අල්ලපු දෙර පාඩම් වේලාව අපට අදාලම නැත

දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ගේ ඇල්ම, බැල්ම බොහොම ඉහලයි. අධ්‍යාපනය දරුවාගේ අනාගතය තිරණය කරන ප්‍රධාන සාධකයක් නිසාම ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. ඒත් දරුවන්ට අධයාපනය වෙනුවෙන් මග පෙන්වීම, මෙහෙයවීම වගේම ඔවුන්ට පාසමට ගැලපෙන විදිහට පරිසරය සකස් කර දීමත් දෙමව්පියන් විදිහට ඔබේ වගකීමක්. එහෙමනම් දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් ගැලපෙන පරිසරයක් නිර්මානය කරන්නේ කොහොමද…?

පාඩම් කිරීමට ගැලපෙන ස්ථානය…

දරුවන්ට පාඩම් කටයුතු කිරීමට ඔවුන්ට ගැලපෙන පරිසරයක් සකස් කර දීම ඉතාම වැදගත්. එහිදී ආලෝකය හොදින් ලැබෙන තැනක් පිළියෙල වෙනවා නම් වඩාත් හොදයි. නිසි ආලෝකය නොලැබෙන තැනකදී දරුවාට පොත පත කියැවීම බොහොම අපහසුයි. ඒ නිසා අසීරුවෙන් පොත පතට ඇස යොමු කිරීම නිසා අවධානය ඌන වීම පමණක් නොවෙයි, ඔවුන්ගේ ඇස් පෙනීමේ ගැටළුත් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ පාඩම් මේසය හොදින් ආලෝකය ලැබෙන තැනක සැලසුම් කර දෙන්න.

එළිමහනත් හොදයි..

පාඩම් කරන්න කාමරයක්, මේසයක් ඉදිරියම අවශ්‍ය නැහැ. එලිමහනේ ගසක් යට, එහෙම නැත්නම් ගෙවත්තේ බංකුවක වුනත් දරුවාට පොත් පත් කියවීමට පුරුදු කරන්න. එළිමහන් පංතිකාමර ගැන විද්‍යාත්මක අද්‍යනයන් නොතිබුන අතීතයේදී දිනපතා පාසලේ බොහෝ පංති පැවැත්වුනේ විදුහල් වත්තේ අඹ ගහක්, වගේ පරිසරයකදි. එවිට හොදින් ආලෝකය විතරක් නොවෙයි, වාතය සහ සුලං නිසා ලැබෙන සිසිල් පරිසරයත් ඉගෙණුම වෙනුවෙන් ගැලපෙන හොඳම පරිසරය දරුවන් වෙනුවෙන් නිර්මානය වුණා. බිත්ති අතර සිරගත වෙනවාට වඩා එළිමහන දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් වඩාත් ගැලපෙනවා.

නිශ්ශබ්දතාවය

දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් නිවසේ නිශ්ශබ්දතාවය වඩාත් වැදගත්. දරුවන්ගේ හිත් බොහොම චංචලයි. ඒ නිසා හැම පැත්තකින්ම ඇසෙන සද්ද බද්ද වෙනුවෙන් හිත දුවනවා. ඒ නිසා නිශ්ශබ්ද පරිසරයක් ඉතාම වැදගත්.තවත් දෙයක් තියෙනවා. අලල්පු ගෙදර පාඩම් කරන වයසේ දරුවන් සිටිනවා නම් ඔබේ නිවසේ ගුවන්විදුලිය, රූපවාහිනයේ ශබ්දය බිත්ති හතරට සීමා කර ගන්න. අද නාගරික පළාත්වල මේ තත්වය ඉතාම ගැටුම්කාරී විදිහට බලපානවා. ඒ නිසා අලල්පු ගෙදර ඉන්නේත් මගේම දරුවා වගේ පාඩම් කරන දරුවෙක්ය යන මානසිකත්වය තිබුනොත් මොන තරම් හොදයිද…?

සැලසුම වැදගත්…

දරුවන්ට පාඩම් කරන්න කියන බලපෑම වගේම ඔවුන් පාඩම් කරන්නේ කොහොමද ? ගැනත් දෙමව්පියන් අවදියෙන් සිටිය යුතුයි. කාමරයට වෙලා ඔරලෝසු පැය ගත කල පමනින්ම දරුවා පාඩමක් කළා යැයි සතුටු වීමට බැහැ. ඒ කාලවේලාවෙන් ඔහු ග්‍රහණය කළ ගත් දේ වඩාත් වැදගත්. ඒ නිසා දරුවා කාමරයේ ගත කරන කාලය ගැන ඔබ පිටතට වෙලා සතුටු වීම පමණක් ප්‍රමාණවත් නැහැ ඔවුන්ට පාඩම් කරන ආකාරය ගැන සැලසුමක් සකස් කර දෙන්න.

උත්තේජන මිසක් බලපෑම් එපා..

දරුවා පාඩම් කරන ආකරය ගැනත් සොයා බැලීමට අද දෙමව්පියන්ට හැකියාව තිබෙනවා. බොහෝ දෙමව්පියන් අද වෙන විට යම් අධ්‍යාපන මටට්මක සිටින නිසා එය අපහසු කාර්යක් නොවේවි. හැම දරුවෙක් ම බුද්ධිමත්. ඒත් එම බුද්ධිය ක්‍රියාත්මක වීමේදී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා, සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.”

ඒ වගේ ම කුඩා කාලයේදී දක්ෂතා නොදක්වන දරුවන් පසුකාලීනව ඇති වන පාරිසරික උත්තේජන නිසා ශීඝ්‍රයෙන් සාර්ථකත්වයට පත් වන බවත් ළමා මනෝ වෛද්‍ය විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් ලබා දෙනවාට වඩා දරුවාට නිදහසේ පාඩමට ඉඩ දෙන්න. විභාගවලින් මනින්නේ දරුවාගේ බුද්ධිය නොව ආවර්ජනය කිරීමේ හැකියාවයි. ඒ නිසා විභාග ඉලකක් කර ගෙන ලකුණු සතුටුදායක නොවුනත් දරුවා මෝඩයෙක් නොවන බැව් දෙමව්පියන් විසින් තරයේම මතක තබා ගත යුතුයි. ඒ නිසා නිතරම ඉගෙනුමට උත්තේජන ලබා දෙන්න.

කම්මැලියි අම්මේ….

සමහර විට දරුවා පොත පත වෙනුවෙන් මේ විදිහට කිව්වොත් ඒ වේලාවට පාඩම වෙනුවෙන් බල කරන්නඑපා.ඔබ තර්ජනයෙන් කිව්වොත් දරුවා පොත  අතට ගතත්ද එයින් කිසිම දෙයක් ධාරණය කර ගැනීමට ගැලපෙන මානසිකත්වයක් ඔහු තුළ නොවනු ඇත. ඒ නිසා නිතරම දරුවා කම්මැලිකමක් දක්වන විට බලපෑම් කිරීම එතරම් සුදුසු නැහැ. ඒත් අකුරට කම්මැලි වීම හොඳ දරුවෙකුගේ ගති ලක්ෂණයක් නොවන බව කරුණාවෙන් කියා දෙන්න.

අල්ලපු ගෙදර දරුවාගේ ලකුණු හෝ පාඩම් කරන කාලය අදාලම නැත.

අද බොහෝ දෙමව්පියන් ආවේශ වෙන්නේ තමාගේ දරුවා පාඩම් නොකරනවාට වඩා අල්ලපු ගෙදර දරුවා පාඩම් කිරීම නිසා ඇති වුන යම් ඉරිසියා සහගත සිතුවිල්ල නිසයි. ඒත් මේ අවස්ථාව අපට අදාල නැහැ. ඔබ යොමු විය යුත්තේ දරුවා ඉගෙණුමට යම් කම්මැලිකමක් දක්වනවා නම් ඒ ඇයි යන්නට පිළිතුරු සෙවීම පමණි. දරුවා උදාසීන වීමට ඇති පසුබිම දැන හදුනාගෙන ඒ වෙනුවෙන් විකල්ප සොයා ගත් විට ඔබේ දරුවාගේ පසුගාමී බවට විසදුම් සොයා ගැනීම එතරම් අපහසු නැත.

පිරිමි දරුවන් බෝනික්කන් සෙල්ලමට අකමැතියි

පිරිමි දරුවෙකු බෝනික්කෙක් සමග සෙල්ලම්  කරනවා දුටුවොත් අපි ඒ දරුවාගේ ආත්මයම නැති කරනවා.

අයියෝ…ගෑනු ළමයෙක් වගෙයිනේ…මොනවද මේ බෝනික්කෝ වට කර ගෙන…ඒ වගේම ගැහැණු දැරියක් සෙලල්ම් පිස්තෝලයක් එහෙම නැත්නම් සෙල්ලම් මෝටර් රථයක් සමග ගනුදෙනු කළොත් අපි කියන්නේ මෙයා හරියට පිරිමි ළමයෙක් වගෙයි..ඕවා පිරිමි ළමයින්ගේ සෙල්ලම්  බඩු…

  • ඇත්තටම සෙල්ලම්බඩුවල වර්ගීකරනයක් තිබෙනවාද..?.

ඈත යුගයක පටන් ගැහැණු දරුවන් බෝනික්කන් සමග ක්‍රිඩා කිරීමටත් පිරිමි දරුවන් විවිධ ආයුධ සමග ක්‍රිඩා කිරීමටත් යම් නැඹුරුතාවයක් තිබුනා. මේ සිදුවීම පදනම් කර ගෙන මනෝවිද්‍යාඥයින් විසිනුත් විවිධ අධ්‍යනයන් සිදු කරනු ලැබුවා. මේ අධ්‍යනයන්ගේ ආරම්භය 1930 වැනි ඈත යුගයක් දක්වා දිවෙනවා.

  • ගැහැණු දරුවන් බෝනික්කන්ට කැමැත්තක් දක්වන්නේ ඇයි….?

ගැහැණු දරුවන් අනාගතයේදී පවුලක් තුළ වැදගත් චරිතයක්. බාල කාලයේ පටන් අම්මා පවුල තුළ හැසිරෙන අන්දම ගැහැනු දරුවා දකිනවා. ඒ නිස ඇයට තමන්ගේ අනාගත වගකීම ගැනත් යම් ඉවක් ඇති වෙනවා. ඉඩ තිබෙන වේලාවක ගැහැනු දරුවන්ගේ සෙල්ලම් දිහා බලා සිටියොත් ඔවුන් ඇත්තටම  අද රඟපාන්නේ ඔවුන්ගේ අනාගත භූමිකාව නොවේදැයි ඔබටත් හිතේවි. උයන පිහන, දරුවාට නාවන, ඇදුම් අන්දවන සහ නිදිකරවන ..ආදි මේ සියල්ලම බෝනික්කා මුල් කර ගෙන ඇය නිරූපනය කරනවා. හදිසියේවත් මේ සෙල්ලමට  පිරිමි දරුවෙක් සම්බන්ධ වුනොත් ඔහුට නිවසේ පියාගේ චරිතය ලබා දීමටත් ගැහැණු දරුවන් පසුබට වෙන්නේ නැහැ.

  • මානසික සතුට…

ගැහැණු දරුවන් මේ අන්දමින් බෝනික්කන් සමග සෙල්ලම්  කිරීමෙන් මහත් සතුටක් වින්දනය කරනවා. ඒ නිසා බාල කාලයේ ඔවුන්ට එසේ සෙල්ලම් කිරීමට බාධා කළ යුතු නැහැ.එය ඇත්තටම ඔවුන්ගේ අනාගත සිහින මාලිගාව කිව්වත් වරදක් නැහැ.

  • වගකීම හදුනා ගන්නවා…

ගැහැණු දරුවා අනාගත මවක්. ඇයත් මතු දවසේදී දරු මුනුපුරන් ලබන චරිතයක්.බෝනික්කා නලවන, කවන, පොවන හැම ඉරියව්වකින්ම ප්‍රදර්ශනය වෙන්නේ දරුවා මුල් කර ගත් ඇයගේ වගකීම නොවේදැයි එදෙස බලා සිටින ඔබට පෙන්වි.සද්ද කරන්න එපා…බබා දොයි..අනේ මේ ටික කන්න..පැටියෝ යැයි ඇය බෝනික්කා ආමන්ත්‍රණය කරනු ඇත. ඒ ආමන්ත්‍රනයෙන් පෙනී යන්නේ දරුවන් මුල් කර ගෙන ඇගේ හදවතේ පවතින අනාගත වගකීමක සැබෑම සේයාවක්.

  • අත්දැකීම් ප්‍රතිනිර්මානයක්…

බෝනික්කන් සමග සෙල්ලම් කරන දියණිවරුන් දකින විට සමහර විට ඇය ප්‍රතිනර්මානය කරන්නේ ඔබේ පවුලේම ඇය ලද අත්දැකීම් විය හැකියි. අම්මා උයන පිහන විට අනුගමනය කරන ඉරියව් , කතා බහ මේ සියල්ලම බෝනික්කා නිමිති කර ගෙන ඇය වෙතින් දකින්නට හැකියාව ලැබෙනවා

  • අලුත්ම අධ්‍යනය වාර්තාව

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයින් පිරිසක් විසින් මෑතකදී බෝනික්කන් දහ දරුවන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය අලලා අධ්‍යනයක් පවත්වනු ලැබුවා.ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පිරිමි දරුවන් විවිධ ආයුධ සමග ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ ආවේගශීලීත්වය සහ ආරක්ෂාව පිලිබඳව ඇති සංකල්ප නිසා බවයි. ඒ නිසා අවි ආයුධ සහ විවිධ වාහන සමග වූ සම්බන්ධතාවය පිරිමි දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම බවයි. මෙම පර්යේෂකයින් සදහන් කරන්නේ පිරිමි දරුවන්ට‘‘ ෆුඩ් ප්‍රොෙසසරයක් “දුන්නත් ඔවුන් එය හසුරුවන්නේ සෙල්ලම් පිස්තෝලයක ආකාරයටයි.මේ අධ්‍යනයට තවත් ඌනපුරන සපයමින් එංගලන්ත සභාව පෙන්වා දෙන්නේ සෙල්ලම් තුවක්කු, පිස්තෝල සමග ක්‍රිඩාවට යොමු වුන දරුවන් පාසලේදීත් තමන්ගේ සමවයස් කන්ඩායම් බිය වැද්දීමට වැඩි නැඹුරුතාවයක් දැක්වූ බවයි. එහෙත්..හමුදා සෙබලුන්ගේ තොප්පි, බදපටි ආදියට වැඩි කැමැත්තක් දැක්වූ දරුවන් තුළ මේ අන්දමේ ආවේගශීලීත්වයක් දක්නට නොලැබුන බවත් ඔවුන් සදහන් කර තිබුණා.

1932 වසරේ එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා ගමන්ගත් ‘‘එමි ජොන්සන්“ සහ 1932 වසරේ අත්ලාන්තික් සාගර ඔස්සේ ගමන් ගත් ‘‘එමිලියා හාර්ට්“ පෙන්වා දෙන්නේ ගැහැණු දරුව්න්ගේ සෙල්ලම්බඩු ලබා දුන් ඇතැම් අවස්ථාවන්හිදී පිරිමි දරුවන් බෙහෙවින් කෝපයට පත් වූ බවයි.

ඒ අතරේදී මේ පර්යේෂකයින්ගේ තවත් අලුත් හදුනා ගැනීමක් තිබෙනවා. අද බොහෝ ගැහැණු දරුවන් වැඩි කැමැත්තක් දක්වන්නේ සම්ප්‍රදායික බෝනික්කන්ට වඩා මෝස්තකාරියන්ට බව ඔවුන්ගේ හදුනාගැනීමට ග්‍රහණය වුන තවත් වැදගත් කරුණක්.

ඒ අතරම සෙල්ලම් බඩු මිළට ගැනීමේදී දෙමව්පියන් විසින් අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් ඔවුන් හදුනා ගෙන තිබෙනවා. මෙම සෙල්ලම්බඩුවල ඇති ආලේපනයන්හි විෂ රසායනයන් දරුවන්ට ඉතා අහිතකර විදිහට බලපෑමට පුලුවන්. ඒ නිසා ඇස රවටන ආලේපන නිසා දරුවන්ට විය හැකි හානිය ගැනත් වැඩිහිටියන් දැනුවත්ව සිටීම ඉතාම වැදගත් බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා.

අපේ දරුවන් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ…

අපේ දරුවන් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ…අද බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන් නිසා මේ තත්වයට පත්ව සිටිනවා. මෙය  ඉතාම සංවේදී තත්වයක්. ඒත් අපි දරුවන් පවුලෙන් දුරස් නොවන විදිහට රදවා ගන්නේ කොහොමද..?.

අත්දැකීම් නිසා අපේ ජීවිතය පෝෂණය වෙන බවට වූ පිලිගැනීම අතීතයේ පටන්ම අප අතර පැවැතුනා.පරම්පරාවෙන් පරම්පරාවටම මේ ගැන තහවුරුව තිබුනත් දැන් අත්දැකීම් ්නිසා ජීවිතය පෝෂණය වෙන බව පර්යේෂණ මගිනුත්  සනාථ වී තිබෙනවා. හාවර්ඩ් සහ කොලම්බියානු විශ්ව විද්‍යාල මගින් ඒකාබද්ධව සිදු කරන ලද මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දුන්නේ  දරුවන්ගේ මොළය හුරු වී තිබෙන්නේ අත්දැකීම්වලින් ඉගෙනගැනීමට බවයි.

ඔවුන් මේ වෙනුවෙන් සිදු කරන ලද පර්යේෂනයේදී දරුවන්ට පින්තූර ආශ්‍රිත ක්‍රීඩාවක් ලබා දී එහිදී දරුවන්ගේ මොළයේ ප්‍රතිචාර ස්කෑන් යන්ත්‍රයක ආධාරයෙන් පරීක්ෂා කරනු ලැබුවා. මේ අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 13 සිට 17 අතර වයසේ දරුවන් 41 ක් සහ වයස අවුරුදු 20 සිට 30 අතර තරුණ පිරිසත් සම්බන්ධ  කර ගත්තා.එම අධ්‍යනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ දරුවා අපෙන් ඈත් නොවන විදිහට දෙමව්පියන්ගේ හැසිරීම් රටාව ගොඩ නගා ගත යුතු බවයි.

සෙනහස දක්වන්න…

දරුවන්ට මව්පියන්ගේ සෙනහස අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ නිසා කිසිම විටෙකදී දරුවන්ට සෙනහස නොදක්වා සිටින්න එපා. දෙමව්පියන් විදිහට ඔබට කොතෙකුත් ප්‍රහ්න ගැටුම් තිබුනත් ඒ සියල්ල අතරේ දරුවන් ගැන අමතක කරන්න එපා.දරුවන් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ මව්පියන්ගේ සෙනහසයි. ඒය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි බලපෑක් ඇති කරනවා. වර්තමානයේදී විවිධ අපචාරයන්ට ගොදුරුව සිටින දරුවන් ගැන පසුවිපරම් කිරීමේදී පෙනී යන්නේ බාල කාලයේදී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මව්පිය බාල කාලයේදී දෙමව්පිය සෙනෙහස අහිමි වුන දරුවන් බවයි. ඒ නිසා නිතරම දරුවන්ට සෙනහස දක්වන්න අමතක කරන්න එපා.

ලේ ඥාතීන් අතර සම්බන්ධතාවයන් ගොඩ නගන්න

අද සමාජය යන රටාවට අනුව තුන්වැනි පරම්පරාව තමන්ගේ ඥාතීන් සමග කිසිම ගණුදෙනුවක් ගොඩ නගා ගැනීමට අපොහොසත් පිරිසක් බවට පත්ව සිටී. බොහෝ විට අද තරුණ දරුවන්ගේ ආකල්පය වී තිබෙන්නේ තමන් අතට තම අත මිසක බාහිර පුද්ගලයන්ගෙන් ශක්තියක් අවශ්‍ය නැති බවයි. ඒත් මේ ආකල්පය නිසා වැඩිහිටි ඥාතීන් අතර දැඩි කලකිරීමක් ගොඩ නැගී තිබෙන්නේ ඔවුන්ගේ බාල කාලයේදී වැඩිහිටියන්ට දක්වන ලද ආදරය, ගරුත්වය අද දරුවන් වෙතින් ඔවුන්ට නොලැබී යෑමයි. මේ තත්වයත් සාධාරණ කරමින් තරුණ දරුවන් කියන්නේ කාලයේ තාලයට අනුව පරම්පරාවන් අතර වෙනසක් ඇති වීම නිසා ඔවුන් සහලේ ඤාතීන් සමග එතරම් සමීප වීමක් නොමැති වීම සාමාන්‍ය තත්වයක් බවයි. එහෙත්..අපි කිසිම අයෙකුට හුදෙකලා ජීවිතය වෙතින් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැත. තරුණ ජවය සමග ඒ අන්දමින් කල්පනා කළත් කවදා හෝ දිනක ඔවුන්ට මේ වැඩිහිටි ඤාතීන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන දිනයක් එලැඹෙනු ඇත. ඒ නිසා නිතරම සහ ලේ ඤාතීන් සමග සම්බන්ධතාවයන් ගොඩ නැගීම දෙමව්පියන්ගේ වගකීමක් විය යුතුය.

පවුල් ඉතිහාසය ගැන දරුවන් සමග කතා කරන්න.

හැම දෙමව්පියෙකුටම පවුලේ යම් ඉතිහාසයක් තිබෙනවා. මේ ඉතිහාසයේදී ඔබ ලද අත්දැකීම් බොහෝ ඇති. ඒ අතරින් දරුවන්ට ඵලදායී ලෙසින් වැදගත් වෙන සිදුවීම් දරුවන් සමග බෙදා ගන්න. ඔබේ අත්දැකීම් සහ ඔබ අතීතයේදී අභියෝග ජයගත් අන්දම දරුවන්ටත් ඔවුන්ගේ ජීවිත ජයගැනීමට මනා වූ අත්වැලක් සපයනු ඇත.

දරුවන් දෙමව්පියන් සමග කාලය ගෙවන්න කැමැතියි

දෙමව්පියන්ට දරුවන් තරම් සම්පතක් නොමැත්තා සේම දරුවන්ටත් දෙමව්පියන් තරම් වටිනා අයෙකු තවත් නැත. ඒ නිසා දරුවන්ට දෙමව්පියන් ඇසුරේ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. අද මව් පිය දූ දරු සම්බන්ධතාවය ලිහී යෑමට බොහෝ සෙයින් බලපාන්නේ දෙමව්පියන් සහ දරුවන් අතර පවත්නා දුරස් බවයි. බාල කාලයේ පටන්ම ගොඩ නැගෙන මේ දුරස් බව නිසා පසුකාලයේදී දරුවන්ට දෙමව්පියන් නුරුස්නා ගතියක් ඇති වීම වැනි දරුණු තත්වයක් දක්වාම මේ අරගලය බරපතල විය හැකිය.

දරුවන් විනෝදයට කැමැතියි.

දරුවන් මල් වගේ කියන්නා සේම ඔවුන්ගේ හිත් බෙහෙවින්ම ලපටියි. මෙලෙකයි. ඒ නිසා නිතරම් සතුට, විනෝදය ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ගේ හිතට සතුට ලැබෙන දේ වෙනස් විය හැකියි. ඒ නිසා ඔබේ දරුවා සතුටට පත් වන්නේ කෙසේදැයි ඔබ විසින් හඳුනා ගැනීම ඉතාම වැදගත්. දරුවන්ගේ හිත කියවන හොඳම සුත්‍රය දන්නේ දෙමව්පියන් නිසා ඔබ එයින් උපරිම වාසිය ලබා ගැනීම ඉතාම වැදගත්.

පවුලේ උදවිය එකට කාලය ගෙවන විට දරුවන් සමග විහිලුවෙන් , විනෝදයෙන් ඉන්න. ඔවුන්ට සිනාවිය හැකි දේ කියන්න. සිනාවට ඉඩ සලසා දෙන්න. සිනාසෙන වි නිදහස් වෙන සතුටු හෝර්මෝනයෙන් දරුවාට බොහෝ වාසි අත් වෙනු ඇති.

සති අන්තය වෙනස් අන්දමින් ගෙවන්න..

සතියේ දින පහම ඒකාකාරී ලෙසින් ගෙවන නිසා සති අන්තයේදී යම් වෙනසක් තිබීමත් වැදගත්. ඒ නිසා සති අන්තයේදී විනෝදගමනක්, නෑගමනක් , එසේත් නැත්නම් චිත්‍රපටයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් යොදවන්න. ඒ වගේම ආගමික කටයුතු සදහාත් දරුවන් කැටුව සහභාගී වීමත් ඉතාම වැදගත්.

[බිබිසි පුවත් සහ වෙනත් තොරතුරු ඇසුරිනි]

සංවර්ධනය වන රටවල ළදරු මරණවලට පවා හේතුවක් විය හැකි පෙකෙණිය, නිවැරදිව සුව කරගනිමු

අම්මාගේ කුසේ ඇති දැඩි වෙන පුංචි පැටියෙක් එයාට අවශ්‍ය පෝෂණය වගේම ඔක්සිජන් ලබාගන්නේ අම්මාගෙන්මයි. ඒ අපරාව එහෙමත් නැත්නම් වැදෑමහ හරහායි. ගර්භාෂයේ ඇතුළු බිත්තියට සවි වෙලා තියෙන මේ වැදැමහ පුංචි පැටියට සම්බන්ධ වෙන්නේ පෙකණිවලෙන්. පුංචි පැටියා මේ ලෝකෙට බිහිවෙද්දී අම්මාගෙන් වෙන් කරන්නේ මෙන්න මේ පෙකෙණි වැල කපලා. මේ කැපුමේදී ළදරුවාට වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි වෛද්‍යවරු පවසන්නේ.  මෙන්න මේ විදියට අම්මාගෙන් පැටියා වෙන් කළාම පෙකෙණි වැලේ හරිම පුංචි කොටසක් පැටියාගේ කුස මත ඉතිරි වෙනවා. එය වියළී යන්න සති දෙක තුනක කාලයක් ගත වෙනවා. පෙකෙණිය වියළී වැටෙන කොට නාභිය මත ඇති වන පුංචි තුවාලයත් දින කිහිපයකින් සුව වෙනවා. ඉතිං අලුත් අම්මලාට මේ පෙකෙණිය ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඒක පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක ගැන නිවැරදි අවබෝධයක් නැති නිසයි. ඒ නිසාම පුංචි පැටියාගේ කමිසයේ ලේ බිංදුවක් තිබුණම අම්මලා ගොඩක් බය වෙනවා. ඇත්තටම නිවැරදිව දැනුවත් වුණොත් පුංචි පැටියාගේ පෙකණිය අම්මලාට කිසිම විදියකින් ගැටලුවන් වෙන්නේ නැහැ.

පෙකෙණිය සම්පූර්ණයෙන් වියළී ස්වභාවිකව වැටෙනවා මිස එය ඉවත් කිරීමට කිසිදු විටෙක උත්සහ නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ එතෙක් එය පිරිසිදුව හා වියළිව තබාගැනීමයි. දරැවා නැහැවීහට පෙකෙණිය හැලෙන තුරැ සිටීම අත්‍යවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ දරුවා නැහැවීමෙන් පසුව හොඳින් තෙත මාත්තු කර වියළිව තබාගැනීමයි.

පෙකෙණිය පිරිසිදු කිරිමේදී කළ යුත්තේ උණුසුම් වතුරේ ගිල්වූ පුළුන් කැබැල්ලක ජලය මිරිකා  ඉවත් කර පෙකෙණි වැල සමට සම්බන්ධව ඇති පෙදෙස වටා ඉතා සෙමින් පිස දමා පිරිසිදු වියළි රෙදි කැබැල්ලකින් තෙතමාත්තු කිරීමයි.

පෙකණිය හැලුණු ආසන්නතම දින කිහිපයේදී ඇඳුමේ රුධිර පැල්ලමක් තිබීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම එසේ වන්නේ ඒ කාලයේදී ළදරුවාගේ අත වැදීම ඇඳුමේ පැටලීම වැනි කරුණු නිසා විය හැකිය. එහිදී කළ යුත්තේ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කිරීමයි. යම් හෙයකින් පෙකෙණිය ආසාධන තත්ත්වයකට පත්ව ඇත්නම්, ඒ අවට සම රත් පැහැ වී ඉදිමුම් ස්වභාවයක් ගන්නා අතරද ස්පර්ශ කිරීමේදී දරුවා හඩා වැටේ. තවද සැරව හෝ දුගඳ ශ‍්‍රාවයක් එහෙමත් නැතිනම් දිගින් දිගටම රුදිරය පිටවීමක් දැකිය හැකිය. ආසාදිත අවස්ථාවකදී ළදරැවාට උණ ඇති වීම, කිරි ප්‍රතික්ෂේප කිරීම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ තත්ත්වයේදී වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. එසේම ඇතැම් අවස්ථාවලදී ග්‍රැනියුලෝමා වැනි තත්ත්ව ඇති විය හැකි බැවින් පෙකෙණිය හොඳින් නිරීක්ෂණය කොට මස් දල්ලක් වැනි යමක් තිබේද අවර්ණ ශ්‍රාවයක් නිකුත් වේද යන්න පිළිබඳව අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

පුංචි පැටියාගේ පෙකණිය සම්බන්ධව මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • සැමවිටම පෙකණිවැල පිරිසිදුව හා වියළිව තබාගන්න.
  • පෙකණිය වාතයට නිරාවරණය වීම වැදගත් වන නිසා ළදරුවාට නැපි ඇන්දවීමේදී ඒ ආශ්‍රිතව නොවැසෙන සේ අන්දවන්න
  • මුත‍්‍රා තැවරීමෙන් ආරක්ෂා කරගන්න
  • පෙකණිය මත කිසිවක් ගැල්විම හෝ සැරහුම් යෙදීම නොකරන්න

[කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරි මහත්මිය සමග සැකසූ ලිපියකි]

අපේ ආරාධනයෙන් මොලෙවට එන දරු පැටියා ආබාධ හමුවේ ප්‍රතික්ෂේප කරන්න අම්මෙක්ට පුලුවන්ද?

මවට මුහුණ දීමට සිදු වූ පාලනය කළ නොහැකි අධි රුධිර පීඩන තත්ත්වය මත සති 26 ක ළදරුවෙකු සිසේරියන් සැත්කමකින් බිහිකර තිබුණා. බොහෝ අවස්ථාවලදී මවට තර්ජනයක් වන රෝග තත්ත්වවලදී දරුවා බිහිකිරීම සිදුකරන්නේ දරුවා  ගැන ලොකු බලාපොරොත්තුවක් නොතබා මවගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින්. ප්‍රසූතියෙන් පසු මවද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. අලුත උපන් මේ අඩු මස් බිළිඳා උපන් විගස ස්වසන අපහසුවක් පෙන්නුම් කළ නිසාම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කෙරුණා. නොමේරූ ළදරු ඒකකයට දරුවා රැගෙන එනවිට හැ`ඞීම වෙනුවට කෙ`දිරිල්ලක් නඟමින් සිටි මේ කිරිකැටියාගේ පෙනහලූ නොමේරූ තත්ත්වයේ පැවතුන නිසා x-ray ඡායාරූපය ගැනීමෙන් අනතුරුව පෙනහලු ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෙස සිදුවීම ස`දහා surfactant නම් ඖෂධය දරුවාට ලබාදී කෘතීම ස්වසන යන්ත‍්‍රයට සවිකෙරුණි. උපතින්ම මේ ළදරුවාට එක කනක් අහිමිව තිබුණි. එසේ අහිමිව ඇත්තේ බාහිර සිදුර පමණක් ද අභ්‍යන්තරය පිහිටා තිබේද නැද්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ පසුවට කල් තැබුණේ ළදරුවාගේ ජීවිතය බේරාගැනීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී තිබුණු නිසාමය.

දින කිහිපයක් ගත වුවද මේ ළදරුවා ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කිරීමට නොහැකි විය. මව කෙමෙන් යථා තත්ත්වයට පැමිණි පසු ළදරුවා දකින්නට නොමේරූ ළදරු ඒකකයට පැමිණි මොහොතේ දරුවා දැකීමෙන් ඇය නොසන්සුන් විය. ඇය මේ පුංචි ළදරුවා පිළිබඳව කතා කළේ ආදරයක් අනුකම්පාවක් ඇතිව නම් නොවේ. වරින් වර නිවසට යාමට අවසර ඉල්ලූවද ඒ ඉල්ලීම වෛද්‍යවරු වෙතින් ප්‍රතික්ෂේප විය. ළදරුවා වරින් වර ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කිරීම නැවත ස්වසන යන්ත්‍රයට ඇතුලු කිරීම කිහිප වරක්ම සිදුවිය. මේ සියල්ල හමුවේ සිය ළදරුවා පිළිබ`දව යහපත් ආකල්පයක් මව තුළ නොවීය. මවගේ ඇති ආකල්පය අපට වඩාත් පැහැදිලි වූයේ මේ සිදුවීමත් සමගමය.

ළදරුවාට රුධිරය ලබාදීම ස`දහා මවගේ ඇ`ද ඉහපත ගෙන ඒමට මව වෙත ගිය අපගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ගිය විට මව ඇයගෙන් විමසා තිබුණේ දරුවා මිය ගියා ද කියාය. අත් පා අහිමි දරුවන් පවා කදුලු පිරුණු දෑසින් තුරුලු කරගනිමින් උණුසුමේ හොවා කිරි දී දරුවා සමග ගෙදර යන්නේ කවදාදැයි ඇඟිලි ගණින මව්වරුන් අපේ දෑස් හමුවේ නිතර මුණගැහෙන නිසාම මේ මවගේ ක්‍රියාකලාපය අපේ සිත් සසල කරවිය. ඒ මේ මව තුළින් අපි දරුවාගේ සුවය ප්‍රාර්ථනා කරන සෙයක් නොදුටුව නිසාමය. මවගේ ඇති මෙම වෙනස්වීම නිසා ඇය මනෝ උපදේශනවලට යොමු කළත් මානසික ව්‍යාකූලත්වයක් නොමැති බව සඳහන් වූවා. ඇයට වෛද්‍යවරු පවා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඒ කරුණු ඇයට ඒත්තු ගැන්වීමට වෛද්‍යවරුන් පවා අපොහොසත් වුණා.

මෙසේ මාසයකට අධික කාලයක් නොමේරූ ළදරු ඒකකයේ සිටි දරුවා ස්වසනය නැවැත්වීම නිසා යලිත් වතාවක් කෘතීම ස්වසන යන්ත‍්‍රයට සවි කෙරුණත් යලි`දු දින කිහිපයකින් නැවත කෘතිම ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කළ හැකි වූවා. කාලයත් සමග දරුවා වයසින් වැඩුනද ශරීරයේ වර්ධනයේ ලොකු වෙනසක් දක්කට ලැබුණේ නැහැ. අනෙක් වැඩුණු දරුවන්ට මෙන් කිරි උරාබීමට නොහැකි වුවත් ළදරුවා යාන්තමින් කිරි බීමට උත්සහයක යෙදුණා. මව දරුවා අතට ලැබුණු විට බාහිර ස්වරූපය පිළිබඳව විමසිලිමත් වූවා විනා කිරි දීමට උත්සහ කිරීමක් දක්නට ලැබුණේ නැහැ. කාන්තාවන් ප්‍රසූතියෙන් පසුව යම් යම් මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත්වුවද ඇය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අදහසට අනුව නම් ඇය සිටියේ සාමාන්‍ය තත්ත්වයකයි.

මාස දෙකකට ආසන්න කාලයක් ජීවත් වීමට ලොකු උත්සහයක යෙදුණු මේ කිරකැටියා අවසානයේදී කිරි හිර වීම හේතුවෙන් මිය ගියා. ළදරුවාගේ කන පිළිබ`ද පරීක්‍ෂණ කිරීමට සුදුසු තත්ත්වයට දරුවා පැමිණෙද්දී ළදරුවා මිය ගොස් සිටියා. වර්තමානයේ බොහෝ වෛද්‍ය ගැටලුවලට ඖෂධීය මෙන්ම ශල්‍යමය ප‍්‍රතිකාර බොහෝ පවතින බැවින් කන වුවද ශල්‍යකර්මයකට යොමු කිරීමෙන් සකස් කිරීමට හැකි වීමට ඉඩ තිබුණි. අපිට ඉපදෙන දරුවන් අප බලාපොරොත්තු වන ආකාරයටම උපදින්නේ නැත. කවුරු ඉපදුනත් ඒ ඉපදුනේ අපේ අවශ්‍යතාවයට බව දෙමාපියන් මතක තබාගත යුතු වේ.

[කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (පළමුවන ශ්‍රේණිය) ක‍්‍රිෂාන්ති ගංගා කුමාරි මහත්මිය ලද අත්දැකීමක් ඇසුරෙන් සැකසුණු ලිපියකි.]

ඉක්කාව අපේ ඇඟේ හැංඟුණු ලෙඩ ගැන කියන ඉඟියක් වෙන්නත් බැරි නැහැලු

මට මතකයි අපි පුංචි කාලේ ඉක්කාවක් ආවම ඉක්කයි මාය ගාලු ගියා ඉක්කා දාලා මං ආවා කියලා ඉක්කාව හොඳ වෙනකන්ම සින්දු කියනවා. සමහර වෙලාවට ඉක්කාව හැදුණු කෙනාව බය කරනවා. නැත්නම් හිනස්සනවා. මේ හැමදේම කරන්නේ ඉක්කාව නතර කරන උපක්‍රම විදියට. විනාඩි කිහිපයකින් ඉක්කාව මගහැරිලා ගියාම හරි හෝ වැරදි වේවා අපි යොදපු උපාය හරි ගියා කියලා තමයි අපි හිතන්නේ. මේ අපි දන්න ඉක්කාව උනත් ඉක්කාව මේ ලියැවෙන කරුණු ඇහුවම ඔබ පුදුමයට පත්වෙන්නත් බැරි නැහැ. මොකද ඉක්කාව කියන්නේ කාටත් ඇති වෙන සාමාන්‍ය දෙයක් වුණත් ඇතැම් විට එය අපේ ඇඟේ තියෙන රෝග ගැන කියන ඉඟියක් වෙන්නත් බැරි නැහැ.

මොකක්ද මේ ඉක්කාව කියන්නේ

උරස් කුහරය හා උදර කුහරය වෙන් කරන මහා ප‍්‍රාචීර පේශියේ (diaphragmatic muscle) ඉබේම ඇතිවන සංකෝචනයක් විදියට ඉක්කාව හඳුන්වන්න පුලුවන්. මේ තත්ත්වය සාමාන්‍යයෙන් නම් පමණට වඩා ආහාර හෝ  තරල වර්ග ගැනීම නිසා ඇති වෙන තත්ත්වයක්.

සාමාන්‍ය ඉක්කාවට හේතු (පැය 48 කට වඩා අඩු කාලයක් පවතින ඉක්කාව)

  • කාබොනික් අම්ලය අඩංගු බීම (සිසිල් බීම)
  • වැඩිපුර ආහාර ගැනීම
  • තරලය වැඩිපුර ගැනීම
  • හදිසි බිය වීමකදී, හැඟීම් නිසා ඇති වන ආතතියකදී

අසාමාන්‍ය ලෙස ඉක්කාව ඇති වීමට හේතු (පැය 48 කටත් වඩා වැඩි කාලයක් පවතින ඉක්කාව)‍

  • පරිවෘත්තිය රෝග තත්ත්ව හෝ ඖෂධ හේතුවෙන් – මත්පැන් පානය/නිර්වින්දනය/දියවැඩියාව/විද්‍යුත් ශ්ලථක අසමතුලිතතාවය/වකුගඩු රෝග/ස්ටිරොයිඩ ගණයේ ඖෂධ/නින්ද ඇති කරවන ඖෂධ
  • මහා ප‍්‍රාචීරයට ස්නායු සපයන ශෛරීක ස්නායුව (Vagus nerve) හා පේ‍රණීක ස්නායුවට හානි වීම

මේ තත්ත්වයට හේතු වන්නේ,

උගුරේ ආසාදන/ගලගණ්ඩය/ ආමාශයේ ඇති දේ අන්තශ්‍රෝතය වෙත ඒම/ කෙස් ගසක් හෝ රෝම කූපයක් වැනි යමක් කන් බෙරයේ වැදීම/ස්වරාලදාහය (laryngitis) යන තත්ත්වයන් වේ.

  • මධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ධ ඇති වන අර්බුදයක්, ආසාධනයක් හෝ අනතුරක් නිසා සාමාන්‍යයෙන් ශරීරයේ පවත්වාගෙන යන ඉක්කාව පාලනය කරන ප‍්‍රතිකයට බාධා පැමිණීම නිසා

උදා:

  • නිදිකර්පරදාහය (Encephalitis)
  • ආවෘතදාහය (meningitis)
  • සීතල වතුර (අයිස් වතුර) සෙමින් පානය හෝ ඉතා සීතල වතුරින් සේදීම
  • ඔබ ගිලින අතරතුරදී මෘදු ලෙස නාසය තද කිරීම
  • ඔබේ මහා ප‍්‍රාචීරය මතට මෘදු පීඩනයක් යොදන්න.
  • විනාකිරි කුඩා ප‍්‍රමාණයක රස බැලීම
  • කඩදාසි උරයක් තුළට හුස්ම පිට කිරීම හා ගැනීම. එසේ කිරීමේදී ප්ලාස්ටික් බෑගයක් භාවිත නොකළ යුතු අතර කවරයෙන් හිස් වසා නොගත යුතුය.

ඖෂධීය ප‍්‍රතිකාර හෝ ඉහත ක‍්‍රමවලින් ප‍්‍රතිඵල නොලද විට, දිගු කලක් ඉක්කාව පවතී නම් ශල්‍යකර්මයක් මගින් Vagus nerve කැවීමක් (vagetomy) සිදු කරයි. සමහර අවස්ථාවලදී ශල්‍ය වෛද්‍යවරයා විසින් පේ‍්‍රණිත ස්නායුවට ඖෂධයක් එන්නත් කර එය අවහිර කරයි.

  • ආඝාතය (Stroke)
  • අනතුරු
  • ගෙඩියක් (tumour)

කාන්තාවන්ට වඩා පිරිමින්ට දිගුකාලීන ඉක්කාව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළය. ඉක්කාව ඇති වීමේ අවදානම් තත්ත්ව ලෙස මානසික ගැටලු තත්ත්ව මෙන්ම ශල්‍යකර්මවලට බඳුන්වීමට සිදු වීම දැක්විය හැකිය. තවද ඉක්කාව නිසා ආහාර ගැනීමට, නින්දට, කතා කිරීමට බාධා ඇති වීමත් ශල්‍ය තුවාල සුව වීම ප‍්‍රමාද කරවීමත් සිදු වේ. දිගු කාලීනව පවතින ඉක්කාවක් තුලින් ජීවිතයට වුවද තර්ජනයක් විය හැක. තෙහෙට්ටුව/බර අඩුවීම/මානසික අවපීඩනය/හද ගැස්මේ ගැටලු/ආන්තශ්‍රේණිය ප‍්‍රතිවාහනයක් ඇති වී දුර්වල වූ රෝගියෙකුට මරණය පවා සිදුවිය හැක.

ඉක්කාව පාලනය කරගැනීම සඳහා

  • වතුර වීදුරුවක් ඉක්මණින් පානය කිරීම
  • කවුරු මගින් හෝ බිය වැද්දීම
  • තමා විසින් දිවෙන් ඇදීම
  • දෙහි ලෙල්ලක් සැපීම
  • වතුරෙන් උගුර සේදීම
  • ලූණු වල සුවඳ බැලීම
  • දිවේ පිටුපසින් සීනි තේ හැඳි 1/2 තැබීම
  • ඔබ බොන වතුර වීදුරුවේ මහපටඟිල්ල තබා සිටින පැත්තෙන් නොව අනෙක් පැත්තෙන් ජලය පානය කිරිම. එවිට බෙල්ල ඉදිරියට ඇදීමක් සිදුවන නිසා උදර පේශී සංකෝචනය වී ඉක්කාව නවතී.

 [කුරුණෑගල මහ රෝහලේ හෙද නිලධාරීනී ක්‍රිෂාන්තා ගංගා කුමාරි මහත්මියගේ ලිපියකි.]

තත්ත්වයෙන් උසස් ඩයපර් පෑන්ට් එකක මේ ලක්ෂණ තිබිය යුතුමයි

අම්මා කෙනෙක්ට පුංචි පැටියා තරම් වටින වෙන කිසිදෙයක් නැහැ. ඒ නිසාම පුංචි දෙයකදී වුණත් සිය දහස් වාරයක් ඒ ගැන හිතන්න, තවත් අම්මලාගෙන් අහලා උපදෙස් ගන්න ඔවුන් යොමු වෙනවා. මොකද හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ දරුවට ආදරය, රැකවරණය වගේම උපරිම සුව පහසුව ලබා දෙන්න. දරැවාගේ සුව පහසුව ගැන කතා කරද්දී මේ ඩයපර් පෑන්ට් දරුවන්ට අපහසුවක්ද කියලා අපේ අම්මලා බොහොම සැලකිලිමත් වෙනවා.

ඇත්තටම ඩයපර් පෑන්ට්ස් දරුවෙක්ට අපහසුවක්ද?

නැහැ. දරු පැටියෙක්ගේ උපරිම සුවපහසුව ගැනම සිතා නිපදවන ලද උසස් තත්ත්වයේ ඩයපර් පෑන්ට් වර්ගයක් නම් කිසිසේත්ම ඔබේ දරුවාට අපහසුවක් ගෙන එන්නේ නැහැ.

හොඳම තත්ත්වයේ ඩයපර් පෑන්ට් එකක් තෝරගන්න නම් මව්වරුන් විදියට අපි ඩයපරයකින් දරුවාට හිමිවිය යුතු වාසි ගැන මුලින්ම දැනුවත් විය යුතුයි. සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මේ කාලසීමාව තුළ අපේ පුංචි පැටව් බොහොම ක්‍රියාශීලී බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දරුවා වෙනුවෙන් අපි බාහිරව යොදාගන්නා කිසිවක් හේතුවෙන් දරුවා අපහසුතාවයට පත් විය යුතු නැහැ කියන අදහසේ සිටින ඔබ සැමවිටම ඔබේ පැටියා වෙනුවෙන් හොඳම‍ දේ ලබාදීමට උනන්දු විය යුතු නිසාම බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.

ඩයපර් පෑන්ට් එකක් වැඩි තුනී බවක් සහිත උපරිම උරා ගැනීමේ හැකියාවකින් සමන් විත වීම ඉතාම වැදගත් කරුණක්. මොකද ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට්ස් දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධාවක්. එවැනි ඩයපර් පෑන්ට්ස් දියර පිරුණු පසු දෙපා අතරින් එල්ලා වැටෙමින් දරුවාගේ දෛනික ක්‍රියාකාරකම්වලට බාධා කරනවා.

බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් ඔබේ පැටියාගේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය වී ඇති නිසාම එය තුනී බවින් වැඩි උපරිම උරාගැනීමේ හැකියාවක් සහිතව නිපදවා තිබෙනවා. ඒ වගේම මතුපිට වියළි බව එලෙසින්ම පවත්වා ගන්නා බේබි ෂෙරමි ඩයපර් පෑන්ට් කිසිදු අවස්ථාවක කාන්ඳු වීම් ඇති කරන්නේ නැහැ. පැටියාගේ ඩයපර් පෑන්ට් එක මාරු කළ යුතු අවස්ථාව ගැන යම් අවබෝධයක් ලබාගන්න එහි ඇති තෙත් බවේ ප්‍රමාණය හැඟවීමේ (wetness Indicator) විශේෂ හැකියාව අම්මලාට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා.

පුංචි පැටියාගේ සුමුදු සම පිළිබඳව අම්මා කෙනෙක් බොහොම සැලකිලිමත්. අන්න ඒ නිසාම ඩයපර් පෑන්ට්ස් නිසා මේ සුමුදු සම මත යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වුවහොත් කියන බිය ඔවුන් තුළ ති‍බෙනවා. කපු වැනි මතුපිට හරහා වතාශ්‍රය ගමන් කිරීමේ මනා හැකියාවක් සහිතව නිපදවා ඇති බේබි ෂෙරමි ඩයපර් පෑන්ට්ස් අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට ගැලපෙන පරිදි ඔබේ පැටියාගේ සුමුදු සම පිළිබඳව ඉතා කල්පනාකාරී වෙමින් නිපදවා ඇති නිසාම එය භාවිතයෙන් පැටියාගේ සුමුසු සම මත ආසාධන හෝ වෙනත් ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති නොවන බවට සහතිකයි. තවද ඉතා සුමුදු බඳ පටිය කිසිදු ආකාරයකින් පැටියාගේ සම මත තද වීමක් නොවන නිසා කැපීම් ‍හෝ සීරීම් ඇති නොවන බව කිව යුතුමය.

පුංචි පැටියෙක්ට උපරිම සුව පහසුව ලබා දෙන්න ඔබ කොයිතරම් දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුතුද යන්න පිළිබඳව දැන් ඔබට වැ‍ටහෙනවා ඇති. සැමවිටම ඔබේ පැටියා වෙනුවෙන් විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ එන උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරාගැනීමට ඔබ දැනුවත් විය යුත්තේ ඔබේ දරුවාගේ ශාරීරික මෙන්ම මානසික සංවර්ධනය නිසි ආකාරයෙන් සිදුවන්නට නම් බාධාවක් නොතිබිය යුතු නිසාමය.

එදා අකුරු කියැවු මංගල්‍යය

අතීතයේ පටන් අද දක්වාම දරුවෙකුට අකුරු කියවීම සිද්ධ වෙන්නේ වයස අවුරුදු තුන සම්පූර්ණ වූ විටයි. ඒත් අද ඇතැම් අය අවුරුදු දෙකහමාර වැනි වයසේදී වැඩිමහල් අය අකුරු කියවන විට ඇසෙන නිසාත්, දිවා සුරැකුම් මධ්‍යස්තානයට ඇතුළු කිරීමට පෙරාතුව අකුරු කියා දීම වඩාත් සුදුසු යැයි හිතන නිසාත් වයසට කලින්ම මේ චාරිත්‍රය සිදු කරනවා.

නැකතට අනුව අකුරු කියවීම සිදු කරනු ලැබුවේ ගමේ පන්සලේ හාමුදුරුවන්,පාසලේ ගුරුවරයා හෝ ගමේ වෙදමහතා විසිනුයි. අද වෙන විට හැම දෙමව්පියෙකුගේම සාක්ෂරතාවය ඉහල නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අකුරු කියැවීම ඔවුන්ගෙන්ම සිදු වෙනවා. එහිදී අනුගමනය කරන වතාවත් මේ විදිහටයි.

මුලින්ම බුදුරජාණන්වහන්සේට මල්, පහන්, සුවඳදුම් පුදා තෙරුවන් වැද දෙවියන්ට පිං දීම සිදු වෙනවා. පොත අතට දීම වෙනුවෙන් සකස් කරන ලද මේසයක් තිබෙනවා. එහි ගනදෙවියන්ගේ රූපයක්/සරස්වතී මෑනිය්නගේ රූපයක් තබා තිබෙනවා. ගණදෙවියන් නුවණට අධිපතියි.සරස්වතියත් නැණ නුවණට අධිපතියි.

ඉස්සර කාලයේ අකුරු කියවීම පුහුනු කරනු ලැබුවේ වැලිපිල්ලේ ලිවීමෙන්. වැලිපිල්ල යනුවෙන් හැදින්වෙන්නේ ලී පුවරුවක් හතර පැත්තේ ලී පටි ගසා පුවරුව කලු පැහැයෙන් පාට කර ඒ මත සිහින් වැලි අතුරා සකස් කර ගත් උපකරණයකි. මේ වැලිපිල්ලේ අකුරු  ලිය්නනේ ඇගිල්ලෙන්. එහෙම ලියද්දී වැලි ඈත් වී අකුර ඉස්මතු වෙනවා. යටින් තිබෙන කළු පැහැය දැන් මතු වී පේනවා. ඇඟිල්ල වැලි වලට කැවී තුවාල වීමෙන් ආරක්ෂා කර ගැනීමට ‘‘කුඹුරු“ යනුවෙන් හැදින්වුන ගෙඩි වර්ගයක් කපා එය ඇඟිල්ල අගට සවි කර ගත්තා.

ලියන අතරේම අකුර ශබ්ද නගා කියවනවා. එය හැදින්වුයේ ‘‘පිල්ලම් කියැවීම “ යනුවෙනුයි. එය කියවන රටාවක් තිබුනා. අකුරු ශබ්ද නගා කියවන විස්තරය ‘‘ගණදෙවි හෑල්ල “පොතෙහි සදහන් වෙනවා.

අකුරු හදුනා ගැනීමෙන් පසුව කියවනු ලැබුවේ ‘‘නම්පොත“යි.නම්පොත අවසානයේ ‘මගුල් ලකුණ“නම් කොටසක් ඇත. නම්පොත සහ මගුල් ලකුණ කියැවීමෙන් පසුව‘‘ගනදෙවි හෑල්ල “ සහ ‘‘වදන්කවි පොත “ කියවයි.පැරණි අකුරු කරවීම ගැන ‘‘ගණදෙවිහෑල්ල “කෘතියේ මෙසේ දැක් වේ.

ගෙන්නවා ගුරු ඇදුරු

වතක් අදවා සොඳුරු

තනා පස් රස මියුරු

දෙවා බුලතුත් කපුරු

කියා සිත් ලෙස දැනේ

වැල්ලේද ලියමිනේ

සැහැලි පොත් කියමිනේ

බුද්දගජ්ජය දැනේ…

අතීතයේදී සාක්ෂරතාවය බොහෝ විට සීමා වූයේ යම් පමණකින් එදිනෙදා බෙහෙත් වට්ටෝරුවක් කියවා ගැනීමට මිස උසස් අදයාපනයක් වෙනුවෙන් නොවේ. ඒ නිසා කියැවිය යුතු පොත් අතරට බුද්දගජ්ජය,සකස්කඩ නැමැති ග්‍රන්ථ ඇතුලත් විය. කටවහරට පවා

සකස්කඩ නොකී කට

උගේ කට හුඹස් කට යැයි …ගොඩ නැගී තිබුනි.

අතීතයේදී පාසල අද මෙන් සුන්දර වටපිටාවක නොවීය. ගුරුවරයා සැබැවින්ම දරුවාට සිප් සතර දෙන්නට සැදී පැහැදී සිටියද අද මෙන් මිත්‍රශීලී නොවීය.අකුරට කම්මැලි වූ තැනදී ලබා දුන් දඬුවම් ගැන‘‘ වදන්කවිපොත“ සිහිපත් කරන්නේ  මේ අන්දමටයි.

වේවැල් කෝටු නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු

මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු

පමා නොවී එමි අකුරට මෙයින් මතු…..

එහෙත් දරුවන් අකුරට මැලි වූයේ නැත අකුරු උගත් තැන ඉදිරිය ඇති බැව් ඔවුන් දැන උන්හ. ඒ බවට මෙම කවිය මනා වූ සාක්ෂියකි.

අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා

වල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල් ගිය රෙදි වැරලි ඇද දැළි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

 

දෙමාපියන්ගේ වෙන්වීම දරුවන්ට මේ විදියට බලපායි කියලා ඔබ සිතුවේ නැහැ නේද?

පුංචි දරුවන්ට එයාලගේ පවුල තරම් වටින, විශ්වාසනීය, ආදරණීය වෙනත් තැනක් නම් නැහැ. අම්මා, තාත්තා දෙන්නම තුරුල්ලේ ආදරය විඳින එක, හුරතල් වෙන එත තරම් පුංචි පැටව් වෙනත් දෙයක් සොයන්නෙත් නැහැ. ආදරයෙන් වෙලීලා බොහොම ආදරණීයව ජීවිතය ගත කරපු පවුල් නොහිතන මොහොතක කැඩී බිඳී යන අවස්ථා අද වෙන විට බහුලව අහන්න ලැබෙනවා. අන්න ඒ නිසාම දෙමාපියන්ගේ වෙන්වීමකදී එය දරැවාට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්න අපි හිතුවා.

දෙමාපියන්ගේ වෙන් වීමකදී මුලින්ම දරුවෙකුට ඇතිවන්නේ දෙමාපියන් වෙන්වන බව අදහාගැනීමට අපහසු වීමයි. මේ අවස්ථාවේදී ඔවුන් දෙමාපියන් වෙන්වන බව ප්‍රකාශ කළත් එසේ නොවනු ඇතයි සිතනවා. නැතිනම් ඔවුන් නැවත එක්වනු ඇතයි සිතනවා. ඉන්පසු ඇතිවන්නේ දෙමාපියන් වෙන්වීම පිළිබඳ දෙමාපියන් කෙරෙහි කේන්තියක් ඇතිවීමයි. දෙමාපියන් ආත්මාර්ථකාමී බවත්, ඔවුන් ගැන පමණක් සිතන බවත්, දරුවාගේ සතුට ගැන තැකීමක් නැති බවත් සිතනවා. ඉන්පසු දරුවන් බොහෝවිට දෙමාපියන් නැවත එක් කිරීමට උත්සහ ගන්නවා. මෙය සාර්ථක නොවූ පසු ඔවුන් දුකටත්, කනස්සල්ලටත් පත්වනවා. අවසානයේ කාලයත් සමඟ ඔවුන්  දෙමාපියන් නැවත එක් නොවන බව තේරුම් ගෙන එයට හැඩ ගැසෙනවා. දරුවන් දෙමාපියන්ගේ වෙන්වීමට ප්‍රතිචාර දක්වන අන්දම දරුවාගේ වයස අනුව ද වෙනස් වේ.

අවුරුදු 3ට අඩු දරුවන්

  • වැඩිපුර හැඬීම
  • නින්දට බාධා ඇතිවිය හැකිය/බියකරු සිහින දැකීම
  • වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇ‍ඟෙහි එල්ලීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5 අතර)

  • මව/පියා දැන් තමාට ආදරය නොකරන බව සිතීම
  • දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
  • වෙනදාට වඩා නිතරම මව/පියා සතු‍ටු කිරීමට උත්සහ කිරීම
  • නැවත ඇඳ තෙමීමට, ඇඟිලි ඉරීමට හෝ නැවත කුඩා දරුවෙක් ලෙස කතා කිරීමට පටන් ගැනීම
  • වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇ‍ඟෙහි එල්ලීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

අවුරුදු 6-8 අතර දරුවන්

  • වෙන්වූ මව/පියා නැතිව දැඩි පාළුවක්/කාංසාවක් දැනීම
  • වෙන්වීම නිසා මවට/පියාට ඇතිවන ගැටළු ගැන කල්පනා කිරීම
  • දරුවා ජීවත් වන්නේ මව සමඟ නම්, ඔවුන්ට පියාත් සමඟ ඇති සම්බන්ධය නැති වේයැයි බිය වීම
  • දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
  • නිතරම හැඬීම, දුකින් සිටීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

අවුරුදු 9-12 අතර දරුවන්

  • දෙමාපියන්ගේ වෙන්වීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම
  • එක් දෙමාපියෙකුගේ පැත්ත ගෙන අනෙක් කෙනාට වරද පැටවීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
  • තමාගේ අනාගතය ගැන බිය වීම
  • නිතර බඩේ අමාරු, හිසේ කැක්කුම් ආදිය ඇතිවීම

අවුරුදු 13-18 අතර

  • දෙමාපියන්ට තවදුරටත් තමාගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වේ යැයි බිය වීම
  • දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාව දුර්වල වීම/ පවුලෙන් ඈත් වීම
  • වැඩිපුර ස්වාධීන වීමට උත්සහ ගැනීම
  • පාසැල් වැඩට ඇති උනන්දුව/අවධානය අඩුවීම
  • වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම

දෙමාපියන්ගේ වෙන්වීම ගැන දරුවාට කිව යුත්තේ මොනවාද?

  • හැකිනම් දෙමාපියන් දෙදෙනාම එක්ව දරුවාට මේ ගැන පවසන්න. නමුත් මේ ගැන කතා කිරීමේදී ඔබ දෙදෙනා රණ්ඩු වේයැයි සිතේ නම්, වෙන් වෙන්ව පැවසීම සුදුසුයි.
  • ඔබ දෙදෙනා වෙන්වන බව ඉතා සරලව දරුවාට පැහැදිළි කරන්න. වෙන්වීමට හේතු දරුවා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න එපා.
  • ඔබ දෙදෙනා වෙන් වුනත්, දෙදෙනාම පෙර සේම දරුවාට ආදරය කරනබව පැහැදිලි කරන්න
  • ඔබ දෙදෙනා වෙන්වීමට දරුවා කිසිම ආකාරයකින් වගකිඅයුතු නොවන බව පවසන්න
  • ඔබ දෙදෙනා නැවත එක් කිරීම සඳහා දරුවාට කළ හැකි දෙයක් නොමැති බව පවසන්න.
  • දෙමාපියන් වෙන්වීම ගැන දරුවා දුක්වන බව තමා දන්නා බව පවසන්න. දරුවාට හැඟිම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා දෙමාපියන් දෙදෙනාටම ආදරය කරන බව ඔබ දෙදෙනාම දන්නා බවත්, එමනිස දරුවාට වෙනදා මෙන්ම ඔබ දෙදෙනා සමඟම සම්බන්ධතාවක් පවත්වා ගත හැකි බවත් පවසන්න
  • දරුවාට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙන්න.
  • ඔබ දෙපළ වෙන්වීමෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය වෙනස්වන ආකාරය සාකච්ඡා කරන්න. උදා: දරුවා ජීවත් වන්නේ ඔබ දෙදෙනාගෙන් කවුරුන් සමඟද, සති අන්තය ගත කරන්නේ කාත් සමඟද, වෙනදා අම්මා/තාත්තා කළ දේවල් මින්පසු කරන්නේ කවුද ආදිය
  • දරුවාට බොරු පොරොන්දු දීමෙන් වලකින්න. දරුවාට යමක් පොරොන්දු වුනොත් එම පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉ‍ටුකරන්න. උදා: මව සමඟ ජීවත්වන දරුවාට දිනපතා දුරකථනයෙන් කතා කරන බවට පියා පොරොන්දු වූයේ නම්, පොරොන්දු වූ පරිදි දිනපතා කතා කරන්න. නැතිනම් එවැනි පොරොන්දු දීමෙන් වැලකී සිටින්න.

දෙමාපියන්ගේ වෙන්වීමට හැඩ ගැසීමට උදව් වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

  • දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට හැකි තරම් උත්සහ ගන්න. උදා: වෙනදා මෙන් පාසැල් යාමට, යහළුවන් ඇසුරු කිරීමට, විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත විමට යොමු කරන්න
  • එකවර වෙනස්වීම් රාශියක් සිදුකිරීමෙන් වලකින්න. උදා: ජීවත්වන නගරය, නිවස, පාසල ආදිය සියලු දේ එකවර වෙනස් කිරීමෙන් වලකින්න
  • දරුවාට මව/පියාගේ නෑදෑයින් (උදා: අත්තම්මා, සීයා) සමඟ කිට්‍ටු සම්බන්ධතාවක් තිබුණි නම්, එම සම්බන්ධතා ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට ඉඩදෙන්න
  • දරුවාට ඔබ දෙදෙනාගේ වෙන්වීමට හුරුවීමට කාලයක් ගතවන බව තේරුම් ගන්න

දෙමාපියන් වෙන්වූ අවස්ථාවකදී නොකළ යුතු දේ මොනවාද?

  • දරුවා ඔබ දෙදෙනා අතර පණිවිඩකාරයෙකු ලෙස යොදා ගන්න එපා. ඔබට දරුවාගේ පියාට/මවට යම් පණිවිඩයක් දීමට අවශ්‍ය නම්, එය ඔබම පවසන්න. ඒ සඳහා දරුවා ගැනීමෙන් වලකින්න
  • දරුවා ඉදිරිපිටදී රණ්ඩු වීමෙන් වලකින්න
  • දරුවාගේ මවගේ/පියාගේ වැරදි දරුවා සමඟ පැවසීමෙන් වලකින්න
  • දරුවා ඔබ දෙදෙනාටම එකසේ ආදරය කරන බව මතක තබාගන්න. එමනිසා දරුවාට ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් ‍තෝරා ගන්නට සලස්වන්න එපා.
  • දරුවා තම මව/පියා ගැන ඔත්තු බැලීමට යොදාගන්න එපා. උදා: “තාත්තා කාටද call කරන්නේ”, “අම්මා හම්බුවෙන්න වෙනත් පිරිමි අය එනවද?” වැනි දෑ දරුවාගෙන් ඇසීමෙන් වලකින්න
  • දරුවා ඔබ දෙදෙනා සමඟම සම්බන්ධයක් පවත්වාගැනීම වැදගත්. එමනිසා දරුවාගේ මව/පියාගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා ඔවුන්ට දරුවා සමඟ සම්බන්ධයක් ඇතිකරගැනීම වලක්වන්න එපා.
  • ඔබ දෙදෙනා වෙන් වීමට හේතු දරුවා සමඟ සාකච්ඡා කරන්න එපා. උදා: මව/පියාගේ වෙනත් ආදර සම්බන්ධතා, ලිංගික ගැටළු, නෑදෑයන්ගෙන් වන වෙනස්කම් දරුවා දැනගැනීම අනවශ්‍යයි
  • ඔබගේ සිත සැනසීමට, දුක බෙදාගැනීමට යහළුවෙක් ලෙස දරුවා යොදා ගන්න එපා. ඔබට ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට, දුක බෙදාගැනීමට කෙනෙක් අවශ්‍ය නම්, වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න.

මෙම ලිපියෙන් සාකච්ඡා කළේ සාමාන්‍යය තත්ත්ව යටතේ දෙමාපියන් වෙන්වන අවස්ථාවකදී කළයුතු දේ පමණි. දෙමාපියන් වෙන්වූයේ මව/පියාගෙන් දරුවාට හිංසාවක් හෝ අපයෝජනයක් සිදුවූ නිසා නම් එහිදී ක්‍රියාකළ යුතු ආකාරය මින් වෙනස් ආරක් ගනී.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

දරුවන් සමග ආරක්‍ෂිත බැදීමක්(secure attachment) ඇතිකර ගන්නේ කොහොමද ?

දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු පහ ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන්නේ ශාරීරිකවත් මානසිකවත් දරුවෙකුගේ සීග්‍ර වර්ධනය සිදුවන කාලය මේ කාලය නිසයි. දරැවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී මොළය තුළ ස්නායු තන්තු මිලියන ගණනක් නිර්මාණය වීමෙන් සහ ස්නායු තන්තු අතර හුවමාරුව ප්‍රගුණ වීම සිදුවන බව මීට පෙර ලිපි හරහාත් ඔබට දැනුවත් කළ බව මතක ඇති. මෙන්ම මේ කාලය තුළ දරුවෙක් තමාගේ මව හෝ රැකබලාගන්නා සමග ඇති කරගන්නා බැඳීමට අනුව ඒ දරුවාගේ ජීවිතයේ ඉදිරි කාලය තුළ අනෙක් පිරිස් සමග ඇති කරගන්නා බැඳීම් තීරණය වෙනවා. ඒ වගේම දරුවාගේ පෞරුෂ වර්ධනය සහ මානසික ඒකාග්‍රතාවයත් මේ බැඳීම මත  තීරණය වෙනවා.

දරුවා සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

ඔබ දෛනිකව අතිශය කාර්යබහුල අවස්ථාවක් සිහියට නඟන්න. උදාහරණයක් විදියට දරැවා සමග ඔබ නිවසට පැමිණෙන අවස්ථාව ගනිමු. මේ වගේ අවස්ථාවක අම්මා කෙනෙක්ගේ හිතේ එකිට එක බොහොමයක් කාර්යයන් පෙල ගැසෙනවා. ගෙදර ගිය ගමන් පැටියා වොෂ් කරන්න ඕනේ, කෑම බීම හදාලා දෙන්න ඕනේ. මෙන්න මේ විදියට වගකීම් ගොඩක් අම්මා කෙනෙක්ගේ මනසට එනවා. ගෙදරට ඇතුලු වුණු ගමන්ම අම්මා මේ රාජකාරී වෙනුවෙන් කැප වෙනවා. ඔය අතරේදී අම්මා ළඟට එන පුංචි පැටියව අපි කී වරක් නම් නැවත හරවා යවනවද, අනේ පැටියෝ තව පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න කියලා. ඉතිං මේ දරු පැටියා පොඩි වටයක් ගිහින් ආයෙත් කැරකිලා එන්නේ ඔබ ළඟටමයි නේද? මේ වගේ තත්ත්වයකදී දරුවට කෑකෝ ගසන දෙමාපියනුත් නැතිවම නෙවෙයි. තත්ත්වය අපිට කරදරයක් විදියට යම් විටෙක සිතුණත් මෙතැනදී අපි අවබෝද කරගත යුතු සුවිශේෂී යමක් තියෙනවා.

ඇයි ඔබේ දරුවා විටින් විට මෙලෙස ඔබ වෙත එන්නේ?

බැඳීම් ඇති කරගැනීමේ න්‍යායට (Attachment theory )අනුව දරැවන්ගේ ආරක්‍ෂිත ස්ථානය (safe haven) වන්නේ අපියි. මේ පුංචි දරුවෝ නිදිමත, කුසගින්න, වෙහෙස, වේදනාව, සතුට හෝ කිසිදු හේතුවක් නැතිවත් ඔවුන්නේ ආරක්ෂිත ස්ථානය වන අපි වෙත ඇදෙනවාමේ දරුවෝ මේ විදියට විටින් විට අප කරා පැමිණෙන්නේ මානසික සුවය වැඩිකරගන්න. සරලව කිව්වොත් එයාලගේ emotional cup එක පුරවා ගන්න.

ඉතින් අපි මොකද්ද කළ යුතු වන්නේ,

තුරැලු කරගැනීම, සිප වැළඳ ගැනීම, ආදරයෙන් කතා බහ කිරීම වගේම දරුවා කෙරේ අවධනය යොමු කිරීමත් මේ පුංචි පැටවුන්ගේ emotional cup පුරවන්න බොහොම ප්‍රමාණවත්. ඉතිං මේ පුංචි පැටව් විටින් විටේ මෙන්න මේ විදියට එයාලගේ emotional cup එක ආදරයෙන් පුරවා ගන්න අපි ළඟට එනවා. මේ ක්‍රියාවලිය ආරක්ෂිත බැඳීමක් තුළින් දරුවෙකුගේ  මානසික සංවර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. සමීක්ෂණ වාර්තා අනුව ගත් කළ දෙමාපියන් වශයෙන් අපට මේ පුංචි පැටවුන්ගේ emotional cup එක 30%කින් වත් පිරවිය හැකි නම් දරුවා සමග හොඳ බැඳීමක් ඇති කරගත හැකි බවයි.

නමුත් අද වෙද්දී තාක්ෂණික මෙවලම් සමග මව්පියන් මෙන්ම දරුවනනුත් කාර්ය බහුල වෙලා. ඉතිං

emotional cup එක පිරවීමක් සිදු වෙන්න ඉඩ කඩ සීමිතයි. දුරකතනය, ටැබ් එක එක්ක කාර්යබහුල වුණු මවට පියාට දරුවාගේ පැමිණීමක් හෝ වෙනත් දෙයකට අවධානයක් නැහැ. ඇතැම් විට දරැවා වැටුණත් නොපෙනෙනවා විය හැකියි. මොකද වැඩිහිටියන් වුණත් අපේ මනස දුරකතනයට යොමු වෙලා. මේක අනිත් පැත්තට හිතුවොත් අපේ වැඩ පහසු කරගන්න අපි දරැවට දුරකතනය ලබා දෙන අවස්ථාව දැක්විය හැකියි. එතකොට දරැවා එයාගේ emotional cup එක පුරවගන්න අපි ළඟට එන්නේ නැහැ. මේ අවස්ථාවේදී දරුවා බැඳීම ඇති කරගන්නේ දුරකතනයත් එක්ක.

බැඳීමක් නැති තැන, මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නැහැ. දරුවා අපේ ළඟට එන විට දක්වන ප්‍රතිචාරය වගේම අපේ ළඟින් ඈත්ව යනකොටත් අපි දක්වන ප්‍රතිචාරය ආරක්‍ෂිත බැදීමක් ඇති කර ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා.

අපි දරුවන්ව අනවශ්‍ය ලෙස හිරකර ගත්තොත් මොකද වෙන්නේ?

දරුවා අධික ලෙස ආරක්ෂා කරමින් සෙල්ලම් කරන්න නොදී අප ළඟම තියාගන්නවා නම්, දරුවාට තමන්ගේ පරිසරය ගවේෂණය කරමින් ඉගෙන ගැනීමේ හැකියාව සීමා වෙනවා. අපේ අතින් විවිධ වයස් වල සිටිනා දරුවන්ව විවිධ විදියට සීමා වෙන්න පුළුවන්.

අත දරුවෙක් – අප තුරුලේම තියාගෙන දරුවාට බඩ ගාන්නවත් නොදී තබාගැනීම

වයස අවුරුදු 3 – 5 දරුවෙක් – හැම විටම වඩා ගෙන හිර කරගෙන සිටීම

වයස අවුරුදු 5 – 6 දරුවෙක් – යහලුවන් සමග සෙල්ලම් කරන්න නොදී, ක්‍රීඩාවලින් ඈත් කරලා තබාගැනීම

නමුත් දරැවන්ගේ මානසික සංවර්ධනයට ඔවුන් අප වෙතින් තම emotional cup එක පුරවා ගන්නවා සේම අපෙන් බාහිරව පරිසරය ගවේෂණය කරමින් ලබාගන්නා අත්දැකීම් ලබාගැනීමත් බොහෝසෙයින් වැදගත් වේ. දරුවාගේ මානසික වර්ධනය වන මුලු කාලයම ගතහොත් (අවුරුදු 0 – 25) අවම වශයෙන් 30% ඒ අවශ්‍යතා ඉටු විය යුතුයි. දරුවෙකුට අප වෙත ළං වීමට වගේම වෙන් වීමටත් 30%කවත් අවස්තාවක් හිමිවනවා නම් ඒ දරුවන් අප සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගැනීමට සමත් වේ. කෙසේ වුවද දරුවන් සමග ආරක්‍ෂිත බැඳීමක් ඇතිකරගන්න දෙමාපියෙක් සර්වසම්පූර්ණ (100%) විය යුතු නැහැ.

කාර්යබහුල/දරුවන්ගේ මානසික අවශ්‍යතා ගැන අවබෝදයක් නැති/දරුවන් වැඩි ගණනක් සිටින/කායික හෝ මානසික ගැටලු ඇති/ මත්පැන් මත්ද්‍රව්‍ය නිසා හෝ ගෘහස්ත වදහින්සනය නිසා දුක් විදින  දෙමපියෙකුට දරුවන්ගේ අවශ්‍යතා 30%ක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවේ. අන්න ඒ නිසාම  මූලික වශයෙන් දරුවන් සහ ඔවුන්ගේ හැසිරීම් සහ කායික මානසික අවශ්‍යතා ගැන මූලික අවබෝධයක් දෙමාපියන් වන අප ලබා ගත යුතුයි. එවිට දරැවන්ගේ අවශ්‍යවලට මුල් තැනදී කටයුතු කළ හැකියි. ඒ හරහා දරැවා අප සමග secure attachment එකක් ඇති කරගැනීමට පෙළඹේ.

Secure attachment/ ආරක්‍ෂිත බැදීමක් ඇති විට දෙමාපියන් අතින් වෙන අතපසු වීම්, වැරදි, නොගැලපීම්, emotional cup නොපිරවීම් යන හැම දෙයකිම්ම දරුවා අත්දැකීම් ලබා ඒවගෙන් ඉගෙන ගන්නා අතරම එමගින් දරුවා යම් දිනෙක තනිව ලෝකෙයට යොමු වීමේදී දුක සැල විඳ දරා ගනිමින් ජීවත් විමට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහු තුළ ගොඩනැගෙනවා.

ඉතින් සමහර දෙමාපියන් අතින් වෙන්න පුළුවන් දෙයක් තමයි, මුළු ලෝකයම ගවේෂණය කරන්න දුන්නත්, දරුවෝ තමන් ලගට ආවිට ඔවුන්ව හරවා යවන එක. උදාහරණයක් විදියට, දරුවෙක් වැටිලා රිදිලා ඔයා ලගට ආවම නිතැතින් විය හැකි දෙයක් තමයි ” ඕක මොකක්ද, පොඩි හීරිල්ලකනේ, ඔයා ලොකු ළමයෙක්නේ යන්න යන්න තව සෙල්ලම් කරන්න.” මේ විදියට දරුවා තමන් ලගට එන වෙලාවට දරුවාගේ emotional cup නොපුරවා එයාගේ හැඟීම් නොසලකා හරිනවා නම් දරැවා තුළ ඇති වන්නේ කණස්සල්ලය සහිත බැඳීමක් (anxious avoidant attachment). එමගින් දරැවන් තුළ තමන්ගේ දුක, බය, කේන්තිය, තරහ වගේ හැගීම් යටපත් කරන්න පුරුදුවෙන තත්වයක් ඇති විය හැකි අතරම එය සම්පූරණ ජීවිතකාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි. දරැවෙක් මේ තත්ත්වයට නිතර නිතර මුහුණ දීමෙන් අනාගතය, සබඳතා ඇතුලු හැමදේම දිහා හිස්කමකින් බලන අතරම එය ඔවුන්ගේ මානසික සහ පෞරුෂ වර්ධනයට බලවත් හානියක්/දෝෂ ඇතිකළ හැකි තත්ත්වයකි. වැඩිහිටි වියේදී ප්‍රශ්නවලින් පලායන, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පත්විය හැකියි.

තවත් සමහර දෙමාපියන් දරුවාව තුරුළු කරගෙන මිරිකගෙන හැදුවත්, දරුවාට තමන්ගෙන් ඈත් වෙලා ලෝකේ ගවේෂණය කරන්න නම් ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඇති වන්නේ anxious ambivalent attachment තත්වයක්. මේක හොඳටම පෙන්නේ ඒ දරුවන් දෙමාපියන්ගෙන් තවකාලිකව වෙන්වන අවස්ථාවලදී. උදාහරනයක් විදියට දරුවා පෙර පාසලේදී තමන්ගේ දෙමාපියන්ට අධික ” clingy” තත්ත්වයක් පිළිබිබූ කරන්න පුලවන්”. ලොකු දරුවෙක් නම්, පාසල් යන්න දරුණු අදිමදි කිරීමක් කරන්න පුලුවන්. දිගටම මේ තත්ත්වය පැවතුනොත්, ඔවුන් වැඩිහිටියන් වූ විටත් බොහෝ විට ඕනවට වඩා තම සහකරුවට වදයක් වන තරමටම clingy වී සබඳතාවල ගැටලු ඇති කරගැනීම පමණක් නොවෙයි තමන්ගේ මානසික ඒකාග්‍රතාවය තබා ගැනීමට පවා නොහැකිව අසතුටින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්විය හැකියි.

ඉහත සදහන් කාරණා දෙක 30% වත් කරන්න. ඒ කියන්නේ 70% දරුවට ඉඩ ලැබෙනවා තමන්ගේ emotional cup නොපිරීමෙන් වෙන දුක දරාගන්න පුරුදු වීමටත්, ලෝකය පරිස්සමෙන් දෙමාපියන්ගේ ආරක්ෂාව යටතේ ගවේෂණය කිරීමටත්. මේ විෂම ලෝකයට ආත්ම ශක්තියෙන් අනූනව මුහුණ දෙන්න හැකියාවක් ලැබේවි.
එවන් දරුවෙකු වැඩිහිටියෙක් වූ දිනෙක මානසික ඒකාග්‍රතාවය රැක ගනිමින් නොබියව ජීවිතයට මූණ දී කම්කටුලු වලින් නිසැකවම ජයගනී.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

දග පොඩ්ඩන්ට සැහැල්ලුවෙන් දවස ගෙවන්න තුනී ඩයපර් පෑන්ට් එක වඩාත් සුදුසු මේ නිසයි

හා හා පුරා කියලා අම්මා කෙනෙක් වුණු කාන්තාවකට වටෙන් පිටෙන් අහන්න ලැබෙන උපදෙස් නම් කෝටියයි. සමහර වැඩිහිටියෝ තමන් ලබපු අත්දැකීම් ගැන විස්තර කළත් ඒ අත්දැකීම තවත් දරුවෙක්ට නොගැලපෙන්නත් බැරි නැහැ. ඒ වගේම මිත්‍යා මතත් එකක් දෙකක් කියලාත් නෙවෙයි. මේ දේවල් කොහොම වුණත් කිසිම අම්මා කෙනෙකුටම මේ හැමදේටම එකඟ වෙලා කටයුතු කරන්න අමාරුයි. මොකද අතීතයේදීට වඩා අද වෙද්දී කාන්තාවන් කියන්‍නේ හරිම කාර්ය බහුල පිරිසක්. ඒ වගේම මිත්‍යා මතවලින් වුවත් බොහෝ දුරට ඈත් වෙලා. ඒත් වැඩිහිටයන් කෙරේ තියෙන භක්තිය ආදරය නිසාම ඔවුන්ගේ වචන නොසලකා හරින්නත් ඔවුන් අකමැතියි. වැඩිහිටියන්ගේ උපදෙස් වගේම අදහස් අතරේ ඩයපර් පෑන්ට්ස් කියනේනේ දරුවාට නොගැලපෙන දෙයක් විදියට තමයි සඳහන් වෙන්නේ.

මව්කුසේ සීමිත ඉඩ පරාසයක දස මසක් වැඩුණු ඔබේ සිඟිත්තා මෙලොවට බිහිවීමත් සමගම සිය වර්ධනයේ බොහොමයක් ඉසව් වේගයෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ කරන බව අපි දන්නවා. දවසින් දවස තම ජීවි‍තයේ බොහොමයක් කඩඉම් පසුකරන මේ පුංචි සිඟිත්තට අවශ්‍ය රැකවරණය වගේම පහසුව සැලසීම මව්වරුන් වන අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. ඒ නිසාම දරු පැටියෙකුගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි. දරුවෙකුගේ වර්ධනයේ එක් එක් අවධීන් වෙනුවෙන් නිසි සංවර්ධනයක් බලාපොරොත්තු වන ඔබ ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.

උඩුබැලි අතට වැතිරී සිටින කිරි කැටියා මුනින් අතට පෙරලීම, වාඩි වීම, බඩ ගා ඇදී යාම වගේම නැගී සිටීමත් ඇවිදීමත් මේ වයස් සී‍මාවේදී සිදු කරන ක්‍රියාකාරකම් අතර මූලික වනවා. දරු පැටියෙක්ට සාර්ථකව ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය නිදහස ඒ අයුරින්ම තිබිය යුතුයි. තෙමා ගැනීම පුංචි පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට බාධකයක් වෙන්න ඉඩ තියන්න අම්මාලා කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම අම්මලා ඩයපර් පෑන්ට් වෙත යොමු වෙනවා. ඩයපර් පෑන්ට් එකක් තෝරාගැනීමේදීත් එහි ස්වභාවය ගැන වැඩි අවධානයක් යොමු කරන අතරම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට්ස්වලට ලැබෙන්නේ මුල් තැනක්. පැටියාගේ නිදහස, සැහැල්ලුව සහ  සුවපහසුව ගැන සිතන ක්‍රියාශීලී බවට සහය වෙන සෑම අම්මා කෙනෙක්ම පැටියා වෙනුවෙන් තෝරාගත යුතු වන්නේ උපරිම තුනී බවකින් යුතු ඩයපර් පෑන්ට් වර්ගයක්.

බොහොම ක්‍රියාශීලී පිරිසක් වන මේ වයසේ සිඟිත්තෝ දඟලන්න, පෙරලෙන්න, දුවන්න, පනින්න විතරක් නෙවෙයි දණ ගාන්න, බඩ ගාන්න මෙන්න මේ වගේ නිමක් නැති ක්‍රියාකාරම් එක්ක කාර්යබහුලයි. ඉතිං ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ගය මේ පැටවුන්ගේ නම්‍යශීලී බවට බාධාවක් නොවන සැහැල්ලු එකක් විය යුතුයි. මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු සුවිශේෂීම කරුණ වන්නේ ඩයපර් පෑන්ට් එකෙහි ඇති තුනී බවයි. ඔබේ පැටියා වෙනුවෙන් තෝරා ගන්නා ඩයපර් පෑන්ට් එක ඝනකමින් වැඩි වුවහොත් පැටියාගේ මේ ක්‍රියාකාරකම්වලට අනිවාර්යෙන්ම බාධාවනු ඇත. දරුවාගේ වේගවත් බව බාල කිරීමට ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට්ස් හේතු විය හැකි අතරම දියර පිරීමත් සමගම ඒ බාධාවක් දෙතුන් ගුණයකින් ඉහළ යා හැකිය. අන්න ඒ නිසාම තුනී බවින් වැඩි ඩයපර් පෑන්ට් වර්ගයක් තෝරා ගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුතුයි. එමගින් දරුවාගේ චලනයන් වෙත කිසිදු බාධාවක් එල්ල නොවේ.

ඩයපර් පෑන්ට්ස් සුව නින්දක් ඔබේ දරුවාට ලබාදීමටත් ඔබට සහය වනු ඇත. නමුත් ඔබේ දරුවාට සුව පහසු නින්දක් හිමිවන්නේ ඔබ තෝරාගන්නා ඩයපර් පෑන්ට් වර්ග උපරිම තුනී බවින් යුක්ත එකක් නම් පමණි. තුනී බවින් වැඩි ඩයපර පෑන්ට් වර්යක් ඔබ භාවිත කරයි නම් දරුවාට තමා කැමති ආකාරයක සුව පහසු ඉරියව්වකට යොමු වීමට බාධාවක් ඇති නොකරයි. ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් මගින් ඇතැම් විට ඔබ දරුවා ඇඳ මත තබන ඉරියව්වේම සිටීමට සිදු විය හැකි අතරම තුනී ඩයපර් පෑන්ට් එකක් ඇන්ද වීමෙන් දරුවාගේ සුවපහසු ඉරියව් කරා යමින් සැපවත් නින්දක් ලබා ගත හැකිය. තෙත් වීම නිසා හෝ ඝනකම් ඩයපරය නිසා ඇති වන අපහසුතාවය හේතුවෙන් රාත්‍රිය පුරා විටින් විට දරුවාගේ නින්දට බාධා වුවහොත් දරුවාගේ සුව නින්ද අහිමි වනු ඇත. සුව පහසු නින්දක් හිමි වුණු දරුවෙක් ඉතා ප්‍රබෝධමත්ව අවධි වී ඉතා සතුටින් කාලය ගත කරන අතරම ඒ සතුට දරුවන්ගේ මානසික සංවර්ධනය උදෙසාත් ඉවහල් වනු ඇත. එම නිසා ඔබේ දරුවාට සතුට ළඟා කරදීමට ඔබේ නිවැරදි තෝරාගැනීම බෙහෙවින් උපකාර වනු ඇත.

ඔබ, ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් සමගින් ලබා ඇති නොයෙක් අමිහිරි අත්දැකීම් නිසාම ඔබේ පැටියාට ඩයපර් පෑන්ට්ස් ඇන්ද වීම නතර කර දැමූ මවක් විය හැකියි. නමුත් ඔබේ තෝරා ගැනීම තුනී බවින් වැඩි උපරිම උරාගැනීමේ හැකියාවක් ඇති ඩයපර් පෑන්ට් වර්ගයක් නම් ඝනකමින් වැඩි ඩයපර් පෑන්ට් නිසා දියර පිරුණු විගස දෙපා අතරින එල්ලා වැටීම වැනි වූ ඒ අපහසුතා කිසිවිටෙක් නැවත ඇති නොවනු ඇත. තම දෛනික ක්‍රියාකාරකම් කෙරේ ඉතා සතුටෙන් යොමුවන තෘප්තිමත් දරුවෙක් සෑම විටම සතුටින් සහ සුවපහසුවෙන් කාලය ගත කරයි. එය වක්‍රාකාරව ඔබේත් පවුලේත් සතුටට හේතු වනු ඇත. ඔබ, ඔබේ පැටියා වෙනුවෙන් නිවැරදිම දේ තෝරා ගැනීමට සැමවිටම සැලකිලිමත් වෙන්න.

මේඝ මේ තරම් දුර ගියේ දෙමව්පියන් ඔහු හදුනාගත් නිසයි

ඉර, හඳ, තරු ගැන දරුවන්ගේ හිතේ නැගෙන සිතුවිලි උපන්ගෙයිම මරා දැමීමටහෝ , ඒ ඔස්සේ ඔවුන්ගේ චින්තනය අවදි කිරීමටත් හැකියාව ඇත්තේ දෙමව්පියන්ටයි.මේඝ මහිම විජේසේකර නැමැති පුංචි දරුවාගේ හිතේ බයිබලයේ මැවුම්කාර චිත්‍රය තදින්ම හිතේ සනිටුහන් වුනා. ඔහු ඒ ගැන විවිධ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. අහසේ විශාලත්වය, තරුවල විවිධ ලක්ෂණ වැනි තාර්තික සංකල්පවලට අම්මා , තාත්තාටත් පිලිතුරු තිබුනේ නැහැ.

මේ වෙන විට ඔවුන් පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ. මේඝගේ මව දොෂාන්ති විජේවර්ධන සන්නිවේදන උපාධිධාරිනියක්.පුතා නගන ප්‍රශ්නවලට පිලිතුරු දීමට ඇගේ දැණුම ප්‍රමාණවත් නොවුන නිසා ලංකාවේ සිටි ඇගේ පියා සමග ස්කයිප් ඔස්සේ පුතුගේ ප්‍රහ්නවලට විද්‍යාත්මකව ගැලපෙන පිළිතුරු සොයා ගත්තා.

යාන්තම් අකුරු ගලපා ගැනීමට හැකියාව ලද තැන පටන් මේඝ පොත් පත් කියවන්න පටන් ගත්තා. නමුත් ඒ රටාව ඔහුගේ වයසේ දරුවන්ට සාපේක්ෂව වෙනස්. මේඝ නිතරම කියවනු ලැබුවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍ය පමණයි. ඔහුගේ කියැවීමේ වේගය කොතරම්ද කිවහොත් පාසල් පුස්තකාලයේ සියලුම පොත් ඔහු කියවා අවසාන කලා. වරක් පාසල් පුස්තකාලය ඔහුට ප්‍රබන්ධ නොවන පොත් කියැවීම නවත්වන ලෙසට තහංචි පවා පනවා තිබුණා.මේඝ නිතරම ඇසුරු කලේ ඔහුගේ සමවයස් කණ්ඩායම් නොවෙයි. එහුගේ මිතුරන් වුනේ වැඩිහිටි සිසුන්, ගුරුවරුන්.අම්මා තාත්තාගේ දැනීමේ හැටියට තම පුතුගේ හැසිරීමේ වෙනසක් දුටු නිසා ඔවුන් දරුවා මනෝ වෛද්‍යවරුයෙකුට පවා පෙන්නුවා.

එහිදී වෛද්‍යවරයා කියා සිටියේ මේඝගේ මොලයේ වර්ධනය ඔහුට වඩා වයසින් අවුරුදු පහක් පමණ වැඩි අයෙකුගේ මොළයට සමාන බවයි. මේඝගේ දෙමව්පියන් ඔහු අධ්‍යාපනය ලබන පාසලෙන් වෙනස් කරල ‘‘ඇඩිලේඩ් හි වෙස්ට්මිනිස්ටර් “ පාසලට ඇතුලත් කලා.එහිදී මේ පාසලේ ගුරුවරුන් මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රම පවා වෙනස් කරනු ලැබුවා.

මේඝ විද්‍යාවට විතරක් ඇබ්බැහි වුන චරිතයක් නොවෙයි. බාලකාලයේ පටන් ඔහු අත්තම්මා සමග එක්ව ගීත ගායනය, පියානෝ වාදනය වැනි සංගීතයට යොමු වුණා. වයස අවුරුදු තුනක් වෙද්දී මේඝට හොදන් පියානෝ වාදනය කිරීමේ හැකියාව ලැබුණා.පාසලේ professional drum set වාදනය කිරීමටත් ඔහු ඉදිරිපත් වුණා.පාසලේ චෙස්, ක්‍රිකට් සහ පිහිනුම් කටයුතුවලදීත් ඔහු සිටියේ ඉදිරියෙන්.

මේඝ මොනතරම් වෙනස් දරුවෙක්ද කිව්වොත් රාත්‍රි කාලයේ නිදා ගැනීම ඔහු දැක්කේ කාලය අපතේ හැරීමක් විදිහටයි.උදෙන්ම අවදි වෙන ඔහු පොතක් කියැවීම හෝ වෙනත් ඵලදායී දෙයක් වෙනුවෙන් යොමු වුනා.

පුතාගේ අභ්‍යවකාශ උණ කවදාවත්ම සුව නොවන බව පෙනී ගිය නිසා  දෙමව්පියන් විසින් ඔහු Future Problem-solving club ආයතනයට ඇතුලත් කලා. ඒ වෙන විට ඔහුගේ වයස  අවුරුදු හතරක්.මේ පාඨමාලාවහදාරන කාලයේ ඔහු විශ්වවිද්‍යාල සිසුන් සමග කරිට කර ගැටුනා.අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයින් විසින් රාත්‍රි කාලයේ පවත්වන දේශනවලටත් නොපැකිලව සම්බන්ධ වුනා.

ඔහු ලබා ගත් දැණුම නිසාම 2017 වසරේදී NASA Space App Challenge වෙනුවෙන් ලියාපදිංචියටත් හැකියාව ලැබුනා.මේ් ලියාපදිංචිය ලබා ගත් පුංචිම දරුවා ඔහු. එහිදී ඉංජිනේරුවන් සහ විශ්ව විදයාල සිසුන් සමග අභියෝගයට මේඝ සිටියා කිව්වොත් නිවරැදියි. ඒ නිසාම වායුගෝලය පිළිබඳ අභියෝග ජයගත් මේඝ එහි ලාබාලම කණ්ඩායම් නායකයා වීමටත් ශක්තිය ලබා ගත්තා.

ඒ විතරක් නොවෙයි, Airbus සමාගම සහ ප්‍රංශ රජය ඒකාබද්ධව දියත් කර තිබෙන Acting Space ව්‍යාපෘතිය මගින් මහමුහුදේ නෞකා අතුරුදහන් වීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට හැකි බව අධ්‍යනය කිරීමේ මෙහෙයුමටත් සාර්ථකව මුහුණ දුන්නා.2018 වසරේදී වසර දෙසියයකින් පමණ පෘථිවිය හා‘‘බෙනු“ ග්‍රාහකය වැලැක්වීමේ  මෙහෙයුමටත් සම්බන්ධ වුනා. මේ නිසාම මේඝට NASA Space App Challenge මෙහෙයුමේ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා විදිහට කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ තානාපතිත්වය සාමාන්‍යෙයන් ලැබෙන්නේ ඇමරිකාව හෝ කැනඩාවට වුනත් මේඝ විසින් සපුරා තිබෙන ආරක්ෂක, සමාජ සම්බන්ධතාවයන් සහ සෞඛ්‍යමය හේතූන්ගේ සම්පූර්ණත්වය නිසා ඔහුට මේ තානාන්තරය පිරි නැමීම කිසිසේත්ම ප්‍රතික්සෙප කිරීමට නාසා ආයතනයටත් බැහැ.නාසා ආයතනයේ මහජන සම්බන්ධතාවයන් පිලිබඳව කටයුතු කරන ඇරිසෝනා විහ්ව විද්‍යාලය විසින් මේගට මේ පිලිබඳව පුහුනුවක් ලබා දීමට නියමිතයි. ඒ අනුව ග්‍රාහකයක සිට සාම්පල පෘතිවියට ගෙනෙන මුල්ම OSIRIS-Rex මෙහෙයුම අනුව 2023 වසරේදී ‘‘බෙනු “ සිට මුල්ම සාම්පලය පෘථිවියට ගෙනෙන මෙහෙයුමේ තානාපති විදහට මේඝ කටයුතු කරනවා. ඒ අනුව ඔහුට වගකීම් රාශියක් පැවරී තිබෙනවා.

මෙහෙයුමේ යාවත්කාලීන තොරතුරු ඔස්ට්‍රේලියාවට  ලබා දීම

ඉදිරි සමුලු වෙනුවෙන් තානාපතිවරයා ලෙසින් සහ පුහුනු වැඩසටහන් සඳහාසහභාගි වීම

ව්‍යාපෘතියේ ගැටළු සදහා නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පිළිතුරු ලබා දීම

ඔහුගේ වයස ඇහුවොත් ඔබ පුදුම වේවි. අවුරුදු නවයක දරුවෙක් ගිය දුරක් ගැන පුදුමයට පත් වේවි. ඒත්.. ඒ සියලල් පිටුපස තිබෙන්නේ මේ පුංචි දරුවා ඇසු විමසු සහ කුතුහලයෙන් දුටු හැම දෙයක් සඳහාම දෙමව්පියන්ගේ සාර්ථක මග පෙන්වීමයි. ඒ වගේම ඔහු අධ්‍යාපන ලත් පාසල මේඝට ගැලපෙන විදිහට ඉගෙණුම් රටාව පවා හැඩ ගසා ගැනීම නිසා මේ තරම් දුරක් ඔහුට යෑමේ වාසනාව ලැබුනා.

මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් ඉදිරපත් කරමින් මේඝ කියා සිටියේ අවස්තාව කිසිම දිනක අප සොයා එන්නේ නැහැ. නමුත් අපි අවස්ථාව සොයා යා යුතුයි.ඔහුගේ සිහින තවත් අවසාන නැත. මේඝගේ ඉදිරි අනාගත සිහිනය වයස අවුරුදු පහලොව වෙන විට රොකට් විද්‍යාඥයෙකු වීමයි.අපිත් මේ පුංචි ලංකාපුත්‍රයාට හදවතින්ම ආහිර්වාද කරමු.

බිබිසි ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා