Home Blog Page 96

ආපදා කළමනාකරනයේදී පුංචි දියණියගේ ශක්තිය

පුංචි දරුවන්ගේ හිත් බොහොම පිරිසිදුයි. ඒ වගේම සන්සුන් මනසකින් යුක්ත නිසාම ඔවුන්ගේ ධාරනයත් ඉහලයි. ඒත් හැම දෙයම ධාරනය කර ගත්තාට වඩා ඒවා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ආදේශ කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය වඩාත් වැදගත්. මේ කනින් අහල… අනිත් කනින් පිට කරන තත්වයට වඩා දරුවන් ඇසෙන දකින දේ තමන්ගේ හිතේ ඉතා තදින් ධාරනය කර ගන්නවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල වඩාත් ඉහලයි. ඒ නිසාම ලෝකයක් දිනන්න නම් දරුවන්ගේ ශක්තීන් මොන තරම් වැදගත් වෙනවාද යන්නට ඉතාම හොඳ සිදුවීමක් මේ විදිහට ඉදිරිපත් කලොත් දරුවන්ගේ ශක්තිය කොතරම්ද කියල ඔබටත් හිතේවි.

එදා නිවාඩු දවසක්. ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ හින්දුමාතා ආර්ථික නගරයේ මේ මහල් නිවාස සංකීර්නයේ නිවැසියනුත් වෙනදාට වඩා කාලයක් නිදා ගැනීමට ගත කළේ ඉඳහිට ලැබෙන විවේකයෙන් ප්‍රයෝජනයක් ගැනීම අවශ්‍ය නිසාය. මේ මහල් සංකීර්නයේ මහල් 12 ක් පිහිටා තිබුනා. ඉතාම අවසනාවන්ත විදිහට හතර දෙනෙක් මේ ගින්නට දැවී මියගිය අතර 18 දෙනෙක් තුවාල ලැබුවා.

අවාසනාව අතරේ 16 වැනි මහලේ නිවැසියන්ට ජීවත්වීමට වාසනාව ලැබුනා. ඒ පුංචි දැරියක් නිසයි. මේ දැරියගේ බුද්ධිමත් හැසිරීම මොන තරම් වටිනවාද යන්න ඇගේ මව විසින් ඉතාම සතුටින් බී.බී.සී පුවත් සේවයට මේ විදිහට සඳහන් කර තිබුණා. මේ මවගේ නම “ජය ශ්‍රී පටෙල්” ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

එදා උදේ මේ කියන්නේ පසුගිය අගෝස්තු 22 වැනි දා මම උදේ අටහමාරට විතර නාන කාමරයේ ඉදිද්දී එක පාරටම කලු දුමාරයක් දැක්කා. මම ඉක්මනට මගේ සැමියාට කතා කරල මේ ගැන කිව්වා. ඔහු ඇවිත් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න ජනේලය ඇරියා විතරයි දුමාරයෙන් මුලු ගෙයම පිරුනා. මට එකපාරටම මගේ දියණිය “සෙන් සදාර්තේ” මතක් වුණා. ඉක්මනට ගිහින් දුව අවදි කලා. එයා මේ වෙන විට තද නින්දක හිටියේ. මම දුවත්, සැමියාත් කැටුව ගිහින් විදුලිය විසන්ධි කරල පිරිසිදු වාතය ලබා ගන්න මුලුතැන්ගෙයි ජනේලය විවෘත කළා විතරයි මගේ මුහුණට ජල වාෂ්ප වැදුනා. අපි සේරම උදව් ඉල්ලා කෑ ගසන්න වුණා.

මේ වෙලාවේ අල්ලපු ගෙදර අයත් දොර ඇරියා. අපි තුන්දෙනා ඒ ගෙදරට ගියා. ඒත් දුම ඇවිත් ඒ නිවසත් පිරිලා. දැන් අපිට හුස්ම ගන්නත් අමාරුයි.

අපේ දුව මේ වේලාවේ ඉතාම බුද්ධිමත් විදිහට කටයුතු කළා. ඇයට පාසලේ පාඩමක් මතක් වුනා. ඒ විදිහට කටයුතු කරන්න ඇය අපි හැම දෙනාටම උපදෙස් දුන්නා. හදිසි ගින්නකදී ඇති වෙන දුම නිසා හුස්ම ගන්න බැරි වුනොත් තෙත් කළ රෙදි මුහුණ මත තබා ගන්න කියල පාසලේදී ඇය ඉගෙන ගෙන තිබුනා. ගිලෙන්න යන තැනැත්තා පිදුරු ගහේ හෝ එල්ලෙනවා වගේ අපි හැම දෙනාම ඇඳ ඇතිරිලි තෙමා ගෙන මුහුණ මත තියා ගත්තා.

“ඇත්තටම අපිට හුස්ම ගැනීමේ පහසුවක් දැණුනා. ඒ නිසා ගිනි නිවන හමුදාව ඇවිත් ඉනිමං සහ ට්‍රොලි ආධාරයෙන් ගින්න නිවලා අපිව පිටතට ගන්නා තෙක් දුවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් 16 වැනි මහලේ සිටි අපි හැම දෙනාම බේරුනා…” ජය ශ්‍රී පටෙල් ඇගේ දියණිය ගැන මහත් ආඩම්බරයෙන් ඒ විදිහට සඳහන් කළා.

“මම මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ. මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි. නමුත් මගේ දස හැවිරිදි දියණිය නිසා මම තාමත් ජීවතුන් අතර. ඇගේ තැනට සුදුසු නුවණ අපි හැමෝම බේරුවා.”

විදුලි පරිපථයක සිදුවූ දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවත්, පියගැටපෙළ අධික දුමෙන් වැසීයාම හේතුවෙන් ඉහළ මහල්වල සිරවූ පුද්ගලයන් 30 ක් පමණ බේරාගත් බව මුම්බායි නගරයේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී ප්‍රභාත් රහන්ග්ඩේල් සඳහන් කර තිබුණා.

ඉතින් ඔබේ දරුවන් තුළත් මේ විදිහට හැකියාවන් තිබෙන්න පුලුවන්. ආපදා කළමනාකරණය ගැන අද පාසල්වල වැඩි අවධානයක් දක්වන කෙෂත්‍රයක් නිසා දරුවන්ගේ හිත් ඇතුලත මේ වගේ ක්‍රමෝපායන් නිදන්ගත වෙලා තිබෙන්න පුලුවනි. ඒ නිසා නිතරම ඔවුන් සමග මේවා ගන කතා බහ කරන්න. තමා උගත් දෙය ආදේශ කළ හැකි තැන් හදුනා ගන්නා දරුවන් ඉතාම බුද්ධිමත්. එය ඔවුන්ගේ නිර්මානශීලිත්වයේ ලක්ෂණයක්. දෙමව්පියන් විදිහට දරුවන්ගේ දැන උගත් දේ තැනට ගැලපෙන විදිහට සම්බන්ධ කරන්න පුලුවන් අවස්ථාවන් ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. එවිට මේ හිතේ තැන්පත්ව තිබෙන දැණුම නිතරම යාවත්කාලීන වේවි.

දියණියක් විදිහට ඇය තමා උගත් දෙයින් ආපදා කළමනාකරණය කළ අන්දම ඉතාමත් අගෙයි. ඉතින් ඔබේ දරුවා තුළත් මේ වගේ දැන උගත් දැණුම බොහෝ සේ තිබෙන්න පුලුවනි. ඒවා තැනට ගැලපෙන විදිහට ආදේශ කරන්න ඔවුන්ත් අවස්ථාවක් ලද තැනදී ඉදිරිපත් වේවි. ඒ නිසා මේ සිද්ධිය අපේ රටේ නොවෙයිනේ… කියල ඉවතට දමන්න එපා. කුඩා දියණියකගේ පාසලේ පාඩම මහල් නිවාසයේ එක් මහලකම වැසියන්ගේ ජීවිත ආරක්ෂාවට හේතු වුන අන්දම ඔබේ දරුවාටත් කියා දෙන්න. එය ඉතාම අභියෝගාත්මක සිද්ධියක් විදිහට ඔවුන්ද යම් පන්නරයක් ලබනු ඇති.

ආහාර පාලනය කරන තරුණ දූවරුන්ට මේ ටිකත් කියා දෙන්න

දැන් කාලයේ තරුණ ගැහැනු දරුවන්ට අලුත් තාලයේ මානසිකත්වයක් පහල වෙලා තියෙනවා. තමන්ගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමේ මේ මානසිකත්වය නම් නරක නැහැ. තමන්ගේ රුප සොබාව විතරක් නොවෙයි, ශරීර සෞඛ්‍යත් යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවන්. ඒත් මේ ගැහැණු දැරිවියන් ඒ වෙනුවෙන් අනුගමනය කරන වැරැදි පුරුදු නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු කීපයක් තිබෙනවා. ඉතින් දෙමව්පියන් විදිහට ඔබත් මේ ගැනත් දැන සිටීම ඉතාම වැදගත්. එතකොට තමන්ගේ දරුවන්ගේ වැරැදි පුරුදු වලින් ඔවුන් ඈත් කරන්න පහසුවෙන්ම පුලුවනි. ඒ නිසා ආහාර පාලනයත් සැලසුමක් ඇතුව සිදු කර ගැනීම වැදගත්.

ආහාර නැතිව සිටියොත් සීනි මට්ටමට බලපානවා

ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. හැම ජීවියෙක්ම ආරක්ෂා වෙන්නේ ආහාරයේ බලයෙන්. ඒ නිසා පමණ දැන ආහාර ගැනීම විනා ආහාරයෙන් වැලකී සිටීම නම් ඒ තරම් හොඳ නැහැ. නව යෞවන වයසේ පසුවෙන ගැහැණු දැරිවියන් ආහාර නොගෙන තමන්ගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට ගන්නා උත්සාහය ඉතාම අහිතකර විදිහට බලපාන්න ඉඩ තිබෙනවා. ආහාර මගින් සිරුරට අවශ්‍ය ශක්තිය නැති වුනාම සිරුරේ තැන්පත්ව තිබෙන සීනි මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය සිද්ධ වෙනවා.මොළය, රතු රුධිරාණු සෛල සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය සපයනවා. ඒ නිසා මුල් පැය කීපය තුළ තිබෙන ප්‍රාණවත් බව ක්‍රමයෙන් නැති වීමට පුලුවන්.

සිරුරේ මේදයටත් බලපානවා

සීනි අවසාන වීමත් අපි සිරුරට අවශ්‍ය ශක්තිය ආහාර මගින් උපයා නොගන්නා විට සිරුරේ මේදයත් ප්‍රයෝජනයට ගැනීමට පටන් ගන්නවා.

හිසරදයත් ඇති වෙන්න පුලුවනි

අපි ඉතා තදින්ම ඉවක් බවක් නැතුව ආහාර පාලනය කිරීම නිසා ඇති විය හැකි අතුරු ආන්තරාවන් බොහොමයක් තිබෙනවා. සිරුරේ සිදු වෙන විෂහරණ ක්‍රියාවලිය නිසා සිරුර කොලස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පිරිසිදු වෙන විට එය අපිට දැනෙන්නේ කැරකැවිල්ල, මහන්සිය , පේශිවල වේදනාව සහ සන්දි වේදනා විදිහටයි.

සතුටත්  අඩුවේවි

පැය කීපයක් නිරාහාරව සිටින විට ඔබට ශාරිරිකව ඇති වෙන වෙහෙස සමග තරහයෑම, නුරුස්නාව වැනි සිතුවිලි පහළ වෙන්න පුලුවනි. ඒ නිසා ඔබේ දරුවාටත් පවුලේ අන් අය පවා නොරිස්නා ගතියක් ඇති  වෙන්න පුලුවන්. මේ නිසා නිතරම ආහාර පාලනය කරනවා නම් සැලසුමක් ඇතුව ආහාර පාලනය කළ යුතු බව දරුවන්ට කියා දෙන්න.

ආහාර පාලනයේ වාසිත් තිබෙනවා

අද තරුණ වයසේ දරුවන් බොහෝ දෙනෙක් දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් මිදෙන්න හොඳම මගක්. ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය යථා ත්වයට පත් කර ගැනීම ආහාර පාලනයෙන් සිදු වෙන නිසා කල වයස ඉකුත් වෙන්නත් පෙරාතුව ඇති වෙන දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් මිදෙන්න ඉතාම හොඳ මගක්. ඒ වගේම සිරුරේ කොලස්රෝල් මට්ටම යහපත් පරිදි තබා ගැනීම නිසා අද නිහඩ මාරයා විදිහට සැලකෙන කිරීටක ධමණීන් ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. අනවශ්‍ය විදිහට ආහාර මත යැපෙන්නේ නැතුව පිළිවෙලකට ආහාර රටාව පාලනය කර ගත් විට හැමදාම තරුණ පෙණුමින් ඉන්නත් පුලුවන් බව මෙම ලිපියේ සඳහන්ව තිබුණා. ආහාර ජීරණ පද්ධතියටත් ඇති වෙන විවේකය නිසා ජීරණ පද්ධතියත් යහපත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වීමට මේ ක්‍රමවත් ආහාර පාලන රටාව බලපාන්න පුලුවන්.

පාලනය කළ ආහාර රටාවක්

 සිරුරේ තරබාරුව අඩු කර ගෙන සිහින් සිරුරක් වගේම සිරුරේ බර මනා වූ තත්වයක පවත්වා ගැනීම වෙනුවෙන් අනුමත ආහාර රටාව ගැනත් සැලකිලිමත් වීම වැදගත්. නිතරම උදේ ආහාරය කැලරි සහිත ප්‍රමාණාත්මක ආහාර වේලක් වීම වැදගත්. එවිට විටින් විට ඇති වෙන බඩගින්න නොදැනීම නැති වෙනවා. දිවා ආහාරය උදේට වඩා අඩුවෙන් ගැනම වැදගත්. මෙතැනිදී වැඩිමනත් අවධානය දැක්විය යුත්තේ රාත්‍රි ආහාරයටයි. උදේ ඉඳන් සීතල වෙච්ච ඒවා කාලා දැන් තමයි පිරියක් ඇතුව යමක් කන්නේ කියල රාත්‍රි ආහාරය කැලරි සහිති විහාල ආහාරයක් නොවිය යුතුයි. එය ඉතාම සරල ආහාරයක් වීම වැදගත්.

ඒ වගේම අතුරුපස ගන්නවා නම් ඒවාත් උදේ ආහාර වේලට පසු ගැනීමෙන් සිරුර තරබාරු වීමේ ප්‍රවනතාවය අඩු වෙනවා. හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම නිසා පරිවෘත්තිය වේගය වේගවත් වෙනවා වගේම සිරුරේ විෂහරණය සිද්ධ වෙනවා. මේ ජලයට ලෙමන් හෝ දෙහි යුෂ බින්දු කීපයක් එක් කර ගැනීමෙන් සිරුරේ බර 10% සිට 17%ක් අතර ප්‍රමාණයක් අඩු කර ගැනීමට පුලුවන්.

උදය කාලයේ ව්‍යායාම කරන්න

දරුවන්ට ව්‍යායාම කිරීමට කාලවේලාවක් නැති  ඔවුන් හවස් කාලයේ ඒ වෙනුවෙන් යොදා ගැනීමට පුලුවන්. ඒත් ව්‍යායාම සහ ආහාර පාලනය වෙනුවෙන් හොදින්ම ගැලපෙන්නේ උදය කාලයයි. උදය කාලයේ ව්‍යායාම කළොත් 20% කින් පමණ සිරුරේ බර අඩු කර ගන්න පුලුවනි.

දවස සතුටින් පටන් ගන්න

උදේ පාන්දර දරුවන්ගේ මානසිකත්වය අවුල් කරන්න එපා. අද හැම නිවසකම දවස පටන් ගන්නේ මත බේද ගැටුම් හා වචන හුවමාරුවෙන්. මේ නිසා ඇති වෙන ආතතිය නිසා  ආහාර පාලනයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල පවා අහිමි වෙන්න පුලුවන්. හිතේ සෘණ සිතුවිලි ඇති වීමට ඉඩ දෙන විදිහට උදේ පාන්දරම ආයුධ අතට නොගෙන ඉන්නවා නම් වඩාත් ගුණයි.

සුරතල් සතුන් ගේ ඇසුර

උදේට නම් කොහෙද සත්තු හුරතල් කරන්න වෙලාවක්. මේ විදිහට කිව්වත් සතුන් හුරතල් කිරීමට දරුවන්ට ඉඩ දෙන්න. බල්ලා සමග ඇවිදීම නිසා කොල්ලටයි බල්ලටයි දෙන්නාටම ව්‍යායාම ලැබෙනවා. විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට සුරතල් සතුන් සමග දවසරින අයගේ ශරීර බර ඒ විදිහට සුරතල් සතුන් ඇසුරක නොසිටින අයට සාපේක්ෂව ශරීරබර සතුටුදායක මට්ටමින් පවත්වා ගැනීමට පුලුවනි. සුරතල් සතුන් සමග සිටින විට මානසික ආතතිය පහළ ගොස් ඇති වෙන හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා සිරුරේ බර යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවන්කම ලැබෙන නිසා ඒ වෙනුවෙන් දරුවන්ට අවසර ලබා දීමත් වැදගත්.

– How Does Fasting Affect the Human Body? ලිපිය ඇසුරින්

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

වර්තමන සමාජයේ බොහෝ දෙනා අතර මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්වය පිළිබද දැඩි කතබහට ලක්වෙනවා. සාමාන්‍ය වැසි සහිත කාලගුණයක් පවතින විට වෛරස් ආසදන ඇති විමේ අවදානම සුලබව දකිය හැකියි. ඒ අතරින් මේ දිනවල ප්‍රධාන මාතෘකවක් ලෙස මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය දකගත හැක. ඉතින් මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය.

බොහෝ දෙනා වැඩිදුර අසා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත උණ රෝග තත්ත්වයක්  පිළිබදවය. සාමාන්‍ය වෛරසය වැඩිපුරම දක්නට ලබෙන්නේ උණ  සහ සෙම්ප්‍රතිශ්‍යාව ලෙසය. නමුත් ඉන්ෆ්ලුවෙන්සා උණ ඊට වඩා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාවේ ප්‍රභේද

ඉන්ෆ්ලුවෙන්සා උණ, ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B, ඉන්ෆ්ලුවෙන්සා A1H1 යන ආදි ප්‍රභේද කිහිපයක් ලෙස දක්නට ලැබේ. මේවා අතරින්  A H1N1 වෛරස්  ආසදනය 2009 සිට ලෝකයේ අධි වසංගත  තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම වෛරසය ඉතා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාව වැළදෙන  ආකරය

මෙය අසාදිත  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පහසුවෙන් බෝ වන රෝගයකි. ආසදිත පුද්ගලයකු ගේ  ශ්වසන (සෙම/සොටු දියර/වතය) මගින් මෙම වෛරසය ව්‍යාපත වේ. වෛරසය, රෝගියෙකු කිවිසුම් හරින විට හෝ සෙම/සොටු ඉවත් කරන විට වාතයට පිට වී ව්‍යාප්ත වේ. මෙහිදි ආසදිත පුද්ගලයෙකු කිවිසුම් හරින විට සහ සෙම සොටු ඉවත් කරන විට ප්‍රවේශම්  විය යුතුයි.

රෝගියෙක් කිවිසුම් හරින විට අත්ල භාවිත නොකළ යුතුය. සෑම විටම ලේන්සුවක/ටිශූ කඩදාසියක් භාවිත කිරීම සුදුසුයි. තවද එසේ නොමැති අවස්ථාවක වැලමිට භාවිත කිරිම අත්ලට වඩා සුදුසු වේ. මන්ද යත් අත්ල මත තැවරීමෙන් ආසදනය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය. තවද ආසදිත පුද්ගලයෙකු ගේ තුවාය/පිඟාන/කෝප්පය ආදීය  ඔහු/ඇය පමණක් භාවිත කිරීම සුදුසු වේ.

එමෙන්ම මෙම රෝගය කූඩා දරුවන්ට වැලදීමේ  අවදානම  වැඩිය. යම් හෙයකින් මෙම රෝගී  තත්ත්වය  වැළදුන  හොත්  අසනීපය  සුව වෙන තෙක් පාසල්/පෙර පාසල් නොයැවීමට දෙමාපියන් වග බලගත යුතුය.

මෙම වෛරසය ශරීරය තුළ ක්‍රියාත්මක  වන ආකරය

මෙම වෛරසය ප්‍රබල වශයෙන්ම බලපෑම් කරන්නේ ශ්වසන පද්ධතියටයි. මුලින්ම නාසයෙන් වෛරසය ඇතුළු වන අතර පසුව නාසය උගුර ආශ්‍රිතව  ආසදන තත්ත්වයන් ඇති කරයි . අප ශරීරයේ, ශ්ලේශ්මල පටකය නැතහොත්  සාමාන්‍ය  ව්‍යවහාරයේ අප හඳුනන ශ්ලේෂ්මල  හෙවත් සෙම පවති. මෙම සෙම සම්බන්ධයෙන් සමාජයේ විශාල බියක් පවතී. සෙම ශරීරයෙන් පිටතට පැමිණීම හිතකර තත්ත්වයකි. සෙම අප ශරීරයේ පවතින ප්‍රතිෂක්තිකරණයේ කොටසකි. සෙම වැඩිපුර ශ්‍රාවය වනුයේ  ශරීරයෙන් වෛරස ඉවත් කිරීමටය. සෙම සඳහා වෙනත් විශේෂ ප්‍රතිකාර  අවශය නොවේ. ඉන් පසුව අප ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය හදුනාගෙන එවා මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරයි. (මෙම ක්‍රියාවලිය ආසදනය වී සතියකට පසු ක්‍රියාත්මක වේ) ඉන්පසුව එමගින් වෛරසය පාලනය කරයි. එම නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට නම්, විවේකය සහ උණ පාලනය තුළින් මෙම රෝගය සුව වේ.  ශරීරය දුර්වල  පුද්ගලයෙකුට නම් ඉන්ෆ්ලුවෙන්සා මගින් සංකූලතා ඇති කරයි. නිරෝගී තරුණ පුද්ගලයෙකුට වෛරසය සදහා විශේෂ ප්‍රතිකාර අනවශ්‍යය. තම ශරීරයෙ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු නම් දවස්  4 ක් 5 ක් අතර ඉබේම  සුව් වේ. නමුත් මුල් දවස් 4-5 අතර සාමාන්‍ය තද උණ ගතියක් පවතී.

රෝග ලක්ෂණ

  • සෙම්ප්‍රතිශ්‍යව
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • ඇඟ පත වේදනාව
  • හිසේ කැක්කුම
  • ඇස් රතු වීම

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයකදී  වුවත් ඇති විය හැක.

ඉන්ෆ්ලුවෙන්සාවේදී මෙම වේදනාව දරුණු ස්වභාවයක් ගනී.

  • අධික උෂ්ණත්වය
  • මස්පිඩු වේදනාව
  • තද හිසේ කැක්කුම
  • ඇස් ආශ්‍රිත ආසදන
  • වමනය/පාචනය

මෙහිදි ප්‍රථමයෙන් රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කළ යුතු ය.

වයස් ප්‍රභේද

සාමාන්‍යයෙන් මෙම රෝගය වැළදීමේ අවදානම පවතින්නේ කුඩ දරුවන්ට සහ මහලු අවදියේ පසුවන අයටයි. විශේෂයෙන්ම වයස අවරුදු  5ට අඩු දරුවන් සහ වයස අවරුදු 60 වැඩි පුද්ගලයන් මෙම වෛරසයෙන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය.

උණ තත්ත්වය ප්‍රථමයෙන් නිවසේදී පරික්ෂා  කරන ආකරය

වැඩිහිටි  පුද්ගලයෙකුගේ නම් උණ පරික්ෂා කරගත යුත්තේ උණ කටුව දිව යට තබමින්ය. සාමාන්‍ය උණ තත්ත්වයක් නම් ෆැරන්හයිට් 100 ( සෙල්ශියස් අංශක 38) වැඩිවිය යුතුයි. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ නම් (වයස අවරුදු 6 ට අඩු) උෂ්ණත්වය පරික්ෂා  කර ගත යුත්තේ උණ කටුව  අත යට තබමින්ය. මෙහිදි උෂ්ණත්වය නිවැරදිව ලබාගැනීමට නම්  පවතින උෂ්ණත්වය ෆැරන්හිට් නම් 1(සෙල්ශියස් නම් 0.5) ක් එකතු කරගත යුතුයි. මෙම මූලික දැනුම නොමැතිකම නිසා බොහෝ පුද්ගලයින් සාමාන්‍ය උෂ්ණත්වයකදී පවා අනවශ්‍ය බියක් ඇති කරගනී. ඉහත සදහන් කර උෂ්ණත්වයන් පවතී නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

ප්‍රතිකාර

සාමාන්‍ය උණ රෝගයකදී විවේකිව සිටීම,  උෂ්ණත්ව පාලනය සඳහා පැරසිටිමෝල්  භාවිත කිරිම දියර වර්ග බාවිත කිරිම සුදුසු වේ. නමුත් දින 3කට වඩා උණ තත්ත්වය පවතී නම් අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.

විශේෂයෙන්ම කුඩා දරුවන් හා වයස අවරුදු 60 ට වැඩි පුද්ගලයින් ගර්භණි මාතාවන් අනිවාර්යෙන්ම ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකළ  යුතු වේ.

ඉන්පසු වෛද්‍යාවරුන් කුමන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ද යන්න හඳුනා ගැනීමට සෙම සාම්පලයක් මගින් පරීක්ෂණ  කර ඒ සදහා සුදුසු ප්‍රතිකාර  ලබාදේ.

 ඉන්ෆ්ලුවෙන්සාවෙන්  පසු ඇතිවෙන ද්විතික සංකුලතා

ඉන්ෆ්ලුවෙන්සාවෙන් පසු නිව්මෝනියාව ඇදුම වැනි සංකූලතා පසුකාලීනව ඇති වීමේ හැකියාව පවතී. තවද සාමාන්‍ය සංකුලතා ලෙස කනේ ආසාදන දැකිය හැක.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී  සුදුසු ආහාරපාන

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී ආහාරපානවල බලපෑමක් නැත. රෝගියාට රුචි ආහාරපාන ගැනීමේ හැකියාව පවතී. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ආහාර අරුචිය ඇතිවන නිසා දියර වර්ග ගැනීම වඩා සුදුසු වන්නේ එසේ නොමැති වීමෙන් විජලන තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි බැවිනි.

ලංකා හොස්පිට්ල්ස්හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ මහත්මිය සමගින් සාකච්ජා කර සසිනි අරවින්දි විසින් සකසන ලද ලිපියකි.

 

අන්තර්ජාලය ඔස්සේ තම පුතා අපයෝජනය කළ මවක්

දරුවන් තරම් සම්පතක් අම්මා කෙනෙකුට තවත් නැත. දෙව්දත් වුනත් මවට මැනව යැයි කියන්නේ ඒ නිසාය. අපිට නිරන්තරව අසන්නට ලැබෙන්නේ පියවරු විසින් තම දියණිවරුන් දූෂනය කිරීමේ ප්‍රවෘත්තියි. ඒ සමග අපේ හිත් අම්මා වෙත තවත් තදින් බන්ධනය වන්නේ පියවරු එසේ වුනත් තවමත් අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂකයෙකු ලෙසින් සිටින නිසයි.

ඒත් පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වූ මෙම ලිපිය අනුව අපිට දරුවන් ගැන මේ විදිහට හිතන්නට සිදුව ඇත. එනම් “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව….” ලෙසයි.

අම්මා ජර්මානු ජාතික වයස අවුරුදු 39 ක කාන්තාවකි. ඇගේ පෙම්වතා 39 හැවිරිදිය. ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකි. දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා ගොදුර වූයේ නව හැවිරිදි පුතණුවන්ය.  ඔවුන් දෙදෙනා  අතර වූ ආදර බැඳීම අපට අදාල නොවුනත් මේ දෙන්නාගේ සම්මාදමෙන් තම කුසින් බිහි කළ පිරිමි දරුවා අපයෝජනය කිරීම ඉතාම ශෝචනීය සිදුවීමක් නොවන්නේද…? මෙම මව තම පුතා ලිංගික ලෙසින් අපයෝජනය කිරීමට හවුල් කර ගෙන ඇත්තේ Dark net නැමැති රහසිගත අන්තර්ජාල සේවාවයි. මෙම අන්තර්ජාල සේවාව ප්‍රධාන පෙල සෙවුම් යන්ත්‍රවලට හසු නොවෙන අන්තර්ජාල සේවාවකි. එමගින් සිදු වෙන රහසිගත කටයුතු රැසකි.

  • ළමා ලිංගික දූෂණය
  • දරුවන්ට ලිංගික අතවර කිරීම
  • බලහත්කාරයෙන් ගනිකා වෘත්තියේ යොදා ගැනීම
  • ළමා නිරුවත් ජයාරූප බෙදා හැරීම

මේ පිරිමි දරුවාගේ මව තම පෙම්වතාද සම්බන්ධ කර ගෙන වසර ගණනාවක් පුරා සිය පුතු අපචාර වෙනුවෙන් අලෙවි කළාය. ඇය තවත් තුන් හැවිරිදි ගැහැනු දරුවෙක්ද මේ අන්දමින් අපයෝජනය කිරීම වෙනුවෙන් හවුල් වී ඇත. කෙසේ හෝ ඔවුන්ගේ මෙම කූට ජාවාරම හෙලිදරව් විය. පසුගිය වසරේ ජූනි මාසයේ පටන් නඩු විභාගය පවත්වන ලද අතර අවසානයේදී අධිකරණ තීන්දුව මත මවට වසර දොළහමාරක සිර දඬුවමක් ලබා දීමට තීන්දු විය. ඇගේ පෙම්වතාටද මෙම කාලසීමාවේම සිර දඩුමවක් නියම කරන ලදී. මවගේ මූලිකත්වයෙන් සිදු වනු මෙම අපචාරයට තවත් පිරිමින් පස් දෙනෙක් හවුල් වූ අතර ඔවුන් එරෙහිවත් නඩු පවරා තිබේ.

මවකගේ අනුදැනුම තුළ අපයෝජනයට පත් දරුවා හදා වඩා ගැනීමට අධිකරණ නියෝගයකින් වෙනත් පවුලක් වෙත පවරා දෙන ලදී. චුදිත යුවලගේ ළමා අපයෝජන වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් Baden-Württemberg ප්‍රාන්ත බලධාරීන්ට දැඩි විවේචන එල්ලවෙමින් පවතින බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යුත් සන්නිවේදයේ අපි නොදකින භයානක පැත්ත මෙයයි. තමන්ගේ දරුවාට පවා ආරක්ෂාවක් නොලැබෙන තැනට මවක යොමු වූ මෙම සිදුවීම අපේ දරුවන් වෙනුවෙන්ද ආරක්ෂාව තර කිරීමට හොදම පියවරක් වේ. ඊට හේතුව වන්නේ මෙතෙක් අප විසින් කටයුතු යොදනු ලැබුවේ දරුවන් මුල කර ගෙන අන්තර්ජාලයේ ඇති විවිධ අකටයුතු වෙතින් ඔවුන් මුදවා ගැනීමටයි. එහෙත් අද වැඩිහිටියන් විසින්ම දරුවන් අපයෝජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට තරම් ප්‍රවනතාවයක් ඇති බව අපි දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ නිසා නිවස, පාසල, වටපිට පමණක් නොව අන්තර්ජාලයද දරුවන් අපයෝජනයට ඇති ප්‍රවේශ මාර්ග බව දැන ගැනීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකම බැව් අවධාරනයෙන්ම සිත තබා ගත යුතු වේ.

තම සිරුරේ පෞද්ගලිකත්වය රැකගන්න දරුවන්ට කියා දෙන්න

කුඩා කාලයේ සිටම, තම ශරීරය ආරක්‍ෂා කරගැනීමට වයසට සරිලන පරිදි දරුවන් දැනුවත් කිරීම , ළමා අපයෝජන අවම කර ගැනීමෙහි ලා අතවශ්‍ය කාරණයකි.

( 2016 වසරේදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති ළමා ලිංගික අපයෝජන පිළිබද පැමිණිලි සංඛ්‍යාව 1257 කි. – දත්ත උපුටා ගැනීමකි )

ඇත්තටම ඉහත සංඛ්‍යාව මේ වන විට තවත් වැඩිවෙලා ඇති නේද ? පුවත් පත්, රුපවාහිනී / ගුවන් විදුලි පුවත් , සමාජ ජාලා ඇසුරෙන් අපි දකින්නේ අසන්නේ මෙවන් දේ ගැනමයි නේද ?

මෙවන් වකවානුවක වැඩිහිටියන් විදියට අප දරුවන් ආරක්‍ෂා කර ගන්න ඔවුන් පසුපස නිරන්තරයෙන් ගැවසෙමින් සිටීම විතරක් ප්‍රමාණවත් ද ? අපිට හැමදාම හැම මොහොතකම ඔවුන් පසුපසම ප්‍රයෝගිකව සිටිය හැකිද ? ඔවුන් තනිවන අවස්ථාවන් අනන්තවත් ඔවුන්ට උදා වෙනවා නේද ?

කුඩා දරුවන්ගේ ශරීරය ඔවුන් විසින්ම ආරක්‍ෂා කර ගැනීම ගැන ඔවුන්ව දැනුවත් කිරිම අද කාලයේ හැටියට ඉතා කාලෝචිත යයි මම සිතනවා. මෙය ඔබට අලුත් කාරණයක් නොවෙන්නට පුළුවන්. බොහෝ සමාජ සංවිධාන වලින්ද මේ පිලිබදව දැනුවත් කිරීම දැන් පුළුල් ලෙස සිදු කෙරෙමින් පවතිනවා. මේ ගැන තවමත් ක්‍රියාත්මක නොවූ මව්වරු පියවරු සහ භාරකරුවන් සිටී නම් මේ පුංචි සටහන ඔවුනට වැදගත් වේවි.

දරුවන්ට ලිංගික අපයෝජන විය හැකි ක්‍රම කීපයක් සඳහන් කලොත් :

දරුවා ගේ ගුරුවරුන් ගෙන් : මම මෙය විශේශයෙන් සදහන් කලේ දිවා කාලයේ වැඩි කාලසීමාවක් දරුවා ගත කරන්නේ පාසලේ, අමතර පන්ති, පාසල් කාල සීමාවෙන් පසු පවත්වෙන ක්‍රීඩා පුහුනුවීම් හෝ වෙනත් විශය බාහිර ක්‍රියාකරකම් වලයි. අද අපට අසන්නට ලබෙන පුවත් ගැන මා අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. ඒ නිසා එම ගුරුවරුන් සහ පාසලේ / පන්තියේ භාරකරුවන් ගැන සොයා බැලීම අපගෙ යුතුකමයි.

නන්නාදුනන පුද්ගලයන් ගෙන් : මොවුන් දරුවන් සමග හිතවත් වීමට ඉඩ කඩ අැත්තේ දරුවන් කැමති කෑමක්, විසිතුරු දෙයක්, සෙල්ලම් බඩුවක් වැනි දෙයක් ලබා දීමෙන් වෙන්න පුලුවන්. එමෙන්ම අනවශ්‍ය ආකාරයේ ආදර කරුණාවක් දක්වා ලමුන් ආකර්ශනය කර ගන්නටද පුලුවන්. මෙවන් අයට මුහුන දෙන ආකාරය ගැන ඔබ දරුවාට කියා දෙන්න.

නෑදෑයන් / හිත මිතුරන් : මෙය විය හැකි සම්භාවිතාව අවම වුවත් මෙය සිදුවිය හැකි ඉතා භයානකම ආකාරයයි. මෙවන් අවස්ථා වලදී දරුවන්ට තම සිරුර ආරක්ශා කර ගැනීමට කියා දී තිබීමම, ඔවුන්ට අනතුර හදුනා ගැනීමට රුකුලක් වේවි.

මම සමාජ ජාල පරිහරණයේ දී මේ සම්බධයෙන් හමුවූ සරළ නමුත් අගනා වීඩියෝවක් ඇසුරු කර ගනිමින් මෙය ලිවීමට සිතුවෙමි. දරුවන්ට තේරෙන භාෂාවෙන් මේ ලිංගික අපයෝජන වලින් මිදීමට අපි ඔවුන් මෙසේ දැනුවත් කරමු.

“එපා” කියන්න – යන්න – කියන්න – හිනැහෙන්න

“පුතා / දූ , ඔයා දන්නවද ඔයාගේ ඇගේ තියෙන ඔයා විතරක් අල්ලන්න ඕන තැන් ටික ? ඔයාගේ තොල් , පපුව , ඒ වගේම කකුල් අතරේ තියෙන කොටස් ඒ කිව්වේ පුතා / දු චූ දාන තැන , ඇයි තව කක්කි දාන තැන. ඒ තැන් ඔක්කොම ඔයාගේ විතරයි. කවුරුහරි ඒවා ඔයාට කරදරයක් , අපහසුවක් වෙන විදියට අල්ලනවනම් ඔයාට තේරෙනවනේ පුතේ / දුවේ.. එතකොට ඔයා කෑ ගහල “එපා” කියල කියන්න. එහෙම කියල එතනින් දුවල යන්න. ගිහින් ටක් ගලා ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න මේ ගැන. ඔයාගේ අම්මා, තාත්තා, ආච්චී,සීය නැත්නම් ගුරුතුමී .. මේ ඕන කෙනෙක්ට කියන්න පැටියෝ .. සද්ද නැතුව ඉන්න නම් එපා හොඳේ ?  ඔයා මේ විදියට කලොත් ඔයාට හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන්”

අද කාලේ දෙමව්පියන් හුඟක් බුද්ධිමත්. ඉස්සර වගේ නෙමෙයි, දරුවන් සමග මිතුරන් ලෙස අදහස් හුවමාරු කර ගන්නවා. මෙවන් දේ ගැන කථා කරන්නත් ඔබ ලැජ්ජා විය යුතු නෑ. අද කාලේ දරුවන්ට හොදින් සමාජ අවබෝධය තියෙනවා. ඔවුන්ට දේවල් පැහැදිලි කර දුන්විට හොඳින් වටහා ගන්නවා.

ඕගොල්ලන්ගේ අදහසුත් බෙදා ගනිමුද මේ ගැන ?

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

දරුවන්ගේ මතට තිත

අපේම දරුවන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඉතා සිඝ්‍රයෙන් ඇබ්බැහි වීමේ අවදානමක් දැන් ගොඩ නැගනෙ බව ප්‍රසිද්ධ රහසක්. එක් එක් දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මගින්  මේ තත්වය තවත් තහවුරු කරනවා. වෙනදා මත්ද්‍රව්‍ය පාවිච්චිය ගැන චෝදනා එල්ල වුනේ පිරිමි දරුවන්ට විතරත් වුනත් දැන් අලුත්ම තත්වය අනුව ගැහැණු දරුවන් පවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙන බවට වාර්තාවන් තිබෙනවා. එහෙමනම් සංඛ්‍යා ලේඛන ගැන විමසමින් වැඩිහිටියන් විදිහට අපි දෙනෙත් වසා ගෙන සිටීම සාධාරණද…? දරුවන්ට ආදරයක් තිබෙන වැඩිහිටි පරම්පරාවක් විදිහට දරුවන්ගේ මතට තිත තැබීම යුගයේම අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. එහෙමනම් අපි දරුවන් මත්ද්‍රව්‍ය උවදුරු වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්නේ කොහොමද…?

දරුවා සමග කතා කරන්න

අද දරුවන්ට තමන්ගේ ගැටළු ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ගැටළු දෙමව්පියන් විසින් කථා කළ යුතු වෙනවා. ඒත් අද අම්මලා හිතතන්නේ දරුවන්ගේ ජීවිතය තියෙන්නේ සිලබස් එකේ කියල නිසා ඔවුන් අධ්‍යාපනයෙන් ඔබ්බට දරුවාගේ වෙනත් අවශ්‍යතාවයන් බෙදා හදා ගැනීමක් නැහැ. ඒ නිසා දරුවා සමාජ විරෝධී කටයුතුවල යෙදෙන තෙක් දෙමව්පියන්ට ඒ ගැන දැණුවත්වීමක් ලැබෙන්නේ නැහැ.

දරුවා ඇසුරු කරන්නේ කවුදැයි බලන්න

අද දරුවන් අතර මත්ද්‍රව්‍ය රැල්ල ඉතා බරපතල විදිහට පැතිරී තිබෙන නිසා ඔබේ දරුවා වුනත් මෙහි ගොදුරක් විය හැකියි. සමවයස් කණ්ඩායම් අතර පවා ඇත්තේ තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය රැල්ලට ගොදුරක් කර ගැනීමේ චේතනාවයි. ඒ නිසා නිතරම දරුවා ඇසුරු කරන්නේ කවුදැයි සොයා බලන්න. සමහර අවස්ථාවලදී දරුවාට මේ තර්ජනය ඔබ සමග කියා ගැනීමට හැකියාවක් නොමැතිව පසුතැවිලි වෙනවා විය හැකියි. ඒ නිසා නිතරම දරුවාගෙන් ඔහු හෝ ඇය ඇසුරු කරන කණ්ඩායම් වෙතින් හිරිහැර කරදර තිබෙනවාදැයි විමසා දැනගන්න.

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලැබුනොත්

ඔබට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් ගැන තොරතුරු ලැබුනොත් ඒ බව පාසලේ බලධාරීන්ට දන්වා සිටින්න. මෙම තොරතුරු රහසිගතව තබා ගෙන අදාල කරුණු කාරණාවන් සත්‍යද යන්න විමසා බැලීම පාසල් ප්‍රධාණීන්ගේ යුතුකමක්.

කිව්වේ කවුද කියල දැනගත්තොත්

අද බොහෝ තොරතුරු ගැන කිසිම කෙනෙක් සඳහන් කිරීමට අකමැති වෙන්නේ තොරතුරු ලබා දුන් අයගේ රහස්‍යබව ආරක්ෂා නොවන නිසා ඇති වෙන පසුවිපාක නිසාය. අහවලාගේ අම්මා හෝ තාත්තා පංතියේ දරුවන් ගංජා එහෙම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැමිණිලි කලායැයි කිසිම විටෙක දැන ගැනීමට තැබීම නොකල යුතුයි. එවිට ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන්ගෙන් තාඩන පීඩනවලට ලක් වෙන නිසා තොරතුරු සත්‍යද යන්න සොයනවා විනා තොරතුරු දැනුම් දුන් අය ගැන ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු කටයුත්තකි.

ඔබේ දරුවාත් විශ්වාස නැත

අනේ අනිත් ළමයි වගේ නොවෙයි, අපේ පුතා හෝ දුව වැරැදි වැඩ වල යෙදෙන්නේ නැතැයි යන උපකල්පනයේ ස්ථාවරව සිටින්න එපා. ඔබේ දරුවා වුනත් මේ වැරැදි කටයුතුවලට යොමු වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම ගැන මෙන්ම ඔහු භාවිතා කරන හැසිරෙන තැන් ගැන ඔවුන්ට නොදැනෙන සේ විපරම් කරන්න. ඇතැම් විටෙක ආගන්තුක ටොපියක්, ලොසිංජරයක්, ඔබට හමු වුනොත් ඒ ඔස්සේ තව දුරටත් විමසිලිමත් වෙන්න. අද මත් ද්‍රව්‍ය වෛවාරන නිර්මාන ලෙසින් ඉදිරිපත් වෙන්න පුලුවන්. ඇතැම් ඔෟෂධ පවා මත්ද්‍රව්‍ය ලෙසින් පාසල් දරුවන් භාවිතා කරන යුගයක ඔබ නොදන්නවාට වඩා බොහෝ දේ දරුවන් දන්නා තැනට පත්ව සිටිති. එහෙත් ඔවුන් යම් වැරැදි කටයුත්තක යොමු වෙන අවදානමක් තිබේ නම් ඉතාම ඉක්මනින් ඒ වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍ය වේ.

ලැජ්ජාවට කරුණක් නොවේ

ඔබේ දරුවා මත් ද්‍රව්‍ය වෙත ඇබ්බැහිව ඇත් නම් එය වසං කිරීම නොව ඔවුන් එම වැරැදි කටයුත්තෙන් මුදවා ගැනීම අනිවාර්යෙන් කළ යුතුය. මේ ගැන කියන්නේ කාටද කියමින් තනිවම විසඳුම් සෙවිය  යුතු නැත. මත්ද්‍රව්‍ය නිවාරන ඒකක වෙතින් හෝ ආසන්න රෝහල මගින් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔබට තොරතුරු ලබා ගැනීඹ පහසු වේ.

පුනරුත්ථාපනය කලා.. දැන් හරි

ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වෙත යොමුව සිට පුනරුත්ථාපනයෙන් පසුව දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම් නැවත මෙම වැරැදි කටයුත්තට යොමු නොවේ යැයි සහතික වීමට නොහැකියි. ඒ නිසා නිරන්තරවම ඔහු හෝ ඇය ගැන අවධානයෙන් සිටින්න.

රෑ වැටුන වලේ දවල් වැටෙන්නට ඉඩ තැබිය යුතු නැත. පුනරුත්ථාපනයෙන් පසුව අදාල ආයතන හෝ වෛද්‍යවරුන් විසින් දරුවාගේ හැසිරීම් රටාවන් අධ්‍යනයට සහ ඔහු වෙනුවෙන් අවධානය දැක්වීමේ පිලිවෙත් ගැන වැඩිහිටියන් දැණුවත් කිරීමක් සිදු වෙනවා. ඒ අන්දමට ඔබ දරුවා පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය නිසා අනාගතයේදී ඔබේම දුව පුතා ශාරිරික ලෙසින් සහ මානසික රෝගී තත්වයක ගොදුරක් වුවහොත් ඒ පශ්චත්තාපයෙන් කිසිම දිනක ඔබට මිදෙන්නට නොහැකියි.

දරුවෝ ඇති අම්මලා

“දරුවන් තරම් සම්පතක් අම්මලාට නැත….” අපි සම්මතයට මේ විදිහට හිතුවත් සමහර අම්මලා තමන් මවක වීම ගැන තවමත් පසුතැවිල්ලෙන් පසු වෙන බව පසුගිය දා බීබිසී පුවත් සේවයේ සඳහන් වෙලා තිබුණා. මේ ආකල්පය ගැන අම්මාවරුන් විදිහට නම් හිතන්නත් අමාරුයි. දරුවෙක් බිහි කිරීම වෙනුවෙන් කායික වේදනාව දරු පැටියාගේ මුහුණ දැකීමත් සමග නැති වෙන තරම් දරු සෙනෙහසින් ඉපිලෙන කාන්තාවන්ට නම් මේ පුවත අහන්නත් අකමැති වෙන්න පුලවනි. ඒත් අපි අකමැත්තෙන් හෝ මේ ගැනත් අහල බලමු… අපේ ජනවහරට අනුව නම් වැලේ ගෙඩි වැලට බර නැහැ… එයින් අදහස් වෙන්නේ මවක් කිසිම දිනක දරුවන් තමන්ට බරක් විදිහට නොහිතන බවයි. ඒ වුන්ත අපේ රටේත් නව ජන්ම දරුවන්ගේ ජීවිතය හානි කරන්නට තරම් මව්වරුන්ගේ ක්‍රියාකලාපය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.

බිබිසි පුවත් සේවයේ වික්ටෝරියා ඩාබිෂර් (Victoria Derbyshire programme) වැඩසටහන විසින් අම්මාවරුන් වෙනුවෙන් සම්මුඛ සාකච්චාවක් පැවැත්වූවා. එහිදී පණස් හැවිරිදි මවක් වන “රේචල්” කියා සිටියේ “මට ඔරලෝසුව කරකවන්න පුලුවන් නම් මම දරුවන් හදන්නේ නැතුව සිටින බවයි…” ඇය තිදරු මවක්. ඇගේ බාලම දරුවාගේ වයස අවුරුදු දාහතක්. ඉතින් ඇය මේ විදිහට සඳහන් කරනු ලැබුවේ පියෙකු නොමැතිව දරුවන් හදා වඩා ගැනීමට ඇය විසින් දරණ ලද මහත් වෙහෙස නිසයි. සැමියා නොමැතිව දරුවන්ට ආරක්ෂාව දීමට සිදු වීම ඇයට අභියෝගයක් වුනා. ඇත්තටම ආපස්සට හැරී බලන විට මේ ගැන සතුටු විය හැකි වුනත් ඇය හිතන්නේ මේ තරම් කාර්යක් කරන්න තරම් ඇය මුහුකුරා ගිය තැනැත්තියෙක්ද යන්නයි.

මවක් දරුවන් බිහිකිරීමත් සමග ජීවිතය දුෂ්කර වන බව පොදුවේ පිළිගන්නා කරුණක් වන නමුදු, සියලු අභියෝග පරයමින් දරුවන් සිටීම සම්පතක් ලෙස සැළකීමට බොහෝ දෙමව්පියෝ හුරු පුරුදුව සිටිති.

අනවශ්‍ය අවස්ථාවකදී දරුවන් හැදිය යුතු නැහැ… මේ වැඩසටහනට සහභාගී වුන තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම හොඳයි… ඒත් අනවශ්‍ය අවස්ථාවකදී මේ උගුලට වැටිය යුතු නැති බවයි. ඇය මේ විදිහට කිව්වත් නුවනැති අඹු සැමියන් විදිහට ඔබට මේ වෙනුවෙන් විකල්ප තිබෙනවා. ‍දරුවෙක් අහඹු ලෙස ගැබ් ගැනීම වලක්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ක්‍රම සහ විධි තිබෙනවා. අවිවාහකබව, අනවශ්‍ය දරුවෙක්.. වැනි අවස්ථාවන්හිදී දරුවන් ගැබ් ගැනීම ගැන කිසිම මනාපයක් නැතැත් මේ පිලිබඳව තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දරුවන් හැදීමේ උගුලට වැටුනා යැයි පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ.

“මග හොඳට තිබේනම්
යන්න දෑසත් තිබේ නම්… ”
බැදිවල යෑම අවශ්‍යම නැහැ.

දරුවන් හැදීම තමන්ගේ ජීවිතයට බලපාන බව දන්නේ නැහැ

තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම මේ තරමට මගේ ජීවිතයට බලපාන බව දැන සිටියා නම් මම දරුවන් හදන්නේ නැහැ… ඒත් සැබෑම මවක් නම් තමාගේ ජීවිතය පරදුවට තබා දරුවන් රැක බලා ගැනීමට යොමු වෙනවා. ඒවා සතුටක් මිස කරදරයක් විදිහට දැනේනේ නැහැ. මේ විදහට හදවතට දැනේනේ ඇය ඇත්තටම දරුවන් වෙනුවෙන් වූ බැදීමක් නැති නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

2016 වසරේ ජර්මනියේ පවත්වන ලද සමීක්ෂනයකට සහභාගී වුන මව්වරු 1200 ක් දෙනෙකුගෙන් 8% ක්ම කියා සිටියේ ඔවුන් දරුවන් ලැබීම ගැන කනගාටු වෙන බවයි. මෙම අධ්‍යනයේදී එක් මවක් කියා සිටියේ දරුවන් ලත් කාන්තාවන් අතර බොහෝ දෙනෙක් තුළ තමා මවක වීම ගැන පසුතැවීමක් ඇතැත් ඔවුන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැලි බවයි. එය වරදකාරී ලෙසින් සමාජය හිතන නිසා සඳහන් නොකළත් ඇත්තටම ඔවුන් හිතින් පසුතැවෙන බවයි. මේ ගැන සමාජය විවෘතව කතා නොකරන නිසා බොහෝ දෙනෙක් තමාගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බව ඒ මව්වරුන්ගේ අදහසයි.

මේ වගේ සිතුවිලිවලට බලපාන මානසික ප්‍රශ්න තිබෙනවා

අම්මාවරුන් සහ දරුවන් අතර තිබෙන සදාතනික බැඳීම පසෙක තබා උපන් හැටියේම දරුවන් ගඟක මුහුදට දමන මව්වරුන්ද නැතුවා නොවේ. එම සංසිද්ධීන් සමග ගලපා බලන විට අම්මාවරුන් තුළ ඉහත දක්වන අන්දමේ සිතුවිලිත් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වෙනුවෙන් බලපාන මානසික ප්‍රශ්නත් තිබෙන බව අමතක කළ යුතු නැහැ.

මව මුහුණ දෙන මානසික ප්‍රශ්න

දරුවෙක් ලැබෙන්න සිටින අවධියේදී මව මුහුණ දෙන මානසික ප්‍රශ්න මේ තත්වයට හේතු වෙනවා. මව සහ දරුවා අතර ආදරයෙන් බැදීමක් ගොඩ නැගෙන්න නම් දරු ගැබ දරණ කාලයේදී අම්මාට බාහිර පරිසරයෙන් ලැබෙන ආදරය, පිලිගැනීම,ගරුත්වය සහ කරුණාව ඉතාම වැදගත් සාධක විදිහට සැලකෙනවා. මවට ලැබෙන සමාජ අප්‍රසාදය, අනාරක්ෂිත බව නිසා ඒ සියලු පීඩන පෙරලා දරුවා මුල් කර ගෙන ප්‍රතිචාර දැක්වීමට තරම් ප්‍රබල සාධක විදිහට පසුකාලයකදී බලපාන්න පුලුවනි. ඒ නිසාම දරු ගැබක් දරණ මවක වෙනුවෙන් සමාජයෙන් ලැබිය යුතු පිළිගැනීම සහ ආරක්ෂාව අනිවාර්යෙන්ම ලබා දීම වැදගත්.

ඔබ තෝරාගන්නා ඩයපර වර්ගය පැටියාට සුව පහසුව සලසන බවට විශ්වාසද?

පුංචි පැටියෙක් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ම වගේ දරු පැටියට තමන්ට පුළුවන් උපරිමයෙන් අවශ්‍ය හැමදේම ලබාදෙන්න වෙහෙසෙනවා. ආදරය, රැකවරණය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් වගේම තමන්ගේ පැටියට අවශ්‍ය උපරිම සුව පහසුව ලබා දීම ගැනත් ඔවුන් දෙපාරක් හිතන්නේ නැහැ.

ඒත් දෙමව්පියන්ගේ ඇතැම් තේරීම් කොයි තරම් ප්‍රමාණයකින් තමන්ගේ දරුවාට අවශ්‍ය සුව පහසුව සලසනවාද යන්න ගැටලුවක්. සමහර විට එක් අම්මෙක් තමන්ගේ  දරු පැටියාගේ සුව පහසුව වෙනුවෙන් ඩයපර භාවිත කරනවා විය හැකියි. ඒ වගේම තවත් අම්මෙක් දරු පැටියාට අපහසුවක් ලෙස සිතා දරුවාට පහසුව සැලසීමේ අරමුණෙන් ඩයපර භාවිත නොකරනවා විය හැකිය. දරු පැටියා වෙනුවෙන් ඩයපර භාවිත කරන සහ නොකරන සෑම මවකටම ඩයපරයක් නිවැරදිව තෝරාගැනීමෙන් දරු පැටියාට සැලසෙන සුව පහසුව පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් මේ ලිපිය වැදගත් වනු ඇත.

ඩයපරයක් තෝරා ගැනීමේදී බොහොමයක් කරුණු පිළිබඳව අවධානය යොමු කළ ද ඒ සියලු කරුණු සම්පූර්ණ වන ඩයපරයක් සොයා ගැනීම ඔබට අපහසු වන්නට ඇති. නමුත් බේබි ෂෙරමි ඩයපරය ඔබේ දරුවාගේ සුව පහසුව පිළිබඳව උපරිම අවධානය යොමු කොට සකසා ඇති නිසා එය සැම විටම ඔබේ දරුවාට සුදුසුම ඩයපරය වනු ඇත.

බේබි ෂෙරමි, ළදරු සම මත ආසාධන ඇති නොවන පරිද්දෙන් සැකසුණු ඩයපරයක්  

ඇතැම් ඩයපර මගින් ළදරු සම මත ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති කළත් බේබි ෂෙරමි ඩයපරය දරු පැටියාට උපරිම සුව පහසුව සැලසීමේ මූලික පියවරේ සිටම සැකසී ඇත. අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට සුදුසු වන සේ නිමවා තිබීම නිසාම දරුවාට අවශ්‍ය උපරිම සුව පහසුව සැලසීමට බේබි ෂෙරමි ඩයපරය සමත්ය.  ඒ, ඩයපරයේ මතුපිට කොට්න් මෙන් සුමුදු වන ලෙස වාතාශ්‍රය හොඳින් ගමන් කළ හැකි අයුරින් සකස් කර ඇති නිසාය. ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙනම සේ සකසා ඇති මෙය ඔබේ දරුවාට උපරිම සුව පහසුව සලසා දෙයි.

BS-1

බේබි ෂෙරමි තුනී බවින්  සහ උපරිම උරා ගැනීමේ හැකියාව සහිතව සැකසුණු ඩයපරයක්

වෙළඳ පොලේ ඇති ඩයපර මහතින් වැඩි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඔබ එය භාවිතයට අකමැති වන්නේ එය ඔබේ දරුවාට අපහසුවක් ලෙස සිතන නිසයි. ඔබ හිතන ලෙසටම එවැනි මහතින් වැඩි ඩයපර දියර පිරීමත් සමගම ඔබේ දරු පැටියාට සැබවින්ම අපහසුවක්. මන්ද දෙපා අතරින් එය එල්ලා වැටීමට ලක්වේ. “මේ ඩයපර තුනී වූවා නම් දරුවාට කොතරම් පහසුද? ඒත් තුනී ඩයපරයකට හොඳින් උරා ගැනීමේ හැකියාවක් තිබේද?” යන්න ගැන ඔබ සිතන්නට ඇති.

ඔබ දන්නවාද?

වැඩි දියුණු කළ නව බේබි ෂෙරමි ඩයපරය, සාමාන්‍ය ඩයපරවලට වඩා තුනී බවින් යුක්ත වන අතරම මනා උරා ගැනීමේ හැකියාවකින් ද සමන්විත මේ වන විට වෙළඳ පොළේ ඇති එකම ඩයපර වර්ගයයි. මෙම ඩයපරයේ ඇති තුනී බව නිසාම මහතින් වැඩි ඩයපර භාවිතයේදී ඇති වන ගැටලුවලින් ඔබ නිදහස් වනු ඇත. එසේම නිදහසේ තම එදිනෙදා ක්‍රියාකාරකම්හි නියැලෙන දරු පැටියා දකින ඔබගේ සිතට ද එය සැනසීමකි. එසේම බේබි ෂෙරමි ඩයපරයේ ඇති දියර හොඳින් උරා ගනිමින් ඇතුළත සිර කර රඳවා තබා ගැනීමේ සුවිශේෂී හැකියාව නිසා මතුපිට වියළි බව එලෙසින්ම රඳවා ගත හැකි අතරම කිසිදු ආකාරයකින් කාන්ඳු වීමක් සිදු නොවේ.

BS-2

ඔබේ දරු පැටියාට උපරිම සුව පහසුව සැලසීමට වඩාත්ම උචිත ඩයපරය කුමක් දැයි දැන් ඔබට වැටහෙනු ඇත. දරුවාගේ සුව පහසු නින්දට බාධාවක් නොවන්නට මෙන්ම දරුවාට තම සුපුරුදු ක්‍රියාකාරකම් සමගින් දවස ගත කරන්නටත් අස්ථි පද්ධතියට හෝ සාමාන්‍ය වර්ධනයට හානිදායක නොවන සේ සතුටින් නිදහසේ කාලය ගත කිරීමටත් බේබි ෂෙරමි ඩයපරය මඟින් ඉඩ සැලසේ.

හැම අම්මෙක් තාත්තෙක්ගේම හැම කැපවීමක්ම දරු පැටියා සුව පහසුවෙන් තැබීමටයි. සුව පහසුවෙන් ආදරය මැද්දේ ඇති දැඩි වෙන දරුවෙකු හැමවිටම නිරෝගී මානසිකත්වයකින් වර්ධනය වන නිසාම එවැනි දරුවෙක්, මව පියා වන ඔබට මෙන්ම  රටට දැයට ද සම්පතකි.

bc_banner


දුවට මවක මිස

අම්මා තරම් ලෙන්ගතු චරිතයක් දරුවන්ට නැහැ. ඒ අතර අම්මා දුවකට වඩාත් වැදගත් වෙන්නේ ඇගේ ජීවිතයේ හැම අවශ්‍යතාවයක්ම විවෘතව කියන්න පුලුවන් එකම චරිතය අම්මා නිසයි. වයස අවුරුදු විස්සක් පමණ වෙන තෙක් අම්මාගේ සෙවනේ හැදෙන වැඩෙන දුව එතැනින් ඔබ්බබට සමාජගත වීම සාමාන්‍ය ස්වභාවයයි. ඇය රැකියාවක නිරත වීම එසේත් නැත්නම් විවාහ වීම වැනි සංසිද්ධීන් නිසා මව සමග පැවැති බන්ධනය සමහර විට දුරස් වෙන්න පුලුවනි. ඒත් අම්මා විදිහට ඔබ දියනියට සමාජයේ හැසිරෙන පිළිවෙල නිසි පරිදි කියා දී නොතිබුනොත් දොස් අහන්න වෙන්නෙත් අම්මාට මිස වෙන කාටද… එහෙම නම් දුවක් සිටින අම්මා කෙනෙක් විසින් මේ කරුණු කාරනාවන් ගැන අවධානය යොමු කළොත් වඩාත් හොදයි..

නිවසේ කටයුතු උගන්වන්න

මීට දශක තුනකට පමණ ඉහත දරුවන් විදිහට කාලය ගෙවූ අද දරු මල්ලන් ලබා තමාගේම ජීවිත ගොඩ නගා ගෙන සිටියත් අද ඔවුන්ගේ දරුවන් තුළ ඒ ගති ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ.එදා ගැහැනු දරුවෙක් හැදුවෙ වැඩුවේ බෞද්ධ සාහිත්‍යයේ අමරාදේවි පූර්වාදර්ශ චරිතය විදිහට සලකා ගෙනයි.

ඒත් සියල්ල වාණිජකරණයට පත් වෙන අද කාලයේ ඔවුන්ගේ දරුවන් තුළ මෙම ගති ලක්ෂණ දැක ගන්නට නැත. නිවසේ වැඩ කටයුතු ගැන අවබෝධයක් නැත. මේ නිසා අනාගතයේදී තමන්ගේ නිවසේ පාලනය තුළ ඔවුන් දක්වන නොහැකියාව නිසාම දොස් නගන්නේ අම්මාටය. “අනේ ගැහැණු දරුවෙක් හදල තියෙන හැටි….” බොහේ දෙනා අකම්පහල වන්නේ ඒ අන්දමින්ය.

කාලය කලමනාකරණය

එදා අම්මේ දරුවන්ට කියා දුන්නේ කාලය රන් හා වටිනා බවයි. ඒත් අද මෙම සංකල්පය මෙසේ වෙනස්ව ඇත.කාලය රන්වලටත් වඩා වටිනා බවයි. දවස උදා වෙන්නේ උදේ හයට නොව හෝරා දෙකකට පෙරාතුව බව ඔවුන් නොදනී. අද ගැහැණු දරුවාට අවදිවන්නට වේලාවක් නැහැ…. නිදන්නට වේලාවක් නැහැ…. කාලය තුළ වැඩකටයුතු ගලපා ගැනීමට හැකියාවක් නොමැති නිසා බොහෝ දේ ආපස්සට යෑම වලක්වා ගත නොහැකි තරම් ගැටළුවක් බවට පත්ව තිබේ.

ලිංගික අධ්‍යාපනය

එදා ගැහැණු දරුවාට අම්මා අවවාද දුන්නේ ව්‍යංගවය. පිරිමි දරුවා කොහේ ඇවිද ගියත් සෝදා ගෙට ගත හැකි බව ඇගේ අවවාදය වූවාය. ගැහැණු දරුවා පිරිසිදු චරිතය ආරක්ෂා කළ යුතු බවට නිතර දෙවේලේ උපදෙස් ලබා දුන්හ. පෝරුව මත සිටින්නට නම් පිරිසිදු බව අවශ්‍ය බවත් එසේ නොමැත්තේ නම් පෝරුව මත ක්ලාන්ත වෙන බවටත් අවවාද දී හික්මීම ගොඩ නගා ගෙන ඇත. අද ලෝකය විවෘතය. ඒ නිසා එදාට වඩා ගැහැණු දරුවාට ලිංගිකත්වය ගැන දැණුවත් කිරීම අවශ්‍ය වී තිබේ. ඇදුම් පැළදුම්, විරුද්ධ ලිංගික ආකර්ශනය සහ ඔසප් දිනයන්හි හැසිරීම ගැන දියනියට ලබා දෙන දැණුවත් කිරීමට අම්මා සදිසි වෙන කිසිම කෙනෙක් නැත.

සෙල්ලමට ඉඩ

එදා ගැහැණු දරුවන්ගේ සෙල්ලම් අතර වැලි බත් පිසීම, බෝනික්කන් නැලවීම විහේෂ විය. මේ නිසා ඔවුන් දරුවන් හදා වඩා ගැනීම සහ නිවසේ පාලනය පිලිබඳව අම්මාගේ අත්දැකීම් ආදේශ කර ගෙන ක්‍රීඩාවේ යෙදුනි. අම්මාද නිවසේ ඉතිරිවෙන පොල් කුඩු, එළවලු , සහ වෙනත් දේ දියනියගේ සෙල්ලම වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය සේ ලබා දෙන ලදී. එහෙත් අද දියණියට සෙල්ලම වෙනුවෙන් නිරාවරනය වුන ලෝකයක් නැත ඇය පොත පත අතර සිරගතව සිටින්නීය.එහෙත් මේ සෙල්ලම් ලෝකයෙන් දියණිය අනාගතයට අවශ්‍ය පන්නරය ලබන බව අම්මා විසින් අමතක කළ යුතු නැත.

ආගම දහමට

සෑම ආගමක් වෙතින්ම කියා දෙන්නේ හික්මීමයි. එසේත් නැත්නම් සදාචාරයයි. මේ නිසා ආගමික සේවනය වෙනුවෙන් දියණිය යොමු කිරීමත් අම්මාගේම භූමිකාවේ තවත් එක් අංගයක් බව අමතක කළ යුතු නැත.

ගැටළු නිරාකරනයට අවස්ථාව

අද දරුවන්ගේ ප්‍රවනතාවය වන්නේ ජීවත්වීමට නොහැකි නම් ජීවිතය හානි කර ගැනීමයි. ඒත් දරුවාට කියා දිය යුත්තේ ජීවිතයෙන් පලා යෑම නොව ජීවත්වීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීමේ හැකියාව වගා කර ගැනීමයි. එය මවකගේ කාර්යභාරයයි. ජීවිතය අපට අවශ්‍ය ලෙසින් හැසිරවීම අපහසු වුනත් ජීවිතයට අපි මුහුණ දිය යුතු බව දියනියට කියා දීමට අමතක කරන්න එපා.

වගකීම පවරා දෙන්න

බාල කාලයේ පටන්ම දරුවන්ට යම් යම් වගකීම් පවරා දීම ඉතාම වැදගත්ය. මේ නිසා මව දරුවන් සමග වඩාත් සමීප වීම අවශ්‍යයි. වයසේ හැටියට දරුවාට යම් යම් වගකීම් පවරා දෙන්න. දියනියක ලෙසින් ඇය අනාගතයේදී තම පවුලේ වගකීම් ඉදිරියේ වඩාත් ශක්තිමත් චරිතයක් වන්නේ එවිටය.

නින්දට පෙර ගත යුතු ආහාර

එක හුස්මට නින්ද යනවා නම් ඒ තරම් සැපයක් සුවයක් තවත් නැහැ. විවිධ හේතුන් නිසා නින්ද නොයන තැනට අපි පත් වෙනවා. ඒත් අපි නින්දට පෙරාතුව ලබා ගන්නා ආහාර මගින් සුවදායක නින්දක් ලබා ගැනීම එතරම් අපහසුවක් වෙන එකක් නැහැ. අම්මා විදිහට ඔබට පවුලේ රාත්‍රි ආහාර අතරට මේ දේවල් එකතු කර ගැනීමත් ලොකු ප්‍රාතිහාර්යක් නොවෙයි.

සැමන් මේද අම්ල බහුල ආාහරයක්. සැමන්වල අඩංගු  විටමින් බී6 මෙ‍ලටොනින් උත්තේජනයට හිතකර තත්වයක් ඇති කරනවා. අපි ගැඹුරු නින්දට පත් කිරීමට උපකාරී වෙන මෙම හෝර්මෝනය නිදහස් කිරීමේ හැකියාව නිසා රාත්‍රි ආහාරයට සැමන් එකතු කිරීම වඩාත් හොඳයි. බත් වලට වගේම පාන්, රොටී , ඉදිආප්ප වැනි කුමන ආහාරයට වුනත් සැමන් හොදටෝම ගැලපෙනවා. දිනපතා සැමන් ආහාරයට ගැනීමෙන් විටිමින් “ඩී” උපයා ගන්නත් පුලුවන්. ඒ විතරක් නොවයි, සැමන් ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය දුරු වෙලා සැහැල්ලු සිතින් ජීවිත්වීමේ හැකියාව ඇති වෙනවා. සැමන් ආහාරයට ගැනීම නිසා වෙනත් ආහාරයන්ට සාපේක්ෂව නින්ද ලැබෙන කාලය විනාඩි 10 කින් ඉක්මන් කරන බව හදුනාගෙන තිබෙනවා.

කෙසෙල්

පොටෑසියම් බහුල කෙසෙල් අපේ සාමාන්‍ය අතුරුපස අතරට නිතරම එක් වෙන පළතුරක්. රාත්‍රි ආහාරයෙන් පසුව වූ අතුරුපසට ඔබ කෙසෙල් එක් කරන්න අමතක කරන්න එපා. මැග්නීසියම් අඩංගු නිසා මාංශපේශි සැහැල්ලු වීමත් සුවදායක නින්දට හේතු වෙනවා. සමහර දරුවන් කෙසෙල් කෑමට අකමැතියි. ඒ වගේ අවස්තාවලදී පළතුරු සලාදයක් විදිහට හෝ කෙසෙල්පෙති කපල චොකලට් , ප්ලම්ස් එකතු කරල දෙන්න පුලුවනි.

ඖෂධීය තේ

රාත්‍රි ආහාරයට පෙරාතුව ඖෂධීය තේ පානයත් සැප නින්දකට හේතු වෙනවා. හැබැයි කළු තේ සහ ග්‍රින් තේ නින්දට ආසන්නයේදී පානය කරන්න එපා. ඒ වෙනුවෙන් යෝග්‍ය වෙන්නේ මින්ට්, ලැවැන්ඩර්, කැමොමයිල් වැනි ඖෂධීය තේ වර්ගයි.

ධාන්‍ය

ඕනෑම ධාන්‍ය වර්ගයක මැග්නීසියම් අඩංගුයි. සුවදායක නින්නදට මැග්නීසියම් විශාල මෙහෙයක් කරනවා. ඒ නිසා රාත්‍රි ආහාරයට වුනත් ධාන්‍ය එක් කර ගැනීමට කිසිම බාධාවක් නැහැ. කඩල, කව්පි, වැනි දේ රාත්‍රියට ගත්තා කියල බාධාවක් නැහැ.

යෝගට්

සුවදායක නින්දක් නොලැබීමට අපේ සිරුරේ විවිධ පෝෂණ ඌනතාවයන් බලපානවා. කැල්සියම් අෟනතාවයත් එක් හේතුවක්. ඒ නිසා රාත්‍රි නින්දට පෙරාතුව යොගට් එක්ක ආහාරයට ගන්න. කිරි වීදුරුවක් වුනත් පානය කිරීමට පුලුවනි.

චෙරි යුෂ

චෙරි නින්දට ගුණ ලබා දෙන පළතුරක්. මෙලටොනින් උත්තේජනය කිරීමේ හැකියාව චෙරිවල තිබෙනවා. ඒ නිසා නින්දට පෙර චෙරි යුෂ මිලිලීටර් 250 ක් පමණ පානය කිරීම වඩාත් ගුණ ලබා දීමට පුලුවන් බව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහසයි. ඔබට යුෂ පිළියෙල කර ගැනීමට හැකියාවක් නැත්නම් චෙරි ගෙඩි විදිහට වුනත් රාත්‍රි නින්දට පෙරාතුව ආහාරයට ගන්න පුලුවනි.

වොල්නට්

මැග්නීසියම්, පොස්පරස් සහ ඔමේගා 3 බහුලව ඇති වොල්නට් හදවත නීරෝගී කිරීමේ ශක්තියෙන් යුක්ත පලතුරකි. අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමේ ශක්තිය ඇති වොල්නට් හෘදයාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා දීමේ හැකියාවෙන් යුක්ත පළතුරකි.වොල්නට් මගින් නිදි පුරුදු ප්‍රවර්ධනය කරන අතර එහි අන්තර්ගත මෙලෙටොනින් රාත්‍රිය පුරා සුවදායක නින්දක් ලබා දීමේ හැකියාව ඇති කරයි.

කිවි

අඩු කැලරි ශක්තියක් ඇති කිවි පළතුරකින් දිනපතා අවශ්‍ය විටමින් “සි” ඉතා පහසුවෙන් උපයා ගත හැකිය. තන්තු බහුල නිසාම ජීරණ ක්‍රියාවලියට හිතරක අතර ඉහල ප්‍රතිශතයකින් යුක්ත තන්තු සහ කැරොටොයිඩ නිසා ප්‍රතිඔක්සිකාරක ශක්තිය සිරුරට ලබා දෙනු ඇත.නින්දට පෙරාතුව කිවි ගෙඩියක් ආහාරයට ගැනීම සුවදායක නින්දට හේතු වෙන බව පර්යේෂණ මගින්ද සනාථ වී තිබේ.

ආමන්ඩ්

පොස්පරස්, මැන්ගනීස්, සහ රයිබොප්ලේවින් අන්තර්ගත ආමන්ඩ් මගින් දියවැඩියාව සහ හෘද රෝග වෙනුවෙන් පහසු ආරක්සාවක් ලබා ගත හැකියි. මෙල‍ටොනින් හෝර්මෝනය උත්තේජනය කරන නිසා සුවදායක නින්දක් ලබා ගැනීමට ආමන්ඩ් ඉතා හිතකර පළතුරකි.

Best Foods to Eat Before Bed ලිපිය ඇසුරින්