Home Blog Page 67

කොවිඩ් කාලයේ ගැබ් ගත්තොත්

කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාදිත තත්වය නිසා ගැබිනි මව්වරුන්ගේ කුස දරණ දරුවා ආසාදිත වීම ගැන ලෝකයාගේම අවධානය යොමු වුන තත්වයක්. හදිසියේ හෝ මේ ආසාදිත තත්වය දරුවාට බලපෑවොත්…ඔවුන්ගේ ජීවිත අවදානම…ජීවත් වුනත් ඇති විය හැකි සංකුලතාවයන්..මේ වගේ ගැටලු හැම දෙනාටම සාධාරණව ඇති වුණා.

චීනයේ වූහාන් නගරයේ උපත ලද බිලිඳෙකුගේ සිරුරේ කොරෝනා වෛරසය තිබෙන බවට උපතින් පැය 30කට පසුව තහවුරු වූ බව පසුගිය පෙබරවාරියේ වාර්තා වුණා.මාර්තු මාසයේදී චිකාගෝ නුවර දී අලුත උපන් බිළිඳෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා බ්‍රිතාන්‍යයේ වේල්ස් හි තුන් හැවිරිදි දරුවෙකුද මරණයට පත් වූයේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

පසුගිය දා අපට ඉතාම සතුටුදායක ආරංචියක් ලැබුනා.ඒ ඉන්දියාවේ  මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛයාවක් ප්‍රසුත කර තිබීමයි.මේ තරම් වසංගත තත්වයක් ලෝකය පුරා පැතිරෙන කාලයක ආසාදිත මවක් නිරෝගි දරුවෙකු ප්‍රසුත කිරිම මොන තරම් සතුටක්ද…? මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු වුණා. 

තිදෙනෙකුට පමණක් උපතේදී ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වුණා. එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්යවරු පැවසූහ. කොරෝනාවෛරස වසංගතයෙන් ඉන්දියාවේ වැඩි ම බලපෑමකට ලක් වී ඇත්තේ මුම්බායි නගරයයි. නමුත් කොරෝනා වෛරසය අසාදනය වූ ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු එම රෝහලේදී මරණයට පත්වී ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත්තේ දරු ප්රසුතියට පෙරාතුවයි.මෙම ආසාදිත මව්වරුන් සිදුකළ දරු උපත්වලින් අඩක් සිසේරියන් සැත්කම් හරහා සිදු වී තිබෙනවා.උපත ලැබූ දරුවන්ගෙන් 56 දෙනෙකු පිරිමි දරුවන් වූ අතර 59 දෙනෙකු ගැහැණු දරුවන් .මෙම ගැබිණි මව්වරුනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ සිය නිවසේදී ද, රෝහල තුළදී ද නැතහොත් වෙනත් පිටස්තර ස්ථානයකින් ද යන්න තවමත් පැහැදිලි නැහැ.

මවගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ශ්රාවයකට නිරාවරණය වන තුරු, දරුවා කුස තුළ සිටියදී හෝ ප්‍රසුතිය සිදුවන අවස්ථාවේ දී කොරෝනා වෛරසය ආසදනනය වීම සිදු වන්නේ ඉතා කලාතුරකින් බව නිව්යෝර්ක් වෛද්ය විද්යාලයේ (New York University School of Medicine) වසංගත රෝග පිළිබඳ අධ්යක්ෂ, වෛද්ය ඇඩම් රට්නර් සඳහන් කරනවා.

“ආසාදිත මව්වරුන්ගෙන් වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ඇත්තටම වාසනාවක්. ඇතැම් මව්වරුන් උණ සහ ශ්වසන අවහිරතා පෙන්නුම් කළා. දරු ප්‍රසුතියෙන් පසුව ඒ අයට ප්‍රතිකාර කරලා නිවසට පිටත් කර හැරියා,” රෝහලේ මාතෘ හා ළමා අංශයේ ප්‍රධාන වෛද්ය අරුන් නායක් පැවසීය.

කොහොම වුනත් ගැබිනි මවගේ ආසාදිත තත්වය දරුවාගේ සෞක්‍ය වෙනුවෙන් බලපාන්නේ කෙසේදැයි වූ වැඩි දුර අධ්‍යනයක් සිදු වෙමින් පවතින කාලවකවානුවේදී කොවිඩ් 19 නිසා රෝගාතුර වන සාමාන්ය පුද්ගලයෙකුට වඩා දරුණු මට්ටමකට ගැබිණි කාන්තාවක් පත් වන බවක් පෙනෙන්නට නොමැති බව වෛද්ය විශේෂඥයින් පෙන්වා දෙනවා,” ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි ප්‍රසව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්රිස්ටෝෆ් ලීස් සඳහන් කරන්නේ ගැබිණි මව්වරුන් විශාල අවදානමකට පත් වෙන තත්වයක් ගැන තවම අපට පැහැදිලි නැති බවයි.

ලන්ඩන් නුවර Queen Charlotte’s and Chelsea රෝහලේ වෛද්ය එඩ් මුලින්ස් සඳහන් කරන්නේ

සමහර විට මව තුළ පවතින ආතතිය දරුවාට බලපෑමක් ඇති කිරීම මීට හේතුවක් වෙන්න පුලුවනි. එහෙම නැතිනම් මවට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වීම නිසා දරුවා කලින් උපදිනවා වෙන්නත් පුළුවන්.” 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ මාතෘ සහ ළමා සෞක්‍ය පිළිබඳ මහාචාර්ය මේරියන් නයිට් සඳහන් කරන්නේ “දරුණු රෝගී තත්වය මත ඇතිවන උණ ගතිය නිසාත් දරු උපත කලින් සිදු වීමට ඉඩ තියෙනවා.” කොරෝනාවෛරසයට ගොදුරු වීම හේතුවෙන් ගබ්සාවන් සිදුවන බවට සාධක නැහැ. මවට ආසාදනය වූ කොරෝනා වෛරසය කුස තුළ සිටින දරුවාට ද ආසාදනය වීමේ හැකියාවක් පවතී. එවැනි අවස්ථා වාර්තා වී ඇත්තේ අඩු සංඛ්යාවකි. එනමුත් එවැනි දරුවන් සුවය ලබා නිරෝගීව සිටින බව වාර්තා වී තිබෙනවා.ඒ වගේම කෝවිඩ්-19 රෝගයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන්ගේ ශ්වසන අපහසුතා නිසා සිසේරියන් සැත්කමක් හරහා දරු උපත සිදු කරනවා.. 

මේ අතර කොවිඩ් 19 වසංගත කාලයේදී ගැබිණි මවකගේ මානසික සෞඛ්ය වෙනුවෙන් මේ විදිහට චර්යාව සකස් වීමටත් දැන් ඔවුන් දැණුවත් කර තිබෙනවා.

  • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
  • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
  • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්ය පවත්වාගෙන යාමට බලපායි.
  • සංගීතයට සවන් දෙන්න . ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
  • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
  • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
  • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • අන් අයට පිහිට වන්න

බිබිසි පුවත්

 

ස්වභාවික ගබ්සාවක් ගැන මේ කරුණු දැන සිටියාද?

පුංචි පැටියෙක් කුසට ආ දවසේ ඉඳලාම අම්මා කෙනෙක් එයාව දැක ගන්න හීන
දකිනවා වුණත් ඇතැම් විට ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ හාත්පසින්ම
වෙනස් තත්ත්වයකට විය හැකියි. එයට හේතු විය හැක්කේ ස්වභාවිකවම ඒ
කලලය ගබ්සාවට ලක් වීමයි.
ගැබ් ගෙන ඇති බව දැනගත් දවසේ සිට ආසන්න වශයෙන් සති 24ක්දක්වා
කාලය තුළ කලලය මිය යාම මෙන්ම වෛද්‍ය ආධාර ඇතිව හෝ නැතිව දරුවාට
ජීවත් විය නොහැකි නම් එය ද ගබ්සාවක් විදියට හදුන්වනවා.

ගබ්සා වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේද?

එහෙම කියන්න බැහැ. ගැබිනි කාන්තාවන් 100ක් ගත්තම 15 දෙනෙක් පමණ මේ
තත්ත්වයට මුහුණ දෙනවා. බොහෝ විට මේ තත්ත්වය ගැබිනි සමයේ පළමු සති
12ට පෙර සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. එය බොහොම සාමාන්‍ය
තත්ත්වයක්. සති 12 පසු ගබ්සා වීම් ඇති වීමේ ප්‍රවණතාවය අඩුයි.

ගබ්සාවකට මව‍ගේ ගැටලු හේතු විය හැකිද?

ස්වභාවික ගබ්සාවකට බොහෝවිට හේතු වන්නේ කලලයේ ඇති සංකූලතා.
නිරෝගී පුරුෂයෙක් ගත්තොත් එම පුද්ගලයාගේ ශුක්‍රාණුවල අසාමාන්‍ය සෛල
පැවතිය හැකියි. ඒ වගේම කාන්තාවක් තුළ පවතින්නේ ඇය මව්කුස තුළ පිළිසිඳි
අවස්ථාවේ ඇති වූ ඩිම්බ මිස අලුතින් ඩිම්බ සැකසීමක් සිදු වෙන්නේ නැහැ. ඉතිං
පුරුෂයෙකුගේ එවැනි අසාමාන්‍ය සෛලයක් කාන්තාව‍කගේ හොඳ තත්ත්වයේ
හෝ ගැටලු සහිත හෝ ඩිම්බ සෛලයක් සමග සංසේචනය වීමෙන් ඇති වෙන
යුක්තානුවේ අඩු පාඩු තිබිය හැකියි. එවැනි අවස්ථාවකදී පැවැත්මක් නොමැති මේ
කලලය සොබා දහම මගින්ම ඉවත් කිරීම සිදු කරනවා. ඒක බොහොම සාමාන්‍ය
තත්ත්වයක්.

දිගින් දිගටම මෙවැනි ගබ්සා සිදුවිය හැකිද?

පිට පිට ගබ්සා වීම් සිදු වෙන අවස්ථා තියෙනවා. ඒත් ඒවා 1%කටත් අඩු
මට්ටමක තමය පවති‍න්නේ. එවැනි තත්ත්වයකදී වගේම සති 12 ආසන්න
කලලයක් නම් එසේ සිදු වීමට හේතු සොයා බැලිය යුතුයි.

ගැබිනි කාන්තාවක් තමා සිටින්නේ ස්වභාවික ගබ්සාවකට ගොදුරු වී බව
දැනගන්නේ කොහොමද?

ගබ්සාව සිදු වුණේ සති කීයෙන්ද යන වග දැන ගත යුතු කරුණක්. ඒත් ගැබිනි
කාන්තාවකට මේ කාලය තුළ එවැනි තත්ත්වයක් වටහා ගැනීමට හැකියාවක්
නම් නැහැ. කලලයේ කොටස් සහිතව රුධිර වහනයක් වීම නිසා හෝ වෛද්‍ය

උපදෙස් ලබාගැනීමට පැමිණ එසේත් නැතිනම් සායනයට පැමිණි අවස්ථාවක
තමයි මේ පිළිබඳව නිරීක්ෂණය වෙන්නේ.

ගබ්සා වීම නිවැරදිව විනිශ්චය කළ හැක්කේ කෙසේද?

අද තරම් වෛද්‍ය විද්‍යාව නොදියුණු අතීතයේදී නම් ගැබ්ගෙල විවෘත වී රුධිර
කැටිති පිටවීම අනුව ස්වභාවික ගබ්සාවක් සිදු වී ඇති බවට වෛද්‍යවරු නිර්ණය
කළා. ඒ වගේ කලලයේ බර ග්‍රෑම් 500ට අඩු නම් එය ගබ්සාවක් බව කියනවා.
ඒත් අද වන විට වෛදය විද්‍යාවේ දියුණුවත් සමග අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂන හරහා
නිශ්චිතව රෝග විනිශ්චය ලබාදිය හැකියි

මෙවැනි අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය සිදු කෙරෙන්නේ
කුමනාකාරයෙන්ද?

එය උදරය හරහා හෝ යෝනි මාර්ගය හරහා අභ්‍යන්තරයෙන් සිදු කළ හැකියි.
ඒ ස්කෑන් පරීක්ෂණය හරහා කලලයක් නැතිව පැසය පමණක් ඇති බව නිශ්චය
වීමත් සමග හෝ කලලයේ හෘද ස්පන්දනය නතර වී තිබීම, කලලයේ දිග පළල
අනුව ස්වභාවික ගබ්සාවක් සිදු වී ඇති බව තීරණය කළ හැකියි.

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයෙන් මේ පිළිබව ස්ථිරවම කිව හැකිද?

ඇතැම් විට හොදින් නොපෙනෙන අවස්ථාත් තියෙනවා. එවැනි අවස්ථාවල
සතියකින් හෝ දෙකකින් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සිදු කර තත්ත්වය
විනිශ්චය කොට මව්පියන් දැනුවත් කිරීම සිදු කරනවා.

මේ සඳහා යොදා ගන්න පුළුවන් අල්ට්‍රා සවුන්ඩ් ක්‍රමය පමණයිද?

නැහැ.. ගැබිනි සමයේ හෝමෝන (HCG) මට්ටම පරීක්ෂා කොට එම මට්ටම
පහළ බැසීමක් ඇත්නම් එවැනි තත්ත්වයක් ස්භාවික ගබ්සාවක් ලෙස හඳුනා
ගැනෙනවා.

ස්වභාවික ගබ්සාවක් බව නිශ්චය වූ පසුව සිදු කරන්නේ කුමක්ද?

අතැම් විට මිය ගිය කලලය ස්වභාවිකවම සිරුරෙන් ඉවත් වීමට ඉඩ හැරිය
හැකියි. එසේත් නැති නම් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉක්මනින් ඉවත්
වීමට ඖෂධ ලබාදිය හැකියි. නොඑසේ නම් ඉතා සුළු ශල්‍යකර්මයක් මගින්
සියලු කොටස් ඉවත් කිරීම සිදු කළ හැකියි.

ස්වභාවික ගබ්සාවකින් පසු නැවත පිළිසිද ගැනීමක් සමබන්ධව කාන්තාවක්
දැනුවත් විය යුත්තේ කෙබදු කරුණුද?

ඔසප් චක්‍රයේදී ගර්භාෂය අලුතින් සකස් වන නිසා නැවත ගැබ් ගැනීමට කාලයක්
බලා සිටිය යුතු නැහැ. ඒත් ගබ්සාවක් කියන්නේ කාන්තාවකට මිහිරි අත්දැකීමක්
නොවන නිසා ඇය නැතව ගැබ් ගැනීමකට මානසිකව සූදානම් වීම අත්‍යවශ්‍යයි.

මහමෝදර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද
සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

COVID 19 නිසා ගෙදරට කොටුවූ පොඩ්ඩන් රැක බලාගන්නා ආකාරය

කොවිඩ් 19 නිසා ගෙදරට කොටු වුණු පොඩ්ඩන්ට දැන් පොඩි වෙනසක් ඕනේ වෙලා. වැඩිහිටියෝ විදියට ඒ වෙනස අපේ පොඩ්ඩන්ට ලබාදෙන්නේ කොහොමද? මාස ගාණක් තිස්සේ ගේ ඇතුළටම හිර වෙලා ඉඳලා එකම සෙල්ලම කරලා දැන් නම් අපේ පොඩ්ඩන්ට ඇති වෙලා. දැන් නම් ටිකෙන් ටික ඒ එපා වීම පෙන්නුම් කරන්නත් පටන් අරගෙන වගේ. දෙමාපියන් මෙන්න මේ උපදෙස් එක්ක මේ කාලයේ පුංචි දරුවන් සමග කටයුතු කළොත් එක තැනටම කොටු වෙච්ච අපේ දරුවන්ගේ ආවේග පාලනය කරගන්න පහසු වේවි. ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යශෝධා රෝහණචන්ද්‍ර මහත්මිය සමග කරන ලද සාකච්චාව.

කොරෝනා පසුපසින් අපේ රටට කවසාකිත් එයිද?

කොරෝනා එක්කම තවත් අලුත් ලෙඩක් ඇවිල්ලලු. වැඩිපුර හැදෙන්නේ පුංචි දරුවන්ටලු. අම්මලාගේ හිතට නිවනක් නැහැ. මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා හැම දෙනෙක්ම කලබල වෙලා තොරතුරු හොයන්න පටන් අරගෙන. ඒ නිසාම මේ අලුත් ලෙඩේ ගැන කතා නොකර බැහැ

ඇත්තටම මේ කොරෝනා පසුපසින් එනවා කියන කවසාකි අපේ රටටත් එයිද? 

මුලින්ම කියන්න ඕනේ කවසාකි කියන්නේ අලුත් රෝග තත්ත්වයක් නෙවෙයි. මීට අවුරුදු 50කට පමණ කලින් ජපානයේ වෛද්‍යවරයෙක් වුණු ටොමිසාකු කවසාකි විසින් තමයි මේ තත්ත්වය සොයා ගත්තේ. ජපානයේ බහුලව මේ තත්ත්වය දැකගන්න ලැබුණා. අපේ රටෙත් මේ තත්ත්වයට ගොදුරු වන දරුවන් හමුවුණා. දැනට වසර විස්සක පමණ කාලයක් තිස්සේ මේ රෝගයට ගොදුරු වන දරුවන්ට අපි ප්‍රතිකාර කරනවා. 

අලුත් රෝග තත්ත්වයක් නොවුනත් කොරෝනාවලින් පස්සේ මේ තත්ත්වය ඇති වුණු බවට කතාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ ඇයි?

ඒකට හේතු වෙන්න ඇත්තේ මේ රෝග තත්ත්වය කුමක් හෝ වෛරස/ බැක්ටීරියා හේතුවෙන් ඇති වෙන රෝග තත්ත්වයන්ට පසුව යම් වැඩි වීමක් පෙන්නුම් කරන නිසා විය හැකියි. කොරෝනා අධිකව ව්‍යාප්ත වුණු රටවල්වලින් මේ කාලය තුළ වැඩි වශයෙන් කවසාකි තත්ත්වය වාර්තා වුණා. 

කොරෝනා රෝගයත් එක්ක මේ තත්ත්වය අපේ රටෙත් ඉහළ ගිහින්ද?

නැහැ. අපේ රට ඇතුළු කිසිදු ආසියාතික රටක සාමාන්‍යයෙන් වාර්තා වන කවසාකි රෝගීන් සංඛ්‍යාව හැර කොරෝනා රෝගයත් සමග විශේෂ ඉහළ යාමක් දක්නට ලැබුණේ නැහැ. 

කවසකි තත්ත්වයට හේතුව වෛරසයක් හෝ බැක්ටීරියාවක්ද?

නැහැ. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයකට පසුව අපේ සිරුරේ ඒවාට විරුද්ධව සටන් කරන ප්‍රතිදේහ පද්ධතිය අධි සක්‍රීය වීමත් සමග ඇති වන රෝග තත්ත්වයක් තමයි මේක. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි සක්‍රීය වීම රෝගියාට බලපෑම් කරන්නේ නැද්ද?

නිසි කලට ප්‍රතිකාර නොකිරීම යම් යම් සංකූලතාවලට හේතු විය හැකියි. සිරුරේ ඇති මධ්‍ය ප්‍රමාණයේ රුධිර වාහිනී ආසාත්මික වෙලා ඒවා දුරුවල වී රුධිර කැටිති එකතු වී හෝ දුර්වල වී ඒවාට හානි වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය සිරුරේ ඕනෑම තැනක දැකිය හැකියි. ‍නමුත් මෙතැනදි හෘද වස්තුව තුළ මේ තත්ත්වය ඇති වීම යම්තාක දුරට අවදානම් සහගත විය හැකියි.  

වෛද්‍යතුමනි, මොනවද මේ තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • තද උණ (පැරසිටමෝල් ලබාදුන්නද පහළ නොබහින මේ උණ තත්ත්වය දිගු කාලයක් පැවතිය හැකිය)
  • ඇස්/සම රත් පැහැ වීම
  • තොල්/උගුර/දිව (ස්ට්‍රෝබෙරි ගෙඩියක ආකාරයට)  රත් පැහැ වීම
  • අත් පා කෙලවර ඉදිමීම/පුපුරා යාම
  • වසා ගැටිති ඉදිමීම
  • මද සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය
  • උදරයේ වේදනාව
  • හන්දි කැක්කුම
  • බීසීජී කැලල අවට අසාත්මිකතා ඇති වීම

 

මේ රෝග තත්ත්වය ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයක්ද?

ඔව්. දැනුවත් බව සහ නිසි කලට නිසි ප්‍රතිකාර වෙත යොමු වීම මගින් කවසාකි රෝගය සුව අතට හරවා ගත හැකියි. ඇතැම් අවස්ථාවල දරුවෙක් මේ රෝගයේ සියලුම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවා වෙන්නත් බැරි නැහැ.  නමුත් මව්පියන් දැනුවත් වීමෙන් සහ නිසි අවධානයෙන් සිටීම මගින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වෙනවා. 

ඒ කියන්නේ කවසාකි රෝගය පිළිබඳව මව්වරුන් තුළ ඇතිව තිබෙන්නේ අනියත බියක්ද?

ඇත්තටම අනියත බියක් ඇති කරගත යුතු රෝග තත්ත්වයක් නොවෙයි. පෙර සඳහන් කළ පරිදිම නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සිදු කිරීම මගින් රෝගය සුව අතට හැරෙනවා. දරුවන් අතර පවතින රෝගයක් ගැන ඇහුවම හැම අම්මා කෙනෙක්ම බියට පත්වෙනවා, මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණොත් කියලා. වැදගත් වෙන්නේ අවධානයෙන් සිටීම තමයි. දරුවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරලා ළමා රෝග පිළිබඳව වෛද්‍යවරයෙකුට යොමු වීම නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාදීම වැදගත් වෙනවා.

කොයි ලෙසකින් හෝ කල් තියා මෙම රෝග තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වුවහොත්,

එතැනදි හදවතට විය හැකි සංකූලතා තමයි මේ තත්ත්වයේදී යම් අවදානමක් පෙන්නුම් කරන්නේ. ඒත් රෝහල් ගතව ප්‍රතිදේහ ලබාදීම ඒ වගේම ඇස්ප්‍රින් ඖෂධය ලබා දීම මගින් රුධිර නාල දුර්වල වීම් රුධිර කැටි ගැසීම් අවම කරගත හැකියි.

වෛද්‍යතුමනි, මෙසේ සිදුවන හානියක් හේතුවෙන් ජීවිතය අවදානමට ලක්විය හැක්කේ රෝගය පවතින අවස්ථාවේදී පමණක්ද?

නැහැ. ඒ තත්ත්වය රෝගය උත්සන්නව පවතින අවස්ථාවේදී විය හැකි වනවා සේම රෝගයේ අතුරු ඵලයක් ලෙස අඩු වයසින් හෘදයාබාධ තත්ත්ව ඇති වීමටත් හේතු විය හැකියි. කිරීටක ධමනි ආසාදිත තත්ත්වයට පැමිණ සුව වූ දරුවෙකු සායන හරහා යම් කාලයක් පරීක්ෂා කිරීම සිදු කරන්නේ එවැනි අවස්ථා වළක්වා ගැනීමේ අරමුණෙන්.

මේ රෝග තත්ත්වය ගැන මව්පියන්ට ලබාදිය හැකි උපදෙස කුමක්ද?

ඇත්තටම මේ රෝගය පිළිබව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගයට ඖෂධ තියෙන නිසා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් දරුවන්ගේ රෝග තත්ත්ව පිළිබඳව නොසලා හැරීම කිසිසේත්ම සුදුසු නැහැ. දරුවා පිළිබඳ මනා අවධානය යොමු කොට සැක සහිත අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම නුවණට හුරුයි. 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සමග සකකසන ලද ලිපියකි.

 

කොවිඩ් 19 සහ ගර්භනීභාවය

කොවිඩ් 19 ගැබිනි මවට අවදානමක්ද? කොවිඩ් 19 අවදානම මේ වන විටත් පහව ගිහින් නම් නැහැ. ඔබත් ගැබිනියක් නම් කොවිඩ් 19 න් වැලකෙන්න මේ උපදෙස් පිළිපැදිය යුතුමයි.

SHOW MORE

ළමා කාලය සුන්දර අත්දැකීමක් කරන්න.

දරුවෙක් බාලකාලය ගෙවන අන්දම අනුව ඔවුන්ගේ අනාගතය සම්පූර්නයෙන්ම නිර්මානය වෙනවා. ඒ නිසා දරුවන් පුංචි වුනත් ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය වැඩිහිටියන්ගේ ප්‍රතිචාර නිසා බොහෝ සෙයින් වෙනස් වෙන්න පුලුවනි. මේ නිසා අද දෙමව්පියන්ට දරුවන්ගේ මානසිකත්වයට ගැලපෙන අන්දමට තමාගේ හැසිරීම කෙසේ විය යුතුදැයි අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.ඒ නිසා ඔබ දරුවා මුල් කර ගෙන වැඩිහිටි මානසිකත්වයකින් ඔවුන් දෙස නොබලා දරුවාගේ ලෝකයෙන් බැලීම වැදගත්. එහෙමනම් දරුවෙකුගේ ළමා කාලය සැබෑ සුන්දර අත්දැකීමක් ලෙසින් නිර්මානනය කරන්නේ කොහොමද…?

 

දරුවන්ගේ ආතතිය ගැන හිතන්න

දරුවන්ට මොන ආතතියක්ද කියල අප හිතුවත් ඔවුන්ටත් විවිධ මානසික ගැටුම් තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ පෙර පුරුදු හැසිරීම් වෙනස් වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවන්හිදී දරුවාට තරවටු කරනවා වෙනුවට ඔහුගේ ආතතිමය තත්වය ගැන තේරුම් ගෙන ඒ තත්වය කළමනාකරණය කිරීම දෙමව්පියන්ගේ වගකීමක්

වැඩ අඩු කරන්න…

අපේ දෙමව්පියන්ගේ ආකල්පය වී තිබෙන්නේ ළමා කාලය තියෙන්නේ ඉගෙන ගන්න…ඒ නිසා මේ කාලයෙන් උූපරිම ප්‍රෙයා්ජන අරගෙන ඉගෙන ගැනීම මිසක වෙනත් දෙයක් අවශ්‍ය නැති බවයි.ඒ නිසාම අතිරේක පංති,පුද්ගලික පංති ඉගෙන ගැනීම වැනි විවිධ විදිහට ඉගෙණුම බරක් බවට පත් කර ගන්නවා.දරුවෙකුට විෂය නිර්දේශයක් නිර්මානය කරන්නේ මොළයේ ධාරිතාවය අනුව වුනත් දෙමව්පියන්ගේ කෙළවරක් නැති දැනුම් පිපාසය නිසා දරුවා විශාල පීඩනයකට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාට හැකි තරම් අධ්‍යාපනයේ බර අඩු කිරීමත් දෙමව්පියන්ගේ වගකීමක්.

පවුලක් විදිහට ජීවත් වෙන්න

අද පවුල කියන්නේ පවුල තුලම විතැන් වුන සංස්ථාවක්.අම්මා කාර්යාලයේ හෝ වෙනත් රැකියාවක නිරත වෙනවා. ඇය දිවා කාලයට නිවසේ නැහැ.රාජකාරී අවසානයේ නිවසට පැමිණි තැන පටන් ඇය නිවසේ ගෘහ කටයුතු වෙනුවෙන් සීමා වෙනවා. පියා නිවසට එන්නේ ටිකක් රූ බෝ වෙලා. එතැන් පටන් ඔහු ජංගම දුරකථනයේ. එවිට පවුල තුළ ඇත්තටම පවුලක් නැහැ.ඒ නිසා දරුවා හුදෙකලා චරිතයක් බවට පත් වෙනවා. මේ හුදෙකලාව දරුවාගේ පෞරෂයට ඉතාම අහිතකර විදිහට බලපානවා.

සෙල්ලමට ඉඩ දෙන්න

අද කාලයේ සෙල්ලම කියන්නේ තහනම් වචනයක්. පොත පතින් තොර ලෝකයක් දරුවාට නැහැ. ඒ වුනත් සෙලල්ම කියන්නේ විනාශයක් නොවෙයි.දරුවන්ට සෙලල්මට අවසර දෙන්න.එය දරුවාගේ ශාරිරික වගේම මානසික නීරෝගීතාවයටත් ඉතාම හිතකර තත්වයක්.

රූපවාහිනිය සීමා කරන්න..

දරුවා රූපවාහිනියට ඇබ්බැහි වුනාම ඔවුන් එතැනින් මුදවා ගැනීම එතරම් පහසු නැහැ.දරුවා සහ දෙමව්පියන් අතර ගැටුම පටන් ගන්නේ එතැනින්.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට ගැලපෙන වැඩ සටහන් තෝරා දීම සහ කාලය පාලනය කරමින් රූපවාහිනිය නැරඹීමට අවසර දීම ඉතාම වැදගත්.

උදෑසන සන්සුන් කරන්න

අද හැම නිවසකම උදෑසන ඉතාම කලබලයි. ඒ වුනත් දරුවාගේ දවස සන්සුන් මනසකින් ආරම්භ කිරීමට නම් උදය ඉතා ප්‍රසන්න අත්දැකීමක් කරන්න. අවදි වුන තැන පටන්ම දරුවාට බැනීම, චෝදනා කිරීම වෙනුවට අද දවස බොහොම සුබය යන ධනාත්මක බව දරුවාගේ හිතට දෙන්න. එයින් දවස අරඹන දරුවාගේ සකුට දවස පුරාම පවතින අතර එයින් ලැබෙන ශක්තිය ඔහුගේ ජීවිතයටත් ආශිර්වාදයක් වෙනු ඇති.

උදෑසන අපහසුතාවය

 

ගැබිණිබව සමග ඇති වෙන උදෑසන වමනය රෝග තත්වයක් නොවුනත් සාමාන්‍ය අපහසුතාවයක්. මේ අන්දමින් වමනය ඇති වෙන්නේ අපේ සිරුරේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම නිසයි. morning sickness එහෙම නැත්නම් උදේට ඇති වෙන වමනය සහ Vomiting During Pregnancy (NVP)  ඔක්කාරය නිසා ගැබිණි අවදියේදී 80 % ක් පමණ පීඩා විදිනවා. මෙය මුල් සති 6 සහ 12 අතර කාලයට සීමා වුනත් සමහර කාන්තාවන්ට සති 16 ක් පමණ කාලයක් පවතින්නත් පුලුවනි.ගැබිණි කාලයේ ඇති වෙන මේ අපහසුතාවයට හේතු කීපයක් තිබෙනවා.

  • ඊස්ට්‍රජන්(estrogen) හෝර්මෝන මටට්ම ඉහළ යෑම.
  • රුධිරයේ සීනි මටට්ම අඩු වීම.
  • human chorionic gonadotropin (hCG)මට්ටම ඉහළ යෑම
  • ප්‍රොෙජස්ට්‍රෝනprogesterone මටට්ම ඉහළ යෑම.
  • ගන්ධයන්ට සංවේදි වීම.

ඒ වුනත් සාමාන්‍ය පමණට වඩා වමනය සිදු වුනොත් පෝෂණය පිලිබඳ දුර්වලතාවයන් වගේම විජලන තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා මේ අසහනකාරී වමනය තත්වයෙන් ඔබ මිදෙන්නේ කෙසේද…ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි සුලු පිලිවෙත් කීපයක් මේ…

ගැබිණිබව සමග ගෙවන මුල් සති හයක කාලයේදී ආහාර පිසින සුවදත් ඉතාම අපුලයි. ඒ නිසා මේ කාලසීමාවේදී වෙනත් අයෙකු ලවා ආහාර පිසගැනීමට තිබෙනවා නම් වඩාත් හොදයි. අපහසුතාවයෙන් ආහාර පිසින විට තවත් මේ උදෑසන අපහසුව වැඩි වීමට පුලුවනි.

වමනය සිදු වෙන නිසා ඔබ ආහර ගත් සැනම වතුර පානය කරන්න එපා. ජලය අපිට අවශ්‍ය නිසා ආහාරයට පෙරාතුව හෝ ආහාරයෙන් යම් කාලමාත්‍රාවක් එනම් විනාඩි 30 කට වගේ පසුව ජලය පානය කරන්න.

ගැබිණි කාලයේ මුල් සමයේදී ඔබට වෙනදා වගේ ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇත්තේ නැහැ. වෙනදාට කැමැත්තෙන් ආහාරයට ගත් දේ වුනත් දැන් බොහොම අරුචියි.ඒ නිසා ඔබ මේ මුල් කාලයේදී කැමැති ආහාර පමණක් ගන්න. අකමැති දේ බලහත්කාරයෙන් කෑමට ගන්න එපා.

තෙල් සහ බැදුම් වර්ග ජීරණය අපහසු නිසා මුල් තුන්මාසය එහෙම නැත්නම් උදෑසන වමන සමයේදී දුරස් කලොත් වඩාත් හොදයි. එකවර වැඩි ප්‍රමාණයකින් ආහාර නොගෙන පැය දෙකකට වරක් කුඩා මාත්‍රාවකින් ආහාර ගන්න. ඒ වගේම බ්ලෙන්ඩ් කර ගැනීමත් වමන තත්වයෙන් මිදෙන්න පහසුවක් වේවි.

ආහාර ගත් සැනින්ම නින්දට යෑමත් වමනය වැඩි වීමට හේතුවක් වෙන නිසා ආහාර ගත් සැනම නින්දට යන්නත් එපා.

දැන් දිරවීමට පහසු විදිහට කැඳ, පළතුරුවර්ඝ. විශේසයෙන් ඇඹුල් වර්ග මේ කාලයේදී වැඩියෙන් ආහාරයට ගන්න. ඒ වගේම තම්බා ගත් එළවලු සහ සුප් වලින් අවශ්‍ය පෝෂණය ලබා ගැනීම ගැනත් අවදානයෙන් සිටින්න.  ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥ සහ Expecting 411. ග්‍රන්ථයේ කර්තෘ ‘‘ මයිකල් (Michele Hakakha, M.D., FACOG) හකහා “ සඳහන් කරන විදිහට දෙහි සහ ලෙමන් මේ කාලයේ ඇති වෙන අප්‍රියතාවයට හොද විසදුමක් ලබා දේවි. ලෙමන් සුවඳ පවා ගැබිණි මවට තිබෙන ඔක්කාරයට පිලියමක් විදිහට ඔහු පෙන්වා දෙනවා. මේ නිසා ඇතැම් කාන්තාවන් මේ කාලයේදී ලෙමන් සුවඳ ඇති විලවුන්, ඉටිපන්දම් දල්වා ගැනීමටත් උනන්දුයි.

කැෆේන් සහ පැණිබීම ඒ වගේම සමහර විට කෝලා පාන වර්ග ඔබ කැමැත්තෙන් පානය කරන්න පුලුවනි. ඒ වුනත් මේ පාන වර්ග නම් ගැබිණිකාලයට කොහෙත්ම සුදුසු නැහැ.මේ සියල්ලටම වඩා පිරිසිදු වතුරට ලෙමන් යුෂ මිරිකා ගෙන පානය කරන්න. එය විජලනයට වගේම ප්‍රියතාවයෙන් පානය කරන්නත් පුලුවනි.

ඒ අතර ටෙක්සාස්හි නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ‘‘ මාරියා ප්‍රැන්සිස් “ සඳහන් කරන මේ ප්‍රතිකාර ගැනත් අත්හදා බලන්නකෝ..

චීන වෛද්‍ය විද්‍යාවට අනුව ඉගුරු ඉතා හොඳ ඖෂධයක්. ගැබිණි කාලයේදීත් ඉගුරු යොදා ගත් තේ ඒ වගේම ඉගුරු ආලේපිත ආහාර වර්ග මගින් උදෑසන ඇති වෙන වමන සහ ඔක්කාරයට පහසුවක් ලැබේවි.

මිශ්‍ර විදිහට ආහාර ගන්න. අපිට මේ කාලයේදී ආහාර ගැන නම් තිබෙන්නේ අරුචියක්. ඒත් දරු කලලය වැඩෙන්නත් අවශ්‍ය පෝෂණය අවශ්‍ය නිසා මිශ්‍ර විදිහට ආහාර ගන්න. ඇතත්ටම එකාකාර රටාව නිසා ආහාර අප්‍රසන්න වෙන්න පුලුවනි. ඒ වුනාට අපථ්‍ය නොවන සහ පෝෂණ ඌනතාවයන් ඇති නොවන විදිහට පළතුරු, ඇට වර්ග, සාමාන්‍ය පැනිරසයක් ඇතුලත් විදිහට ආහාරය විවිධත්වයෙන් සකස් කර ගන්න.

මේ කාලයේදී සායනයෙන් ලබා දෙන පෝලික් අම්ලය වැනි අත්‍යවශ්‍ය විටමින් නොගෙන ඉන්නත් එපා.

වමනය යනවා යැයි සිතා ජලය පානය නොකර සිටීම ඉතා අනතුරුදායකයි. ඒ නිසා වතුර එක්වර නොව විටින් විට උගුරක් දෙකක් විදිහට වමනය පාලනය කරමින් පානයට උත්සාහ කරන්න. ඊට අතිරේකව පළතුරු යුෂ සහ දියර සහිත පළතුරු උදාහණ විදිහට කොමඩු වැනි පළතුරු ආහාරයට ගන්නත් පුලුවනි.

Family & Home වෙබ් අඩවියේ Morning Sickness Remedies

දරුවන් ඇති අම්මලාට

දරුවන් ඇති අම්මලාට යැයි නමින් නිකුත් කරන ලද  පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් විසින් පෙන්වා දෙන මේ කරුණු කීපය අපේ අම්මලාටත් ප්‍රයෝජනවත් වේවි.

දරුවන් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නගා ගත යුතු බව ඇත්ත.ඒ වුනත් මේ සම්බන්ධතාවයේ යම් සීමාවක් පවත්වා ගත යුතු වෙනවා. අම්මා දියනියගේ හොඳම මිතුරිය වුනත් ඇය අම්මා බව අමතක කළ යුතු නැහැ. අම්මා යන භුමිකාව ඇදුම් පැලදුම්, කතා බහ සහ හැසිරීම යන සියළුම අංගයන්ගෙන් අය පෙන්වා දිය යුතුයි. ඒ් නිසා දරුවන් සමග කොතරම් සමීප වුනත් දෙම්පියන්ය යන පෞරෂයෙන් නම් දුරස් වීම එතරම් හොද නැහැ. ඒ නිසා නිතරම ‘‘මම අම්මා…මම තාත්තා…යන පෞරෂය නම් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එය දරුවාගේ හදවතට සමීප වීමට නම් කිසිම බලපෑමක් නැහැ.

දරුවා සමග කාලය ගත කරන්න

මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් පෙන්වා දෙන අන්දමට දෙමව්පියන් කොතරම් කාර්ය බහුල වුනත් දරුවන් සමග දවසේ සුලු වේලාවක් හෝ ගත කිරීම ඉතාම වැදගත්. මෙම පර්යේෂණයෙන් හදුනා ගත් අන්දමට දෙමව්පියන් සමග කාලය ගෙවන දරුවන්ගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් තිබුනා. ඇමරිකානු වෛද්ය සංගමය පෙන්වා දෙන අන්දමට බොහෝ දරුවන්ගේ හිතේ තිබෙන දේවල් දෙමව්පියන් සමග බෙදා හදා ගැනීමට අවසර ලැබෙන්නේ දරුවන් සමග දෙමව්පියන් කාලය ගත කිරීමට යොමු වුනොත් පමණයි.

දරුවා තුළ ආත්ම දමනය ගොඩ නගන්න..

අද දරුවන් වගේම ඇතැම් වැඩිහිටියන්ටත් තමන්ගේ ආවේග පාලනය කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. අපේ පුතාට තරහ ගියාම ඉන්න තැන පේන්නේ නැහැ…අම්මා තාත්තා බොහොම උජාරුවෙන් මෙහෙම කිව්වත් කුඩා කාලයේ පටන්ම දරුවා තුළ ආත්ම දමනයක් ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා ඉර හද ඉල්ලුවත් ලබා ගැනීමට තරම් දරුවන්ගේ ආවේග දරුණු වීමට පුලුවනි. ඒ නිසා කුඩා කාලයේ පටන්ම කොටින්ම කියනවා නම් කීකරු පමණක් නොව සුවච කීකරු දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. දරුවා සමග හැම දෙයම සන්නිවේදනය කර ගන්නා අතරවාරයේදීම කළ නොහැකි දේ කිරීමට අපහසු බැව් ඔවුන්ට කියා දෙන්න.

රූපවාහිනිය සහ පරිගණකය වෙනුවෙන් යම් සීමාවක් පනවන්න.

පරිගණකය, රූපවාහිනිය දරුවන්ට තහනම් කලාපයක් කිරීමට වඩා ඒ වෙනුවෙන් යම් සීමාවන් පනවනන්. ඇමරිකානු වෛද්ය සංගමය පෙන්වා දෙන අන්දමට දරුවන්ට ගැලපෙන වැඩ සටහන් තෝරා බේරා දී ඒ වැඩසටහන් හැකි නම් දෙමව්පියන් සමගින් නැරඹීම වඩාත් සාර්ථකයි.පරිගණකය වෙතින් දරුවාගේ අධයාපනයට බොහෝ ප්රෙයා්ජන ගත හැකි නිසා එයින් දරුවා ලබන වාසි ගැනත් කියා දෙන්න. එසේම අනවශ්ය අන්දමින් පරිගණකයට යොමු වුනොත් සිදු වෙන හානි ගැනත් ඔවුන්ගේ දැනීමේ තරමට කියා දීම ඉතාම වැදගත්.

ආත්ම විශ්වාසය ගොඩ නගන්න

දරුවන්ට නිතරම එපා..ඔයාට බැහැ කියන වචන වෙනුවට ශව් එය පුතාට කරන්න පුලුවන් යන අදහස හිතට ලබා දෙන්න. අනාගතයේදී සඳට යන වැඩසටහනේ සිටින ගගනගාමී සඳහන් කරන්නේ ඇගේ බාල කාලයේ පටන් තිබු එකම අදහස අනාගතයේදී ගගනගාමිනියක වීමයි. පළමු ශ්රේනියේ ගුරුතිමිය ඇගෙන් අනාගතයේදී කවුරු වීමට අදහස් කරනවාදැයි විමසූ විට ඇගේ පිලිතුර වී තිබුනේ ගගනගාමිනියක වීම බවයි. ඇය විසින් අදින ලද චිත්රයන සදේ සිටින මිනිස් එුවක් දැක ගුරුතුමිය මේ කවුද…? විමසා සිටි විට ඇගේ පිලිතුර වුනේ ‘‘ඒ මම “ යන්නයි. බාලකාලයේ පටන්ම ඇගේ හිතේ තිබුන සිහිනය 2034 වසරේදී සමහර විට (පොරොත්තු ලේඛනයේ සිටින අය අතරින් ඇයද එක් අයෙක් )තෝා ගතහොත් ඒ වෙනුවෙන් පන්නරය ලබා තිබුනේ බාලකාලයේ පටන්ම ඇගේ දෙමව්පියන් විසින් ගොඩ නගන ලද ආත්ම ශක්තිය නිසයි.

දරුවන් සමග ජීවත් වෙන්න

පවුලක් කැඩි විසිරී යෑම බොහෝ විට සිදු වෙන්නේ අඹු සැමියන්ගේ මතබේද හා ගැටුම් නිසයි. එය සාධාරණ කරමින් ඔවුන් කියන්නේ විදවීමට වඩා වෙන්වීම වඩාත් සුදුසු බවයි. වෙන්ව ජීවත්වීම, දික්කසාදය වැනි හේතු නිසා දරුවන් දෙමව්පියන් වෙන් වෙන්ව ජීවත්වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහ. එක්තඑා පවුල් ආරවුල් විසදන උපදේශන සභාවකදී මව්පියන්ගේ වෙන්වීමට දරණ උත්සාහය නිසා දැඩි කම්පනයට පත්ව සිටි 16 හැවිරිදි දියණියට උපදේශිකාව කියා සිටියේ ‘‘ඇයි දුවේ..තාත්තා නැති දරුවෝ කොච්චර ඉන්නවාද..? ඉතින් ඒ වගේ යාළුවෝ, අසල්වැසියන් ඔයා දන්නවානේ..ඒ අවස්ථාවේදී දැරිය කියා සිටියේ ඔව්..ගියසුමානෙත් මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් මියගියා. ඒ වුනත් ආන්ටි ඒ මැරිලානේ. මට එහෙමද තාත්තා /ස්වීමට එන්නේ නැති වුනාම…උපන්දිනයට තෑගි නැති වුනාම මම කොහොමද උත්තර දෙන්නේ..මැරිලා නම් හිත හදාගනන් වෙනවා. ඒත් මම….? 

මතුපිටින් නොදුටුවත් දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට ඉතාම දැඩි අන්දමින් බලපාන මානසික ගැටුමක් බවට පත්ව තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

දරුවන් සමග ගණුදෙණු කරන්නේ මෙහෙමයි…

දරුවන් සමග ගණුදෙනු කරන එකත් අපි හිතන තරම් පහසු නැහැ.
ඒ ඇයි කිව්වොත් අපේ මට්ටමින් දරුවන් ගැන හිතන්න බැහැ. ඒ
වගේම දරුවන්ගේ මානසිකත්වය  කියවීමත් සමහර විට අපහසු
වෙනවා. අපි දරුවන් වෙතින් ගරු කිරීම් බලාපොරොත්තු වෙනවා නම්
ඔවුන් හැඩගැස්විය යුත්තේ කොහොමද…?

දරුවාට ගරු කරන්න..

දරුවා නිවසේ පුංචිම සාමාජිකයා බව ඇත්ත. ඒ අද දවසට පමණයි.
ඔවුන් හෙට දිනයේ සමාජයේ වගකිව යුතු චරිත බවට පත් වෙනවා.
ඒ නිසා ඔබ දරුවාට ගරුත්වයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්
තවත් පැත්තකින් මේ මගේ ලෙයින් මසින් උපන් දරුවාය යන
සංකල්පයෙන්ද දෙමව්පියන් යුක්ත වෙනවා නම් දරුවා වෙනුවෙන්
ගරු කිරීමට අමුතුවෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ.

දරුවන් පුංචි වුනත් ගරුත්වය ලබන්න හරිම කැමැතියි. ඒ ගැන
කිසිම වරදක් කියන්න බැහැ. දරුවන් අපේ අණසක යටතේ හැසිරෙන
චරිත වුනත් ඔවුන් තුළත් යම් ආත්මාභිමානයක් තිබෙනවා. ඒ නිසා
දරුවන්ට අපි ගරු කරන්න ඕනයැ…ඒක හරි පුදුම කතාවක්නේ කියල
කිසිම විටෙක හිතන්න එපා. අපි යම් ලෙසකින් අද දවසේ දරුවන්ට
ගරු නොකරනවා නම් ඔවුන්ගෙන් අපට ගරුත්වයක් අනාගතයේදී
බලාපොරොත්තු වෙන්නත් බැහැ. එතැනදී වැඩිහිටියන් විදිහට අපට
ලොකු හිත් රිදිමක් ඇති වෙනවා. එය සාධාරණ වුනත් අපි දරුවන්
වෙනුවෙන් හැසිරෙන සලකන විදිය අනුව අපට ඔවුන් හෙට දවසේ සලකනු ඇති.

ආදරයෙන් සලකන්න..

දරුවන් ආදාරය ලබන්න බොහොම කැමැතියි. එය අමුත්තක් නොවේ.
හැම පුද්ගලයෙක්ම ආදරයට ආදරය කරනවා.නමුත් බොහෝ
දෙමව්පියන් දරුවන්ට ආදරය පෙන්වන්න කැමැති නැහැ. එය
දරුවාගේ අනර්ථයට හේතු වෙතැයි අනුමාන කරමින් ආදරේ තියෙන්නේ අපේ හිතේ..ආදරේ පෙන්නුවොත් විනාසයි කියල හිතනවා නම් ඇත්තටම ඔබ වැරදියි.දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ ආදරයේ සීමාවන් නැහැ. කොන්දේසි නැහැ.ඒ වගේම දරුවාට
දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත්.දෙමව්පියන් වෙතින් දරුවාට
ආදරය, ආරක්ෂාව ලැබෙනවා නම් ඔවුන් ඔබට ගරු කරන දරුවන්
බවට නොදැනීම පත් වේවි.

දරුවාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න…

අද දවසේ නම් බොහෝ දෙමව්පියන් තුළ ළමා මානසිකත්වය ගැන
තිබෙන වැටහීම නිසා දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන වැඩියෙන්
උනන්දුයි. ඒත් අතීතයේදී ඇතැමි දෙමව්පියන් දරුවන්ට ප්‍රසිද්ධියේ
අපහාස කිරීම, අවමන් කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබුවා.
එවිට දරුවා ලැජ්ජාවට පත්ව නැවත එම වැරැද්ද නොකරන තැනට
පත් වෙතැයි දෙමව්පියන් විසින් විශ්වාස කරනු ලැබුවා. මේ තත්වය
ඉතාම අහිතකර විදිහට දරුවාට බලපානවා. ඔබ දරුවා ප්‍රසිද්ධියේ
අපහාසයට පත් කිරීමෙන් ඇති වෙන ලැජ්ජාව ඉතා තදින් ඔවුන්ගේ
හිතේ තැන්පත් වීම පමණක් නොව ඒ ගැන ඇති කේන්තිය කොයියම්
හෝ මොහොතක පලිගැනීමක් ලෙසින් පිටවීමට ඉඩ තිබෙනවා. ඒ
නිසා කුමන වරදක් කළත් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ අපහාස කිරීම
නොකළ යුතු දඬුවම් ක්‍රමයක් බවත් තරයේම හිතට ගන්න.

දරුවන් සමග කාලය ගෙවන්න

අද හැම අම්මා තාත්තා කෙනෙක්ම කාර්ය බහුල ජීවිතයක් ගෙවන
බවට පොදු මතයක් ගොඩ නගා ගෙන තිබෙනවා.ඒ නිසා දරුවන්
සමග කාලයක් ගෙවන්න අපට වේලාවක් නැහැ කියන පොදු මතයක
පිහිටා සිටිනවා. නමුත් ඔබ දරුවන් සමග කාලය ගත කිරීමට කෙසේ
හෝ වේලාවක් සොයා ගන්න.ඔබ දරුවා අද දවසේ හුදෙකලා කිරීම
යනු මව්පියන් ගැන කිසිම අන්දමකින් ගරුත්වයක් හෝ දැඩි බැදීමක්
ඔවුන් තුළ ගොඩ නැගීමට මේ පරිසරය හේතු වේ.

ගතකරන කාලය සුන්දර වීම

දරුවන් සමග කාලය ගත කරනවා වගේම මේ කාලයත් ඉතා සුන්දර
වීම වැදගත්. එහෙත් දරුවන් සමග කාලය ගෙවීමට ඔබ සූදානමින් සිටියත් අදාල කාලය සතුටින් ගෙවා ගැනීමට නොහැකි නම් දරුවා තුළ ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමක් ඇති වෙන්නේ නැත. ඒ නිසා දරුවන් සමග කාලය ගෙවීම වගේම ගෙවන කාලය සතුටින්
ගෙවන්නට හැකි නම් දරුවා ඔබ මුල් කර ගෙන ගෞරවනීය හැගීමකින් කටයුතු කරනු ඇත.

විධාන එපා.

දරුවා සමග මව්පියන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් බව රහසක්
නොවේ.ඒ වුනත් මේ කාලයේදී නිතරම විධාන එපා. දරුවාට හැම දෙයක්ම කරන්න එපා…යන විධානය ලබා දීමට වඩා බොහොම සුන්දර අන්දමින් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගැනීම වැදගත්.

දරුවා ගොඩ නගන්න.

දරුවෙක් සමාජයට හිතකාමී ලෙසින් ගොඩ නැගීම දෙමව්පියන්ගේ
වගකීමයි.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ ශාරිරික
වර්ධනයට සමගාමීව ඔවුන් ආත්ම ශක්තියෙන් යුක්ත චරිත ලෙසින්
සමාජගත කිරීම ඉතා වැදගත්.

ශ්‍රවණ දුර්වලතා උපතේදීම හඳුනා ගත හැකියි.

නව මාසයක් කුසේ දරාගෙන දරුවෙකුට උපත දුන් පමණින්ම දෙමව්පියන්ට සෑහීමට පත් වෙන්න බැහැ. ඊට හේතුව මේ දරුවාගේ ඇති ශාරීරික දුබලතාවයන් හඳුනා ගැනීමට සාමාන්ය කාලයක් ගත වෙනවා. කන ඇසීම, ඇවිදීම, පෙනිම, කතා කිරීම වැනි මේ හැකියාවන් දරුවාට තිබෙනවාද….? නැද්ද….? යන සැකයෙන් දෙමව්පියන් පසුවෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ උගුර, කන, නාසය, පිළිබඳ විශේෂඥ වෛද්ය එස්.සෙල්වරත්නම් මහතා.

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකු අතරමග කාලයේදී ශ්රවණ ආබාධිත තත්වයට පත් වීමට අවස්ථාවන් තිබෙනවාද…? 

උපතේදී ශ්රවණ ආබාධිත තත්වයක් නොතිබුන දරුවෙකුට සිදු වෙන අනතුරක් නිසා හිසට ඇති වෙන තුවාල, මොලේ උණ, එච්.අයි.වී වෛරස ආසාදිත වීම, කම්මුල්ගාය රෝග තත්වය නිසා ශ්රවණය පිලිබඳ ගැටළු ඇති වෙන්න පුලුවනි. සමහර විට දරුවාගේ මේ තත්වය පැහැදිලිව නොපෙනුනත් පංතියේදී ඇහුම්කන් නොදීම, නිවසේදී මව්පියන් කියන දේ වෙනුවෙන් ප්රතිචාර නොදක්වා සිටීම, රූපවාහිනියේ ශබ්දය වැඩි කිරීම  වැනි හැසිරීම් නිසා දරුවාගේ දුර්වලතාවය හඳුනා ගැනීමට පුලුවනි.

මේ වයසේ දරුවන් වෙනුවෙන් සිදු කරන Pure tone audio-gram පරීක්ෂණය මගින් ලබා දෙන ශබ්ද ආශ්රය කර ගෙන ඔවුන්ගේ ශ්රවණ මටට්ම හඳුනා ගෙන ඒ අයටත් ශ්රවණ ආධාරක ලබා දෙනවා. ඔවුන්ගේ අධ්යාපනය පවත්වා ගෙන යන්න හැකියාව ඇති විදිහට මේ උපකරණයෙන් ඔවුන්ට පහසුවක් ලැබෙනවා. අපි එතැනින් නවත්වන්නේ නැහැ.  

කන ඇසෙන්නේ නැති දරුවෙකු අනිවාර්යෙන්ම කතා කිරීමේ නොහැකි හෙවත් ගොළු බවට පත් වීමට පුළුවනිද…?

සම්පූර්ණයෙන්ම බිහිරි බවට පත් දරුවන්ට කතා කිරීම අපහසුයි. ඊට හේතුව දරුවාට පරිසරයෙන් වචන ග්රහණය කර ගැනීමට බැහැ. ඒ නිසා ඔවුන්ට වාග්කෝෂයක් ගොඩ නගා ගැනීමට අපහසුයි. නමුත් උපතේදීම ශ්රවණය පිලිබඳව තිබෙන දුර්වලතාවය හඳුනා ගත්තොත් ඒ වෙනුවෙන් ප්රතිකාර සිද්ධ වෙන නිසා දරුවාගේ කථනයත් පහසු වෙනවා. ඒ වගේම ශ්රවණ දුර්වලතාවයන් ඇති දරුවන්ට කථන පුහුණුව (Speech therapy) මගින් කතාව පහසු කිරීම හැකියාව තිබෙනවා.

දරුවෙකුට ඇසීම අඩුවීමට බලපාන තවත් හේතු…

ඇතැම් ඖෂධ නිසාත් කනට හානි සිද්ධ වෙනවා..

සමහර ප්‍රතිජීවක නිසා කනට හානි සිදු වෙන්න පුලුවනි. වකුගඩු රෝග, පිලිකා වගේම ඒඞ්ස් රෝග වලට ලබා දෙන ඖෂධ නිසා කනට හානි වෙන්න පුලුවනි.

කනට වතුර ගියාට කන් බෙරය හොඳින් තිබෙනවා නම් මේ වතුර ආපසු එනවා. ඒ නිසා කනේ වතුර කොට්න් බඞ් වැනි දේ දාලා ඉවත් කිරීම අවශ්ය නැහැ. කන් කලාඳුරු වුනත් කඩන්න ගියොත් ඒවා තවත් ඇතුලට තල්ලු වෙනවා. එහෙම වුනාම ඇසීමේ ගැටලු ඇති වුනත් කලාඳුරු ඉවත් කලාම නැවත ඇසීමේ තත්වය හොඳ අතට හැරෙනවා.

හෙම්බිරිස්සාව වැඩිවුනාම 

අපේ නාසය සහ කන එකට සම්බන්ධයි. හෙම්බිරිස්සාව තත්වයේදී නාසය ඔස්සේ බැක්ටීරියා සහ වෛරස කනට ගමන් කරනවා. මැද කනේ සැරව පිරුනාම  සැරව යන්න තැනක් නැති නිසා කන් බෙරය හිල් කර ගෙන පිටතට ගලනවා.නිතර නිතර මේ තත්වය ඇති වීමත් පසුකාලීනව ශ්රවණ තත්වයට වගේම විවිධ අතුරු රෝග තත්වයන්ටත් බලපාන්න පුලුවනි.

කනට ඇට වර්ග දා ගත්තාම

කනට ඇට වර්ග දාගත්තාම වතුර දාන්න හොඳ නැහැ. එහෙම වුනාම ඇට පෙඟිලා හිරවෙන්න පුලුවනි. ඒ නිසා ළඟම තියෙන රෝහලට ගියාම කනට අනතුරක් නොවන විදිහට මේවා ඉවත් කරනවා.

මැද කනට හානි වීම

මැද කනට  වතුර පිරීම, පැසවීම වැනි රෝග තත්වයන් නිසා තාවකාලිකව ඇසීමේ ගැටළු ඇති වන්න පුලුවන් ඒ වුනත් එය ශ්රවණ තත්වය පිළිබඳව ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඖෂධීය හෝ ශල්යකර්ම මගින් යථා තත්වයට පත් කරන ගන්න පුලුවනි. නමුත් මැද කනට විශාල විදිහට හානි සිදු වෙලා තිබුනොත් ඇසීමේ බාධාවන් ඇති වෙන්න ඉඩ තිබෙනවා.

කනට සතුන් ඇතුලුවීම

කනට සතෙකු ඇතුළු වුනොත් ඒ කෘමියා මරණයට පත් කරලා එයින් පසුව අරන් දානවා. කිනිතුල්ලන් වැනි සතුන් කන් බෙරය අල්ලා ගෙන සිටිනවා. එය තද වේදනාවක්. කිනිතුල්ලාගේ විස නිසා මුහුණට එන ස්නායුවලට හානි සිදු වෙලා මුහුණ පැත්තකට යෑම වැනි මේ විදිහට කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුලු වුනාම විවිධ දියර කනට ඇතුලු නොකොට රෝහලකට යෑම අවශයි. එවිට කිනිතුල්ලා මැරෙන්න බේත් දාලා සතියකින් හෝ නියම කරන දිනකදී කනට හානියක් සිදු නොවන විදිහට මලකුණ ඉවත් කරනවා.

 

දැන් දරුවෙකු උපත ලැබූ පසුව ශ්රවණ තත්වයන් ගැන සැක හැර දැනගැනීමේ හැකියාව තිබෙනවා. දරුවෙකුගේ ශ්රවණ තත්වයන් දුර්වල වීමට හේතු කීපයක් බලපානවා. මේ පරිසරය දරුවා මව්කුස සිටින කාලයේ පටන්ම ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ අවදානම් විදිහට…

මවගේ ගර්භාෂයේ සිටියදී මවට ඇති වෙන රෝග සංකුලතාවයන්

මවට ඇති වෙන වෛරස තත්වයන්

මවට ලබා දෙන එන්නත් නිසා

මවගේ වැටීම් වැනි තත්වයන්

අඩු බර දරු උපත්

නොමේරූ දරුවෙකු වීම සහ ලබා දෙන ඖෂධ

පරම්පරාවෙන් 

මෙපමණ කාලයක් දරුවන්ගේ අවදානමක් තිබුණ දරුවන්ගේ පමණක් ශ්රවණ තත්වය පරීක්ෂා කලත් දැන් ලෝක සෞඛ්ය සංවිධානය මගින් දියත් කර තිබෙන Universal screening program සෑම දරුවෙකුගේ උපත සමග ශ්රවණ තත්වය පරීක්ෂා කර බැලීමේ ව්යාපෘතියක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කනට ඇතුළු කරන කුඩා යන්ත්රයක් (Otoacustic Emission) (OAE) මගින් ඇතුලු කනේ සිට ශබ්දය නිකුත් වීම හඳුනා ගන්න පුලුවන්. ඒ මගින්  ස්නායු තත්වය හොඳින් හඳුනා ගැනීමට පුලුවනි. හඳුනා මේ පරීක්ෂනයේදී  සැකයක් නැත්නම් දරුවාගේ ශ්රවණ තත්වය නීරෝගී බව තහවුරු කරනවා. 

යම් විදිහකින් මේ අවස්ථාවේදී යම් අඩුපාඩුවක් හඳුනා ගැනීමට සිදු වුනොත් තවත් පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කරනවා. ඒ පරීක්ෂණය හඳුන්වන්නේ ERA හෙවත් evoke respoce audiometry යනුවෙනුයි. එහිදී ලබා දෙන ශබ්දය මැද කනට ගිහින් ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට ගමන් කරනවා. සාමාන්ය ශ්රවණ තත්වයේදී මේ මාර්ගය පැහැදිලියි.

මේ පරීක්ෂන මගින් දරුවාගේ ශ්රවණ තත්වය ගැන දුර්වලතාවයක් ගැන වාර්තාවක් නැති වුනත් අඩු බර දරු උපත් ඇති දරුවන්, නොමේරූ ඒකකයේ සිටි දරුවන්, සෙංගමාලය වැනි රෝග තත්වයට ප්රතිකාර ලබා දුන් දරුවන් ගැන තව දුරටත් පසුවිපරම් කරමින් ඔවුන්ගේ ශ්රවණ තත්වය ගැන පරීක්ෂා කරනවා.

මේ තත්වයේදී කනට ලබා දෙන අඩු ශබ්ද සිට වැඩි ශබ්ද දක්වා පරාසයක දෙන ශබ්ද මගින් දරුවාගේ ශ්රවණ දුර්වලතාවයේ මටට්ම හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේදීත් අඩුපාඩුවක් හඳුනා ගන්න ලැබුනොත් විශේෂ ශල්ය කර්මයක් මගින් hearing aids එහෙම නැත්නම් ශ්රවණ උපකාර ලබා දීම නිර්දේශ කරනවා. මේ නිසා දරුවන්ගේ ශ්රවණාබාධ හඳුනා ගෙන ලබා දෙන ප්රතිකාර නිසා ඔවුන්ගේ ශ්රවණ තත්වය වගේම කතා කිරීමට ඇති අපහසුතාවයන්ටත් පිලියම් ලැබෙනවා. මේ  විදිහට ශ්රවණ ආධාරක ලබා දෙන දරුවන් ගැනත් අපේ  පසුවිපරම් සිදු වෙනවා.

ශ්රවණ ආධාරක මගිනුත් සාර්ථක ප්රතිඵල ලැබෙන්නේ නැත්නම් හෝ ශ්රවණ තත්වය දුර්වල නම් කර්ණ සංඛ බද්ධ කිරීමේ ක්රියාවලියට දරුවා යොමු කරනවා.