විජලනය ඔබේ දරුවාට අනතුරුදායක විය හැක

ඔබගේ දරුවා දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරනවාද? ඔබ දෛනික ජීවිතයේ කාර්යයන් සමඟ කාර්යබහුල විට ජලය පානය කිරීම මඟ හැරීමට ඉඩ ඇත. කෙසේ නමුත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය වේ. ඇමරිකාවේ හාවඩ් විශ්‍ය විද්‍යාලයේ කරන ලද සමීක්ෂණයකට අනුව බොහෝ යොවුන් වියේ පසුවන දරුවන් ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන අතර සමහර දරුවන් කිසි සේත් ශුද්ධ ජලය (H2O) පානය නොකරන බවට ප්‍රකාශ කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය හා පෝෂණ විමර්ශනයේ දි පැවැත්වූ මෙම සමීක්ෂණය සඳහා අවුරුදු 6-16 අතර දරුවන් 4000 පමණ සහභාගි වී ඇති අතර මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ඇමරිකානු මහජන සෞඛ්‍ය සඟරාවේ පළ කොට තිබේ.

සමීක්ෂණයෙන් හෙළිවී ඇති ප්‍රතිඵල අනුව සහභාගි වූ දරුවන්ගෙන් 50% පමණ ප්‍රමාණවත් ලෙස ජලය පානය කර නැති බව අනාවරණය වී ඇත. ගැහැණු දරුවන්ට සාපේක්ෂව 76% වැඩියෙන් පිරිමි දරුවන් අතර විජලනය දක්නට ලැබී ඇත. විජලනයෙන් පෙළෙන්නන් අතර ලතින් අමරිකානු සම්භවයක් නැති සුදු ජාතිකයින්ට වඩා 34% ක් ලතින් අමරිකානු සම්භවයක් නැති කලු ජාතිකයින් සිටි බව තවදුරටත්  හෙළි වී තිබේ.

දෙමාපියන්ට තම දරුවන් සඳහා කැලරි රහිත, ලාභදායි පානයක් වන පිරිසිදු ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම සඳහා පොළඹවිය හැකිනම්, එය ඔවුන්ගේ ශරීරයේ සජලනය වැඩි දියුණු කිරීමටත්, පාසලේ වැඩ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමටත් උපකාරි වන බව ප්‍රවීණ ලේඛන ස්ටීවන් ගෝට්මේකර් මහතාගේ අදහසයි.

තවද ප්‍රවීණ උපදේශකයින්ට අනුව තම දරුවන්ගේ ශරීරයේ සජලනය පවත්වා ගැනීමේ අපහසුතා ඇති දෙමාපියන් කාමර උෂ්ණත්වය සහිත තත්තවයක් තුල සිසිල් ජලය ලබා දීමටත්, එළවලු හා පලතුරු සමඟ ජලය මිශ්‍ර කොට දරුවන්ට අනුභව කිරීමට සැලැස්වීමත් කල හැකිය.

“මං ඔයාට ආදරේ නෑ” යනුවෙන් දරුවා පැවසූ විට ඔබ එයට ප්‍රතිචාර දැක් විය යුත්තේ කෙසේද?

තම ආදරණීය දරුවාගේ මුවින් පිටවිය හැකි ද්වේශ සහගත වදන් පෙලකි “මං ඔයාට ආදරේ නෑ”. මෙය දෙමාපියන්ව මනස්තාපයට පත් කල හැකි අවස්ථාවකි. තමාගේ දරුවාගෙන් හැරෙන්නට සමාජයේ අනි කිසිවකුගෙන් ඔබට මෙසේ හිත රිදවිය හැකි වැකියක් අසන්නට වන්නේ නැත.

මෙසේ තම දරුවාගෙන් ආවේගශීලි ප්‍රකාශයක් අසන්නට සිදුවීම දුඛ්කදායක කරුණක් වූවත් නිසැඟයෙන්ම දෙමාපියන් වන ඔබ මීට බැන වැදීමකින් හෝ දරුණු දඬුවමක් ලබා දීමෙන් ප්‍රතික්‍රියා කිරීමට ඉඩ ඇත. ඔබ මෙවන් තත්ත්වයකට මුහුණ දීමට ප්‍රථම දරුවාව සමඟ සංයමයෙන් කටයුතු කිරීම සඳහා බුද්ධිමත්ව ප්‍රතික්‍රියා කිරීමට සූදානම් විය යුතුය. ඔබගේ දරුවා “මං ඔයාට ආදරේ නෑ” යනුවෙන් පැවසූ විටකදී කටයුතු කල යුතු ආකාරය ඉගැන්වෙන අත්දැකීම් බහුම මවකගේ උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

ලිහිල්ව ගෙන ඔහුගේ/ඇයගේ බරපතල ප්‍රශ්න පිලිබඳ අවධානය යොමු කරන්න.

දරුවාගේ මුවින් පිටවන සෑම වදනක් ම ඔහු/ඇය උවමනාවෙන් නොපවසන බව දෙමාපියන් ලෙස ඔබ දැන ගත යුතු කරුණකි. දරුවාට මේ පිලිබඳ මනා අවබෝධයක් නැති අතර ඔහු/ඇය ඔබගේ දෙමාපිය පාලන රටාවන් ගැන කලකිරීමකින් පසුවනවා වන්නට පුළුවන. මෙම වදන් වලින් දරුවා හඟවන්නට උත්සාහ ගන්නේ තමා මව හෝ පියා සමඟ අමනාප බවයි. නමුත් ඊට ඔබ ක්ෂණයකින් “ඒ උනාට මං පුතාට හරි ආදරෙයි” යනුවෙන් පැවසිය යුතු වේ. මෙ වචන පේලිය දරුවාගේ ආවේගය සන්සුන් කරන අතර දෙමාපියන්ගේ අනපේක්ෂිත ප්‍රතිචාරය ඔහුව මවිතයකට පත් කරයි.

අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා ප්‍රතිචාර නොදක්වන්න.

ඔබගේ දරුවා මෙසේ දරුණු ප්‍රකාශයක් කල විට එසැණින් දරුවාගේ වරද නිවැරදි කර, ඔහු/ඇය තමාට එසේ කතා නොකල යුතු බවට තරයේ අවවාද කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙවැනි අවස්ථාවකදී ඔබ දරුවා සමඟ ආවගශීලිව කටයුතු කිරීම හෝ දඬුවම් ලබා දීම නුවණට හුරු නොවේ.එයින් සිදුවන්නේ ළමයා ඔබේ හැඟීම් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නය සාර්ථක වීමය. ඔබේ දරුවා ඔබව පිළිකුල් නොකරන බවත් ඔහු/ඇය එසේ පවසන්නේ සිත් තුල ඇති කණගාටු බව නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා බව සලකන්න. මෙසේ කේන්ති ගැනීම හෝ සිත් තැවුලට පත්වීම සාමාන්‍ය දෙයක් බවත් ඒ නිසා අන් අයගේ සිත් රිදවීම නොකල යුතු බවත් ඔබ සංයමයෙන් ළමයාට පහදා දෙන්න. කෙසේ වෙතත් පිළිකුල් කිරීම, රිදවීම වැනි ඍණාත්මක හැඟීම් දනවන වචන දරුවාත් සමඟ අවම ලෙස භාවිතා කරන්න. මන්ද, වෙනත් අවස්ථාවකදී, ඔහු/ඇය අයුතු ලෙස එය හාවිතා කිරීමට ඉඩ ඇති බැවිනි.

දරුවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.

ළමයාට “මං ඔයාට ආදරේ නෑ, මට ඔයාව පේන්න බෑ” යනුවෙන් කේන්තිය පිටකරන්නේ ඔහුට/ඇයට නිසි ලෙස තම අදහස් හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකි නිසා බව දෙමාපියන් වන ඔබ තේරුම් ගැනීම, දරුවාගේ මානසික තත්ත්වය මනා ලෙස අවබෝධ කර ගැනීමට උපකාරි වේ.ඔහුට මිතුරන් සමඟ තව දුරටත් කෙලි සෙල්ලමේ යෙදිය නොහැකි වීම, දරුවා කේන්තියෙන් පසුවන බැවින් ඔහුට දෙමාපියන්ගේ අණට කීකරු වීමට මැලි කමක් දැක්වීම වැනි හේතුන් නිසා ඔහුගේ මුවින් මෙවැනි ආවේගශීලි ප්‍රකාශ පිටවිය හැකි බව දෙමාපියන් තේරුම් ගනී.

දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කරන්න.

ඔබගේ දරුවා සන්සුන් වූ විට මොහොතකට ඔහු/ඇය සමඟ සාකච්ඡාවේ යෙදෙන්න. දරුවාට තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීම සඳහා උපකාරි වන්න. ඔහුගේ/ඇයගේ වාග්මාලාව වර්ධනය කිරීමට උත්සාහ ගන්න. මේ තුලින් දරුවාට වඩාත් නිවැරදිව හා පැහැදිලිව තමගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණයක් හැටියට, “මට ටැබ් එකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නැති හින්දා මං ඔයත් එක්ක තරහයි” හෝ “ඇයි අම්ම මට යාලුවගේ ගෙදර යන්න දෙන්නෙ නැත්තේ? ඒ හින්දයි මට තරහ ගියේ”
අන් කිසිවකුගේ හිත නොරිදවා තම අදහස් ප්‍රකාශ ක්‍රීමේ මාර්ග තමා විසින්ම සොයා ගැනීමට ඉඩ දරුවාට ඉඩ දෙන්න.

කවදාක හරි, දෙමාපියන්ට/මව්වරුන්ට මෙම වදන් පෙල තම දරුවාගෙන් අසන්නට සිදුවේ. ආවේගශීලි ලෙස ප්‍රතිචාර නොදක්වා මේ සඳහා නිසි ලෙස සූදානම් වීමෙන් ඔබට දරුවාව සන්සුන්, පරිණත හා ආදරණීය පුද්ගලයෙකු බවට පත්කිරීම සඳහා උපකාරි විය හැකි වේ.

බෙදා හදා ගැනීමේ වැදගත්කම දරුවන්ට පහදා දීම

දරුවන් හදා වඩා ගැනීමේදි දෙමාපියන් දරන ආකල්ප, කාලයත් සමඟ සීඝ්‍ර ලෙස වෙනස් වී ඇත. වර්තමානයේ බොහෝ දෙමාපියන් නීති පනවනවාට වඩා දරුවාව ස්වභාවික හැසිරීම් වලට අනුව වැඩෙන්නට ඉඩ ලබා දෙයි. මෙම ක්‍රමය තුලින් දරුවා දෙමාපියන්ගේ බල කිරීමකට හෝ තෑගි භෝග ලබා ගැනීමේ පරමාර්ථය වෙනුවට ස්වයං අවබෝධයෙන් හරි වැරදි දේ තේරුම් ගනී. කලකට ඉහතදී භාවිතා වූ ඍජු හැසිරීම් රටා පාලන ක්‍රමය හෙවත් දීමනා හා දඬුවම් වලට යටත් ව දරුවන්ගේ හැසිරීම් පාලනය කිරීම වෙනුවට වර්තමානයේ මෙම ජනප්‍රිය වූ ක්‍රමය භාවිතා වේ.

පුළුල් කෝණයකින් බලන කල, දරුවකු හදා වඩා ගැනීමේදි දෙමාපියන්ගේ පරම අරමුණ විය යුත්තේ අනාගතයේදි සමාජයත් සමඟ කාර්යක්ෂම ලෙස කටයුතු කල හැකි දරුවකු ඇති කිරීමය. දරුවන් හදා වඩා ගැනීමේ නූතන ක්‍රමයන් අනුගමනය කිරීමේදි,  දෙමාපියන් හට නිතරම වැදගත් ප්‍රශ්න කිහිපයක් පැන නැගේ. අප දරුවන්ට බෙදා හදා ගැනීමේ වැදගත්කම ඉගැන්විය යුතුද? උදා: එසේත් නැත්නම් උවමනාවෙන් එසේ නොකල යුතුයි යන්න ඉගැන්විය යුතුද?

ප්‍රධාන ප්‍රශ්නය – බෙදා හදා ගත යුතුද/නැද්ද?

මෙම ප්‍රශ්නයෙන් පැන නැගෙන මූලික තර්කය වන්නේ වැඩිහිටියන් හට එකිනෙකා අතර තම ජංගම දුරකතනය/අව් කණ්ණාඩි වැනි දැ බෙදා ගැනීම අවශ්්ය නොවූවත් දරුවන්ට එසේ කරන ලෙස ඉගැන්විය යුත්තේ මන්ද යන්නයි. මතුපිටින්, තර්කානුකූල ලෙස බලන කල, අනාගතයේදි දරුවාට වැදගත් නොවන හැසිරීම් රටාවක් ඔහුට/ඇයට කුඩා කාලයේදි ඉගැන්වීම අනර්ථ ක්‍රියාවක් ලෙස ඔබට හැඟිය හැක. මෙම විවාදයේ පැන නැගෙන දෙවන කරුණ වන්නේ, දරුවන් සමාජයේ නීති කැලෑ නීතිය තුලින් හෝ ළමා උද්්යානයේ, කිසිදු දෙමාපිය මැදිහත් වීමකින් තොරව ඉගෙන ගන්නා බවයි. මේ මඟින් දරුවා ස්වෝත්සාහයෙන් හා ස්වයංවබෝධයකින් සමාජයත් සමඟ ගැටෙන්නට පුරුදු වේ.

පමණට වඩා දෙමාපියන් දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීම අහිතකර ප්‍රතිවිපාක ගෙන දෙන බව අප සියලුදෙනාම එකඟ වෙන කරුණකි. නමුත් ඉහත සඳහන් කල තර්ක සැමවිටම සාධාරණ නොවන අතර එහි විතර්ක විවාද මෙම තත්ත්වය වැඩි දුරටත් තේරුම් ගැනීමට උපකාරි වේ. වැඩිහියන් ඔවුන් සතු දැ පරිහරණය කිරීමේදි මෙසේ බෙදා ගැනීම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැකි බව අප කවුරුත් තේරුම් ගත යුතු කරුණකි.

කිසියම් පුද්ගලයෙකුට අත්්යාවශ්්ය වූ විටකදී පමණක් ඔබ සතු අව් කණ්ණාඩිය හෝ දුරකතනය ඔබ ඔහු/ඇය සමඟ බෙදා ගන්නවා වන්නට පුළුවන. තවද,අප සමාජය අතරේ බෙදා ගැනීමේ සංකල්පය පොළාඹවන අවස්ථාද දකින්නට ලැබේ. (කෑම කන විටදී පිඟානක් ගෙන ඒම)

එහෙයින් ගුරුවරුන් හා දෙමාපියන් “දරුවන්ට බෙදා හදා ගැනීමේ වැදගත්කම ඉගැන්වීම සුදුසු නොවේ” යන තර්කය සමඟ වාද කරනවාට වඩා දරුවාට කුමන අවස්ථාවන්හිදී, කෙසේ ඔවුන් සතු දේ අන් අය සමඟ බෙදා ගත යුතුද යන්න පැහැදිලි කර දීම නුවණට හුරුය.

“බෙදා ගන්න එපා” යන්න ඉගැන්වීමේ ක්‍රමයේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ලැස්ති වන්න.

“බෙදා හදා නොගැනීමේ” ක්‍රමය අනුගමනය කල දරුවන් කිහිප දෙනෙකු අධ්‍යනය කිරීමෙන් ලබා ගත් වැදගත් ප්‍රතිඵලයක් පහත දැක්වේ. මේ තුලින් දරුවා ළමා උද්‍යානයේ ස්වාධීන තීරණ ගැනීමට මෙන්ම තවත් බොහෝ දේවල් ඉගෙනීමට පෙළඹෙන බව සොයා ගෙන ඇත.

රුපවාහිණි වැඩසටහනක් වන කැටලිස්ට් විසින් පෙර පාසල් වියේ පසුවන ගැහැණු හා පිරිමි දරුවන් හට සෙල්ලම් බඩු ලබා දිමෙන් කල පරීක්ෂණයක ප්‍රතිඵල පහත දක්වා ඇත. මෙයින් තහවුරු වී ඇති ආකාරයට පිරිමි දරුවන් නොපැකිළිව වෙනත් ළමයෙකුගෙන් සෙල්ලම් බඩුව ඉල්ලා හෝ උදුරා ගෙන ඇත. මෙය අඩ දබරයක්, කම්මුලට පහර දීමක් දක්වා දුර දිග යාමට ඉඩ තිබුණි. ගැහැණු දරුවන් මෙම තත්ත්වයට හාත්පසින් වෙනස් අයුරින් එනම් පෙළක් ඉතා ඉවසිලිමත්ව හා අනෙක් අය ප්‍රචණ්ඩව මීට ප්‍රතිචාර දක්වා තිබුණි. රණ්ඩු කරනවා වෙනුවට, ඔවුන් සෙල්ලම් බඩුව අතැති දරුවාව නොසළකා හැර තමා නියත වී සිටි ක්‍රීඩාව වෙත අවධානය යොමු කර ඇත. අවසානයේදි, තනිව සෙල්ලම් බඩුව සමඟ කෙලි සෙල්ලමේ යෙදුණු දරුවා එය නතර කර කණ්ඩායමත් සමඟ එක්ව තිබේ.

මානව පරිණාම ක්‍රියාවලියේදි මිනිසා තම හැසිරීම් රටාවට එක් කරගත් එක් වැදගත් අංගයක් ලෙස බෙදා හදා ගැනීමේ පුරුද්ද හැඳින්වේ. මෙය කණ්ඩායමේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට ඉවහල් වන හැසිරීම් රටාවකි. මේ සම්බන්ධව සිදු කල පර්යේෂණ වලදී අනාවරණය වී ඇති කරුණු වලට අනුව අන් අය සමඟ බෙදා ගැනීම ජනප්‍රිය වීමට හා තම ශාස්ත්‍රීය කටයුතු වල උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වන බව සොයා ගෙන ඇත.

දරුවාට මෙසේ ස්වාධීනව හා ස්වභාවික හැසිරීම් වලට අනුව ඉගෙන ගැනීමට ඉඩ සැලසීම සාධාරණ විවාදයක් වූවත්,ඒ සම්බන්ධයෙන් ගැටලු ඇතිවන අවස්ථා නැත්තේද නොවේ. දෙමාපියකු ලෙස ඔබ තම දරුවා වන කුඩා රුවිනි මිතුරියකගේ උපන්දින සාදයට ආරාධනය කර නොතිබීම හෝ සිඟිති පුතු රවීන් මිතුරන් සමඟ අඩ දබර කොට නිවස වෙත පැමිණීම දැක බලා ගැනීම උහුලා ගත හැකිද යන්න ප්‍රශ්න කල යුතු කරුණකි.

ඔබ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් නම් පමණක් කැලෑ නීතිය අනුව දරුවාට ජීවිතය හා සම්බන්ධ වැදගත් පාඩම් ඉගෙන ගැනීමට සැලසීම යහපත් වේ.
බෙදා ගන්නවුන් හා බෙදා නොගන්නා පිරිස ලෙස සමාජයක සැකැස්ම සෑදෙන්නේ දෙමාපියන් තම දරුවන්ගේ බලාපොරොත්තු වර්ධනය කරන ආකාරය අනුවයි. දරුවා කුමන සමාජයක් අනුව හැඩගැහෙනවාද යන්න ගනු ලබන අවසන් තීරණය දෙමාපියන් වන ඔබ සතු වේ.

ArticleBanner01

ළඳරුවන් හදා වඩා ගැනීමේදි සැලකිලිමත් විය යුතු දෙවල්

ළඳරුවාට කිරි පෙවීම, නිදි කරවීම, සැනසීම දෙමාපියන්ට තරමක අසීරු කාර්යයක් විය හැක.බොහෝ අයට ඔවුන් තම දරුවාව නරක් කරනවාදැයි ද හැඟීමක් දැනේ. තම දරුවන්ගේ අවශ්‍යතා නිසි ලෙස සපුරනවාද යන්න හරිහැරි තේරුම් ගැනීමට සමහර දෙමාපියන්ට නොහැකිය. ඔබත් මෙවැනි දෙමාපියකු නම් පහත සඳහන් උපදෙස් ඔබට ළඳරුවකු නිසි පරිදි හදා වඩා ගන්නා ආකාරය පිළිබඳ අදහසක් ගෙන දේ.

Wayne NJ, හි විලියම් පැටසන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා සහකාර ආචාර්ය කැරී මසියා වෝනර් ට ඇයගේ මාස 12ක් වයසැති පුතණුවන් ගේ අත්දැකීම් බෙදා ගනියි. ඇය පවසන ආකාරයට, ඕනෑම දෙමාපියකු තම ළඳරුවාගේ කිරිබීම, නින්දට යාම, නිදා ගැනීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි ලෙස විමසිලිමත් වන්නේ එහි අහිතකර රටාවන් දිගු කාලීනව දරුවාගේ ජීවිතය කෙරෙහි බලපෑ හැකි බැවිනි. තවද දෙමාපියන්ට තම ළඳරුවාව නරක් කිරීම අපහසු වූවත් නොදැනුවත්වම යම් අහිතකර පුරුදු තම බාල දරුවා තුල පුහුණු කල හොත් එය අනාගතයේදි බලපෑ හැකි බව ඇය පවසයි. පහත දැක්වෙන්නේ දෙමාපියන්ට තම ළඳරුවන් ව හදා වඩා ගැනීමේදි මුහුණ දීමට සිදුවන අභියෝගකාරි අවස්ථාවන් වලට කෙසේ මුහුණු දිය යුතුද යන්න දැක්වෙන ප්‍රවීණයන්ගේ අවවාද කිහිපයකි.

දරුවා හඬන විට මා කුමක් කල යුතුද?

පළමු මාස 3 හිදි, දිවා හෝ රාත්‍රී කාලයේදි දරුවා හඬන විට ඇයව වඩා ගන්න. මෙයින් ළඳරුවා තැති ගනියි යැයි ඔබ සිතුවත් දෙමාපියකු ලෙස ඔබ මුල් මාස 3 හිදි දරුවාගේ හැඟීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු වේ. මරියා කොන්වෙල් මේ පිලිබඳ වැඩි දුරටත් විශ්ලේෂනය කරයි. ඇය Children’s Hospital of Philadelphia Care Network හි ළමා වෛද්‍ය විශේෂඥවරිය ලෙස සේවය කරන්නීය.

ඇය පවසන අන්දමට අලුත උපන් ළඳරුවාට සුරක්ෂිත බවක් දැනිය යුතුයි. එම නිසා මුල් මාස කිහිපයේදි දරුවාට හැඬීමට ඉඩ දී ඔබේ රාජකාරිය වෙත අවධානය යොමු කිරීම සුදුසු නොවේ. ඔබ දරුවාගේ හැඬීමට ප්‍රතිචාර දැක්වීම ඔහුට/ඇයට ඔබ කෙරෙහි විශ්වාසයක් ගොඩ නැංවීමට ඉවහල් වේ. ඔබ ඊට ප්‍රතිචාර දැක්වීමට ගන්නා කාලය හා ආකාරය අනුව එය තීරණය වේ. මාරියා පවසන්නේ දරුවා මාස 3 පසු කල විට දෙමාපියන්ට දරුවා හැඬීමේදි ඇයටම සන්සුන් වන්නට ඉඩ දිය හැක. පසුව සාමාන්‍යයෙන් දෙමාපියන්ට දරුවාට තමා විසින්ම තම සනසන්නට අවස්ථාව ලබා දිය හැක. මාස 9 පිරෙන විට ළඳරුවා තම හඬන විට මව හෝ පියා ඊට ප්‍රතිචාර දක්වන බව හඳුනා ගනියි. නමුත් දෙමාපියන් මෙහිදි අවබෝධ කර ගත යුතු වැදගත් කරුණ නම් ළඳරුවා මෙසේ හඬන්නේ අවධානය දිනා ගැනීමටද එහෙමත් නැත්නම් උදව් ඉල්ලාද යන්නයි. අතින් සඥා කිරීමෙන් හා සෙමින් කතා කිරීමෙන් ඔබට දරුවාට ස්වාධීනව නිදා ගැනීම වැනි ස්වයං සනසා ගැනීමේ කරම ප්‍රගුණ කල හැකි වේ.

දරුවාව නලවා නිදි කරවීම.

පළමු මාස 3 හිදී, දරුවාට තමා විසින්ම තමාව සනසා ගත නොහැක. එම නිසා ඔබට දරුවාව නලවා නිදි කල හැක. නමුත් මාස 3-6ත් අතර කාලයේදි ඔබට මෙය අවම කල හැක. .Children’s Hospital of Philadelphia හි ප්‍රවීණ විශේෂඥ ජෝඩි මින්ඩෙල්ට අනුව දරුවාට නිදා ගැනීමේ හැකියාව පුරුදු කරවීම අනිවාර්ය වන අතර ඔහු/ඇය කෙමෙන් වැඩෙත්ම දෙමාපියන්ගේ උපකාරය නොමැතිව තනියෙන් නිදා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඇය වැඩි දුරටත් පවසන්නේ හැකි නම් මාස 3 කාලයේදි වුවද දෙමාපියන්ට මෙම හැකියාව දරුවන් තුල වර්ධනය කල හැකි බවයි. සමහරක් සති 6 වයසැති කුඩා බිළිඳන්  ජංගම දුරකතනයක් හෝ කිසියම් සෙල්ලම් බඩුවක් දෙස බලා තනිව නින්දට වැටෙනවා මා දැක ඇත.

දරුවාට සුප්පුව පුරුදු කරවීම.

The American Acadmey of Pediatrics සඳහන් කරන ආකාරයට, ඔබේ බිළිඳා වයස මාසය සම්පූර්ණ කරන විට ඔබ රාත්‍රීයේදි සුප්පුවට හුරු කරවීමෙන් Sudden Infant Death Syndrome (SIDS) ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි වේ. නමුත් මෙහිදී දරුවා හඬන සෑම අවස්ථාවකදීම ඔබ සූප්පුව කටේ ගැසිය යුතුයි යන්න අදහස් නොවේ. Gesell Institute of Child Development හි සහකාර අධ්‍යක්ෂ මාර්සි ගුඩෙමි ට අනුව මෙවන් අවස්ථාවන්හිදී දෙමාපියන් තම ලඳරුවාගේ මූලික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. දරුවා බඩගින්නෙන් හඬන්නේ නම් ඇයට ඔබ කිරි පෙවිය යුතුයි. බිළිඳා මාස 9 පිරෙන විට, බොහෝ දෙමාපියන් දරුවාට ස්වයං සැනසීමේ ක්‍රම භාවිතා කරන්නට ඉඩ ලබා දේ.

දරුවාට ඇයගේ/ඔහුගේ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.

දරුවන් තමා අසල ඇති දෑ ග්‍රහණය කරන්නට ඉමහත් කුතුහලයක් දක්වයි. වෛද්‍ය ගුඩෙමි ට අනුව දෙමාපියන් තම දරුවාට අසල් ඇති භාණ්ඩ ගවේශනය කරන්නට ඉඩ ලබා දිය යුතුයි. එම නිසා දෙමාපියන් තම දරුවන් ගැවසෙන පරිසරයේ ඇති භාණ්ඩ වල සුරක්ෂිතභාවය පිළිබඳ විමසිලිමත් විය යුතුය. උදාහරණයක් හැටියට දුරස්ථ පාලකයේ බැටරිය ගලවා දරුවාට එයත් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දීම එතරම් බුද්ධිමත් දෙයක් නොවන නමුත් හැකි පමණ ඔබ සතු, දරුවන්ට ආරක්ෂාවක් ගෙන දෙන භාණ්ඩ ගවේශනය කිරීම්ට අවස්ථාව ලබා දෙන්න.

කටින් හැපිය හැකි ප්‍රමාණයේ කෑම ජාති දරුවාට ලබා දෙන්න.

සාමන්‍යයෙන් වැඩිහිටියකු කිසියම් දෙයක් කන විට එය දරුවන්ටත් අවශ්‍ය වේ. ඇය/ඔහු හඬා වැලපෙන්නේ දරුවාටත් එම ආහාරය ඕනෑ කරන බැවිනි. සෞඛ්‍යයට හිතකර කෑම ජාති, කුඩා ප්‍රමාණයෙන් දරුවාට ලබා දීමේ වරදක් නැත. ඔබට පොත්ත ඉවත් කරන ලද පලතුරු හෝ යෝගට් ලබා දිය හැක. නමුත් ඔබ ගන්නා ආහාර අධික සීනි හා තෙල් සහිත ආහාරයක් නම්, ඔබට වෙන යම් දෙයක් දරුවාට ලබා දිය හැක. වෛද්‍ය මසියා වෝනර් පවසන ආකාරයට මෙම කාලය දරුවාගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා සුදුසු කාලයයි. දෙමාපියන්ට දරුවා හඬා අවසන් වන තෙක් බලා හිඳ තමා අතේ ඇති ආහාරය නම් කරන ලෙස පැවසිය හැක.

විශාල වෙනසක් ඇති කල හැකි ඇති කුඩා පාඩම්

මීට දින කිහිපයකට ඉහතදී මම සුපිරු වෙළඳ සැලක මවක් හා ඇයගේ පුතණුවකු ගේ හැසිරීම දෙස බලා සිටියෙමි. මා එහි දුටුවේ අයිස්ක්‍රීම් එකක් ඉල්ලා කෑමොර දෙන දරුවකුයි. නමුත් පුතාට හෙම්බිරිස්සාව ඇති නිසා අයිස්ක්‍රීම් මිලදී ගැනීම මව ප්‍රතික්ෂේප කල අතර කුඩා දරුවාගේ හඬා වැලපීම සුපිරි වෙලඳ සැලේ කාගෙත් අවධානයට ලක්වූ සිදුවීමක් විය.

දෙමාපියන් ලෙස ඔබත් මෙම සිදුවීම අත්විඳින්නට ඇත. සුපිරි වෙලඳ සැලේ පමණක් නොව නිවසේදි කාර්යාලයේදි හා මිතුරෙකුගේ නිවසේදි දරුවන් මෙසේ කලහකාරි ලෙස හැසිරීම ඔබව අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත් කරනු ඇත.

මෙහි ඊලඟ වැදගත් ප්‍රශ්නය නම් ඔබ මෙවැනි තත්ත්වයන්හිදි ප්‍රතිකියා කරන්නේ කෙසේද යන්නයි? ඔබ දරුවාගේ ඉල්ලීමට කෙසේ හෝ එකඟ වන්නේ නම් එයින් සිදුවන්නේ මින් ඉදිරියටත් ඔහු/ඇය යමක් ඉල්ලා මෙසේ පිරිසක් ඉදිරියේ කෑ කෝ ගැසීමයි. වැඩිහිටියන් හා දරුවන් පමණක් නොව සතුන්ද ඔවුන්ට දීමනාවක් ලැබෙන්නේ නම් එකම ක්‍රියාකාරකම නැවත නැවතත් සිදු කරයි.
එම නිසා ඊලඟ වතාවේදි දරුවා කිසියම් දෙයක් ඉල්ලා කෑ මොර දෙන විට, දරුවන් අපේක්ෂා කරන අවධානය ඊට යොමු නොකරන්න. ඔහුට/ඇයට අවශ්‍ය දේ ලබා දීමට එකඟ වීමෙන් වලකින්න.

දෙමාපියකු ලෙස ඔබ මෙවැනි අවස්ථා වල අසරණ වූ විට, ඔබ සමහර විට දරුවාට දඬුවම් කරන්නටත්, පිටට පහරක් දෙන්නටත්, කණ ඇදීමටත්, කොනිත්තන්නටත්, තදින් අතින් දරුවාව අල්ලා ඔහුව/ඇයව පැත්තකින් සිටීමට සැලැස්වීම හෝ කිසිදු අවධානයක් යොමු නොකර තම වැඩ කටට්යුතු වල නිරත වීම සිදු කරන්නට පුලුවන. (සාමාන්‍යයෙන් සිදුවන ප්‍රතික්‍රියා) ඔබට කල හැකි තවත් දෙයක් වන්නේ දරුවාගේ ඇස් දෙක දෙස බලා, “කරුණාකරල, නරක ළමයෙක් වගේ හැසිරෙන්න එපා, ගෙදර යනකං හොඳ බබා වගේ ඉන්න. ගෙදරදී මං ඔයාට මොනා හරි හදල දෙන්නම්” යනුවෙන්  අවවාද කල හැකිය. එසේත් නැත්නම් දරුවා තමාව පාලනය කර ගතහොත්, හෙම්බිරිස්සාවෙන් සුවය ලැබූ පසු ඇයට/ඔහුට අයිස්ක්‍රීම් එකක් වෙනුවට දෙකක් ලබා දෙන බව මවට පොරොන්දු විය හැකිය. නමුත් මෙහිදී දෙමාපියන් ඔවුන් භාර වූ පොරොන්දුව ඉටු කල යුතුය. එම මොහොතින් ගැලවීම සඳහා ඔබ බොරු පොරොන්දුවක් දරුවාට ලබා දුන්නේ නම් දරුවා හා මව/පියා අතර ඇති විශ්වාසය කඩ විය හැක.

දෙවන විසඳුමේදි මව/පියා දරුවාට ලබා දෙන පොරොන්දුව සාර්ථක වීමට ඉඩ ඇත. මන්ද උසස් දීමනාවක් ලබා ගැනීමට තමාගේ කෙටි ආශාවන් පාලනය කර ගැනීමයි. මෙය දිගු කාලීනව යහපත් වන්නේ ඇයි?

ඩැනියෙක් ගෝල්මන් ගේ ප්‍රසිද්ධ පොතක් වන Emotional Intelligence ට අනුව 1960 ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍යවරයෙකු වන වෝල්ටර් මිශෙල් විසින් පෙරපාසලක පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙහි ස්ටැන්ෆඩ් පීඨයේ උපාධිදාරීන් හා අනෙකුත් සේවකයින්ගේ දර්වන් ව අධ්‍යයනය කරන ලදී. අවුරුදු හතරේ සිට පාසලේ උසස් පෙල සමත් වන තෙක් ඉගෙන ගත් මෙම දරුවන්ව සමීක්ෂණයට භාජනය වූ අතර මෙහිදී එම දරුවන් කාමරයක රඳවා ඔවුන් ඉදිරියේ මාශ්මැලෝවක් තබන ලදී. එය නොකා විනාඩි කිහිපයක් සිටියහොත් දීමනාවක් ලෙස දෙවන මාශ්මැලෝවක් ලබා දෙන බව දරුවන්ට පොරොන්දුවක් ලබා දී ඇත. මෙම පරීක්ෂණයෙන් තම දීමනාව ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටි දරුවන් ගේ මානසික ඒකාග්‍රතාව මෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව ඉහල බව ඔප්පු වී ඇත. ඔවුන්ගේ උසස් පෙල SAT ලකුණු ද ඉහල අගයක තිබුණි. දරුවන්ගෙන් තුනෙන් එකක් ඒ විගසම තමා ඉදිරියේ තිබූ මාශ්මැලෝව කෑ අතර ඔවුන්ගේ සාමාන්‍ය ලකුණු 524-528 අතර තිබිණි. දෙවන මාශ්මැලෝව ලැබෙන තෙක් මද වේලාවක් බලා සිටි දරුවන්ගේ සාමාන්‍ය ලකුණු 610-652ත් අතර තිබිණි. මෙහිදි දෙපිරිස අතර සාමාන්‍ය ලකුණු වල 210 වෙනසක් දක්නට ලැබිණි. අවසාන වශෙයන් අපට මෙම පරීක්ෂණයෙක් නිගමනය කල හැක්කේ පසු කාලීන දීමනා සඳහා වර්තමානයේ තම හැඟීම් පාලනය කිරීම මිනිසාගේ බුද්ධිය වර්ධනය කරන බවයි. දරුවාට කුඩා කාලයේදි තම හැඟීම් පාලනය කරගැනීමේ අපහසුතා ඇත්නම් එය අනාගතයේදි අහිතකර ලෙස බලපෑ හැකි බව සලකන්න.

දරුවාගේ ළමා අවධියේද ඔහු/ඇය තුල දක්නට ලැබෙන කුඩා දේවල් පසු කාලයේදි ජීවිතයට අත්‍යවශ්‍ය සමාජ හා මානසික ගුණාංග ලෙස ප්‍රගුණ වේ. පසුකාලීන දීමනා හා ප්‍රතිලාභ වෙනුවන් වර්තමානයේ වෙහෙස මහන්සි වී වැඩ කල යුතුයි යන කුඩා කාලයේදි ඔබ උගත් පාඩම අනාගතයේදි ඔබට නිසි ආහාර පාලනයක් අනුගමනය කිරීමටත් , උපාධිය ලබා ගැනීමටත් පොළඹවයි.

දෙමාපියන් ලෙස ඔබේ දරුවා කුමන කාණ්ඩයේ සිටිය යුතු දැයි තීරණය කල යුතුය. සමහර ගුණාංග උපතින්ම දරුවන්ට නොපිහිටන තර ඒවා ඔවුන් තුල ප්‍රගුණ කිරීම සඳහා අපි දරුවන්ව පුහුණු කල යුතුයි. මෙය සෙල්ලම් බඩු හෝ අයිස්ක්‍රීම් ඉල්ලා කෑ මොරෙ දෙන දරුවන්ට පමණක් නොව තම ප්‍රියතම කාටුන් සමඟ හෝ කෑම සමඟ සුන්දර ළමා කාලයක් ගෙවන සියලුම දරුවන් සඳහා අදාල වේ. අප දරුවන්ව කුඩා කාලයේ සිට යම් කර්තව්‍යයක් සාර්ථක ලෙස නිමා කිරීමට පුහුණු කල යුතුයි.

ඔබත් මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් අවස්ථාවක ඉහත ක්‍රමය අත් හදා බලන්න. දරුවාගේ ඉල්ලීම් වලට එකඟ වනවා වෙනුවට මෙවැනි බුද්ධිමත් ක්‍රම අනුගමනය කිරීමෙන් දරුවා තුල යහපත් ගුණාංග ප්‍රගුණ වන අතර එය ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාද උපකාරි වේ.

බිළිඳන් කතා කරන්නට ආරම්භ කරන්නේ කෙසේද?

දෙමාපියන් ලෙස ඔබ තම දරුවාගේ මුවින් “අම්මා” හෝ “තාත්තා” යන වදන් පෙල ඇසීමට නොඉවසිල්ලකින් පසුවෙයි. ඔබ එම මොහොතෙ එනතෙක් බලා සිටින්නේ නම්, දරුවාගේ භාෂා හැකියාවන් වර්ධනය වන කාලය මෙන්ම ඔවුන් කතා බහ කිරීමට පටන් ගන්නා අවධිය පිළිබඳ අවබෝධයකින් සිටීම වැදගත් වේ. දරුවා වචන ගලපමින්, විවිධ ශබ්ධ නගමින් කතා බහ කිරීම ප්‍රගුණ කරන තීරණාත්මක අවධිය පිලිබඳ ඔබ දැනුවත්ව සිටීම අනිවාර්ය වේ.

බිළිදෙකුගේ  එකම සන්නිවේදන මාර්ගය හඬා වැලපීමයි. එය ගෝෂාකාරි විය හැකි අතර හැඬීමට හේතුව විවිධාකර විය හැකිය. කෙසේ නමුත්,බිළිඳන් භාෂා හැකියාවන් වර්ධනයේ ඉක්මන් පිම්මක් පනියි. කෙමන් කෙමෙන් හඬා වැලපුනු දරුවා තම අදහස් වචන වලින් ප්‍රකාශ කිරීමට වෙර දරයි. Play on Words හි නිර්මාතෘ ශෙරි ආර්ට්මෙන්කෝ වෘත්තියෙන් භාෂා හා කථන අපහසුතා සම්බන්ධ රෝග විනිශ්චවරයකි. ඇය පවසන ආකාරයට දරුවා විවිධ ශබ්ධ අත්හදා බලා, ඇහුම්කන් දීමෙන් හා විවිධ ප්‍රතිචාර මනාව අධ්‍යයනය කිරීමෙන් සමාජ සම්බධතා වර්ධනය කිරීමට උත්සාහ ගැනීමේදි, දරුවා පසු කරන පලමු ඉලක්කය වන්නේ සන්නිවේදනයේ ආරම්භය වන වචන මුමුණන අවධියයි. දරුවා ඇවිදීමට පෙර බඩ ගාන්නට පුරුදු වෙයි. මෙලෙසම දරුවා කතා බස් කිරීමට පෙර වචන මුමුණන්නට පුරුදු වේ.

භාෂා, සමාජ හා ඥානාත්මක යන කථන වර්ධනයේ විවිධ පැතිකඩවල්.

දරුවා ජීවිතයේ වැදගත් ඉලක්කයක් වන කථන හැකියාව ප්‍රගුණ කිරීමේදි, ඔහු/ඇය ක්‍රමක්‍රමයෙන් තම භාෂා හැකියාවන්ද ප්‍රදර්ශනය කිරීමට පටන් ගනියි. බොහෝ වේලාවට ඇය මේසේ මුමුණන වචන ඔබට තේරුම් ගැනීමට අපහසු වූවත් මෙම අවධිය දරුවාට විවිධ වචන ගැලපීම සඳහා මහත් සේ උපකාරි වේ. ඇයගේ මෙම වචන මිමිණීම හා යමක් කීමට පෙර මොහොතක් කල්පනා කිරීම දරුවාගේ ඥානාත්මක වර්ධනය පිළිවඳ යම් අදහසක් ගැනීමට උදව් වේ. (උදා : එකම ශබ්ධ කිහිප වතාවක් පිට කිරීම, වටාපිටාවේ ඇති දේ අධ්‍යයනය කොට අත් සඥා වලින් හෝ ශබ්ධ වලින් තම අවශ්‍යතා ප්‍රකාශ කිරීමට වෙර දැරීම)
ඔබගේ දරුවා වචනයක් පිට කිරීමට පෙර, මිනිසුන් තම ශබ්ධ වලට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අවට සමාජයේ භාෂා නීති ඉගෙන ගනියි. කුඩා දරුවන් භාෂා හැකියාවන් වර්ධනය කිරීමෙහිලා ඉමහත් උනන්දුවක් දක්වයි. ඔවුන්ගේ මෙම වර්ධනය, තමා සමඟ සන්නිවේදනය කරන පිරිස මත තීරණය වේ.

දරුවන් කතා කිරීමට පටන් ගැනීම.

ආර්ට්මෙන්කෝ මහත්මියට අනුව දරුවාගේ වාචික යාන්ත්‍රණය වර්ධනය වූ පසු, ඇයගේ භාෂා හැකියාවන් විවිධ අවධි ඔස්සේ තම පරිසරයට අනුකූලව වර්ධනය වේ. ඇමරිකාවේ  Speech-Language-Hearing Association හි අධිපති ඩියෑන් පෝල් (PhD) ට අනුව බිළිඳුන් මාස 2-3 කාලයේ සිට ගූ, පූ යන ශබ්ධ වලට ශාරිරිකව ප්‍රතිචාර දක්වන අතර දරුවාගේ 4 වන මාසයේ සිට ඔහු/ඇය වචන හා ශබ්ධ මුමුණන්නට පටන් ගනියි. මිමිණීමේ පළමු අවධියේදි, දරුවා සාමාන්‍යයෙන් “බ, ප හා ම” යන ශබ්ධ පිට කිරීමට පටන් ගනියි. මෙම ශබ්ධ තොල් එක් කර පිට කිරීමට පහසු වීම ඊට හේතුවයි. එම නිසා මාස 4 සිට බිළිඳාගේ මුවින් නිතරම “ම..මා..බ..බා හෝ පාපා” ලෙස ශබ්ධ පිටවනවා ඇසෙන්නට පුළුවන.

දරුවාගේ භාෂණ හැකියාවන් වර්ධනයෙහි ලා දෙමාපියකු ලෙස ඔබට උපකාරි විය හැක්කේ කෙසේද?

දරුවාගේ කථන හා භාෂා හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඔබට කල හැකි දේවල් කිහිපයක් පහත දැක්වේ.

-දරුවා සමඟ කතා බස් කර ඇයව/ඔහුව ඔබගේ සාකච්ඡාවට හවුල් කර ගන්න.

-මදක් නතර කර දරුවාට ඔබ පැවසූ දේ තේරුම් ගැනීමට ඉඩ දෙන්න. යම් මොහොතකට පසු දරුවා වචන ගලපමින් ඊට ප්‍රතිචාර දක්වනු ලැබේ.

-විවිධ ශබ්ධ හා ස්වර නගමින් සන්නිවේදනයේ යෙදෙන්න. මෙමඟින් දරුවා කණට හුරු නොවූ අලුත් ශබ්ධ නැගීමට පුරුදු වෙයි.

-පරිසරය ආශ්‍රය කරගෙන දරුවාට විවිධ ශබ්ධ නැගීමට පුරුදු කරවන්න. ඇ‍ය වටපිට බලා “බා බා මමා” යැයි පැවසූ විට ඔබ ” බබාට වතුර බෝතලේ ඕනේද? වතුර බෝතලේ කොහෙද?” යනුවෙන් පැවසිය හැකිය.

සමීක්ෂණයකට අනුව බිළිඳා සමඟ ඔබ භාවිතා කරන වචන ප්‍රමාණය ඇයගේ භාෂා හැකියාවන්වල වර්ධනය කෙරෙහි මහත් ලෙස බලපාන බව ආර්ට්මෙන්කෝ මහත්මියගේ මතයයි. එම නිසා දරුවා සමඟ නිතරම අත් සඥා හා වචන මඟින් සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්න.

දරුවාගේ ප්‍රතිචාර කෙරෙහි මනා අවධානයකින් පසුවන්න.

සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස්වන අතර ඔවුන්ගේ භාෂා හැකියාවන්වල වර්ධනයේද වෙනස්කම් දක්නට ලැබේ. ඔබගේ දරුවා කථන හැකියාවන් ප්‍රගුණ කර ඔබ සමඟ කතා බහේ නියැලෙන තෙක් ඔබට කිසිසේත් වද විය යුතු නැත. කෙසේ නමුත් දරුවාගේ භාෂා වර්ධනය යම් මොහොතක නැවතුණි නම් හෝ ඇය මාස 15 වන තෙක් කිසිදු ශබ්ධයක් හෝ වචන මිමිණීමක් නොකරන්නේ නම් ඔබට කථන-භාෂා අපහසුතා සම්බන්ධ විනිශ්චයවරයෙකු හෝ ළමා සෞඛ්‍යය සම්බන්ධ වෛද්‍යවරියක් මුණ ගැසිය යුතුය. කථන හා භාෂා අපහසුතා කල්තියාම හඳුනා ගෙන ඊට නිසි ප්‍රතිකාර ලබා ගැනීම දරුවාගේ අනාගතය සඳහා උපකාරි වේ.

ප්‍රීතිමත් මව්වරු නිතර කරන දේවල් 12ක්

ආදරය සහ ප්‍රීතිය ගලා යාමට ඉඩ හරින ශුභවාදී මව්වරු ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවද? ප්‍රීතිමත් මවක් වීමට අවශ්‍ය රීතිය ඔබ දන්නේ නම් සෑම මවකටම ප්‍රීතිමත් මවක් විය හැකියි.සමහර පුරුදු වෙනස් කර ගැනීමෙන් මව් වරුන් උද්යෝගිමත්ව තබා ගත හැකි අතර එය නිවසේ ආදරය සහ ප්‍රබෝදය රඳවා තබා ගනී. “හැකි විටදී අත්පත් කරගන්න” යන්න මාපිය කටයුතු භුක්ති විඳිමින් ප්‍රීතිමත් මවක් වීමට ජැනිස් ජොප්ලින් විසින් මාපිය කටයුතු සඳහා දෙන අවවාදයකි.මව්වරුන්ගේ ප්‍රීතිමත් අවස්ථා රැක ගැනීම සඳහා සමහර පුරුදු වෙනස් කර ගැනීමට දිය හැකි උපදෙස් සමරක් පහත දැක්වේ.

1. සිතේ ස්වභාවය නැවත පණ ගන්වාගන්න – නිවසින් ටිකක් පිටවී සිටින්න.

සොබා දහම සිතේ ස්වභාවය වැඩි කරගැනීමට බොහෝ සෙයින් උපකාර වේ.නිවසින් එළියට පැමිණීමෙන් නැවුම් වාතය ලබා ගත හැකි අතර හිරු එලිය මගින් මවගේ සිතේ ස්වභාවය නැවත් පණ ගන්වා ගත හැක.ක්‍රීඩා පිටියේ හෝ ගෙවත්තේ ඇවිදීම මගින් නැවුම් වාතාශ්‍රය ලබා ගත හැක.

2.උදව් ලබා ගැනීමට පසුබට නොවන්න.
පීඩනයෙන් පෙලෙන හෝ ප්‍රාණත්‍යක්තයෙන් පසුවන මව්වරුන්ට සති අන්තය තම ස්වාමි පුරුෂයා සමග සතුටින් සහ ප්‍රබෝදයෙන් ගත කල නොහැක.රාත්‍රී චිත්‍ර පටියක් බැලීමට හෝ සති අන්තයේ නගරයෙන් පිට ගත කිරීමට උදව් ඉල්ල සිටීමට ප්‍රීතිමත් මව්වරු කිසි විටෙක නොපැකිළෙති.ඔවුන් කාරුණික වූ තරමට පවුලේ උදවිය සහ මිතුරු මිතුරියන් ඔවුනට උඩව් කිරීමට කිසි විටෙකත් පසු බට නොවෙති.

3.සෞඛ්‍යට හිතක ආහාර ගන්න. සැපවත් නින්දක් ලබා ගන්න.ප්‍රීතියෙන් ගත කරන්න.
හොඳ නින්දක් නොලැබීම කුඩා දරුවන් ඇති අම්මලාට තිබෙන පොදු සිද්ධියකි. මෙම ඇහිරුණු නින්ද නැවත ලබා ගැනීමට සුදුසු පිළියමක් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමත් සමගම සොයා ගත යුතුව ඇත. ඉතුරු වූ පොප් ටාර්ට් විකීම හෝ දිනකට කෝපි කෝප්ප තුනක් බීම වෙනුවට කෙසෙල් ගෙඩියක් හෝ ඕට් වලින් සාදන ලද ආහරයක් ගැනීම මගින් විශාල වෙනසක් ඇති කල හැක.

4.නිවාඩු දිනයන් විනෝදයෙන් ගත කිරීමට සැලසුම් කර ගන්න.
දින චර්යාවේ වෙනසක් ඇතිකරගැනීම සහ වෙහෙස නිවා ගැනීම මව් වරුන්ට ඉතා වැදගත් වේ. ජැනිස් ජොප්ලින් පවසන පරිදි මහන්සි වී වැඩ කරන බොහෝ මව්වරු නිවාඩු ගත කිරීම පිණිස කාලය සහ මුදල් උපයා ගැනීමට සැබවින්ම අධිකව මහන්සිවී වැඩ කරන බවයි. අනතුරු ඇඟවීම්,කාල වකවානු නියම කිරීම්,ගෙදර වැඩ අමතක කර ඒ වෙනුවට ඉර බැසීම්,වැලි මාලිගා තැනීම්,කාඩ් ක්‍රීඩා සහ විනෝද උත්සව සඳහා යෙදවීම ආදරය සහ ප්‍රීතිය ලබා ගැනීමට උපකාරී වේ.

5. හුදකලාව භුක්ති විඳින්න.
නිස්කලංකව සඟරාවක් කියවීමට හෝ දිගු වේලාවක් සැනසිල්ලේ නා ගැනීමට කාලය වෙන්කර ගැනීම ඉතා අත්‍යාවශ්‍ය දෙයකි.

6.සබැඳියාව පෝෂණය කරගන්න.
කෙතරම් ආදර මිහිරි වචනවලින් ඔහුව ඇමතුවත් එය ඇත්ත වශයෙන්ම දෙදෙනා අතර ඇති තරම් ස්නේහයක් ඇතිකරනවාද යන්න ගැන සිතුවාද?ඔබගේ සබැඳියාව පෝෂණය කර ගත් තරමට එය ඔබේ සහ ඔබේ සහකරුගේ මුහුනේ ප්‍රිය උපදවන සිනා රැල්ලක් මතු වනු ඇති බවට අනුමානයි.

7.ඔබේ අසල් වැසියාට කාරුණික වන්න.
අනුන්ට උදව් උපකාර කිරීම කර්ම නැමැති බැන්කුවේ තැන්පතුවක් කලා මෙන්ය.එය වැඩිහිටි අසල්වැසියකු හෝ මිතුරෙකු වාහනයක නග්ගවාගෙන යෑම හෝ අලුත උපන් දරුවකු ඇති පවුලකට කෑමක් පිළියෙල කර දීම වැන්නක් විය හැක.

8.ඔබ සතු දෙයට ඇලුම් කරන්න.
එය නිවසක්,වාහනයක්,දරුවන්, හෝ කුමන දෙයක් වුවද ඒවා ලස්සනම,කඩිසරම,පිරිසිඩුම, හෝ නවීනතම විය යුතු නැත.තරඟය හෝ සැසඳීම මව්වරුන්ගේ සතුට අඩාල කිරීමට හේතු වේ.89 වර්ශය කාලතුල ජීවත් වූ ප්‍රසිද්ධ දාර්ශනිකයකු පවසා සිටියේ සෑහීමට හෝ තෘප්තියට පත්වීම ධනවත්ව සිටීමට වඩා උසස් බවය.

9.ඔබගේ දරුවන්ට එකසේ වෙලාවක් මිඩංගු කරගන්න.
ඔබේ ආදරය සහ අවධානය දරුවන් අතරේ බෙදා ගැනීම ඉතා දුෂ්කර කාර්යකි.ඇහිඳීමෙන් හා තෝරාගැනීමෙන් කරන උපාය මාර්ග වලින් දරුවන් සමග සමාන වේලාවක් ගත කිරීම තුලින් වඩා ආස්වාදයක් ලබා ගත හැක.වංචා කිරීම්,බාධා කිරීම් හෝ එදිරිවාදිකම් නැතිව ඔබේ දරුවන්ද ප්‍රීති විය යුතුයි.

10.අනාගතය දෙස බලන්න.
කුමන කාල පරිච්ඡෙදයක් පසු කලත් එම කාලය ඉක්මනින් ගෙවී යන බව මව්වරුන් මතක තබා ගත යුතුයි. දුෂ්කර අවස්ථාවන් වලට මුහුණ දී එය සදහටම නොපවතී යයි සිතුවද එම කාලය ඉක්මනින් ගෙවී යනවා සේම ලස්සන කෙටි සායකින් හෝ ඇලෙන සුලු හාද්දකින් ප්‍රීතිමත් වීමේ කාලයද ඉක්මනින් ගෙවී යයි.

11. අමතක කිරීම සහ සමාව දීම
ආදර්ශමත් මව්පියෙකු වීමට අකමැති වන්නේ කව්ද? එහෙත් කෝපයට පත්වීම,දරුවන්ට ‘අල්ලස්’ දීම සහ අස්ථිරභාවයෙන් සිටීම, අවාසනාවකට මව්වරුන්ට එක්තරා අන්දමක දඬුවමක ප්‍රතිඵලයක් ලෙස පැමිණිය හැක.ප්‍රීතිමත් මව්වරු සැම විටම මතක තබා ගත යුතු කරුණක් නම් හොඳම මව්වරුන්ටත් නරක කාලයක් ඇති නමුත් ඔවුන් ඒවාට සාර්ථකව මුහුණ බවයි.එබැවින් මෙය පහසු කර ගැනීමට අමතක කිරීම සහ සමාව දීම යන සංකල්පය පිළිපදිමු.

12. ළමුන් සමග සිනාසෙන්න.සතුටුවන්න.
සිනහවෙන් සිටින අම්මලා දැකීමට දරුවන් ඉතා කැමතිය.දරුවන් සමග සිනාසීම ප්‍රීතිමත් මවක් වීමේ එක් රහසකි.

පිය පුතු සම්බන්ධතාවය

පුතෙකුට හොඳ පියකු වීම ඔබට පොතක් පතක් හෝ මෙවන් ලිපියක් කියවීමෙන් ඉගෙන ගත හැකි දෙයක් නොවේ. හොඳ පියකු යනු දරුවාට නිසි ලෙස වඩා ගැනීමට ඉගෙන ගැනීම හෝ පැම්පස් මාරු කර දරුවාව පිරිසිදු කරන කර්තව්‍යයට වඩා ගැඹුරු වගකීමකි. තම පවුලේ ආරක්ෂකයාගේ චරිතය මැනවින් ඉටු කිරීම හොඳ පියකු වීමේ පළමු පියවර ලෙස හැඳින්විය හැක. ඔබේ දරුවාට මූලික වශයෙන් අවශ්‍ය කරන්නේ ඔබේ ආදරය හා රැකවරණයයි. ඔබත් ඔබේ බිරිඳටත් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යා හැකි නම්, හොඳ පියකු වීමේ කර්තව්‍යයෙන් 50% දැනටමත් ඉටු වී ඇත.

මාගේ පුතණුවන්ට මෙම වසරේදි අවුරුදු 8 සපිරේ. ඒත් ඔහුව මා තුරුලට ගත් දා මට අද වගේ මතකයි. කාලය කෙමෙන් කෙමෙන් මා ලඟින් ගෙවී ගොස් ඇතත්, මගේ ලෝකය වටා අනේක දෑ වෙනස් වී ඇතත්, මට තාම හැඟෙන්නේ මගේ පුතා මාගේ ඇස් ගැටුණු ඒ සුන්දර දිනය මීට වසර දෙක තුනකට කලින් සිදුවූ මොහොතක් ලෙසය.

ඔබ දරුවාත් සමඟ ගත කරන කාලය ඉක්මණින් ගෙවී යයි.එම නිසා එම කාලය අතර තුර ඔබ දරුවා සමඟ ගත කල හැකි අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. සෑම සති අන්තයකම, අවම වශයෙන් පැය හතරක් වත් ඔබගේ පුතා සමඟ ගත කරන්න. එකට එකතු වී චිත්‍රපටයක් නරඹන්නට මාසෙකට එක් වතාවක්වත් උත්සාහ ගන්න. දීර්ඝ නිවාඩුවක් ලැබුණු විට එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. අවුරුදු, වෙසක් හෝ නත්තල් සමයේ නිවාඩුව, චාරිකාවක් සඳහා හෝ ආච්චි සියා ගේ නිවෙස කරා යාමට යොදා ගන්න.

මා දිනපතා මගේ පුතාව පාසල වෙත ඇරලවමි. එය මට මහත් සතුටක් ගෙන දේ. මෙම වටිනා අවස්ථාව ඔබ ටැක්සි හෝ පාසල් වෑන් රථ රියදුරෙකුට ලබා දී දරුවාත් සමඟ එකට ගත කල හැකි සුන්දර මොහොත අහිමි වන්නට ඉඩ නොතබන්න.

ඔබේ රැකියාවේ කුමන තනතුරක් දරනවාද යන්න දරුවාට වැදගත් නැත.  ඔබ ක්ෂේත්‍රයේ දිනා ගෙන ඇති ගෞරව නාම හෝ කුසලාන ද දරුවාට වැදගත් නැත. ඔවුන්ට වඩාත් උවමනා කරන්නේ තමා සමඟ දෙමාපියන් ගත කරන කාලයයි. දරුවන් දෙමාපියන්ගෙන් ආදරය, රැකවරණය හා ඔවුන් සමඟ කෙලි සෙල්ලමේ යෙදෙන්නට අපේක්ෂා කරයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පියා සමඟ විනෝදජනක කාලයක් ගත් කිරීමටයි.

මා සාමාන්‍යයෙන් රාත්‍රිය වන තෙක් රැකියාවේ වැඩ කටයුතු වල නිරත වන අතර එක් දිනක් ප.ව 9:30 ට පමණ මා කාර්යාලයේ සිටියදී මගේ බෑගයේ තිබී කඩදාසි කෑල්ලක් හමුවුණි. එහි මගේ පුතාගේ අත් අකුරින් මෙසේ ලියා තිබිණි. ” තාත්තා, කොහොමහරි අද අටට කලින් ගෙදර එන්න. තාත්තා කලින් ගෙදර එනකොට නංගි තාත්තා…තාත්තා..කියල කියයි.” එම මොහොත මට කිසිවිටෙකත් අමතක කල නොහැක.එතැන් පටන් මම රාත්‍රී 9 වන තෙක් කාර්යාලයේ රාජකාරි වල නිරත වීම දවස් දෙකකට පමණක් සීමා කොට අඩුම තරමේ 6:30 ට වත් නිවස බලා යාමට අදිටන් කර ගත්තෙමි. මේ මඟින් මා හට දරුවන් නින්දට යාමට පෙර පැය දෙකක්වත් ඔවුන් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව උදා වේ. ඔබ නිවසේ නැති විට, දරුවා ඔබේ අවධානය දිනා ගැනීමට නොයෙකුත් දේ කරයි. ඔහුට අවශ්‍ය කරන්නේ ඔබත් සමඟ කාලය ගත කිරීමට හා ඔබ ඇසුරේ සිටීමට බව සෑමවිටම මතක තබා ගන්න. ඔවුන් අසනීප වූ අවස්ථාවල ඔබ කලින් ගෙදර ඇවිත් ඔවුන්ට වෛද්‍යවරයකු වෙත රැගෙන යන බව දරුවන් හොඳින් දනියි. මේ නිසා සමහර අවස්ථාවල පියාගේ අවධානය දිනා ගැනීමට උවමනාවෙන්ම තමාට අසනීප බව හඟවන්නට දරුවන් තැත් කරයි. ඔබ ඔවුන් සමඟ නොසිටින දිනයන්හි, ආවේගශීලි ලෙස හැසිරෙමින් ඔබේ අවධානය දිනා ගැනීමට උත්සාහ ගනියි. ඔවුන් එසේ කරන්නේ, මව එයින් කෝපයට පත් ව පියා වෙත තමාගේ නොමනා හැසිරීම පිළිබඳ පැමිණිලි කරන බව හොඳින් දන්නා බැවිනි. එම නිසා තාත්තාගේ අවධානය දිනා ගැනීමේ හොඳම ක්‍රමය නම් ඔහු නිවසේ නොසිටින අවස්ථාවල ආවේගශීලි වීමේ උපක්‍රමය බව දරුවන් හොඳින් දනියි.

ඔබ දරුවා සමඟ ගත කරන සෑම මොහොතක්ම ඔවුන්ගේ පෞර්ෂ වර්ධනය සඳහා ඉමහත් රුකුලක් වේ. ඔබ ඔවුන්ට නින්දට යාමට පෙර කියන සෑම කතන්දරයක්ම, සෑම සමීප තුරුලක්ම, අවවාද කරන, කඳුලු පිසදාන, අසරණ අයට පිහිට වන සෑම සෑම අවස්ථාවක්ම හා පවුලත් සමඟ එකට එක්වී සිනමාහලක චිත්‍රපටයක් නරඹන සෑම නිවාඩු දිනයක්ම ඔවුන්ගේ ජීවිතයට, ඉදිරි අනාගතයට වැදගත් පාඩම් රැසක් එක් කර දේ. ඔබගේ ඥානය, කරුණාව, දයාව හා ඔබගේ ආදර්ශ දරුවාගේ පෞර්ෂ වර්ධනය කෙරෙහි බලපායි. දැන් සිතා බලන්න. ඔබට තම දරුවා සමඟ කාලය ගත කිරීමට නොහැකි නම්, ඔවුන් ආදර්ශයක් ලෙස අනුගමනය කරන්නේ කාවද? තාත්තා වෙනුවට මිකී මවුස් හෝ බෙන් ටෙන් ද? දැන් ඔබට තම දරුවාගේ හැසිරීම් රටාවන් කෙරෙහි බලපාන්නේ කුමක්ද කියා තේරුම් ගත හැකිය.

ඔබ හදා වඩා ගන්නේ අනාගත සමාජයේ පුරවැසියෙකු බව මතක තබා ගන්න. දරුවාගේ ආදර්ශමත් වීරයා ඔබ බව අමතක නොකරන්න. යම් දිනකදී, ඔබගේ දරුවා සමාජයේ ඉහල තැනකට පැමිණි විට ඔබට නිහතමානි ලෙස තමා දරුවා වෙනුවෙන් කල කැපකිරීම ගැන ආඩම්බර විය හැකිය. ඔබ එදාට ආඩම්බරයෙන් “ඔව්, ඒ ඉන්නේ මගේ පුතා” යැයි පවසනු නොඅනුමානයි.

නව යොවුන් වියේ පසුවන ඔබේ දරුවා සිත් තැවුල් දරා ගන්නේ කෙසේද?

අද ක්‍රිඩාව යනු දරුවන්ට මෙන්ම දෙමාපියන්ට එක සේ වැදගත් විෂයකි. බොහෝ පාසල් වල දැන් ක්‍රිඩාවේ ප්‍රමුඛත්වය දෙනුයේ එයින් ලැබෙන ජයග්‍රහණ හා තරඟාවලියේ වීරයා වැනි ගෞරව නාම වලට පමණක් වනාතර ක්‍රිඩාවේ විනය පිළිබඳ නොවේ.

පෙර මෙන්, ක්‍රීඩාව අද විෂය බාහිර ක්‍රියාකාරකමක් නොවේ. කුඩා අවධියේ පටන් ක්‍රීඩාව ඉතා වැදගත් කොට සැලකීමට අප පුරුදු වි සිටියි. දෙමාපියන් උදේ පාන්දර අවදි වී තම දරුවන්ව ක්‍රිඩා පුහුණුවීම් සඳහා ගෙන යන්නේ සම වයසේ පසුවන අනෙකුත් දරුවන්ට අභිබවා තම දරුවාට 11න් හෝ 15න් පහල කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදා කරදීම සඳහාය. මුලු පවුලම මේ වෙනුවෙන් කැප කිරීමක් කරයි. 7න් හෝ 9න් පහල වැනි කුඩා අවධියේ පටන් මෙසේ දරුවන්ව පුහුණු කිරීම අද බහුලව දක්නට ලැබේ.  මේ වෙනුවෙන් දෙමාපියන් ඔවුන්ගේ වැඩ කටයුතු වලින් යම් කාලයක් මිඩංගු කිරීමටත්, වියදම් දැරීමටත්, නිවාඩු දැමීමෙන් හෝ කාර්යාලයේ අතිරේක වේලාවක් වැඩ කරමින් තම දරුවාව මේ සඳහා සූදානම් කරවීමට උපරිම වෑයමක් දරයි. ඉතුරු කරන මුදලින් පුතාට ඉස්තරම් ගණයේ කූකබුරා ක්‍රිකට් පිත්තක් හෝ පිළිගත් පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් කිරීමටත් ඔවුන් වෙහෙස මහන්සි වී ක්‍රියා කරයි.

ක්‍රිඩාවේ විනය සම්බන්ධයෙන් අප යොමු කරන්නේ අඩු අවධානයකි. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, ජය පරාජය පිලි ගැනීම, තුලනය වු මනසක් ඇති කරගැනීම, විරුද්ධ පිලේ ක්‍රීඩකයින්ට ගරු කිරීම, විනිශ්චයකරුගේ තීරණයට එකඟ වීම, ක්‍රිඩාව හා අධ්‍යාපනය සම්බර කර ගැනීම, නියමිත වේලාවට වැඩ කිරීම, ස්වයං විනය පවත්වා ගැනීම වැනි පාඩම් අප විෂය බාහිර කටයුතු වලින් ඉගෙන ගත යුතු වූවත් අද අපිට එය අවාසනාවකට මෙන් අමතක වී ගොස් ඇත.

ඔබේ දරුවාට ක්‍රිඩාව සඳහා ආර්ථික මෙන්ම මානසික වශයෙන් දිය හැකි උපරිම අත්වැල ලබා දීමෙන් පසු ඔහු පාසලේ ප්‍රධාන කණ්ඩායමට තොරා ගන්නා අවස්ථාව අපි උදාහරණයක් ලෙස ගනිමු. එම කාලයේදි දරුවා ඉගෙන ගන්නා පාසල වෙනත් පාසලකින් දක්ෂ ක්‍රීඩකයෙකු ඔවුන්ගේ කණ්ඩායමට ඇතුලත් කර ගත්තා නම් ඔබේ දරුවාට පාසල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යා හැකිය. ඔහුට ලැබිය හැකි අවම අවස්ථාව විකල්ප ක්‍රීඩකයෙකු ලෙස පෙනී සිටීමයි. මෙවැනි අවස්ථාවල දෙමාපියකු ලෙස ඔබ කටයුතු කරන්නේ කෙසේද? දරුවාට මෙය දරා ගන්නේ කෙසේද? ඔහු ක්‍රිඩාවෙන් ඉවත් වෙයිද? ඉදිරියේදි තම තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා තවත් වෙහෙස මහන්සිවී පුහුණු වීම් වල යෙදෙයිද?

පාසල කෙරෙහි ඔහුගේ ආකල්ප නොවෙනස්ව පවතියිද? සැහැල්ලු මනසකින් හා උද්යෝගකයින් ඔහුට නැවත පාසල වෙත යා හැකිද? අප ගෞරවයෙන් අප ඉගෙනගත් පාසල ගැන කතා කරන අයුරින් ඔහුත් තම පාසල ගැන ආඩම්බර වේද?දහසක් බාධක මැද්දේ මෙම පාසලට තම දරුවාව ඇතුලත් කිරීමට ඔබ ගත් වෑයම ගැන ඔබ පසුතැවීමකට පත් වේද? පිලිතුර මම ඔබට භාර දෙමි.

මෑත අතිතය දෙස බලන් විට අපට හැඟී යන දෙයක් නම් ඉහත සඳහන් කල තත්ත්වය වර්තමානයේ නිතර දකින්නට සිදුවන බවයි. දිවයිනේ ප්‍රධාන පාසල් බොහෝමයක, දෙමාපියන්ගේ විරෝධත්වය හා දරුවන්ගේ පසුතැවීම මධ්‍යයේ මෙය සිදුවී ඇත. අවාසනාවකට මෙන් මෙවැනි සිදුවීම් අපට පාලනය කල හැක්කේ සීමා සහිතවයි. මෙහි ඇති බරපතල ප්‍රශ්නය වන්නේ දරුවා ඔහුගේ පාසල් ජීවිතයේ වැදගත් අවධියක මානසිකව කඩා වැටීමයි.

ක්‍රීඩා හා විෂය සම්බන්ධ කටයුතු අපි මොහොතකට අමතක කරමු. රැකියාව අහිමි වීමෙන් හෝ පවුලේ කෙනෙකු මාරාන්තික අසනීපයකට ගොදුරු වීම නිසා ඔබ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වූ විට ඔබ මෙතෙක් කල් දරුවාට ලබා දුන් සැප පහසු ජීවිතය තව දුරටත් ලබා දිය නොහැක. ජීවිත රක්ෂණයක් හැරුනු කොට ඔබ මෙවන් අවස්ථාවල දරුවා සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න සිතා බැලුවේද? වර්තමානයේ ශ්‍රී ලංකාවේ දික්කසාද සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතියි.

පසුතැවිල්ල ඉදිරියේ කටයුතු කල යුතු ආකාරය ගැන ඔබ දරුවා සමඟ කතා කර ඇත්ද?
අසාධාරණයකිදී පවා ඔබ ජය පරාජය පිළිගත යුතු බවත් එය ලෝකයේ තාත්ත්වික ස්වරූපය බවත් ඔබ දරුවාට පැහැදිලි කර දිය යුතුය. මන්ද, අප අවට සිදුවන බොහෝ දේ නීතියට අනුකූලව හෝ සාධාරණ අයුරින් සිදුවන්නේ බොහෝ කලාතුරකින් බැවිනි. අප පසුතැවිල්ල, පිළිගැනීම, පරාජය හා අපහාසය ඉදිරියේ විවෘත මනසකින් කටයුතු කරන්නේ කෙසේද? ඔවුන් කණ්ඩායමක් ලෙස හෝ තනිව ක්‍රීඩා කරන්නේ කෙසේද? අසාධරණයක් ලෙස ඔබට හැඟුනත් අවසානයේදි විනිශ්චයකරුගේ තීරණයට ගරු කරන්නේ කෙසේද? යනාදි වශයෙන් ජීවිතයට වැදගත් පාඩම් රැසක් ඔබ දරුවාට ලබා දීම අනිවාර්ය වේ.

ගෝලියකරණය හා තාක්ෂණයේ දියුණුවත් සමඟ අපගේ ජීවිතයට යම් අවදානමක් හා අනාරක්ෂිත බවක් හටගෙන ඇත. ලෝකය අපගේ මතයට, අවශ්‍යතා වලට අනුව කැරකෙන්නේ නැත. අනාගතයේදි කුමන දේ සිදු වූවත්, එම අභියෝගවලට දරුවාව නිසි පරිදි හැඩ ගැස්වීම ඔබේ වගකීමයි.

දරුවාගේ කිරි දත් සමඟ කටයුතු කරන ආකාරය

මුතු කැට වන් දත් කැකුළු කුඩා දරුවාගේ මුවින් දිස් වීම දෙමාපියන්ට සතුටක් ගෙන දෙන අවස්ථාවක් වූවත් දරුවාට එය වේදනාකාරි හා අසහනකාරි අත්දැකීමක් විය හැකිය. ඔබගේ දරුවා දත් එන කාලයේදි හැසිරෙන්නේ කෙසේද? දත් එන්නට පෙර දකින්නට ලැබෙන ලක්ෂණ හා වේදනාව සමනය කර ගැනීම සඳහා අනුගමනය කල හැකි ක්‍රම සියල්ලක්ම ඉගෙන ගන්න.

බොහෝ දෙමාපියන් දත් එන කාලය පිළිබඳව හෝ පළමු දත දිස්වන සමය පිළිබඳ අවබෝධයකින් පසු නොවේ. සාමාන්‍යයෙන් දරුවාට මාස 6දි පළමු දත දිස් වේ. දත් එන බව හැඟෙන සඥා මාස තුනේදි පටන් හෝ මාස දාහතරේදි පවා ආරම්භ වේ. මෙය බොහෝ විට විවිධ වූ හේතු නිසා වෙනස් වේ. (උදාහරණයක් ලෙස දරුවා “ප්‍රීමී” Preemie  තත්තවයේ පසුවන්නේ නම් ,”ප්‍රීමී” යනු ප්‍රමාද වී දත් ඒම හෝ දෙමාපියන්ගේ දත් වර්ධනයේ ප්‍රමාදයක් තිබීම.)

සමහර දරුවන් දත් ඒමට පෙර අසහනයෙන් පෙළෙයි. දත් ඒමට සති කිහිපයකට පෙර දරුවන් කෙඳිරි ගෑම, කෙල පෙරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් සමහර කුඩා දරුවන් තුල කිසි සේත් මෙවැනි සඥා දිස් වන්නේ නැත.

මුව තුල දත් දිස්වන්නේ කෙසේද? කුමන කාලයේද? – දත් එන කාල රේඛය.

දත් එන මුල් අවධියේදි දරුවාගේ යටි ඇන්දේ දත් හතරක් ද උඩු ඇන්දේ කිසිම දතක්ද දක්නට නොලැබීම සාමන්‍ය දර්ශනයකි. දත් එන නිශ්චිත රටාවක් නැති නමුත්, සාමාන්‍යයෙන් යටි ඇන්දේ මැද ඇති දත් දෙක මුලින්ම එන අතර මාසයකට පසු දෙපැත්තෙන් අනෙත් දත් දෙක වැඩේ. සාමාන්‍යයෙන්, දත් එන්නේ යුවලක් ලෙසය. පහත දැක්වෙන්නේ කිරි දත් දිස්වන කාල රේඛාවයි.

මාස 6දී පමණ අපර මධ්‍යම කෘන්තක දත් දෙක පැමිණේ.

මාස 8දී පමණ පූර්ව කෘන්තක දත් දෙක පැමිණේ.

මාස 10දී පමණ පුරස්චාර්වක දත් උඩු හා යටි ඇන්දේ දිස්වේ.

පලමු චාර්වක දත් මාස 14දී පමණ දිස් වේ.

රදනක දත් මාස 18දී පමන දිස්වීමට පටන් ගනියි.

හක්කේ සිට හට ගන්නා වේදනාව කෙමෙන් කර්ණ නාලය දෙසට ගොස් දරුවාට කණේ අමාරුව ඇති කරයි. නමුත් මෙම ලක්ෂණය සෑම විටම දත් ඒමේ සඥාවක් නොවිය හැකි අතර කණේ වෛරස් ගත වීමක් විය හැකි බව සලකන්න.

දත් එන විටදී ඇතිවන කැක්කුම සමනය කරන්නේ කෙසේද?

මෙම අසහනකාරි අවධිය සමනය කිරීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රම කිහිපයක් ඇත.

සම්බාහනය.

දත විදුරු මස් තුල ගැඹුරින් පිහිටන්නේ නම් හෝ කිසිදු ලේ ගලනයක් හෝ ඉදිමීමක් නැත්නම් ඔබට පිරිසිදු පුළුන් කෑල්ලකින් හෝ ඇඟිල්ලකින් එම ස්ථානය පිරිමැදිය හැකිය.

හක්කේ සිට හට ගන්නා වේදනාව කෙමෙන් කර්ණ නාලය දෙසට ගොස් දරුවාට කණේ අමාරුව ඇති කරයි. නමුත් මෙම ලක්ෂණය සෑම විටම දත් ඒමේ සඥාවක් නොවිය හැකි අතර කණේ වෛරස් ගත වීමක් විය හැකි බව සලකන්න.

ශීතකල තෙත රෙදි කඩක්.

රෙදි කඩක එක් කොනක් හොඳින් ග්‍රහණය කල හැකි වන සේ වියලා ගන්න. ඝන රෙදි කඩක් හොඳ  තෙරපුමක් ලබා දෙන අතර අධික ශීතල දරුවාගේ වේදනාකාරි විදුරුමස්වලට නිර්වින්දන, සැහැල්ලු සහනයක් ගෙන දෙන අත්දැකීමක් ලබා දේ.

දත් එන කාලයේදි මුඛයේ රැඳවිය හැකි සීතකල සෙල්ලම් බඩු ද මේ සඳහා යෝග්‍ය වන නමුත් ඒවා දරුවාගේ මෘදු විදුරු මස් වලට හානිකර විය හැකිය.

වේදනාව සමනය කරන බෙහෙත්.

තාවකාලික සහනයක් සඳහා ඔබට ibuprofen හෝ acetaminophen වැනි වේදනා නාශක භාවිතා කල හැකි අතර එය වෛද්‍ය උපදෙස් අනුව අනුමත කල ප්‍රමාණයකින් ලබා ගත යුතුය.

දන්ත වෛද්‍යවරයෙකු හමුවන කාලය පැමිණ ඇත.

අසනීපයක් හේතු කොට ගෙන දත් ආශ්‍රිත වේදනා ඇතිවිය හැක. දරුවාට මද උණ ගැනීමක් හට ගත් අවස්ථාවකදී ශරීර උෂ්ණත්වය 101 හෝ ඊට වැඩි වූ විට හා එම තත්ත්වය දින දෙකකට වැඩියෙන් පැවතුනේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්ය වේ. පහලොස් මස වන තෙක් දරුවාගේ මුඛයේ දත් දිස් නොවන්නේ නම්, නිසි ප්‍රතිකාර සඳහා ළමා සෞඛ්‍ය විශේෂඥවරයෙකු හෝ දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.

පහත දැක්වෙන දෑ කිරීමෙන් වැළකිය යුතුය.

විදුරු මසෙහි බ්‍රැන්ඩි ගැල්වීම. මද්‍යසාර අල්ප ප්‍රමාණයක් වුවද දරුවාට අහිතකර විය හැකිය.

ටෝස්ට් කරන ලද, ශීත කරන ලද කැරට්, පේස්ට්‍රි, කෙසෙල්, ක්‍රැකර් ආදි ඝන ආහාර දීමෙන් වළකින්න. දරුවා මෙම ආහාර බොහෝ කාලයක් පුරා විකීමට ඉඩ ඇති අතර විශාල ප්‍රමාණයකින් දරුවාට කැවීම යෝග්‍ය නොවේ.

දත් එන කාල පරිච්ඡේදය වසර දෙකක් දක්වා දීර්ඝව පවතියි. කෙසේ වෙතත්, මුල වරට දත් කිහිපයක් පැමිණෙන විට, වේදනාව යම් තරමකට සමනය වන අතර, දරුවන් ඊට හුරු වේ. අලුතෙන් දත් නිසි ලෙස ආරක්ෂා කර ගත යුතුය. පළමු දත දිස් වන විට, එය දිනකට දෙවතාවක් තෙත රෙදි කඩකින් පිරිමදින්න. කිරි දුන් විගසම දරුවාව නිදි කරවීමෙන් වලකින්න. මන්ද එය දත් දිරා යාමට හා කුහර ඇතිවීමට බලපායි. දත් එන කාල පරිච්ඡේදය දරුවාට මෙන්ම මවට අපහසු කාලයක් වූවත්, එය නිසි පරිදි අවබෝධ කර ගැනීමෙන් හා ආරක්ෂා කර ගැනීමෙන් දරුවාට නීරෝගි හා ප්‍රීතිමත් දත් දෙපලක් සහිත සිනාවක් ලබා දිය හැකිය.

ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද?

ඩිජිටල් තාක්ෂණයේ විප්ලවාකාරි දියුණුවත් සමඟ දැන් ලෝකය එක් විශ්ව ගම්මනායක් බවට පත්වී ඇත. පෙර නිවසේ සාලේ තිබූ PC පරිගණකය වෙනුවට දැන් smart phone හා ටැබ්ලට් භාවිතා වේ.

නව යොවුන් වියේ පසුවන දරුවන් මෙම තාක්ෂණයේ වර්ධනය ඉදිරියේ හැඩ ගැසෙන්නේ කෙසේද? අනාගත පරම්පරාව බුද්ධිමත්ව තාක්ෂණය හසුරුවන අතර ඔවුන් විවිධ වූ උපාංග මිලදී ගැනීමටත් සමාජ ජාලා තුලින් සම්බන්ධතා ගොඩ නැගීමටත් ඇල්මක් දක්වයි. ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද? මෙය වයස අවුරුදු 8-14ත් අතර වයසේ පසුවන දරුවන් සිටින දෙමාපියන් තුල පවතින සැලකිල්ලකි.

වර්තමානයේ, දරුවා යාන්තමින් අවුරුදු 9 හෝ 10 කරා ලඟා වන විට ඔවුන් දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැතිව අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තම මිතුරන් සමඟ චැට් කිරීමට පුරුදු වී සිටීයි. OfCom මඟින් කරල ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 8-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් දහයට එකක් අන්තර්ජාලයේ යම් නුසුදුසු දෙයක් අත් දැක ඇත. මෙය අසභ්‍ය හෝ අහිතකර  කිසියම් දෙයක් විය හැකිය.

දෙමාපියන් තම දරුවන්ගේ අන්තර්ජාල හැසිරීම පිළිබඳ සැලකිලිමත් වනවා සේම දරුවන්ද දෙමාපිය අධීක්ෂණයක් නොමැතිව අන්තර්ජාලය වෙත යාමට කැමැත්තක් දක්වයි. අන්තර්ජාලය සම්බන්ධ මෙම ප්‍රශ්න සඳහා දැනට ගෙන ඇති විසඳුම් කිහිපයක් පහත දැක්වේ.

අපි එයින් කිහිපයක් සැලකිල්ලට ගනිමු.

-සමහර දෙමාපියන් තම නිවසේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයට යම් සීමා කිරීම් (ෆිල්ටර ) පනවයි. මෙයින් දරුවන් අහිතකර දේවල් අත් දැකීමෙන් ආරක්ෂා කරයි.නමුත් මෙම ක්‍රියාවලිය පිටස්තරයින් අන්තර්ජාල ක්‍රීඩා, සමාජ ජාලා හෝ දුරකතන ඇප් හරහා දරුවන් සමඟ සම්බන්ධ වීමේ ඉඩකඩ සඳහා සීමා නොපනවයි.

-NSPCC වයස අවුරුදු 16ට අඩු අයගේ ගිණුමේ පෞද්ගලික තොරතුරු පිටතට යාම වැලක්වීමෙන් ආරක්ෂා කරයි. තවද නන්නාඳුනන්ගෙන් පණිවිඩ අවහිර කරන අතර දරුවන්ගේ සමාජ ජාලා ප්‍රොෆයිලය අන් අයට දිස්වේ නම් ඒ ගැන ඔවුන්ට දැනුම් දේ.

-තාක්ෂණික විසඳුම් වලට අමතරව, දෙමාපියන් දරුවන් සමඟ කතා බස් කොට අන්තර්ජාලයේ ඇති විය හැකි අවදානම් තත්ත්ව පිලිබඳ පහදා දිය යුතු වේ. අන්තර්ජාල සන්නිවේදනය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලු හා ප්‍රශ්න පැන නැගෙන සෑම අවස්ථාවකදීම දෙමාපියන් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන්ට පවසන්න.

-පෙරටත් වඩා දැන් දෙමාපියන් අන්තර්ජාලයෙන් තම දරුවාට ඇතිවිය හැකි අවදානම් පිලිබඳ දැඩි විමසිල්ලකින් පසුවේ. ජනවාරි මස NSPCC මඟින් සංවිධානය කල සමීක්ෂණයකින් හෙළිවී ඇති ප්‍රතිඵල අනුව මිලියන 400 ක් පමණ දෙමාපියන් තම දරුවන් සමඟ අන්තර්ජාලයේ අවදානම් පිලිබඳ සාකච්ඡා කොට ඇත.

-කෙසේ වෙතත් මෙම අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා විස්තරාත්මක විය යුතුය. ඔබ මේ විෂය සම්න්බධයෙන් ඇති සියලුම වැදගත් කරුණු දරුවන් හට පහදා දිය යුතු වේ.ඔබ ඔවුන් සමඟ පෞද්ගලිකත්වය (privacy) හා තමා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඇති ස්ථානය (location) පිලුබඳ වූ පාලන (settings) ගැන කතා නොකරන්නේ නම් ඔබේ දරුවන් අන්තර්ජාලයේ අවදානම් වලට හා අනාරක්ෂිත අධීක්ෂණයට බඳුන් වේ.බොහෝ අපරාධකරුවන් හා අපචාරකයින් ලාබාල පුද්ගලයෙකුගේ වේශයෙන් අන්තර්ජාලයේ පෙනි සිට ළමයින් රවටන බව හඳුනා ගෙන ඇත.

මෙවැනි අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට කල හැකි එකම දේ වන්නේ ඔබ අවට සිදුවන දේ පිළිබඳ විමසිල්ලෙන් පසුවීම හා කාලීන තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වීමයි.

ඩිජිටල් ලෝකය සීඝ්‍රයෙන් වර්ධයන වෙමින් පවතියි. තම දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීම සම්බන්ධයෙන් පසු තැවෙනවාට වඩා ඔවුන්ට ආරක්ෂිතව, විමසිල්ලෙන් හා ආත්ම විශ්වාසයකින් එහි කටයුතු කරන ලෙස දිරිමත් කිරීම යහපත් ය. ඔබ කුඩා අවධියේදි, ඔබේ දෙමාපියන් පාර මාරුවන සැටි කියා දුන්නා මතකද? එලෙසෙම ඔබත් තම ඔබේ දරුවන්ට ඩිජිටල් ලෝකයේ ගැවසෙන සැටි කියා දෙන්න.

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද?

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද? එසේත් නැත්නම් ප්‍රතික්ශේප කරනවාද?

“මට අද ඉස්කෝලේ යන්න බෑ, මට ඉස්කොලේ පේන්න බෑ” යනුවෙන් ඔබේ දරුවා පැවසූ විටකදී, ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?
බොහෝ දෙමාපියන් මෙවන් තත්ත්වයකදී ඉමහත් පසුතැවීමටකත්, අපහසුතාවයකටත් පත් වන්නේ තම දරුවාව ලෑස්ති කොට පාසල් යැවීම තමන් සතු බලවත් වගකීමක් වන නිසාවෙනි. සත්‍ය වශයෙන්ම මෙම අරගලය, කෙසේ හෝ ජයග්‍රහණය කල යුතු අභියෝගයක් බවට පත් වේ. මදක් සිතා බලන්න. මෙවැනි අවස්ථාවල ආවේගශීලිව හෝ කලහකාරිව ප්‍රතික්‍රියා කරනවාට වඩා සංයමයෙන් හා බුද්ධිමත්ව දරුවා සමඟ කටයුතු කිරීම ඔහුව/ඇයව නිසි මාර්ගය කරා යොමු කිරීම සඳහා උපකාරි වේ.

මෙවැනි නොසන්සුන්කාරි අවස්ථාවල බොහෝ දෙමාපියන් බලහත්කාරයෙන් දරුවාගේ අතින් ඇද ඔහුව කාරය වෙත රැගෙන යයි. දෙමාපියන්ට දරුවාව පාසල තුලට පවා රැගෙන යාමට සිදුවන්නේ අරගල, හඬා වැලපීම් මධ්‍යයේ වඩා ගෙනය. රැකියාවට නියමිත වේලාවට සිටිය යූතු හෙයින් දරුවාව මෙසේ පාසල වෙත භාර දුන් පසු කරදර සියල්ල නිමා වී ඇති බව ඔවුන්ට සිතෙන්නට පුළුවන. නමුත් ප්‍රශ්නයේ බරපතල බව කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන් අරගල කෙරෙහි ශරීර ශක්තිය වැය කිරීම නිෂ්ඵල දෙයකි. දරුවාට අරගල වලට මැදිහත් වීම තුලින් කිසිදු පාඩමක් ඉගෙන ගත නොහැකි බවත්, ඒයින් සිදුවන්නේ තත්ත්වය තවත් උත්සන්න වීමත් බව දෙමාපියන් ලෙස ඔබ මතක තබා ගත යුතු කරුණකි.

සමහර දෙමාපියන් දරුවන්ගේ මෙම කලහකාරි, ප්‍රචණ්ඩ හැසිරීමෙන් වෙහසට පත්ව දරුවාගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිදු උනන්දුවක් නොගනී. ඉවසීමේ සීමාව ඉක්මවූ පසු දෙමාපියන් තම දරුවාගේ අධ්‍යාපනය අත් හිටුවන තත්ත්වයකට වුවද පැමිණේ.

තම දරුවා පාසල් යාමට මැලි කමක් දැක්වූ විට ඊට ප්‍රතිචාරයක් වශයෙන් නව යොවුන් වියේ පසුවන අකීකරු දරුවන්ගේ දෙමාපියන් විටෙක කෑමොර දෙමින් ඔවුන්ට බැණ වදී. ඔවුන්ට සෙල්ලම් කිරීම හෝ තමන් කැමති විනෝදජනක ක්‍රීඩා වල නිරත වීමේ තහංචි පනවයි. මෙයින් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවාට පාසල් යාමේ ඇති වැදගත්කමත්, හොඳින් ඉගෙන ගැනීමේ වගකීමත් පහදා දීමය. එකෙත් මෙහි ප්‍රතිවිපාකය වන්නේ දරුවා තුල ඍණාත්මක ආකල්ප හටගැනීමය. එනම් තමාට තවත් නැති වීමට දෙයක් නැති නිසා මට ඕනෑම දෙයක් කල හැකියි යන ප්‍රචණ්ඩකාරි සිතුවිලි දරුවා තුල හට ගන්නට ඉඩක් ඇත.
එබැවින් ප්‍රශ්නයේ බරපතල බව තේරුම් ගෙන එයින් දරුවාව ගලවාගෙන නිවැරදි මග කරා යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමයි.

දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට හේතු සොයා බලන්න.

ළමා මනෝවිද්‍යාවේ ප්‍රවීණයන්ට අනුව, පාසල් යාම ප්‍රතික්ෂේප කරන ළමයින් කාණ්ඩ 4කට බෙදිය හැක.

-සම වයසේ දරුවන් සමඟ එකට එක්වී කටයුතු කල නොහැකි දරුවන් හා කිසියම් දෙයක් සම්බන්ධයෙන් දිගු කාලින හා කෙටි කාලිනව යම් බියකින් පසුවන දරුවන්.

-පාසලේ වැඩ කටයුතු වල මන්දගාමි වර්ධයක් පෙන්නුම් කරන දරුවන්.

-නීති අනුගමනය කිරීමට හා එක් පාලකයෙකු යටතේ (පාසලේ නම්, විදුහල්පති හෝ ගුරුවරයා) කීකරුව හැසිරීමට අපහසුතා ඇති දරුවන්.

-වෙන් වීමෙන් අතිවුණු මානසික අසහනය, විභාග යනාදිය නිසා හට ගන්නා ආතතිය දරුවන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි.

ඔබගේ දරුවා මානසික ආතතියෙන් පීඩා විඳින බව දැන ගත් වහාම හැකි ඉක්මණින් මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ වෛද්‍ය උපදේශකයෙකුගේ සහාය පතන්න.

දරුවා මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන බව දැන ගත් විට දෙමාපියන් කිසිම හෙයකින් කලබලයට පත් විය යුතු නැත. මෙහිදී ප්‍රශ්නයට අවධානය යොමු කර ඒ සඳහා දිගු කාලීන විසඳුමක් සොයා ගැනීම අනිවාර්ය වේ. යහපත් හැසිරීම් රටාවක් සඳහා දරුවා තුල ධනාත්මක චින්තන හා ආකල්ප ඇති කිරීම මීට උදාහරණයකි. දෙමාපියන් මතක තබා ගත යුතු තවත් කරුණක් නම් දරුවන්ගේ සමාජ හා අධ්‍යාපනික ගැටලු නිරාකරණය කිරීම සඳහා විසඳුම් පවතින බවයි. එම ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබා ගැනීමට දරුවාට ඉඩ දෙන්න. ඔහුගේ උත්සාහයෙන් හා නිර්භයව ඊට මුහුණ දීමෙන් තමාට තමාව වෙනස් කල හැකි බව පහදා දෙන්න.

බුද්ධිමත් හා කාර්යක්ෂම ලෙස මෙයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

මෙම බල අරගලය දරු-දෙමාපිය දෙපාර්ශවයම ඍණාත්මක චක්‍රයකට ඇද දමයි. නිතරම කෑ කෝ ගැසීමෙන්, රණ්ඩු කිරීමෙන්, හඬා වැලපීමෙන් සිදුවන්නේ ඔබ දෙපල නිකරුණේ වෙහෙසීමයි. ආවේග හා ආතතිය පසෙක ලා ඔබගේ ඉදිරි වගකීම් හා විසඳුම් ගැන ක්‍රමවත් ලෙස සිතන්න. දරුවාට මෙන්ම ඔබට මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා කල හැකි දෑ පිළිබඳ ක්‍රමවත් විශ්ලේෂණයක් කර විසඳුම් සොයා ගන්න.

මෙම තත්ත්වය වෙනස් කල හැකි ආකාරය.

1.ඔබගේ දරුවා මෙස පාසල් යාමට මැලි කමක් දැක්වීමට හේතුව සොයා බලන්න. බොහෝ අවස්ථාවන්හි දී ප්‍රශ්නය සමඟ නිසි ලෙස ගණුදෙණු නොකිරීම තත්ත්වය බරපතල වීමට හේතු වෙයි. දරුවා පාඩම් කෙරෙහි අවධානය යොමු නොකිරීම සැබෑ ප්‍රශ්නය නොවිය හැකි තර එය තමාට ගුරුවරයාගෙන් හෝ සම වයසේ තම මිතුරන්ගෙන් සහාය ලබා ගැනීමට ඇති මන්දගාමි බව විය හැකියි. දරුවා සමඟ කතා බස් කොට ප්‍රශ්නයේ නියම ස්වරූපය හඳුනා ගන්න. ඔහු/ඇය පාසලේදි මුහුණ දෙන අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සරල ප්‍රශ්න විමසන්න. ඔබට ගුරුවරුන්ගෙන් හා උපකාරක මණ්ඩලයෙන් වැඩි දුර සහාය ලබා ගත හැක, මන්ද ඔවුන් ඔබේ දරුවා ඔබට නොපවසන දෑ පිළිබඳ දැන ගෙන සිටීමයි.

2.පාසල් හා නිවසේ මට්ටමින් විසඳුම් ක්‍රියාත්මක කරන්න. ඔබට මෙන්ම ගුරුවරයාටත් තම ශිෂ්‍යයා අධ්‍යාපනික හා පෞද්ගලික වශයෙන් නිවැරදි මඟට යොමු කිරීමේ පරම බලාපොරොත්තුව ඇති බව ඔබට වැටහේ. ‍ගුරුවරුන් හා කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ සම්බන්ධ වී ප්‍රශ්නය සඳහා ස්ථාවර විසඳුම් පිළිබඳ සාකච්ඡා කරන්න. සමහර දෙමාපියන් දරුවාගේ පාසලේ ගැටලු විසඳීමේ තනි වගකීම ගුරුවරයාට භාර දෙයි. පාසලේ කාර්ය මණ්ඩලයෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන සහාය දරුවාව මෙම අරගලයෙන් මුදවා ගැනීම සඳහා උපකාරි වෙයි. ගුරුවරුන් සමහර අවස්ථාවලදි මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඵලදායි යෝජනා ඉදිරිපත් කරයි. එම නිසා ගුරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අමතර සහාය මේ සඳහා ලබා ගැනීමට නොපැකිලෙන්න.

3.නමුත් මෙම තත්ත්වය වෙනස් විය හැකිය. දරුවන් හා ඔහුගේ ගුරුවරුන් සමඟ නිරන්තරව සන්නිවේදනය කිරීමෙන් ඔබට දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා ඔහුව නිවැරදි මගට යොමු කල යුතු ආකාරය පිළිබඳ අදහසක් ගත හැක. අභියෝග ජය ගැනීම සඳහා නිර්භීත බව හා ආත්ම විශ්වාසය අත්‍යවශ්‍ය ගුණාංග දෙකකි. දරුවෙකු තවත් දරුවෙකුට තරවටු හෝ අපහාස කල විට ඔහු ඊට ප්‍රචණ්ඩකාරිව හැසිරෙන්නේ නම් ඊට හේතුව ඒ දරුවා එවන් අවස්ථාවල කෙසේ කටයුතු කල යුතුද යන්න නිසි අවබෝධයක් නොමැති නිසාය. දරුවන් අතර භුමිකා නිරූපණය (role-playing) තුලින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වන අතර මෙම තත්ත්වය යම් දුරට පාලනය කල හැක.

4.ධනාත්මක පෙළඹවීම් හා දරුවාට ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමෙන් මෙම අභියෝගය ජය ගත හැක. දරුවාගේ හැසිරීමේ සිදුවන කුඩා හෝ යහපත් වෙනසක් ඇත්නම් ඔබ එය හඳුනාගෙන ඔහුගේ ඒ ප්‍රයත්නය අගය කල යුතුය. ඔහුගේ අරගල වලින් හෝ හඬා වැලපීම් වල අඩුවක් ඇතොත් ඒ බව පවසා දරුවාව දිරිමත් කරන්න. ධනාත්මක පෙලඹවීම් වලින් සමන්විත වගකීමක් ඇති පාලන ක්‍රමයක් සකසන්න. උදහරණයක් ලෙස ” හැමදාම ඔයා මේ දේ කලොත් ඔයාට වැඩිපුර විනාඩි 15ක් ලැප්ටොප් එකේ ගේම් ගහන්න පුලුවන් වැනි ඔබ මේ දේ කලොත් මේ දේ ඔබට ලැබෙයි යන ධනාත්මක පෙළඹවීම් හා කොන්දේසි තුලින් දරුවා ඔවුන්ට අපහසු දේ කිරීමට වෑයමක් යොදයි.  මෙම ක්‍රමය ODD හා මානසික ආතතියෙන් පෙලෙන දරුවන් සඳහා යෝග්‍ය වේ. සතියක් නොකඩවා පාසල් ගියොත් සති අන්තයේදි ඔබට මේ දේ ලැබෙයි යන ප්‍රතිලාභ දරුවාට ලබා දීමෙන් මෙම අයහපත් හැසිරීමෙන් දරුවා ගලවා ගත හැක.

5.තත්ත්වය තුලනය කර, ප්‍රශ්න හඳුනාගෙන නිසි පියවර ගත යුතුය. සතියක් හෝ දෙකකට පසුවත් ඔබට දරුවාගේ ප්‍රචණ්ඩකාරි හැසිරීමේ වෙනසක් දක්නට නොලැබෙන්නේ නම් හෝ ඉහත සඳහන් කල පාලන ක්‍රමයන්ට දරුවා ධනාත්මක ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම්, විශේෂඥ මනෝ වෛද්‍ය උපදෙස් හෝ උපදේශකයෙක්ගේ සහාය පතන්න. රටේ, පලාතේ හෝ පාසලේ කට්ටි පැනීමේ නීති සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම අනිවාර්ය වේ. සමහර දෙමාපියෝ තම දරුවන් පාසල මඟ හැර කට්ටි පැනීම පිළිබඳ මහත් කනස්සලකින් පසු වෙති. නමුත් මෙය නිතරම පැන නඟින ප්‍රශ්නයක් නොවේ. ඔබට උසාවිය හා පාසලේ පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට දරුවාගේ පැමිණීම, උසාවියේ බාල වයස්කාර අපරාධ හා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ගැන යම් දැනුවත්වීමක් ලබා ගත හැක.

පාසලට නොපැමිණෙන සිසුන්ගේ වාර්තාවක් හා එසේ නොපැමිණීමට හේතු දක්වා ඇති වාර්තාවක් තබා ගැනීමෙන් ඔබට දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් මැනවින් හඳුනා ගත හැක. එලෙසම දරුවා පාසලට නොයන සෑම දිනයකදීම (අසනීප වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා) ඒ පිළිබඳව පාසලට හේතුත් සමඟ දැනුම් දීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාව ඔහුගේ වැරදිවලින් ආරක්ෂා කිරීම නුවණට හුරු නොවේ. දරුවාගේ හැසිරීම කෙරෙහි ඔබගේ ක්‍රියා කලාපය ඔබ අවංක, කැපවුණු , ක්‍රියාශීලි දෙමාපියෙක්ද යන්න තීරණය කරන බව මතක තබා ගන්න.  එය දරුවාගේ නීති උල්ලංඝනය කිරීම් වලින් ගැලවීමට උපකාරි නොවේ.

ඉහත සඳහන් කල සියලුම පියවර ජේම්ස් ලේමන්ගේ “විශේෂ අවධානය” Selective Attention යන සිද්ධාන්තය සමඟ අනුගත වේ. ඔබ යම් දේකට වැඩි අවධානයක් යොමු කරනවාද, එයින් ඔබට වැඩි ප්‍රතිලාභයක් හිමිවේ. මෙයින් අදහස් කරන්නේ දරුවන්ගේ යහපත් හැසිරීම් රටාවන් හඳුනාගෙන ඔවුන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම හා දරුවන් තුල ඇති අයහපත් හැසිරීම් රටාවන් සමඟ සාර්ථකව ගණුදෙනු කිරීම සඳහා ඔවුන්ව හුරු කරවීම කල යුතු බවයි.

ප්‍රවීණයන්ගේ අත්දැකීම් වලට අනුව සති ගණනාවක් දුෂ්කරතා සමඟ ගැටුණු ළමයින් විශ්වාස කල නොහැකි අන්දමට වෙනස් වී ඇත. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේ බාධක හා ප්‍රමාද වීම් පැවතුණි. ළමයින් ස්වභාවයෙන්ම ප්‍රතිරෝධි බවක් පෙන්නුම් කරත්, ක්‍රමක්‍රමයෙන් තම දෙමාපියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී එය ජය ගත හැකිය. අවශ්‍ය නම් සමාජ සේවකයින්ගේ, පාසල් උපදේශකවරුන්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නාට නොපැකිලෙන්න. ඔවුන්ගේ වටිනා අවවාද මෙම ගමනේදි ඔබට රුකුලක් වනු ඇත.  ස්වෝත්සාහයෙන් මෙම අරගලය ජයගන්නවාට වඩා ඔබට කණ්ඩායම් වශයෙන් එක්ව සමාජ සම්පත් පරිශීලනය කරමින් උපරිම ප්‍රතිඵල ලබා ගත හැක. එබැවින්, අන් අයගේ සහාය හා උපදෙස් පැතීමට බැගෑපත් නොවන්න. මන්ද, ඔබට ලැබෙන ඒ රුකුල දරුවාගේ ඉදිරි ගමන සඳහා මහඟු ලෙස වැදගත් විය හැකි බැවිනි.