Home Blog Page 89

කිරි කැටියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන හේතු මෙන්න

දරුවෙකු උපන් විගස නොයෙකුත් හේතු නිසා නව ජන්ම දැඩි සත්කාර ඒකකයට දරුවන් ඇතුළත් කරනු ලබයි. මෙහිදී සමහරක් හේතූ නිසා දරුවා දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර ලබන අතර වැඩිදුර නිරීක්‍ෂණය සඳහා ගත් ළමුන් ආපසු මවට ලබාදේ. අද අප දරුවන් ඇතුළු කිරීමට හේතූ වන කරුණු පිළිබඳව සාකච්ජා කරමු.

නීරක්තිය හා රුධිර වහනය (Anaemia and bleeding)

අලුත උපන් දරුවාට නීරක්තිය ඇතිවීමට බලපාන හේතූ 03 කි.

  • රුධිරය ශරීරයෙන් ඉවත් වීම (Blood Loss)
  • රුධිර සෛල බිඳ හෙලීම (Haemolysis)
  • රතු සෛල නිපදවීම අඩුවීම (කලාතුරකින්) (Diminisbed Red Blood Cell Production Rate)
රුධිරය ශරීරයෙන් ඉවත් වීම (Blood Loss)

මෙහි දැක්වෙන රුධිරය ශරීරයෙන් ඉවත් වීමේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු කිහිපයකි.

ප්‍රසූතියේදී මවට මුහුණ දීමට සිදුවන තත්ත්ව :

  • පූර්ව ප‍්‍රසව රක්තපාතය (Anti Partum Haomoritage)
  • පෙකණිවැල පිපිරී යාම (Umbilical cord rapture)

සැඟවුණු රුධිර වහනය /ගුප්ත රුධිර වහනය (Occult blood losss) :

  • කලලය හා වැදෑමහ අතර රුධිර වහනය (Feto-maternal bleeding)
  • නිවුන් දරුවන් දෙදෙනෙකු අතර රුධිරය හුවමාරු වීම (Twin to twin transtansen)

දරුවාගෙන් රුධිරය ගැලීම (Neonatal bleeding) :

  • Cephalohematoma
  • පෙකණියෙන් රුධිරය ගැලීම
  • කපාලය තුල රුධිරය ගැලීම (Intra cranial bleeding)
  • පෙකිණියෙන් රුධිරය ගැලීම
  • ආහාර මාර්ග පද්ධතියේ රුධිර ගැලීම
  • අක්මාව, ප්ලීහාව පුපුරායාම
  • දරුවාගෙන් අධික ලෙස රුධිර පරීක්‍ෂණ සඳහා සාම්පල් ගැනීම (බහුලම හේතුවක්)
රුධිර සෛල බිඳ වැටීම

මේ සඳහා බලපානු ලබන හේතු සාධක පහත පරිදි වේ.

  • Rh සාධකය හෝ රුධිර ගණන නොගැලපිම
  • ජානමය ආබාධ තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි G6PD ඌනතාවය (G6PD Deficiency)
  • විෂබීජ ශරීර ගතවීම (Sepsis)
  • රුධිරය කැටි නොගැසීම (Disseminated intravascular coagulation – DIC)
  • මැලේරියාව
රතු සෛල නිපදවීම අඩු වීම

  • ආසාධන – වීෂබීජ ශරීර ගතවීම (Infection)
  • ඖෂධ
  • උපතේ සිටි ඇති ලියුකේමියාව

මේ තත්ත්ව සඳහා ප්‍රතිකාර ලෙස ප‍්‍රමාණවත් ලෙස විටමින් E, විටමින් 12, ෆෝලික් අම්ලය, යකඩ ලබාදීම, රුධිර ගණ හා Rh සාධකය ගලපා රුධිරය ලබාදීම යන ක්‍රම ක්‍රියාත්මක කරයි.

මන්දතාපය (Hypothermia)

කිහිල්ලෙන් උණ පරීක්‍ෂා කිරීමේදී එය 36.5 – 37.5 (97.7 – 99.5 F) දක්වා අඩු වීමයි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට,

  • කාමර උෂ්ණත්වය 26 – 280 ක්‍ තබා ගැනීම
  • වන්ද්‍යකෘත උණුසුම් තුවායක් මගින් දරුවා වියළි/උණුසුම් කිරීම
  • මවගේ සමට ස්පර්ශ වීමට තැබීම, කිරි ලබාදීම
  • හිස හොඳින් වසා තැබීම
  • මව සමග දරුවා තැබීම

ඉහත තත්ත්වවලදී යථා තත්ත්වයට පත් නොවුනි නම් දරුවා ළදරු ඒකකයේ වීදුරු පෙට්ටිය (Incubator) තුළ තැබීම හෝ warmer එක තුළ තැබීම කළ හැක.

දරුවා බර අඩුවීම (Law birth weight babies)

දරුවාගේ බර අඩුවීමට නොමේරූ බව මෙන්ම සති ගණනට සාපේක්‍ෂව ගර්භාෂය තුළ දී  දරුවා නිසි පරිදි වර්ධනය නොවීම යන හේතූ දෙක ප‍්‍රධාන ලෙස බලපායි.

මොවුන්ගේ ගැටලු අනුව ලබාදෙන ප‍්‍රතිකාර වෙනස් වේ. දරුවාගේ බර 1800g ට වඩා වැඩි හා දරුවාගේ වයස සති 34 ට වඩා වැඩි නම් මව සමග දරුවා වාට්ටුව තුළ තැබිය හැක. සති 34 වඩා අඩු හා බර 1800g ට වඩා අඩු නම් විශේෂ ප‍්‍රතිකාර ළදරු ඒකකයට ගැනීම කළ යුතුය.

මෙවැනි තත්ත්වයන්හිදී දරුවාගේ පෝෂණය උදෙසා නාසයෙන් හෝ මුඛයෙන් බටයක් ඇතුළු කොට ඒ ආධාරයෙන් පෝෂණය සැපයීම හෝ කුඩා කෝප්පයක් ආධාරයෙන් කිරි බිමට සලස්වයි. එසේම එම දරුවන්ට යම් රෝගී තත්ත්වයක් ඇත්නම් ඒ අනුව ප‍්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

මන්ද මධුරක්තිය (Hypoglycemia)

එනම් රුධිරයේ පවතින සීනි මට්ටම 45m/dl (2.6mmol/l) වඩා අඩුවීමයි. මෙමගින් දරුවාට වලිප්පුව ඇති විය හැක. එමගින් මොළයේ සෛලවලට හානි වී මිය යා හැක. රුධිරයේ සීනි වැඩිවීමට වඩා සීනි අඩුවීම නිසා ඇතිවන අහිතකර ප‍්‍රතිඵල වඩා භයානක වේ.

මේ සඳහා ලබා දෙන ප‍්‍රතිකාර දරුවාගේ තත්ත්වය මත වෙනස් වේ.

  • මව්කිරි ලබාදීම
  • දොවා කිරිදීම
  • 10%, 12.5%, 15% Dextrose ශිරාගත කිරීම
  • Hydrocotizone වැනි ස්ටීරොයිඩ ලබාදීම
  • Glucogen හෝමෝනය ලබාදීම
නවජ සුති කම්පනය (Neonatal Shock)

ප‍්‍රමාණවත් තරම් රුධිර සංසරණයක් නොමැති වීම නිසා ඔක්සිජන් හා පෝෂණය, මොළයේ හා අනෙක් පටකවලට නොලැබීමෙන් එහි ක‍්‍රියාකාරීත්වය ඇන හිටීම මෙම තත්ත්වයයි. මේ සඳහා ලබාදෙන ප්‍රතිකාරද ප‍්‍රතිකාර කම්පනයේ තත්ත්වය මත වෙනස් විය හැක.

පොදුවේ ලබාදෙන ප්‍රතිකාර ලෙස,

  • ඔක්සිජන් ලබාදීම
  • රුධිරයේ සීනි මට්ටම අඩු නම් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීම
  • උෂ්ණත්වය අඩු නම් සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීම
  • ශිරා මගින් තරලය ලබාදීම
  • හෘදයේ ක‍්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඖෂධ ලබාදීම (උදා: Dopamine, Dobatamine)
ස්වසන අපහසුව (Respivatory Distress)

මෙහිදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස,

  • මෙහිදී ස්වසන වේගය වඩා වැඩිවේ
  • හුස්ම ගැනීමේදී පපුවේ මැද කුඩා වලක් සෑදීම
  • කෙඳිරි ගෑම
  • ස්වසනය නැවැත්වීම

එසේම මේ තත්ත්වයට ඇති වීමට පොදු හේතූ ලෙස,

නොමේරූ ළදරුවෙකුට නම් : 

  • පෙනහලු තුල ඇති සර්ෆ්ක්ටන්ට් නම් රසායන ද්‍රව්‍ය අඩුවීම (මෙමගින් ගර්ත හැකිලීම වළක්වයි)
  • උපතේදී ඇතිවන නියුමෝනියාව (Congenital pneymonia)
  • මන්ද තාපය (Hypothermia) ශරීර උෂ්ණත්වය අඩුවීම
  • මන්ද මධුරක්තිය (Hypo lycemia) රුධිරයේ සීනි අඩුවීම

මේරූ දරුවෙකු නම් :

  • ස්වසන වේගය වැඩි වීම (TTNB – Transitory Tachypnea of NewBorn)
  • දරුවාගේ මළ ස්වසන මාර්ගයට යාම (Meconium Aspiration)
  • නියුමෝනියාව
  • ශරීරයේ විවිධ අවයවවලට ඔක්සිජන් හා රුධිරය නොලැබීමෙන් පටක මිය යාම

ශල්‍ය හේතූ ලෙස :

  • මහා ප‍්‍රාචීරය ආශ‍්‍රිතව ඇතිවන හර්නියා තත්ත්වය
  • ස්වාස නාලය හා අන්ත ශ්‍රෝතය අතර සම්බන්ධතාවයක් ඇති වීම

වෙනත් හේතූ ලෙස :

  • ආජන්මජ හෘද රෝග
  • පරිවෘත්තීය රෝග

ප‍්‍රතිකාර ලෙස :

  • ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනීම
  • හෘද ස්පන්දන වේගය, රුධිරයේ පවතින ඔක්සිජන් ප‍්‍රතිශතය, ස්වසන වේගය, ස්වසනය කිරීමට දරන වෑයම, රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය නිරික්‍ෂණය කිරීම (Monitor)
  • ඔක්සිජන් ලබාදීම, රුධිරයේ ඔක්සිජන් මට්ටම 90% – 94% පවත්වා ගැනීම
  • ස්වසන අපහසුව දිගටම පවතී නම් කෘතිම ස්වසන යන්ත‍්‍රයකට හෝ ස්වසනය සඳහා උපකාරී වන යන්ත‍්‍රයකට සම්බන්ධ කිරීම
  • මව්කිරි ලබාදීමට නොහැකි නම් ශිරා මගින් තරලය ලබාදීම
  • මව්කිරි ලබාදීමට හැකි නම් දොවා බටයක් මගින් ලබාදීම
  • ප‍්‍රමාණවත් රුධිර සංසරණයක් පවත්වා ගැනීම
  • රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීම
දරුවා ස්වසනය නවත්යි නම් (Apnoea)

විළුඹ පිට ඇතිල්ලීම, තට්ටු කිරීම මගින් ස්වසනය උත්තේජනය කළ හැකිය. එසේ කිරීමෙන් ස්වසනය උත්තේජනය නොවේ නම් කෘතිම ස්වසන යන්ත‍්‍රයකට සවි කිරීම සිදු කෙරේ. නොමේරූ දරුවෙකු නම් Aminophyllin ඖෂධය ලබාදීම සිදු කෙරෙන අතරම රුධිර වගා කිරීම මගින් (Blood culture) රුධිරයට විෂබීජ ඇතුළු වී ඇති දැයි පරීක්‍ෂා කර ඒ සඳහා ප‍්‍රතිජීවක ඖෂධ ලබාදේ.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය E.M.S ඒකනායක මහතා සමග සුතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරීනි ක්‍රිෂාන්ති ගංගා මහත්මිය විසින්  සකසන ලද ලිපියකි.

 

මට මල්ලියෙක් නැත්තම් නංගියෙක්..

පුංචි පවුල රත්තරන් යන සංකල්පයේ පිහිටා දරුවන් පිලිබඳව සීමාවන් පනවා ගැනීමේ ප්‍රවනතාවය ගොඩ නැගුනේ 1970 වැනි යුගයකදී. චීනය විසින් මේ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නත් දැන් ඔවුන්ද එහි ආදීනව තේරුම් ගෙන එක්දරු ප්‍රතිපත්තියෙන් ඉවත්ව සිටිනවා.

සමහර අවස්ථාවලදී මට නංඟියෙක් හෝ මල්ලියෙක් ගෙනත් දෙන්න කියන අදහස දරුවාගෙන්ම ඉදිරිපත් වෙනවා. එයින් පෙනෙන්නේ සහෝදර සමාගමක තිබෙන අවශ්‍යතාවයයි. තනි දරුවා ‍ලසින් හැදෙන වැඩෙන එක් කුඩා එනම් වයස අවුරුදු හතක පමණ පුංචි දියණියක් තමන්ගේ මවට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ “පංතියේ හැමෝටම ගෙදර සෙල්ලම් කරන්න නංගිකේ, මල්ලියෙක් හරි අක්කෙක් අයියෙක් ඉන්නවා. මට කවුරුත් නැහැ. ඔයාට එහෙම බැරි නම් මට බල්ලකේ පූසෙක්වත් ගෙනත් දෙන්න…” දරුවාගේ හිතේ තිබුන ආත්මීය හෝකය එයින් අපිට පෙනෙනවා නේද…?

ඉස්සර දරුවන් සම්පතක්…

අතීතයේදී සිංහල දෙමව්පියන් දරුවන් ගැන සිතුවේ සම්පතක් විදිහටයි. නිතරම ඔවුන්ගේ මුවින් කියැවුනේ “වැලේ ගෙඩි වැලට බර නැහැ…” යන අදහසයි. කාලයාගේ ඇවැමෙන් සෑම පවුලකම දරුවන් ගණන දෙදෙනෙකුට සීමාවෙන ප්‍රවනතාවය ඉදිරියේ මේ ස්ථාවරය හැම පවුලකම ඇති වුනා. තුන්වැනියෙක් උපත ලැබුවා නම් ඒ අහඹු ලෙසයි.

දරුවන් සීමා වෙන්නත් හේතු තිබුණා…

දරුවන් සීමා කර ගැනීමටත් යම් යම් හේතු සාධකත් බලපෑවා. ආරක්‍ෂිත අපහසුතාවයන් එක් පැත්තකින්ද, දරුවන්ට අවශ්‍ය සැප සම්පත් දෙන්න නොහැකි නම් තවත් දරුවන් හදා ගැනීම ගැන දෙවරක් හිතන්න පටන් ගත්තා. ඒ වගේම පවුලේ ආර්ථීක බර වෙනුවෙන් සහයෝගයට වගේම කාන්තාවන් අධ්‍යාපනය ලැබීම නිසා අම්මා, තාත්තා රැකියාවට ගියාම දරුවන් රැකබලා ගැනීමේ ප්‍රශ්න ඇති වුණා. එදා වගේ න්‍යෂ්ටික පවුල් අද නැති නිසා දරැවන්ට රැකවරණය ලබා දීමත් විශාල ගැටළුවක් බවට පත් වුණා. දරුවන් තුන් හතර දෙනා තබා එකාවත් හදා වඩා ගැනීමේ දුෂ්කරතාවයන් ඉදිරියේ පවුලක දරුවන් ගණන වෙනුවෙන් ඉබේටම සීමාවන් පැනවුණා.

මේ සියල්ල ඇත්ත… ඒත් එකා යකා වුනොත්…

මේ සේරම දෙමව්පියන්ගේ පැත්තෙන් ඇත්ත. ඒ වුනාට තවත් පැතත්කින් එකා යකා යන සංකල්පය බිහි වුනොත්. අද මනෝවිද්‍යාඥයින් පවා සඳහන් කරන්නේ පවුලක දරුවන්ගේ සංඛ්‍යාව කීප දෙනෙකුට සීමා වීම වඩාත් සුදුසු බවයි. එය දරුවන්ගේ යහපත් මානසිකත්වය බලපාන කරුණක් බැව් ඔවුන්ගේ අදහසයි.

මානසික හිස්කමට…

තනි දරුවා බොහෝ විට හැදෙන්නේ හුදෙකලා පරිසරයක. ඒ නිසා ඔවුන්ට නිතරම ඇත්තේ හිතේ තනිකමක්. ආර්ථික අතින් ලැබෙන සැප සම්පත් තිබුනාට මේ තනිය ආවරණය කරන්න බැහැ. ඒ නිසා දරුවන් කීප දෙනෙකුගේ පරිසරයේ හැදෙන දරුවන්ට වඩා පවුලක තනි දරුවාගේ මානසික හුදෙකලා බව වැඩියෙන් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම ඔවුන් අසාමාන්‍ය ගති පැවැතුම්වලින් යුක්ත වීමත් තවත් හේතුවක්.

ආත්මාර්ථකාමියිද….?

තනි දරුවා බොහෝ විට ආත්මාර්ථකාමී බැව් බොහෝ දෙනාගේ අදහසයි. පවුලේ එකම දරුවා වූ විට දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව, සෙනෙහස උපරිමයෙන් ලැබෙනවා. ඔවුන්ට දරුවා ඇහැක් වගෙයි. ඒ නිසාම දරුවා තරම් සම්පතක් නොවන තැන අම්මා තාත්තාගේ තත්වය දරුවාත් තේරුම් ගන්නවා. ඒ නිසාම තමාගේ අවශ්‍යතාවයන් කෙසේ හෝ ඉටු කර ගැනීමේ දැඩි ආත්මාර්ථකාමීත්යක්ද සමහර විට ගොඩ නැගෙන්න පුලුවනි.

සහජිවනය

තනි දරුවා නිතරම තනියෙන්ම හැදෙන්න වැනේන ඉඩ දිය යුතු නැහැ. අසල්වැසි, නෑ හිතවතුන්ගේ හෝ දරුවන් සමග ඇසුරට ඉඩ දිය යුතුයි. එසේ නොමැති වුනොත් බෙදා හදා ගැනීමේ සහජීවන ගති පැවැතුම් ඇති වෙන්නේ නැහැ. අක්කා, මල්ලී, නංගී සමග වෙරලු ගෙඩිය බෙදා ගත්තාට තනි දරුවාට ඒ පරිසරය නැතැත් දෙමව්පියන් විදිහට ඒ ගති පැවැතුම් ගොඩ නැගීම වැදගත්.

අත්දැකීම්

පවුලක දරුවන් කීප දෙනෙක් සිටින විට ඔවුන් අතර අත්දැකීම් හුවමාරු වෙනවා. ඒත් තනි දරුවෙකුට මේ පරිසරය නැහැ. බාලකාලයේදී රණ්ඩු වුනත් ගහ මරා ගත්තත් පසුකාලයකදී ඒවා ඔවුන්ගේ ජීවිතයේ රසවත් අත්දැකීම් විදිහට කතා කරන්න මාතෘකාවක්. මේ නිසා තනි දරුවාට සමාජය සමග ගණුදෙණු කිරීම එතරම් පහසු නැහැ. ඒ වගේම තනි දරුවෙකුට සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමත් එතරම් පහසු නැහැ. තවත් අවස්තාවලදී බාහිර සමාජය සමග ගණුදෙණු කිරීමේ ඇති වෙන ගැටුම් නිසා ඉතාම ඉක්මනින් කනස්සල්ල, පසුගාමීබව ඇති වෙන අවස්තාවනුත් සුලබයි.

ශක්තිය…

පවුලක දරුවන් සංඛයාව වැඩි වෙන විට ඇති වෙන ශක්තිය බොහොම ප්‍රබලයි. ඇතැම් පවුල්වල අය මේ විදිහට කියනු ඔබ අසා ඇති. “පවුලේ සහෝදර සහෝදරියො, ඒ අයගේ පවුල්වල අයයි එකතුවුනාම හොදටෝම ඇති…” ඒක ඇත්ත… ඒත් සමහර පවුල්වල මරණයක් වුනාම මෘතදේහයේ හතර කොණට කර ගහන්නවත් පිරිසක් නැති අවස්ථා තිබෙනවා.

නිර්මාණශිලියි …    

පවුලේ දරුවන් ගණන වැඩි වෙන විට නිර්මාණශීලීත්වයට විහාල බලපෑමක් ඇති වෙනවා. ඔවුන් අක්කලා අයියලාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේම බාල දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිමහල් සහෝදර පිරිස් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසාම කාලයත් සමග යම් යම් කටයුතු ස්වාධීනව කර කියා ගැනීමේ හැකියාව මේ දරුවන්ට ඇති වෙනවා.

බේබි ටෝක්…

තොටිල්ලේ ඉන්න අපේ පුංචි පැටියන්ට බහ තෝරන්න තව කල් තිබෙන බව ඇත්ත. ඒත් මේ කිරිකැටියෝ අපිත් එක්ක අදහස් සන්නිවේදනය කරන්න හරිම කැමැත්තෙන් ඉන්න බව දැන් මනෝවිද්‍යාඥයින් විසින් හොයා ගෙන තිබෙන සත්‍යක් බවට පත් වෙලා තිබෙනවා. මේවා අහන අපේ අත්තම්මලානම් මෙහෙම කියාවි “අපි නම් ඉස්සර පුංචි ඈයෝ එක්ක මොනවා හරි දොඩවනවා…” එතකොට පුංචි දරුවන් කථාවට මොන තරම් ආසාවක් දක්වනවාද කිව්වොත් ඒ ගොල්ලන් කියන්නේ කටෙන් කෙල පුම්බන්නේ එයාලත් අපේ කතාබහට සම්බන්ධ වෙන්න තිබෙන උත්තේජනය නිසයාලු. හැබැයි මේ අය නම් විද්‍යාත්මක හේතු අනුව නොවෙයි. තමන්ගේ දරුවන්, මුණුපුරන් ඇසුරින් ලද් අත්දැකීම් අනුව තමයි මේ නිගමන ගොඩ නගා ගත්තේ.

දෙමව්පියන්ගෙනුත් උත්තර අවශයි …

අම්මලා අහන ප්‍රශ්න වලට දරුවාට උත්තර දෙන්න තවම භාෂාව දන්නේ නැහැනේ. බබාගේ භාෂාව අම්මාට, තාත්තාට තේරෙන විදිහට සන්නිවේදනය කරන්න බැරි වුනාම පුංචි වුනත් හිතට යම් පසුබෑමක් ඇති වෙන බව දැන් අධ්‍යන මගින් පෙනී ගිය කරුණක්. ඒ නිසා ඔවුන් දෙමව්පියන්ට ලබා දෙන අවවාදය වෙන්නේ ඔබ දරුවාගෙන් යම් පැනයක් අහලා එතැනින් නවතින්න එපා. ඒ වෙනුවෙන් පිලිතුරත් ලබා දෙන්න. දරුවා සෑහීමට පත් වෙන්නේ එවිටයි.

බබාට බඩගිනියිද..? අහලා එතැනින් නවතිනන් එපා. “පුතුට බඩගිනියිනේ… අම්මා කිරි දෙන්නං… බබාගේ බන්ඩිය පිරුනානේ… ඔව් දැන් බඩ පිරිලා…” මේ විදිහට දරුවාගෙන් ලැබෙන පිලිතුර දෙමව්පියන් විසින්ම ලබා දීම නිසා පුංචි පැටියා මහත් සතුටට පත් වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

දරුවා සමග කතාව …

හය හතර නොතේරෙන පැටියා පැත්තතට කරල තම තමන්ගේ වැඩපොල කර ගැනීමත් එතරම් සතුටුදායක තත්වයක් නොවෙයි. දරුවන්ටත් සමාජය අවශයි. මීට කලකට පෙරාතුවත් සමාජ විද්‍යාඥවරියක වන “මාගරට් මීඩ්” විසිනුත් පෙන්වා දී තිබුනේ පවුලේ බොහෝ දෙනෙක් ඇසුරේ හැදෙන දරුවන් හුදෙකලාව හැදෙන දරුවන්ට වඩා සන්නිවේදන හැකියාවන්ගෙන් සංවර්ධනය වී සිටින බවයි. අම්මා , තාත්තා දරුවා සමග කතා බහ කරන කාලය තක්සේරු කිරීමට ඇය උපාංග නිවසේ සවි කිරීමෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණයෙන් මේ බව පෙන්වා දී තිබුණා. එහිදි ඇය පැහැදිලිවම පෙන්වා දුන්නේ දෙමව්පියන් ඇසුරේ වැඩි කාලයක් කතා බහ සමග ගෙවන දරුවන්ගේ භාෂා පමණක් නොව සන්නිවේදන හැකියාවන්ද ඉතාම දියුණු තත්වයක පැවැති බවයි.

අලුත් අධ්‍යනයක් … “බේබි ටෝක්”

දරුව්නගේ කතා බහ වැඩිදියුණු වීම වෙනුවෙන් අම්මා තාත්තාගේ දායකත්වය අළලා  අලුත්ම අධ්‍යනයක් මෑතකදී සිදු වුණා. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ඉගෙණුම් සහ මොළය සංවර්ධනය පිලිබඳ අංශයේ  මහාචාර්ය “නාරා ෆර්ජාන් රම්රිස් ( Naja Ferjan Ramírez )” විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පවුල් 77 ක මාස හයක් වයසැති දරුවන් සම්බන්ධ කර ගත්තා. තවත් පවුල් කීපයක දරුවන්ද මේ අධ්‍යනයට සම්බන්ධ කර ගෙන එක් කොටසක් වෙනුවෙන් “බේබි ටෝක්” වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඔවුන් ලබා දුන් උපදෙස් වුනේ දරුවන්ගේ බසට සමීප වෙමින් ඔවුන් සමග කථා කිරීම වගේම යම් යම් වචන අවධාරනය කරමින් නැවත නැවත කීම වගේම සුරතල් ආකාරයට ඔවුන් සමග මේ වචන හුවමාරු කිරීමයි.

මාස දහහතරකින් පසුව මේ දත්ත විශ්ලේෂනය කරන විට පැහැදිලිව පෙනී ගියේ “බේබි ටෝක්” සමග සම්බන්ධ වුන දරුවන්ගේ වාග් කෝෂයත් වඩා පුලුල් ව තිබුනා පමණක් නොව, ඔවුන්ගේ සන්නිවේදන හැකියාවත් “බේබි ටෝක්” වැඩ සටහනට සම්බන්ධ නොවුන දරුවන්ට වඩා දියුණු මට්ටමක පැවැති බවයි. ගෙවුන මාස හය සහ දහහතරක් වෙන විට දෙමව්පියන් සමග හොදින් සන්නිවේදනය ගොඩ නගා ගත් දරුවන්ගේ කථන හැකියාවන් 15% ක සංවර්ධනයක් ලබා තිබුනත්, මේ අන්දමින් පාලනය නොකල දරුවන් ඉහත කාල සීමාවේදී ලබා තිබුනේ 7 % ක සංවර්ධනයක් පමණයි.

ඔන්න අපේ දෙමව්පියන්ටත් අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. “අනේ දරුවා වඩා ගත්ත දවසක් මතක නැහැ…” සමහර තාත්තලා මේ විදිහට කිව්වත් අම්මා තාත්තා කොහොම හෝ දරුවා සමග වචන හුවමාරු කර ගෙන පොඩිත්තාත් පවුලේ පුංචි සාමාජිකයෙක් වුනත් වැදගත් චිතයක් බව සිතාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.

– University of Washington News ඇසුරින්  –
 

බබාට කෑම හදමු – ලිපි අංක 3

බබාට අර්තාපල් අල දෙමුද ?


අර්තාපල් අල කියන්නේ කාබෝහයිඩ්රේට් එහෙම නැත්තම් පිශ්ටය බහුල ආහාරයක්. ඒ වගේම කැලරි බහුලයි. ආසාත්මිකතා නොපෙන්වන නිසා අල, බබාලට ආහාර හඳුන්වාදෙන මුල් කාලයේම දෙන්න පුලුවන් දෙයක්. කැලරි වැඩිපුර බබාගේ ශරීරයට අල වලින් ලැබෙන නිසා බබා ටිකක් දඟලන්න පටන් ගන්න කාලේදී දෙනවානම් හොඳයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මොකද එතකොට බබාට අල දිරවගන්න පහසුවෙන නිසා. ඒ හේතුවෙන් මාස 7 සිට ඉහලට බබාලට අල වලින් කෑම හදල දෙන්න පුලුවන්. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා . අර්තාපල් අල , බර වැඩි කරගන්න බබාලට දෙන්න කියනවා සායනයේ දී අපේ අම්මලා අහලා ඇතිනේ නේද​?

කොහොමද අපි හොඳ අර්තාපල් බබා වෙනුවෙන් තෝරා ගන්නේ..? රසායනික ද්‍රව්‍ය නොයෙදූ කාබනික අර්තාපල් අල හොයා ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. පිටරටින් ගෙනෙන අර්තාපල් වලට වඩා ලංකා අල ගොඩක් හොඳයි බබාලට​. අල හොඳින් සෝදලා, පොතු ඉවත් කරලා කෑම සකසන්න ගන්න පුලුවන්. ඒ වගේම පැළවීගෙන ඒන​, කොළපාට වුනු අල නම් කෑම හදන්න ගන්න එපා. ඒවා කෙලින්ම කුණු කූඩයට දාන්න​. ඒවා කෑමට සුදුසු නැහැ. ඒ වාගේම අල හුඟක් රස්නේ තියෙන තැනක ගබඩා කර තබන්න එපා. එතකොට අල ඉක්මණට පැල වෙන්න බලන නිසා. ඒ වගේම ශීතකරණයේ තියන්නත් එපා. හැම විටම කාමර උශ්ණය්වයේ, වියලි, අඳුරු තැනක ගබඩා කර තබා ගන්න​.

කොහොමද මේ අල බබාට කන්න පුලුවන් විදියට සකසා  ගන්නේ ?

පොතු ඉවත් කර හොඳින් සෝදා ගත් අල කුඩා කැබලි වලට කපා වාශ්පයෙන් තම්බා ගැනීම හෝ බේක් කර ගැනීම කල හැකියි. මෙමඟින් අල වල ගුණාත්මක කොටස් ආරක්ෂා කරගෙන, අල වල ස්වභාවික රසයත් රැකගෙන​ ආහාර පිළියෙල කර ගැනීම කර ගන්න පුලුවන්. වතුරට දමා තැම්බීමෙන් අල වල ගුණය වැඩි ප්‍රමාණයකින් විනාශ වෙන නිසා එම ක්‍රමය බබාට කෑම සැකසීමේදී එතරම් සුදුසු නැහැ.

මගේ බබාලට අර්තාපල් අල දීපු ආකාර විවිධයි. ඒවා එක තැනකට ගොනු කලොත් ආකාර 4ක් ලෙස දක්වන්න පුලුවන්:

  1. බබාගේ උයන බත් එකටම එකතු කරන්න පුළුවන්
  2. අල තම්බලා පොඩි කර ගෙන එක එක විදියේ තලපයන් හදා ගන්න පුළුවන්
  3. අල පොඩියට කැලි කපලා ස්ටීම් කරලා තම්බගෙන, යන්තම් තෙල් දාලා පොඩ්ඩක් බැදලා (shallow fry) බබාට අතින් අල්ලාගෙන කන්න සලස්වන්න පුළුවන් – අවශ්‍යනම් බේක් කර ගන්නත් පුළුවන්
  4. අල තීරු ලෙස කපලා, කහ ලුනු දමා ගැඹුරු තෙලේ බැදලා දෙන්නත් පුලුවන්. ඒවා නම් සුදුසු ලොකු බබාලට​

මේවයින් දෙවෙනි ආකාරයට අර්තාපල් දෙන්න පුළුවන් නම් වැඩි ප්‍රමාණයක් අල බබාට කවා ගන්න පුලුවන් වෙනවා කියල මට හිතෙනවා. ඒකට අපේ අම්මලා නිර්මාණශීලිව හිතලා දෙයක් කරන්න පසුබට වෙන්න එපා.

මේ වෙනකොට මම අත් හදා බලපු අල තලපයන් කීපයක් මම මෙහි සඳහන් කරන්නම්. ඕගොල්ලෝ මේවා මේ වෙනකොට හදලත් ඇති. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න මේ ලිපිය යටින්. ඒක අනික් අම්මලටත් උදව්වක් වෙයි. මම පහත කිරි කියල සඳහන් කරන්නේ මව්කිරි හෝ ළදරු කිරි පිටි (වයස අවුරුදු 1 ට අඩු බබාලට​). අවුරුද්දට වැඩි බබාලට එළකිරි දෙන්න පුලුවන්.

  1. අල සහ බටර් – කිරි / වතුර සමග {මේ කියන්නේ අල තම්බලා, බටර් සහ කිරි (හෝ වතුර​) සමග අනා කවන්න කියල​}
  2. අල සහ කැරට් – කිරි / වතුර සමග
  3. අල , කැරට් සහ බීට් – කිරි / වතුර සමග
  4. බ්රෝකොලි හෝ කොලිෆ්ලවර් සමග අල – කිරි / වතුර සමග
  5. අල , අලිගැටපේර – කිරි / වතුර සමග සමග
  6. අල, බිත්තර කහමද , බටර් /චීස් – කිරි / වතුර සමග
  7. අල සහ නිවිති – වතුර සමග
  8. අල සහ තෝර පරිප්පු – කිරි / වතුර සමග
  9. අල සහ මස් / මාළු – වතුර සමග
  10. අල සහ කුඩු කරගත් ධාන්‍ය -කිරි හෝ වතුර සමග
  11. අල සහ ඇපල් /පෙයාස් / මිදි – වතුර හෝ කිරි සමග

ඉහත පරිදි ඕනෑම විදියකට මේවා මිශ්‍ර කර ගනිමින් විවිධ රෙසිපි ගණනාවක් අත් හදා බලන්න පුළුවන්. අර්තාපල් තලපය ටිකක් තදගතියෙන් යුතු නිසා තමයි වතුර හෝ කිරි දාලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණයේ ඝනකම හදාගන්න වෙන්නේ. ඒ නිසයි මම හැම එකේම කිරි/වතුර ලෙස සඳහන් කලේ.

මම බබාට අල දීපු ආකාර 2ක් මේ ලින්ක් වලින් ඔයාලට බලා ගන්න පුලුවන්.

උදේ කෑමට එලවලු තම්බලා…අද අපේ බබාට කැරට්, අල​, කෝලිෆ්ලවර්, බෝංචි සහ පනීර් (සුපිරි වෙළද සැලෙන් ලබා ගත හැකි, චීස් වර්ගයක්)මේ ඔක්කොම එකට තම්බලා පොඩි කරලා කවන්න .. වයස අනුව එලවලු කැබලි කර ගන්න

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Friday, December 7, 2018

Article No 7:කුකුල් මස් සහ අල තලපය – Chicken and potato purée (English article will follow just below the Sinhala…

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Saturday, August 18, 2018

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

සාප්පු සවාරිය පටන් ගන්න පෙරාතුව හිතන්න යමක්

උත්සව කාලයයි, පාසල් නිවාඩුවයි එකට එකතු වුනාම දරුවන් සමග සාප්පු සවාරියත් පටන් ගන්න අම්මලාට සිද්ධ වෙනවා. පුංචි කාලයේදී නම් අම්මට, තාත්තාට හිතට ඇල්ලුව ඇඳුමක්, පැලඳුමක් අරගෙන දීලා පුංචි හිත් සැනසුවාට දැන් නම් ඒ විදිහට බැහැ. දරුවන් උස් මහත් වෙද්දී ඒ අයගේ කැමැත්තටත් ඉඩ දෙන්නඑපායැ. ඒ නිසා අම්මාට දරුවන් එක්ක සාප්පු සවාරියේ යද්දී මේ ගැනත් ටිකක් හිතේතියාගෙනම ගමන පටන් ගත්තොත් හොඳයි.

මුලින්ම ලැයිස්තුවක් සකසා ගන්න …

දියණිවරුන් සමග සාප්පු යද්දී ඒ වෙනුවෙන්ම පැය ගනනාවක් ගෙවන්න අවශ්‍ය නිසා අම්මාගේ උවමනාවන් සමහර විට අමතක වෙන්න පුලුවනි. ඒනිසාම අද දවසේ මිළට ගන්නා දේ ගැන ලැයිස්තුවක් සමග ගමන පටන් ගත්තොත් වඩාත් හොඳයි.

වඩාත් ගැලපෙන්නේ උදය වරුවයි …

හැන්දෑවට සාප්පුවල විතරක් නොවෙයි, නගරයේත් තදබදයඉතාම වැඩියි. මේ නිසා අවශ්‍ය දෙයක් තෝරා ගන්න විතරක් නොවෙයි, මිළට ගන්නා ඇඳුම මිම්මට ගැලපෙනවාදැයි බලන්නවත් ඉඩපාඩුවක් නැහැ. ඒ නිසා උදේ වරුවේ සාප්පු සවාරිය පටන් ගත්තාම වඩාත් හොදයි. මේ වේලාවට සාප්පුවල සේවකයන් වුනත් අලුත් බවකින් සිටින නිසා ඔවුන්ගෙනුත් උදව් ලබා ගන්නපුලුවන්. හවස් වෙන විට සේවකයනුත් තේහෙට්ටුවට පත්ව ඉන්න නිසා ඔබේ අවශ්‍යතාවය ගැලපෙනහොඳම විදිහට ඉෂ්ට නොවෙන්න පුලුවනි.

ඇස්තමේන්තුවක් පිළියෙල කරගන්න…

ග‍‍ඟේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න එපායැ. ඒ නිසා මිලට ගන්නා දේවල් සහ ඒ වෙනුවෙන් වූ වැය ගලපා ගෙන පුංචි ඇස්තමේන්තුවක් හදා ගන්න. ඒ මොකද කිව්වොත් අතිරේක දෙයක් ගන්න අවශ්‍ය වුනොත් මේ ඇස්තමේන්තුව සමග ගලපා ගෙන එය මිළට ගැනීමේ හැකියාව තිබෙනවාද නැත්ද ගැන තීරණයක් පහසුවෙන්ම ගන්න පුලුවනි.

සේල් ගැනම හිතන්න එපා …

සේල් පොළවල් වලින් මිළට ගැනීමේ යම් යම් වාසිතිබෙන්න පුලුවනි. ඒත් උත්සව අවස්ථාවක තෑගි දීමට මිලට ගන්නා ඇදුම් නම් සේල් පොළකින් ලබා ගැනීම අවදානම්. ඊට හේතුව යම් විදිහකට ඔබ තෑගි දෙන අයට මේ ඇදුමේ යම් මදිපාඩුවක් වුනොත් එය මාරු කර ගැනීමට අවස්ථාවක් නොතිබෙන්න පුලුවනි. තවත් අවස්ථාවක්අමතක කරන්න එපා. පුංචි පලුදු වීම්, කිලිටිවීම් නිසාත් මේ විදිහට මිළ අඩු කිරීම් කරලා ඔවුන්ගේ අලාබය අවම කර ගැනීමට සේල් දාන අවස්ථාවන් තිබෙනවා. මොන දේ වුනත් ඔබ එවන් ස්ථානවලින් මිලට ගැනීම වරදක් නැහැ. එහෙත් තෑග්ගක් දීමට යමක් ගන්නවා නම් වගකිව යුතු ආයතනයකින්ම මිලට ගැනීම වඩාත් වැදගත්.

මුදල් එක තැනකම තබා ගන්න එපා …

මේ කාලයට ගැට කපන්නන්ද අපි සමග සාප්පු සවාරියේයනවා. ඉතින් ඒ අයට පහසුවක් වෙන විදිහට ඔබේ මුදල් පසුම්බි නිතරම අනාරක්ෂිතව තබාගන්න එපා. ඒ වගේම මුදල් එකම තනක නොතබා කීප තැනකම ප්‍රවේසම් සහතිකව තබන්න. දැන්නගරයේ අලුත්ම සෙල්ලමක් තිබෙනවා. බොහොම ජැන්ඩියට ඇඳ පැළදගෙන සිටින කාන්තාවන් බස්වලගමන්ගනිද්දී අත් බෑග් ඉල්ලා ගෙන තබා ගන්නවා. අපිත් මේ විදිහට තවත් කාන්තාවකට බෑගය දෙන්නේ “අනේ අපිට බොහොම ලෙන්තගුතව කරන උදවව්ක්නේ…” යන සිතුවිල්ලෙන්. ඒත්මෑතකදී මේ වගේ සිදුවීම් දෙකක්ම අපේ ඇසුරු කරන උදවියට සිද්ධ වී තිබෙනවා.  සෙනග තදබදයේ අපි බෑගය දිහාට ඇහැ එල්ල කර ගෙනඉන්නේ නැහැ. “ස්තූතියි” කියල බෑග් එක අරගෙන බසයෙන් බැහැල වෙනත් තැනක දී අවශ්‍ය දේ ගැනීමට බලද්දී අත්බෑගයේ තිබුන පුංචි මුදල් පසුම්බිය නැති බව මේ දෙන්නාම දැනගත්තා. කොහොම වුනත් විලාසිතාවට ඇඳ පැළදගෙන සිටියට කාන්තාවකට වුනත් ඔබේ අත්බෑගය දෙනවා නම් ඒ අසලින්ම ඔබත් රැඳී ඉන්න. ඒ වගේම මුදල් තිබෙන පසුම්බිය ඉතාම සුරක්ෂිතව පහසුවෙන් ගත නොහැකි විදිහට තබා ගැනීමත් වැදගත්.

බඩගින්නට පිපාසයට පිලියම් සලසා ගෙන යන්න … 

සාප්පු යන හදිස්සියට උදේ ආහාරය වත් නොගෙන පාරටබහින්න එපා. ටික වේලාවක් යද්දී දැනෙන බඩගින්න නිසා සාප්පු යෑමත් වෙහෙසකරයි. වතුරබෝතලයක් පවා රැගෙන යෑම වැදගත්. පිපාසයට විකල්ප මග තොට තිබෙන බව ඇත්ත. ඒත් මෙම පානවර්ග සෞඛ්‍යට අහිතකර වගේම අමතර මුදලක් අහිතකර දේ වෙනුවෙන් වැය කිරීමේ ප්‍රයෝජනයක් තිබෙනවායැ. වැසිකිළි, කැසිකිලි අවශ්‍යතාවයන් වුනත් නිදහස් කරගෙනම ගමන පටන් ගන්න.

කුලී රථයක් ගන්නවා නම් අවම දුරකින්..

තෑගි බෝග රැගෙන එනවිට පයින් ගමන අපහසුනම් ඒ වෙනුවෙන් කුලී රථයක් කැඳවනවා නම් අවම දුරකින් පටන් ගැනීමට සැලසුම් කරන්න. අවශ්‍ය සියල්ල අවසානයට ලබා ගෙන ඒ අවම දුර සිට කුලී රථයකින් පැමිණීමෙන් වැය ශීර්ෂය කළමනාකරණයකින් කර ගැනීමට පුලුවනි.

වට්ටම්පත්, වගකීම් සහතික …

සමහර ආයතන වෙතින් ඔබට වට්ටම්පත් ලැබී තිබෙන්නපුලුවනි. මේවාත් රැගෙන යන්න. සමහර විට එය ඔබ අද මිලට ගන්නා දෙයට යම් මිළ අඩුකිරීමක් ලබා දෙනු ඇති. ඒ වගේම අද මිළට ගන්නා දේ වෙනුවෙන් බිල්පත් ඉල්ලා සිටින්න. යම් අඩුපාඩුවක් වෙතොත් එය මාරු කර ගැනීමට හැකියාව තිබෙනවාදැයි විමසා සිටින්න. වගකීම් සහතික අවශ්‍ය මිලදී ගැනීම් වෙනුවෙන් ඒවා ඉල්ලා සිටින්න. ඉතුරු මුදල් ලබා ගැනීමේදී නිවරැදිතාවය සහ බිල්පතේ සදහන් පරිදි ඔබ මිළට ගත් හැම දෙයම අසුරා ගෙනතිබෙනවාදැයි නැවත බලන්න.

තේ, කෝපි, චොකලට් දරුවන්ට ගුණයි

අම්මලා දරුවන්ට දෙන්නේ හොඳම දෙයයි. ඒ පිලිගැනීමට නැවත නැවත තර්ක විතර්ක අවශ්‍ය නැහැ. ඒ වුනත් සමහර දරුවන්ට දිය යුතු දේ නොදී ඉන්නේ දෙමව්පියන් ඒ ගැන දැණුවත්බවක් නැති නිසයි.

අපි නිතරම දරුවන්ට බත්, පළතුරු වැඩි පංගුවක් ලබා දීම උනන්දුයි. ඒවායේ දරුවන්ට අවශ්‍ය පෝෂණය නොඅඩුව තිබෙන නිසා මේ වෙහෙසකර තත්වයට දෙමව්පියන් පත් වීම අමුතු දෙයක් නොවෙයි.

මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන අන්දමට දරුවන්ට තේ, කෝපි වගේම චොකලට් ලබා දීමත් ඉතාම වැදගත් මේවායෙන් ලැබෙන වාසි දැන හදුනා ගත් දිනකදී නම් දෙමව්පියන්ගෙන් දරුවන්ට මේ වෙනුවෙන් තහංචි පැනවෙන එකක් නැහැ.

මේ අධ්‍යන වාර්තාව පසුගිය නොවැම්බර් 2 වැනි දා ප්‍රකාශයට පත් වුන අතර එය නොවැම්බර් 25 වැනි දින “නේචර් කෙමිස්ට්‍රි” සඟරාවේ පළ වී තිබෙනවා. මේ පර්යේෂනය සිදු කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි Auburn විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක්.

තේ, කෝපි වලට නම් පුංචි දරුවන් එතරම් ඇල්මක් නැහැ. ඒත් චොකලට්වලට නම් අකමැත්තක් නැතුව ඇති. අපි බොහෝ විට චොකලට් ගැන හිතන්නේ පෙම්වතුන්ගේ ආදර සංකේතයක් විදිහට මිසක පුංචි දරුවන්ගේ කැමැත්තක් කියල කිසිම හැඟීමක් නැහැ. සමහර දෙමව්පියන් දත් දිරන, පණු අමාරුව වැනි හේතු කාරණා ඉදිරියට අරගෙන චොකලට් වෙනුවෙන් තහංචි පනවා ගන්නවා.

දැන් ඉතින් තහංචිය අඩු කරන්න වෙනවා

මේ අධ්‍යන කණ්ඩායමට අයත් වුනේ නියුම්බර්ග් හි ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ජෛව රසායන මහාචාර්ය ඉවානා ඉවානොයි බර්මැසොවි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි Auburn විශ්ව විද්‍යාලයේ පර්යේෂක වරයෙකුයි.

සින්ක් වලින් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් (oxidative stress) අඩු කරන්න පුලුවනි

අද හැම කෙනෙක්ම කතා බහ කරන්නේ ජීවිතයේ වෙහෙසකර බව ගැනයි. මේ තත්වය මානසිකවත් ඒ තරම් සතුටුදායක නැහැ. වෙහෙසකර තත්වය නිසා නොදැනීම ඇති වෙන මානසික වෙනස්කම් සුලුවෙන් සලකනන් බැහැ. ඒ විතරක් නොවෙයි, ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් (oxidative stress). මේ තත්වය නිසා අපි වියපත් වීම ඉක්මන් කරනවා වගේම ජීවත්වීමේ ආයු කාලයත් කෙටි වෙනවා. ඒත් චොකලට්, තේ, කෝපිවල සින්ක් අන්තර්ගත නිසා සින්ක්වල බලපෑමෙන් මේ වෙහෙසකර තත්වයට පිලියම් ලබා ගැනීමට පුලුවනි.

ඒ තත්වය සිද්ධ වේනනේ මෙහෙමයි. සින්ක් hydroquinone ලෙසින් ක්‍රියාකාරී වීමෙන් මේ ඔක්සිඩේට් වෙහෙසකර තත්වයට එරෙහිව කටයුතු කරනවා. මේ කාබනික hydroquinone සුපිරි ඔක්සයිඩ් තත්වය නිසා පිලිකා වැනි මාරාන්තික තත්වයන්ගෙන් පවා ආරක්ෂාව ලබා ගැනීමට පුලුවන් බව මේ අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම සහ චොකලට්වල සින්ක් එකතු වීම නිසා නිර්මාණය වෙන superoxide dismutase enzyme එන්සයිමය මගින් වයසට යෑම බොහෝ දුරට පාලනය කර ගන්නත්  පුලුවන් වෙනවා. ඒ නිසා ඔබේ දරුවන් අනාගතයේදී වයසට වඩා තරුණව සිටීමට වාසනාවන්තයන් වේවි. මේ අතිවිශේෂ ඔක්සයිඩ් සංයෝගය මගින් ආහාර පරිවෘතත්කි ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමටත් යම් යම් හානි සිදු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවනුත් මග හැරීමට තරම් ශක්තිමත්.

දැන් ඉතින් ඔබත් තේ කෝපි වගේම චොකලට් දරුවාට දීමට බිය වෙන්න එපා.

Journal reference: Nature Chemistry

 

නිවාඩුව ගෙවන්න නගරයෙන් ටිකක් දුරකට ගියොත්…

පාසලත් නිවාඩු… සාමාන්‍ය පෙළ ලියපු දුව පුතාත් හෙට අනිද්දාට නිදහස් වෙනවා. ඒ වගේම නිතරම දුරකථනයට කෙටි පනිවිඩ ලැබෙනවා. වට්ටම් ගැන ආලවට්ටම් සහිත ආකර්ශණීය නිවාඩුවක් ගත කරන්න හෝටල්වලින් ලැබෙන අවස්ථාවන් ගැනයි ඒ හැම පනිවිඩයක්ම. ඉතින් දරුවන්ගෙත් දැන් හරිම උනන්දුව තිබෙන්නේ නිවාඩුව හෝටලයක ගත කරන්නයි. ඉතින් දැන් නම් හැම ගෙදරක්මත් හෝටලයකටම සමානයි. පහසුකම් බොහොම තිබෙනවා. ඉතින් ඒ නිසාම තවත් හෝටලයකට නොගිහින් මේ වගේ අදහසක් නරකද…?

අපි හැම දෙනෙක්ම දැන් ගත කරන්නේ බොහොම අවිවේකී එකාකාර රටාවක්. ඒ නිසා මනසටත් පුංචි හෝ වෙනසක්, විවේකයක්, විනෝදයක් අවශ්‍ය වෙනවාමයි. ඒ වෙනුවෙන් ඉස්සර කාලයේ නෑගම් ගියත් දැන් දවස් ගණනක් හැම   දෙනාටම වාහන පහසුකම් තිබෙන නිසාත්, මාර්ග දියුණු නිසාත් පැය ගණනකින් ගිහින් එන්න මිසක නවාතැන් ගැනීමට අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වුනත් හෝටලයක ගෙවන දින ගණනට වඩා ගමක, දවසක් දෙකක් ගත කලොත් වාසි බොහොමයක් ලබා ගන්න පුලුවනි.

අපේ රට පුංචි වුනත් තවමත් මේ රටේ අපි නොදුටු නොගිය තැන් හුගක් තිබෙනවා. හෝටලයේ කෘතිම පරිසරයට වඩා මේ ස්වභාවික වටපිටාවකින් අපිට රසවත් අත්දැකිම් ලබා ගන්න පුලුවනි. අඩුම ගනනේ පිරිසුදු සුළං පොදක්වත් ලැබෙනවානේ. හෝටලයක කොන්ක්‍රීට් බිත්ති අතර සිරවෙනවාට වඩා ගස් අතු පතර දැවටෙන සීතල සුලං පොදකින් ඇගට වගේම මනසටත් දැනෙන අපුරු සිහිලස නගරයේ හෝටලයකින් මිළ ගෙවලා වත් ලබා ගන්න බැහැ.

නගරයේ ජීවත්වෙන දරුවන්ට නම් නගරයෙන් මිදුන පරිසරයක අත්දැකීම් ලබා දුන්නොත් එය ඔවුන්ට බොහෝ සෙයින් වටින්න පුලුවනි. ගමක් කියන , හේන, කමත කියන්නේ මොන විදිහකින් ගොඩ නැගුන සංස්කෘතියක්ද යනන් පහසුවෙන්ම වටහා ගන්න පුලුවනි. ඒ නිසා අම්මලා, තාත්තලා ගම අමතක නොකර තමන්ගේ නෑ හිතවතුන් සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගෙන දරුවන් සමග නිවාඩුව ගත කරන්න දැන් අදහස් ගොඩ නගා ගන්න කාලය ඇවිත්.

අද දරුවන්ට නැගෙන බරපතල චෝදනාවක් තිබෙනවා. කිසිම ක්‍රියාශීලිත්වයක් නැහැ. වයසටත් කලින් තරබාරු වෙලා. මේ හැම දෙයටම මුල දුව පැන සෙල්ලම් කරන පරිසරයෙන් දරුවන් ඇත් වීමයි. ඒ නිසා මේ නිවාඩුවේ අත පය දිග හැරලා දුවන්න, පනින්න, පුලුවන් වටපිටාවකට යොමු කලොත්  ඔවුන්ට එය අපූරු අත්දැකීමක් වෙන්න පුලුවනි.

ඉස්සර කාලයේ ඇලේ දොලේ පැනල කරනම් ගහල එගොඩ මෙගොඩ පීනා ගිය දරුවන්ට අද ඒ පරිසරය නැහැ. ඒත් තවමත් නගරයෙන් ඈත ගම්මානවල ආරක්ෂිත දිය පාරවල් තිබෙනවා. හැබැයි නගරයේ දරුවන්ට දැන් පීනුම් තටාකයේ පීනන්න පුලුවන් නිසා මේ ගලන දොලකත් පිහිනා යෑම තරම් අපහසුවක් වෙන එකක් නැහැ. කොහොම වුනත් දියේ නෑමේදී නම් වැඩිහිටියන්ගේ ආරක්ෂාව වගේම නෑමට සුදුසුම ස්ථානයක  මිසක නොදන්නා තැනක නම් දිය නෑමට දරුවන්ට අවසර දෙන්න එපා.

ගම්මානයකට ගියාම දරුවන් විවිධ සතුන් අදුනා ගන්නවා. අද ඔවුන් මේ බොහෝ සතුන් දන්නේ නම් වලින් විතරයි. කුරුල්ලන් ගැන වුනත් එහෙමයි. එදා දරුවන්ට පිහාටුවක් දුටු සැනින් වගේම කුරුලු නාදයක් ඇහුන විට අහවල් කුරුල්ලා කියල දැන හදුනා ගැනීමේ හැකියාව තිබුනා. ඒත් අද දරුවන්ට ඒ දැනීම නොලැබෙන්නේ ඔවුන්ට මේ සුන්දර පරිසරයට නිරාවරනය වෙන අවස්ථාවන් නැති නිසයි. ඒත් නිවාඩුවක් වෙනුවෙන් ගමක් වෙත ගියොත් මේ අත්දැකීම් දරුවන්ට ලබා අනිවාර්යෙන්ම අත් විදින්න පුලුවනි.

“කෝච්චියෙන් ගමට යනවා… කිරියි පැණියි කාල එනවා…” එදා නිවාඩු කාලයෙට ගමට ගියාම කිරි , පැණි වගේම මාලු ඇඹුල් තියල් වැරදුනේ නැහැ. ගාලු මාතර පලාත්වලට කිරි, පැණි, මාළු ඇඹුල් තියල් වගේමඋඩරට, සබරගමුව සහ වයඹ වැනි පලාත්වලටත් ආවේණික කැවිලි වර්ග තිබෙනවා. උදුවැල්, වැලිතලප වැනි කැවිලි වර්ග රස නොබලපු  දරුවන් ඉන්නවා. ඒක දරුවන්ගේ වැරැද්දක් නොවෙයි. ඉස්සර කාලයේ අපේ අපේ අම්මලා ඉඩ ලැබුන අවස්ථාවල නෑගම් යන්න අමතක කළේ නැහැ. ඒ නිසාම නැදෑයින් අතරත් හොඳ සම්බන්ධතාවයන් ගොඩ නැගුනා.

ඒ නිසා අපි නිවාඩුවක් ගෙවන්න නගරයේ කලබලයෙන් මිදිලා නිස්කලංක පරිසරයකට ගියොත් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා. මුලින්ම හෝටලයක නවාතැන් ගත්තා වගේ ලොකු මුදලක් ගෙවන්න වෙන්නෙත් නැහැ. ඒ එක ආර්ථික වාසියක්.

තවත් පැත්තකින් පිරිසිදු වාතය සහ අලංකාර නිසා අපේ මනස සන්සුන් වෙනවා, වස විස නැති ගෙවත්තකින් එහෙම නැත්නම් පුංචි ඉඩමකින් නෙලා ගත්තු එළවලු , පළතුරු ආහාරයට ගන්නත් ලැබෙනවා. නෑ හිතවතුන් අතර සම්බන්ධතාවය තහවුරු වෙනවා වගේම අලුත් හිතවතුන් පිරිසක් දැන හදුනා ගන්නත් ලැබෙනවා. මේ කිසිම දෙයක් මුදලින් තක්සේරු කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අත්දැකීමකට දරුවන් නිරාවරනය වුනොත් එහි ප්‍රතිඵල ඔබට දිගුකාලීනව ලබා ගන්න පුලුවන්.

දඬුවම් දෙන විට මේ ගැන හිතන්න…

හැඳි නොගා හදන හොද්දයි… ගුටි නොගහ හදන දරුවයි… දෙකම ගුණාත්මක ලෙසින් පහළ මට්ටමක පවතින බව අතීතයේ පටන් අපේ කටවහරේ පවතින කියමනක්. ඒත් මේ පිලිගැනීමටත් දැන් වෙනස් අර්ථ කථන දීමට සිදු වෙලා තිබෙනවා. හොද්ද නිරන්තරව හැඳි ගාන විට බැක්ටීරියා ඇතුලු වෙලා ඉක්මනින් නරක් වීමට පුලුවනි. ඒ වගේම දරුවන්ට වුනත් දඬුවම් දෙන විට වයසට ඔරොත්තු නොදෙන විදිහට දඩුවම් දුන්නොත් අනාගතයේදී මේ දරුවන් වෙතින් දුර්වල පෞරෂ ලක්ෂණ පෙන්නුම් කිරීමට ඉඩ තිබෙනවා. වර්තමාන මනෝ වෛද්‍ය විද්‍යාඥයින්ගේ පිලිගැනීම මුල් කර ගත් මේ කරුණ කාරනාවන් අපේ දරුවන් හදා වඩා ගැනීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

වරදේ ස්වභාවය …

දරුවෙකුට දඬුවමක් ලබා දෙන විට ඒවැරැද්දේ ස්වභාවය ගැන සිතන්නම අවශ්‍යයි. අත්වැරදීමකින් යමක් දරුවා අතින් කැඬුන බිදුන අවස්ථාවක ඔරොත්තු නොදෙන දඬුවම් ලබා දෙන දෙමව්පියන් දඬුවම් ලබා දිය යුතුතැනදී බොහොම නිහඬයි. යමක් කැඩුන බිදුන විටෙක ඒ තරම් දැඩි දඬුවම් අවශ්‍ය නැහැ. එය ප්‍රවේසමෙන්පාවිච්චි කරන හැටි ගැන දරුවාට කියා දීම ප්‍රමාණවත්.

දඬුවමේ ස්වභාවය …

දරුවා කියන්නෙත් ලෙයින් මසින් හැදුන ජීවියෙක්.  ඒ නිසා දඬුවමක් ලබා දෙන විට එය ඔරොත්තු දෙනවාදැයි හිතන්න. ඇතැම්අවස්ථාවල දිමි ගොහොටු කඩා දැමීම, මිරිස් කොච්චි වැනි දේ ආලේප කිරීම වගේ අමානුෂිකදඬුවම් ලබා දෙන දෙමව්පියන් නැතුවාම නොවෙයි. මෙතැනදී අම්මාට තාත්තාට මෙහෙම හිතන්නපුලුවන්. “මගේ අතේ මිරිස් ටිකක් ගෑවුනාම කොච්චර අපහසුයිද…? ඉතින් ලපටි දරුවෙකුටමේ තත්වය ඔරොත්තු දෙයිද…?” එතකොට අම්මාට හෝ තාත්තාට දඬුවමේ ස්වභාවය ගැන හිතන්න පුලුවනි. දඬුවම් කරන්නේ දරුවා යහමගට ගැනීමේ යහපත් චේතනාවෙන් බව ඇත්ත. ඒත් මේ දඬුවම දරුවාට දරන්න පුලුවන් වීම ගැනත් ටිකක් හිතනන් අවශ්‍යයි.

දරුවාගේ මානසිකත්වය …

ඇග තැලුනට බේත් තිබෙනවා…හිත තැලුනට බේත් නැහැ. දඬුවමත් ඒ වගෙයි. දරුවාගේ මානසිකත්වයට යම් බලපෑමක් ඇති වුනොත් ඒයින් දරුවා මුදවා ගැනීම ඉතාම දුෂ්කරයි.සමහර අවස්ථාවලදී දරුවාට ලබා දෙන මානසික දඬුවම් නිසා ඔවුන්ගේ පෞරෂය මුලුමනින්ම බිඳ වැටෙනවා. එක්තරා පියෙක් පුතා කළ වරදට දඬුවමක් ලෙසින් ඔහු නිරුවතින් මිදුලේ සිටුවා තැබුවා. මේ වෙන විට දරුවාගේ වයස අවුරුදු හය හතක් විතර වුනා. එතැනින් යනෙන දරුවාගේ මිතුරන් ඔහුට හූ කියන්න පටන් ගත්තා. එතැන් පටන් දරුවා මිතුරන්ටවත් මුහුණ දෙන්න මැලි වුණා. නිතරම හුදෙකලාව ජීවත්වෙන මානසිකත්වයක් නොදැනීම දරුවාගෙන් නිර්මාණය වුනේ බාල කාලයේදී අනවශ්‍ය විදිහට දරුවා ලැජ්ජාවට පත් වුන නිසයි.

නැවත නැවත දඬුවම් කරන්න එපා …

ඇතැම් දෙමව්පියන් දරුවාට පන්නපන්නා දඬුවම් කරනවා. එක් වරක් දඬුවමක් දුන්නා නම් ඒ වරදට නැවත නැවත ඒ අවස්ථාවේදී දඬුවම් කිරීම සුදුසු නැහැ.අවවාදයක් වුනත් එහෙමයි. කෙළවරක් නැති අවවාද කළයක් මුනින් නාවල ජලය දැමීමට සමානයි. වරදකට දඬුවමක් ලබා දුන්නාට පසුව නැවත දඬුවමක් ලබා දියයුත්තේ දරුවා ඒ වරද නැවත කලොත් පමණයි.

එදත් මෙහෙමයි… අදත් මෙහෙමයි එපා …

දරුවාට දඬුවම් කරන විට “ඔයා එදත්මෙහෙමයි… අදත් මේ වැරැද්ද කරනවා. හෙටත් නම් ඉතින් හැදෙන එකක් නැහැ…” යන විදිහට චෝදනානගන්න එපා. වර්තමානයේදී සිද්ධ වුන දෙය පමණක් නිමිත්ත කර ගන්න. පෙර වැරැදි මේඅවස්ථාවට පාදක කර ගත් විට අද දවසේ වැරැද්ද වෙනුවෙන් ඔබ ලබා දෙන දඬුවම ගැන දරුවාටකිසිම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අම්මා, තාත්තාගේ සම්ප්‍රදායික වචන කීපයක් පමණක් ලෙසින් මේ තත්වය දරුවාගේ හිතට කාවැදීම පමණක් සිදු වීම නිසා දරුවා නිවරැදි කිරීම සාර්ථක වෙන්නේ නැහැ.

දරුවා ප්‍රතික්ෂෙප නොකරන්න …

බොහෝ දෙමව්පියන් දරුවාට දඬුවම් කිරීමෙන් පසුව ඔවුන් ප්‍රතික්ෂෙප කරනවා. අයියලා නංගිලාටත් කියනවා. “මෙයා එක්ක කතා කරන්න එපා.. මෙයා අපේ පවුලේ නොවෙයි.. කුනුකාණුවෙන් අහුලා ගත්තේ.. ” මෙවැනි වචන ඔබ නොසිතා කිව්වත් දරුවන් තුළ ඒවා තදින්මතැන්පත් වෙනවා. මේ නිසා  දඬුවමක් ලබා දුන් එයින්පසුව නැවත මානසික දඬුවම් ලබා දීම එතරම් සුදුසු නැහැ. දඬුවමෙන් පසුව නැවත ඔවුන්ට පෙරපරිදි කාරුනික වෙන්න. 

දරුවාට දඬුවමක් ලබා දුන්නේ ඔවුන් යහමගට  ගැනීමට බැව් පහදා දෙන්න …

දඬුවම් කරමින් අම්මා , තාත්තා මේ උත්සාහ කරන්නේ ඔවුන් යහමගට ගැනීමට බැව් පහදා දෙන්න. දඬුවම් නොදී හදා වඩා නොගත්තොත් අනාගතයේදී සමාජයෙන් ප්‍රතික්ෂෙප වීමට තිබෙන ඉඩ ගැන පහදා දෙන්න. තල මිටක් සොරෙන් කෑ දරුවාට එදා ගුරුතුමා පහර නොදුන්නා නම් ඔහු රජෙක් නොව සොරෙක් බවට පත් වීමට ඉඩ තිබුන බව කියා දෙන්න. ඒ වගේම ගුරුවරයා දඬුවම් කිරීම ගැන උරන වුනත් පසුව ඒ බව රජතුමාටම ඒත්තු ගිය ජාතක කතාව වැනි ආදර්ශ කතා කියා දෙන්න. එවිට දරුවාටම ඒ බැව් තේරුම් ගන්න පුලුවනි.

දඬුවමෙන් පසුව විපරමෙන් සිටින්න …

අද දරුවන් ඉතාම ආවේගශීලියි. බොහෝදරුවන් දඬුවමෙන් පසුව ගෙදරින් පැන යෑම, සිය දිවි හානි කර ගැනීම කටයුතු කර ගැනීමටතරම් දරුනුයි. මේ නිසා දරුවා කාමරවලට දමා දොර වැසීම වගේම ඔවුන්ට කාමරයේ දොර වසාගෙන සිටින්නට අවසර දෙන්න එපා. කවුරුන් හෝ දරුවා ගැන විපරමෙන් සිටින්න. ආවේග පාලනය කරගත නොහැකි නිසා ඔවුන් දරුණු තීරණ ගැනීමට ඉඩ තිබෙනවා.

ලොව පුරා නත්තල්

ගලිලයට නව යුගයක උදාවේ අවශ්‍යතාවය පැසවමින් පැවැති යුගයක බෙතේලෙහෙමේ කුඩා ගව ඔරුවක සාමයේ කුමරු බිහි විය. ඒ අසිරිමත්දිනය හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය නිමිති කර ගෙන නත්තල් උත්සවයලොව පුරා විවිධාකාරයෙන් සමරනු ලැබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන් නත්තල ඉතාමත් උත්සව සිරියෙන් සමරන ලද ජාතියක් බවට පත්ව සිටින්නේ ඈත අතීතයේ පටන්ය. ක්‍රි.ව 531 දී ආතර්තුමා විසින් ඉතාමත් උත්සවසිරියෙන් සමරන ලද නත්තල් උත්සවය ක්‍රෙම්වෙල්පාලන කාලයේදී යම් පසුබෑමකට ලක්ව ඇත. එහෙත් වික්ටෝරියානු යුගයේදී නැවතත් නතත්ල හැඩවැඩ ගැන්වී ඇත. බ්‍රිතානයයේ නත්තල වෙනුවෙන් විහේෂ වන්නේ කැරොල් ගීත ගායනාවන්ය.ඇතැම් අවස්ථාවන්හිදී මේ වෙනුවෙන් විවිධ චෝදනා නැගුන අවස්ථාවන්ද ඇත. මැදියම් රාත්‍රියතෙක් කැරොල් ගී ගායනා කිරීම නිසා බොහෝ දෙනාගේ නින්දට බාධාවන් ඇති වීම ඒ චෝදනාවයි.

වේල්සයේ කැරොල් ගීත ගායනාවන් සමග “හාප්” වීණා විශේෂයෙන් වාදන සපයා ගැනේ. කැරොල් ගී රචනාවන් නතත්ල් දිනට පොරතුව බෙදා හැර ඒ වෙනුවෙන් තනු නිර්මාණය  කිරීමට සාමාන්‍ය වැසියන්ට අවසර දෙන අතර ජයග්‍රාහී නිර්මාණ නත්තල් දිනයේදී ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ නත්තල් සැමරුම තුළබ්‍රිතාන්‍ය ආභාෂය නොමදව තිබේ. රසවත් ආහාරපාන, කිවි පළතුරු සහ පැෂන්පෘට් , පළතුරුපුඩිං සහ හැම්බර්ග් ආහාරපාන ඒ අතර වේ. සිඩ්නි නගරයට නැගෙණහිරින් පිහිටි “බොන්ඩ්” වෙරළට එක් රොක් වෙන පිරිස් මෙදිනට ක්‍රිඩාවේ යෙදෙමින් සතුටින් කාලය ගතකරයි.

චීන ජාතිකයින් නතත්ල සමරනු ලබන්නේජනවාරි මාසය අගභාගයේදීය. චීන ජනගහනයෙන් මිලියන හතරක් පමණ ක්‍රිස්තියානි ආගමිකයන්ය. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් චීනයට කිතුණු ආගම ව්‍යාප්ත කරන ලදී. ක්‍රි. ව 625 වසරේදී චීන ශිස්ටාචාරයේ උත්පත්ති නගරය වූ “සියෑන්” වෙත මෙම මිෂනාරීන් පැමිණ තිබේ.1999 වසරේදී මෙම නගරයේ “ටාවෝ” ආහ්‍රමය අසල තිබී මරියතුමිය විවේක ගන්නා ඉරියව්වෙන් නිරූපිත ප්‍රතිමාවක් හමු විය. මෙය දරුනු ලෙස හානියට පත්වතිබුනත් ආධයාත්මික පසුබිම පිලිබඳව මනා නිරූපනයක් මෙම ප්‍රතිමාවේ ඇති බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥ “මාවින් පලර්මර්” සඳහන් කරයි.

ජර්මන් ජාතිකයින්ගේ නත්තල් සම්ප්‍රදායන් අතර ඉගුරු පාන්, කැරොල් සහ ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය දක්වන දින දර්ශන වඩාත් විශේෂ වේ. ක්‍රි.ව 1700 වසරේදී ජර්මන් ජාතිකයින් නැවතකැනඩාවට පැමිණි යුගයේ පටන් මෙම සම්ප්‍රදායන් තවමත් ශේෂව පවතී. නත්තල ලබන දිනයට පෙරදිනයේදී ඔවුන් නිරාහාරව සිටිති.

ක්‍ර්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින් දොළොස්දෙනා සහ සඳ ච්ත්‍රය සිහිපත් කරමින් ව්‍යංජන දොළහක් පිලියෙල කරනු ලබයි. මස් සහකිරි මෙදින පිසින ආහාර අතරට ඇතුලත් නොවේ. ශුද්ධ සලකුනක් ලෙස ගෘහපතියා විසින් තිරිගුකරල් මිටියක් ගෙනැවිත් මුලුතැන්ගෙයි හෝ කෑම කාමරයේ තැන්පත් කරනු ලබයි.

කිතු උපත සිදු වුන බෙතේලෙහෙම් නගරයට නත්තල උදා වෙන්නේ එක් වරක් පමණක් නොවේ. සම්ප්‍රදායික ලෙසින් දෙසැම්බර් 25වැනි දිනද, ජුලියස් කැලැන්ඩරයට අනුව ජනවාරි හත්වැනි දිනද, මේ කැලැන්ඩරයටම අනුව ආර්මේනියන් පල්ලිය විසින් ජනවාරි 6 වැනි දිනද නත්තල් උත්සවය සමරනු ලැබේ. කොන්ස්ටන්ටයින් සහ ශාන්ත හෙලේනා විසින් ඉදි කරන ලද ග්‍රික දෙවියන්ගේ ඇඩොනිස්දේවාලය මත ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් උත්පත්ති පල්ලිය ඉදි කරන ලදී. මෙහි පිහිටි උපත සංකේතවත් කරමින් මරියතුමියගේ කුසෙන් ජේසු බිලිදා උපත ලබා ඇතැය් සටහනක් තබා තිබේ. නත්තලට පෙර දින දේව මෙහෙය ගොපල්ලන්ගේ භුමිය හෙවත් ෂෙපර්ෆීල්ඩ් සිට දේවස්ථානය වෙතට පැමිනේ.මෙම දේවස්ථානයේ ඉඩ කඩ ආරාධිතයින්ට පමණක් වෙන් කර තිබේ.

පින්ලන්ත නත්තල් උත්සවයේදී නත්තල්සීයා විශිෂ්ට චරිතයයි. ඔහු දිවා කාලයේ පැමිනෙන අතර නිවසට පැමිණ හොඳ දරැවන් සිටිනවා දැයි විමසා සිටී. එවිට දරුවන් “ඔව්” යනුවෙන් ඉතා සතුටින් පිලිතුරුලබා දෙති.

ඉතාලි නත්තල රෝම අධිරාජ්‍යයාගේ සම්ප්‍රදායන් සමග මිශ්‍රව පවතී. දෙවියන් ඇදහීමේ රෝම සම්ප්‍රදායට අනුව දෙසැම්බර් 17 සිට 26 වැනි දින දක්වා කලාය සෙනසුරු වෙනුවෙන්ද, පුද පූජාවන් පැවැත්වීම ඉතාලි චාරිත්‍ර විධි අතර වේ. වර්තමානයේදී මෙම කාලසීමාව නත්තලේ සැමරුමවෙනුවෙන් යොදා ගෙන ඇත.

නත්තල් උදාවට පෙර දිනයේදී බෝජනය මාළු සහ මුහුදු ආහාර වලින් සකසනු ලැබේ. දෙවියන්වහන්සේගේ රාත්‍රි භෝජන හත සිහිපත් කරමින් වයංජන හතක් පිලියෙල කෙරේ. තවත් සිරිතක් අනුව ‍ගෝලයින් දොලොස් දෙනා සිහිපත් කරමින් ව්‍යංජන දොළහක් පිලියෙළකරයි.

මේඅන්දමින් නත්තල් සැමරුම තුළ දයාව, සාමය, සහ පරිත්‍යාගය මූර්තිමත් වේ. පරිත්‍යාගය තුලින් ඇති වෙන තෘප්තිය සැබෑ නත්තලේ අර්ථයයි. නත්තල යනු සාමයේ සහ සහජීවනයේ අර්ථාන්විත හැසිරීමයි.

Screen Dependency Disorder හි ගොදුරක් වෙන්න පෙර

අද කාලයේ හැම අම්මා තාත්තා කෙනක්ම බොහොම කාර්යබහුලයි. රැකියාව, නිවස සහ දරුවන් මුල් කර ගෙන තිබෙන මේ අරගලයේදී දරුවා පරක් කර ගැනීමටත් කුමන හෝ විකල්පයක් දෙමව්පියන්ටත් එපායැ… ඒ වෙනුවෙන් අද දෙමව්පියන්ට තිබෙන හොඳම උපාංගය බවට පත්ව තිබෙන්නේ විවිධ විද්‍යුත් මෙවලම්.

මේ මෙවලම් දරුවාගේ ලෝකයේ බොහොම හොඳ මිත්‍රයෝ.ඒ වගේම අම්මාටත් රැයක් එලි වෙන කම් හෝ දරුවා මේ උපාංග සමග තියන්න පුලුවනි. ඒ වුනාට මෙහි ප්‍රතිවිපාක පාරාවළල්ලක් විදිහට නැවත ඔවුන් කරාම පැමිනෙනවා. අදටත් හැම තැනින්ම මේ ගැන දෝෂාරෝපන නැගෙන බව ඔබත් දන්නවා ඒත් මුලින්ම දරුවාගේ අතට මේ මෙවලම් පත් කරන්නෙත් අම්මා තාත්තා බව කාලය සමග ඔවුන්ට අමතකයි.

මේ Screen Dependency Disorder සිදුවීම මුල් කරගෙන ආචාර්ය “ඇරික් සිග්මන්” විසින් අධ්‍යනයක් සිදු කළා. බාල කාලයේදී වීඩියෝ දර්ශනයක් වෙනුවෙන් ආකර්ශනය වීම පසුකාලයේදී නොදැනීම ඒ වෙනුවෙන් ඇබ්බැහියක් බවට පත් වෙලා. අම්මලාට මේ ගැන දැනෙන්නේ අන්තර්ජාලයට එහෙම නැත්නම් මුහුනුපොත සමග දරුවා දැඩි විදිහට ඇබ්බැහි වීමෙන් පසුවයි.

ඇබ්බැහි වීම ඇති වෙන්නේ කොහොමද….?

ඔබ සාමාන්‍යයෙන් මේ වර්ගයේ මෙවලම් හසුරුවන දරුවෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන්න. දරුවන් මේ මෙවලම්වල තිරයෙන් ඇහැ ඉවතට ගන්නේම නැහැ. මේ තත්වය විශේෂඥයින් විසින් Screen Dependency Disorder යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.

මේ තත්වය නිසා දරුවෙකුට ඇති වෙන අපහසුතාවයන් මොනවාද…?

  • නින්ද පිලිබඳ ගැටලු
  • කොන්ද සහ බෙල්ල කැක්කුම
  • ශරීර බර වැඩිවීම
  • එහෙම නැත්නම් නිසි විදිහට ආහාර නොගැනීමෙන් ඇති වෙන ශරීර බර අඩු වීම
  • ඇස් පෙනීමේ ගැටලු
  • හිසරදය

ඔය විදිහට දැක්වුයේ ශාරිරික ආබාධයි.. ඊට අමතරව ඇති වෙන තවත් ගැටලු කීපයක් තිබෙනවා..

මොනවද මේ සමාජ ගැටළු….

  • අනේ හැබෑටම අල්ලුපු ගෙදර දරුවාවත් හදුනන්නේ නැහැ
  • හීනමානය
  • මානසිකව තිබෙන හිස්බව
  • ආතතිය
  • මානසික වියවුල
ඇබ්බැහි වීමට කලින්

අද දෙමව්පියන්ගේ පොදු තේමාව බවට පත්ව තිබෙන්නේ “අනේ අපි නම් ඒ කාලයේ ඔහොම නැහැ…” යන්නයි. ඊටත් හේතුවක් තිබෙනවා. ඒ කාලයේ මේ වගේ වෛවාර්ණ දේ තිබුනේ නැහැ. ඒත් අද ලෝකයේ ඇස ගැටෙන මේ මෙවලම් වෙතින් දරුවන් මුදවා ගැනීම අද යුගයේ දැවැන්ත අවශ්‍යතාවයක්.

එහෙම නම් අපි කරන්නේ මොනවාද?…

අපි මොන විදිහට කිව්වත් දරුවන් බොහෝ  දේ ඉගෙනගන්නේ ආභාෂයෙන්. ඒ නිසා කුඩා කාලයේ පටන්ම මේ මෙවලමක් අතට දී ඔවුන් ප‍සකට නොකොට දරුවන් සමග සෙල්ලම් කරන්න. වැඩි කාලයක් ඔවුන් සමග ගත කරන්න. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල බාල කාලයේදී දරුවන්ට මුලින් දැක්වෙන කිසිම මෙවලමක් ඇසුරු කිරීමට අවසර දෙන්නේ නැහැ. ඒත් දරුවන් වෙනුවෙන්ම වෙන් වුන වෙනත් ක්‍රිඩාවන් තිබෙනවා. ජිග්සෝ ප්‍රහෙලිකා. මනිපෝලි වැනි ක්‍රිඩාවන් මගින් දරුවන් තමන්ගේ වයසට ගැලපෙන සෙල්ලම් කිරීමට උනන්දු වෙනවා.

අන්තර්ජාලයටත් නිරාවරනය වෙන දවසක් එනවා

පුංචි කාලයේදී නම් විවිධ සීමාවන් සහ තහංචි මගින් දරුවා සයිබර් අවකාශයට නිරාවරනය වීම පාලනය කිරීම අපහසුයි. ඒත් මේ ආගන්තුක පරිසරය තුළ  අනිසි විදිහට දරුවා අන්තර්ජාලයට නිරාවරනය වීම පාලනය කර ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.

  • ඔවුන්ට අන්තර්ජාලයේ සුදුසු දේ තෝරා දෙන්න
  • නිතරම පරිගණකයට හෝ ස්මාර්ට් දුරකථනයට මුරපදයක් දමා දරුවාට අවශ්‍ය විටෙක ඔබ විසින් එය විවෘත කරන්න
  • පොදු ස්ථානයක පරිගණකය තබන්න

මුල් කාලයේදී නම් දරුවාට ඔහු විසින් පරිශීලනය කළ ඉතිහාසය මකා දැමීමට අපහසු විය හැකියි. දෙමව්පියන් විදිහට දරුවාට නොදැනෙන සේ මේ ඉතිහාසයෙන් ඔහු නරඹන ලද දේ ගැන යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවනි. යම් දැනුම් තේරුම් ඇති වයසට එන තෙක් දරුවන් නොමග යෑමට ප්‍රවනතාවයක් තිබෙන නිසා මේ කුනාටු සමයේදී ඉතාම ප්‍රවේසමෙන් ඔවුන් සමග කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ දරුවා Screen Dependency Disorder තත්වයට පත් වීමට පෙරාතුව ඒ වෙනුවෙන් විසදුම් ‍සොයා ගැනීමෙන් මේ අවාසනාවන්ත තත්වයට දරුවා පත් නොවෙන තැනට කටයුතු සලසා ගැනීමට ඔබට හැකි වෙනු ඇති.