Home Blog Page 74

තත්ත්වයෙන් උසස් ඩයපර් පෑන්ට් එකක මේ ලක්ෂණ තිබිය යුතුමයි

අම්මා කෙනෙක්ට පුංචි පැටියා තරම් වටින වෙන කිසිදෙයක් නැහැ. ඒ නිසාම පුංචි දෙයකදී වුණත් සිය දහස් වාරයක් ඒ ගැන හිතන්න, තවත් අම්මලාගෙන් අහලා උපදෙස් ගන්න ඔවුන් යොමු වෙනවා. මොකද හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ දරුවට ආදරය, රැකවරණය වගේම උපරිම සුව පහසුව ලබා දෙන්න. දරැවාගේ සුව පහසුව ගැන කතා කරද්දී මේ ඩයපර් පෑන්ට් දරුවන්ට අපහසුවක්ද කියලා අපේ අම්මලා බොහොම සැලකිලිමත් වෙනවා.

ඇත්තටම ඩයපර් පෑන්ට්ස් දරුවෙක්ට අපහසුවක්ද?

නැහැ. දරු පැටියෙක්ගේ උපරිම සුවපහසුව ගැනම සිතා නිපදවන ලද උසස් තත්ත්වයේ ඩයපර් පෑන්ට් වර්ගයක් නම් කිසිසේත්ම ඔබේ දරුවාට අපහසුවක් ගෙන එන්නේ නැහැ.

හොඳම තත්ත්වයේ ඩයපර් පෑන්ට් එකක් තෝරගන්න නම් මව්වරුන් විදියට අපි ඩයපරයකින් දරුවාට හිමිවිය යුතු වාසි ගැන මුලින්ම දැනුවත් විය යුතුයි. සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මේ කාලසීමාව තුළ අපේ පුංචි පැටව් බොහොම ක්‍රියාශීලී බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දරුවා වෙනුවෙන් අපි බාහිරව යොදාගන්නා කිසිවක් හේතුවෙන් දරුවා අපහසුතාවයට පත් විය යුතු නැහැ කියන අදහසේ සිටින ඔබ සැමවිටම ඔබේ පැටියා වෙනුවෙන් හොඳම‍ දේ ලබාදීමට උනන්දු විය යුතු නිසාම බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.

ඩයපර් පෑන්ට් එකක් වැඩි තුනී බවක් සහිත උපරිම උරා ගැනීමේ හැකියාවකින් සමන් විත වීම ඉතාම වැදගත් කරුණක්. මොකද ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට්ස් දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධාවක්. එවැනි ඩයපර් පෑන්ට්ස් දියර පිරුණු පසු දෙපා අතරින් එල්ලා වැටෙමින් දරුවාගේ දෛනික ක්‍රියාකාරකම්වලට බාධා කරනවා.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් ඔබේ පැටියාගේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය වී ඇති නිසාම එය තුනී බවින් වැඩි උපරිම උරාගැනීමේ හැකියාවක් සහිතව නිපදවා තිබෙනවා. ඒ වගේම මතුපිට වියළි බව එලෙසින්ම පවත්වා ගන්නා බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් කිසිදු අවස්ථාවක කාන්ඳු වීම් ඇති කරන්නේ නැහැ. පැටියාගේ ඩයපර් පෑන්ට් එක මාරු කළ යුතු අවස්ථාව ගැන යම් අවබෝධයක් ලබාගන්න එහි ඇති තෙත් බවේ ප්‍රමාණය හැඟවීමේ (wetness Indicator) විශේෂ හැකියාව අම්මලාට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා.

පුංචි පැටියාගේ සුමුදු සම පිළිබඳව අම්මා කෙනෙක් බොහොම සැලකිලිමත්. අන්න ඒ නිසාම ඩයපර් පෑන්ට්ස් නිසා මේ සුමුදු සම මත යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වුවහොත් කියන බිය ඔවුන් තුළ ති‍බෙනවා. කපු වැනි මතුපිට හරහා වතාශ්‍රය ගමන් කිරීමේ මනා හැකියාවක් සහිතව නිපදවා ඇති බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්ස් අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට ගැලපෙන පරිදි ඔබේ පැටියාගේ සුමුදු සම පිළිබඳව ඉතා කල්පනාකාරී වෙමින් නිපදවා ඇති නිසාම එය භාවිතයෙන් පැටියාගේ සුමුසු සම මත ආසාධන හෝ වෙනත් ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති නොවන බවට සහතිකයි. තවද ඉතා සුමුදු බඳ පටිය කිසිදු ආකාරයකින් පැටියාගේ සම මත තද වීමක් නොවන නිසා කැපීම් ‍හෝ සීරීම් ඇති නොවන බව කිව යුතුමය.

පුංචි පැටියෙක්ට උපරිම සුව පහසුව ලබා දෙන්න ඔබ කොයිතරම් දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුතුද යන්න පිළිබඳව දැන් ඔබට වැ‍ටහෙනවා ඇති. සැමවිටම ඔබේ පැටියා වෙනුවෙන් විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ එන උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරාගැනීමට ඔබ දැනුවත් විය යුත්තේ ඔබේ දරුවාගේ ශාරීරික මෙන්ම මානසික සංවර්ධනය නිසි ආකාරයෙන් සිදුවන්නට නම් බාධාවක් නොතිබිය යුතු නිසාමය.

එදා අකුරු කියැවු මංගල්‍යය

අතීතයේ පටන් අද දක්වාම දරුවෙකුට අකුරු කියවීම සිද්ධ වෙන්නේ වයස අවුරුදු තුන සම්පූර්ණ වූ විටයි. ඒත් අද ඇතැම් අය අවුරුදු දෙකහමාර වැනි වයසේදී වැඩිමහල් අය අකුරු කියවන විට ඇසෙන නිසාත්, දිවා සුරැකුම් මධ්‍යස්තානයට ඇතුළු කිරීමට පෙරාතුව අකුරු කියා දීම වඩාත් සුදුසු යැයි හිතන නිසාත් වයසට කලින්ම මේ චාරිත්‍රය සිදු කරනවා.

නැකතට අනුව අකුරු කියවීම සිදු කරනු ලැබුවේ ගමේ පන්සලේ හාමුදුරුවන්,පාසලේ ගුරුවරයා හෝ ගමේ වෙදමහතා විසිනුයි. අද වෙන විට හැම දෙමව්පියෙකුගේම සාක්ෂරතාවය ඉහල නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අකුරු කියැවීම ඔවුන්ගෙන්ම සිදු වෙනවා. එහිදී අනුගමනය කරන වතාවත් මේ විදිහටයි.

මුලින්ම බුදුරජාණන්වහන්සේට මල්, පහන්, සුවඳදුම් පුදා තෙරුවන් වැද දෙවියන්ට පිං දීම සිදු වෙනවා. පොත අතට දීම වෙනුවෙන් සකස් කරන ලද මේසයක් තිබෙනවා. එහි ගනදෙවියන්ගේ රූපයක්/සරස්වතී මෑනිය්නගේ රූපයක් තබා තිබෙනවා. ගණදෙවියන් නුවණට අධිපතියි.සරස්වතියත් නැණ නුවණට අධිපතියි.

ඉස්සර කාලයේ අකුරු කියවීම පුහුනු කරනු ලැබුවේ වැලිපිල්ලේ ලිවීමෙන්. වැලිපිල්ල යනුවෙන් හැදින්වෙන්නේ ලී පුවරුවක් හතර පැත්තේ ලී පටි ගසා පුවරුව කලු පැහැයෙන් පාට කර ඒ මත සිහින් වැලි අතුරා සකස් කර ගත් උපකරණයකි. මේ වැලිපිල්ලේ අකුරු  ලිය්නනේ ඇගිල්ලෙන්. එහෙම ලියද්දී වැලි ඈත් වී අකුර ඉස්මතු වෙනවා. යටින් තිබෙන කළු පැහැය දැන් මතු වී පේනවා. ඇඟිල්ල වැලි වලට කැවී තුවාල වීමෙන් ආරක්ෂා කර ගැනීමට ‘‘කුඹුරු“ යනුවෙන් හැදින්වුන ගෙඩි වර්ගයක් කපා එය ඇඟිල්ල අගට සවි කර ගත්තා.

ලියන අතරේම අකුර ශබ්ද නගා කියවනවා. එය හැදින්වුයේ ‘‘පිල්ලම් කියැවීම “ යනුවෙනුයි. එය කියවන රටාවක් තිබුනා. අකුරු ශබ්ද නගා කියවන විස්තරය ‘‘ගණදෙවි හෑල්ල “පොතෙහි සදහන් වෙනවා.

අකුරු හදුනා ගැනීමෙන් පසුව කියවනු ලැබුවේ ‘‘නම්පොත“යි.නම්පොත අවසානයේ ‘මගුල් ලකුණ“නම් කොටසක් ඇත. නම්පොත සහ මගුල් ලකුණ කියැවීමෙන් පසුව‘‘ගනදෙවි හෑල්ල “ සහ ‘‘වදන්කවි පොත “ කියවයි.පැරණි අකුරු කරවීම ගැන ‘‘ගණදෙවිහෑල්ල “කෘතියේ මෙසේ දැක් වේ.

ගෙන්නවා ගුරු ඇදුරු

වතක් අදවා සොඳුරු

තනා පස් රස මියුරු

දෙවා බුලතුත් කපුරු

කියා සිත් ලෙස දැනේ

වැල්ලේද ලියමිනේ

සැහැලි පොත් කියමිනේ

බුද්දගජ්ජය දැනේ…

අතීතයේදී සාක්ෂරතාවය බොහෝ විට සීමා වූයේ යම් පමණකින් එදිනෙදා බෙහෙත් වට්ටෝරුවක් කියවා ගැනීමට මිස උසස් අදයාපනයක් වෙනුවෙන් නොවේ. ඒ නිසා කියැවිය යුතු පොත් අතරට බුද්දගජ්ජය,සකස්කඩ නැමැති ග්‍රන්ථ ඇතුලත් විය. කටවහරට පවා

සකස්කඩ නොකී කට

උගේ කට හුඹස් කට යැයි …ගොඩ නැගී තිබුනි.

අතීතයේදී පාසල අද මෙන් සුන්දර වටපිටාවක නොවීය. ගුරුවරයා සැබැවින්ම දරුවාට සිප් සතර දෙන්නට සැදී පැහැදී සිටියද අද මෙන් මිත්‍රශීලී නොවීය.අකුරට කම්මැලි වූ තැනදී ලබා දුන් දඬුවම් ගැන‘‘ වදන්කවිපොත“ සිහිපත් කරන්නේ  මේ අන්දමටයි.

වේවැල් කෝටු නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු

මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු

පමා නොවී එමි අකුරට මෙයින් මතු…..

එහෙත් දරුවන් අකුරට මැලි වූයේ නැත අකුරු උගත් තැන ඉදිරිය ඇති බැව් ඔවුන් දැන උන්හ. ඒ බවට මෙම කවිය මනා වූ සාක්ෂියකි.

අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා

වල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල් ගිය රෙදි වැරලි ඇද දැළි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

 

දෙමාපියන්ගේ වෙන්වීම දරුවන්ට මේ විදියට බලපායි කියලා ඔබ සිතුවේ නැහැ නේද?

පුංචි දරුවන්ට එයාලගේ පවුල තරම් වටින, විශ්වාසනීය, ආදරණීය වෙනත් තැනක් නම් නැහැ. අම්මා, තාත්තා දෙන්නම තුරුල්ලේ ආදරය විඳින එක, හුරතල් වෙන එත තරම් පුංචි පැටව් වෙනත් දෙයක් සොයන්නෙත් නැහැ. ආදරයෙන් වෙලීලා බොහොම ආදරණීයව ජීවිතය ගත කරපු පවුල් නොහිතන මොහොතක කැඩී බිඳී යන අවස්ථා අද වෙන විට බහුලව අහන්න ලැබෙනවා. අන්න ඒ නිසාම දෙමාපියන්ගේ වෙන්වීමකදී එය දරැවාට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්න අපි හිතුවා.

දෙමාපියන්ගේ වෙන් වීමකදී මුලින්ම දරුවෙකුට ඇතිවන්නේ දෙමාපියන් වෙන්වන බව අදහාගැනීමට අපහසු වීමයි. මේ අවස්ථාවේදී ඔවුන් දෙමාපියන් වෙන්වන බව ප්‍රකාශ කළත් එසේ නොවනු ඇතයි සිතනවා. නැතිනම් ඔවුන් නැවත එක්වනු ඇතයි සිතනවා. ඉන්පසු ඇතිවන්නේ දෙමාපියන් වෙන්වීම පිළිබඳ දෙමාපියන් කෙරෙහි කේන්තියක් ඇතිවීමයි. දෙමාපියන් ආත්මාර්ථකාමී බවත්, ඔවුන් ගැන පමණක් සිතන බවත්, දරුවාගේ සතුට ගැන තැකීමක් නැති බවත් සිතනවා. ඉන්පසු දරුවන් බොහෝවිට දෙමාපියන් නැවත එක් කිරීමට උත්සහ ගන්නවා. මෙය සාර්ථක නොවූ පසු ඔවුන් දුකටත්, කනස්සල්ලටත් පත්වනවා. අවසානයේ කාලයත් සමඟ ඔවුන්  දෙමාපියන් නැවත එක් නොවන බව තේරුම් ගෙන එයට හැඩ ගැසෙනවා. දරුවන් දෙමාපියන්ගේ වෙන්වීමට ප්‍රතිචාර දක්වන අන්දම දරුවාගේ වයස අනුව ද වෙනස් වේ.

අවුරුදු 3ට අඩු දරුවන්

  • වැඩිපුර හැඬීම
  • නින්දට බාධා ඇතිවිය හැකිය/බියකරු සිහින දැකීම
  • වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇ‍ඟෙහි එල්ලීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5 අතර)

  • මව/පියා දැන් තමාට ආදරය නොකරන බව සිතීම
  • දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
  • වෙනදාට වඩා නිතරම මව/පියා සතු‍ටු කිරීමට උත්සහ කිරීම
  • නැවත ඇඳ තෙමීමට, ඇඟිලි ඉරීමට හෝ නැවත කුඩා දරුවෙක් ලෙස කතා කිරීමට පටන් ගැනීම
  • වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇ‍ඟෙහි එල්ලීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

අවුරුදු 6-8 අතර දරුවන්

  • වෙන්වූ මව/පියා නැතිව දැඩි පාළුවක්/කාංසාවක් දැනීම
  • වෙන්වීම නිසා මවට/පියාට ඇතිවන ගැටළු ගැන කල්පනා කිරීම
  • දරුවා ජීවත් වන්නේ මව සමඟ නම්, ඔවුන්ට පියාත් සමඟ ඇති සම්බන්ධය නැති වේයැයි බිය වීම
  • දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
  • නිතරම හැඬීම, දුකින් සිටීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

අවුරුදු 9-12 අතර දරුවන්

  • දෙමාපියන්ගේ වෙන්වීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම
  • එක් දෙමාපියෙකුගේ පැත්ත ගෙන අනෙක් කෙනාට වරද පැටවීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
  • තමාගේ අනාගතය ගැන බිය වීම
  • නිතර බඩේ අමාරු, හිසේ කැක්කුම් ආදිය ඇතිවීම

අවුරුදු 13-18 අතර

  • දෙමාපියන්ට තවදුරටත් තමාගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වේ යැයි බිය වීම
  • දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාව දුර්වල වීම/ පවුලෙන් ඈත් වීම
  • වැඩිපුර ස්වාධීන වීමට උත්සහ ගැනීම
  • පාසැල් වැඩට ඇති උනන්දුව/අවධානය අඩුවීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

දෙමාපියන්ගේ වෙන්වීම ගැන දරුවාට කිව යුත්තේ මොනවාද?

  • හැකිනම් දෙමාපියන් දෙදෙනාම එක්ව දරුවාට මේ ගැන පවසන්න. නමුත් මේ ගැන කතා කිරීමේදී ඔබ දෙදෙනා රණ්ඩු වේයැයි සිතේ නම්, වෙන් වෙන්ව පැවසීම සුදුසුයි.
  • ඔබ දෙදෙනා වෙන්වන බව ඉතා සරලව දරුවාට පැහැදිළි කරන්න. වෙන්වීමට හේතු දරුවා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න එපා.
  • ඔබ දෙදෙනා වෙන් වුනත්, දෙදෙනාම පෙර සේම දරුවාට ආදරය කරනබව පැහැදිලි කරන්න
  • ඔබ දෙදෙනා වෙන්වීමට දරුවා කිසිම ආකාරයකින් වගකිඅයුතු නොවන බව පවසන්න
  • ඔබ දෙදෙනා නැවත එක් කිරීම සඳහා දරුවාට කළ හැකි දෙයක් නොමැති බව පවසන්න.
  • දෙමාපියන් වෙන්වීම ගැන දරුවා දුක්වන බව තමා දන්නා බව පවසන්න. දරුවාට හැඟිම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා දෙමාපියන් දෙදෙනාටම ආදරය කරන බව ඔබ දෙදෙනාම දන්නා බවත්, එමනිස දරුවාට වෙනදා මෙන්ම ඔබ දෙදෙනා සමඟම සම්බන්ධතාවක් පවත්වා ගත හැකි බවත් පවසන්න
  • දරුවාට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙන්න.
  • ඔබ දෙපළ වෙන්වීමෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය වෙනස්වන ආකාරය සාකච්ඡා කරන්න. උදා: දරුවා ජීවත් වන්නේ ඔබ දෙදෙනාගෙන් කවුරුන් සමඟද, සති අන්තය ගත කරන්නේ කාත් සමඟද, වෙනදා අම්මා/තාත්තා කළ දේවල් මින්පසු කරන්නේ කවුද ආදිය
  • දරුවාට බොරු පොරොන්දු දීමෙන් වලකින්න. දරුවාට යමක් පොරොන්දු වුනොත් එම පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉ‍ටුකරන්න. උදා: මව සමඟ ජීවත්වන දරුවාට දිනපතා දුරකථනයෙන් කතා කරන බවට පියා පොරොන්දු වූයේ නම්, පොරොන්දු වූ පරිදි දිනපතා කතා කරන්න. නැතිනම් එවැනි පොරොන්දු දීමෙන් වැලකී සිටින්න.

දෙමාපියන්ගේ වෙන්වීමට හැඩ ගැසීමට උදව් වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

  • දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට හැකි තරම් උත්සහ ගන්න. උදා: වෙනදා මෙන් පාසැල් යාමට, යහළුවන් ඇසුරු කිරීමට, විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත විමට යොමු කරන්න
  • එකවර වෙනස්වීම් රාශියක් සිදුකිරීමෙන් වලකින්න. උදා: ජීවත්වන නගරය, නිවස, පාසල ආදිය සියලු දේ එකවර වෙනස් කිරීමෙන් වලකින්න
  • දරුවාට මව/පියාගේ නෑදෑයින් (උදා: අත්තම්මා, සීයා) සමඟ කිට්‍ටු සම්බන්ධතාවක් තිබුණි නම්, එම සම්බන්ධතා ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට ඉඩදෙන්න
  • දරුවාට ඔබ දෙදෙනාගේ වෙන්වීමට හුරුවීමට කාලයක් ගතවන බව තේරුම් ගන්න

දෙමාපියන් වෙන්වූ අවස්ථාවකදී නොකළ යුතු දේ මොනවාද?

  • දරුවා ඔබ දෙදෙනා අතර පණිවිඩකාරයෙකු ලෙස යොදා ගන්න එපා. ඔබට දරුවාගේ පියාට/මවට යම් පණිවිඩයක් දීමට අවශ්‍ය නම්, එය ඔබම පවසන්න. ඒ සඳහා දරුවා ගැනීමෙන් වලකින්න
  • දරුවා ඉදිරිපිටදී රණ්ඩු වීමෙන් වලකින්න
  • දරුවාගේ මවගේ/පියාගේ වැරදි දරුවා සමඟ පැවසීමෙන් වලකින්න
  • දරුවා ඔබ දෙදෙනාටම එකසේ ආදරය කරන බව මතක තබාගන්න. එමනිසා දරුවාට ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් ‍තෝරා ගන්නට සලස්වන්න එපා.
  • දරුවා තම මව/පියා ගැන ඔත්තු බැලීමට යොදාගන්න එපා. උදා: “තාත්තා කාටද call කරන්නේ”, “අම්මා හම්බුවෙන්න වෙනත් පිරිමි අය එනවද?” වැනි දෑ දරුවාගෙන් ඇසීමෙන් වලකින්න
  • දරුවා ඔබ දෙදෙනා සමඟම සම්බන්ධයක් පවත්වාගැනීම වැදගත්. එමනිසා දරුවාගේ මව/පියාගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා ඔවුන්ට දරුවා සමඟ සම්බන්ධයක් ඇතිකරගැනීම වලක්වන්න එපා.
  • ඔබ දෙදෙනා වෙන් වීමට හේතු දරුවා සමඟ සාකච්ඡා කරන්න එපා. උදා: මව/පියාගේ වෙනත් ආදර සම්බන්ධතා, ලිංගික ගැටළු, නෑදෑයන්ගෙන් වන වෙනස්කම් දරුවා දැනගැනීම අනවශ්‍යයි
  • ඔබගේ සිත සැනසීමට, දුක බෙදාගැනීමට යහළුවෙක් ලෙස දරුවා යොදා ගන්න එපා. ඔබට ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට, දුක බෙදාගැනීමට කෙනෙක් අවශ්‍ය නම්, වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න.

මෙම ලිපියෙන් සාකච්ඡා කළේ සාමාන්‍යය තත්ත්ව යටතේ දෙමාපියන් වෙන්වන අවස්ථාවකදී කළයුතු දේ පමණි. දෙමාපියන් වෙන්වූයේ මව/පියාගෙන් දරුවාට හිංසාවක් හෝ අපයෝජනයක් සිදුවූ නිසා නම් එහිදී ක්‍රියාකළ යුතු ආකාරය මින් වෙනස් ආරක් ගනී.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

දරුවන් සමග ආරක්‍ෂිත බැදීමක්(secure attachment) ඇතිකර ගන්නේ කොහොමද ?

දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු පහ ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන්නේ ශාරීරිකවත් මානසිකවත් දරුවෙකුගේ සීග්‍ර වර්ධනය සිදුවන කාලය මේ කාලය නිසයි. දරැවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී මොළය තුළ ස්නායු තන්තු මිලියන ගණනක් නිර්මාණය වීමෙන් සහ ස්නායු තන්තු අතර හුවමාරුව ප්‍රගුණ වීම සිදුවන බව මීට පෙර ලිපි හරහාත් ඔබට දැනුවත් කළ බව මතක ඇති. මෙන්ම මේ කාලය තුළ දරුවෙක් තමාගේ මව හෝ රැකබලාගන්නා සමග ඇති කරගන්නා බැඳීමට අනුව ඒ දරුවාගේ ජීවිතයේ ඉදිරි කාලය තුළ අනෙක් පිරිස් සමග ඇති කරගන්නා බැඳීම් තීරණය වෙනවා. ඒ වගේම දරුවාගේ පෞරුෂ වර්ධනය සහ මානසික ඒකාග්‍රතාවයත් මේ බැඳීම මත  තීරණය වෙනවා.

දරුවා සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

ඔබ දෛනිකව අතිශය කාර්යබහුල අවස්ථාවක් සිහියට නඟන්න. උදාහරණයක් විදියට දරැවා සමග ඔබ නිවසට පැමිණෙන අවස්ථාව ගනිමු. මේ වගේ අවස්ථාවක අම්මා කෙනෙක්ගේ හිතේ එකිට එක බොහොමයක් කාර්යයන් පෙල ගැසෙනවා. ගෙදර ගිය ගමන් පැටියා වොෂ් කරන්න ඕනේ, කෑම බීම හදාලා දෙන්න ඕනේ. මෙන්න මේ විදියට වගකීම් ගොඩක් අම්මා කෙනෙක්ගේ මනසට එනවා. ගෙදරට ඇතුලු වුණු ගමන්ම අම්මා මේ රාජකාරී වෙනුවෙන් කැප වෙනවා. ඔය අතරේදී අම්මා ළඟට එන පුංචි පැටියව අපි කී වරක් නම් නැවත හරවා යවනවද, අනේ පැටියෝ තව පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න කියලා. ඉතිං මේ දරු පැටියා පොඩි වටයක් ගිහින් ආයෙත් කැරකිලා එන්නේ ඔබ ළඟටමයි නේද? මේ වගේ තත්ත්වයකදී දරුවට කෑකෝ ගසන දෙමාපියනුත් නැතිවම නෙවෙයි. තත්ත්වය අපිට කරදරයක් විදියට යම් විටෙක සිතුණත් මෙතැනදී අපි අවබෝද කරගත යුතු සුවිශේෂී යමක් තියෙනවා.

ඇයි ඔබේ දරුවා විටින් විට මෙලෙස ඔබ වෙත එන්නේ?

බැඳීම් ඇති කරගැනීමේ න්‍යායට (Attachment theory )අනුව දරැවන්ගේ ආරක්‍ෂිත ස්ථානය (safe haven) වන්නේ අපියි. මේ පුංචි දරුවෝ නිදිමත, කුසගින්න, වෙහෙස, වේදනාව, සතුට හෝ කිසිදු හේතුවක් නැතිවත් ඔවුන්නේ ආරක්ෂිත ස්ථානය වන අපි වෙත ඇදෙනවාමේ දරුවෝ මේ විදියට විටින් විට අප කරා පැමිණෙන්නේ මානසික සුවය වැඩිකරගන්න. සරලව කිව්වොත් එයාලගේ emotional cup එක පුරවා ගන්න.

ඉතින් අපි මොකද්ද කළ යුතු වන්නේ,

තුරැලු කරගැනීම, සිප වැළඳ ගැනීම, ආදරයෙන් කතා බහ කිරීම වගේම දරුවා කෙරේ අවධනය යොමු කිරීමත් මේ පුංචි පැටවුන්ගේ emotional cup පුරවන්න බොහොම ප්‍රමාණවත්. ඉතිං මේ පුංචි පැටව් විටින් විටේ මෙන්න මේ විදියට එයාලගේ emotional cup එක ආදරයෙන් පුරවා ගන්න අපි ළඟට එනවා. මේ ක්‍රියාවලිය ආරක්ෂිත බැඳීමක් තුළින් දරුවෙකුගේ  මානසික සංවර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. සමීක්ෂණ වාර්තා අනුව ගත් කළ දෙමාපියන් වශයෙන් අපට මේ පුංචි පැටවුන්ගේ emotional cup එක 30%කින් වත් පිරවිය හැකි නම් දරුවා සමග හොඳ බැඳීමක් ඇති කරගත හැකි බවයි.

නමුත් අද වෙද්දී තාක්ෂණික මෙවලම් සමග මව්පියන් මෙන්ම දරුවනනුත් කාර්ය බහුල වෙලා. ඉතිං

emotional cup එක පිරවීමක් සිදු වෙන්න ඉඩ කඩ සීමිතයි. දුරකතනය, ටැබ් එක එක්ක කාර්යබහුල වුණු මවට පියාට දරුවාගේ පැමිණීමක් හෝ වෙනත් දෙයකට අවධානයක් නැහැ. ඇතැම් විට දරැවා වැටුණත් නොපෙනෙනවා විය හැකියි. මොකද වැඩිහිටියන් වුණත් අපේ මනස දුරකතනයට යොමු වෙලා. මේක අනිත් පැත්තට හිතුවොත් අපේ වැඩ පහසු කරගන්න අපි දරැවට දුරකතනය ලබා දෙන අවස්ථාව දැක්විය හැකියි. එතකොට දරැවා එයාගේ emotional cup එක පුරවගන්න අපි ළඟට එන්නේ නැහැ. මේ අවස්ථාවේදී දරුවා බැඳීම ඇති කරගන්නේ දුරකතනයත් එක්ක.

බැඳීමක් නැති තැන, මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නැහැ. දරුවා අපේ ළඟට එන විට දක්වන ප්‍රතිචාරය වගේම අපේ ළඟින් ඈත්ව යනකොටත් අපි දක්වන ප්‍රතිචාරය ආරක්‍ෂිත බැදීමක් ඇති කර ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා.

අපි දරුවන්ව අනවශ්‍ය ලෙස හිරකර ගත්තොත් මොකද වෙන්නේ?

දරුවා අධික ලෙස ආරක්ෂා කරමින් සෙල්ලම් කරන්න නොදී අප ළඟම තියාගන්නවා නම්, දරුවාට තමන්ගේ පරිසරය ගවේෂණය කරමින් ඉගෙන ගැනීමේ හැකියාව සීමා වෙනවා. අපේ අතින් විවිධ වයස් වල සිටිනා දරුවන්ව විවිධ විදියට සීමා වෙන්න පුළුවන්.

අත දරුවෙක් – අප තුරුලේම තියාගෙන දරුවාට බඩ ගාන්නවත් නොදී තබාගැනීම

වයස අවුරුදු 3 – 5 දරුවෙක් – හැම විටම වඩා ගෙන හිර කරගෙන සිටීම

වයස අවුරුදු 5 – 6 දරුවෙක් – යහලුවන් සමග සෙල්ලම් කරන්න නොදී, ක්‍රීඩාවලින් ඈත් කරලා තබාගැනීම

නමුත් දරැවන්ගේ මානසික සංවර්ධනයට ඔවුන් අප වෙතින් තම emotional cup එක පුරවා ගන්නවා සේම අපෙන් බාහිරව පරිසරය ගවේෂණය කරමින් ලබාගන්නා අත්දැකීම් ලබාගැනීමත් බොහෝසෙයින් වැදගත් වේ. දරුවාගේ මානසික වර්ධනය වන මුලු කාලයම ගතහොත් (අවුරුදු 0 – 25) අවම වශයෙන් 30% ඒ අවශ්‍යතා ඉටු විය යුතුයි. දරුවෙකුට අප වෙත ළං වීමට වගේම වෙන් වීමටත් 30%කවත් අවස්තාවක් හිමිවනවා නම් ඒ දරුවන් අප සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගැනීමට සමත් වේ. කෙසේ වුවද දරුවන් සමග ආරක්‍ෂිත බැඳීමක් ඇතිකරගන්න දෙමාපියෙක් සර්වසම්පූර්ණ (100%) විය යුතු නැහැ.

කාර්යබහුල/දරුවන්ගේ මානසික අවශ්‍යතා ගැන අවබෝදයක් නැති/දරුවන් වැඩි ගණනක් සිටින/කායික හෝ මානසික ගැටලු ඇති/ මත්පැන් මත්ද්‍රව්‍ය නිසා හෝ ගෘහස්ත වදහින්සනය නිසා දුක් විදින  දෙමපියෙකුට දරුවන්ගේ අවශ්‍යතා 30%ක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවේ. අන්න ඒ නිසාම  මූලික වශයෙන් දරුවන් සහ ඔවුන්ගේ හැසිරීම් සහ කායික මානසික අවශ්‍යතා ගැන මූලික අවබෝධයක් දෙමාපියන් වන අප ලබා ගත යුතුයි. එවිට දරැවන්ගේ අවශ්‍යවලට මුල් තැනදී කටයුතු කළ හැකියි. ඒ හරහා දරැවා අප සමග secure attachment එකක් ඇති කරගැනීමට පෙළඹේ.

Secure attachment/ ආරක්‍ෂිත බැදීමක් ඇති විට දෙමාපියන් අතින් වෙන අතපසු වීම්, වැරදි, නොගැලපීම්, emotional cup නොපිරවීම් යන හැම දෙයකිම්ම දරුවා අත්දැකීම් ලබා ඒවගෙන් ඉගෙන ගන්නා අතරම එමගින් දරුවා යම් දිනෙක තනිව ලෝකෙයට යොමු වීමේදී දුක සැල විඳ දරා ගනිමින් ජීවත් විමට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහු තුළ ගොඩනැගෙනවා.

ඉතින් සමහර දෙමාපියන් අතින් වෙන්න පුළුවන් දෙයක් තමයි, මුළු ලෝකයම ගවේෂණය කරන්න දුන්නත්, දරුවෝ තමන් ලගට ආවිට ඔවුන්ව හරවා යවන එක. උදාහරණයක් විදියට, දරුවෙක් වැටිලා රිදිලා ඔයා ලගට ආවම නිතැතින් විය හැකි දෙයක් තමයි ” ඕක මොකක්ද, පොඩි හීරිල්ලකනේ, ඔයා ලොකු ළමයෙක්නේ යන්න යන්න තව සෙල්ලම් කරන්න.” මේ විදියට දරුවා තමන් ලගට එන වෙලාවට දරුවාගේ emotional cup නොපුරවා එයාගේ හැඟීම් නොසලකා හරිනවා නම් දරැවා තුළ ඇති වන්නේ කණස්සල්ලය සහිත බැඳීමක් (anxious avoidant attachment). එමගින් දරැවන් තුළ තමන්ගේ දුක, බය, කේන්තිය, තරහ වගේ හැගීම් යටපත් කරන්න පුරුදුවෙන තත්වයක් ඇති විය හැකි අතරම එය සම්පූරණ ජීවිතකාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි. දරැවෙක් මේ තත්ත්වයට නිතර නිතර මුහුණ දීමෙන් අනාගතය, සබඳතා ඇතුලු හැමදේම දිහා හිස්කමකින් බලන අතරම එය ඔවුන්ගේ මානසික සහ පෞරුෂ වර්ධනයට බලවත් හානියක්/දෝෂ ඇතිකළ හැකි තත්ත්වයකි. වැඩිහිටි වියේදී ප්‍රශ්නවලින් පලායන, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පත්විය හැකියි.

තවත් සමහර දෙමාපියන් දරුවාව තුරුළු කරගෙන මිරිකගෙන හැදුවත්, දරුවාට තමන්ගෙන් ඈත් වෙලා ලෝකේ ගවේෂණය කරන්න නම් ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඇති වන්නේ anxious ambivalent attachment තත්වයක්. මේක හොඳටම පෙන්නේ ඒ දරුවන් දෙමාපියන්ගෙන් තවකාලිකව වෙන්වන අවස්ථාවලදී. උදාහරනයක් විදියට දරුවා පෙර පාසලේදී තමන්ගේ දෙමාපියන්ට අධික ” clingy” තත්ත්වයක් පිළිබිබූ කරන්න පුලවන්”. ලොකු දරුවෙක් නම්, පාසල් යන්න දරුණු අදිමදි කිරීමක් කරන්න පුලුවන්. දිගටම මේ තත්ත්වය පැවතුනොත්, ඔවුන් වැඩිහිටියන් වූ විටත් බොහෝ විට ඕනවට වඩා තම සහකරුවට වදයක් වන තරමටම clingy වී සබඳතාවල ගැටලු ඇති කරගැනීම පමණක් නොවෙයි තමන්ගේ මානසික ඒකාග්‍රතාවය තබා ගැනීමට පවා නොහැකිව අසතුටින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්විය හැකියි.

ඉහත සදහන් කාරණා දෙක 30% වත් කරන්න. ඒ කියන්නේ 70% දරුවට ඉඩ ලැබෙනවා තමන්ගේ emotional cup නොපිරීමෙන් වෙන දුක දරාගන්න පුරුදු වීමටත්, ලෝකය පරිස්සමෙන් දෙමාපියන්ගේ ආරක්ෂාව යටතේ ගවේෂණය කිරීමටත්. මේ විෂම ලෝකයට ආත්ම ශක්තියෙන් අනූනව මුහුණ දෙන්න හැකියාවක් ලැබේවි.
එවන් දරුවෙකු වැඩිහිටියෙක් වූ දිනෙක මානසික ඒකාග්‍රතාවය රැක ගනිමින් නොබියව ජීවිතයට මූණ දී කම්කටුලු වලින් නිසැකවම ජයගනී.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

දග පොඩ්ඩන්ට සැහැල්ලුවෙන් දවස ගෙවන්න තුනී ඩයපර් පෑන්ට් එක වඩාත් සුදුසු මේ නිසයි

හා හා පුරා කියලා අම්මා කෙනෙක් වුණු කාන්තාවකට වටෙන් පිටෙන් අහන්න ලැබෙන උපදෙස් නම් කෝටියයි. සමහර වැඩිහිටියෝ තමන් ලබපු අත්දැකීම් ගැන විස්තර කළත් ඒ අත්දැකීම තවත් දරුවෙක්ට නොගැලපෙන්නත් බැරි නැහැ. ඒ වගේම මිත්‍යා මතත් එකක් දෙකක් කියලාත් නෙවෙයි. මේ දේවල් කොහොම වුණත් කිසිම අම්මා කෙනෙකුටම මේ හැමදේටම එකඟ වෙලා කටයුතු කරන්න අමාරුයි. මොකද අතීතයේදීට වඩා අද වෙද්දී කාන්තාවන් කියන්‍නේ හරිම කාර්ය බහුල පිරිසක්. ඒ වගේම මිත්‍යා මතවලින් වුවත් බොහෝ දුරට ඈත් වෙලා. ඒත් වැඩිහිටයන් කෙරේ තියෙන භක්තිය ආදරය නිසාම ඔවුන්ගේ වචන නොසලකා හරින්නත් ඔවුන් අකමැතියි. වැඩිහිටියන්ගේ උපදෙස් වගේම අදහස් අතරේ ඩයපර් පෑන්ට්ස් කියනේනේ දරුවාට නොගැලපෙන දෙයක් විදියට තමයි සඳහන් වෙන්නේ.

මව්කුසේ සීමිත ඉඩ පරාසයක දස මසක් වැඩුණු ඔබේ සිඟිත්තා මෙලොවට බිහිවීමත් සමගම සිය වර්ධනයේ බොහොමයක් ඉසව් වේගයෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ කරන බව අපි දන්නවා. දවසින් දවස තම ජීවි‍තයේ බොහොමයක් කඩඉම් පසුකරන මේ පුංචි සිඟිත්තට අවශ්‍ය රැකවරණය වගේම පහසුව සැලසීම මව්වරුන් වන අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. ඒ නිසාම දරු පැටියෙකුගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි. දරුවෙකුගේ වර්ධනයේ එක් එක් අවධීන් වෙනුවෙන් නිසි සංවර්ධනයක් බලාපොරොත්තු වන ඔබ ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.

උඩුබැලි අතට වැතිරී සිටින කිරි කැටියා මුනින් අතට පෙරලීම, වාඩි වීම, බඩ ගා ඇදී යාම වගේම නැගී සිටීමත් ඇවිදීමත් මේ වයස් සී‍මාවේදී සිදු කරන ක්‍රියාකාරකම් අතර මූලික වනවා. දරු පැටියෙක්ට සාර්ථකව ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය නිදහස ඒ අයුරින්ම තිබිය යුතුයි. තෙමා ගැනීම පුංචි පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට බාධකයක් වෙන්න ඉඩ තියන්න අම්මාලා කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම අම්මලා ඩයපර් පෑන්ට් වෙත යොමු වෙනවා. ඩයපර් පෑන්ට් එකක් තෝරාගැනීමේදීත් එහි ස්වභාවය ගැන වැඩි අවධානයක් යොමු කරන අතරම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට්ස්වලට ලැබෙන්නේ මුල් තැනක්. පැටියාගේ නිදහස, සැහැල්ලුව සහ  සුවපහසුව ගැන සිතන ක්‍රියාශීලී බවට සහය වෙන සෑම අම්මා කෙනෙක්ම පැටියා වෙනුවෙන් තෝරාගත යුතු වන්නේ උපරිම තුනී බවකින් යුතු ඩයපර් පෑන්ට් වර්ගයක්.

බොහොම ක්‍රියාශීලී පිරිසක් වන මේ වයසේ සිඟිත්තෝ දඟලන්න, පෙරලෙන්න, දුවන්න, පනින්න විතරක් නෙවෙයි දණ ගාන්න, බඩ ගාන්න මෙන්න මේ වගේ නිමක් නැති ක්‍රියාකාරම් එක්ක කාර්යබහුලයි. ඉතිං ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගය මේ පැටවුන්ගේ නම්‍යශීලී බවට බාධාවක් නොවන සැහැල්ලු එකක් විය යුතුයි. මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු සුවිශේෂීම කරුණ වන්නේ ඩයපර් පෑන්ට් එකෙහි ඇති තුනී බවයි. ඔබේ පැටියා වෙනුවෙන් තෝරා ගන්නා ඩයපර් පෑන්ට් එක ඝනකමින් වැඩි වුවහොත් පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට අනිවාර්යෙන්ම බාධාවනු ඇත. දරුවාගේ වේගවත් බව බාල කිරීමට ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට්ස් හේතු විය හැකි අතරම දියර පිරීමත් සමගම ඒ බාධාවක් දෙතුන් ගුණයකින් ඉහළ යා හැකිය. අන්න ඒ නිසාම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට් වර්ගයක් තෝරා ගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුතුයි. එමගින් දරුවාගේ චලනයන් වෙත කිසිදු බාධාවක් එල්ල නොවේ.

ඩයපර් පෑන්ට්ස් සුව නින්දක් ඔබේ දරුවාට ලබාදීමටත් ඔබට සහය වනු ඇත. නමුත් ඔබේ දරුවාට සුව පහසු නින්දක් හිමිවන්නේ ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ග උපරිම තුනී බවින් යුක්ත එකක් නම් පමණි. තුනී බවින් වැඩි ඩයපර පෑන්ට් වර්යක් ඔබ භාවිත කරයි නම් දරුවාට තමා කැමති ආකාරයක සුව පහසු ඉරියව්වකට යොමු වීමට බාධාවක් ඇති නොකරයි. ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් මගින් ඇතැම් විට ඔබ දරුවා ඇඳ මත තබන ඉරියව්වේම සිටීමට සිදු විය හැකි අතරම තුනී ඩයපර් පෑන්ට් එකක් ඇන්ද වීමෙන් දරුවාගේ සුවපහසු ඉරියව් කරා යමින් සැපවත් නින්දක් ලබා ගත හැකිය. තෙත් වීම නිසා හෝ ඝනකම් ඩයපරය නිසා ඇති වන අපහසුතාවය හේතුවෙන් රාත්‍රිය පුරා විටින් විට දරුවාගේ නින්දට බාධා වුවහොත් දරුවාගේ සුව නින්ද අහිමි වනු ඇත. සුව පහසු නින්දක් හිමි වුණු දරුවෙක් ඉතා ප්‍රබෝධමත්ව අවධි වී ඉතා සතුටින් කාලය ගත කරන අතරම ඒ සතුට දරුවන්ගේ මානසික සංවර්ධනය උදෙසාත් ඉවහල් වනු ඇත. එම නිසා ඔබේ දරුවාට සතුට ළඟා කරදීමට ඔබේ නිවැරදි තෝරාගැනීම බෙහෙවින් උපකාර වනු ඇත.

ඔබ, ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් සමගින් ලබා ඇති නොයෙක් අමිහිරි අත්දැකීම් නිසාම ඔබේ පැටියාට ඩයපර් පෑන්ට්ස් ඇන්ද වීම නතර කර දැමූ මවක් විය හැකියි. නමුත් ඔබේ තෝරා ගැනීම තුනී බවින් වැඩි උපරිම උරාගැනීමේ හැකියාවක් ඇති ඩයපර් පෑන්ට් වර්ගයක් නම් ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් නිසා දියර පිරුණු විගස දෙපා අතරින එල්ලා වැටීම වැනි වූ ඒ අපහසුතා කිසිවිටෙක් නැවත ඇති නොවනු ඇත. තම දෛනික ක්‍රියාකාරකම් කෙරේ ඉතා සතුටෙන් යොමුවන තෘප්තිමත් දරුවෙක් සෑම විටම සතුටින් සහ සුවපහසුවෙන් කාලය ගත කරයි. එය වක්‍රාකාරව ඔබේත් පවුලේත් සතුටට හේතු වනු ඇත. ඔබ, ඔබේ පැටියා වෙනුවෙන් නිවැරදිම දේ තෝරා ගැනීමට සැමවිටම සැලකිලිමත් වෙන්න.

මේඝ මේ තරම් දුර ගියේ දෙමව්පියන් ඔහු හදුනාගත් නිසයි

ඉර, හඳ, තරු ගැන දරුවන්ගේ හිතේ නැගෙන සිතුවිලි උපන්ගෙයිම මරා දැමීමටහෝ , ඒ ඔස්සේ ඔවුන්ගේ චින්තනය අවදි කිරීමටත් හැකියාව ඇත්තේ දෙමව්පියන්ටයි.මේඝ මහිම විජේසේකර නැමැති පුංචි දරුවාගේ හිතේ බයිබලයේ මැවුම්කාර චිත්‍රය තදින්ම හිතේ සනිටුහන් වුනා. ඔහු ඒ ගැන විවිධ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. අහසේ විශාලත්වය, තරුවල විවිධ ලක්ෂණ වැනි තාර්තික සංකල්පවලට අම්මා , තාත්තාටත් පිලිතුරු තිබුනේ නැහැ.

මේ වෙන විට ඔවුන් පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ. මේඝගේ මව දොෂාන්ති විජේවර්ධන සන්නිවේදන උපාධිධාරිනියක්.පුතා නගන ප්‍රශ්නවලට පිලිතුරු දීමට ඇගේ දැණුම ප්‍රමාණවත් නොවුන නිසා ලංකාවේ සිටි ඇගේ පියා සමග ස්කයිප් ඔස්සේ පුතුගේ ප්‍රහ්නවලට විද්‍යාත්මකව ගැලපෙන පිළිතුරු සොයා ගත්තා.

යාන්තම් අකුරු ගලපා ගැනීමට හැකියාව ලද තැන පටන් මේඝ පොත් පත් කියවන්න පටන් ගත්තා. නමුත් ඒ රටාව ඔහුගේ වයසේ දරුවන්ට සාපේක්ෂව වෙනස්. මේඝ නිතරම කියවනු ලැබුවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍ය පමණයි. ඔහුගේ කියැවීමේ වේගය කොතරම්ද කිවහොත් පාසල් පුස්තකාලයේ සියලුම පොත් ඔහු කියවා අවසාන කලා. වරක් පාසල් පුස්තකාලය ඔහුට ප්‍රබන්ධ නොවන පොත් කියැවීම නවත්වන ලෙසට තහංචි පවා පනවා තිබුණා.මේඝ නිතරම ඇසුරු කලේ ඔහුගේ සමවයස් කණ්ඩායම් නොවෙයි. එහුගේ මිතුරන් වුනේ වැඩිහිටි සිසුන්, ගුරුවරුන්.අම්මා තාත්තාගේ දැනීමේ හැටියට තම පුතුගේ හැසිරීමේ වෙනසක් දුටු නිසා ඔවුන් දරුවා මනෝ වෛද්‍යවරුයෙකුට පවා පෙන්නුවා.

එහිදී වෛද්‍යවරයා කියා සිටියේ මේඝගේ මොලයේ වර්ධනය ඔහුට වඩා වයසින් අවුරුදු පහක් පමණ වැඩි අයෙකුගේ මොළයට සමාන බවයි. මේඝගේ දෙමව්පියන් ඔහු අධ්‍යාපනය ලබන පාසලෙන් වෙනස් කරල ‘‘ඇඩිලේඩ් හි වෙස්ට්මිනිස්ටර් “ පාසලට ඇතුලත් කලා.එහිදී මේ පාසලේ ගුරුවරුන් මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රම පවා වෙනස් කරනු ලැබුවා.

මේඝ විද්‍යාවට විතරක් ඇබ්බැහි වුන චරිතයක් නොවෙයි. බාලකාලයේ පටන් ඔහු අත්තම්මා සමග එක්ව ගීත ගායනය, පියානෝ වාදනය වැනි සංගීතයට යොමු වුණා. වයස අවුරුදු තුනක් වෙද්දී මේඝට හොදන් පියානෝ වාදනය කිරීමේ හැකියාව ලැබුණා.පාසලේ professional drum set වාදනය කිරීමටත් ඔහු ඉදිරිපත් වුණා.පාසලේ චෙස්, ක්‍රිකට් සහ පිහිනුම් කටයුතුවලදීත් ඔහු සිටියේ ඉදිරියෙන්.

මේඝ මොනතරම් වෙනස් දරුවෙක්ද කිව්වොත් රාත්‍රි කාලයේ නිදා ගැනීම ඔහු දැක්කේ කාලය අපතේ හැරීමක් විදිහටයි.උදෙන්ම අවදි වෙන ඔහු පොතක් කියැවීම හෝ වෙනත් ඵලදායී දෙයක් වෙනුවෙන් යොමු වුනා.

පුතාගේ අභ්‍යවකාශ උණ කවදාවත්ම සුව නොවන බව පෙනී ගිය නිසා  දෙමව්පියන් විසින් ඔහු Future Problem-solving club ආයතනයට ඇතුලත් කලා. ඒ වෙන විට ඔහුගේ වයස  අවුරුදු හතරක්.මේ පාඨමාලාවහදාරන කාලයේ ඔහු විශ්වවිද්‍යාල සිසුන් සමග කරිට කර ගැටුනා.අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයින් විසින් රාත්‍රි කාලයේ පවත්වන දේශනවලටත් නොපැකිලව සම්බන්ධ වුනා.

ඔහු ලබා ගත් දැණුම නිසාම 2017 වසරේදී NASA Space App Challenge වෙනුවෙන් ලියාපදිංචියටත් හැකියාව ලැබුනා.මේ් ලියාපදිංචිය ලබා ගත් පුංචිම දරුවා ඔහු. එහිදී ඉංජිනේරුවන් සහ විශ්ව විදයාල සිසුන් සමග අභියෝගයට මේඝ සිටියා කිව්වොත් නිවරැදියි. ඒ නිසාම වායුගෝලය පිළිබඳ අභියෝග ජයගත් මේඝ එහි ලාබාලම කණ්ඩායම් නායකයා වීමටත් ශක්තිය ලබා ගත්තා.

ඒ විතරක් නොවෙයි, Airbus සමාගම සහ ප්‍රංශ රජය ඒකාබද්ධව දියත් කර තිබෙන Acting Space ව්‍යාපෘතිය මගින් මහමුහුදේ නෞකා අතුරුදහන් වීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට හැකි බව අධ්‍යනය කිරීමේ මෙහෙයුමටත් සාර්ථකව මුහුණ දුන්නා.2018 වසරේදී වසර දෙසියයකින් පමණ පෘථිවිය හා‘‘බෙනු“ ග්‍රාහකය වැලැක්වීමේ  මෙහෙයුමටත් සම්බන්ධ වුනා. මේ නිසාම මේඝට NASA Space App Challenge මෙහෙයුමේ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා විදිහට කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ තානාපතිත්වය සාමාන්‍යෙයන් ලැබෙන්නේ ඇමරිකාව හෝ කැනඩාවට වුනත් මේඝ විසින් සපුරා තිබෙන ආරක්ෂක, සමාජ සම්බන්ධතාවයන් සහ සෞඛ්‍යමය හේතූන්ගේ සම්පූර්ණත්වය නිසා ඔහුට මේ තානාන්තරය පිරි නැමීම කිසිසේත්ම ප්‍රතික්සෙප කිරීමට නාසා ආයතනයටත් බැහැ.නාසා ආයතනයේ මහජන සම්බන්ධතාවයන් පිලිබඳව කටයුතු කරන ඇරිසෝනා විහ්ව විද්‍යාලය විසින් මේගට මේ පිලිබඳව පුහුනුවක් ලබා දීමට නියමිතයි. ඒ අනුව ග්‍රාහකයක සිට සාම්පල පෘතිවියට ගෙනෙන මුල්ම OSIRIS-Rex මෙහෙයුම අනුව 2023 වසරේදී ‘‘බෙනු “ සිට මුල්ම සාම්පලය පෘථිවියට ගෙනෙන මෙහෙයුමේ තානාපති විදහට මේඝ කටයුතු කරනවා. ඒ අනුව ඔහුට වගකීම් රාශියක් පැවරී තිබෙනවා.

මෙහෙයුමේ යාවත්කාලීන තොරතුරු ඔස්ට්‍රේලියාවට  ලබා දීම

ඉදිරි සමුලු වෙනුවෙන් තානාපතිවරයා ලෙසින් සහ පුහුනු වැඩසටහන් සඳහාසහභාගි වීම

ව්‍යාපෘතියේ ගැටළු සදහා නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පිළිතුරු ලබා දීම

ඔහුගේ වයස ඇහුවොත් ඔබ පුදුම වේවි. අවුරුදු නවයක දරුවෙක් ගිය දුරක් ගැන පුදුමයට පත් වේවි. ඒත්.. ඒ සියලල් පිටුපස තිබෙන්නේ මේ පුංචි දරුවා ඇසු විමසු සහ කුතුහලයෙන් දුටු හැම දෙයක් සඳහාම දෙමව්පියන්ගේ සාර්ථක මග පෙන්වීමයි. ඒ වගේම ඔහු අධ්‍යාපන ලත් පාසල මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් රටාව පවා හැඩ ගසා ගැනීම නිසා මේ තරම් දුරක් ඔහුට යෑමේ වාසනාව ලැබුනා.

මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් ඉදිරපත් කරමින් මේඝ කියා සිටියේ අවස්තාව කිසිම දිනක අප සොයා එන්නේ නැහැ. නමුත් අපි අවස්ථාව සොයා යා යුතුයි.ඔහුගේ සිහින තවත් අවසාන නැත. මේඝගේ ඉදිරි අනාගත සිහිනය වයස අවුරුදු පහලොව වෙන විට රොකට් විද්‍යාඥයෙකු වීමයි.අපිත් මේ පුංචි ලංකාපුත්‍රයාට හදවතින්ම ආහිර්වාද කරමු.

බිබිසි ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

පවුලේ සෞඛ්‍ය වෙනුවෙන්ආහාර පිලියෙල කිරීමේ වගකීමක් තියෙනවා..

අම්මා කෙනක් විදිහට ඔබ පවුලේ සියලු දෙනාගේම නිරෝගිතාවය ගැන වැඩියෙන් උනන්දු වීම ඉතාම වැදගත්. අපේ ආහාරයේ අන්තර්ගත විය යුතු පෝෂණ පදාර්ථ ගැන දැනගැනීම වගේම අවශ්‍ය පෝෂණය පවුලේ අයට ලැබෙන විදිහට සංග්‍රහ කරන්නේ කොහොමද කියලත් දැන ගැනීම ඉතාම වැදගත්. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද පත්‍රිකාවක දැක්වෙන අන්දමට පවුලක පෝෂණය ගැන අපේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් මේ…

  • වෙනස් රටාවක්…..
    අපේ ආහාරය හැමදාම එකම රටාවකින් නැතුව වෙනස් වෙනස් අන්දමින් පෝෂණය ලැබෙන විදිහට පිලියෙල කර ගැනීම ඉතාම වැදගත්. බොහෝ අම්මලා පාන්, ඉදිආප්ප වගේ තමන්ට පහසුවෙන් සකස් කර ගත හැකි එහෙම නැත්නම් ලබා ගත හැකි දෙයින් තෘප්තිමත් වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ ආහාර වේලක බත්, තිරිගු වැනි පිෂ්ටයත් සමග පරිප්පු, බෝංචි වැනි රනිල කුලයේ එළවලු සමග පලා වර්ගයක් ඇතුලත් වුනොත් නම් බොහොම අගෙයි.පලා නොකියා පලා හදා ගන්නත් අම්මලා දැන ගන්න අවශ්‍යයි. උදේට තෝරා බේරා ගැනීම අපහසු නම් රාත්‍රියේදී තෝරා තියන්න පුලුවනි. හැබැයි මැල්ලුම නම් උදේට ලියාගැනීම වඩාත් හොදයි. එහෙම නැති වුනොත් එහි පැහැය වෙනසවෙන්නත් පුලුවනි..
  • තන්තු පොහොසත් ආහාර ගැනත් අමතක කරන්න එපා.බඩඉරිගු,මෙනේරි, ඕට්ස්, දුඹුරු සහල් වැනි ආහාර තන්තු බහුලයි. තන්තු නිසා නිරන්තර ඇති වෙන කපුටු බඩගිනි ඇති වෙන්නේ නැහැ. පොඩි බඩගිනි ඇති වුනාම අපි ආහාරයට ගන්නා බිස්කට් සහ විවිධ කෙටි කෑම වලින් අනවශ්‍ය විදිහට පිෂ්ට සහ සීනි ගබඩා වෙනවා. ඒත් අවශ්‍යම නම් අමු එළවළුවකින් සදා ගත් සලාදයක්, ඇට වර්ගයක් හෝ නැවුම් පළතුරක් තෝරා ගන්න. ඒ නිසා නිරන්තර බඩගිනි නොවෙන විදිහට තන්තු බහුල ආහාර ගැනත් ඔන්න අම්මලා සැලකිලිමත් වෙන්න…

 

  • ලුණු හොඳ නැහැ…

ලුණු ගැන දිව නම් රස හොයාවි. ඒත් ලුණු කියන්නේ එතරම් හොඳ දෙයක් නොවෙයි.ලුණු අදික විදිහට යොදා ගත්තාම රුධිර පීඩනයත් වැඩි වෙන්න පුලුවනි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත මාත්‍රාව විදිහට දිනකට අප විසින් පරිභෝජනය කළ යුතු ලුණු ග්‍රෑම් තේ හැන්දකට සමානයි. ආහාරයට ලුනු වැඩියෙන් එකතු නොකලත් ඇතැම් ආහාර මගින් සිරුරට ලුණු එකතු වීමේ අවදානමත් වැඩියි.

ලුණු යොදා සකස් කරන ලද සෝස්,ස්ටොක් වගේම ලුණු යොදා සකස් කරන ලද බයිටිස් වර්ගත් අඩුවෙන් නිවසේ උදවියගේ ආහාරයෙන් සීරුවට ඉවත් කරන්න පුලුවනි.

  • ටින් සහ කෑන් කරන ලද ආහාර
  • වියලන ලද එළවලු, ඇට වර්ග,පළතුරු වලත් ලුණු අධිකයි.
  • කෑම මේසයේ තබා ඇති ලුණු බෝතලයත් නම් අවශ්‍ය නැහැ. බෝතලය දැක්කාමත් ලුණු එකතු කර ගන්න පුලුවනි.
  • ඒ වගේම ආහාර ඇසුරුමේ සෝඩියම් ප්‍රතිශතය ගැන සටහන තිබෙනවා. මිළට ගැනීමේදී අඩු ප්‍රතිශතයක් ඇති ඇසුරුම තෝරා ගන්න.
  • ආහාර වෙනුවෙන් යොදා ගන්නා තෙල් සීමා කරන්න.

මේද බහුල වුනාම තරබාරුව, හදවත් රෝග වගේම ආඝාත තත්වයට ගොදුරු වීමේ අවදානම වැඩියි. මේද අධික ආහාර වේලකින් හෘද රෝග ඇති වීමේ අවදානම 30% කින් වැඩි වෙන බවත් විවිධ පර්යේෂණයන් මගින් හදුනා ගෙන තිබෙනවා.අපි බලමු මේද බහුල ආහාර කප්පාදු කරන්නේ කොහොමද…?

  • බටර්, ගිතෙල් වෙනුවට ඉරිගු, සුරියකාන්තා වැනි තෙල් ආදේශ කරන්න.
  • රතු මස්වලට වඩා තෙල් අඩු කුකුළු මස්, මාළු වැනි සුදු මස් වර්ග ආහාරයට ගන්න.සැකසූ මස් පරිභෝජනය සීමා කරන්න.
  • ආහාර බැදුම් වෙනුවට ස්ටීම් හෝ තම්බා ගන්න.

    ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර සහ ක්ෂනික ආහාර වලකින්න.

  • මාගරින්, ගිතෙල්. , ස්නැක් , බැදපු ආහාරවලින් දුරස් වෙන්න.

    සීනි පරිභෝජනයත් අඩු කරන්න.

අධික සීනි සිරුරට එතරම් හොඳ නැහැ. අධික සීනි තරබාරුවට මග කියනවා. සෝඩා කෑන් එකක සැගවුන සීනි ප්‍රමාණය තේ හැඳි දහයක්.එහෙම නම් සීනි අඩු වෙන විදිහට ආහාර රටාව ගොඩ නගා ගන්නේ…

  • රසකාරක සහ සීනි සහිත බීම
  • පළතුරු යුෂ සහ යුෂ බීම, කුඩු, සාන්ද්‍රණ, රසකාරක ජලය, ශක්තිජනක පාන, ක්‍රිඩා පාන,

    වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අනුපුරක ආහාර ලබා දෙන විටත් ලුණු සහ සීනි එකතු කිරීමේදී අඩුවෙන් යොදා ගන්න.

    පවුලට මත්පැන් එපා

අද මත්පැන් නැති සාදයක් නැති තරම් ඒ වුනත් මත්පැන් පානය නිසා අක්මාවට හානි වීම, පිලිකා, හදවත් රෝග වගේම මානසික රෝග තත්වයන් පවා ඇති වෙන්න පුලුවනි.දැන් අලුත් මතයක් විදිහට මද පමණින් පානය ගුණයි කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මත්පැන් පානයේ ඔය කියන ආරක්ෂිත මටට්මක් නම් නැති බවයි. ඒ නිසා නිවසේ අලුත් අවුරුදු, දරුවන්ගේ උපන්දින සාද හා වෙනත් උත්සව වෙනුවෙන් මත්පැන් එපා කියන ස්ථාවරයේ ඔබට සිටින්න කිසිම බාධාවක් නැහැ.

[ලෝක සෞඛ්‍ය සංවිධානයේ පත්‍රිකාවක් ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

දරුවන් වෙනුවෙන් වූ අතීත චාරිත්‍ර

බිලිදු පැටියාට රන්කිරි කට ගෑවේ කවුද දන්නේ නෑ…ඉස්සර අම්මලා අතර මේ වගේ කතා බහ තිබුනා. නමුත් අද දරුවෙකු උපත ලැබීමත් සමග මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ නැහැ. ඊට එක හේතුවක් තමයි ඉස්සර වගේ අද කාලයේ දරු ප්‍රසුතිය නිවසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුනත් ‘‘රන්කිරිකටගෑම “ විදිහට එදා හැඳින්වූ සිරිත මෙහෙමයි.

දරුවා උපත ලද සැන පැටියාට කිරි පෙවීමේ සිරිත පැවැතුනා. එය ‘‘රන්කිරි කට ගෑම““ විදිහට හැදින් වූ අතර සිද්ධ වුනේ මේ විදිහටයි.

අම්මාගෙන් ලබා ගත්තු කිරි ස්වල්පයක් රත්රන් මුදුවක් හෝ ආභරණයක ගල ගාලා ඒ තුළ බැලතණ නමින් හදුන්වන ලද කණකොළ දෙක තුනක් තබලා බැලතණ කොළයකින් දරුවාගේ දොතොලේ මව්කිරි ආලේප කරනවා. මේ ආලේප කිරීම ඇගිල්ලකින් කළ අවස්ථාවනුත් තිබෙනවා.

ඒ වගේම රන්කිරි කට ගෑම බොහෝ විට කරන්නේත් වාසනාවන්ත තැනැත්තෙකු විසිනුයි. සමහර විට දරුවාගේ පියා හෝ පවුලේ දරුවාට  සමීප ඥාතියෙකු විසින් කරනවා. සමහර විට ගමේ වෙද මහතා විසිනුත් රන්කිරි කට ගෑම සිදු වෙනවා. රන්කිරි කට ගෑ පුද්ගලයා අනුව දරුවාගේ අනාගතය තීරණය වෙනු ඇතැයිද විශ්වාස කළා.

ඒ වගේම අතීතයේදී අලුත උපන් දරුවෙකු ගෙයින් පිටතට ගැනීම ‘‘ දොරට වැඩීම “ යනුවෙන් හැදින්වුණා. දරු උපතින් දින හතක් ගත වුනාම අම්මා කොළ තම්බන ලද ජලයෙන් නාවනවා. එය ‘‘කොළවතුර නෑවීම “ යනුවෙන් හැදින්වෙනවා. මේ සදහා පාවට්ටා කොළ, ඉරිවේරිය, තිප්පිලි, එඩරු,නික ආදි ඔසු ශාඛ පත්‍ර යොදා ගන්නවා.

දරුවා උපත ලබා මාස තුනක් ගෙවුනාම බෝධියකට හෝ විහාරස්තානයක් වෙත දරුවා ගෙන යනවා.දරු උපතින් මාස තුනක් ගෙවෙන තෙක් කිලි යනුවෙන් සීමාවක් පැනවී ඇති නිසා එතෙක් දරුවා පුජනීය ස්ථානයකට රැනෙ යන්නේ නැහැ.මේ අන්දමින් දරුවා ගෙන යන විට බෝ ගසක් හෝ කිරි ගසක් යටින් ගෙන යෑමත් එක්තරා සිරිතක්.මේ දොරට වැඩුම ඇතැම් දෙමව්පියන් කතරගම කිරි වෙහෙර, ජයසිරි මහ බෝධිය , දළදා මාලිගාව වැනි පුජණීය ස්ථාන වෙතටත් දරුවා රැගෙන යෑමෙන් ඉස්ට කර ගන්නවා.ගමේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට බිම තබා වන්දනාමාන කර දේවාලයක් ඇතොත් එතැනටත් රැගෙන ගොස් දේවාශිර්වාද ලබා ගන්නවා.

ළදරුවා බිම දණගාන අවධියේදී අතට හසු වෙන දේ කටේ දමා ගන්නා නිසා ඊට පෙරාතුව සුබ මොහොතින් ආාහර ලබා දීම ‘‘ ඉදුල්කට ගෑම “යනුවෙන් හැදින්වෙනවා.මෙහිදී ව්‍යංජන සමග බත් දීම සිදු වෙනවා. එහිදී පැදුරක් බිම එලා ඒ මත සුදු වස්ත්‍රයක් එලා කිරිබත්, කැවිලි, කෙසෙල්ගෙඩි, මිළ මුදල්, පොතක් ආදිය තබනවා. දරුවා ඒ අතරින් මුලින්ම අතට ගත් දේ අනුව අනාවැකි කීමටත් අතීතයේදී බොහෝ දෙනා පුරුදුව සිටියා. පොතක් අතට ගත් විට අනාගත උගතෙක් වන බවද, මුදල් අතට ගත් විට ව්‍යාපාරිකයෙකු හෝ බොහෝ මිළ මුදල් ඇත්තෙකු  විය හැකි බවද පිලිගත් මතයන් අතර විය.

අද කන් විදීම වෛද්‍යවරුන් විසින් සිදු වුනත් එදා කන් විදීම නිවසේදී ඉටු කරන ලද පුංචි උත්සවයක්. උල් කරන ලද රන් කෙන්දකින් කන් විද ඒ රන් කෙඳි කණට පළදවනවා.රන් කෙඳි ලබා ගැනීමට වත්පොහොසත්කම් නැති උදවිය ඉදිකටුවකින් කණ විද සිදුරු පෑහීම වලක්වා ගැනීමට කරපිංචා නැටි අතැලු කරනවා.

අද නම් උපත ලද විට හිසකෙස් කැපුවත් අතීතයේදී දරුවන්ගේ හිසකෙස් කැපීම සිදු වුනේ  බහ තෝරන්න පෙරාතුවයි.අසුබ හොමොතකදී හිස කෙස් කැපීම දරුවා ගොලු වීමට හේතුවක් යැයි සැලකුනා. මුල්ම කෙස් රොද ආරක්ෂිතව තබා ගෙන ගලා යන දියපහරකට එකතු කලා.

හිසකෙස් කැපීමේදී ඊතණ,අබ, කැකුලු සහල්,විළඳ. සමන් කැකුළු යන ලදපස්මල් වලින් ස්වල්පයක් හක් ගෙඩියකට දමා එයට පිරිසිදු ජලය එකතු කර ‘‘බවතු සබ්බ මගලං ““ ගාතාව තුන්වරක් කියමින් නියම කරන ලද දිසාව බලා හක්ගෙඩිය දරුවාගේ හිස වට තුන්වරක් කරකවා එහි ජලය හිසට වත් කර සුබ මොහොතකින් කතුරකින් හිසකෙස් කැපීම සිදු වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

දැන් කාලයේ දරුවන්ට ලේනාගෙන් දත් ඉල්ලන්න අවස්ථාවක් නැහැ…

ඉස්සරකාලයේ පුංචි දරුවන්ගේ දත් වැටුනාම ‘‘ලේනෝ…ලේනෝ….මේ දත අරගෙන පුංචි දතක් මට දියෝ දියෝ කිව්වත් අද වෙද්දී දරුවන්ට ඒ විදිහට ඉල්ලීම් කිරීමට අවසර නැහැ. ඊටහේතුව තමා දරුවන්ගේ කිරිදත් ස්වභාවයෙන්ම වැටෙන්න පෙරාතුව ඒ දත් නරක් වීම නිසා ගලවා දැමීමට සිදු වෙනවා.

දරුවන්ගේ සුන්දරත්වය, ඒ වගේම ප්‍රසන්නබව මුලින්ම අපේ හිතට ඇති වෙන්නේ ඔවුන් කිරි දත් පෙන්වා සිනාසෙන විටයි. ඒ වගේම දරුවන්ගේ දත් ලස්සනට නිරෝගීව තිබුනොත් ඔවුන්ට තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට පුලුවනි.

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වෙනවා. අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වෙනවා. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20ක්. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වෙලා. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙනවා.

”කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕන. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා,”

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදනවා. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

කිරිදත් නරක් වෙන්නේ ඇයි….?

කිරිදත් නරක් වීමට බලපාන හේතු කීපයක්ම තිබෙනවා. ඒ වගේම දරුවා කුසේ සිටින කාලයේ පටන්ම අම්මා කෙනෙක් තම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.

ඒ වගේම අප විසින් මෙතෙක් අවදානය යොමු කළ කරුණක් මෙහිදී වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා විසින් පෙන්වා දෙනවා.

අම්මාගේ විතරක් නොවෙයි, දරුවා ළඟින් සිටින තාත්තා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්..

දත් මැදීම පටන් ගන්නේ…

දරුවාගේ මුල්ම කිරිදත මෝදු වුන තැන පටන්ම දත් මැදීම සිදු විය යුතුයි. බොහෝ අම්මලා දරුවන්ගේ කිරිදත් මැදීමට උනන්දු නොවුනත් දත් මැදීම පටන් ගත යුත්තේ මුල්ම දත මෝදු වුන දිනයේ පටන් බව අමතක කරන්න එපා.

ඒ වගේම දත් මැදීමට මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කරමින් , ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම අවශ්‍යයි. මෙහිදී ෆ්ලෝරයිඩ් දන්තා ලේපය යොදා ගත යුත්තේ දත් බුරුසුවේ ගෑවෙන නොගෑවෙන තුනී පටලයක් විදිහටයි.

ෆ්ලෝරයිඩ් යොදා ගන්නේ ඇයි….?

”දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.”

ආහාර ගැනත් අපි උනන්දු වීම වැදගත්.

පුංචි කාලයේ පටන්ම සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට අම්මලාගේ උනන්දුව වැදගත්. ඒ වගේම දිනකට දෙවතාවක් දත් මැදීම වැනි පුරුදු ගොඩ නගා ගත්තොත් ඔබේ දරුවාගේ දත් කැකුළු රැක ගැනීමට පුළුවන්.

දතක් දිරන බව හදුනා ගන්නේ…

දතක් දිරන්න පටන් ගැනීම අපට හදුනා ගන්න පුලුවනි. හොඳින් ආලෝකය තිබෙන තැනකට ගිහින් බැලුවොත් දත සහ විදුරුමස අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි  පැහැති පැල්ලම් තිබෙනවා නම් දත දිරන බවට එය පෙරනිමිත්තක්. එතැනදී ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත්.

[පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා]

පුන්‍යා චාන්දනී ද සිල්වා

නීරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවලු සහ පළතුරු

දවසකට එළවලු සහ පළතුරු පංගු පහක් ආහාරයට ගන්න ….මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවලු සහ පළතුරු වලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වලක්වා ගන්න පුලුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

  • නිවිති

නිවිතවල අන්තර්ගත ‘‘ ලුටෙයින් “ ( Lutein)සහ ‘‘සෙක්සතින් “ ( zexanthin) ශාඛ රසායනයන් වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත්  ( Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුලුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවලු වර්ග මගින් පෙනහලුවල නීරෝගීබව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවලුවල ‘‘ ඉන්ඩෝල් “, ‘‘ කාබිනෝල් “, වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා.දැවටමත් නිව්යෝක් නගරයේ ‘‘ස්ට්‍රේන්ජ් “ පිලිකා මර්ධන ආයතනය විසින් හදුනා ගෙන ඇති අන්දමට කාබිනෝල් “, රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුලුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිලිබඳ මහාචාර්ය ‘‘ මැන්ප්‍රෙඩ් කෝනර් “ පෙන්වා දෙන අන්දමට සුදුලූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිලිකා සහ හදවතේ නීරෝගීතාවයටත් ඉතාම වැදගත්.allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් ( allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුලුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කලොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලි වල අන්තර්ගත ‘‘ ලයිකොපෙන්“ ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිලිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ එඩ්වඩ් ජිම්වනුසි “ සඳහන් කරන්නේ තක්කාලි පෙනහළු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් ““ සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති  ‘‘ ෆිනොලිකා “ ( phenolics ) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විදයාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ….ඔබේ හදවත ආරක්ෂා කර ගැනමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න…ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සදහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් ‘‘සී “බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආහ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers” digest ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා