දරුවාගේ ආරක්ෂාවට මව්පියන් සිතිය යුතු කරුණු

විද්‍යුත් මාධ්‍යයන්ගේ බහුල වීම නිසා ලෝකයේ කොතැන කෛලස සිදු වෙන අනතුරක් අපරාධයක් ඇසිල්ලක පමාවෙන් අපට දැනගන්න ලැබෙනවා. මොනතරම් අපිට දැනුවත් වීමට මාර්ග තිබුනත් දින දිනම සමාජය පුරා දරුවන් මුල් කර ගත් අපරාධයන්ගේ ඉහළ යෑමක් මිසක් අඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දරුවන් මුල් කර ගත් අපරාධ සිදුවීමෙත් කිසිම අඩුවක් නැහැ. අනතුරු ගැන දැන දැනත් ඒවායින් මිදෙන්නට තරම් සමාජය තවමත් දැණුවත් වී නැහැ.

ඉස්සර කාලයේ අම්මා, අත්තම්මා, නැන්දා , මාමා ඇතුලු ඥාතීන් දරුවන් ආරක්ෂා කළේ ඇස් වගේයි. දරුවන් දොස්තරවරුන් , ඉංජිනේරුවන් කිරීමේ අරමුණු නොතිබුනත් ඔවුන්ගේ එකම අරමුණ වුනේ අතක් පයක් නොකඩා දරුවන් හදා ගන්නයි. සත්මහල් ප්‍රාසාද නොතිබුනත් දරුවා හිට වැටෙන කාලයට දොරෙන් පිටතට යන තැන් අසුරා දැම්මා. මිදුලේ තිබෙන ළිඳට වුනත් අනතුරු නොවෙන විදිහට ආරක්ෂා කලා. ඒත් අද දරුවාට පවුල තුලවත් මේ ආරක්ෂාව නැත්තේ ඇයි…?

මව්පියන් කාර්ය බහුලයි

මීට දශකයකට පමණ පොරතුව මව්පියන්ගේ ජීවිත ඉතාම සැහැල්ලුයි. පියා ආර්ථිකයට බර දුන් අතර අම්මාගේ ප්‍රධාන වගකීම වුනේ දරුවන් රැකබලා ගැනීමයි. ඒත් අද දෙනේනාම රැකියාවක නිරත වෙන නිසා මේ වෙනුවෙන් විකල්ප අවශ්‍යයි. දරැවන් බලා ගැනීමට යොදවන බාහිර පාර්ශවයන්ගෙන් දරුවන්ට පූර්ණ ආරක්ෂාවක් බලාපාරොත්තු වෙන්න බැහැ.

මව්පිය දූ දරු සම්බන්ධතාවය දුරස් වීම

එදා අම්මාගේ එකම සම්පත තමාගේ දරුවා. දරුවාට සිටින එකම ගැලවුම්කාරයා වුනේ අම්මා තාත්තා සහ සහ ලේ ඥාතීනුයි. ඔවුන් එදා කිව්වෙත් “මගේ මොකෝ…අක්කාගේ නංගිගේ දරුවා මොකෝ…” කියලයි. ඒත් අද දරුවා ගැන මේ විදිහට හිතන පතන සමාජයක් නැහැ. පවුල තුළ කොටින්ම කිව්වොත් තාත්තා, බාප්පා, මාමා, වෙන දෙයක් තබා සීයාගෙන් වුනත් දරුවාට අතවර වීමට තිබෙන පරිසරය විශාලයි.

අනතුරු විය හැකි වටපිටාව

අතීතයේ දරුවන් ජීවත් වුන පරිසරයට වඩා අද ඔවුන් ජීවත් වෙන පරිසරය බොහොම වෙනස්. විදුලි මෙවලම්, අනාරක්ෂිත ස්විච්, වතුර පිරුන තටාක, පොකුණු වගේම නිවසේ අයගේ ඖෂධ නිසාත් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් වෙනවා.දරුවන් කුතුහලයෙන් පිරුන කොටසක්. ඖෂධ වුනත් ඔවුන්ගේ අතට පත් වුනාම කටේ දා ගන්නේ රසයට නොවෙයි, ඒ ගැන තිබෙන කුතුහලය නිසයි. ඒ නිසා දරුවන්ගේ අනතුරු කොතැන කොයි මොහොතකද යන තීන්දු තීරණ වැඩිහිටි අපට ගැනීම අපහසුයි.

දරුවාට පවුල ගැන දැණුවත්බව ලබා දෙන්න

අද ඔබ තුරුලේ හිටියත් හෙට අනිද්දා වෙන කොට ඔහු සමාජය සමග ගණුදෙණු පටන් ගන්නවා. එය වලක්වන්න බැහැ. ඒ නිසා දරුවා තමාගේ තරාතිරම ගැන දැනගැනීම වැදගත්. මව, පියාගේ නම දුරකථන අංකය, නිවසේ ලිපිනය, රැකියාව සහ සේවා ස්ථානයේ ලිපිනය යන කරුණු ඔවුන් දැන සිටීම වැදගත්. ඇතැම් දරුවන් වයස අවුරුදු දහය පහලොවක් වුනත් අඩුම වහයෙන් මව‍ගේ පියාගේ දුරකථන අංකයවත් දන්නේ නැහැ. සමහර දෙමව්පියන්නම් දරුවාගේ පොත් පත්වල නිවසේ දුරකථන අංකය සහ දෙමව්පියන්ගේ අංක සටහන් කරනවා. හදිසි අවශ්‍යතාවයක් වුනොත් දරුවා ගැන තොරතුරු ලබා ගැනීමට මේ නිසා පුලුවනි.

අනතුරු අවදානම ගැන දරුවාටත් කියා දෙන්න

දරුවන් ගැන අමුතු ආදරවන්තකම් දක්වන පිරිස් වෙතිනුත් ආරක්ෂාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ඒ නිසා දරුවාට ඒ  ගැනත් තොරතුරු ලබා දීම වැදගත්.

මව්පියන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න

අද පවුලක් තුළ තිබෙන සන්නිවේදනය ඉතාම දුර්වලයි. උදේ පාන්දරින්ම නිවසෙන් පිටත්ව යන පවුල නැවත හවසට එක වහලක් යටතට ආවත් ඔවුන් ජීවත්වෙන්නේ විවිධ ලෝකයන්හි බව අමතක කරන්න එපා. එක් එක් අය රූපවාහිනිය, ජංගම දුරකථනය, පරිගණකය සමග නිවස තුළම හුදෙකලා වෙනවා. මේ නිසා දවසේ තොරතුරු බෙදා ගැනීමට අවස්ථාවක් නැහැ. එක් එක් අය තමාගේ දවසේ අත්දැකීම් ඔවුනොවුන් අතර බෙදා ගන්නවා නම් මත්ද්‍රව්‍ය වැනි අහිතකර දේ වෙනුවෙන් දරුවා යොමු වීමට තිබෙන ඉඩ පරිසරය වලක්වා ගත හැකියි. ඒත් අපි මේ ගැන දැනගන්නේ දරුවා මතට ගොදුරක් බවට පත් වුනාට පසුවයි.

මව්පියන්ගේ ඇවතුම් පැවතුම්

දරුමල්ලන් ලද විට දෙමව්පියන් එදා  ප්‍රවේසම් වුනා. අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්. දරුවන් නොව මුනුපුරන් ලැබුවත් දෙමව්පියන්ගේ සංවරයක් නැහැ. ඇතැම් අවස්ථාවන්හි මවගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කිරීමට පවා යොමු වුන අවස්ථාවන් තිබෙනවා. ප්‍රේමාතුර මව්පියන් නිසා අකලට මිලින වෙන මල් කැකුලු ගැනත් අපේ අවධානය යොමු වීම ඉතා දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා.

The Big Bad Wolf Book Sale / BBW Books

අපි නිතරම දරුවන් මුල් කර ගෙන නගන චෝදනාව වන්නේ “මේ ළමයි පොතක් පතක් කියවන්නේ නැහැ…”

දරුවන්ට පොත් පත් කියවීමට හුරු පුරුදු ගොඩ නගන්නනට නම් බාල කාලයේ පටන්ම කියවන සමාජයක් වෙත ඔවුන් යොමු කළ යුතුයි. මේ වෙනුවෙන් පුස්තකාල, පොත් වෙළඳසැල් සහ පොත් ප්‍රදර්ශන ඉතාම වැදගත්. ඒත් අපේ අම්මලාට ඒ වෙනුවෙන් යොමු වීමට කාල වේලාවක් ඇත්තටම නැහැ.ඒක්ට හේතුව වෙන්නේ පොත් ප්‍රදර්ශන වගේම සෙසු ආයතනත් බොහෝ විට විවෘතව තැබෙන්නේ සම්මත වේලාවක් තුළයි. ඒ වෙලාවට අම්මලාටත් දරුවන්ටත් පොත් පත් මිලට ගැනීමට සහභාගී වීමට අවස්ථාවක් නැහැ.

ඒ නිසා මේ වගේ අවස්ථාවකින් ඔබට ප්‍රයෝජන ගන්න ලඟදීම පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථාව මගහරින්න නම් එපා..ඔබ සමහර විට අහල ඇති The Big Bad Wolf Book Sale එහෙම නැත්නම් BBW Books පොත් ප්‍රදර්ශනය ගැන.

ආරම්භය

The Big Bad Wolf Book SaleBBW Books මෙම පොත් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේදීය. මැලේසියානු පොත් ප්‍රදර්ශනයක් වන අද වෙන විට ලෝකයේ රටවල් ගණනාවක ප්‍රදර්ශන කටයුතු සංවිධානය කර තිබේ. එම රටවල් අතර මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාවද ඇතුලත් වෙනවා.මෙම පොත් ප්‍රදර්ශනයට ඇතුලත් පොත් පමණක් නොවෙයි. විවිධ කියවන දේ මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වෙනවා. පොත් ගැන කිව්වාම අපේ මතකයට එන්නේ විෂය සහ විෂය සමගාමී පොත් පත් වුනත් මේ ප්‍රදර්ශනයේදී අපට අවශ්‍ය ඕනෑම අන්දමක පොත් මිළට ගන්න පුලුවනි. ප්‍රබන්ධ සාහිතයය, ළමා සාහිත්‍යය , තරුණ සහ වැඩිහිටි සාහිත්‍යය වැනි විෂයන් වගේම බිත්ති කඩදාසි, චිත්‍රපට, වැනි විවිධ දේ ඇතුලත්.

The Big Bad Wolf Book පොත් ප්‍රදර්ශනයේ අලුත්ම ඉංග්‍රිසි සංස්කරනයන් මිලට ගැනීමට පුලුවන්. මෙහි පොත් මිලියන 1.5 ක් පමණ ඇතුලත් වෙනවා. විවිධ විෂය ප්‍රභේද  ත් වර්ග 20,000 කට අධිකයි. ඒ වගේම මෙම ප්‍රදර්ශනයේදී ලැබෙන ආකර්ශණීය වට්ටම් අමතක කරන්න බැහැ. එය 60% සිට 80 % ක් තරම් ඉහලයි.

අපේ රටේදි මේ පොත් ප්‍රදර්ශනය දැක බලා ගන්න වගේම පොත් පත් මිළට ගැනීමට ඉදිරියේදී ඔබට අවස්ථාව තිබෙනවා. ජුනි මාසයේ 28 වැනි දින පටන්ගන්නා මෙම ප්‍රදර්ශනය ජුලි 8 වැනි දින තෙක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ (SLECC) පැවැත්වෙනවා.

වාසි බොහොමයක් තිබෙනවා

පොත් ප්‍රදර්ශනය දිගටම විවෘතයි.මොන තරම් ලාබදායක වුනත් කොතරම් ප්‍රයෝජන වුනත් අ‍පිට ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි විදිහට යම් යම් බාධක ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් උදේටත් අපිට මේ වෙනුවෙන් කාලයක් කැප කරන්න බැහැ. හවසට ගෙදර එද්දී යන්න බලාගෙන ආ‍වත් ඒ වෙන විට ප්‍රදර්ශනය අවසන්. සති අන්තයටත් අපිට නොයෙක් වැඩ කටයුතු. Big Bad Wolf Book ප්‍රද්ශනයේදී මේ ගැන මැසවිලි අවශ්‍ය නැහැ. ජුනි 28 සිට ජුලි 8 තෙක් වූ පැය 255 ක් පුරාවටම ප්‍රදර්ශනය විවෘතයි. දවසේ පැය 24 ම විවෘත නිසා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන්. කොටින්ම කිවවොත් එලිය වැටෙන්න පැයකට කලින් වුනත් ඔබට අවශ්‍ය නම් පොත් ප්‍රදර්ශනයට ගිහින් අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්.

ආරාධනය මේ විදිහටයි

පොත් රැගෙන යෑමේ පහසුකම් සලසාගෙන එන්න.

අනවශ්‍ය විදිහට ඇසුරුම් දැවටුම් නිසා පරිසරයට හානි වගේම අපිරිසිදු වීමට තිබෙන අවස්ථාවන් ඉතාම ඉහලයි. ඒ වගේම මේ විදිහට ආකර්ශනීය වට්ටම් ලබා දෙන විට ඇසුරුම් වෙනුවෙන් පිරිවැය දැරීමත් අපහසුයි. අපි නොදැන හිටියට ඒවා වක්‍ර විදිහට පොතේ මිළට එකතු වෙනවා. BBW Books ප්‍රද්ර්ශනයේදී ඒ විදිහට නොමග යැවීම් සිද්ධ නොවන නිසා ඔවුන්ගේ උපදෙස අනුව අපි මිළට ගන්නා දේ රැගෙන යන පිලිවෙලත් සූදානම් කර ගෙන යා යුතුයි.

පහසු ඇදුමක් වගේම පාවහන්

මේ ප්‍රදර්ශනයට පැමිනෙන විට පහසු ඇදුමක් වගේම පහසු පාවහන් පැළදගෙන එන්නැයි ඔවුන් උපදෙස් දෙනවා. ඒ කතාවත් ඇත්ත. අනවශ්‍ය විදිහට හිරට , දාඩියට, අපහසුතාවයන් දැනෙන ඇදුම් වගේම නිදහසේ ඇවිදින්න අපහසු පාවහන් නිසා පොත් ගැන අවදානය වගේම ප්‍රදර්ශන කුටි පුරා නිදහසේ ඇවිද යමින් පොතක පතක සුවය ලබන්න අපහසුයි. ඒ නිසා පහසු විදිහට ඇද පැලඳගෙන එන්නැයි සංවිධායකයන් උපදෙස් ලබා දෙනවා.

කාර්ය බහුල වේලාව්න් ගෙන් පසුව එන්න

අපි බොහෝ දෙනෙක් අපහසුතාවයන් විදින්නේ හිතා මතාම. අපිට යම් යම් දේවල් වෙනුවෙන් දුවන්නන් වාලේ නොගොස් අපිට අවශ්‍ය විදිහට පහසු කාලයකදි යන්න පුලුවන් අවස්තාව මේ ප්‍රදර්ශනයේදී ලැබෙනවා. ඒ නිසා හැම දෙනාම වාගේ ප්‍රදර්ශනයට ඇදෙන වේලාවන්හි තදබදය වැඩි නිසා රාත්‍රි කාලයේදී යන්න පුලුවන් නම් ඉතාම පහසුවෙන් පොත් පත් අතර ගැවසෙන්න අවස්ථාව ලැබනවා.

සැලසුම් කරන්න

ප්‍රද්ර්ශනයට පැමිණෙන විට අවශ්‍ය මුදල් වගේම එහි ගෙවන කාලයත් සැලසුම් කර ගෙන පැමිණෙන්න. පොත් බලන්න පමණක් නොවයි, අපිට අවශ්‍ය යමක් තිබුනොත් එය මිළට ගැනීමේ සූදානමත් තිබෙන්න ඕන. ඒ නිසා යම් මුදලක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් එකක්… කඩදාසිය ලිපේ දැම්මා වගේ ගිහින් එන්නත් බැහැ. අපි මේ පොතක් පතක් ස්පර්ශ කිරීම වැදගත්. පොත් සමග බැදීම ඇති වෙන්නේ එවිටයි. විශේෂයෙන් කුඩා දරුවන්ට පොත් පත් කියැවීමට උනන්දු කිරීමට හොඳම අවස්ථවක්. නිදහසේ පොත් පත් අතර ඇවිද යන විට දරුවන්ටත් පොත් පත් වෙනුවෙන් ඇහැ ගැටේවි. එතැනින් නොනැවති පොතක් තමාටම මිළට ගැනීමේ උවමනාව දෙවනුව ඇති වේවි.ඒ නිසා කාලය සහ මුදල්ද සැලසුම් කර ගෙන Bad Wolf Book ප්‍රදර්ශනයට ගියොත් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුලුවනි.

නොකල යුතු දේ

ප්‍රදර්ශනයක පොත් පත් තබා තියෙන්නේ යම් වර්ගීකරණ පිලිවෙලක් අනුවයි. ඒ පිලිවෙල නිසා අපිට ඉතාම ඉක්මනින්පොතකට ප්‍රවේශ වෙන්න පුලුවන්. ප්‍රදර්ශනය සංවිධායකයින් විසින් තබා තිබෙන පිලිවෙල වෙනස් කලොත් එයින් අදහස් වෙන්නේ පොත නැති වුනාට සමාන පාඩුවක්. අවශ්‍ය පාඨකයාට අවශ්‍ය පොත් අවශ්‍ය වේලාවට නැති වෙනවා. ඒ නිසා පොත් පත් ස්පර්ශ කරන ඔබ ඔබට අවශ්‍ය නැත්නම් එය කියවා බලා අදාල තැනින්ම තබන ලෙස සංවිධාකයින් කාරුනිකව ඉල්ලා සිටිනවා. එවිට පොත් පත් අස්ථානගතවීම ඉබේටම වැලකෙනවා.

විවාහ මංගල්‍යයේදී අනුගමනය කරන චාරිත්‍ර

විවාහයක් කියන්නේ ඒනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ දෙවැනි උපතක්. ඒ නිසා විවාහය මුල් කර ගත් චාරිත්‍ර විෂයෙහි අපි කවුරුත් තවමත් උනන්දුවක් දක්වන්නේ ඒ නිසයි. විවාහයේදී බැඳී තිබෙන සිරිත් තුළ අනාගතය මුල් කර ගත් වාසනාව හෝ අවාසනවාන රදා පවතින්න පුලුවනි. ඒ නිසාම අපිට විවාහයේදී අනුගමනය කරන සිරිත් යල් පැන ගියාය කියල ඉවත දමන්න බැහැ.

පොරොන්දම් බැලීම

වසර ගණනාවක් ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියත්, බාහිරව කොතරම් ගැලපුනත් ඔබේ පුතාගේ හෝ දියණියගේ ආදරවන්තයාට එහෙම නැත්නම් ආදරවන්තියට ඔබ අවසර දෙන්නේ මේ විදිහට නොවෙයිද…?මොනවා වුනත් කේන්දර ගැලපුනොත් තමයි… මේ විදිහට ඔබ සඳහන්  කිරීමත් සාධාරණයි. විවාහයේදී ගලපන පොරොන්දම් විස්ස අතරින් වඩාත් අවධානයක් ලබා දෙන්නේ ගණ, ලිංග, නාඩි, වෘක්ෂ වැනි විශේෂිත සහ ජීවිතයට බලපෑම් අැති කරන පොරොන්දම් පිලිබඳවයි.ඒ නිසා පොරොන්දම් විස්සම ‍ගැලපෙන්න අවශ්‍යත් නැහැ.

මනාලිය බැලීම

මනාලය හොදින් දැන හඳුනාගෙන සිටියත් තවමත් සිරිතට අනුව මනාලිය බැලීමට යෑම සිද්ධ වෙනවා. යෝජිත විවාහයකදී නම් මනාලිය දකින්නේ එදිනටයි. මනාලිය බුලත් හෙප්පුවක් ගෙනැවිත් මනාලයාට පිලිගන්වා ඇයද ඒ අසල අසුනක වාඩි වෙනවා.

මනාලයාගේ ගෙදරදොර බැලීමදෙදෙනා අතර කැමැත්තක් ඇති වුනොත් මනාලයාගේ ගෙදරදොර බැලීමට යෑමත් විවාහ සම්ප්‍රදායක්. මේ ගමනට මනාලිය පැමිණෙන්නේ නැහැ. පවුලේ වැඩිහිටි ඥාතීන් මනාල‍යාගේ ගෙදරදොර බැලීමට යැමෙන් පසු තමන්ගේ තරාතිරමට ගැලපෙනවා නම් දෙපාර්ශවය අතර කැමැත්ත තහවුරු වෙනවා.

නැකැත් කැවුම් රැගෙන යෑම

දැන් සියල්ල තීන්දුයි. විවාහයට දින නියම වීම සහ අදාල සිරිත් වෙනුවෙන් නැකැත් පත්‍රය මනාලියගේ නිවසට රැගෙන යෑමේ සුබ කටයුත්ත සිදු වෙනවා. මේ නැකැත් ජ්‍යොතිෂඥයෙන් විසින් සකස් කරනවා. එම නැකැත් අතරට,

  • මනාලයාට නිවසින් පිටත්වීම
  • පෝරුවට නැගීම
  • අතපැන් වත් කිරීම
  • මනාලියට සලු පිලි ඇන්දවීම
  • පෝරුවෙන් බැසීම
  • නව යුවලට පිටත්වීම

ආදි සුබ කටයුතු වෙනුවෙන් නැකැත් පිළියෙ වී තිබෙනවා.නැකැත් සමග කැවිලි ආදිය රැගෙන යන අතර මනාලියගේ නිවසින්ද ඔවුන්ට ආදර සංග්‍රහ පවත්වනු ලැබේ.

බුලත් දීම

විවාහ මංගල්‍යය වෙනුවෙන් බුලත් දීම සඳහා පවුලේ සුබ තැනැත්තෙක් තෝරා ගෙන බුලත් දී මුලින්ම ඔහුට ආරාධනය කරනවා. අවශේෂ අයට ආරාධනය මෙම සිදුවීමෙන් පසුව සිද්ධ වෙනවා. කැවිලි පිළියෙල කිරීම වෙනුවෙනුත් නැකැතක් හෝ සුබ වේලාවක් තෝරා ගැනීම සිදු වෙනවා. පෝරුව එදා නම් මනාලියගේ නිවසේ ඉදි වුන අතර ඒ වෙනුවෙන් නැකැත් සාදා ගන්නා අතර පෝරුවට කිරි ගසක කොටසක් එක් කරනුයේ අනාගත දරු සම්පත් ලැබීමේ වාසනාවට සුබඵල ලබා දෙන අදහසින්ය.

විවාහය දිනයේ මනාලයාගේ පැමිනීම

විවාහ දිනයේදී මනාලයා තම ඥාතීන් සමග නැකැත් වේලාවට ඔහුගේ නිවසින් පිටත් වෙනවා. මනාලයා පැමිණි පසු ඔහුගේ පා සේදීම බාල සහෝදරයා අතින් සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් රත්රන් මුද්දක් ඔහුට තෑගි කරනවා. ඇතැම් අය මනාලයා සහ පැමිණි පිරිස පිලිගැනීමට ආරාධනා ගීතයක් ගායනා කරනවා.මනාලයාගේ පාර්ශවයෙන් මනාලියගේ පියාට බුලත් හුරුල්ලක් පිරිනමන අතර එහි ඇති බුලත් කොළ ගණනින් මනාලයාගේ පාර්ශවයෙන් පැමිණි සංඛයාව තීරණය වෙනවා.

පෝරුවේ චාරිත්‍ර

විවාහ මංගල්‍යයක වැදගත්ම අවස්ථාව පෝරුවේ චාරිත්‍රයි. නැගෙණහිර දෙසට මුහුණ ලා පිහිටුවා තිබෙන පෝරුවේ ඇති වේදිකාව මත කලාලයක් එලා ඒ මතපොල් ගෙඩියක්, හාල් සේරු දෙකක් තබා කාසි විසුරුවා තිබෙනවා.සතර කෙළවර පහන් දැල්වීමට පුන් කලස් හතරක් තබා තිබෙනවා. පළපුරුදු අයෙක් අෂ්ටක ගාථා ගායනාවට සම්බන්ධ වෙනවා. මනාලයා වම් පසිනුත් මනාලිය දකුණු පසිනුත් පෝරුවට නංවන අතර මනාලිය ඇගේ මාමා කෙනෙකුන් විසිනුත් මනාලයා ඔහුගේ පියා හෝ වැඩිහිටි ඥාතියෙකු විසිනුත් පෝරුවට නංවනවා. පෝරුවට නැවීමට පෙර නව යුවල පන්සිල්හි පිහිටුවීමත් සිදු වෙන්නේ තෙරුවන් ගුණ සිහිපත් කර ආශිර්වාද ලබා ගැනීමටයි.පෝරුවට නාවා අෂ්ටක ගායනා කිරීම සිදු වේ.

” උතුම් බෝසත් උපන් මෙකපට කිඹුල්වත්පුර මංගලම්
පැතුම් බලයෙන් වරින්වර දුන් ඇසින් මස් ලේ දන් බෙලෙන්
දෙතුන් විඩයක් පොළව මිහිකත දෙස් තියා වෙව්ලූ බලෙන්
උතුම් තෙරුවන් බලෙන් වේවා යුවතිපතිහට මංගලම්…”

 

මනාලයාගේ වම් අතේ සුලැගිල්ල මනාලියගේ දකුණු අත සුලැඟිල්ල එකට තබා රන් කෙන්දකින් බැඳ අතපැන් වත් කරනු ලැබ්.එයින් අනතුරුව මුදු මාරු කිරීම, තැලි පිලි පැලැන්දවීම සිදු වේ. මනාලයා විසින් මනාලියගේ අම්මාට කිරි දුන් ණයට හිලව්වට සුදු රෙදි කච්චියක් පිරිනමනු ලැබේ. බාලිකාවන් විසින් ජයමංගල ගාථා ගායනයෙන් නව යුවලට ආශිර්වාද කරනු ලැබේ. දෙපාර්ශවයේ මාපියන් ඇතුළු සමීපතම ඥාතින් අතර බුලත් හුවමාරු වේ. එම බුලත් පෝරුවේ බිම අතුරා තිබේ.

නව යුවල පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බිඳින අතර එයත් අනාගත සුබඵල නිමිති සේ සැලකේ. පොල්ගෙඩිය එකපහරින් බිඳීම, එහි දෙපලු වෙන බෑ අතර වෙනස අනාගත නිමිති සේ සැලක්. නව යුවල පෝරුවෙන් බැසීමෙන් පසුව සාමාන්‍ය සංග්‍රහ කටයුතු ආරම්භ කෙරේ.

උත්සව සභාවේදී පෙර දර්ශන සහ සංගීත කණ්ඩායම් මගින් කන් බිහිරි කරවන සංගීත ඇතැම් අවස්ථාවන්හි දරා ගන්නත් අපහසුය. පෙර දර්ශන සාමාන්‍ය චිත්‍රපටයකට සමානය. එයින් අනතුරුව හිතෙන්නේ මෙම නව යුවලට දෙවැනි ගමනක් වෙනුවෙන් ඉතිරිව යමක් ඇත්තේදැයි යයන්නයි.

දෙපාර්ශවයේ මාපියන් ඇතුළු සමීපතම ඥාතින් අතර බුලත් හුවමාරු වේ. එම බුලත් පෝරුවේ බිම අතුරා තිබේ.

නව යුවල පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බිඳින අතර එයත් අනාගත සුබඵල නිමිති සේ සැලකේ. පොල්ගෙඩිය එකපහරින් බිඳීම, එහි දෙපලු වෙන බෑ අතර වෙනස අනාගත නිමිති සේ සැලක්. නව යුවල පෝරුවෙන් බැසීමෙන් පසුව සාමාන්‍ය සංග්‍රහ කටයුතු ආරම්භ කෙරේ.

උත්සව සභාවේදී පෙර දර්ශන සහ සංගීත කණ්ඩායම් මගින් කන් බිහිරි කරවන සංගීත ඇතැම් අවස්ථාවන්හි දරා ගන්නත් අපහසුය. පෙර දර්ශන සාමාන්‍ය චිත්‍රපටයකට සමානය. එයින් අනතුරුව හිතෙන්නේ මෙම නව යුවලට දෙවැනි ගමනක් වෙනුවෙන් ඉතිරිව යමක් ඇත්තේදැයි යයන්නයි.

එහෙත් මෑතකදී මම සහභාගී වූ විවාහ මංගල්‍යක ලත් අත්දැකීම මෙසේය. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය. පෙර දර්ශන වෙනුවෙන් තිබුනේ දෙදෙනාගේම ජීවිතයේ උපතේ පටන් වසර දහයෙන් දහයට වූ  විශේෂ ඡායාරූප දර්ශන පමණි. ඒ වෙනුවෙන් නිදහස් කවි කීපයක්ද ඇතුලත් විය.

සංගීතය අතරත් සිත් ගත් අවස්ථාවන් වූයේ කන් බිහිරි කරවන ඝෝෂවක් නොවීය. නව යුවල පෝරුවට නගින විට,

“වාසනාවේවා…වාසනාවේවා…

සුන්දර කුමරිය මනමාලිය වී මංගල මල් නැකතේ

පින්බර කුමරුන් සමගින් අතිනත අරගෙන

දීගෙක යන දවසේ..”

එයින් අනතුරුව මව්පියන්ට නමදින විට,

“මාතු පාදං නමාමි…” ගීතයත්

ඔවුන් පිටත්ව යන විට,

“පුංචි දවස්වල නින්දට යද්දී..” ගීතය සහ “සුබගමනක් වේවා… සුදු දුව සුබ ගමනක් වේවා..”  වැනි අර්ථාන්විත ගීත පමණක් ගායනා කිරීම නිසා පැමිණි සිටි හැමදෙනාටම ඉතාමත් සැහැල්ලුවෙන් අල්ලාප සල්ලාපයේ යෙදීමට අවස්ථාව ලැබුණි.

පොඩි ලොකු කාටත් ඇති වෙන සෙම් ගෙඩි

සාමාන්‍යයෙන් අප සිරුරේ වස ග්‍රන්ථි දෙසීයත් දෙසිය පනහත් අතර ප්‍රමාණයක් පිහිට ඇති බව කියවේ. මේ වස ග්‍රන්තිවලින් අප උගුරේ පිහිටා ඇති වස ග්‍රන්ථි යුගල සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ සෙම්ගෙඩි ලෙසටයි. අපගේ සිරුර තුලට ඇතුළු වන විෂබීජ සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ මහගු කාර්යයට උර දෙන්නේ වසා ගැටිතිය. අපගේ උගුරේ පිහිටි වස ග්‍රන්ථි මුඛය හරහා ඇතුළුවන විෂබීජ විනාශ කරයි.  කෙසේ වුවද වෛරස /බැක්ටීරියා/දිලීර මගින් අසාධනයට ලක් වූ පසු කෙල ගිලිමටවත් නොහැකි වන පරිද්දෙන් වේදනා කාරී වේ. ඒවා ඉදිමෙන අතර රත් පැහැයෙන් යුක්තය. මේ තත්ත්වය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම්ගෙඩි ලෙස හඳුන්වයි.

අඩු වැඩි වශයෙන් සංකුලතා ඇති කළ හැකි මෙම සෙම්ගෙඩි තත්ත්වය නිසා සාමාන්‍යයෙන්,

  • ගිලීමේ අපහසුතාවය
  • ඇඟපත වේදනාව/උණ
  • බෙල්ලෙහි කුද්දටි ඉදිමීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • කටහඬ වෙනස්වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

නමුත් සෙම්ගෙඩි අසධනයට ලක්කරනු ලබන වෛරසය/බැක්ටීරියාව/දිලිරයට අනුව තත්ත්වය උග්‍ර විය හැකිය. එවිට,

  • රුමැටික් උණ
  • වකුගඩු ප්‍රදාහය වැනි බරපතල තත්ත්වයන් වුවද ඇති විය හැකිය.

මෙවැනි තත්ත්වයන්හිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව සලකන්න.

වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු සෙම්ගෙඩි ආශ්‍රිත වෙනත් රෝගතත්ව 

  • උගුරේ වේදනාව
  • සෙම් ගෙඩි අවට ප්‍රදේශයේ ඇති සැරව ගෙඩි තත්ත්වයන්
  • කතා කිරීම/මුඛය විවෘත කිරීම/ගිලීමට අපහසු වීම
  • අධික උණ
  • සෙම් ගෙඩි තුළ ඇතිවන ගල්/තෙල් ගෙඩි වැනි තත්ත්වයන්
  • සෙම් ගෙඩි ආශ්‍රිතව කහපැහැ දුගඳකින් යුතු වී හාල් ඇටයේ හැඩැති කැබලි ඇතිවීම
ශල්‍යකර්ම මගින් සෙමගෙඩි ඉවත් කිරීමට සිදුවන්නේ

  • නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වන විට
  • රාත්‍රී නින්දේදී ගෙරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විට
  • එක් සෙම්ගෙඩියක් පමණක් අසධනයට ලක්වීම
  • වැඩි වාර ගණනක් සෙම් ගෙඩි ආශ්‍රිත සැරව ගෙඩි ඇති වීම.

මෙවැනි තත්ත්වයන් ඔබට හෝ ඔබේ දරුවාට ඇත්නම් ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයා වෙත යොමු වී ලබාදෙන උපදෙස් මත ක්‍රියාත්මක වීම රෝග තත්ත්වය හේතුවෙන් ඔබට පීඩා විඳීමට සිදුවන ප්‍රමාණය අවම කරගත හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ආසාත්මික තත්වයන් ගැන අම්මල දන්නේ මොනවද?

අසාත්මික තත්වයන් පිළිබඳව බොහොමයක් මව්වරුන් නොදැනුවත් කිව්වොත් නිවැරදියි. මන්ද බහුතරය සිත සිටින්නේ අසාත්මිකතාවයක් පිටතට පෙන්නුම් කරන්නේ කියන්නේ සම මත ඇති වන පලු හෝ ලප ලෙස පමණක් කියාය. ඒත් අසාත්මිකතාවයක් යනු ඊට වඩා බරපතල විය හැකි තත්ත්වයකි.

අසාත්මිකතාවයක් පෙන්නුම් කරනු ලබන රෝගතත්ව,

  • ඇදුම රෝගය
  • හතිය
  • පීනස

සාමන්‍යයෙන් ඇතැම් ආහාර වර්ග, දූවිල්ල වැනි සාමාන්‍ය තත්වයන් වුවද අසාත්මිකතා ඇති වන පුද්ගලයන්ට රෝග ඇති කළ හැකියි. අන්න ඒ නිසාම මෙවැනි රෝගතත්ව දරුවන්ට දිගින් දිගටම ඇති වීමේදී විමසිලිමත් විය යුතුය. ඇතැම් නිවෙස්වල ඇතිකරන සුරතලුන් නිසා දරුවන්ට ඇදුම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. ඒ සරතලුන්ගේ ලොම් හේතුවෙනි. නමුත් ඇදුම රෝගය ඇතිවීමට හේතු වන මේ තත්ත්වය ඉවත් නොකර රෝගයට ප්‍රතිකාර කිරීම සාර්ථක නොවේ. එයින් රෝගය නිට්ටාවට සුව කිරීම කළ නොහැකියි.

දරුවන්ට අසාත්මිකතා ඇති විය හැකි බව හඳුනා ගන්නේ කොහොමද ?

මේ සඳහා භාවිත වන පරීක්ෂණය වන්නේ චර්ම රෝග පරීක්ෂණය (Skin Testing) යි.  මෙහිදී ඔබේ දරුවා යම් දෙයකට අසාත්මිකතාවයක් පෙන්වනවාද යන්න පරීක්ෂණයට ලක් කෙරෙයි. උදාහරණ වශයෙන් දරුවෙකුට දිගින් දිගටම යම් රෝග තත්වයක් පැවති නම් ඒ පිළිබඳව ඇති වෙන සැකය මත එය ඇති වන්නේ යම් ආහාරයක් නිසාද? නැතිනම් යම් පාරිසරික සාධකයක් නිසාද යන්න සොයා බැලීමට මෙම පරීක්ෂණය ඉවහල් වේ.

මේ පරීක්ෂණය සිදු කෙරෙන්නේ කෙසේද?

දිගින් දිගටම පවතින යම් රෝග තත්ත්වයක් ඇති විට දරුවාගේ වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් පරිදි තත්වය හට ගන්නෙ යම් ආහාර වර්ගයක් ලබා ගත් පසු ද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව සිටිය යුතුය. එසේ සැක කෙරෙන ආහාර වර්ග සඳහා දරුවා අසාත්මිකතාවයක් පෙන්නුම් කරයිද යන්න පිළිබඳව චර්ම රෝග පරීක්ෂණයට යොමු කර ස්ථිර කර ගැනීම සිදුවෙනවා.

මෙම චර්ම රෝග පරික්ෂණයෙදී අසාත්මික හේතූන් වන ආහාර වර්ග සහ පාරිසරික හේතු මෙන්ම සත්වයන් යන අවස්ථා සඳහා වෙන් වෙන් වශයෙන් රසායන ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කෙරේ. එසේම පරීක්ෂණයට යොමු වීමට පෙර ද වෛද්‍ය උපදෙස් මත දරුවට ලබා නොදිය යුතු ආහාර/ඖෂධ වර්ගයන් පිළිබඳවද වෛද්‍යවරයා මව්පියන් දැනුවත් කරන අතරම ඒවා ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතු වේ. නැතහොත් පරීක්ෂණයේ ප්‍රතිපලවල නිරවද්‍ය බව සහතික කළ නොහැකි බැවිනි.

මෙසේ යම් දරුවෙකු යම් දෙයකට අසාත්මිකතාවයක් පෙන්නම් කරන බවට පරීක්ෂණයෙන් සනාථ වූ පසු ද දරුවාට නොදිය යුතු ආහාර වර්ග, ඖෂධ වර්ග මෙන්ම දරුවා රැකගත යුතු පාරිසරි තත්ත්ව පිළිබඳවත් මව්පියන් දැනුවත් කිරීම සිදු කෙරේ.

පරීක්ෂණය සිදු කෙරෙන්නේ මෙහෙමයි

චර්ම රෝග පරීක්ෂණයට තම දරුවන් යොමු කිරීමට ඇතැම් මව්වරු තුළ අනියත බියක් ඇති නමුත් මේ පරීක්ෂණය වේදනාකාරී තත්වයක් නම් නොවේ. මෙහිදී සිදු කෙරෙන්නේ සම මත අසාත්මිකතා පරීක්ෂණය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සම මත එක් එක් ස්ථානවල තවරා සම මත ඉතා සුළු සීරීමක් ඇති කිරීමයි. ඉන් විනාඩි 25ක් පමණ කාලයකින් ප්‍රතිපල ලබා ගත හැකියි. එතැනදී ඔබේ දරුවාට අසාත්මිකතාවය ඇති වන්නේ කුමන හේතුවක් මතද යන්න වැටහ ගත හැකියි. මෙහිදී අසාත්මිකතාවයන් වලක්වා ගැනීමට උපදෙස් ලබා දීමද සිදු වේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දකුණේ පැතිර යන බව කියන “අභිරහස් වෛරසය” ගැන දන්නවද?

සමාජ ජාලා වෙබ් අඩෙවි මෙන්ම පුවත් විකාශ මගින් ද මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන වෛරස රෝගයක් පිළිබඳ පුවත ඔබේත් ඇස ගැටෙන්නට ඇති. දකුණු පළාතේ පමණක් රෝගය පැතිර ඇති බව කීවද මේ වන විට දිවයිනේ හැම පළාතකම වගේ මව්වරුන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම අනියත බියකින් පසුවෙනවා. අන්න ඒ නිසාම මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි අපගේ මේ සූදානම.

මොකද්ද මේ වයිරස් එක…?

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් දරුවන් කිහිප දෙනෙකුට මරු කැද වූ මෙම රෝග තත්ත්වයට හේතු වී ඇත්තේ ඇඩිනෝ සහ RSV නමින් හැඳින්වෙන වෛරස දෙකකි. ඇඩිනෝ වෛරසය ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, ඇස්, මුත්‍රවාහිනී පද්ධතිය, ස්නායු පද්ධතිය වැනි පද්ධති ආසාධනයට ලක් කළ හැකි මට්ටමේ වෛරස් කාණ්ඩයකි.මෙම වෛරස දෙක මගින් අසාමාන්‍ය නිව්මෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතරම ඕනෑම වයසක පුද්ගලයෙකු මේ තත්ත්වයට ගොදුරු විය හැකි වුවත් වැඩි අවධානමක් පවතින්නේ,

  • වයස අවුරුද්දට අඩු ළදරුවන් සහ 65ට වැඩි වැඩිහිටියන්
  • දිගු කලක් මුලුල්ලේ ශ්වසනාබාධ ඇති දරුවන් හා වැඩිහිටියන්
  • වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් වැනි ප්‍රතිශක්තිය අවම රෝගීන්
  • දියවැඩියා රෝගීන්
  • ගැබිනි මව්වරුන් යන අයයි
රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් දැකිය හැකි වන රෝග ලක්ෂණ පහත පරිදි වේ.

  • තද බල ලෙස සෙම් සොටු ගලමින් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව
  • කැස්ස
  • උගුරේ අසාධන
  • තද උණ (ෆැරන්හයි අංශක 102 – 103 දක්වා පමණ)
  • දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වීම
  • කිරි උරාබීම ප්‍රතික්ෂේප කිරීම
  • ශ්වසන අපහසුතා
  • වමනය

මීට අමතරව ඇඩිනෝ වෛරසය මගින් ආසාධනයට ලක්වන කොටස අනුව පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් විය හැකිය.

  • පාචන තත්ත්වය
  • ඇස් රෝස පැහැයක් ගැනීම
  • ඇස්වලින් කබ/කඳුළු ගැලීම
ප්‍රතිකාර

මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදීම වැදගත් නොවන්නේ මෙය බැක්ටීරියා ආසධනයක් නොවන බැවිනි. මෙය වෛරස ආසාධනයක් බැවින් එය සිරුරෙන්ම සුව වීම සිදුවිය යුතුය.

  • හැකි තරම් දියර වර්ග දරුවාට ලබාදෙන්න
  • විවේකීව සිටීමට සලස්වන්න
  • පිරිසිදුව තබාගන්න
  • වෛද්‍ය උපදෙස් මත රෝහල් ගතකරන්න

මෙම වෛරස අසාධානය සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් පවති.  නමුත් තදින් ඇති වූ ශ්වසන ආසාදන වන කැස්ස වැනි තත්ත්වයන් සුව වීමට දිගු කාලයක් ගත විය හැකිය. නිව්මෝනියා තත්ත්වය නම සුව වීමට සති දෙකක් හතරක් වැනි කාලයක් ගත විය හැකිය.

රෝහල්ගත විය යුතු තත්ත්ව

  • වයස මාස තුනට අඩු / ගැබිනි මව්වරුන්/ වයස අවුරුදු 60ට වැඩි රෝගීන් වීම
  • තද උණ දින කිහිපයකට වඩා වැඩි කාලයක් පැවතීම
  • රෝගය වැළඳී සතියක් ගත වුවද රෝග ලක්ෂණ නරක අතට හැරීම
  • හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කිරීම
  • ඇසේ අසාධන තත්ත්වය උග්‍ර වීම/වේදනාකාරී වීම
  • විජලනය තත්ත්වයට පත්වීම
  • වෙහෙසකාරී බව/දුර්වල බව
  • මුත්‍රා පිට කරන වාර ගණන අඩුවීම
රෝගය පැතිර යෑම වලක්වා ගැනීමට නම්

මෙම තත්ත්වය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි රෝග තත්ත්වයකි.  මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් දරුවන් බේරා ගැනීමට නම් රෝගය පැතිරීම අවම කිරීම සඳහා අප සියලු දෙනා ක්‍රියාත්මක විය යුතුය.

ඒ සඳහා

  • රෝගය වැළදුණු දරුවන් සම්පුර්ණයෙන් සුවය ලබන තෙක් වෙනත් දරුවන් අතරට එවීමෙන් වලකින්න
  • රෝගි නම්, කහින හෝ කිවිසන විට තම මුඛය හා නාසය ආවරණය කර ගැනීමට කාරුනික වන්න. එමගින් අනෙක් අයට රෝගය බෝ වීමේ අවධානම අවම වේ
  • ඔබේ දරුවාට අන් අයගේ ආහාර/වතුර බෝතල්/ලේන්සු භාවිතයෙන් වලකින ලෙසට තරයේ අවවාද කරන්න
  • දරුවාට තම දෑත හොඳින් පිරිසිදු කිරීමට උපදෙස් දෙන්න. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න
  • කෑම පිසීමට පෙරත් දරුවන්ට ආහාර ලබා දීමට පෙරත් වැඩිහිටි ඔබේ පිරිසිදු බව පිළිබඳව සැලකිලිමත් වෙන්න
  • මෙම වෛරසය ජලය හරහා ද පැමිණිය හැකි බැවින් රෝගය පැතිරෙන කාලය තුළ නාන තටාක, ඇල දොළ ආදියෙන් දරුවන් ඈත් කරතබන්න. ජලය හරහා ඇති වන තත්ත්වයේදී ඇස් රෝස පැහැ වෙන තත්ත්වය දැකගත හැකිය
  • සෙනඟ ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන යාමෙන් වලකින්න රෝහලක් වෙත ගියද තමන්ගේ වාරය එන තුරු හැකිතාක් වෙන්ව සිටීමට වග බලාගන්න
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

 

අම්මලාට හිතන්න යමක්…

පුංචි දරුවෙක් කියන්නේ සුවඳ මලක් වගෙයි. අම්මගේ කිරි සුවඳ එක්ක මුසු වෙලා ඉන්න පුංචි පැටියෙකුගේ සුවඳ විඳින්න විඳින්න ආසයි. මේ පුංචි පැටවු අපේ ලෝකෙට එන්නේ සුරංගනා ලෝකේ සුරංගනාවියන් මැද්දේ ඉඳලා තමයි කියන්නේ ඇත්තක්ද කියලත් වෙලවකට හිතෙන තරම්. කාගේ වුනත් දරු පැටියෙක් දැක්කම තුරුළු කරන් ඉඹින්න හිතෙන එකට වරදක් කියන්න බැරිත් ඔන්න ඕකයි. පුංචි දරුවෝ ළඟ තියෙන්නේ පුදුම හිතෙන විදියෙ  ආකර්ෂණයක්. ඒත් අපිට හිතුණු හිතුණු පලියට වෙන අම්මෙක්ගේ දරුවෙක් තුරුළු කරගන්න, ඉඹින්න එහෙම නම් හොඳ නැති බව තදින්ම සිහියේ තියාගන්න ඕනේ. හැම නිතරම අපි අපිව පාලනය කර ගන්න ඕනේ. අපේම දරුවා උනත් ගමනක් බිමනක් ගිහින් ආපු හැටියේ පිරිසිදු නොවී අතට ගන්න එක නරකයි.

මේ මතක් කිරීමත් එක්ක මම ඔයාලට කියන්න යන කතාව පටන් ගන්නයි මේ සූදානම. පුංචි දරුවෙක් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් තියෙන අයෙක් නම් නෙවෙයි. පොඩ්ඩක් හිතන්න, අවුරුදක් තරම්වත් වයසක් නැති දරුවෙක් කොච්චර නම් අසරණයිද? තමන්ගේ අපහසුවක් ගැනවත් කියන්න තේරුමක් නැ. අම්මා දුන්නොත් කිරි බොනවා, නැත්නම් හති වැටෙනකම්ම අඬලා නින්ද යාවී. ඉතිං එයාල ගැන හොයල බලලා අවශ්‍ය දේ කරන්න ඕනේ අම්මලා වුණු අපිම තමයි. දරුවාගේ බඩගින්න, අපහසුතා ගැන අපිට අවබෝධයක් තිබිය යුතුමයි. ඒ මේ නොදරුවන්ගේ අසරණකම නිසාම විතරක් නෙවෙයි. අපේ කැඳ වීමෙන් මේ ලෝකෙට ආ ඔවුන් වෙනුවෙන් අපේ උපරිමය කැප කළ යුතුමයි. ඒ වගකීම් වෙනුවෙන් හරියට කැපවෙන්න අපිට බැරි නම් අම්මෙක් වෙනවද නැද්ද කියලා අපි මුලින්ම හිතන්න ඕනේ කියලයි මගේ අදහස. රටේ ලෝකේ මිනිස්සුන්ගේ කතාවලට බයේ හෝ දරුවෙක් ඉන්න එපැයි කියන අදහසින් හෝ දරුවෙක් මේ ලෝකෙට බිහිකරන එක නම් හරිම ශෝචනීයයි.

ඒ දේවල් කොහොම වුණත් දරුවන්ගේ පෝෂණය වගේම සනීපාරක්ෂාව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක් වීම අනිවාර්යෙන්ම සිදු වෙන්න ඕනේ. පුංචි දරුවෙකුගේ පිරිසිදු බව දරුවාගේ සෞඛ්‍යයටත් ගොඩක් බලපාන නිසාම දරුවෙක්ව පිරිසිදුවට තියන එක අම්ම කෙනෙක්ට මග හරින්න බැරි අනිවාර්ය වගකීමක් වෙනවා.

අපේ අම්මල දරුවොන්ට ආදරේ නෑ කියනවා නෙවෙයි, ඒත් සමහර අම්මල අතින් අතපසුවීම් ගොඩක් වෙනවා මේ දරුවෝ සම්බන්ධයෙන්. අම්ම කෙනෙක්ට පුළුවන් උපරිමයක් තියෙනවා තමයි. ඒත් මම මේ කියන්න යන දේ නම් තියෙන්නේ අවම මට්ටමේ. මේ කියන්න යන්නේ දරුවෝ ඔන්න ඔහේ හැදෙන්නන් වාලේ හැදෙන්න ඇරලා ඉන්න අම්මලා ගැනයි. ඒ නොදැනුවත්කමම කියල කියන්නත් අමාරුයි.

දරුවෙක් කියන්නේ කලින් කිව්වා විදියටම සුවඳ මලක්. ඒත් සමහර දරුවෝ ඉන්නවා, ආසාවට අතට අරගෙන හුරතල් කරන්න බෑ. සුදු මූණ ඉඳුල් වගේම එක එක දේවල් තැවරිලා ඒවා වේලිලා අඳුරු පාට වෙලා. දරුවා ළඟ පිලී ගඳයි. ඇඟ පත ඇලෙනවා දාඩියට. බෙල්ලේ වගේම අත් නැවෙන තැන්වල කුණු ඉරි වගේ පේනවා. වඩා ගෙන ඉද්දි පිටුපස පැත්තට යට වෙන අපේ අත තෙත් වෙනවා. මොකද පැම්ප්ර් එක පැය ගානකින් මාරු කරලා නැහැ. අනේ කොච්චර දුක හිතෙනවද?

හදන්නන් වාලේ දරුවෝ හදන අම්මලාත් ඉන්නවා කියලා කිව්වට එහෙම අත්දැකීමක් මට ලැබිලා තිබුනේ නැ. හරිම හුරතල් බෝලේ වගේ ලස්සන පුංචි පැටියෙක් වඩාගන්න නොහිතෙන තරමටම අපිරිසිදු වෙලා, ගඳ වෙලා ඉන්නවා දැක්කම කාටද දුක නොහිතෙන්නේ.

ඇත්තටම පුංචි බේසමකට වතුර ටිකක් අරගෙන හොඳට පිරිසිදු කරා නම් ඒ දරුවට කොයි තරම් සහනයක් ලැබෙයිද දරුවා ළඟ නැවුම් සුවඳක් දනෙයිද කියල හිතද්දී මට ලෝබ හිතුණා. අපේ කැඳ වීමට මේ ලෝකෙට ඇවිත් දුක් විඳින මේ වගේ පුංචි දරුවෝ කොයි තරම් ඇතිද කියල හිතුණා. ඒත් ඒ අග හිඟකම් නිසා නෙවෙයි නේද කියල හිටද්දී වගකීම් විරහිත අම්මලා ගැන තරහකුත් හිතට දැනෙනවා.

මාතෘත්වය අපි හඳුන්වන්නේ උත්තරීතර කියන වචනෙත් එක්කමයි. ඒ අපි එය උතුම් කියලා හිතන නිසාමයි. තමන්ට ලැබෙන දරුවා මහා පාරේ, වලවල් වල දාලා අසරණ කරන අම්මලා වගේම අවශ්‍ය අනවශ්‍ය හැමදේටම නිකරුණේ සල්ලි වියදම් කර කර, දරුවෙක්ට හරියට බතක් මාළුවක් කටට රසට උයා නොදී ෆෝන් එක මුළු දවසෙම අතේ තියාගෙන හරිම පොෂ් විදියට ජිවත් වෙන මෝඩ පහේ අම්මලත් ඉන්නවා. මෙන්න මෙතැනදීත් උත්තරීතර මව්පදවියට නිගා වෙනවා.

පවුලේ ගැටුම් දරුවාට බලපානවා…

පවුලක් කියන්නේ අම්මා, තාත්තා, දුවා දරුවන් වගේම මේ පවුලට සම්බන්ධ සහ ලේ නෑදෑයින් ජීවත් වෙනවා නම් ඒ හැම දෙනාගෙන්ම සුසැදි ඒකකයක්. පවුලක් තුළ තිබෙන සතුට, සමගිය, සමාදානය වඩාත්ම බලපාන්නේ දරුවන්ට බව ඔබ නොදන්නවා විය හැකියි.

අපි දරුවන් ගැන බාල කාලයේදී ඒ තරම් දුරට හිතන්නේ නැහැ. ඔවුන්ට වේලාවට කන්න බොන්න දිම, මළ මුත්‍රා ඉවත් කර නාවා පිරිසුදු කිරීම ගැන අපි උනන්දු වුනත් දරුවන් ඉදිරියේ මව්පියන් සහ පවුලේ අයගේ ගැටීම් පුංචි බිළිඳාගේ මානසිකත්වයට බලපාන බව අපි නොදන්නවා විය හැකියි.

මව්පියන්ගේ ගැටීම් දරුවන්ට බලපාන්නේ කොහොමද මුල් කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මේ අධ්‍යනය වෙනුවෙන් මාස පහළොවක් වයසැති දරුවන් 150 ක් තෝරා ගත්තා. ඒ නියැඳියට ගැහැණු සහ පිරිමි දරුවන් යැයි වර්ග කිරීමක් සිදු වුනේ නැහැ.

මුලින්ම මේ පර්යේෂකයන් කණ්ඩායම දරුවා මවගේ උකුලේ සිටියදීම විවිධ සෙල්ලම් බඩු චලනය කරනු ලැබුවා. මේ සෙල්ලම් බඩු ඇතුලතින් විවිධ ශබ්ද නැගෙන උපාංග ඇතුලත් කර තිබුණා. උදාහරණයක් විදිහට සමහර සෙල්ලම් බඩුවල ප්ලාස්ටික් ඇට වර්ග, තවත් අවස්ථාවක සිහින් ශබ්ද නැගෙන උපාංග විදිහට විවිධ දේ ඇතුලත් කලා.දැන් මේ ශබ්දවලට දරුවා දක්වන ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා.

එහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ  මිහිරි ලෙසින් හඬවන ශබ්ද වෙනුවෙන් දරුවාගේ මුහුනේ තිබුනේ ඉතාම ප්‍රසන්න බවක්. ඒත් එක්කම තරහ සහ ආවේග වලදී දරුවාගේ ප්‍රතිචාර එතරම් සුබවාදී වුනේ නැහැ.

මෙම සංසිද්ධිය පාදක කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ මෙම අධ්‍යනයේ ප්‍රධානී “බෙටී රැපොචාලි” පෙන්වා දෙන්නේ දරුවන් සමාජයේ මානව ප්‍රතිචාර ඉතා හොදින් හඳුනා ගන්නා බවයි.මේ අවබෝධය ඔවුන් ලබා ගන්නේ මාස පහලොවක කාලයේ පටන බවත් ඔහු පෙන්වා දෙනවා.

දරුවන්ට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න අපහසු වුනත් ඔවුන් දකින දෙයින් සහ ඇසෙන දෙයින් යම් යම් දේ සිතේ තැන්පත් වෙනවා. සමහර දරුවන් වැඩිහිටියන් වෙද්දී ආත්ම පාලනයක් නැහැ.මේ විදිහට දුර්වලතාවයන් ඔවුන්ගෙන් පෙනෙන්නේ බාලකාලයේදී මුහුණ දුන් විවිධ සිදුවීම් නිසා බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. අධ්‍යනයේ උපකර්තෘ ඇන්ඩෘ මෙලට්සොප්ට් සඳහන් කරන්නේ දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු තුනක කාලය ආත්ම පාලනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කරන බවයි. මේ තත්වය දරුවාගේ පාසල් ජීවිතයටත් බලපානවා.

සමහර දරුවන් බොහොම සංවේදියි. විටෙක මේ සංවේදී බව නිසා ඔවුන්ට අභියෝග ඉදිරියේ මුහුණ දීමට තරම් ශක්තියක් නැහැ.

කවුද වග කියන්නේ….?

එහෙනම් තොටිල්ලේ ලී වැටෙන් පනින්න පෙරාතුව දරුවාගේ මානසිකත්වයට බලපාන මේ පරිසරය ගොඩ නගන්නේ කවුද..? දරුවන්ගේ මේ කාලයේ ඇසෙන දකින දේ පවුල මුල් කර ගෙනම සිදු වෙන්නක්. බොහෝ පවුල්වල ගැටුම ඉදිරියේ විෂය වෙන්නේ දරුවා. දෙන්නා දෙමහල්ලන් ආරෝ විවුල් ගොඩ නගා ගන්නා හැම විටම ඇතැම් අම්මාවරු කියන්නේ,

“මම දරුවෝ අරගෙන ආවේ නැහැ… ඔහේගේ දරුවා තියල මම යනවා යන්න…”

ඒ වගේම ඇතැම් තාත්තලා හිතන්නේ දරුවන්ගේ වගකීම අම්මලාට පමණක් බවයි. මේ නිසා පවුලේ පුංචි පුංචි සිදුවීම්වලදි වුනත් ඇති වෙන ගැටුම් දරුවාගේ මානසිකත්වයට බලපානවා. නිතරම ඇහෙන දකින ගැටුම් නිසා දරුවාගේ ඉදිරි අනාගතයේදී සමාජ ගනුදෙණුව එතරම් යහපත් පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඔහු අසමතුලිත දරුවෙක් බවට පත් වෙනවා.

හොඳම දේ….?

දරුවා ලැබෙන්න ඉද්දී අම්මා තමා ඉදිරියේ ලස්සන පින්තූර එල්ලා ගන්නවා. ඒ වගේම නපුරු සිතුවිලිවලින් දුරස් වෙනවා. ඒ විදිහටම තොටිලි වැටේ ඉන්න දරුවා ඉදිරියේදීත් පරිසරය ගොඩ නගා ගැනීම වැදගත්. අම්මා හඬා වැලපෙනවා නම්,තාත්තා නිරන්තරව ගැටෙනවා නම්, එහෙම නැත්නම් ආත්තම්මා ,සීයා සමග අම්මා ,තාත්තා ගැටෙනවා නම් මේ හැම සිදුවීමක්ම තොටිල්ලේ සිටින පොඩි දරුවාගේ හිතට වැදෙන නිසා එය අනාගතයට බලපාන බව දැන් හදුනාගත් සත්‍යක්.අපි හොඳම දේ දරුවාට නම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරනවා නම් නිතරම පවුලේ සමගිය ගැන දැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍යයි. මේ වාර්තාව සංජානනය journal Cognitive Development සංවර්ධනය පිලිබඳ සඟරාව මගන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

දරුවාගේ දත් රැකගන්න…

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන් තරම් උනන්දු විය යුතු පිරිසක් නැහැ. මෙහිදී අපි හිතන්නේ සෑම ආහාර වේලකින් පසුව දත් මැදීමෙන් පමණක් දරුවාගේ දත් ආරක්ෂා වෙන බවයි. ඒත් දන්ත සෞඛ්‍යය වෙනුවෙන් වැදගත් ආහාර වගේම දත් දිරාපත් වීමට හේතු වෙන ආහාරත් තිබෙන නිසා දරුවනගේ දත්වල ආරක්ෂාව වෙනුවෙන් ඔබ විසින් සීමා කළ යුතු ආහාර ගැනත් රීඩර්ස් ඩයිජස්ට් සගරාවේ තිබුණා. එහි සිංහල පරිවර්තනයයි මේ…

පොප් කෝන්ස්

අපේ දරුවන් පොප්කෝන්ස් වලට පුදුම කැමැත්තක් දක්වනවා. මේ ආහාර සාදා ගන්නේ බඩඉරිගු පොරි විදිහට පුපුරවා ගෙනයි. නිව්යෝර්ක්හි දන්ත වෛද්‍ය ජොනතන් නේමන් සදහන් කරන අන්දමට පොප්කෝන් නිසා විදුරු මස් තුවාල වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මෙවැනි ආහාර වලදී සීමාවක් තිබුනොත් හොදයි නේද…?

වියලි පළතුරු

පළතුරු වියලෙන විට එහි සීනි ප්‍රතිශතය ඉහළ යනවා. උදාහරණයක් විදිහට වියලි මිදි , අන්නාසි වියලෙන විට සීනි ප්‍රතිශතය ඉහලයි. ඒවා දත් දිරා යෑමට හේතුකාරකයන් වෙන බව වෛද්‍ය නේමන් පෙන්වා දෙනවා.

සීනි සහිත පාන වර්ග

පැණි බීම වගේම කිරි පානය කිරීමෙන් දත් අතර රැදෙන සීනි නිසා දත් දිරාපත් වීමට තිබෙන අවස්ථාව ඉහලයි. කෙළ නිපදවීමට ජලය පානය ඉතාම අවශ්‍ය බව අපි දන්නවා. මුඛයේ කෙළ නොමැති වුනාම සීනි සමග ප්‍රතික්‍රියා කරමින් අම්ල නිපදවන බැක්ටීරියා දත් දිරාපත් කිරීමට හේතු වෙන බව වෛද්‍ය නේමන් පෙන්වා දෙනවා. මේ කතාවටම තවත් අතුරු කතාවක් එකතු කලොත් අපේ අම්මලාට හොදයි කියල හිතුනා.පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ ශ්‍රි ලංකා පෝෂණ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා පෙන්වා දෙන අන්දමට සීනි නිරන්තරව ආහාරයට ගන්නා විට රුධිරගත සීනි සාන්ද්‍රනය ඉහල යෑම නිසා ශරීරය මගින් නිපදවන ඉන්සියුලින්වලින් රුධිරගත සීනි ඉවත්කර සෛලවලට යොමු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන නිසා  type 11  Diabetes Mellitus  දියවැඩියා රෝග තත්වයන්ටත් ගොදුරු වීමේ අවදානම ඉහලයි. මේ නිසා වෙඝදපොලේ පැනීබීම, පළතුරු බීම එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව කොළ, තැමිලි හා රතු (Trafic Light System ) යනුවෙන් නම් කිරීමට උපදෙස් ලැබුනත් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ගේ පාර්ශවයෙන්ද එතරම් උනන්දුවක් නැහැ.

ආම්ලික පාන

ආම්ලික ආහාර නිරන්තරව ගැනීම නිසා දතේ එනැමලයට හානි සිදු වෙනවා. ඒ වගේම දත් කහ පැහැ ගැනීමටත් හේතු වෙනවා. එනැමලයට හානි වීම නිසා දත් සංවේදී වීමත් සිදු වෙනවා.

අයිස්කැට

කුඩා දරුවන් අයිස්කැට වෙනුවෙන් බොහොම උනන්දුයි. මේ නිසා සමහර අම්මලා ශීතකරනයේ අයිස්කැට තියන්නේවත් නැහැ. අයිස්කැට හපන විට දත්වල සංවේදීතාවය වැඩි වෙනවා පමණක් නොවෙයි, දතේ පැලීම් ඇති වීමටත් හේතු වෙනවා.

ශක්තිජනක පානයන්

අද දරුවන් අතර මෙම පාන වර්ග ඉතාම ජනප්‍රියයි. පාඩම් කරන දරුවන් මෙම පාන වර්ග වෙනුවෙන් යොමු වුනත් ඒ පිටුපසින් තිබෙන දත් දිරා යැමේ කතාන්දයත් දැන ගත්තොත් හොදයි. මෙම පාන වර්ගවල සීනි ප්‍රතිශතය ඉහල නිසා අනිවාර්යෙන්ම මෙම පානයන්ගෙන් පසුව මුඛය සෝදා ගන්න.

රසකැවිලි

ටොපි, ලොසින්ජර්, අයිස්ක්‍රම් වැනි රසකැවිලි දත්වලට අහිතකර බව අපි හොදාකාර දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් නොකිව්වත් සිහිතබා ගැනීම හොදයි.

පිලිස්සූ මස්

මස් පුලුස්සන විට ඒ වෙනුවෙන් සීනි සහ සෝස් එකතු කරනවා. මස් විකීම අපහසු බව අපි අත්දැකීමෙන්ම දන්නවා. මස්වල සීනි නිසා වගේම විකන විට ඇති වෙන පිපිරීම් දන්තාබාධ සඳහා හේතු වෙන බවත් මතකයේ තබා ගෙන දරුවන්ගේ දන්ත සෞඛ්‍යය නිවසේදීම පටන් ගැනීමට පුලුවන්.

බදුන් කළ ආහාර

බදුන් කරන ලද ආහාර කල් තබා ගැනීමට ආම්ලික ද්‍රව්‍ය එක් කරනවා. මස්. මාලු, පළතුරු සිරප් වර්ග මේ සෑම බදුන් කළ ආහාර වලම තිබෙන සාන්ද්‍රණ යුෂ දත් දිරාපත් වීමට හේතු වෙන නිසා එම යුෂ ඉවත් කිරීමෙන් ආහාරයට ගැනීම වඩාත් යහපත්.

පොඩ්ඩාගේ ප්‍රතිචාර අත්විඳලා බලන්නකෝ…

පාසල් යන පුංචි දරුවන්ගෙන් තිබෙන ලොකුම කරදරය තමයි දිවා ආහාරයට රැගෙන යන ආහාර නැවත කෑම පෙට්ටියෙන්ම නිවසට පැමිණීම. මේ නිසා අම්මා ආවේශ වීම පුදුමයක් නොවෙයි. මොකද කිව්වොත් රසට, ගුණට උදෙන්ම නැගිටලා සකස් කරල දෙන ආහාර දරුවා බුත්ති වින්දේ නැති බව දැක්කාම ඒ ගැන හිත් තැවුලක් ඇති වීම සාමාන්‍ය මනුස්ස ගතියක්.

දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් බත් පිළියෙල කර යැවීම ඉතාම සුදුසුයි. ඒත් දරුවා බත් ප්‍රතික්ෂෙප කරන අවස්ථා බොහොමයි. ඔවුන් ඉල්ලන්නේ කඩෙන් ගත් විවිධ කෙටි කෑම වර්ග. මේවායේ බැදුම් තෙල් ගැන අපිට සහතික වීමටත් බැහැ. ඒ නිසා දරුවාගේ කෑම පෙට්ටියට බත් වලට අතිරේක වෙනත් යම් යම් දේ ඇතුලත් කිරීම වැදගත්. එතකොට බත් නැතැත් එහි තිබෙන විවිධ කෑම වර්ග දරුවා ආහාරයට ගනීවි.

පළතුරු

දරුවාගේ කෑම පෙට්ටියේ බතට අතිරේකව කෙසෙල් ගෙඩියක්, දොඩම් බික් දෙක තුනක්, අන්නාසි කැබැල්ලක් හෝ ඇපල් ගෙඩියක් තබන්න. බත් කෑමෙන් පසුව ඔහු මෙය ආහාරයට ගනීවි. එසේ නැත්නම් බත් වෙනුවට මේ පළතුරෙන් සැනසෙන්නත් පුලුවනි. බතින් පසුව විටමින් සී අන්තර්ගත අතිරේකයක් ආහාරයට ගත් විට ඉක්මනින් පෝෂණය අවශෝෂනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා පළතුරු කීපයක් කෑම පෙට්ටියේ තබන්න. ඒවා විවිධ වර්ණයන්ගෙන් යුක්ත වීමත් ඉතා වැදගත්. එවිට දරුවාට ලැබෙන පෝෂණය විවිධ විදිහට ලැබෙනවා.

එලවළු

එලවළු පිස දෙනවාට අමතරව හුමාලයෙන් තම්බා ගෙන කෑම පෙට්ටියේ තබනන්. තක්කාලි පෙති නම් අමුවෙන් පුලුවනි. කැරට් , බෝංචි හුමාලයෙන් තම්බලා බිත්තර පලුවක් හෝ සලාද කොලයක් සමග තබන්න. බතට වඩා මෙය පහසුවෙන් ආහාරයට ගන්නත් පුලුවනි. දඩිබිඩියේ වුනත් තම්මා ගත් එළවලු වෙනුවෙන් දරුවා යොමු වීම සාමාන්‍ය දෙයක්.

කිරි

කුඩා බෝතලයකට රස කරන ලද කිරි ප්‍රමාණයක් තබන්න පුලුවනි. හැබැයි කිරි සිසිල් නොවී බොහෝ දෙනෙක් බීමට එතරම් ප්‍රිය නැහැ. කාලය සමග කිරි නරක් වීමටත් තිබෙන ප්‍රවනතාවය වැඩියි.ශීතල ආරක්ෂා වෙන කෑම පෙට්ටියක නම් කිරි මිලිලීටර් ප්‍රමාණයක බෝතලයක් තබන්න පුලුවනි. එහෙම නැත්නම් යෝගට්, හෝ පළතුරු යෝගට් එකක් වුනත් වරදක් නැහැ. හැබැයි ආරක්ෂිතව නම් පමණයි.

චීස් සහ බිස්කට්

අපේ රටේ නම් එහෙම සිද්ධ නොවුනත් බොහෝ රටවල නම් දරුවන් වෙනුවෙන් චීස් නිවසේම නිපදවා ගන්නවා. ඒ විදිහට නිවසේ පිළියෙල කර ගත් චීස් පෙත්තක් වගේම බිස්කට් දරුවාගේ කෑම පෙට්ටියට ගැලපෙනවා. විශේෂයෙන් දරුවන් කැමැත්තක් දක්වන ලුණු සහ මිරිස් අධික බිස්කට් වෙනුවට නිවසේ තනා ගත් බිස්කට් වෙතින් ඔවුන්ට සංග්‍රහ කරන්න. අධික ලුණු සිරුරට අහිතකර නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ දිව මේ අහිතකර රසයන්ගෙන් මුදවා ගන්න.

ක්ලබ් සැන්ඩ්විච්

පාන් දරුවාගේ ආහාරය වෙනුවෙන් අනුමත කරන්න බැරි වුනත් ක්ලබ් සැන්ඩ්විච් විදිහට පිළියෙල කළොත් යම් ගුණයක් ලබා ගැනීම අපහසු නැහැ. බීට්, කැරට්, සලාද කොළ සහ බිත්තරයක් වෙන වෙනම ගම්මිරිස් සහ ලුණු සංයෝග කර ගෙන සකස් කර ගන්න. දැන් පාන් වල බටර් තවරා එක් තටට්ුවක බීට්, අනිත් පෙත්ත මත කැරට්, අනිත් පෙත්තට බිත්තර සහ සලාද කොළ ලෙසින් තබන්න. එය දරුවාගේ ආහාරයේ ඉතා ආකර්ශනයක් ලැබෙනවා වගේම කාබොහයිඩ්ට්‍රෙට සමග එළවළුවලින් පෝෂණයක් ලබා ගනන් පුලුවනි.

කට්ලට් , පැටිස්, රෝල්ස්

ඉහත ආහාර ඔබ නිවසේදීම පිළියෙල කර ගැනීම නිසා අහිතකර තත්වයන්ගෙන් මිදෙන්න පුලුවනි. මේවායේ පිරවුමට සැමන්, සලාද කොළ, අල, බිත්තර , මස්, මාලු යොදා ගන්න පුලුවනි. ඒ වගේම බැදීම වෙනුවට ඇතැම් ආහාර බේක් කර ගෙන පිළියෙල කර ගත හැකියි.

කේක්

නිවසේ සකස් කර ගත් රටඉඳි කේක්, පළතුරු කේක් වැනි ආහාර දරුවා ඉතා මනාපයෙන් බුත්ති විඳින්න පුලුවනි. මේවා අතිරේක මිසක දරුවාගේ සම්පූර්ණ දිවා ආහාරය වෙනුවෙන් නම් නොවෙයි.

රොටී, පිට්ටු

රොටී , පිට්ටු පිළියෙල කරන විට පිටි සහ පොල්වලට අතිරේකව ගොටුකොල වැනි සිහින්ව ලියා ගත් පළා වර්ග, කැරට් , ලීක්ස්, ළූණු කොල සහ බෝංචි එකතු කර ගන්න පුලුවන්.

එහෙම නම් මේ විදිහට පුංචි පුංචි අතිරේක වෙනස් වෙනස් විදිහට කෑම පෙට්ටියට එකතු කරල පොඩ්ඩාගේ ප්‍රතිචාර අත්විඳලා බලන්නකෝ… පොඩ්ඩාට විතරක් ‍නොවෙයි, ලොකු බබාලටත් අගුණයක් වෙන්නේ නැහැ.

අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීම වලක්වා ගැනීමට

අද බොහෝ මව්පියන් නගන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි අපේ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කිසිම දෙයක් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න කැමැති නැහැ. “හැම තිස්සේම ‍ඉන්ටර්නෙට් එකේ…” මේ චෝදනාව අද හැම පවුලකටම බලපාන තත්වයක්.ඇත්තටම දරුවන් මේ තත්වයට පත් වීමට බලපාන හේතු තිබෙනවා.

ඉස්සර කාලයේ පවුලක් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඊට බලපාන ලද එක් හේතුවක් තිබෙනවා. අද වගේ විද්‍යුත් සන්නිවේදන තාක්ෂනයක් එදා තිබුනේ නැහැ. තොරතුරු බෙදා හැරුනේ ගමේ කඩපිලේ… නාන තොටුපොලේ.. මේ වගේ පොදු තැන්වලයි. ඒ විදිහට පෙරා ගත්තු තොරතුරු නිවසේ උදවිය අතර හුවමාරු වුනා. ඒ වෙනුවෙන් බොහෝ වේලාවට වෙන්වුනේ රෑ ආහාරය බුක්ති විදින අවස්ථාවයි. අද මේ අවස්ථාව පවුලකට අහිමි වෙලා. රාත්‍රි ආහාරය වුනත් ඔවුන් වෙන් වෙන්ව බුත්ති විදින්නත් එක හේතුවක් තිබෙනවා. සේරටම වඩා මුලට එන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමයි. ඉතින් අපි මේ තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල කුඩා දරුවන්ට තාක්ෂණ මෙවලම් දෙන්නේම නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ටට තාක්ෂණ මෙවලම් හසුරුවන්නට අවසරයක් ඇත්තේම නැහැ.ඔවුන් ඒ තරමටම දරුවන්ගේ මානසික තත්වය ගැන උනන්දුවක් දක්වනවා. මේ කාලයේදී දරුවන්ට තාක්ෂණ මෙවලම් සමග ගණුදෙණු කිරීමට අවසර ලබා දීම අහිතකර තත්වයක් විදිහ ඔවුන් පෙන්වා දෙනවා.

සතා නපුරු නම් පෝෂණය කරන්න එපා…

2005 වසරේ මාක් සකර්බර්ග්ගේ ෆේස් බුක් ආයතනයට සම්බන්ධව කටයුතු කළ චමත් පලිහපිටිය අද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක්ව සිටින ශ්‍රි ලාංකිකයෙක්. ඔහු මුහුණුපොත ගැන දක්වන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. විශේෂයෙන් දරුවන් මුහුණුපොත පරිශීලනය කිරීම ඔහු අනුමත කරන්නේ නැහැ. චමත් පලිහපිටිය සඳහන් කරන විදිහට ෆේස්බුක් කියන්නේ “ඩෝපමින් උත්තේජන” (dopamine driven feedback loops) ප්‍රතිචාර චක්‍රයක් බවයි. මුහුණුපොත සමග ගණුදෙණු කරන විට Likes, Comments, Hearts, Thumbs Up වැනි බෙදා හදා ගැනීම් නිසා ඇබ්බැහි වීමට සමාන රසායනයන් මොළයෙන් නිදහස් වෙන බවයි. ඒ නිසා නැවත නැවත මේ ප්‍රතිචාර මතම යැපෙන නිසා මේ පුරුද්දෙන් මිදීම අවශ්‍ය බැව් ඔහු පෙන්වා දෙනවා. ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රවර්ධනයට අත් හිත දුන් තැනැත්තෙක් විදිහට ඔහු විසින්ම මෙම ප්‍රකාශය කිරීම මහත් සේ ආන්දෝලනයට තුඩු දුන්නා ඒත් ඔහුගේ අදහස වෙන්නේ ” යම් සතෙක් නපුරු නම් , අනර්ථකාරී නම් අපි ඒ සතා පෝෂණ්‍ය කළ යුතුද යන්නයි. එහෙම නැත්නම් අපි එයින් ඉවත් විය යුතුයි. ඒ විතරක් නොවෙයි, අපි ඉවත්වීම සමග ඒ වෙනුවෙන් විකල්ප සෙවීමත් වැදගත්…”

සීමාව දන්නෙත් නැහැ…

අද බොහෝ දරුවන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ යා යුතු සීමාවන් ගැන දැනීමක් නැහැ. අලුත් පරම්පරාව මෙන් වැඩිහිටි පරම්පරාවට මේ කුසලතාවය නැති නිසා ඔවුන්ටත් දරුවන්ට සීමාවන් කියා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා අද අන්තර්ජාලය ඔස්සේ විවිධ අපහසුතාවයන්ට පත් වුන දරුවන් සිටිනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැණුවත්බව ලබා සිටීම වැදගත්.

දරුවන් හුදෙකලා කළ යුතු නැහැ..

අද හැම පවුලකම සිටින්නේ දරුවන් දෙදෙනෙක් එහෙමත් නැත්නම් එක්කෙනෙක්. ඒ නිසා සහෝදර සමාගමක ඇසුර දරුවන්ට නැහැ. ඔවුන් නිතරම හුදෙකලා පිරිසක් බවට පත්ව සිටිනවා. නිවසේ තමාගේ ඇසුරට සිටින්නේ සේවකයෙක්. සමහර විට කිසිම කෙනෙක් නැතිවෙන්නත් පුලුවන්. අම්මා තාත්තා දෙන්නාම රාජකාරි කටයුතුවල නිතර නිසා දරුවන් නිවසේ හුදෙකලා වුනාම ඔවුන්ට කුමන හෝ මගක් කාලය ගෙවන්න අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාලය සමග සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට දරුවන් ඉබේටම යොමු වෙනවා. කාලයත් සමග මේ මාධ්‍ය ගණුදෙණුව ඉතාම අහිතකර විදිහට දරුවන්ට බලපානවා.

නිතරම දරුවන් සමග ඉන්නදෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන් සමග සිටින්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් විමසා සිටින්න. තොරතුරු බෙදා හදා ගන්න. දරුවන්ගෙන් ඔබ දුරස්ථ වූ විට ඔවුන්ගේ හිතේ ඇති වෙන හුදෙකලා බව නිසා කුමන හෝ අන්දමකින් මෙම හිස්තැන පුරවා ගැනීමට දරණ උත්සාහය නිසා දරුවන් නොදැනීම මෙම සමාජාල වෙත ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා.

හොඳ වගේම නරකත් තිබෙනවා…

අන්තර්ජාලය සහ සමාජ ජාල මගින් යහපත් වගේම අයහපත් ප්‍රතිඵල ඇති වීමට තිබෙන ඉඩ කඩ ගැන දරුවාටත් කියා දෙන්න. යම් වයස් සීමාවකදී වුනත් දරුවන්ගේ අධ්‍යාපණික කටයුතු වෙනුවෙන් මෙම ජාල පහසුකම් වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කළත් එයින් අනර්ථකාරී ප්‍රතිඵලත් ලැබෙන්නනට තිබෙන හැකියාව ගැනත් දරුවාට අවබෝධ කර දීම ඉතාම වැදගත්.

අද ලෝකය පුරාම මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු වෙමින් තිබෙනවා. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටී. බී.බී.සී පුවත්සේවයේ සඳහන් අන්දමට වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ. යුරෝපා සංගමයේ නව විධිවිධානයන්ට අනුව සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි මේ නිසා දරුවන් මාධ්‍යජාල පරිශීලනයේදී වඩාත් සුරක්ෂිත විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

බුද්ධියේ කඩුලු පනින්න දරුවාට අවසර දෙමු

ළමා බුද්ධි වර්ධනය පිළිබඳව කතා කරන විට ජීන් පියාජේ පිලිබඳව කතා නොකරම බැරිය.දරුවන්ගේ මානසික වර්ධනය පිලිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන න්‍යායන් පාදක කර ගෙන අපිටත් අපේ දරුවන්ගේ හැසිරීම් රටාවන් ගැන ප්‍රායෝගිකව අධ්‍යනය කරන්න පුලුවන්.දස මාසයක් කුස තුල හිඳ ලෝකයේ ආලෝකය දකින දරුවාගේ බුද්ධියේ වර්ධනය ජීන් පියාජේ විසින් කඩුලු හතරක් විදිහට හඳුන්වා දී තිබෙනවා. ඉතින් සමහර විට මේ කඩුලු සෙමෙන් පනින දරුවනුත් ඉන්න පුලුවන්. ඒ ගැනත් කලබල නොවී ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය සමග පියාජේගේ හදුනා ගැනීම් ආදේශ කර බලන්නකෝ…

අවුරුදු දෙකක් පමණ වෙන තෙක් මානසික වර්ධනය ඉතා සෙමින්…

වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාගේ මානසික වර්ධනය ඉතා සෙමෙන් සිද්ධ වෙන බව ජීන් පෙන්වා දෙනවා.මේ කාලයේදී දරුවන් පරිසරයේ වෙනස්කම්වලට ඒ තරම්ම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ගැන හිතන්න. දරුවාගේ අත තිබුන සෙල්ලම් බඩුවක් හෝ වෙනත් දෙයක් ඔබ ඔහුගෙන් ඉවත් කර කොට්ටය යටින් තබන්න. තමාට මේ දෙය අහිමි වීම නිසා දරුවා අඬන්න පුලුවන්. ඒත් එය සොයන්නනට තරම් විමසිලිමත් බුද්ධියක් මේ පළමු කඩුල්ලේදී දරුවාට ඇත්තේ නැහැ. හරිම ලේසියි නේද…? අනවශ්‍ය දේ දරුවාගෙන් ඉවත් කලාට එය ඉල්ලමින් ගෝරනාඩු දැමීමට තරම් බුද්ධිමත් බවක් මේ කාලයේදී නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට දරුවා හසුරුවන්න පුලුවනි.

දෙවැනි කඩුල්ල

දැන් දරුවාට වයස අවුරුදු දෙක සහ හතර කාලයයි. ඒ කියන්නේ ජීන් පියාජේගේ දෙවැනි කඩුල්ල පනින්න සූදානම් අවධියයි.දැන් දරුවාගේ හිතේ සංකල්ප රූප මැවෙනවා. බෝලය කිව්වාම ඔහු එහි හැඩය දන්නවා. බල්ලා, බළලා හදුනනවා. ඒ වගේම ඔවුන් මේවාට තමන්ගේ වචන ගොඩ නගා ගන්නවා. හරකාට දූවා විදිහට… බල්ලාට බව්වා විදිහට කථා කරනවා..මල් වලට ආදරේ කරනවා. අවුරුදු හතරක් පමණ වෙද්දී ඔන්න ප්‍රශ්න ගොඩයි. වලාකුළු යන්නේ කොහාටද…? තරු දවල්ට ඉන්නේ කොහේද…? මල් පිපෙන්නේ කොහොමද….? ඒවාට පාට කොයින්ද…? අම්මට තාත්තාට වෙනම ඉගෙන ගන්න වෙලා. හැබැයි දරුවන් අහන මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්න ඕන. බොහෝ දෙමව්පියන් මේ වෙලාවට දරුවන් පන්නා ගන්නේ අනේ මේ වැඩක ඉන්නේ..මං දන්නේ නැහැ කියල බොහොම නුරුස්නාවෙන් කියන ගමන්. ඒ විදිහට දරුවන් පලවා හරින්න එපා. ඔවුන් මේ පනින්න යන්නේ බුද්ධියේ දෙවැනි කඩුල්ලයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ සූදානම් ශරීරයෙන් ඉන්න..

තුන්වැනි කඩුල්ල

බුද්ධියේ තුන්වැනි කඩුල්ල පනින දරුවාගේ වයස අවුරුදු 6 සහ 11 අතර වෙනවා. අපේ රටේ නම් දරුවාගේ ඉතාම අවාසනාවන්ත කාලයක්. ඇයි…. ශිෂ්‍යත්වයේ කඩුල්ලත් දැන් ඇවිත්. ඒත් දරුවාගේ ජීවන රටාවේ තුන්වැනි කඩුල්ල පැනීමට ස්වාධීන අවස්ථාවක් තිබෙනවා නම් අනාගතයේ ඇති ඕනෑම බුද්ධියේ අභියෝග ඔහු බාර ගනීවි. මේ කාලයේදී තර්ක බුද්ධියෙන් හිතන්න තරම් දරුවා දියුණු නැහැ. යකඩ රාත්තලයි…පුලුන් රාත්තලයි..අතරින් වැඩි බරක් යකඩද..එහෙම නැත්නම් පුලුන්ද ඇහුවොත් ගොඩක් දරුවන්ට නිවරැදි පිලිතුර ලබා දීමට අපොහොසත් වේවි. ශීෂ්‍යත්වය ඉදිරියේ වුනත් තර්ක බුද්ධිය වඩාත් වැදගත් නිසා ඒ නිපුනතාවයට පත් වෙන පිරිසත් සීමා වෙන්න පුලුවන්. තුන්වැනි කඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ ස්වාදීනත්වයෙන් ගලා යෑමට ඉඩ දෙන්න. ඒ වගේම මේ කාලයේදී ඔබට දරුවාගේ ජීවිතයට බොහෝ දේ පරිසරයෙන් එකතු කරන්න පුලුවන්. යන එන විට ඇසෙන දකින දේ සහ ඒවායේ තිබෙන තර්කානුකූල බව පෙන්වා දීමට පුලුවන්. එවිට අනාගතයේදී තර්කානුකූලව බලන්න දරුවා පුරුදු වේවි.

හතරවැනි කඩුල්ල

දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාවන් දැන් වර්ධනය වීමට පටන් ගන්නවා.එය ඉතාම තීරනාත්මක අවධියක්. ජීන් පියාජේගේ මෙම සංකල්ප අධ්‍යාප විද්‍යාවට ආදේශ කර ගෙන බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවන විදිහට සකස් කිරීමට පටන් ගත්තා. බොහෝ රටවල අධ්‍යාපනය දරුවන්ට බරක් නැහැ.

පින්ලන්තය 2020 වන විට පාසල් අද්‍යාපනය විෂය නිර්දේශයක් වෙනුවට “සංසිද්ධි හා අවස්ථා” විදිහට තෝරා ගැනීමට (phenomenons & events) අවස්ථාව ලබා දී තිබෙනවා. එවිට දරුවා තෝරා ගන්නේ තමාට අවශ්‍ය සංසිද්ධියක්. උදාහරණයක් විදිහට මල් වගාව ගැන දරුවා තෝරා ගත්තොත් ඊට අදාල අවස්තාවන් සියල්ල ඔහුට කැමැත්තෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ නැතුව කෘෂිකර්මය, ජීව විදයාව විදිහට වෂය නැහැ. හැබැයි කැමැත්තෙන් ඉගෙන ගන්නා දේ පිටුපස මුලින් කී විෂයයන් ඇතුලත් වෙන්නේ විෂයබරක් නැතුවයි. ඒ නිසා දරුවා ආසාවෙන් ඉගෙන ගන්නවා. පින්ලන්තය මේ රටාව මුලින්ම ආදේශ කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවන්ටයි. ජීවිතයේ කුනාටු කාලයේදී අධයාපනය ඉතාම රසවත් අත්දැකීමක් බවට පත් වෙන්න මේ අවස්තාවෙන් හොදටම ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම ඉගෙනුම රසවත් අත්දැකීමක් වේවි. දැනටත් පින්ලන්තය ලෝකයේ සාර්ථක අධයාපන ක්‍රම භාවිතා කරන රටවල් දහය ඇතුලට ඇතුලත් වෙනවා.

මේ ගැන අදහස් දක්වමින්  පින්ලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාණී “මජ්රා කිලොනෙන්” සඳහන් කරන්නේ ඉස්සර කාලයේ තිබුන සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් අපි බොහොම කාලයක පටන් නිදහස්. පාසල් කාලය ඉතාම නිදහසින් ගත කර පින්ලන්ත දරුවන්ට ගෙදරවැඩ නැහැ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ඉඩක් මිස විෂයබරක් පවරන්න අපි කැමැති නැහැ.

එහෙම නම් ජින් පියාජේ පෙන්වා දෙනඅ න්දමට දරුවන්ට නිදහසේ හිතන්න, කටයුතු කරන්න අවශ්‍ය පරිසරය සකස් විය යුතු මේ කාලය හෙවත් බුද්ධි වර්ධනයේ හතරවැනි කඩුල්ල නිදහසේ පැන යන්න  අපිත් අවසර දෙමු.

jean-piaget
ජින් පියාජේ (jean piaget)