කුඩා දරුවන්ගේ මලබද්ධය වැලැක්වීමේ වගකීම ඔබටයි

ලොකු කුඩා කා අතරත් ඇති වන අසහනකාරී මෙන්ම පීඩාකාරී තත්ත්වයකි මලබද්ධය. අප ලබාගන්නා ආහාරවල පෝෂණය සිරුරට උරාගත් පසුව ඉතිරිවන කොටස් මල ලෙස සකස් වී සිරුරින් බැහැර වේ. මල බැහැර වීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම එනම් ඒ ස`දහා ඇති අපහසුතාවය, වේදනාව නැතිනම් බඩ වියලීම නිසා මල පිටකිරීමට ඇති අපහසුව මලබද්ධය ලෙස හැ`දින්වේ. දිනකට මල පිටකරන වාර ගණන සහ අවශ්‍යතාවය ඇතිවීම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුහට දිනකට වරක්වත් මල පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වේ.

අලූත උපන් කිරි කැටියෙකු මවගෙන් උරා බොන කොලෙස්ට‍්‍රම් නම් වූ ස‍්‍රාවය විරේකයක් ලෙස කි‍්‍රියාකරමින් දරුවාගේ කුසෙහි ඇති කලූ පැහැති මල හෙවත් මිකෝණියම් පිටකිරීමට උපකාරී වේ. මිකෝනියම් පිට වී අවසන් වූ පසු හො`දින් කිරි උරා බොන කිරිකැටියෙකුගේ මල තද කහ පැහැයක් ගනී. සාමාන්‍යයෙන් අලූත උපන් කිරිකැටියෙක් කිරි බොන වාරයක් වාරයක් පසා මල පිට කරන අතරම ඇතැම් දරුවන් මල පිට නොකර දින කිහිපයක් ගත කිරීම ද සාමාන්‍ය තත්ත්වයකි. මාස හයක් සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාගන්නා බිළි`දුන්ට ස්වභාවිකවම අවශ්‍ය ජලය ප‍්‍රමාණය හිමි වන අතරම අමතර ආහාර ලබාගන්නා වයසේදී සිරුරට අවශ්‍ය නිසි ජල ප‍්‍රමාණය ලබාදීමට මව්වරුන් අවදානය යොමු කළ යුතුය. එසේම දරුවාට ලබාදෙන ආහාර වර්ග සහ ආහාර ලබා දෙන කාල සීමාව පිළිබ`දව ද අවදානය යොමු කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන් දරුවෙකුට ආහාර ලබා දෙන්නේ ප‍්‍රධාන ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල දෙකක් වශයෙනි. ඒවාට අමතරව අතර මැදදී මව්කිරි ලබාදීම ද සිදුවේ. දරුවාගේ නිරෝගී පැවැත්මට වැදගත් වන ජල පරිමාව ලබාදීම පිළිබ`දවත් මව්වරුන් වැඩි අවදානයක් යොමු කළ යුතුය.

සාමාන්‍යයෙන් දරුවන්ට අමතර ආහාර ස`දහා දරුවා හුරුකරන අවධියේදී මලබද්ධය ඇති වීමට ඉඩ කඩ වැඩිය. මව් කිරෙන් පමණක් පෝෂණය වූ උදරයට ඝන ආහාර හ`දුන්වා දීමේදී එසේ නොවන්නට නම් පළතුරු, එළවළු සහ නියමිත ජල පරිමාව දරුවාට ලබාදීමට සැලකිලිමත් වන්න.

මලබද්ධය වළක්වා ගැනීමට දරුවාගේ ආහාර වේලට එක් කළ යුතු දේ

තන්තුමය කොටස් සහිත ආහාර (නොපාහින ලද සහල්, තිරි`ගු, බාර්ලි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග*

එළවළු වර්ග (වැටකොලූ, පතෝල, කොහිල, කොසල් මුව, වට්ටක්කා, පුහුල්*

පලා වර්ග (නිවිති, කංකුං, ගොටුකොළ, මුකුණවැන්න, කතුරුමුරුංගා, මොණර කුඩුම්බිය*

පළතුරු වර්ග (බෙලි, කෙසෙල්, අඹ, ගස්ලබු, අලිගැටපේර, පේර, දොඩම්, නාරං*

ඇට වර්ග (කඩල, මුං ඇට, කවුපි, පරිප්පු* යනාදියෙනි.

මලබද්ධ තත්ත්වය බොහෝවිට නියමාකාර ආහාර රටාවක් නොමැතිකම නිසා ඇති වුවද දිගින් දිගටම පවතී නම් ඒ පිළිබ`දව පුළුල් ලෙස නිරීක්‍ෂණය කිරීමට වෛද්‍යවරයාට සිදුවේ. මන්ද, කෙලින්ම බලපාන හේතු සාධක මේ ස`දහා නැතිවුවද ඇතැම්විට නිදන් ගත රෝග තත්ත්වයන් සහ යම් යම් මානසික ගැටලූද මලබද්ධයට හේතු විය හැකිය.

නිදන්ගත රෝග තත්ත්ව

ස්නායු ආබාධ

මාංශ පේශීන් වල දුර්වලතාවය

තෛරොයිඞ් ග‍රන්ථියේ අවක‍්‍රියාකාරීත්වය වැනි තත්ත්වයන්ය.

මානසික ගැටලූ

වැසිකිලි යාම සඳහා නිශ්චිත වේලාවක් නොමැතිකම

වැසිකිලි භාවිතය හුරු කරන කාලසීමාව

මලපහ කිරීමේ වේදනාත්මක අත්දැකීමක් ලබා තිබීම

ජීවත් වන පරිසරය වෙනස් වීම

පෙර පාසැල් යාම ආරම්භ කිරීම

මල බද්ධය නිසා ඇති වන රෝග තත්ත්ව ලෙස ගුද මාර්ගය පිපිරීම්, ගුද මාර්ගය පිටතට පැමිණීම, කලාතුරකින් අර්ශස් අවස්ථා ද දැක්විය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව දරුවන්ට නියම කෙරෙන රතකල්කය හෙවත් දෙසදුන් කල්කය මල බද්ධය දුරලන්නට වඩාත් උචිත ඖෂධයකි. කොල්ලූ, වද කහ, වැල්මි, රත් හදුන්, සුදු හදුන්, සහිඳ ලූණු යන ආදී ද්‍රව්‍යයන්ගෙන් සැකසී ඇති රත කල්කය වෛද්‍යවරයා විසින් නියම කරන මාත‍්‍රාව ලබාගැනීම වඩාත් සුදුසුය.

කෙසේ වුවත් මලබද්ධය දිගින් දිගටම පවතී නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගනිමින් ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

මල පහ කිරීමට නිශ්චිත වේලාවක් වෙන් කර ගනිමින් දරුවා නිවැරදි ඉරියව්වක පිහිටුවා මලපහ කිරීමට පුහුණු කරවීම ද මෙම තත්ත්වයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කරුණු දෙකකි. එමෙන්ම ක්‍ෂණික ආහාරවලින් ඈත්ව පෝෂ්‍යදායී සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරු වී නිසි ජල පරිමාව ලබාගැනීමෙන් දරුවන්ට ඇති වන මල බද්ධය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එහි වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි.

කැස්බෑව, ජඹුරලිය ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද් නිළධාරී ආයුර්වේද වෛද් ජගත් රුහුණගේ 

මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි

ශිෂ්‍යත්වයට අනවශ්‍ය ලෙස දරුවන් වෙහෙස කරවන මව්වරුන් Writers Cramp ගැන දන්නවද?

ජනප්‍රිය පාසැලක්, අම්මලාගේ සිහිනයයි. ශිෂ්‍යත්වය, අම්මලාගේ විභාගයයි. නමුත් මේ ස`දහා මුහුණ දෙන්නේ මල් වැනි දරු පැටවුන්ය. දරාගත නොහැකි වැඩ ප‍්‍රමාණයක් හිස මත පැටවෙන මේ විභාගය දරුවන්ට නම් හිසරදයකි. අහස උසට නැගෙන මව්පියන්ගේ අසාවන්, බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා මැද අනේක වාරයක් දරුවන් වෙහෙසවෙයි. සෙල්ලම් ළමාවිය අමතක කොට තුන්වන ශ්‍රේණියේ සිට දරුවන් ශිෂ්‍යත්ව විභාගයට වෙහෙසිය යුතුමය.

අද දවසේ පවතින වේගවත් අධ්‍යාපනික රටාවට මල් වැනි දරුවන් බිලිවී හමාරයි. නමුත් දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඔවුන්ට දරාගත හැකි සීමාවන් තුළයි. දරුවාට දරාගත නොහැකි තත්ත්වයකින් එය සිදු වුවහොත් ශාරීරික, මානසික හා චර්යාත්මක යන  ඕනෑම ආකාරයකින් ගැටලූ සහගත තත්ත්වයන් ඇති විය හැකියි. ඔබ කිසිසේත්ම නොසිතූ විශේෂ තත්ත්වයන් පිළිබ`ද අද දැනුවත් වෙමු. එනම් දරුවන්ගේ ලිවීම් රටාවන්, පෑන ඇල්ලීමේ ඉරියව්, හිඳගන්නා රටාව, හැසිරිම් රටා නිවැරදි නොවුණහොත් දරුවන්ට මුහුණපාන්නට සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් පිළිබ`දවයි.

ශිෂ්‍යත්ව විභාගයට මවගේ පෙරැුත්ත නොසලකා හැරීමට නොහැකි නිසාම ඒ වෙනුවෙන් අධික ලෙස වෙහෙස වුණු දියණියක් වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ස`දහා මා වෙත යොමු කෙරුණා. ඇයගේ කතාවයි මේ.

පාසැල අවසන පාසැලේ අමතර පන්ති ස`දහා සහභාගී වන මේ දැරිය ඉන් අනතුරුව අම්මාගේ පෙරැුත්ත මත තවත් ශිෂ්‍යත්ව පන්ති කිහිපයකටම සහභාගී විය. ග‍්‍රාමීය කුඩා පාසැලක ඉගෙනුම ලැබූ ඇයගේ මව්පියන් දුටු එකම සිහිනය වූයේ නගරයේ ජනප‍්‍රිය පාසැලක් වෙත කෙසේ හෝ ඇයව ඇතුළත් කරවීමයි. සති අන්තයේදීද ශිෂ්‍යත්ව පන්ති, දහම් පාසැල් නිසා ඇයට කිසිදු විවේකයක් නොවීය. වෙහෙස නොබලා නිවසේදී කරන්නට දුන් වැඩ කටයුතුද ඇයි විසින් සිදු කළේ අම්මාගේ ආසාව ඉටු කිරීමේ අරමුණෙන් විය හැකියි. මෙසේ ඇය ශිෂ්‍යත්වයට  සූදානම් වුවත් විභාගයට මාස හතරකට පමණ පෙර ඇයට අත් වූ ඉරණම අදහාගත නොහැකිව මව කදුළු සලන්නට විය. පන්තියේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යාවට සිදු වූ දෙය පිළිබ`ද ගුරුවරිය පුදුමයට පත්විය.

ඇයට සිදු වූයේ කුමක්ද?

ලීවීමේදී ඇ`ගිලිවල ඇතිවූ ගැටලූ සහගත තත්ත්වයක් නිසා ඇයට අකුරු ලියන්නට බැරි වීම මේ සියල්ලන් දුකට පත්වීමට මුල් වූ හේතුවයි. ඇය වෙහෙස වී අකුරු ලිව්වද ඒවා අවලස්සන, අපහැදිලි  තත්ත්වයෙන් ලියවිණි. අකුරුවල නිසි හැඩය අනුව ඇයට ලීවීමට නොහැකි විය. ඒ සියල්ලටම වඩා ඇයට මුහුණු දීමට සිදු වූයේ දැඩි වේදනාවකටය. විභාගයට ඉතා ආසන්නයේදී සිදු වූ මේ අනපේක්ශිත තත්ත්වය නිසා ඇයගේ ආත්ම ධෛර්යය හා විශ්වාසයද බි`දවැටෙන්නට විය.

මව්පිය දෙපළ ඇයව ඉක්මණින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ අතරම එතැනින් ඔහුව යොමු වූයේ ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙතයි. එහිදී සිදු කළ පරීක්‍ෂණවලට අනුව රෝග නිර්ණය වූයේ writers cramp යන තත්ත්වයයි. මේ තත්ත්වය ස`දහා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය යුතු යැයි ද තීරණය කෙරුණි. ඒ ආකාරයට ඇය මාගේ සායනය වෙත යොමු විය.

පූර්ණ රෝග තත්ත්ව වාර්තා සහ ඇගයීම්වලට පසුව සාමාන්‍ය ලිවීම් රටාව අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලයද එහිදී දරුවා පත්වන ගැටලූ හා අසීරුතාද මා නිරීක්‍ෂණය කළා.

Writers Cramp යනු අතේ හෝ යටි බාහුවේ මාංශ පේශීවල සිදුවන මස් පිඬු පෙරලීමකි. ලිවීමේදී හා සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදී මේ තත්ත්වය ඇති විය හැකියි. මේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක‍්‍රියාකාරීත්වයන් සඳහා නිවැරදි ඉරියව් භාවිත නොකිරීම මේ ස`දහා බලපාන සොයාගෙන ඇති අතරම මේ දැරිය පෙන්නුම් කළ ප‍්‍රධානම තත්ත්වය වූයේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි.

අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුත්තේ මහපටැ`ගිල්ල, දබරැු`ගිල්ල හා මැදගිල්ල එක්වන ^tripod grip& ඉරියව්වෙනි. ඇතැම් දරුවන් තමන්ටම අනන්‍ය වූ රටාවල් ඔස්සේ ඒ ඉරියව් සකසා ගන්නවා. ආරම්භයේ සිටම දරුවෙකු ලියන ඉරියව්ව වෙනස් නොකළද පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සිදුවන වැරදි ලිවීම් රටා අනිවාර්යෙන් වෙනස් කළ යුතු වේ. මේ දියණියද පසුකාලීනව මිතුරන් අනුකරණයෙන් ලත් වැරදි ඉරියව්වකට හුරුවී සිටි අතරම ඇය සමග කතාබහ කිරීමෙන් අනතුරුව වෙනස්කම් නිවැරදි කර පුහුණු ක‍්‍රියාකාරකම්වල ඇයව යෙදවීමට මට හැකි වූවා. තවද ඉඳ ගැනීමේ නිවැරදි ඉරියව් හා ලිවීමේදී සම්පූර්ණ යටි බාහුව හා අත මේසය මත තබා ගත යුතු බව පිළිබ`දවත් ඇයව දැනුවත් කළා.

අතට දැනෙනා වෙහෙස හා පීඩනය මත මාංශ පේශීන් තද වීම සිදු වූ අතර ඒ තත්ත්වය සමනය කරන්නට මාංශ පේශීන් සැහැල්ලූ කිරීමේ ව්‍යායාම මාලාවකට ^relaxation techniques& දැරිය යොමු වූවා. අවශ්‍ය අවස්ථාවන්හිදී මේ සැහැල්ලූ කිරිමේ ක‍්‍රම භාවිත කිරීමෙන් ඇයට ඇති වූ වේදනව සමනය වූවා. දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලයි. Writers Cramp තත්ත්වයට අමතරව අනෙකුත් ශාරීරික හා මානසික හේතූන් මත දරුවන් ලිවීමේ කුසලතාවල පසුබෑමකට ලක්විය හැකියි.

Writers Cramp තත්ත්වයට අමතරව ලිවීමේ නිවැරදිභාවය, පැහැදිලි හා හැඩතල නිවැරදි බව මෙන්ම ලිවීමට ඇති අකමැත්ත හා ප‍්‍රතික්ශේප කිරීම්ද දරුවන් තුළින් පෙන්නුම් කරන්නේ දරාගත නොහැකි පීඩන තත්ත්ව මතයි.

මෙම දැරියට ලබා දුන් මාංශ පේශි සැහැල්ලූ කිරීමේ සරල ව්‍යායාමවලට මෙන්ම පැහැදිලි කිරීම් රාශියකට අනතුරුව දෙමාපියන්ටද විශේෂයෙන් මේ පිළිබ`දව පැහැදිලි කළා. ශිෂ්‍යත්ව විභාගය සමත් වීම වැදගත් වුවත් දරුවෙකුට මානසිකව හා ශාරීරිකව දරාගත හැකි ප‍්‍රමාණය පිළිබ`දවද මව්පියන් දැනුවත් කළා. මසකට වරක් දැරිය සායනයට කැ`දවා ටිකෙන් ටික ඇයගේ තත්ත්වය සමනය වන බව තහවුරු කරගත් අතරම පාසල් වාර්තා සහ දෙමාපියන් ලබා දුන් තොරතුරු මගින් දැරියගේ තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇති බව තහවුරු වූවා. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බව මේ සියල්ල අවසානයේ අසන්නට ලැබුණු සතුටුම ආරංචිද වූවා.

කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක
ආචාර්ය කිත්මා වාසනා දහනායකගේ  B.Sc (OT) වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි.

දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුද?

වෛද්‍ය විද්‍යාත්මකව ජිනු වේරම් ලෙස හැඳින්හෙවන කුඩා දරුවන්ගේ පාදවල දක්නට ලැබෙන බකල තත්ත්වය දෙමාපියන්ට මහත් මානසික අසහනයකි. අන්න ඒ නිසා මෙම ලිපිය හරහා පාදවල ඇති වන බකල තත්ත්වයට සිදු කළ හැකි  භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව මව්පියන් දැනුවත් කිරීමටයි මේ සූදානම. උපතින් බොහෝ දරුවන්ගේ පාද බකල ආකාරයක් කරන අතරම වයස අවුරුදු එකහමාර දෙක පමණ වන විට එය ක‍්‍රමක‍්‍රමයෙන් මගහැරී යයි. වසර දෙකක් යන තුරු එය මගහැරී යයි ද නැතිනම් ප‍්‍රතිකාර කළ යුතුද යන්න නිගමනය කළ නොහැක. නමුත් මුල් අවස්ථාවේදීම තත්ත්වය හ`දුනාගෙන ප‍්‍රතිකාර ආරම්භ කළ යුත්තේ වර්ධනයත් සමග මාංශ පේශි හා අස්ථි ඝන වීම නිසා ප‍්‍රතිකාර ප‍්‍රමාද කළහොත් දැඩි ආයාසයක් දැරිය යුතු බැවිනි.

බකල කකුල් ඇති වීමට හේතු

  • දරුවන් ස්වෝත්සහයෙන් නැ`ගී සිටීමට පෙර දෙමාපියන් විසින් දරුවන් නැ`ගිටුවා තැබීමට උත්සාහ දැරීම
  • දරුවන්ගේ අධි බර  තත්ත්වය නිසා සිරුරේ බර පාදවලින් දරා සිටීමට අපහසු වීම
  • ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය
  • මාංශ පේශිවල දුර්වලතා
  • දරුවකු  නිසි  වයසට  පෙර  සිටගන්නා විට
  • ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම
  • ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය

 

රතිකාර ඇරඹීමට පෙර තහවුරු කරගත යුතු මූලික තත්ත්වයන් වන්නේ

  •  ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැලඳී ඇත්දැයි යන්න
  • දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් තිබේද යන්න
  • සීරම් කැල්සියම් මට්ටම යන කරුණු පිළිබ`දවයි.

මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේදී මූලික අවධානය යොමු වන්නේ විශේෂයෙන්ම පාදයේ Quadriceps පේශි ශක්තිමත් කිරීම සම්බන්ධවයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථි වෙත යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකි.ග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම ඒ අතරින් එක් ප‍්‍රතිකර්මයකි. පාදයේ මාංශ පේශි ශක්තිමත් වීම එමගින් සිදු වන අතරම අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග‍්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග‍්‍රෑම් 50ක පමණ ප‍්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීම ද සුදුසු ප‍්‍රතිකර්මයක් වේ. එහිදී ද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ඊට අමතරව ට‍්‍රයිසිකල් පැද වීම, තරප්පු නැ`ගීම, දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඞ් ස්පලින්ට් (Mermaid splint) හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම ද කළ හැකිය. දරුවා රාත‍්‍රියේ නිදාගත් අවස්ථාවේ පැය 5ක් 6ක් පමණ පතුරු තබා බැඳීම (පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකි බැවින් ඒ පිළිබ`දව සැලකිලිමත් විය යුතුය.

ප‍්‍රතිකාර කරන අතරතුර දරුවාගේ වළලූ කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර පරතරය තිබූ තත්ත්වයට වඩා ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වී ඇති බව තහවුරු වන්නේ නම් ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම ඔබට තහවුරු කරගත හැකිය.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

අවුරුද්ද සම්පූර්ණ ඔබේ දරුවාට “මොළේ උණට” එන්නත දුන්නද?

ඔබට මතකද?

1985, 1986 වසරවල උතුරු මැද පලාතේ වසංගතයක් ලෙස පැතිර යමින් විශාල පිරිසක් මරණයට පත් වූයේ කුමන රෝගයක් නිසාද යන්න.

ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොදින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි. ඩෙංගු රෝගය බෝ කරන වෛරස පවුලටම අයත් වන දින 5ත් 15ත් අතර බීජෞසන සමයක් ඇති ෆ්ලේවි වෛරසය මගින් ඇති වුව ද මේ තත්ත්වය බෝවන ආකාරය ඩෙංගු රෝගය බෝවන ආකාරයට වඩා වෙනස් වේ. වෛරසය ආසාදිත ඌරන්, ජලාශ‍්‍රිතව වෙසෙන කුරුල්ලන් දෂ්ඨ කර රුධිරය උරා බොන මදුරුවන් නැවත පැමිණ මිනිසුන් දෂ්ඨ කළ විට රෝගය බෝ වීම සිදු වේ. මේ සදහා කියුලෙක්ස් නම් වූ මදුරු විශේෂය හේතුවේ.

මෙම ජපන් එන්සෙපලයිටීස් ෆ්ලේවී වෛරසය ආසාදනය වී රෝගී වූ මෙවැනි සතුන් වෙතින් රෝග ලක්‍ෂණ පිටතට පෙන්නුම් නොකරන අතරම වෛරසය ගුණනය වෙමින් පවතී. මිනිසුන්ට මෙම රෝගය බෝ වන්නේ අහම්බෙනි. මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ රෝගය බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එනම් මෙම රෝගය ඇති මිනිසෙකු දෂ්ඨ කළ මදුරුවෙක් වෙනත් මිනිසෙකු දෂ්ඨ කිරීමෙන් රෝගය බෝ නොවේ. අසාදිත සතෙකු දෂ්ඨ කළ මදුරුවෙකු මිනිසෙකු දෂ්ඨ කළ විට පමණක් රෝගය බොවේ.

1935 වර්ෂයේදී රෝග ආසාදනයට ලක්වූ කුඩා දරුවෙකු මාර්ගයෙන් ජපානයේදී හ`දුනාගත් නිසා මෙම රෝගයට ජපන් එන්සෙපලයිටීස් යන නම භාවිත වේ. අද වන විට මේ තත්ත්වය ලංකාව තුළ මෙන්ම ආසියාතික අනෙක් රටවල්වල ද විශාල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව තිබේ.

මොළේ උණ රෝගයට ගොදුරු වන්නේ, කුඹුරු අශ‍්‍රිතව සහ ඒ ආශ‍්‍රිත දිය කඩිතිවල නිතර නිතර ගැවසෙන, ඒ ආශ‍්‍රිතව තම ජීවනෝපාය මාර්ගය සිදුකරගෙන යන පිරිස්ය. බහුලව වාර්තා වී ඇත්තේ ද එවැනි ස්ථානවල නිතර ගැවසෙන පිරිස්ය.

වෛරසය ශරීරගත වී මුල් අවස්ථාවේ රෝග ලක්‍ෂණ

  • තද උණ
  • වමනය
  • හිසේ කැක්කුම

වෛරසය ශරීරගතවී දින කිහිපයක් ගත වූ පසු රෝග ලක්‍ෂණ

  • වලිප්පුව
  • අත් පා අප‍්‍රාණික බව
  • සිහි මුර්ජා වීම

මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමය. රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30% දක්වා ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථිර ස්නායු දුර්වලතා ඇති විය හැකිය.

උතුරු මැද සහ වයඹ පලාත්වල 1985 සිට 1988 දක්වා කාලසීමාව තුළ වරින් වර මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ නිසාම 1988 දී එම ප‍්‍රදේශයන්හි වයස අවුරුදු 1 – 10 අතර දරුවන්ට ජපන් එන්සෙපලයිටීස් අජීවී එන්නත මාත‍්‍රා 4ක් ලෙස ලබා දීම ආරම්භ විය. එමගින් රෝග තත්ත්වය පාලනය කරගත හැකි වූ අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 2011 වසරේ සිට දිවයින පුරා රජයේ සායන හරහා එන්නත ලබාදීම ඇරඹිණි.

මෙහි එන්නත් වර්ග 2කි. එනම්,

  • පටක රෝපිත ජීවී SA 14-14-2 (2009 වසරේ සිට අද දක්වා ලබා දෙයි.)
  • අජීවී එන්නත (මීයන්ගේ මොළයේ සාදනු ලබන)

අජීවී එන්නත, නකයාම (1988 සිට 1992 දක්වා ලබා දෙන ලදී) සහ බේජින් (1982 සිට 2008 දක්වා ලබා දෙන ලදී) ලෙස වර්ග දෙකකි.

අජීවී එන්නතතේ අතුරු ආබාධ වාර්තා වීම සහ මිල අධික නිසා 2011 වසරේ සිට චීනයේ නිපදවුණු ආරක්‍ෂාකාරී සහ ක‍්‍රියාකාරී පටක රෝපිත ජීවී එන්නතේ SA 14 – 14 – 2 ප‍්‍රභේදය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලදී.

වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත‍්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේ. අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ.

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ ස`දහා එන්නත් ලබා නොගත් වැඩිහිටියන්ට රෝගය වැළදුණු බව කලාතුරකින් වාර්තා වුවද එන්නත් ලබාදුන් දරුවන්ට රෝගය වැළදුණ බවට වාර්තා නොමැත.

එසේම ජපන් එන්සෙපලයිටීස් රෝගය නොමැති රටවලින් පැමිණෙන සංචාරකයන් ස`දහා මෙම රෝගයෙන් වැළකී සිටීමට ජීවී එන්නත ලබාදීම සිදුකෙරෙන අතරම දීර්ඝ කාලීනව ලංකාවේ රැු`දී සිටින පිරිස් වෙත පළමු මාත‍්‍රාවෙන් වසරකට පසු දෙවන මාත‍්‍රාව ලබාදීම අනිවාර්ය වේ.

ජපන් එන්සෙපලයිටීස් ජීවී එන්නත ලබාදීම සුදුසු නොවන්නේ

  • ගර්භණී මව්වරුන්ට
  • අපස්මාර තත්ත්වය ඇති අයට
  • ක‍්‍රියාකාරී ස්නායු රෝග ඇති අයට (උපතින්ම ස්නායු රෝග ඇති අය නොවේ)
  • ප‍්‍රතිශක්තිකරණ ඌනතා රෝග ඇති අයට (ඒඞ්ස්, පිළිකා රෝගීන් වැනි)

සැමවිටම ඔබත් ඔබේ දරුවාත් භයානක රෝග තත්ත්වයන්ගෙන් වැළකෙමින් නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්න. ඒ ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රතිශක්තිකරණ එන්නත් පිළිබ`ද උපදෙස් පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ලබා ගැනීමට කල්පනාකාරී වන්න.

එන්නත් සහ වෛරස් රෝග පිළිබ`ද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය
සමග සිදු කෙරුණු සාකච්ජාවක් ඇසුරෙනි.

දැන් ඔයා තාත්තා කෙනෙක් නේද ?

අනිවාර්්‍යයෙන්ම ඔබේ සාමාන්‍ය දෛනික ජීවිතය වෙනසකට ලක්ව ඇති. වෙනදාට වඩා ඉක්මණින් ගෙදර යාමේ අවශ්‍යතාවය දැනෙනු ඇත. ඔබේ අලුත් අමුත්තා සුරතල් කරන්නට ආදරය කරන්නට ඔබට ඉස්පාසුවක් නැතිව ඇති. නිදන මේ හුරතලා සිහිනයෙන් හඬන විට හිනැහෙන විට සිත පුරා මෝදු වන ආදරය හරිම සුන්දරයි නේද?  එහෙත් පළමු දින කිහිපය තුල බිරිඳ කොයි මොහොතේ බැලුවත් අලුත් අමුත්තා සමඟම නව බැඳීමක් ගොඩ නඟන විට තනියක් වගේ හිතට දැනේවී.

“දරුවට මාව අවශ්‍ය නැහැ. එයාට අම්මා හිටියම ඇති  “යැයි ඔබට සිතෙන එක නිවැරදිද?

නැහැ කොහෙත්ම නැහැ, ඔබව දරුවාට ඉතා වැදගත්. දරුවාගේ මොළය වර්ධනය වන්නට නම් දරුවන්ගේ ඉන්ද්‍රියයන් උත්තේජනය කරන්නට අවශ්‍යයි. ඒ කාර්්‍යයට ඔබටත් සම්බන්ධ විය හැකිය. දරුවා වඩා ගැනීම, නැළවීම, බිළිඳු බසින් දරුවා හා කථා කිරීම දරුවා හා ඔබ අතර බැඳීම වර්ධනය කරනු ඇත. ඔබ දරුවා බලා ගැනීම එක් අතකින් ඔබේ බිරිඳට කරන උදව්වකි. වැදගත් කාරණය දරුවා ඔබ බලාගතයුත්තේ ඔබේ ස්මාර්ට් ෆෝනය, පරිඝණකය , රූපවාහිනිය ක්‍රියාවිරහිත කරල නම් බෙහෙවින්ම හොඳය. නැති නම් ඔබේ අවදානය වෙනත් දෙයකට යොමු වූ විට දරුවාට නිසි ලෙස අවදානය යොමු කිරීමට ඔබට නොහැකිවේ.

“තාත්තලාට දරුවන් හරියට බලා ගන්න බැහැ” යන මතයෙ ඔබ සිටිනව නම් වහාම ඒ මතය වෙනස් කර ගන්න.  දරුවා සමඟ සමීපව කටයුතු කරන විට දරුවාගේ හැඟීම් දැනීම් වලට ඔබ නිරායාසයෙන්ම හුරු වනු ඇත. එය ඔබේ බිරිඳටද මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. එසේම දරුවන් හා ඔබ අතර ඇති වන ආදරණීය බැඳීමට වඩාත්ම ආදරය කරන්නේ ඔබේ බිරිඳය. එය පවුලේ සාමය සතුට සඳහා ද ඉවහල් වනු ඇත.

දරුවාගේ අපවිත්‍ර ඉවත් කිරීමද ඔබට මුල් අවදියේදී යම් අපහසුතාවයක් ගෙනෙනු ඇත. එහෙත් ඒ ඔබගේ දරුවාය.දරුවන්ගේ ජීවිත  වලට වගකිව යුත්තා ඔබය . එවන් සුවිසල් වගකීමක් දරන ඔබට  දරුවාගේ අපවිත්‍ර ඉවත් කිරීම නොකලහැක්කද?

දරු ප්‍රසූතියෙන් පසු ඔබගේ බිරිඳගේ මානසිකත්වය වටහා ගැනීම ඉතාමත් වැදගත්ය. වේදනාබර ප්‍රසූතියත් සමඟම ඇගේ හෝමෝන අතිධාවනයක යෙදී ඇත. ඇයට සැනසීමෙන් එක දිගට නින්දක් ලැබෙන්නේ ද නැත. ඇය යම් වික්ෂිප්තබාවයකින් පසුවනවා විය හැකිය. එසේම ඇතැම් විට ඇය කරන කියන දේවල් පවා ඇයට නිනව්වක් නැතිවන්නට හැකිය. ඔබගේ අවදානය ඇයට නිතැතින්ම ඇවසිවන්නේ එහෙයින්ය.

අලුත් සිඟිත්තා ඇතැම් විට හඬන විට” ඇයි මේ දරුවා අඬන්නේ ? ” කියා ඔබ බිරිඳගෙන් විමසුනු ඇත. එහෙත් ඔබ මෙන්ම ඇයත් හැඬිමට කාරණය නොදන්නවා විය හැකිය. ඔබ එසේ අසන විට ඇය තව දුරටත් කළබලයට පත්වෙයි. දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ මානසිකව දරා ගැනීමේ ශක්තිය දින කිහිපයක් පමණ දුර්වලවන බව මා විශ්වාස කරමි. මේ සෑම අවස්ථාවකම ඇයට අවශ්‍ය වන්නේ සහයට කෙනෙක් බැවින් ඒ පිළිබඳව සිතන්න.

දරුවා ලැබෙන්නට පෙර ඔබ අසලම දැවටුන බිරිඳ දැන් ඔබ අසලට එන්නෙත් අවශ්‍යතාවයකට පමණය. එසේම වෙනදා සිදු කර දුන් ඔබේ වැඩ කටයුතු පවා ඇය අතින් අත පසු විය හැකිය.” දරුවා ලැබුනට පස්සෙ එයා වෙනස් වෙලා” යැයි නිතැතින්ම ඔබේ සිතට වද දෙනු ඇත. ඇත්තටම ඇය වෙනස්ව ඇත. පෙර නොවූ නව වැඩ කටයුතු රාශියක් දැන් ඇයට සිදුකරන්නට සිදුවේ. එහෙයින් ඇයගේ වැඩ පහසු කරගන්නට ඇයට උදව්වන්න.

දැන් ඔබට පවුලක් තිබේ. දරන්නට වගකීම් රාශියක් ඇත. ඉතින් ඔබට ඉස්සරෝම දවස් වල මෙන් ජීවිතය දෙස සැහැල්ලුවෙන් දකින්නට නොහැකිය. එහෙත් ඔබට ජීවිතය විඳින්නට හැකිය.

නිදන නුඹෙ දෙතොල් මත

ඇඳෙන කිරි සිනහව ළඟ

සිහින් හැඬුම ළඟ

මගේ මුළු ලෝකයම නැවතිලා…

මේ තරම්ම හිත උණුහුම් කර

ස්නේහයේ හැඟුමන් පුපුදා

මා විශ්මයට පත් කරන්නට

නුඹට හැකිවූ අපූරුව…

පීතෘත්වයේ කිරුළ

මගේ හිස මත පැළැන්දුව නුඹට

ආදරෙයි මහ හුඟක් මම…

දරුවන් පිළිබඳ ඔබ සිටින්නේ අවදානයෙන්ද ?

දරුවන් රැකබලා ගැනීම ඉතා වැදගත් කාර්යය භාරයකි. දරුවන් වයසින් මුහුරා ගොස් ස්වාධීන වනතුරුම  වැඩිහිටියන්ගේ රැකවරණය අත්‍යවශ්‍යය. දරුවන් යනු පර්යේෂකයන්ය සෑම අවස්ථාවකම ගවේශණයේ නිරත ඔවුන්ගේ සිතුවිලි ඉතාමත් වේගවත්ය. අපි ඇසි පියල්ලක් හෙල සැනින් ඔවුන් අනතුරකට ගොදුරු  විය හැක්කේ ඔවුන්ගේ ඒ වේගවත් සිතුවිලි නිසාමය. එහෙයින් දරුවන් ඇස් දෙක මෙන් නොව ඇසේ තබාගෙන පරිස්සම් කළ යුතුය. බොහෝ විට දරුවන් අනතුරට පත් වන්නේ සුළු මොහොතක් දෙමාපියන්ගේ අවධානය ගිලිහී යන අවස්ථා වලදීය. අප සිහිනෙන්වත් නොසිතන මොහොතක ස්ථානයක අපේ දරුවන්ට මාරාන්තික අනතුරු සිදු විය හැකිය.

පසු ගිය දිනෙක බසයේ ගමන් කරන විට අවුරුදු තුනක් පමණ වයසැති පුතෙක් අපගේ ඉදිරි පස අසුනේ සිටියාය. අම්මාගේ උරහිසින් එබී මගේ පුතුට සිනහවක් පෑවිට ඔහුද මල්ලීට සුරතල් ලෙස” චූටී මල්ලී “යැයි පැවසීමත් සමඟම පොඩ්ඩා පුතු අත තිබූ කුඩා සෙල්ලම් බඩුව ඉල්ලා ගත්තාය. ජනේලය අසල අසුන් ගෙන සිටි පොඩ්ඩා ජනේලයෙන් එළියට අතත් ඔළුවත් දමමින් සෙල්ලම් කරන්නට විය. අත හා ඔළුව ඇතුලට ගන්නා ලෙස මම දරුවාට කීවෙමි. මද දුරක් ගොස් නැවත අත ජනේලයෙන් පිටතට හොවයි.  මෙසේ කීප වරක්ම දරුවාට අත ගන්නට යැයි මම කීවද අම්මාට ඒ පිළිබඳ වගක්වත් නොවීය.

“බබාට ඔළුවයි අතයි එළියට දමන්න දෙන්න එපා එහා පැත්තෙන් වාහනයක් ආවොත් හැප්පෙයි”

බසයෙන් බසින්නට පෙර මම දරුවාගේ මවට පැවසුවෙමි. ත්‍රී විලර් රථ වල බස් රථ වල ගමන් කරද්දි දරුවන් කවුළු වලින් දෑත් මෙන්ම හිසද පිටතට දමයි. ඉදිරියෙන් හෝ පිටුපසින් වේගයෙන් ගමන් කරන වාහනයක මේ දරුවන් ගැටුනහොත් සිදු වන්නේ කුමක්ද කියා ඔබට මා අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙයින් ගමන් බිමන් යන විට දරුවාගේ ක්‍රියාකාරකම් වලට අවදානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.දිනක් මව පාරේ අයිනෙන්ද දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කරමින් සිටියදී එක වරම අම්මාගේ දෑතින් මිදුන දරුවකු හිටි හැටියේ පාරට දිව ගියාය. දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කළ නිසා මවට දරුවා අල්ලා ගැනීමටවත් නොහැකි විය.පිටු පසින් ආ මෝටර් රථයේ රියදුරාගේ දක්ෂතාවය නොවන්නට අද ඒ දරුවා මෙලොව හැරගොස්ය.

සාප්පු සවාරී වල යෙදෙන විට දරුවා තමා ළඟම නැති නම් ඇස් මානයේවත් තබා ගත යුතුය. දරුවන්ට අනතුරු වල සේයාවන් වටහා ගැනීමට තරම් ශක්තියක් නැත. ඔවුන්ගේ සිතට එන ඕනෑම සිතුවිල්ලක් ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ ස්වභාවයයි. සුපිරි වෙළෙඳ සැලක සෙල්ලම් කරමින් සිටි පුංචි දරුවන් දෙදෙනෙකුගෙන් එක් දරුවකු ස්වයංක්‍රීය තරප්පු පෙලෙන් පහළට බැස ගිය පසු ඔහු අල්ලන්නට පැමිණි අවුරුදු තුනක පමණ සිඟිත්තා ස්වයංක්‍රීය තරප්පුවේ අත් වැටට නැග ගත් පසු ඒ ඔස්සේ මදක් පහතට ගොස් දරුවා තට්ටු කිහියකින් බිමට වැටී අවසන් සුසුම් හෙළුවේ දෙමාපියන්ගේ නොසැලිකිලිමත්බාවය නිසාවෙන්මය.

2016 නව වසර උදා වූ දිනම අසන්නට ලැබුණ හදවත කීරී ගැසෙන පුවතකි. ඒ සැමියාගේ කාර්‍යලයේ සේවය කරන යහලුවකුගේ මාස නමයක් වයසැති කුඩා දියණිය උඩ තට්ටුවෙන් පහතට වැටී මිය ගියා පුවතය. උදා වූ නව වසරට කිරිබත් පිළියෙල කරන්නට අඩක් නිම කල නිවසේ ඉහළ මාලයේ දරුවා වෝකරයෙ තබා මවත් පියත් වැඩ වල යෙදී ඇත.ිමව අසල සිටි දරුවා සෙමෙන් සෙමෙන් ඉහළ මාලය වටා තාප්පයද ගසා නොතිබුන තැනට ගොස් එතැනින් පහළට වැටී ඇත. දරුවන් අවදානම් ස්ථාන වල රඳා ගන්නවා නම් ඔවුන් පිළබඳ පූර්ණ අවදානයෙන් සිටිය යුතුය. වෝකරය යනු දරුවන් බෙහෙවින්ම අනතුරට පත් වන භාණ්ඩකි. පාලනයක් නැතිව ගමන් කරන නිසාවෙන් දරුවන් ඒවායෙන් පෙරලී අනතුරු වලට භාජනයවේ.

මා කලින් සඳහන් කලා සේම අලුත් දේවල් අත්හදා බලන්නට පුංචි පැටවුන් හපනුන්ය. එනිසාම නිවසේ ඇති ප්ලග් පොයින්ට් හිල් තුලට යම් යම් දෑ ඇතුල් කර බලනවා සේම පුංචි ඇඟිලි ඒ තුලට රිංගවන්නත් පුළුවන්. එනිසා ඔවුන්ගේ උස මට්ටමේ ඇති සියලු ප්ලග් පොයින්ට්, ප්ලාස්ටර් හෝ සෙලෝ ටේප් වලින් ආවරණය කර තබන්න.

නිවසේ ඇති තියුණු ආයුධ, (පිහි,කතුර,නියන්) භූමිතෙල්, පෙට්්‍රල්,ගෙවතු පොහොර, මී පාසානම්, ආදී නොයෙක් දෑ  දරුවන්ට කිට්ටු විය නොහැකි උස ස්ථානයක තබන්න. වරක් පාවිච්චි කල පසු, නැවත නියමිත ස්ථානයෙන් තබන්න. බෙහෙත් බෝතල් මෙන්ම ඔබගේත් නිවසේ අනෙකුත් වැඩිහිටියන්ගේත් බෙහෙත් පෙති ආදිය, දරුවන් අත නොගැටෙන ලෙස තබාගන්න

ඈත අතීතයේ දරුවන්ට සුදුසු පරිසරයක් නිවෙස තුළ විය. එදා අම්මා ඉවෙන් මෙන් දරුවන්ට වන අනතුරු දැන සිටියාය. රෝගයක් වැළඳීමෙන් දරුවකු මිය ගිය ද හදිසි අනතුරකින් මිය ගියේ කලාතුරකිනි. එහෙත් අවාසනාවකට වර්තමානයේ දරුවන්ට හදිසි අනතුරුවලින් සිදුවන හානි ඉහළ ගොස්  ඇත. තවමත් තමන්ව රැක ගන්නට නොහැකි දරු පැටවුන්ගේ ආරක්ෂාව සැපයිය යුත්තේ වැඩිහිටියන්ය. දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ලබා දෙන අතර තුරම ඔවුන් පිළිබඳ සුපරික්ෂාකාරී විය යුතුය.

දරුවන්ගෙ ඇස් හා දත් පරිස්සම්ද ?

ජිවීතේ අපි පරිස්සම්ම කර ගන්න ඕනී දේවල් ඇස් දෙක වගේ රැකගන්න ඕනී කියලනෙ කියන්නේ. ඇස් දෙක වගේ රකින්නට නම් හැමටම කලින් ඇස් දෙක රැකගන්න ඕනී. සමහර වෙලාවට අපේ ඇස් වල නිරෝගී කම අපි නැති කරගන්නෙ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසාමයි. බලන්න මේ කාරණා ගැන ඔබ සිතුවද කියලා

අපි කුඩාකල සිට ළඟ පමණක්‌ බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ.

අපි කුඩාකල සිට ළඟ පමණක් බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ. එනම් අවිදුර දෘෂ්ඨිකත්වයට (Myopia) පත්වේ. වර්තමානයේ අක්‍ෂි වෛද්‍ය විද්‍යාවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය. දරුවන්ට එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඇති වන ඇස් වල ඇති වන අවිදුර  දෘෂ්ඨිකත්වය වළක්වා ගන්නට හැකිය. එසේම එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් සාමාන්‍ය ශරීර සෞඛ්‍යයටත් මහඟු අත්වැල.

ඔබ දරුවා රූපවාහිනිය නරඹන අකාරය නිවැරදිද?

රූපවාහිනිය නැරඹීමේදී අවට ආලෝකය හොඳින් තිබීම ඉතා වැදගත්ය. එසේම රූපවාහිනිය ඇස් මට්ටමේ හෝ ඇස් මට්ටමට පහළින් ස්ථානගත කර තිබිය යුතුය. එසේම රූපවාහිනියේ විශාලත්වය මත තිරයෙන් ඈත් වී නැරඹිය යුතුය.

ඉගෙන ගන්නා ඔබේ දරුවා පොත් පාඩම් කිරීමේදී මේ ගැනත් විමසිලිමත්වන්න.

  • පොත හා ඇස් අතර දුර සෙ.මි 30 ක් හෝ ඊට වඩා වැඩිවිය යුතුය.
  • එසේම දරුවා පාඩම් කරන ස්ථානය හොඳින් ආලෝකමත් කරන්නටත් අමතක නොකරන්න.
  • විනාඩි 20- 30 වරක් කියවීම නවතා ඈත ඇති දෙයක් දෙස බලා විනාඩි 1ක් 2ක් ඇසිපිය ගසන්නට පොළඹවන්න. මෙමගින් හිසරදය වලක්වා කියවීම පහසු කර කියවීමේ කාර්යයක්ෂමතාවය වැඩි කරයි.

ඔබේ දරුවාත් පරිඝණක හා දුරකථනය භාවිත කරමින් ක්‍රීඩා කරනවාද?

  • එසේ නම් විඩියෝ ක්‍රීඩා හා දුරකථනය භාවිත කරමින් කරන ක්‍රීඩා සඳහා යොදවන කාලය අවම කරන්න.
  • එසේම වරින් වර ක්‍රීඩාව නවතා ඈත ඇති දෙයක් දෙස බලා විරාමයක් ගන්නට යොමු කරවන්න.
  • පරිඝණක තිරය හා ඇස අතර ඇති දුර සෙ.මි 50 විය යුතුය.
  • පරිඝණකයේ පිහිටීම හා ආලෝකය ඇසට පහසු පරිදි සැකසිය යුතුය.

මාස 3ක්වූ හෝ අවු. 1 දී හා අවු.3 දී දරුවන්ගේ ඇස් පරික්ෂාවක් සිදු කරන්න. ඇස් වල ආබාධයත් නොමැති නම් ඉන් පසු අවු 2ට වරක් ඇස් පරික්ෂා කරවන්න. ඇස් කණ්ණාඩි හෝ වෙනත් ප්‍රතිකාරයක් අවශ්‍ය නම් මාස 6න් හෝ වසරකට වරක් ඇස් පරික්ෂාවක් සිදු කරන්න.

සිනහව කියන්නේ ඕනෑම කෙනෙකුට ස්වභාවිකවම හිමිවන සුන්දර දායාදයක්. සුන්දර සිනහවක රහස නීරෝගී දත් දෙපළක්ය. දැන් අපි බලමු දත් රැකගන්නේ කෙසේද කියා.

කිරි දත් වර්ධනය වන්නේ මව් කුස තුල පිළිසිඳගෙන් සති 6ක් පමණ ගත වූ විටය. දරුවකු උපත ලැබූ පසු මුල්ම කිරි දත මතු වන්නේ මාස 6ත් 9ත් අතර කාලය තුලය. වයස අවුරුදු  6 පමණ සිට කිරි දත් හැලී ස්ථිර දත් මතුවීම ආරම්භ වෙනවා. නමුත් හැලී යන නිසා යැයි සිතා කිරිදත් නොසලකාහරින්න නම් බැහැ.

නිරෝගී කිරි දත් දෙපළක් වචන හොඳින් උච්චාරණය, ආහාර හොඳින් සැපීම,ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට,ලස්සන සිනහවකට,දරුවාගේ නීරෝගී වර්ධනයට හා මුහුණේ මනා වර්ධනය යන කාරණා වලට බලපානවා. කුඩා අවදියේම නිවැරදි මූඛ සෞඛ්‍යය පුරුදු වලට හුරු වූ දරුවන් වැඩිහිටියන් වූ පසුද තම දත් දෙපළ නිසියාකාරව පවත්වා ගනු ඇත.

  • කුඩා අවදියේ සිටම නිවැරදි ආහාර රාටාවකට දරුවා හුරු කල යුතුය.
  • කිරි දත් වලට ඇති ප්‍රධානම බලපෑම දත් දිරා යාමයි. බොහෝ විට දරුවන් ඇලෙන සුළු පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම මෙයට හේතු සාධකය වේ. එබැවින් දරුවන්ට හැකිතාක් එවැනි ආහාර වර්ග දීමෙන් වැලකී සිටින්න. එසේම එවැනි ආහාර ගත් පසු කට හොඳින් සෝදන්නට පුරුදු කරන්න.
  • දත් පිරිසිඳු කිරීම මුල්ම කිරි දත මතු වූ දා සිටම ආරම්භ කල යුතුය. පිරිසිඳු තෙත පුළුන් කැබල්ලක් හෝ සිනිඳු රෙදි කැබැල්ලකින් අවම වශයෙන් දිනකට වරක්වත් පිරිසිඳු කරන්න.
  • දත් හතරක් හතක් පමණ මතු වූ පසු මෘදු කෙඳි සහිත බුරුසුවකින් උදයට හා රාත්‍රීයට දවසට දෙවරක් දත් මදින්න.
  • පුංචි පැටවු දන්තාලේප ගිලින්නට රුචිකත්වයක් දක්ව එනිසා කුඩා දරුවන්ටම නිපදවූ දන්තාලේපයක් භාවිතයට ගන්න. දන්තාලේප ශරීර ගත වීම දරුවන්ට හානිකරය.
  • දත් දිරායාමේ මුල්ම ලක්ෂණ තමයි දත් මත සුදු හෝ දුඹුරු ලප මතු වීම. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඉතාමත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එවිට වේදනාවකින් තොර සරල ප්‍රති කර්ම මගින් තත්ත්වය සමනය කරගත හැකිය.

ඒ වගේම දත් රෝග වලක්වා ගැනීමට ලබා දෙන අවවාද හා උපදෙස් පිළිපදින්නත් අමතන කරන්න එපා.

දරුවන්ගේ ‘කථන ප්‍රමාදය’ (Speech Delay) කුඩා වයසේදීම හදුනා ගන්නේ මෙහෙමයි

කුඩා දරුවන් බහ තෝරන අවධිය කියලා කියන්නෙ අම්මලා තාත්තලා ඉතා සතුටින් ඇගිලි ගනිමින් බලා ඉන්න කාලයක්. ඒ වගේම පුංචි දුව හරි පුතා හරි ”අම්මේ… තාත්තේ…. ” කියලා කතා කරනකොට දෙමව්පියන්ට ඇතිවන්නේ නිම් හිම් නැති සතුටක්. මේ වගේ සතුටට පත්වන අපේ බොහෝ මව්පියන් අතරේ…. ” ඇයි අපේ දරුවා තාම හරියට වචනයක් කියන්නෙ නැත්තේ… ” කියන ප්‍රශ්නාර්ථයත් එක්ක ජීවත් වෙන මව්පියනුත් නැතුවා නොවෙයි. ඒ, අද කාලයේ කුඩා දරුවන් අතර ඉස්සරටත් වඩා දකින්න ලැබෙන ”කථන ප්‍රමාදය” එහෙමත් නැත්නම් ” කථන හා භාෂා අපහසුතා” යන ආබාධ තත්වයන් නිසයි.
පුංචි දරුවන් සාමන්‍යයෙන් ඉපදුන දවසෙ ඉදල වයස අවුරුදු 4-5 ක් පමන වනතෙක් එයාලගෙ කථන හා භාෂා කුසලතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නවා. එයට දරුවා සහ මාපියන් අතර ඇති සම්බන්ධය, දරුවා ජීවත් වන වටපිටාව වගේම ඉන් ලැබෙන විවිධ උත්තේජනයන් ඉතා හොදින් උදව් වෙනවා.
පහතින් දක්නට ලැබෙන්නේ එම කුසලතා වර්ධනය ගැන කෙටියෙන් පැහැදිළි කිරිමක්….

මාස 0-3
බඩගින්න, නිදිමත, වේදනාව හැඩීමෙන් ප්‍රකාශ කරයි. මව දෙස බලා සිනාසෙයි. ආ.. ඊ.. ඕ… වැනි කෙටි ශබ්ද පිටකර ප්‍රතිචාර දක්වයි.

මාස3-6
බා.. මා… ඩා.. වැනි තනි ශබ්ද පිටකරයි. බාහිර ශබ්ද වලට අවධානය දී හිස හරවයි. ඒ අනුව ශබ්ද පිටකිරීම නවතයි හෝ වෙනස් කරයි. ශබ්ද නගා සිනාසෙයි.

මාස 6-අවු 1
එකම ශබ්දය නැවත නැවත පිටකරයි (බාබා… මාමා… අප් අප්.. ).
බොහෝ විට නමට ප්‍රතිචාර දක්වයි.
වචන අනුකරණයට උත්සහ කරයි. තේරුමක් ඇති වචන කතා කරයි (අම්මා… තාත්තා).
සරළ උපදෙස් පිළිපදී.

අවු 1-2
අත දිගු කර පෙන්වයි. අලුත් වචන කීමට පටන් ගනී.
වචන 2 ක් එකතු කරන්නට පටන් ගනී (තාත්තා එන්න, අම්මා දෙන්න).

අවු 2-3
නම, වයස පිළිතුරු දෙයි. වචන 3-4 ක් එකතු කර කතා කරයි.දිනපතා අලුත් වචන එකතු කරගනී. උපදෙස් පිළිපැදීම ඉතා හොදයි.

අවු 3-4
සම්පූර්ණ පැහැදිලි වාක්‍ය (වචන 4-6) කතා කරයි. සරළ සිද්ධි විස්තර කරයි. වචන 1000 ක් පමණ කතා කරයි.

අවු 4-5
සංකීරණ වාක්‍ය කතා කරයි. කතන්දර කීමට හැකිය. තමා පිළිබද විස්තර කල හැකිය.
ප්‍රශ්ණ අසයි. වචන 1500-2000 ක් පමණ කතා කරයි

ඉතින් යම් කිසි විදියකින් දරුවා මේ කාළ සීමාවන් පසු කිරිමේදි අදාල කුසලතාවයන් පෙන්වන්නේද නැද්ද යන්න පිළිබදව දෙමව්පියන් හැටියට ඔබ සියුම් නිරීක්ෂනයකින් පසුවිය යුතුයි.

” ලොකු එක්කෙනා කතා කලෙත් පරක්කු වෙලා….. මෙයත් ටිකක් පරක්කු වෙලා කතා කරයි… ” වැනි අදහස් දරමින් කිසිදු ප්‍රතිකාරයක් වෙත මව්පියන්, දරුවා යොමු නොකරන අවස්ථා අප දැක තිබෙනවා… එහෙත් මෙහිදී අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ කථන ප්‍රමාදය, වෙනත් රෝගාබාධ වල ලක්ෂණයක් ලෙසද දකින්නට ලැබෙන නිසයි.
උදාහරණ ලෙස මනෝ වික්ෂිප්තභාවය(Autism), සින්ඩ්‍රෝම තත්ව(Down’s Syndrome, Fragile X Syndrome, DiGeorge Syndrome….), ශ්‍රවණාබාධ, විතලිත තල්ල/තොල(Cleft lip/palate) , Apraxia තත්වය, ඉගෙනීමේ දුර්වලතා(Dyslexia)… වැනි රෝගාබාධ වලදී ද කථන හා භාෂා අපහසුතා ඇතිවේ.
සදහන් කල යුතු තවත් එක් වැදගත් කරුනක් වන්නේ මෙවැනි ප්‍රමාදයක් හදුනා ගත් මුල් අවධියේම ප්‍රතිකාර වලට යොමු වීම සිදුකලයුත්තේ ඇයි ද යන්නයි.

ඔබ දන්නවාද? කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය ඉතා වේගෙන් සිදුවන කාල පරාසයක් තමයි මුල් ළමාවිය අවධිය කියන්නේ….. (අවුරුදු 3 දක්වා) . මේ කාලයේදී බාහිර උත්තේජනයන් අවශෝෂණය කරගෙන ඒ අනුව හැඩ ගැසීමට මොළයේ ඇති හැකියාව(Brain plasticity) උපරිමයි. එම නිසා මුල් අවධියේදීම හදුනා ගෙන ප්‍රතිකාර වෙත යොමුවීමෙන් වඩා අඩු කාලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර මව්පියන් ලෙස ඔබගෙන් ඉටු විය යුතු කාර්‍යභාර්‍ය ද ඉතා ඉහලයි. ඔබටද නිවසේදි ළදරුවා සමග පහත දෑ සිදුකළ හැක.

*ළදරුවා ට කුතුහලය, සතුට දනවන ක්‍රියාකාරකම් වල නිරත වන්න.
*විවිධ සතුන්ගේ, වාහන වල ශබ්ද නගමින් එවා අනුකරණය කිරීමට ළදරුවා දිරිගන්වන්න.
*සැමවිටම දරුවා සමග කතා කිරීමේදි සරළ භාෂාව හා කෙටි වාක්‍ය පාවිච්චි කරන්න.
*ඔබ කතා කරන වේගයද අඩු කරන්න.
*මුල් ළමාවියේ සිටින දරුවා ව ඔබේ එදිනෙදා ගේ දොර වැඩකටයුතු වලට සම්බන්ධ කරගන්න.
*ඔබ කරන කාර්‍යන් ගැන පවසමින් දරුවාද ඔබ හා සම්බන්ධ කරගන්න.

යම් හෙයකින් ඔබේ දරුවාගේ කථනය, ප්‍රමාද බව දැනුනහොත් ඊලගට කල යුත්තේ කුමක්ද?…… මෙය වැදගත් ප්‍රශ්නයක්.

කථන ප්‍රමාදය මග හරවා ගැනීම හෝ යථා තත්වයට පත් කර ගැනීම සදහා දරුවාව නිවැරදි චිකිත්සක ක්‍රමවේදයකට යොමු කල යුතුයි. ඊට සුදුසුකම් ලත් කථන හා වාග් චිකිත්සක හෝ ව්‍යධිවේදිනියකගේ උපදෙස් පැතීම සුදුසු වේ.
එහිදී පළමුව දරුවා පරික්ෂා කර දරුවාගේ පවතින කථන හා භාෂා කුසලතා මට්ටම නිර්ණය කළ යුතුයි. ඉන්පසුව චිකිත්සක ප්‍රතිකාර ක්‍රම රාශියක් අතුරින් වඩාත්ම උචිත ක්‍රමය භාවිතා කළ හැක.
ඔබේ ළදරුවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරි විය යුතු තවත් බොහෝ දෑ ගැන ඉදිරි ළිපි වලින් සාකච්ඡා කිරිමට අප බළාපොරොත්තු වෙමු.

 කතුවරිය ගැන

Hiruni Fonseka

හිරුනි ෆොන්සේකා ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යයාලයේ කථන හා වාග් ව්‍යධිවේදය හා ශ්‍රවණවේදය (Speech Language Pathology & Audiology) සම්බන්ධව විශේෂ උපාධියක් ලබා, ඉන්දියාවේ රෝහල් කිහිපයක, පුනුරුථාපන ආයතන හා ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ද සේවය කර අත්දැකීම් ලබා ඇත. දැනට කථන හා වාග් ව්‍යධිවේදිනියක් ලෙස සායනික කටයුතු කරන අතරම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසැල් වල දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා වැඩමුළු පවත්වනු ලබයි. තම වෘත්තීය දැනුම හා ලේඛන හැකියාව ඔස්සේ සමාජය දැනුවත් කිරීම ඇයගේ අරමුණයි.


                

අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

ඇත්තටම අද සමාජය කොයි දෙසට යනවාදැයි සිතා ගන්නටවත් නොහැකිය.පවුල ඇති වටිනාකම දැන් දැන් සමාජයට නොදැනී යනවාත්දැයි මට සිතේ. පහුගිය දවස් කිහිපය තුල මගේම යෙහෙළියන්ගෙ දෙදරාගිය විවාහයන් නිසා  හදවතින්ම මම එයාලා ගැන දුක් වුණා.

“කරන්න දෙයක් නැහැ දික්කසාද වෙනවා”

“එතකොට දරුවා?”

“පුතටත් දැන් එපාවෙලා , තාත්තව දමල යමු කියලා එයාම කියනවා.”

මගේ සිත ඇවිලී ගියේය. තාත්තා එනතුරු වේලාව බලමින් ඉන්න මගෙ පැටවු  ” චාච්චා ආවා “යැයි අයියාවත් පෙරලා ගෙන තාත්තගේ පෙර මගට දිව යන පොඩ්ඩාත් මගේ සිහියට නැගුණේ නිතැතින්මය. තාත්තාගේත් අම්මාගේ සෙනෙහසින් ඔවුන්ගේ ලෝකය පිරී ඇත.

“අනේ තාත්තේ සෙල්ලම් කරමු , අද නම් ඔෆිස් වැඩ ගෙදර බැහැ”

පුතාලට අකමැත්තෙන් හෝ අවනතවන්නට තාත්තාට සිදුවේ. ඉතින් මට සිදුවන්නේ පුතාලා තිදෙනෙක්ම බලා කියා ගන්නටය. ඔවුන් අතර ඇති බැඳීම ශක්තිමත්ය. සත්තකින්ම මම ඒ පිළිබඳ සතුටු වෙමි. විටෙක මා මා පිළිබඳවම ආඩම්බර වෙමි. මන්ද යත් ඔවුන්ගේ ශක්තිමත් බැඳීමට අත්තිවරම මා යෙදු හා යොදන නිසාවෙන්ය. තාත්තාට දරුවන්ගෙන් තොර ලොවක් නැත. ඒ බැඳීමට අඩිතාලම දැමිය යුත්තේ අම්මාය. බොහෝ විට දරුවන් මව වටා පමණක් රොක් වූ පවුල බැඳීම අතිශයෙන්ම දුර්වල යැයි මට සිතේ.

“අනේ මන්දා දැන් ගෙදර එන්නෙත් නැහැ ”

“දරුවා බලන්නවත් ”

“මොන ඉපදුන දා ඉඳලා එයාට දරුවා ගැන ගානක් නැහැ , දුවටත් දැන්  ගානක් නැහැ.”

වරද ඇත්තේ කොතනදැයි මට සිතා ගත නොහැකිය. නමුදු එක් කාරණයක් දනිමි ඒ ඔවුන්ගේ පවුලේ සහබන්ධනය නිසියාකාරව සිදුව නැති බව පමණි. මවක් වු පසු දරුවන්ගේ වැඩ කටයුතු සමග සැමියාගේ ඇතැම් කටයුතු අතපසුවීය හැකිය. සැමියකු වශයෙන් එය අවබෝධ කර ගැනීමද ඉතා වැදගත්ය. එහි විරුද්ධ අතද එසේමය. සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යන්නට නම් අන්නෝන්‍ය අවබෝධය වැදගත්ය. මගේ යෙහෙළියන් දෙදෙනාගේම දරුවන්ට පියා සමග බැඳීමක් නොතිබිණි. ඉතින් ඔවුන්ගේ සැමියන්ට වගකීමක් හෝ දමා යාමට බැරිකමක් නොතිබෙන්නට ඇත.පවුලක් විසිර යන්න නොව විසිර යන්නට හේතූ කාරණාව සොයා එයට පිළියම් කල යුතුය.

බොහෝ විට අද සමාජයේ විවාහ සිදුවන්නේ එකිනෙකා හඳුනා ගෙන ප්‍රේම කිරීමෙන් අනතුරුවය. මේ කාලය තුල හැකි තරම් දෙදෙනා පිළිබඳ අධ්‍යනය කර විවාහ වීමට සුදුසු නම් පමණක් විවාහ වනවා නම් හොඳ යැයි මට සිතේ. නමුදු ආදරය අන්ධය. විවාහය විය යුත්තේ ජිවිතයේ මියෙනතාක්ම එකට හිඳීමටය. එනිසාවෙන් ආදරය අන්ධ නොවී අතපත ගාමින් නොව ඉතාමත් සියුම් ලෙස  විචක්ෂණශීලීව හැදෑරිය යුතු විෂයයක් බව වටහා ගත යුතුය.. දෙදෙනා අතර ඇති නොගැලපීම් මතින් ජීවිත නෞකාව පැදයා නොහැකි නම් විවාහයට පෙරම යාත්‍රාව නතර නොකලහෝත් එහි අතර මග නෞකාවට ගොඩ වන දරුවන්ද අසරණවෙති.

දික්කසාදය යන වචනය අද සාමාන්‍ය වචනයක් පමණි. එහි හොඳ නරක කෙසේ වුවද දරුවන්ට වන බලපෑම නම් සුලු පටු නොවේ. ළමා මනසට මෙය කෙතරම් පීඩාවක්ද? ඔවුන් කෙතරම් එයින් මානසිකව ඇද වැටෙනු ඇද්ද? දෙමාපියන්ගේ වැරදි වලට වගකිව යුත්තෝ විඳ විය යුත්තෝ දරුවන්ද? දෙමාපියන් විරසක වෙන්වූ පවුලක දරුවන් අසරණවේ. මවකට කිසිදා පියෙකුගෙ සෙනෙහසවත් පියෙකුට මවකගෙ සෙනෙහසවත් ලබා දිය නොහැකිය. ඔබ අතින් ඔබේ බිරිඳට දරුවන්ට නැතහොත් ඔබේ සැමියාට දරුවන්ට ඔබේ වගකීම නිසියාකාර සිදුවන්නෙදැයි මොහොතක් නැවතිල්ලේ සිතන්න.

ගල්පර නොමැතිව ගලන ගඟෙහි සුන්දරත්වයක් නැත. ජීවිතයද එසේමය. පවුල තුල නොහොඳ නෝක්කාඩුකම් කොතෙකුත්ඇති වේ. දෙන්නා දෙමහලන්ගෙ ප්‍රශ්න බත ඉදෙන තුරු පමණක් විය යුතුමය. සබඳතාවල වටිනාකම දැනෙන්නෙ සබඳතා සදාකාලිකවම අහිමි වූ පසුවය. සබඳතා වල අඩු ලුහුඩුකම් ඇත්නම්  ජිවිත නැවත පිළිසකර කරගන්නට උත්සහ ගත යුතුය. ඒ සඳහා දෙදෙනා කතාබස් කර ගැටලු නිරාකරණය කරගත හැකිය. එසේත් නැතිනම් පවුල් උපදේශන සේවාවක් ලබා ගත හැකිය පවුල යනු විශ්වයේ සොඳුරුතම තැනය. එය ගිලිහෙන්නට නොදී රැකගතයුතුමය.

විවාහ ජීවිතය යනු වගකීම් සමුදායකි. පෙම්වතිය සමයේ හෝ පෙම්වතා සමයේ සිතුම් පැතුම්ම විවාහයේදී බලාපොරොත්තුවිය නොහැකිය. එහෙත් ගතින් වියපත් වුවද අප සිතින් වියපත් නොවේ. ආදරය අප මියෙනතුරුම අපේ හදවත් වලට ඇවසිමය. තමන්ගෙ බිරිඳ සමග මෙන්ම තමන්ගෙ සැමියා සමගත් දොඩම`ඵ වන්නට පෙම්බස් දොඩන්නට අපට සිත් වුවද බොහෝ විට එම හැඟීම වලට අප අගුලුලා තබයි. බැරි වෙලාවත් මේ අගුලු තම සැමියා හෝ බිරිඳ නොවන කෙනෙකු ඉදිරියේ වාන් දැමූ පසු ඒ සැඩ පහරේම හොඳක් නරකක් නොපෙනී ගමන් කරනු ඇත. ඉඩ දෙන්න ඔබේ හැඟීම වලට නිදහසේ ඔබේ සහකරුවා ඉදිරියේ ගලා යන්නට. අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

මාගේ කුඩා දරුවා තාමත් කතා කරන්නේ නැහැ. මේ සම්බන්ධව මා බිය විය යුතුද?

අලුත උපන් බිළිඳාගේ පලමු කොණ්ඩය, සිනහව, ග්‍රහණය කර ගැනීම, පෙරලීම හා මුවින් පිටවන පලමු වචනය මවගේ හා පියාගේ ජීවිතයට ප්‍රීතියක් එක් කරන අවස්ථාවන් වේ. දරුවාගේ සෑම ක්‍රියාකාරකමක්ම දෙමාපියන්ගේ මුවට සිනාවක් ගෙන දෙන්නේ රාත්‍රී නින්ද හා විවේකය නොබලා, තම ආදරණීය දරුවා වෙනුවෙන් ඔවුන් හෙලූ ඒ දහඩිය, මහන්සිය මදකට අමතක කරමිනි.

දෙමාපියන් තම දරුවන් ජීවිතයේ ඉලක්ක සපුරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියි. ඇවිදීමේදි, කතා කිරීමේදි ඇතිවන ප්‍රමාද දෙමාපියන් කනස්සල්ලට පත් කිරීම සාධාරණය. මා දන්නා මිතුරන් කිහිප දෙනෙකු තම දරුවාගේ යම් ක්‍රියාකාරකම් වල ප්‍රමාද හේතුවෙන් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තබා විවිධ ආගමික වතාවත් වල නිරත වන අතර, ENT විශේෂඥයින් මුණ ගැසී තම දරුවාගේ කථනයේ හා අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට පියවර ගනියි.

භාෂා නිපුණතාවන් කෙරෙහි එකිනෙකට වෙනස් සිද්ධාන්ත 3ක් ළමා මනෝ වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත. හැසිරීම් වලට අදාල දෘෂ්ටි කෝණයකින් බලන කල, භාෂා නිපුණත්වය දරුවා තුල ප්‍රගුණ වන්නේ “Operant Conditioning” නම් බාහිර උත්තේජකයකට අනුව දරුවාගේ හැසිරීම ධනාත්මහ හෝ ඍණාත්මක ලෙස වෙනස් වීමයි. එනම් දෙමාපියකු සිනහවකින්, බදා ගැනීමකින් හෝ කතා බස් කිරීමෙන් ලබා දෙන ප්‍රතිචාරය දරුවාගේ හැසිරීමේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා උත්තේජකයක් ලෙස කටයුතු කරන බවයි. භාෂාවේ උත්තේජක ලෙස වදන් හා ශබ්ධ කටයුතු කරයි. තවද, අනුකරණය කිරීම යන ක්‍රියාදාමයද දරුවාගේ භාෂාව ග්‍රහණය කර ගැණීමේ නිපුණතාවය වර්ධනය කිරීමට ඉවහල් වේ. රූපවාහිණියේ හෝ වැඩිහිටියන්ගේ කතා බස් වලට සවන් දීමෙන් ඔවුන් කතා කරන දේවල් පැවසීමට, ශබ්ද උච්චාරණය කිරීමට උත්සාහ ගැනීම,  මීට කදිම උදාහරණයකි.

දෙවන සිද්ධාන්තය වන්නේ දේශවාදයින්ගේ දෘෂ්ටි කෝණයයි. ඔවුන්ගේ මතයට අනුව, දරුවාගේ මොළය තුල LAD (Language Acquisition Device) නම් භාෂා ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් ඇත. මේ තුලින් විවිධ වදන්, ව්‍යාකරණ රීති වලට අනුව සම්බන්ධ කිරීමටත්, තමා සතු වාග් මාලාවේ ප්‍රමාණය අනුව ඇසෙන වාක්‍යයන් හි තේරුම වටහා ගැනීමටත් දරුවාට හැකියාව ලැබේ.

ප්‍රසිද්ධ භාෂාවේදියකු මෙන්ම මනෝ වෛද්‍යවරයකු මේ සම්බන්ධව වාද කලේය. මෙහිදී ඔහු තෙවන සිද්ධාන්තයක් ඉදිරිපත් කල අතර එහිදි ඔහු බාහිර උත්තේජක හා අභ්‍යන්තර ව්‍යුහයේ ක්‍රියාකාරිතවයේ යන සාධක දෙකම දරුවාගේ භාෂා නිපුණත්වය කෙරෙහි බලපාන බව අවධාරණය කලේය. ඔහු පෙර ඉදිරිපත් කල සිද්ධාන්ත දෙකෙහිම වටිනාකම හා වැදගත්කම පැහැදිලි කරන ලදී.

හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැ‍යි මට විටෙක සිතේ.

දෙමාපියන් ලෙස ඔබ දරුවාගේ භාෂා නිපුණතාවන් වර්ධනය කිරීමෙහි ලා වගකීමකින් කටයුතු කල යුතු වේ. මට ලඟකදී, තම ආච්චීගේ නිවසේ සිටින ගොළු පුද්ගලයෙකුගේ ශබ්ධ අනුකරණය කරන දරුවකු මුණ ගැසුණේය. මෙය වෙනත් සිද්ධියකි. කෙනෙක් ගැහැණු දරුවකු වූ අතර අනෙත් දරුවා පිරිමි දරුවෙකු විය. අවුරුදු 3 තෙක් කතා කිරීමේ අපහසුතා ඇති දරුවන් දෙදෙනෙකි.මෙම දරුවන්ගේ දෙමාපියන් දෙපළම ආගමික ආශිර්වාදය පතා විවිධ වතාවත් වල නිරත වූහ. මෙහිදී මට අවබෝධ වූයේ ඔවුන් පවුලේ එකම දරුවා වන බවත්, දෙමාපියන් වෙනම නිවසක වාසය කරන බවත්, දරු දෙදෙනාගේම පියා සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස කාර්යබහුල ජීවිත ගත කරන බවත්, මව්වරුන් දෙදෙනාම නිවසේ ගෘහණියකගේ වැඩ රාජකාරි වල නිරත වන බවත්ය. මව්වරුන්ට තම දිවා කාලයේදි දරුවා සමඟ කතා බහෙහි නියැලීමට තරම් විවේකයක් නැත. ඔවුන් දෙදෙනාම එතරම් සමාජශීලි නොවන අතර පාඩුවෙ තම ජීවිතය ගත කරන කාන්තාවෝ වෙති. එම නිසා මෙහිදී මා හට පැන නැඟුනු ප්‍රශ්නයක් වන්නේ උපතින්ම දරුවාගේ මොළයේ අභ්‍යන්තරව භාෂාව ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් තිබුණත් එය භාවිතා කිරීමට ඔහුට/ඇයට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එහි ඇති ඵලය කුමක්ද යන්නයි.

මාගේ ඥාති පුතණුවන් ළඳරුවකු ව සිටියදි ඔහුව බලාගත්තේ එකල ගුරුවරියකව සිටි මාගේ මවය. ඇය ඉතා උනන්දුවෙන් තම මුණුබුරා සමඟ සංවාදයේ යෙදුනු සැටි මට තාමත් මතකයි. ඇයගේ වදන්වලට ප්‍රතිචාර දැක්වීමට තරම් දරුවාගේ භාෂා නිපුණත්වය වර්ධනය නොතිබුණත් දරුවා තම මිත්තණිය නැවතත් යම් දෙයක් පවසන තෙක් උද්යෝගයන් ඇය දෙස බලා සිටියේය. මුලදී මෙය අනර්ථ කාර්යයක් ලෙස පෙනුනත් පසුව දරුවා හැකි ලෙස සංවාදයේ යෙදෙන්නට පටන් ගත්තේය. මෙහිදී මා මගේ මවගේ උනන්දුව හා කැපවීම කෙරෙහි විස්මයට පත් විය. හරිහැටි කතා බස් කල නොහැකි කුඩා දරුවකු සමඟ සංවාදයේ යෙදීම නීරස දෙයක් ලෙස අපට දැනුනත් එය දරුවකුගේ භාෂා නිපුණත්වය වර්ධනය කිරීමෙහි ලා උපකාරි වේ.

සමහර අවස්ථාවන්හිදී, දරුවාගේ මානසික ආබාධ ඔහුගේ/ඇයගේ භාෂාමය හැකියාවන් වල වර්ධනය හීන කිරීමට බලපායි. ඔබ හැකි පමණ අලුත් වචන හා ශබ්ධ දරුවන්ට ඇස්සවීමට සැලැස්විය යුතුයි. එසේම ඔවුන්ට ඒවා උච්චාරණය කිරීමටද ඉඩ දිය යුතුයි. ඔබට දරුවා සමඟ සංවාදයේ යෙදිය නොහැකි නම ගීත ගායනා කිරීමෙන් හෝ පොතක් කියවීමෙන් ද මෙම අරමුණ සාක්ෂාත් කර ගත හැක.දරුවාගේ මුල් ළමා කාලයේදි භාෂා නිපුණතාවන් සීඝ්‍ර ලෙස වර්ධනය වේ. එමෙන්ම, මෙම අවධියේදි දරුවකුට මව් භාෂාවට අමතරව තවත් ද්විතියික භාෂාවක් ග්‍රහණය කර ගැනීමට තරම් හැකියාවක් පවතියි. මෙහිදි ඔබට භාෂාවේ ව්‍යාකරණ රීති දරුවාට උගන්වන්නට අවශ්‍ය නොවන අතර, ඔහු/ඇය භාවිතයෙන් හා ශ්‍රවණයෙන් භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට ඉගෙන ගනියි.

දෙමාපියන්ගේ හැසිරීම් රටාවන් හා ඔවුන්ගේ කුඩා කාලයේ වර්ධන රටාව දරුවාගේ ළමා කාලය හැඩගැස්වීමේහි ලා ඉමහත් ලෙස බලපායි. උදාහරණයක් ලෙස, ඔබ කුඩා කලදී එතරම් සමාජශීලි නොවන, නිශ්ශබ්ද දරුවකු ලෙස වැඩුනේ නම් ඔබගේ දරුවාද වැඩිය කතා බස් නොකරන, නිශ්ශබ්ද දරුවකු වන්නට පුලුවන. පැස්බරකු කවදාකවත් ගිරවකු මෙන් නාද කරන්නේ නැත. අප හැදෙන වැඩෙන පරිසරය අප ඉගෙන ගන්නා දේවල් හා හැසිරීම් රටාව කෙරෙහි ඍජු ලෙස බලපායි.

තම දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා වර්ධනය කෙරෙහි දෙමාපියන් ඉතා සංවේදි විය යුතුය. මන්ද භාෂාව ග්‍රහණය කරගැනීමේ හා කථන හැකියාවන්හි අඩු වර්ධනය මානසික අසහනයන් වල ප්‍රතිඵලයක් විය හැකි හෙයිනි. ඔබගේ දරුවාට දෙමාපිය රැකවරණය නිසි ලෙස නොලැබෙන්නේ නම් හෝ දරුවා නිවසේ අත් උදව්කරුන් සමඟ වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබ මීටත් වඩා දරුවාගේ හැසිරීම් රටාවන් පිළිබඳ විමසිලිමත් විය යුතු වේ.

හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැ‍යි මට විටෙක සිතේ.

ළමයින් මල් වගේය. ප්‍රශ්නය ඇත්තේ බීජයේ නොව වැඩෙන පසෙහි බව ඔබ මතක තබා ගත යුතුය.

දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි දරුවා ඇතිකරන අරගලය අවම කරගන්නේ කෙසේද?

රාත්‍රී නිදන ඇඳුම් ඇන්දවීමේදි, නෑවීමේදි හා වාහනයෙන් ගමනක් යෑමේදි දරුවා හා දෙමාපියන් අතර අරගල ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අවස්ථා දෙමාපියන්ව අපහසුතාවයට ලක් කරන අතර සමහර අවස්ථා වලදී ඔවුන් මෙම තත්ත්වයන් ඉදිරියේදි කෙසේ කටයුතු කල යුතුද යන්න පිළිබඳව නිසි අවබෝධයකින් පසු නොවේ. දරුවාට තමා විසින්ම , ස්වකැමැත්ත අනුව එම ක්‍රියාකාරකම් කිරීමට ඇල්මක් දැක්වීම මෙම මුරණ්ඩුකාරි හැසිරීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. “The Art of Empowered Parenting”  හි කතුවරයා වන මහාචාර්ය එරික් ඒ. ෆිශර් මහතා පවසන්නේ අවුරුදු 3, 4 වයසේ පසුවන දරුවන් ස්වෝත්සාහයෙන් ක්‍රියාකරම් වල නිරත වීමට පෙළඹීම නිසා මෙම දෛනික කටයුතු කලහකාරි අරගල බවට පත් වන බවය. නමුත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් කිසිසේත් කලබල විය යුතු නැත. දෛනික ක්‍රියාකාරකම් වලදී දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳ පිළිගත් ක්‍රම වේද ඔබට අනුගමනය කල හැක. මේ තුලින් අනවශ්‍ය ලෙස අරගලකාරි අවස්ථා ඇතිවීම වළක්වා ගත හැකි වේ.

දත් මැදීම.
දත් මැදීම යනු දරුවන්ට මෙන්ම දෙමාපියන්ට අත්විඳින්නට සිදුවන අරගලකාරි ක්‍රියාකාරකමකි. දරුවා විටෙක දත් මදින අතරතුර පිටතට දිව යන අතර මුව වසා දත් මැදීම ප්‍රතික්ෂේප කරයි. බලහත්කාරයෙන් දරු බුරුසුව දරුවාගේ මුව තුලට ඇතුල් කරනවා වෙනුවට ඔබට මෙවැනි අවස්ථාවකදී සංයමයෙන් දරුවාට සහනයක් සැලසෙන ලෙස කටයුතු කල යුතුය. චිකාගෝ හි Ann & Robert H. Lurie ළමා රෝහලේ, ළමා දන්ත වෛද්‍ය ග්‍රේස් යම් ට අනුව ඔබේ දරුවාගේ ප්‍රියතම කාටුන් චරිත ඇති හුරුබුහුටි , සුමුදු කෙඳි සහිත දත් බුරුසුවක් ගෙන විදුරුමස් වලට වේදනාවක් ගෙන නොදෙන අයුරින් ඉතා මෘදුව තම දරුවාගේ දත් දෙපල මැද්දවීම ඉතා සුදුසු ක්‍රමයකි. දරුවා දත් මදින අවස්ථා වලදී මුරණ්ඩුකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි ආකාර බොහෝමයක් ඇත. උදාහරණයක් ලෙස දරුවාගේ ප්‍රියතම දන්තාලේපයක් තෝරා ගැනීම, දරුවාට නෑමට පෙර හෝ පසුව දත් මැදිය යුතුද යන්න තීරණය කිරීමට සැලැස්වීම, මුව හොඳින් විවෘත කිරීම සඳහා දත් මදින අතර තුර දරුවාට ගීතයක් ගැයීමට පෙළඹවීම හා ඇයගේ/ඔහුගේ ප්‍රියතම බෝනික්කාගේ දත් දෙපල මැදීමට පැවසීම යන ක්‍රම වේද ගෙන දැක්විය හැක.

ඩයපරය මාරු කිරීම.
ඩයපරය මාරු කිරීමේදි දරුවා කෑමොරෙ දෙමින් හැසිරීම සාමාන්‍ය සිදුවීමකි. “If I Have To Tell You One More Time” හි කතුවරිය වන ඒමි මක්‍රේඩි ට අනුව සෙල්ලම් කරන අතර තුරදී බලහත්කාරයෙන් ඔහුව/ඇයව ගෙන ඩයපරය මාරු කරවීම දරුවාට එතරම් ප්‍රියජනක අත්දැකීමක් නොවේ. තව දුරටත් ඇය පවසන්නේ ඩයපරය මාරු කිරීමට අවශ්‍ය වූ විට දරුවාගේ අවධානය සෙමෙන් වෙනත් දෙයකට යොමු කොට (උදා – ගීතයක් ගායන කිරීමෙන් හෝ ඇයට ශරීරයේ අවයව නම් කිරීමේ කුඩා සෙල්ලමක නිරත වීමෙන්) දරුවාගේ ඩයපරය මාරු කරවීම ඉතා යෝග්‍ය බවයි. එසේම ඩයපරය මාරු කරන කාලය ඔබ දරුවාගේ දක්ෂතා පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගන්න. ඔබ ඩයපරය මාරු කරන වෙලෙහිදී, ඇයට/ඔහුට කලිසමේ පාදය එසවීමට, වෙල්ක්‍රෝ පටිය ඇලවීමට පුරුදු කරවන්න. බොහෝ දරුවන් මේසයට වඩා පොළොවේම ඩයපරය මාරු කිරීමට කැමැත්තක් දක්වයි.

නෑවීම.
සමහර දරුවන්ට නෑමට කැමැත්තක් නොදක්වති. මන්ද එය දරුවාට මෙන්ම දෙමාපියන්ට අරගලයක් වන හෙයිනි. මක්‍රේඩි මහත්මියට අනුව ඔබ වතුර බේසම පිරවීමේදි දරුවා කලබකාරි ලෙස හැසිරෙන්නේ නම් එයින් හැඟෙන්නේ ඔහු/ඇය වතුරට හෝ ඇස් තුලට සබන් යාම නිසා බියට පත් වන බවය. දෙමාපියන් ලෙස ඔබ එහිදි කල යුත්තේ දරුවා බියට පත්වන හේතු විමසා ඊට සරිලන ලෙස විසඳුම් ක්‍රියාත්මක කිරීමය. පිහිණුම් කණ්ණාඩියකින් දරුවාගේ ඇස් ආරක්ෂා කිරීමෙන් හා වතුර බේසමේ දරුවා කැමති සෙල්ලම් බඩුවක් පාවීමට සැලැස්වීමෙන් ඔබට දරුවා තුල වතුරට ඇති අනවශ්‍ය බිය පහ කල හැකිය. ජලයේ පාවෙන තාරාවන්, සෙල්ලම් බෝට්ටු, රබර් කතන්දර පොත් වැනි කෙලි බඩු වලින් ඔබට නාන කාලය දරුවාට දඬුවමක් වෙනුවට විනෝදජනක අත්දැකීමක් බවට පත් කල හැකිවේ.

රාත්‍රී කෑම මේසයේදි හැසිරීම.
බොහෝ කුඩා දරුවන් කෑම මේසයේදි හැසිරෙන්නේ දෙමාපියන්ට නොයෙකුත් අපහසුතා ඇතිවන පරිද්දෙනි. බත් කටවල් දෙකක් කා මේසයෙන් නැගිට යම් වේලාවක් සෙල්ලම් කොට නැවතත් කෑම පිඟානෙන් බත් කෑම අපට සාමාන්‍ය ජීවිතයේ දක්නට ලැබෙන සිදුවීමකි. වෛද්‍ය එරික් ෆිශර් මහතාට අනුව බොහෝ දරුවන්ව මුළුතැන්ගේ කෑම පිලියෙල කරන කර්තව්‍යය සඳහා ඔබට යොදා ගත හැකිය. එළවලු සේදීම, කුළුබඩු එකතු කිරීම, කෑම පිඟානේ පළමුවෙන් බෙදා ගත යුතු ආහාරය වැනි තීරණ දරුවාට ස්වාධීනව ගැනීමට ඉඩ දීම උදාහරණ ලෙස ගෙන දැක්විය හැකිය. කෑම කන වේලාවේදි රූපවාහිණිය අනිවාර්යයෙන් ක්‍රියා විරහිත කල යුතුය. වෛද්‍යවරයා වැඩි දුරටත් අවවාද කරන්නේ දෙමාපියන් ලෙස ඔබ අඩුම තරමේ විනාඩි 10ක් වත් එකට මේසයේ කෑම කෑමට උත්සාහ ගත යුතු බවය. ඊට හේතුව දරුවකුට සාමාන්‍යයෙන් එක දිගට බොහෝ කාලයක් එක තැන ඉඳගෙන සිටීම අසීරු කාර්යයක් වන හෙයිනි.

වාහනයෙන් ගමනක් යෑම.
වාහයනයෙන් යන කෙටි ගමනක් වුවද දරුවාට අසහනකාරි විය හැක. චිකාගෝ හි ලොයෝලා විශ්ව විද්‍යාලයේ ළමා විශේෂඥ වෛද්‍ය බ්‍රිජට් බොයිඩ් ට අනුව ගමන ආරම්භ කිරීමට ප්‍රථම නිසි ලෙස හැසිරෙන ලෙස අවවාද කිරීම මෙසේ දරුවා කලබලකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි එක් ක්‍රමයකි. ඔබට ගීතයක් ගයමින් දරුවාව උපක්‍රමශීලීව වාහනයේ අසුන වෙත රැගෙන යා හැකිය. තවද දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩුව රැගෙන යාමට අවසර දීම, ඔහු කැමති ගීත අසන්නට සැලැස්වීම, දරුවා සමඟ නිරන්තරයෙන් කතා බහෙහි නියැලීම වැනි ක්‍රියාකරකම් මඟින් පිටුපස අසුනේ සිටින දරුවාට වාහනයෙන් යන ගමන ඉතා විනෝදජනක අත්දැකීමක් පත් කල හැකි වේ.

ඔයාට ඕනී දුවෙක්ද? පුතෙක්ද?

වර්තමානයේ බොහෝ විට සැමියාත් බිරිඳත් දෙදෙනාම රැකියා වල නියුතු නිසා ඉතාමත් කාර්්‍යය බහුලයි. එනිසාම දුවෙකුයි පුතෙකුයි කියන සංකල්පයට අපි නිරායාසයෙනම නැඹුරු වෙනවා. බොහෝ විට එක දරුවකුට හෝ දරුවන් දෙදෙනෙකුට පමණයි පවුලක ඉඩ කඩ හිමි වෙන්නේ. ඒත් දරුවො කිහිපදෙනෙක් සිටින නිවසක් කොයි තරම් පිරිපුන්ද කියලා මට හිතෙනවා. පහුගිය දවසක යෙහෙළියකගෙ අලුත ඉපදුන දූ පැටියෙක් බලන්න ගියා. අනේ ඉතින් රෝස මලක් වගේ ලස්සන දෝනී පැටියා හරිම ලස්සනයි.

“අපිට නම් දැන් ඉතින් දුවයි පුතයි ඉන්නවා. පුතාල දෙන්නෙක් ඉන්න නිසා හදන්නකො දුවෙක් ”

“ දුවෙක් හදන්න හිතලා තුන්වෙනියත් පුතෙක් වුණොත් ”

“ අයියෝ ඒවට ක්‍රම තියෙනවා මමත් ඒ ක්‍රමයට තමයි දුව හදා ගත්තේ ”

“ ඒ කොහොමද? ”

අපේ සිංහල වෛද්‍යක්‍රමයට අනුව ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන් ක්‍රම තිබිලා තියෙන බවට මමත් අහලා තියෙනවා. ඒ එක් ක්‍රමයක් තමයි මේ

  • කාන්තාවකට ඔසප් වීම ඇරඹුන දින සිට ඉරට්ටේ දින වල එනම් 06, 08, 10, 12, 14,16 යන දිනවල ලිංගිකව එක්වීමෙන් දියණියක් අපේක්ෂා කළ හැකිය.
  • ඔසප් වීම ඇරඹුණු දින සිට ඔත්තේ දිනවල එනම් 5, 7, 9, 11, 13, 15 යන දින වල ලිංගිකව එක්වීමෙන් පුතෙකු අපේක්ෂා කළ හැකිය.

දරුවකු පිළිසිඳ ගන්නට පෙර දුවෙක්ද පුතෙක්ද කියලා ඔබට තීරණය කරන්න පු`ඵවන් අනිත් ක්‍රමය තමයි  චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුව. මගේ යෙහෙළියගෙ රහස වුණේ මේ වගුව.

Boy-or-girl

මෙම වගුවෙ හරහට කාන්තාවගේ වයස දක්වා තිබෙනවා. වගුවෙ පහළට ගැබ් ගන්නා මාසය දක්වා තිබෙනවා. ඒ අනුව කාන්තාවගේ වයස 20ක් වන විට ගැබ් ගන්නේ මාර්තු මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ. වයස 20ක් වන විට ගැබ් ගන්නේ මැයි මාසයේ නම් ඇයට උපදින දරුවා පිරිමි දරුවකු වේ. මේ අනුව ඔබේ දරුවා පිරිමි ද, ගැහැණු ද යන්න නිශ්චය කර ගන්නට හැකි වෙනවා. මෙය සියයට අනූ නවයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. කලින් අත්දැකීම් එක්ක ගලපලා බලන්නකො. මට නම්  මේ ක්‍රම දෙකම නිවැරදි වුණා.