Home Blog Page 74

දග පොඩ්ඩන්ට සැහැල්ලුවෙන් දවස ගෙවන්න තුනී ඩයපර් පෑන්ට් එක වඩාත් සුදුසු මේ නිසයි

හා හා පුරා කියලා අම්මා කෙනෙක් වුණු කාන්තාවකට වටෙන් පිටෙන් අහන්න ලැබෙන උපදෙස් නම් කෝටියයි. සමහර වැඩිහිටියෝ තමන් ලබපු අත්දැකීම් ගැන විස්තර කළත් ඒ අත්දැකීම තවත් දරුවෙක්ට නොගැලපෙන්නත් බැරි නැහැ. ඒ වගේම මිත්‍යා මතත් එකක් දෙකක් කියලාත් නෙවෙයි. මේ දේවල් කොහොම වුණත් කිසිම අම්මා කෙනෙකුටම මේ හැමදේටම එකඟ වෙලා කටයුතු කරන්න අමාරුයි. මොකද අතීතයේදීට වඩා අද වෙද්දී කාන්තාවන් කියන්‍නේ හරිම කාර්ය බහුල පිරිසක්. ඒ වගේම මිත්‍යා මතවලින් වුවත් බොහෝ දුරට ඈත් වෙලා. ඒත් වැඩිහිටයන් කෙරේ තියෙන භක්තිය ආදරය නිසාම ඔවුන්ගේ වචන නොසලකා හරින්නත් ඔවුන් අකමැතියි. වැඩිහිටියන්ගේ උපදෙස් වගේම අදහස් අතරේ ඩයපර් පෑන්ට්ස් කියනේනේ දරුවාට නොගැලපෙන දෙයක් විදියට තමයි සඳහන් වෙන්නේ.

මව්කුසේ සීමිත ඉඩ පරාසයක දස මසක් වැඩුණු ඔබේ සිඟිත්තා මෙලොවට බිහිවීමත් සමගම සිය වර්ධනයේ බොහොමයක් ඉසව් වේගයෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ කරන බව අපි දන්නවා. දවසින් දවස තම ජීවි‍තයේ බොහොමයක් කඩඉම් පසුකරන මේ පුංචි සිඟිත්තට අවශ්‍ය රැකවරණය වගේම පහසුව සැලසීම මව්වරුන් වන අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. ඒ නිසාම දරු පැටියෙකුගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි. දරුවෙකුගේ වර්ධනයේ එක් එක් අවධීන් වෙනුවෙන් නිසි සංවර්ධනයක් බලාපොරොත්තු වන ඔබ ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.

උඩුබැලි අතට වැතිරී සිටින කිරි කැටියා මුනින් අතට පෙරලීම, වාඩි වීම, බඩ ගා ඇදී යාම වගේම නැගී සිටීමත් ඇවිදීමත් මේ වයස් සී‍මාවේදී සිදු කරන ක්‍රියාකාරකම් අතර මූලික වනවා. දරු පැටියෙක්ට සාර්ථකව ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය නිදහස ඒ අයුරින්ම තිබිය යුතුයි. තෙමා ගැනීම පුංචි පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට බාධකයක් වෙන්න ඉඩ තියන්න අම්මාලා කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම අම්මලා ඩයපර් පෑන්ට් වෙත යොමු වෙනවා. ඩයපර් පෑන්ට් එකක් තෝරාගැනීමේදීත් එහි ස්වභාවය ගැන වැඩි අවධානයක් යොමු කරන අතරම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට්ස්වලට ලැබෙන්නේ මුල් තැනක්. පැටියාගේ නිදහස, සැහැල්ලුව සහ  සුවපහසුව ගැන සිතන ක්‍රියාශීලී බවට සහය වෙන සෑම අම්මා කෙනෙක්ම පැටියා වෙනුවෙන් තෝරාගත යුතු වන්නේ උපරිම තුනී බවකින් යුතු ඩයපර් පෑන්ට් වර්ගයක්.

බොහොම ක්‍රියාශීලී පිරිසක් වන මේ වයසේ සිඟිත්තෝ දඟලන්න, පෙරලෙන්න, දුවන්න, පනින්න විතරක් නෙවෙයි දණ ගාන්න, බඩ ගාන්න මෙන්න මේ වගේ නිමක් නැති ක්‍රියාකාරම් එක්ක කාර්යබහුලයි. ඉතිං ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගය මේ පැටවුන්ගේ නම්‍යශීලී බවට බාධාවක් නොවන සැහැල්ලු එකක් විය යුතුයි. මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු සුවිශේෂීම කරුණ වන්නේ ඩයපර් පෑන්ට් එකෙහි ඇති තුනී බවයි. ඔබේ පැටියා වෙනුවෙන් තෝරා ගන්නා ඩයපර් පෑන්ට් එක ඝනකමින් වැඩි වුවහොත් පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට අනිවාර්යෙන්ම බාධාවනු ඇත. දරුවාගේ වේගවත් බව බාල කිරීමට ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට්ස් හේතු විය හැකි අතරම දියර පිරීමත් සමගම ඒ බාධාවක් දෙතුන් ගුණයකින් ඉහළ යා හැකිය. අන්න ඒ නිසාම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට් වර්ගයක් තෝරා ගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුතුයි. එමගින් දරුවාගේ චලනයන් වෙත කිසිදු බාධාවක් එල්ල නොවේ.

ඩයපර් පෑන්ට්ස් සුව නින්දක් ඔබේ දරුවාට ලබාදීමටත් ඔබට සහය වනු ඇත. නමුත් ඔබේ දරුවාට සුව පහසු නින්දක් හිමිවන්නේ ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ග උපරිම තුනී බවින් යුක්ත එකක් නම් පමණි. තුනී බවින් වැඩි ඩයපර පෑන්ට් වර්යක් ඔබ භාවිත කරයි නම් දරුවාට තමා කැමති ආකාරයක සුව පහසු ඉරියව්වකට යොමු වීමට බාධාවක් ඇති නොකරයි. ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් මගින් ඇතැම් විට ඔබ දරුවා ඇඳ මත තබන ඉරියව්වේම සිටීමට සිදු විය හැකි අතරම තුනී ඩයපර් පෑන්ට් එකක් ඇන්ද වීමෙන් දරුවාගේ සුවපහසු ඉරියව් කරා යමින් සැපවත් නින්දක් ලබා ගත හැකිය. තෙත් වීම නිසා හෝ ඝනකම් ඩයපරය නිසා ඇති වන අපහසුතාවය හේතුවෙන් රාත්‍රිය පුරා විටින් විට දරුවාගේ නින්දට බාධා වුවහොත් දරුවාගේ සුව නින්ද අහිමි වනු ඇත. සුව පහසු නින්දක් හිමි වුණු දරුවෙක් ඉතා ප්‍රබෝධමත්ව අවධි වී ඉතා සතුටින් කාලය ගත කරන අතරම ඒ සතුට දරුවන්ගේ මානසික සංවර්ධනය උදෙසාත් ඉවහල් වනු ඇත. එම නිසා ඔබේ දරුවාට සතුට ළඟා කරදීමට ඔබේ නිවැරදි තෝරාගැනීම බෙහෙවින් උපකාර වනු ඇත.

ඔබ, ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් සමගින් ලබා ඇති නොයෙක් අමිහිරි අත්දැකීම් නිසාම ඔබේ පැටියාට ඩයපර් පෑන්ට්ස් ඇන්ද වීම නතර කර දැමූ මවක් විය හැකියි. නමුත් ඔබේ තෝරා ගැනීම තුනී බවින් වැඩි උපරිම උරාගැනීමේ හැකියාවක් ඇති ඩයපර් පෑන්ට් වර්ගයක් නම් ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් නිසා දියර පිරුණු විගස දෙපා අතරින එල්ලා වැටීම වැනි වූ ඒ අපහසුතා කිසිවිටෙක් නැවත ඇති නොවනු ඇත. තම දෛනික ක්‍රියාකාරකම් කෙරේ ඉතා සතුටෙන් යොමුවන තෘප්තිමත් දරුවෙක් සෑම විටම සතුටින් සහ සුවපහසුවෙන් කාලය ගත කරයි. එය වක්‍රාකාරව ඔබේත් පවුලේත් සතුටට හේතු වනු ඇත. ඔබ, ඔබේ පැටියා වෙනුවෙන් නිවැරදිම දේ තෝරා ගැනීමට සැමවිටම සැලකිලිමත් වෙන්න.

මේඝ මේ තරම් දුර ගියේ දෙමව්පියන් ඔහු හදුනාගත් නිසයි

ඉර, හඳ, තරු ගැන දරුවන්ගේ හිතේ නැගෙන සිතුවිලි උපන්ගෙයිම මරා දැමීමටහෝ , ඒ ඔස්සේ ඔවුන්ගේ චින්තනය අවදි කිරීමටත් හැකියාව ඇත්තේ දෙමව්පියන්ටයි.මේඝ මහිම විජේසේකර නැමැති පුංචි දරුවාගේ හිතේ බයිබලයේ මැවුම්කාර චිත්‍රය තදින්ම හිතේ සනිටුහන් වුනා. ඔහු ඒ ගැන විවිධ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. අහසේ විශාලත්වය, තරුවල විවිධ ලක්ෂණ වැනි තාර්තික සංකල්පවලට අම්මා , තාත්තාටත් පිලිතුරු තිබුනේ නැහැ.

මේ වෙන විට ඔවුන් පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ. මේඝගේ මව දොෂාන්ති විජේවර්ධන සන්නිවේදන උපාධිධාරිනියක්.පුතා නගන ප්‍රශ්නවලට පිලිතුරු දීමට ඇගේ දැණුම ප්‍රමාණවත් නොවුන නිසා ලංකාවේ සිටි ඇගේ පියා සමග ස්කයිප් ඔස්සේ පුතුගේ ප්‍රහ්නවලට විද්‍යාත්මකව ගැලපෙන පිළිතුරු සොයා ගත්තා.

යාන්තම් අකුරු ගලපා ගැනීමට හැකියාව ලද තැන පටන් මේඝ පොත් පත් කියවන්න පටන් ගත්තා. නමුත් ඒ රටාව ඔහුගේ වයසේ දරුවන්ට සාපේක්ෂව වෙනස්. මේඝ නිතරම කියවනු ලැබුවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍ය පමණයි. ඔහුගේ කියැවීමේ වේගය කොතරම්ද කිවහොත් පාසල් පුස්තකාලයේ සියලුම පොත් ඔහු කියවා අවසාන කලා. වරක් පාසල් පුස්තකාලය ඔහුට ප්‍රබන්ධ නොවන පොත් කියැවීම නවත්වන ලෙසට තහංචි පවා පනවා තිබුණා.මේඝ නිතරම ඇසුරු කලේ ඔහුගේ සමවයස් කණ්ඩායම් නොවෙයි. එහුගේ මිතුරන් වුනේ වැඩිහිටි සිසුන්, ගුරුවරුන්.අම්මා තාත්තාගේ දැනීමේ හැටියට තම පුතුගේ හැසිරීමේ වෙනසක් දුටු නිසා ඔවුන් දරුවා මනෝ වෛද්‍යවරුයෙකුට පවා පෙන්නුවා.

එහිදී වෛද්‍යවරයා කියා සිටියේ මේඝගේ මොලයේ වර්ධනය ඔහුට වඩා වයසින් අවුරුදු පහක් පමණ වැඩි අයෙකුගේ මොළයට සමාන බවයි. මේඝගේ දෙමව්පියන් ඔහු අධ්‍යාපනය ලබන පාසලෙන් වෙනස් කරල ‘‘ඇඩිලේඩ් හි වෙස්ට්මිනිස්ටර් “ පාසලට ඇතුලත් කලා.එහිදී මේ පාසලේ ගුරුවරුන් මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රම පවා වෙනස් කරනු ලැබුවා.

මේඝ විද්‍යාවට විතරක් ඇබ්බැහි වුන චරිතයක් නොවෙයි. බාලකාලයේ පටන් ඔහු අත්තම්මා සමග එක්ව ගීත ගායනය, පියානෝ වාදනය වැනි සංගීතයට යොමු වුණා. වයස අවුරුදු තුනක් වෙද්දී මේඝට හොදන් පියානෝ වාදනය කිරීමේ හැකියාව ලැබුණා.පාසලේ professional drum set වාදනය කිරීමටත් ඔහු ඉදිරිපත් වුණා.පාසලේ චෙස්, ක්‍රිකට් සහ පිහිනුම් කටයුතුවලදීත් ඔහු සිටියේ ඉදිරියෙන්.

මේඝ මොනතරම් වෙනස් දරුවෙක්ද කිව්වොත් රාත්‍රි කාලයේ නිදා ගැනීම ඔහු දැක්කේ කාලය අපතේ හැරීමක් විදිහටයි.උදෙන්ම අවදි වෙන ඔහු පොතක් කියැවීම හෝ වෙනත් ඵලදායී දෙයක් වෙනුවෙන් යොමු වුනා.

පුතාගේ අභ්‍යවකාශ උණ කවදාවත්ම සුව නොවන බව පෙනී ගිය නිසා  දෙමව්පියන් විසින් ඔහු Future Problem-solving club ආයතනයට ඇතුලත් කලා. ඒ වෙන විට ඔහුගේ වයස  අවුරුදු හතරක්.මේ පාඨමාලාවහදාරන කාලයේ ඔහු විශ්වවිද්‍යාල සිසුන් සමග කරිට කර ගැටුනා.අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයින් විසින් රාත්‍රි කාලයේ පවත්වන දේශනවලටත් නොපැකිලව සම්බන්ධ වුනා.

ඔහු ලබා ගත් දැණුම නිසාම 2017 වසරේදී NASA Space App Challenge වෙනුවෙන් ලියාපදිංචියටත් හැකියාව ලැබුනා.මේ් ලියාපදිංචිය ලබා ගත් පුංචිම දරුවා ඔහු. එහිදී ඉංජිනේරුවන් සහ විශ්ව විදයාල සිසුන් සමග අභියෝගයට මේඝ සිටියා කිව්වොත් නිවරැදියි. ඒ නිසාම වායුගෝලය පිළිබඳ අභියෝග ජයගත් මේඝ එහි ලාබාලම කණ්ඩායම් නායකයා වීමටත් ශක්තිය ලබා ගත්තා.

ඒ විතරක් නොවෙයි, Airbus සමාගම සහ ප්‍රංශ රජය ඒකාබද්ධව දියත් කර තිබෙන Acting Space ව්‍යාපෘතිය මගින් මහමුහුදේ නෞකා අතුරුදහන් වීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට හැකි බව අධ්‍යනය කිරීමේ මෙහෙයුමටත් සාර්ථකව මුහුණ දුන්නා.2018 වසරේදී වසර දෙසියයකින් පමණ පෘථිවිය හා‘‘බෙනු“ ග්‍රාහකය වැලැක්වීමේ  මෙහෙයුමටත් සම්බන්ධ වුනා. මේ නිසාම මේඝට NASA Space App Challenge මෙහෙයුමේ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා විදිහට කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ තානාපතිත්වය සාමාන්‍යෙයන් ලැබෙන්නේ ඇමරිකාව හෝ කැනඩාවට වුනත් මේඝ විසින් සපුරා තිබෙන ආරක්ෂක, සමාජ සම්බන්ධතාවයන් සහ සෞඛ්‍යමය හේතූන්ගේ සම්පූර්ණත්වය නිසා ඔහුට මේ තානාන්තරය පිරි නැමීම කිසිසේත්ම ප්‍රතික්සෙප කිරීමට නාසා ආයතනයටත් බැහැ.නාසා ආයතනයේ මහජන සම්බන්ධතාවයන් පිලිබඳව කටයුතු කරන ඇරිසෝනා විහ්ව විද්‍යාලය විසින් මේගට මේ පිලිබඳව පුහුනුවක් ලබා දීමට නියමිතයි. ඒ අනුව ග්‍රාහකයක සිට සාම්පල පෘතිවියට ගෙනෙන මුල්ම OSIRIS-Rex මෙහෙයුම අනුව 2023 වසරේදී ‘‘බෙනු “ සිට මුල්ම සාම්පලය පෘථිවියට ගෙනෙන මෙහෙයුමේ තානාපති විදහට මේඝ කටයුතු කරනවා. ඒ අනුව ඔහුට වගකීම් රාශියක් පැවරී තිබෙනවා.

මෙහෙයුමේ යාවත්කාලීන තොරතුරු ඔස්ට්‍රේලියාවට  ලබා දීම

ඉදිරි සමුලු වෙනුවෙන් තානාපතිවරයා ලෙසින් සහ පුහුනු වැඩසටහන් සඳහාසහභාගි වීම

ව්‍යාපෘතියේ ගැටළු සදහා නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පිළිතුරු ලබා දීම

ඔහුගේ වයස ඇහුවොත් ඔබ පුදුම වේවි. අවුරුදු නවයක දරුවෙක් ගිය දුරක් ගැන පුදුමයට පත් වේවි. ඒත්.. ඒ සියලල් පිටුපස තිබෙන්නේ මේ පුංචි දරුවා ඇසු විමසු සහ කුතුහලයෙන් දුටු හැම දෙයක් සඳහාම දෙමව්පියන්ගේ සාර්ථක මග පෙන්වීමයි. ඒ වගේම ඔහු අධ්‍යාපන ලත් පාසල මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් රටාව පවා හැඩ ගසා ගැනීම නිසා මේ තරම් දුරක් ඔහුට යෑමේ වාසනාව ලැබුනා.

මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් ඉදිරපත් කරමින් මේඝ කියා සිටියේ අවස්තාව කිසිම දිනක අප සොයා එන්නේ නැහැ. නමුත් අපි අවස්ථාව සොයා යා යුතුයි.ඔහුගේ සිහින තවත් අවසාන නැත. මේඝගේ ඉදිරි අනාගත සිහිනය වයස අවුරුදු පහලොව වෙන විට රොකට් විද්‍යාඥයෙකු වීමයි.අපිත් මේ පුංචි ලංකාපුත්‍රයාට හදවතින්ම ආහිර්වාද කරමු.

බිබිසි ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

පවුලේ සෞඛ්‍ය වෙනුවෙන්ආහාර පිලියෙල කිරීමේ වගකීමක් තියෙනවා..

අම්මා කෙනක් විදිහට ඔබ පවුලේ සියලු දෙනාගේම නිරෝගිතාවය ගැන වැඩියෙන් උනන්දු වීම ඉතාම වැදගත්. අපේ ආහාරයේ අන්තර්ගත විය යුතු පෝෂණ පදාර්ථ ගැන දැනගැනීම වගේම අවශ්‍ය පෝෂණය පවුලේ අයට ලැබෙන විදිහට සංග්‍රහ කරන්නේ කොහොමද කියලත් දැන ගැනීම ඉතාම වැදගත්. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද පත්‍රිකාවක දැක්වෙන අන්දමට පවුලක පෝෂණය ගැන අපේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් මේ…

  • වෙනස් රටාවක්…..
    අපේ ආහාරය හැමදාම එකම රටාවකින් නැතුව වෙනස් වෙනස් අන්දමින් පෝෂණය ලැබෙන විදිහට පිලියෙල කර ගැනීම ඉතාම වැදගත්. බොහෝ අම්මලා පාන්, ඉදිආප්ප වගේ තමන්ට පහසුවෙන් සකස් කර ගත හැකි එහෙම නැත්නම් ලබා ගත හැකි දෙයින් තෘප්තිමත් වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට අපේ ආහාර වේලක බත්, තිරිගු වැනි පිෂ්ටයත් සමග පරිප්පු, බෝංචි වැනි රනිල කුලයේ එළවලු සමග පලා වර්ගයක් ඇතුලත් වුනොත් නම් බොහොම අගෙයි.පලා නොකියා පලා හදා ගන්නත් අම්මලා දැන ගන්න අවශ්‍යයි. උදේට තෝරා බේරා ගැනීම අපහසු නම් රාත්‍රියේදී තෝරා තියන්න පුලුවනි. හැබැයි මැල්ලුම නම් උදේට ලියාගැනීම වඩාත් හොදයි. එහෙම නැති වුනොත් එහි පැහැය වෙනසවෙන්නත් පුලුවනි..
  • තන්තු පොහොසත් ආහාර ගැනත් අමතක කරන්න එපා.බඩඉරිගු,මෙනේරි, ඕට්ස්, දුඹුරු සහල් වැනි ආහාර තන්තු බහුලයි. තන්තු නිසා නිරන්තර ඇති වෙන කපුටු බඩගිනි ඇති වෙන්නේ නැහැ. පොඩි බඩගිනි ඇති වුනාම අපි ආහාරයට ගන්නා බිස්කට් සහ විවිධ කෙටි කෑම වලින් අනවශ්‍ය විදිහට පිෂ්ට සහ සීනි ගබඩා වෙනවා. ඒත් අවශ්‍යම නම් අමු එළවළුවකින් සදා ගත් සලාදයක්, ඇට වර්ගයක් හෝ නැවුම් පළතුරක් තෝරා ගන්න. ඒ නිසා නිරන්තර බඩගිනි නොවෙන විදිහට තන්තු බහුල ආහාර ගැනත් ඔන්න අම්මලා සැලකිලිමත් වෙන්න…

 

  • ලුණු හොඳ නැහැ…

ලුණු ගැන දිව නම් රස හොයාවි. ඒත් ලුණු කියන්නේ එතරම් හොඳ දෙයක් නොවෙයි.ලුණු අදික විදිහට යොදා ගත්තාම රුධිර පීඩනයත් වැඩි වෙන්න පුලුවනි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත මාත්‍රාව විදිහට දිනකට අප විසින් පරිභෝජනය කළ යුතු ලුණු ග්‍රෑම් තේ හැන්දකට සමානයි. ආහාරයට ලුනු වැඩියෙන් එකතු නොකලත් ඇතැම් ආහාර මගින් සිරුරට ලුණු එකතු වීමේ අවදානමත් වැඩියි.

ලුණු යොදා සකස් කරන ලද සෝස්,ස්ටොක් වගේම ලුණු යොදා සකස් කරන ලද බයිටිස් වර්ගත් අඩුවෙන් නිවසේ උදවියගේ ආහාරයෙන් සීරුවට ඉවත් කරන්න පුලුවනි.

  • ටින් සහ කෑන් කරන ලද ආහාර
  • වියලන ලද එළවලු, ඇට වර්ග,පළතුරු වලත් ලුණු අධිකයි.
  • කෑම මේසයේ තබා ඇති ලුණු බෝතලයත් නම් අවශ්‍ය නැහැ. බෝතලය දැක්කාමත් ලුණු එකතු කර ගන්න පුලුවනි.
  • ඒ වගේම ආහාර ඇසුරුමේ සෝඩියම් ප්‍රතිශතය ගැන සටහන තිබෙනවා. මිළට ගැනීමේදී අඩු ප්‍රතිශතයක් ඇති ඇසුරුම තෝරා ගන්න.
  • ආහාර වෙනුවෙන් යොදා ගන්නා තෙල් සීමා කරන්න.

මේද බහුල වුනාම තරබාරුව, හදවත් රෝග වගේම ආඝාත තත්වයට ගොදුරු වීමේ අවදානම වැඩියි. මේද අධික ආහාර වේලකින් හෘද රෝග ඇති වීමේ අවදානම 30% කින් වැඩි වෙන බවත් විවිධ පර්යේෂණයන් මගින් හදුනා ගෙන තිබෙනවා.අපි බලමු මේද බහුල ආහාර කප්පාදු කරන්නේ කොහොමද…?

  • බටර්, ගිතෙල් වෙනුවට ඉරිගු, සුරියකාන්තා වැනි තෙල් ආදේශ කරන්න.
  • රතු මස්වලට වඩා තෙල් අඩු කුකුළු මස්, මාළු වැනි සුදු මස් වර්ග ආහාරයට ගන්න.සැකසූ මස් පරිභෝජනය සීමා කරන්න.
  • ආහාර බැදුම් වෙනුවට ස්ටීම් හෝ තම්බා ගන්න.

    ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර සහ ක්ෂනික ආහාර වලකින්න.

  • මාගරින්, ගිතෙල්. , ස්නැක් , බැදපු ආහාරවලින් දුරස් වෙන්න.

    සීනි පරිභෝජනයත් අඩු කරන්න.

අධික සීනි සිරුරට එතරම් හොඳ නැහැ. අධික සීනි තරබාරුවට මග කියනවා. සෝඩා කෑන් එකක සැගවුන සීනි ප්‍රමාණය තේ හැඳි දහයක්.එහෙම නම් සීනි අඩු වෙන විදිහට ආහාර රටාව ගොඩ නගා ගන්නේ…

  • රසකාරක සහ සීනි සහිත බීම
  • පළතුරු යුෂ සහ යුෂ බීම, කුඩු, සාන්ද්‍රණ, රසකාරක ජලය, ශක්තිජනක පාන, ක්‍රිඩා පාන,

    වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අනුපුරක ආහාර ලබා දෙන විටත් ලුණු සහ සීනි එකතු කිරීමේදී අඩුවෙන් යොදා ගන්න.

    පවුලට මත්පැන් එපා

අද මත්පැන් නැති සාදයක් නැති තරම් ඒ වුනත් මත්පැන් පානය නිසා අක්මාවට හානි වීම, පිලිකා, හදවත් රෝග වගේම මානසික රෝග තත්වයන් පවා ඇති වෙන්න පුලුවනි.දැන් අලුත් මතයක් විදිහට මද පමණින් පානය ගුණයි කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මත්පැන් පානයේ ඔය කියන ආරක්ෂිත මටට්මක් නම් නැති බවයි. ඒ නිසා නිවසේ අලුත් අවුරුදු, දරුවන්ගේ උපන්දින සාද හා වෙනත් උත්සව වෙනුවෙන් මත්පැන් එපා කියන ස්ථාවරයේ ඔබට සිටින්න කිසිම බාධාවක් නැහැ.

[ලෝක සෞඛ්‍ය සංවිධානයේ පත්‍රිකාවක් ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

දරුවන් වෙනුවෙන් වූ අතීත චාරිත්‍ර

බිලිදු පැටියාට රන්කිරි කට ගෑවේ කවුද දන්නේ නෑ…ඉස්සර අම්මලා අතර මේ වගේ කතා බහ තිබුනා. නමුත් අද දරුවෙකු උපත ලැබීමත් සමග මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ නැහැ. ඊට එක හේතුවක් තමයි ඉස්සර වගේ අද කාලයේ දරු ප්‍රසුතිය නිවසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුනත් ‘‘රන්කිරිකටගෑම “ විදිහට එදා හැඳින්වූ සිරිත මෙහෙමයි.

දරුවා උපත ලද සැන පැටියාට කිරි පෙවීමේ සිරිත පැවැතුනා. එය ‘‘රන්කිරි කට ගෑම““ විදිහට හැදින් වූ අතර සිද්ධ වුනේ මේ විදිහටයි.

අම්මාගෙන් ලබා ගත්තු කිරි ස්වල්පයක් රත්රන් මුදුවක් හෝ ආභරණයක ගල ගාලා ඒ තුළ බැලතණ නමින් හදුන්වන ලද කණකොළ දෙක තුනක් තබලා බැලතණ කොළයකින් දරුවාගේ දොතොලේ මව්කිරි ආලේප කරනවා. මේ ආලේප කිරීම ඇගිල්ලකින් කළ අවස්ථාවනුත් තිබෙනවා.

ඒ වගේම රන්කිරි කට ගෑම බොහෝ විට කරන්නේත් වාසනාවන්ත තැනැත්තෙකු විසිනුයි. සමහර විට දරුවාගේ පියා හෝ පවුලේ දරුවාට  සමීප ඥාතියෙකු විසින් කරනවා. සමහර විට ගමේ වෙද මහතා විසිනුත් රන්කිරි කට ගෑම සිදු වෙනවා. රන්කිරි කට ගෑ පුද්ගලයා අනුව දරුවාගේ අනාගතය තීරණය වෙනු ඇතැයිද විශ්වාස කළා.

ඒ වගේම අතීතයේදී අලුත උපන් දරුවෙකු ගෙයින් පිටතට ගැනීම ‘‘ දොරට වැඩීම “ යනුවෙන් හැදින්වුණා. දරු උපතින් දින හතක් ගත වුනාම අම්මා කොළ තම්බන ලද ජලයෙන් නාවනවා. එය ‘‘කොළවතුර නෑවීම “ යනුවෙන් හැදින්වෙනවා. මේ සදහා පාවට්ටා කොළ, ඉරිවේරිය, තිප්පිලි, එඩරු,නික ආදි ඔසු ශාඛ පත්‍ර යොදා ගන්නවා.

දරුවා උපත ලබා මාස තුනක් ගෙවුනාම බෝධියකට හෝ විහාරස්තානයක් වෙත දරුවා ගෙන යනවා.දරු උපතින් මාස තුනක් ගෙවෙන තෙක් කිලි යනුවෙන් සීමාවක් පැනවී ඇති නිසා එතෙක් දරුවා පුජනීය ස්ථානයකට රැනෙ යන්නේ නැහැ.මේ අන්දමින් දරුවා ගෙන යන විට බෝ ගසක් හෝ කිරි ගසක් යටින් ගෙන යෑමත් එක්තරා සිරිතක්.මේ දොරට වැඩුම ඇතැම් දෙමව්පියන් කතරගම කිරි වෙහෙර, ජයසිරි මහ බෝධිය , දළදා මාලිගාව වැනි පුජණීය ස්ථාන වෙතටත් දරුවා රැගෙන යෑමෙන් ඉස්ට කර ගන්නවා.ගමේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට බිම තබා වන්දනාමාන කර දේවාලයක් ඇතොත් එතැනටත් රැගෙන ගොස් දේවාශිර්වාද ලබා ගන්නවා.

ළදරුවා බිම දණගාන අවධියේදී අතට හසු වෙන දේ කටේ දමා ගන්නා නිසා ඊට පෙරාතුව සුබ මොහොතින් ආාහර ලබා දීම ‘‘ ඉදුල්කට ගෑම “යනුවෙන් හැදින්වෙනවා.මෙහිදී ව්‍යංජන සමග බත් දීම සිදු වෙනවා. එහිදී පැදුරක් බිම එලා ඒ මත සුදු වස්ත්‍රයක් එලා කිරිබත්, කැවිලි, කෙසෙල්ගෙඩි, මිළ මුදල්, පොතක් ආදිය තබනවා. දරුවා ඒ අතරින් මුලින්ම අතට ගත් දේ අනුව අනාවැකි කීමටත් අතීතයේදී බොහෝ දෙනා පුරුදුව සිටියා. පොතක් අතට ගත් විට අනාගත උගතෙක් වන බවද, මුදල් අතට ගත් විට ව්‍යාපාරිකයෙකු හෝ බොහෝ මිළ මුදල් ඇත්තෙකු  විය හැකි බවද පිලිගත් මතයන් අතර විය.

අද කන් විදීම වෛද්‍යවරුන් විසින් සිදු වුනත් එදා කන් විදීම නිවසේදී ඉටු කරන ලද පුංචි උත්සවයක්. උල් කරන ලද රන් කෙන්දකින් කන් විද ඒ රන් කෙඳි කණට පළදවනවා.රන් කෙඳි ලබා ගැනීමට වත්පොහොසත්කම් නැති උදවිය ඉදිකටුවකින් කණ විද සිදුරු පෑහීම වලක්වා ගැනීමට කරපිංචා නැටි අතැලු කරනවා.

අද නම් උපත ලද විට හිසකෙස් කැපුවත් අතීතයේදී දරුවන්ගේ හිසකෙස් කැපීම සිදු වුනේ  බහ තෝරන්න පෙරාතුවයි.අසුබ හොමොතකදී හිස කෙස් කැපීම දරුවා ගොලු වීමට හේතුවක් යැයි සැලකුනා. මුල්ම කෙස් රොද ආරක්ෂිතව තබා ගෙන ගලා යන දියපහරකට එකතු කලා.

හිසකෙස් කැපීමේදී ඊතණ,අබ, කැකුලු සහල්,විළඳ. සමන් කැකුළු යන ලදපස්මල් වලින් ස්වල්පයක් හක් ගෙඩියකට දමා එයට පිරිසිදු ජලය එකතු කර ‘‘බවතු සබ්බ මගලං ““ ගාතාව තුන්වරක් කියමින් නියම කරන ලද දිසාව බලා හක්ගෙඩිය දරුවාගේ හිස වට තුන්වරක් කරකවා එහි ජලය හිසට වත් කර සුබ මොහොතකින් කතුරකින් හිසකෙස් කැපීම සිදු වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

දැන් කාලයේ දරුවන්ට ලේනාගෙන් දත් ඉල්ලන්න අවස්ථාවක් නැහැ…

ඉස්සරකාලයේ පුංචි දරුවන්ගේ දත් වැටුනාම ‘‘ලේනෝ…ලේනෝ….මේ දත අරගෙන පුංචි දතක් මට දියෝ දියෝ කිව්වත් අද වෙද්දී දරුවන්ට ඒ විදිහට ඉල්ලීම් කිරීමට අවසර නැහැ. ඊටහේතුව තමා දරුවන්ගේ කිරිදත් ස්වභාවයෙන්ම වැටෙන්න පෙරාතුව ඒ දත් නරක් වීම නිසා ගලවා දැමීමට සිදු වෙනවා.

දරුවන්ගේ සුන්දරත්වය, ඒ වගේම ප්‍රසන්නබව මුලින්ම අපේ හිතට ඇති වෙන්නේ ඔවුන් කිරි දත් පෙන්වා සිනාසෙන විටයි. ඒ වගේම දරුවන්ගේ දත් ලස්සනට නිරෝගීව තිබුනොත් ඔවුන්ට තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට පුලුවනි.

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වෙනවා. අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වෙනවා. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20ක්. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වෙලා. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙනවා.

”කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕන. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා,”

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදනවා. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

කිරිදත් නරක් වෙන්නේ ඇයි….?

කිරිදත් නරක් වීමට බලපාන හේතු කීපයක්ම තිබෙනවා. ඒ වගේම දරුවා කුසේ සිටින කාලයේ පටන්ම අම්මා කෙනෙක් තම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.

ඒ වගේම අප විසින් මෙතෙක් අවදානය යොමු කළ කරුණක් මෙහිදී වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා විසින් පෙන්වා දෙනවා.

අම්මාගේ විතරක් නොවෙයි, දරුවා ළඟින් සිටින තාත්තා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්..

දත් මැදීම පටන් ගන්නේ…

දරුවාගේ මුල්ම කිරිදත මෝදු වුන තැන පටන්ම දත් මැදීම සිදු විය යුතුයි. බොහෝ අම්මලා දරුවන්ගේ කිරිදත් මැදීමට උනන්දු නොවුනත් දත් මැදීම පටන් ගත යුත්තේ මුල්ම දත මෝදු වුන දිනයේ පටන් බව අමතක කරන්න එපා.

ඒ වගේම දත් මැදීමට මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කරමින් , ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම අවශ්‍යයි. මෙහිදී ෆ්ලෝරයිඩ් දන්තා ලේපය යොදා ගත යුත්තේ දත් බුරුසුවේ ගෑවෙන නොගෑවෙන තුනී පටලයක් විදිහටයි.

ෆ්ලෝරයිඩ් යොදා ගන්නේ ඇයි….?

”දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.”

ආහාර ගැනත් අපි උනන්දු වීම වැදගත්.

පුංචි කාලයේ පටන්ම සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට අම්මලාගේ උනන්දුව වැදගත්. ඒ වගේම දිනකට දෙවතාවක් දත් මැදීම වැනි පුරුදු ගොඩ නගා ගත්තොත් ඔබේ දරුවාගේ දත් කැකුළු රැක ගැනීමට පුළුවන්.

දතක් දිරන බව හදුනා ගන්නේ…

දතක් දිරන්න පටන් ගැනීම අපට හදුනා ගන්න පුලුවනි. හොඳින් ආලෝකය තිබෙන තැනකට ගිහින් බැලුවොත් දත සහ විදුරුමස අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි  පැහැති පැල්ලම් තිබෙනවා නම් දත දිරන බවට එය පෙරනිමිත්තක්. එතැනදී ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත්.

[පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා]

පුන්‍යා චාන්දනී ද සිල්වා

නීරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවලු සහ පළතුරු

දවසකට එළවලු සහ පළතුරු පංගු පහක් ආහාරයට ගන්න ….මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවලු සහ පළතුරු වලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වලක්වා ගන්න පුලුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

  • නිවිති

නිවිතවල අන්තර්ගත ‘‘ ලුටෙයින් “ ( Lutein)සහ ‘‘සෙක්සතින් “ ( zexanthin) ශාඛ රසායනයන් වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත්  ( Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුලුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවලු වර්ග මගින් පෙනහලුවල නීරෝගීබව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවලුවල ‘‘ ඉන්ඩෝල් “, ‘‘ කාබිනෝල් “, වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා.දැවටමත් නිව්යෝක් නගරයේ ‘‘ස්ට්‍රේන්ජ් “ පිලිකා මර්ධන ආයතනය විසින් හදුනා ගෙන ඇති අන්දමට කාබිනෝල් “, රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුලුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිලිබඳ මහාචාර්ය ‘‘ මැන්ප්‍රෙඩ් කෝනර් “ පෙන්වා දෙන අන්දමට සුදුලූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිලිකා සහ හදවතේ නීරෝගීතාවයටත් ඉතාම වැදගත්.allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් ( allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුලුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කලොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලි වල අන්තර්ගත ‘‘ ලයිකොපෙන්“ ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිලිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ එඩ්වඩ් ජිම්වනුසි “ සඳහන් කරන්නේ තක්කාලි පෙනහළු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් ““ සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති  ‘‘ ෆිනොලිකා “ ( phenolics ) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විදයාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ….ඔබේ හදවත ආරක්ෂා කර ගැනමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න…ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සදහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් ‘‘සී “බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආහ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers” digest ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

ඔබ තෝරාගත් ඩයපර් පෑන්ට් වර්ගය නිසා ඔබේ පැටියා අපහසුවෙන්ද?

අම්මෙක් හැම මොහොතකම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාට උපරිම සුව පහසුව සලන්න. තමන්ගේ දරු පැටියා අපහසුවෙන් අකමැත්තෙන් කාලය ගතකරනවා තරම් දුකක් අම්මෙක්ට තාත්තෙක්ට තවත් නැහැ. ඒත් ඔබේ නොදැනුවත්කම දරුවාට ලබා දිය යුතු සුව පහසුවට බාධාවක් විය හැකි නිසාම ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගයේ තිබිය යුතු ගුණාංග ගැන අපි දැනුවත් වෙමු.

ඩයපර් පෑන්ට් එක අම්මලාට ලොකු පහසුවක්. මොකද දඟකාර පුංචි පැටව් එක්ක ඩයපරයක් අන්දවනවා කියන එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. කොහොම හරි මහන්සි වෙලා ඩයපර් අන්දලා ආයෙත් බලද්දී ඒක ගලවගෙන. ඉතිං දඟ පැටියෙක්ට ගැලපෙන්නේ නම් ඩයපර් පෑන්ට් එකක්ම තමයි. එහෙමයි කියලා ඕනෙම ඩයපර පැන්ට් වර්ගයක් පුංචි පැටියට ගැලපෙයිද? කොහොමද හොඳම වර්ගයේ ඩයපර් පෑන්ට් එකක් දරුවා වෙනුවෙන් තෝරගන්නේ. හොඳම ඩයපර් පෑන්ට් වර්ගයක තිබිය යුතු ගුණාංග මොනවාද කියලා දැන් ඔබටත් හිතෙනවා ඇති.

ඔබේ දරුවාගේ අපහසුතා මගහරවන ගුණාංගයන්ගෙන් යුතු නිසාම පුංචි දඟයන්ට උපරිම සුවපහසුව සලසන ඩයපර් පෑන්ට් වර්ගය ලෙස බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් හැඳින්විය හැකියි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සතු මූලික ලක්ෂණය වන්නේ එය වැඩි තුනී බවකින් මෙන්ම ඉහළ උරාගැනීමේ හැකියාවකින් යුක්ත වීමයි. මේ වන විටත් ඩයපර් පෑන්ට් එකේ ඇති ඝනකම නිසා ඔබේ පුංචි දඟයා අපහහසුවෙන් විය හැකියි. වෙළඳ පොලේ ඇති බොහොමයක් ඩයපර් පෑන්ට් මහතින් වැඩි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. මහතින් වැඩි ඩයපර් පෑන්ට් දියර පිරීම නිසා දෙපා අතරින් එල්ලා වැටීම දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධා ඇති කරනවා. නමුත් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්වල වැඩි තුනී බව සහ වැඩි උරාගැනීමේ හැකියාව නිසා දරුවා වෙනදා මෙන් අපහසුතාවයට පත් නොවන බවට සහතිකයි.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්හි උරා ගැනීමේ හැකියාවත් එසේ උරාගත් දියර ඇතුළත සිර කර රඳවා තබා ගැනීමේ හැකියාවත් සැබවින්ම සුවිශේෂයි. ඒ සුවිශේෂි හැකියාවන් සමගින් එන බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් එකෙහි මතුපිට වියළි බව එලෙසින්ම රඳවා ගන්නා අතරම කිසිදු ආකාරයකින් කාන්ඳු වීමක් සිදු නොවේ. එසේම තෙත් බවේ ප්‍රමාණය හැඟවීමේ හැකියාව (wetness Indicator) ඇති නිසා ඩයපර් පෑන්ට් එක මාරු කළ යුතු අවස්ථාව මව්වරැන්ට අවබෝධ කරගැනීමත් ඉතා පහසුයි.

ඒ වගේම බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිපද වී ඇත්තේ සුමුසු සම මත ආසාධන ඇති නොවන පරිද්දෙන් වීම එහි ඇති අනෙක් විශේෂත්වයයි. එනම් බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් නිසා කිසිදු විටෙක ඔබේ පැටියාගේ සුමුදු සම මත ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති නොකරයි. බේබි ෂෙරමි ඩයපර් සුමුදු සමට උපරිම සුව පහසුව ගෙන එන පරිද්දෙන් අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට ගැලපෙන පරිදි මූලික පියවරේ සිටම සැකසී ඇති නිසාත් කපු වැනි මතුපිට වූ සුමුදු බවත් ඒ හරහා වතාශ්‍රය හොඳින් ගමන් කරන අයුරින් සැකසී ඇති නිසාත් ඔබේ දරුවා අපහසුතාවයට පත් නොවෙයි.

ඒ නිසාම වෙනදා මෙන් අපහසුතාවයන් නිසා දෛනික ක්‍රියාකාරකම් මගහරින, සුව නින්දට මගහැරෙන ඔබේ පැටියා බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් සමගින් නිදහසේ දවස ගතකරයි.

පැණි බීම වල වර්ණ සංකේත (Traffic Light) ගැන මේ දේවල් ඔබ දන්නවාද?

මග තොටට ගිය හැම විටකදීම අම්මලා තාත්තලා සහ දරුවන් අතර අරගලය ඇති වෙන්නේ සීනි සහිත පැනි බීම වෙනුවෙන් බව අපි අත්දැකීමෙන්ම දන්නවා.ඒ වුනත් සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති.

ඒ විතරක් නොවෙයි, කිරීටක ධමනී ආහ්‍රිත රෝග, වකුගඩු ගල් සහ ආශ්‍රිත රෝග ඔස්ටියෝපොරෝසිස්,ප්‍රජනන ආබාධ වැනි අතුරු සංකුලතාවයන් බොහොමයක් වෙනුවෙන් පැණි බීම පානය බලපානවා.

පැණි බීමක් යනු කුමක් ද?

සීනි සාන්ද්‍රණය 5% කට වඩා වැඩි නම් එය පැණි බීමක් හෝ සීනි සහිත පානයක් (sugary drinks) ලෙස හඳුන්වන්න පුලුවනි. ඒ අනුව ඔන්න මේ සියල්ලම පැණි බීම ලැයිස්තුවට ඇතුලත් වෙනවා..

  • පළතුරු යුෂ,
  • සිසිල් බීම
  • රස කාරක යෙදූ කිරි
  • ශක්ති ජනක පාන
  • සීනි අඩංගු කළ තේ හෝ කෝපි
  • සීනි මිශ්‍ර නොකළ (no added sugar) පලතුරු බීම ද මීට ඇතුළත්ය.

පැණි බීම සහ එහි අතුරු ප්‍රතිඵල අලලා සිදු කරන ලද මෙම අධ්‍යනයට ලක්ෂයකට අධික පිරිසක් යොදා ගත්තා. පර්යේෂණය මෙහෙය වූ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පැරිස්හි උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින්  වසර පහක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල මත මෙම නිගමනයට පැමිණ ඇති අතර එම අධ්‍යයනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ද (British Medical Journal) පළකර තිබුණා. පර්යේෂණයට යොදා ගත් සමස්ත පිරිස අනුපාතයක් ලෙස ගත් කල සෑම පුද්ගලයන් 1000ක් අතරින් විසි දෙදෙනෙකු (22) පිළිකා තත්ත්වයක් පෙන්නුම් කර තිබුණා..මේ අධ්‍යයනය අතරතුර වාර්තා වූ පිළිකා රෝගීන් අතරින් 693 දෙනෙකුට පියයුරු පිළිකාවත් 291 දෙනෙකුට පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ 166 දෙනෙකුට මහා බඩවැල ආශ්‍රිත පිළිකා වැළඳී තිබුණා..

දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා, පැණි බීම මිලි ලීටර් 100 ක් අමතරව පානය කිරීම තුළින් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යා හැකි බව මෙම පර්යේෂණයේ නිගමනය වී තිබේ. සතියකට සිසිල් බීම කෑන් දෙකක් පානය කිරීමෙන් මෙම අවදානමට ගොදුරු විය හැක.

පර්යේෂකයන් පවසන්නේ සමස්ත පිරිස ම දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අමතරව මිලි ලීටර 100ක් පැණි බීම පානය කළේ නම් වසර පහක් තුළ තවත් හතර දෙනෙකුට පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය. ඒ අනුව මෙම අනුපාතය දහසකට 26 දෙනෙකු දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ඔවුහු පවසති.

“සීනි සහිත බීම සහ පිළිකා අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට මේ අනුව අනුමාන කළ හැකි නමුත් එය සහතික කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදුකිරීමට අවශ්‍යයි,” එක්සත් රාජධානියේ පිළිකා අධ්‍යයන ආයතනයේ දත්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වෛද්‍ය ග්‍රැහැම් වීලර් පවසයි.

ශ්‍රී ලංකාවේ සිසිල් බීම සඳහා වර්ණ සංකේත හෙවත් Trafic- light

1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සදහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වසරේදී පියවර ගනු ලැබීය.

ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයක ම මිලිලීටර් 100 ක් සදහා ග්‍රෑම් 11 කට වැඩි වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණයෙන් වර්ණ ගැන්වීම.

ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණයෙන් වර්ණ ගැන්වීම.

මෙසේ වර්ණ සංකේතවත් කිරිම මගින් මහ ජනතාවට බීමවල සීනි මට්ටම් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව සුදුසු බීම වර්ග තෝරා ගත හැකිය.

එමගින් බෝ නොවන රෝග පාලනය කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ විය .

[මහනුවර දිස්ත්‍රික් රෝහලේ බෝනොවන රෝග අංශයේ දැන්වීම් පත්‍රිකාවක් සහ බීබීසී පුවත් ඇසුරිනි]

*පුන්‍යා චාන්දනී ද සිල්වා*

අපේ අම්මලා දියවැඩියාවෙන් මිදෙන්න

කාන්තාවන් දියවැඩියා රෝගයෙන් පෙළීම අජීවී දරු උපත්වලට ප්‍රධාන හේතුවක් විය හැකි බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

අපේ අම්මාවරුන් ගැබිණි කාලයේදී දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙනවා නම් අජීවි දරු උපත්වලට හේතු වීමේ විශාල අවදානමක් ඇති බව ග්ලාස්ගෝ’ සරසවියේ සිදු කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා. ඒ නිසා ගර්භනී සමයෙහි කාන්තාවකගේ රුධිරයේ සීනි මට්ටම අධි මාත්‍රාවක පැවැත්ම අජීවී දරු උපත්වලට හේතු වෙනවා.

දරුවන් ප්‍රසූත කරනු ලැබීම සඳහා කාන්තාවන්ට ඇති හොඳම කාලය වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර බව ” ග්ලාස්ගෝ සරසවි සමීක්ෂණයේ නියමුවරිය වන වෛද්‍ය ෂරෝන් මැකින් (Dr Sharon Mackin) සඳහන් කරනවා. .  ඒ වගේම මේ කාලයේදී වුනත් ගැබ් ගත් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයට පත් වුනොත් ඔවුන්ගේ එම සංකුලතාවයන් සඳහා වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත් බැව් මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දෙනවා.ඒ නිසා වෛද්‍ය වෘත්තිකයන් විසින් නිතරම ගැබ් ගත් මවට ශරීරයේ බර සහ රුධිරයේ සීනි මට්ටම යහපත් අන්දමින් පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනවා.

වෛද්‍ය ෂරෝන් මැකින් පෙන්වා දෙන අන්දමට යම් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයෙන් පසුවෙනවා නම් ඇය ගර්භණීත්වය පිලිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. ඒ වගේම අහඹු ලෙසින් ගැබ් ගත් විටෙකදී වුනත්  ඒ වෙනුවෙන් ඇය දක්වන සැලකිල්ල මත ගැබිණි බවේ සංකුලතාවයන් අවම කර ගැනීමට පුලුවනි.

“දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මෙය සිතේ තබා ගැනීම වැදගත්. ඉක්මනින් පිළිසිඳ ගැනීමක් ගැන සැලැස්මක් නොමැති තත්වයක් යටතේ වුනත්, ඔවුන්ට දරු ගැබක් පිළිසිඳ ගැනීමට පෙර සුදුසු සායනික උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා” වෛද්‍ය ෂරෝන් මැකින් වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය ෂරෝන් මැකින් සඳහන් කරන අන්දමට “දියවැඩියා රෝගය සහිත කාන්තාවන් ඔවුන්ගේ සායනවලට යා යුතුයි. ඔවුන් ගැබ් ගෙන ඇති බව තහවුරු වූ වහාම අපට ඔවුන් පරීක්ෂා කරලා කල්තබාම උදව් වෙන්න පුළුවන්”

1998 සහ 2016 අතර කාලය තුළ ස්කොට්ලන්තයේ මව්වරුන් 3,847 දෙනෙකු විසින් ප්‍රසූත කරන ලද බිළිඳුන් 5,392 ක් ‘ග්ලාස්ගෝ’ සරසවි සමීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබුවා.ඔවුන්ගේ නිරීක්ෂණ අනුව,නිරෝගී මවරුන්ට සාපේක්ෂව, පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත මවක් සජීවී බිළිඳකු ප්‍රසුත කිරීමට වඩා අජීවී බිළිඳකු ප්‍රසූත කිරීමට ඇති ඉඩකඩ තුන් ගුණයකටත් වඩා වැඩි අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත මවක් අජීවී බිළිඳකු ප්‍රශූත කිරීමට ඇති ඉඩකඩ යටත් පිරිසෙන් එහි හතර ගුණයක් වෙයි.

පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.ඒ අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 22.9 ක් විය.පොදුවේ සමස්ත මව්වරුන්ගේ ප්‍රසූතීන් සංඛ්‍යාව ගත්විට දරු උපත් දහසකට අජීවී දරු උපත් අනුපාතය දහසකට 4.9 ක් විය.

අජීවී දරුවන් ප්‍රසූත කළ පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාම රුධිරයෙහි පැවතිය යුතු සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි පැවති අය වෙති.

ඒ අතරම, ගැබ් ගැනීමට පෙර රුධිරයේ සීනි මට්ටම දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ අජීවී දරු ප්‍රසූතීන් පිළිබඳව වඩාත් වැදගත් පුරෝකථනයක් වෙයි.

වැඩිම බර සහ අඩුම බර සහිත දරු උපත් ඉතා දැඩි අනතුරුදායක තත්වයක වූ බව ‘Diabetologia’ සඟරාවේ පළ කරනු ලැබ ඇති සමීක්‍ෂණ වාර්තාවෙන් කියැවෙයි. ”

එක්සත් රාජධානියේ දියවැඩියා ආයතනයේ (Diabetes UK) පර්යේෂණ සන්නිවේදන අංශයේ ප්‍රධානී වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සදහන් කරන අන්දමට  දියවැඩියාවෙන් පෙළෙන බොහෝ මව්වරුන් ගර්භනී කාලයේ සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, නිරෝගී දරුවන් ප්‍රසූත කරනවා. ඒත් මේ සමීක්‍ෂණ ප්‍රතිපලය මගින් වැදගත් කරුණක් යලිත් පෙන්වා දෙනවා. ඒක තමයි, දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් ,රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීමට එම කාන්තාවන්ට උදව් වීමේ වැදගත්කම.සංකීර්ණ තත්වයක් ඇතිවීමේ අන්තරාය අවම කර ගැනීමට එවැනි වැඩ පිළිවෙලක් අවශ්‍යයි”

“දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත අධි ස්ථූලභාවයෙන් යුක්ත කාන්තාවන්ගේ එම අතිරේක බර අඩුකර ගැනීමත් ප්‍රසූතයේ දී නරක ප්‍රතිපල අවම කර ගැනීමට ඉවහල් වෙන බව සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා” වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සඳහන් කරයි.

ශ්‍රි ලාංකික කාන්තාවන් අතරත් උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරු දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු කරන ගෘහණියෝ සිටිති. ඔවුන් නගන මැසිවිල්ලක් වන්නේ තමන් කොතරම් වැඩ කළ ද ශරීරය ස්ථුල වීමේ අඩුවක් නොමැති බවය.

එදිනෙදා වැඩ කිරීමේදී ශරීරයට තෙහෙට්ටුව දැනුණ ද ඒවා ශරීරයේ තැන්පත්ව ඇති තෙල් හා මේදය දහනය වීමට ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. එබැවින් දිනකට අවම වශයෙන් දහදිය දමන තුරු විනාඩි විස්සක්වත් ව්‍යායාම කිරීම යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා නාගරික පදික මං තීරුවල ඇවිදීම, ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම සහ ‘එරෝබික්’ වැනි නර්තනයන්හි නිරත වීම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

වැරදි ආහාර පුරුදු, ව්‍යායාම අඩුකම හා ජීවන රටාව වෙනස් වීම කාන්තාවන්ගේ තරබාරු බව වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවාරාත්‍රී ආහාර ගැනීම ප්‍රමාදවීම ද තරබාරු බව වැඩිවීමට හේතු වී තිබේ. ප්‍රමාදවී රාත්‍රී ආහාර ගත් පසු බොහෝ දෙනෙකු නින්දට යාම පුරුද්දක් කරගෙන ඇති නිසා එම ආහාර මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමක් සිදු වේ.

පෝෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ කාන්තාවන් එතරම් ක්‍රියාශීලී නොවන නිසා ඔවුන්ගේ ආහාර වේලට එකතු කරගන්නා බත් ප්‍රමාණය අඩකින් අඩුකර ඒ සඳහා වැඩිපුර එළවලු හා පළතුරු වර්ග එක්කර ගැනීම ඉතා යෝග්‍ය බවය.

නින්ද අඩුකම ද තරබාරු බව වැඩිවීමට හේතුවක් ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. වැඩිහිටියෙකුට දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් අවශ්‍ය වන අතර අලුයම 1-2 අතර නින්ද ඉතා වැදගත් බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිවී තිබේ.

බිබිසි පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

පියසෙනහසත් කොන්දේසි විරහිත විය යුතුයි

තාත්තා කියන්නේ පවුලක විශිෂ්ට චරිතයක්. පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය මුල් කර ගත් භුමිකාවේ තාත්තා පවුලක ආධිපත්‍ය්‍ය දැරූ වීරයෙක් බවට පත් වුනා. නිවසේ මූලිකයා, බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂකයා , දරුවන් හික්මවනු ලබන්නා වගේම සදාචාර උපදෙස් ලැබුනෙත් තාත්තා ගෙන්. ඇයි ඉතින් මේ කාලයේ අම්මා කියන කාන්තාවට තිබුනේ හැඳිමිටේ නුවණ කියලා පැත්තකට කොටු කළ යුගයක්නේ…

  • කාලය සමග වෙනස් වුණා..

ඇත්තටම කාලය සමග පිතෘත්වයටත් යම් යම් වෙනස්කම් ලැබුනා. අම්මා ගැන වැඩිමනත් කතා බහ ආරම්භ වුනාම ‘‘පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි“ යනුවෙන් පියවරුන් ගැනත් යම් ආත්මානුකම්පාවක් ඇති වුනා. ඒ වුනත් තවමත් තාත්තා කියන චරිතය පවුලේ අභිමානය බව අමතක කරන්න එපා.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ කෘතියේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික තාත්තා කියන චරිතයට වඩා තාත්තා යනු දරුවන්ගේ ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් විය යුතු බවයි. ආර්. එල්. ග්‍රිස්වල් පෙන්වා දෙන විදිහට බටහිර රටවල් වෙතින් නම් මේ තත්වය හොඳින් දක්නට ලැබුනත් තවමත් ආසියාතික කලාපයට තාත්තා ඉහත සඳහන් කරන ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් වී නැති බවයි.

  • තාත්තාටත් මෘදු කුසලතාවයන් ඕන.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

ඇත්තටම තවමත් පවුලක දරුවන් හුරතල් කිරීම, ආදරය දැක්වීම වැනි බොහොම මෘදු කුසලතාවයන් දරුවන්ට ලැබෙන්නේ අම්මා ගෙන්. සමහර තාත්තලා හිතන්නේ දරුවන්ට මෘදු කුසලතාවයන් විදිහට කියන ආදරය දැක්වීම, සුරතල් කිරීම වැනි සමීපතාවයක් ඇති වුනොත් දරුවන් ‘‘ ගෝනි නැතුව කරේ යන්න“ පුලුවන් බවයි. ඒ කියන්නේ තාත්තලගේ හිතේ තමන්ගේ තරාතිරම ගැනත් යම් අභිමානයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මෘදු කුසලතාවයන් හෙවත් දරුවන්ට සමීපව කටයුතු කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

  • එහෙම වුනොත් මොකද වෙන්නේ..

ඔව් ඉතින් තාත්තාගේ සමීපතාවය පුංචි කාලයේ පටන්ම දුරස්  වෙලා. දරුවන්ගේ ලෝකයේ තාත්තා කියන්නේ උත්තම චරිතයක් කියන සංකල්පය ගොඩ නැගුනත් කාලය සමග දරුවා තාත්තාගෙන්  දුරස් වෙනවා පමණක් නොව සෘජු සන්නිවේදනයක් පවත්වා ගන්නත් බැරි තරම් කුලෑටි දරුවෙකු බවට පත් වෙනවා.

  • තාත්තාලා කොහෙද දරුවන්ට බත් කැව්වේ…ඇදුම් සේදුවේ…

අපි නම් හිතන්නේ එහෙම වුනත් තාත්තා කෙනෙක් අතින් මේ කටයුතු ඉටු වීම මනෝවිද්‍යඥයින්ගේ පැත්තෙන් නම් කිසිම වරදක් නැහැ. අම්මා පමණක්ම බත් කවන්න…ඇඳුම් සෝදලා අන්දවන්න කියන නියමයක් ඉහත නැහැ. ඒ නිසා දරුවන් ඉන්න තාත්තා කෙනෙකුට නම් මේවා අවතක්සේරුවක් වෙන කටයුතු නම් නොවෙයි.

  • තාත්තා දරුවන් සමීප වීමෙන් ලැබෙන වාසි….

තාත්තා දරුවන් සමග සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි කීපයක් තිබෙනවා. දරුවන්ට මුල් කාලයේදී භාෂාව ඉගෙනීමේ දායකත්වය ලැබෙන්නේ තාත්තාගෙන්.ඒ වගේම පුද්ගලයන් අතර සන්නිවේදනයන් ගොඩ නගා ගැනීමේ හැකියාවත් දරුවාට ඉබේටම ලැබෙනවා. අපි කොටින්ම මෙහෙම කියමු. තාත්තා සමග හොදින් අදහස් හුවමාරු කර ගන්නා දරුවා ගේ තිබෙන ශක්තිය නිසා ඔවුන්ට මාමා, බාප්පා  වැනි චරිත සමග වුනත් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගන්න පුලුවනි. ඔබ මේ විදිහට අහලා ඇති..

අපේ පුතා තාත්තාට හරිම බයයි. එයාට උවමනා දෙයක් වුනත් මං හරහා තමයි කියන්නේ…තාත්තාගේ භුමිකාවේ මේ පැත්ත ගැන ඒ විදිහට ගාම්භීරව හිතුවත් එයින් දරුවාගේ පෞරෂයට නම් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

  • දරුවා තුළ පියා ගැන අභිමානයක් ගොඩ නැගෙන්නේ මේ විදිහටයි..

රෝස් ඩි පාර්ක්  විසින් ඇගේ ‘‘පීතෘත්වය“නැමැති කෘතියේ සඳහන් කරන්නේ දරුවා නිතරම පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවාගේ භුමිකාවේ ආදරශ ආකෘතිය බවට තාත්තා කියන චරිතය පත් වෙනවා. මේ නිසා සම්ප්‍රදායිකව හිතුවාට වඩා අලුත් මානයක් පියා වෙනුවෙන් ගොඩ නැගෙනවා.

  • තාත්තා දරුවන්ට සමීප නම් අධ්‍යාපනය දියුණු වෙනවා…

ජීවිතය ජයගත් බොහොම දෙනෙක් තමන්ගේ අතීත ආවර්ජනාවන්හිදී ඔවුන්ට අත හිත දුන් අය ගැන සඳහන් කරනවා. මේ චරිත අතරට අම්මා, තාත්තා, වගේම ගුරුවරුන් අයත් වෙනවා. ඒ වගේම යුනෙස්කෝ මගින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ දරුවන් සමග සම්බන්ධතාවයන් ඉතා සමීපව පවත්වා ගෙන යන, තමා  රැකබලාගන්නා සහතිකය දරුවන්ට ලැබී ඇති විට දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ලැබෙන බවයි. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට බොහොම හිතකර පරිසරයක් සකස් වෙන බවත් දැන් පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.

  • සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නේ කොහොමද…?

අලුත උපන් දරුවන්ට සරල ක්‍රියාකාරකම් මගින් යම් යම් දේ ඉගෙන ගන්න පුලුවනි. තාත්තාගේ තුරුලට දරුවා වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් සමහර තාත්තාලා දරුවාට මාස තුන හතරක් ගෙවෙන තෙක්ම වඩා ගන්නේ නැහැ. රැවුල ඇනෙයි…දරුවාට රිදෙයි…හදිසියේවත් රිදුනොත් වැනි අධි ආරක්ෂිත හේතු නිසා මේ තීරණ ගත්තත් දරුවා පියාගේ තුරුලට කැමැත්තක් දක්වනවා.

උපත ලැබීමෙන් පසුව මුල් මාස තුනේ දරුවාගේ ඇස් පෙනීම ඉතාම දියුනුයි.මේ කාලයේදී වර්ණ වස්තු, ඡායාරූප ආදිය පෙන්වීම , දරුවාට සිනාසෙන්නට හැකි අන්දමේ ක්‍රිඩා කිරීමෙන් තාත්තාට දරුවාට සම්බන්ධ වීමට පුලුවනි.

මාස හයක් පමණ ගෙවුනාම තාත්තාට  ආහාර ලබා දෙන වේලාවටත් සම්බන්ධ වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවාට පියාගේ ආදරය දැනෙන විදිහට තාත්තා හැසිරෙන්න ඒන. තාත්තාගේ ආදරය කොන්දේසි විරහිත බව දරවාට ඒත්තු යෑම ඉතාම වැදගත්.

UNICEF පත්‍රිකාවක් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා