ගර්භාෂයෙන් පිටත සිදුවන පිළිසිඳ ගැනීමක් හඳුනා ගන්නේ කොහොමද? මහාචාර්ය හේමන්ත සේනානායක

ඇතැම් පිළිසිඳ ගැනීම් ගර්භාෂයෙන් පිටත සිදුවන බව අප අසා තිබෙනවා. මෙවැනි අවස්ථාවක කාන්තාවක් පෙන්නුම් කරන ලක්ෂණ වෛද උපදෙස් වෙත යොමු වීමට ඉතා වටිනවා. අන්න ඒ නිසාම ගර්භාෂයෙන් පිටත සිදුවන පිළිසිඳ ගැනීමකදී කාන්තාවක් පෙන්නුම් කරන මේ ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා.

ගැබිනි මවක් සිසේරියන් සැත්කම වෙත යොමු කෙරෙන්නේ කුමන හේතු මතද?- මහාචාර්ය හේමන්ත සේනානායක

අද වෙද්දී සිසේරියන් සැත්කම සඳහා යොමුවන ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත් ගැබිනි මවක් සිසේරියන් සැත්කමට යොමු කෙරෙන්නේ වෛද්‍ය නිර්දේශයට අනුව ඒ මව හෝ ළදරුවා පෙන්නුම් කරන සංකූලතා මතයි. ගැබිනි මවක් සිසේරියන් සැත්කම වෙත යොමු කිරීමට ඇති හේතු පිළිබඳ දැනුවත් වෙමු.

සාමාන්‍ය ප්‍රසුතියේත් සිසේරියන් සැත්කමේදීත් ඇති වාසි අවාසි ගැන දැනුවත්ද? – මහාචාර්ය හේමන්ත සේනානායක

ඇතැම් මව්වරුන් සාමාන්‍ ප්‍රසූතියට බියක් දක්වනවා සේම ඇතැම් මව්වරුන් සිසේරියන් සැත්කමට බියක් දක්වනවා. මෙම ප්‍රසූත ක්‍රම දෙකේදීම මවට මෙන්ම දරුවාටත් ඇති වාසි සහ අවාසි ගැන අපි දැනුවත් වෙමු.

දරුවන් නිතර මැසිවිලි නගන බඩේ රිදිල්ලට හේතු මොනවාද? – ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක

අනේ අම්මා මගේ බඩ හොඳටම රිදෙනවා. මේ පැමිණිල්ල දරුවාගෙන් කොයි වෙලේ ඇහෙයිද කියලා බයෙන් ඉන්න අම්මලා ඕනේ තරම් ඉන්නවා. මේ වෙලාවට වෛද්‍යවරයෙකු මුණගැහිලා බෙහෙත් ගත්තත් ආයෙ ආයෙම මේ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසාම දරුවන්ට ඇති වෙන බඩ රිදිල්ලට හේතු වෙන්න පුළුවන් කරුණු ගැන අපි කතා කරමු.

රට ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේම දෑතින්ය

අපේ රට අපේ දෑතින් ගොඩ නැගීම 2020 වසරේ ළමා දිනයේ තේමාවයි.ජාත්‍යන්තර වශයෙන් ළමා දිනයක් සැමරීම නිසා දරුවන් තුළ ඇති වෙන්නේ අලුත්ම ප්‍රබෝධයක්. බොහෝ දෙනකුගේ චෝදනාව වන්නේ අනාගත ලෝකය දරුවන්ගේ නම් ඔවුන් වෙනුවෙන් එක් දිනයක් පමණක් වෙන් කිරීම සෑහේද යන්නයි. නමුත් අපි අඳුරට ශාප නොකොට පහනක් දල්වන්නා සේ ජාත්‍යන්තර වහයෙන් දරුවන් වෙනුවෙන් වසරේ එක් දිනයක් හෝ වෙන් කිරීම ගැන සැබවින්ම සතුටු විය යුතු නොවන්නේද…?

අපේ රට ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේම දෑතින්ය.

දරුවා යනු අනාගතයේ හිමිකරුවාය. මේ නිසාම ”හොදම දෙය දරුවන්ට” යන සංකල්පය ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබේ. දරුවාගේ නායකත්වය අනාගත රටක, ජාතියක පැවැත්මයි. එසේනම් අද දෙමව්පියන් විදිහට ඔබේ ආදරණීය දරුවා හෙට දවස වෙනුවෙන් ගොඩ අපේ ලෝකය නැගිය යුත්තේ කෙසේද..?

දරුවා නිරෝගි විය යුතුයි

දරුවාගේ ශාරිරික සෞඛ්‍ය වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්.යම් ලෙසකින් දරුවාගේ සෞඛ්‍ය ගැන දෙමව්පිය අවධානය නොමැති වීම නිසා ඔබේ දරුවාගේ නිරෝගිබව මුල් කර ගත් ගැටළු ඇති විය හැකියි.ඒ නිසා දරුවාගේ උපන් මොහොතේ පටන් ඔවුන් වෙනුවෙන් වූ ආහාරපාන, ප්‍රතිශක්තිකරණ එන්නත්, සහ නිරෝගි දරුවෙකු ගොඩ නැගීමට අවශ්‍ය පරිසර තත්වයන් සූදානම් කිරීම දෙමව්පියන්ගේ වගකීමයි.

දරුවා මානසිකවත් නිරෝගි විය යුතුයි.

අපේ රට ගොඩ නැගෙන්නේ අපේම දෑතින් යන උදාන වාක්‍ය ගැයීමට හැකියාව ලැබෙන්නේ මානසිකව නිරෝගී දරුවෙකුට පමණි. ඒ නිසා දරුවන්ගේ ශාරිරික සෞඛ්‍ය සමානව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙනුත් දෙමව්පියන්ගේ යොමු වීම ඉතාම වැදගත්.

ශාරිරික රෝගවලට වඩා මානසිකව රෝගී වීම බරපතලයි.

සැබැවින්ම ශාරිරික රෝග වෙනුවෙන් ප්‍රතිකාර තිබුනත් මානසික රෝග ඒ තරම් පහසුවෙන් හදුනා ගැනීහට නොහැකියි. සමහර අවස්ථාවලදී පෙනුමෙන් ඉතාම නිරෝගි සහ සතුටින් සිටින බව පෙන්වන දරුවන් දැඩි මානසික රෝග තත්වයන්ගෙන් පෙලෙන බැව් ඔබ නොදනී. ඒ නිසා දරුවාගේ මානසික නිරෝගිබව වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්.

මානසික රෝග හඳුනා ගැනීමත් අපහසුයි

බොහෝ දරුවන් තමන්ගේ මානසික කම්පන සහ ගැටළු ගැන දෙමව්පියන් සමග හුවමාරු කර ගැනීමට උනන්දුවක් දක්වන්නේම නැත. දෙමව්පියන්ටත් දරුවන්ගේ මානසික හැලහැප්පීම් ගැන කිසිම ඉවක් නැත. ඒ නිසාම කාලයක් පුරා මානසිකව කම්පාවෙන් ජීවත්වෙන ඇතැම් දරුවන් සිය දිවි හානි කර ගන්නාතෙක්ම දෙමව්පියන්ට ඔවුන් හඳුනා ගැනීමට කිසිදු හෝඩුවාවක් හෝ නොලැබෙනු ඇත.

රටට පිපෙන මල්  මේ විදිහට මැලවුනොත්..

අනාගතය වෙනුවෙන් පිපෙන්නට මෝදු වෙන මල්කැකුළු රහසේම පරවී ගියොත් රටක් සදන සවිමත් දෑත් අපට අහිමි වෙනු ඇත. ඒ නිසා දෙම්විපයන් සහ දරුවන් අතර සමීපබව ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

දරුවාගේ හොඳම මිතුරන් වෙන්න

දෙමව්පියන් සහ දරුවන් අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය නිසාම දරුවන් ශක්තිමත් වෙනු ඇත. නිතරම දරුවන් සමග ඔවුන්ගේ ගැටළු බෙදා ගන්න.එංගලන්තයේ දැරියක් සිය මල්වරවීමෙන් පසුව සිදුවුන මුල්ම ඔසප්වීමේදී ඒ ගැන ඇති වුන  බිය නිසා සියදිවි හානි කර ගැනීමට යොමු වීමේ අවාසනාවන්ත සිදුවීමක් මුල් කර ගෙන සියදිවි හානි කර ගැනීම වලක්වන ජාත්‍යන්තර සංවිධාන පවා බිහිවී තිබේ. ඒ නිසා නිතරම දරුවන් සමග සමීප වෙන්න.ඔවුන්ගේ මානසික ගැටුම් නිරවුල් වන සේ එබේ හැසිරීම ගොඩ නගා ගැනීම වැදගත්.

නිර්මානශීලිත්වයට ඉඩ දෙන්න

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනනගී…එ් නිසා නිතරම එබේ දරුවාගේ නිර්මානශීලිත්වය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන්න.රටක් ගොඩ නැගීමට නම් දරුවන්ගේ නිර්මානශීලී දෑතින් සිදුවෙන මෙහෙවර වචනයකින් කියා අවසාන කිරීමට නොහැකියි. ඒ නිසා දරුවන්ගේ ලෝකයේ නිදා සිටින නිර්මානශීලිත්වය නැමැති යෝධයා අවදි කරන්න.

මේ අපේ රට..

දෙමව්පියන් විසින් දරුවන්ට නිතරම කියා දිය යුත්තේ මේ අපේ රටයි..යන ශක්තිමත් ඉන්ධනයයි.නමුත් අද බොහෝ දෙමව්පියන් විසින් දරුවන් බලගන්වන්නේ අනාගතයේදී පදිංචිය වෙනුවෙන් විදේශගත විය යුතු ලෙසයි. එහෙත් අපේ රටේ අපට ඇති ශක්තිය ගැන ඔවුන් තම දරුවන්ට පැහැදිලිව කියා නොදෙන්නේත් අනාගතයේදී මේ රට හැර දමා යා යුතු මානසිකත්වය බාල කාලයේදී පටන් ගොඩ නැගීමේ අදහස නිසාය.

ඒත් රට ගැන කියා දෙන්න

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙන යුගයකදී දරුවන් විදේශගතව ඉගෙනීම හෝ රැකියාවක් වෙනුවෙන් යොමු වීම ඉතාම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙනු ඇත.එහෙත් අපේ රට ගැන අවතක්සේරුවකින් කතා කිරීමට කිසිදු ලෙසකින් අවසර දිය යුතු නැත.බාලකාලයේදී පටන් දරුවාට අපේ රට..අපේ ජාතිය..අපේ ආගම යන සංකල්පයන් සමග කටයුතු කරන අන්දම කියා දෙන්න.

වැදූ මවත් උපන්රටත් එකසේම වැදගත්..

වැදු මවත් උපන් රටත් එක හා සමානව වැදගත් බැව් දරුවන්ට පහදා දෙන්න.රට ගැන ආදරයක් නොමැති දරුවාගෙන් මව්පියන් සමග වූ බැඳීමක් වෙතැයි අපේක්ෂා කළ නොහැකියි.. අද දෙමව්පියන් විදිහට ඔබ මව්බිමට ගරුකරන,දෙමව්පියන්ට ආදරය කරන දරුවෙකු ලෝකයට දායාද කරන්න.එවිට හෙට දවස ඔවුන්ගේ රත්රන් දෑතින් ගොඩ නැගෙනු ඇත.

 

අපි දරුවන්ට To do ලැයිස්තුවක් සකස් කරමු.

දරුවන්ට කාලයේ වටිනාකම ගැන පැහැදිලි කරද්දී ඔබ සම්ප්‍රදායික විදිහට කාලය රත්රන්වලට සමාන කරන්න එපා.අපේ දෙමව්පියන් දැන් මේ උපමාවෙන් ඈත් වෙන්න කාලය ඇවිත්.

ඇත්තටම රත්රන් කියන්නේ වටිනාකම මනින මානයක්. එහි වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වෙනවා. නමුත් කාලයේ වටිනාකම අපට කිසිසේත්ම කිසිවකට සමාන කරන්න බැහැ. ඒ තරමටම කාලය වටිනවා. අපේ ජීවිතයේ දවස් ඉතිරි කර ගැනීමට නම් අපි තත්පර ඉතිරි කරන අන්දම දරුවන්ට කියා දීම ඉතාම වැදගත්.

කාලකළමනාකරණයේ නියමුවා බුදුරජාණන්වහන්සේය.

බුදුරජාණන්වහන්සේගේ වසර හතලිස් පහක ධර්මප්‍රචාරනයේදී වැදගත්ම මෙහෙයුම වුනේ කාලය කළමනාකරණය කර ගැනීමයි.බුදුරජානණ්වහන්සේ විසින් දවස කාලසටහනක් අනුව බෙදා ගෙන කටයුතු කළ නිසා උන්වහන්සේ ලෝකයාගේ සුව සෙත වෙනුවෙන් කටයුතු කිරීමේදී වඩාත් සාර්ථක නායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා ඔබත් බුදුරජාණන්වහන්සේගේ කාලසටහනකට අනුව කාල කාළමණාකරනය කටයුතු කළ අන්දම දරුවාට කියා දෙන්න.

කාලසටහනක් අනුව කටයුතු කිරීම

කාලසටහනක් අනුව කටයුතු කිරීමේදී දරුවාට දවස තුළ කළ යුතු දේ වෙනුවෙන් යම් රටාවක් නිර්මානය කරන්න. නමුත් කාලසටහන යනු බිත්තියේ එල්ලා ඇති කාඩ්බෝඩ් කැබැල්ලකට සීමා විය යුතු නැහැ.

කාලසටහන ආකර්ශණීය වීම

කාලසටහන දකින විටත් එය දරුවාට මානසික වදයක් විය යුතු නැහැ. ඒ වගේම කාලසටහනේ හැමදාම එකම රටාවක් තිබීමත් එතරම් සුදුසු නැහැ. මෙය බොහොම නම්‍යශීලී විදිහට දරුවාගේ අවශ්‍යතාවය අනුව ගොඩ නැගීම වැදගත්.

කාලසටහන යාන්ත්‍රික වීම

කාලසටහනක් කියන්නේ යාන්ත්‍රික මෙහෙයුමක් නොවේ. දවස් තුන්සිය හැටපහම එකම රටාවක් තුළ අනිවාර්යෙන් හැඩ ගැසීමක් කිසිසේත්ම විය යුතු නැහැ. ඒ නිසා කාලසටහනකින් දරුවාගේ අධ්‍යාපනයට වගේම සෙල්ලමට,විනෝදාංශයකට,පුද්ගලයන් අතර සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමටත් අවසරය තිබිය යුතුයි.

කාලසටහනකින් දරුවාගේ විවේකය සීමා විය යුතු නැහැ.

කාලසටහන යන රාමුවකින් දරුවාගේ විවේකය සීමා කළ යුතු නැහැ.ඔහු මෙම කාලසටහන අනුව හසුරවමින් යාන්ත්‍රික හෙවත් රොබෝ චරිතයක් බවට පත් කිම කිසිසේත්ම විය යුතු නැහැ. ඒ නිසා දරුවාටත් විවේකයන් අවශ්‍ය වෙනවා. විවේකය පමණට වඩා වැඩි වීම වගේම අනවශ්‍ය අන්දමින් විවේකය සීමා කිරීමත් එතරම් සුදුසු නොවන නිසා කාලසටහන යන රාමුවකින් දරුවාගේ විවේකය සීමා කරන්න එපා.

කාලසටහන දිගුකාලීන නොවිය යුතුයි.

බොහෝ දෙමව්පියන් කාලසටහනක් නිර්මානය කරන්නේ දිගුකාලීනවයි. කොටින්ම මාසයක් වැනි කාලයක් වෙනුවෙන් හෝ කාලසටහනක් අවම වශයෙන් සීමා කරනවා. නමුත් එය නොවිය යුත්තක්. අපට හෙට දිනයක් ගැන බලාපොරොත්තු තැබීම අපහසුයි. ඒ නිසා නිතරම කාලසටහන තාවකාලික ලෙසින් සකස් කිරීම වැදගත්. 

ඒ නිසා අපි  To do  ලැයිස්තුවක් සකස් කරමු.

ඇතැම් දේවල් කාලය සමග වෙනස් විය යුතු නිසා අපිත් කාලසටහන වෙනුවට ”ටු ඩු ” ලැයිස්තුවක් නිර්මානය කිරීම වැදගත් වේවි. මෙහිදී දරුවාටම එය නිර්මානය කිරීමේ අයිතිය ලබා දෙන්න. අද දවසේ ඔවුන් කළ යුතු වැඩ ලැයිස්තුවක් සකස් කරන්න.දවස අවසානයේදී එම ලැයිස්තුවේ දරුවා විසින් සිදු කළ වැඩකටයුතු වලට සලකුණක් යොදන්න. 

අත්‍යවශ්‍ය දේ මුලටම ඇවිත්

සම්ප්‍රදායික කාලසටහනකට වඩා කෙටි කාලයක් හෙවත් අවම වහයෙන් දවසක් වෙනුවෙන් ”ටු ඩු ” ලැයිස්තුවක් සකස් කරන විට ප්‍රමුඛතාවය ලැබෙන්නේ අත්‍යවශය්‍යකටයුතු වලටයි.එතැනින් පසුව අවශ්‍ය සහ එතරම් වැදගත් නොවන කටයුතු වෙනුවෙන් දවස පෙළ ගසා ගැනීමට දරුවාට ස්වාධීන අයිතියක් ලැබෙනවා.නමුත් කාලසටහනක් යනු පෙර සැලසුමක් නිසා දරුවාට මෙම ස්වාධීන අයිතිය නොලැබී යෑමට පුලුවනි. ඒ නිසාම ඔවුන්ගේ අත්‍යවශය කටයුතු එක් පැත්තකින් මග හැරෙන අතර තවත් අන්දමකින් කාලසටහන යනු නිකම්ම ලියවිල්ලක් බවට පත් වේවි. ඒ ඇයි කිව්වොත් අනපේක්සිත අන්දමින් දවසක් වෙනුවෙන් නව අවශ්‍යතාවයන් ඇති වෙන විට දරුවාට කාලසටහනක් තුළ සිරවෙන්නත් බැහැ.

ඇතැම් වැඩ කොටස් මග හැරී ගියොත්…? 

කලබල වෙන්න එපා. හෙට දවස සැලසුම් කරන විට අතපසු වී වැඩ කොටස් නැවත එකතු කරන්න.සමහර වැඩ කොටස් අද දවසේදීත් කිරීමට අපහසු වුනොත් ඒවා තවත් දිනයක් වෙනුවෙන් වෙන් කරන්න.උදාහරණයක් විදිහට දරුවා ගෙවත්ත සැලසුම් කිරීමට සකස් කිරීමට සූදානම් වී ඇතුව සිටියත් අධික ලෙස වැසි සමයක් අනපේක්ෂිත ලෙසින් පටන් ගෙන ඇත්නම් දරුවාට මෙම කාර්යය තව දුරටත් අනාගතය වෙනුවෙන් කල් තැබීමට සිදු වේවි.එවැනි කටයුතු ”ටු ඩූ ” ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කිරීමට සිදු වේවි.

 

කොච්චර කිව්වත් කියන දේ කනකට ගන්න නැති පොඩ්ඩෙක් ඔයාටත් ඉන්නවද?

පුතා දැන් මම කීපාරක් නං ඔයාට කිව්වද පොත් මේසේ අස් කරගන්න කියලා..

ඔයාගේ කන් දෙක ඇහෙන්නෙ නැද්ද ළමයෝ…

දවස තිස්සේම කෑගහලා දැන් නම් මට එපා වෙලා..

මේ ළමයා කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ

සමහර දවස් තියෙනවා, දරුවොත් එක්ක ගත කරන, අම්මලාටත් දරුවන්ටත් එපා වුණු. මුළු දවස තිස්සේම නොනවත්වා කෑ ගහලා අම්මාගේ කටහඬත් වෙනස් වුණු. දරුවන්ගේ මුහුණු හරිම උදාසීන වුණු. දවස අවසානයේ අම්මත් දරුවනුත් හෙම්බත් වෙලා. මූණ වගේම හිතත් උදාසීන වුණු මේ පුංචි දරුවෝ කෑවයින් නොකෑවයින් ඇඳට වැටෙනවා. නින්ද ගියාට පස්සේ අම්මාටත් ඒක දරාගන්න අමාරුයි. ඒත් දවසක් ගෙවෙද්දී දරුවන්ගේ හැසිරිම අම්මාව කේන්තියට පත් කරනවා. 

වරක් දෙවරක් හොඳින් කිව්වත් ගානකට නොගන්න නිසාම ආයෙ ආයේ නම් කියන්ගේ බොහොම සැරෙන්. වෙලාවට පොඩි පාරක් දෙකක් වැදෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම ඇයි මේ දරුවෝ අපිව තේරුම් නොගන්නේ. අපි මේ වෙහෙස වෙන්නේ එයාල වෙනුවෙන් නේද කියන එක දරුවන් වටහා ගන්නේ නැහැ. අපිට මෙහෙමත් හිතෙනවා නේද?

කාර්ය බහුල හැම අම්මා කෙනෙක්ම හිතනනේ එහෙම වුණත් දරුවන්ට කෑගහන්න සිද්ද වෙන හේතු කිහිපයක්ම තියෙනවා. හේතු තිබුණත් හැම නිතරම දරුවන්ට කෑ කෝ ගහන එක අම්මාට වෙහෙසක් මහන්සියක් වගේම දරුවාටත් ලොකු පීඩාවක්. මේ කෑ කෝ ගැහීම නිසා නිවස තුළ අප්‍රසන්න අමිහිරි පරිසරයක් ගොඩ නැගෙනවා විතරක් නෙවෙයි ඒ තත්ත්වය දරුවෙකුගේ ආත්ම විශ්වාසය දුර්වල කරන, පෞරුෂ වර්ධනය අඩාල කරවන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් මත නිවස සාමකාමී පරිසරයක් තුළ පවත්වා ගැනීම බොහෝ සෙයින් අසීරුයි. 

දරුවන්ට කෑ ගසන්නට සිදුවන හේතු 

  1. දරුවන්ගේ ගැටලු
  2. දෙමාපියන්ගේ වැඩ කරන විලාසයේ ඇති ගැටලු
  3. පාරිසරික සාධක

දරුවන්ගේ ගැටලු

ඇයි මේ දරුවන්ට එකම දේ නැවත නැවත කියමින් කෑ ‍කෝ ගහන්න සිදු වෙන්නේ.

  • අඩු අවධානය

දරුවන්ගෙන් 7%කට පමණ කොටසකට එකම දෙයකට අවධානය යොමු කිරීම එහෙමත් නැත්නම් හිත එකම දෙයක් මත තබා ගැනීම අපහසුයි. දිගු කාලීනව අවශ්‍ය වන වැඩක් උපදෙසක් අහන කොට ඒ පිළිබඳ අවධානය ඉතා ඉක්මනින් අඩු වෙන නිසා දිගින් දිගටම සවන් දීම ඔවුන්ට අපහසුයි. මෙවැනි අවස්ථාවක මේ ළමයා ඇහුනත් කරන්නේ නෑ කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් ඇහුණු පලියටම කෙටිකාලීනව මතකයට ඇතුළත් වීම හෝ දිගු කාලීනව සාවදානව මතකයට ඇතුළත් කරගැනීමටත් හැකියාවක් නැහැ.

  • දරුවන්ගේ ඇතැම් පෞරුෂත්ව ලක්ෂණ

ඕටිසම් හෝ වෙනත් පෞරුෂත්ව ඌනතා ඇති දරුවන්ට තවත් අයෙකුගේ හැඟීම් වටහා ගැනීමට අපහසුයි. ඒ නිසාම එකම උපදෙස නැවත නැවත ලබාදීමට සිදු වෙනවා. ඇතැම් විට සමාජීය යෙදුම්ථ භාෂාවේ විවිධ විලාස තේරුම් ගැනීමට නොහැකි වීම නිසා මෙවැනි තත්ත්ව උද්ගත විය හැකියි. ඒ වගේම ඇතැම් දරුවන්කියන දේට විරුද්ධ දේම සිදු කිරීම වැනි අවස්ථා ගැන අත්දැකීම් ඔබටත් තිබිය හැකියි. එවැනි අවස්ථා ඇත්නම් සුදුසුකම් සහිත මනෝ විශේෂඥවරයෙකුගේ උපදෙස් පැතීම වඩාත් සුදුසුයි.

දෙමාපිය/ගුරුවරුන්ගේ වැඩ කරන විලාසයේ ඇති ගැටලු 

මේ පිළිබඳව කතා කිරීමේදී දෙමාපියන් වර්ග කිහිපයක් ගැන කතා කළ හැකියි.

  • නීති නොපනවා දරුවන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩදෙන දෙමාපියන්

දරුවන්ට තමන්ගේ හිතුමතේ හැසිරෙන්නට ඉඩ ප්‍රස්ථාව උපරිමයෙන් ලබා දීම නිසා ඒ දරුවන්ට කාලයට එහෙමත් නැත්නම් අවස්ථානුකූලව කටයුත් කිරීමට අපහසු විය හැකියි. යමක් සැලසුම් සහගතව සිදු කිරීමට යාමේදී වුවත් නැවත නැවත එකම දේ වෙනුවෙන් උපදෙස් ලබාදීම අවශ්‍ය වෙනවා. 

  • ඒකාධිපති විලාසයෙන් දරුවන් සමග කටයුතු කරනදෙමාපියන්

දරුවන්ට විධි විදාන ලබා දෙන මෙවැනි දෙමාපියන් බොහෝ විට දරුවන්ගේ හැඟීම් හඳුනා නොගනී

එවිට මව්පියන් පිළිබඳව අමිහිරි හැඟීමකක් දරුවන් තුළ ඇති වේ.

දරුවන් දෙමාපියන්/ගුරුවරු වැඩකරන පරිසර

‍ඔබ සිටින පරිසරය ඝෝෂාකාරී/අපිළිවෙළ තැනක් නම් එය සැමවිටම අමිහිර අත්දැකීම් ගෙන එන්නක් විය හැකියි. දරුවන් ඉගෙන ගන්නේ නිරීක්ෂණය තුළිනි. මෙවැනි පරිසරයකදීත් එකම දේ නැවත නැවත කියමින් කෑගසන්නට සිදු විය හැකිය. වෙලා තැනක් නම් කෑ ගහන්න වෙනවා. අපිළිවෙළ, නීතිරීති වැඩි ඝෝෂාකරී වටපිටාවකදී නිසි කලට යමක් කිරීමට නොහැකි වීම මත දරුවන්ට කෑ ගසන්නට ඔට සිදු විය හැකියි.

වැඩිහිටි ඔබේ කෑගැසීම නිසා දරුවන්ට ඇති වන මානසික පීඩනය ඉතා නුසුදුසු වන අතරම මෙවැනි වටපිටාවකට නිරාවරණය වන දරුවෙකුගේ පෞරුෂ වර්ධනයටත් එය බාධා වනු ඇත. මනෝ වෛද්‍ය විශ්ලේෂණවලට අනුව සනාථ වී ඇති කරුණ වන්නේ දරුවන් සමග සමීපව කටයුතු කිරීම ඔවුන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට හේතු වන බවයි. එසේ නම් වැඩිහිටි අප වටහා ගත යුතු වන්නේ අපේ පුංචි දරුවන්ට දවස මුළුල්ලේ කෑ කෝ ගැසීම ඔවුන්ගේ ජීවිතයේ බොහෝ සංවර්ධනයන් අඩාල වන බවයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

අම්මාගේ ජීවිත පොතේ හොඳම පරීශීලකයා දරුවායි

මවකගේ ජීවිත පොතේ පිටු නිවැරදිව ගැලපිය යුත්තේ එහි අකුරක් නෑර දරුවන් විසින් පරිශීලනය කරන නිසාමය. එහි සෑම අංශු මාත්‍රයක්ම දරුවන්ගේ ජීවිතයට ඈදා ගන්නා නිසායි. දෙහදක ආදරයක ප‍්‍රතිඵලයක් ලෙස මවකගේ කුස තුළ රෝපණය වන කලලය බාහිර ලොවට ප‍්‍රතිචාර දක්වන්නට පටන්ගන්නේ කුස තුළ වැඩෙන සමයේදීම බව අප කවුරුත් දන්නවා. අම්මාගේ තාත්තාගේ හ දරුවා හඳුනන්නේ ඔවුනොවුන් හමුවන්නටත් පෙර සිටමයි. දරුවා ලෝකය දකින්නේ ඔබේ ඒ හ හරහායි. මෙලොවට බිහි වූ තැන් සිට දරුවෙකු මව්කුස පිළිසි ගත්දා පටන් මවගේ ක‍්‍රියාවන්ට ප‍්‍රතිචාර දක්වන්නට පුරුදු වේ. එමෙන්ම මෙලොවට බිහිවන ඒ බිලිඳා ඔබෙන් පෝෂණය, රැකවරණය ලබා ගනිමින් ඔබ හරහා අහන්නට දකින්නට ලැබෙන දේ තුළින් ජීවිතය ඉදරියට රැගෙන යයි. සැබවින්ම දරුවා මුලසිටම කියවන්නේ ඔබේ ජීවිත පොත යැයි කීවොත් වඩා නිවැරදියි. එබැවින් මවක් සැමවිටම තම කටයුතුවලදී තමා තරුවක්ව සිටින ඒ දරුවාගේ සුන්දර ලෝකය පිළිබ සිතීම අනිවාර්ය වේ. දිනෙන් දින වැඩිවියට පත්වන දරුවා මවගේ ගමන්මග පසුපස යමින් හො හෝ නරක හෝ වේවා මවගේ ගති පැවතුම්, ක‍්‍රියාකාරකම් මනසට උරාගැනී. 

දරුවෙකු සැමවිටම ආසා කරන්නේ ආදරණීය වටපිටාවකටයි. ඒ වගේම සාමකාමී පරිසරයකටයි. එබැවින් කිසිදු විටෙක ස්වාමියා හෝ වෙනත් අයෙකු සමග දරුවන් ඉදිරියේ කෑ කෝ ගැසීම නුසුදුසුය. ගැටලූව විසඳා ගැනීමට සුදුසු ක‍්‍රමයක් ඥානාන්විතව තෝරා ගත යුතුය. නමුත් දරුවන් ඉදිරියේ සැමවිටම පවුල තුළ සමගිය රවා ගන්නට ඉවසීමෙන් කටයුතු කිරීම මවකගේ යුතුකමක් වන්නේ දරුවෙකු නිවැරදි මගට ගැනීමේ අභියෝගය සැමවිටම පැවරෙන්නේ නිවසේ අම්මාට වන බැවිනි.

පෙර කී පරිදිම දරුවා මවගේ අඩිපාරේ යමින් ජීවිතය හඳුනා ගනී. මවක් තම දෙමාපියන් පිළිබව ආදරණීයව සොයා බැලූවහොත් ඒ දරුවා ඒ දෙය හොඳින් ධාරණය කරගනි. එසේම අනාදරණීය වුවහොත් තත්ත්වය යම් දිනෙක ඔබටත් එසේම වනු ඇත.

දරුවෝ හැම මොහොතකම යමක් සොයනවා. එයාලා උත්සාහ කරනවා අනෙක් අයගෙයි තමාගෙයි අතරේ තියෙන වෙනස්කම් සොයන්න. ඒ වගේම එයාලා ආදරය කරන යම් චරිතයක් සිටිය හැකියි. ඒ අම්මාද වෙනත් කාන්තාවක්ද යන වග තීරණය වන්නේ මවක් තම දරුවා සමග සම්බන්ධ වන ප්‍රමාණයට අනුවයි. පුංචි හිතට ඇය  අම්මා තාත්තාට වඩා විශේෂිත විය හැකියි. ඇතැම් විට ඒ, ඒ පුද්ගලයා දරුවගේ කතා බහට හොඳින් සවන් දීම, එහෙමත් නැත්නම් පුංචි ඇස් දෙකට ආස හිතෙන විදියට අඳින පළදින එක වෙන්න බැරි නැහැ. මේ හැමදේම අම්මගේ තාත්තගේ කාර්ය බහුල බවත් එක්ක සිදු වෙන දේවල්. පුංචි හිත කියන්නේ ඒකට තමයි. අම්මා කෙනෙක් විදියට හැම මොහොතකම තමන්ගේ දරුවන්ව තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. ඒ වගේම කුමන ආකාරයෙන් කාර්ය බහුල වුවත් දරුවන් එක්ක එයාලා කැමති රූපවාහිනී වැඩසටහනක් බලන්න, එකට හිනහා වෙන්න, කෑම ගන්න, අදහස් හුවමාරු කරගන්න, කැමති අකමැති දේ දැන ගන්න, පාසලේ වැඩකටයුතු ගැන අහන්න විතරක් නෙවෙයි, දරුවන්ගේ හැඩරුව ගැන වගේම හො ගති පැවතුම් ගැන පුංචියට වර්ණනාවක් කරන්නත් පුංචි පුංචි වැරදි හමුවේ පුංචි තරවටුවක් කරන්නත් අම්මා කෙනෙක් අමතක නම් කරන්න හො නෑ. අපි අපේ දරුවන්ට ගෙවෙන හැම තත්ත්පරේම ආදරය කරත් ඔවුන්ගේ පාසැල් වැඩ කටයුතු ගැන හොයලා බලන්න, කැමති කෑමක් හදලා දෙන්න, කොණ්ඬේ පීරලා හැඩ වැඩ බලන්න, ටිකක් තුරුලූ කරගෙන වග තුග අහන්න නම් දවසේ පැය විසිහතරෙන් වෙලාවක් දරුවන් වෙනුවෙන් වෙන් කළ යුතුමයි. ඒ දරුවන්ගේ ජීවිතවල පැවැත්මේ තීරකයා වන්නේ අම්මා නිසයි.

එදිනෙදා ජීවිතයේ අත්දැකීම් හරහා ගහට කොළට සතා සීපාවට ආදරය කරන්නට දරුවාට කියා දිය යුත්තේ අම්මාය. ආගම දහමට අනුව ජීවත් වෙන්න දරුවාට කියා දිය යුත්තේ අම්මාය. දරුවාගේ ආත්ම ශක්තිය වර්ධනයට අවශ්‍ය වටපිටාව සකස් කළ යුත්තේ අම්මාය. නීතිරීති ගැන කියාදී ඒවාට අනුව ජීවත් විය යුතු ආකාරය කියා දිය යුත්තේ අම්මාය. නියමිත වේලාවට වැඩ කරන්න, අනෙකාට ගරු කරන්න, පිරිසිදුව ජීවත් වෙන්න වගේම මුළු ලෝකයටම ආදරය කරන්න දරුවාට කියා දිය යුත්තේ ද අම්මාමය. 

 

රෝස පදුරේ නම් ආයෙ ආයේ මල් පිපේවි.. ඒත් අපේ පුංචි පැටවුගේ හිත් ….?

රෝස පදුරේ නම් ආයෙ ආයේ මල් පිපේවි.. ඒත් අපේ පුංචි පැටවුගේ හිත් ….?

අනේ අර බලන්නකෝ… ඊයේ ? වැස්සට මම අලූතින්ම ගෙනාපු සුදු රෝස පඳුරේ මල් පොට්ටු ටික බිම හැලිලා. මම බලාගෙන හිටියේ මල් ටික ලස්සනට පිපෙනකම්. අපරාදේ……මට තිබුණේ මල් පෝච්චිය ගෙයි ඇතුළෙන් අරන් තියන්න.

එහෙම දෙයක් වුණොත් ඔබත් මේ විදියට පසුතැවෙනවා නේද? මේ තදින් වහින කාලේ, ඔබ ඔය තරම්ම ආදරය කරන රෝස මල් පෝච්චිය වැස්සට අහුවෙන තැනක තියුවේ ඇයි? පස්සේ පසුතැවෙනවට වඩා කලින් කල්පනා කරා නම් රෝස පඳුරේ ලස්සනට රෝස මල් පිපෙන හැටි බලන්න තිබුණා නේද? ඒත් දැන් මොනවා කරන්නද?

රෝස පඳුර ඒ විදියට හිතින් අතහැරියත් ඒ බිමට වැටිලා විනාශ වුණු රෝස මල් පොට්ටුව ඔබේ පුංචි දරු පැටියා වුණොත් ඔබට මේ සිද්ධිය හිතින් අත්හරින්නට පුළුවන්ද? කොහොමත්ම බැහැ නේද? රෝස පදුරේ ආයෙ ආයේ මල් පිපුණත් පුංචි දරුවෙක්ට ආයෙ ආයෙ පිපෙන්න බැහැ. මේ වගකීම පූර්ණව පැවරෙන්නේ අම්මාට. සුමුදු, පිවිතුරු, සුවවත්, ලස්සන පුංචි පැටවුන්නේ ජීවිත අකාරුණික ලෙස අහිමිව යන මේ යුගයේ ඔබේ දරුපැටියා පිළිබව කොයිතරම් සැළකිලිමත් විය යුතුද යන්න ඔබට අපහැදිලි විය නොහැකියි.

ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන බොහොමයක් හැලහැප්පීම් හමුවේ ධෛර්යවන්තව හිතන්න පතන්න හැකියාව දෙමාපියන් වන අපිට තියෙනවා. ඇත්තටම ඒ අපේ පුංචි දරුවෝ නිසා. මොකද අපි දන්නවා අපි නැති වුණොත් ඒ පුංචි පැටව් කොයිතරම් නම් අසරණද කියලා. හරියට කෑම එක අරගෙන කන්න නොතේරෙන, තමන්ගේ ඇපත හොට පවිත‍්‍ර කරගන්න නොතේරෙන, කිසිම අයෙක්ව අවිශ්වාස නොකරන මේ පුංචි දරුවෝ ගැන අපට තියෙන වගකීම මෙතකැයි කියන්න නම් අමාරුයි. අන්න ඒ නිසාමයි එයාලට අපිව අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍යතාවය සියයට දෙසියක් සම්පූර්ණ කිරීමේ වගකීම වගේම යුතුකම දෙමාපියන් වශයෙන් අපට පැවරෙනවා. 

අවධානයෙන් ඉන්න, ඔබේ නොදරුවා සමීප වන්නේ කාටද යන වග. ඔවුන්ට යම් යම් දේ ගෙනැවිත් දෙන්නේ කවුරුන්ද යන වග. ඒ කුමක් සහාද? එසේ කරන්නට ඒ පුද්ගලයා දරුවාට ඇති විශේෂ හිතවත්කම කුමක්ද? ඔහු දරුවාට තෑගිබෝග ලබා දිය යුතු අයෙක්ද? මේ කරුණු පිළබව දරුවාට වටහා ගත නොහැකි වුවත් දෙමාපියන් වන ඔබට වටහා ගත හැකියි. අසැල්වැසි නිවසේ අය්යාගෙන් ලැබෙන පුංචි බෝනික්කා ඔබට කියන්නේ දරුවාගේ ජීවිතයට ඇති විය හැකි අනතුරක අවදානම විය හැකියි. දරුවා පවසන බොහෝමයක් වචන අතරේ ඒ අවදානම ඔබට හඳුනා ගත හැකිය. වැදගත් වන්නේ ඔබේ පූර්ණ අවධානය පමණි.   

ඉතිං ඔබට පුළුවන් නේද දැනුවත් වන්න, කිසිම අවස්ථාවකදී නොදන්නා පිටස්තරයෙකු අතින් දරුවෙකුට යම් හිරිහැරයක් වන අවස්ථා අවම වන අතරම සැමවිටම එවැන්නක් සිදුවිය හැක්කේ ඔබේ පවුලට සමීපතමයෙකු අතින් හෝ පවුලේ අයෙකු අතින් යන බව. කිසිදු විටෙක ඒ සහා අවස්ථාවක් ලබානොදීමට ඔබ වග බලා ගත යුතුය. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ පිළිබව වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතුය. ඇතැම් විට තලා පෙලා පීඩාවට පත්ව මිලිනව යන මල් කැකුළු මෙන්ම තාඩනයට පීඩාවට පත්වෙමින් අසහනයෙන් ජීවිතයට මුහුණ දෙන පුංචි පැටවුනුත් මේ රට තුළ කොයිතරම් නම් ඇතිද? අද සිටිම සැළකිලිමත්වන්න, දරුවා කාලය ගතකරන්නේ කා සමගින්ද? ඔවුන් සමග දරුවා සිදුකරන්නේ මොනවාද යන්න වග. නිවසේම අය පිළිබව සැක කරමින් ජීවත් වන්නේ කොයි ලෙසකින්ද යන්න ඔබට සිතිය හැකියි. නමුත් ඔබේ සිත තුළ පුංචි සැකයක් රවා ගැනීම දරුවාගේ ආරක්‍ෂාවට බෙහෙවින් උපකාරී විය හැකිය යන්න මගේ අදහසයි. 

මල් පෙතිවන් සිනඳු පුංචි දරුවන්ගේ අපස කෙරේ ලොබ බඳින්නට තරම් අසහනකාරී සාහසිකයන් වෙසෙන මේ සමාජය තුළ දරුවන් ලොවට නොපෙන්වා සවාගෙන ඇති දැඩි කරන්නට ඇති නම් කියා මට සිතෙන වාර අනන්තය. ඇස් දෙක වාගේ නොව ඇස් දෙකටත් වඩා වැඩියෙන් රැකගත යුතු දෙයක් වේ නම් ඒ අපේ දරුපැටවුන්ය.

 

ලිංගික අපයෝජකයන් හඳුනාගන්න.. ඔබේ දරුවා බේරාගන්න…

හැම අම්මෙක් තාතත්තෙක්ම හැම නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය එළිය කරන්න. ඒත් සුළු අතපසුවීමකින් හෝ ජීවිතය අදුරුකරන සිදුවීමකට තමන්ගේ නොදරුවාට මුහුණ දෙන්න සිදු වුණොත් ඒ ඛේදනීය සිදුවීමත් එක්ක මුළු ජීවිතයම විනාශයට ඇද දැමිය නොහැකියි. යළිත් කොතනින් හෝ අපි අපේ දරුවනුත් සමගින් නැගී සිටිය යුතුමයි. ඒ වෙනුවෙන් දරුවන්ව ශක්තිමත් කිරීමත් අවශ්‍ය පියවර ගැනීමත් වැඩිහිටි අපගේ යුතුකමක්. ඒ වගේම දරුවන් දෑසේ රුවා රැක ගැනීම ඊටත් වඩා එහා ගිය අපේ වගකීමක් බව නම් අමතක කරන්නම එපා.

අද පවතින සමාජය තුළ අපේ දරුවෝ බොහෝ සෙයින් අනාරක්ෂිතයි. කිසිත් නොදන්නා මල් වගේ පුංචි පැටව් සමාජයට නිරාවරණය කිරීමට පවා දැන් දැන් මව්පියන් බයයි.   ඒ රට වටා සිදුවන ළමා අපයෝජන නිතර නිතර අසන්නට ලැබීම නිසාවෙන්මයි. ඒ කෙසේ වෙතත් අපිට දරුවන් සමාජගත කිරීමෙන් වැළකී සිටිය නොහැකියි. අපි අපේ දරුවන් ආරක්ෂිත වටපාටාවක් තුළ මුදා හැරිය යුතුයි. අන්න ඒ වෙනුවෙන් පළමුව වැඩිහිටි අප දැනුවත් විය යුතුයි. 

ළමා අපයෝජන එහෙමත් නැතිනම් ලිංගික අපයෝජන

මනෝවෛද්‍ය පර්යේෂණවලට අනුව ළමා අපයෝජන, ලිංගික අපයෝජන ලෙස හදුන්වන්නේ වයස අවුරුදු 13ට අඩු එනම් නව යොවුන් වියට එළැඹී නැති දරුවන් ශාරීරිකව හෝ මානසිකව වැඩිහිටි අයෙකු මගික් ලිංගිකව බලපෑමට ලක්වීමයි. මෙම වයස් සීමාවේ දරුවන් මෙසේ අපයෝජනයට ලක්කරන පිරිස් අතර පුරුෂ පක්ෂය බහුතරයක් ලෙසත් සුළුකරයක් කාන්තාවන් සිටීමත් දැකිය හැකියි. මේ තත්ත්වය මත දරුවෙකුට සමාජයේ හමුවෙන කිසිම අවස්ථාවක් ආරක්ෂතයි යන නිගමනය එලැඹෙන්න මව්පියන්ට හැකියාවක් නැහැ.

ළමා ලිංගික අපයෝජකයන් කියන්නේ කවුද?

ඇත්තටම කිව්වොත් මෙය මානසික රෝග තත්ත්වයක් ලෙස නම් කිරීමේ වරදක් නැහැ. මොවුන්ගෙන් එක්තරා කොටසක් පැරාෆිලික් තත්ත්වයේ (Paraphilic disorder) එක කාණ්ඩයක් වන පීඩර් යිල්ස් ලෙස හදුන්වනවා. පීඩෝෆිළියා තත්ත්වය (Paedophilia), පැරාෆිලික් තත්ත්වයට (Paraphilic disorder) අයිති කොටසක්. සාමාන්‍යයෙන් වැඩිහිටි දෙදෙනෙක් අතර ලිංගික උත්තේජනයක්/සම්බන්ධයක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස අපි සලකනවා. එයට බාහිරව වෙනත් තත්ත්ව මත ලිංගික උත්තේජනයට පත්වීම පැරාෆිලික් තත්ත්වය (Paraphilic disorder)  යයි. මෙතැනදි වෙනත් වැඩිහිටියෙකු කෙරේ ඇති වෙන ලිංගික උත්තේජනයකට වඩා දරුවන් කෙරේ ලිංගික උත්තේජනයක් ඇති වීමේ තත්ත්වය පීඩෝෆිළියා තත්ත්වය (Paedophilia) ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය මත මෙවැනි පුද්ගලයන්ට කුඩා දරුවන් ගොදුරු වෙනවා.

මනෝ වෛද්‍ය පර්යේෂණවලින් හඳුනා ගත් පරිදි මොවුන්,

  • සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන අතරම මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසුව යම් අවස්ථාවක් උදා වුවහොත් දරුවන් ගොදුරු කරගන්නවා
  • සමාජයෙන් වෙන්ව තනිව වෙසෙන, සමාජීය සබඳතා පවත්වාගැනීමට අපහසු නිසාත් වැඩිහිටියන් හා සම්බන්ධ වීමට‍ හැකියාවක් නොමැතිකම මත දරුවන් ගොදුරු කරගන්නවා
  • සමාජ විරෝධී පෞරුෂත්ව ඇති මොවුන් ආවේගශීලී ලෙස දරුවන් ගොදුරු කරගන්නවා

ළමා ලිංගික අපයෝජනයක ප්‍රතිවිපාක මොනවාද?

ලිංගික අපයෝජනයකට ලක් වූ දරුවෙකුට මුහුණ දීමට සිදුවන හිරි හැර මත ඇති වන ශාරීරික ප්‍රතිවිපාකවලට අමතරව කෙටි කාලීන මෙන්ම දිගු කාලීන  මනෝ වික්ෂිප්තභාවයන් ඇති විය හැකියි. මේ අවස්ථාවේදී නිසි මනෝ වෛද්‍ය උපදෙස් දරුවාට නොලැබුණහොත්, කෙටි කාලීනව බිය/මානසික පීඩනය/අවිශ්වාසය වැනි තත්තවයන්ද ඉන් ඉදිරියටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් දිගු කාලීනව නව යොවුන් මෙන්ම වැඩිහිටිවියේදීත් විෂාදය/ මනෝ කම්පන තත්ත්ව/සාංකාව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

ලිංගික අපයෝජනයට ලක් වූ දරුවෙක්ට ප්‍රතිකාර කිරීමේදී දෙමාපියන්ගේ මෙන්ම දරුවාගේ මානසික තත්ත්වයට මුල් තැන දෙමින්,

  1. ශාරීරික ගැටලු පිළබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කරයි
  2. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය කරුණු ගොනු කරයි
  3. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් මනෝමීය ප්‍රතිකාර ලබාදෙයි

මූලිකව එවැනි දරුවෙකු පැමිණි විට ඔහුට/ඇයට මනෝමීය ගැටලු ඇත්දැයි පරීක්ෂා කරයි. ඒ සඳහා කතා කිරීම/චිත්‍ර ඇඳීම/ගී ගැයීම/ක්‍රීඩා කිරීම වගේම දෙමාපියන් සමග සාකච්ඡා කොට කරුණු සොයා ගනියි. ඉන් අනතුරුව යම් දරුවෙකුහට විශේෂඥ ප්‍රතිචාර අවශ්‍ය නම් මූලිකය මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ‍යොදාගනී. ඒ සඳහා trauma based cognitive behavioral ප්‍රතිකාර ක්‍රමය යොදා ගනී.

Trauma based cognitive behavioral therapy 

අපයෝජනයට ලක්වුණු දරුවෙකුගේ එම සිද්ධිය හා සම්බන්ධ මනෝ කම්පන තත්ත්වයත් හා බැදුණු සිතුවිලි හැඟීම් හා හැසිරීම වෙනස් කිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කෙරේ. මෙය මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු අතින් සිදුවිය යුත්තකි. ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරයා සුදුසුකම් සැපිරූ පලපුරුදු අයෙකු විය යුතුය. Trauma based cognitive behavioral ප්‍රතිකාර ක්‍රමයේදී, දරුවා දැන් පත්ව සිටින පීඩාකාරී තත්ත්වය ඉන් එහාට යාමක් සිදුනොවිය යුතුය. බලෙන් තොරතුරු ලබා නොගත යුතුය.

මව්පියන් ලෙස ඔබ සැමවිටම,

ඔබේ දරුවාට උනන්දුවෙන් සවන් දෙන්න. යම් අපයෝජනයකට ලක්ව ඇති බවට සැක මතුවුවහොත් වහාම ළඟම ඇති රෝහලට දරුවාව රැගෙන යන්න. එවිට දරුවා පරීක්ෂා කිරීමත් එවැනක් තහවුරු වුවහොත් අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමත් සිදු කරයි. තහවුරු වීමෙන් පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් යොමු කිරීමට දෙමාපියන් වශනේ ඔබට හැකියාව ලැබේ. 

දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් වුව හොත් දෙමාපියන්/ගුරුවරුන් ලෙස ඔබ කළ යුත් දේ

  • කොතරම් නොසන්සුන්, ‍කෝප ගැන්වෙන අවස්ථාවක් වුවත් දරුවාගේ මනෝබාවය රැක ගැනීම අත්‍යවශ්‍ය නිසා ඔබ කලබල නොවිය යුතුය
  • මෙවැනි සිදුවීමකින් පසුව මනෝමීය සංකූලතා ඇති විය හැකි බැවින් සිදුවීම සඟවා සිටීමට හෝ කල්ගත කර විසඳුම් සෙවීමට නොසිතිය යුතුය. මෙවැන්නක් දැනප ගතහොත් ඒ පිළිබඳ වාර්තා කිරීම ඔබේ යුතුකමකි
  • අවශ්‍ය අංශවල තොරතුරු නිවැරදිව ලබාදීම අත්‍යවශ්‍යය
  • මෙවැනි අවස්ථාවකදී දෙමාපියන්/ ගුරුවරු/වෛද්‍යවරු එකම කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුය

ළමා අපයෝජකයන්, නිවස, පාසැල අසල හෝ තුළ සිටය හැකිය. එසේම දරුවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි රුකියාවල (ගුරුවරු, පාසැල් බස් රියේ රියැදුරු) නිරත වේ. ‍මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව මෙවැනි අපයෝජකයන් දරුවන් හොඳින් හඳුනන ළගින් ඇසුරු කරන්නන් බව හෙලි වී ඇත.

 

මෙවැනි අපයෝජකයන් දරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩ නඟා ගනිමින් මිත්‍රත්වයක් අරඹයි. දරුවන් කැමති යමක් ත්‍යාග ලෙස ලබා දේ. මෙතැනින් නොනැවතී ඉදිරියට ගමන් කරයි. දරුවෙකුට සිතා ගත නොහැකි ආකාරයෙන් හිරිහැරයක් නොවන ලෙස හිස පිරිමැදීම, අතින් අල්ලා ගැනීම මගින් මොවුන් ආරම්භය සටහන් කරනවා. ඉන් නොනැවතී දරුවන්ට ශාරීරික හිංසනයට අමතරව වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ/ කෙටි පණිවිඩ යැවීම සිදු කරනවා. හැම දෙමාපියන්ම දරුවන් දුරකතනයේ හෝ පරිගණකයේ හෝ සිටින විට ඔවුන් ඇතුළු වන වෙඩ් අඩවි, පණිවිඩ ආදී සියල් පිළිබඳව සැලකිලිමත් විය යුතුමය. 

මව්පියන් වන ඔබ,

  • දරුවාට උපරිම ආරක්ෂාව ලබා දෙන්න. දරුවන්ගේ ආරක්ෂකයා ඔබම වන්න
  • වයසට සරිලන පරිදි ලිංගිකත්වය පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දෙන්නවයසට අනුතූලව. (දෙමාපියන්/ගුරුවරුන් මගින්)
  • පෙර පාසැල් වියේ සිටම තමන්ගේ සිරුරේ අයිතිය තමාට බව කියා දෙන්න(රූප සහිතව පැහැදිලි කරන්න)
  • එසේ සිදු වූ දරුවෙකු ලැජ්ජාවට පත්කිරීම කොන් කිරීම වැනි දෙයින් වළකින්න (දරුවන් විස්තර කීමට මැලි වීම හේතුවෙන් එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට තවත් දරුවන් එයින් වළකා ගැනීමටත් නොහැකි විය හැකිය)

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

හෙට වියපත් වෙන දෙමව්පියන් අපි..

වැඩිහිටියන්ට දරුවන් නොසලකන සිදුවීම් ගැන අපි නිතරම කතා කරමු.ඒ ගැන දරුවන්ට චෝදනා එල්ල කිරීමත් සිදු වෙනවා. ඒ වගේම දරුවන්ගේ ආදර සැලකිලි නොමැතිව වැඩිහිටි නිවාසයන්හි දැවෙන තැවෙන වැඩිහිටියන් ගැන අපි නිතරම සංවේදීව කතා කරනවා.

වැඩිහිටියන් බවට පත්වීම සාමාන්‍ය සංසිද්ධියක්

අද දරුවා හෙට වැඩිහිටියෙකු බවට පත් වීම ස්වභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක්.මෙම වියපත් වීම සමග සම්බන්ධව තිබෙන තවත් අතිරේක හේතු කාරනා කීපයක් තිබෙනවා.

  • වියපත් වීම සමග කායික ශක්තිය පිරිහීම.
  • විශේෂයෙන් බෝනොවන රෝගවල ගොදුරක් බවට පත් වීම.
  • දරුවන් ස්වාධීන ජීවිත ආරම්භ කිරීම නිසා දෙමව්පියන් හුදෙකලා වීම.
  • ආර්ථික ගැටළු හෙවත් ආදායම් මාර්ග නැති වීම
  • සමාජ සම්බන්ධතාවයන් අඩු වීම

දරුවනුත් වැඩිහිටියන් බවට පත් වෙනවා…

කාලය සමග ඔබේ තුරුලේ සිටි දරුවන් නොදැනීම වැඩිහිටි දරුවන් බවට පත් වෙලා ඔවුන්ගේ ජීවිතයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා.

  • දරුවන්ගේ අධ්‍යාපනය සහ රැකියාවන්හි නිරත වීම.
  • විවාහ වීම.
  • දරුවන් ලබා ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගැනීම.
  • සමාජ සම්බන්ධතාවයන් නිසා දරුවන් කාර්ය බහුල වීම.

එහෙමනම් දෙමව්පියන් වියපත්වම සහ දරුවන් ස්වාධීන ජීවිතයක් ආරම්භ කිරීම අතර ඇති හිදැස පුරවන්නේ කොහොමද…?

උස් මහත් වෙලා දීග තල ගිහින් තමන්ගේම දරුවන් හදා වඩා ගෙන ජීවිතය පටන් ගත් දූ දරුවන්ට තමන්ගේ දෙමව්පියන් ගැන සොයන්න බලන්න වෙලාවක් නැති තරම් කාර්යබහුලයි කියන එකකාර ගීතයක් තිබෙනවා. මේ නිසා අද දෙමව්පියන් මහගෙදර තනි වෙන රටාව නොවැලැක්විය හැකි සාධාරණ හේතුවක් විදිහට අර්ථකථනය කරනවා.

නමුත් මෙය නිදහසට කරුණක් නොවෙයි..

අතීතයේදී දෙමව්පියන් දරුවන් දහ දොළොස් දෙනා හදා වඩා ගත්තේ මුවින් එක වචනයක්වත් නොකියා. ඔවුන්ට ඇත්තටම දරුවන් බරක් වුනෙත් නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් බරක් වුනෙත් නැහැ.

මෙතැන පුංචි වෙනසක් තිබෙනවා…

අතීතයේදී දෙමව්පියන්ගේ ජීවන රටාව බොහොම සරලයි.ඒ නිසා ඔවුන්ගේ කාලය ඉතිරියි. මේ සරල පැවැත්ම නිසා තමන්ගේ දරුවන් වගේම දෙමව්පියන්ද රැක බලා ගැනීම කිසිම විදිහකින් ගැටළුවක් වුනේ නැහැ. අද දෙමව්පියන්ගේ එකම අරමුණ තමන්ගේ දරුවන් වෙනුවන් අනාගතය සූදානම් කිරීමයි. ඒ මතම වෙහෙසෙන ඔවුන් තමන්ග් දෙමව්පියන්ට සලකන්න, රැකබලාගන්න වෙලාවක් නැතැයි කියමින් තමන් සාධාරණ කර ගන්නවා.

ලෝකය විවෘත වීම නිසාත් දෙමව්පියන් අසරණ වෙනවා..

අද හැම දරුවෙක්ම බාල කාලයේ පටන් තමන්ගේ අනාගත සිහිනය ගොඩ නගා ගන්නේ විදේශයක ජීවත් වීමයි. පුද්ගල අරමුණු වෙනුවෙන් බාධා කරන්නත් බැහැ.දරුවන් විදේශගත වුනත් දෙමව්පියන් තමන්ග් උපන් ගම රට දමා යන්න කැමැත්තක් නැහැ.ඒ නිසාම ඇතැම් දෙමව්පියන්ගේ අවසාන කටයුතු වෙනුවෙන්වත් දරුවන්ට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ලෝකයේ කොහේ හිටියත් දෙමව්පියන් වෙනුවෙන් අවධානයක් දැක්වීම අවශ්‍ය වෙනවා..

දරුවන් කොතැනක හිටියත් දෙමව්පියන් හදවතින් තනි කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. අද අපි මහපොළව මත පය ගසා සිටිනවා නම් ඒ ගෞරවය අත් වෙන්නේ දෙමව්පියන්ට බව සහතිකම ඇත්ත.

දෙමව්පියන්ගේ පැත්තෙන් පුංචි ඉවසීමක්..

දරුවන්ගේ ජීවන රටාව සමග තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට නම් දෙමව්පියන්ගේ පාර්ශවයෙනුත් පුංචි ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඇතැම් දෙමව්පියන් තමන්ගේම මතයේ සිටිනු විනා කිසිසේත්ම නම්‍යශීලි නොවන තැනුත් නැතුවාම නොවෙයි. දරුවන් සමග රැඳෙන්නට අසනීප තත්වයකදීවත්සූදානම් නොවන දෙමව්පියන්ද සිටිනවා. මේ මුරන්ඩු ගති පැවැතුම් නිසා දරුවන්ද අපහසුතාවයට පත් වෙන බවත් දෙමව්පියන් අමතක කරනවා.

 

අතීතය පාදක කර ගෙන නැගෙන චෝදනා හරිම දරුණුයි..

බොහොමයක් දරුවන් උස් මහත් වී තමන්ගේ ජීවිත ගොඩ නගා ගත් දිනට දෙමව්පියන් වෙනුවෙන් චෝදනා නගන්නට ආයුධ කීපයක් සූදානම් කරනවා..

  • අපිට පුංචි කාලයේ කිසිම සැපක් තිබුනේ නැහැ.
  • ඉඩම් පංගුවේ වැඩි කොටස දුන්නේ අයියාට..
  • අපි මේ තැනට ආවේ අපේම උත්සාහයෙන්…

මේ සියල්ලම ඇත්ත විය හැකියි. නමුත් මේ දරුණු ආයුධ වලින් දෙමව්පියන්ගේ හදවතට පහර දිය යුතු නැහැ.මේ කරුණු සාධාරණ කරමින් දෙමව්පියන්ට නොසලකා සිටින දරුවන් වෙනුවෙන්නම් කිසිම සමාවක් දිය යුතු නැහැ.

ඔබේ හෙට දවස..

අද දෙමව්පියන් ලෙසින් කාලය ගෙවන හෙට දවසේ ඔබත් වියපත් වෙනවා. එවිට ඔබේ දරුව්නගේ ආරක්ෂාව,රැකවරණය ඔබට අවශ්‍ය වෙනවා. ඒ ආදරය, ආරක්ෂාව ලබා ගැනීමට නම් ඔබ අද දවසේ ඔබේ දෙමව්පියන්ට සලකන රටාවෙන් දරුවන් අත්දැකීම් උපයා ගන්නවා.

මේ වෙනුවෙන් වූ ඇති ආදර්ශ කතාවක් ඔබටත් මතක ඇති. තමන්ගේ පියාට නිවසේ තිබෙන බෙලෙක් තැටියක ආහාරපාන දෙන අමුසැමියන් යුවලක් සිටි අතර එක් දිනක් පියාගේ බෙලෙක් තැටිය සොයා ගැනීමට නොහැකි වුණා. අම්මා සහ තාත්තා දෙන්නාම එකතුව පියාගේ පිගාන සොයන විට පුංචි පුතු පිලිතුරු දුන්නේ

”තාත්තා වයසට ගියාම බත් දෙන්න මම සීයාගේ පිගාන අරගෙන තිබ්බා…”

මෙහි වරදක් නැහැ.දරුවා ඉදිරියේ ඔබ දෙමව්පියන්ට සලකන ආකාරය ඔස්සේ  ඇති සිතුවමෙන් ඔහු තමාගේ අනාගතය ගොඩ නගා ගන්නවා. ඒ නිසාම දරුවන් ඔබට හෙට දවසේ සලකන ආකරයත් අද ඔබේ දෙමව්පියන්ට  ඔබ සලකන ආකරය මත රදා පවතිනු ඇත.

ඇහේ මුහුණේ තියාගෙන හැදුව දරුවන් අද ඇහැක් ඇරලා බලන්නේ නැහැ..

අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය,ආරක්ෂාව ලැබුන විට ඔවුන් අනාගතයේදී දෙමව්පියන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා බවයි. එහෙත් දෙමව්පියන් මේ සියල්ල ලබා දුන්නත් අනාගතයේදී දෙමව්පියන්ට නොසලකන දරුවන් බිහි නොවෙනවාමත් නොවෙයි ඒ වෙනුවෙන් හේතු කීපයක් බලපානව.

  • නරක ආශ්‍රය
  • අයහපත් ආදර්ශ
  • සාරධර්ම නොමැති වීම
  • ජනමාධ්‍ය මගින් මවන මව්පිය  දූ දරුවන්ගේ ගැටුම්

එසේ නම් ඔබත් හෙට දවසේ වියපත් වැඩිහිටියෙක් බවට පත් වෙනු ඇත. ඔබේ දරුවන්ද  ස්වාධීන ජීවිත ගොඩ නගා ගනු ඇත. මේ තත්වය කිසිසේත්ම වලක්වා ගත නොහැකි සංසිද්ධියක්. එහෙත්.. මේ වෙනුවෙන් දරුවන්ට දොස් නොනගන සහ දෙමව්පියන් මානසිකව කම්පනයට පත් නොවන හෙට දවසක් ගොඩ නැගීමට නම් ඒ වෙනුවෙන් අද දවස සැලසුම් කර ගත යුතුයි.එවිට හෙට දවස ඉතාම යහපත් වෙනු ඇත.

 

 

අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ

“ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ගුරුවරයා ජෝන් ගැන උගත යුතුයි….”

මේ ඇඩම්ස් ස්මිත් නැමැති ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකුගේ කියමනක්.එය අපේ දෙමව්පියන් වෙනුවෙනුත් බොහොම සාධාරණ අදහසක් විය හැකියි. එක පැත්තකින් දරුවාගේ මුල්ම ගුරුවරයා වෙන්නෙත් දෙමව්පියන්. ඒ නිසා ලතින් නොව ජීවිතය කියවන්න දරුවාට උගැන්වීමට පෙරාතුව අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ බොහොමයක් තිබෙනවා.

හැම දරුවෙකුම එක වගේ නැහැ

අතේ ඇඟිලි පහ වගේම දරුවන් අතරත් එක සමානකම් නැහැ. එකම අම්මාගේ තාත්තාගේ වුනත් දරුවන් අතර තිබෙන්නේ වෙනස් ගතිපැවතුම් බැව් අමතක කරන්න එපා.සමහර විට ඔබ මේ විදිහට දරුවන්ට චෝදනා නගනු ඇති

”අයියා වගේ නොවෙයි මේ ළමයා හරිම මුරණ්ඩුයි..කාගේ ගතියක්ද දන්නේ නැහැ..එකම බඩවැල කඩා උපන් දරුවන් අතර මේ අන්දමේ වෙනස්කම් තිබිය හැකියි.

 ඒ නිසා මව්පියන් ලෙස ඔබ දරුවාගේ ගති පැවැතුම් තේරුම් ගත යුතුයි. එය හරියට ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ජෝන් තේරුම් ගැනීමට සමානයි.

දරුවා තේරුම් ගන්නේ ඇයි?

හැම අම්මා තාත්තා කෙනෙකුගේම එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවා තමන්ගේ හැකියාවේ උපරිම ධෛර්යෙන් ඔවුන් තැබිය හැකි ඉහළම තැනක සමාජගත කිරීමයි. මේ වෑයම නිසාම දෙමව්පියන් විදිහට ඔබ උදේ හවස වෙහෙසන බව සැබෑව.දරුවා යහමගට ගැනීම වෙනුවෙන් ඇප කැප වීමේ සීමාවක් නැහැ.නමුත් අවසානයේදී ඔබට පාලනය කළ නොහැකි තැනකට දරුවා පත් වුනොත් ඔබේ සමස්ත වෙහෙසම නිරර්ථක උත්සාහයක් බවට පත් වේවි.

එකම රටාවත් බැහැ

ඔබ දරුවන් දෙතුන් දෙනෙක් සිටින දෙමව්පියන් නම්…එහෙම නැත්නම් බාල කාලයේදී සහෝදර පිරිසක් සමග කාලය ගෙව්වා නම් මොහොතක් හිතන්න.ඔබේ දරුවන්ට එකම අවවාදය එකම අන්දමින් ප්‍රතිචාර දක්වයිද…?ඒ ගැන ඔබටම අත්දැකීම් ඇති.විටෙක ඔබ ඉතා කාරුණික අවවාද කිරීමෙන් දරුවාගේ වැරදි කටයුතු වෙනස් කළ හැකියි. හොඳින් කියා නොහැකි තැනදි සමහර විට ඒ වෙනුවෙන් දඬුවම් ලබා දී ඇති.

හොඳින් කිව්වා….ආයේ කියන්න ඉඩ තියන්න එපා. මේ දෙවැනි අවවාදයට අවනත වෙන දරුවනුත් ඇති. ඒ අවස්ථා දෙකම වෙනුවට දඬුවමින් පමණක් මෙල්ල වෙන දරුවන්ද ඔබේ පවුලේම සිටිය හැකියි.ඒ නිසා දරුවාට අවවාද ලබා දෙන විට ඒ වෙනුවෙන් දරුවා දක්වන ප්‍රතිචාර ගැන අවබෝධයක් දෙමව්පියන් ලබා සිටීම ඉතාම වැදගත්.

හැම වේලාවේම කෝටුව අවශ්‍යද…?

ඇතැම් දෙමව්පියන් හැම වරදක් වෙනුවෙන්ම කෝටුව පෙරට ගන්නා අවස්තා තිබෙනවා. ඒත් කෝටුව නොමැතිව බොහොම මෘදු ස්වරයෙන් අවවාද ලබා දී දරුවාගේ වැරදි නිවරැදි කර ගැනීමත් පහසුයි. ඒ සියල්ල පසෙක තබා කෝටුව පමණක් පෙරට ගැනීමට හේතුව වී තිබෙන්නේ දෙමව්පියන් විසින් දරුවා ස්වභාවය ගැන තවමත් දැණුවත් වී නැති නිසාම නොවන්නේද…?

කෝටුවටත් බය නැති වෙන දවසක් එනවා.

ඕනෑ දෙයටත්,එපා දෙයටත් කෝටුවෙන් ලබා දෙන පහර නිසා පසුකාලයකදී දරුවා කෝටු පාරටත් බිය නැති වෙනවා.නමුත් අවවාදයෙන් බැරිම තැනකදී කෝටුවෙන් සංග්‍රහයක් ලැබෙද්දී නම් දරුවාගේ හිත කෝටු පහරේ වේදනාව සිහියට නැගෙන නිසා වැරැද්දෙන් දුරස් වෙන්න උත්සාහ ගන්නවා.දරුවා ගැන නිසි අවබෝධයක් ඇති දෙමව්පියන් කෝටුව නිතරම ඉස්සර කිරීමට සූදානම් නැහැ.

දඬුවමත් දරුවාගේ ස්වභාවය අනුවයි.

දඬුවම් ලබා දෙන විටත් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න. ආවේගශීලී දරුවෙකුට දඬුවම් කරද්දී ඔබත් ආවේගශීලී නොවන්න.ඔබ දරුවාගේ මව,පියා බව ඇත්ත වුනත් දරුවාගේ මානසිකත්වයේ බලපෑම දෙමව්පියන්ගේ ස්ථානය අභිභවා යන බව අමතක කරන්න එපා.එවැනි අවස්ථාවකදී ඔබ සන්සුන් වී අවවාද ලබා දීම ඉතාම වැදගත්.

දරුවන්ට යටත් වෙන්න පුලුවනෑ

මේ ගැන වරදවා හිතන්න එපා. එය දරුවාට යටත් වීමක් නොවේ. ඔබ දරුවා තේරුම් ගැනීම පමණි.ඔබ දරුවාගේ පූර්ව ගුරුවරයාය.ජීවිතය නැමැති තක්සලාවෙන් දරුවා බොහෝ දේ අනාගතයේදී උගත යුතුය. ඒ වෙනුවෙන් වූ ශික්ෂනය, සංවරය ගොඩ නගන්නේ ඔබය. ඒ ඔබ දරුවාගේ ගුරුවරයා නිසාය.

දරුවා කරන වැරැද්ද නොව වැරැද්දට හේතුව දැන ගන්න.

රෝගයක නිදානය සොයා ගන්නා වෛද්‍යවරයෙකු මෙන් දෙමව්පියන් ලෙසින් ඔබද දරුවා විසින් සිදු කරන වරද නොව වරදට හේතුව සොයා ගන්න. පාසල් යන්නට නොහැකි යැයි හඩන දරුවාට පාසල් නොයන නිසා දඬුවම් කිරීම වෙනුවට පාසල් නොයන්නට හේතුව සොයා ගන්න. දරුවාගේ පැත්තෙන් ඒ වෙනුවෙන් හේතු සාධක බොහොමයක් තිබෙන්නට හැකියි. සාර්ථක දෙමව්පියන් විසින් මුලින්ම ගත යුතු පියවර වන්නේ දරුවාගේ ප්‍රතික්ෂෙප වීමට බලපාන පරිසර සාධක හදුනා ගැනීමයි.

මව්පිය,දූ දරු ගැටුම් ඇයි..?

අද බොහෝ විට ඇසෙන දරුවන් සහ දෙමව්පියන්ගේ ගැටුම් වෙනුවෙන් වූ පරිසරයක් ගොඩ නැගී ඇත්තේ ඇයි? සැබැවින්ම ගැටෙන්නට දෙයක් නැත. ගැටීමට හේතුව මෙම දෙපාර්ශවය අතර ඇති අනවබෝධය පමණි.දරුවන් ඔබේ ලෙයින් මසින් උපන් බැව් සැබෑය.එහෙත් කාලය සමග ඔවුන්ගේ මනස සිතුවිලි හැසිරෙන අන්දම ගැන දෙමව්පියන්ට අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වේ. ඒ නිසා හැම දෙයක් වෙනුවෙන්ම ”මම අම්මා…මම තාත්තා…” යන ආයුධය පෙරට නොගන්න. එයින් ඔබ්බට ගොස් දරුවාගේ  හිත හැසිරෙන රටාව දැන හඳුනන දෙමව්පියෙකුගේ තැනට පත් වෙන්න.