ඇතැම් දරුවන් ගිලීමේ අපහසුතා පෙන්නුම් කරනවා. එය රෝගී තත්ත්වයක්ද නැතිද යන්න හදුනා දරුවා වෛද්‍ය උපදෙස් වෙත යොමු කල යුත්තේ කොයි ආකාරයෙන්ද? හබුන් කටයි. වතුර කටයි. වතුරටම දරුවගේ බණ්ඩිය පිරෙනවා. ඒත් වතුර නැති වුණොත් දරුවා කෑම කන්න කැමති නෑ. වතුර දීලා හරි කෑම පිඟාන හිස්කරගන්න තිබ්බනං අම්මට සතුටුයි. ඔබ නොදැනුවත්ව හෝ මේ කරන දේ හරිද?
ඔබත් තාත්තා කෙනෙක්ද? මේ යුතුකම් ඔබ අතින් ඉටු වෙනවාද?
දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නේ බොහෝ විට මව්වරුන්. ඒත් මේ භූමිකාවේ මවට හා සමාන වගකීමක් පියාටත් පැවරෙනවා. දරුවෙකුට ඇති කතන අබාධ මග හැර ගැනීමට පියාගෙන් ලැබිය යුතු සහයෝගය කොයි ආකාරයේ විය යුතුද? ඔබත් තාත්තා කෙනෙක්ද? මේ යුතුකම් ඔබ අති ඉටු වෙනවාද? බලන්න, ඔබ පිය පදවියට සාධාරණයක් ඉටු කරනවාද?
දරුවාට ශ්‍රවන ආබාධ තත්වයක් ඇති බව හදුනා ගන්නේ කෙසේද? – Speech Pathologist Nimeera Weeraratne
දරුවාට ශ්‍රවන ආබාධ තත්වයක් ඇති බව දෙමාපියන් හදුනා ගන්නේ කෙසේද? එවැනි දරුවෙකුට භාෂාව ඉගෙනීමට බාධා ඇති විය හැකිද? අනේ මන්දා මේ දරුවාට ඇහෙනවා අඩුද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොමද ඇත්තටම දරුවෙකුට ඇහෙනවා අඩුද කියලා දැනගන්නේ?
ඇතැම් දරුවන් කතා කිරීමේදී උච්චාරන දෝෂ බොහොමයක් දැක ගත හැකියි. -Speech Pathologist Nimeera Weeraratne
ඇතැම් දරුවන් කතා කිරීමේදී උච්චාරන දෝෂ බොහොමයක් දැක ගත හැකියි. මෙය දරුවා වයසින් වැඩෙත්ම නිවැරදි වන බවයි බොහෝ දෙනාගේ අදහස. මේ තත්ත්වය නොසලකා හැරිය හැකිද? දැන් ඔය වචන එක දෙක වැරැද්දුවට ටිකක් ලොක් වෙද්දි හරියට කියයි. අත්තම්මා එහෙම කිව්වේ චූටි පුතා වචන හරියට ශබ්ද කරන්නේ නෑ කියලා අම්මා නෝකක්ඩු කිව්ව වෙලේ. ඇත්තටම මේ තත්ත්වය දෝෂයක්ද? සුව වීම කාලයට බාර දිය හැකිද?
සමහර පුංචිදරුවන්ගේ කතාව වයසට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ – Speech Pathologist Nimeera Weeraratne
සමහර පුංචි දරුවන්ගේ කතාව දරුවාගේ වයසට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් කල යුත්තේ කුමක්ද? දුවට දැන් අවුරුදු තුනක්. ඒත් බලන්නකෝ අවුරුද්දක පුංචි දරුවෙක් වගේ තාම හරියට කතා කරන්නේ නෑනේ. මොකද මේකට කරන්නේ.
ගොතය කුඩා වියේ සිටම ඇතිවිය හැකි තත්වයක්ද? – Speech Pathologist Nimeera Weeraratne
ගොතය කුඩා වියේ සිටම ඇතිවිය හැකි තත්වයක්ද? එය හදුනා ගන්නේ කෙසේද? වෙලාවකට පුතාගේ පොඩි ගොතයක් වගේත් දැනෙනවා. ඒත් පුංචි ළමයින්ට ගොතය එන්න විදියක් නෑනේ. මේ වීඩියෝව බලලා දැනුවත් වෙමුද ගොතය ගැන.
තනි වූ මවුවරු
දස මස කුස දරා, සිය ජීවිත කාලය පුරා හදෙහිද දරාගෙන දරුපැටවුන් කෙරෙහි අපිරිමිත ආදරයෙන් සහ ප්‍රාණ පරිත්‍යාගයෙන් ජීවත් වන යම් කෙනෙක් ඇත්නම් ඒ දෙමව්පියන් පමණය. දරුවන් ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන අභියෝග වලට මුහුණ දීමට වීර්යය වැඩිය හැක්කේද, අසීමිත ධෛර්යයක් ඇත්තේද දෙමව්පියන්ට පමණි. මව්පිය ආදරයට හෝ රැකවරණයට සම කළ හැකි කිසිවක් මෙදියත ඇතැයි විශ්වාස කළ නොහැක්කේ, දාරක ස්නේහය ඇට මිදුළු පවා විනිවිද යන බව තථාගත බුදුන්වහන්සේගේ දේශනාවේ සඳහන් නිසාය.
දෙමාපියන් එක මඟ නොයා වෙන් වෙන් වශයෙන් තනි මග යන්නට තීරණය කළ එහෙමත් දිනයක, එතෙක් තම දරුවන් වෙනුවෙන් දෙදෙනා එක්ව දැරූ සියලු අභියෝගයන්ද, සියලු ප්‍රයත්නයන්ද, සියලු විශ්වාසයන්ද බෙදී යන්නේය. මෙහිදී පුතුන් තනන්නටද, පුතුන් රජුන් කරන්ටද දුක්ගන්නා අම්මලාට ඒ සියලුදේ තනිව දරන්නට වන අනපේක්ෂිත අරගලයක කොටස්කාරියන් වීමට සිදුවන්නේය.
single mom එහෙමත් නැත්නම් තනි වූ මවක්ගේ අරගල මොනවාද ?
අද කතාව ඒ ගැන..
- රාජකාරි ජීවිතයේ අභියෝග ( work life challenges )
දරුවෙක් කිසිදා මවකට හෝ පියෙකුට බරක් නොවන මුත් තනිව දරුවන් හදා වඩා ගැනීම රාජකාරි කරන මවකට වඩා අසීරු වන බව පොදු මතයයි. එයට හේතුව ඇයට කරන්නට සිදුවෙන අසීරු කාල කළමනාකරණයයි. තම රාජකාරි ජීවිතය සහ දරුවන්ගේ සියලු අවශ්‍යතා හා වුවමනා වලදී අම්මාත් තාත්තාත් යන චරිත ද්විත්වයේම වගකීම් ඇයට දැරීමට සිදුවේ. මෙහිදී තමන්ගේ කායික හා මානසික විවේකය නිතැතින්ම දරුවන් වෙනුවෙන් අහිමි කර ගැනීමේ ආවස්ථික පිරිවැය තනි වූ අම්මාට දරන්නට සිදුවේ. ඇතැම් තනි වූ මවකට තම දරු පැටවුන් ගේම අනාගතය වෙනුවෙන් අතිරේක පැය ගණනක් ( extra working hours ) පවා වෙහෙසෙන්නට සිදුවෙනු ඇත.
මෙම තත්ත්වය කළමනාකරණය කරගත නොහැකිද ?
- ඔබ උදව් ඉල්ලන්න ,ඔබට උදව් ලැබේවි යැයි සිතෙන ඕනෑම ආසන්න ඥාතීන්ගෙන් හා වැඩ සගයන්ගෙන්.
- ඔබට වඩා නම්‍යශීලීව රාජකාරි කළ හැකි වේලාවන් සොයාගන්න ( flexible working hours ).
- නිවසේ සිට සේවය කිරීමට හැකි රැකියාවක් සොයා යන්න ( work from home ).
- රාජකාරි සහ ගෘහස්ත කටයුතු සඳහා ඉලක්ක සකසා ගන්න ( set goals ).
- වරදකාරී හැඟීම නිසා ඇතිවන අභියෝග ( guilty feeling )
තනි වූ මවකගේ සිතුවිලි අප සිතනවාට වඩා බොහෝ සංකීර්ණ විය හැකිය. කාල කළමනාකරණයේ අසමත් බව නිසාම තමන්ට දරුවන් මඟ හැරෙන බව හෝ තමන් හොද අම්මෙක් නොවන බව සිතීමෙන් ඔවුහු බොහෝ විට පීඩාවට පත්වෙති. තම හිතවත් යුවලක් ඔවුන්ගේ දරුවාට ලබාදෙන සියලු දේ හෝ ඉටු කරන සියලු යුතුකම් තනි අම්මා කෙනෙක්ට කරන්නට නොහැකි බව දැන, ඔවුහු පශ්චාත්තාප වෙති. ඉතින් මේ වරදකාරී හැඟීමෙන් මිදීමට නොහැකිද?
- දෙමාපිය රැකවරණය දරුවන්ට ලබා දීමේ හරි හෝ වැරදි කියා නියමිත ක්‍රමයක් නැත. අනිත් පවුල් සමග සංසන්දනය කර එයට අනවශ්‍ය තරගකාරීත්වයක් ආරෝපණය කර ගැනීමෙන් වළකින්න.
- අනවශ්‍ය තරම් වන සමාජ ජලා ජලා භාවිතයෙන් මිදෙන්න. මන්ද එහි බොහෝ විට ඇත්තේ බොරුව වර්ණනාත්මක ස්වරූපයෙන් පමණකි.
- මේ මොහොතේ ජීවත් වෙන්න .
- දරුවන් සමග සතුටින් සහ විනෝදයෙන් ගත කිරීමට කාලය සොයා ගන්න.
- ඔබ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න .
- ඔබව දිරිමත් කරන ඔබ වැනි ම සමාන අදහස් දරන මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට තරම් බුද්ධිමත් වන්න .
- මානසික අභියෝග ( emotional challenges )
තම සහකරු සමඟ එතෙක් බෙදා ගත් අත්දැකීම්, අදහස්, යෝජනා සහ චෝදනා ද තනි වූ මවක් වන පළවෙනි මොහොතේම මොහොතේම ඇයට අහිමිව යන්නේය. තීරණයක හොඳ හෝ නරක පිළිබඳ එතෙක් තිබූ අන්ත දෙකෙන් එක් අන්තයක් නිෂ්ප්‍රභ ව යන්නේය. මේ හේතුවෙන් තනි වූ මව්වරු කාන්සියෙන්ද ඇතැම් විට විෂාදයෙන්ද පීඩා විඳින්නෝය. ඉතින් මෙය සමනය කරගත නොහැකිද?
- දරුවන් සමග ආදරණීය සබඳතාවක් ගොඩනඟා ගන්න. ඔවුන්ට ළං වෙන්න.
- ඔබ තනි ගැහැනියක්ව සිට සිදුකරන මේ අතිවිශාල මෙහෙය පිළිබඳ ඔබටම ස්තුතිවන්ත වෙන්න.
- ලෝකයේ සර්ව සම්පූර්ණ කිසිදු යමක් නැති බවත් ඔබේ දරුවාගේ ප්‍රීතිමත් සිනහව පසුපස ඇත්තේ ඔබේ අප්‍රමාණ කැපකිරීම් බවත් නිතර සිතන්න.
- ආර්ථිකමය අභියෝග ( financial strain )
බොහෝ තනි මව්වරුන් දැඩිව ආර්ථිකමය ගැටලූ වලට මුහුණ දෙන බව නොරහසක්. එතෙක් දෙදෙනකු පවත්වාගෙන ආ ජීවන රටාවට තනිව මූල්‍යමය වශයෙන් අවතීර්ණ වීම දැඩි අභියෝගකාරී වනුයේ උද්ධමනය, රුපියලේ අගය ක්ෂයවීම, විවිධ බදු වැනි ආර්ථිකමය සංකල්පවලින්ද ඇයට බැට කන්නට සිදුවන නිසාය. දරුවන්ට අවැසිදේ ඒ ඇසිල්ලේම ලබා දීමට ඔබට නුපුළුවන් විය හැක. එනමුදු එය ඔබ නරක අම්මෙක් බවට පත් කරන සාධකයක් නොවන්නේය. මේ ආර්ථික අභියෝග කළමනාකරණය කරගැනීමට නොහැකිද ?
- අරපිරිමැස්මට හුරුවෙන්න .
- හැකිතාක් ණය නොවී සිටීමටත් ණය ලබා ගතහොත් ඒවා පියවා දැමීමටත් උත්සුක වන්න.
- මාසික අයවැය පිළිබඳ දළ සැලසුමක් ඇතිව වියදම් කරන්න.
- කෙසේ හෝ ඉතිරි කරන්න. රුපියලෙන් රුපියල එකතු වීමෙන් දසදහස්ද කෝටි ප්‍රකෝටි ද හැදෙන බව නිතර සිතට ගන්න.
- ශාරීරික වෙහෙස නිසා ඇතිවන අභියෝග ( fatigue )
තම සහකරුවා වෙන්වී ගිය දින තමන්ද තමන්ට අහිමිව ගිය බව සිතීම සාධාරණය කළ නොහැක. එනමුදු ජීවිතයේ ජීවිතයේ මහා පෙරළියකට ඔබට ක්ෂණිකව හැඩ ගැසීමට නොහැකි බව නම් අවිවාදිතය. නිවසේ ප්‍රධාන ආදායම් උපයන්නාද , අම්මාද, තාත්තාද එකෙකු වූ කලී දැනෙන ශාරීරික වෙහෙස ගැන වෙසෙසින් පැහැදිලි කළ යුතු නැත. එහෙත් මානසික මෙන්ම කායික රෝගවලද ගොදුරක් බවට ඔබ නොදැනුවත්වම පත්වීම ඔබ වළක්වා ගත යුතුය. එය කරන්නේ කොහොමද ?
- ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන සහ විටමින් අවශ්‍යතාව කෙසේ හෝ සපුරා ගන්න.
- ජලය ප්‍රමාණවත් පරිදි පානය කරන්න.
- රාජකාරි කටයුතු නැති අනෙක් සෑම විටම දුරකථනයෙන් ඇති සිටින්න.
- කුඩා විවේක හෝ නින්දක් ඔබට අවශ්‍ය යයි හැඟෙන ඕනෑම විටක එයට ඉඩදෙන්න.
- ව්‍යායාම සඳහා ඇවිදින්න.
මේ කරුණු සියල්ල තනි මවක් වූ ඔබ කළයුතුම යැයි නියමයක් නැත. තනි වූ මවක් ලෙස දරුවන් හදාවඩා සමාජයට මුදාහැරීමට අති විශාල ධෛර්යයක්, ඉවසීමක් සහ මානසික ශක්තියක් අවශ්‍යය. ඔබව නිකරුණේ විවේචනයට ලක්වීමටද, පීඩාවට ලක්වීමටද ලාංකික සමාජයේ ඕනෑතරම් ඉඩකඩ ඇතත් ඒ සියල්ල විඳදරාගනිමින් ඔබ කරන කාර්යය ප්‍රශංශනීයය. තනි වූ මවක් වීම අවමානයක් නොව ආත්ම අභිමානයෙන් නැඟී සිටීමට උත්තේජනයක් බව පසක් කර දෙන ඔබට අපේ ගෞරවය.
මව්වරුන්ට ආදරයෙනි.
දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කළ යුතු සතර ආකාරය
දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට නොමැති බව ඇත්ත. ඒ නිසා දෙමව්පියන් විසින් තමන්ගේ උපරිමයෙන් දරුවන්ට සංග්‍රහ කිරීමට හදවතින්ම බැඳී සිටිනවා. එහෙමනම් දෙමව්පියන් විසින් දරුවන්ට සංග්‍රහ කිරීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කළ යුත්තේ කෙසේද…?
- ආහාර
දරුවා උපත ලද අවස්ථාවේ පටන් මව්කිරෙන් පෝෂණය වී එතැන් පටන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය ආහරපාන ලබා දෙන දෙමව්පියන් විසින් කාලයකදී දරුවන්ගේ ආහර ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.දරුවන් ඉල්ලන ආලවටට්ම් ආහාර ගැනම යොමු වෙනවා මිසක ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවීම බොහෝ දුරට අඩු වෙන ප්‍රවනතාවයක් තිබෙනවා.
අපේ පුතා කන්නේ බර්ගර්, පේස්ට්‍ර ජාති විතරයි කියමින් මේ ගැන උදම් ඇනුවත් දෙමව්පියන් විසින් දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්.
මෙහිදී ආහාරයන්හි ප්‍රමාණාත්මක බව වගේම ගුනාත්මක බව ගැනත් සැලකිලිමත් වීම දෙමව්පියන්ගේ යුතුකමක්.උදේ ආහාරය නොවැරදීම ලබා දීම, ඒ වෙනුවෙන් වූ පෝෂණය ගැන සැලකිළිමත් වීමට දෙමව්පියන් විසින් වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙනවා.
2. ආදරය
දෙමව්පියන්ගේ ආදරය කොන්දේසි විරහිතයි. එය ඇත්ත.නමුත් මේ ආදරය සඟවා ගෙන සිටීමට වඩා දරුවාට දෙමව්පියන්ගේ ආදරය දැනිය යුතුයි.ආදරය නිසා දරුවාගේ පෞරෂය පිළිබඳව සිදු වෙන වර්ධනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වැදගත්කමකින් යුක්තයි. ඒ නිසා දරුවාගේ ශාරිරික පෝෂණයට ආහාර වැදගත් වන්නේ යම් සේද,ඔවුන්ගේ මානසික සතුට සහ සුවතාවය වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනහස මහඟු පිටුවහලක් වෙනු ඇත.
3. ආරක්ෂාව
දරුවන්ගේ ආරක්ෂාව ගැන අද දැඩි විමසිල්ලෙන් සිටිය යුතු යුගයක් වී තිබේ. අතීතයේදී දරුවාට අම්මා,තාත්තා වගේම මාමා,බාප්පා සීයාගෙන් ලැබුන ආරක්ෂාව ගැන අද යම් කුකුසක් මතු වී තිබේ. කොටින්ම ගැහැණු දරුවාට තමාගේ පියාගෙන් පවා අතවර සිදු වෙන යුගයකදී දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන්ගේ අවධානය වැඩියෙන් යොමු වීමේ අවශ්‍යතාවය ඇති වී තිබේ.අපචාරයට ලක්වුන දරුවන් අලලා සිදු කරන ලද සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ බොහෝ දරුවන් අපයෝජනයන්ට පත්ව ඇත්තේ ඔවුන්ගේ සමීපතම ඇසුරක් ඇති අසල්වැසියන්,ඤාතීන් හෝ හිතවතුන් මගින් බවයි.
- ගැහැණු දරුවා වගේම පිරිමි දරුවාටත්..
එදා නිතරම කතා බහ ගොඩ නැගුනේ ගැහැණු දරුවා වෙනුවෙන් ආරක්ෂාව සලසා දුන්නත් පිරිමි දරුවා ගැන එතරම් වෙහෙසිය යුතු නැති බවයි.එහෙත් අද පිරිමි දරුවන් ගැනත් විමසිල්ලෙන් සිටිය යුතු යුගයකි. මත්ද්‍රව්‍ය, අනිසි සම්බන්ධතාවයන්,අස්වාභාවික ලිංගික හැසිරීම් වැනි විවිධ අපචාරයන්ට පිරිමි දරුවන් ගොදුරු විය හැකි කාලවකවානුවක් අප ඉදිරියේ පවතී.
4. අධ්‍යාපනය
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා …කියන්නාසේම දරුවන්ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අධ්‍යාපනය ඉතාම වැදගත් සාධකයක් වේ. අධ්‍යාපනය යනු ඔබේ ඉලක්කයට අනුව දරුවා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකුගේ තැනට පත් කිරීම නොවේ.දරුවාගේ හැකියාවට අනුව ඔවුන්ගේ අධ්‍යාපන මාවත හෙලි පෙහෙලිකර දීමයි.
අධ්‍යාපනය යනු විභාග සහතික එක්රැස් කිරීම පමණක් නොවේ.දැණුම,ආකල්ප සහ කුසලතාවයන් සමග දරුවාගේ ගුණධර්ම වගා කිරීමත් ඉතාම වැදගත්.දෙමව්පියන්ගේ අවධානය විභාග ඉලක්ක කර ගත් විට ඔවුන්ගේ ජීවිතය දැනුමෙන් සන්නද්ධ වන බැව් ඇත්ත. එහෙත් දරුවාගේ ගුණධර්ම වගාව බිඳවැටෙන පරිසරයකදී ඔවුන් අනාගතයට දායාද වන්නේ යහ ගුණ ඇති පුරවැසියන් ලෙසින් නොවේ.
එසේනම් දෙමව්පියන් ලෙස ඔබ දරුවාට දායාද කළ යුතු සංග්‍රහයන් සතරක් මේ අන්දමින් ඉදිරිපත් කළ හැක. අහාර,ආදරය,ආරක්ෂාව සහ අධ්‍යාපනය යන සංග්‍රහයන් ලබන ඔබේ දරුවා මතු දවසේ ලෝකය දිනන පමණක් නොව සංයමයෙන් යුක්ත පුරවැසියෙකු ලෙසින් සමාජගත වෙනු ඇත.
