ඔබේ දරුවා විභාගයට සුදානම් වෙනවද. එසේ නම් දරුවාට ලබා දිය යුතු උපදෙස් මෙන්න.

අද වන විට නම් විභාගය තුළ පවතින්නේ ඉතාමත් තරගකාරී තත්වයක්. ඒ නිසාම විභාගය ආසන්න වන විට දරුවන් තුළ විශාල පීඩනයක් ඇති වෙනවා. එසේ වූ විට දරුවන් තුළ සන්සුන් මනසක් ඇති කිරීම ඔබ සතු දෙයක්. විභාගයකට නිවසින් පිට වෙන්න පෙර දරුවට මේ උපදෙස් ටික ලබා දීම ඔබ සතු දෙයක්.

කල් ඇතුව විභාගය පවතින ස්ථානයට දරුවා පිටත් කර යවන්න

බොහෝ දරුවන් කල් වෙලා නොමැතිව නියමිත වෙලාවත් පසු වී විභාගයට එන අවස්ථා තිබෙනවා. එවිට දරුවා අධික ලෙස කලබල වෙනවා. මේ නිසා දරුවා හොදින්ම දන්නා පිළිතුරු වුව නිවැරදි ලෙස සටහන් කර ගැනීමට නොහැකි වන්නට පුළුවනි. විභාගයකදී කාලය කියා එක හරිම වැදගත්. විභාගය පවත්නා ස්ථානයට බොහෝ දුරින් සිටින දරුවෙක් නම් කල් වෙලා ඇතිව එම ස්ථානයට යෑම වැදගත්. බස් රථයක් යනවා නම් ඇතැම් විට බස් රථය යම් දෝෂයක් නිසා නවතින්න පුළුවනි. එසේ වුවහොත් දරුවාට එම ස්ථානයට වේලාවට ලගා වීමට නොහැකි වෙනවා.

බාධාකාරි සාධක තිබේ නම් විභාග ශාලාධිපතිට දැනුම් දෙන ලෙස පවසන්න

හිරු එලිය හෝ අදුරු සහිත ස්ථානයක් හෝ තමා ලියන මේසයේ යම් දුර්වලතාවයක් තිබේ නම් නොබියව විභාග ශාලාධිපතිට දැනුම් දෙන ලෙස දරුවට පවසන්න. දරුවා අසුන් ගන්න ස්ථානයට බාහිරෙන් ශබ්ද වඩා ඇසෙනවා නම් එය පිළිතුරු ලිවීමේදී බාධාවක් විය හැකිය.

විභාගය අංකය පිලිබදව දරුවා දැනුවත් කරන්න

සෑම පිළිතුරු පත්‍රයකම විභාග අංකය දැමිය යුතුය. දරුවන්ට ඒ මොහොතේ තිබෙන කලබලේ නිසාම විභාග අංකය පවා දැමීමට අමතක වන්නට පුළුවනි. එම නිසා විභාග අංකය නිවැරදි ලෙස සටහන් කරන ලෙස දරුවාට පවසන්න. එක අංකයක් හෝ වැරදි යෑමෙන් විභාග ප්‍රථිපල පවා නොලැබී යා හැකිය. මේ නිසා සංයමයෙන් යුතුව කලබල නොවී සැහැල්ලුවෙන් යුතුව දරුවා විභාගයට මුණ දිය යුතුය.

බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම හැකි සුදුසුම ක්‍රම කියා දෙන්න

බහු වර්ණ ප්‍රශ්න හරහා ලකුණු ලබා ගැනීම එතරම් අමාරු දෙයක් නෙමේ. නමුදු මෙහිදී නිවැරදි පිළිතුර හරියාකාරව ලබා දිය යුතුය. මෙහිදී සියලුම ප්‍රශ්න කියවන්න. සමහරවිට මුලදී අසනු ලබන ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුරක් ලබා ගැනීමට යම් ඉගියක් අවසාන ප්‍රශ්නයකින් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහිදී ප්‍රශ්නය පමණක් කියවා පිළිතුරු සෙවීම නොකළ යුතු දෙයකි. මෙම බහු වර්ණ ප්‍රශ්න වලදී ගණනය කිරීම් සිදු කිරීමට තිබෙන විට කටු වැඩ කොලයක් ගෙන ගණනය කිරීම් සිදු කොට නිවැරදි පිළිතුර සදහන් කරන්න. මෙහිදී පිළිතුරු සපයා අවසන් වූ විටද නැවත නැවත කියවන්න. ඔබ දන්නාම පිළිතුරක් ඔබේ නොදනුවත්කමකින් හෝ අතපසු වීමකින් වැරදි පිළිතුරක් සදහන් කර තිබෙන්නට පුළුවනි.

කාලය නිවැරදිව බෙදා වෙන් කර ගෙන පිළිතුරු සපයන ලෙස පවසන්න

විභාගයෙදී කාලය කියන එක හරිම වැදගත්. එක ප්‍රශ්නයකට මිඩංගු කල යුතු කාල වෙලාව පසු විට තව දුරටත් එම ප්‍රශ්නයෙම රැදී සිටීමෙන් තවත් ප්‍රශ්නයක් ලිවීමට තිබෙන කාලය අඩු වෙනවා. එකම ප්‍රශ්නයට ඔබ කොතරම් පිළිතුරු සැපයුවත් ඔබට ඔවුන් ලබා දෙන ලකුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ නෑ. එසේම අවසාන මිනිත්තු කිහිපය තවත් පිළිතුරු සපයනවාට වඩා ඔබ ලියු සියලුම පිළිතුරු නැවත වරක් පරික්ෂා කර බලන්න. එය ඉතාමත් වැදගත් දෙයකි.

මේ ආකාරයට දරුවාට විභාගයට යෑමට පෙර උපදෙස් ලබා දීම වැදගත්.

ඔබත්, ඔබේ දරුවා නිවසට කොටු කර තබන්නේ ද ?

ඔබට සිටින වටිනාම වස්තුව දරුවන්ය. අපි දරුවෝ ආරක්ෂා කරන්නේ අපේ ඇස් මෙන්ය. ඔබේ දරුවෝ ඔබේ පනටත් වඩා ආරක්ෂා කරනවා නොඅනුමානය. ඔබේ කෙසේ දරුවන් ආරක්ෂා කලත් ඔවුන්ටත් ආදරේ කලත් ඔබගෙන් දරුවට ලැබෙන්න ඕනි බොහෝ දේවල් ඔබට මග හැරෙන බව ඔබ දන්නවා ද?සැබවින්ම ඒ පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ඔබට නැතුව ඇති.

පාසල සහ පවුල තමා දරුවන් සමාජයට අනුගත කරනු ලබන ප්‍රධාන ස්ථාන දෙක. අද පවතින තරගකාරිත්වය සමග දරුවන් ද අප්‍රාණික භාණ්ඩ මෙනි. ඔවුන්ගේ මුළු ජිවිතයම අධ්‍යාපනයට යට වී ඇත. සෙල්ලම් කරන්න, විනෝද වන්නට, හිත මිතුරන් සමග නිදහසේ හැසිරෙන්නට දරුවන්ට තිබෙන්නේ ඉතාමත් සීමිත කාලයක්.

අද දරුවා වැඩෙන පරිසර වටපිටාවත් සමග ඔවුන්ට පවතින දරා ගැනීමේ ශක්තිය ද හීන වෙමින් පවතී. මේ නිසා දරුවා සමාජයට පිවිසෙන්න බියකමක් දක්වයි. ආත්මාර්ථකාමී හැගීම් ඉස්මතු වේ. මේ නිසා අද දරුවන් දිවි නසා ගන්න ප්‍රමාණයද වැඩි වී ඇත. විශේෂයෙන්ම ඇතැම් දරුවන් තම පියා හෝ මව යම් වැරද්දකට දඩුවම් කලත් දිවි නසා ගන්නට තැත් කරයි. එසේම විභාගය අසමත් වූ විට ද ඔවුන් ඒ සදහා විසදුම ලෙස තෝරා ගන්නේ මරණයයි. පරාජයක දී දරුවන්ට නැවත නැගී සිටීමේ ශක්තියක් නැත. මෙසේ වන්නේ මන්ද?

ඔබ ඔබේ දරුවා කුඩා කල සිටම නිවසට කොටු කර තබන්නට උත්සහා කරනවා ද? අද සිටින දෙමවුපියන් නිවස අසල සිටින දරුවන් සමග සෙල්ලම් කිරීමටවත් දරුවන්ට ඉඩ ලබා දෙන්නේ නැත. එසේ සිදු කරන්න එපා දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න. ඔවුන්ගේ ළමා කාලය අධ්‍යාපනයට කොටු කර තබන්න එපා. දරුවන් අනෙක් අය සමග සෙල්ලම් කරන විට අනෙකාගේ හැගීම්, අදහස් තේරුම් ගැනීමේ හැකියාව ඔහුට ස්වභාවයෙන්ම ලැබෙනවා. ඔහු යම් වැරද්දක් හෝ යම් සොරකමක් කල විට ඔහුගේ වයසේ පසු වන දරුවන් ඔහුගේ ක්‍රියාකාරකම් වලට විරුද්ධ වනු ඇත. එසේම දරුවා තවත් ළමයින් පිරිසක් සමග සෙල්ලම් කරන විට අන්‍යන්ගේ අදහස්, කණ්ඩායම් කටයුතු වැනි දෑ දරුවන් හරහාම ඉගෙන ගන්නවා.

නමුදු අපේ දෙමවුපියන් සිදු කරනු ලබන්නේ සෙල්ලම් බඩු ගොඩක් නිවසට ගෙනත් දමා දරුවා කාමරය තුලට කොටු කිරීමයි. දරුවා එතැන් පටන් හුදෙකලා වෙන්න පටන් ගන්නවා. ඔහු සෙල්ලම් කරන්නේ අප්‍රාණික භාණ්ඩ සමගයි. තවත් කෙනෙකුගේ හැගීම් පිලිබදව ඔහුට අවබෝධයක් නැත. දරුවට නිතරම සොබාදහම සමග ගැටෙන්න ඉඩ දෙන්න. වැස්සේ තෙමෙන්න, වැලි, මැටි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ හරහා දරුවා විවිධ නිර්මාණාත්මක දේවල් කිරීමට පෙළඹෙනවා.

විභාග වලටම දරුවා මැදි කරන්න එපා. බොහෝ දෙමවුපියන් නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස් වලටද යන්නේ ඉතාමත් අඩුවෙනි. ” මගේ පුතාට ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ. එයාට පන්ති යන්න තිබෙනවා. පාඩම් කරන්න ඕනෑ.” ආදී ලෙස පවසනවා. කොතරම් විභාග පාස් උනත් ජිවිත විභාගය සමත් වන්න බැරි නම් දරුවාගෙන් සමාජයට වැඩක් නැත. විභාගය අසමත් වුවත් දරුවාට අනාගතයක් නැති වන්නේ නැත. අද ලෝකයේ බොහෝ උසස් තැන් වලට ගොස් ඇත්තේ පාසල් වලින් කොන් වී සිටි දරුවන්ය. දරුවා මෙසේ නිවසට කොටු කර තැබීමෙන් ඔහුට මිතුරන් නැති හුදෙකලා පුද්ගලයෙක් බවට පත් වනු ඇත. එවැනි දරුවන් ලොකු වූ පසුද නෑයකගේ ගෙදරකට, බණ ගෙදරකට යන්නේ නැත. මන්ද ඔහුට තවත් අය සමග කටයුතු කොට පුරුද්දක් නැත.

මේ සියල්ලටම වරදකරු ඔබ බව ,ඔබ පිලි ගන්නේ කවදාද?

කුඩා කාලයේ සිටම දරුවාගේ සතුට වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔහුගේ ලෝකයේ ඔහු ඉතාම වටිනා ආදර්ශමත් දරුවා වීමට ඔබේ දරුවාට සෑම අතින්ම මග පෙන්වන්න. ඔහුට ලෝකයේ සුන්දරත්වය තනිව භුක්ති විදීමට නොව බෙදා ගන්න කියා දෙන්න. ඔහුට පොතේ දැනුම පමණක් නොව මේ ලෝකයේ මිනිසුන්ට ගරු කරන්න, මිතුරන්ට උදව් කරන්න කියා දෙන්න. පරිසරයට ආදරේ කරන්න, තවත් කෙනෙක් විචාරය කරන්නේ කොහොමද කියා ඔහුට මග පෙන්වන්න. ඔහුව මේ ලෝකයට ආදර්ශමත් පුද්ගලයෙකු කරන්න.

 

පාසල් යන ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්න

අද වෙනකොට නම් දරුවෙක් උසස් පාසලකට ඇතුලත් කර ගන්න දෙමවුපියන් අතර පවතින්නේ පුදුමාකාර තරගයකි. දරුවා කුස පිළිසිද ගන්නටත් පෙර ඇතැම් දරුවන් තම දරුවා ඇතුලත් කරනු ලබන පාසල තීරණය කොට හමාරය. දෙමාවුපියන් මේ හරහා උත්සහා කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගත හැකි පහසුකම් ඇති පාසලකට ඇතුල් කිරීමය. ඔබ ඔබේ දරුවා ඉහල පෙලේ පාසලකට ඇතුලත් කල පමණින් ඔබේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කර ගත හැකි බව ඔබ සිතනවාද

ඔබේ දරුවා පාසලට පිටත් වී ගිය මොහොතේ පටන් ඔබ දරුවා පිලිබදව අවධානයෙන් සිටිය යුතුය. දරුවා දරුවා සුදුසු පාසලකට ඇතුලත් කල පමණින් දරුවා පිලිබදව ඇති වගකීම් වලින් ඔබට මිදෙන්න බෑ. සමහරවිට ඔබේ දරුවා විශේෂයෙන්ම පිරිමි දරුවන් නරක මිතුරන් ඇසුරට වැටි අනියම් මාර්ග වල ගමන් කරනවා ඇති. දියණියක් නම් පාසල් ඇදුමින් නිවසින් පිට වී ගොස් පසුව තම පෙම්වතා සොයා යන්නට පුළුවනි. ගුරුවරුන් අසල දරුවන් යම් කාලයක් ගත කරති. ඒ කාලය තුළ දරුවා ආරක්ෂා වනු ඇත. මන්ද බොහෝ ගුරුවරුන්ද දෙමවුපියන් මෙන් දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන හෙයිනි.

පාසලේ දී දරුවන්ට කොතරම් හොද පුරුදු කියා දුන්නත් ගෙදර ඒ සදහා පසුබිමක් නොමැති නම් ගුරුවරුන් ගන්නා වූ උත්සාහය අසාර්ථකය. ඔබ, ඔබේ දරුවාට තිබෙන පොතක් අල්ලපු ගෙදර දරුවාට අවශ්‍ය වනවා යැයි සිතන්න. එවැනි අවස්ථාවක ඔබේ දරුවාගේ පොත, දරුවාගේ මිතුරාට ලබා දෙන්න එපා යැයි ඔබ පවසන්නේ නම් දරුවා පාසලේ දී ඉගෙන ගන්න යහපුරුදු වලින් වැඩක් නැත. ” අල්ලපු ගෙදර ළමයාට ඔයාගේ සෙල්ලම් බඩු අල්ලන්නවත් දෙන්න එපා. ඔයාගේ පොතක්වත් එයට දෙන්න එපා” ආදී ලෙස ඔබ පවසනවානම් දරුවා මහත් ගැටලුවකට පත් වනු ඇත. පුංචි දරුවන්ගේ සිත් වලට නරක සිතුවිලි ඇතුල් කරන්නේ දෙමවුපියන් විසින්මයි.

එමෙන්ම පාසල් යන ඔබේ දරුවා හා ඔහුගේ මිතුරන් අතර ඇති වන ගැටළු වලට ඔබ මැදිහත් වන්න එපා. දරුවන් අතර කුඩා ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයකි. ” මගේ පුතාගේ පොත අර නිමල් කියන ළමයා ඉරලා දාලා. අදම මම පන්තියේ ටීච හම්බවෙලා කියනවා.” මෙවෙනි ආකාරයට බොහෝ දෙමවුපියන් පවසනවා. කුඩා දරුවන් අතර ගැටුම් ඇති වන්නේ ඉතාමත් කෙටි කාලයකටය. එය ඔබ තේරුම් ගත යුතුය. ඔවුන් අතර ඇති වන ගැටළු ඔවුන්ටම විසදා ගන්න ඉඩ හරින්න. එක පන්තියක ළමයි 40ක් විතර ඉගෙන ගන්න විට තවත් අය සමග ගැටළු ඇති වනු ඇත. මෙහි ගැහැණු, පිරිමි භේදයක් නැත. ඔවුන් අතර ගැටුම් ඇති වන්නේ පුංචි පුංචි දේවල් වලටය. ඇතැම් විට පාසල ඇරී ගෙදර යෑමට පෙරම ඔවුන්ගේ ගැටුම් සමතයකට පත් වනු ඇත. ඔබ ගොස් දරුවන් අතර ඇති වන ගැටළු තවත් වැඩි කරන්න එපා.

සමහර දෙමවුපියන් තම දරුවා සමග ගැටුම් ඇති කර ගත් තවත් දරුවෙකුට බැන වදින අවස්ථා ද ඇත. එසේම තම දරුවා සෑම විටම හරි යැයි හරි යැයි සිතනවා. නමුත් ඒ දරුවත් ඔබේ දරුවා වගේම දරුවෙක් බව අමතක කරන්න එපා.

දරුවා පාසල් ඇරී නිවසට එන විටම පාඩම් කරන ලෙස පවසන්න එපා. ඔබත් සමහරවිට දරුවාට නිතර නිතර පාඩම් කරන ලෙස පවසනවා ඇති. එය දරුවාට වුව කන්දොස්කිරියාවකි. දරුවන්ගේ වසර අවසන් විභාග වලදී මෙතරම් ලකුණු ප්‍රමාණයක් ගන්න යැයි ඔවුන්ට පීඩනයක් ලබා දෙන්න එපා. ” මේ වාර විභාගේ අවසන් වෙන කොට නම් ගණිතය, ඉංග්‍රීසි  විෂයන් වලට ලකුණු 50ක්වත් වැඩියේ නැතුව ගෙදර නම් එන්න එපා.” මෙය බොහෝ දෙමවුපියන් විසින් සිදු කරනු ලබන අනුණුවන ක්‍රියාවකි.

දරුවාට ඔබ බලාපොරොත්තු වන ප්‍රථිපල නොලැබුනත් බැන වදින්න එපා. ඔබගේ සැඩ පුරුෂ වචන වලින් දරුවා කම්පනයට ලක් විය හැකිය. එවැනි අවස්ථාවල ” ඔයා ඔයාට පුළුවන් තරම් උත්සහා කලානේ. ඒ ගැන දැන් දුක් වෙන්න එපා. ඊලග පාර තව ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න.” ආදී ලෙස ධනාත්මක සිතුවිලි දරුවාගේ මනස තුලට ඇතුල් කරන්න.

පාසලට දරුවා ඇතුල් කල පසුව ද දරුවා සමග නිතර සිටින්න. ඔහුගේ මිතුරෙක් බවට පත් වෙන්න. දරුවා උසස් පාසලකට ඇතුල් කල පමණින් ඔහු හොද අධ්‍යාපනයක් ලබා ගනීවි යැයි අපට කිව නොහැකිය.

අනපේක්‍ෂිත ගැබ් ගැනීමකින් වැළකෙන්න පොස්ටිනෝ 1

පවුල් සැලසුම මගින් සිදුකරනුයේ දරුවන් ඇති වීම සීමා කිරීම නොවේ. පවුල් සැලසුම මගින් තමන්ට අවශ්‍ය දරුවන් ගණන නිසි වයස් පරතරය සහිතව සැලසුම් සහගත ලෙස තමන්ට අවශ්‍ය කාලයේදී සාදා ගැනීමට උදව්කරයි. මෙමගින් මවට, දරුවාට, පවුලට පමණක් නොව සමාජයට මෙන්ම රටට ද වාසි රැසක් හිමිවේ.

අනාරක්‍ෂිත ලිංගික එක්වීමක් නිසා ඇති විය හැකි අනපේක්‍ෂිත ගැබ් ගැනීමක් ඔබේ ජීවිත සැලසුම වෙනස් කළහොත් එය ඔබට අසීරු කටයුත්තක් විය හැකියි. පොස්ටිනෝ 1 ඔබට හඳුන්වා දෙන්නේ එවැනි අනපේක්‍ෂිත ගැබ්ගැනීමකින් වැළකී සිටීමටයි. පොස්ටිනෝ 1 පැකැට්ටුවේ ඇතුළත් වන්නේ එක් පෙත්තක් පමණක් වන අතර එය පාවිච්චි කළ යුත්තේ කාන්තාවන් විසිනි. එම පෙත්තෙහි ස්ත්‍රී හෝමෝනයක් වන ප්‍රොජෙස්ටරෝන් අන්තර්ගතය.

අනපේක්‍ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයකින් පැය 72 ක් ( දින 3ක් ) ඇතුළත පොස්ටිනෝර් 1 පෙත්ත පාවිච්චි කළ හැකිය. පොස්ටිනෝ 1 පෙත්ත මිලිග්‍රෑම් 1.5, සංසර්ගයෙන් පැය 24 ක් ඇතුළත පාවිච්චි කිරීමෙන් ගැබ් ගැනීමකින් ආරක්‍ෂා වීමේ හැකියාව 98% කි.

ප්‍රධාන ආහාර වේලකින් පසු /සුළු ආහාර වේලකින් පසු (බිස්කට්, පාන් පෙත්තක් වැනි) හෝ අඩු තරමේ කිරි වීදුරුවක් පානය කිරීම මගින් ඔක්කාරය ගතිය අවම කරගත හැකිය.

සැ. යු.

  • පෙත්ත ලබාගැනීමෙන් පැය 3 ක් ඇතුළත වමනය ඇති වුවහොත් නැවත පෙත්තක් ගන්න
  • නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් ලබාගැනීම නුසුදුසු බව මතක තබාගන්න
පොස්ටිනෝ 1 ලබාගැනීමෙන් පහත සඳහන් සුළු අතුරු ආබාධ තත්ත්ව ඇති විය හැකිය.
  • ඔක්කාරය
  • වමනය
  • අක්‍රමවත් රුධිර වහනය

සමහර කාන්තාවන්ට සුළු රුධිර වහනයක් ඇති විය හැකිය. අතැම්විට ඊළඟ ඔසප් වීම නියමිත දිනට වඩා පෙර හෝ පසුව සිදුවිය හැක. කලාතුරකින් ගැබ් ගැනීමේ හැකියාව තිබෙන බැවින් ඊළඟ ඔසප් වීම දින 7කට වඩා ප්‍රමාද  වුවහොත් මුත්‍රා පරීක්‍ෂණයක් සිදු කළ යුතුයි.

පොස්ටිනෝ වෙතින් ගෙනෙන විශේෂ දැනුවත් කිරීම :

පොස්ටිනෝර් 1 මගින් ගබ්සාවක් සිදු නොවේ. එබැවින් ඔසප් වීම ප්‍රමාද වූ හෝ දැනට ගැබ් ගෙන ඇති හෝ ගැබ් ගෙන ඇතැයි සැක සහිත කාන්තාවන් පොස්ටිනෝර් 1 පාවිච්චියෙන් වැළකිය යුතුයි. ඔබට වකුගඩු හෝ අක්මා රෝග, අධික රුධිර පීඩනය, අපස්මාරය, දියවැඩියාව, අංශභාග වැනි රෝග තත්ත්වයක් ඇති අයෙක් නම් පොස්ටිනේ 1 ලබාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න. පොස්ටිනෝ 1 උපත් පාලන ක්‍රමයක් එකදිගට (නිතර) පාවිච්චියට සුදුසු නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැලකී ජීවිතය සුන්දර කරගන්න. පොස්ටිනෝ 1 ගැන දැනුවත් වෙන්න.

අලෙවිය : ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, ක්‍ෂණික ඇමතුම් 011 2 588 488
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දැනුවත් කිරීමකි.

කුඩා දරුවෙකු සමාජයට අනුගත කරන්නේ කොහොමද

මාස 09ක් පමණ මවක් තම බිළිදා කුසේ දරා ගෙන ඔහු මෙලොව එලිය දුටු දා පටන් ක්‍රම ක්‍රමයෙන් සමාජයට අනුගත වන්නට උත්සහා කරනවා. එහි දී දරුවාගේ කායික සංවර්ධනය ඉතාමත් වැදගත්. දරුවාගේ කායික සංවර්ධනයට නිශ්චිත කාලයක් තිබුන ද ශාරීරික සංවර්ධනයට නිශ්චිත කාලයක් නැත. සමහර දරුවන් දන ගාන්න, හිද ගන්න, කතා කරන්න යම් කාලයක් ගත වෙනවා. ඇතැම් දරුවන් ඉක්මනින්ම තනිවම නැටින්න පුරුදු වෙනවා. ඒ නිසාම  වෛද්‍යවරුන් කියා සිටින්නේ තම දරුවාට කතා කිරීමට හෝ ඇවිදීමට යම් කාලයක් ගත වෙනවා නම් එතරම් බිය විය යුතු නැතැයි කියා. අනෙක් දරුවන් සමග තම දරුවා සංසන්දනය කොට අනියත බියක් හට ගැනීම සුදුසු නැහැ. මෙහි දී මවට අතිශය විශාල වගකීමක් තියෙනවා. දරුවා සමාජයට, පරිසරයට අනුගත කරවීම මවගේ කාර්යයක්.

විශේෂයෙන්ම දරුවන්ට ආරක්ෂාව අවශ්‍යයි. දරුවට මවගෙන්, පවුලේ පිරිසගෙන් ආරක්ෂාව දරුවාට ලැබෙන බව ස්භාවයෙන්ම අවබෝධ වීම වැදගත්ය. දරුවාට මේ ආරක්ෂාව ලැබීම හරහා ඔහුගේ සහජ හැකියාවන් වර්ධනය වන්නටත් යම් කිසි බලපෑමක් සිදු වෙනවා.

මෙසේ දරුවා ක්‍රමයෙන් වර්ධනය  වන විට සමාජයට අනුකූල වන ආකාරයට දරුවාට සමාජ ධර්ම, හොද ගති ගුණ මවක් විසින් ලබා දිය යුතුය. ඔබ දරුවාට ආදර්ශයක් විය යුතුය. මන්ද දරුවන් යනු ඉක්මනින් අනුකරණයට හුරු වූ පිරිසකි. ඔබ අනෙක් අයට ගරු කරන, ආචාර ධර්ම වලින් හෙබි, සහ වැඩිහිටියන්ට උපකාර කරන පුද්ගලයෙක් නම් දරුවා එවැනි ක්‍රියා දෙස හොදින් බලා සිටිනවා. ඉන් පසු ඔහුද තම මව අනුගමණය කරනවා. සමහර දෙමවුපියන් තම දරුවන් ඉදිරියේ ඉතාමත් නරක භාෂාවන් හසුරවනවා. එවැනි ආකාරයට ඔබ හැසිරෙන විට දරුවන් එම භාෂාව උකහා ගෙන කතා කරන්න පුරුදු වෙනවා. ඔබේ දරුවා නරක භාෂාවෙන් කතා කරනවා නම් එය ඔහුගේ වැරැද්දක් නොවේ. දරුවා ඔබෙන් හෝ සමාජයෙන් ඉගෙන ගත් දෙයක්.

දරුවන් වර්ධනය වන විට ඔවුන්ව විවිධ ක්‍රියාකාරකම් වලට යොදවන්න. ගැහැණු දරුවෙක් නම් බෝනික්කන් නාවනවා. පිරිමි දරුවෙක් නම් විවිධ සෙල්ලම් බඩු ගෙන වාහන එලවනවා ආදී ලෙස විවිධ අජීවී වස්තුන්ට පන පොවමින් සෙල්ලම් කරනු ලබනවා. ඔවුන් තමන්ගේම සෙල්ලම් ගෙවල් හදා ගෙන නෑගම් යනවා. සාරි ඇදගෙන ළමුන්ට උගන්වනවා.

දරුවන්ගෙන් මේ සියළු ක්‍රියාකලාප ගැන ඔබ අවධානයෙන් සිටින්න. දරුවන්ට නිදහසේ ඇවිදින්න, සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න. ඔහුගේ ක්‍රියාකාරකම් වලට අවහිර කරන්න එපා. දරුවන්ට ක්‍රීඩා භාණ්ඩ, පින්තුර පොත් ලබා දෙන්න. මේ පින්තුර හරහා දරුවන් පාට, සත්තු වර්ග හදුනා ගන්නවා. ඔවුන්ට උපතින්ම හොද නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. බොහෝ දෙමවුපියන් දරුවන් පෙර පාසලට ඇතුල් කරන තුරු පොත් අරගෙන දෙන්නේ ඉතමත් අඩුවෙන්. දරුවන්ට අකුරු තේරුම් ගැනීමේ හැකියාවක් නැති වුනාට වර්ණ, පින්තුර හදුනා ගන්න පුළුවනි. කුඩා කාලයේ සිටම දරුවන්ට පොත් සමීප කරන්න.

එසේම ඔබ ඔබේ දරුවා මනසින් බියගුලු පුද්ගලයෙක් බවට පත් කරන්න එපා. දෙමවුපියන් සිදු කරනු ලබන ඉතාමත් නරක ක්‍රියාවක් වනුවේ දරුවන් නිතර බිය ගැන්වීමයි. දෙමවුපියන් අකමැති යම් කිසිවක් සිදු කරන විට දරුවන්ව බියට පත් කරනවා. දරුවන්ව බියගුල්ලන්ගේ ලෝකයක අතරමං කරනවා. එවැනි දරුවන් පසු කාලීනව වන විට සමාජයට මුහුණ දෙන්න බය වෙනවා.

ඔබේ ආදරය, සෙනෙහස දරුවාට නොඅඩුව ලබා දෙන්න. ස්පර්ශය හරහා දරුවන් කීකරු පුද්ගලයන් බවට පත් කල හැකිය. ඔබ නිතර දරුවා ස්පර්ශ කරන විට ඔබේ සෙනෙහස, ආදරය දරුවාට වැඩි වැඩියෙන් දැනෙනවා. සිග්මන් ප්‍රොයිඩ් කියා සිටින්නේ ” අම්මාගේ සෙනෙහස වැඩියෙන් ලැබුණු තරමට දරුවා සමාජයට හුරු පුරුදු පුද්ගලයෙක් වන බවයි. දෙමවුපියන්ගේ සෙනෙහස දරුවෙකුට අඩුවෙන් ලැබෙන විට එම දරුවා ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසාම සීමාවක් නොමැතිව ඔබේ දරුවාට ආදරය, සෙනෙහස ලබා දෙන්න.

අම්මා මල්ලිටයි වැඩිපුර ආදරේ

උදෑසන කඩි  මුඩියේ අලුත් දවසකට පේවෙන මට දවස ගෙවිලා යන වේගය ගැන පුදුමත් හිතෙනවා. ඔරලෝසුවෙ කට්ට පුදුම වේගයෙන් කැරකෙද්දි ඒ වේගය පරද්දන්න අපි දරන උත්සහය කොතෙක්ද? ඇත්තටම අම්මා කෙනෙක් වුණාම දක්ෂතා බොහොමයකින් පරිපූර්ණ වෙන්න සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. මොන උපාධිය ,මොන පශ්චාත් උපාධිය ලැබුවත් දරුවන් අපට පවත්වන පරික්ෂණ වලට දී අපි අසමත් වෙන අවස්ථාවන් බොහෝමයි. දවස නිමාවට පත් වන විට ඇත්තටම පුදුම වෙහෙසක් දැනුනත් මුළු නිවසම දෙවනත් කරවන අයියා මලෝ නිදා ගත්තම හිතට නිදහසක් දැනුනත් මොකද්දෝ පාළුවක් දැනෙනවා. අයියාට මල්ලීව රුස්සන්නේ නැත. එහෙත් මල්ලීට ඇති එකම විනෝදය අයියාව ඇවිස්සීමය. අයියා බිම දිගා වී සිටිනවානම් මල්ලි සීරුවට ගොස් අයියාගේ පිට උඩ හරි බරි ගැසී වාඩිවෙයි. නැත්නම් ඔළුව උඩය. එහෙමත් නැතිනම් අයියාගේ පිට සුව යහනක් කරගෙන සැතපෙයි. ගැටුමේ ආරම්භය ඇරඹෙන්නේ එතැන් සිටය.

අයියා මලෝ ගැටුම් නිරාකරණය කිරීම ලේසි පහසු කාරණයක් නම් නෙමේ. සහෝදර ගැටුම් කියන්නෙ දරුවො එක්කෙනෙක්ට වඩා සිටින හැම ගෙදරක පොදු ගැටළුවක් විය යුතුයිම. මේ ගැටුම් විසඳීම නම් බොහොම අමාරු දෙයක් වෙන්නේ අපක්ෂපාතී තීරණ ගත්තත් දරුවො එය අනෙත් කෙනාට පක්ෂපාතීව දුන්න තීරණයක් විදිහට හිතා ගන්න නිසාමයි. මේ ගැටළු නිරාකරණය කරලම දවසම ගෙවිලා යනවා. සමහර අවස්ථා වලදී දරුවන්ට මත භේද ඇති කරගන්න  අපි නොදැනුවත්ම අපිම හේතු කාරණා ලබා දෙනවා. පසු ගිය දිනක මගේ ලොකු පුතා උඩ පැන පැන යනකොට පය පැටලිලා වැටුනා. මම හිටියෙ  පුතා පේන මානෙමයි. වැටුන තැන ඉඳලම ආපස්සට හැරිලා බලපු ලොක්කා මම බලා ඉන්න බව දැක්ක ගමන්

“අම්මෝ ආයී ” කිව්වත් වැටුන වැටිල්ල ඒ තරම් තද බල නොවුන බව මම දැක්ක නිසාත්  මම පුතාට ඉක්මණට එන්න යැයි කිව්වා.

“හ්ම් මල්ලිව වැටුන නම් දුවගෙන එනවා මාව උස්සන්න තමයි අම්මා එන්නේ නැත්තේ ”

“අනේ ඉතිං ඒක රිදුනේ නැහැනේ ”

“රිදුනෙ නැති වුණාට මම කෑ ගැහුවනේ මල්ලිට විතරයි සේරම සැලකිලි”

” මල්ලි තාම පොඩියිනේ පුතේ ”

“කොයිවෙලෙත් එයා පොඩියි මම ලොකුයි”

ලොකු පුතා පවසන්නේ ඇත්තකි. පොඞ්ඩා ගැන නිතරම අවධානය වැඩියෙන් යොමු වන්නේ නිරායාසයෙන්මය. එහෙත් එදෙස නෙත් යොමා සිටි තෙවන ඇස පිළිබඳ මොහොතකටවත් මට නොසිතුනා. ඒ සැලකිල්ල දකින විට රිදෙන තවත් පොඩි හිතැත්තෙක් මට සිටින වග මට අමතක වූයේ මගේම නොසැලකිල්ල  නිසා නොවේදැයි මසිතම දැන් මටම දොස් තබයි.

මේ සත්‍යය අප පිළිගත යුතුය. අපි සෑම විටම ලොකු දරුවා ගැන අවධානය අඩු කරන්නේ ඒ දරුවා ලොකුයි යැයි උපකල්පනය කිරීමෙන්ය. එහෙත් ආදරය,සැලකිල්ල, අවධානය අභියසට වයසෙහි බලපෑමක් නැතැයි මට සිතෙනවා. අයියාට , මල්ලී පිළිබඳ ඇත්තේ ඊර්ෂ්‍යාවකි.මල්ලී අදාල නොවන මගේ තරවට්ටු පවා අවසන් වන්නේ

“හැමෝම ඉතිං මල්ලිටනෙ ආදරේ ” යන වදන් පෙලෙනි.

ලොකු පුතා වැටුන වෙලේ මම ගිහින් නැගිට්ටුව නම් එයාට සතුටක් දැනේන ඉඩ තිබුණා. ඇරත් බොරුවට කෑ ගැහුවෙත් මගේ අවධානය දිනා ගන්න බව මට තේරුම් ගන්න තිබුණා. අත්දැකීම් තුලින් අපි ජීවිතය පෝෂණය කරගත යුතුයිනේ. ඒ සිද්ධියත් සමගම මම ලොක්කට අවධානය වැඩියෙන් යොමු කරන බව අඟවනවා.

මේ ළඟදි දවසක් පොඩි උපායක් යෙදුවා. මම ලොකු පුතාට කිව්වා

“පුතේ දැන් ඔයා හුඟක් උස ගිහිල්ලනේ ඒ කියන්නේ ඔයා දැන් ලොකු කොල්ලෙක්”

“ඇත්තද අම්මා “පුතාගේ ඇස් සතුටෙන් දිලිහෙනවා

“ඔව් දැන් ඉතින් වගකීමක් දරන්න පුළුවන් වෙන්න ඕනී. මේ පොඩි කොල්ලොත් එක්ක රණ්ඩු නොවී. අනික ලොකු අයියා මල්ලිව බලා ගන්න ඕනී. එහෙමනේද?”

“හ්ම්…”

දැන් දැන් ලොකු අයියා උජාරුවට හිතට අරගෙන අයියා මල්ලිව බලා ගන්න ඉදිරිපත් වෙනවා. තද බල ගැටුම් තත්ත්වය ටිකක් දුරට සමනය වුනත් කොයි මොහොතේ ලොකු අයිය පට්ටම විසිකරලා

“අම්මා මල්ලිටයි වැඩිපුර ආදරේ ” වාක්‍ය ඛන්ඩය පිට වෙයිද කියන එක විශ්වාස නැහැ.

මව්වරුන් වශයෙන් අනෙත් දරුවට විශේෂත්වයක් නොවන විදිහට කටයුතු කිරීම කොයි තරම් නම් අත්‍යවශ්‍යද නේද?

ඩෙංගු අවදානම අවධානයෙන් මැඩලමු

ඩෙංගු වෛරසයක් මගින් ඇති වන රෝග තත්ත්වයකි. ඊඩිස් ඊජිප්ටයි නැතිනම් ඊඩිස් ඇල්බෝපික්ටස් යන වර්ගයන්ට අයත් මඳුරුවෙකුගේ දෂ්ටයකින් ඩෙංගු වෛරසය සිරුරට ඇතුළු වීම සිදුවන අතරම ඩෙංගු මදුරුවා නිවසේ අඳුරු ස්ථානවල සැගවී සිටිමින් දවසේ පැය විසිහතර පුරාම දෂ්ඨ කළ හැකි නමුත් ඉතා සක්‍රීය වන්නේ උදෑසන කාලයේ හෝ හවස් කාලයේදීය.

ඩෙංගු වෛරසය ශරීරීගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර රෝග ලක්‍ෂණ මතු වුවහොත් එය,

  • සාමාන්‍ය සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever :DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever: DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්)

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතින අතරම පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්තීකරණ හැකියාව මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකියි. ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම, රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථාවලට ද පත්විය හැකි අතරම මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මණින් සුව වන අතර අවදානම් අවස්ථාවලදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වේ.

උණ සමග පහත රෝග ලක්‍ෂණ පවතින්නේ නම් සහ ඔබ ජීවත් වන ප්‍රදේශය ඩෙංගු රෝගය බහුල ප්‍රදේශයක් වීම හෝ වටපිටාවේ ඩෙංගු රෝගීන් පිළිබඳව වාර්තා වීමද ඩෙංගු රෝගය වැළදී ඇති බවට සැක කළ යුතුය.

  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස්පිඬු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය හා වමනය
  • සමෙහි රතු පැහැ ලප හටගැනීම
  • රුධිර වහන තත්ත්වයන්

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ යන අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මණින් හඳුනාගැනීමය. ඒ සඳහා උණ සෑදී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC – Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීරීගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හඳුනාගත නොහැකිය.

තවද ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇති අතරම ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ අයෙකුහට ප්‍රතිශක්තිය ඇති වන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මගින් ආසාදනය විමේ අවධානමක් පවතී. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය ද (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුණු විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද ?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින දෙකකට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින දෙකකට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද ?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනාගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමග ප්‍රධාන ලක්‍ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් ප්ලූරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී තෙවන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂාවල වෙනස්කම් මගින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මගින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‍ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

අවදානම් ලක්‍ෂණ :
  • උදරයේ ඇති වන තද වේදනාව
  • නොනවත්වා වමනය පැවතීම
  • අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව
  • රුධිර වහනය වීම (විදුරුමසෙන්, නහයෙන්, දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මල පහවීම)
  • පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම

ගර්භණී මව්වරුන්, වයස අවුරුදු එකට අඩු දරුවන්, අධි බර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයින් අවදානම් ලක්‍ෂණ නොමැති වුවද රෝහල් ගත විය යුතුය.

උණ ඇති විට : 
  • වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොදින් විවේක ගන්න
  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබාදෙන්න. (උපරිම මාත්‍රාව 60පටරැනටරැ24ය වේ). තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදුකරන්න.
  • NSAID’s කාණ්ඩයේ ඖෂධ හා ස්ටීරොයිඞ් (steroids) භාවිතයෙන් වලකින්න. ඇස්ප්‍රීන් (Aspirine)” මෙෆෙනෙමික් ඇසිඞ් (Mefenemic acid)” ඉබියුප්‍රොෆෙන් (Ibuprofen)”  ඩයික්ලොෆෙනැක් (Diclofenac) වැනි Non Setoidal Anti Inflammatory Drugs (NSAID’s) කාණ්ඩයේ ඖෂධ/ ස්ටිරොයිඞ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය
  • සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න
  • උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් ප්‍රවේසම් වන්න
උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර :
  • අවශ්‍ය පමණට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතු, කැඳ, කිරි, ජීවනී, පළතුරු යුෂ වඩාත් සුදුසුය
  • ළමුන්ට ග්ලුකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබාදෙන්න
  • රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණය බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබාදෙන්න
  • තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න
  • අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඳුනාගැනීමට අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද ?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතු වන්නේ ඇයි ?

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වයි. මෛ බිජෞෂන සමය දින 3-14 අතර කාලයක් පවතී. ඉන් පසුව ඇති වන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර  එමගින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළුවී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වාගන්නේ කෙසේද ?

ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පැහැදිලි, නොසෙල්වන පරිදි ජලය ඒකරාශී වන ස්ථාන වලය. වරකට බිත්තර 100ත් 200ත් අතර පමණ ප්‍රමාණයක් දමන අතරම සුහුඹුල් මදුරුවකු ඇති වීමට සතියක පමණ කාලයක් ගතවේ. ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියලි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියි, අන්නාසි පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වභාවික ජලය රැදෙන ස්ථානවලද ඩෙංගු මදුරුවන් බෝවේ. ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝ නොවෙන ලෙස විනාශ කරන්න. වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න. වතුර එක්රැස් වන ස්ථාන, ලිං සහ ටැංකිවල මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් ආවරණය කරන්න. නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.

මදුරුවන්ගේ දෂ්ටනවලින් වැළකීමට :
  • අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න
  • මදුරු දැලක් යට විවේකීව සිටින්න
  • මදුරු විකර්ෂක භාවිත කරන්න (උදා: පැඟිරි තෙල් හො කෘතිම විකර්ෂක)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඬේංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.

මෙන්න,Surf excel එක්ක අපේ පොඞ්ඩන්ගේ රජ වැඩ

අද වැඩිහිටියෝ වෙලා ඉන්න අපි, පුංචි කාලේ කොයිතරම් නම් ක්‍රියාකාරකම්වලට යොමු වුණාද? වත්තේ පිටියේ දුවලා පැනලා අලුත් අලුත් දේවල් එක්ක වැඩ කරන්න අපිට කාල වේලාව ලැබුණා වගේම දෙමාපියන්ගෙන් බාධා ආවෙත් නෑ. අපේ මව්පියන් අපිට නිර්මාණකරණයට උපරිම නිදහස දුන්නා කිව්වොත් හරි. ඒත් අද, අපේ දරුවෝ පොතපතට හිරවෙලා. දැන් දරුවන්ට ඒ වගේ අවස්ථාවන් ලැබෙනවා අඩුයි. අපි අත්විඳපු ළමා ලෝකයේ සුන්දරත්වය එයාලට අත්විඳින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. එදා පුංචි දරුවෝ විදියට ළමා ලෝකයේ සුන්දරත්වය උපරිමයෙන් අත්විඳපු අපිට අද වැඩිහිටියෝ වුණාට පස්සේ ඒ සුන්දරත්වය අමතක කරන්න පුළුවන්ද? අපි ඒ සුන්දරත්වය අපේ දරුවන්ටත් විඳගන්න උදව් කළ යුත්තේ දරුවෝ කියන්නේ නව නිර්මාණ කරන්න උපන් හපන්නු නිසයි. දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel , අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගන්නට අත්වැලක් වුණු බව ඔබ දන්නවා. Surf excel රජ වැඩ පොඞ්ඩෝ හපන්කම්වලින් පිරුණු නිර්මාණශීලී දරුවන්ට විශාල ධෛර්යයක්. අන්න ඒ නිසාම අලුතින් හිතලා, අලුත් දේ කරන්න Surf excel රජ වැඩ පොඞ්ඩන්ට හරිම පහසුයි.

ඉවතලන ද්‍රව්‍ය සහ Surf excel පැක් යොදාගෙන අපේ රජ වැඩ පොඞ්ඩන් අතින් නිමැවුණු ලස්සන නිර්මාණ තමයි මේ.

සෙල්ලම් ඩක්

සෙල්ලම් ඩක් හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • හෑන්ඞ් වොෂ් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතල් මූඩි කිහිපයක්
  • කතුරක්
  • ගම්
  • පැන්සලක්
  • පින්සල්
  • මාකර් පෑනක්
  • මාස්කින් ටේප් සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් ඩක් හදන හැටි බලන්න

සෙල්ලම් හෙලිකොප්ටර්

සෙල්ලම් හෙලිකොප්ටර් එක හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • රෙජිෆෝම් බෝලයක්
  • ප්ලාස්ටික් බෝතලයක්
  • බෝතල් මූඩි කිහිපයක්
  • කතුරක්
  • ගම්
  • පැන්සල්, පෑන්, පින්සල්
  • යෝගට් හැඳි
  • සායම්
  • පාට කොළ සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් හෙලිකොප්ටර් හදන හැටි බලන්න,

සෙල්ලම් රොකට්

සෙල්ලම් රොකට් එක හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • ප්ලාස්ටික් බට
  • කොණ්ඩ කටු
  • දත් බෙහෙත් මූඩි
  • කතුරක්
  • බොත්තම්
  • ගම්
  • පැන්සල්, පින්සල්
  • යෝගට් හැඳි
  • සායම්
  • මාකර් පෑන්
  • පාට කොළ සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් රොකට් හදන හැටි බලන්න,

සෙල්ලම් පිග්

සෙල්ලම් පිග් හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • ප්ලාස්ටික් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතල් මූඩි
  • ප්ලාස්ටික් බෝතලයකින් කැබැල්ලක්
  • කතුරක්
  • ලොකු බොත්තම්
  • ගම්
  • පැන්සල්, පින්සල්
  • සායම්
  • මාකර් පෑන්
  • කාඞ් බෝඞ් කැබැල්ලක් සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් පිග් හදන හැටි බලන්න‚

වීදුරු ප්‍රිස්මය

වීදුරු ප්‍රිස්මය හදන්න මෙන්න මේ දේවල් එකතුකරගන්න:

  • කණ්නාඩි පටි
  • ගම් ටේප්
  • සව් කඩදාසි
  • කතුරක්

ඉතිං ඔයලත් වීදුරු ප්‍රිස්මය හදන හැටි බලන්න‚

කඩදාසි වෙස් මුහුණ

කඩදාසි වෙස් මුහුණ හදන්න මෙන්න මේ දේවල් එකතුකරගන්න :

  • වෙස් මුහුණක්
  • කඩදාසි කැබලි
  • ගම් බෝතලයක්
  • කතුරක්
  • වතුර වීදුරුවක්
  • දිය සායම්

ඉතිං ඔයලත් කඩදාසි වෙස් මුහුණ හදන හැටි බලන්න‚

 

දක්‍ෂතාවලින් පිරිපුන් වයස අවුරුදු 5 – 11 අතර පොඞ්ඩන්ට ඉවත ලන ද්‍රව්‍ය වගේම Surf excel පැක් යොදාගෙන අලුත් නිර්මාණයක් කරන්න පහසුකම් ලබාලා දෙන්න වැඩිහිටි ඔබට පුළුවන්. දරුවන් අතින් නිමැවෙන ඒ නිර්මාණයේ ඡායාරූප Surf fb page එකට පෝස්ට් එකක් හෝ මැසේජ් එකක් විදියට එවා අපිට ලැබෙන්න සලස්වන්න.

තරග කොන්දේසි

  • වයස් සීමාව වයස අවුරුදු 5 – 11 අතර

නිර්මාණය සඳහා යොදා ගත යුතු අමුද්‍රව්‍ය:

  • ඉවත ලන ද්‍රව්‍ය
  • Surf excel පැකට්

නිර්මාණය යොමු කිරීම:

  • නිර්මාණය කරන ලද සෙල්ලම් බඩුවේ ඡායාරූප Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පේජ් එකට පෝස්ට් කරන්න එහෙමත් නැත්නම් මැසේජ් කරන්න.

තෑගි දිනාගන්න

  • නිර්මාණ මුලින්ම පෝස්ට් කරන පොඞ්ඩෝ දස දහසකට මැජික් වොච් දස දහසක්
  • අවසාන තරගයේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ සවාරියක්

මෙවැනි නිර්මාණාත්මක තරග සඳහා දරුවන් යොමු කිරීම මගින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු වීමත් සමගම ඔවුන් යාන්ත්‍රික බවින් මිදී තම සිතැඟි අනුව යම් යම් නිර්මාණ සඳහා පෙළඹේ. අනාගතයේ අති දක්‍ෂ නිර්මාණකරුවන් රටට දැයට දායාද කළ ආඩම්බර මව්පියන් වීමේ සතුට ඔබට හිමිවේ.

අදම ඔබේ නිර්මාණය Surf fb page එකට පෝස්ට් කරන්න.

පාසැල් දරුවන් අතර සුලබ නීරක්තිය

පාසල් යන වයසේ පසුවන ඔබේ දරුවාගේ  වර්ධනය හරිම වේගවත්, ඔවුන් හරිම ක‍්‍රියාශිලීයි. ඉගෙනීමේ කටයුතුවල හොදින් නියැලෙන්නට වගේම, ක‍්‍රීඩා කටයුතු සදහාත්, බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදෙන්නටත් ඔවුන්ට සිදු වෙනවා. නමුත් මේ දරුවන් අතර නීරක්තිය (ලේ හිගකම) සුලබයි. පිටතට පෙනෙන තරම් ලේ හිග නොවුණත්, ඇෙ`ග් තැන්පත් යකඩ ප‍්‍රමාණය අඩු දරුවෝ ගොඩක් ඉන්නවා.

දරුවන්ට අවශ්‍ය තරම් යකඩ ශරීරයට ලැබුණොත්,

  • හොඳට උස යනවා
  • බර වැඩිවෙනවා
  • මස්පිඩු වැඩෙනවා
  • බුද්ධිය වර්ධනය වෙනවා
  • මතකය වැඩි දියුණු වෙනවා
  • ගණිත හැකියාව වර්ධනය වෙනවා
  • කොණ්ඬේ දික් වෙනවා
  • කෑම රුචිය වැඩි වෙනවා
  • ක‍්‍රියාශීලි බව වැඩිවෙනවා
  • රෝග බෝවිම අඩු වෙනවා

දරුවන්ට නිරක්තිය (ලේ හි`ගකම) ඇති වෙන්නේ ඇයි

එයට ප‍්‍රධාන හේතුව යකඩ ඌණතාවයයි. අපේ දරුවන් මස් මාළු කනවා අඩුයි. සමහර දරුවෝ නිර්මාංශයි. ප‍්‍රධාන ආහාර වේල් මගහැර කෙටි ආහාර ගන්නවා. වැරදි ආහාර රටාවන් සුලභයි. පණු රෝගද ලංකාවේ දරුවන් අතර බහුලයි. කොකු පණුවන් කුඩා බඩවැල් තුළ ජීවත්ව සිටිමින් ලේ උරා බොනවා. දරුවන්ට නිරක්තිය හා යකඩ ඌණතාව ඇති කරන්න මේවා ඔක්කොම හේතු වෙනවා.

මොනවද අපි කරන්න  ඕන?

  • ප‍්‍රධාන ආහාර වේල් සඳහා සමබල ආහාර ගැනීම හරිම වැදගත්
  • යකඩ බහුල ආහාර දිනපතා ගන්න ඕන

කව්පි, කඩල, මුං ඇට, සෝයා, පරිප්පු, සහල්, ගොටුකොළ, තම්පලා සහ අනෙකුත් කොළ පැහැති පලා වර්ගවල යකඩ තිබෙනවා. ඒත් ඒවායේ තිබෙන කෙ`දිති නිසා මේ යකඩ බොහෝමයක් ශරීරයට උරා ගන්නේ නැතිව, මලපහ සමග පිටවි යනවා මස්, මාළු, කරවල, සැමන් හා පීකුදු වැනි යකඩ බහුල සත්ත්වමය ආහාරවල ඇති යකඩ පහසුවෙන් ශරීරයට උරා ගන්නවා. මේ නිසා තමයි මස් මාළු වැඩිපුර කන්න  ඕන.

  • ඒ වගේම ඇෙ`ග් ලේ වැඩෙන්න යකඩ, ෆෝලික් අම්ල, විටමින් ක්‍ පෙති ගැනීමත් උදව් වෙනවා.

රජය මගින් 01 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියලූ දරුවන්ට යකඩ, ෆෝලික් අම්ල හා විටමින් සී පෙති 1 බැගින් ලබාදෙනවා. මෙය සෑම වසරක් පාසාම පහත පරිදි දරුවන්ට ලබාදෙන්න  ඕන.

  • මුලින්ම පණු ප‍්‍රතිකාරකය ලෙස මෙබෙන්ඩසෝල් මි.ග‍්‍රෑ.500 පෙති 1 ක් ගන්න ඕන
  • යකඩ පෙති 1, ෆෝලික් අම්ල පෙති 1, විටමින් සී පෙති 1 සතියකට එක දවසක්, සති 24 ගන්න ඕනේ

උතුරු, නැගෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමු යන පළාත්වල දරුවන්ට අතිරේක පණු පෙත්තක් මාස 6 අවසානයේ දී ද ලබාදෙනවා. මේ අනුව එම දරුවන්ට වසරකට පණු පෙති දෙකක් ලැබෙනවා.

කොහොමද මේවා බොන්න  ඕනේ?

  • මෙම පෙති සතියකට එක් වරක්, උදේට පාසලේදී ජලය සමග බොන්න. පෙති බීමට කලින් උදේ කෑම ගැනීම වැදගත්
  • නිවාඩු කාලයට බොන්න දෙන පෙති ටික සුළං වදින්නේ නැති විදිහට දාලා තියන්න, පිරිසිදු බෝතලයක් අරන් එන්න
  • ගෙදරදී මේ පෙති ටික නියම කළ පරිදි දරුවාට දෙන එක අම්මා තාත්තාගේ වගකීමක්
  • මෙම පෙති පත්තර කඩදාසිවල ඔතලා තියන්න එපා
  • සුළං වැදුණොත් පෙතිවල ගුණය සම්පූර්ණයෙන්ම නැති වෙනවා

මේවා බොනකොට ඔක්කාරය, වමනය, හිස රුදාව, කලූ පාටට මල පහ පිටවීම ආදිය ඇති වුණොත්  කලබල වෙන්න එපා, බය වෙන්නත් එපා. ඒවා ටික දවසකින් ඒ තත්ත්වය ම`ග හැරී යනවා.

පෙති බොන්න පටන් ගත්තාම ඒවා ලකුණු කරන්න. එතකොට අමතක නොකර පෙති නියම විදියට ගන්න පහසු වේවී.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාගේ අනාගත ගැන සිතන්න. දරුවා මෙම යකඩ පෙති නියමිත පරිදි ලබාගන්නවාදැයි සොයා බලන්න. මේ පිළිබ`දව වැඩිපුර උපදෙස්  ඕන නම්, එසේත් නැත්නම් මේ පෙතිවලට යම් ආසාත්මික (Allergy) තත්ත්වයක් ඇත්නම්, ඒ බව ළ`ගම ඉන්න

  • පවුලේ වෛද්‍යවරයාට
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතාට (MOH)
  • මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට (PHI)
  • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට (Mid wife) දැනුම් දෙන්න

නැත්නම්..

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් හා නව යොවුන් සෞඛ්‍ය අංශය අමතන්න.

දුරකථන : 011-2692746

සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අත් පත්‍රිකාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.

 

මාස හයට අඩු දරුවන්ට වැළදෙන බ්රොන්කියෝලයිටීස්

බ්‍රොන්කියෝලයිටිස් වයස මාස හයට අඩු දරුවන් අතර වෛරසයකින් පැතිරී යන රෝගයකි. අපේ ශ්වසන පද්ධතියේ කාර්යය වන්නේ වායු හුවමාරුවයි. එනම්, සෛල ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් රුධිරයට සැපයීමයි. සෛල ශ්වසනයෙන් පසු ඇතිවන අපද්‍රව්‍ය වන කාබන්ඩයොක්සයිඞ් වායුව රුධිරයෙන් පිට කිරීම පෙණහලූවල කාර්යයයි. ඉහත විස්තර කළ රෝගී තත්ත්වය නිසා දරුවාගේ වායු සංසරණ කි‍්‍රයාවලිය නිසි පරිදි සිදු නොවේ.

වෛරස් ආසාදනය හේතුවෙන් දරුවාගේ කුඩා ශ්වසන නාළිකා ඉදිමුමට ලක්වේ. එවිට ශ්වාසනාලිකාවල විවර කුඩා වේ. එමෙන්ම වෛයිරස් ආසාදනය නිසා බහුලව ශ‍්‍රාවය වන සෙම හේතුවෙන් මෙම රෝග තත්ත්වය දෙගුණ තෙගුණ වේ. මෙම ශ‍්‍රාවයන් ඉවත් නොකළොත් පෙණහලූවල ඇති ගර්ත හැකිලීමට පවා ලක්විය හැකිය. තවද මෙම ඉතුරු වන සෙම ශ‍්‍රාවයන් නැවත නැවත ආසාදනයට පත්විය හැකිය. මෙහි බරපතළ තත්ත්වය නම්, ශරීරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීමය. එම තත්ත්වය ඇති වීමට පෙර දරුවාට වහා ප‍්‍රතිකාර කළ යුතුය.

බ්රොන්කියෝලයිටිස් වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ :

  • තද කැස්ස
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • හුස්මගන්නා වේගය වැඩි වීම
  • නහස් කුහරයන් ශ‍්‍රාවයන්ගෙන් පිරී පවතී
  • හුස්ම ගැනීමට මුඛය භාවිත කරයි
  • දරුවා කිරි උරා බීමද විටින් විට නතර කරයි
  • සෙම ශ‍්‍රාවයන් ගිලීම නිසා ආමාශය ඒවායින් පිරී දරුවා කිරි බිව් පසු වමනයද ඇති විය හැකිය

මෙම රෝගය සඳහා දරුවාට ඖෂධීය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ද අත්‍යවශ්‍ය වේ. භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලින් දරුවාගේ සියලූ සෙම ශ‍්‍රාවයන් ඉවත් කළ හැකිය. එසේ සෙම ඉවත් කිරීමෙන් දරුවාට රෝගය නිසා ඇති වන සියලූ රෝග ලක්ෂණ ක‍්‍රමයෙන් නැති වී යයි. භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලදී ප‍්‍රධාන වශයෙන් යොදාගන්නේ පොස්චරල් ඩෙ‍්‍රනේජ් ක‍්‍රමයයි. මෙම ක‍්‍රමයේදී දරුවාගේ සෙම ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගනිමින් ඉවතට ගැනීම සිදු කෙරේ. තවද සක්ෂන් උපකරණ මගින් සෙම ඉවතට ගැනීම නිසා දරුවාගේ සියලූම අපහසුතා දුරු වේ.

මෙසේ සෙම තිබෙන විට දරුවාගේ බඩට කොට්ටයක් තබා මුනින් අතට හරවා පිටට තට්ටු කිරීමෙන් ගෙදරදීම සෙම ඉවත් කළ හැකිය. මෙහිදී දරුවාට කැවීමට, පෙවීමට පෙර මෙය කළ යුතු බව මතක තබාගන්න. නැතහොත් දරුවාට වමනය ඇති විය හැකිය.

කුඩා දරුවෝ මුඛයෙන් සෙම ඉවතට දැමීමට නොදනිති. ඔවුන් කරන්නේ සෙම ගිල දැමීමය. දරුවා ගිලින සෙම ආමාශයට ගොස් මල සමග පිට වේ. තවද දරුවා කහින විට බිය නොවිය යුතුය. එම කැස්ස සමග සෙම පෙණහලූවලින් පිට වේ.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති 
ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

උපතේ සිටම නිසි පෝෂණය ලබා දී දරුවන්ගේ පෝෂණ ඌනතා රෝග වළකමු.

මෙලොවට බිහි වන සෑම ළදරුවෙකුහටම උපතින් පැය භාගයක් ඇතුළත මවගෙන් කිරි උරා බීමට අවස්ථාව සලස්වයි. එතැන් සිට දරුවාට මාස හය සම්පූර්ණ වන තෙක් ලබා දෙන එකම ආහාරය වන්නේ මව්කිරිය. සියලූම පෝෂකාංගවලින් සපිරි මව්කිරි අමතර ආහාර සදහා ආමාශය හුරුවන තෙක් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය සියලූ පෝෂක සපයයි. මාස හය එනම් දරුවාට දින 180 සම්පූර්ණ වූ පසු වර්ධනයට අවශ්‍ය පෝෂක හා ශක්තිය මව්කිරිවලින් පමණක් ලබා ගත නොහැකිය. ඒ නිසා මාස හය සම්පූර්ණ වූ දරුවාට අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතුය. කෙසේ වුවද දරුවන්ට උපරිම පෝෂකාංග ඇතුළත් වන පරිදි පරිපූර්ණ පෝෂණයක් ලබාදීම දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීමකි. මන්ද නිසි පෝෂණයක් නොලබන දරුවන් අනාගතයේදී පෝෂණ ඌනත රෝගවලට ගොදුරු වීමේ අවධානමකට ලක් විය හැකි බැවිනි.

පෝෂණ ඌනතාවය යනු සුවිශේෂී එක් පෝෂකයක හෝ පෝෂක කිහිපයක් හිඟ වීම නිසා දරුවන්ට ඇති විය  හැකි රෝගී තත්ත්වයන්ය. අද වන විට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන එවැනි පෝෂණ ඌනතා රෝග ලෙස   රක්තහීනතාවය හෙවත් නීරක්තිය, අයඞීන් ඌනතාවය, මන්දපෝෂණය සහ විටමින් ඒ ඌනතාවය යන තත්ත්වය දැක්විය හැකිය.

රක්තහීනතාවය හෙවත් නීරත්කිය

සිරුරේ විවිධ කොටස් වෙත ඔක්සිජන් රැගෙන යාමට මෙන්ම හිමොග්ලොබීන් සැදීමට ද අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වන යකඩ ඌනතාවය මේ තත්ත්වයට හේතුවයි.

යකඩ අවම වීම හේතුවෙන්  : 

  • ඉක්මණින් රෝග වැළදේ
  • අලස බව ඇති වේ
  • මතක ශක්තිය සහ අවදානය අඩු වේ
  • ගැබිනි මව්වරුන්ට විවිධ සංකූලතා ඇති වේ
  • ශාරීරික හා මානසික සංවර්ධනය අඩාල වේ

සිරුරට පහසුවෙන් උරා ගන්නා යකඩ ලෙස මස්, මාලූ, හාල් මැස්සන් වැනි සත්ත්වමය ආහාරවලින් ලැබෙන යකඩ දැක්විය හැකි අතරම සිරුරට සෙමින් උරාගන්නා යකඩ වන්නේ තද කොළ පැහැති පලා වර්ග, කව්පි, කඩල, පරිප්පු වැනි ධාන්‍ය වර්ග මගින් ලබෙන යකඩ පෝෂණයයි.

යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරගැනීමට : 

  • විටමින් සී බහුල අලුත් එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගන්න
  • ආහාර පිසින විට දෙහි, සියඹලා වැනි දෑ එක් කරන්න
  • ආහාර වේලක් ලබාගෙන පැයක්වත් ගත වන තුරු තේ, කෝපි වැනි ටැනින් අඩංගු දෑ ගැනීමෙන් වළකින්න
  • නිසි කලට වෛද්‍ය උපදෙස් අනුව දරුවන්ට පණු ප‍්‍රතිකාරය ලබා දෙන්න

අයඩීන් ඌනතාවය

අයඩීන්, මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂකයක් වන අතරම තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට දායක වේ. සිරුරේත් මොළයේත් සාමාන්‍ය වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අයඞීන් වැදගත් වන අතරම සිරුරට ලැබෙන අයඩීන් ප්‍රමාණය අඩු වූ විට ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි තත්ත්වය ඇති වේ.

අයඩීන් ඌනතාවයේ ලක්‍ෂණ :

  • උදාසීන බව
  • වෙහෙසකාරී බව
  • බුද්ධි මට්ටම පහත වැටීම
  • ප්‍රජනක පද්ධතියේ ගැටලූ ඇති වීම

අයඩීන් ඌණතාවය හේතුවෙන් මිනිස් සිරුරට ඇති විය හැකි බලපෑම් : 

කුඩා දරුවන්ට :

  • ගණගන්ඩය
  • ශරීර වර්ධනය අඩු වීම
  • බුද්ධි මට්ටම අඩු වීම
  • කායික වර්ධන අඩාල වී යාම
  • මොළයේ වර්ධනය අඩුවීම
  • කථන හා ශ්‍රවණ ආබාධ

ගර්භණී කාන්තාවට :

  • මළදරු උපත්
  • හදිසි ගබ්සා

වැඩිහිටියන්ට : 

  • උදාසීන බව
  • ගලගණ්ඩය
  • අධික වෙහෙස
  • ශ්‍රම ඵලදායීතාව අඩුවීම
  • මානසික ක්‍රියාකාරිත්වය අඩුවීම

අයඩීන් ඌනතා රෝගවලින් මිදීමට නම් අයඞීන් මිශ්‍ර ලුණු මෙන්ම අයඞීන් පෝෂිත පසෙහි වැවෙන ශාකමය ආහාර වර්ග ද ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හාල් මැස්සන්, සාලයා, ඉස්සන්, පොකිරිස්සන් වැනි අයඞීන් බහුල ආහාර එදිනෙදා ආහාරයට ගත යුතු වේ.

සැ. යු.

අයඩින් අඩංගු ලුණු භාවිතයේදී :

  • සැමවිටම කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කර ලු ණු මිලදී ගන්න
  • අයඞීන් මිශ්‍ර ලුණු පමණක් පරිහරණය කරන්න
  • ලුණු සේදීමෙන් වලකින්න
  • ලුණු ඇසිරීම සදහා දුඹුරු පැහැති ඇසුරුම් යොදාගන්න
  • ලුණු ඇසිරූ බදුන අධික තෙතමනයට හෝ තාපයට නිරාවරණය නොවන පරිදි තබන්න

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණය  

නිසි පෝෂණය සපිරි ආහාර එනම් සමබල ආහාර වේලක් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් ආකාරයෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණ තත්ත්වය ඇති විය හැකිය. එනම් නිසි ආහාර ප්‍රමාණය නොලැබී යාමෙන් ගුණාත්මක ප්‍රෝටීන් (සත්ත්වමය ප්‍රෝටීන්) අඩංගු ආහාර හා ශක්තිජනක ආහාර (පිෂ්ඨය හා මේදය සහිත) ලබාගන්නා ආහාර වේලෙහි ප්‍රමාණවත් අයුරින් අඩංගු නොවීමයි.

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණයේ විවිධ අවස්ථා  : 

  • අඩු බර
  • කෘෂ බව
  • මිටි බව

විටමින් ඒ ඌනතා රෝගය

උපතේ සිටම සිරුර තුළ වැදගත් මෙහෙයක් ඉටු කරන විටමින් ඒ මනා දෘෂ්ඨියක් පවත්වා ගැනීමට, ඉහළ ප්‍රතිශක්තියක් ලබාගැනීමට, සෛල වර්ධනයට මෙන්ම සම, හිසකෙස් හා ශරීරයේ විවිධ කොටස්වල නිරෝගි පැවැත්මටත් ප්‍රජනන සෞඛ්‍ය රැකදීමටත් වැදගත් වේ. තවද ශරීරය තුළ ප්‍රතිඔක්සිකරකයක් ලෙස ක්‍රියාකරමින් විනාශකාරී සංඝටවලින් සෛල ආරක්‍ෂා කරයි.

විටමින් ඒ ඌනතාවය ඇති දරුවන් නිතර නිතර ස්වසන ආසාධනවලට ලක් වීමේ ප්‍රවණතාවය වැඩිය. සායන හරහා සෑම මාස හයකට වරක්ම විටමින් ඒ අධි මාත්‍රාව දරුවන්ට ලබා දෙන්නේ ඒ නිසාය.

විටමින් A වල වාසි :

  • සරම්ප, මැලේරියාව, පාචනය වැනි රෝග වලින් දරුවන් රැකගනී
  • ඇස් මතුපිට, ආහාර මාර්ගයේ හා ස්වසන මාර්ගයේ පවතින ශ්ලේෂ්මල පටලයන්හි තෙතමනය රැකදෙමින් දරුවන් ආසාදනවලින් රැක ගන්න
  • ආසාදන තත්ත්ව ඇති වුවද එම තත්ත්ව උග්‍ර බවට පත්වීමට ඇති අවදානම අවමකරයි

රාත්‍රී අන්ධතාවය විටමින් ඒ ඌනතාවයේ මුල් ලක්‍ෂණයකි. තවද බීටෝලප, කෙරටොමැලේෂියා වැනි රෝග තත්ත්වයන් ඇති වී පෙනීම අඩාල වී ක්‍රමයෙන් පූර්ණ අන්ධතාවයට ලක්වීමේ අවදානමක් ද විටමින් ඒ ඌනතාවය නිසා ඇතිවිය හැකිය. දරුවාට වසර පහක් සම්පූර්ණ වන තුරු සෑම මාස හයකට වරක්ම ක්‍ෂේත‍්‍ර සායන මගින් ලබා දෙන විටමින් ඒ අධි මාත්‍රාව ලබා දිය යුතුමය.

විටමින් ඒ බහුල ආහාර කිහිපයක්

  • කහ පැහැති එලවළු – කැරට්, කහ බතල, තක්කාලි, වට්ටක්කා
  • පහ පැහැති පළතුරු – අඔ, ගස්ලබු, ලාවුලූ, දොඩම්
  • තද කොළ පැහැති පලා වර්ග – කතුරුමුරුංගා, තම්පලා, නිවිති, කැරට් කොළ , බීට් කොළ, මුරුංගා කොළ වැනි පළා වර්ග
  • සත්ව ආහාර – බිත්තර කහ මදය, මස්, සත්ත්ව අක්මාව, මාළු තෙල්
  • කිරි ආහාර – මුදවපු කිරි, චීස්, බටර්, යෝගට්

සැ.යු.

විටමින් ඒ ඌනතාවය පාලනයට : 

  • මවගේ මුලින්ම එරෙන රන් කිරි හෙවත් කොලස්ට‍්‍රම් අනිවාර්යෙන්ම දරුවාට ලබාදෙන්න
  • ළදරුවාට මාස හය සම්පූර්ණ වන තුරු මව්කිරි ලබා දෙන්න
  • මාස හය සම්පූර්ණ දරුවාට මාස හයෙන් හයට සායන හරහා ලබා දෙන විටමින් ඒ අධි මාත‍්‍රාව ලබා දෙන්න
  • අමතර ආහාර ආරම්භ කළද අවුරුදු දෙක සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි ලබාදෙන්න
  • විටමින් ඒ බහුල ආහාර දරුවාගේ ආහාර වේලට එක්කරන්න

දරුවන්ගේ පෝෂණය කෙරේ උපරිම අවදානය මෙන්ම අවබෝධය මව්වරුන් සතුවී ඉතා වැදගත් වේ. සැමවිටම නිසි පෝෂණයක් ලබාදීම ශාරීරික වර්ධනයට පමණක් නොව බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍ය කරුණකි. පාසැල් විවේක කාලය සඳහා වුවද ලබා දෙන කෙටි කෑම වේල පෝෂණීය ආකාරයට සකසා දෙන්නය මව්වරුන් කල්පනාකාරී විය යුතුය. නිසි පෝෂණය සමගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරු පරපුරක් ලොවට දායාද කිරීමේ පූර්ණ වගකීම පැවරෙන්නේ මපියන් වන ඔබටය.

කොළඹ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සහ නව යොවුන් සෞඛ්‍ය ඒකකයේ ලේඛකාධිකාරී, ප්‍රජා වෛද්‍ය   එස් ජේ සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

දරුවන්ගේ නිර්මාණශීලීත්වයට දිරියක් වූ Surf excel රජ වැඩ පොඞ්ඩෝ

පුංචි දරුවන්ගේ සුන්දර ළමා ලෝකය අද වන විට තරගකාරී අධ්‍යාපන රටාවේ ගොදුරු බවට පත්වෙලා හමාරයි. ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් නිර්මාණ වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නැති තරම්. පොත් පත් එක්ක දවස ගෙවන දරුවන් හරියට යන්ත්‍ර වගෙයි. ඒත් දරුවන් තුළ නිර්මාණශීලී හැකියාවන් නෑ කියන්නේ කොහොමද? ඒ හැමදේම යටපත් වෙලා විතරයි. දෙමාපියන් වන ඔබට පුළුවන් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් දෙන්න. ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් හඳුනාගන්න. නිර්මාණකරණයට ඔවුන් කොයිතරම් නම් දක්‍ෂයෝ ද යන්න වටහාගන්න.

එක එක දරුවෝ එක එක විදියේ දස්කම් පෙන්නනවා. හැම දරුවෙක්ටම කුමක් හෝ හැකියාවක් තියෙනවා. ඒ දක්‍ෂතා ඔවුන් ළඟ විතරක් තිබිලා මදි. ඒ දස්කම් රටටම පෙන්වන්න ඕනේ. ඒක දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවය ඔප් නංවන්න ඔවුන්ට හිමිවන වටිනා අවස්ථාවක්. නිර්මාණශීලී දරුවන් ආදරය, කරුණාව, දයාව පිරි හදවත් ඇත්තන් නිසාම අනාගත ලෝකය ඔවුන් නිසා සුන්දර වෙනවා. නිර්මාණකරණය තුළින් දරුවන්ගේ ජීවිතයට අගයක් ලැබෙනවා. තනිව සිතන්න, පරිසරයට, සතුන්ට ආදරය කරන්න නිර්මාණකරණය හරහා දරුවන් යොමුවෙනවා. මේ සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදීම දෙමාපියන්ගේ යුතුකමක්.

නිර්මාණශීලී දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel, අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගන්නට අත්වැලක් වුණා. දැයේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නංවන්නට අවස්ථාවක් ලබාදෙමින් දරුවන් වෙනුවෙන් තවත් මහඟු යුතුකමක් ඉටුකරන්නට Surf excel දැන් සූදානම්. පොඞ්ඩන්ගේ රජ වැඩ රටටම පෙන්වන්න Surf excel අවස්ථාව ලබාදෙන්නේ ඒ නිසයි. අලුතින් හිතන්න, අලුත් දේ කරන්න, අලුත් දේ සොයාගන්න Surf excel රජ වැඩ පොඞ්ඩන්ට හරිම පහසුයි.

ඔබේ දරුවා වයස අවුරුදු 5 – 11 අතර නම් එයා Surf excel රජ වැඩ පොඞ්ඩෙක්. දෙමාපියන් වන ඔබට පුළුවන් ඉවත ලන ද්‍රව්‍ය වගේම Surf excel පැක් යොදාගෙන දරුවන්ට අලුත් නිර්මාණයක් කරන්න පහසුකම් ලබාලා දෙන්න. ඉන් පස්සේ නිර්මාණයේ ඡායාරූප Surf excel ෆේස්බුක් පිටුවේ පෝස්ට් එකක් හෝ මැසේජ් එකක් විදියට අපිට ලැබෙන්න සලස්වන්න. නිර්මාණකරණයට වගේම පොඞ්ඩන්ට ඉවන දාන ද්‍රව්‍යවලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳවත් දැනුවත් වෙන්න මේක අවස්ථාවක්. යමක් ඉවත දැමීමට පෙර මේ දෙයින් යමක් කළ හැකිද යන්න පිළිබඳ සිතා බැලීමට දරුවන් පෙළඹෙන අතරම ඔවුන් ඒ තුළින් දිගින් දිගටම නිර්මාණකරණයට යොමු වෙනවා. දවසට පැය පහක් හයක් රූපවාහිනිය ඉදිරයේ ගත කරනවාට වඩා නිර්මාණකරණය තුළින් දරුවෙකු තාර්කිකව සිතන්නත් පුරුදු වෙනවා. පුංචි දරුවන්ගේ දඟකම් වගේම ඔවුන්ගේ අනාගතය ලස්සන කරන්නේ කොහොමද කියලා දන්න නිසයි Surf excel දරුවන් වෙනුවෙන් මෙවැනි සුවිශාල වැඩසටහන් සූදානම් කරන්නේ.

තරග කොන්දේසි : 

වයස් සීමාව වයස අවුරුදු 5 – 11 අතර

නිර්මාණය සඳහා යොදා ගත යුතු අමුද්‍රව්‍ය :

  • ඉවත ලන ද්‍රව්‍ය
  • Surf excel පැකට්

නිර්මාණය යොමු කිරීම : 

නිර්මාණය කරන ලද සෙල්ලම් බඩුවේ ඡායාරූප Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පේජ් එකට පෝස්ට් කරන්න එහෙමත් නැත්නම් මැසේජ් කරන්න.

තෑගි දිනාගන්න : 

  • නිර්මාණ මුලින්ම පෝස්ට් කරන පොඞ්ඩෝ දස දහසකට මැජික් වොච් දස දහසක්
  • අවසාන තරගයේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ සවාරියක්

මෙවැනි නිර්මාණාත්මක තරග සඳහා දරුවන් යොමු කිරීම මගින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු වීමත් සමගම ඔවුන් යාන්ත්‍රික බවින් මිදී තම සිතැඟි අනුව යම් යම් නිර්මාණ සඳහා පෙළඹේ. අනාගතයේ අති දක්‍ෂ නිර්මාණකරුවන් රටට දැයට දායාද කළ ආඩම්බර මව්පියන් වීමේ සතුට ඔබට හිමිවේ.

අදම ඔබේ නිර්මාණය Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පිටුවට පෝස්ට් කරන්න.