ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

වර්තමන සමාජයේ බොහෝ දෙනා අතර මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්වය පිළිබද දැඩි කතබහට ලක්වෙනවා. සාමාන්‍ය වැසි සහිත කාලගුණයක් පවතින විට වෛරස් ආසදන ඇති විමේ අවදානම සුලබව දකිය හැකියි. ඒ අතරින් මේ දිනවල ප්‍රධාන මාතෘකවක් ලෙස මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය දකගත හැක. ඉතින් මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය.

බොහෝ දෙනා වැඩිදුර අසා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත උණ රෝග තත්ත්වයක්  පිළිබදවය. සාමාන්‍ය වෛරසය වැඩිපුරම දක්නට ලබෙන්නේ උණ  සහ සෙම්ප්‍රතිශ්‍යාව ලෙසය. නමුත් ඉන්ෆ්ලුවෙන්සා උණ ඊට වඩා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාවේ ප්‍රභේද

ඉන්ෆ්ලුවෙන්සා උණ, ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B, ඉන්ෆ්ලුවෙන්සා A1H1 යන ආදි ප්‍රභේද කිහිපයක් ලෙස දක්නට ලැබේ. මේවා අතරින්  A H1N1 වෛරස්  ආසදනය 2009 සිට ලෝකයේ අධි වසංගත  තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම වෛරසය ඉතා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාව වැළදෙන  ආකරය

මෙය අසාදිත  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පහසුවෙන් බෝ වන රෝගයකි. ආසදිත පුද්ගලයකු ගේ  ශ්වසන (සෙම/සොටු දියර/වතය) මගින් මෙම වෛරසය ව්‍යාපත වේ. වෛරසය, රෝගියෙකු කිවිසුම් හරින විට හෝ සෙම/සොටු ඉවත් කරන විට වාතයට පිට වී ව්‍යාප්ත වේ. මෙහිදි ආසදිත පුද්ගලයෙකු කිවිසුම් හරින විට සහ සෙම සොටු ඉවත් කරන විට ප්‍රවේශම්  විය යුතුයි.

රෝගියෙක් කිවිසුම් හරින විට අත්ල භාවිත නොකළ යුතුය. සෑම විටම ලේන්සුවක/ටිශූ කඩදාසියක් භාවිත කිරීම සුදුසුයි. තවද එසේ නොමැති අවස්ථාවක වැලමිට භාවිත කිරිම අත්ලට වඩා සුදුසු වේ. මන්ද යත් අත්ල මත තැවරීමෙන් ආසදනය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය. තවද ආසදිත පුද්ගලයෙකු ගේ තුවාය/පිඟාන/කෝප්පය ආදීය  ඔහු/ඇය පමණක් භාවිත කිරීම සුදුසු වේ.

එමෙන්ම මෙම රෝගය කූඩා දරුවන්ට වැලදීමේ  අවදානම  වැඩිය. යම් හෙයකින් මෙම රෝගී  තත්ත්වය  වැළදුන  හොත්  අසනීපය  සුව වෙන තෙක් පාසල්/පෙර පාසල් නොයැවීමට දෙමාපියන් වග බලගත යුතුය.

මෙම වෛරසය ශරීරය තුළ ක්‍රියාත්මක  වන ආකරය

මෙම වෛරසය ප්‍රබල වශයෙන්ම බලපෑම් කරන්නේ ශ්වසන පද්ධතියටයි. මුලින්ම නාසයෙන් වෛරසය ඇතුළු වන අතර පසුව නාසය උගුර ආශ්‍රිතව  ආසදන තත්ත්වයන් ඇති කරයි . අප ශරීරයේ, ශ්ලේශ්මල පටකය නැතහොත්  සාමාන්‍ය  ව්‍යවහාරයේ අප හඳුනන ශ්ලේෂ්මල  හෙවත් සෙම පවති. මෙම සෙම සම්බන්ධයෙන් සමාජයේ විශාල බියක් පවතී. සෙම ශරීරයෙන් පිටතට පැමිණීම හිතකර තත්ත්වයකි. සෙම අප ශරීරයේ පවතින ප්‍රතිෂක්තිකරණයේ කොටසකි. සෙම වැඩිපුර ශ්‍රාවය වනුයේ  ශරීරයෙන් වෛරස ඉවත් කිරීමටය. සෙම සඳහා වෙනත් විශේෂ ප්‍රතිකාර  අවශය නොවේ. ඉන් පසුව අප ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය හදුනාගෙන එවා මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරයි. (මෙම ක්‍රියාවලිය ආසදනය වී සතියකට පසු ක්‍රියාත්මක වේ) ඉන්පසුව එමගින් වෛරසය පාලනය කරයි. එම නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට නම්, විවේකය සහ උණ පාලනය තුළින් මෙම රෝගය සුව වේ.  ශරීරය දුර්වල  පුද්ගලයෙකුට නම් ඉන්ෆ්ලුවෙන්සා මගින් සංකූලතා ඇති කරයි. නිරෝගී තරුණ පුද්ගලයෙකුට වෛරසය සදහා විශේෂ ප්‍රතිකාර අනවශ්‍යය. තම ශරීරයෙ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු නම් දවස්  4 ක් 5 ක් අතර ඉබේම  සුව් වේ. නමුත් මුල් දවස් 4-5 අතර සාමාන්‍ය තද උණ ගතියක් පවතී.

රෝග ලක්ෂණ

  • සෙම්ප්‍රතිශ්‍යව
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • ඇඟ පත වේදනාව
  • හිසේ කැක්කුම
  • ඇස් රතු වීම

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයකදී  වුවත් ඇති විය හැක.

ඉන්ෆ්ලුවෙන්සාවේදී මෙම වේදනාව දරුණු ස්වභාවයක් ගනී.

  • අධික උෂ්ණත්වය
  • මස්පිඩු වේදනාව
  • තද හිසේ කැක්කුම
  • ඇස් ආශ්‍රිත ආසදන
  • වමනය/පාචනය

මෙහිදි ප්‍රථමයෙන් රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කළ යුතු ය.

වයස් ප්‍රභේද

සාමාන්‍යයෙන් මෙම රෝගය වැළදීමේ අවදානම පවතින්නේ කුඩ දරුවන්ට සහ මහලු අවදියේ පසුවන අයටයි. විශේෂයෙන්ම වයස අවරුදු  5ට අඩු දරුවන් සහ වයස අවරුදු 60 වැඩි පුද්ගලයන් මෙම වෛරසයෙන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය.

උණ තත්ත්වය ප්‍රථමයෙන් නිවසේදී පරික්ෂා  කරන ආකරය

වැඩිහිටි  පුද්ගලයෙකුගේ නම් උණ පරික්ෂා කරගත යුත්තේ උණ කටුව දිව යට තබමින්ය. සාමාන්‍ය උණ තත්ත්වයක් නම් ෆැරන්හයිට් 100 ( සෙල්ශියස් අංශක 38) වැඩිවිය යුතුයි. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ නම් (වයස අවරුදු 6 ට අඩු) උෂ්ණත්වය පරික්ෂා  කර ගත යුත්තේ උණ කටුව  අත යට තබමින්ය. මෙහිදි උෂ්ණත්වය නිවැරදිව ලබාගැනීමට නම්  පවතින උෂ්ණත්වය ෆැරන්හිට් නම් 1(සෙල්ශියස් නම් 0.5) ක් එකතු කරගත යුතුයි. මෙම මූලික දැනුම නොමැතිකම නිසා බොහෝ පුද්ගලයින් සාමාන්‍ය උෂ්ණත්වයකදී පවා අනවශ්‍ය බියක් ඇති කරගනී. ඉහත සදහන් කර උෂ්ණත්වයන් පවතී නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

ප්‍රතිකාර

සාමාන්‍ය උණ රෝගයකදී විවේකිව සිටීම,  උෂ්ණත්ව පාලනය සඳහා පැරසිටිමෝල්  භාවිත කිරිම දියර වර්ග බාවිත කිරිම සුදුසු වේ. නමුත් දින 3කට වඩා උණ තත්ත්වය පවතී නම් අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.

විශේෂයෙන්ම කුඩා දරුවන් හා වයස අවරුදු 60 ට වැඩි පුද්ගලයින් ගර්භණි මාතාවන් අනිවාර්යෙන්ම ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකළ  යුතු වේ.

ඉන්පසු වෛද්‍යාවරුන් කුමන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ද යන්න හඳුනා ගැනීමට සෙම සාම්පලයක් මගින් පරීක්ෂණ  කර ඒ සදහා සුදුසු ප්‍රතිකාර  ලබාදේ.

 ඉන්ෆ්ලුවෙන්සාවෙන්  පසු ඇතිවෙන ද්විතික සංකුලතා

ඉන්ෆ්ලුවෙන්සාවෙන් පසු නිව්මෝනියාව ඇදුම වැනි සංකූලතා පසුකාලීනව ඇති වීමේ හැකියාව පවතී. තවද සාමාන්‍ය සංකුලතා ලෙස කනේ ආසාදන දැකිය හැක.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී  සුදුසු ආහාරපාන

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී ආහාරපානවල බලපෑමක් නැත. රෝගියාට රුචි ආහාරපාන ගැනීමේ හැකියාව පවතී. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ආහාර අරුචිය ඇතිවන නිසා දියර වර්ග ගැනීම වඩා සුදුසු වන්නේ එසේ නොමැති වීමෙන් විජලන තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි බැවිනි.

ලංකා හොස්පිට්ල්ස්හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ මහත්මිය සමගින් සාකච්ජා කර සසිනි අරවින්දි විසින් සකසන ලද ලිපියකි.

 

අන්තර්ජාලය ඔස්සේ තම පුතා අපයෝජනය කළ මවක්

දරුවන් තරම් සම්පතක් අම්මා කෙනෙකුට තවත් නැත. දෙව්දත් වුනත් මවට මැනව යැයි කියන්නේ ඒ නිසාය. අපිට නිරන්තරව අසන්නට ලැබෙන්නේ පියවරු විසින් තම දියණිවරුන් දූෂනය කිරීමේ ප්‍රවෘත්තියි. ඒ සමග අපේ හිත් අම්මා වෙත තවත් තදින් බන්ධනය වන්නේ පියවරු එසේ වුනත් තවමත් අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂකයෙකු ලෙසින් සිටින නිසයි.

ඒත් පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වූ මෙම ලිපිය අනුව අපිට දරුවන් ගැන මේ විදිහට හිතන්නට සිදුව ඇත. එනම් “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව….” ලෙසයි.

අම්මා ජර්මානු ජාතික වයස අවුරුදු 39 ක කාන්තාවකි. ඇගේ පෙම්වතා 39 හැවිරිදිය. ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකි. දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා ගොදුර වූයේ නව හැවිරිදි පුතණුවන්ය.  ඔවුන් දෙදෙනා  අතර වූ ආදර බැඳීම අපට අදාල නොවුනත් මේ දෙන්නාගේ සම්මාදමෙන් තම කුසින් බිහි කළ පිරිමි දරුවා අපයෝජනය කිරීම ඉතාම ශෝචනීය සිදුවීමක් නොවන්නේද…? මෙම මව තම පුතා ලිංගික ලෙසින් අපයෝජනය කිරීමට හවුල් කර ගෙන ඇත්තේ Dark net නැමැති රහසිගත අන්තර්ජාල සේවාවයි. මෙම අන්තර්ජාල සේවාව ප්‍රධාන පෙල සෙවුම් යන්ත්‍රවලට හසු නොවෙන අන්තර්ජාල සේවාවකි. එමගින් සිදු වෙන රහසිගත කටයුතු රැසකි.

  • ළමා ලිංගික දූෂණය
  • දරුවන්ට ලිංගික අතවර කිරීම
  • බලහත්කාරයෙන් ගනිකා වෘත්තියේ යොදා ගැනීම
  • ළමා නිරුවත් ජයාරූප බෙදා හැරීම

මේ පිරිමි දරුවාගේ මව තම පෙම්වතාද සම්බන්ධ කර ගෙන වසර ගණනාවක් පුරා සිය පුතු අපචාර වෙනුවෙන් අලෙවි කළාය. ඇය තවත් තුන් හැවිරිදි ගැහැනු දරුවෙක්ද මේ අන්දමින් අපයෝජනය කිරීම වෙනුවෙන් හවුල් වී ඇත. කෙසේ හෝ ඔවුන්ගේ මෙම කූට ජාවාරම හෙලිදරව් විය. පසුගිය වසරේ ජූනි මාසයේ පටන් නඩු විභාගය පවත්වන ලද අතර අවසානයේදී අධිකරණ තීන්දුව මත මවට වසර දොළහමාරක සිර දඬුවමක් ලබා දීමට තීන්දු විය. ඇගේ පෙම්වතාටද මෙම කාලසීමාවේම සිර දඩුමවක් නියම කරන ලදී. මවගේ මූලිකත්වයෙන් සිදු වනු මෙම අපචාරයට තවත් පිරිමින් පස් දෙනෙක් හවුල් වූ අතර ඔවුන් එරෙහිවත් නඩු පවරා තිබේ.

මවකගේ අනුදැනුම තුළ අපයෝජනයට පත් දරුවා හදා වඩා ගැනීමට අධිකරණ නියෝගයකින් වෙනත් පවුලක් වෙත පවරා දෙන ලදී. චුදිත යුවලගේ ළමා අපයෝජන වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් Baden-Württemberg ප්‍රාන්ත බලධාරීන්ට දැඩි විවේචන එල්ලවෙමින් පවතින බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යුත් සන්නිවේදයේ අපි නොදකින භයානක පැත්ත මෙයයි. තමන්ගේ දරුවාට පවා ආරක්ෂාවක් නොලැබෙන තැනට මවක යොමු වූ මෙම සිදුවීම අපේ දරුවන් වෙනුවෙන්ද ආරක්ෂාව තර කිරීමට හොදම පියවරක් වේ. ඊට හේතුව වන්නේ මෙතෙක් අප විසින් කටයුතු යොදනු ලැබුවේ දරුවන් මුල කර ගෙන අන්තර්ජාලයේ ඇති විවිධ අකටයුතු වෙතින් ඔවුන් මුදවා ගැනීමටයි. එහෙත් අද වැඩිහිටියන් විසින්ම දරුවන් අපයෝජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට තරම් ප්‍රවනතාවයක් ඇති බව අපි දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ නිසා නිවස, පාසල, වටපිට පමණක් නොව අන්තර්ජාලයද දරුවන් අපයෝජනයට ඇති ප්‍රවේශ මාර්ග බව දැන ගැනීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකම බැව් අවධාරනයෙන්ම සිත තබා ගත යුතු වේ.

තම සිරුරේ පෞද්ගලිකත්වය රැකගන්න දරුවන්ට කියා දෙන්න

කුඩා කාලයේ සිටම, තම ශරීරය ආරක්‍ෂා කරගැනීමට වයසට සරිලන පරිදි දරුවන් දැනුවත් කිරීම , ළමා අපයෝජන අවම කර ගැනීමෙහි ලා අතවශ්‍ය කාරණයකි.

( 2016 වසරේදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති ළමා ලිංගික අපයෝජන පිළිබද පැමිණිලි සංඛ්‍යාව 1257 කි. – දත්ත උපුටා ගැනීමකි )

ඇත්තටම ඉහත සංඛ්‍යාව මේ වන විට තවත් වැඩිවෙලා ඇති නේද ? පුවත් පත්, රුපවාහිනී / ගුවන් විදුලි පුවත් , සමාජ ජාලා ඇසුරෙන් අපි දකින්නේ අසන්නේ මෙවන් දේ ගැනමයි නේද ?

මෙවන් වකවානුවක වැඩිහිටියන් විදියට අප දරුවන් ආරක්‍ෂා කර ගන්න ඔවුන් පසුපස නිරන්තරයෙන් ගැවසෙමින් සිටීම විතරක් ප්‍රමාණවත් ද ? අපිට හැමදාම හැම මොහොතකම ඔවුන් පසුපසම ප්‍රයෝගිකව සිටිය හැකිද ? ඔවුන් තනිවන අවස්ථාවන් අනන්තවත් ඔවුන්ට උදා වෙනවා නේද ?

කුඩා දරුවන්ගේ ශරීරය ඔවුන් විසින්ම ආරක්‍ෂා කර ගැනීම ගැන ඔවුන්ව දැනුවත් කිරිම අද කාලයේ හැටියට ඉතා කාලෝචිත යයි මම සිතනවා. මෙය ඔබට අලුත් කාරණයක් නොවෙන්නට පුළුවන්. බොහෝ සමාජ සංවිධාන වලින්ද මේ පිලිබදව දැනුවත් කිරීම දැන් පුළුල් ලෙස සිදු කෙරෙමින් පවතිනවා. මේ ගැන තවමත් ක්‍රියාත්මක නොවූ මව්වරු පියවරු සහ භාරකරුවන් සිටී නම් මේ පුංචි සටහන ඔවුනට වැදගත් වේවි.

දරුවන්ට ලිංගික අපයෝජන විය හැකි ක්‍රම කීපයක් සඳහන් කලොත් :

දරුවා ගේ ගුරුවරුන් ගෙන් : මම මෙය විශේශයෙන් සදහන් කලේ දිවා කාලයේ වැඩි කාලසීමාවක් දරුවා ගත කරන්නේ පාසලේ, අමතර පන්ති, පාසල් කාල සීමාවෙන් පසු පවත්වෙන ක්‍රීඩා පුහුනුවීම් හෝ වෙනත් විශය බාහිර ක්‍රියාකරකම් වලයි. අද අපට අසන්නට ලබෙන පුවත් ගැන මා අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. ඒ නිසා එම ගුරුවරුන් සහ පාසලේ / පන්තියේ භාරකරුවන් ගැන සොයා බැලීම අපගෙ යුතුකමයි.

නන්නාදුනන පුද්ගලයන් ගෙන් : මොවුන් දරුවන් සමග හිතවත් වීමට ඉඩ කඩ අැත්තේ දරුවන් කැමති කෑමක්, විසිතුරු දෙයක්, සෙල්ලම් බඩුවක් වැනි දෙයක් ලබා දීමෙන් වෙන්න පුලුවන්. එමෙන්ම අනවශ්‍ය ආකාරයේ ආදර කරුණාවක් දක්වා ලමුන් ආකර්ශනය කර ගන්නටද පුලුවන්. මෙවන් අයට මුහුන දෙන ආකාරය ගැන ඔබ දරුවාට කියා දෙන්න.

නෑදෑයන් / හිත මිතුරන් : මෙය විය හැකි සම්භාවිතාව අවම වුවත් මෙය සිදුවිය හැකි ඉතා භයානකම ආකාරයයි. මෙවන් අවස්ථා වලදී දරුවන්ට තම සිරුර ආරක්ශා කර ගැනීමට කියා දී තිබීමම, ඔවුන්ට අනතුර හදුනා ගැනීමට රුකුලක් වේවි.

මම සමාජ ජාල පරිහරණයේ දී මේ සම්බධයෙන් හමුවූ සරළ නමුත් අගනා වීඩියෝවක් ඇසුරු කර ගනිමින් මෙය ලිවීමට සිතුවෙමි. දරුවන්ට තේරෙන භාෂාවෙන් මේ ලිංගික අපයෝජන වලින් මිදීමට අපි ඔවුන් මෙසේ දැනුවත් කරමු.

“එපා” කියන්න – යන්න – කියන්න – හිනැහෙන්න

“පුතා / දූ , ඔයා දන්නවද ඔයාගේ ඇගේ තියෙන ඔයා විතරක් අල්ලන්න ඕන තැන් ටික ? ඔයාගේ තොල් , පපුව , ඒ වගේම කකුල් අතරේ තියෙන කොටස් ඒ කිව්වේ පුතා / දු චූ දාන තැන , ඇයි තව කක්කි දාන තැන. ඒ තැන් ඔක්කොම ඔයාගේ විතරයි. කවුරුහරි ඒවා ඔයාට කරදරයක් , අපහසුවක් වෙන විදියට අල්ලනවනම් ඔයාට තේරෙනවනේ පුතේ / දුවේ.. එතකොට ඔයා කෑ ගහල “එපා” කියල කියන්න. එහෙම කියල එතනින් දුවල යන්න. ගිහින් ටක් ගලා ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න මේ ගැන. ඔයාගේ අම්මා, තාත්තා, ආච්චී,සීය නැත්නම් ගුරුතුමී .. මේ ඕන කෙනෙක්ට කියන්න පැටියෝ .. සද්ද නැතුව ඉන්න නම් එපා හොඳේ ?  ඔයා මේ විදියට කලොත් ඔයාට හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන්”

අද කාලේ දෙමව්පියන් හුඟක් බුද්ධිමත්. ඉස්සර වගේ නෙමෙයි, දරුවන් සමග මිතුරන් ලෙස අදහස් හුවමාරු කර ගන්නවා. මෙවන් දේ ගැන කථා කරන්නත් ඔබ ලැජ්ජා විය යුතු නෑ. අද කාලේ දරුවන්ට හොදින් සමාජ අවබෝධය තියෙනවා. ඔවුන්ට දේවල් පැහැදිලි කර දුන්විට හොඳින් වටහා ගන්නවා.

ඕගොල්ලන්ගේ අදහසුත් බෙදා ගනිමුද මේ ගැන ?

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

දරුවන්ගේ මතට තිත

අපේම දරුවන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඉතා සිඝ්‍රයෙන් ඇබ්බැහි වීමේ අවදානමක් දැන් ගොඩ නැගනෙ බව ප්‍රසිද්ධ රහසක්. එක් එක් දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මගින්  මේ තත්වය තවත් තහවුරු කරනවා. වෙනදා මත්ද්‍රව්‍ය පාවිච්චිය ගැන චෝදනා එල්ල වුනේ පිරිමි දරුවන්ට විතරත් වුනත් දැන් අලුත්ම තත්වය අනුව ගැහැණු දරුවන් පවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙන බවට වාර්තාවන් තිබෙනවා. එහෙමනම් සංඛ්‍යා ලේඛන ගැන විමසමින් වැඩිහිටියන් විදිහට අපි දෙනෙත් වසා ගෙන සිටීම සාධාරණද…? දරුවන්ට ආදරයක් තිබෙන වැඩිහිටි පරම්පරාවක් විදිහට දරුවන්ගේ මතට තිත තැබීම යුගයේම අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. එහෙමනම් අපි දරුවන් මත්ද්‍රව්‍ය උවදුරු වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්නේ කොහොමද…?

දරුවා සමග කතා කරන්න

අද දරුවන්ට තමන්ගේ ගැටළු ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ගැටළු දෙමව්පියන් විසින් කථා කළ යුතු වෙනවා. ඒත් අද අම්මලා හිතතන්නේ දරුවන්ගේ ජීවිතය තියෙන්නේ සිලබස් එකේ කියල නිසා ඔවුන් අධ්‍යාපනයෙන් ඔබ්බට දරුවාගේ වෙනත් අවශ්‍යතාවයන් බෙදා හදා ගැනීමක් නැහැ. ඒ නිසා දරුවා සමාජ විරෝධී කටයුතුවල යෙදෙන තෙක් දෙමව්පියන්ට ඒ ගැන දැණුවත්වීමක් ලැබෙන්නේ නැහැ.

දරුවා ඇසුරු කරන්නේ කවුදැයි බලන්න

අද දරුවන් අතර මත්ද්‍රව්‍ය රැල්ල ඉතා බරපතල විදිහට පැතිරී තිබෙන නිසා ඔබේ දරුවා වුනත් මෙහි ගොදුරක් විය හැකියි. සමවයස් කණ්ඩායම් අතර පවා ඇත්තේ තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය රැල්ලට ගොදුරක් කර ගැනීමේ චේතනාවයි. ඒ නිසා නිතරම දරුවා ඇසුරු කරන්නේ කවුදැයි සොයා බලන්න. සමහර අවස්ථාවලදී දරුවාට මේ තර්ජනය ඔබ සමග කියා ගැනීමට හැකියාවක් නොමැතිව පසුතැවිලි වෙනවා විය හැකියි. ඒ නිසා නිතරම දරුවාගෙන් ඔහු හෝ ඇය ඇසුරු කරන කණ්ඩායම් වෙතින් හිරිහැර කරදර තිබෙනවාදැයි විමසා දැනගන්න.

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලැබුනොත්

ඔබට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් ගැන තොරතුරු ලැබුනොත් ඒ බව පාසලේ බලධාරීන්ට දන්වා සිටින්න. මෙම තොරතුරු රහසිගතව තබා ගෙන අදාල කරුණු කාරණාවන් සත්‍යද යන්න විමසා බැලීම පාසල් ප්‍රධාණීන්ගේ යුතුකමක්.

කිව්වේ කවුද කියල දැනගත්තොත්

අද බොහෝ තොරතුරු ගැන කිසිම කෙනෙක් සඳහන් කිරීමට අකමැති වෙන්නේ තොරතුරු ලබා දුන් අයගේ රහස්‍යබව ආරක්ෂා නොවන නිසා ඇති වෙන පසුවිපාක නිසාය. අහවලාගේ අම්මා හෝ තාත්තා පංතියේ දරුවන් ගංජා එහෙම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැමිණිලි කලායැයි කිසිම විටෙක දැන ගැනීමට තැබීම නොකල යුතුයි. එවිට ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන්ගෙන් තාඩන පීඩනවලට ලක් වෙන නිසා තොරතුරු සත්‍යද යන්න සොයනවා විනා තොරතුරු දැනුම් දුන් අය ගැන ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු කටයුත්තකි.

ඔබේ දරුවාත් විශ්වාස නැත

අනේ අනිත් ළමයි වගේ නොවෙයි, අපේ පුතා හෝ දුව වැරැදි වැඩ වල යෙදෙන්නේ නැතැයි යන උපකල්පනයේ ස්ථාවරව සිටින්න එපා. ඔබේ දරුවා වුනත් මේ වැරැදි කටයුතුවලට යොමු වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම ගැන මෙන්ම ඔහු භාවිතා කරන හැසිරෙන තැන් ගැන ඔවුන්ට නොදැනෙන සේ විපරම් කරන්න. ඇතැම් විටෙක ආගන්තුක ටොපියක්, ලොසිංජරයක්, ඔබට හමු වුනොත් ඒ ඔස්සේ තව දුරටත් විමසිලිමත් වෙන්න. අද මත් ද්‍රව්‍ය වෛවාරන නිර්මාන ලෙසින් ඉදිරිපත් වෙන්න පුලුවන්. ඇතැම් ඔෟෂධ පවා මත්ද්‍රව්‍ය ලෙසින් පාසල් දරුවන් භාවිතා කරන යුගයක ඔබ නොදන්නවාට වඩා බොහෝ දේ දරුවන් දන්නා තැනට පත්ව සිටිති. එහෙත් ඔවුන් යම් වැරැදි කටයුත්තක යොමු වෙන අවදානමක් තිබේ නම් ඉතාම ඉක්මනින් ඒ වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍ය වේ.

ලැජ්ජාවට කරුණක් නොවේ

ඔබේ දරුවා මත් ද්‍රව්‍ය වෙත ඇබ්බැහිව ඇත් නම් එය වසං කිරීම නොව ඔවුන් එම වැරැදි කටයුත්තෙන් මුදවා ගැනීම අනිවාර්යෙන් කළ යුතුය. මේ ගැන කියන්නේ කාටද කියමින් තනිවම විසඳුම් සෙවිය  යුතු නැත. මත්ද්‍රව්‍ය නිවාරන ඒකක වෙතින් හෝ ආසන්න රෝහල මගින් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔබට තොරතුරු ලබා ගැනීඹ පහසු වේ.

පුනරුත්ථාපනය කලා.. දැන් හරි

ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වෙත යොමුව සිට පුනරුත්ථාපනයෙන් පසුව දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම් නැවත මෙම වැරැදි කටයුත්තට යොමු නොවේ යැයි සහතික වීමට නොහැකියි. ඒ නිසා නිරන්තරවම ඔහු හෝ ඇය ගැන අවධානයෙන් සිටින්න.

රෑ වැටුන වලේ දවල් වැටෙන්නට ඉඩ තැබිය යුතු නැත. පුනරුත්ථාපනයෙන් පසුව අදාල ආයතන හෝ වෛද්‍යවරුන් විසින් දරුවාගේ හැසිරීම් රටාවන් අධ්‍යනයට සහ ඔහු වෙනුවෙන් අවධානය දැක්වීමේ පිලිවෙත් ගැන වැඩිහිටියන් දැණුවත් කිරීමක් සිදු වෙනවා. ඒ අන්දමට ඔබ දරුවා පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය නිසා අනාගතයේදී ඔබේම දුව පුතා ශාරිරික ලෙසින් සහ මානසික රෝගී තත්වයක ගොදුරක් වුවහොත් ඒ පශ්චත්තාපයෙන් කිසිම දිනක ඔබට මිදෙන්නට නොහැකියි.

දරුවෝ ඇති අම්මලා

“දරුවන් තරම් සම්පතක් අම්මලාට නැත….” අපි සම්මතයට මේ විදිහට හිතුවත් සමහර අම්මලා තමන් මවක වීම ගැන තවමත් පසුතැවිල්ලෙන් පසු වෙන බව පසුගිය දා බීබිසී පුවත් සේවයේ සඳහන් වෙලා තිබුණා. මේ ආකල්පය ගැන අම්මාවරුන් විදිහට නම් හිතන්නත් අමාරුයි. දරුවෙක් බිහි කිරීම වෙනුවෙන් කායික වේදනාව දරු පැටියාගේ මුහුණ දැකීමත් සමග නැති වෙන තරම් දරු සෙනෙහසින් ඉපිලෙන කාන්තාවන්ට නම් මේ පුවත අහන්නත් අකමැති වෙන්න පුලවනි. ඒත් අපි අකමැත්තෙන් හෝ මේ ගැනත් අහල බලමු… අපේ ජනවහරට අනුව නම් වැලේ ගෙඩි වැලට බර නැහැ… එයින් අදහස් වෙන්නේ මවක් කිසිම දිනක දරුවන් තමන්ට බරක් විදිහට නොහිතන බවයි. ඒ වුන්ත අපේ රටේත් නව ජන්ම දරුවන්ගේ ජීවිතය හානි කරන්නට තරම් මව්වරුන්ගේ ක්‍රියාකලාපය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.

බිබිසි පුවත් සේවයේ වික්ටෝරියා ඩාබිෂර් (Victoria Derbyshire programme) වැඩසටහන විසින් අම්මාවරුන් වෙනුවෙන් සම්මුඛ සාකච්චාවක් පැවැත්වූවා. එහිදී පණස් හැවිරිදි මවක් වන “රේචල්” කියා සිටියේ “මට ඔරලෝසුව කරකවන්න පුලුවන් නම් මම දරුවන් හදන්නේ නැතුව සිටින බවයි…” ඇය තිදරු මවක්. ඇගේ බාලම දරුවාගේ වයස අවුරුදු දාහතක්. ඉතින් ඇය මේ විදිහට සඳහන් කරනු ලැබුවේ පියෙකු නොමැතිව දරුවන් හදා වඩා ගැනීමට ඇය විසින් දරණ ලද මහත් වෙහෙස නිසයි. සැමියා නොමැතිව දරුවන්ට ආරක්ෂාව දීමට සිදු වීම ඇයට අභියෝගයක් වුනා. ඇත්තටම ආපස්සට හැරී බලන විට මේ ගැන සතුටු විය හැකි වුනත් ඇය හිතන්නේ මේ තරම් කාර්යක් කරන්න තරම් ඇය මුහුකුරා ගිය තැනැත්තියෙක්ද යන්නයි.

මවක් දරුවන් බිහිකිරීමත් සමග ජීවිතය දුෂ්කර වන බව පොදුවේ පිළිගන්නා කරුණක් වන නමුදු, සියලු අභියෝග පරයමින් දරුවන් සිටීම සම්පතක් ලෙස සැළකීමට බොහෝ දෙමව්පියෝ හුරු පුරුදුව සිටිති.

අනවශ්‍ය අවස්ථාවකදී දරුවන් හැදිය යුතු නැහැ… මේ වැඩසටහනට සහභාගී වුන තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම හොඳයි… ඒත් අනවශ්‍ය අවස්ථාවකදී මේ උගුලට වැටිය යුතු නැති බවයි. ඇය මේ විදිහට කිව්වත් නුවනැති අඹු සැමියන් විදිහට ඔබට මේ වෙනුවෙන් විකල්ප තිබෙනවා. ‍දරුවෙක් අහඹු ලෙස ගැබ් ගැනීම වලක්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ක්‍රම සහ විධි තිබෙනවා. අවිවාහකබව, අනවශ්‍ය දරුවෙක්.. වැනි අවස්ථාවන්හිදී දරුවන් ගැබ් ගැනීම ගැන කිසිම මනාපයක් නැතැත් මේ පිලිබඳව තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දරුවන් හැදීමේ උගුලට වැටුනා යැයි පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ.

“මග හොඳට තිබේනම්
යන්න දෑසත් තිබේ නම්… ”
බැදිවල යෑම අවශ්‍යම නැහැ.

දරුවන් හැදීම තමන්ගේ ජීවිතයට බලපාන බව දන්නේ නැහැ

තවත් මවක් කියා සිටියේ දරුවන් හැදීම මේ තරමට මගේ ජීවිතයට බලපාන බව දැන සිටියා නම් මම දරුවන් හදන්නේ නැහැ… ඒත් සැබෑම මවක් නම් තමාගේ ජීවිතය පරදුවට තබා දරුවන් රැක බලා ගැනීමට යොමු වෙනවා. ඒවා සතුටක් මිස කරදරයක් විදිහට දැනේනේ නැහැ. මේ විදහට හදවතට දැනේනේ ඇය ඇත්තටම දරුවන් වෙනුවෙන් වූ බැදීමක් නැති නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

2016 වසරේ ජර්මනියේ පවත්වන ලද සමීක්ෂනයකට සහභාගී වුන මව්වරු 1200 ක් දෙනෙකුගෙන් 8% ක්ම කියා සිටියේ ඔවුන් දරුවන් ලැබීම ගැන කනගාටු වෙන බවයි. මෙම අධ්‍යනයේදී එක් මවක් කියා සිටියේ දරුවන් ලත් කාන්තාවන් අතර බොහෝ දෙනෙක් තුළ තමා මවක වීම ගැන පසුතැවීමක් ඇතැත් ඔවුන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැලි බවයි. එය වරදකාරී ලෙසින් සමාජය හිතන නිසා සඳහන් නොකළත් ඇත්තටම ඔවුන් හිතින් පසුතැවෙන බවයි. මේ ගැන සමාජය විවෘතව කතා නොකරන නිසා බොහෝ දෙනෙක් තමාගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බව ඒ මව්වරුන්ගේ අදහසයි.

මේ වගේ සිතුවිලිවලට බලපාන මානසික ප්‍රශ්න තිබෙනවා

අම්මාවරුන් සහ දරුවන් අතර තිබෙන සදාතනික බැඳීම පසෙක තබා උපන් හැටියේම දරුවන් ගඟක මුහුදට දමන මව්වරුන්ද නැතුවා නොවේ. එම සංසිද්ධීන් සමග ගලපා බලන විට අම්මාවරුන් තුළ ඉහත දක්වන අන්දමේ සිතුවිලිත් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වෙනුවෙන් බලපාන මානසික ප්‍රශ්නත් තිබෙන බව අමතක කළ යුතු නැහැ.

මව මුහුණ දෙන මානසික ප්‍රශ්න

දරුවෙක් ලැබෙන්න සිටින අවධියේදී මව මුහුණ දෙන මානසික ප්‍රශ්න මේ තත්වයට හේතු වෙනවා. මව සහ දරුවා අතර ආදරයෙන් බැදීමක් ගොඩ නැගෙන්න නම් දරු ගැබ දරණ කාලයේදී අම්මාට බාහිර පරිසරයෙන් ලැබෙන ආදරය, පිලිගැනීම,ගරුත්වය සහ කරුණාව ඉතාම වැදගත් සාධක විදිහට සැලකෙනවා. මවට ලැබෙන සමාජ අප්‍රසාදය, අනාරක්ෂිත බව නිසා ඒ සියලු පීඩන පෙරලා දරුවා මුල් කර ගෙන ප්‍රතිචාර දැක්වීමට තරම් ප්‍රබල සාධක විදිහට පසුකාලයකදී බලපාන්න පුලුවනි. ඒ නිසාම දරු ගැබක් දරණ මවක වෙනුවෙන් සමාජයෙන් ලැබිය යුතු පිළිගැනීම සහ ආරක්ෂාව අනිවාර්යෙන්ම ලබා දීම වැදගත්.

ඔබ තෝරාගන්නා ඩයපර වර්ගය පැටියාට සුව පහසුව සලසන බවට විශ්වාසද?

පුංචි පැටියෙක් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ම වගේ දරු පැටියට තමන්ට පුළුවන් උපරිමයෙන් අවශ්‍ය හැමදේම ලබාදෙන්න වෙහෙසෙනවා. ආදරය, රැකවරණය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් වගේම තමන්ගේ පැටියට අවශ්‍ය උපරිම සුව පහසුව ලබා දීම ගැනත් ඔවුන් දෙපාරක් හිතන්නේ නැහැ.

ඒත් දෙමව්පියන්ගේ ඇතැම් තේරීම් කොයි තරම් ප්‍රමාණයකින් තමන්ගේ දරුවාට අවශ්‍ය සුව පහසුව සලසනවාද යන්න ගැටලුවක්. සමහර විට එක් අම්මෙක් තමන්ගේ  දරු පැටියාගේ සුව පහසුව වෙනුවෙන් ඩයපර භාවිත කරනවා විය හැකියි. ඒ වගේම තවත් අම්මෙක් දරු පැටියාට අපහසුවක් ලෙස සිතා දරුවාට පහසුව සැලසීමේ අරමුණෙන් ඩයපර භාවිත නොකරනවා විය හැකිය. දරු පැටියා වෙනුවෙන් ඩයපර භාවිත කරන සහ නොකරන සෑම මවකටම ඩයපරයක් නිවැරදිව තෝරාගැනීමෙන් දරු පැටියාට සැලසෙන සුව පහසුව පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් මේ ලිපිය වැදගත් වනු ඇත.

ඩයපරයක් තෝරා ගැනීමේදී බොහොමයක් කරුණු පිළිබඳව අවධානය යොමු කළ ද ඒ සියලු කරුණු සම්පූර්ණ වන ඩයපරයක් සොයා ගැනීම ඔබට අපහසු වන්නට ඇති. නමුත් බේබි ෂෙරමි ඩයපරය ඔබේ දරුවාගේ සුව පහසුව පිළිබඳව උපරිම අවධානය යොමු කොට සකසා ඇති නිසා එය සැම විටම ඔබේ දරුවාට සුදුසුම ඩයපරය වනු ඇත.

බේබි ෂෙරමි, ළදරු සම මත ආසාධන ඇති නොවන පරිද්දෙන් සැකසුණු ඩයපරයක්  

ඇතැම් ඩයපර මගින් ළදරු සම මත ආසාත්මිකතා, දද, රත් පැහැ වීම්, කැසිම්, තුවාල වැනි දේ ඇති කළත් බේබි ෂෙරමි ඩයපරය දරු පැටියාට උපරිම සුව පහසුව සැලසීමේ මූලික පියවරේ සිටම සැකසී ඇත. අපේ රටේ පවතින උෂ්ණාධික කාලගුණයට සුදුසු වන සේ නිමවා තිබීම නිසාම දරුවාට අවශ්‍ය උපරිම සුව පහසුව සැලසීමට බේබි ෂෙරමි ඩයපරය සමත්ය.  ඒ, ඩයපරයේ මතුපිට කොට්න් මෙන් සුමුදු වන ලෙස වාතාශ්‍රය හොඳින් ගමන් කළ හැකි අයුරින් සකස් කර ඇති නිසාය. ශ්‍රී ලංකාව වැනි රටකට ගැළපෙනම සේ සකසා ඇති මෙය ඔබේ දරුවාට උපරිම සුව පහසුව සලසා දෙයි.

BS-1

බේබි ෂෙරමි තුනී බවින්  සහ උපරිම උරා ගැනීමේ හැකියාව සහිතව සැකසුණු ඩයපරයක්

වෙළඳ පොලේ ඇති ඩයපර මහතින් වැඩි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඔබ එය භාවිතයට අකමැති වන්නේ එය ඔබේ දරුවාට අපහසුවක් ලෙස සිතන නිසයි. ඔබ හිතන ලෙසටම එවැනි මහතින් වැඩි ඩයපර දියර පිරීමත් සමගම ඔබේ දරු පැටියාට සැබවින්ම අපහසුවක්. මන්ද දෙපා අතරින් එය එල්ලා වැටීමට ලක්වේ. “මේ ඩයපර තුනී වූවා නම් දරුවාට කොතරම් පහසුද? ඒත් තුනී ඩයපරයකට හොඳින් උරා ගැනීමේ හැකියාවක් තිබේද?” යන්න ගැන ඔබ සිතන්නට ඇති.

ඔබ දන්නවාද?

වැඩි දියුණු කළ නව බේබි ෂෙරමි ඩයපරය, සාමාන්‍ය ඩයපරවලට වඩා තුනී බවින් යුක්ත වන අතරම මනා උරා ගැනීමේ හැකියාවකින් ද සමන්විත මේ වන විට වෙළඳ පොළේ ඇති එකම ඩයපර වර්ගයයි. මෙම ඩයපරයේ ඇති තුනී බව නිසාම මහතින් වැඩි ඩයපර භාවිතයේදී ඇති වන ගැටලුවලින් ඔබ නිදහස් වනු ඇත. එසේම නිදහසේ තම එදිනෙදා ක්‍රියාකාරකම්හි නියැලෙන දරු පැටියා දකින ඔබගේ සිතට ද එය සැනසීමකි. එසේම බේබි ෂෙරමි ඩයපරයේ ඇති දියර හොඳින් උරා ගනිමින් ඇතුළත සිර කර රඳවා තබා ගැනීමේ සුවිශේෂී හැකියාව නිසා මතුපිට වියළි බව එලෙසින්ම රඳවා ගත හැකි අතරම කිසිදු ආකාරයකින් කාන්ඳු වීමක් සිදු නොවේ.

BS-2

ඔබේ දරු පැටියාට උපරිම සුව පහසුව සැලසීමට වඩාත්ම උචිත ඩයපරය කුමක් දැයි දැන් ඔබට වැටහෙනු ඇත. දරුවාගේ සුව පහසු නින්දට බාධාවක් නොවන්නට මෙන්ම දරුවාට තම සුපුරුදු ක්‍රියාකාරකම් සමගින් දවස ගත කරන්නටත් අස්ථි පද්ධතියට හෝ සාමාන්‍ය වර්ධනයට හානිදායක නොවන සේ සතුටින් නිදහසේ කාලය ගත කිරීමටත් බේබි ෂෙරමි ඩයපරය මඟින් ඉඩ සැලසේ.

හැම අම්මෙක් තාත්තෙක්ගේම හැම කැපවීමක්ම දරු පැටියා සුව පහසුවෙන් තැබීමටයි. සුව පහසුවෙන් ආදරය මැද්දේ ඇති දැඩි වෙන දරුවෙකු හැමවිටම නිරෝගී මානසිකත්වයකින් වර්ධනය වන නිසාම එවැනි දරුවෙක්, මව පියා වන ඔබට මෙන්ම  රටට දැයට ද සම්පතකි.

bc_banner


දුවට මවක මිස

අම්මා තරම් ලෙන්ගතු චරිතයක් දරුවන්ට නැහැ. ඒ අතර අම්මා දුවකට වඩාත් වැදගත් වෙන්නේ ඇගේ ජීවිතයේ හැම අවශ්‍යතාවයක්ම විවෘතව කියන්න පුලුවන් එකම චරිතය අම්මා නිසයි. වයස අවුරුදු විස්සක් පමණ වෙන තෙක් අම්මාගේ සෙවනේ හැදෙන වැඩෙන දුව එතැනින් ඔබ්බබට සමාජගත වීම සාමාන්‍ය ස්වභාවයයි. ඇය රැකියාවක නිරත වීම එසේත් නැත්නම් විවාහ වීම වැනි සංසිද්ධීන් නිසා මව සමග පැවැති බන්ධනය සමහර විට දුරස් වෙන්න පුලුවනි. ඒත් අම්මා විදිහට ඔබ දියනියට සමාජයේ හැසිරෙන පිළිවෙල නිසි පරිදි කියා දී නොතිබුනොත් දොස් අහන්න වෙන්නෙත් අම්මාට මිස වෙන කාටද… එහෙම නම් දුවක් සිටින අම්මා කෙනෙක් විසින් මේ කරුණු කාරනාවන් ගැන අවධානය යොමු කළොත් වඩාත් හොදයි..

නිවසේ කටයුතු උගන්වන්න

මීට දශක තුනකට පමණ ඉහත දරුවන් විදිහට කාලය ගෙවූ අද දරු මල්ලන් ලබා තමාගේම ජීවිත ගොඩ නගා ගෙන සිටියත් අද ඔවුන්ගේ දරුවන් තුළ ඒ ගති ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ.එදා ගැහැනු දරුවෙක් හැදුවෙ වැඩුවේ බෞද්ධ සාහිත්‍යයේ අමරාදේවි පූර්වාදර්ශ චරිතය විදිහට සලකා ගෙනයි.

ඒත් සියල්ල වාණිජකරණයට පත් වෙන අද කාලයේ ඔවුන්ගේ දරුවන් තුළ මෙම ගති ලක්ෂණ දැක ගන්නට නැත. නිවසේ වැඩ කටයුතු ගැන අවබෝධයක් නැත. මේ නිසා අනාගතයේදී තමන්ගේ නිවසේ පාලනය තුළ ඔවුන් දක්වන නොහැකියාව නිසාම දොස් නගන්නේ අම්මාටය. “අනේ ගැහැණු දරුවෙක් හදල තියෙන හැටි….” බොහේ දෙනා අකම්පහල වන්නේ ඒ අන්දමින්ය.

කාලය කලමනාකරණය

එදා අම්මේ දරුවන්ට කියා දුන්නේ කාලය රන් හා වටිනා බවයි. ඒත් අද මෙම සංකල්පය මෙසේ වෙනස්ව ඇත.කාලය රන්වලටත් වඩා වටිනා බවයි. දවස උදා වෙන්නේ උදේ හයට නොව හෝරා දෙකකට පෙරාතුව බව ඔවුන් නොදනී. අද ගැහැණු දරුවාට අවදිවන්නට වේලාවක් නැහැ…. නිදන්නට වේලාවක් නැහැ…. කාලය තුළ වැඩකටයුතු ගලපා ගැනීමට හැකියාවක් නොමැති නිසා බොහෝ දේ ආපස්සට යෑම වලක්වා ගත නොහැකි තරම් ගැටළුවක් බවට පත්ව තිබේ.

ලිංගික අධ්‍යාපනය

එදා ගැහැණු දරුවාට අම්මා අවවාද දුන්නේ ව්‍යංගවය. පිරිමි දරුවා කොහේ ඇවිද ගියත් සෝදා ගෙට ගත හැකි බව ඇගේ අවවාදය වූවාය. ගැහැණු දරුවා පිරිසිදු චරිතය ආරක්ෂා කළ යුතු බවට නිතර දෙවේලේ උපදෙස් ලබා දුන්හ. පෝරුව මත සිටින්නට නම් පිරිසිදු බව අවශ්‍ය බවත් එසේ නොමැත්තේ නම් පෝරුව මත ක්ලාන්ත වෙන බවටත් අවවාද දී හික්මීම ගොඩ නගා ගෙන ඇත. අද ලෝකය විවෘතය. ඒ නිසා එදාට වඩා ගැහැණු දරුවාට ලිංගිකත්වය ගැන දැණුවත් කිරීම අවශ්‍ය වී තිබේ. ඇදුම් පැළදුම්, විරුද්ධ ලිංගික ආකර්ශනය සහ ඔසප් දිනයන්හි හැසිරීම ගැන දියනියට ලබා දෙන දැණුවත් කිරීමට අම්මා සදිසි වෙන කිසිම කෙනෙක් නැත.

සෙල්ලමට ඉඩ

එදා ගැහැණු දරුවන්ගේ සෙල්ලම් අතර වැලි බත් පිසීම, බෝනික්කන් නැලවීම විහේෂ විය. මේ නිසා ඔවුන් දරුවන් හදා වඩා ගැනීම සහ නිවසේ පාලනය පිලිබඳව අම්මාගේ අත්දැකීම් ආදේශ කර ගෙන ක්‍රීඩාවේ යෙදුනි. අම්මාද නිවසේ ඉතිරිවෙන පොල් කුඩු, එළවලු , සහ වෙනත් දේ දියනියගේ සෙල්ලම වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය සේ ලබා දෙන ලදී. එහෙත් අද දියණියට සෙල්ලම වෙනුවෙන් නිරාවරනය වුන ලෝකයක් නැත ඇය පොත පත අතර සිරගතව සිටින්නීය.එහෙත් මේ සෙල්ලම් ලෝකයෙන් දියණිය අනාගතයට අවශ්‍ය පන්නරය ලබන බව අම්මා විසින් අමතක කළ යුතු නැත.

ආගම දහමට

සෑම ආගමක් වෙතින්ම කියා දෙන්නේ හික්මීමයි. එසේත් නැත්නම් සදාචාරයයි. මේ නිසා ආගමික සේවනය වෙනුවෙන් දියණිය යොමු කිරීමත් අම්මාගේම භූමිකාවේ තවත් එක් අංගයක් බව අමතක කළ යුතු නැත.

ගැටළු නිරාකරනයට අවස්ථාව

අද දරුවන්ගේ ප්‍රවනතාවය වන්නේ ජීවත්වීමට නොහැකි නම් ජීවිතය හානි කර ගැනීමයි. ඒත් දරුවාට කියා දිය යුත්තේ ජීවිතයෙන් පලා යෑම නොව ජීවත්වීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීමේ හැකියාව වගා කර ගැනීමයි. එය මවකගේ කාර්යභාරයයි. ජීවිතය අපට අවශ්‍ය ලෙසින් හැසිරවීම අපහසු වුනත් ජීවිතයට අපි මුහුණ දිය යුතු බව දියනියට කියා දීමට අමතක කරන්න එපා.

වගකීම පවරා දෙන්න

බාල කාලයේ පටන්ම දරුවන්ට යම් යම් වගකීම් පවරා දීම ඉතාම වැදගත්ය. මේ නිසා මව දරුවන් සමග වඩාත් සමීප වීම අවශ්‍යයි. වයසේ හැටියට දරුවාට යම් යම් වගකීම් පවරා දෙන්න. දියනියක ලෙසින් ඇය අනාගතයේදී තම පවුලේ වගකීම් ඉදිරියේ වඩාත් ශක්තිමත් චරිතයක් වන්නේ එවිටය.

නින්දට පෙර ගත යුතු ආහාර

එක හුස්මට නින්ද යනවා නම් ඒ තරම් සැපයක් සුවයක් තවත් නැහැ. විවිධ හේතුන් නිසා නින්ද නොයන තැනට අපි පත් වෙනවා. ඒත් අපි නින්දට පෙරාතුව ලබා ගන්නා ආහාර මගින් සුවදායක නින්දක් ලබා ගැනීම එතරම් අපහසුවක් වෙන එකක් නැහැ. අම්මා විදිහට ඔබට පවුලේ රාත්‍රි ආහාර අතරට මේ දේවල් එකතු කර ගැනීමත් ලොකු ප්‍රාතිහාර්යක් නොවෙයි.

සැමන් මේද අම්ල බහුල ආාහරයක්. සැමන්වල අඩංගු  විටමින් බී6 මෙ‍ලටොනින් උත්තේජනයට හිතකර තත්වයක් ඇති කරනවා. අපි ගැඹුරු නින්දට පත් කිරීමට උපකාරී වෙන මෙම හෝර්මෝනය නිදහස් කිරීමේ හැකියාව නිසා රාත්‍රි ආහාරයට සැමන් එකතු කිරීම වඩාත් හොඳයි. බත් වලට වගේම පාන්, රොටී , ඉදිආප්ප වැනි කුමන ආහාරයට වුනත් සැමන් හොදටෝම ගැලපෙනවා. දිනපතා සැමන් ආහාරයට ගැනීමෙන් විටිමින් “ඩී” උපයා ගන්නත් පුලුවන්. ඒ විතරක් නොවයි, සැමන් ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය දුරු වෙලා සැහැල්ලු සිතින් ජීවිත්වීමේ හැකියාව ඇති වෙනවා. සැමන් ආහාරයට ගැනීම නිසා වෙනත් ආහාරයන්ට සාපේක්ෂව නින්ද ලැබෙන කාලය විනාඩි 10 කින් ඉක්මන් කරන බව හදුනාගෙන තිබෙනවා.

කෙසෙල්

පොටෑසියම් බහුල කෙසෙල් අපේ සාමාන්‍ය අතුරුපස අතරට නිතරම එක් වෙන පළතුරක්. රාත්‍රි ආහාරයෙන් පසුව වූ අතුරුපසට ඔබ කෙසෙල් එක් කරන්න අමතක කරන්න එපා. මැග්නීසියම් අඩංගු නිසා මාංශපේශි සැහැල්ලු වීමත් සුවදායක නින්දට හේතු වෙනවා. සමහර දරුවන් කෙසෙල් කෑමට අකමැතියි. ඒ වගේ අවස්තාවලදී පළතුරු සලාදයක් විදිහට හෝ කෙසෙල්පෙති කපල චොකලට් , ප්ලම්ස් එකතු කරල දෙන්න පුලුවනි.

ඖෂධීය තේ

රාත්‍රි ආහාරයට පෙරාතුව ඖෂධීය තේ පානයත් සැප නින්දකට හේතු වෙනවා. හැබැයි කළු තේ සහ ග්‍රින් තේ නින්දට ආසන්නයේදී පානය කරන්න එපා. ඒ වෙනුවෙන් යෝග්‍ය වෙන්නේ මින්ට්, ලැවැන්ඩර්, කැමොමයිල් වැනි ඖෂධීය තේ වර්ගයි.

ධාන්‍ය

ඕනෑම ධාන්‍ය වර්ගයක මැග්නීසියම් අඩංගුයි. සුවදායක නින්නදට මැග්නීසියම් විශාල මෙහෙයක් කරනවා. ඒ නිසා රාත්‍රි ආහාරයට වුනත් ධාන්‍ය එක් කර ගැනීමට කිසිම බාධාවක් නැහැ. කඩල, කව්පි, වැනි දේ රාත්‍රියට ගත්තා කියල බාධාවක් නැහැ.

යෝගට්

සුවදායක නින්දක් නොලැබීමට අපේ සිරුරේ විවිධ පෝෂණ ඌනතාවයන් බලපානවා. කැල්සියම් අෟනතාවයත් එක් හේතුවක්. ඒ නිසා රාත්‍රි නින්දට පෙරාතුව යොගට් එක්ක ආහාරයට ගන්න. කිරි වීදුරුවක් වුනත් පානය කිරීමට පුලුවනි.

චෙරි යුෂ

චෙරි නින්දට ගුණ ලබා දෙන පළතුරක්. මෙලටොනින් උත්තේජනය කිරීමේ හැකියාව චෙරිවල තිබෙනවා. ඒ නිසා නින්දට පෙර චෙරි යුෂ මිලිලීටර් 250 ක් පමණ පානය කිරීම වඩාත් ගුණ ලබා දීමට පුලුවන් බව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහසයි. ඔබට යුෂ පිළියෙල කර ගැනීමට හැකියාවක් නැත්නම් චෙරි ගෙඩි විදිහට වුනත් රාත්‍රි නින්දට පෙරාතුව ආහාරයට ගන්න පුලුවනි.

වොල්නට්

මැග්නීසියම්, පොස්පරස් සහ ඔමේගා 3 බහුලව ඇති වොල්නට් හදවත නීරෝගී කිරීමේ ශක්තියෙන් යුක්ත පලතුරකි. අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමේ ශක්තිය ඇති වොල්නට් හෘදයාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා දීමේ හැකියාවෙන් යුක්ත පළතුරකි.වොල්නට් මගින් නිදි පුරුදු ප්‍රවර්ධනය කරන අතර එහි අන්තර්ගත මෙලෙටොනින් රාත්‍රිය පුරා සුවදායක නින්දක් ලබා දීමේ හැකියාව ඇති කරයි.

කිවි

අඩු කැලරි ශක්තියක් ඇති කිවි පළතුරකින් දිනපතා අවශ්‍ය විටමින් “සි” ඉතා පහසුවෙන් උපයා ගත හැකිය. තන්තු බහුල නිසාම ජීරණ ක්‍රියාවලියට හිතරක අතර ඉහල ප්‍රතිශතයකින් යුක්ත තන්තු සහ කැරොටොයිඩ නිසා ප්‍රතිඔක්සිකාරක ශක්තිය සිරුරට ලබා දෙනු ඇත.නින්දට පෙරාතුව කිවි ගෙඩියක් ආහාරයට ගැනීම සුවදායක නින්දට හේතු වෙන බව පර්යේෂණ මගින්ද සනාථ වී තිබේ.

ආමන්ඩ්

පොස්පරස්, මැන්ගනීස්, සහ රයිබොප්ලේවින් අන්තර්ගත ආමන්ඩ් මගින් දියවැඩියාව සහ හෘද රෝග වෙනුවෙන් පහසු ආරක්සාවක් ලබා ගත හැකියි. මෙල‍ටොනින් හෝර්මෝනය උත්තේජනය කරන නිසා සුවදායක නින්දක් ලබා ගැනීමට ආමන්ඩ් ඉතා හිතකර පළතුරකි.

Best Foods to Eat Before Bed ලිපිය ඇසුරින්

 

ගැබිනි අම්මලාට දෙන දානය ගැන සිතන්නට යමක්

ඉහත මාතෘකාව සම්බන්ධයෙන් මගේ අත්දැකීම් බේදා ගැනිමටත් , මාගේ පෞද්ගලික අදහස් ඔබගේ සංවාදයට යොමු කිරීමටත් කැමත්තෙන් මෙසේ ලියමි .

“මම බබා ලැබෙන්න ඉන්න කොට මගේ ගමේ මාසික සායනයට ගියා. එහිදී යුවලක් අපිට කිරිබත් කෑලි දෙකක් , ලුණු මිරිස් සහ කෙසෙල් ගෙඩියක් ලබා දුන්නා. මේරූ දරු ගැබක් ඇතිව බඩගින්නේ සිටි මටත් කටට කෙළ ඉනුවා. පින් දී මෙය ලබා ගෙන හොඳට සැදී පැහැදී පළමු කිරිබත් කට කෑවා. අයියෝ ලුනු බින්දුවක් වත් නෑ. මගේ කෑම පිරිය නැති වුනා. නමුත් ඔවුන්ට පෙනෙන්න මෙය ඉවත දැමීමට මට සිත දුන්නේ නෑ. ඔවුන් පව්. පිනක් සිදු කරන්න නේ මේ දේ කලේ. ඒ නිසා අපහසුවෙන් එය කා අවසන් කර කෙසෙල් ගෙඩිය (අමුවෙන් නමුත්) කා දැමුවා. මම බෞද්ධ අම්මා කෙනෙකු ලෙස අපේ බුදුරදුන් ගේ අනුශාසනා ගැන මෙනෙහි කල නිසා එය කරුණාවෙන් අමතක කලා …”

නමුත් ටිකක් හිතන්න… ඔවුන් උදේ පාන්දර සිට ඉතා මහන්සියෙන් මේ දේ සකසන්ට ඇති. සමහරවිට මේක දිය යුතු, කල යුතු වැඩක් ලෙස සලකා ඔහේ කරන්නටත් ඇති. මට හිතා ගන්න අපහසු වුණේ මොවුන් හදන එකම එක කිරි බතේ රස නොබලා මේසා ප්‍රමාණයක් හැදුවේ කෙසේද යන්නයි.

අපි ගැබිනි මව් වරුන්ට දාන දීමට යොමුවන්නේ ඇයි ? ගැබිනි මවක් යනු, ගැහෙන පණක් ජීවයෙන් පුරවමින් සිරුර තුල දරා ගනිමින් , වෙනදාට වඩා අපහසුතාවයන් මධ්‍යයේ ජිවත් වන තවත් ප්‍රාණයක්. ඔවුන්ගේ කුස පිනවීම ඉතා පිනක්. දරුවන් අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන් තමන්ට ඉක්මන් දරු පල පතමින්ද , දරුවන් ලබන්න සැරසෙන මව්වරු , පහසුවෙන් දරුවා ලැබීමේ අරමුණින්ද , තවත් අය , තවත් දානමය පුණ්‍ය කර්මයක් ලෙසින් ද මෙවන් කාර්යයන් සවිධානය කරනු ලබයි. මෙවන් දානමය පින්කම් සදහා දිය හැකි දේවල් බොහෝය.

  • ආහාර පාන
  • ඇඳුම් පැළදුම්
  • අලුත උපන් දරුවන් ට අවශ්‍ය ද්‍රව්‍ය (නැපි , ඩයපර් , ක්‍රීම් , සබන් )
  • ඖෂධ
  • මව් සහ ළදරු සායනයන් වල පවතින අඩුපාඩු සැකසීම

ආහාර පාන සම්බන්ධයෙන් නම් විශේෂයෙන් මම සදහන් නොකරමි මන්ද එය සැම දෙනම දන්නා දෙය විමයි. අමුතුවෙන් සදහන් කල යුත්තේ එය ඉතා සැලකිල්ලෙන් සහ ඕනෑකමින් සකසන්න කියා යි. එවිට මට වන් අත්දැකීම් වෙනත් අම්මලාට නොලැබෙන බැවිණි. බඩ දරු අම්මා කෙනෙක්ට සිත් සතුටු වීම සහ කුස ගිණි නිවීමට හදන කෑම ඉතා රසට හදන්න. වෙනදාටත් වඩා රසට හදන්න. එය ලොකු පිනක්.

ගැබිනි මව සදහා ඇඳුම් පැළදුම් ,අලුත උපන් දරුවන් ට අවශ්‍ය ද්‍රව්‍ය (නැපි , ඩයපර් , ක්‍රීම් , සබන් ) පිලිබදවත් ඔබ කරුණු කාරණා දන්නා බැවින් විශේෂ වශයෙන් ඒ ගැන නොලියමි. මිට අමතරව මෙවන් දානමය කටයුතු වලට යොදාගත හැකි වෙනත් දේ තිබේනම් මේ ලිපිය යටින් කමෙන්ටුවක් තබා යනමෙන් ඉල්ලමි.

ඒ වගේම ගැබිනි මව්වරුන්ට හැමදාම ගත යුතු බෙහෙත් පෙති වලට අමතරව විශේෂ වශයෙන් වෛද්‍යවරයෙකු විසින් සදහන් කල ඖෂධ වේ නම් එවන් දේ ද විමසා බලා ලබා දීමටද ඔබට පුළුවන් නේද ?

මම මේ ලිපියේ විශේෂයෙන් සඳහන් කරන්නට බලපොරොත්තු වූ කාරණය නම් මා අවසන් වශයෙන් සදහන් කල කාරණාවයි. එය බොහෝ අයට අලුත් කාරණාවක් විය හැකියි. මන්ද ගමේ මාතෘ හා ළමා සායනය පරිපාලනය හා නඩත්තුව සිදු කරන්නේ රජය විසින් බැවිනි. නමුත් යම් අඩුපාඩුවක්  සපුරා ගැනීමට ඉතා දිගු කලක් බලා සිටිමට සිදුවන බවත් , බොහෝවිට රජයෙන් ලබා දෙන විසදුම් කඩිනම් නොවන බවත් අපට රහසක් නොවේ. සමහර අඩුපාඩු කම් නිසා මව්වරු ,දරුවන් මෙන්ම පවුල් සෞක්‍ය සේවා නිලධාරීන් ද සායනයේ වෛද්‍ය වරුද ඉතා අපහසුතාවන්ට ලක්වන බව අපට කොතෙකුත් දක්නට ලැබෙයි. රජයට දොස් නගමින් සිටිනවාට වඩා මොවුන්ගේ සුභ සිද්ධිය තකා යම් අඩුපාඩුවක් සකසා දීමට තරම් කරුණාවන්ත හදවත් ඇත්තන් ඕනෑ තරම අද සිටින අතර අපගේ යුතුකම මේවා පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු  කරවීමයි. සියල්ල්ටම පෙර මවිසින් අපේ ගමේ සායනය උදෙසා සුළුවෙන් හෝ සිදුකල උපකාර කීපයක් සදහන් කරන්නේ ඔබට යම් අදහසක් ගැනීමටයි.

අපේ සායනයේ එක සුළු ප්‍රදේශයක් ගැඹුරු ඇළක් දෙසට විවුර්ත වී තිබු අතර, එම ප්‍රදේශය භාවිතා කෙරුනේ දරුවන්ට එන්නත් ලබා දීමෙන් පසු විනාඩි 20 ක් පමණ රැදී සිටීම සදහායි. දරුවන් ට එම ස්ථානය ආරක්ෂාකාරීව ගැවසීමට පහසු වීම සදහා එම සුළු ප්‍රදේශය දැලකින් ආවරණය කිරිමට මම අවශ්‍ය දේ ලබා දුන්නා. පවුල් සෞඛ්‍යය සේවා මහත්මීන් එය ඉතා කඩිනමින් සිදු කර ගත්තා. තවත් විටෙක මම ගැබිනි මව් වරුන්ගේ මුත්‍රා පරීක්ෂා කිරීමේ පටි පැකට්ටු කීපයක් ලබා දුන්නා. ඒවා නිතරම සායනයේ අවසන් වන නමුත් ළග තිබිය යුතු දෙයක් නිසා. වසර කිපයකට පෙර මෙම එක පටියක් දෙකට කපා අම්මලා දෙදෙනෙකුට භාවිතා කිරීමට පවුල් සෞඛ්‍යය සේවා මහත්මීන් ඉතා අරපරිස්සම් වූ අයුරු මට අද වගේ මතකයි. තවත් අම්මා කෙනෙකු , සායනයේ කැඩුණ රුධිර පීඩනය මනින උපකරණය වෙනුවට අලුත් එකක් ලබා දුන්නා. කැඩී තිබු සායන මේස 3 තවත් මව්වරු කීපදෙනෙක් එකතු වී සකසා දුන්නා. මෙම ලිපිය කියවන ඔබත් මෙවන් පින්කම් කර තිබේනම් මෙහි කමෙන්ට් කර අන් අයවත් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙම ලිපිය අවසන් කිරිමට මත්තෙන් තවත් දෙයක් ගැන ලිවිමට් මට සිත් පහල වුණි. මෙය කියවන ඔබ වියපත් මවක් වන්නට පිළිවන්. සොහොයුරිය වන්නට පුළුවන. ඔබගේ දුව හෝ ලේලිය ගැබ් ගෙනද? එසේනම් දවසක් මිඩංගු කර ඇය වෙනුවෙන් විශේෂ කෑම වේලක් ඔබේ අතින් සකසා දෙන්න. ඔබ ඇයට ආස කරන කෑම නිතර සකසා දෙන බව මම දන්නෙමි. නමුත් සම්පුර්ණ වේලක් ? මෙය විකාරයක් වගේ සිතෙන්නට පුළුවන් නමුත් එහිද යමක් සිතන්නට තිබේ. එක් සොහොයුරියක් ඇයට දරුවෙකු පතමින් අහල පහල ගැබිනි මව්වරුන්ට රසවත් බත් වේලක් සකසා යවන මුත් වෙනම ජිවත් වන කලක් තමාගේ සෙවනැල්ල වූ සිය ගැබ්බර නැගෙණිය ව අමතක කරයි. මන්ද ඇයට , තම නැගෙණිය දානය දිය යුතු අයෙකු ලෙස නොපෙනේ. මවක් තම දියණියට හෝ ලේලියට එසේ විශේෂ කෑමක් දීමට නොසිතන්නේ ද මේ නිසයි. පොඩි දෙයක් නමුත් සිතන්නට යමක් ….

මෙම ලිපිය කියවන ඔබට අලුතෙන් සිතන්නට යමක් එකතු කිරීම මගේ අරමුණයි. එමෙන්ම මෙය සංවාදයට විවෘතයි.

ඔබට සුභ දවසක් !!!…

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

මගේ දෝනිත් ශිෂ්‍යත්වේ කරා….

ශිෂ්‍යත්වය වෙනුවෙන් දියණියගේ ඇතැම් යෙහෙළියන් තුන වසරේ සිටම පන්ති ඇරඹුවා. වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලවත් දැනීමක් නැතිව ළමයි ගොඩක් පිරුණු පන්තියකට ඇයව සහභාගී කරවන්න මට නම් ලෝභ හිතුණා. ටිකෙන් ටික ඔන්න දුව හතර වසර පන්තියටත් පා නැගුවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් වැඩි ගණනක් හදාරන නිසාදෝ ඇයට ඇතැම් විෂයයන් හා සම්බන්ධ බොහොමයක් සිංහල වචනවල හුරු බවක් තිබුණේ නැහැ. නමුත් ඇය සිංහල අක්‍ෂර වින්‍යාසය, ව්‍යාකරණ පිළිබඳව මනා දැනුමකින් යුක්ත වුණා. මේ වනතුරුත් නර්තනයට හැර වෙනත් කිසිදු අමතර පන්තියකට සහභාගී නොවූ ඇය හතර වසර අවසානයේදී ශිෂ්‍යත්වය වෙනුවෙන් පන්තියකට ඇතුළත් කෙරුණා. ඒ පන්තිය පැවැත්වුණේ එම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ. සතියේ දිනක ඇය පාසැල නිමවී ආ පසු මම ඇගේ නැගනිය ද කරපින්නා ගෙන ඇයව එතනට රැගෙන ගොස් සිව්වන මහල තෙක් ඇය සමග ගියේ හැකි කමකට නම් නොවේ. ඒ ගුරුවරයා මදක් සැර වුවත් දරුවන්ට පිට හරහා තඩි බෑවත් අවශ්‍ය කරුණු අවශ්‍ය ලෙසම දරුවන්ට කාවද්දන්නට සමත් බව පන්තියේ පිටුපස සිටින දෙමාපියන් අතරේ අසුන් ගෙන සිටි පළමු දිනයේදීම මට වැටහුණා.

ඒ කෙසේ වෙතත් සියල්ල කණ පිට හැරෙන්නට ගත වුණේ මාස දෙකක් තරම් වූ අඩු කාලයකි. චක්කරේ මහා කරදරයක් ලෙස සිතන ඇයට ඒ සිතුවිල්ලට හේතු වූයේ හැම චක්කරේම 5 එහා නොහැකි වීමයි. ඇය පැකිලීමකින්  තොරව නොබියව කියන්නේ පස්වරක් සහ දහවරක් පමණි. පන්තියේ එක් එක් සිසු සිසුවියන්ගෙන් චක්කරය අහන අතරේ දින හතරක්ම බේරුණු ඇය පන්තිය නතර කිරීමේ තීරණය දක්වා දුර දිග යන්නට හේතු වුයේ ගුරුවරයා හතරවරක් ඇසීමයි. එයද පහෙන් එහා කීම ඇයට ගැටලු සහගතය. ඇයගේ වාසනාවට ගුරුවරයා පහෙන් පසු වාරය ඇය ළඟ සිටි අනෙක් දියණියට පැවසීමට අණ කර ඇති නිසා ඇය ගුටි නොකා බේරුණු බව නිවසට එන අතර මගදී ඇය පවසන්නට විය. එසේ වුවත් චක්කරය පාඩම් කළ යුතුය යන සිතිවිල්ල ඇගේ සිතේ කොනකටවත් ඇවිත් තිබුණු බවක් දැන ගන්නටද නොවිය. ඇයගේ තීරණය වී තිබුනේ ඇය නැවත එම පන්තියට සහභාගී නොවන බවයි. ඒ පන්තියට මින් ඉදිරියේදී සහභාගී නොවන බව තීරණය කරන්නට ඇත්තේ චක්කරය විමසූ අවස්ථාවේදීමය.

ඇය ශිෂ්‍යත්වයට තදින්ම වෙහෙස නුවූවත් 100 මට්ටම දක්වාවත් ලකුණු ලබා ගැනීමට ඇයට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව මම සිතුවේ කිසිදු කැපවීමකින් තොරව උසස් ප්‍රතිපල බලාපොරොත්තු වන ගතියක් ඇය තුළ ඇති බවට මේ වසර දහය පුරා ඇය සමග ගත කළ දිවිය තුළ ඇගේ මව ලෙස මා ලද සාක්ෂි හේතුවෙනි. ඒ ඇයගේ හැටිය. හරි හැටි නොකා නොබී මහත් වන තුරු බලා හිඳින ඇය වෙහෙස නොවී විභාගයකින් උසස් ප්‍රතිපල ලබන්නට පෙරුම් පිරීම අරුමයක් නොවේ.

2018 වසර උදා විය. අපට හමුවන දන්නා කියන ඕනෑම අයෙකුගේ මුල්ම ගැටලුව “ආ… මේ පාර  ශිෂ්‍යත්වේ නේද? කොහොමද මෙයා වැඩකරනවද? හොඳට පාස් වෙන්න ඕනේ…” ඇයට මෙය මාහා හිසරදයක් බව කිහිප වරක්ම මා සමග පැවසීය.

මේ 2018 ජනවාරි මාසයයි. “ශිෂ්‍යත්ව පන්තියකට නොදා බෑ. මෙයා ෆේල් උනොත් අපිට හිත හදලා ඉවරයක් නැති වෙයි…” ඇය ඊලඟ පන්තියට යොමු වන්නේ ඒ ආකාරයටයි. මේ ගමන් බිමන්වලදී අක්කාගේත් අම්මාගෙත් සහයට නංගිත් සහභාගී වෙයි. අක්කාගේ රාජකාරි වෙනුවෙන් මුළු දවසක් වුවත් රස්තියාදු වීමට නැගණිය කිසිදු විටෙක මැසිවිලි නගා නැත. එතනට පැමිණෙන දන්නා/නොදන්නා  මව්වරුන් සමග කුළුපගව ආදරය දිනාගන්න ඇයට ඇතැම් විට ඔවුන් රැගෙන එන බිස්කට් පැකට්ටු තම භාරයට ගන්නට වැඩි වෙලාවක් ගත වන්නේ ද නැත. අක්කා මෙන් නොව නංගී බෙහෙවින්ම කුළුපග චරිතයකි.

මේ පන්ති යෑමටත් කණ කොකා හඬන්නේ මාස දෙකහමාරක් ගත වන්නටත් පෙරෙය. ඇය “ශිෂ්‍යත්වයට මම ගිය පන්ති දෙකම තියෙන්නේ උස තැන්වල” යන්න ඇර පන්තිය ගැන කිසිදු අදහසක් ඉදිරිපත් කරන්නේ කලාතුරකිනි. ඒ පන්තියත් එහෙමම නතර උනත් මාස දෙකක කාලය තුළදී, විෂයයන් හා සම්බන්ධ වචන බොහොමයක සිංහල වචන පිළිබඳව දැනුම ඇයට ලැබී තිබුණි. එය සැබවින්ම සතුටට කරුණකි. සිංහල බසින් ලබා දෙන ඇතැම් ගණිත ගැටලු ඇයට වටහා ගැනීම අසීරු වුයේ ද නැත. නමුත් පන්තිය දැන් අවසන්ය.

“ගෙදර ඉඳගෙන පේපර්ස් කරා නම් ඉවරයි. කොහොමත් ළමයි ගොඩක් ඉන්න පන්තිවලට දාල මෙයාට අමාරුයි.” ඇගේ පියාගේ අදහසට අනුව ශිෂ්‍යත්වය වෙනුවෙන් නම් දැරූ ගුරු භවතුන් කිහිප දෙනෙක්ගේම ප්‍රශ්න පත්තර කට්ටල කිහිපයක්ම ඇගේ මේසය මතට එන්නට වැඩි දවසක් ගත වුයේ නැත. සති අන්තයේ තාත්තා සමග ප්‍රශ්න පත්තර නියමිත වෙලාවට කරන ඇය තාත්තා මොහොතකට ඉවත් වූවොත් වැඩේ නතර කරනවා විතරක් නොවේ, දෙවන කොටසට දී ඇති වෙලාවේ දිගුකම නිසා පපුව රිදෙනවා, බඩ රිදෙනවා, වමනෙට වගෙයි. මට ගැස්ට්‍රයිටිස්. ඇතැම් විට හාර්ට් ඇටෑක් එකක් තරමට පපුව රිදෙන බව පවසමින් ඒවා මග හරියි. නැගණිය අක්කාට ලබා දෙන ප්‍රශ්න පත්‍රය අවසන් වන මොහොත දක්වා ඇයගේ තනියට යාබද මේසයේ තනි රැක්කද සුළු වරදකින් අක්කාගේ බැනුම් කෝටිය අසා ගන්නේ වෙලාව ඉක්මනින් ගලා නොයෑම හේතුවෙන් අක්කා තුළ ගොඩ නැගෙන අධික පීඩනය නිසාය. ඒ මොහොතේ හඬා වැටුනද ඒ සැනින් අක්කා සමග මිතුරු වීමේ ආදරණිය ගුණයක් නංගි සතු නිසාම ඔවුන් අදටත් සහෝදරියන් ලෙස එකට සිටින බව මාගේ විශ්වාසයයි.

මේ සියල්ල සමගින් ශිෂ්‍යත්වයට තව ඇත්තේ මාස දෙකක් පමණි. පාසැලේ පැවැත්වෙන අමතර පන්තියට නොකඩවා සම්බන්ධ වුණු ඇය වැඩිම ලකුණු සහිත දරුවන් පිරිස අතරේ තමා සිටිනා බව කිහිප විටක්ම පැවසීය. නමුත් ඒ කියන තරමටම ඇයගේ කතා විශ්වාස කිරීම අප දෙදෙනාම නොකරන්නකි.

දිනක් සතියේ දවසක පාසැලට ඇය සහභාගී නොවූ නිසා ප්‍රශ්න පත්‍රයක් දී නාන කාමරයට ගොස් පැමිණ ඇගේ හපන්කම් බලන්නට සැරසුනෙමි. බලන බලන ප්‍රශ්නයට ඇය සපයා තිබුණේ නිවැරදි පිළිතුරුය. ඇයට ලකුණු 100%කි. එක්වරම මගේ සිහියට ආවේ පිළිතුරු පත්‍රය මගේ මෙසේ උඩ නේද යන්නයි. ප්‍රශ්න පත්තර කට්ටලයක් ගත් විගස පිළිතුරු පත්‍රය ඉවත් කරන්නේ මමද මේ වයසේදී උත්තර පත්‍රය බලා පිළිතුරු යෙදූ බව අදටත් මතක නිසාමය. මුවට සිනහවක් නැගුනද එය වලක්වා ගත් මා ඇය කළ වැඩේ දන්නා බව ඇඟවිමට “උත්තර කොළේ බලන් ගැහුවත් පුතා එකක් දෙකක් හරි වැරදියට ගහන්න ඕනේ. නැත්තම් කළ හොර වැඩේ අහුවෙනවනේ…” යැයි පැවසු වෙමි. ඇයට ඇයගේ සිනහව පාලනය කර ගැනීම අපහසු විය. මගේ බෙල්ලේ එල්ලුණු ඇය “අම්ම එක්ක මුකුත් කරන්න බෑ” යනුවෙන් නෝක්කාඩු කිවේ කනට කන තියා ඇයගේ හිත අහන්න මට පුළුවන් යැයි මා පැවසූ දෙයද මතක් කරමිනි. ඇය ඇගේ පියාට ඒ ගැන පැමිණිලි කර තිබුණේ “අනේ බලන්න තාත්තා, අම්මට මගේ කනට කන තියලා හිතන දේ අහන්නත් පුළුවන්, එයා මම මොකක් හරි කරන්න හදනකොටම ඒක ගැන කියනවා” යනුවෙනි. මම හැරෙද්දී මගේ අම්මා මම කරන්නට යන දේ ගැන කියූ විට මා පුදුම වූවා සේම අද මගේ දියණියද ඒ ගැන පුදුමයට පත්වේ. මවක් වූ යම් දිනෙක ඇයගේ දරුවාගේ කනට කන තියා හිත ඇහිය හැකි විස්මිත හැකියාව පිළිබඳව ඇයද අවබෝධ කරගනු නිසැකය.

ඔන්න දැන් ශිෂ්‍යත්වයට පෙර දා රාත්‍රියේය. ඇයගේ හිස පීරමින් සිට මට දැනුණු හැඬුම්බර බව නිසාම හිසකේ මෑත් කර ඇගේ මුහුණට එබුනේ මක් නිසාදැයි දැන ගැනීමටයි. කම්මුල් දිගේ කදුළු බේරෙයි. “ඇයි පුතා… කොන්ඩේ පිරද්දී රිදුනද? නෑ අම්මා.. මට බයයි ශිෂ්‍යත්වෙට යන්න. මම වැඩ කළෙත් නැනේ.”

“අයියෝ.. මේ ඒකද? කවුද පුතේ ශිෂ්‍යත්වෙට බය වෙන්නේ. මේක ඔයාට පොඩි පෙරහුරුවක් විතරයි. ජිවිතේ අපිට මීට වැඩ දේවල්වලට මුණ දෙන්න වෙනවා.” ඇයගේ කදුළු නැවතීමට ඒ වචන ප්‍රමාණවත් නොවීය. අම්මා ඇය දමා යන බව පැවසුවාක් මෙන් ඇය නොනවත්වා හඬා වැටෙයි. තාත්තාට ද තුරුළු වී  ඇය තවත් හඬන්නට විය.

“බබා, ඔයාගේ ඉගෙනීමෙන් ඔයාගේ ජිවිතේට බලපෑමක් වෙන පළවෙනිම කාඩ ඉම වෙන්නේ O/L. ඒ කියන්නේ O/L ලෙවල් ෆේල් වුනොත් ඔයාට A/L කරන්න බෑ. ආයේ ආයේ කරන්න වෙනවා. O/L කරගත්තා කියමු. ඊළගට A/L, ඒක ෆේල් උනොත් අනාගතේ ඔයා ඉස්සරහට යන පැත්තක් ගැන හරි තීරණයක් ගන්න අමාරු වෙනවා. අනික ඒක ආයේ ආයේ කරන්න පුළුවන් තුන්පාරයි. ඒත් ශිෂ්‍යත්වය කියන්නෙ ඔයාගේ ජිවිතේට බලපෑමක් කරන්න පුළුවන් තරම් පවර් එකක් තියෙන විභාගයක් නෙවෙයි. ඒ නිසා ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.”

තාත්තාගේ දේශනා අවසානයේ ඇගේ කදුළු නතර වී තිබුණා. ඇත්තටම මේ පුංචි දරුවන්ට ලබා දෙන පීඩනය ඔවුන්ට දරන්න පුළුවන් තරම්ද කියලා හිතද්දී දැනෙන්නේ ලොකු දුකක්. බහුතරයක් අම්මලා ශිෂ්‍යත්වය වෙනුවෙන් දරුවන් නොසෑහෙන වෙහෙස කරවන අතරේම ඒ වගේම මව්වරුන් කොටසක් දරුවන් ඒ පීඩනයට කිසිසේත්ම ලක් කරන්නත් අකමැතියි. ඒ වගේම මධ්‍යස්තව මේ වෙනුවෙන් කටයුතු කරන අම්මලාත් ඉන්නවා. ඇත්තටම මේ විභාගය පහතට දාන්න පුළුවන් දෙමව්පියන්ටමයි. මේ වෙනුවෙන් දරුවන්ට දෙන පීඩනය ඔවුන්ගේ අනාගතය කවදාක හෝ නැත්තටම නැති කරනවා විය හැකියි. මානසික රෝගීන් බවට පත් වෙන දරුවන් ඔවුන්ගේ ජීවිතය විඳින්නටවත් මොහොතක් වෙන් නොකරනු ඇති. ඔබේ දුව/පුතා ලබන වසරේ මේ විභාගයට මුහුණ දෙනවා ඇති, ඒත් අම්මේ තාත්තේ දරුවන්ගේ කර මතට දැරිය නොහැකි අයුරින් ශිෂ්‍යත්ව බර නම් පටවන්නට එපා.

අදටත් ගැලපෙන ඉස්සර උපදෙස්

කෑමට බීමටත් වෙලාවක් කලාවක් තියෙන්න ඕන කිව්වට අද බොහෝ දරුවන්ට තබා දෙමව්පියන්ටවත් ඒ ගැන දැණුමක් නැහැ. ඒත් අතීතයේදී නම් දෙමව්පියන් විසින් මේ රීති ඉතාම දැඩිව අනුගමනය කළා. හැබැයි ඔවුන් මේ සිදුවීම්වල පසුබිම හෝ විද්‍යාත්මක පදනම දැන හිටයේ නැහැ. ඒ වුනත් ඔවුන්ගේ දැනමුතුකම් නිසා දරුවන්ගේ නීරෝගිකම ආරක්ෂා වුණා.

නානවා නම් කන්න ඉස්සර

ආහාර වේලකින් පසුව නාන්න අම්මලාගෙන් අවසර ලැබුනේ නැහැ. ඒ ඇයි කියල විද්‍යාත්මකව නොදැන හිටියත් අම්මලා කිව්වේ කාලා නෑවොත් බඩ පුරවා දානවා කියලයි. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අපි ප්‍රදාන ආහාර වේලකින් විනාඩි 30 – 45 ක් ගෙවෙන්න ඉස්සරින් නැවොත් ජීරණ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන්නේ නැති බව දැන් විද්‍යාත්මකව සනාථ වෙලා තිබෙනවා. අපේ ආහර ජීරණයට අවශ්‍ය ශක්තිය සඳහා හොඳ රුධිර සැපයුමක් ආමාශයට අවශ්‍ය වෙනවා. අප් ස්නානය කිරීමේදී සිරුරේ උෂ්ණත්වය පහළ බසින නිසා සම උනුසුම් කිරීමට මනා වූ රුධිර සංසරණයක් අවශ්‍යයි.ආමාශයට අවශ්‍ය රුධිරය නොලැබීම නිසා ආහාර ජීරණය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ.

කාපු හැටියේම තේ බොන්න එපා

ආහාරයක් සමග තේ පානය එපා කියන්නත් හේතු තිබෙනවා. තේ වගේම කෝපිවල තිබෙන අම්ල ජීරණයට බලපානවා විතරක් නොවෙයි, යකඩ සිරුරට උරා ගැනීමට බාධාවන් ඇති වෙනවා. ඒ නිසා ආහාරයකින් විනාඩි තිහක් පමණ කාලයක් ගෙවෙන තෙක් තේ පානයට අවසර නොදීමත් සාධාරණයි. දරුවන් ලැබෙන්න සිටින ඉන්න ගැබිණි මව්වරුන් වගේම දරුවන්ගේ යකඩ අඩුවීම නිසා ඔවුන්ට ආහාරයකින් පසුව තේ කෝප්පයක් බොන්න පෙර දෙවතාවක් හිතන්න.

ආහාර ගත් සැනම නින්ද එපා

අද කාලයේ දරුවන් ආහාර ගත් හැටියේම දරුවන් ඇඳට වැටෙන රටාවක් ඇති වෙලා. ඇයි ඉතින් රෑට රෑ වෙලා ගෙදර ඇවිත් පහුවදා පාන්දරින්ම අවදි වෙලා ආයේම රටාව පටන් ගන්න එපායැ. ඒ නිසා සමහර දරුවන්ට බත් කවන්නෙත් ඇදේ නින්දට සැරසිලා ඉන්න විටයි. ඒත් එදා අම්මලා දරුවන්ට තදින්ම දුන් අවවාදය වුනේ “කාපු හැටියේ ඇඳට වැටෙනවා හෙම නොවෙයි…” යන්නයි. එහි විදයාත්මක පැත්ත සමහර විටඅපිත් නොදන්නවා විය හැකියි.

ජපන් ජාතිකයන් නම් රාත්‍රි ආහාරය ලබා ගන්නේ හවස හයට විතර. ආරෝග්‍යශාලාවල වුනත් රෝගීන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්නේ ඒ නිසයි.ආහාරය ලබා ගෙන තිරස් ඉරියව්වවක හිටියොත් ජීරණය නිසි විදිහට සිද්ධ වෙන්නේ නැහැ. පපුව රිදීම, බඩ පුරවා දැමීම වැනි ‍රෝගාබාධ ගැන සමහර විට පැමිනිලි ලැබෙන්නේ මේ නිසා වෙන්න ඇති. ඉතින් රාත්‍රි ආහාරය අරගෙන පැය දෙකක් ගෙවෙන තෙක් පුංචි පුංචි වැඩ කටයුතු කරන්න පුලුවනි. එතකොට නිවසේ වුනත් එහා මෙහා ඇවිදීම සිදු වෙනවා. මුලුතැන්ගෙය පිරිසිදු කිරීම, පිඟන් කෝප්ප සේදීම වැනි කටයුතු වුනත් කරන්න පුලුවනි.

ව්‍යායාම

අතීතයේ අපේ ජනසමාජයට ව්‍යායාම වෙනුවෙන් අමුතුවෙන් කාලයක් වෙන් වුනේ නැහැ. ඒත් ආහාර ගැනීමෙන් පසුව ගස් නගින්න, පීනන්න හෝ බයිසිකල් පදින්න දරුවන්ට අවසර දුන්නේ නැහැ. ප්‍රධාන ආහාර වේලකින් පසුව ව්‍යායාමවල යෙදෙන විට ආමාශයේ වේදනාවන් වගේම කෙණ්ඩා පෙරලීම් වගේ තත්වයන් ඇති වෙනවා. ඒ බව වෛද්‍ය විද්‍යාත්මකවත් දැන් පිලිගත් සත්‍යක්. ඒ විතරක් නොවෙයි, දවල්ට ඉතින් ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ කියල රාත්‍රි ආහාරයෙන් පසුව ව්‍යායාමවල යෙදීමත් එතරම් සුබ නැහැ. අපිට නින්ද තරම් මනසට විවේකයක් ලබා දෙන ඔසුවක් වෙනත් නැහැ. සුවදායක නින්දක් ලැබීමට මෙලටොනින් හෝර්මෝනය නිදහස් වීම අවශ්‍යයි. ඒත් ව්‍යායාම නිසා මෙම හෝර්මෝනය නිදහස් වීමට බාධා ඇති වෙනවා. ඒ නිසා තරුණ වයසේ දරුවන්ටත් ව්‍යායාම කිරීම රාත්‍රියේ සිදු නොකළ යුතු බවට දැණුවත් කිරීම වඩාත් සුදුසුයි.

අපථ්‍ය ආහාර

එදා අපේ අත්තම්මලා එකම වේලකට කිරි, මස්, මාලු ආහාරයට ගැනීමට දුන්නේ නැහැ. ඒ ඇයි කියල එදා අපි නොදැන සිටියත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මාළු උෂ්ණ ගුණයෙන් සහ කිරි ශීත ගුණයෙන් යුක්ත නිසා මේවා එක්වර ආහාරයට ගැනීමෙන් අගුණ ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම දියර කිරි සහ කෙසෙල්, කොමඩු වැනි පළතුරු ආහාරයට ගැනීමටත් අවසර දුන්නේ නැහැ. කිරි සමග කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම් ගතිය ඉහළ යෑමට පුලුවනි. තරබාරුවටත් මේ සංයෝගය හේතු වෙන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් පෙන්වා දෙනවා. කිරි පානයෙන් පසුව බිත්තර ආහාරයට ගත් විට අජීර්ණ ඇති වෙන නිසා අඩුම වශයෙන් බිත්තර සමග පාන් ආහාරයට ගත්තොත් ඒ සමග කිරි පානයට අවසර දුන්නේ නැහැ.යෝගට් සමග චීස් ආහාරයට ගැනීමටත් තහංචි තිබුණා.කොල්ලු වගේ ආහාර සමග ඇඹුල් රස ආහාර එක වේලට ලැබුනෙත් නැහැ. උදා, උක්හකුරු සහ කිරි එකවර ආහාරයට නුදුන්නේ මේ ආහාර දිරවීමට බොහෝ වේලාවක් ගත වෙන නිසා අපේ සිරුරේ සියුම් මාර්ගවල තිබෙන දියර ස්වභාවය ඉහළ ගොස් ඉදිමුම වැනි තත්වයන් ඇති වීමට පුලුවන් නිසයි. ඒ වගේම හවස් කාලයේ වරකා ආහාරයට ගැනීමට දුන්නේ නැත්තේ දිරවීම අපහසු නිසයි. ඒ වගේම ඹ්නෑම වෙලාවක වරකා ආහාරයට ගත් විට අන්තිම මදුලට ගම්මිරිස් ඇට දෙක තුනක් එකතු කලා.

දුම්පානය

දුම්පානය නම් එදා කතා නොකල මාතෘකාවක් වුනත් අද දවසේ දුම්පානය කරන සමාජයක් බිහි වී තිබෙන නිසා ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මක තත්වය දැන ගැනීමත් නරක නැහැ. ආහාරයෙන් පසුව දුම්පානය එපා කියන්නේ මේ නිසයි. ආහාර ජීරණය වෙනුවෙන් අපේ සිරුරේ පද්ධති හැම එකකින්ම දායකත්වය ලැබෙනවා. නිකොටින් මිශ්‍ර වාතය නිසා ශ්වසන පද්ධතියේ කාර්යන් දෙගුණයකින් ඉහළ යන නිසා ජිරණයට අවශ්‍ය ශක්තිය ගැන ගැටලුවක්. ඒ විතරක් නොවෙයි, අපේ ආහාරයේ තිබෙන විටමින් සි, ඩී, සහ කැල්සියම් දුම්කොල මගින් උරා ගන්නා නිසා අපිට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ.

උසස් තත්වයේ ඩයපරයකින් පැටියාට මෙන්ම අම්මාටත් වාසි රැසක් සැලසෙන බව දැනසිටියාද?

පුංචි පැටියෙක් ඉන්න ගෙදරක සතුට වගේම කාර්යබහුල බවත් දෙගුණ වෙනවා. අම්මා කෙනෙක්ගේ හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ දරු පැටියා වෙනුවෙන්. ඒ වගේම දරුවා වෙනුවෙන් කෙරෙන හැම යුතුකමක්ම අම්මා කෙනෙක් නොපිරිහෙලා ඉටු කරන්නේ හරිම සතුටෙන්. අන්න ඒ නිසාම බහුතරයක් මව්වරුන් පහසුව ගැන නම් හිතන්නෙම නැති තරම්. කොයි තරම් වෙහෙස මහන්සි වුණත් දරුවාගේ වැඩ කටයුතු ටික අවසන් වෙනකන් අම්මා කෙනෙක් නින්දට වැටෙන්නේ නෑ. සමහර වෙලාවට ඒ වැඩ කටයුතු සියල්ලක්ම හමාර කරලා අම්මා ඇඳට එනකොට චූටි පැටියා තෙමා ගෙන, නින්දෙන් ඇහැරිලා. කොයි තරම් මහන්සියක් දැනුණත් කොයි තරම් නිදිමත උණත් දරු පැටියාගේ ඒ රාජකාරියත් අම්මා කෙනෙක් සතුටින් ඉටු කරනවා. මේ කොහොම වුණත් අම්මා කියන කෙනාටත් විවේකය අත්‍යවශ්‍යයි. එහෙම නේද? කොයි තරම් සතුටෙන් තමන්ගේ දරු පැටියා වෙනුවෙන් මහන්සි නොබලා අම්මා කෙනෙක් කටයුතු කළත් කොයිම හරි මොහොතක ඒ වෙහෙස අම්මාට නරක විදියට බලපාන්නත් බැරි නැහැ. මොකද වෙලාවට කෑමක් බීමක් ගන්නේ නැතිව දරුවාගෙන් වැඩවලට, වැඩවලින් දරුවා ළඟට දුවන අම්මලා තමන් ගැන නොහිත මෙහෙම වෙහෙස වෙද්දී රෝගාතුර වුණොත් අම්මාගේ අඩුව විශේෂයෙන් පුංචි පැටියටත් ඒ වගේම මුළු ගෙදරටමත් දැනෙනවා. අන්න ඒ නිසාමයි අම්මලා වැඩ පහසු කරගත යුතු වෙන්නේ.

bc-baby cradled.mother

පුංචි දරුවෙක් ඉන්න ගෙදරක එකතු වෙන රෙදි කන්ද ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. දරු පැටියා වෙනුවෙන් ඩයපර භාවිත කරන්න පුළුවන් නම් මේ රෙදි කන්ද බාගෙට බාගයක් අඩු කරගන්න පුළුවන්. ඒත් අම්මලා දරුවන්ට ඩයපර භාවිත කරන්න අකමැතියි. මොකද අම්මා කෙනෙක් නිතරම දරුවාගේ සුව පහසුව උපරිමයෙන් පවත්වා ගන්න කැමතියි. අම්මලා එහෙම හිතුවත් උසස් ලෙස නිපදවෙන ඩයපරයක් මගින් පහසුව සලසන්නේ පැටියට විතරක් නෙවෙයි. අම්මටත් උපරිම සුව පහසුව සලසනවා.

ඒත් දැන් ඔබ හිතනවා ඇති, “ඩයපර නිසා දරුවන්ගේ සුමුදු සමේ ආසාත්මිකතා, අවපැහැ වීම්, ගොරෝසු වීම්, කැපීම් තුවාල වගේ දේවල් ඇති වෙනවා. ඉතිං කොහොමද පැටියට ඩයපරවලින් සුවයක් ලැබෙන්නේ” කියලා. මේ කරුණු විතරක් නෙවෙයි, “ඩයපර ඇන්දුවාම කකුල් බකල් වෙනවා, අස්ථි පද්ධතිය හොඳින් හැදෙන්නේ නැ, දරුවාගේ වර්ධනය අඩාල වෙනවා” වගේ එක එක විදියේ මිත්‍යා මතත් අම්මලා අතරේ තියෙනවා. අන්න ඒ නිසාම දරුවාට අවශ්‍ය උපරිම සුව පහසුව සලසන ඩයපරයක් තෝරාගැනීමට  මව්පියන් ලෙස ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේම ඩයපරයක් තෝරාගැනීමේදී, එය විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ වෙළඳපොළට එන උසස් නිෂ්පාදනයක් ද යන්න පිළිබඳව ඔබ මූලිකව අවධානය යොමු කළ යුතුය. එසේ නොවන්නට සැබවින්ම ඩයපරය ඔබටත් පැටියාටත් පහසුවක් නොවිය හැකිය.

bc-baby sleeping.wrapped in blanket-3

ඔබ තෝරාගන්නා ඩයපරය,

  • උපරිම උරාගැනීමේ හැකියාවකින් සමන්විත විය යුතුය
  • ඝනකමින් අඩු විය යුතුය
  • මතුපිට සුමුදු විය යුතුය
  • ඩයපරය හරහා වාතාශ්‍රය ගමන් කිරීමේ හැකියාව තිබිය යුතුය
  • දරු පැටියාගේ ක්‍රියාකාරකම්වලට මෙන්ම වර්ධනයට බාධාවක් නොවිය යුතුය
ඩයපර භාවිතයෙන් දරු පැටියාට සැලසෙන වාසි

  • දරුවාගේ වටපිටාව තෙත් වීම අපිරිසිදු වීම වැළකේ
  • සුමුදු බව නිසා දරුවා උපරිම සුවපහසුවෙන් කාලය ගත කරයි
  • නොකඩවා දිගු නින්දක් ලබා ගනී
  • දෛනික ක්‍රියාකාරකම්වලට බාධා ඇති නොවේ
  • සුව පහසුව නිසා දරුවා හැම මොහොතක්ම සතුටින් ගත කරයි
  • හොඳින් ආවරණය කර සුරක්ෂිතව අසුරා ඇති නිසා විෂබීජ ඇතුළු වී දරුවාට ආසාදන ඇති නොවේ
දරු පැටියා වෙනුවෙන් ඩයපර භාවිතයෙන් මවකට සැලසෙන වාසි

  • එක් වරක් භාවිත කොට ඉවතලන නිසා සේදීමට/වේලීමට සහ මැදීමට ඇති රෙදි ප්‍රමාණය අවම වීම
  • රාත්‍රියේදී සුව නින්දක් ලබා ගැනීමේ හැකියාව
  • නිවසින් පිටතට දරුවා රැගෙන යන අවස්ථාවලදී තෙමා ගැනීම් නිසා අපහසුතාවයට පත් නොවීම
  • දවස පුරා විටින් විට ඇඳුම් මාරු කිරීමට සිදු නොවීම
  • මුත්‍රා නිසා මෙට්ටවල මෙන්ම නිවස තුළ ඇතිවන දුර්ගන්ධය වළක්වා ගත හැකිවීම
  • විශේෂයෙන්ම වැසි සමයේදී රෙදි වේලීමට ඇති අපහසුවෙන් මිදීමට හැකිවීම

විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ වෙළඳපොළට එන උසස් නිෂ්පාදනයක් තෝරාගන්නට ඔබ සමත් නම්, ඩයපර ඇන්දවීම ඔබටත් ඔබේ දරුවාටත් උපරිම සුව පහසුවක් ළඟා කරදෙනු ඇත.

bc_banner