ප්‍රතිශක්තිය සඳහා එල්ඩබෙරි

දරුවන්ගේ ප්‍රතිශක්තිය සඳහා ඔබත් අදම එල්ඩබෙරි හා මීපැණි සමඟ විටමින් සී ලබා දෙන්න.

අවුරුදු ගණනාවක පැරණි වෛද්‍ය ඉතිහාසයක් ඇති ස්වභාවික ප්‍රතිකර්මයක් ගැන දැන ගැනීමට ඔබ කැමතිද? ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මිනිසා විසින් එල්ඩබෙරි නම් ශාකය වගා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතියි. සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග,සයිනස් ආබාධ, ස්නායු ආබාධ, ඉදිමුම්, අධික විඩාව, මල බද්ධය, ආසාත්මිකතා ඇතුලු පිළිකා රෝග වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිඔක්සිකාරක රැසක් එල්ඩබෙරි වල අඩංගු වේ. බ්ලූබෙරි, ක්‍රෑන්බෙරි, ගෝජිබෙරි සහ බ්ලැක් බෙරි යන අනෙකුත් බෙරි පවුලේ පලතුරු අතුරින්, එල්ඩබෙරි වලට හිමිවන්නේ සුවිශේෂි තැනකි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පමණක් නොව ෆ්ලැව්නොයිඩ්ස් අතින්ද එල්ඩබෙරි ඉදිරියෙන් සිටියි.  සෞඛ්‍යමත් දිවියක් සඳහා එදිනෙදා ජිවීතයේ ඔබට එල්ඩබෙරි භාවිතා කළ හැකි ආකාරය දැන් අපි සළකා බලමු.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කෙරෙහි එල්ඩබෙරි වල අඩංගු ප්‍රතිවෛරස්කාරක ගුණ කෙසේ ක්‍රියාකරන්නේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලදි.  කෘතිම සංසේචන තත්ත්වයන් යටතේ දී එල්ඩබෙරි සාරය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙහි මාදිළි 10 කට එරෙහිව එලදායි බව සෙයාගන්නා ලදි. දින 3-4 ක් තුලදී ඉන්ෆ්ලුඑන්සා රෝග ලක්ෂණ අඩු වීමේ ප්‍රවණතාවයක් මෙහි දක්නට ලැබුණි.  හිමෝශ්ලේෂණය අවම වීම සහ මිනිස් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ප්‍රතිවලිත වීම වැළකීම, ලැබුණු ප්‍රතිඵල අතරින් සමහරක් විය.

මෙම පරීක්ෂණයෙන් සොයා ගත් විශ්මිත ප්‍රතිඵල වලින් පසුව එල්ඩබෙරි පලතුරේ විවිධ සාරක මිනිස් ප්‍රතිශක්තිකරණය කෙරෙහි කෙසේ බල පාන්නේ දැයි සොයා බැලීමට සෞඛ්‍යමත් දායකයන්ගෙන් තවත් පරීක්ෂණයක් පවත්වන ලදී.  ප්‍රදාහක සෛලප්ලාස්ම නිෂ්පාදනය තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීම මෙහි අරමුණ විය. කලු පැහැති එල්ඩබෙරි සාරය තුළින් ප්‍රදාහක සෛලප්ලාස්ම නිෂ්පාදනය වර්ධනය වූ බව පරික්ෂණයේ ප්‍රතිඵල තුළින් අනාවරණය වුණි.

පොදුවේ ගත්කළ ප්‍රතිශක්ති වර්ධනය සඳහා එල්ඩබෙරි බෙහෙවින් දායක වේ. එල්ඩබෙරි පලතුරේ සමන්විත anthocyanidins නම් රසායනික සංයෝග තුල ප්‍රතිශක්ති උත්තේජක අඩංගු  බව සොයා ගෙන තිබේ.

තවද, එල්ඩබෙරි පලතුරේ අඩංගු ප්‍රති ප්‍රදාහක සහ ඔක්සිකාරක ගුණ සයිනස් වේදනා සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කළ හැකිබව සොයා ගෙන ඇත. සයිනස් ආසාදනය හටගත් අවස්ථාවලදී නාස් කුහරය ඉදිමෙන අතර මෙම ශාඛයේ ප්‍රතිවෛරස් කාරකයන් එම තත්ත්වය සමනය කිරීම සඳහා ක්‍රියා කරයි.

සින්ක් සහ විටමින් C

සෑම වසරකදීම  අවුරුදු 5ට අඩු ළමා මරණ සංඛ්‍යාවෙන් මිලියන 5.6 කටම හේතුව ලෙස මන්ද පෝෂණය ඉවහල් වී ඇති බව අනාවරණය වී තිබේ. විටමින් සී සහ සින්ක් යනු ජීවියෙකුගේ කායින ශක්තිය මැනවින් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය දෙකකි. විටමින් සී තුළින් සෙම්ප්‍රතිශ්‍යාවක රෝග ලක්ෂණ සමනය කළහැකි බව ඔබ කවුරුත් දන්නා කරුණකි.  හෙම්බිරිස්සාව මර්දනය කර ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරිමට සින්ක් වලටත් හැකියාවක් තිබෙන බව බොහෝ දෙනා නොදනී.  සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට නිව්මෝනියාව, මැලේරියාව සහ අතීසාරය වැළඳීමේ ප්‍රවණතාවය විටමින් සී සහ සින්ක් ලබා ගැනීමෙන් අවම කරගත හැකි බව ඔබට මින් වැටහෙනු ඇත. vitawell-20147

සෛලවල රිඩොක්ස් මට්ටම නිසි පරිදි පවත්වා ගනිමින් ශ්වසන පිපිරීමකදී හෝ ප්‍රදාහක තත්ත්වයකදී එම සෛල ප්‍රතික්‍රියාකාරක ඔක්සිජන් විශේෂයන් වලින් ආරක්ෂා කිරීමට විටමින් සී වලට හැකියාවක් ඇත.  එසේම සින්ක් ඌණතාවය භක්ෂෛසලකතාව වැනි ශරීරයේ සහජ ප්‍රතිශක්තිය සඳහා උපකාරි වන සෛලීය ප්‍රවාහකයින් වලට හානි පැමිණවිය හැකිය. එම නිසා මෙම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය දෙකම ප්‍රතිශක්තීකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම ආසාත්මිකතා වැළඳීමේ ප්‍රවණතාවය අවම කරගැනීමට බෙහෙවින් උපකාරි වන බව ඔබ දැනගත යුතු වේ.

යකඩ වලට අමතරව මිනිස් ශරීරයේ  අඩංගු පදාර්ථයන්ගෙන් සින්ක් වලට හිමිවන්නේ වැදගත් තැනකි. සින්ක් වැඩිවශයෙන් තැන්පත් වී ඇත්තේ අස්ථි, මාංශ පේශි, පිරිමින්ගේ පුරස්ථිතයේ සහ ඇසෙහි දෘෂ්ටි විතායෙහිය. එන්සයිම නිෂ්පාදනයෙහි මෙන්ම තුවාල සුව කිරීම සඳහා ප්‍රතුශක්තීකරණ සහ ප්‍රජනන පද්ධතියේ ඉතා වැදගත් සංඝටකයක් ලෙස සින්ක් ක්‍රියා කරයි.

සින්ක් සහ විටමින් සී යන අංශුමාත්‍ර මූලද්‍රව්‍ය දෙක දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය කෙරෙහි අති විශාල බලපෑමක්  ඇති කරයි. අසාත්මිකතා දුරු කිරීම මෙන්ම ලෙඩ රෝග වැළඳීම වළක්වාගැනීමෙහි ලා මෙම මූලද්‍රව්‍ය දෙකම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. සමස්තයක් ලෙස ගත් කළ,  විටමින් සී සහ සින්ක් වැනි අංශු මාත්‍ර මූලද්‍රව්‍යයන් වල ඌණතාවයන් දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාකාරිත්වයට සහ කායික, මානසික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි බව තහවුරු වී ඇත.

දරුවන්ව ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම සෑම අවස්ථාවකදීම සාර්ථක නොවන බව දෙමාපියෝ හොඳින්  දන්නෝය.  නමුත් දරුවාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට ඔබ නිරන්තරයෙන්ම කටයුතු කළ යුතුය. අපට දරුවන්ව නිතරම ලෙඩ රෝග වලින් ආරක්ෂා කළ නොහැකි වූවත් දරුණු අසනීපයන්ගෙන් ඔවුන්ව රැකගෙන සුරක්ෂිත හා සෞඛ්‍යමත් ලෙස හදා වඩා ගැනීම අපට සිදු කළ හැකි වේ.

දරුවන්ගේ ආහාර වේල නිසි පරිදි සැකසීම ඔවුන්ට අවශ්‍ය විටමින් ලබා දිය හැකි පහසුම ක්‍රමයකි. පලතුරු සහ එලවළු දරුවාගේ සුදු රුධිරාණු සෛල වර්ධනය කරන අතර සෛල වටා ප්‍රතිවෛරස්කාරක පටලයක් ඇති කරනු ලැබේ. මේ හරහා ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිවේ.  දරුවාගේ සමබල ආහාර වේලට Kids Smart VitaGummies Cold & Flu  එකතු කරන්න. මෙය දරුවාගේ නීරෝගි දිවිය වෙනුවෙන් ඔබ ගනු ලබන වැදගත් තීරණයක් වනු ඇත. මෙය දරුවන් ප්‍රිය කරන බෙරී රසයකින් යුත් මෘදු ගමී වර්ගයකි. මෙය ප්‍රතිශක්තිය වර්ධනය කරන, සෙම්ප්‍රතිශ්‍යාව දුරුකරන සංඝටකයන්ගෙන් යුත් එල්ඩබෙරි පලතුරු සාරයෙන් හා සින්ක්, විටමින් සී සහ මී පැණි වලින් සමන්විත වේ. විටමින් සී වල ප්‍රතිඔක්සිකාරක ගුණය, සින්ක් හි ප්‍රතිශක්තී ක්‍රියාකාරිත්වය සහ මීපැණි වල බැක්ටීරියා නාශක සංඝටක මුසු වී ඔබගේ දරුවාගේ සෙම්ප්‍රතිශ්‍යාව මර්දනය කරනු ලැබේ.

සෞඛ්‍යමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගැනීමට ඔබත් දිනපතා Kids Smart VitaGummies Cold & Flu Immunity දරුවාට  ලබා දෙන්න. සැම විටම ලේබලය කියවන්න. දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කරන්න. රෝග ලක්ෂණ දක්නට ලැබේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. අතිරේක විටමින් වලට කිසි විටෙකත් සමබල නීරෝගි ආහාර වැදගත්කම හිලව් කළ නොහැකි බව අමතක නොකරන්න.

සැළකිය යුතුයි : අවුරුදු දෙකට අඩු දරුවන්ට වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් අතිරේක ලබා දීමෙන් වළකින්න.

ඔබට දැන්  ලිබර්ටි ආකේඩ් හි, අපගේ Vitawell වෙළඳසලෙන් Vita Gummies Cold & Flu Immunity  විටමින් ලබා ගත හැකි වේ.

ලිපිනය :
ලිබර්ටි ආකේඩ් , 282, ආර්, ඒ. ඩි මැල් මාවත. කොළඹ 03
අපගේ දුරකතනය 0114503503 අමතා හෝ online www.vitawell.lk සමඟ සම්බන්ධ වී දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම ලබා ගන්න.

 

දරුවන්ට වැළදෙන පණු රෝග

ඇහැක් වගේ පරිස්සම් කරන දරුවන් ලෙඩ වුණාම වැඩිපුරම බය වෙන්නේ අම්මලා. ඒත් ඇතැම් වෙලාවට පාසලට හෝ ළඳරු පාසලට යාමට ඇති අකමැත්ත නිසා යොදාගන්නා උපක්‍රමයක් සේ සලකා ඇතැම් මව්වරු දරුවන්ගේ මේ පොඩි පොඩි බඩේ ලෙඩ නොසලකා හරින්නත් පුළුවන්. කෙසේ වුවත් බඩේ ලෙඩවලට මුල් වන්නේ පණුවන් නම් පණුවන් නිසා ඇතිවන බඬේ ලෙඩ නොසලකා එතරම් හොඳ වැඩක් නම් නොවෙයි.

දරුවාගේ ශරීරයේ අන්ත්‍රවල විවිධ හැඩයේ හා ප්‍රමාණයේ පණුවන් විවිධ ප්‍රමාණවලින් ජීවත් විය හැකියි. පණුවන් දරුවා ගන්නා ආහාර මත යැපෙමින් එයින් පෝෂණය වන අතර දරුවාගේ ශරීරයේ විවිධ රෝග තත්ත්ව ඇති කරයි. දරුවන් අතර වඩාත් බහුල පණු රෝග වන්නේ පටපණු, වට පණු, කිරි පණු හා කොකුපණු යන තත්ත්වයන්ය.

පණුරෝග වැළදීමට හේතු

දරුවා සිටින්නේ ඔබේ ඇසට පෙනෙන මානයේ නිසා දරුවා සුරක්‍ෂිත යයි ඔබ සිතුවත් ඇසට නොපෙනෙන පණුවන්ගේ ග්‍රහණයට දරුවා ලක්වන්නේ ඔබට නොදැනීමයි.පහත අවස්ථාවලදී දරුවාට පණුවන් ආසාදිත විය හැකියි .

  • පණු හෝ පණු බිත්තරවලින් ආසාදනය වූ දේ වලින්
    එළිමහනේ හෝ පිට්ටනිවල සෙල්ලම් කරන විට පණු හෝ පණු බිත්තර ආසාදිත පස් හෝ දූවිලි අතපත ගෑමෙන් විශේෂයෙන් දරුවන්ට පණුවන් ආසාදනය විය හැකියි.
    එමෙන්ම බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන් හෝ ඔවුන්ගේ මල ද්‍රව්‍ය ස්පර්ශ වීමෙන්ද පණුවන් ආසාදනය විය හැකියි.
  • හොඳින් අත් නොසේදීම
    අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීම දරුවන්ගේ සිරිතයි. මිදුලේ කෝම්පිට්ටු හදන දරුවා ඊළඟ මොහොතේ අතට ලැබෙන විස්කෝතුව කටේ දමාගන්නේ දෙවරක් නොසිතාය. නමුත් ඔහුගේ අත්වල නියපොතු අතර රැඳී සිටින සියුම් දූවිලි අංශූ සමග දහස් ගණන් පණුවන්ද ඒ සමග ඔහුගේ ශරීරයට ඇතුළු වේ.ගුදය ආශ්‍රිත ඇති වන කැසීම කිරි පණු ආසාදනවලදී බහුලව ඇතිවන ලක්‍ෂණයක් වන අතරම කැසීමේදී අතේ සම මත තැවරෙන සියුම්, ඇසට නොපෙනෙන කිරි පණු බිත්තර ඒ ආසාදිත වූ අතින් අල්ලන සෑම දෙයක් මතම තැවරේ. එයින් රෝගය තවත් කෙනෙකුට පැතිරීමට ද පුළුවන්.
  • මනා සෞඛ්‍යාරක්‍ෂිත විධි නොපිළිපැදීම
    කිළිටි ඇඳ ඇතිරිලි හා යට ඇඳුම් පණුවන්ට හොඳ වාසස්ථාන සපයයි. දරුවන්ගේ පමණක් නොව දරුවන් ගැවසෙන අනිත් ස්ථානවලද ඇති අපිරිසිදු ඇඳ ඇතිරිලි ආදිය දරුවාට රෝගකාරක විය හැකිය. යම් වැඩිහිටියෙක් කිරිපණු රෝගයට ලක් වූවෙක් නම් ඔහුගේ තුවා, ඇඳුම්, ඇඳ ඇතිරිලි පමණක් නොව නියපොතුවලද පණු බිත්තර තිබිය හැකියි. එබැවින් දරුවන් මේ කුමන හෝ දෙයක ස්පර්ශ වී හෝ ඒ අතින්ම කෑම ගැනීමෙන් දරුවා ද ආසාදනයට ලක්විය හැකියි.
  • ආසාදිත ආහාර හා වතුර මගින්
    දරුවන්ට ආහාරයට දෙන එළවළු, පළතුරු පණු බිත්තරවලින් ආසාදනය වී තිබිය හැකියි. එබැවින් අමුවෙන් හෝ අර්ධ වශයෙන් පිස ආහාරයට දෙන එළවළුවලින් මෙන්ම නිසි ලෙස නොසේදූ එළවළු පළතුරුවලින් ද පණුවන් ආසාදනය විය හැකියි.
පණු රෝගයකදී ඇතිවන සාමාන්‍ය ලක්‍ෂණ : 

පණු රෝග යනු ආසාදන රෝග වේ. එබැවින් ආසාදන රෝගයක ඇතිවන ලක්‍ෂණ මෙම අවස්ථාවලදී ද ඇතිවිය හැකිය. ආයුර්වේදයේ පණුවන් ක්‍රිමින් ලෙස හඳුන්වයි.

ක්‍රිමි ආසාදනයකදී : 

  • උණ
  • විවර්ණතා (ශරීරයේ පැහැය වෙනස් වේ නම්)
  • වේදනාව
  • උදරයේ වේදනාව
  • හෘදයේ වේදනාව
  • ඇඟපත අප්‍රාණික බව
  • කරකැවිල්ල
  • ආහාර අරුචිය හෝ ආහාර සඳහා නොකමැත්ත
  • අතීසාරය – මල බුරුලින් පිටවීම වැනි ලක්‍ෂණ ඇතිවන බව ආයුර්වේදයේ දක්වා තිබේ
කිරි පණු ආසාදනයක ලක්‍ෂණ

ලංකාවේ දරුවන් අතර බහුලම ආසාදන රෝග තත්ත්වයකි කිරිපණු රෝගය. ආසාදනය වූ අයගේ අන්ත්‍රවල මෙන්ම ගුදය ආශ්‍රිතව වැඩෙන කිරි පණුවන් ආසාදනයෙන්,

  • කිරි පණුවා රාත්‍රි කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම
  • නින්ද අඩුවීම (රාත්‍රියට කැසීම හේතුවෙන්)
  • මුත්‍රා පිටකිරීමේදී ඇති වන වේදනාව (කිරි පණු ආසාදනයකදී මෙම ලක්‍ෂණයද බහුල වශයෙන් ඇතිවේ)
  • ශරීරයේ බර අඩුවීම
  • ආහාර අරුචිය
  • වරින් වර ඇතිවන උදරයේ වේදනා
වට පණු ආසාදනයක ලක්‍ෂණ

ගැඩවිල් පණුවෙක්ගේ හැඩයෙන් යුත් මෙම වට පණු ආසාදනයෙන්,

  • අතීසාරය හෙවත් ද්‍රව මල අධික වශයෙන් පිටවීම
  • මල සහ වමනය සමග වට පණුවන් පිටවීම
  • උණ සමග එන වියළි කැස්ස (සාමාන්‍යයෙන් වට පණු බිත්තර ආසාදනයෙන් දින 4-16 කට පමණ පසුව ඇති වේ)
  • උදර වේදනාව
  • ඔක්කාරය
  • ශරීරයේ බර අඩුවීම
කොකු පණු ආසාදනයක ලක්‍ෂණ

කොකු පණු බිත්තර ආසාදිත පස් සමග ස්පර්ශ වීමෙන් ප්‍රධාන ලෙසම බෝවන කොකු පණු රෝගයේදී,

  • කැස්ස
  • හතිය/හුස්ම ගැනීමේ අපහසුව (විශේෂයෙන් කොකු පණු කීටයන් පෙණහැලිවල ගත කරන කාලයේදී ඇතිවේ)
  • රක්තහීනතාව හෙවත් ලේ අඩුකම (රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පහළ යාම)
  • නිතර දැනෙන මහන්සිය

කොකු පණුවා අන්ත්‍රවල එල්ලී ජීවත් වන අතර එතනින් රුධිරය උරා බොයි. එනිසා කොකු පණු රෝගයෙන් පෙලෙන දරුවන්ට රක්තහීනතාවය ඇති වේ.

එමෙන්ම,

  • උදරයේ වේදනා
  • ඔක්කාරය
  • මල සමග රුධිරය පිටවීම
  • ආහාර අරුචිය
  • කැසීම සහිත දද වැනි ලක්‍ෂණ ද ඇතිවේ
පටි පණු ආසාදනයක ලක්‍ෂණ

පටියක් ආකාරයෙන් දිස්වන මේ පණුවන් ඇතැම් විට අඩි 15-30 ප්‍රමාණයට වැඩීමට පුළුවන්. පටි පණු රෝගයේදී,

  • ඔක්කාරය හා වමනය
  • ආහාර අරුචිය ඇතැම් විට අධිකව ආහාර ගැනීම
  • බර අඩුවීම
  • කාමලා (Jaundice) රෝග තත්තවය (ඇස්වල, නිය හා සමෙහි (විශේෂයෙන්) අත්ලවල කහ පැහය)
  • ශරීරය දුර්වල වීම
  • විටමින් ඌනතා
  • උදර වේදනා
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාථිකාචාර්ය (පරිවාස) වෛද්‍ය ආර්.එල්.ඩී. සඳමාලි රණසිංහ මහත්මිය ( B.A.M.S (Hons), M.D (Ayu) (SL) ) සමග සකසන ලද ලිපියකි. 

ප්‍රතිඵල ආවා

විභාග ප්‍රතිඵල සමග අපේ රටේ කොතැනක හෝ සියදිවි හානි කර ගැනීමේ සිද්ධින් එක දෙකක්වත් වාර්තා වෙනවා. අද වගේ විකල්ප අධ්‍යාපන අවස්ථාවන් නොතිබුන කලවලදී ලැබෙන ප්‍රතිඵලය භාරගෙන දරුවන් ජීවත් වුනත් අද ඒ තත්වය සමාජයේ දැක ගනන්ට ලැබෙන්නේම නැහැ. ඇත්තටම විභාගයක් අසමත් වුනාට සිය දිවි හානි කර ගැනීම ඉතාම අවාසනාවන්ත කටයුත්තක් වුනත් මේ තැනට දරුවන් පත්ව සිටින්නේ ඇයිදැයි යන්න ගැන සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි. දරුවාට වඩා ප්‍රතිඵල ගැන උනන්දුවෙන් සිටින්නේ මව්පියන්. එය ඇත්තටම සාධාරනයි. එහෙත් මව්පියන් ප්‍රතිඵල නිසා අතෘප්තිමත් වෙන තැනදී දරුවාටත් එය දරා ගැනීම අපහසුයි. රටේ ආර්ථික තත්වයත් සමග මව්පියන්ද විසින් දරණ වියදමට සහ කැපවීමට සාපේක්ෂව ඔවුන් තෘප්තිමත් වෙන ප්‍රතිඵලයක් නොලැබ කම්පනයට පත් වෙන මව්පියන් නිසා දරුවන්ගේ ජීවිතයට මුහුණ දෙන ශක්තිය නොදැනීම බිඳ වැටෙන තත්වයට පත් වෙනවා. මේ නිසා බොහෝ දරුවන් තමන්ගේ සියදිවි හානි කර ගැනීමේ පසු වදනේ සඳහන් කරන්නේ….අම්මා තාත්තා මට කරපු වියදම‍ට ගැලපෙන ප්‍රතිඵල නොලද නිසා ජීවිත්වීමේ අවශ්‍යතාවයක් නැති බවයි. මේ නිසා දෙමව්පියන් ලෙසින් දරුවන්ගේ ප්‍රතිඵල මුල් කර ගෙන කම්පාවට පත් නොවී ඔබ මෙන්ම ඔවුන්ටද ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලබා දීම ඉතා වැදගත් බව සිතන්න.

අද දරුවන් යාන්තම් හය හතර තේරෙන තැන පටන් අකුරට ලුහුබඳිනු විනා අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තියක් ඇත්තේම නැති තරම් කිව්වත් වරදක් නැහැ. අතීතයේදී දරුවන් සෙල්ලම් පිටියේදී අනුගමනය කළ නීති රීති, තීන්දු තීරණ මගින් ජීවිත අභියෝග ඉදිරියේ මුහුණ දෙන ශක්තිය ගොඩ නගා ගත්තා. ඒත් අද දරුවන්ට එවන් ශක්තියක් නැහැ.ශිෂ්‍යත්වය මව්පියන්ගේ මෙහෙයවීමෙන් දරුවන් හෙම්බත් වෙනවා. සෙල්ලමට විනෝදයට වෙලාවක් ඇත්තේම නැහැ. හුදෙකලා චරිතයක්ව ගෙවන දරුවා සමාජය ඉදිරියේ තිබෙන අභියෝග හමුවේ ඉතාම බෙලහීන චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා තමා ලද ප්‍රතිඵලය ඉදිරියේ ඉතාම දුර්මුඛ වෙන ඔවුන්ට තිබෙන එකම විකල්පය ලෙස සිය දිවි හානි කර ගැනීමට යොමු වීම අද බරතල ප්‍රශ්නයක්ව තිබෙනවා.

සමහර දෙමව්පියන් දරුවන් ගැන තබා ගෙන සිටින අධිතක්සේරුව ප්‍රතිඵල සමග බිඳ වැටෙන විට දරුවාට එය දරා ගැනීම අපහසුයි. අපේ පුතා නම් මෙඩිසින් සිලෙක්ට් වෙයි…යන ස්ථාවරයේම සිටියත් ප්‍රතිඵල ලැබී අදාල විශ්ව විද්‍යාල තේරීම ලැබෙන තෙක් තිබෙන්නේ ඉතාම අවිනිශ්චිතතාවයකි. මේ බව නොතේරෙන දෙමව්පියන් අනවශ්‍ය ලෙසින් දරුවා ඔසවා තැබීම නිසා ලැබෙන ප්‍රතිඵල තුළ අදාල ජයග්‍රහනය නොලද විට ඔවුන් තමන්ට ජීවත්වීමට තිබෙන වාසනාව ඔවුන් විසින්ම නැති කර ගන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙති.

ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ තෘප්තිමත්බව දැක්වීමත් දරුවන් බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ සුවිශේෂී පිලිවෙතකි. ලද දෙයින් සතුටු වෙනු විනා නොලද දෙය ඉදිරියේ හඬා වැටීම අසාර්ථක බව පෙන්වා දෙන්න. අහවල් අයගේ ප්‍රතිඵල මේ මේ ‍අන්දමින් ඉතා ඉහලින් ඇතැයි දරුවා සමග සංසන්දනයෙන් කතා බහ කිරීම දැන් නිෂ්ඵලය. එයින් වන්නේ දරුවා තවත් පසුබෑමට සහ කම්පාවට පත් වීම හැර වෙන සැලකිය යුතු වෙනසක් සිදු වීම නම් නොවන්නේය.

ප්‍රතිඵල ලැබුනාට පසුව ඔබ දරුවා පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇතැම් දරුවන් ප්‍රතිඵල ඉදිරියේ විශාල පසුබෑමකට පත් වෙති. මේ නිසා ඔවුන් ගැන සියුම් ලෙස නිරීක්ෂනය කරන්න. හුදෙකලා වන්නට ඉඩ නොදෙන්න.දරුවන්තේරුම් ගැනීම අප හිතන තරම් පහසු නැත. ඇතැම් විට සාමාන්‍ය පරිදි හැසිරෙමින් සිටම සිය දිවි හානි කර ගන්නා අවස්ථාවන් ඇත.එබැවින් ඔවුන්ගේ කම්පනය ඉදිරියේ අස්වසනු මිස තව තවත් කම්පාවට හේතු වෙන ලෙසින් දෙබස් එක් කිරීමෙන් වැලකීම ඉතා වැදගත් වේ.

විභාගය අසමත්වීම යනු ජීවිතයෙන් පලා යෑමට හේතුවක් නොවන බව දරුවන්ට තේරුම් කර දෙන්න. අද අධ්‍යාපනයේ ඉදිරියට යෑමට විකල්ප අවස්ථාවන් බොහෝ ඇත.අහිමි වූයේ එක් දෙයක් පමණක් බව පෙන්වා දෙන්න. එකක් අහිමි වුනත් උපයා ගත හැකි බොහෝ දේ ඇති බවත් දරුවාට කියා දෙන්න. ඒ හැර අහිමි වුන දෙය මත්තේම වැලපීම නිරර්ථක කටයුත්තක් බැව් ඔවුන්ට ඉතා පැහැදිලිව සඳහන් කර දෙමින් ජීවිතයට මුහුණ දෙන ශක්තියගොඩ නැගීමට දායක වෙන්න.

විභාගය  අසමර්ථ වීම යනු අනාගතය කඩා වැටීමක් නොවේ. එය ජයග්‍රහනය වෙනුවෙන් පන්නරය ලැබීමක් බව කියා දෙන්න. නැපෝලියන් බොනපාට් පරජය ඉදිරියේ සැලුනේ නැත. ඒ. ආර් රහුමාන්ට ඕගන් වාදනය කිරීමට නොහැකි බව කියමින් ගුරුවරයා ඔහු පංතියෙන් පන්නා දැමුවේය. ලාන්ස් ආම්ස්ට්‍රොන් ලේ පිලිකා තුනකින් පීඩාවට පත් ක්‍රිඩකයකි. මේ නිසා ඔහුට පිහිණුම් තරගයන්හි යෙදෙන්නට තිබුන අවස්ථාව අහිමි විය. එහෙත් ඔහු ආපස්සට හැරැනේ නැත. පාපැදි ක්‍රිඩාවෙන් ලෝකය ජයගන්නට අධිෂ්ඪාන කළේය. මේ නිසාම ප්‍රංශ පාපැදි තරඟයෙන් ඔහු හත් වතාවක්ම ජයග්‍රහනය ලැබුවේ අහිමි අවස්ථාව වෙනුවට විකල්ප අවස්ථාවන් සොයා ගිය නිසාය. වරක් ඔහු සමග පවත්වන ලද  සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙනුවෙන් පිලිතුරු දෙමින් ලාන්ස් ආම්ස්ට්‍රෝං කියා සිටියේ නිශ්චිත ඉලක්කයක් ඇත්නම් එය ජයගැනීමට විශ්වාසය හා අධිෂ්ඨානය සෑහෙන බවයි.

ප්‍රතිඵල අසාර්ථක වූ පමනින්ම අධිෂ්ඨානය බිඳ වැටිය යුතු නැත ජයග්‍රහනය වෙනුවෙන් තව කාලය සහ මාර්ගය ඉදිරියේ ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමට උපදෙස් ලබා දෙන්න. අද ලෝකයේ තිස්තුන්වැනි ධනවත් පුද්ගලයා බවට පත්ව සිටින චීනයේ ජැක් මා , විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් තෙවරක් අසමත් විය. රැකියා තිහකට ඉල්ලුම් කළත් ඔහුට එකදු රැකියාවක්වත් ලැබුනේ නැත. කේ. එෆ්. සී ආයතනය චීනයේ ආරම්භ කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් ඉල්ලුම් කරන ලද විසිහතර දෙනාගෙන් විසිතුන්දෙනෙක්ම තෝරා ගත් අතර එයින් ප්‍රතික්ෂේප වුන එකම තැනැත්තා වූයේ ජැක් මාය. වෙනතක් තබා පොළිස් සේවය වෙනුවෙන්  දැමූ අයදුම්පත්‍රයටවත් පිළිගැනීමක් ලැබුනේ නැත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් ඉල්ලුම් කළත් අවස්ථාවක් ලැබුනේ නැත එහෙත් ජැක් එයින් පසුගාමී වුයේ නැත. තමා පටන් ගත්තේ වැටෙන තැනින් බව ඔහු දැන් සඳහන් කරයි.

ඔබේ දරුවාගේ සිතද මේ අන්දමේ පුර්වාදර්ශ චරිතයන්ගෙන් පෝෂනය කරන්න. වැටෙන තැනින් නැගිටීම යනු නියම ජයග්‍රහනය බව ආදරයෙන් කියා දෙන්න. ජිවිතය දිනන්න නම් කොතැනකින් හෝ වැටෙන්න ඕන ජැක් මා විසින් ලෝකයට දුන් පනිවිඩය ඔබේ දරුවාටද පන්නරය සපයනු ඇත.

ඔබේ කාර්යබහුල ජීවිතයට දැන්, වේදනාවලින් බාධා නෑ…

කාර්යබහුල ජීවන රටාවක හැල්මේ දුවන අපි කාටත් එදිනෙදා වැඩකටයුතුවලට යම් යම් බාධා ඇති වෙනවා. ඒත් එහෙමයි කියලා එකම එක වැඩක්වත් නතර කරන්න අපිට හැකියාවක් නැහැ. ගෙදරදොරේ වැඩකටයුතු, කාර්යාලයේ වැඩකටයුතු දරුවන්ගේ වැඩකටයුතු ඒ අතරින් ප්‍රධානයි. ඉතිං අපේ සිරුරේ ඇති වෙන වේදනවාක් මේ කාර්යයන්ට බාධාවක් කරගත යුතුද? දෛනිකව පැවරෙන අනිවාර්ය වැඩකටයුතුවලින් එකක්වත් මගහරින්න වැඩිහිටියෝ විදියට අපිට බැහැ නේද? වේදනාව දරාගෙන ඒ කාර්යයවල නිරත වෙන්න තමයි අපි කවදත් පුරුදු වෙලා තියෙන්නේ. ඒත් Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය තියෙද්දි වේදනාවන් දරාගෙන සිටිය යුතුද?

සන්දි වේදනවාක්, කොණ්දේ වේදනාවක්, මස්පිඬු වේනාවක්, තැල්මක්, උලූක්කුවක් වැනි දෙයක් එහෙමත් නැතිනම් කෙණ්ඩා, කලවා, යටිපතුල් හෝ උරහිස්වල වේදනාවන් ඇති වුණාම කුමක් හෝ ආලේපනයක් යොදා සම්භාහනය කිරීම අපේ පුරුද්ද වුණත් නිවසින් පිටතට යනවා නම් අපි එය තවරගන්න අකමැතියි. මොකද ඒ ආලේපනයේ ඇති තෙල් සහිත බව ඇතැම්විට අපේ ඇඳුමට උරාගන්නවා. එහෙමත් නැතිනම් ඒ ආලේපනයේ ගඳ හෝ සුවඳ පිටතට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ආලේපනය තවරන්නත් ඉන් පහුව අදාල ස්ථානය උණුසුම් වනතුරු සම්භාහනය කරන්නත් යම් කාලයක් වැය කිරීමට අපට සිදුවෙනවා. ඒ සඳහා තවත් අයෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. නමුත් වේදනාවන්ට ඉක්මන් සහනය සලසන Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය නම් වේදනාකාරී ස්ථානයේ ඇලවීම පමණයි ඔබ කළ යුතු වන්නේ. Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය වේදනාකාරී ස්ථානයේ පැය අටක කාලයක් අලවා තබාගැනීම ඔබට පුළුවන්.
Salonpas වේදනා නාෂක ප්ලාස්ටරයේ ප්‍රධානව පවතින මෙන්තෝල් (Menthol) සහ මෙතිල් සැලිසිලේට් ( Methyl salicylate) යන ප්‍රධාන සංඝටක දෙක හරහා ඔබේ වේදනාවන් ඉක්මණින්ම පලවා හරිමින් සහනය සලසා දෙයි. කිසිදු ගඳ හෝ සුවඳ හෝ තෙල් සහිත බවක් නොමැති අතරම ඔබේ ඇඳුම්වල තැරවී පිරිසක් ඉදිරියේ ඔබ කිසිවිටෙක අපහසුතාවයට පත් නොවේ. ඔබේ වේදනාවට සහනය සැලසීම උදෙසා වෙනත් අයෙකුගේ කාලය වැඩිපුර වැය කිරීමට Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය නිසා අවශ්‍ය වන්නේ නැත.

  • Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය භාවිතයේදී මේ කරුණු පිළිබඳව සැලකිලිමත්වෙන්න.
  • වේදනාකාරී ස්ථානය හො`දින් තෙත මාත්තු කර ප්ලාස්ටරය විවෘත කර එම වේදනාකාරී ස්ථානයේ අලවන්න
  • දිනකට තුන්වරක් හෝ හතරවරක් පමණක් භාවිත කරන්න
  • ප්ලාස්ටරය අලවා පැය අටකට පසුව ඉවත් කරන්න.
  • මෙය සිරුරේ බාහිර ප්‍රතිකාර සදහා පමණක් බව සිහිතබාගන්න
  • යම් හෙයකින් ආසාදිත තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. එසේම මෙහි අඩංගු යම් සංඝටකයක් මින් පෙර ඔබට අසාත්මිකතාවයක් ගෙන දී ඇති නම් භාවිතයෙන් වළකින්න
  • තුවාල හෝ පලූදු වූ සම මත ඇලවීමෙන් වළකින්න.
  • පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව භාවිතය වඩාත් සුදුසුය
  • තදින් වෙලිමෙන් වළකින්න
  • ඇස් ප්‍රදේශයේ ඇලවීමෙන් වළකින්න.
  • ඔබ ගැබිනි හෝ කිරිදෙන මවක් නම් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න
  • කුඩා දරුවන්ගෙන් ඈත්ව තබන්න, වයස අවුරුදු 12 අඩු දරුවන් සඳහා යොදාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  • සැමවිට සාමාන්‍ය පරිසර මට්ටමේ අසුරන්න.

Salonpas වේදනා නාෂක ප්ලාස්ටරය සමගින් ඔබේ වේදනාවන් පලවා හැර නිදහසේ ඔබේ කාර්යයන්හි නිරතවන්න දැන් ඔබටත් පුළුවන්.

මෙය Salonpas අනුග්‍රහයෙන් පලකරන ලද ලිපියකි.

දරුවන්ගේ පොඩි බඩගින්නට

දරුවන්ට ඇති වෙන පොඩි බඩගිනි මට්ටු කිරීමත් එතරම් පසු කාර්යක් නොවෙයි. අද දෙමව්පියන් මේ වෙනුවෙන් ගොඩ නගා ගෙන තිබෙන එකම විකල්පය වන්නේ බිස්කට් වලින් දරුවන්ගේ කුසපිරවීමයි. එහෙම නැත්නම් ජංගම පාන් බනිස් රථය අපි අද හඳුන්වන” චූන් පාන් ” රථයෙන් මොනවා හෝ අරගෙන දී දරුවා ගේ ඇවිටිල්ලෙන් මිදීමයි.මේ කටයුතු නිසාම අද දරුවන් අතර දියවැඩියා රෝග තත්වය ඉතාම බහුලයි. දරුවන්ගේ බඩගින්න ගැන ඇවිටිල්ල වැඩි වෙන විට මව්පියන්ට මේ සෞඛ්‍ය හුරු පුරුදු නොදැනම අමතක වෙනවා. ඒත් දරුවන්ගේ බඩගින්න මට්ටු කරන්න මව්පියන් විදිහට ඔබ සූදානමෙන් ඉන්නවා නම් එය එතරම් අපහසු කාර්යක් නොවෙයි.

ඉස්සර කාලයේ නිවෙස්වල නිතරම අළුවා අග්ගලා හදන්න පිටි සකස් කර ගෙන තිබුණා. මේ වෙනුවෙන් ඔවුන් අමතර හාල් පිටි වෙනුවෙන් මුදලක් වැය කළේ නැහැ. නිවසේ ඉතිරිවෙන සුන්සහල් කොටා ගෙන බැදගත්තා. සමහර අවස්ථාවලදී නිවසේ ඉතිරිවෙන බත් වියලාගෙන බැද අඹරාගත් පිටි අග්ගලා වෙනුවෙන් නිතරම නිවසේ තිබුණා. හදිසියේ ආගන්තුකයෙක් පැමිණියත් කේක් බිස්කට් ගේන්න කඩපිලට ගියේ නැහැ. පත්පැණි වෙන්න උණුකර ගත් පැණිවලට පොල් සහ අග්ගලා පිටි එක්කරගෙන සාදා ගත් පැණි අග්ගලා කිසිම විදිහකට අගුණ වුනේ නැහැ.

අද දරුවන් ගැන අපිට නිරන්තරව අසන්නට ලැබෙන ආහාර විෂ වීම් වගේම ආසාත්මිකතාවයන් ගැන අහන්න නොලැබුනේ නිවසේ පිලියෙළ කර ගත් පිරිසිදු සහ ආරක්ෂිත ආහාරවලින් ඔවුන්ට සංග්‍රහ කළ නිසයි.තවත් අවස්ථාවලදී වාරයට ලැබෙන කොස් , දෙල් තෙලෙන් බැද එය උණුකර ගත් සීනි ද්‍රාවනයක දමා ගෙන පිලියෙළ කර ගත් රසකැවිලිවලින් දරුවන්ට හවස තේ පැන් වෙනුවෙන් රසවත් කැවිලි පිළියෙල කර ගත්තා. වත්තේ පිටියේ බතල, මඤ්ඤොක්කා තම්බලා පොල් සම්බෝලයක් සමග දරුවන්ට අතිරේක වෙලාවට ආහාරයට ලබා දුන්නා.කොටා ගෙන බැද ගත් හාල්පිටි සුලං නොවදින සේ අසුරාගෙන තබා ගෙන ඉදිආප්ප තනා ගත්තා. ඒ වගේම උදේ ඉතිරි වුන ඉදිආප්ප තිබුනොත් ඒවා වියලා ගෙන තෙලෙන් බැද උනුකර ගත් සීනි පැණි යොදා ගෙන රසකැවිල්ලක් සාදා ගත්තා. ඉතිරි පිට්ටු තිබුනොත් ඒවායින් වැලිතලප හදා ගෙන කෙසෙල් ගෙඩි සමග ආහාරයට ගත්තාම දරුවන්ට බඩගින්න නොදැනම මට්ටු වුණා.

ඉස්සර කාලයේ රාත්‍රිය ගෙවෙන විට පවුල් පිටින්ම තම්බා ගත් කඩල ආහාරයට ගත්තා. අද වගේ විවිධ පාන්පිටි බයිට් වලින් සිරුරට ඇති වෙන අහිතකර තත්වයෙන් දරුවන් නොදැනම මිදෙන්නට මෙම තත්වය හේතු වුනා.මේ අන්දමේ තෙලෙන් බදින ලද ආහාර සිරුරට බෙහෙවින් අහිතරක බවට මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා දුන්නත් ඒ ගැන දෙමව්පියන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මඤ්ඤොක්කා පෙති බදින විට රත්වුන තෙලට ප්ලාස්ටික් බෝතල් එක් කරන බව සමාජාල මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සුළං නොවදින තත්වය වෙනුවෙන් ඔවුන් අනුගමනය කරන මෙම කටයුතු මහජන සෞඛ්‍යට ඉතාම අහිතකරයි.නිවසේදී දරුවෙකුට බතල මඤ්ඤොක්කා අලයක් තම්බා දීම එතරම්  අසීරු කරුණක් නොවෙයි. පිට්ටු තම්බන විටත් ඒ පිටිවලට ලියා ගත් පලා වර්ග එක් කර ගෙන සමබල පිට්ටු හදා ගත්තා.

වර්ණක අඩංගු ආහාර වෙනුවට කිතුල්පිටි තලප, සව් , පළතුරු සලාද වලින් දරුවන්ගේ පොඩි බඩගිනි මට්ටු කරන්න පුලුවන්. සිරුරට අහිතකර වර්ණක වෙනුවට පැපොල්, අඹ, දිවුල් වලින් හොඳ යුෂ පානයක් සකස් කර දීමට මහ කාලයක් වැය වෙන්නේ නැහැ.

නිතරම බඩගිනි කියන දරුවන් අස්වසන අපූරු ක්‍රමයක් පිලිබඳව ලෝමා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. ඔවුන් කියන්නේ දරුවාගේ ප්‍රධාන ආහාර වේලට පසුව අලිපේර බෑයක් ආහාරයට ලබා දෙන්න කියලා. අලිගැට‍පේර බෑයක් ආහාරයට ගත්තාම පැය තුනක් පමණ ගෙවෙන තෙක් බඩගින්න ගැන දරුවන්ගෙන් පැමිණිලි ලැබෙන එකක් නැහැ.

ඔවුන් විසින් කරන ලද මෙම අධ්‍යනයට තරබාරු දරුවන් විසි හය දෙනෙක් තෝරා ගත්තා. මෙහි අධ්‍යනයේ ප්‍රධානී ජෝන් සැබෙට් පෙන්වා දෙන්නේ අලිගැටපේර බෑයක ශක්තිය කැලරි 150 ක් අඩංගු බවයි. ඒ වගේම තන්තු සහ මේද බහුලයි. ඒ නිසා දවල් ආහාරයෙන් පසුව අලිගැටපේර බෑයක් ආහාරයට ගත් පසුව නැවත ආහාර වෙනුවෙන් උත්තේජනයක් ඇති වීම අඩු මට්ටමක පවතිනවා.

අද මව්පියන් තමන්ගේ දරුවන්ට පළතුරු ලබා දෙන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. ඒත් දොඩම් වැනි පානයන් මගින් දරුවන්ගේ මතක ශක්තිය මුවහත් කරන බව ඩැනියෙල් ලැම්පෝර්ටි විසින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක සදහන් වෙනවා.

එදා දෙමව්පියෝ දරුවන්ට ගෙවත්තේ තැඹිලි කුරුම්බා වග්ම දොඩම් වැනි යුෂ නිතරම ලබා දුන්නා. මේවා වස විස නැති ස්වභාවික පානයන් බව අපි නොදන්නවා නොවෙයි.ඒ වුනාට පැණි බීම වලින් තොර ලෝකයක් දැන් දරුවන්ට නැහැ. වෙහෙසකර බවක් , පිපාසයක් හෝ කුසගින්නක් දැනුන විට දොඩම් යුෂ පානය කිරීමෙන් මතක ශක්තිය වර්ධනය වෙන බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දුන්නා.

ඔවුන්ගේ අධ්‍යනය වෙනුවෙන් නවයොවුන් වියේ දරුවන් විසි හතර දෙනෙක් තෝැා ගෙන එයින් එක් කණ්ඩමකට කෘතිම දොඩම් රසකාරක සහිත පානයක් එක් දිනකත් අනෙක් දිනයේදී ස්වභාවික දොඩම් යුෂත් ලබා දුන්නා. දින දෙකේදීම මෙම පානයෙන් මොලය දක්වන ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා.ශාරිරික නිරෝගිතාවය වෙනුවෙන් ශාඛ රසායනයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා මොලයේ සෛල උත්තේජනය වෙන අතර රුධිර සැපයුම යහපත් පරිදි සිද්ධ වෙනවා.මේ අනුව ඩැනියෙල් ලැම්පෝර්ට්ගේ අධ්‍යන වාර්තාව සඳහා ට්‍රොපිකානා පළතුරු නිෂ්පාදන සමාගමේ පුරෝගාමී ආයතනයක් වූ Pepsico මගින් දායකත්වය ලබා දුන්නා පමණක් නොව මෙම වාර්තාව European Journal of මගින් ප්‍රකාශයටත් පත් කරනු ලැබුවා.

මේ විදිහට සලකා බලන විට දරුවන්ගේ බඩගින්නට තිබෙන එකම පිහිට ඔබ හිතන පේස්ට්‍රි කඩයවත්, ජංගම පාන්පිටි නිස්පාදන රථයවත් නොව අම්මෙක් විදිහට හොඳම දේ දරුවන්ට ලබා දීමට ඔබේ හිතෙන් ඇති වෙන උනන්දුව නොවේද….?

දරුවන් ඉදිරියේ නොකළ යුතු කථා

අපි හිතනවාට වඩා දරුවන් අපේ කථා බහෙන් ඩැහැ ගන්නා බොහෝ දේ ඇත. කෝටුවකින් සිරුරට වැදෙන පහර ටික වේලාවකින් නොදැනී ගියත් වැඩිහිටියන්ගේ වචන වලින්නික්මෙන අදහස් දරුවන් ඉතාම ඉක්මනින් අවශෝෂනය කර ගනන්වා. මේ නිසා ළමා මනෝවිද්‍යාව පිලිබඳ විශේෂඥයන් විසින් දරුවන් ඉදිරියේ නොකළ යුතු කතාවන් පිලිබඳව දක්වා ඇති අදහස් කීපයක් මෙසේ සඳහන් වේ. මේ අතරින් දැන හෝ නොදැන ඔබ දරුවා  ඉදිරියේ මේ අන්දමේ වචන පරිහරනය කරනවාදැයි ඔබටම සිතා ගැනීම අපහසු නැත.එසේ කියනවා නම් අදින් පසුව හෝ එම වචන ඔබේ වාග්කෝෂයෙන් ඉවතට ගත යුත්තේ ඇයිදැයි ඔබටම තීරණය කළ හැකියි.

දරුවා ඉදිරියේ ඔවුන්ගේ ගුරුවරු විවේචනය නොකරන්න

බොහෝ දෙමව්පියන්ට කතා බහට ගිය විට පිටකරන වචන පිලිබඳ ව සීමාවන් ඔවුන්වත් දන්නේ නැත. දරුවා ඉදිරියේ කිව යුතු මෙන්ම නොකිව යුතු බොහෝ දේ ඇත. කිසිම දිනක ඔබ දරුවා ඉදිරියේ දරුවාගේ ගුරුවරුන් විවේචනය නොකරන්න. එයින් සිදු වන්නේ එක් අතකින් දරුවා තුළ ගුරුවරයා මුල් කර ගත් ගරුත්වය බිඳ වැටීමයි. මේ නිසාම ඔහුට ඉගෙනුම වෙනුවෙන් ගුරුවරයා සමග තිබෙන සම්බන්ධතාවය බිඳ වැටෙනු ඇත.  ඔහුගේ විෂය වෙනුවෙන් අකමැත්තක් නොදැනම ගොඩ නැගෙනු ඇත. එපමණක් නොව ගුරුවරයා මුල් කර ගෙන දරුවන්ද තමාගේ ගැලවුම වෙනුවෙන් බොහෝ නිදහසට කරුණු කියනු ඇත. පංතියේ ගුරුවරයාගේ ඉගෙණුම් ක්‍රමවේදය මුල් කර ගෙන ඔබ දරුවා ඉදිරියේ ගුරුවරයා අවතක්සේරුවෙන් කථා බහ කළේ නම් දරුවාද එයින් අනතුරුව නිරන්තරව කියන්නේ ” අපේ පංතියේ මේවා උගන්වලා නැහැ. මට ලකුණු අඩු වුනේ ඒ නිසා යන්නයි…එහෙත් ගුරුවරයා මුල් කර ගෙන ඔබ දරුවාගේ හිතටද යම් වටිනාකම් ලබා දී තිබුනේ නම් දරුවාට මේ අන්දමින් ඉගෙනුම් කටයුතු ඉදිරියේදී ගැලවී යෑම පහසුවක් නොවනු ඇත.

මිතුරන් ඉදිරියේ දරුවා විවේනය නොකරන්න

බොහෝ මව්පියන් හිතන්නේ දරුවන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කළ විට ඔවුන් එම වැරැද්දෙන් මිදෙන බවයි. මේ නිසා දෙමව්පියන් නිතරම කියන්නේත්….ඉන්න මං ඔයාගේ යාලුවන්ටත් කියනවා. ඇත්තටම දරුවාගේ මිතුරන් යනුද ඔවුන්ගේම සම වයස් දරුවන් මිසක , දරුවාගේ වැරැදි නිවරැදි කළ හැකි පරිණත අයනොවේ..ඇතැම් අවස්ථාවලදී එතැන් පටන් මෙම මිතුරන් ඔබේ දරුවා විහිළුවට ලක් කරනු පමණක් නොව උපහාසාත්මකව බලන බැවින් එයින් ඔබේම දරුවා මහත් අපහසුතාවයට පත් වෙනු ඇත. වැරැද්දක් ඇත්තේ නම් මව්පියන් වන ඔබ විසින් එය නිවරැදි කළ යුතුය. එසේ නොමැතිව සමාජය ඉදිරියේ දරුවාගේ ආත්මාභිමානය නැසෙන සේ කටයුතු නොකළ යුතුය.

සමවයස් අය සමග දරුවා සංසන්දනය නොකරන්න

බොහෝ මව්පියන්ගේ වරදක් වන්නේ ඔබේම දරුවා වෙනත් අය සමග සංසන්දනය කරමින් කථාබහ ගොඩ නැගීමයි. එහෙත් එය නොකළ යුත්තකි. සෑම පුද්ගලයෙකුටම තමන්ගේම වූ අනන්‍යතාවයක් ඇත. එයින් ඔබ්බට යෑම එතරම් පහසු නැත. ඇතැම් ගති පුරුදු සහ හැකියාවන් පුරුදු පුහුණුවෙන් සංවර්ධනය කළ හැකි වුනත් ඇතැම් හැකියාවන් ඔවුන්ගේ සහජයෙන්ම ලබා ගන්නා හැකියාවන්ය.  ඔබේ දරුවා වෙනුවෙන් සංගීතයට ලබා දෙන උපකාරකය කොතරම් වුනත් ඔහුට ඒ පිලිබඳව කිසිදු සංවර්ධනයක් දැක ගැනීමට නොහැකි වෙන විට ” අර බලන්න….ඔයාගේ යාළුවා…හැමදාම සමස්ත ලංකා ජයග්‍රහණයටම යනවා….ඔයාට අඩුම ගානේ පංතියේවත් කවියක් සින්දුවක් කියන්න බැහැනේ…ඉතා දක්ෂ ලෙසින් ගායන හැකියාවක් ඇති දරුවෙකුට ඔබේ දරුවා කිසිම විටෙක සංසන්දනය නොකරන්න. එවිට සිදු වන්නේතමා ඉතාම අදක්ෂයෙක් බවට ඇති වෙන පසුබෑම දරුවාගේ ජීවිතයටම දැඩි ලෙසින් බලපෑම් ඇති කිරීමයි.

දරුවා අගය කරන්න

සෑම තැනැත්තෙක්ම තමා පිලිබඳ ව ඇගයීමක් ලබා දීමට ඉතා සතුටුය. එය මනුෂ්‍ය ස්වභාවයයි.දරුවාගේ බොහෝ දේ ඔබේ මට්ටමට සාපේක්ෂව බලන විට ඇගයුමට පාත්‍ර කිරීමට තරම් වටිනාකමක් නොමැති වීමට පුළුවන. විටෙක දරුවාගේ ඉල්ලීම් ඔබට හිරිහැරයක් වෙනු ඇත. කාර්ය බහුල වේලාවක චිත්‍රයක් ගෙනැවිත් පෙන්වා ලස්සනදැයි අහන විට ඔබෙන් කිසිම ප්‍රතිචාරයක්  නොලද විට ඔවුන් මහත් ආත්මානුකම්පාවට පත් වෙනු ඇත. තවත් විටෙක මේ අන්දමින් ඔබ කිව්වොත්….මොකක්ද…? මට නම් කිසිම ලස්සනක් නැහැ…නිකම් කුරුටු බලියක් විතරයි ..එයින් ඇති වෙන පසුබෑම නැවත ගොඩ නගා ගැනීම සිතනතරම් පහසු වන්නේද නැත. මේ නිසා දරුවන්ගේ හැකියාවන් ගැන අගය කරන්න. පුංචි හෝ දෙයක් කළ විට ඒ ගැන ප්‍රංශසා කරන්න.. ඒ වෙනුවෙන් මහත් වූ වචන සංඛ්‍යාවක් අවශ්‍ය නැත. දරුවාගේ හිත පිරෙන විදිහට ලබා දෙන ඇගයීම, වටිනාකම සහ ප්‍රංශසාව ඔහුගේ ජීවිතයේ බොහෝ ශක්තීන් නොදැනම එයින් ගොඩ නැගෙනු ඇත.

දරුවා දිරිමත් කරන්න

බොහෝ දරුවන්ගේ හැකියාවන් උපන් ගෙදරම වැලලෙන්නට තරම් ඔබේ වචන දරුණු වෙනවා නම් ඒ හා සමානවම මෙම හැකියාවන් සංවර්ධනය සඳහාද ඔබට ශක්තිය සපයා දීම අපහසු නැත අධ්‍යාපනයේදී වුව දරුවන්ට අවශ්‍ය ධෛර්ය ලබා දීමේ ප්‍රමුඛ මග පෙන්වන්නා මව්පියන්ය. අම්මා තාත්තාට තරම් දරුවාගේ හිත කියවන සුත්‍රය දන්නා තවත් අය නොමැත. මේ නිසා දරුවාගේ අවශ්‍යතාවය සහ ඒ වෙනුවෙන් ඇවැසි දිරිය ලබා දීමේ මෙහෙවර වෙනුවෙන් ඔබ දායක විය යුතුය. ආදර්ශමත් චරිත ගැන කියා දෙමින් ධෛර්ය උපයා දෙන්න.සපත්තුවක් නැතුව නොහඬා දෙපා නොමැතිව ජිවත් වෙන අය ගැනත් තොරතුරු කියා දෙන්න. ධනාත්මකව ජීවිතයේ ඉදිරියට යා යුතු ධෛර්ය දරුවා වෙනුවෙන් නිරන්තරව ලබා දීමට මව්පියන්ගේ යොමු වීම ඉතා වැදගත් වේ.

සහෝදරයන් සමගවත් දරුවා සංසන්දනය නොකරන්න

ඇගිලි පහ එක හා සමාන නැතුවා මෙන්ම එක බඩවැල කඩා ගෙන ආ සහෝදරයන් අතර වුනත් වෙනස්කම් බොහෝ තිබිය හැක. මව්පියන් විදිහට මෙම දරුවන් අතර වුනත් සංසන්දනයෙන් කතා බහ කිරීම නොකළ යුතුය. මල්ලී හොදයි…අක්කා නම් පාඩම් කරනවා…හොදට ඉගෙන ගන්නවා…ඔයා වගේ නොවෙයි…ඔබ මේ අන්දමින් සංසන්දනාතමකව කතා කරන්නේ දරුවා වෙනුවෙන් උනන්දුව ඇති කිරීමට බව සැබෑය. එහෙත් දරුවන් තමා තවත් අයෙකුට සමාන කරමින් කථා කිරීම එතරම් රුස්සනනේ නැත. මේ විදිහට සසඳන විට සිද්ධ වෙන්නේ සහෝදරයන් අතර පවා විවිධ විරසකයන් ගොඩ නැගීමයි. එමෙන්ම තමා පවුල තුළ නොවැදගත්ය යන සිතුවිල්ල නිසා බෙහෙවින් පසුබෑමට පත් වෙනු ඇත.

අම්මා, තාත්තා ලෙසින් දරුවන් වෙනුවෙන් ඔබ පිට කර හැම වචනයක්ම ගැනම දෙවරක් හිතන්න. යම් ලෙසකින් ඔබේ වචන වෙතින් මල් වැනි සියුමැලි සිත් රිදුන විට ඇති වෙන බලපෑම නිසා මෙම දරුවන්ගේ චරිත මහත් පසුබෑමකට පත් වෙනු ඇත.

අලුත් අවුරුද්දේ අලුත් පංතියේ වැඩ මෙහෙම පටන් ගනිමු

අලුත් අවුරුද්දක් සමග අපේ කාලය සහ වයස ගෙවෙනවා වගේම පුංචි දරුවන්ගෙත් පංතියෙන් පංතියට උසස් වීම සාමාන්‍ය විදිහටම සිද්ධ වෙනවා. අලුත් පංතියට පිවිසි දරුවන්ගේ වැරැදි අඩුපාඩු නිවරැදි කර ගන්න දැන් හොඳම අවස්ථාව ඇවිත් බොහෝ මව්පියන්ගේ ක්‍රියා කලාපය හරියට අශ්වයා ගියාට පසුව ඉස්තාලය වහනවා වගෙයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ  සූදානම ගොඩ නැගන්නේ කඩඉම් විභාගයකට ආසන්න වුනාමයි. ඒත් මුල පටන්ම සූදානමක් නැති දරුවාට විභාගය වෙනුවෙන් ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීම එතරම් පහසු නැහැ. අම්මා තාත්තා දරුවාගේ නොහැකියාව හදුනාගන්නෙත් එතකොටයි. එතැන් පටන් අම්මා තාත්තා වගේම දරුවාත් පීඩාවට පත් වෙනවා වගේම දරුවා වෙනුවෙන් රටේ තිබෙන විශේෂණ පදත් මදි වෙන තරමටම අපහාස බොහොමයි.

ඒත්…වැරැදුන තැනදී පසුතැවිලි වෙනවාට වඩා දරුවාට වැරදෙන්නේ ඇයි යන තැන දෙමව්පියන් නැවතුනොත් මේ අසහනකාරී වාතාවරනයෙන් ‍දරුවන් සහ මව්පියන්ගේ පීඩනයට නැවතීමේ තිත තබන්න පුළුවන්. අලුත් අවුරුදදේ හාපුරා කියල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දෙන සම්මාදම ඔබටත් ආරම්භ කරන්න දැන් කාලය ඇවිත්.

අලුත් පංතියේ පරිසරය ගැන දැනගන්න

පරිසර සාධක දරුවන්ගේ අධ්‍යාපනයට බෙහෙවින්ම බලපානවා. ඉගෙණුම වෙනුවෙන් වූ හිතකර පරිසර සාධක නොමැති තැනදි දරුවන්ගේ පසුගාමි බවක් ඇති වෙනවා. එදා අධ්‍යාපනය වෙනුවෙන් තිබුන ගස් කොළං යට බංකු තබා ගෙන හීල් සුලං සමග අකුරු කියවපු කාලය අද දරුවන්ට නැහැ. ඒ වෙනුවෙන් තිබෙන්නේ කොන්ක්‍රිට් බිත්ති වලින් වටවුන පංති කාමර පමණයි. මේ පංතියේ වුනත් තිබෙන උණුහුම, ශබ්ද වැනි පරිසර සාධක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බාධාකාරී විය හැකියි. ඒ නිසා අලුත් පංතියට ගිය දරුවාගෙන් ඔබට මේ ගැන අසා දැන ගත හැකියි. වාරය ආරම්භයේදීම දරුවාට තිබෙන බාධාවන් ගැන දැනගත් විට දෙමව්පිය හමුවේදී ඒ ගැන සදහන් කිරීමෙන් දරුවාගේ අධ්‍යාපනයට ගැලපෙන පරිසර තත්වයන් ගොඩ නගා දීමට දායක වීම අපහසුවක් නැහැ.

පංතිභාර ගුරුවරයා හදුනාගන්න

අලුත් පංතියකට ගිය දරුවාගේ අධ්‍යාපන කටයුතු ගැන දැනගැනීමට ඔහුගේ ගුරුභවතුන්ගේ සහයෝගය ඔබට ඉතා අවශ්‍ය වේ. ප්‍රාථමික වයසේ දරුවන්ගේ පණිවිඩ සන්නිවේදනය ඇතැම් අවස්ථාවල ඉතා දුර්වල මට්ටමක පවතී. එවන් අවස්ථාවන්හිදි පංතිභාර ගුරුවරයා සමග දෙම්පියන්ගේ සම්බන්ධතාවයක් ඇත්තේ නම් අදාල තොරතුරු ඉතා පහසුවෙන් දැන ගැනීමට හැකියාව ලැබේ. මෙය ගුරුවරුන්ගේ පුද්ගලික ජීවිතයට බාධාවක් වන ලෙසින් අනවශ්‍ය කරදරයක් නොවන පරිදි ඔබේ දරුවාගේ ඉගෙණුම් කාර්යට  අදාල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් සීමා කර ගන්න.

දරුවාගේ විෂය නිර්දේශය හඳුනා ගන්න

දරුවාගේ අධ්‍යාපනයේ සියලු කටයුතු පාසලට පමණක් පවරා මව්පියන් නිශ්ශබ්ද විය යුතු නැත. ඒ වෙනුවෙන් මව්පියන්ගේද නොමද සහයෝගය ලබා දීම ඉතා වැදගත් වේ. මේ තත්වය වඩාත් බලපාන්නේ ප්‍රාථමික පංතිවල ඉගෙණුම ලබන දරුවන් සඳහාය. ඔවුන්ට අවශ්‍යතාවයන් ගැන සන්නිවේදනය ලබා දීමේ දුර්වලතාවයන් පවතී. මේ නිසා දරුවාගේ විෂය නිර්දේශය ගැන දෙමව්පියන්ද දැණුවත්ම සිටීම ඉතා වැදගත්ය. මේ වෙනුවෙන් අදාල විෂය නිර්දේශ දැන් ජාතික අධ්‍යාපන ආයතනය වෙතින් ලබා ගැනීමේ පහසුකම් පවතී. විෂය නිර්දේශය ගැන මව්පියන්ද දැණුවත්ව සිටින විට දරුවාගේ පනිවිඩයට අදාල සංකල්ප මව්පියන්ට ඉතාම පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව ලැබේ. ප්‍රාථමික පරිසර පාඩම් වෙනුවෙන් විවිධ ඉගෙනුම් උපකරණ තැනීමට ඇති අවස්තාවන්හිදී දරුවා නිවසට ගෙනෙන්නේ අමුතුම පනිවිඩයකි. අද දරුවන්ට පරිසරය ගැන ඇති නොදැනුවත්කමත් ඊට හේතුවක්ව ඇත. එහෙත්…විෂය නිර්දේශය මව්පියන් සතුව ඇති විට දරුවා කියන පටලැවිලි කතාව මව්පියන්ට බේරුම් කර ගැනීම අපහසු නැත. එපමණක් නොව දරුවාගේ පාඩමට අදාල ඉගෙණුම් උපකරණ ආදිය පහසුවෙන් සපයා දෙන නිසා දරුවා පංතියේදී පසුගාමී නොවන තැනට ඉතා පහසුවෙන් යොමු කර ගැනීමේ වාසනාව මව්පියන් විසින් උපයා ගනු ඇත.

අපහසුතාවයන් හදුනා ගන්න

අලුත් පංතියක අලුත් වාරයක් ආරම්භයේ පටන්ම දරුවාට තිබෙන අධ්‍යාපන දුෂ්කරතාවයන් ගැන අවධානයෙන් සිටින විට නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කඩන තැනට කිසිම දිනක පත්වන්නේ නැත. නිතරම දරුවාගෙන් ඔවුන්ට ඇති දුෂ්කරතාවයන් ගැන විමසා සිටින්න. අදාල පාඩම් ගැන ඇති පැමිණිලිවලට විසඳුම් වෙනුවෙන් ඒ සඳහා උපකාර වීම ඉතා වැදගත්ය. මුල් පාඩම් වෙතින් දරුවා මග හැරුන විට පසුව ඇති පාඩම් ඔවුන්ට වඩාත් දුෂ්කර වෙනු ඇත. එවිට අධ්‍යාපනය යනු ඉතා කටුක අත්දැකීමක්ය යන තැනට දරුවා පත්වුවහොත් ඔහු එතැනින් ගොඩ ගැනීම එතරම් පහසු නැත. මේ නිසා අලුත් වාරයේ ආරම්භයේ පටන්ම ඔවුන්ට තිබෙන අධ්‍යාපන දුෂ්කරතාවයන් ගැන විමසිමෙන් සහ අවධානයෙන් සිටිමට මව්පියන් වශයෙන් ඔබගේ දායකත්වය ලබා දීම ඉතා වැදගත් වේ.

පංතියේ වැඩකටයුතු වෙනුවෙන් දක්වන අවධානය

දරුවන් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්වොත්සාහයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක් නොවේ. අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ට ලබා දෙන උත්තේජන විසින් එය මෙහෙයවනු ලැබේ. මේ නිසා අපි වියදම් කරනවා…පොත් පත් අරගෙන දෙනවා…අපිට හැකි උපරිම සැප ලබා දෙනවා යන සිතුවිල්ලෙන් නතර විය යුතු නැත. දරුවා දක්වන උනන්දුව ගැන තක්සේරුවක් මව්පියන්ටද තිබීම ඉතා වැදගත් වේ. පංතියේ වැඩ කටයුතු වෙනුවෙන් දක්වන උනන්දුව, පොත් පත් පෙන්වීම, ගෙදර වැඩ සම්පූර්ණ කිරීම යන සියල්ලම වෙනුවෙන් මව්පියන්ගේ පසුවිපරම ඉතා වැදගත් වේ.

ධනාත්මකව සිතන්නට සැලසීම

බොහෝ දරුවන්ගේ මානසික පසුබැස්මට බලපාන්නේ දෙමව්පියන්ගේ ක්‍රියාකලාපයන්ය.තමාගේ දරුවා අදක්ෂයෙක් වුනත් ඒ වෙනුවට ඔහුට හැකියාවක් තිබෙන බව ඒත්තු ගන්වන්න.අලුත් වාරය ආරම්භයේදී ඒ සඳහා පරිසරය මැනවින් සකසා ගත හැකිය.

අලුත් පංතියේදී පුතා හොඳට වැඩ කරනවා…දැන් ඔයාට හොඳට වැඩ පුලුවන් යනුවෙන් ධනාත්මකව සිතන්නට දරුවාට ඉඩ දෙන්න. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වාට ඇතැම් දරුවන් බාල කාලයේ ඉතා දුර්වලයන් වුනත් පසු කලෙක ඔවුන් අති විශිෂ්ට හැකියාවන් පෙන්වා ඇත.තෝමස් අල්වා එඩිසන් පසු කලෙක විද්‍යාඥයෙකු වුනත් පංතියේ ඉතා කරදරකාරී දරුවෙක් වි. දිනක් ඔහුගේ ගුරුවරයා මවට ලිපියක් එවා තිබුනේ ඔබේ බල්ලා ගෙදර බැඳගනින්…කියාය. එහෙත් අම්මා පුංචි එඩිසන්ට ඒ බව කීවේ නැත සර් මොකද කියලා තියෙන්නේ පුතා විමසූ විට අම්මා කිව්වේ පුත් බොහොම දක්ෂ නිසා ගෙදරට ගුරුවරයෙක් ගෙන්වා උගන්වන්න යැයි ගුරුතුමා දන්වා එවු බවයි.මව‍ විසින් පුතුට ලබා දුන් ධනාත්මකබව නිසාම ඔහු පසුව ලෝකයට එක් වූයේ විද්‍යාඥයෙකු ලෙසින්ය.

ආශිර්වාද ලබා දෙන්න

අලුත් වසරේ අලුත් පංතියට යන දරුවාට ඔබ කුමන ආගමක වුනත් අදාල ආගමික සෙත් හාන්ති සමග ආශිර්වාද ලබා දෙන්න. එය නව වසරේ දරුවා වෙනුවෙන් ගොඩ නගන ප්‍රබල ආත්ම ශක්තියයි.

ජනවාරි 1 වෙනිදා වස විස නැති සහලෙන් කිරිබත් පිසිමු

කෘෂිකර්මාන්තයේදී වල් මර්දනය, බිම් සැකසීම, බෝග වගාව, පළදාව වැඩිකිරීම, අස්වනු පොලිෂ් කිරීම, ඉදවීම සහ කල්තබා ගැනීම යනාදී කටයුතු වෙනුවෙන් භාවිත කරන අධික කෘෂිරසායන මිනිසාගේ සෞක්‍ය තත්වය බිඳ දමන සහ ජීවිතය මාරාන්තික තත්වයට පත් කරන බව කවුරුත් දන්නා කරුණකි.

වැරදි ආහාර රටා සහ අප විසින් ආහාර ලෙස ගනු ලබන අහිතකර විස කාරක හේතුවෙන් බෝනොවන රෝග රාශියක් සමාජයේ හිස ඔසවා ඇති අතර මේ මගින් වාර්ෂිකව මිය යන ජනයා ඇති විශාල අගයක් ගනී.
මේ වන විට කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් පමණක් ලක්ෂයක පමණ පිරිසක් පීඩා විඳින අතර ඉන් විසිඅටදහසක් (28000) දෙනා මියයගාස් ඇත.

එසේම සෑම වසරකදීම පිළිකා රෝගීන් විසිපන්දහසක් (25000) දෙනා ජීවිතක්ෂයට පත්වන අතර පහළොස්දහසක් (15000) දෙනා අලුතෙන් රෝහල් වල ලියාපදිංචි වෙති.

අනෙකුත් බෝනොවන රෝග සේ ගැනෙන දියවැඩියාව, හර්දයාබාධ, අධි රුධිර පීඩනය ගබ්සා මළ දරු උපත්, ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලින්ද තවත් සැලකියයුතු පිරිසක් පීඩාවිඳි. නැතයහාත් මරණයට පත් වෙයි.

මේ තත්වය සැලකිල්ලට ගෙන ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රකාශ කළ පරිදි තිරසාර කෘෂිකාර්මික වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රටේ කෘෂිකර්මාන්තය වස විසෙන් තොර කිරීමේ ජාතික වැඩසටහන දැන් ක්‍රියාවට නැගේ.

ධාර්මික ගොවිතැනක්, නීරෝගී ජනතාවක්, වස විස නැති රටක් මැයෙන් ක්‍රියාවට නැගෙන මෙම පාරිසරික ගොවිතැන් සංකල්පයෙන් කෘෂිකර්මාන්තය ඔස්සේ නිරෝගී ජනතාවක් බිහිකිරීම අපේක්ෂා කරන බැවින්

එළඹෙන ජනවාරි මස පළමුවැනිදා
අපේ නිවසේ ඉදෙන කිරිබත
වස විස නැති සහලෙන් පිස
එළඹෙන 2017 වසරට ආශිර්වාද පතා වස විස නැති ආහාර රටාවක් සඳහා යලිත් නිවසෙන්ම ආහාරඅනුභවයට එක් වන ලෙස සියලු ලක් වැසියන්යගන් ඉල්ලා සිටින වගයි.

ජනාධිපති කාර්යාලයේ වස විස නැති රටක් ජාතික වැඩසටහනේ පණිවිඩයකි.

කිරි දෙන මවට පොත පතේ නැති වටිනා කියන උපදෙස් 7ක්

දස මසක් පුරා ස්වභාවික රැුකවරණය යටතේ ඉතා සුරක්‍ෂිතව මවගේ කුස තුළ වැඩුණු කිරි කැටියා ආදරයේ උණුසුම මැද කිරෙන් පෝෂණය කිරීම අම්මාගේ වගකීමයි. එය සොබාදහම තුළින්ම කිරි කැටියාට හිමි වූ අයිතිවාසිකමකි. මව්කිරිවල පෝෂණය, මව්කිරි දීමේ වැදගත්කම, මව්කිරි දීමේ ඉරියව් පිළිබ`ද නිරන්තරයෙන් ඔබේ අවධානය යොමු වුවත් මෙන්න මේ කරුණු ඔබට මගහැරෙන්නට ඇති. කිරි දෙන මවක වන ඔබේ අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු වෙනත් කරුණු සහ ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය පිලිබඳ දැනුවත් වෙමු.

මවගේ ඇඳුම් පැළඳුම්

මවගේ ඇඳුම කිසිවිටෙකත් දරුවාගේ කිරි උරා බීමට බාධාවක් නොවිය යුතුය. ඒ සඳහා ඔබ නිසිදු විටෙක ටී ෂර්ට් හෝ ඉදිරිපස විවෘත නොකළ ඇඳුම් තෝරාගැනීම නුසුදුසුය. මන්ද ටී ෂර්ට් එක කිරි දීමට උඩට එසවූ විට එය දරුවාගේ මුහුණට වැටේ. දරුවාට කිරි දෙන විට පියයුර එක් අතකින් අල්වා ගෙන කිරි දීම කළ යුතු වුවත් මෙවැනි තත්ත්වයකදී නිසි ආකාරයෙන් කිරි දීම සිදු කිරීමට නොහැකි වේ. එය දරුවාට හොඳින් කිරි උරා බීමට බාධාවකි. ඔබේ ඇඳුම ඉදිරිපස විවෘත විය යුතු වන්නේ මේ නිසාය. අම්මාගේ ඇඳුමේ ඉදිරිපසින් අගල් 6 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විවෘත විය යුතුය. එමගින්, මවගේත් දරුවාගේත් සම එකිනෙක ගැටී මවත් දරුවාත් අතර බැඳීමට වර්ධනය වන අතරම කිරි නිෂ්පාදනයට ද එය රුකුලක් වනු ඇත. එබැවින් කිරි දෙන මවක් ලෙස ඔබ විලාසිතාවන්ට වඩා දරුවාට නිසි පෝෂණය ලබාදීම පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතුය.

මවගේ ආභරණ

මවගේ ගෙලෙහි දෑතෙහි අතැඟිලි වල ආභරණ ඉවත් කරන්නට ඔබට මේ කාලය තුළ කල්පනා කළ යුතුයි. ඔබේ ගෙලේ ඇති මාලයේ රැඳවුණු පෙණ්ඩනය දරුවාගේ මුහුණේ හෝ වෙනත් ස්ථානයක වැදෙන්නට ඉඩ ඇත. අලූත උපන් කිරිකැටියෙකු කොයිතරම් නම් සුයුමැලි ද යන්න ඔබ නොදන්නා කරුණක් නොවේ. ඔබේ ගෙලේ ඇති මාලයේ ළදරුවාගේ අත පැටලූණහොත් අත ගැනීමට වෙර දරන අවස්ථාවේදී වුවද යම් තුවාලයක් සිදුවීමේ අවධානමක් පවතී. එසේම ඔබ දරුවා වඩා ගැනීමේදී ඇඟිල්ලේ ඇති මුදුව දරුවාගේ සිරුරට තද විය හැකිය. උත්තරීතර මව්පදවිය උරුම වූ නුඹේ රුව වැඩි කරන වටිනාම අභරණය දැන් ඔබ සතුය. ඔබ තුරුලේ සැනසී කිරි උරා බොන්නේ ඔබ විසින්ම නිමවා මෙලොවට කැන්දන් ආ ඒ ලොව උතුම්ම වස්තුවයි. ඉතින් ඔබ ඒ පිළිබ`දව සිතන්න.

ෆීඩින් බ‍්‍රා

ළදරුවා සමග රෝහලට යාමේදී හෝ වෙනත් අත්‍යවශ්‍ය ගමනක් යාමේදී ඔබට ෆීඩින් බ‍්‍රා පාවිච්චිය නිසා උපරිම පහසුව සලසා ගත හැකි වුවත් සෑම මොහොතකම එය භාවිතයට හුරු නොවන්න. නිවසේදී ඔබ ළදරුවාට කිරි ලබා දෙන සෑම අවස්ථාවේදීම සම්පූර්ණ පියයුර පිටතට ගෙන දරුවාගේත් ඔබේ සමට සම ස්පර්ශ වන ආකාරයෙන් කිරි දීමටයි වඩාත් උචිත වන්නේ. ඒ ස්පර්ශය හේතුවෙන් ළදරුවා සහ මව අතර බැඳීම වර්ධනය වනවා පමණක් නොව දරුවා මවගේ උණුසුම විඳිමින් හොඳින් කිරි උරා බීමටද එය හේතුවක් වේ.

කොණ්ඩා මෝස්තරය

කාන්තාවකගේ සුන්දරත්වය, ප‍්‍රියමනාප බව මවක් වීමෙන් පසුද එලෙසම පවත්වාගෙන යාම ඉතාම වැදගත්ය. සුන්දර බව වර්ධනය කරගැනීම සඳහා යොදා ගනු ලබන කොණ්ඩා මෝස්තරය ද මෙහිදී විශේෂ වේ. කිරි දෙන මවකගේ කොණ්ඩා මෝස්තරය නිසා හිසකේ බිලිඳාගේ මුහුණු මතට වැටීම කිසිදු විටෙක සිදු නොවිය යුතුය. සැමවිටම හිසකෙස් හොඳින් එකතු කර විසිරී නොයන පරිදි සකස් කර ගනිමින් ළදරුවාට බාධාවක් නොවන අයුරින් සැරසීමට මවක් වන ඔබ සැලකිලිමත් වන්න.

මවගේ ජංගම දුරකථනය

ළදරුවා කිරි බොන අවස්ථාවේදී දරුවා කෙරෙහිම අවධානය තබාගැනීම ඉතා වැදගත් වේ. මවගේ අවධානය වෙනතකට යොමු වූ බව දැණුන කළ ළදරුවා කිරි බීම නවතයි. කිරි දෙන විට මවගේ ඇස් දරුවා දෙසටම යොමු වී තිබීම වැදගත් වන අතර විටින් විට දුරකථනය නාද වීමත් ඔබ එම ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට යාමත් කිරි බොන ළදරුවාට විශාල බාධාවකි. දස මසක් පූරා අපමණ අපහසුතා වි`ද වේදනාවන් දහසක් මැද කිරිකැටියා මොලොවට බිහි කළ ඔබට දරුවා වෙනුවෙන් සුළු මොහොතකට දුරකථනය විසන්ධි කොට තැබීම එතරම් අපහසු කටයුත්කත් විය හැකිද?

නියමිත වේලාවට ළදරුවාගේ කිරි වේල ලබාදෙන්න

නියමිත වේලාවට කිරි වේල ලබාදීම නිසි පරිදි සැලසුම් නොකළහොත් ළදරුවාට දිනකට ලබා දිය යුතු කිරි වේල් ගණන මග හැරී යනු ඇත. එනිසා ඔබ දරුවා වෙත යා යුත්තේ කිරි දිය යුතු වේලාවට පැය භාගයකට පමණ පෙරය. මන්ද සමහරවිට දරුවා මුත‍්‍රා හෝ මල පිට කර තිබෙන්නට පුළුවන. ඒවා පිරිසිදු කර, ළදරුවා දෑතට ගෙන සිප වැළද, සුරතල් කර තුරුළට ගන්නට කල් වේලා තබාගැනීම අවශ්‍යය. අන්න ඒ නිසාම දරුවාගේ කිරි වේලට පැය භාගයකට පමණ පෙර දරුවා වෙතට ළංවිය යුතුය. එසේම මව යමක් පායන කළ යුත්තේ කිරි දීමට පැය දෙකකට පමණ පෙරය. එනම් එක් කිරි වේලක් අවසන් වූ වහාය. ළදරුවාගේ ඊලග කිරි වේල සඳහා ඔබ හොඳින් සූදානම් වීම සඳහා එය වැදගත් වන අතරම පහසු පුටුවක වාඩිවී ළදරුවාට කිරි දීම වඩාත් සුදුසු වේ.

මවගේ පිරිසිදු කම

මවගේ පිරිසිදුකම දරුවා විෂබීජවලින් ආරක්‍ෂා කිරීමට හේතුවක් වන නිසාම දිනපතා උදේ සවස මව පිරිසිදු වීම ඉතා වැදගත් වේ. එසේම ඔබේ ඇඳුමද පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුය.

මෙම ක‍්‍රියාවන් නිසි පරිදි අනුගමනය කිරීම තුළින් මවට වඩා හොඳින් කිරි දීමට හැකියාව ලැබේ. ළදරුවාට අවශ්‍ය පමණට කිරි නිපදවීමට නොහැකි වීම බොහොමයක් මව්වරුන්ට මුහුණපාන්නට සිදුවන ගැටලූවක් වන අතරම ඉහත කරුණු ද ඒ සඳහා හේතු විය හැකිය. ඔබ මේ කරුණු පිළිබඳව සැළකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසාය. එමගින් සිදුවිය හැකි අපහසුතා මගහරවයි. කෙසේ වෙතත් තම දරුවාට මව්කිරි ලබාදීමේදී එය වඩාත් සුදුසු අයුරින් ඉටු කිරීමට මවක් ලෙස වගකීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ඔබත් ළදරුවාත් අතර වූ ආදර බැඳීම දිනෙන් දින වර්ධනය වනු නොඅනුමානය.

ප‍්‍රතිශක්තිකරණය හා සම්බන්ධ මේ කරුණු පිළිබඳව මව්වරුන් දැනුවත් විය යුතුමයි

අප අවට පරිසරයෙන් එහෙමත් නැතිනම් රෝගී පුද්ගලයෙකුගෙන් යම් විෂබීජයක් අපේ සිරුරට ඇතුළු වූ විට සිරුර තුළ ඇති විශේෂිත ෙසෙල මගින් ඊට එරෙහිව සිදුකරන යම් ප‍්‍රතික‍්‍රියාවක් හේතුවෙන් රෝගය බෝවීම වලක්වා විෂබීජය විනාෂ කරදැමීමේ ක‍්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ප‍්‍රතිශක්තිකරණය ලෙසයි. එදිනෙදා ජීවිතයේදී මේ ආකාරයට විෂබීජ සිය දහසක් අපේ සිරුරු තුළට ඇතුළු වුවද විෂබීජ සමග සටන් වැදී රෝගය පරාජය කිරීමේ හැකියාව සෑම නිරෝගී පුද්ගලයෙකුම සතුය. රෝග වැළ`දීමේ අවධානම පවතින්නේ යම්හෙයකින් සිරුරට ඇතුළු වන විෂබීජ ප‍්‍රමාණය අධික වීම හේතුවෙනි. ප‍්‍රතිශක්තිකරණය ස`දහා සිරුරට පිටත් අවශ්‍ය එන්නත් ලබාදීම අවශ්‍ය වන්නේ මෙවැනි තත්ත්වයන්හිදී රෝගවලින් වැළකී සිටීමටයි. එන්නත් කරනු ලබන ප‍්‍රතිදේහජනක සහ සිරුර තුළ ස්වභාවිකව පවතින ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් ෙසෙල අතර ඇතිවන ගැටීම හේතුවෙන් සිරුරේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව වැඩි වන අතරම ඉන් පසු කාලයකදී රෝගකාරක විෂබීජයක් ශරීරයට ඇතුළු වූවාට රෝගය වැළදීමේ හැකියාවක් නොමැත. ප‍්‍රතිශක්තිකරණ එන්නත් මගින් එනම්, රෝග තත්වය ඇතිකිරීමට හැකියාවක් නොමැති ප‍්‍රතිදේහජනක සිරුර තුළට එන්නත් කිරීම මගින් අධික ලෙස විෂබීජ සිරුරට ඇතුළු වූ අවස්ථාවන්හිදී සිරුර තුළ රෝගය පාලනය කිරීමට අවශ්‍ය වටපිටාව සකසයි.

දරුවන්ට එන්නත් ලබා දෙන්න සුදුසු නුසුදුසු අවස්ථා මොනවාද?

දරුවාට උණක් සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළදුණත් ඇතැම් මව්වරුන් එන්නත් ලබාදීම ප‍්‍රමාද කරනවා. නමුත් ඔබ මතක තබාගත යුතු මූලික කරුණක් වන්නේ රජයේ සායනයෙන් හෝ පෞද්ගලික අංශයෙන් හෝ වේවා දරුවෙකුහට එන්නත් ලබාදීමට ප‍්‍රථම ඔබේ දරුවා සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයෙකුගේ පරීක්‍ෂාවට ලක් වෙනවා. යම් හේතුවක් මත දරුවා එන්නත් ලබාගැනීමට නුසුදුසු තත්ත්වයේ සිටිනවා නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව ඔබට දැනුම් දෙනවා. කුඩා දරුවන්ට නිතර වැලදෙන, ඒවගේම සුව වීමටත් යම් කාලයක් ගත වෙන සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග තත්ත්ව මත දරුවන්ට එන්නත් ලබා දීම ප‍්‍රමාද කිරීම ඉතා අනුවණ ක‍්‍රියවක් වන අතරම, දරුවාගේ නිරෝගී පැවැත්ම පිළිබ`දව සිතා බැලීමේදී විශාල අසාධාරණයක් වනු ඇත. එවැනි සුළු රෝග තත්ත්ව පැවතුනද දරුවා සාමන්‍ය පරිදි ක‍්‍රියාකාරකම්වල යෙදෙමින් සිටිනවා නම් එන්නත් ලබා දීම කිසිසේ්ත් ප‍්‍රමාද කළ යුතු නොවේ. මව්වරුන් අනවශ්‍ය බිය නිසා තම තනි මතයට ලබාගන්නා මෙවැනි තීරණ හේතුවෙන් එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග තත්ත්ව නිසා දරුවන්ගේ ජීවිත අවදානම් තත්ත්වයන් කෙරේ ඇද වැටීමට ඉඩ ඇත.

දරුවන්ට එන්නත් ලබාදෙන්න, මව්වරුන් බිය විය යුතුද?

ශ‍්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන සියලූ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති පද්ධතියට අනුකූල ප‍්‍රමිතිය යටතේ පවතීද යන්න පිළිබ`දව ජාතික ඹෟෂධ පාලන අධිකාරියේ ඒ සම්බන්ධව පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂාවට ලක්කෙරෙන අතරම අපේ ජාතික ප‍්‍රමිතිය ලෙස සැලකෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමිතියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමිතියට අනුකූල නැති එන්නත් කිසිවිටකත් ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම සිදුනොවේ.
උපතේ සිටම දරුවන්ට එන්නත් ලබාදීම රජයේ සායන සහ රෝහල් මගින් වගේම පෞද්ගලික අංශයේ රෝහල් හා වෛද්‍යවරුන් හරහා සිදුකෙරෙනවා. අපේ රට තුළ මේ සෑම ස්ථානයකදීම ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැති ලද එන්නත් පමණක් නිසා කුමන ස්ථානයකින් ලබාගත්තද එහි කිසිදු හානියක් ඇති නොවේ. නමුත් ඒ සඳහා සැමවිටම විශ්වාසවන්ත, වැඩි වශයෙන් එන්නත් අලෙවි වන රෝහලක්/සායනයක් කරා යොමුවීම ඉතා වැදගත්ය. එන්නත් සැමවිටම ශීත දාමය රැුකෙන පරිදි ගබඩා කර තැබීම ඉතා වැදගත් වන අතරම අවම වශයෙන් දිනකට දෙවරක් ශීතකරණයේ උෂ්ණත්වය සටහන් කිරීම රෝහල් සහ සායන හරහා සිදුවිය යුතු අනිවාර්ය කටයුත්තකි.
එන්නත් ලබාගැනීමේදී එය ලබාගන්නා ස්ථානය, ප‍්‍රමිතිය පමණක් නොව, නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට එන්නත් කිරීමේ නියම ක‍්‍රම අනුගමනය කිරීම බොහොම වැදගත්. උදාහරණ ලෙස ත‍්‍රිත්ව එන්නත අන්තර්පේශීව ලබා දේ. නමුත් එම් එම් ආර්, පැපොළ වැනි එන්නත් ලබාදෙන්නේ අධෂ්චර්මීයවයි. මෙසේ ලබාදෙන එක් එක් එන්නත සඳහා යොදාගන්නා සිරින්ජරය මෙන්ම ඉඳිකටුවද වෙනස් විය හැකියි. ඒ පිළිබඳව හොඳ දැනුමක් වෛද්‍යවරයා සතුවිය යුතුයි.
පුළුල් ප‍්‍රතිශක්ති වැඩපිළිවෙළට ඇතුළත් නොවන ඇතැම් එන්නත් වර්ග අද වන විට පෞද්ගලික අංශය මගින් රෝහල් මගින් ලබා දෙන අතරම රැුකියාවල නියුතු ඇතැම් මව්වරුන්ට රජයේ සායන වෙත ගොස් රැු`දී සිටීමට කාලය අවම නිසා ඔවුන් බොහෝවිට තම දරුවන්ට අවශ්‍ය සියලූම එන්නත් බලාගන්නේ පෞද්ගලික අංශයෙනි.
රජයේ සායනය හෝ පෞද්ගලික අංශයේ රෝහල මගින් හෝ එන්නතක් ලබා දුන් පසු එහි කල්ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය, එන්නත ලබා දුන් දිනය, ලබාදුන් ස්ථානය, ලබාදුන්නේ කවුරුන් විසින්ද සහ තව මාත‍්‍රා ලබාදිය යුතු නම් නැවත පැමිණිය යුතු දිනය සඳහන් කර තිබේදැයි පරීක්‍ෂා කරන්න. එය අත්‍යවශ්‍ය කරුණක් වන්නේ යම්හෙයකින් අතුරු ආබාධයක් ඇති වූ අවස්ථාවක මේ කරුණු ඉතා වැදගත් වන බැවිනි. එසේම වැදගත් වන අනෙක් කරුණ වන්නේ එන්නත් ලබාදීමෙන් අනතුරුව යම් අතුරු ආබාධ තත්ත්වයක් ඇති වුවහොත් එන්නත ලබාගත් සායනය/රෝහල හෝ වෛද්‍යවරයා වෙත දැනුම් දීමයි. එමගින් ඔබට අවශ්‍ය නිසි වෛද්‍ය උපදෙස් කරා යොමු විය හැකිය.
නිරෝගිමත් දරුපරපුරක් දැයට දායාද කරන්නට සැරසෙන දැයේ නැණවත් මව්වරුන් වන ඔබ බෝවන රෝග රැුසකින් දරුවන්ගේ ජීවිත රැුකගැනීම ස`දහා පළපුරුදු නිසි වෛද්‍ය උපදෙස් සමගින් විශ්වාසවන්ත රෝහල/සායන හරහා ඔබේ දරුවාට අවශ්‍ය එන්නත් අදාල කාල සීමාවේදී ලබාදෙන්නට කටයුතු කරන්න.

එන්නත් සහ වෛරස රෝග විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න 
මහත්මිය සමග කරන ලද සාකච්චාවක් ඇසුරෙනි.

අලුත් පාසල්වාරයට පොත් පත් අරගෙන දුන්නාටමත් මදි…

අලුත් පාසල්වාරය පටන් ගන්නාවාත් සමග අලුත් පොත්පත් ගැන දරුවන්ගේ උනන්දුව ඇති වෙනවා. මේ පොත් පත් අලුත් විදිහට ලස්සනට පිලියෙළ කර දීමට අම්මා , තාත්තා ඇත්තටම උනන්දු වීම අවශ්‍යයි.

සල්ලි විය පැහැදම් කරල පොත්පත් අරං දීලා දැන් ඉතිං අපේ වගකීම අවසානයි… කියල අම්මා තාත්තාට හිත සැහැල්ලු කරගන්න බැහැ. පොත් පත් කවර දාලා ලස්සන කරන වගකීමත් මව්පියන්ට ලබා දීම අවශයයි. යමක් කර කියා ගන්න දරුවන් විෂයෙහි නම් මේ ගැන ඇත්තටම වද විය යුතු නැහැ. ඒත් පුංචි පංතිවල සිටින දරුවන්ගේ පොත් පත් ලස්සනට කවර දාලා , නම් , ලියලා , පින්තූර අලවලා ලස්සන විදිහට සකස් කර දුන්නොත් දරුවන් තුළ ඉගෙන ගැනීමේ උනන්දුව වර්ධනය කිරීමටත් පුලුවන්.

පොත්පත් කවර දමන අවස්ථාවලදී දරුවන්ද ඒ සඳහා සම්බන්ධ කර ගන්න. එවිට මේ මගේ පොත්ය යන සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වෙනු ඇත. ඔවුන්ද මෙම පොත් පත් ස්පර්ශ කරනු ඇත. එහි නැවුම් සුවඳ  ආඝ්‍රනය කරන්නේ නොදැනුවත්මය. ආහාර පිසින විට වහනය වෙන සුවඳ ආහාර වෙනුවෙන් රුචිය ඇති වීමට නොදැනම හේතු වෙන්නා සේම, පොත් පත් වෙතින් වහනය වෙන මෙම නැවුම් සුවඳත් දරුවා පොත් පත් සමග බද්ධ වීමට නොදැනම හේතු වෙනවා.

පොත් පත් ඉතා ආකර්ශනීය විදිහට සකස් කිරීම නිසාත් දරුවා සහ පොත් පත් අතර සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. වගකීමෙන් මිදෙන්නට පොත් පත් මිළට ගැනීමට වඩා මේ පොත් ඉතා ආකර්ශණීය විදිහට සකසා දෙන්න. පොත් කඩමාලු විදිහට අපිරිසිදු වූ විට ඉගෙණුම වෙනුවෙන් තිබෙන උනන්දුව හීන වෙන බව ඇත්ත. සැබෑ ලෙසින් පොතට ආදරය කරන දරුවෙක් ඔහුගේ පොත් පත් පරිශීලනයෙන්ම හඳුනා ගත හැකියි. මේ නිසා ඔබ දරුවාගේ පොත් පත් ඉතාම ආකර්ශණීය විදිහට සකසා දෙන්න. එම අවස්ථාවට දරුවන්ද සම්බන්ධ කර ගන්න. පොත් පත් වල නම් ලියන විට සම්පූර්ණ නාමයම සටහන් කරන්න. ඇතැම් අවස්ථාවල පංතියේ එකම නමින් දරුවන් කිහිප දෙනකු සිටින නිසා ඔබේ දරුවාගේ අන්‍යතාවය ඔහුටද තේරුම් යන සේ ලියා ඒ බව ඔවුන්ට පෙන්වා දෙන්න.

ඇතැම් දරුවන් තමන්ගේ පොත පත පවා  අඳුනන්නේ නැත.ඊට හේතුව මේ සියල්ල මව්පියන් විසින් ඉටු කර දීමයි. නොදරුවන්ට එසේ උදව් කිරීම වරදක් නොමැති වුනත් දරුවන් මෙම කටයුතු වෙනුවෙන් සහසම්බන්ධ කර ගන්න. තවත් දෙමව්පියන් දරුවන්ටම මෙම කටයුතුවල වගකීම පවරා ඔවුන් නිදහස් වෙනු ඇත. එහෙත් දරුවන්ගේ කටයුතු තුළ යම් යම් දුෂ්කර අවස්ථාවන් ඇති වේ. එවිට ඔබගේ උදව් උපකාර දරුවන්ට අවශ්‍ය වේ. එසේ නොමැති විට ඔබ මිළට ගත් කවර , ඉටිකවර ආදිය නිකරුනේ නාස්ති වෙනු ඇත. මේ නිසා පොත් ලස්සන කරන විට තනිවම නොව වැඩිහිටියන්ගේ අධීක්ෂනයත් අවශ්‍ය වෙන  බව දරුවන්ටත් සඳහන් කරන්න. අම්මා..තාත්තා එසේ නැත්නම් පවුලේ වැඩිමහල්ලෙක් හෝ සමග මෙම කටයුතු කරන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

පොත්පත්වල අලවන පින්තූර ගැනත් කල්පනාකාරී වෙන්න. නිතරම දරුවාගේ මනසට ගෝචර පින්තූර තෝරා ගන්න. ආගමික පොත්පත් වල අලවන පින්තූර සඳහා ඔ‍බ අදහන ආගමට සම්බන්ධ පින්තූර තෝරා ගන්න. ඇතැම් මව්පියන් දරුවන්ගේ පොත්පත්වල අලවන පින්තූරවල අදහස විටෙක දරුවන් පවා මව්පියන්ද නොදන්නවා ඇත.

පොත් පත් කවර දමන විට පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වර්ණ සංකේතයක් භාවිතා කරන්න. එයින් දරුවාට එම පොත් පත් පහසුවෙන් හඳුනාගත හැකි වේ. උදාහරණයක් ලෙස කිවහොත් පරිසරයට ඔබ කොළ පැහැය තෝරා ගත්තේ නම් පෙළ පොත, සටහන් පොත, වැඩපොත ආදි සියල්ලටම කොළ පැහැය දමන්න. ගණිතයට රතු පැහැය තෝරා ගත්තේ නම් එහිද පෙළ පොත, වැඩපොත, ගණිත අභ්‍යාස ආදි පොත් කට්ටලයම රතු පැහැති කවර වලින් සරසන්න. එවිට ඉතාම පහසුවෙන් දරුවාට අදාල එක්ක එක් විෂයට සම්බන්ධ පොත් පත් හ ුනා ගත හැකියි. නැත්නම් අදාල පොත් පත් හඳුනා ගැනීමේ අපහසුව නිසාම බොහෝ පොත් පත් පාසලට ගෙන යෑමේ අතපසුවීම්වලින් දරුවා අපහසුතාවයට පත් වෙනු ඇත. මේ අන්දමේ වර්ණ රටාවක් අනුගමනය කළ විට එම අපහසුතාවයෙන් දරුවා ඉතාම පහසුවෙන් මුදවා ගත හැක.

වසරක් ආරම්භයේදී මේ අන්දමින් ඉතාම අලංකාර ලෙසින් සනසා දෙන ලද පොත් පත් වසර අවසාන වෙන තෙක්ම ඉතාම ලස්සනට තබා ගත යුතු බවට දරුවාට උපදෙස් ලබා දෙන්න. එවිට ඔවුන්ද ඒ ගැන උනන්දු වෙනු ඇත. ඇතැම් දරුවන්ගේ පොත් පත් ඉතා අපිරිසිදුය. අප්‍රවේසම්සහිතය. මෙම බොහෝ වැරැදි නිවරැදි කර ගැනීමට දැන් අවස්ථාව සලසා ගත හැක. මහනුවර සියඹලාගස්තැන්න සුබසාධක සමිතිය මගින් මීට වසර කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් විය. එහිදී හොඳින් පොත් පත් පාවිච්චි කරන ගමේ දරුවන් තෝරා ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනමන ක්‍රමයක් ක්‍රියාත්මක විය එහිදි හොඳම පොත් පරිහරනය කරන දරුවන් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයක් පවා පත් කරන ලදී. ඒ නිසාම ඉතාම අපිලිවෙලට පොත් පත් පරිහරනය කරන ලද දරුවන් මේ ක්‍රමයෙන් තමන්ට ත්‍යාග ලබා ගැනීම සඳහා ඇති උනන්දුව තුළ ඉතා පිළිවෙළට පොත් පත් පරිහරනය කරන පිරිසක් බවට පත් වුයේ ඔවුන්ද නොදැනුවත්මය.

මෙම සමිතිය විසින් විනිශ්චය මණ්ඩලය වෙත ලබා දුන් නිර්ණායකයන් අතර පොත් පත් පිරිසිදුව තබා ගැනීමට අමතරව නිවරැදිබව, විෂය භාර ගුරුවරයාගේ අත්සන සහ පොත් පත් පෙන්වීම පිලිබඳ සහතිකය සහ වැඩකොටස්වල සම්පූර්ණ කිරීම වැනි කරුණුද ඇතුලත් විය. ඒ නිසාම දරුවන් පොතේ පත් වල වැඩ අසම්පූර්ණයි….යන සටහන යොදා ගැනීම වෙනුවට තරු ලකුණු සහ හොඳයි යන සහතිකයෙන් පොත් පත් පුරවා ගත්හ.

අම්මා තාත්තා ලෙස ඔබත්  දරුවන්ට මේ ගැන අවධාරනයෙන්ම සඳහන් කළ යුතුය. බොහෝ දරුවන්ගේ එතම පිලිතුර ටීච පොත බැලුවේ නැහැ යන්නයි. ඇත්ත එය නොවේ…දරුවා අදාල කාලච්ඡේදයේ වැඩ සම්පූර්ණ නොකර පොත නොපෙන්වා සිටීමයි.දරුවාගේ පොත් පත් දිනය අවසානයේ පරීක්ෂා කර බලන්න. පොත නොපෙන්වා ඇත්නම් ඒ ගැන විමසා සිටින්න. දිගින් දිගට මේ තත්වය ඇත්තේ නම් පංති රැස්විමේදී ඒ පිලිබඳව විමසා සිටීමට මව්පියන් ලෙස ඔබට අයිතියක් ඇත. දරුවන් නිතරම තමා නිදොස් බව කිව්වත් ඔබත් ඒ ගැන පසුවිපරමේ යෙදෙන්න. එවිට දරුවන්ගේ සදොස් තැන් වෙතොත් නිදොස් කර ගැනීම එතරම් අපහසු නැත

අලුත් අවුරුද්ද දරුවන්ටත් අලුත් විය යුතුයි

අලුත් අවුරුද්දක් ලබන විට දරුවන් සතුටු කළ යුත්තේ තෑගි බෝග සහ ඇදුම් පැළඳුම් ලබා දීමෙන් පමණක්ම නොවෙයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හැඩ වැඩ ගැනෙන විට ඇති වෙන ප්‍රබෝධය සමග දරුවන්ගේ ජීවිතයේ සැබෑම වෙනසක් කිරීමට ඇවැසි පරිසරය නොදැනම නිර්මානය වෙනවා.කාලය මනින ඒකකයක් විදිහට අවුරුදු ගෙවුනත් පවුලක් සහ දරුවන් මුල් කර ගෙන අලුත් විදිහට හිතන්න වගේම ජීවිතයේ හැරවුම් ලක්ෂ ගොඩ නගා ගැනීමට අලුත් අවුරුද්දක ආරම්භය ඉතාම වැදගත්.

දරුවන් වෙනුවෙන් මොන අලුත් අරමුණුද….? පුංචි අය ළග ලොකු අරමුණු නැතැයි විටෙක ඔබ තීරණය කරනු ඇති. එහෙත් පුංචි හිත්වලත් පුංචිවට හෝ අරමුණු ගොඩ නැගීම ඉතා වැදගත්. හැම දෙනෙකුටම ජීවිතයේ කිසියම් හීනයක් අවශ්‍යයි. මේ හීන මුල් කර ගෙන තමන්ගේ ජීවිතය හැසිරවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ සාමාන්‍ය කටයුත්ත ඉතාම ඵලදායක විදිහට ඉදිරියට ගෙන යෑමට අලුත් අවුරුද්ද ඉතාම හොඳ කඩඉමක් බව අමතක කළ යුතු නැහැ.

අවුරුද්දක් එලැ‍ඹෙන විට දරුවන්ගේ අලුත් අරමුණු ගැන විමසා සිටින්න ඔබට අයිතියක් තිබෙනවා. ඒ විදිහට ඔබ දරුවන් සමග සාකච්ඡා කරන විට ජීවිතය කියන්නේ හුස්ම ගන්නවා විතරක් නොවන බව ඔවුන්ටත් තේරුම් යනවා. ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන්ට ඔබ අලුත් ඉලක්ක ගැන අදහස් ලබා දිය හැකියි.මේ අවුරුද්දේ පංතියේ හෝ විභාගවලින් ජයග්‍රහනය කළ යුතු බව ඔවුන්ට පෙන්වා දෙන්න. එහිදී තමා තුළ තිබෙන වගකීම දරුවාගේ හිතට ඉතා තදින්ම ඒත්තු ගැනෙනු ඇත.

බලාපොරොත්තු ගොඩ නගා ගත් පමණටම ඒවායේ සාර්ථකත්වය නොලැබෙන බවත් දරුවාට වටහා දෙන්න. මෙම බලාපොරොත්තු වෙනුවෙන් යොමු විය යුත්තේ කෙසේද ගැනත් දරුවන්ට මග පෙන්වා දෙන්න. ඒ වෙනුවෙන් කාලය බෙදා ගෙන මනසට හා ජීවිතයට වෙහෙසක් නොදැනෙන ලෙසින් කටයුතු කරන අන්දමත් ඉතා සැහැල්ලුවෙන් සිටින මගත් පෙන්වා දෙන්න.කාලය ඉතා වැදගත් බව දරුවන්ට කාරුණිකව පෙන්වා දෙන්න. කාලය කා දමන්නා කාළකන්නියා වුනත් එම වචනයෙන් දරුවන්ට ආමන්ත්‍රනය නොකොට කාලය නැවත ලබා ගැනීමට අපහසු බැව් හදවතට දැනෙන සේ පෙන්වා දෙන්න.

විටෙක ඔබ ගිය වසරේ දරුවන් වෙනුවෙන් ලබා දුන් ඉලක්ක තිබෙන්නට පුලුවනි. එම ඉලක්ක මොන තරම් දුරට සාර්ථක වුයේද බව ඔවුන් සමග සාකච්ඡා කරන්න. යම් තැනකදී ඒවායේ අසාර්ථක වීම්, අතපසුවීම් තිබිය හැක. එවිට එම පසුබෑම් වෙනුවෙන් බලපාන ලද හේතු සාධක බොහෝ තිබෙන්නට හැක. එම හේතු සාධක දරුවාට පෙන්වා දී ඒ වෙනුවෙන් එලැඹුන වසරේ කටයුතු ගලපා ගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන්ම විමසා දැන ගත හැකියි. උදාහරනයක් ලෙස පසුගිය වසරේ ඇතැම් විෂයන්ට ඉලක්ක කළ සාධන මට්ටම නොලැබෙන්නට පුළුවන. ඊට හේතු ලෙසින් පාසලේ යම් යම් විෂය කාලච්ඡේද වෙනුවෙන් දරුවාට සහභාගී වීමට අපොහොසත්කම් තිබෙන්නට ඇත. පාසල් නොයෑම, වෙනත් පුද්ගලික හේතු වැනි විවිධ කරුණු තුළ මෙම පසුබෑම ඇති වූයේ නම් මේ වසරේදී එම අතපසුවීම් මග හැරෙන ලෙසින් කටයුතු කළ බව දරුවා සමග වූ සාකච්ඡාවන් මගින්ම පෙන්වා දිය හැකියි.

ජීවත්වෙන විට අපි අතින් දැන මෙන්ම නොදැන සිදු වෙන වැරැදි බොහෝ ඇත. එහෙත් එකම වැරැද්ද නැවත නැවත කළ යුතු නැත. වැරැදි අවම වන සේ අධිෂ්ඨන ගොඩ නගා ගත හැකි හොද අවස්ථාව අලුත් අවුරුද්දක එළැඹුමයි. එතැනින් ලබන ආරම්භයේ පටන් ලබන නව වසරේදී දරුවා කොතෙක් දුරට නිවරැදි වූයේද යන්න පිළිබඳව තක්සේරුව ලබා දමට හොදම කඩඉම ලෙසින් අලුත් වසරක ආරම්භය සැලකිය හැක.

ගෙවුන වසරේ ඔබේ දරුවන්ගෙන් බොහෝ වැරැදි සිදුව තිබෙන්නට පුළුවන. මෙම වැරැදි වෙනුවෙන් ඔබ දඬුවම් පවා ලබා දෙන්නට ඇත. ඔවුන්ට නැවතත් මෙම වැරැදි නොවන්නට හැසිරෙන අන්දම පෙන්වා දෙන්න.වැරැද්දට ලැබෙන සමාව සමග ජිවිතය අලුතින් ගොඩ නගා ගැනීමට අවශ්‍ය ධෛර්ය සහ සහයෝගයන් දරුවා ශක්තිමත් කරන්න. හෝද හෝද මඩේ දමන්නා සේ නිරන්තරව දරුවාට චෝදනා කිරීමට වඩා ඔහු යහමගට ගැනීමේ තිරනාත්මක අවස්ථාවක් අලුත් අවුරුද්ද සමග එළැඹුන බව පෙන්වා දෙන්න.

අලුත් අවුරුද්දේ අලුත් දවස අලුත් විදිහට ආරම්භ කිරීමට අවශ්‍ය පරසරය දරුවාට සලසා දෙන්න. නිවස පිරිසිදු කිරීම් , අලුත් ඇ දුම් සමගම මානසිකවත් නැවුම් බවක් ගොඩනගන්න. මේ වෙනුවෙන් අ‍ාගමික පරිසරය ඉතා වැදගත් වේ. ඔබේ ආගම කුමක් වුනත් අදාල ආගමික සිද්ධස්ථානයක් වෙත දරුවන් සමග යන්න. ඔවුන්ගේ මනසට යහපත් සිතුවිලි ඇතුලත් කරන්න. හැකි තරම් ආශිර්වාද එක් කරන්න. අද වැඩිහිටියන්ට අලුත් වසරක ආරම්භයේදී පන්සල, පල්ලිය කෝවිල අමතක වෙනු ඇත. අම්මා මෙම ආගමික ස්ථාන වෙත දරුවන් සමග ගියත් පියපාර්ශවයන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතී. ඔවුන් අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ අල්ලන්නේ වෙනත් ක්‍රමයකටය. එම හැසිරීම දරුවන් වෙනුවෙන් හොද ආදර්ශයක් නොවන බවත් අපි අමතක කළ යුතු නැත.මේ නිසා දරුවන්ගේ හිතට නැගෙන්නේද අලුත් අවුරුද්ද යනුවෙනදාට වඩා හොදින් කන බොන දිනයක් මිස එයින් ඔබ්බට වෙනත් කිසිදු විශේෂත්වයක් නොමැති බවයි.

ආශිර්වාද යනු වචන කිහිපයක් ඇතුලත් වගන්තියක් පමණක් යැයි නොසිතන්න. ඔබ යමෙකුට සුබ පතන විට මෙන්ම ඔබට කෙනෙු සුබ පතන විට සිතට ඇති වෙන හෘදයංගම බව නිසා මනස පිරිසිදු වෙනවා පමණක් නොව අලුත් වසර වෙනුවෙන් සුබවාදී සිතුවිලි ඔබේ දරුවාගේ හිතට ඇතුලු වේ. වචන වලද අපි නොදකින බලයක් ඇත. ඒ නිසා ආශිර්වාද වෙනුවෙන් දරුවා වඩාත් සම්බන්ධ කරන්න. මව්පියන් පමණක් නොව පවුලේ සමීප වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලබා දෙන්න. අද මේ තත්වය ඉතාම දුරස් වන රටාවක් ගොඩ නැගෙමින් පවතී. ජංගම දුරකථනයෙන් ලැබෙන කෙටි පණිවඩය මිස මව්පියන්ගේ ‍හා වැඩිහිටියන්ගේ පා නැමැද ලබන ආහිර්වාදයන් නොමැති තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහෙමින් පවතී. මේ නිසා පවුලේ වැඩිහිටියන්ද දරුවන් සහ දරුවන්ගේ දරුවන් ඔවුන්වෙත ආශිර්වාද ලබා ගනු රිසිව පැමැනීම ඉතා ආශාවෙන් අපේක්ෂා කරති. එයින් ඔවුන්ගේ හිත්වලටද මහත් ආහ්වාදයක් ඇති වේ. මෙම ආශ්වාදය පෙරලා ආශිර්වාදයක් බවට පත්ව ඔබේ  දරුවන්ගේ ජීවිතයට වාසනාව උදා කරනු ඇත.