දරුවන් එක්ක බැලිය හැකි ටෙලි නාට්‍ය හදුනා ගන්නේ කෙසේද?

0

අද වෙද්දී ටෙලිනාට්‍ය වෙලාවට අම්මලා බබාලා කවුරුත් රූපවාහිනය ඉස්සරහා. ඒත් දැන් දැන් විකාශය වෙන බොහොමයක් ටෙලි නාට්‍යවල ප්‍රේම ජවනිකා, ගහමරා ගැනීම්, ප්‍රශ්නවල ඉවරයක් නෑ. මේ වගේ කතා දරුවන්ගේ මනසට සුදුසුද? දරුවන් එක්ක එකට බැලිය හැකි ටෙලි නාට්‍ය අපි හදුන ගන්නේ මෙන්න මෙහෙමයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

ලිංගික අපයෝජනයකට ලක් වූ දරුවෙක් ගැන ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

0

අපි කවුරුත් පලමු තැන දෙන්නේ ජීවිතයට. ලිංගික අපයෝජනයට ලක් වුනු දරුවෙක්ගේ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙලා ඒ දරුවා මානසිකව ශක්තිමත් කරලා ඉදිරියට යවන්න දෙමාපියෝ උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ වගේ අවස්ථාවක දරුවෙක් සම්බන්ධව අපි ක්‍රියාත්මක විය යුත්තේ මෙන්න මේ විදියටයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

මවගේ / පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට අනිසි බලපෑම් කරනවද?

0

පුංචි දරුවෝ එක්ක අද වෙද්දී අම්මලාට නාන කාමරයට යන්නවත් විවේකයක් නැහැ. බොහෝ අම්මලා දරුවත් අරගෙනම නානකාමරයට යන්න පුරුදු වෙලා. මෙවැනි අවස්ථාවක හෝ ඇඳුම් මාරු කරන අවස්ථාවක හෝ මවගේ/ පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට බලපෑම් කරන්නේ කොහොමද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවන් ඉදිරියේ දෙමව්පියන් ආදරය කිරීම කුමන ආකරයකින් විය යුතුද?

0

දරුවන් ඉදිරියේ මව්පියන් ආදරය කිරීම සිප වැලඳ ගැනීම ඔවුන්ගේ මනසට අනවශ්‍ය බලපෑමක් කියලා ඔබටත් හිතුනද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

නව යොවුන් වියේ දරුවන්ට ප්‍රේම කරන්න තහනම් ද?

0

නව යොවුන් වියේ ඉන්න ඔබේ දුවට/පුතාට පෙම්වතෙක්/පෙම්වතියක් ඉන්නවා කියළා දැන ගත්තොත් ඔබ මොකද කරන්නේ ? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවන් තුලත් හීනමානය ඇතිවෙන්න පුලුවන්ද?

0
ඔබේ දරුවත් අනෙක් දරුවන් ළඟ තියෙන දේම ඉල්ල ඉල්ල කරදර කරනවද? මේ වීඩියෝව බලලම ඒ ගැන ටික්ක් කල්පනා කරමු නේද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවාගේ පෞරුෂ වර්ධනයට පියාගේ දායකත්වය අත්‍යාවශ්‍යම ද ?

0

කන්න බොන්න දීලා උගන්නලා දරුවෙක් උස් මහත් කරන එක අම්මා කෙනෙක්ට තනියම වුනත් කරන්න පුලුවන් කියලා අපිට හිතුනත් දරුවෙක්ට ඒ ටික විතරක් නම් මදී. නිසි විදියට පෞරුෂය වර්ධනය වෙන්න නම් තාත්තත් නැතුව බැහැ. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

ඇතැම් දරුවන් ගිලීමේ අපහසුතා පෙන්නුම් කරන්නේ ඇයි ?

ඇතැම් දරුවන් ගිලීමේ අපහසුතා පෙන්නුම් කරනවා. එය රෝගී තත්ත්වයක්ද නැතිද යන්න හදුනා දරුවා වෛද්‍ය උපදෙස් වෙත යොමු කල යුත්තේ කොයි ආකාරයෙන්ද? හබුන් කටයි. වතුර කටයි. වතුරටම දරුවගේ බණ්ඩිය පිරෙනවා. ඒත් වතුර නැති වුණොත් දරුවා කෑම කන්න කැමති නෑ. වතුර දීලා හරි කෑම පිඟාන හිස්කරගන්න තිබ්බනං අම්මට සතුටුයි. ඔබ නොදැනුවත්ව හෝ මේ කරන දේ හරිද?

ඇතැම් පුංචි දරුවෝ හිටි හැටියේ කතාව නතර කරනවා. මෙවැනි තත්ත්වයකදී ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද?

වයසට නිසි අයුරින් කතා කරන ඇතැම් පුංචි දරුවෝ හිටි හැටියේ කතාව නතර කරනවා. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ කොයි ආකාරයෙන්ද? අනේ මගේ දුව හරිම හුරතලේට අපි එක්ක කතා කළා. ඒත් මෙන්න ‍එක පාරටම කතාව නැවැත්තුවා. දරුවට ඇස්වහක්වත් වැදුණද?

SHOW LESS

බහතෝරන වියේ දරුවෙකුට භාෂා දෙකක් යොදා කතා කිරීම සුදුසුද?-Speech Pathologist Nimeera Weeraratne

ඇතැම් නිවෙස්වල මව පියා එක් භාශාවකිනුත් රැක බලාගන්නන් තවත් භාෂාවකිනුත් දරුවා අමත්නවා. බහතෝරන වියේ දරුවෙකුට මෙසේ භාෂා දෙකක් යොදා ගනිමින් කතා කිරීම සුදුසුද? දවල් දවසේ අච්චිත් එකක් සිංහලෙන් කතා කරන පුංචි පුතාට වැඩ ඇරිලා අම්මා, තාත්තා ගෙදර ආව ගමන් අහන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. බහතෝරන දරුවෙක් වුණු ඔයාගේ පුංචි බබාට එක භාෂාවක්වත් හරියට බැරි වෙයිද කියලා හිතුණේ නැද්ද?

SHOW LESS

ඔබත් තාත්තා කෙනෙක්ද? මේ යුතුකම් ඔබ අතින් ඉටු වෙනවාද?

දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නේ බොහෝ විට මව්වරුන්. ඒත් මේ භූමිකාවේ මවට හා සමාන වගකීමක් පියාටත් පැවරෙනවා. දරුවෙකුට ඇති කතන අබාධ මග හැර ගැනීමට පියාගෙන් ලැබිය යුතු සහයෝගය කොයි ආකාරයේ විය යුතුද? ඔබත් තාත්තා කෙනෙක්ද? මේ යුතුකම් ඔබ අති ඉටු වෙනවාද? බලන්න, ඔබ පිය පදවියට සාධාරණයක් ඉටු කරනවාද?

දරුවාට ශ්‍රවන ආබාධ තත්වයක් ඇති බව හදුනා ගන්නේ කෙසේද? – Speech Pathologist Nimeera Weeraratne

දරුවාට ශ්‍රවන ආබාධ තත්වයක් ඇති බව දෙමාපියන් හදුනා ගන්නේ කෙසේද? එවැනි දරුවෙකුට භාෂාව ඉගෙනීමට බාධා ඇති විය හැකිද? අනේ මන්දා මේ දරුවාට ඇහෙනවා අඩුද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොමද ඇත්තටම දරුවෙකුට ඇහෙනවා අඩුද කියලා දැනගන්නේ?