍්‍රෑණයා හා පටල වෙන් වී සම්පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් බවට පත් වේ. නොවැළැක්විය හැකි ගබ්සාවකදී,

  • දරු ගැබ සති 16 ට වඩා අඩු නම් සිහි නැති කර ගර්භාෂය තුළ ඇති කළල කොටස් ඉවත් කළ යුතුය. (ERPC)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් දරු ගැබ ඉබේ ඉවත් වනතුරු ඖෂධ දී ඉවත් නොවූ භ‍්‍රෑණ කොටස් පවතී නම් පමණක් සිහි නැති කර ඒවා ඉවත් කරන්න.
  • අවශ්‍ය නම් කලලය ඉවත් කිරීමට ඔක්සිටොසින් (සින්ටොසිනොන්) ඖෂධය සේලයින්වලට දමා ශිරාවක් හරහා ශරීරගත කරයි.
  • ගර්භාෂයෙන් ඉවත් කරන ලද කළල කොටස් පරීක්‍ෂණ සඳහා යැවිය යුතුය. ගබ්සාවට හේතු සෙවීමේදී මේ පටක පරීක්‍ෂා උපකාරී වේ.

 

අසම්පූර්ණ ගබ්සාවක් නම්

  • ලේ වහනය අඩු නම් හෝ දරු ගැබට සති 16 ට වඩා අඩු නම් ඇඟිලි මගින් ගැබ් ගෙල තුළින් එළියට නෙරා ඇති කළල කොටස් ඉවත් කළ හැක.
  • රුධිර වහනය වැඩි නම් හෝ දරු ගැබ සති 16 ට අඩු නම් සිහි නැති කර කළල කොටස් ඉවත් කිරීම ඉක්මණින් කළ යුතුය. නැතහොත් ලේ වහනය අඩු කිරීම සඳහා එර්ගොමෙටි‍්‍රන් නම් ඖෂධය ලබාදේ. (අන්තර් පේශීමය)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් සින්ටොසිනොන් සේලයින් සමග ශිරා ගත කරයි.
  • කළලය ඉවත් වූ පසු නැවත පරීක්‍ෂා කළ යුතු අතර ඉතිරි කළල කොටස් ඇත්නම් සිහි නැති කර ඉවත් කළ යුතුය.

 

සම්පූර්ණ ගබ්සාවක් නම්

  • සති 8 කට පෙර ඇති වන ගබ්සාව බොහෝ විට මෙය විය හැක. පටල නොකැඞී එක්වර පිටවේ. භ‍්‍රෑණයා පිට වූ පසු රක්තවහනය ක්‍රමක‍්‍රමයෙන්ද උදර වේදනාව එක්වරද නැති වේ. ගර්භාෂයේ  ප‍්‍රමාණය කුඩා වේ.
  • අධික රුධිර වහනයක් වේදැයි පරීක්‍ෂාවෙන් සිටිය යුතුය.

 

ගබ්සාවකින් පසු

  • ඉබේ සිදුවන ගබ්සාවන් ගර්භණී කාන්තාවන් අතර ඉතා සුලබය. හඳුනාගත් සියලුම ගැබ් ගැනීම්වලින් 15% (1/7 ක් පමණ) ඉබේම ගබ්සාවලට ලක් වේ. 
  • ගර්භාෂය ආසාධන වීම හෝ වෙනත් ගර්භාෂ අසාමාන්‍යතා පිහිටීම වැනි කලාතුරකින් ඇතිවන අවස්ථා හැර අනෙක් බොහෝ විට නැවත නිරෝගී දරුවෙකු ලැබීමේ හැකියාව සාමාන්‍ය වේ.
  • නැවත ගැබ් ගැනීමට පෙර, තම විශේෂයෙන්ම තම මනස නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වනතුරු සිටීම මීළඟ දරු ගැබ සාර්ථකව වැඬීමට උපකාරී වේ. ඔබේ මානසික තත්ත්වය යළි ගොඩ නඟා ගැනීමට කාලය අවශ්‍ය නම් නැවත ගැබ් ගැනීම පමා කිරීම සඳහා සුදුසු විශ්වාසදායී උපත් පාලන ක‍්‍රමයක් වහා ආරම්භ කළ යුතුය. 
  • ගබ්සාවෙන් දින 4 – 6 දක්වා කාලයක් සුළු රුධිර වහනයක් පැවතීම ගැටලුවක් නොවේ. වේදනාව පවතී නම් වේදනා නාශක ඖෂධ භාවිත කළ හැක.
  • ගර්භණීභාවයේදී ඇති වන ඔක්කාරය, වමනය, ශරීරයේ අප‍්‍රාණික බව දින 3 කින් පමණ නැති වී යයි. පියයුරුවල වේදනාව දින 7 – 10 දක්වා කාලයකින් අඩු වේ. පියයුරු වල තද ගතිය හා වේදනාවක් පවතී. අල්ලනවිට වේදනාව ඇති වේ. 
  • පියයුරුවලින් කිරි වැනි ස‍්‍රාවයක් පිට වේ. අයිස් පැක් තැබීමෙන් වේදනාවට සහනයක් ලබාගත හැක.
  • වෙව්ලා උණ (1000F) ඇති වේ නම්, අධික රුධිර වහනයක් පවතී නම් (පැයකදී සනීපාරක්‍ෂක තුවාය, අධික ලෙස තෙත් වේ නම්), උදර වේදනාව වේදනා නාශකවලට  සමනය නොවේ නම් වහා වෛද්‍ය උපදෙස් ගත යුතුය.

 

වෙනත් රෝගයක් නොමැති නම් ගබ්සාවෙන් පසු වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත් සමහර විට ෆෝලික් අම්ලය වැනි අතිරේක විටමින් වර්ග දිගු කාලයක් ගැනීමට අවශ්‍ය විය හැක. නැවත ගැබ් ගැනීමක් සිදු වූ විගස වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

 

ගබ්සාවකින් පසු ඊළඟ ගැබ්ගැනීම පමා කිරීමට අවශ්‍ය කාන්තාවන්ට සුදුසු පවුල් සැලසුම් ක‍්‍රම

පහත දැක්වෙන යම් ක‍්‍රමයක් ගබ්සාවෙන් දින 7 ක් ඉක්මවීමට පෙර ඇරඹිය හැකිය.

  • කොන්ඩම්/රබර් කොපු

 ඕනෑම අයෙකුට  ඕනෑම අවස්ථාවක භාවිත කළ හැක.

  • හෝමෝන වර්ග

මේවාද ගබ්සාවෙන් දින 7 ක් තුළ ඇරඹිය හැක

  • උපත් පාලන – ගිලින පෙති 
  • DMPA වැනි එන්නත් (ඩිපොප්‍රොවේරා)
  • ගර්භාෂය තුළට දමන ලූප් (IUCD)

ඔබ නිසි සෞඛ්‍ය තත්ත්වයේ සිටී නම් වෙනත් අසනීපයක් නොමැති නම් ලූපය පැළදිය හැක. එනම් ගර්භාෂයේ ආසාධනයක් ඇත්නම් ලූප් දැමීමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගත යුතුය. එසේම නීරක්තිය ඇති (හිමොග්ලොබින් 7g/dl ට වඩා අඩු නම්) කාන්තාවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවන තුරු ලූප් දැමීම ප‍්‍රමාද කළ යුතුය.

 

  • යම් අවස්ථාවක ලූප් දැමීම ප‍්‍රමාද වන්නේ නම් කොණ්ඩම් වැනි උපත් පාලන වර්ගයක් ලබාදෙන්න. 
  • ගබ්සාවෙන් පසුව ඉතා කෙටි කලකින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් කොන්ඩම්,
    උපත් පාන පෙති, එන්නත් භාවිතය වඩාත් සුදුසුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

රැකියාවල නියුතු මව්වරුන් දරුවන් සම්බන්ධයෙන් සිතිය යුතුම පැති 5ක්

දරුවෙකු මේ ලෝකයට බිහි කිරීම අම්මා කෙනෙකුට ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එවන් වූ අසීමිත දුක් වේදනාවන් සියල්ලම සැපතක් යැයි සිතා මෙලොවට දායාද කරන දරු පැටියා ආදරයෙන්, දයාවෙන් රැක බලා ගැනීමත් අම්මා කෙනෙකුගේ ජීවිතයේ නොදැනීම සිදු වෙන කටයුත්තක්. අම්මෙක් වූ පමණටම ඔබ අම්මා යැයි සෑහීමට පත් විය නොහැකියි. දරුවන් මුල් කර ගෙන ඔබ අතින් සිදු විය යුතු, ඔබ වැදගත් යැයි නොසිතන අවස්ථාවන් ඇති. ඇතැම් මව්වරුන් දරුවන්ට ළං වන්නේ කෙසේ හෝ දරුවන්ට පාසැල් වැඩකටයුතු කරවීමට පමණි. එයින් පසු ඔවුන් කොහේ කුමක් කරනාව ඇතිද යන්න ගැන මව්වරුන්ට වගක් නැති අවස්ථා අපි කොතෙකුත් දැක ඇති. මේ ලිපිය සකස් වෙන්නේ මෙවැනි කරුණු මත ඔබ නොදැනුවත්ව දරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

  1. දරුවන්ගේ පිරිසිදු බව

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒ වගේම ඕනෑම කෙනෙකු පිරිසිදුව,පිළිවෙළට සිටින දරුවන් දෙස බලන්නේ ආදරයෙන්. එය නොදැනීම සිදු වෙන දෙයක්. අම්මෙක් විදිහට මොන තරම් රාජකාරි බහුල වුනත් දරුවාගේ ශාරිරික පිරිසිදුකම ගැන වැඩි අවධානයක් දැක්විය යුතුම වෙනවා. එතැනදී ඔබට මහමෙරක බරක් පැවරෙන්නේ නැහැ.

උදේට දරුවාගේ දත කට මැද මුහුණ සෝදවා, හිස පීරා පිරිසිදු ඇ‍ඳුමක් ඇන්දවීම දවසේ මුල්ම කාර්යයි. මේ අන්දමින් දරුවාගේ ශාරිරික පවිත්‍රතාවය ගැන අම්මා කෙනෙක් විදිහට සැලකිලිමත් නොවුනොත් දරුවාටත් එවැනි පුරුද්දක් ඇතිවිය හැකිද යන්න ගැටලුවක්. උදේ නැගිටින දරුවා සවස තුන හතර වන තුරු මුහුණ ක නොසෝදා දවස ගත කිරීම සැබවින්ම කණගාටුවට කරුණක්.

  1. දරුවාගේ මල පහ සහ මුත්‍රා ගැන නොසලකා ඉන්න එපා..

දරුවන්ගේ මලපහ පිට කිරීම ගැනත් අම්මාගේ සැලකිල්ල ඉතාම වැදගත්. මල පහ පිටවීමේ පුරුදු සහ අසීරුතාවයන් සමග විවිධ පෙර නිමිති සම්බන්ධයි. සමහර දරුවන්ගේ බඩ වියලීම නිසා දරුවන් මල පහ පිටකිරීමේදී මහත් අපහසුතාවයට පත් වෙනවා. මේ තත්වය මොනතරම් දරුණුද කියනවා නම් සමහර විට එය මානසිකවත් ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථාවලදී බඩවැල් ආශ්‍රිත රෝග නිසා මෙවැනි අපහසුතාවයන් ඇති විය හැකියි. දරුවා මල පහ පිටකිරීමට බියක් දක්වන තරමට මේ ගැටළුව දරුණු වෙන්න පුලුවනි. අම්මා කෙනෙකු විදිහට ඔබ දරුවාගේ මෙම අපහසුතාවය තේරුම් ගත්තේ නම් ඒ වෙනුවෙන් ආහාර සහ වෛද්‍ය උපදෙස් මගින් දරුවාගේ ගැටළුව සැහැල්ලු කරන්න පුලුවනි.

සමහර දරුවන් මුත්‍රා පිටකිරීමේදීත් අපහසුතාවයන්ට පත් වෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල පැහැය විවිධ රෝග තත්වයන්ට හේතු වෙන නිසා ඒවා ගැන කල් තබා දැනගෙන දරුවාට ප්‍රතිකාර කිරීමට  හැකියාව ලැබෙන්නේ අම්මා මේ ගැන අවධානයෙන් සිටියොත් පමණයි.

  1. ලස්සනට අඳින්න…

දරුවා පිරිසිදුවට ලස්සනට අන්දවා තබා ගත් විට දරුවාගේ ධනාත්මක චින්තනය වර්ධනය වෙනවා. ඒ වගේම තමා ගැන ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. හැම දෙනාගේම ආකර්ශනය තමා වෙතට ඇති බැව් දරුවාට ඒත්තු යනවා. මේ නිසා දරුවෙකුට විය පැහැදම් කරමින් නොව තමාගේ ශක්තියෙන් තිබෙන ඇදුම් කීපය වුනත් සෝදා පිරිසිදු කර පිළිවෙළට අන්දවා තැබීමෙන් ඔබටත් නොදැනීම ඉහත හැකියාවන් ඔවුන් තුළ ගොඩ නැගෙනවා.

  1. නිතරම අවධානයෙන් ඉන්න

ඔබ රාජකාරි බහුල අම්මා කෙනෙක් වුනත් ඒ අතර ලැබෙන ඇසිල්ලකදී නිවසේ දරුවන් ගැන සොයා බැලීම වැදගත්. හරි හැටි යමක් කර කියා ගැනීමට නොහැකි වයසේ සිටින දරුවන් මෙන් නොව වයස අවුරුදු තුන හතරක් වුන දරුවන් ගැන අම්මාගේ ඇස ඇය කොතැන සිටියත් යොමු වීම ඉතාම වැදගත්. මෙවැනි වයසක දරුවන් රැකබලා ගැනීමට කවුරු හෝ සිටියත් අම්මා ලෙසින් ඔබ දරුවන් ගැන ලැබෙන විවේකයේදී හෝ විමසා බලන්න. තම කටයුතු කෙසේ හෝ නිමවා රැකියාවට පිටත්ව යාමට වඩා දරුවන් පිළිබඳව නිසි සැලකිල්ල අවධානය යොමු කොට තම කාර්යයට පිටත් වීම ඔබගේ වුවද මනසට සහනයක් බව ඔබට වැටහේවි.

  1. සම්බන්ධ වීමට මාර්ගයකුත් ඕන

සමහර විට ඔබේ දරුවා රැක බලා ගන්නේ ඔබේ මව විය හැකියි. එසේ නොමැති නම් සේවිකාවක විසින් විය හැකියි. මේ කවුරුන් හෝ වේවා ඔබ සම්බන්ධ කර ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන ඔවුන් දැණුවත් කරන්න. මේ වෙනුවෙන් ඔබට සාමාන්‍ය ජංගම දුරකථනයක් තිබුනොත් ඇති. එහි අංකය කොතැනක හෝ සටහන් කර තබන්න. ඔබට ජංගම දුරකථනයක් නොමැති නම් ඔබේ කාර්යාලයේ හෝ ඔබට ඉතාම ඉක්මනින් පනිවිඩයක් ලබා ගත හැකි මිතුරෙකුගේ දුරකථන අංකය හෝ දරුවා සමග  නිවසේ රැදී සිටින අයට ලබා දීමත් වැදගත්.

 

පිහිනීම

ඉස්සර නම් දරුවන්ට පිහිනීම අමුතුවෙන් ඉගැන්විය යුතු පාඨමාලාවක් වුනේ නැහැ.ඒත් අද පිහිනීම වෙනුවෙන් දරුවන්ට ගැලපෙන තැනක් නොවීම නිසාම ඒ වෙනුවෙන් බාහිරව ඉගෙන ගැනීමට සිදු වී තිබෙනවා.ඒ කොහොම වුනත්  පිහිනිමේදී අප විසින් තරයේ මතකයේ තබා ගත යුතු කරුණුත් නැතුවාම නොවෙයි. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශාරිරික අධ්‍යාපනය පිළිබඳ ( විශ්‍රාමික ) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ  නුවරඑලිය දිස්ත්‍රික්කයේ මළලක්‍රිඩා පුහුණුකරු ජේ. ජයලත් මහතා විසින්

පිහිනීම අපිට පුරුදු වෙන්නේ මව්කුස සිටියදීමයි. ඒත් අපි මෙලොව එලිය දුටුවාට පසුව මව්කුසේ සිටියදී තිබුන පරිසරය අපට නැහැ. ඒත් අපේ ජනවහරට අනුව කියනවා බල්ලන්ට පිහිනන්න උගන්වන්න අවශ්‍ය නැහැ කියලා…වතුරට බලු පැටියෙක් දැමූ විට පාද හතර චලනය කර මද වේලාවකින් පිහිනන්න පටන් ගන්නවා. ඒ බල්ලාගේ සහජ හැකියාව නිසයි. දරුවෙක් වුනත් උපත ලද විට ජලයට දැම්මොත් පිහිනීමට උත්සාහ ගන්නවා. ඒ වගේම ජලයේදී ශ්වසනය කිරීමේ හැකියාව දරුවාට තිබෙනවා.

පිහිනීමේ ඇති වාසි මොනවාද..

පිහිනීමෙන් අපට විවිධ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි, සිරුරේ මනා හැඩයක් පවත්වා ගැනීමටත් හෘදය සහ පෙනහළුවල නීරෝගිතාවය වෙනුවෙනුත් පිහිනීම ඉතාම හොඳ ක්‍රිඩාවක්. ඒ විතරක් නොවෙයි, තමන්ගේ ආත්මාරක්ෂාව වගේම තවත් අයෙකුගේ ජීවිතය ගලවා ගැනීමටත් අපි විසින් පිහිනීම ප්‍රගුණ කර සිටීම ඉතාම වැදගත්.

පිහිනීමේ රටාවන් කීපයක් තිබෙනවා.

නිදහස් ආර

සාමාන්‍යයෙන් අනෙකුත් පිහිණුම් ක්‍රමවලට වඩා වේගයෙන් පිහිනිමේ හැකියාව තිබෙනවා. තමාට රිසි ලෙසින් නියමිත දුර පිහිනා අවසාන කළ හැකියි.

පසුපස ආර

මෙහිදී දියට පැනීමෙන්ම ආරම්භය සිද්ධ වෙන්නේ නැහැ. තටාකයට බැස ආරම්භක ස්ථානය අත් දෙකින්ම අල්ලාගෙන දෙපා එම ස්ථානයටම ගෙන පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි පරිදි සූදානම් වෙනවා. මෙහිදි දෙපා, විලුඹ.ඇඟිලි සහ දෙපා ජල මට්ටමින් ඉහළ නොසිටන සේ සිටීමට අවශ්‍යයි.ආරම්භක සංඥාවේදී පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි අතර තරඟය අවසාන ස්ථානය ස්පර්ශ කරන  තෙක්ම පසුපසටම හැරී සිටීම වැදගත්.

ලය ආර

තරඟ ආරම්භය දියට පැනීමෙන් සිද්ධ වෙනවා. ආරම්භයේදීත්, තටාකයේදී ආපසු හැරීමේදීත් හැර අනෙකුත් හැම අවස්ථාවකම උරහිස්  දෙක දිය මතුපිට සමාන්තරව තිබීම අවශ්‍යයි.

ඩොල්පින් ආර

ආරම්භය දියට පැනීමෙන් සිදු වෙනවා. පිහිනන විට අත් දෙකම එකවර දිය මතුපිටින් ඉදිරියට ගෙන එකවර පසුපසට ඇදිය යුතුයි.

ගොඩ ඉඳන් පිහිනන්න බැහැ …මේ වගේ අය දියට හුරුව ලබා ගන්නේ කොහොමද..?

ජලයට තිබෙන බිය නැති කිරීම ඉතාම උපායහීලීව සිදු වෙන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රම කීපයක් තිබෙනවා.

  • පාද පිහිනීමට හුරු කිරීම
  • දෙපා චලනය හුරු කිරීම
  • දෙඅත් ක්‍රියාත්මක කිරීම
  • හුස්ම ගැනීම පාලනය කිරීම

පිහිනීමට පෙරාතුව මතක තබා ගත යුතු හෙවත් ජීවිතාරක්ෂාවට වැදගත් විය හැකි සහ අනුගමනය කළ යුතු පිලිවෙත් කීපයක් තිබෙනවා.

ආහාර ගත් විගස දියට බසින්න එපා.

කුසගින්නේ දියට බැසීමත් නොකල යුතුයි.

තද සීතල වගේම උණුසුම් අවස්තාවන්හිදී

ශාරිරික ආබාධයන්ගෙන්, තුවාල, මීමැස්මොර තත්වය සහ හෘදරෝග ඇති තැනැත්තන් ප්‍රවේසම් වීම වැදගත්.

පාලු හෝ  කිසිවෙකුගේ අවධානය නැති තැන් වලත් දියට බැසීම නොකල යුතුයි.

බීමත්ව දියට බැසීම අනතුරුවලට හේතුවක්.

පිහිනීමට පෙරාතුව සුළු ව්‍යායාම්වල යෙදීම වැදගත්.

පිහිනීමට සුදුසු ඇඳුමක් අවශ්‍යයි. සරම් වැනි පැටලෙන ඇඳුම් සුදුසු නැහැ.එහි වර්ණය සුදු නම් වඩාත් යෝග්‍යයි.

කටේ යමක් තබා ගැනීම සුදුසු නැහැ.

ජලයට බැසීමට පෙරාතුව සිරුර තෙමා නොගත යුතුයි.

පිහිනීමේදී වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගැනීම වැදගත්. ඒ නිසා පිහිනන විට අනවශ්‍ය විදිහට වීරත්වය පෙන්නුම් කිරීම අවශ්‍ය නැහැ. එක් එක් අයගේ පිහිනීමේ හැකියාවන් වෙනස් නිසා තමන්ගේ තරමට අනුව ජලයේදී කටයුතු කලොත් ආරක්ෂාව ගැන එතරම් ගැටළුවක් නැහැ.

ඒ වගේම සිරුරට සීතල දැනෙන තුරු දියේ සිටීමට වඩා කල් වේලා ඇතුව ගොඩට ඒමත් වැදගත්. සීතල වැඩි වීම නිසා කෙණ්ඩා පෙරලීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවන්.ඒ වගේම පිහිනන විට තමන්ට කිසියම් අපහසුතාවයක් දැනනවා නම් කල් වේලා ඇතුව ගොඩට පැමිණීමත් වැදගත්. සමහර අවස්ථාවලදී අපහසුතාවය දැනි දැනීම ජලයේ රැඳී සිටියොත් එයින් ඇති විය හැකි අවදානම ඉතාම ඉහල වගේම පාලනය කර ගත නොහැකි තරම් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ට යාන්තමින් හෝ අපහසුතාවයක් හෝ අමුත්තක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගොඩට පැමිණීම ඉතාම වැදගත්.

 

වෙළඳපොළට යන දෙමව්පියන්ට උපදෙස්

ටිකෙන් ටික රට විවෘත වෙන මේ වේලාවේ අපේ අම්මලා තාත්තලාටත් විිවධ අවශ්‍යතාවයන් වෙනුවෙන් සමාජය සමග ගැටෙන්න වෙනවාමයි. කොරෝනා කියලා හැමදාමත්  සැගව ජීවත්වෙන්නත් බැහැ.අපි කෙසේ හෝ කොරෝනා සමග ජීවත්වෙමින් වෛරසය පරාජය කළ යුතු කාලය දැන් ඇවිත්..

දැන් තිබෙන අලුත්ම ආරංචිය අනුව සුපර් මාර්කට්වල තිබෙන ඇසුරුම් ට්‍රොලි වල වගේම සුදු යකඩෙන් නිර්මානය කර තිබෙන දොර කොරෝනා බෝ කරන තෝතැන්නක් වීමට පුලුවනි.ඊට හේතුව මේ පෘෂ්ට මත කොරෝනා වෛරසයේ ජීව කාලය දින තුනක් පමණ පවතින්න පුලුවනි.. ඒ නිසා මේ පෘෂ්ට තඹ වලින් නිර්මානය කිරීමෙන් වෛරසයේ ජීවකාලය අවම කර ගැනීම ගැනත් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.එතෙක් අපි කොරෝනා සමග අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙළදපොළ ගනුදෙනු කරන්නේ කොහොමද..?

ඉස්සර වගේ දරුවන් මාර්කට් ගෙන යන්න එපා..

ඉස්සර නම් දෙමව්පියන් සමග පුංචි පැටව් සුපර් මාර්කට් ගිහින්,ඔවුන්ගේ අවශයතාවයනුත් අරගෙන ආ කාලයක් තිබුනත් දැන් නම් පුංචි අය නිවසේ තබා දෙමව්පියන් පමණක් වෙළදපොළට යා යුතුයි. ඒ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔවුන්ටත් කියා දෙන්න.

ඔබත් අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න

ඉස්සර නම් ඔබ අවශ්‍යතාවයන් මිළට ගත්තේ වෙළදපොළ රාක්කයට රකේකයට යමින් වුනත්දැන් ඒ පුරුද්දෙන් මිදෙනන්. එක පැත්තකින් දැන් වෙළදපොලට හෝ ෆාමසියට ගන්නේ සීමිත පිරිසක්.ඔබ අනවශ්‍ය විදිහට කාලය ගෙවීම නිසා පිටත සිටින පිරිසට තවත් වේලාවක් එසේ සිට ගෙන සිටින්න වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් අවශ්‍යතාවයන් සපුරා ගනු පිණිස අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න.මේ ගැන අදහස් ඉදිරිපත් කරන ජර්මනියේ වයඹදිග වෛද්‍ය විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි සඳහන් කරන්නේ ”දැන් ආවේගශීලී සවාරිවලට කාලයක් නොවන බවයි.

ඔබට පිටතට යාමට අවශ්‍ය නම්, “ආවේගශීලී සාප්පු සවාරියක් කිරීමට මෙය කාලය නොවේ” යැයි වයඹදිග වෛද්‍ය විද්‍යාවේ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි පවසයි

දොර අරින්න…ට්‍රොලියක් ගන්න වෙනවා..

සුපර් මාර්කට් යන විට ඔබ මුව ආවරණ වග්ම අත් ආවරණත් පැළඳගෙන යෑම අනිවාර්ය බැව් දැන් දන්නවා. අත් ආවරණ පැළදගෙන ගියත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් මද්‍යසාර අඩංගු සේදුම් දියරයක් පාවිච්චි කරන්න. සුපිරි වෙළඳසැල් මගින් මේවා සපයනු ලැබුවත් දැන් නම් තමන්ගේ පාවිච්චියට සෞඛ්‍යාරක්ෂක සේදුම් දියර ඔබ වෙත තබා ගන්න. එවිට එය ඔබටම පාවිච්චි කරන්න පුලුවනි.

මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා..

සුපිරි වෙළදසැලෙන් එබේ අවශ්‍යතාවයන් ඉස්ට කර ගෙන පිටවෙන තෙක්ම විටින් විට මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා. මුඛ ආවරණය වුනත් නාසය සහ මුඛය වැසෙන සේ පැළද ගන්න අමතක කරන්න එපා.

පිටට පැමිණි පසුවත් අත් සෝදන්න

ඔබේ කටයුතු අවසානයේදී පිටතට පැමිණ නැවත නිවසට යන්නට පෙරාතුවත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා.හදිසියේ හෝ කොරෝනා වෛරසයේ බිදිති ඔබ සමග නිවසට එන්න පුලුවන් නිසා හැකි ඉක්මනින්ම අත් සෝදා ගෙන නිවසට පැමිනීමට පිටත් වෙන්න.

සනීපාරක්ෂක දියර වාහනයේ තබන්න එපා

මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර වාහනයේ හිරු එළියට නිරාවරනය වෙන අන්දමින් තැබීම නිසා ඒවා පුපුරා යෑමේ අවදානමක් තිබෙනවා. පසුගිය දිනක විස්කොන්ස්හි දී උණුසුම් කාලගුණය තුළ මෝටර් රථයක් තුළ මත්පැන් මත පදනම් වූ අත් සනීපාරක්ෂක යන්ත්‍රයක්  පුපුරා ගියා. මේ නිසා විස්කොන්ස්හි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙන්නේ අතේ ගෙන යා හැකි සනීපාරක්ෂක දියර බෝතලයක් තමන්ගේ සාක්කුවේ බහා ගෙන යෑම වඩාත් ආරක්ෂිත බවයි.

 නිවසට එක්වරම ඇතුලු වෙන්න එපා

නිවසට ඇතුලු වීමට පෙරාතුව ඔබේ ඇදුම් සියලල්ම සෝදන්න දැමීම වඩාත් හොදයි. පාවහන් කිසිම විටෙක නිවසේ ඇතුල තබන්න එපා. මුඛ ආවරණයත් ගලවා ඉවත් කරන්න.නැවත පාවිච්චියට ගන්නා ආකාරයේ නම් සෝදා වියලා ගන්න.

පාවහන් පිටතින් තබන්න

ඉතාලියේ කොවිඩ් 19 වසංගත තත්වය ඉතා දරුණු අන්දමින් පැතිරී ගියේ පාවහන් මගින් වෛරසය සම්ප්‍රේෂණය වූ නිසා යැයි සැකයක් පවතී. මේ නිසා ඔබගේ පාවහන් නිතරම නිවසින් පිටත තබා ඒවා සෝදා හෝ වියලා ගෙන නැවත පැය කීපයකින් පසුව ඇතුලට ගන්න.

පැකට් ආහාරවලත් දැවටුම් ඉවත් කරන්න

ආහාර සකස් කරන දේ තැන්පත් කර තිබෙන ඇසුරුම් ඉදිරියේදී නැවත ප්‍රයෝජනය වෙනුවෙන් තබා නොගන්නා ලෙසට දැන් උපදෙස් ලබා දී තිබෙනවා.ඒ නිසා ආහාර ඇසුරුම් වහාම ඉවත් කරන්න. ඉතිරි කොටසක් අසුරා තැබීමට මේ ඇසුරුම නැවත භාවිතා කිරීම එතරම් සුබවාදී නැහැ.

එලවලු සහ පළතුරු ගලා යන ජලයෙන් සෝදන්න

එලවලු සහ පළතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ගලා යන ජලයෙන් සෝදන්න. වතුර පිරිමැස්මට කියමින් එකම ජලයෙන් සේදීම නම් අනතුරුදායකයි.

තොරතුරු-Disease Control and Prevention (CDC),

 

කොරෝනා සමග පාසල් සීනුව නාද වෙන දවසේදී…

ලෝකය ටිකෙන් ටික අපි වෙනුවෙන්ම විවෘත වෙන මේ කාලයේදී නැවතත් පාසල් සීනුවත් දරුවන් වෙනුවෙන් නාද වෙන දවසත් ළගා වේවි. ඉතිහාසගත විදිහට ලද දීර්ඝ නිවාඩුවකින් පසුව නැවත පාසල් විවෘත වුනත් පෙරදා වගේ හිත මිතුරන් සමග සමීපයෙන් සිටීමේ අවස්ථාව දරුවන්ට නැහැ. හැබැයි දරුවන් දුරස් කිරීම බොහොම අසීරු කාර්යක්. ඒ නිසාම බොහෝ රටවල් විසින් මේ වෙනුවෙන් විවිධ නිර්මානශීලී උත්සාහයන් අර ගෙන තිබෙනවා.

ඒ වගේම අනාගතය බාර ගැනීමට සිටින දරුවන් ගැන ලෝකයාම බලන්නේ ආදරයෙන් වගේම කරුණාවෙන්..ඔවුන්ගේ අද දවස වැරදුනොත් හෙට ලෝකයටම වරදින නිසාවෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සංවාදයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතුව යුනිසෙෆ් ආයතනය මගින් කරුණාව බෝවන සුළුයි…යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.එ් අනුව කොවිඩ් 19 නිසා දරුවන් තුළ ඇති වී තිබෙන මානසික ආතතිය දුරස් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වගේම ඒ සඳහා මාර්ගෝපදේශකත්වයත් ලබා දෙනවා.

කොරෝනා බිය දරුවන්ගේ හිතෙන් පහ කිරීමට චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ආකාරයේ ප්‍රකාශන දරුවන් අතර හුවමාරු කිරීම.

මාස ගණනාවක්ම දරුවන්ට නිතරම ඇහුනේ කොරෝනා මිසක වෙනත් කිසිම දෙයක් නොවෙයි.දරුවන්ට වෙනදා වගේ එලිමහනේ ඇවිදින්න,මිතුරු මිතුරියන් සමග සෙල්ලම් කරන්න තිබුන ඉඩ නොදැනීම ඇහිරී ගියා.නමුත් දිගින් දිගටම දරුවන්ගේ මානසිකත්වය මේ අන්දමින් අසුබවාදී සහ අවිනිශ්චිතව තබන්න නොහැකියි.ඊට හේතුව අනාගතයේදී දරුවන් මානසික පසුගාමී තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවන් සමග සමාජයේ සමීප බව ගොඩ නගන්න බැරි නිසා  චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන ඔවුන් අතර හුවමාරු කර ගැනීමෙන් මානසිකව සතුටක් ලබා දෙන වැඩ පිලිවෙලක අවශ්‍යතාවය යුනිසෙෆ් සංවිධානය මගින් දැන් අනුමත කළ එක් මාර්ගෝපදේශයක්.

කැලෑබද ප්‍රදේශවල ඇවිදීම සහ ආහාර පිසීම.

මානසික ආතතිය දුරස් කිරීමට එළිමහන ඉතාම යෝග්‍යයි.පසුගිය දා සතුටු දර්ශකයේ අංක එකට පත්ව සිටින පින්ලන්ත වැසියන් එලිමහනේ වැඩි වේලාවක් කාලය ගත කිරීම ඔවුන් සතුටින් ජීවත්වෙන පිරිසක් බවට පත් වීමේ අවස්ථාවට හේතු වී තිබෙනවා.ඒ අනුව යුනිසෙෆ් සංවිධානය විසින් දැන් යෝජනා කරන්නේ දරුවන් සමග එළිමහනේ කාලය ගෙවීමට වැඩි අවස්ථාවක් සලසා දීම වැදගත් බවයි.ඒ අවස්ථාවේදී කුඩා කණ්ඩායම් ඇති කර ගෙන වනාන්තරයේ එහෙම නැත්නම් ටිකක් නිස්කලංක තැනකට ගොස් තමන්ගේ දිවා ආහාරය පිළියෙල කිරීම වැනි ක්‍රියාකාරකම් කිරීමෙන් දරුවන්ගේ හිතෙන් කොරෝනා බිය දුරු කළ හැකි බැව් ඔවුන්ගේ තවත් යෝජනාවක්.දැනටමත් ජර්මනිය විසින් පාසල් දරුවන් සමග වනාන්තරයේ ගොස් පිට්සා සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.අපේ රටේ දෙමව්පියන්ට වගේම පාසල් මටට්මෙන් වුනත් මේ වගේ අලුත් දෙයක් කරන්න එතරම් අපහසුවක් නැහැ. 

මුව ආවරණ වර්ණ ගැන්වීම මගින්  දරුවන් ඒවා පැළඳීමට හුරුව

මුහුණු ආවරණ ගැනත් දරුවන්ට ඇත්තේ ගැටළුවක්. තමන්ගේ හුරු පුරුදු ජීවිතයේ අංගයක් නොවුන මේ ආගන්තුක පළදනාව බොහෝ විටෙක දරුවන්ට හිරිහැරයක් විදිහට දැනෙනවා ඇති. ඒ වගේම මුහුණු ආවරණයක ඇති වැදගත්කම ගැනත් නොදන්නා නිසාවෙන්ම දරුවන් මේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නත් පුලුවනි. මේ සියල්ලටම විසදුම් විදිහට ජර්මනිය වැනි රටවල් දරුවන් කණ්ඩායම් විදිහට යොදා ගෙන මුව ආවරණ වර්ණ ගැන්වීම වෙනුවෙන් දරුවන් උනන්දු කරනවා. එතැනදී දරුවා මුව ආවරණ පැළඳීමට හුරුව ලබනවා.

දරුවන්ට ඇහුම්කන් දීමේ කලාව දෙමව්පියන්ට හුරු කිරීම.

තමන්ගේ දිහාවට දෙමව්පියන්ගේ අවධානය ලබා ගැනීමට අවශ්‍ය වුනාම දරුවන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඒ නිසා දෙමව්පියන් නොමග යන අවස්ථා ඇති වෙන්නත් පුළුවන්. මේ නිසා දරුවන්ට නිතරම ඇහුම්කන් දීමට දෙමව්පියන් වගේම ගුරුවරුන් යොමු වීම ඉතා වැදගත් බැව් යුනෙස්කෝ ආයතනය මගින් ප්‍රකාශිත මාර්ගෝපදේශයන්ට ඇතුලත් වෙනවා.

නිතර දරුවන් ඇගයීම.

මාස ගණනාවක් පාසල් අධ්‍යාපනයෙන් දුරස්ව ආගන්තුක පරිසර තත්වයක් යටතේ කාලය ගෙවූ දරුවන් නැවත අධ්‍යාපනයට අවතීරණය වීමේදී විවිධ මගහැරීම්,අතපසුවීම් වගේම දුර්වලතාවයන් දැක ගන්න ලැබේවි. එවැනි අවස්ථාවකදී කිසිසේත්ම උරණ සිතක් ඇති කර ගන්න එපා. දරුවා ඇගයීමට ලක් කරන්න.මේ ඇගයීම නිසාම දරුවා නැවතත් පෙර පරිද්දෙන්ම ඉගෙනුම් කටයුතු සදහා යොමු වීමේ උත්තේජනය ගොඩ නගා ගනීවි.

බිබිසි ඇසුරිනි