ක්‍රියාශීලි බව අඩු දරුවන් පසුකාලීනව මුහුනපාන ගැටලු මොනවාද ?

ක්‍රියාශීලි බව අඩු දරුවන් පසුකාලීනව මුහුනපාන ගැටලු මොනවාද ? ක්‍රියාශීලි බව කියන්නේ වයස් භේදයකින් තොරව අපේ ජීවිතයට අත්යනවශ්යද කාරණයක්. ඔබේ දරුවාට හැමවිටම පාසැල් වැඩ කටයුතුවලට පමණක් නියැලෙන ඇඟ වෙහෙසා කිසිත් නොකරන දරුවෙක් නම් මේ දැනුවත් කිරීම ඔබටයි.

කසුනි චන්දිමා මහත්මිය-භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

දිනෙන් දින වැඩෙන දරු පැටියාගේ ක්‍රියාකාරිත්වය හොදින් නිරීක්ෂණය කළ යුත්තේ ඇයි?

අලුත උපන් පුංචි පැටියාගේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවාගේ යම් වෙනසක් තියෙනවා නම් අපිට ඒ ගැන අවබෝධ වෙන්නේ යම් කාලයක් ගත වුණාට පස්සේ. ඒත් මුල සිටම තත්ත්වය හඳුනා වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් උපදෙස් ගන්න පුළුවන් කියන්නේ පොරවෙන් නැතිව නියපොත්තෙන් ගැටලුව ඉවර කරගන්න පුළුවන් කියන එක. ඒ නිසාම අපි දැනුවත් වෙමු.

කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

නුඹ දුවක වුනත්…නුඹ පුතෙකු වුනත් මට රජපැටියෙක්..

දරුවන් කියන්නේ පවුලකට සම්පතක්.ඒ නිසා දරුවන් ගැන කිව්වාම අපට දුව, පුතා යැයි වෙනසක් නැහැ. කවුරුත් දරුවෝ. ඒත් අපේ සමාජයේ දරුවන් වෙනුවෙන් බර තැබීමේ සංකල්පයන් අතීතයේ පටන්ම සමාජගත වී තිබෙනවා. නමුත් මල් වගේ පුංචි දරුපැටවුන් ගැන ඒ විදිහට ලංසු තැබීම සාධාරනද…?

දරුවන් මුල් කර ගෙන අපේ ඇති පිලිගැනීම්..

පවුලක කොල්ලෙක් නැත්නම් හයියක් නැහැ.ඇත්තු වගේ පුත්තු පවුලක වටිනාකම ගොඩ නගනවා. ඒ වගේම තමයි දුවක් නැති ගෙදරක් එළිය නැහැ.ඒ නිසා රුව ඇති දුවයි..කට ඇති පුතයි ඉන්නවා නම් ඒ පවුල වාසනාවන්තයි.

ඉතින් මේ විදිහට නොලැබෙනවානම්..

දරුවන්ගේ ලිංග භේදයන් තීරණය වෙන්නේ මව සහ පියාගේ වර්ණදේහ අනුවයි.ස්ත්‍රි ඩිම්බයක ඇත්තේ X වර්ගයේ වර්ණදේහ යුගලයක්. ඒ කියන්නේ XX විදිහටයි. පිරිමියෙකුගේ X සහ Y යනුවෙන් වර්ණදේහ යුගලක් ඇති අතර සංසේචනය සිදු වෙන විට එකතු වෙන වර්ණදේහ අනුව දරුවාගේ ලිංග භේදය තීරණය වෙනවා. ඒ අනුව අම්මාගේ X වර්ගයේ වර්ණදේහය පියාගේ Y වර්ණදේහය අනුව සම්බන්ධ වුනොත් පුතෙකුත්, දෙදෙනාගේම X වර්ගයේ වර්නදේහ සම්බන්ධ වුනොත් දුවකත් උපත ලබනවා.

පුත්තුන්ට ඇයි වැඩි වටිනාකම්..

පිරිමි දරුවන් යනු පරම්පරාව ගෙන යන වාහකයන්ය යන පිලිගැනීම නිසා ඔවුන් මුල් කර ගෙන වැඩි වටිනාකම් ගොඩ නැගී තිබෙනවා. එය අතීතයේ රජපෙළපත පවත්වා ගැනීමට පුතෙකුගේ අවශ්‍යතාවය වගේ මිනුමක්. මේ කතාව සාධාරණ කිරීමට වෙන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන් බව ඇත්ත. පිරිමි දරුවන්ගේ සම්මාදම දරුවෙකුගේ නිර්මානයට අවශ්‍යයි.. නමුත් මුලින් සඳහන් කළ ජීවවිද්‍යාත්මක සංසිද්ධියට අනුව කිසිම විටෙක  XY වර්ණදේහ හමු නොවුනොත් ඇත්තටම පුතෙක් යනු සිහිනයක් වෙන්න පුලුවනි.

දුවලාම හිටියොත් පවුලට බරක්ලු..

ගැහැණු දරුවන් මුල් කර ගෙන සමාජගත බලපෑම කොතරම්ද කියනවා නම් ඉන්දියාව වැනි සමාජයන්හි ගැහැණු දරු කලල විනාශ කිරීමට තරම් තත්වය ඉතාම සාහසිකයි.විශේෂයෙන් දායාද පිලිබඳ ප්‍රශ්න නිසා මේ තත්වය ඇති වුනත් ගැහැණු දරුවා වුනත් හොදින් හදා වඩා ගෙන ලෝකයට බරක් නැතුව සිටින ලෙස හැඩ ගැස්වූ විට දියණියත් බරක් වීමට කිසිම හේතුවක් නැහැ.

හාපුරා කියල ලැබෙන දරු පැටියා …

අපේ අම්මලා ප්‍රථම දරු උපතට සූදානම් වෙන්නේ බොහොම උනන්දුවෙන්.හාපුරා කියල ලැබෙන දරු පැටියා දුවක වුනත් පුතෙකු වුනත් බොහොම සතුටින් බාර ගැනීමට ඔවුන් සූදානම්.

පවුලක් වුනොත් දරුවන් දෙන්නෙක්වත් එපායැ..

ඔව් එක් දරු සංකල්පය ගැන නවතින්නේ නැතුව දෙවැනි දරුවා වෙනුවෙන් සූදානම් වීමේදී කුලුදුලේ ලැබුනේ දුවක නම් දෙවනුව පුතෙක්ද, පුතෙක් සිටිනවා නම් මේ වතාවේ දුවක් ලැබෙන්න යැයි ප්‍රාර්ථනාව හැම දෙමව්පියෙකුටම සාධාරණයි.ඇත්තටම අපි හිතන පතන දේ ඒ අන්දමින්ම සිදු වෙනවා නම් මෙච්චර ගැටලුවක් තිබෙනවායැ.ප්‍රාර්ථනා නොකළ අන්දමින් දෙවැනියාත් පුතෙකු හෝ දුවක වුනොත් එතැනදීම යම් කඩා වැටීමක් ඇති වෙනවා.

කමක් නෑ…තවත් වතාවක්..

දරුවන් දෙදෙනෙකු සිටියත් තුන්වැනියටවත් තමා අපේක්ෂා කරන දුව හෝ පුතා ලබා ගැනීමේ උත්සාහය ආරම්භ කරනවා.බාරහාර වැනි විවිධ මානසික සෙත් ශාන්ති මගින් පවා ආරක්ෂාව ආශිර්වාදය ලබා ගෙන දරුවා ගැන බලාපොරොත්තු දෑස් දල්වාගෙන හිටියත් තුන්වැනියත් පුතෙකු හෝ දුවක වුනොත් දැඩි සේ කම්පාවට පත්වෙන දෙමව්පියන් අපේ සමාජයේ සිටිනවා. සමහර අම්මලා සුතිකාගාරයේදී පටන්ම තමාගේ අකමැත්ත පෙන්වමින් හඩන්න පටන් ගන්නවා.නමුත් කිසිදු විටෙක එය සිදු විය යුතු නැහැ. මේ ඔබේම ලෙයින් මසින් උපන් දුව හෝ පුතා බැවින් ආදරයෙන් පිලිගැනීම විනා හඩා දොඩා වැලපීම කිසිසේත්ම ඵලදායක නොවේ.

අනුන්ගේ කතා අපට කිසිසේත්ම වැඩක් නැත.

දුව ,පුතා පිළිබඳ ප්‍රහ්නය බොහෝ විට දෙමව්පියන්ට එතරම් ගැටළුවක් නැතැත් එයින් කම්පා වෙන්නේ වෙනත් පුද්ගලයන්ය.

අනේ ඉතිං දුවක් නැතුව වයසට ගියාම කවුද ඉතින් තෙල් බේත් ටිකවත් ගාන්නේ…

අඩුම ගානේ මිනියට කර ගහන්නවත් පුතෙක් එපායැ..

ඔබේ අනාගතය ගැන ඔබට නැති කම්පාවක් ඇත්තේ ඔවුන්ටය. මේ අන්දමින් අනේ අපොයි කියනවාටත් වඩා දරුණු ලෙසින් පසර දෙන අවස්ථාවන්ද නැතුවා නොවේ.

අයියෝ…තවම බැරි වුනානේ කොල්ලෙක් /කෙල්ලක් හදන්න..

පවුලක ඇති මේ අඩුපාඩුව දෙස බලමින් එය සදය ලෙසින් උපහාසයට පත් කරන නෑ හිත  මිතුරන් නිසා ඉතා දැඩි ලෙසින් කම්පාවට පත් වෙන දෙමව්පියන් සිටිති. ඒවා සෘජු ලෙසින් එල්ල වෙන්නේ තම බිරිද හෝ සැමියා වෙතය.තවත් විටෙක සැමියාගේ නෑදෑ පාර්ශවයන්ගේ දෝෂ දර්ශනයන්ද ඉවසා ගත නොහැකි තරම් දරුණු විය හැක.

පුතාගෙන් පස්සේ අපේ පරම්පරාව ගෙනියන්න එකෙක් නැහැ. කෝ ඉතින් කෙල්ලෝ මිසක අපේ ලේලිට බැරි වුනානේ කොල්ලෙක් හදන්න.

මෙවැනි සියුම් අවලාද නිසා පවුල් සංස්ථාවන් පවා කඩා ඉහිරෙන අවස්ථාවන් අපේ සමාජයෙන් අඩුවක් නැතුව අසන්නට ලැබේ.

නමුත් ඔබ මෙසේ හිතන්න..

ඔබේ පවුලට යම් ලෙසකින් දුවක නැත්නම් ඔබේ පුතුන් ඉතා යහපත්ව ගුණධර්මයන්ගෙන් පෝෂණය කොට හදා වඩා ගන්න.කවදා හෝ දිනක ඔවුන්ගේ සහකාරියන් ඔබේ නිවස ආලෝකවත් කරාවි. මලක් නැති මිදුලක් තුළ දැන් යස අගේට මල් පිපේවි.ඇය ඔබේ කුසෙන් වැදූ දියණිය නොවුනත් ඇය ඔබේ පුතුගේ සහකාරියයි.ඔබ අද ඇයට ආදරයෙන් සංග්‍රහ කළ විට අනාගතයේදී ඇය ඔබේ දු තනතුරට පත් වේවි.

ඔබට පුතෙකු අද නැති වුනත් දුක් නොවන්න.ඔබේ දූ කුමාරිය අනාගතයේදී පවුලට ඇතෙකු සේ හයියක් ඇති පුතෙකුගේ ආශ්‍රය ලබා දෙනු ඇත. ඔහු දුවගේ සහකරු පමණක් නොව ඔබේ පවුලේ ශක්තිය බවට පත් වෙනු ඇත.

ඒ නිසා තුන්වැනියත් පුතෙකු ,දුවක වුනත් ඔබ නොතැවෙන්න.ඔහු හෝ ඇය ඔබට රජපැටියෙකි.මේ රජපැටියා මතු දිනකදී ඔබේ නිවසට කුමාරයෙක් හෝ කුමාරියෙක් කැදවා ගෙන එනු ඇත.

 

 

දිනෙන් දින වැඩෙන දරු පැටියාගේ ක්‍රියාකාරිත්වය හොදින් නිරීක්ෂණය කළ යුත්තේ ඇයි?

කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

අලුත උපන් පුංචි පැටියාගේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවාගේ යම් වෙනසක් තියෙනවා නම් අපිට ඒ ගැන අවබෝධ වෙන්නේ යම් කාලයක් ගත වුණාට පස්සේ. ඒත් මුල සිටම තත්ත්වය හඳුනා වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් උපදෙස් ගන්න පුළුවන් කියන්නේ පොරවෙන් නැතිව නියපොත්තෙන් ගැටලුව ඉවර කරගන්න පුළුවන් කියන එක. ඒ නිසාම අපි දැනුවත් වෙමු.

වාචික හිංසනයෙන් පීඩාවට පත් දරුවන්

දරුවන් කියන්නේ මල් වගේ බොහොම මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති අහිංසක පිරිසක්. නමුත් මේ මල් කැකුළුවලටත් අපේ වැඩිහිටියන්ගෙන් සිදු වෙන විවිධ අපයෝජනයන් ගැන කතා කරද්දී මුලටම පැමිණෙන්නේ ශාරිරික සහ ලිංගික අපයෝජනය ගැනයි. ඒ ගැන වැඩි අවධානයක් දැක්වුවත් ඔබේම දරුවා ඔබ විසින්ම වාචික හිංසනයටත්  පත් කරන බැව් සමහර විට ඔබටත් නොතේරෙනවා ඇති.

වාචික හිංසනය කියන්නේ…

වාචික හිංසනයයේදී වැඩිහිටියන්ගෙන් ලැබෙන දරුණු වචන නිසා දරුවන් වඩාත් පීඩාවට පත් වෙන්න පුලුවනි. මේ අන්දමින් දරුවන් වාචික හිංසනය පත් වෙන ස්ථාන ගැන අපට සීමා කරන්න බැහැ.

  • සම වයස් කණ්ඩායම්
  • අසල්වැසියන්
  • පංතිය
  • පාසල

මෙ වැනි සමාජයේ දරුවන් ගැවසෙන ඕනෑම තැනකදී දරුවන් වාචික හිංසනයට පත් වීමට පුලුවනි.

සමවයස් කණ්ඩායම් අතරදී..

දරුවන්ගේ ඇති ශාරිරික දුර්වලතාවයන්, එහෙම නැත්නම් පවුලේ ඇති පෞද්ගලික ප්‍රශ්න නිසා සමවයස් කණ්ඩායම් අතර ඔබේ දරුවා වාචික හිංසනයට පත් වීමට ඉඩ තිබෙනවා.පවුලේ පියා මත්පැන්වලට හෝ වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව සිටින විට සමවයස් කණ්ඩායම් විසින් ”ඔයාගේ තාත්තා බේබද්දෙක්…යැයි දරුවාට නිග්‍රහ කිරීමට තිබෙන අවස්ථාවන් ගැන අමතක කළ යුතු නැහැ. එය සැබැවින්ම දරුවාගේ වරදක් නොව දෙමව්පියන් විසින් ඔවුන්ගේ හැඩගැසීමේ වරදකි.එමෙන්ම මතට,දුම්පානයට යොමු වීම යනු පාලනය කළ නොහැකි පුරුද්දක්ද නොවන බැවින් පවුලක පියා යනු නිතරම අභිමානයෙන් ජීවත්විය යුතු චරිතයකි.එහෙත් පියාගේ හැසිරීම සමාජ දුරාචාරයන්ට යොමු වී තිබෙනවා නම් ඒ නිසා ඔබේ දරුවා සමවයස් කන්ඩායම් අතර දැඩි පීඩනයකට පත් විය හැකියි.

අසල්වැසියන් අතරදී…

අපි ප්‍රසිද්ධියේ මානව දයාව, දරුවන් ගැන සංවේදීතාවය ගැන කතා බහ කළත් බොහෝ විට දරුවෙක් ඉතා සුලු වරදක් කළ තැනදී පවා ඔවුන්ගේ පවුල් ඉතිහාසයම සම්බන්ධ කර ගෙන දොස් නගන අවස්ථාවන් බොහෝය.ඒ වගේම දරුවන් අතර ඇති වෙන පුංචි පුංචි රණ්ඩුවකදී පවා ඇතැම් වැඩිහිටියන් විසින් කතා කරන්නේ දරුවාගේ පවුල් ඉතිහාසයම එයට සම්බන්ධ කර ගෙනය.ඒත් දරුවෙකුගේ වරදක් ගැන ඔවුන්ට ඉතා හොදින් කරුණු කාරනා පහදා දීම මිස ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අග මුල සෙවීම කිසිසේත්ම සුදුසු නැත.

පංතිය..

පංතියකදී ඇතැම් ගුරුවරුන්ගෙන් පවා දරුවන් වාචික හිංසනයටපත් වෙන අවස්ථාවන් නැතුවාම නොවේ. පංතියේ පසුගාමී දරුවෙකු, එසේත් නැත්නම් දඩබ්බර දරුවෙකු දෙස ගුරුවරයාගේ පවා ඇත්තේ අප්‍රසාදයකි. බලන්න..ඔයාගේ හැටි..අම්මාට කියන්න ඔය කමිසයට බොත්තමක් අල්ලලා දෙන්න කියලා. ළමයි බලන්න මෙයා දිහා කොච්චර අපිරිසිදුද…?

ඇතැම් විට මේ අන්දමින් දරුවන් ප්‍රසිද්ධියේ අවමානයට පත් කිරීමත් එක්තරා ආකාරයක වාචික හිංසනයක් බැව් අමතක නොකල යුතුය.

මේ සියල්ල ඉවසා සිටියත්…ගෙදරදී සිදු වෙන වාචික හිංසනය නම්..

ඇත්ත..දරුවන්ට වුනත් බාහිර සමාජයෙන් ඇති වෙන අපහාස ,උපහාස මැදිහත් සිතකින් ඉවසා සිටිය හැක.ඊටහේතුව මෙම සමාජය සහ දරුවා අතර ඇත්තේ හදවතින්ම වූ බැදීමක් නොවේ. නමුත් දෙමව්පියන් විසින්ම දරුවන් වාචිකව හිංසනයට පත් කරන අවස්ථාවන් ගැන නම් ඔවුන්ට උපේක්ෂාවෙන් දරා සිටීම අපහසුය.

දෙමව්පියන් විසින් වාචික හිංසනයට පත් කරන අවස්ථාවන්..

දෙමව්පියන් විසින් තමාගේ දරුවන් වාචික හිංසනයටපත් කරන අවස්ථාවන් ඉතා සුලබව ඇත.ඒ වෙනුවෙන් බලපාන දෙමව්පියන්ගේ මානසික ගැටළුත් ඇත.

  • තරහ
  • ආවේග පාලනය කර ගැනීමේ අපහසසුතාවය
  • අමනාපය
  • දරුවාගේ වැරදි
  • ඉවසීමක් නැති වීම

මෙවැනි අවස්ථාවන්හි දෙමව්පියන් විසින් දරුවන්ට පවසන බස් ඔවුන්ට දරා ගැනීමත් අපහසු විය හැක. සමහර විට මෙතැන දරුවාගේ වරදක් නොව සැමියා සමග ඇති වුන පුංචි හිත් අමනාපයේ ආවේග පිට වෙන්නේ දරුවා පිටින්  විය හැක.එසේත් නැත්නම් දරුවාගේ යම් වරදක් නිසා ඇති වුන කෝපය දෙමව්පියන්ට පාලනය කර ගැනීම අපහසු විමත් සමග මෙවැනි කඩු කිනිසි තුඩු වැනි වචන පිටවීමට ඉඩ තිබේ.

”මගේ බඩට ආව දා ඉදන් වදේ..පවුලට වගතුගකුත් නෑ..එයාගේ දියුනුවකුත් නෑ..මට නම් දැන් ඇති වෙලා..දරුවෝ නොවෙයි,කොහේදෝ හිටිය සිරිකාලකණ්නියෙක්..”

මෙවැනි දරුණු වචනවලින් පුංචි දරුවෙකුගේ හදවතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැක.වැරැද්දක් වෙනුවෙන් කෝටුවකින් පහරක් දුන් විට එය ටිකවේලාවකින් නැති වුනත් වචනවලින් හිතකට දෙන දරුණු වේදනාව දරුවා සමග වැඩෙන්නට පුලුවන.

එහෙමනම් දරුවන්ට බනින්න දෙමව්පියන්ට අවසර  නැතිද..?

ඔබට කිසිම බාධාවක් නැත. දරුවාගේ වරදට දොස් කීමට පුර්ණ අවසරය ඇතැත් එහිදී යම් යම් සීමාවන් පනවා ගන්න.

මොනවද මේ සීමා

  • දරුවා සිදු කළ වරද
  • වරදට ගැලපෙන පරිදි පමණක් දොස් කීම
  • අතුරු සිදුවීම් සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නැත
  • මේ දරුවෙක් …ඔහුට දැරීමට හැකි සීමාව හදුනා ගැනීම

වාචික හිංසනයේ අවාසි..

ඉවක් බවක් නැතුව දරුවන් වාචසික හිංසනයට පත් කිරීම නිසා ඔවුන්ගේ ආත්මාභිමානයට දරුනු ලෙසින් හානි විය හැක. බාලකාලයේ පටන්ම තමා ගැන දෙමව්පියන් විසින් සිදු කරන අවතක්සේරුව නිසා සමාජයට මුහුණ දීමේ හැකියාව පවා අහිමි වී මුලුගැන්වෙන දරුවෙකුගේ චරිතයක් බවට ඔබේ දරුවා අනාගතයේදී පත් විය හැක.

වෛරය

බාලකාලයේදී තමා ගැන නගන ලද අපහායන් නිසා ඔහුගේ හිතේ වැඩිහිටියන් ගැන ඇත්තේ ආදරය නොව වෛරයකි.

මානසික හිස්බව

නිරන්තරවම දරුවාට එල්ල කරන මෙවැනි වාග්ප්‍රහාරයන් නිසා තමාගේ සුරක්ෂිතබවත් ඔහුට ගැටලුවකි. ඒ නිසා මට කවුරුත් ආදරේ නැත..යන මානසික හිස්කමින් දරුවා සදාකාලික පීඩාවට පත් වීමට ඉඩ ඇත.

දුර්වල පෞරෂයක්..

දරුවන්ගේ සුන්දර ළමාකාලයේදී ඔවුන්ට දරා ගත නොහැකි හිත් වේදනාවන් ඇති වෙන ඉහත ගති ලක්ෂණ දරුවා තුළ වගා වෙන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අනාගතයේදී දුර්වල පෞරෂ ගති පැවැතුම් ඇති  පුද්ගලයෙක් සමාජගත වීමයි.ඒ නිසා දෙමව්පියන්ගේ වාග්කෝසයේ ඕනෑ තරම් වචන තිබුනත් දරුවන්ට ඒ හැම වචනයකින්ම පහර දීම නම් නොකල යුතුම බැව් අමතක කරන්න එපා.

 

 

ඔටිසම් දරුවෙකුගේ චාලක හැකියා වර්ධනයට සුදුසු ව්‍යායාම ගැන දැනුවත්ද?

ඔටිසම් යන වචනය ඇසෙන විට අපේ මතකයට නැගෙන්නේ හැසිරීමේ, සංවේදනයේ, සමාජ සම්බන්ධතාවල සහ සිතිවිලිවල අසාමාන්‍යතා ඇති රෝග තත්ත්වයකි. නමුත් මේ රෝගය හා සබැඳුන ශාරීරික ක‍්‍රියාකාරකම් වල අසාමාන්‍යතාද දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් ඔටිසම් තත්ත්වයේ සිටින දරුවන්ගේ ප‍්‍රධාන චාලක කුසලාවයන් ලෙස සැලෙකන වාඩි වීම, දණගෑම සහ තනිව ඇවිදීම යන ක‍්‍රියාකාරකම් නියමිත කාල රාමුවට අනුකූලව සිදු කරනු ලැබුවත් සම වයසේ දරුවන් සමග සැසඳීමේදී එම ක‍්‍රියාකාරකම්වල ප‍්‍රවීණත්වය අඩු බවක් දක්නට ලැබිය හැකිය. මෙම මූලික ක‍්‍රියාකාරකම් පසුකාලීනව දරුවන් අත්කර ගන්නා දිවීම, උඩ පැනීම සහ තනි කකුලෙන් සිට ගැනීම වැනි ක‍්‍රියාකාරකම්වල මූලික පදනම වන අතරම මූලික ක්‍රියාකාරකම්ව යම් පසුබෑමක් පැවතීම පසුකාලීනව උසස් ශාරීරික ක‍්‍රියාකාරකම්වල (පාපන්දු, අත් පන්දු, Skipping, බයිසිකල් හෝ ට‍්‍රයිසිකල් පැදීම) නිපුණතාවයට බාධා ඇති විය හැකිය. මෙය දරුවාට සම වයසේ අන් දරුවන් හා මුසු වීමට බාධා ඇති කරන බැවින් දරුවාගේ සමස්ථ වර්ධනයට ද අහිතකර ලෙස බලපෑ හැකිය.

දරුවකු පහත ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳව වැඩිදුර අවධානය යොමු කිරීම වැදගත් වේ.

  • මූලික ශාරීරික ක‍්‍රියාකාරකම් වල ප‍්‍රමාද වීම

උදා: වාඩි වීම, දණ ගෑම, ඇවිදීම

  • පඩි පෙළක් නැගීමට සහ බැසීමට ඇති අපහසුතා. (දරුවා උස ස්ථානවලට ඇති අකමැත්ත නොවේ)
  • බෝලයක් ක‍්‍රමානුකූලව විසි කිරීම, ඇල්ලීම සහ පාදයෙන් පාලනය කිරීම අපහසු වීම.
  • උඩ පැනීම, තනි කකුලෙන් සිට ගැනීම, තනි කකුලෙන් පැන පැන යාම සහ Skipping පැනීමට අපහසු වීම.
  • සෙල්ලම් පිටියක ඇති ක‍්‍රීඩාවල නිරත වීමට ශාරීරිකව ඇතිවන අපහසුතා.
  • නව ශාරීරික ක‍්‍රියාකාරකමක් ඉගෙන ගැනීමට ඇති අපහසුතාව.
  • දිගු වේලාවක් එකම ඉරියව්වක වාඩිවී සිටීම.
  • අහිතකර වැරදි ඉරියව් හෝ අසාමාන්‍යය ඉරියව්.
  • නිතරම සමබරතාව නැතිව වැටෙන ස්වභාවය.
  • ඇඟිලි තුඩු වලින් ඇවිදීම.

ඔටිසම් දරුවන්ගේ ඉහත සඳහන් දුර්වලතා ඇති වීමට මේ කරුණු හේතු සාධක විය හැකිය.

  • මාංශ පේශීවල තානය අඩුවීම. (Law muscle tone)
  • ශාරීරික ක‍්‍රියාකාරකම් සංවිධානය කර ගැනීමේ දුර්වලතා.
  • මාංශ පේශීවල ශක්තිමත්භාවය අඩුවීම.
  • වැරදි ඉරියව්වල දීර්ඝ කාලයක් ශරීරය පවත්වා ගැනීම.
  • මාංශ පේශීවල හෝ සන්ධිවල ඇති තද ස්වභාවය.
  • සමබරතාවය රඳවාගැනීමට ඉගෙන ගත යුතු ශාරීරික ප‍්‍රතිචාරවල අඩු නිපුණත්වය.

ඔටිසම් දරුවන්ගේ මානසික සංකූලතා සමග මෙවැනි ශාරීරික ක‍්‍රියාකාරකම්වල ගැටලු මතු වූ විට ඔවුන් සමාජගත වීමේදී ඇති වන ප‍්‍රශ්නකාරී තත්ත්වය තවදුරටත් වැඩිවිය හැක. මේ සඳහා ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය ලෙස පළමුව ඔබේ දරුවාට ශාරීරික ගැටලුවක් ඇත්දැයි හඳුනාගැනීමට උත්සහ කරන්න. එසේ නම් සුදුසුකම්ලත් භෞතචිකිත්සක නිළධාරියකු හමුවී නිසි උපදෙස් ලබාගන්න. දරුවන්ගේ ප‍්‍රශ්න විවිධ වන බැවින් තනිව උපදෙස් ලබාගැනීම සුදුසුම පියවර වේ.

පොදුවේ ගත් කළ පහත සඳහන් ක‍්‍රියාකාරකම් ක්‍රීඩා ලෙස සැලසුම් කර දරුවා යොමු කිරීම මගින් සමබරතාවය, මාංශ පේශීවල ඇති ශක්තිමත්භාවය සහ සමායෝජනය වැනි ගැටලු අවමකර ගැනීමට හැකි වේ.

වයස අවුරුදු 1 – 2 අතර කුඩා දරුවන් සඳහා 

  • ඔංචිලි පැදීම
  • පොළව මත යම් කිසි දුර සීමාවක් ලකුණු කර එම දුර,
    • තරගයට දණ ගෑමට සැලැස්වීම
    • දණ බිම නොතබා අත්ල හා පාද තබමින් ගමන් (Bear walking)

ඇවිදීමට හැකි දරුවන්ට

  • පොළව මත සමාන්තර රේඛා දෙකක් සලකුණු කර ඒ මත ඇවිදීමට සැලැස්වීම

වයස අවුරුදු 2 – 4 අතර දරුවන් සඳහා

  • තනි ඉරක් මත ඇවිදීමට සැලැස්වීම (මෙය විවිධ රූප යොදා ඒ මත පාද තැබීමට සැලැස්වීම මගින් ද කළ හැක)
  • ඉහත ක‍්‍රියාකාරකමට දක්‍ෂ දරුවන්ට අඟල් 5 ක පමණ ලීයක් මත ඇවිදීමට සැලැස්විය හැකිය.
  • හාවකු මෙන් පැනීමට යොමු කිරීම (මෙය දරුවාට අනුකරණය කළ හැකි ආකාරයෙන් කර පෙන්විය යුතුය)
  • ඉබ්බකු මෙන් ඇවිදීමට සැලැස්වීම
  • ඉලක්කයට බෝලයක් යොමු කිරීම
  • දරුවා සමග බෝලයක් පාස් කිරීම සහ ඇල්ලීම

වයස අවුරුදු 4 ට වැඩි දරුවන් සඳහා

ඉහත ක‍්‍රියාකාරකම් වල දක්‍ෂතා ඇති දරුවන් වෙනුවෙන්,

  • උඩ පැනීම (Trampoline) වැනි උපකරණයක් භාවිතයෙන් හෝ කීප දෙනෙක් එකතුව අනුකරණය කිරීමට සැලැස්වීමෙන්
  • තනි කකුලෙන් පැනීමට සැලැස්වීම
  • අතින් හෝ පාදයෙන් බෝලයක් පාස් කිරීමට සැලැස්වීම (Football වැනි)

අවුරුදු 7 ට වැඩි දරුවන්ට

  • Skipping පැනීමට සැලැස්වීම
  • පොදුවේ ගත් කළ පහසුකම් ඇත්නම් පිහිනීම වැනි ක‍්‍රීඩා වලට දරුවා යොමු කිරීම වඩා යෝග්‍ය වේ.

ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වලට දරුවා යොමු වීමේ වයස් සීමාව ඔටිසම් රෝග තත්ත්වය අනුව වෙනස් විය හැකිය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ක‍්‍රමානුකූලව දරුවා ක‍්‍රියාශීලී දරුවකු බවට පත් කිරීමයි. මෙහිදී වඩාත් ඉවසීමෙන් හා සංයමයෙන් දරුවා ඒ සඳහා යොමු කිරීම වැදගත් වේ.

මෙම ක‍්‍රීඩා සඳහා යොමු කිරීමේදී ගැටලු ඇත්නම් සුදුසුකම් ලත් භෞතචිකිත්සක නිළධාරියෙකු හමු වී උපදෙස් ලබාගැනීම සුදුසුය.

 

ලිපිය සකස් කළේ කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞතචිකිත්සක නිළධාරී කසුනි චන්දිමා (BSc, Dp PT, B.PT) මහත්මිය විසිනි.

 

බෙල්ලේ, කොන්දේ වේදනාව ඔබේ දරුවාටත් පීඩාවක්ද?

ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා, ප්‍රධාන භෞතචිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල
ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන බොහොමයක් දරුවන් මේ බෙල්ලේ, කොන්දේ වේදනාව ගැන බොහොම අවස්ථාවල පැමිණිලි කරනවා. මෙවැනි වේදනාවන් නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධා ඇති වෙනවා. ඒත් මෙවැනි රෝග තත්ත්වවලට බහුල වශයෙන් හේතු වන්නේ මොනවාද කියා දැනුවත් වෙමු.

ගැබිනි මවට භෞතචිකිත්සක උපදෙස් අවශ්‍ය ඇයි?

ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා, ප්‍රධාන භෞතචිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

ගැබිනි සමයේ ඔබ බොහෝ අපහසුතාවලට මුහුණ දෙන බව අපි දන්නවා. නමුත් මේ අපහසුතා බොහොමයක් මගහරවා ගැනීම අපිට පුළුවන්. භෞතචිකිත්සාව ගැබිනි මවට අැති අපහසුතා මගහරවා ගන්න සහය වෙන්නේ මෙන්න මේ විදියට.

දරුවන්ට ෆිට් එක ඇති වෙන්නේ උණ වැඩි උනාමද?

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

සමහර මව්වරුන් දරුවන්ට උණ ඇති වුණාම බියට පත්වෙන්නේ ෆිට් එකට එයි කියලා. ඒ කියන්නේ උණ වැඩි වෙද්දී හැම දරුවෙකුටම ෆිට් ඇති වෙනවා කියන එකද? නැත්නම් සාමාන්‍යයෙන් ෆිට් ඇති දරුවෙක්ට උණ හැදුනම කොහොමත් ෆිට් ඇති වෙනවා කියන එකද කියලා අපි වෛද්‍ය තුමාගෙන් විමසුවා.

පුංචි පැටවුන්ටත් තරහ යන බව දන්නවා නේද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල තරහා කියන්නේ කාටත් පොදු හැඟීමක් වුණාට වැඩිහිටි අපිට වගේ පුංචි පැටවුන්ට ඒක පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තරහෙන් ඉන්න දරුවෙක් පාලනය කරගන්න අම්මලාට මේ උපදෙස් වැදගත් වේවි.

සිත සනුසුන් කරගන්න පුංචි පුංචි උපදෙස් ටිකක් කියන්නද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල

සිත එක අරමුණක රදවා ගැනීම සතුට පවත්වා ගැනීම වගේම සිත සන්සුන් කර ගැනීමට ඇති හැකියාවත් ජීවිතයේ සතුට පවත්වා ගැනීමට බොහොම වැදගත් වෙනවා. මෙන්න මේ උපදෙස් ඒ වෙනුවෙන් ඔබට වැඩගත් වේවී

කාන්සාව ගැන මේ කරුණු ඔබ දන්නවාද?

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල මානසික පීඩාවේ ප්‍රතිපලයක් විදියට කාන්සාව (Anxiety)හඳුන්වන්න පුළුවන්. කාන්සාව අපිට අපේ ජීවිත ගැන තියෙන ධනාත්මක ආකල්ප වෙනස් කරවන්නට හැකියාව ඇති තත්ත්වයක්. අන්න ඒ නිසාම කාන්සාවෙන් මිදෙන්න අපි උත්සාහ ගත යුතුයි.